1948 ඩි.එස්.ගේ සිට මහින්ද රජය දක්වා ගත් සියලු ණය බිලියන 7,341යි.. රනිල්-මෛත්‍රී යුගයේ අද වනවිට බිලියන 10,269යි… 40% වැඩි කරයි..




1950 දි ශ්‍රීලංකාවේ දල දේශිය නිශ්පාදනයෙන් (GDP) 17% වූ ණය ප්‍රමාණය 1960 වනවිට 34% දක්වාත් 1970 දි 64% දක්වාත 1980 දි 77% දක්වාත් 1990දි 97% දක්වාත් වැඩි විය. නිදහස් ශ්‍රී ලංකාවේ පලමු වරට රටේ දල දේශිය නිශ්පාදනය අභිබවා එනම් 106% දක්වා ණය ප්‍රමණය ඉහල ගොස් රටේ සමස්ථ ආර්ථිකයේ රිනාත්මක තත්ත්වයකට පත්වූයේ ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලන සමයේය.
1948 නිදහසෙන් පසුව ශ්‍රීලංකාවේ මෙතෙක් තිබූ සෑම රජයක්ම රටේ වියදම් පියවාගැනිම සඳහා වාර්ෂිකව දෙශියවත් විදේශීයවත් ණය ලබාගෙන ඇත. ජාත්‍යන්තරව ණය දෙන ආයතනයන් වන ලෝක මූල්‍ය අරමුදල, ලෝක බැoකුව, අසියානු සoවර්ධන බැoකුව මෙන්ම වීදේශිය ණය ලබා දෙන ආයතන හරහා ණය ලබාගන්නා අතර දේශීයව මහාභාන්ඩාගාර බිල්පත් මෙන්ම රාජ්‍ය සම්පත් විකිණීමෙන් මුදල් ලබාගැනිම කරයි.
2005 මහින්ද රාජපක්ෂ යුගය ඇරැඹූ අතර රටේ ත්‍රස්තවාදී යුද්ධයේ බිහිසුනුම අවස්ථාවට මුහුණ දෙමින් කොටි ත්‍රස්තවාදීත් ශ්‍රීලංකාවෙන් තුරන් කිරීම 2008 වන විට අවසන් කොට ශ්‍රීලංකාවේ සාමය දීර්ඝකාලීන ස්ථාපිත කරන ලදි. ඒ අනුව ණය ප්‍රමාණය එම වසරේ 82% ක්ද ඉන් පසුව වාර්ෂිකව අඩු කරමින් 2014 වර්ෂය වන විට ශ්‍රීලංකාවේ දල දේශිය නිශ්පාදනයෙන් GDP න් 71% දක්වා ණය ප්‍රමාණයකට අඩු කර ගන්නා ලදි මෙය ශ්‍රීලංකාව 1977 ට පෙර තිබු තත්ත්වයයි.
මේ අවදියේ ඉහල කොත්මලේ ජල විදුලි බලාගාරය, කෙරවලපිටිය තාප විදුලි බලාගාරය සහ නොරොච්චෝලේ ගල් අගුරු විදුලි බලාගාරය, දකුණු අධිවේගය, කටුණායක එක්ස්ප්‍රස් වේ, හම්බන්තොට වරාය මත්තල දෙවෙනි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ, දකුණු කොළඹ වාරය සoවර්ධනය නිම කොට තිබූ අතර කොළඹ පෝර්ට් සිටි ව්‍යාප්තිය උතුරු අධිවේගය හා සාම්පුර් ගල් අඟුරු විදුලි බලාගාර සඳහා මූලික කටයුතු ආරම්භ කොට තිබුනි.
එමෙන්ම පොහොර සහනාධාරය, පාසැල් නිල ඇදුම්, ග්‍රාමීය සoවර්ධනය, පාරවල් කාපට් කිරිම්, ගම නැගුම, පුර නැගුම, එක ගමකට එක වැඩක් මෙන්ම කෘෂිකර්මය හරහා අපි වවමු රට නගමු වැනි වැඩසටහන් රාශියක් මෙයට සමගාමීව ක්‍රියාත්මක කරන ලදි.
එහෙත් නව රජය 2015 ජනවාරි 8 වෙනිදා පැමිණිමෙන් පසුව නැවතත් අපේ රටේ දල දේශිය නිශ්පාදනයෙන් ණය ප්‍රමාණය ඉහළ යෑමට පටන් ගෙන ඇත. 2015 වසරේ ආරම්භය වනවිට ශ්‍රීලංකාව නිදහසින් පසුව ලබා ගෙන තිබු සමස්ථ ණය ප්‍රමාණය රුපියල් බිලියන 7,341 කි.
එහෙත් එම ප්‍රමාණය 2017 සැප්තැම්බර් 30 වෙනිදා වනවිට රුපියල් බිලියන 10269 දක්වා වැඩි වී ඇත. එය දල වශයෙන් රනිල්-මෛත්‍රී ආණ්ඩුව රුපියල් බිලියන 3000 කින් වැඩි කොට ඇත. මෙ බැව් පසුගිය ඉරිදා “සන්ඩේ ටෛම්ස්” පුවත්පතේ ප්‍රධාන ශීර්ෂය පාඨය ලෙස ගෙන හැර දක්වා ඇත. එනම් 2014 දක්වා මෙරටේ තිබු සියලුම ආණ්ඩු ලබා ගත් සමස්ථ ණය ප්‍රමාණයට වඩා සීයයට 40% වැඩි වීමකි. මහින්ද රාජපක්ෂ ගත් ණය ගෙවීමට යයි කියා පැමිණි ආණ්ඩුව එදා තිබු ණය ප්‍රමාණය සතයකින්වත් අඩු නොකොට හම්බන්තොට වාරය විකුණා ගන්නා මුදල මෙන් 25 ගුණයකට වඩා ලබා ගෙන ඇහැට පෙනෙන කල කිසි දෙයක් නොමැත.


ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
දිගු දුර විහිදුම් බළකාය පාවාදීම

ශ්‍රී ලංකා යුද හමුදා ඉතිහාසයේ සිදුවූ විශාලතම පාවාදීම අතුරුගිරියේ මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ සිටි දිගුදුර විහිදුම් බළකාය මහනුවර නිල සුනඛ අංශයේ සහකාර පොලිස්‌ අධිකාරී කුලසිරි උඩුගම්පොල විසින් වැටලීමයි.

අතිශයින්ම රහසිගත මෙම දිගුදුර විහිදුම් බළකා කණ්‌ඩායම උඩුගම්පොල නමැත්තාගේ ක්‍රියාදාමය නිසා මුළුමනින්ම හෙළි විය. මේ සම්බන්ධයෙන් පැවැති ජනාධිපති විමර්ශන කොමිසමේ සාක්‍ෂි විමසීම පවා පළ කිරීමෙන් ඇතැම් මාධ්‍ය වැළකී සිටියේය.

එවකට ජනමාධ්‍ය ලේකම්ව සිටි කුමාර් අබේසිංහ කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් තමා අතුරුගිරිය සිදුවීම වීඩියෝගත කිරීම සඳහා ආරක්‍ෂක ලේකම් ඔස්‌ටින් ප්‍රනාන්දුට අමතා යුද හමුදාව ඉදිරියේ එය සිදු කිරීමට අවසරය ගත් බව කියා සිටියේය. එහෙත් මේ කිසිම නිලධාරියකු මෙවන් ප්‍රචාර නිසා ජාතික ආරක්‍ෂාවට හානි සිදුවන බව අදහස්‌ කළේ නැත.

කුලසිරි උඩුගම්පොලගේ මේ පාවාදීම සාධාරණීයකරණය කිරීමට මෙරට මාධ්‍ය පාර්ශ්වයන් දෙකක්‌ දැඩි ලෙස උත්සාහ කරනු ලැබීය. ඉන් එක්‌ පාර්ශ්වයක්‌ වූයේ රජයේම සති අන්ත පුවත්පතකි. උඩුගම්පොළගේ ඥතියකු අන්වර්ථ නම් භාවිත කරමින් දිගුදුර විහිදුම් බළකාය වැටලීම සාධාරණීයකරණය කරනු ලැබීය. 2002 ජනවාරි 2 වැනිදා රාත්‍රියේ කුලසිරි උඩුගම්පොල අතුරුගිරියට පැමිණියේ එම ප්‍රදේශයේ කිසිම ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියකුට නොදන්වමිනි. කපිතාන් නීලම් ඇතුළු කණ්‌ඩායම මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ ස්‌ථානගත වූයේ නීත්‍යනුකූලව යෑයි හමුදා බුද්ධි අංශ නායක කපිල හෙන්දාවිතාරණ හා හමුදාපති ලයනල් බලගල්ලේ කළ ප්‍රකාශය ද උඩුගම්පොල පිළිගත්තේ නැත.

අතුරුගිරිය සිද්ධිය පුවත්පත්වලට හෙළි කිරීම සඳහා ඔහු මහනුවර සිට හිටපු උප සේවා පොලිස්‌ කොස්‌තාපල්වරයකු වූ ප්‍රාදේශීය වාර්තාකරුවකු ද ගෙන ආවේය.

එවකට සිටි පොලිස්‌පතිවරයා ද උඩුගම්පොලගේ මෙහෙයුම සමයේ අසරණ තත්ත්වයට පත් විය. ඔහු කොළඹ මුත්තයියා පාරේ හමුදා බුද්ධි අංශයට ගොස්‌ ලිපිගොනු ද ලබාගනු ලැබීය. ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ තවදුරටත් අනාවරණය වූයේ යුද හමුදාවේ මේජර් ජනරාල්වරයෙක්‌, කර්නල්වරයෙක්‌, මේජර්වරු තිදෙනකු හා කෝප්‍රල්වරයෙක්‌ මෙම දිගුදුර විහිදුම් බළකාය රැඳී සිටි නිවස වටලන බව දැන සිටි බවයි.

දිගුදුර විහිදුම් බළකා කණ්‌ඩායම අත්අඩංගුවට ගත් උඩුගම්පොල නමැත්තා ඔවුන් මහනුවරට ගෙනගොස්‌ කටුගස්‌තොට පොලිසියේ රඳවනු ලැබීය. එවකට ආරක්‍ෂක ඇමැතිව සිටි මාරපන මහතා එකී කණ්‌ඩායම නිදහස්‌ කරන ලෙස කළ නියෝගය ද ක්‍රියාත්මක වූයේ දින කීපයකට පසුවය.

මේ හමුදා කණ්‌ඩායම අත්අඩංගුවට ගත් උඩුගම්පොල එතැනින් නතර වූයේ නැත. ඔහු හමුදාපති හා බුද්ධි අංශ ප්‍රධානියාට එරෙහිව නඩු පවරනු ලැබීය. මේ සිද්ධිය බලා සිටි කොටි අතිශයින්ම ප්‍රමෝදයට පත්ව අත්පොළසන් දුන්හ. එකල කොටි වෙබ් අඩවියක මෙලෙස සඳහන් විය. ද්‍රවිඩයන් ඝාතනය කිරීමට යොදවා තිබූ කණ්‌ඩායමක සුලමුල දැන් අනාවරණය වී ඇත.

මේ අතර නිදහස්‌ වූ දිගුදුර විහිදුම් බළකායේ කණ්‌ඩායම තම මානව හිමිකම් අහිමි වූ බව දක්‌වමින් අධිකරණය හමුවට ගියහ. මෙකී මානව හිමිකම් නඩුව ඉල්ලා අස්‌කර ගන්නා ලෙස දන්වමින් එකී කණ්‌ඩායමට දැඩි බලපෑම් එල්ල වුවත් ඔවුහු ඊට එකඟ නොවූහ. 2004 ජනවාරි 30 වැනිදා අධිකරණය විසින් තීන්දුවක්‌ දුන්නේය. දිගුදුර විහිදුම් බළකා කණ්‌ඩායමේ මානව හිමිකම් උල්ලංඝනය වී ඇතැයි තීරණය කළ අධිකරණය සෑම පාර්ශ්වකරුවකුටම රුපියල් 7,50,000 ක්‌ බැගින් ගෙවිය යුතු යෑයි නියම කළේය. උඩුගම්පොල ද රුපියල් 50000 බැගින් ගෙවිය යුතු බවට අධිකරණය නියෝග කරනු ලැබීය. මෙහිදී උඩුගම්පොලගේ ක්‍රියාදාමය අධිකරණය විසින් දැඩි දෝෂාරෝපණයට ලක්‌විය. මෙම අධිකරණ නියෝගයෙන් පසු ජාතික පොලිස්‌ කොමිසම විසින් උඩුගම්පොලව අනිවාර්ය නිවාඩු යවන්නැයි එවකට පොලිස්‌පතිව සිටි ඉන්ද්‍රා ද සිල්වා වෙත නියෝග කරනු ලැබීය. 2005 මාර්තු 23 වැනිදා කුලසිරි උඩුගම්පොළව විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් ඇප මත නිදහස්‌ විය.

දැන් රාජ්‍ය රහස්‌ පනත යටතේ උඩුගම්පොළට එරෙහිව නඩු පැවරී තිබේ. "අතුරුගිරිය මිලේනියම් සිටි සිද්ධියේ කනගාටුදායක පැත්ත මෙයයි. මේ විශේෂ කණ්‌ඩායම අත්අඩංගුවට ගැනීමෙන් පසු ඊට සහාය වූ බුද්ධි චරපුරුෂයන් කවුරුන්දැයි කොටින්ගේ ටොසී බුද්ධි සේවාවට වාර්තා විය. ඒ අනුව කොටි ගැන තොරතුරු සපයන ද්‍රවිඩ බුද්ධි චරපුරුෂයන් ඝාතනයවීම ආරම්භ විය.

මේ කොටි විසින් ඝාතනය කළ බුද්ධි කණ්‌ඩායමයි. 2002 ජනවාරි 20 - විද්‍යාදරන් හෙවත් නිති, 2002 පෙබරවාරි 9 - ක්‌ලාරි හෙවත් ගඩාපි, 2002 ජුලි 22 - අරින්ජාන් හෙවත් සමින්දරාජන්, 2002 දෙසැම්බර් 11 - ගනේෂමූර්ති හෙවත් තිලක රාජා, 2003 ජනවාරි 03 - කැෂියර් හෙවත් පුලේන්ද්‍රරාසා, 2003 මාර්තු 18 - රගුපති හෙවත් රගු, 2003 අප්‍රේල් 13 - රංජන් හෙවත් වර්ධන්, 2003 අප්‍රේල් 26 - අශෝක්‌ දේවරාජා 2003 මැයි 21 මාස්‌ටර් හෙවත් කුමාර් පෙරුමාල්, 2002 අගෝස්‌තු 14 - දේවදාස්‌, 2002 දෙසැම්බර් 02 - අයිස්‌, 2003 අප්‍රේල් 23 - යශෝධරන්, 2003 මැයි 19 - සූරියන්, 2003 අගෝස්‌තු 03 රිල්වාන්, 2003 අගෝස්‌තු 08 ශන්මුගරාසා, 2003 සැප්තැම්බර් 14 - සබාරත්නම්, 2004 ජනවාරි 31 - යෝගරාසා හෙවත් ප්ලොට්‌ මොහාන්.

දිගුදුර විහිදුම් බළකාය නිදහස්‌ වුවත් සටන් විරාමය නිසා ඔවුන්ට මෙරට රැඳී සිටීම අනතුරුදායක විය. මේ නිසා ඔවුහු විදේශගත වූහ.

මෙම අතිශයින්ම රහසිගත හමුදා බළකාය අල්ලා ගැනීමට නීති විරෝධී මෙහෙයුමක්‌ දියත් කළ කුලසිරි උඩුගම්පොල නමැත්තා එදා සිටි පොලිස්‌පති, හමුදාපතිටත් ඉහළින් කටයුතු කළ බව මෙහිදී සනාථ විය.

මෙම සිද්ධිය පිළිබඳ ජනාධිපති කොමිසම පරීක්‍ෂණ පටන් ගැනීමත් සමගම උඩුගම්පොලට මිලේනියම් සිටි නිවස ගැන තොරතුරු සැපයූ බව කියන පුද්ගලයා ද අබිරහස්‌ ලෙස මියගොස්‌ ඇතැයි අනාවරණය විය.

එසේම දිගුදුර විහිදුම් බළකාය රැඳී සිටි නිවස වැටලීමට තමා පැමිණියේ අධිකරණ නියෝගයක්‌ මත යෑයි උඩුගම්පොල පැවසූ නමුත් එම නියෝගය ඔහු කිසිවිටෙක පෙන්නුම් කළේ නැත.

මේ හැර යුද හමුදාව මෙකී කණ්‌ඩායමේ හා අවි ආයුධවල නීත්‍යනුකූලතාවය ගැනද ලියවිල්ලකින් සනාථ කරන්නේ නම් දිගුදුර විහිදුම් බළකාය නිදහස්‌ කරන බවද උඩුගම්පොල පවසා තිබිණි.

එවැනි ලිපියක්‌ යුද හමුදාව විසින් ගෙනවිත් උඩුගම්පොලට බාරදුන්නත් ඔහු ඒ ගැන තැකීමක්‌ කළේ නැත.

විශේෂ ජනාධිපති කොමිසම හමුවේ හෙළිවූ තවත් කරුණක්‌ නම් ඇතැම් හමුදා නිලධාරීන් සෘජුව සහ වක්‍රව උඩුගම්පොලගේ මේ වැටලීම දැන සිටි බවයි. ඔවුන් නම් ලුතිනන් කර්නල් පත්මසිරි උඩුගම්පොල (උඩුගම්පොලගේ සොහොයුරු), මේජර් ජනරාල් අයිවන් දසනායක, කර්නල් කේ. එච්. ධර්මරත්න, මේජර් ඒ. සී. සොයිසා, මේජර් ඒ.එස්‌. පොඩිඅප්පුහාමි, මේජර් කේ. යූ. ජයනෙත්ති, මේජර් නජිත් කරුණාරත්න, කෝප්‍රල් ඡේ. එච්. සිල්වා, කෝප්‍රල් එම්. වී. පීරිස්‌.

එදා පැවැති එ.ජා.ප. රජයේ දේශපාලකයන් තිදෙනකු හා රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙක්‌ විසින් දිගුදුර විහිදුම් බළකා කණ්‌ඩායමේ ප්‍රධානී කපිතන් නීලම් ඇතුළු පිරිසට දැඩි බලපෑම් එල්ල කළත් එකී කණ්‌ඩායම ඊට හිස නැමුවේ නැත.

විශේෂ ජනාධිපති කොමිසම සිය වාර්තාවේ මෙලෙස ද දක්‌වා ඇත. 2001 මහා මැතිවරණයට පෙර මෙම රහසිගත නිවසේ ලිපිනය දැනගැනීමට කර්නල් පරාක්‍රම දසනායක උත්සාහ කළ බවට තදබල සාක්‍ෂි ඇත. දසනායක නමැත්තා මෙහිදී කියා සිටියේ තමා මාලඹේ ඉදිකරන නිවස සඳහා සහාය ලබාගැනීමට කපිතන් නීලම්ට ඇමතීමට අවශ්‍ය බවයි.

මිලේනියම් සිටි දිගුදුර විහිදුම් බළකා සිද්ධිය මෙරට යුද හමුදා ඉතිහාසයේ සිදුවූ ද්‍රොහීමය ක්‍රියාදාමයකි.

එහිදී දේශපාලන පොලිස්‌ නිලධාරියකු වූ කුලසිරි උඩුගම්පොල ක්‍රියා කළ ආකාරය මුළු පොලිස්‌ දෙපාර්තමේන්තුවටම සිදුවූ අවමානයකි.

උඩුගම්පොල බේරාගැනීම සඳහා හිටපු නෝවීජියානු ආධාරකාරියක්‌ වූ මාධ්‍යවේදිනියක්‌ ද උඩුගම්පොලගේ ඥතියකු වන අයෙක්‌ ද ගත් උත්සාහය අසාර්ථක විය.


ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපතිකමට පත් කලේ මා නොවෙයි.. ජනාධිපති මෛත‍්‍රිපාලයි..- අගමැති බැදුම්කර කොමිසමට සාක්‍ෂි දීලා.. ජනාධිපති අමාරුවේ..



ශ‍්‍රි ලංකා මහ බැංකුවේ බැදුම්කර වංචාව සම්බන්දයෙන් පරීක්‍ෂණ පවත්වන ලද ජනාධිපති කොමිෂන් සභාව විසින් සෘජුව චෝදනා එල්ල වී ඇති හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද‍්‍රන් එම ධුරයට පත් කරන ලද්දේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් යයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා බැදුම්කර කොමිසම හමුවේ පවසා ඇත.
අර්ජුන් මහේන්ද‍්‍රන් මහ බැංකු අධිපති ලෙස පත් කරන්නට ආණ්ඩුව තුල පොදු එකගතාවයක් තිබූ බවත් තමන්ගේ එකගතාවය සහිතව මුදල් ඇමතිවරයා විසින් අර්ජුන් මහේන්ද‍්‍රන් මහ බැංකු අධිපති ලෙස පත් කල යුතු බවට නිර්දේශ කලේ යයිද අගමැතිවරයා සහන් කර තිබේ.
කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මේ බව කියා සිටියේය.


ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

බැඳුම්කර වාර්තාව ආණ්ඩුවෙන් විකෘති කරලා. මෙන්න සාක්ෂි…

[1]. මහබැංකු බැඳුම්කර හොරකමට එරෙහිව මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය ගෙන ගිය අරගලයේ ප්‍රතිඵලයක් ලෙස බැඳුම්කර ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාව පිට වුවද එහි ආණ්ඩුවට අවාසිදායී කොටස් ඉවත් කරමින් එය විකෘති කර ඇති බවට පැහැදිළි සාක්ෂි ලැබී තිබේ.

[2]. වාර්තාවේ අන්තර්ගතයෙන් කොටසක් ඉවත් කිරීම.
(i). බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් 2015/01/03 වැනිදා ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක්‌ කරමින් එම වාර්තාව පිටු 1257 කින් සමන්විත බව සඳහන් කළේය. එහි උදෘතය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන්.
“2015-2016 කටයුතු සම්බන්ධව කොමිසම ඉදිරිපත් කර ඇත්තේ අතුරු වාර්තාවක් නොව පිටු 1257 කින් පමණ යුත් සම්පූර්ණ වාර්තාවක්.”  – විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, 2015/01/03
(ii). නමුත් මේ වන විට අන්තර් ජාලයට මුදාහැර තිබෙන බැඳුම්කර වාර්තාවේ ඇත්තේ පිටු 1154 ක්‌ පමණි. [මූලාශ්‍රය]
(iii). ජනාධිපතිවරයා කළ විශේෂ ප්‍රකාශයට අනුව මේ වන විට එම වාර්තාවේ පිටු 103 ක්‌ අඩුවී ඇත.

[3]. බැඳුම්කර කොමිසමට රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා පැමිණ සාක්ෂි ලබා දුන්නද, එම වාර්තාවේ කොතනකවත් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ගැන විශේෂ හැඳින්වීමක් නැත. (අවශ්‍යනම් ඉහත වාර්තාවේ Ranil , Wickramasinghe , Prime Minister ආදී නම් වලින් සර්ච් එකක් දමා බලන්න). එමගින් සහ පි‍ටු 103 ක් අඩු වී තිබීමෙන් සාධාරණ සැකයක් ඇති වන්නේ අග්‍රාමාත්‍යවරයා සම්බන්ධ කොටස් එම වාර්තාවෙන් ඉවත් කර දමා ඇති බවයි.

[4]. බැඳුම්කර වාර්තාව තමන්ට ලැබුණු බවත් එහි අසත්‍ය කරුණු තිබෙන නිසා එය ප්‍රසිද්ධ කරන්න බෑ කියාත් රවි කරුණානායක මන්ත්‍රිතුමා පැවසුවේය. [මූලාශ්‍රය]. ඒ නිසා අපට නැවතත් සාධාරණ සැකයක් ඇති වන්නේ රවි කරුණානායක මන්ත්‍රිතුමාට අසත්‍ය යැයි සිතෙන කරුණු වාර්තාවෙන් ඉවත් කිරීමෙනුත් එලෙස පි‍ටු 103 ක් අඩු වීමට හේතු වූ බවයි.

[5]. බැඳුම්කර ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාව විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට බාර දෙනු ලැබූයේ 2017 දෙසැම්බර් 30 වැනි දිනයි. [මූලාශ්‍රය]
නමුත් එය ජනතාව වෙත නිකුත් කරන්නේ 2018 ජනවාරි 17 වන දිනයි. [මූලාශ්‍රය]
“තොරතුරු දැනගැනීමේ පනත” පිළිබඳව කටමැත දෙඩුවද, මෙලෙස දින 18 ක් ප්‍රමාද වී වාර්තාව ජනතාව වෙත නිකුත් කළේ, අන්තර්ජාලයට අප්ලෝඩ් කිරීමට දින 18 ක් යාම, ස්කෑන් කිරීමට හෝ ෆොටෝකොපි ගහන්න දින 18 ක් යාම, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ තීන්දුව අවිශ්වාස නිසා එය කියවන්න දින 18 ක් යාම, වාර්තාවට ෆුට් නෝට් ගහන්න දින 18 ක් යාම,  වාර්තාව සංශෝධනය කිරීමට දින 18 ක් යාම ආදියෙන් කුමක් නිසාදැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළ යුතු ය.
උපටාගැනිම mahinda.info

තවත් අයටත් බලන්නට SHARE කරන්න.




ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

එක පොදියට කුණු කොල්ලයට විකුණා දැමු රටේ දේපල මෙන්න.. අනාගත පරපුරට ඉතිරි මොනවාද..



එක්සත් ජාතික පක්ෂය හැමදාමත් කලේ දේශීය ව්‍යාපාර විනාශ කරමින් රාජ්‍ය දේපල හිතමිතුරන්ට හා විදේශිකයින්ට කුණු කොල්ලයට විකීනීම බවත්, චන්ද්‍රිකා කලේත් එයම බවත් අද ඉදිරියට ගෙනියන්නේ එම ප්‍රතිපත්තියම බවත් ආචාර්ය නාලක ගොඩහේවා පවසයි.
ඔහු එසේ කීවේ පැලියගොඩ පැවති විද්වත් හමුවක් අමතමනි.
” ආසියාවේ අන් රටවල් දියුණු වුනේ තමන්ගේම කර්මාන්ත ගොඩනගලා. අපේ රටේත් මුල් යුගයේ විශේෂයෙන්ම සිරිමාවෝ බන්ඩාරනායක යුගයේ දේශීය කර්මාන්ත සෑම ක්ශේස්ත්‍රයකම පටන් ගත්තා.
නමුත් 1977 බලයට ආපු ජේ ආර් ජයවර්ධන මේ කර්මාන්ත කඩා වටෙන්න හැරියා ඊට පස්සෙ ආපු ප්‍රේමදාස හා චන්ද්‍රිකා එක පොදියට කුණුකොල්ලෙට මේවා විකුණන්න පටන් ගත්තා.
මම තමුන්නාන්සේලාට උදාහරණ කිහිපයක් විතරක් මතක් කරන්නම්. මොනතරම් කම්පාවක් හිතට එනවාද බලන්න මේවා කලකට පෙර ජාතික සම්පත් නේද කියල හිතුවහම.
මෙන්න ප්‍රේමදාස ජනාධිපති යුගයේ විකුණූ රාජ්‍ය දේපල සමහරක්….
තුල්හිරිය , පූගොඩ හා වේයන්ගොඩ රෙදි කම්හල්
දන්කොටුව පෝසිලේන්, ලංකා සෙරමික් හා ලංකා පෝසිලේන් කම්හල්
මහවැලි මැරයින් සිමෙන්ති, රුහුනු සිමෙන්ති හා පුත්තලම සිමෙන්ති කම්හල්
බෝගල පතල හා කහටගහ මිනිරන් පතල
කැලණි ටයර් , ලංකා ඔක්සිජන්, ලංකා ඩිස්ටිලරීස්, ලංකා ලෝහ, තෙල් සහ මේද, ලංකා සම්බාන්ඩ, ලංකා මිල්ක් ෆුඩ්, ලංකා කඩදාසි හා හිගුරාන සීනි කම්හල්
හුන්නස් ෆෝල්ස් හෝටලය, ට්‍රාන්ස් ඒෂියා හෝටලය, ඉන්ටර්කොන්ටිනන්ටල් හෝටලය හා කොළඹ ජාත්‍යන්තර පාසැල
මෙන්න චන්ද්‍රිකා ජනාධිපතිනි යුගයේ විකුනූ රාජ්‍ය දේපල සමහරක්……….
බොගවන්තලාව, අගරපතන, මස්කෙලිය, අගලවත්ත කැලණිවැලි, හොරණ, කැගල්ල, පුස්සැල්ලාව, බලංගොඩ, මතුරට, නමුනුකුල, වටවල, තලවකැලේ හා තවත් බොහෝ තේ වතු
වයඹ පොහොර, රුහුණු පොහොර, රජරට පොහොර හා සී සී සී පොහොර සමාගම්
පැලවත්ත සීනි සමාගම, සෙවනගල සීනි සමාගම හා කන්තලේ සීනි වගාව
කොළබ ගෑස් සමාගම, ලංකා වානෙ සංස්ථාව, ලංකා තුනී ලෑලි සංස්ථාව හා ලංකා ග්ලාස් සමාගම
ලංකා ලුබ්‍රිකන්ට් , ශ්‍රී ලංකා ටෙලිකොම්, එයාර් ලංකා සමාගම, ලංකා ට්‍රැක්ටර්ස් හා සතොස මෝටර්ස්
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ජාතික රක්ෂණ සංස්ථාව, , ලංකා සංවර්ධන බංකුව, පීපල්ස් මර්චන්ට් බැංකුව හා ලංකා වානිජ බැංකුව
ඔබ දන්නවා සිරිසේන ජනාධිපති හා රනිල් අගමැති විකුණූ හා විකිනීමට අර අඳින රාජ්‍ය දේපල සමහරක්
මාගම්පුර වරාය, මත්තල ගුවන් තොටුපොල, ත්‍රීකුණාමලය තෙල් ටැංකි
හිල්ටන් , ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හා හයට් හෝටල්
ශ්‍රී ලංකන් හා මිහින් ලංකා ගුවන් සේවා
ලංකා හොස්පිටල් ඇතුලු තව හැකි සෑම දෑ
ඉතින් මොනවද අපේ අනාගත පරම්පරාවට ඉතුරුවෙන්නේ රට ගොඩ නගන්න ? ”
– චාමින්ද කරුණාරත්න

ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න


මෛත්‍රී කිව්වේ බොරු….., වාර්තාවේ එහෙම දෙයක් නෑ….රවී කඩුව අතට ගනී…,රටට ඇත්ත කියන්නැයි අභියෝගයක්!

January 15, 2018


මහබැංකු බැදුම්කර ජනාධිපති කොමිසම විසින් ලබා දුන් වාර්තාවෙත්, ජනාධිපතිවරයා විසින් රටට ඉදිරිපත් කළ කරුණු අතරත් යම් පරස්පරබවක් ඇති බැවින් සත්‍ය තොරතුරු රට හෙළි කරන ලෙසට ජනාධිපතිවරයාට අභියෝග කරන බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසනවා.
මට්ටක්කුලිය ප්‍රදේශයේ පැවති ජනහමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කර සිටියා.
ප්‍රශ්නය: ඔබ ඉල්ලීමක් කළා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් බැදුම්කර කොමිසම් වාර්තාව ලබා දෙන්න කියලා. දැන් අගමැතිවරයාට වාර්තාව ලැබිලා තියනවා. ඇයි ඔබතුමාට ලැබෙන්නේ නැතුව අගමැතිවරයා විතරක් ඒ වාර්තාව ලැබිලා තියෙන්නේ?
“කවුද කිව්වේ මට ලැබිලා නෑ කියලා.අපි එය ලබා ගෙන තියනවා. අගමැතිවරයාට ලැබුණම අපිට ලැබෙනවා. අපි දැන් දන්නවා. ඒනිසා තමයි ආණ්ඩුව දැන් මේක එළියට දාන්නේ නැත්තේ. අමූලික බොරුවක් ගහලා තියන නිසා දැන් එළියට දාන්න බැරි කම තමයි තියන ප්‍රශ්නේ.” මොකද අගමැති තුමා මෙම සොරකමට සම්බන්දයි කියා එහි ඇතුලත්.
ප්‍රශ්නය: ජනාධිපතිතුමා පත් කළ කොමිසම් වාර්තාව නේ?
“ඔව් ජනාධිපති කොමිසම පත් කළා. කොමිසමේ වාර්තාවේ අගමැතිගේ සම්බන්දතාවය තිබුනද ජනපති විශේෂ ප්‍රකාශයේ අගමැතිගේ නම සදහන් වුනේ නැ. මාව පමනක් වැරදි කරුවෙක් කෙරුවා. එ නිසා මෙ වාර්තා ජනතාව අතට ඉකමනින් ලබාදි සැබැ හොරු ජනතාවට දැනගන්න සලස්වන්න මම ජනපතිට අභියොගය කරනවා.


ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

ඡන්ද රැස්‌වීමක LTTE ගීත ගයති..



ඡන්ද අපේක්‍ෂකයන් පිරිසක්‌ විසින් යාපනයේ පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයකදී එල්.ටී.ටී.ඊ. ගීත කීපයක්‌ වාදනය කිරීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් මේ වන විට යාපනය පුරා දැඩි නොසන්සුන් තත්ත්වයක්‌ හටගෙන තිබේ.
විමුක්‌ති කොටි වැනි වදන් පළාත් පාලන මැතිවරණයේදී යොදා නොගන්නා ලෙස මැතිවරණ කොමසාරිස්‌වරයා උපදෙස්‌ දී තිබියදී යාපනයේ එවැනි තත්ත්වයක්‌ ඇති වීම සම්බන්ධයෙන් යාපනයේ දේශපාලනඥයන් කීපදෙනෙකුම මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියා මධ්‍යස්‌ථාන වෙත පැමිණිලි කොට තිබේ.
එම පැමිණිලි පිළිබඳව තොරතුරු මෙතෙක්‌ වාර්තා වී නොමැති නමුත් පොලිස්‌ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක්‌ විසින් මේ පිළිබඳව පරීක්‍ෂණ ආරම්භ කොට තිබේ.
මෙම රැස්‌වීම සඳහා පැමිණ සිටි තරුණයන්ගේ ජංගම දුරකථනවල ප්‍රභාකරන්ගේ ඡායාරූප තිබූ බවත්, එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ගීත වාදනය වන අවස්‌ථාවේදී එම තරුණයන් ජංගම දුරකථන ඔසවමින් සිටි බවත් සිද්ධිය සියෑසින් දුටුවෝ පවසති.
මේ නිසා මෙය අත්වැරදීමක්‌ නොව හිතාමතාම හා සැලසුම් සහගතව සිදුකරන ලද්දක්‌ බව යාපනයේ ජනතාව කියා සිටිති.




ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
"මහවත්තේ චමින්ද" සහ චමින්දගේ කතාව....
************

මේ පිංතූරේ මාත් එක්ක ඉන්නේ චමින්ද. චමින්දව කවුරුත් දන්නේ "මහවත්තේ චමින්ද" කිව්වොත් තමයි.

"මහවත්තේ චමින්ද" කුන්ඩසාල ප්‍රාදේශීය සභාවේ හිටපු ජවිපේ මංත්‍රීවරයා.

ජවිපෙන් අයින් කල මහවත්තේ චමින්ද මේ සැරේ ස්වාධීනව කුන්ඩසාලෙට චන්දේ ඉල්ලනවා.

(චමින්දගේ කතාව තමයි මං දැන් කියන්න ‍යන්නේ)

කුන්ඩසාලේ මහවත්‍ත ගම තමයි ජවිපේ දෙවන කැරුල්ලේදි ලංකාවේ වැඩිම පිරිසක් සමූල ඝාතනය වූ ගම. වැඩිම පිරිසක් එකම තැන ඝාතනය වූ තැන ඉදලා තමයි මං මේ පිංතූරේ ගත්තේ.
**********

චමින්දව මං අදුනන්නේ 1989 මුල් කාලේ විතර ඉදන්. ඒ රටම වෙලාගත් භීෂන කාලේ. අපි දෙන්නම එතකොට පාසල් ශිෂ්‍යයෝ. එතකොට චමින්ද ජවිපේ මෙහෙයපු "ජාතික ශිෂ්‍ය සටන් මධ්‍යස්තානයේ" නායකයෙක්.

1989 සංහාරයෙන් පස්සේ චමින්ද ගැන කිසිම තොරතුරක් මට ආරංචි වෙන්නෙ නෑ. ඒත් චමින්දව ආයිමත් දෙදාහේ මුල් කාලේදි මට හමුවෙනවා. චමින්දව නැවත මට හමුවන්නේ හරිම පුදුම විදිහට. හරිම අහඹු ලෙස.
**********

එතකොට මගේ බිරිද මහනුවර රෝහලේ වෛද්‍යවරියක්. මං මහනුවර අධිකරනයේ නීතිඥයෙක්. දවසක් වැඩ ඉවරවෙලා හවසක මං බිරිදව ගන්න නුවර ඉස්පිරිතාලෙට යනවා

මං මගේ වාහනේ නවත්තන්නේ නුවර ඉස්පිරිතාලේ සර්ජිකල් වොර්ඩ් එක ලග ගහක් යට. එතකොට මං දකිනවා සර්ජිකල් වෝඩ් එක ලග "මෙඩිකල් ස්ටුඩන්ට්ස්" ලගේ කැන්ටිමේ කැෂියර් එකේ ඉන්න කෙනා තියුණු විදිහට මං දිහා බලන් ඉන්නවා. මෙහෙම ඉදලා එයා එලියට එනවා. එයා මගේ ලගට ඇවිදගෙන එනවා.

"ඔයා කිංස්වුඩ් එකේ ඉගෙන ගත්ත හිරන්‍ත නේද?" එයා මගෙන් එහෙම අහනවා.

මගේ මුල් නමින් අමතන රෝහල් කැන්ටිමේ මුදලාලි දිහා මං විමතියෙන් බලන් ඉන්නවා.

"ඔබතුමාට මාව මතකද?" ඒ ඔහු.

මං නිහඩ නිසා එයා ආයිමත් කතා කරනවා.

"මං තමයි මහවත්තේ චමින්ද දැන් මාව මතකද?

ඕ*ත සහොදරයා ඔබතුමා ගැන මට ඔක්කොම විස්තර කිව්වා. පක්ෂෙට කරන උදව්වුත් කිව්වා. මං අපේ අයියත් එක්ක එකතු
වෙලා මේ කැන්ටිම කරනවා."

ටයර් සෑයක ආදාහනය උනා කියලා මං හිතාගෙන හිටපු චමින්දව මට දෙවන පාරට නැවත හමු උනේ ඔන්න ඔහොම.

ඊට පස්සෙ දිනපතාම වගේ චමින්දත් මාත් හමුවෙනවා. මාරයාගේ කට ඇතුලටම ගිහිල්ලා මාරයාගේ ප්‍රමාද දෝශයක් නිසා දහපාරක් විතර මාරයාගෙන් බේරුන හැටි චමින්ද මට විටින් විට විස්තර කරනවා.

ඊට පස්සේ; රනිල් වික්‍රමසිංහ අගමැති උන, ගිවිසුමකින් ප්‍රභාකරන්ට ලංකාවෙන් බාගයක් ලියලා දෙන්න හදපු, වසර දෙකේ ආන්ඩුව එලවන්න ජවිපේ චමින්දත් පොදු පෙරමුණේ මාත් චන්ද්‍ර්කාගේ නුවර ජනාධිපති මංදිරේ ඉදන් ක්‍රියාකරනවා. ඊට පස්සේ මහින්ද ජනාධිපති කරන්නත් අපි දෙන්නා එකට කටයුතු කරනවා.
*********

චමින්ද දැන් මැණික්හින්න නගරේ හෝටලයක් කරන සාර්තක ව්‍යාපාරිකයෙක්. හැබැයි මහින්ද ජනාධිපතිවෙලා ජවිපේ මහින්දව අත ඇරියායින් පස්සේ අපි දෙන්නට දෙන්නා දේශපාලනේ කතා කරන්න යන්නෙ නෑ.

ඒත් මං ලංකාවට ගියාම හැම පාරකම චමින්දව මුන ගැහෙන්න අමතක කරන්නෙත් නෑ.
**********

මේ සැරේ ලංකාවට ගිහාම මං චමින්දට කෝල් කලා. පැයකින් විතර චමින්ද එයාගේ ට්‍රේල් බයික් එක අරං අපේ ගෙදර ආවා.

"ඔබතුමාට කතාවක් ලියන්න මං තොරතුරක් පෙන්නන්නම්, බෑ කියන්නෙ නැතුව මාත් එක්ක යන්න එන්න".

මෙහෙම කියපු චමින්ද මාවත් දාගෙන නුවර නගරේ පහුකරන් තැන්නෙකුඹුර පාලම එහෙම පහුකරන් මහවත්ත ගමට ගියා.

"එතකොට ප්‍රේමදාස පාලන කාලේ නුවර ඩීඅයිජී "උඩුගම්පොල."
උඩුගම්පොල මේ ගම සමූල ඝාතනය කරා. ගමේ ගෙවල් 124ක් ගිණි තියලා සුන්නත් ධූලි කලා. මිනිස්සු සිය ගානක් මරලා දැම්මා." චමින්ද කියාගෙන කියාගෙන යනවා.

"මල්ලි මෙහෙ වරෙන්"

මේ පිංතූරේ ගත්ත තැනට ඉස්සරහින් තියෙන ත්‍රීවිලර් පාර්ක් එකේ ඉන්න ටිකක් මහත තරුනෙයෙක්ට චමින්ද අඩගහනවා.

"අපේ ෆොටෝ එකක් ගනින්" චමින්ද ඔහුට කියනවා. ඔහු ෆොටෝ එක ගන්නවා.

"මල්ලි මේ මං දන්න මහත්තයෙක්. උඹලෑ තාත්තටයි බාප්පටයි උනදේ මේ මහත්තයට කියපං" චමින්ද අර තරුනයට කියනවා.

"එතකොට මට අවුරුදු අටයි. අපේ තාත්තවයි බාප්පයි ගමේ මිනිස්සුන්වයි නුවරින් ආපු උඩුගම්පොලගේ ටීම් එකකින් ඉස්සුවා."

"පහුවදා මෙතන තාත්තව වෙඩි තියලා මරලා දාලා තිබුනා. ඒත් බාප්පට තියපු වෙඩිල්ල නිකටෙන් ඇතුල්වෙලා කම්මුල කඩාගෙන ගිහින්. එයා මැරිලා හිටියෙ නෑ."

"අපි උදේ යනකොට එයා කෑ ගහනවා. වතුර ඉල්ලනවා. කවුරුත් වතුර දුන්නෙ නෑ. මේ චමින්ද අයියා තමයි වතුර වීදුරුවක් පෙව්වේ. එයාට ඒක බොන්න බෑ. වතුර ඔක්කොම කට පල්ලේ පෙරුනා." ඒ තරුනයා කියවගෙන යයි.

ඔහුව නැවැත්වූ චමින්ද නැවත කතා කරයි. " ඒ කාලේ ත්‍රී වීල් නෑ. මං හිතුවා ඒ මාමව කොහොම හරි සනීප කරනවා කියලා. එහෙම හිතාන පක්ෂෙට හිතවත් කෙනෙක්ගෙ ජිකි ජිකි ඩෙලිකා වෑන් එකක් අරං ආවා. ඒ එනකොට කුන්ඩසාලේ ආමි කෑම්ප් එකෙන් ඇවිත් බොඩීස් ටිකයි අර නොමැරුන මාමවයි අරං ගියා. ඒ ගොල්ලන්ව අපි අන්තිමටම දැක්කෙ එදා."

චමින්ද තව කතා ගොඩාක් කියයි එකක්වත් මගේ හිතට ඇතුලු නොවෙයි. මට මෙතනින් ඉක්මනින්ම යා යුතුය.
***********
එතනින් පිටත්වෙමි. හිත යකාගේ කම්මල මෙනි. හිත සැහැල්ලු කර ගත යුතුය. පිටත්වෙන ගමන් Chinthka Ratnayake ට කෝල් එකක් ගනිමි.

"වරෙන් අඩියක් ගහන්න."

"මේ මහ දවල්... පිස්සුද..?" ඒ චින්තක.

"පොඩි කතාවක් කියන්නත් එක්ක. තමුසේ එනවකෝ රෝයල් මෝල් එකට." ඒ මං.

ඔහුත් සමග රෝයල් මෝල් පබ් එකට යමි. චියර්ස් කියන්නත් කලින් උදේ මා ඇසූ දුටු කතාව ඔහුට කියමි.

"මටත් ආසයි ඩයල් එක දකින්න." ඒ චින්ටා.

මම කෝල් එකක් දී මහවත්තේ චමින්දව රෝයල් මෝල් එකට ගෙන්වා ගමි.

චමින්දට චින්තක හදුන්වා දෙමි.

"උදේ කතාව චින්ටට කියහංකො" ඒ මම.

"ඒ කතා වැඩක් නෑ ඒක හිරන්ත බොස්ගෙන් අහගන්න. චින්තක මේක අහපන්. චින්තක, මචං මේ කතාව හොදට අහපන්" චමින්ද කතා කරයි.

"89 සංහාරයෙන් පස්සේ අපි අමාරුවෙන් ජවිපෙ ගොඩ ගත්තා. මං ෆුල් ටයිම් උනා".(පූර්න කාලීන)

"මං බැන්දේ උත්සව තියලා නෙවෙයි. එයාගේ තාත්තා ප්‍රින්සිපල් කෙනෙක්. අම්මා ගුරුවරියක්. මං එයාව කච්චේරියේ අත්සන් කරලා එක්ක ආවා. ඒ තමයි මගේ මගුල් ගේ."

"බැදලා ටික කාලෙකින් එයා ප්‍රෙග්නන්ට් උනා. එයා මට හැමදාම උදේට කියනවා එයාට ඇපල් ගෙඩියක් මිදි ටිකක් කන්න ඕන කියලා. ජවිපෙ පූර්නකාලිනයෙක් වූ මට ඒවා ගන්න එදා සල්ලි නෑ. හැමදාම ගෙදර ඇවිත් මං අමතක උනා කියනවා. මහවත්තේ චමින්දගේ ඇස්දෙක දිලිසෙයි. මට මේවා මතක් වෙනකොට හිතට හරිම දුකයි. අදටත් මං ඇපල් මිදි කන්නෙ නෑ.

අද මට මිදි පෙට්ටියක් ඇපල් පෙට්ටියක් හැමදාම උනත් අරන් යන්න පුලුවන්. ඒත් එදා අපි බස් එකේවත් නොගිහින් පයින් ගිහින් පක්ෂෙට සල්ලි හෙව්වේ."

"මට නෝනට විටමින් ගන්න සල්ලි තිබුනෙ නෑ. එතකොට ජවිපෙට හිතවත් පස්සෙ විමල්ලට කැඩුන කුන්ඩසාලේ පශුවෛද්‍ය ජගත්ගෙන් බල්ලන්ට දෙන විටමින් මං ඉල්ල ගත්තා."

"මිනිස්සුන්ට මේවා දුන්නට කමක් නැත්ද කියලා ඩොක්ටර් ජගත්ගෙන් මං ඇහුවා. එයා හරි උත්තරයක් දුන්නේ නෑ. ඒකාලේ එයත් අමාරුවෙන් හිටියේ. මේ ලගදිත් මං එයාට මේක මතක් කලා."

"ඒ බල්ලන්ට දෙන විටමින් තමයි මම නෝනට ගිහින් දුන්නේ."

"පක්ෂෙන් මට කිව්වා පක්ෂෙට හිතවත් මෝලකින් මාසෙකට හරියන්න හාල් ගන්න කියලා."

"මචං චින්තක කුන්ඩසාලේ කියන්නේ අනුරාධපුර පොලොන්නරුව වගේ හාල් තියෙන පැත්තක් නෙවෙයි නේ."

"මං මෝලට ගිහින් උදේ ඉදන් ඉන්නවා. වරුවක් ගියත් හාල් කිලෝ දෙකක්වත් එකතු වෙන්නෙ නෑ." "මං යන්න හදද්දි මෝලේ සහෝදරයා කියනවා තව පොඩ්ඩක් ඉන්න දැන් හාල් එකතුවෙයි කියලා." මොකද එයාටත් පක්ෂෙට දන්වන්න ඕන හාල් දුන්නා කියලා.

ඔන්න ඔහොම චමින්ද කතා ගොඩාක් මාත් චින්තකත් ඉස්සරහ කියාගෙන කියාගෙන යයි.
*************

ඔන්න ඔහොමයි මචං අපි පක්ෂෙ වෙනුවෙන් කැප උනේ. මට හිතට හරිම වේදනයි මචං. මං ගිය මාසේ වෙනකල් හිටියේ ජවිපෙ. පක්ෂෙට හතුරු කිසිම දෙයක් අපි කලේ නෑ.

හදුන්නෙත්ති සහොදරයා චන්දෙට ඉල්ලන අය දැනුවත් කරන රුස්වීමක් තිව්වා. එයා කිව්වා මේ පාර මනාප වැඩියෙන් ගන්න අයයි දිනන්නේ ඒ නිසා ඕගොල්ලො කැමති දෙයක් කරන්න කියලා.

ගමේ මිනිස්සු පෝස්ටර් ගැහුවා. "ගමට ඕන චමින්ද"කියලා.

ඔය අතරේ පක්ෂෙන් මං විනය කඩ කලා කියලා චෝදනා පත්‍රයක් දුන්නා. ඒ චෝදනා මාරයි.

1. පෙරටුගාමීන් හා නැවත එක්විය යුතුයැයි කියමින් පක්ෂය විවේචනය කිරීම.
2. පහුගිය චන්දයේදී මයිත්‍රීපාල සිරිසේන ජනාධිපති කිරීමට උදව් කිරීම.
3. සීනුව නොදමා පක්ෂ අනුදැනුමක් නැතිව පොස්ටර් ගැසිම.

*********
අපේ ජීවිතේ පරදුවට තියලා, ගෙවල්වල ගෑනු ගැනවත් නොහිතා, අපේ ජීවිත කාලකන්නි කරගනිමින් අපි ආදරයෙන් රුක බලාගත් පක්ෂෙ අපිට ආපහු දුන්න දායාදේ ඔන්න. මං තීරනය කලා ස්වාධීනව කුන්ඩසාලෙට චන්දෙ ඉල්ලන්න.
***********
චමින්ද අපෙන් සමුගෙන යාමට සැරසෙයි.

"චන්දෙට වියදම් ඇති නේද? හවස ඇවිත් මාව හම්බෙනවද?" මං චින්ටට හොරෙන් චමින්දගෙන් එහෙම ඇහුවා.

"බොහෝම ස්තූතියි.
වියදම් ගැන කියලා වැඩක් නෑ. කඩෙත් වහලා දැන්.
අද බෑ හෙට එන්නම්" චමින්ද අපෙන් සමුගෙන යයි.
***********
චන්දය ඉල්ලන චමින්දට ආධාරයක් කල යුතුය. දශකයක් පමන රටේ නැති මට, චන්දය ඉල්ලන අයෙකුට කොපමන මුදලක් දිය යුතුදැයි වැටහීමක් නැත. මට දැන් ලංකාවේ චෙක් පොතක්ද නැත.

අක්කාගේ මහත්තයා ලලිත් අයියාට කතා කලෙමි.

"ලලිත් අයියා මට ඕපන් චෙක් එකක් දෙන්න. ගාන කීයක් උනත් මං සල්ලි දාන්නම්."

කියූ සැනින් ලලිත් අයියා අත්සන පමනක් ගැසූ එයාගේ හිස් චෙක් පතක් මට ලබා දෙයි.

"මෙන්න මගෙන් චන්දෙට තෑග්ගක්. කැමති ගානක් දාගන්න." හිස් චෙක්පත මම චමින්දට බාරදෙමි.

හිනාමුසු මූනින් මුව නොසෑහෙන ස්තූතියෙන් චමින්ද චෙක්පත මගෙන් බාර ගනියි.

අවමය රුපියල් විසිපන්දාහක්වත් ඔහු ලියාගනු ඇතැයි සිතුවෙමි.

විශ්වාස කරන්න චමින්ද ලියාගෙන තිබුනේ රුපියල් දෙදාහක් පමනි.

පෝස්ටර් ගහන්න පාප්ප හදන්න පාම්පිටි වලටවත් ඒ මුදල ප්‍රමානවත් නැත.

ඒ තමයි නියම "මහවත්තේ චමින්ද".

ඒ තමයි මුදලට නොවිකුණුනු නියම මිනිස්සු.

ඒ තමයි අපි දන්න සැබෑ ජේවීපි කාරයෝ.

-හිරන්ත හේරත්-

(අවසන් පිංතූරය මහවත්තේ මහමග මරා දමා සිටි පුද්ගලයින්: චායාරූප ප්‍රවීන මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්න මහතාගෙනි)


ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

විරුවන් ඈදා ගෝඨාභයට ගැසු තවත් මඩක් මෙසේ නිමවිය ප‍්‍රධාන සාක්‍ෂිකරු බොරු සාක්‍ෂි දුන් බව පිලිගනී.. දසනායකට හයමාසයකට පසු ඇප ලැබේ..



මාස හයකට ආසන්න කාලයක් රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ඞී.කේ.පී. දසනායක මහතා අද කොළඹ මහධිකරණය විසින් ඇප මත නිදහස් කරනු ලැබී.
පසුගිය ජූලි මස 12 වැනිදා ඔහු අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ පුද්ගලයින් කිහිප දෙනෙකු අතුරුදහන් කිරීම හා ඝාතනව කිරීම යන චෝදනා මතයි.
කෙසේ වෙතත් ඝාතන චෝදනාව සම්බන්ධයෙන් තමන් දුන් සාක්‍ෂිය අසත්‍ය බවත් එසේ සාක්‍ෂි දුන්නේ පොලීසියේ බල කිරීමට බවත් ගිය නඩු වාරයේදී බී විජයකාන්තන් නම් පුද්ගලයා පසුගියදා අධිකරණය හමුවේ විශේෂ ප‍්‍රකාශයක් කලේය.


ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

රාජිතගේ ඩුබායි ගිණුමේ ඩොලර් බිලියන 18ක් සගවලා..



පිවිතුරු හෙල උරුමයේ පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් විසින් කල ප‍්‍රශ්ණ කිරීමට ඔහු දුන් පිලිතුරු මෙසේය.
ප්‍රශ්නය – අගමැතිතුමා විශේෂ ප්‍රකාශයක් කරලා තියෙනවා 2007 සිට 2014 දක්වා සිදුවෙලා තියෙන විශාල ප්‍රමාණයේ මුල්‍ය වංචා සම්බන්ධයෙන් කඩිනමින් කොමිසමක් පත් කරලා හරි මොනයම් හෝ ක්‍රමවේදයක් යටතේ ඒ පිළිබදව හොයනවා කියලා එතනදී ඇගිල්ල දික්වෙන්නේ පසුගිය රජය සමයට ඒ සම්බන්දයෙන් මොකක්ද ඔබතුමාගේ අදහස
පිළිතුර – මුලින්ම කියන්න ඕනේ අගමැතිතුමා පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලනවා. බැඳුම්කර වාර්තාව පිලිබඳ බැඳුම්කර වාර්තාවේ අරවා තියෙනවා මේවා තියෙනවා යන ආදි වශයෙන් සඳහන් කරන්නේ අගමැතිතුමා සහ ජනාධිපතිතුමා. විවාද කරන්න ඕනේ නම් ඉස්සෙල්ලා වාර්තාව ප්‍රසිද්ධ කරන්න ඕනේ. අපිට ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ඇත්ත කියන කට්ටිය නම් කතාව විශ්වාස කරලා විවාදයට සහභාගිවෙන්න පුළුවන්. ජනාධිපතිවරණයේ සිටම මේ අය කියන්නේ පට්ට පල් බොරු බව මුළු රටම දන්නවා. නොදැන සිටි බැඳුම්කරය හොයන්න කලින් රත්තරං අශ්වයා සහ ලැම්බෝගිනි කාර් එකටයි මොකද වුණේ කියලා හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරන එක තමයි කාලෝචිත.
අපි ආණ්ඩුවට කියනවා අපියි විවාදය ඉල්ලුවේ. ඕනෑම දිනයක පාර්ලිමේන්තුවේ දී විවාදය කරන්න අපි සූදානම්. හැබැයි‍ මේ වාර්තාව ඉස්සෙල්ලා ප්‍රසිද්ධ කරන්න. එතකොට කාටද ඇගිල්ල දිගුවෙලා තියෙන්නේ කියලා හරියට රටටම දැනගන්න පුළුවන් වෙනවා. පිටු 1536කින් තමන් කැමති තැනක් උපුටා දක්වමින් රට නොමග යවනවා වෙනුවට ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් මේ වන විට කළ යුතුව තිබුණේ වහාම වාර්තාව රටේ හැමෝටම කියවිය හැකි පරිද්දෙන් සිංහල දෙමළ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම ප්‍රසිද්ධියට පත් කිරීමයි. එහෙම නොකර තමන් අතේ පොතක් තියාගෙන අපේ පොතේ මේසේ ඇතේ කියමින් තමන්ට ඕනදේ කියවීම සදාචාර සම්පන්න නෑ.
අපි කියනවා පහුගිය ආණ්ඩුව සමයේ ඕනෑම වරදක් පිළිබදව විමර්ශන පවත්වන්න ආණ්ඩුව බලයට පත්වුනේ විමර්ශන පවත්වන්න පහුගිය අවුරුදු තුනම මොනවද කළේ එතකොට රාජපක්ෂවරු ගැන හොයන්න වෙනම බරපතල වංචා සේවිමේ කොමිසමක් පත් කලා. බැඳුම්කර කොමිසමේ හිටියේ කොමසාරිස්වරු තිදෙනෙක් පමණයි රාජපක්ෂවරු ගැන හොයන්න කොමසාරිස්වරු පස්දෙනෙක්ගෙන් යුතු කොමිසමක් පත් කලා. හොයා ගත්ත කිසිම දෙයක් නෑ. ඩුබායි බැංකුවක ඩොලර් බිලියන 18ක් තියෙනවා කියලා රාජිත සේනාරත්න ඇමතිතුමා හැමදාමත් කියනවා. කියව කියවා ඉන්නේ නැතිව අල්ලලා නඩු දාන්න පුළුවන්නේ නඩු දාලා මේ ඩොලර් බිලියන 18ට ලංකාවට ගෙනාවා නම් ලංකා ඉතිහාසයේ ඉසුරුමත්ම යුගය එතනින් පස්සේ උදාවෙනවා. අද දැනට ශ්‍රී ලංකාවේ විදේශ වත්කම් තියෙන්නේ ඩොලර් බිලියන 6යි ඒවගේ තුන් ගුණයක් බැංකු ගිණුමක තියාගෙන ආණ්ඩුව මොකද කරන්නේ අපිට සාධාරණ සැකයක් තියෙනවා එහෙම දෙයක් තිබුණා නම් ඩොලර් බිලියන 18ට රාජිත සේනාරත්න ඇමතිතුමාගේ ගිණුමකට මාරුවෙලා කියලා. නැත්නම් මේ වන විට මේවා ලංකාවට අරගෙන එන්න ඕනේ.
ප්‍රශ්නය – බරපතල වංචා විමර්ශන කොමිසන් සභා වාර්තා පිළිබඳ ජනාධිපතිතුමා නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ ඇයි?
පිළිතුර – ඒක අහන්න ඕනේ ජනාධිපතිතුමන්ගෙන්. ජනාධිපතිතුමාගේ බලාපොරොත්තු සුන්වෙලා කියන එකයි අපිට මතක. මේ කොමිෂන් සභා දෙකේම වාර්තා ගැන අපිට උපකල්පන ගොඩනගන්න දෙයක් නෑ. මේ කොමිසන් සභා දෙකම ප්‍රසිද්ධියේ සාක්ෂි විමසීම කළේ. හැමදාම රෑට මෙගා ටෙලි නාට්‍යයක් බලනවා වගේ දිනපතාම ආණ්ඩුවේ උදවිය බැඳුම්කර කොමිසමටත් විපක්ෂයේ උදවිය බරපතල වංචා සේවිමේ කොමිසම වෙත සාක්ෂි දෙන්න යනවා දැක්කා. රාජපක්ෂවරු සියළුම දෙනා ගියා. මේ එක්කෙනෙක්වත් මම දන්නේ නෑ මට මතක නෑ අහන්කෝ වයිෆ්ගෙන් නෝනා තමයි දන්නේ අන්න එහෙම උත්තර දුන්නේ නෑ. කිසිම ආන්දෝලනාත්මක ප්‍රකාශයක් මාධ්‍යවල ප්‍රධාන සිරස්තලය වන ප්‍රකාශයක් කිසිවෙක්ගේ කටින් කියවුණේ නෑ. අන්තිමට ඒ කොමිසම පුස්සක් බවට පත් වුණා.
නමුත් බැඳුම්කර කොමිසම මාධ්‍ය වලට ප්‍රවෘත්ති මවපු දිනෙන් දින ආණ්ඩුව බරපතල ලෙස වංචා කළේ කෙසේද එය වසා ගැනීමට තර්ජන ගර්ජන කළේ කේසේද අල්ලස් දී තිබෙන්නේ කෙසේද යන්න කියන එක රටේ ජනතාව දැනගත්තා. ඒ නිසා බරපතල වංචා සේවිමේ කොමිසම ගැන කතා කිරීමෙන් ජනාධිපතිතුමාට අවාසියක් මිස වාසියක් නැතුව ඇති ඒකයි ඒ ගැන නිහඩව සිටිමෙන් පේන්නේ.
– අරවින්ද අතුකෝරල


ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

ඒකාධිපති වියරුව කාටද? මෛත්‍රීපාල ජනපති ශේෂ්ඨාධිකරණයෙන් කළ විමසීමෙන් පැහැදිළි වෙයි.

[1]. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට එරෙහිව එවකට විපක්ෂ කල්ලි කණ්ඩායම් වලින් ගෙන ගිය මඩ වහරක් වූයේ “ඒකාධිපති වියරුව” යන පදයයි. එනමුත් එතුමන් සෑම විටම මැතිවරණ පැවැත්වූයේ අදාල දිනට බොහෝ කාලයකට පෙරය.
(i). උදාහරණ ලෙස ජනාධිපතිවරණ ගතහොත්, මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමන් බලයට පත් වූයේ 2005 නොවැම්බර් 19 දින දී ය. [මූලාශ්‍රය]. 1978 ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයෙකුට වසර 6 ක ධූර කාලයක් තිබුනද එතුමන් 2009 නොවැම්බර් 23 දින ජනාධිපතිවරණයක් කැඳවන ලදී. [මූලාශ්‍රය] එවිට එතුමා පළමු ධූර කාලයේ ‍රැඳී සිටියේ වසර 4 ක් පමණි. වසර 6 ක් ජනවරමක් තිබියදී නැවතත් ජන මතය විමසීම සඳහා එය වසර 4 කට අඩු කර ගත් නායකයෙකි ඒ.

තුන් අවුරුද්දකට පෙර හරියටම අද වැනි දිනෙක…
(ii). අනතුරුව 2010 ජනවාරි 27 වන දින නැවතත් ජනාධිපති ධූරයට පත් වෙන මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාට වසර 6 ක ධූර කාලයක් තිබුණි. එනමුත් එතුමා 2015 ජනවාරි 8 දින ජනාධිපතිවරණය පවත්වන ලදී. [මූලාශ්‍රය]  එනම් ජනමතය විමසා බැලීම සඳහා සිය ධූර කාලය නැවතත් වසරකින් අඩු කර ගන්නා ලදී. එහෙව් නායකයෙකුට “ඒකාධිපති” යැයි එවකට විපක්ෂ කල්ලි කණ්ඩායම් කී අතර ලක්ෂ 62 ක් ජනතාව එය කිසිදු වග විභාගයකින් තොරව පිළිගන්නා ලදී.

[2]. එදා “ඒකාධිපති වියරුව” ගැන කී අයට හිතන්න යමක් පසුගියදා සිදුවිය. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපති ධූර කාලය වසර 5 කට සීමා වී ඇති අතර පසුගිය දා වත්මන් විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසා ඇත්තේ තම ධූර කාලය වසර 6 කට පවත්වාගත හැකිද යන්නයි. ඒ ගැන හිරු නිවුස් වෙබ් අඩවියේ පහත පරිදි වාර්තා විය. [ආකයිව් කළ මූලාශ්‍රය.]
පහත දැක්වෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර් වරයා ඒ ගැන දන්වා එවීම ගැන එවූ ලිපිය සමාජ මාධය වල පළ වීමයි. [මූලාශ්‍රය]

[3]. මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා මෙන් ධූර කාලය අවසන් වීමට අවුරුදු දෙකකට පෙර ජනාධිපතිවරණ කැඳවීම කෙසේ වෙතත් අඩුම තරමින් ධූර කාලය අවසන් වෙන බවට සඳහන් දිනයේදී ජනාධිපතිවරණය කැඳවීම සදාචාර සම්පන්න ක්‍රමයයි. නමුත් සිදුව ඇත්තේ වත්මන් නීතියට එහා ගොස් තවත් වසරකින් ජනාධිපති ධූරය දිග් කර ගැනීමට උත්සාහ දැරීමකි. ඒ අනුව එදා “ඒකාධිපති වියරුව” ගැන සැබැවින්ම කවුරුන් හෝ සැලකිළිමත් වූවානම්, ඔවුන්ට නැවතත් සිතා බලන්නට අපි ආරාධනා කරමු
උපටාගැනිම Mahinda.info

ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

මහින්ද නිසා රට ණය වුණා ද? මෙන්න ආණ්ඩුවේම වාර්තා වලින් ඇත්ත.

[1]. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලයේ රට ණය වුණ බවත් එනිසා එජාපයට සිදුවුණේ ණය ගෙවීම බවත් ආණ්ඩුවෙන් නිතර පවසන දෙයකි. මෙහි ඇත්ත නැත්ත පිළිබඳව ආණ්ඩුවේම මූලාශ්‍ර වලින් එනම් ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව ඇසුරෙන් සහ එජාප අමාත්‍ය රුවන් විජයවර්ධන පවුලට අයත් “Financial Times” වෙතින් බලමු.

[මූලාශ්‍රය: Daily FT – 2017/10/11]
(i). ඉහත දැක්වෙන ආණ්ඩුවේම දත්ත අනුව,
2014 දෙසැම්බර් වෙද්දී ශ්‍රී ලංකා රජයේ සම්පූර්ණ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 7391 කි.
2015 දෙසැම්බර් වෙද්දී ශ්‍රී ලංකා රජයේ සම්පූර්ණ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 8503 කි.
2016 දෙසැම්බර් වෙද්දී ශ්‍රී ලංකා රජයේ සම්පූර්ණ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 9387 කි.
2017 ජූලි වෙද්දී ශ්‍රී ලංකා රජයේ සම්පූර්ණ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 10163 කි.
(ii). එනම් 2014 සිට 2017 ජූලි දක්වා එජාප ආණ්ඩු කාලයේදී රාජ්‍ය ණය රුපියල් බිලියන 2772 කින් වැඩි වී තිබේ.
(iii). මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාගේ කාලයේදී ගත්ත ණය වත්මන් එජාප ආණ්ඩුවෙන් බේරුවානම් රටේ රාජ්‍ය ණය ප්‍රමාණය අඩු විය යුතුය. නමුත් සිදුවී ඇත්තේ වැඩි වීමකි. ඒ අනුව ආණ්ඩුවේ ණය බේරීම ගැන තීරණය කිරීම ඔබට බාරයි.

[2]. ආණ්ඩුවට තාමත් සහය දෙන අයෙකුගේ හෘද සාක්ෂිය දැන් මෙසේ කියනු ඇත. “හරි අපි පිළිගන්නවා අපේ ඡන්ද ගන්න යහපාලකයින් පොරොන්දු වුණ විදිහට මේ ආණ්ඩුවෙන් ණය බේරලා නෑ. තව තවත් ණය ගත්ත එකයි වුණේ. ඒත් මහින්දගෙ කාලෙදිත් ණය වැඩි වුණා නේද? ඒ ගැන මොකද කියන්නේ?”
(i). ඕනෑම රජයකින් ලබා ගන්නා ණය වලින් රටට මොකද වුණේ කියල බැලීමේ ලොව පිළිගත් අන්තර්ජාතික ක්‍රමය වන්නේ රටේ ණය ප්‍රමාණය එරට දළ දේශීය නිශ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස බැලීමයි. (debt-to-GDP ratio). එය උදාහරණයකින් කිවහොත් මිනිහෙක් රුපියල් 30,000ක් පඩි ගන්න කාලෙ ලක්ෂ 5 ක ණයක් ගැනීම සහ රුපියල් ලක්ෂ 2 ක් පඩි ගන්න කාලෙ ලක්ෂ 6 ක ණයක් ගැනීම වගේ. බැලූ බැල්මට ලක්ෂ 6 වැඩි උනාට ඒක ආපසු ගෙවීමේ හැකියාව වැඩියි තිස්දාහෙ පඩි ගන්න කාලෙ ගත්ත ලක්ෂ 5 වඩා. ඒ නිසා රටක් විදිහට ගත්තමත් ණය ආපසු ගෙවීමේ හැකියාවට සංසන්දනය වෙන්නෙ දළ දේශීය නිෂ්පාදිතට.
(ii). මේ ගැන ඔබට මහ බැංකු වාර්තාවෙන් ගණනය කළ හැකි වුවත් ඊටත් වඩා පහසුවෙන් ලොව පිළිගත් අන්තර්ජාතික ආර්ථික ප්‍රකාශන වෙබ් අඩවියක් වන tradingeconomics.com හි ඇති “Sri Lanka Government Debt to GDP” වගුව බලමු.
(iii). එහි 2009 වසරේ රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ඉහළ ගොස් ඇත්තේ විදේශ වලින් ලබා ගන්නා ණය වැඩි ප්‍රමාණයක් වැය වූයේ යුද්ධයට නිසයි. එනමුත් මානුෂික මෙහෙයුමෙන් පසුව මහින්ද යුගයේදී ණය ගත්ත ද රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස අඩු වූ ආකාරය ඔබට දැක ගත හැකි ය. එය වඩාත් හොඳින් බැලීමට එහි සම්පූර්ණ දත්ත අඩංගු වගුව බලමු.
(iv). හොඳින් බලන්න, එජාප සාම ගිවිසුම තිබුණ කාලයටත් වඩා මහින්ද රාජපක්ෂ මැතිතුමා ලොව දරුණුතම ත්‍රස්තවාදී සංවිධානය සමග සටන් කරමින් රටේ ණය බර අඩු කර ගත්ත ආකාරය. එහෙත් 2015 සිට රටේ ණය බර නැවතත් ඉහළ යයි.
(v). මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාගේ රජයෙන් ලබා ගත් ණය වලින් අධිවේගී මාර්ග, පරිගණක විද්‍යාගාර, වරාය, ගුවන්තො‍ටුපොළ, ජලාශ, විදුලි බලාගාර, නිවාස ආදිය ඉදි කරමින් ශ්‍රී ලංකාවට ආර්ථික වටිනාකමක් එකතු විය. නමුත් වත්මන් ආණ්ඩුව මහ බැංකු නිකුත් කරමින් ගිණි පොළියට ගන්නා ණය වලින් ඔවුන්ට මිස රටට කරන දෙයක් නොමැත. ඉතින් ණය ප්‍රමාණය ඉහළ යනවාටත් අමතරව, රටේ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙසත් ණය ඉහළ යයි.
මහින්ද නිසා රට ණය වුණා කියන අයට ඇත්තටම රට ණය වුණේ කුමන කාලවලදීදැයි මේ ලිපියේ අති මූලාශ්‍ර පෙන්වා පැහැදිළි කර දෙන්න.


ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

රාජගිරිය ගුවන් පාලම බොරුවත් මාට්‍ටු. මුදල් වෙන් කළේ මහින්දගේ කාලයේදී බව රජයේ වෙබ් අඩවි වල දැක්වෙයි.

[1]. රාජගිරිය ගුවන් පාලම හැදුවේ වත්මන් ආණ්ඩුවෙන් බවට ආණ්ඩුවේම දේශපාලඥයින් සහ ආණ්ඩුවට සහය දෙන ජනමාධ්‍ය වලින් නිතර පවසන්නකි. එහෙත් රජයේ නිල වෙබ් අඩවි වලින් රාජගිරිය ගුවන් පාලම ආරම්භ කළේ සහ ඊට මුදල් වෙන් කළේ කුමන වකවානුවේදීදැයි නිශ්චිතව සොයා ගැනීමට මහින්ද ඉන්ෆො මාධ්‍ය අංශයට හැකි විය.
සැයු: පහත දැක්වෙන රජයේ වෙබ් අඩවි කිසිදු දේශපාලන පක්ෂයක වෙබ් අඩවි නොව මේ රටේ මහජනතාවට අයත් පොදු දේපලකි. රජයේ දේශපාලඥයින්ගෙන් කොතෙක් බලපෑම් ආවත්, මැතිවරණ කාලය තුලදී ජනතාවට දෙන තොරතුරු විකෘති කිරීම හෝ වසං කිරීම බරපතල වරදක් වන බැවින් ඒවායේ සිටින අපක්ෂපාතී නිලධාරීන් අදාල ලිපි ඉවත් නොකරන බව අප විශ්වාස කරමු. මේ වන විටත් එම ලිපි අන්තර්ජාලයේ ආකයිව් වෙබ් අඩවි ගණනාවක සංරක්ෂණය කර ඇත. එසේම රාජගිරිය ගුවන් පාලමේ ආරම්භය ගැන වාර්තා කරන සහෝදර ජනමාධ්‍ය ආයතන වලින් ආණ්ඩුවේ දේශපාලඥයින් කියන දේවල් වලට අමතරව පහත මූලාශ්‍ර වලින් පෙන්වා ඇති සත්‍යය ජනතාවට හෙළි කරනු ඇතැයි අප බලාපොරොත්තු වෙමු.
[2]. පහත දැක්වෙන්නේ ශ්‍රී ලංකා රජයේ අමාත්‍ය මණ්ඩල කාර්යාල නිල වෙබ් අඩවියේ 2014-12-04 දින පළ වූ වාර්තාවකි. මෙම රජයේ වෙබ් අඩවියේ දැක්වෙන පරිදි අදාල රාජගිරිය ගුවන් පාලම සෑදීමට මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා විසින්ම කැබිනට් යෝජනාවක් ඉදිරිපත් කර කැබිනට් අනුමතිය ලබාගෙන ඇත. [ආකයිව් කළ මූලාශ්‍රය]
[3].පහත දැක්වෙන්නේ ශ්‍රී ලංකා රජයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ 2014 වර්ෂාවසාන කාර්යඵල වාර්තාවේ 42 පි‍ටුවේ උදෘතයකි. මෙහි දැක්වෙන පරිදි ප්‍රංශ රජය සහ ප්‍රංශයේ BBVA බැංකුව සංවර්ධන හවුල්කරුවන් වශයෙන් ගෙන රාජගිරිය ගුවන් පාලම සෑදීමට යන සමස්ත පිරිවැය වන ඩොලර් මිලියන 49 ක් ශ්‍රී ලංකා රජය විසින් වෙන් කර ඇත.  [ආකයිව් කළ මූලාශ්‍රය]
ඒ අනුව වත්මන් යමපාලන ආණ්ඩුවේ තවත් මෙගා බොරුවක් “ඌරාගේ මාලු ඌරාගේ පිටේම තියලා කපන” න්‍යාය අනුව රජයේම නිල වෙබ් අඩවි වලින් මහින්ද ඉන්ෆො වෙතින් හෙළි කර තිබේ.
[4]. මුල් ගල් ගලවා දමා මහ මුහුදේ ගිල්ලුවද, අන්තර්ජාලයේ ඇති “මහින්ද රාජපක්ෂ” නම සඳහන් සියලුම වාර්තා පීරමින් ඒවා ඉවත් කිරීමට කටයුතු කළද, මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා ශ්‍රී ලංකාව වෙනුවෙන් කළ සේවය ජනතාවගේ හදවත් තුළින් වසන් කිරීමට ආණ්ඩුවට නොහැකි වී ඇත.
[5].මාවිල් ආරු වලින් පටන් ගත් මානුෂික මෙහෙයුම මගින් ලොව බිහිසුනුම ත්‍රස්තවාදය පරාජය කිරීමට මහින්ද රාජපක්ෂ රජයට ගතවූයේ දවස් 1027 පමණි. බලයට එනවිටත් සල්ලිත් වෙන් කර තිබූ රාජගිරිය ගුවන් පාලම ඉවර කරන්න යහපාලනයට දින 1095 ක් ගත වීමත්, එහි මුල් ගල් ගලවා දමා උප්පැන්නය වෙනස් කිරීමත් ගැන තීරණය කිරීම ඔබට බාරයි.


ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network