කරු ජයසූරිය ඉවතට.. නව කතානායක සරත් ෆොන්සේකා?(EXCLUSIVE)

මුලසුනේ කටයුතු සාධාරණ ලෙස සිදු නොකරන නිසා කරු ජයසූරිය මහතා කතානායක ධුරයෙන් ඉවත් කරන ලෙසට ආණ්‌ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරු පිරිසක්‌ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා ඇත.

විමල් වීරවංශ සහ දිනේෂ් ගුණවර්ධන යන මන්ත්‍රීවරුන් සම්බන්ධව කතා කිරීමට ඒකාබද්ධ විපක්‍ෂයට වැඩි කාලවේලාවක්‌ ලබා දී සභානායකවරයාට කතා කිරීමට ඉඩ නොදීම නිසා සිකුරාදා (10 දා) ආණ්‌ඩු පක්‍ෂ මන්ත්‍රීවරු සභා ගැබෙන් පිටව ගියහ. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ අවස්‌ථාවේ සභා ගැබෙහි නොසිටියේය.

මන්ත්‍රීවරු සිය පැමිණිල්ල රැගෙන අගමැතිවරයා හමුවීමට ගොස්‌ ඇති අතර ඉතිහාසයේ පළමුවරට ආණ්‌ඩු පක්‍ෂ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු රැස්‌වීම වර්ජනය කර සභාගැබෙන් පිටව යැමට සිදු වූයේ කතානායක කරු ජයසූරිය මහතාගේ ක්‍රියා කලාපය නිසා බව ඔවුන් අගමැතිවරයාට කියා ඇත.

කතානායකවරයා දිගින් දිගටම මෙම ක්‍රියාකලාපය අනුගමනය කරන බව අගමැතිවරයාට ප්‍රකාශ කර ඇති මන්ත්‍රීවරුන් සාධාරණ ලෙස කටයුතු කළ හැකි සෘජු මන්ත්‍රීවරයෙක්‌ කතානායක ධුරයට පත් කරන ලෙසටද ඉල්ලා ඇත. සරත් ෆොන්සේකා වැනි මන්ත්‍රීවරයෙක්‌ මේ සඳහා සුදුසු බවද ආණ්‌ඩු පක්‍ෂ මන්ත්‍රීවරු මේ අවස්‌ථාවේදී ප්‍රකාශ කළ බව එම මන්ත්‍රීවරයෙක්‌ ප්‍රකාශ කළේය.



ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
කොටි මධින්නට බුද්ධිය මෙහෙයවූ නාවික නිලධාරීන් දංගෙඩියට යවන මෙහෙයුමක්


නාවික හමුදාවෙන් දෙමළ තරුණයින් පස්දෙනකු පැහැරගෙන ත්‍රිකුණාමල කඳවුරේ රඳවා ඇතැයි කියනු ලබන චෝදනාව මත මේ වනවිට විශේෂ විමර්ශනයක් ඇරඹී ඇත්තේය. 2007 වසරේදී පැහැරගෙන ගොස් ඇතැයි කියන මෙම තරුණයින් සම්බන්ධයෙන් ඔවුන්ගේ දෙමාපියන් අධිකරණයේ පිහිට පැතීමත් සමග රහස් ‍පොලිසිය ඊට අදාළ විමර්ශන සඳහා අවසර ලැබෙන්නේය
නේවි නයින් නමැති කල්ලියක් කප්පම් ගැනීම සඳහා තරුණයින් පැහැරගෙන ගොස් මරා දමා ඇතැයි චෝදනාවක් කරළියට එන්නේද 2015 වසරේදීය. ඒ අනුව නාවික හමුදාවේ මෙකී නව දෙනාගේ කල්ලිය ප්‍රශ්න කිරීම්වලට ලක් වෙද්දී ‍පොලස් මාධ්‍ය ප්‍රකාශකව සිටි අජිත් රෝහණ මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ නාවික හමුදාවේ සුදු වෑන් කල්ලියක් ත්‍රිකුණාමලය හා කොළඹ මෙහෙයුම් මධ්‍යස්ථාන වශයෙන් තබාගෙන දරුවන් පැහැරගෙන ගොස් කප්පම් ගැනීමක් ගැන චෝදනාවකට ප්‍රශ්න කළ බවය.
මෙකී චෝදනා ගැන විමර්ශන ඇරඹෙන්නේද අමුතුම ආකාරයකටය.
ඔස්ට්‍රේලියාවට මිනිසුන් හොරෙන් ගෙන යන ජාවාරම පසුපස සිටි කනිෂ්ඨ නිලධාරියකු ගැන නාවික බුද්ධි අංශය මගින් හෙළි කරගැනීමත් සමග අදාළ මිනිස් ජාවාරමට සම්බන්ධ නිලධාරියා මුළු නාවික හමුදාවේම සමස්ත බුද්ධි මෙහෙයුම් පාවා දෙන්නට වූයේය.

එදා මිනිස් ජාවාරමට සම්බන්ධ වූ මෙකී නිලධාරියා කනිෂ්ඨ නිලධාරියකුට නොලැබෙන නාවික හමුදා ආරක්ෂාවක්ද මේ වන විට ලබාගෙන ඇත්තේ තමාට ජීවිත තර්ජනය ඇති බව කියමිනි.
බහුදින යාත්‍රා 123කින් පුද්ගලයින් 12800ක් ඔස්ට්‍රේලියාවට පටවා ඇති බවට චෝදනා ලැබෙන මෙකී නිලධාරියා තමා බෝට්ටු 62ක් සමග පුද්ගලයින් 3000ක් අත්අඩංගුවට ගත් වග පෙන්වා දී ඇත්තේය. නමුදු නාවික හමුදාව ඇල්ලූ බෝට්ටු 62න් 23ක්ම අල්ලාගෙන තිබුණේ ලුතිනන් කමාන්ඩර්වරයකු ලෙස නැගෙනහිරින් සුවිශේෂ මෙහෙවරක් කළ නාවික බුද්ධි නිලධාරි සුමිත් රණසිංහය.
එහෙත් මේ සතියේ කමාන්ඩර් සුමිත් රණසිංහ දෙමළ තරුණයන් පස්දෙනකු පැහැරගත් බවට චෝදනා පිට රහස් ‍පොලිසිය අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කරන්නේය.
ඒ ඕලන්ද හා බ්‍රිතාන්‍යයන් මෙරට පාලනය කළ සමයේ ත්‍රිකුණාමල නාවික කඳවුරේ ආරක්ෂාවට තිබූ කාලතුවක්කු උණ්ඩ ගබඩා කරන භූගත කඳවුරු දෙකක වධකාගාර පවත්වාගෙන ගිය බව කියමිනි.
මෙසේ හිරගෙට යවා ඇත්තේ යළි ඊළාම් යුද්ධය අවසන් වූ පසු හිස ඔසවන්නට යළි උත්සාහ ගත් විනයාකම්ගේ කොටි මෙහෙයුම ආපසු හැරවූ ‘ඔපරේෂන් බ්ලැක් ෆෝකස්’ නම් මෙහෙයුම දියත් කළ මහ මොළකරු වූ සුමිත් රණසිංහ නමැති නිලධාරියාවය.
හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා ඝාතනය කිරීමට තැත් කළ 2006 අප්‍රේල් 25දා පටන් කොටි බළකොටු තුළට රිංගා එල්.ටී.ටී.ඊ.යෙන් පැන ආ නැගෙනහිර කණ්ඩායම් සමග එක්වී කොටි බළකොටු තුළ රිංගා දරුණු ප්‍රහාර මාලාවක් එල්ල කිරීමටද ඔහු මූලික විය.
කොටි බළකොටුවේදී කමාන්ඩර් සුමිත් රණසිංහ ඇතුළු විශේෂ ප්‍රහාරක කණ්ඩායමක් මැයි 21දා ප්‍රහාරයක් එල්ල කර කඳවුරට පැමිණෙන්නේ කොටි 14ක් මරා දමා ඔවුන්ගේ අවි ආයුධද රැගෙනය. ප්‍රහාරයෙන් අනතුරුව කඳවුරට පැමිණි පසු එහි සිටි නිලධාරියකුගේ අත්වැරදීමක් නිසා කොටි ඔත්තුකරුවන් මෙම ප්‍රහාරය එල්ල කළ කණඩායම ප්‍රහාරය සාර්ථකව නිම කර නිවාඩු යන බව දැනගෙන නාවික බස් රථයට ක්‍ලේමෝ ප්‍රහාරයක් එල්ල කරන්නේ කන්ත‍ලේ, 98 කණුව අසලදීය. එම ප්‍රහාරයෙන් රණසිංහගේ කණ්ඩායමේ නිවාඩු ගිය 17න් දාහතරක්ම දිවි පිදූ අතර රණසිංහ හා ඉතිරි බේරුණු තිදෙනා දරුණු තුවාලද සහිතව රෝහල්ගත කෙරිණි.
එම ප්‍රහාරයෙන් සියයට 60ක්ම ආබාධිතයකු බවට පත්වූ කමාන්ඩර් රණසිංහට ඇසක් පෙනීම හා කනක් ඇසීම අඩු වුවත් දක්ෂ බුද්ධි නිලධාරියකු ලෙසින් සිව්වැනි ඊළාම් යුද්ධය අවසන් වනතුරු සටන් පෙරමුණේ කටයුතු කළේ රට ගැන සිතූ නිසාය.2012 මාර්තු මාසයේදී නාවික හමුදා බුද්ධි අංශයේ ත්‍රිකුණාමල කඳවුරේ නිලධාරියා ලෙස සුමිත් රණසිංහ තම ඔත්තු ජාලය මගින් ප්‍රංශයේ සිට හිස ඔසවන්නට වූ විනයාකම්ගේ ඩයස්‍පෝරා ඔත්තු ජාලයේ ක්‍රියාකාරකම් අනාවරණය කළේය.
යුද්ධයේ අවසන් කාලසීමාවේදී ප්‍රංශයට පැනගත් විනයාකම් යළි ඉපදෙන ජාත්‍යන්තර බුද්ධි ජාලය නමින් කොටි ටොසී ඔත්තු සේවාව පණගන්වන මෙහෙයුමක් අරඹන්නේ 2012දීය. විනායකම් ප්‍රංශයේදී කරළියට එන්නට යන්නේ වන්නි සටනේදී මරුමුවට පත් මුහුදු කොටි නායකයකු වූ විනයාකම්ගේ නමින්ය. එම්මානුවෙල් පියනම, රුද්‍රකුමාරන් ඇතුළු ඩයස්‍පෝරවේ සිටින ප්‍රබලයන්ගේ සහායෙන් ප්‍රංශය මුල් කරගෙන හිස එසවූ විනායකම් ප්‍රංශයේ සිය බුද්ධි මූලස්ථානය අරඹන්නේය. කොටින්ගේ ජාත්‍යන්තර බුද්ධි ප්‍රධානී විනයාකම් තමා යටතේ වූ සන්නද්ධ පුහුණු කඳවුරක් ඉන්දියාවේ ස්ථාපිත කරන්නේය.
වන්නි අවසන් සටන අතරේ කතෝලික පූජකයකු ලෙසින් වෙස් වළාගෙන ඉන්දියාවට පලා ගිය ත්‍රිකුණාමල කොටි බුද්ධි අංශ නායකයා වූ දේවන් යටතේ ඉන්දියාවේ වලවාක්කම්හි මෙකී පුහුණු කඳවුර ආරම්භ විය. හමුදා බුද්ධි අංශයට තොරතුරු දෙන ප්‍රධාන ඔත්තුකරුවන් සොයා පහරදීම දේවන්ට ප්‍රංශයේ විනායකම් දුන් අභියෝගය වූයේය.
වන්නියෙන් ඉන්දියාවට පැන සිටි කොටි සාමාජිකයන් එක්රැස් කර එකසිය පනහක කණ්ඩායමක් හැදූ දේවන් තුන්දෙනාගේ කණ්ඩායම් සකස් කර මන්නාරම් පැත්තෙන් මාළු බෝට්ටුවලින් රට තුළට එවන්නට පටන් ගත්තේය. මේඅයුරින් පළමුවෙන්ම මන්නාරමෙන් ඇතුළු වූ කණ්ඩායමට රුපියල් ලක්ෂ දහයක කොන්ත්‍රාත්තුවක් ප්‍රංශයෙන් ලැබුණේය.
ඉලක්කය වූයේ හමුදා බුද්ධි අංශයේ ප්‍රබල ඔත්තුකරුවකු වූ ඊපීඩීපී මුත්තු ඝාතනයයි. ඉන්බෙන් ගෲප් නමින් සැදි පේසාලෙන් රට තුළට ඇතුළු වූ ජෙයකුමාර් පරකේෂ්වරන් (ගෝපි), රත්නසිංහම් කෝකිලන් (ඉන්බන්), පාක්‍යතුරෙයි දිනේෂ් කුමාර් (දිනේෂ්) යන කොටි තිදෙනා සාම්පූර් වෙත ඇතුළු වන්නේ යුදසමයේ වළ දැමූ පිස්තෝල ගබඩාවක් ගොඩ දැමීමටය. නමුත් එහි නාවික කඳවුරක් තිබුණෙන් පිස්තෝල සොයාගත නොහැකි වූ තැන ඉන්බන්ගේ කණ්ඩායමට මුත්තුව ගෙල කපා මරන්නට ප්‍රංශයෙන් නියෝග ලැබිණි. ඒ අනුව එවකට ත්‍රිරෝද රථ රියැදුරකු වූ මුත්තුව කුලී ගමනක් යන මුවාවෙන් නිලාවේලි, පෙරියකුලම් වැව් ඉස්මත්තට ගෙන ගොස් 2012 මාර්තු 18දා ගෙල කපා මරා දමන්නේය.
මෙම ඝාතනයෙන් පසු යාපනයට පැනගත් මෙකී කල්ලියට මීළඟ ඉලක්කය ලැබුණේ නාවික හමුදාවට කොටි බෝම්බ ලොරිය ගැන ඔත්තුව දුන් ඔත්තුකරු ඝාතනය කිරීමටය. මෙකී බෝම්බ ලොරිය කොටි ත්‍රස්තයන් විසින් කොළඹ ජනාධිපති කාර්යාලය ආසන්නයේ පුපුරුවා හැර වර්ග කිලෝමීටරයක් ඇතුළත සියල්ල විනාශ වන අයුරින් පුපුරන ද්‍රව්‍ය කිලෝ 1200ක් අටවා සකස් කර තිබුණි. කනගරත්නම් ජීවරත්නම් (හැඳුනුම්පත් අංක 752872937) නමැති මරාගෙන මැරෙන පුහුණුවලත් කළු කොටි ප්‍රබලයා ත්‍රිකුණාමල අම්බලිපුරම්වලට මාළු ව්‍යාපාරිකයකු මෙන් පැමිණ සිටියදී ත්‍රිකුණාමල කඳවුරේ නාවික බුද්ධි අංශයට ලද ඔත්තුවක් මත කනගරත්නම් කොටු වන්නේය.
කනගරත්නම්ගෙන් ප්‍රශ්න කිරීමේදී කොළඹ මහා ව්‍යසනයක් සඳහා රැගෙන යාමට වූ මාළු ලොරියක් සේ සැකසූ බෝම්බ ලොරිය සොයා ගන්නට හැකිවිණි. කොළඹට ගෙන යාමට නියෝග ලැබෙන තුරු තබාගෙන සිටි මෙකී ලොරියේ වයිපර් මෝටරයේ ස්විචය ක්‍රියාත්මක කළ සැණින් පුපුරා යන්නට සූදානම් කර තිබිණි. අල්ලාගත් බෝම්බ ලොරිය කොයි මොහොතේ පුපුරා යයිද යන අවදානමක් තිබුණත් ජීවිත අවදානම නොතකා එය ත්‍රිකුණාමල කඳවුරේ වෙඩි භූමිය වෙත රැගෙන එන්නට නාවික බුද්ධි අංශයේ සෙබළ කුමාර ස්වේච්ඡාවෙන් ඉදිරිපත් විය. එදා වන්නි සටන අතරේ කොළඹ පළාතක් පුපුරුවා හරින්නට වූ කොටි සැලැස්ම ව්‍යර්ථ වන්නේ 2007 ජුනි 29දා බෝම්බ ලොරිය හා එය පුපුරුවා මරාගෙන මැරෙන්නට ආ ජීවරත්නම් අල්ලා ගැනීමත් සමගය.
ත්‍රිකුණාමල බෝම්බ ලොරිය නාවික හමුදාවට අසුවීම වන්නි සටනේ කොටින්ගේ එක් හැරවුම් ලක්ෂ්‍යයක් කණපිට පෙරළුණු සිදුවීමක් වූයෙන් මෙකී ලොරිය ගැන ඔත්තුව දුන් පුද්ගලයා මරන්නට ප්‍රංශයේ සිට විනයාකම් විසින් ඉන්බන් ගෲප් වෙත නියෝග දුන්නේය. මෙවර වෙඩි තබා ඝාතනය කරන්නට පිස්තෝලයක් සොයා ගන්නට නියෝග දී ප්‍රංශයේ සිට මොවුන්ට ලක්ෂ දහයක් එවා තිබුණි.
මෙකී ඉන්බන් කල්ලියට පිස්තෝල සපයන මුවාවෙන් ගොස් නාවික හමුදා බුද්ධි අංශය යළි රට තුළ ඝාතන රැල්ලක් කරන්නට සූදානම් වූ ඉන්බන් කල්ලිය කොටු කර ගත්තේය. මොවුනට ඩයස්‍පෝරාවෙන් නියෝග ලැබෙන්නේ මෙම කාලසීමාව තුළ හමුදා බුද්ධි අංශවල සිටින ප්‍රබල ඔත්තුකරුවන් ඝාතනය කිරීමය.
මෙකී කල්ලියෙන් ප්‍රශ්න කර ලබාගත් තොරතුරු මත මන්නාරමට මුහුදෙන් ඇතුළු වූ තවත් කොටි කණ්ඩායම් දෙකක් ත්‍රිකුණාමල නාවික බුද්ධි අංශය මගින් අල්ලා ගැනිණි.
ඒ වන විට ත්‍රිකුණාමල නාවික කඳවුරේ බුද්ධි නිලධාරි රණසිංහ ඇතුළු කණ්ඩායම් කොටින්ගේ ඊළාම් රාජ්‍යයේ අගනුවර ලෙස සැලකූ ත්‍රිකුණාමලය කේන්ද්‍ර කරගෙන කොටි ත්‍රස්තයන් ක්‍රියාත්මක කරන්නට ගිය ප්‍රහාර මාලාවක් අඩපණ කරන්නට සමත් විය. ත්‍රිකුණාමලයෙන් කොටින්ගේ ක්‍ලේමෝ බෝම්බ 140ක්,මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල හයක්, පිල්ලෙයාන් ඝාතනයට ගෙනැවිත් තිබූ සයිලන්සර් යෙදූ ගිනිඅවි ඇතුළු අවි ආයුධ රැසක් සොයාගෙන තිබිණි.
කොටි ත්‍රස්තයන්ට හිසදරයක් වූ මෙකී බුද්ධි අංශ කණ්ඩායමට එරෙහිව දැන් ඩයස්‍පෝරා මෙහෙයුමක් ඇරඹී තිබේ. රට වනසන්නට සැලසුම් කළ ප්‍රහාරවලට පැමිණි කොටින්ගේ ප්‍රබලම සටන්කරුවන් දේශපාලන සිරකරුවන් යන ‍ලේබලය අලවා සියලු ඝාතන, අපරාධවලින් මුදාහැරෙද්දී රට වෙනුවෙන් අනගි මෙහෙවරක් කළ යුද, නාවික බුද්ධි අංශයේ විරුවන් සිරගෙට යවන සැලසුම් දැන් ක්‍රියාත්මක වෙමින් ඇත්තේය. දෙමළ ඩයස්‍පෝරවේ බුද්ධි අංශ වට්ටන මෙකී මෙහෙයුමට රටට එරෙහිව ඩොලර්වලින් හඬ නගන රාජ්‍ය නොවන සංවිධානවල ප්‍රබල චරිත වූ සිංහලයන් සිටීමද කනගාටුවට කරුණකි.
කමාන්ඩර් සුමිත් රණසිංහ ඇතුළු නිලධාරීන්ට චෝදනා නැගෙන්නේ සිසුන් පිරිසක් පැහැරගත් වගටය. නමුත් පැහැරගත් වග කියන පස්දෙනාගෙන් ළාබාලම පුද්ගලයා වන රජීව් නාගනාදන්ගේ වයස 22කි.
එකී පිරිසේ වැඩිම වයස පුද්ගලයාගේ වයස 65කි. ත්‍රිකුණාමලයේ සිට කොළඹ කොටි මෙහෙයුම් දියත් කළ තෝනා අන්නා නමැති නායකයා යටතේ කේ‍රඩිට් කාඩ්වලින් මුදල් ඇද කොටි සංවිධානයට කොටසක් දී ඉතිරි කොටස බෙදාගන්නට මෙකී කොටහේනේ තරුණයන් ක්‍රියා කළ වගත් නාවික බුද්ධි අංශ අනාවරණය කරන්නේය. මෙම පිරිසේ සිටින රජීව් නාගනාදන්ගේ බාප්පා එල්.ටී.ටී.ඊ.යේ ජාත්‍යන්තර ජාලයේ සිටින කලින් කොළඹ ග්‍රෑන්ඩ්පාස්හි සිටි බාර් හිමිකරුවකු වගත් එවකට නාවික හමුදා බුද්ධි අංශ තහවුරු කොට තිබිණි. කොටින්ගේ කොළඹ මුදල් එක්රැස් කරන්නා ලෙස සිටි මොහුව කොටු කරන්නට යද්දී එංගලන්තයට පැන තිබුණේය.
මේ අයුරින් කොටි ජාත්‍යන්තර ජාලයේ වුවමනාව මත එල්ල වූ පීඩනයෙන් ත්‍රිකුණාමලයේ සිට සාර්ථක බුද්ධි මෙහෙයුම් 51ක් කර කොටි ප්‍රහාර 51ක් වළක්වන්නටත් කොළඹම පුපුරවන්නට ගෙනා බෝම්බ ලොරිය අල්ලන්නටත් ඔපරේෂන් බ්ලැක් ෆොක්ස් මෙහෙයුම හරහා අගනා බුද්ධි මෙහෙවරක් කළ කමාන්ඩර් සුමිත් රණසිංහ සිරගෙට යන්නේ බෝම්බ ලොරිය ගෙනා කොටි ත්‍රස්තයා හිරෙන් නිදහස්ව යන වටපිටාවකදීය.
රහස් ‍පොලිසියට මෙහිදී පැවරුණේ අතුරුදන්වීම්වලට අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමය. රහස් ‍පොලිසියේ විමර්ශන නිලධාරීන් තමන්ට ලද අභියෝගය ඒ අයුරින්ම ක්‍රියාත්මක කරමින් ඇරඹි විමර්ශනවලට අනුව මෙම අත්අඩංගුවට ගැනීම් කෙරෙන්නේය.
තිස්ස රවීන්ද්‍ර පෙරේරා
tissaravindra@gmail.com

ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
මේක සංසාරගත බැදීමක්.. වික්ටර්ගේ නව යොවුන් බිරිද මඩ ප‍්‍රචාර ගැන ප‍්‍රබුද්ධ විචාරයක..
..
වික්ටර් රත්නායකයන් නැවත විවාහ වූ පුවත කනින් කොනින් ආරංචි වූ නිසා මා ඔහුගේ දුරකථන අංකය කැරකවූවා. දුරකථනයට පිළිතුරු දුන්නේ වික්ටර් රත්නායකයන්ගේ යොවුන් ප්‍රිය බිරිය හෂිනි අමේන්ද්‍රා රත්නායක මහත්මියයි.

මා මීට ටික දිනකට පෙරාතුව ‘දෛව රේඛාව’ විශේෂාංගයෙන් ඔහු ගැන ලියන්නට ඔරුවල අතුරුගිරිය වික්ටර් රත්නායකයන්ගේ නිවසට යනවිට ඇයද නිවසේ සිටියා. අපහට තේ පිළියෙල කර දුන්නේ ද ඇයයි. ඒ සිදුවීම සිහිපත් කරමින් “ඔයා එදා අපි එද්දි හිටිය හෂිනි ද?“ මම දුරකථනයෙන් විමසා සිටියා.

“ඔව්. ඔව්. ඒ මම තමයි.”

“එදා මේ ගැන මුකුත් ම කීවෙ නැහැනේ.” මම විමසුවා. එතකොට ඇය මෙහෙම කීවා.

“අපි අතර ආදර සම්බන්ධය හුඟාක් කාලෙක පටන් තිබුණු දෙයක්. ළඟදි විවාහ වූ කතාව ඇත්තයි. විවාහය ඉක්මන් වුණේ වික්ටර් රත්නායකයන්ගේ දරුවන්ගේ බලපෑම් නිසයි.
මගේ ගම ගාල්ල කන්දෙවත්ත. මහජන බැංකුවේ නිලධාරිනියක් ලෙසට ඒ කාලේ කටයුතු කළේ. මම කලින් විවාහ වෙලා හිටියා. ටික කලකින් ඒ විවාහයෙන් දික්කසාද වෙන්න සිදුවුණා. රසිකාවියක් විදිහට තමයි මම මුලින් ම වික්ටර් රත්නායක සර්ව හඳුනාගත්තේ. කාලයක් තිස්සේ ක්‍රම ක්‍රමයෙන් අපේ හිත් ආදරයෙන් බැඳුණා.

මගේ මවුපියන් පවා මේ සම්බන්ධයට තදින්ම විරුද්ධ වෙලා හිටියා. ඒත් අ‍පේ සිත් නොසැලී තිබුණා. මම ඔහුට ආදරෙයි. ඔහුත් මට ආදරෙයි. අපි අතර ලොකු වයස් පරතරයක් තිබුණත් ඒක ආදරයට, විවාහයට බාධාවක් නැහැ. අපි අවබෝධයෙන්, ආදරයෙන් ඉන්නවා.

මුල් යුගයේ අපි පවුල් වශයෙන් එකතුයි. මට අක්කලා දෙන්නෙක් ඉන්නේ. වික්ටර්ගෙයි, මගෙයි සම්බන්ධය ඉව වැටුණාම, ගෙදර අය තදින්ම විරුද්ධ වුණා. අවුරුදු 6ක් විතර වෙනවා අපේ සම්බන්ධයට. මගේ අම්මා කියලා තියනවා මම පුංචි කාලේ ඉඳලා ම වික්ටර්ගේ ගීතවලට ආසයි කියලා. මට අවුරුදු 31ක්. වික්ටර්ට අවු: 75 යි. ඒත් වයස් පරතරයක් ගැන මට දැනෙන්නේවත් නැහැ. ඒ තරමට අපි බැඳීමෙන් ඉන්නේ.

මුලින් මගේ හිතේ ඇති වුණේ ඔහු ගැන භක්තියක්, ගෞරවයක්, මම අපරදිග සංගීතය හැදෑරුවා. දේශීය සංගීතයටත් ගොඩක් ප්‍රියයි. මම වික්ටර්ට ළංවුණේ නොදැනුවත්වම. ඒ ඇසුර ආදරයකට පෙරළුණා. කවුරුන් විරුද්ධ වුණත් අපි නොසැලී හිටියා. දැන් අපි විවාහවෙලා, අපේ සම්බන්ධයට විරුද්ධ අය වගේ ම මිතුරු සිතින් අවංකව ම සුබ පතලා ආශිර්වාද කරන අයත් ඉන්නවා.

මම කාලයක් තිස්සේ වික්ටර්ව ඇසුරු කළ නිසා ඔහු මොනතරම් සංවේදී හිතක් තියන කෙනෙක් ද කියා හොඳින් ම දන්නවා. සංසාරෙ යම් බැඳීමක් තියෙන්න ඇති ඒකනේ මේ වගේ බැඳුණේ.

වයස්…. පරතරය… ගැන ගැටලුවක් නැද්ද…?

ලංකාවෙ විතරක් නෙමෙයි පිටරටවලත් කලාකරුවෝ විතරක් නෙමෙයි හුඟාක් වයස් පරතරය වැඩි අය ආදරයෙන් බැඳිලා ඉන්නවා. අපි ජීවිතය හරි සතුටින් ගෙවන්නේ. එයා වගේ කෙනෙක් ලැබීම මගේ ජීවිතයේ භාග්‍යයක් සේ සලකනවා.

අනික වික්ටර්ගේ බිරිය නැතිවෙලා අවුරුදු 13කටත් වැඩියි. දරුවන්ගේ යුතුකම් ඉටුකරලානේ තියෙන්නේ. ඉතිං මම හිතන විදියට කාටවත් කිසිම ගැටලුවක් නැහැ.

හෂිනිට… වික්ටර් ගැන තියෙන්නේ ආදරයක් ද? ගෞරවයක් ද? භක්තියක් ද? නැත්නම් මේ හැම දේකම සම්මිශ්‍රනයක් ද?

ඔව් හැමදෙයකම සම්මිශ්‍රනයක් කීවොත් නිවැරැදියි. මම එයාට හොඳින් සලකනවා.

ඔයාගේ අනාගතය ගැන බලද්දි වික්ටර් සමඟ විවාහවීමේ තීන්දුව නිවැරැදියි කියා හිතනවද?

මගේ අනාගතයටත් වඩා මම හිතන්නේ එයාගේ සුව පහසුවයි. එයාට සලකන එක මට ලොකු සතුටක්. මම කැපවීමෙන්මයි ඒ දේවල් කරන්නේ. වික්ටර්, හැම තිස්සෙ ම පන්සල් ගියේ නැතිවුණාට ආගමික කටයුතුවලට ගොඩක් කැම­ැතියි. හදවතේ බෞද්ධ දර්ශනය පිහිටලා තියනවා එයාගේ. කවුරු මොනවා කීවත් අපි අවබෝධයෙන් සෙනෙහසින් ඉන්නේ.

මේ තරමට බාධා – ගැටුම් එන්නේ අසම්මත ප්‍රේමයක් වූ නිසාද?

ආදරයට, ගැටුම්, බාධා එමටයි. අපි දෙන්නට එක්වෙන්න නීතිමය බාධාවක් නැහැනේ. සිතුම් පැතුම්, අදහස් සමාන නම් දෙදෙනා අතර ගැටුමක් නැත්නම් ආදරය ජයගන්න පුළුවනි.
වික්ටර් නැවත විවාහ වෙන බවක් එදා ‘දෛව රේඛාව’ ලිපියෙදි කියවුණේ නැහැ. අඩුගාණේ මේ ගැන හඳහනේවත් සඳහන් වෙලා තිබුණද?

මට මතකයි මීට ටික කලකට පෙර ඉන්දියාවෙන් ආපු ජ්‍යොතිෂඥයෙක් හමුවන්න අපි බම්බලපිටියට ගියා. ඒ ගියෙත් මගේ ඉල්ලීමටමයි. ඔහු අපිට සියලු විස්තර සී.ඩී. පටියකින් කියලා දුන්නා.

ඒකේ කියවෙනවා වික්ටර්ගේ ජීවිතයේ හොඳම සුවබර, සැපවත් කාලය උදා වෙන්නේ ඔහුට අවුරුදු 70න් පසු කියලා. වික්ටර්ගේ හස්ත රේඛා පරීක්ෂා කළ දෛවඥයෙක් තමයි මේ අනාවැකිය පළකළේ. ඒක අද වන විට ඇත්ත වෙලා.

අපි කිසිම මාධ්‍යයකට කිසිම දෙයක් ප්‍රකාශ කළේ නැහැ. මේ දේවල් කතා කරන්න වික්ටර් කැම­ැතිත් නැහැ. මේක අපේ මනාපය. සමහර මාධ්‍ය මඩ ගැසීමේ අරමුණින් විවිධ දේ පළකරනවා. විවිධ දේ කියනවා.

ඒත් අපි සිළුමිණ – රසඳුන ගැන විශ්වාස කරන නිසයි මේ දේවල් වුණත් බය නැතිව කීවේ. නැත්නම් විවාහය කියන්නේ දෙන්නෙක් අවබෝධය තුළින් ගැනෙන පෞද්ගලික තීන්දුවක්.

ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
ආර්ථික කලමණාකරනය නොමැතිව සමස්ථ ආර්ථිකයම කඩා වැටිලා.. විශාලම හානිය ග්‍රාමීය ආර්ථිකයටයි..- බැසිල්

“අද වනවිට අපේ රටේ ගොවි ජනතාව ඉතා අසරණ තත්ත්වයකට පත්වෙලා. එදා අපේ රටට අවශ්‍ය බඩ ඉරුගු මෙට්‍රික් ටොන් එක් ලක්ෂ විසි දාහක් ආනයනය කලා. ඒ සඳහා රුපියල් මිලියන 4000 කට වැඩිය අපි කැනඩාවේ හෝ වෙනත් රටක ගොවියකුට ගෙව්වා, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආර්ථික වැඩපිළිවෙළ යටතේ අපේ රටේ බඩ ඉරිගු වගා කොට ඒ සියලු පිටරට ගොවියාට ගිය මුදල් අපේ ගොවි ජනතාවට ලබාදීමට වැඩපිළිවෙළක් අපි ක්‍රියාත්මක කලා එහි ප්‍රතිඵලයක් හැටියට අපිට බඩ ඉරිගු පිරටට මෙට්‍රික් ටොන් පනස් දාහක් පිට රටට යවන්නත් එදා පුලුවන් වුනා” යයි හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ ගොවි සංවිධානය 3 ක නියෝජිතයින් අමතමින් ප්‍රකාශ කරන ලදි.

අද මේ රජය ගොවි ජනතාව වෙනුවෙන් හෝ රටේ සමස්ථ ආර්ථිකය වෙනුවෙන් නිසි වැඩපිළිවෙළක් හෝ අවම වශයෙන් මේ වන තෙක් හරි සැලසුමක් සකස් කොට නැහ. අද සමස්ථ අපනයනය අපේ කාලයට වඩා වසරින් වසර අඩුවෙනවා. කුලු බඩු අපනයනය විශාල වශයෙන් කඩා වැටිලා තේ අපනයනයත් ඒසේමයි. සමස්ථ කෘෂිකාර්මික අපනයනයම පසුගිය වසරේ දිගින් දිගටම කඩා වැට් ඇති බැව් ඔහු වැඩි දුරටත් පැවසිය.

මෙහිදී හිටපු ආර්ථික සංවර්ධන ඇමතිවරයා විසින් මහා බැංකුව විසින් නිකුත් කල අලුත්ම වාර්තාවක් පෙන්වමින් පැවසුවේ මෙම වාර්තාව අනුව මේ වනවිට රටේ අපනයනය අඩුවී අනායනය ඉහළ ගොස් ඇති අතර මහින්ද යුගයේ රටට ආපු විදේශ ආයෝජන විශාල වශයෙන් මේ වනවිට අඩු වි ඇති බැව් පැවසිය. මේ නිසා රටේ බහුතර ජනතාව ඉදිරියේදී මීට වඩා දුෂ්කරතාවල මුහුණ දීමට සිදුවන බවත් සංචාරක අංශය පමණක් යම් අදායමේ වැඩි වීමක් පෙන්නුම් කරන අතර එය පසුගිය කාලයේ ලොව පුරා කරනු ලැබු සංචාරක ප්‍රවර්ධන වැඩපිළිවෙළ නිසා බව අද සංචාරක කර්මාන්ත නියලි සිටින සියල්ලම පිලිගෙන ඇති බවද සඳහන් කරන ලදි.

සමස්ථ අපනයනය පසුගිය වසරේ මුල් මාස 11 තුල සීයයට 2 දශම 8 කින් අඩු වී ඇත.ඒ අනුව කාර්මික අපනයනය 1.4 කින් ද, කෘෂිකාර්මික අපනයනය 7.4 කින් ද. ඛනිජ හා වෙනත් අපනයන 11.6 කින් ද අඩු වී ඇත.

ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Exclusive : එදා ලෝකයේ පලමුවැනියා වූ කොළඹ කොටස් වෙළෙඳපොළ අද කලාපයේ අන්තිමයා..- රොයිටර් ලෝකයටම කියයි..
.
ලෝකයේ වාර්තාගත ඉහළම වර්ධනය තිබු කොටස් වෙළෙඳපොළ ලෙස කොළඹ කොටස් වෙළෙඳපොළ පත් විය. ඒ බැව් 2010 වසරේ බ්ලුම්බර්ග් ආයතනය Bloomberg විසින් පෙන්වා දුනි.

එහෙත් අද වනවිට කොළඹ කොටස් වෙළෙඳපොළ ආසියා පැසිෆික් කලාපයේත් සියලු රටවල් වලට වඩා පහතට වැටි ඇති අතර කලාපයේ රටවල් අතර අඩුම වර්ධනය පෙන්නුම් කරන කොටස් වෙළෙඳපොළ බවට පත්වී ඇති බැව් ලෝක රොයිටර් සේවය වාර්තා කරයි.

මේ අනුව එදා මහින්ද රාජපක්ෂ යුගයේ ලෝකයේ පලමු තැනට පැමිණි කොළඹ කොටස් වෙළෙඳපොළ අද කලාපයේ ඉතා සිඝ්‍රයෙන් කඩාවැටීමෙන් තිබෙන තත්ත්වය පත්වීම හමුවේ විදේශීය ආයෝජන ඉවත් කර ගැනීමේ ප්‍රවණතාවය දිනෙන් දින ඉහළ යමින් පවත.

රටක කොටස් වෙළෙඳපොළ ආර්ථිකය මණින ඒකකයක් බැවින් මෙය ශ්‍රීලංකාවේ ආර්ථිකයට විශාල බලපෑමක් ඇති කරනු ඇත.

ඒ අනුව ඉදියේදි රටේ ආර්ථික තත්ත්වය දැන් තිබෙන තත්ත්වයටත් වඩා දැඩි අර්බුදයකට පත්විය හැකි බව දෙස් විදේශ් ආයෝජකයින් ගේ මතයයි.


ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
සැප්තැම්බර් 28 වෙනි දිනට නිළ කාලය අවසන් වන සබරගමු. උතුරුමැද. නැගෙනහිර පලාත් සභා වල මැතිවරණ පැවත්වීමට රජය සුදානම්ද?


වසර දෙකක් පුරා පළාත් පාලන ආයතන වල මැතිවරණය කල් තබන වත්මන් ආණ්ඩුව පළාත් සභා සදහාද එම ක්‍රියාමාර්ගය නොගෙන සිටිනු ඇතැයි නිශ්චය කළ නොහැක.එහෙත් ඉන්දියාව.ඇමරිකාව තුල ඇතුළු රටවල් ලංකාව පළාත් වල බලය රදවා ගැනීමට කටයුතු කරන ලෙසත් සන්ධිය ක්‍රමය ස්ථාපිත කරන ලෙසත් රජයට දැනුම් දී ඇති නිසා පළාත් සභාව කල් දමා මැතිවරණ වලට උදවු කිරීමට සිටින ඇමරිකාව හා ඉන්දියාව තරහ කර ගනීදැයි යන්න ගැටලුවකි.මෙහිදී පළාත් සභා මැතිවරණය පැවැත්වීම තුල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙන්ම එක්සත් ජාතික පක්ෂය.ජනතා විමුක්ති පෙරමුන ඇතුළු වත්මන් ආණ්ඩුව නියෝජනය කරන සියලු පක්ෂ වල සැබෑ තත්වය මැනවින පැහැදිලි කර ගත හැකි සේම දේශපාලන පෙරලියක් සදහා සුදානම් වන නව බලවේගයේ ප්‍රභලතත්වයද මැන ගත හැකිය.මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ නායකත්වය යටතේ නිර්මාණය වන නව සන්ධානයේ කදවුර පළාත් සභා මැතිවරණයට සුදානම් වී සිටින අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා එක්සත් ජාතික පක්ෂයේ කිසිවෙක් මැතිවරණය සදහා සුදානමක් දක්නට නැත්තේ පළාත් පාලන ආයතන වලට සිදුවූ පරිදිම පළාත් සභා ආණ්ඩුකාර වරයාගේ පාලනයට නතු කිරීමේ සැලැස්මක් රජය සතුව පවතින නිසා විය හැකිය.පළාත් සභාවක් නිළ කාලය අවසන් වූ පසු තවත් වසරක් සදහා දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා සතුව බලය පවතින අතර මැතිවරණ වලට බියවී සිටින සිරිසේන ජනාධිපතිවරයා ගන්නා තීරණය මත පළාත් සභා මැතිවරණය පැවැත්වීම පිලිබදව තීන්දු තීරණ ගනු ලබන අතර මැතිවරණය කල් දැමුවහොත් එහි වගකීමද සිරිසේන පිට පැටවෙනු ඇත..මැතිවරණ කල් දැමීම සිරිසේන ජනාධිපති වරයා තව තවත් ජනතාවගේ පරිභවයට පත් වන අතර එහි වාසිය එක්සත් ජාතික පක්ෂය විසින් ලබා ගනු ඇත.
ශ්‍රීලංක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154( ඉ) අනුව “පලාත් සභාවක් කලින් විසුරුවා හරිනු ලැබුවොත් මිස, එම පලාත් සභා පලමු රැස්වීම සඳහා නියම කරන ලද දින සිට අවුරුදු 5 ක් කාලයක් ඒ සභාව පවත්නේ ය, එකි පස් අවුරුදු කාලය ඉකුත් වී ගිය විට ම එම පලාත් සභාව විසිර ගියාක් සේ සැලකෙන්නේ ය”.යන කරුණට අනුව සිරිසේන විසින් අයුතු ලෙස බලය පාවිච්චි නොකළහොත් පළාත් සභා මැතිවරණය එළබෙන සැප්තැම්බර් මස පැවැත්විය යුතුය..

ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
මලික්ගේ ප‍්‍රකාශයෙන් මුදල් ඇමතිගේ අමු බේගලයක් හෙලිවෙයි..

ලෝ ප‍්‍රකට කොකා කෝලා සමාගම මෙරට තුල සිය නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමටත් එය කොකාකෝලා නිෂ්පාදන කේන්ද්‍රස්ථානයක් බවට පත් කරවීමටත් එහි ප‍්‍රධානීන් කැමැත්ත පල කලේ යයි මුදල් ඇමති රවි කරුණානායක මහතා පැවසුවත් ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාගේ ප‍්‍රකාශයකින් එය සම්පූර්ණයෙන්ම නිෂේධනය වෙයි.

ඇමති සමරවික‍්‍රම පවසන්නේ කොකා කෝලා කර්මාන්ත ශාලාවක් මෙරට ආරම්භ කිරීමට කිසිදු යෝජනාවක් සිදුකර නොමැති බවත් එවන් යෝජනාවක් කලහොත් පරිසර අධ්‍යයනයක් සිදුකර වාර්තාවක් කැඳවීම අනිවාර්යෙන්ම කරන බවයි.

ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
LTTE ගුවන් ධාවන පථ හයකින් හමුදාව ඉවත් වෙයි.. ආපසු බාර දෙයි..

කොළන්නාව තෙල් සංකීර්ණයට සහ කටුනායක ගුවන් කඳවුරට බෝම්බ දැමීමට කොටි සංවිධානය භාවිතා කළ ගුවන් ධාවන පථවලින්ද හමුදාව ඉවත් විය යුතු බව ද්‍රවිඩ සංධානය රජයෙන් ඉල්ලා ඇත. මෙය ද්‍රවිඩ සංවිධානයේ අලුත්ම ව්‍යාපෘතියයි. එම ව්‍යාපෘතියට අනුව වසර පහකට පෙර ආරම්භ කළ මුලතිව් ගුවන් කඳවුර ඉවත් කරන ලෙස රජයෙන් ඉල්ලා තිබේ. උතුරු මහ ඇමැති ප්‍රමුඛ පළාත් සභාවද ඉරනමඩු, මුලතිව් සහ ඉරනමඩු ගුවන් ධාවන පථයෙන්ද ගුවන් හමුදාව යා යුතු බව දන්වා තිබේ.

ඉරනමඩු ජලාශය අසල පිහිටි ඉරණමඩු ධාවන පථය කොටින්ට ප්‍රයෝජනවත් වූයේ පනරොට්‌ රොට්‌ ඇතුළු වෙනත් උපාංග ගෙන ඒම සඳහායි. මේ නිසා එහි ඇති වැදගත්කම තේරුම් ගත් ගුවන් හමුදාව ඉරනමඩු ධාවන පඨය මීටර් 1500 ක්‌ දිග හා මීටර් 25 ක්‌ පළල ලෙසද පුළුල් කළේය.

මේ නිසා ඉරනමඩු ගුවන් ධාවන පථයට සී. 130 හර්කියුලිස්‌ යානාවක්‌ පවා ගොඩබැස්‌සිය හැකිය. සටන්විරාම සමයේදී එවකට පැවැති රජය වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සතු මෙම ඉඩම්වලට ඔප්පු ලබාදීමට ක්‍රියා කළේ කොටි සැනසීම උදෙසායි. 2001 දී ද්‍රවිඩ සංධානය ස්‌ථාපිත කරන ලද්දේ කොටි සංවිධානයය.

ඉන්පසු කොටි සංවිධානය තෝරාගත් හමුදා කඳවුරු ඉවත් කරන ලෙස ඉල්ලමින් විරෝධතා ව්‍යාපෘතියක්‌ ආරම්භ කරනු ලැබීය. ද්‍රවිඩ සංධානය දැන් දියත් කරන්නේ එම ව්‍යාපෘතියේ දෙවැනි කොටසයි. එහෙත් 2002 සටන්විරාම ගිවිසුම යටතේ කොටි දියත් කළ මෙහෙයුම් ගැන නොදන්නා අඳබාල මාධ්‍ය වාර්තාකාරියන් ඉඩම් අයිතිය ඉල්ලා සටන් කරන ජනතාව වෙනුවෙන් මාධ්‍ය මිථ්‍යාමත පතුරුවන බව කියා සිටී. ප්‍රභාකරන් ත්‍රස්‌තවාදී යුද්ධය දියත් කරන සමයේදී සහ ඊනියා සටන්විරුට ගිවිසුමට මුවා වී සිදු වු කොටි ක්‍රියාකාරකම් ගැන නොදන්නා මෙවන් අඳබාල පාර්ශව අතීතය යටපත් කිරීමට උත්සාහ කිරීම හාස්‍යයට කරුණකි. මොවුන් මාධ්‍ය ක්‍ෂේත්‍රයට පැමිණීමට පෙර අඩු වශයෙන් අතීතය ආවර්ජනය කළ යුතුව ඇත. එදා කොටි සංවිධානය උතුරේ හමුදා කඳවුරුවලින් හමුදාව ඉවත් විය යුතු බවට දියත් කළ මෙහෙයුම ද්‍රවිඩ සංධානය එකහෙලාම අනුමත කළේය.

ඒ සඳහා කොටි දියත් කළ මෙහෙයුමට පොංගුතමිල් යෑයි නම් කර තිබුණි. මේ නිසා එදා පැවැති රජය දෛනික වාර්තා මාධ්‍යයට නිකුත් කිරීම නොකරන ලෙස හමුදාවට නියෝග කරනු ලැබීය. එහෙත් හමුදාව රහසිගතව මාධ්‍ය වෙත තොරතුරු අනාවරණය කළේය. කොටි සංවිධානය වන්නි පළාත තුළ ගුවන් ධාවන පථ ගණනක්‌ ඉදි කර තිබුණි. 2009 පෙබරවාරි මස මුල් සතියේදී 5811 හමුදා බලකාය කොටි ගුවන් ධාවන පථ ගණන් තම පාලනයට ගැනීමට ක්‍රියා කළේය. පිරමන්තකුලම් සුන්දර පුරම්, තිරුවිලාරු, නැමැති ස්‌ථානවලද ගුවන් ධාවන පථ ඉදිකිරීමට කටයුතු කෙරෙන අවස්‌ථාවේ සටන්විරාම කමිටුව නෝර්වේ රජය සහ ශ්‍රී ලංකා රජයද බලාසිටියේය.

ඉරණමඩු ගුවන් ධාවන පථයෙන් කුඩා සැහැල්ලු යානාවක්‌ ගුවන් ගත වන අයුරු දුටු ගුවන් හමුදාව ඒ ගැන සටන්විරාම කමිටුවට දැනුම් දුන් නමුත් ඒ ගැන වැඩිදුරටත් පියවරක්‌ ගැනුනේ නැත.

මේ පසුබිම මැද ද්‍රවිඩ සංධානය උතුරුකරය කොටි පාලන සමය යටතේ පැවැති තත්ත්වයට ගෙන ඒමට සැලසුම් කර ඇත.

පසුගියදා මුලතිව් ගුවන් හමුදා කඳවුර සතු ඉඩම් අක්‌කර 42 ක්‌ නිදහස්‌ කිරීමට රජය ක්‍රියා කළේය. ඒ සම්බන්ධව රජයේ මාධ්‍ය පැවසුවේ ද්‍රවිඩ ජනතාව සතුටු කඳුළු වගුරුවමින් එම ඉඩම්වලට පැමිණි බවයි.

එහෙත් 2003 දී ද්‍රවිඩ සංධානය දියත් කළ උපග්‍රමික ක්‍රමවේදය 2017 දී යළි ආරම්භ කර ඇත. එහෙත් සැබෑ යථාර්ථය රජයේ බලධාරීන්ට අවබෝධ වී නැත. අවි පුහුණුව ලැබු 12000 ක්‌ කොටි උතුරේ සිටි. පුනරුත්ථාපනය නොවු කොටිද උතුරේ සිටින බව හෙළි වී ඇත. උතුරේ සඟවා අති ආයුධ ගැන දන්නේ මේ කොටි පමණකි. ඊට හොඳම නිදසුන ද්‍රවිඩ සංධාන මන්ත්‍රී සුමන්තිරන් ඝාතනයව අත්අඩංගුවට ගත් කොටියා ළඟ තිබී සොයාගත් පුද්ගල නාශක බෝම්බයයි.

මේ අතර මුලතිව්හි ගුවන් හමුදාව සතුව තිබු ඉඩම්වලින් අක්‌කර 42 ක්‌ අවතැන් වූවකු යෑයි කියන පිරිසට බාරදීම පසුගියදා සිදුවිය.

එහෙත් මුලතිව්හි තවත් අක්‌කර 425 කින් හමුදාව ඉවත් විය යුතු බවට ඉල්ලා ඇත. එහෙත් ද්‍රවිඩ සංධානයේ මේ උපක්‍රමශීලී ප්‍රයෝජනවලට රජය ගොදුරු විය යුතුද? සංහිදියාවට මුවා වී ද්‍රවිඩ සංධානය කටයුතු කරන ආකාරය මේ ඉල්ලීම්වලින් සනාථ වේ.

කීර්ති වර්ණකුලසූරිය
දිවයින

ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
ඒකාබද්දයේ සියළු මන්ත‍්‍රීන්ට පාර්ලිමේන්තුව තහනම් කිරීමේ යෝජනාවක්…?

පාර්ලිමේන්තුයේ යෝජනාවක් සම්මත කිරීම මගින් පාර්ලිමේන්තු මන්ත‍්‍රි දිනේෂ් ගුණවර්ධන මහතාට පාර්ලිමේන්තුව සතියක කාලයකට තහනම් කිරීම අනුව යමින් ඒකාබද්ද විපක්‍ෂයේ සියළු මන්ත‍්‍රීට පාර්ලිමේන්තුව තහනම් කිරීමේ යෝජනාවක් සම්මත කිරීමේ අවදානම මතුව ඇති බවට ඒකාබද්ද විපක්‍ෂයේ පක්‍ෂ අතර සාකච්චා වෙමින් තිබේ.

ඉදිරියේදී ගෙන එන්නේ යයි කියන නව ව්‍යවස්ථාව, රාජ්‍ය දේපල විකිණීම ආදී කටයුතු පැවැත්වෙන දිනයන් ඉලක්ක කරමින් මෙවන් ක‍්‍රියාමාර්ගයක් ගැනීමේ ඉඩක් ඇතැයිද ඔවුන් සදහන් කරති.

මේ තත්වය මත ජනති වාරා්ධය දැක්විය හැකි විකල්ප ක‍්‍රියාමාර්ග සදහාද පූර්ව සූදානමක සිටිය යුතු බවද ඔවුන්ගේ අදහසයි.
ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
දේශපාලනය ගිණියම් කරන තීන්දුවක් ජනපති ගනී..

මේ දිනවල ඉන්දුනීසියානු නිල සංචාරයක නිරත වන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සංචාරය නිම වීමෙන් පසු දේශපාලන වශයෙන් වැදගත් තීරණාත්මක තීන්දු කිහිපයක් ගනු ඇිති බව රජයේ ආරංචි මාර්ග පවසයි.

ඇමැතිවරුන් කිහිප දෙනකුගේ විෂය පථයන්වල ද වෙනස්කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවද එම ආරංචි කියයි.

දැනට චෝදනා එල්ල වී සිටින ඇමැතිවරුන් කිහිප දෙනකුම ඉවත් කරන්නැයි ශ‍්‍රීලනිප ඇමැතිවරුන් අවස්ථා කිහිපයකදීම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබූ අතර ඒ අනුව ඉදිරි සති කිහිපය දේශපාලනයේ තීරණාත්මක කාලවකවානුවක් වීමට ඉඩ ඇතැයිද පැවැසේ.


ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
ආණ්ඩුව බුද්ධි අංශ විනාශ කරනවා.. රට පරණ තැනටම ගෙනයන්න හදනවා..- රතන ෂාදු

වත්මන් රජය විසින් හමුදා බුද්ධි අංශ නිලධාරීන් දිගින් දිගටම දඩයම් කිරීම රට අරාජික කිරීමේ කුමන්ත්‍රණයක්‌ යෑයි එක්‌සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා ජාතික මහා සභාවේ සභාපති අතුරලියේ රතන හිමියෝ පැවසූහ.

එහෙයින් මින් මතු යම් බුද්ධි අංශ නිලධාරියකු අත්අඩංගුවට ගන්නේ නම් ත්‍රිවිධ හමුදා සහ පොලිසියේ ඉහළ නිලධාරීන්ගෙන් සමන්විත පරීක්‍ෂණ කමිටුවක්‌ වෙත තොරතුරු ඉදිරිපත් කර එකී කමිටු වාර්තාව ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ඉදිරිපත් කර ඔවුන්ගේ අනුමැතියෙන් අනතුරුව බවත් උන්වහන්සේ සඳහන් කළහ.

බුද්ධි අංශ විනාශ කර රට පරණ තැනට ගෙන යමින් ඇති බවත් මෙය නිවැරැදි කළ නොහැකි බරපතළ වරදක්‌ මෙන්ම ජාතික අපරාධයක්‌ බවත් රතන හිමියෝ පැවසූහ.

මෙම භයානක තත්ත්වය පිළිබඳ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වහා අවධානය යොමු කර ජාතික ආරක්‍ෂාව ශක්‌තිමත් කළ යුතු බවත් පැවසූ උන්වහන්සේ බුද්ධි අංශ නිලධාරීන් දඩයම පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න සහ ඔවුන්ගේ අවශ්‍යතාව කුමක්‌ද යන්න ඉදිරියේදී නම් ගම් සහිතව හෙළි කරන බවට අවධාරණය කළහ.

අතුරලියේ රතන හිමියන් ඊයේ එම අදහස්‌ පළ කළේ ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛන සේවා මණ්‌ඩල ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවකදීය.

– දිවයින


ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
ඔබාමාත් මහින්ද වගේ වෙයි.. ට‍්‍රම්ප්ටට එරෙහිව යලි දේශපාලනයට..
..
හිටපු ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා නැවත වතාවක් දේශපාලනය පැමිනීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය ගණනාවක් වාර්තා කරයි.

වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ක්‍රියාකලාපයට එරෙවිව ඔබාමා මෙසේ නැවත දේශපාලනයට පිවිස ඇත. ඔබාමාගේ මතය වී ඇත්තේ නව ජනාධිපති ට‍්‍රම්ප් විසින් සිදු කරමින් සිටින වැටකටයුතු ඇමරිකානු ජාතියේ පැවැත්මට ඉතා අහිතකර වන බවයි.

හිටපු ජනපතිගේ මූලික අරමුණ වී ඇත්තේ ජනපති ට්‍රම්ප් ඉල්ලා අස්වීමට සැලැස්වීම හෝ දෝශාභියෝගයක් හරහා ධුරයෙන් ඉවත් කිරීම බවද වාර්තාවන්හි සදහන්ය.

හිටපු ඇමරිකානු ජනපතිවරයා දැනටමත් සියලු විපක්‍ෂ බලවේගයන් සමඟ සාකච්චා කර ඇති අතර එම බලවේගවලට ඔහු විසින් නායකත්වය ලබා දෙනු ඇතැයිද සදහන්ය.

වර්මානයේ ශ‍්‍රී ලංකාවේද සිදුව ඇත්තේ මේ ආකරයේම සිදුවීමක් වන අතර වත්මන් ජනාධිපතිවරයාගේ පාලනයට විරුද්දව හිටපු ජනාධිපතිවරයා බලමළු රැස්කරමින් සිටී.



ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
වික්ටර් රත්නායක තව දීගෙක ගිහින්.. තාත්ත-පුතා නෑකම් ඉවරයි..- පුත් ලෙලූම් සියල්ල හෙලි කරයි..

මහා සංගීතවේදී ආචාර්ය වික්ටර් රත්නායක මහතාගේ පුත් ලෙලුම් රත්නායකගේ ෆේස්බුක් ගිණුමට එක්කර තිබූ සටහනක් නිසා මේවනවිට බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී තිබෙ.

ඔහුගේ ගිණුමේ සටහන් කර ඇත්තේ “My Father Passed Away On 1ST of March 2017″ (මගේ තාත්තා මාර්තු පළමුවැනිදා මියගිය) බවයි

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් වික්ටර් රත්නායකගේ පුතුණුවන් වන ලෙලුම් රත්නායක මහතාගෙන් විමසීමක් සිදුකළා.

එම අවස්ථාවේදී ඔහු කියා සිටියේ එම ෆේස්බුක් සටහන වැරදීමකින් නොදැමූ දෙයක් බවත්, එය තමන් විසින් පළ කළ දෙයක් බවත්ය.

එයට හේතුව පෞද්ගලක හේතුවක් බව ඔහු සඳහන් කළේය.

අප වැඩිදුරටත් විමසා සිටියදී ඔහු කියා සිටියේ තමාගේ පියාණන් වන වික්ටර් රත්නායක වෙනුවෙන් සිය සහෝදරයා සහ තමන් විශාල කැපකිරීම් රාශියක් කළ ඇති බවත්, නමුත් එයින් කිසිදු පළක් නොවු බවත්ය.

පසුගිය දිනක තමගේ මව සිහිකැඳවීම සඳහා දානමය පිංකමට පවා වික්ටර් රත්නායකයන් නොපැමිණි බවයි.

එයට හේතුව වී ඇත්තේ තමාගේ පියාව වෙනත් කාන්තාවක විසින් මුලාවට පත්කර ගනිමින් සිටින බවත්, එම කාන්තාවට අවශ්‍ය විදියට වික්ටර් රත්නායකයන් හැසිරෙන් බවත්ය.

මෙම ගැටලුව මීට අවුරුදු කිහිපයකට පෙර සිටම පැණනගිමින් තිබෙන බවත්, එය තමන් සහ තමන්ගේ සහෝදරයා ඉවසාගෙන සිටි බවත්, ඔහු කියා සිටියේය.

කෙසේ වෙතත් සමාජයේ මිනිසුන් දකින වික්ටර් රත්නායකයන් සෑබෑ ජීවිතයේදී නොමැති බවත්, ඔහු දරුවන් කියන දේට පවා ඇහුම්කන් නොදෙන බවත් පැවසුවේය.

තමන් සහ තම සහෝදරයා වික්ටර් රත්නායකයන්ගේ ශ්‍රී නාමය රැක ගැනීමට කැප කිරීම් රාශීයක් සිදු කළද? තමන්ගේ පියා දරුවන් ගැන නොසිතා වැඩ කටයුතු කරන බවත් සඳහන් කළේය.

කෙසේ වෙතත් පසුගිය දා සිදුවූ සිදුවීමකදී තම පියාණන් තමාට දුරකථනයෙන් අමතා “ තාත්තා පුතාකම් ඉවරයි… මගේ මරණයටවත් ඉන්න එපා“ යනුවෙන් කියූ බවද ඔහු වැඩිදුරටත් සඳහන් ක‍ළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඔහු විශාල අනාවරණ රාශියක් කළද… අප කළ යුත්තේ රටක් දන්නා පුද්ගලයෙකුගේ ප්‍රශ්න තවත් ඇති කරනවාට වඩා එය තවදුරටත් නිරවුල් වීමට ඉඩ හැරීමේ තත්ත්වයට ඉඩ හැරීම පමණි. එම නිසා අප දන්නා තවත් කරුණු මෙහි පළ නොකර සිටින්නෙමු.

ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
1895/19 ගැසට් පත‍්‍රය නිවැරැදි මෙන්ම නිත්‍යානුකූලයි – ශ්‍රී ලංකා මහ බැංකුව… ඒ ගැසට් එක වංචාවක් නීති විරෝධීයි, මුදල් අමාත්‍යාංශය

2017 මාර්තු මස 02 වැනි දින භාණ්ඩාගාර බැදුම්කර සම්බන්ධව නිකුත් කල 1895/19 දරණ අති විශේෂ ගැසට් පත‍්‍රය සම්බන්ධව පැහැදිලි කිරීමක් මහා බැංකුව විසින් ප්‍රකාශයට පත්කොට ඇත.

එම පැහැදිලි කිරීමට අනුව 01/01/2015 දින ප්‍රකාශයට පත් කල 1895/19 දරණ ගැසට් පත්‍රය නිත්‍යානුකූල මෙන්ම නිවැරැදි බව එමගින් ජනතාව වෙත පැහැදිලි කොට ඇත. (සම්පූර්ණ නිවේදනට පහත පලවේ)

මහා බැංකුවේ පැහැදිලි කිරීම අනුව 2015 වසරේ ජනවාරි 1 දින එවකට මුදල් හා සැලසුම් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මහින්ද රාජපක්ෂ මහතා විසින් නිකුත් කරන ලද අංක 1895/19 දරණ අති විශේෂ ගැසට් පත‍්‍රය නිවැරැදි මෙන්ම නිත්‍යානුකූල නම් මෙම ගැසට් පත්‍රය සම්බන්ධව මුදල් අමාත්‍යාංශ නිකුත් කල නිවේදනය බොරුවක් බව මෙමගින් පැහැදිලි වේ.

ඒ අනුව මේ වනවිට ආණ්ඩුවේ මුදල් අමාත්‍යාංශයත් මහා බැංකුවත් එකිනෙකාට චෝදනා කරමින් ජනතාව නොමග යවමින් බොරු කියන යුගයක ශ්‍රීලංකාවේ ආර්ථික සම්බන්ධව වගකීම කිනම් පාර්ශවය වෙත පැවරිය යුතුද යන්න ව්‍යාපාර ක්ෂේත්‍රයේ මෙන්ම සමාන්‍ය ජනතාවට පෙහෙලිකාවකි.

2017 මාේතු මස 02 වැනි දින භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ ගැසට් නිවේදනය සම්බන්ධවයන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරනු ලබන පැහැදිලි කිරීම. සම්පූර්ණයෙන්ම පහත පලවේ.

2017 පෙබරවාරි 26 වෙනි ඉරිදා මුදල් අමාත්‍යාංශයෙන් නිල නිවේදනය, ( සම්පුර්ණයෙන්ම)

1. රාජ්‍ය ණය ලේඛකාධීකාරීවරයා විසින් පුවත්පත්වල දැන්වීම් ප‍්‍රසිද්ධ කිරීමෙන් පසු, 2015 වසර තුළ තෝරාගන්නා විවිධ කාල වකවානු තුළ දී, විවිධ පොලී අනුපාත යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුතු 31ක් සිදු කර ණය ලබාගැනීම සඳහා, ලියාපදිංචි කොටස් හා සුරැකුම්පත් ආඥාපනතේ, වගන්ති 4 යටතේ ලබාදුන් අවසර මෙම ගැසට්පත‍්‍රයේ අඩංගු වේ.

2. මෙම ගැසට්පත‍්‍රයේ ගිවිසන ලද සුරැකුම් අතර, 2011 වසරේ සිට, විවිධ පොළී අනුපාත යටතේ නිකුත් කරන ලද විශාල බැඳුම්කර ප‍්‍රමාණයක් හා නව බැඳුම්කර ප‍්‍රමාණයක් ද ඇතුලත්කර ඇත. පසුගිය කල්පිරීමේ කාලයන් සහිතව නිකුත් කරන ලද බැඳුම්කර 2015 වසරේ නැවත වරක් නිකුත් කරන්නේ කෙසේදැයි යන්න මෙහි පැහැදිලි කර නොමැත. පසුගිය බැඳුම්කර නිකුතු ද මෙම ගැසට් පත‍්‍රය මගින් නීත්‍යානුකූල කර ඇති බවක් පෙන්නුම් කෙරේ.

3. මෙම ගැසට් නිවේදනයට අනුව, වර්ෂ 2014 අංක 41 දරණ විසර්ජන පනතින් බලයලත් පරිදි, රුපියල් බිලියන එක්දාස් හත්සිය අසූවක උපරිම සීමාවට යටත්ව ණය මුදල් ප‍්‍රමාණයක් රැස්කිරීමට බලාපොරොත්තු විය.

4. ලියාපදිංචි කොටස් හා සුරැකුම් ආඥාපනතේ, වගන්ති 4 ට අනුකූලවූ බවට ඒත්තු ගැන්වෙන පරිදි රහසිගත උත්සායක යෙදෙමින් මෙම බැඳුම්කර නිකුතු වැරදි ලෙස කළමනාකරණය කර ඇති අතර ඒවා වර්ෂය පුරා නිකුත් කර අවසන් කිරීමෙන් පසු, එම වසරේ ජනවාරි 1 දින ලෙස පසු දාතමක් යොදා ඊට පසු වර්ෂයේ අදාළ ගැසට් පත‍්‍රය නිකුත් කිරීම මහ බැංකුව විසින් අනුගමනය කර ඇති ක‍්‍රමවේද බව පෙනී යයි.

5. මෙම ගැසට් නිවේදන නිකුත් කිරීමේ දී, ඒ සඳහා අනුගමනය කළ යුතු පිළිගත් ක‍්‍රියාපටිපාටීන් පිළිපැද නොමැත. යම් අමාත්‍යවරයෙකු ගැසට් නිවේදනයක් නිකුත් කිරීමේ දී, ඊට අදාළ ආයතනය තම රේඛීය අමාත්‍යාංශයේ ලේකම්වරයාට එහි දළ පිටපතක් යැවිය යුතුය. ඉන්පසු එම අමාත්‍යාංශ ලේකම්වරයා තම අමාත්‍යාංශයේ අදාළ නිලධාරීන්ගෙන් නෛතික හා තාක්ෂණික අනුමැතිය ලබාගැනීමෙන් පසු එය විෂය භාර අමාත්‍යවරයාගේ අත්සන් ලබා ගැනීම සඳහා යොමුකරනු ලැබේ. එසේ අදාළ අමාත්‍යවරයා තම අත්සන යෙදවූ පසු එම ගැසට් පත‍්‍රය මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාලයාධිපති වෙත යවනු ලැබේ. පසුගිය වකවානුව තුළ මෙකී ගැසට් පත්‍රය නිකුත් කිරීමේ දී මහ බැංකුව මෙම ක‍්‍රියා පටිපාටිය අනුගමනය කර නැත. ඒ වෙනුවට රාජ්‍ය ණය අධිකාරීවරයා විසින් සිදුකර ඇත්තේ මහ බැංකුවේ නීතිඥයන්ගෙන් පමණක් අනුමැතිය ලබා ගැනීමෙන් පසු එම ගැසට් පත‍්‍රය මුද්‍රණය සදහා සෘජුවම රජයේ මුද්‍රණාලය වෙත යැවීම යි.

6. ඉහත කී ආකාරයෙන්ම 2016 ජනවාරි මස 1 දාතම යොදා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ නමින් එම වසර සඳහා ද අදාළ ගැසට් පත‍්‍රය 2017 දී මේ වන විට යවා ඇති බවට තොරතුරු ලැබී ඇත. ඒ අනුව එම ගැසට් පත්‍රය නිකුත් කිරීම අත්හිටුවා ඇත.

7. මේ ආකාරයට, සියලූ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත්කර ඇත්තේ ලියාපදිංචි කොටස් හා සුරැම්පත් ආඥාපනතේ අඩංගු ප‍්‍රතිපාදන උල්ලංඝනය කරමිනි. මහ බැංකුවේ විශේෂඥයින් සහ වෘත්තිකයන් යැයි කියා ගන්නා නිලධාරීන් පිරිසක් විසින් මහින්ද රාජපක්ෂ මහතාට හා අජිත් නිවාඞ් කබ්රාල් මහතා ට පහසුකම් සැලැසීම සඳහා දැනට ප‍්‍රශ්නයකට තුඩු දී ඇති පෞද්ගලික බැඳුම්කර නිකුතු හරහා රාජ්‍ය ණය අවකළමනාකරණය කර ඇත්තේ මෙලෙසිනි. රාජ්‍ය ණය ලේඛකාධිකාරීවරයා විසින් වෙන්දේසිවල දී නිකුත් කරනු ලැබු බවට නිවේදනය කරමින් සියලුම පෞද්ගලික නිකුතු නීත්‍යානුකූල භාවයට පත් කිරීමට පෙර කී ගැසට් නිවේදන යොදාගෙන ඇත.

8. පරීක්ෂණ නිමවීමෙන් පසු සම්පූර්ණ වාර්තාවක් මාධ්‍ය වෙත නිකුත් කෙරෙන අතර මෙම වරද නිදොස් කිරීමට වහා පියවර ගැනේ. ඊට අමතරව මීට වගකිවයුතු නිලධාරීන්ට විරුද්ධව ලියාපදිංචි කොටස් හා සුරුකුම් ආඥාපනත යටතේ නීත්‍යානුකූල පියවර ගනු ලැබේ.


යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
රුපියල කඩා වැටීමෙන් විදේශිය ආයෝජන වහා රටින් පිටවේ.. ඇමරිකානු ටෙම්පල්ටන් අරමුදල ඩොලර් බිලියන 2ක් රැගෙන යයි..
.
ලෝකයේ ප්‍රධානතම මූල්‍ය කලමණාකරණ ආයතනයක් වන ඇමරිකාවේ ටෙම්පල්ටන් Templeton Investments ආයතනය ශ්‍රී ලංකාවේ තම ආයෝජනය ඉවත් කර ගැනීමට තීරණය කොට ඇත. මෙම මූල්‍ය ආයතනය ශ්‍රීලංකාවේ භාණ්ඩාගාර බැදුම්කර සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 2 ක් පසුගිය රජය සමයේ ආයෝජන කොට තිබුණි.

මහින්ද රාජපක්ෂ යුගයේ ශ්‍රීලංකාවේ ආයෝජනයට පැමිණි මෙම සමාගම 1947 ඇමරිකාවේ නිව්යෝර්ක්හි ආරම්භ කරන ලදි. ලෝකයේ විශාලතම වත්කම් කලමණාකරන සමාගමක් වන ෆ්ර්න්ක්ලින් ටෙම්පල්ටන් ඉන්වෙට්මන්ට් Franklin Templeton Investments එහි මව් සමාගම වන අතර එම අරමුදලේ වත්කම් ඇමරිකානු ඩොලර් බිලියන 850 ඉක්මවයි. එනම ශ්‍රීලංකාවේ වාර්ෂික දල දේශිය නිෂ්පාදනය මෙන් දස ගුණයකි. එමෙන්ම වාර්ෂික ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 8 කට වඩා වැඩිය.

පසුගිය වසරේ 2016 දි එම සමාගම ශ්‍රී ලංකාවේ කල ආයෝජනවලින් 50% එනම් ඇමරිකානු ඩොලර් බිලියනයක් ඉවත් කරගත් අතර ඉතිරි බිලියනයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 475 ක් මේ වසරේ පලමු දෙමස තුල ඉවත් කරගෙන ඇත. ඉතිරි මුදල වන ඇමරිකානු ඩොලර් 525 ද මෙම වසර අවසන් වීමට පෙර ඉවත් කර ගැනිමට අදාළ ඇමරිකානු සමාගම කටයුතු කරමින් සිටි.

ශ්‍රීලංකාවන් ඉහත ආයෝජන ඉවත් කර ගැනීම සම්බන්ධ මුදල් අමාත්‍ය රවි කරුණානයක මහතා ඇමරිකානු ඩොලරයේ අගය ඇමරිකාවේ සත 0.25% අවප්‍රමාණය වී ඇති නිසා මෙසේ ඇමරිකානු සමාගම ශ්‍රීලංකාවේ ආයෝජනය කල මුදල් රැගෙන යන බව පවසයි.

එහෙත් ආර්ථික විශේෂඥන්ගේ මතය නම් ඇමරිකානු සමාගමේ ආයෝජනය සඳහා, මහින්ද රාජපක්ෂ යුගයේ දි වසර 9 ට රුපියල ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වූයේ රුපියල් 25 කි එනම් වසරකට 3% පමණි. එහෙත් මෙම රජයේ වසර දෙකකට රුපියල් 25 ක් අවප්‍රමාණය වී ඇත, එය 12% පමණ ප්‍රතිශතයකි. (එදා ඩොලර්ය රුපියල් 131යි අද රුපියල් 155 කට ආසන්නයි)

එනම් ඔහුන්ගේ ශ්‍රීලංකාවේ ආයෝජනක් සඳහා භාණ්ඩාගාර බැදුම්කර වෙනුවෙන් ලැබුන වාර්ෂික පොලිය 8% සිට 10% දක්වායි. එහෙත් රුපියල අවප්‍රමාණය වීම ඊට වඩා වැඩි හෝ ඒ සමානය, ඒ අනුව තමන් අයෝජන කල ඩොලර් ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් එම ආයෝජකයින්ට අවසානයේ දී ලැබීම මෙයට ප්‍රධාන හේතුව බවයි.

ශ්‍රීලංකාවේ රුපියල කඩා වැටීම හමුවේ ඉදිරියේදී කිසිම විදේශීය ආයෝජනයක් මෙරටට නොඑන අතර දැනට ශ්‍රීලංකාවේ භාණ්ඩාගාර බැදුම්කර සඳහා ආයෝජනය කර ඇති සෑම ඩොලර්යක්ම ශ්‍රීලංකාවෙන් රැගෙන යෑමට ආයෝජකයින් උත්සහ ගනු ඇත. මේ අනුව කිසිම වත්කම් ආයෝජකයෙක් (Fund Management Agency) රටේ රුපියලේ අගය ස්ථාවර වන තෙක් ශ්‍රීලංකාව දෙස නොබැලීම මීට හේතුව බැව් ආර්ථික විශේෂඥයන් වැඩිදුරටත් පැවසිය.



යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
ත්‍රස්තවාදින් 15,000 කගේ හමුදාවක්… රටම අනතුරේ ..පැය 24න් කොටි නැගිටින හැටි…සිංහලෙන්ම දැන ගන්න(Audio)


පැය 48 ක් යනකොට,ඔවුන්ට හොදට ආයුධ සන්නද්ධ,හොදට පුහුණු වෙච්ච ,අත්දැකීම් බහුල ත්‍රස්තවාදින් 15,000 ක ගේ හමුදාවක් ඉතාම කෙටි කාලයකදී ගොඩ නගන්න පුළුවන් තත්වයක් අද රට තුළ යහපාලන ආණ්ඩුව නිර්මාණය කර තිබේන බව රියර් අද්මිරාල්(විශ්‍රාමික) ආචාර්‍ය සරත් විරසේකර අනාවරණය කළා.
“අපි දන්නවා ඕනම රටක ජාතික ආරක්ෂාවේ කොදු නාරටිය තමා බුද්ධි අංශය.නමුත් අපේ රජය කාලයේ අපි ඉස්සල්ලාම කලේ බුද්ධි අංශ ශක්තිමත් කරපු එක .මොකද බුද්ධි අංශ ශක්තිමත් නම් ,ත්‍රස්තවාදය හිස ඔසවනවා නම් , අන්න ඒ ගැන අපිට දැන ගන්න පුළුවන් නිසා.මොකද කියනවා නම් අපි ඇත්තටම අවසන් කලේ ,ත්‍රස්තවාදි කොටියාගේ වල්ගය පමණයි . ඒ දේශිය වශයෙන්. නමුත් ,ත්‍රස්තවාදි කොටියාගේ ඔළුව තියෙන්නේ කැනඩාවේ.ඌගේ අත් දෙක තියෙන්නේ , එංගලන්තය ,ඇමරිකාවේ.පස්ස ඝාතය තියෙන්නේ ඉන්දියාවේ.මයිල් තියනවා බටහිර හැම තැනම.ඒ කියන්නේ කොටි ත්‍රස්තවාදය තවම ජීවමානයි.ඒකට තමා දෙමළ ඊළාම හදාගෙන තියෙන්නේ.දැනට මේකට අගමැතිවරයෙක් පත් කරලා තියෙනවා . කැබිනට් ඇමතිවරු 25 ක් ඉන්නවා.ඇමතිවරු 125 ක් ඉන්නවා.මේ ආකාරයෙන් ඉතාම හොදින් ස්ථාපිත වෙලා ඉන්නේ.එයාලා ඉන්නේ කවදාහරි මේ ඊළම ඇති කර ගන්න .ඒක නිසා තමයි අපේ රජය කාලේ බුද්ධි අංශය අපි ශක්තිමත් කලේ.බුද්ධි අංශය ශක්තිමත් කල නිසාම තමා 2009 ඉදලා 2014 වෙනකම් තුන් පාරක් LTTE නැවත හිස ඔසවන්න දරපු වෑයම අපිට ව්‍යාර්ත කරන්න පුළුවන් වුණේ.
ඒවගේම තමා ත්‍රස්තවාදයට සහයෝගය දැක්වූ ගෝලිය ද්‍රවිඩ සන්ධානය,ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුව අපි තහනම් කලා .ත්‍රස්තාවදයට සහය දැක්වූ අය අප තහනම් කළා.ඒවගේම Tamil Net කියන වෙබ් අඩවිය.මේ වෙබ් අඩවිය කලේ,දෙමළ තරුණ තරුණියන්ගේ සිත් සතන් කෲර ලෙස දුෂණය කිරීම.සිංහල ජාතිය කියන්නේ කෲර ජාතියක් කියලා මේකේ තිබුණා . සිංහලයා කියන්නේ දෙමළ ජනතාවගේ හතුරෙක් කිව්වා.මේක අපි තහනම් කළා.
ඒවගේම තමා අපි උතුර සංවර්ධනය කළා .උතුරු වසන්තය ඇරඹූවා.කොයි තරම් සංවර්ධනය කළාද කියනවා නම්,යාපනයේ සංවර්ධන වේගය 22 % නම්,රටේ සංවර්ධනය 07 % යි.ඉතාම හොදින් ඒක කළා.දෙමළ ජනතාවට බොහෝම සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් අපි ගොඩ නැගුවා.

මම දන්නවා දෙමළ ජනතාව යුද්ධ කාලයේදී කොහොමද ජීවත් වුණේ කියලා.අපි ජනතාවට ඒ නිදහස ලබා දුන්නා.අපි ත්‍රස්තාවදය පරාජය කරලා නැති වෙච්ච නිදහස ඇති කළා .අපි එහෙම රට ගොඩ නගනකොට තමා මේ ආණ්ඩුව බලයට පත් වුණේ.දැන් මේ ආණ්ඩුව මොකද කරන්නේ ,ඉතා දුෂ්ඨ ලෙස ,දේශද්‍රෝහි ලෙස බුද්ධි අංශ අකර්මන්‍ය කළා.බුද්ධි නිළධාරින්ට අභූත චෝදනා කළා .දෙමළ ඩයස්පෝරාවට දීපු පොරොන්දු අනුව මේ ආණ්ඩුව බුද්ධි අංශ අඩාළ කළා.
අපි LTTE සාමාජිකයන් 11,600 ක පමණ පිරිසක් අපි පුනරුත්තාපනය කළා.හැබැයි හමුදාවට භාර නොවුණ තවත් 4000 ක විතර පිරිසක් ඉන්නවා.අද යාපනයේ බුද්ධි අංශ ක්‍රියාත්මක වෙන්නේ නෑ.අපි ගෝලිය දෙමළ සංසදය තහනම් කළා.හැබැයි මේ දුෂ්ඨ බෙදුම්වාදින් අද මොකද කරන්නේ යාපනයට ගිහින්,මේ15,000 ක LTTE සාමාජිකයන්ගේ දත්ත ගබඩා කරනවා.ඒ අයගේ දුරකථන අංක,රැකියාව ,එයාලා කොහේද ඉන්නේ ? එයාලාගේ නෑදෑයින් සියළුම දත්ත රැස් කරනවා.මේ අයගේ ආයුධ රැසක් භූගත කරලා තියෙනවා.එතකොට අද තියන තත්වය තමා පැය 48 ක් යනකොට,ඔවුන්ට හොදට ආයුධ සන්නද්ධ ,හොදට පුහුණු වෙච්ච,අත්දැකීම් බහුල ත්‍රස්තවාදින් 15,000 ක ගේ හමුදාවක් ඉතාම කෙටි කාලයකදී ගොඩ නගන්න පුළුවන් තත්වයක් තමා අද රට තුළ තියෙන්නේ.
රියර් අද්මිරාල්(විශ්‍රාමික) ආචාර්‍ය සරත් විරසේකර මාධ්‍ය හමුවේ කල අනාවරණය


යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
කන්තලේ සීනි ෆැක්ටරිය යකඩ බරට විකුණා දමයි.. ටෙන්ඩර් නැතිවම ප‍්‍රබල කාන්තාවක් ගනී..

ටෙන්ඩර් කැදවීමතින්ද තොරව කන්තලේ සීනි කර්මාන්ත ශාලාව යකඩ බරට විකුණා දැමීමට තීරණය කර ඇති බව වාර්තා පල වෙයි.

මේ වන විටත් මෙම ගණුදෙනුව ප‍්‍රබල කාන්තාවකට කුණු කොල්ලයට ලබා දී ඇති බවත් ධාවන තත්වයේ පවතින ලොරි ජීප් ටිපර් බැකෝ ට‍්‍රැක්ටර් බවුසර් ආදී වාහන රැුසක්ද එහි වන බව සදහන්ය.

ඉහල වටිනාකමකින් යුත් ලේත් මැෂින් හා පාවිච්චියට ගත හැකි මට්ටමේ ඇති යන්ත්‍රෝපකරණ රැුසක්ද ඇතුළුව මෙම කර්මාන්ත ශාලව යකඩ බරට විකුණා දැමීමට යන්නේ යයිද වාර්තාවන්හි දැක්වෙයි.
සීනි ෆැක්ටරියේ 90% එවුන් චන්දේ දුන්නේ ජහපාලනයට කියමුකෝ!

දැන් ඉතින් හූල්ල හූල්ල හිටපල්ලා !

මේ වන විටත් මෙම ගණුදෙනුව ප‍්‍රබල කාන්තාවකට කුණු කොල්ලයට ලබා දී ඇති බවත් ධාවන තත්වයේ පවතින ලොරි ජීප් ටිපර් බැකෝ ට‍්‍රැක්ටර් බවුසර් ආදී වාහන රැුසක්ද එහි වන බව සදහන්ය.

ඉහල වටිනාකමකින් යුත් ලේත් මැෂින් හා පාවිච්චියට ගත හැකි මට්ටමේ ඇති යන්ත්‍රෝපකරණ රැුසක්ද ඇතුළුව මෙම කර්මාන්ත ශාලව යකඩ බරට විකුණා දැමීමට යන්නේ යයිද වාර්තාවන්හි දැක්වෙයි.


යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
කාර් හීනය දිය වී යයි.. ජනවාරියේ කාර් විකිණිල්ල 3101යි…

2017 ජනවාරි මාසයේ දී මෙරට ලියාපදිංචි කර ඇති මෝටර් කාර් ප්‍රමාණය 3,101 ක් බවත් එය 2016 දෙසැම්බර් මාසයේ දී ලියාපදිංචි කරන ලද මුළු කාර් ප්‍රමාණය වන 3,487 හා සැසඳීමේ දී සියයට 11 ක පහළ යාමක් බවත් වාර්තා වේ.

JB Securities විසින් සිදුකරන ලද අධ්‍යයනයක දී මේ බව අනාවරණය වී ඇත.

මේ අතර පසුගිය දෙසැම්බර් මාසයේ දී මෙරට තුළ ලියාපදිංචි කර ඇති සමස්ත මෝටර් රථ ප්‍රමාණය වන 45,218 හා සැසඳීමේ දී ජනවාරි මාසය තුළ කර ඇති වාහන ලියාපදිංචිය 42,443 ක් ලෙසින් සඳහන් වේ. මෙය සියයට 6 ක පහළ යාමකි.

මෙලෙස ලියාපදිංචි කර ඇති වාහනවලින් ඒකක 31,158 ක්ම සමන්විත වී ඇත්තේ යතුරුපැදි වලිනි.

මේ අතර 2017 ජනවාරි මාසයේ දී ලියාපදිංචි කර ඇති ත්‍රීවීල් රථ ප්‍රමාණය 3,327 ක් වන අතර 2016 දෙසැම්බර් මාසයේ දී ලියාපදිංචි කර ඇති ත්‍රීවිල් ප්‍රමාණය වූ 6,057 හා සැසඳීමේ දී සියයට 45 ක පහළ යාමකි.

2017 අයවැය යෝජනාවලට අනුව මෝටර් රථ වාහන සඳහා මූල්‍යකරණයේ දී සීමාවන් පැනවීම හේතුවෙන් මෙලෙස ඇතැම් වාහන කාණ්ඩවල ලියාපදිංචියෙහි විශාල පහත යාමක් වාර්තා වී තිබෙන බව අධ්‍යයනය සිදුකරනු ලැබූ JB Securities ආයතනය සඳහන් කර සිටී.

නව මෝටර් කාර් රථ සඳහා වන අගය මත ණය සීමාව (LTV) කාර් සඳහා 50% ක් හා ත්‍රීවිල් රථ සඳහා 25% ක් දක්වා එහිදී සීමා පැනවිණි.

යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
මුදල් අමාත්‍යාංශයේ විශ්වාසය හා රහස්‍යභාවය පිරිහේ.. මුදල් අමාත්‍යාංශයේ ලේකම් වෙනුවට ඇමති රවිගේ මාධ්‍ය ලේකම් නිවේදන නිකුත් කර ඇති බව හෙලි වේ..

මුදල් අමාත්‍යාංශයේ විශ්වාසනියත්වය හා රහස්‍යාභාවය පිරිහි ඇති බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර් එස් එච් සමරතුංග මහතා විසින් පසුගිය පෙබරවාරි 28 වෙනිදා ජනාධිපති බැදුම්කර කොමිසම ඉදිරියේ සාක්ෂි දීමේදී පැහැදිලි විය.

ශ්‍රීලංකාවේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් යනු මාහා භාණ්ඩාගාරයේ ද ලේකම් වරයා වේ. මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ වගකීම වනුයේ රජයේ මූල්‍ය, රාජ්‍ය මුදල් ප්‍රතිපත්තිය මෙන්ම රටතුල මුල්‍ය රෙගුලාසි ක්‍රියාත්මක කිරිමයි එමෙන්ම රටේ පරිපාලන හෝ මූල්‍ය ක්ෂේත්‍රයේ ඉහළම පලපුරුද්ද ඇති නිලධාරින්යෙකු සුදුසුකම් අනුව ජනාධිපතිවරයා විසින් එම උත්තරිතර තනතුරට පත් කරනු ලබයි.

එහෙත් පසුගිය දා ජනාධිපති බැදුම්කර කොමිසම වෙනුවෙන් රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා විසින් අසන ලද ප්‍රශ්නවලට වර්තමාන මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා පිලිතුරු ලබා දුන් අයුරු:

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා විසින් මේ අවස්ථවේදි මෙම බැදුම්කර සිද්ධියට අදාළව “සන්ඩේ ටෛම්ස්” පුවත්පතේ පලවූ මෙම වාර්තාවක් සාක්ෂිකරු වන සමරතුංග මහතාට පෙන්වන ලදුව.

ප්‍රශ්නය: “සන්ඩේ ටෛම්ස්” පුවත්පතේ පලවූ මෙම වාර්තාව කෙරෙහි ඔබගේ අවධානය යොමු වුනාද?
උත්තරය: මම මේ ගැන දැන ගත්තේ මාධ්‍ය මගින්,
ප්‍රශ්නය: මෙම ප්‍රකාශය නිකුත් කර ඇත්තේ මුදල් අමාත්‍යාංශයන්, එම අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ඔබ මේ ගැන දන්නේ නැද්ද?
උත්තරය:මාධ්‍යයෙන් දැනගන්නා තුරු මා ඒ ගැන දන්නේ නැහ.
ප්‍රශ්නය: මුදල්අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ඔබ නොදැන මාධ්‍යට මේ වගේ ප්‍රකාශ නිකුත් කල හැකිද?
උත්තරය:ඔව්, මුදල් අමාත්‍යාංශයේ කාර්යාලයෙන් විවිධ අන්දමේ මාධ්‍ය ප්‍රකාශ නිකුත් කරනවා, ඒ පිලිබඳව මා දන්නේ නැහ.

ජනාධිපති බැදුම්කර කොමිසමේ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන ගරු ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයා සාක්ෂිකාර සමරතුංග මහතාගෙන් ප්‍රශ්න කරමින්

මෙම මාධ්‍ය ප්‍රකාශය ඔබ අමාත්‍යාංශයේ නිකුත් කල බව ඔබ පිලිගන්නවාද?
උත්තරය:ඔව්
ප්‍රශ්නය: 2015 ජනවාරි මස 15 වෙනිදානිකුත් කල ගැසට් නිවේදනය සම්බන්යෙන් මුදල් අමාත්‍යාංශයන් පුවත් පත් නිවේදනය නිකුත් කරන ලද්දේ කව්ද?
උත්තරය: අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් සිසිර විජේසිංහ මහතායි.
ප්‍රශ්නය: ඔහු මෙමලිපියේ මුදා තබා ඇත්තේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස නේද?
උත්තරය:ඔව්, නමුත් ඔහු අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයායි.
ප්‍රශ්නය:: 2015 ජනවාරි මස 15 වෙනිදානිකුත් කල ගැසට් නිවේදනය සම්බන්යෙන් මුදල් අමාත්‍යාංශයන් පුවත් පත් නිවේදනය නිකුත් කිරීම සුරකුම් නීතියට පටහැනියි නේද?
උත්තරය:ඔව්.

කොමිසමේ සාක්ෂි විභාගය තවදුරටත්පැවති අතර මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර් එස් එච් සමරතුංග මහතාගේ ඉහත සාක්ෂිය අනුව පැහැදිලි වනුයේ පසුගිය වසර දෙක තුල මුදල් අමාත්‍යාංශයේ අභ්‍යන්තර පරිපාලනය සම්පූර්ණයෙන්ම කඩා වැටි ඇති බවකි.

මේ වනවිට දේශපාලන බලධාරීන් විසින් තමන්ගේ දේශපාලන ක්‍රියාවලිය ප්‍රවර්ධනයට යොදවා ගන්නා මාධ්‍ය ලේකම් වරුන් විසින් රටේ උත්තරිතර අමාත්‍යාංශයක් වන මුදල් අමාත්‍යාංශය වෙනුවෙන් නිල නිවේදක් නිකුත් කිරීම අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අනු දැනුමෙන් තොරව ක්‍රියාත්මක වන්නේ නම් අමාත්‍යාංශයේ විෂය පථය සම්බන්ධ කරුණුවලදි සිදු වන දේශපාලන මැදිහත් වීම මෙම නිවේදනය හරහා ජනතාවට පැහැදිලි වනු ඇත.

– මූලාශ‍්‍ර ලංකාදීප

යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
මහා භීෂණ යුගයක් …87/89 භීෂණ මාවතට රජය පාර කපලා …පාතාලයට ප්‍රබලම දේශපාලඥයන්ගේ අනුග්‍රහය ….කළු ලකී ,ගෝනවල සුනිල් ,සොත්ථි උපාලි ,තට්ට සෝමේ


 
 


දේශපාලන අනුග්‍රහය නැතිව පාතාලයට පැවැත්මක් නැති බවත් ,අද රට තුළ මේ රජ කරන පාතාල සදහා දේශපාලන අනුග්‍රහය ලැබෙන බව ,පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල පවසනවා .ඊයේ (28) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා .පාතාලය නැති කිරීමට ප්‍රථමයෙන් පාතාලයට අනුග්‍රහය දෙන දේශපාලකයන් හදුනාගෙන ඔවුන්ට දඩුවම් කිරීම වැදගත් බවත් , ඒ සදහා ගෝඨාභය රාජපක්ෂ වගේ නිලධාරී තන්‍ත්‍රයක් යලි බිහිකර ගැනීම අවශ්‍ය බවද ඔහු සදහන් කලා .

නාවික හමුදාපතිගේ සේවා දිගුව මාධ්‍ය මර්දනයට උඩ ගෙඩි දීමක් බවත් , ආණ්ඩුව ක්‍රමයෙන් යන්නේ ජේ ආර් මර්දන යුගයට බවද ඔහු පැවසුවා .

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරයා ,

හම්බන්තොට වරාය විජාතිකකරණයට එරෙහිව පැවැති උද්ඝෝෂණය ආවරණය කිරීමට පැමිණි මාධ්‍යවේදින්ට පහර දුන් නාවික හමුදාපතිට මාස 6 ක සේවා දිගුවක් ලබා දී තිබෙනවා. නමුත් එම මාධ්‍ය වේදියා පොලිසියට පැමිණිලි කර තිබියදීත් කිසිම ක්‍රියාමාර්ගයක් අරගෙන නෑ. මේක නරක පූර්වාදර්ශයක්. කොන්දේසි විරහිතව ආණ්ඩුවේ මර්දන ක්‍රියාවලියට සහය වෙනවා නම් ආණ්ඩුවෙන් විශේෂ සැලකිලි ලැබෙන බවට තමයි ත්‍රිවිධ හමුදාවට සහ පොලීසියට ආණ්ඩුව මේ හරහා ලබා දෙන පණිවිඩය. මේ ආණ්ඩුව ක්‍රමයෙන් යන්නේ ජේ ආර් මර්දන යුගයට.

1982 දී දරමිටිපොල රතනසාර හිමිගේ පැවිදි හඬ සංවිධානය විසින් ජනමත විචාරණයට එරෙහිව පත්‍රිකාවක් බෙදනවා. ඒ පත්‍රිකා මිටිය සහකාර පොලිස් අධිකාරි පී උඩුගම්පොල අත්අඩංගුවට ගැනීමෙන් තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වුණා කියලා හාමුදුරුවන් උසාවි යනවා. උඩුගම්පොල විසින් හාමුදුරුවන්ට වන්දියක් ගෙවන්න ඕනෑ කියලා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරනවා. ආණ්ඩුව මොකද කරන්නේ? ඒ වන්දිය රජයෙන් ගෙවලා උඩුගම්පොලට සහකාර පොලිස් අධිකාරි තනතුරේ සිට පොලිස් අධිකාරි තනතුරට උසස්වීමක් ලබා දෙනවා. මේ සිදුවීමෙන් ඔකඳ වෙන පොලිස් අධිකාරි උඩුගම්පොල කාන්තා දිනයක දී සමසමාජ පක්ෂයේ කාන්තා නායිකාව වුණු විවියන් ගුණවර්ධන මහත්මියට පහර දෙනවා. ඔන්න දැන් පොලිස් අධිකාරිට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුර ලැබෙනවා. අවසානයේ දී 87/89 භීෂණ යුගයේ දී මධ්‍යම පලාත භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති විධියට දැවැන්ත භීෂණයක් වැපිරුවා ඔබට මතක ඇති. ආණ්ඩුවේ ප්‍රභලම භීෂණය දියත්කලේ නියෝජ්‍ය පොලිස්පති උඩු ගම්පොල විදිහටයි එකල සැලකුවේ. මද්‍යම පලාතෙ වගේම ලංකාවේ බොහෝ ප්‍රදේශවල විශාල තරුණයන් පිරිසක් මේ සංහාරය නිසා මිය ගියා. නීති විරෝධිව විපක්ෂය, මාධ්‍ය සහ ජනතාව මර්දනය කරන නිලධාරින්ට වරදාන ලබා දීම හරහා ආණ්ඩු වෙනුවෙන් නීතිය නමන්න නීතිය මඩු වලිගයක් කරලා ජනතාවට තලන්න සමස්ත නිලධාරි පැලැන්තියම පෙලෙඹෙනවා. ඒ විතරක් නොවේ. අපි ඊයේ දැක්කා ආණ්ඩුවේ හැසිරීමෙන් දිරිමත් වුණු ගමේ චණ්ඩින් හිරු නාලිකාවේ ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු පරිසර හානියක් පිලිබඳ වාර්තා කලා කියලා පහර දෙනවා. මෙහි අවසානය වන්නේ 1987-89 භීෂණ යුගයට යළි රට තල්ලු වීමයි.

මාළුවාට ජලය සේ පාතාලයට දේශපාලනය

පසුගිය වසරදෙකේ සීග්‍රයෙන් පාතාලයේ නැගිටීමක් දක්නට ලැබෙනවා. 2013/2014 වසර වෙනකොට ලංකාවේ පාතාලය නැත්තටම නැතිවෙලයි තිබුනේ. කලාතුරකින් තමයි පැහැරගැනීම් කප්පම් ගැනීම් වෙඩිතැබීම් ගැන අසන්න ලැබුනේ. බන්ධනාගාර බස්රථ වලට වෙඩි තැබීමනම් මහින්ද රාජපක්ෂ යුගයේ අවසන් කාලයේ ආරංචි උනේ නෑ. නමුත් පසුගිය කාලේ මේක නිතර සිදුවන දෙයක් බවට පත්වෙලා තිබෙනවා.

මේකට හේතුවක් තියෙනවා. ලංකාවේ නෙමේ ලෝකය පුරාම පාතාලය පවතින්නේ දේශපාලනයේ සහ පොලිසියේ අනුග්‍රහයෙන්. මාළුවාට ජලය නැතුව පවතින්න බෑ වගේම දේශපාලන අනුග්‍රහයක් නැතුව පාතාලයට පවතින්න බෑ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා දේශපාලන භේදයකින් තොරව පාතාලය මර්දනය කල නිසා තමයි ඇතැම් පාතාල නායකයෝ නිහඩ උනේ. තවත් අය පරලොව ගියේ. සමහරු පිට රට ගියේ.

නමුත් අද දේශපාලන අනුග්‍රහය ලැබිලා තියෙන නිසා තමයි නැවතත් මේ පාතාල ක්‍රියාකාරකම් සීඝ්‍රයෙන් වැඩිවෙලා තියෙන්නේ. ගෝඨාභය රාජපක්ෂ මහතා පාතාල මර්ධනයට අමුතු මන්තරයක් දැනගෙන හිටියේ නෑ. පාතාල මර්ධනයට අමුතු ආයුධයක් තිබුනෙත් නෑ. ඔහුගේ එකම ආයුධය උනේ දේශපාලන අපක්ෂපාතීත්වය. කාට කවුරු රැකවරණය දුන්නත් ඒ රැකවරණය නොසලකා පාතාල නායකයන් මර්ධනය කලා. අද යලිත් දේශපාලන අනුග්‍රහය පාතාලයට ලැබිලා තියෙනවා. හොයලා බලන්න ඔය ඕනෑම පාතාල නායකයෙක් ගැන ඇහුවම පොලීසිය කියන්නේ මේ පාතාල නායකයා නම් අහවල් ඇමතිගේ කෙනෙක්. මේ පාතාල නායකයාට අනුග්‍රහය දක්වන්නේ අහවල් දේශපාලකයායි කියලයි. එහෙම නැති පාතාල නායකයෙක් නම් ලංකාවේ නෑ.

ඒ කාලේ අපිට මතකයි කළු ලකී ගෝනවල සුනිල් කිව්වම මතක්වෙන්නේ එක දේශපාලකයෙක්. සොත්ථි උපාලි කිව්වම මතක්වෙන්නේ තවත් දේශපාලකයෙක්. තට්ට සෝමේ කිව්වම මතක්වෙනවා තවත් දේශපාලකයෙක්. බැද්දෙගානේ සංජීව කිව්වම මතක්වෙන්නේ තවත් නායිකාවක්. පාතාලය නැති කරන්නනම් ඒ පිටුපස ඉන්න දේශපාලකයා හදුනාගෙන දේශපාලකයා විනාශකල යුතුයි.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුක නැති කිරීමට නම් දුකට හේතුව අදුන ගන්න ඕනෙ කියලා. ඉතින් පාතාලයෙන් වෙඩි තැබීම දුකකි. වෙඩි තැබීමෙන් තුවාල සිදුවීම දුකක්. මරණ සිදුවීම ඊටත් වඩා දුකක්. එහෙම නම් දුකින් මිදීමේ මාර්ගය වන්නේ පාතාලයට අනුග්‍රහය දෙන දේශපාලකයන් හදුනාගෙන ඔවුන්ට දඩුවම් කිරීමයි. ඔවුන්ව නිහඩ කිරීමයි. අනිත් ක්‍රමය වන්නේ දේශපාලකයන් ඉදිරියේ නැවෙන් නැති දේශපාලකයන් ඉදිරියේ නීතිය නවන් නැති කොන්ද කෙලින් තියෙන ගෝඨාභය රාජපක්ෂ මහතා වගේ නිලධාරී තන්‍ත්‍රයක් යලි බිහිකර ගැනීමයි.

( අරවින්ද අතුකෝරල)





යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
සමයං ඇතුළු හතක් මැරු ඝාතකයෝ හදුනා ගැනේ.. අත්අඩංගුවට ගැනීමට සූදානම්.. ප‍්‍රබල ඇමතිගෙන් බාධා..
..
බන්ධනාගාර බස් රථයකට වෙඩි ප‍්‍රහාරයක් එල්ල කරමින් සැකකරුවන් පස් දෙනෙකු හා බන්ධනාගාර නිලධාරීන් පස් දෙනෙකු මරා දමන ලද පාතාල කණ්ඩායම මේ වන විට හදුනාගෙන ඇති පව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.

අංගොඩ ලොක්‌කා නම් පාතාල නායකයාත් ඔහුගේ කල්ලියත් මෙය සිදුකර ඇති බවත් ප‍්‍රහාරය සදහා අංගොඩ ලොක්කා පුද්ගලිකවම සහභාගී වී ඇති බවද් තොරතුරු ලැබී ඇත.

පොලීසිය සැක කරන්නේ ප්‍රහාරය සඳහා ස්වයංක‍්‍රීය ගිනි අවි මයකට වැඩි ප‍්‍රමාණයක් යොදා ගන්නට ඇති බවයි.

ඝාතකයන් මේ වන විටත් හදුනාගෙන සිටින අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම ඉදිරි දින කිහිපයේදී සිදුවනු ඇතැයිද එම ආරංචි මාර්ග වැඩි දුරටත් සදහන් කරයි.

මේ අතර ඇතැම් අන්තර්ජාල පුවත් අඩවි වාර්තා කරන්නේ මෙම ඝාතකයින් අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුවේ ප‍්‍රබල ඇමතිවරයෙක් බාධා කරමින් සිටින බවයි.

යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network