අද අපේ රටේ ක්‍රිකට් උන්මන්තකයන්ට හොඳම දවසක්. මොකද දවස පුරාම අද මැච් බලන්න පුළුවන් නිසා.



ඉන්දියාවයි ලංකාවයි අයෙමත් ඉන්දියාවයි ලංකාවයි. තේරුනේ නෑ නේ…ඒ කියන්නේ අද උදේ 19න් පහළ ලෝක කුසලානයේ අර්ධ අවසන් තරඟයට මුහුණ දෙනවා ශ්‍රී ලංකාවයි ඉන්දියාවයි. අද රෑ අපේ ලොකු ටීම් එක ඉන්දියාව එක්ක විස්සයි විස්ස තරඟයක් තියනවා.
අද දවසම ඉතින් ක්‍රිකට් තමා…
ලෝක කුසලානයට පේන තෙක් මානයේ සිට සටන් කරන අපේ 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම කාසියේ වාසිය දින්නා. හැබැයි පළමුවෙන් පන්දුවට පහරදීමට ඉන්දියාවට ආවස්ථාව ලබා දුන්නා.
ඉතින් ඉන්දියාව පන්දු ඕවර් 50 අවසානයේ කඩුලු 9කට ලකුණු 267ක් ලබා ගත්තා. මේ තියෙන්නේ ලකුණු පුවරුව..
SL Crickkk
මේ තියෙන්නේ ඉන්දියාවේ කඩුලු ටික අපේ පොඩ්ඩෝ ගත්ත හැටි…


මේ තරඟයේ විස්තර දැනගන්න රැඳී ඉන්න
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
දන්නෝ බුදුන්ගේ ගීතය අනුභවකලේ බොදු බලේට විරුද්ධව ඉටිපන්දම් දැල්වූ කල්ලි ප්‍රධානියාගේ බිරිද ?
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
ශ්‍රී ලංකාවේ නව ව්‍යවස්‌ථාවට මෝදි උපදෙස්‌ දිය යුතුයි
- කරුණානිධි කියයි

කීර්ති වර්ණකුලසූරිය

යෝජිත නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සඳහා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් ශ්‍රී ලංකා රජයට නිසි උපදෙස්‌ දියයුතු යෑයි තමිල්නාඩුවේ ඩී. එම්. කේ. පක්‍ෂයේ නායක එම්. කරුණානිධි ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාව සමූහාණ්‌ඩුවක්‌ බවට පත් විය යුතු බවද ඔහු තමිල්නාඩුවේ මාධ්‍ය අමතා ප්‍රකාශ කර තිබේ.

එම්. ඩී. එම්. කේ. පක්‍ෂයේ නායක වයිකෝ ද තමිල්නාඩු මාධ්‍ය අමතමින් උතුරු නැගෙනහිර සඳහා ජනමත විචාරණයක්‌ පවත්වන ලෙස පවසා ඇත.

යෝජිත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව ගැන තමිල්නාඩු මහඇමැතිනී ජයලලිතා මෙතෙක්‌ ප්‍රකාශයක්‌ කර නැත.

උපටාගැනිම දිවයින  
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
“හම්බන්තොට වරාය සුපිරි වරායක්..” – යහපාලුවන් කී බේගල් පරය කඩාගෙන ආ ලොව විශාලතම නැවේ කපිතාන්

මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා හම්බන්තොට වරාය මහඟු තෝතැන්නක් බව, හම්බන්තොට වරායට මෙතෙක් පැමිණි විශාලතම නෞකාව වූ රොටඩෑම් නෞකාවේ කපිතාන් මාර්කෝ කාර්ස්ජෙන්ස් මහතා පවසයි. හම්බන්තොට වරාය හරිත වරායක් ලෙස සංචාරකයින්ගේ සිත් දිනාගෙන ඇති බවද ඔහු අවධාරණය කළේය.
“රොටඩෑම් වගේ විශාලත්වයෙන් යුත් අධි සුඛෝපභෝගී නෞකා සඳහා හම්බන්තොට වරායෙහි දැන් පහසුකම් තියෙනවා. මෙය අපිට ඉතා හොඳ අත්දැකීමක්. ඒවගේම මේ වරාය මගී ප්‍රවාහන සංචාරක නෞකා සඳහා හොඳ තෝතැන්නක්. ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශය පිළිබඳ මනා අත්දැකීමක් ලබාගැනීමට කැමති ඕනෑම පුද්ගලයෙකුට හම්බන්තොට වරායට පැමිණෙන්න පුළුවන්. මේ වරායේ සිට යාල ජාතික වනෝද්‍යානයට ළඟා වෙන්න යන්නේ මිනිත්තු 40යි. බූන්දල කතරගම සමීපයෙන් තියෙන්නේ. ඒ නිසා කොළඹ සහ ඒ අවට ප්‍රදේශය නැරඹීමෙන් ඔබ්බට ගොස් නව අත්දැකීම් සොයන ඕනෑම පුද්ගලයෙකුට හම්බන්තොටට පිවිසීම විශාල අත්දැකීමක් වෙනවා. ඉතාම පැහැදිලිව හම්බන්තොටට පැමිණෙන බොහෝ පිරිස් අවට පිහිටි සංචාරක ගම්මාන වෙත යන්න ලොකු කැමැත්තකින් දක්වනවා. විශේෂයෙන් වනසතුන් නැරඹීමට ඔවුන් ඉතාම ප්‍රියයි. මේ හේතු නිසා ශ්‍රී ලංකාව පිළිබඳව ඔවුන් තුළ යහපත් ආකල්පයක් තිබෙනවා. නැවත වරක් හම්බන්තොට වරායට පැමිණීම අපේ අපේක්ෂාවයි…..” යැයිද කැප්ටන් කාර්ජෙන්ස් මහතා වැඩිදුරටත් පැවසීය.
හම්බන්තොට වරායට මෙතෙක් පැමිණි විශාලතම සුඛෝපභෝගි මගී ප්‍රවාහන නෞකාව හම්බන්තොටින් පිටත්ව ගියේ අද අලුයමයි. නෙදර්ලන්තයට අයත් එම අධි සුඛෝපභෝගි නෞකාවේ දිග මීටර් 238 ක් වේ. කාර්ය මණ්ඩලයද 600 ඉක්මවයි. අමෙරිකා ඩොලර් මිලියන 2 ක වටිනාකමකින් යුත් පෞරාණික භාණ්ඩ සහ දෘශ්‍ය කලාකෘති මෙම නෞකාවට එක්කර ඇත්තේ සෞන්දරාත්මක වටිනාමකි. නෞකාවෙන් මෙහි පැමිණි මගීන් සඛ්‍යාව 1176 කි. ඔවුන්ගේ මීළඟ නැවතුම් ස්ථානය වන්නේ මියන්මාරයේ තල්ලාවා (Thllawa) වරායයි. දින 90ක සංචාරයෙන් අනතුරුව මෙම නෞකාව යළි නෙදර්ලන්තයට පැමිණීමට නියමිතව තිබේ. රොටඩෑම් නෞකාවේ මෙරට ඒජන්ත ආයතනය වූ මොල්ෂිප් සිලෝන් ලිමිටඩ් ආයතනයේ සාමාන්‍යධිකාරි සහීඩ් මොහිදීන් මහතා පැවසුවේ මේ වන විට හම්බන්තොට වරාය වෙත අලුත් නෞකා රැසක් පැමිණීමට නියමිත බවයි. මගී ප්‍රවාහන සංචාරක නෞකා සඳහා හම්බන්තොට වරාය ආශ්‍රිතව පහසුකම් ඉහළ මට්ටමකින් තිබෙන බවද ඔහු පැවසීය. සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා හම්බන්තොට වරාය යොදා ගන්නා ලෙසටද ඔහු සියලු පාර්ශ්වයන් වෙත විවෘත ආරාධනාවක්ද කළේය.

– තමීර මංජු
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
ෆොන්සේකා ෆීල්ඩ් මාර්ෂල් අත්හරි!



ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධුරය ලබාදීමට අකමැති එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමක් මෙන්ම එජාපය සමග සමීපව ගණුදෙනු කරන රාජ්‍ය නොවන සංවිධාන රැසක් මේ වනවිට විවිධ නීති තර්ක ගෙන එමින් පක්ෂය තුල මෙන්ම එලියේද සන්නද්ධ අරගලයක යෙදි සිටින මුලින් ෆොන්සේකාට අදාළ මන්ත්‍රීධුරය ලබාදිමට කැමති වු කණ්ඩායමද කරහැර සිටින බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

මේ අතර අද දහවල් වනවිට ෆොන්සේකාගේ පාර්ශවයේන් සදහන් කළේ සරත් ෆොන්සේකා මහතාට මන්ත්‍රීධුරය මෙන්ම ඇමතිධුරයද ලබා දිමට පීල්ඩ් මාර්ෂල් තනතුර කිසිසෙත්ම බාධකයක් නොවන බවයි.යුධ හමුදාව සමග බද්ධ වෛරයෙන් සිටින යුධ විරෝධීන් පුහු තර්ක ඉදිරිපත් කරන බවයි.

මේ වනවිට ෆොන්සේකාගේ විරුද්ධවාදින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 (01)(10) Article 91 (1)(xi) අනුව ෆොන්සේකාට තනතුරක් දැරිමට නොහැකි බවයි….පහත දැක්වෙන්නේ අදාළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අර්ථ දැක්විමයි….

යම් හෙයකින් ෆීල්ඩ් මාර්ෂල් තනතුර මන්ත්‍රීධුරය සදහා බලපෑමක් එල්ල කරන්නේ නම් අදාළ මන්ත්‍රීධුරය ෆොන්සේකා මහතාගේ බිරිඳ වන අනෝමා ෆොන්සේකාට ලබා ගැනිමට කටයුතු ක් රන බවත් එසේත් නොමැති නම් සරත් ෆොන්සේකා මහතා ෆීල්ඩ් මාර්ෂල් තනතුර අත්හැර දමා හෝ මන්ත්‍රීධුරය ලබාගැනිමට කටයුතු කරනු ඇති බවයි ෆොන්සේකාගේ පාර්ශවය අවධාරණය කර  ඇත්තේ.

මේ අතර 2001 වසරේදි ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් සමරවිර විරවන්නි නඩු තින්දුවට අනුව ජාතික ලැයිස්තුවේ නම නොදරන අයෙකුට මන්ත්‍රිධුරයක් ලබා දිමට හැකියාව නොමැති වුවත් නඩු තින්දු සාමාන්‍ය ජිවිතයේ තින්දු තිරණ වලට බලපෑම් ඇති නොකරන නිසා එම තර්කයද පුස්සක් වනු ඇත.නමුත් යම් හෙයකින් සරත් ෆොන්සේකාට මන්ත්‍රීධුරය ලබාදිම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගොස් උපදේශනයක් ඉල්ලා සිටියහොත් ඒ සම්බන්ධයෙන් සලකා බැලිය හැකිය.

නමුත් හෙට දිනයේ සරත් ෆොන්සේකාට මන්ත්‍රිධුරයේ දිවුරුම් දිම සදහා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය රනිල්ගේ උපදෙස් මත කමැති වනු ඇත.ඊට ප්‍රධානම හේතුව වන්නේ ඉන්දිය රජය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදුන් නියෝගයයි. (ඒ සම්බන්ධයෙන් ෆොන්සේකාගේ පත්විමෙන් පසුව හෙළිදරවු කරමු )ඒ අනුව එක්සත් ජාතික පක්ෂ මහා ලේකම්වරයා හදිසි කටයුත්තක් සදහා ඇමරිකාව බලා පිටත්ව ගොස් ඇති අතර ඔහු මේ වනවිටත් අවශ්‍ය ලිපි සදහා අත්සන් තබා තිබේ.

ෆොනී ආවොත් ව්‍යස්ථා අවුලක් ලෙස දක්වා ඇති පෝස්ටර ගසා පසුව ඒ උඩින් “ෆොනී මන්ත්‍රී කලෝත් ආණ්ඩුවට හයියක්” යනුවෙන් ඔහුන් විසින්ම පොස්ටර් ගසමින් මේ දිනක් ඉහිපය තුල ගාණක් හම්බකර ගැනිම ගැන ඔහුන් සතුටු වනු ඇත.නමුත් සැබෑවටම සරත් ෆොන්සේකා යනු පරාජිතයෙකි.යුද්ධයේ ඔහු වීරයෙකු වුයේ ඒ විරත්වය සමග නැගි සිටි බොහෝ දෙනෙකුගේ කර මතනිනි. නමුත් අවසාන මහ මැතිවරණයේදි (democratic Party) ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට නායකත්වය දුන් ෆොන්සේකා රටෙන්ම ලබාගත් ඡන්ද සංඛ්‍යාව 28,587 කී එය ප්‍රතිශතයක් ලෙස 0.26% ෆොන්සේකා තරග කල කොළඹ දිස්ත්‍රික්කයෙන් ලබාගත් ඡන්ද සංඛයාව 5,238කී ප්‍රතිශතය 0.43% කී.

අවසාන වශයෙන් රටක ජනතාවගේ කැමත්ත නොව දේශපාලකයන්ගේ කැමත්ත ඉටුවන්නේ නම් මැතිවරණ පවත්වා මුදල් කාබාසිනියා කිරිම අපරාදයකි.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
ආණ්ඩුවේ පැවැත්ම ෂුවර් නෑ- සෙයිඩ් අල් හුසේන්,
සියලුම කොටි සැකකරුවන් මසකින් නිදහස්



පවතින ආණ්ඩුවේ පැවැත්ම සම්බන්ධයෙන් තමාටද ඇත්තේ අවිනිශ්චිතතාවක් බව මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් සෙයිඩ් අල් හුසේන් කුමරු උතුරු පළාත් බෙදුම්වාදීන් හමුවේ අවධාරණය කර තිබේ. උතුරු පළාත් බෙදුම්වාදී ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් සහ උතුරු පළාත් ආණ්ඩුකාරවරයා සහ තවත් නියෝජිතයන් පිරිසක් සමග පැවති සාකච්ඡා වකදි මේ බව අවධාරණය කල බව දෙමළ ජාතික සන්ධානයට එරෙහිව පිහිටුවාගෙන ඇති දෙමළ ජනතා සංසදය අනාවරණය කළා.

ජනාධිපතිවරණය සමයේ වත්මන් ජනපති සහ අගමැතිවරයා සමග ඇතිකරගත් එකඟතාවයන් මේ වනවිට ඉටුකිරිමට ඇලිමැලි කමක් දක්වන බව බෙදුම්වාදී නියෝජිතයන් පෙන්වා දි තිබේ.

එවිට එම ගැටලුවට පිළිතුරු දෙමින් සෙයිඩ් අල් හුසේන් කුමරු පවසා ඇත්තේ තමන් වත්මන් ආණ්ඩුවේ නියෝජිතයන් සමග කල ගණුදෙනු කිරිම් වලදි තමන්ටද ආණ්ඩුවේ පැවැත්ම සම්බන්ධයෙන් ගැටලුවක් ඇතිවු බවයි.

බන්ධනාගාර ගතව සිටින කොටි සැකකරුවන් පොදු සමාව යටතේ නිදහස් කරන ලෙස රජයට උපදෙස් දෙන ලෙස උතුරු මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් අල් හුසේන්ගෙන් ඉල්ලීමක් කර ඇති අතර එයට පිළිතුරු දෙමින් ඔහු පවසා ඇත්තේ නඩු විභාග වලින් පසුව ඉදිරි මාසයක කාලය තුල සියලුම දෙනා නිදහස් කිරිමට තමන් නිර්දේශ ඉදිරිපත් කර ඇති බවයි.

මේ අතර මෙරට දෙදින නිල සංචාරයක නිරත වන එක්සත් ජතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් සයිඞ් අල් හුසේන් අද දිනයේ උතුරු පළාතේ සංචාරයක නිරත වන අතර මේ හේතුව නිසා ඔහුගේ ගමන් මාර්ගය වැටී ඇති උතුරු පළාතේ හමුදා කඳවුරුවල සිටින සියළු සෙබළුන්ට දන්වා ඇත්තේ දිනය පුරා කඳවුරුවලට වී සිටින ලෙසයි. කඳවරු තුල වුවද හමුදා නිල ඇඳුම් සහිතව නොයන ලෙසද දන්වා තිබේ.

මහ කොමසාරිස්වරයා වෙනුවෙන් යොදා ඇති ආරක්‍ෂක භටයින්ට පමණක් හමුදා නිල ඇඳුමින් සිටීමට ආරක්ෂක අමාත්‍යංශය නියෝග කර තිබේ.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
ජනපති දියණිය චතුරිකා රාජ්‍ය නිලධාරීන් පිරිවරා…



ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ දියණිය චතුරිකා සිරිසේන මහත්මිය පෙරේදා දිනයේ පොලොන්නරැව වැලිකන්දේ පැවති උත්සවයකට සහභාගී විය.

එහිදී ඇය සේනපුර මහවැලි කොට්ඨාස කාර්යාලයේදී ප‍්‍රදේශයේ ආගමික නායකයන්, රාජ්‍ය ආයතන ප‍්‍රධානීන් ඇතුළු ගොවීන් 120 දෙනෙකුට පමණ උපහාර පිදීමක්ද සිදු කලාය.

එහිදී සභාව අමතමින් ඇය කියා සිටියේ ජනපති වූ තම පියාට එම ධූරය සදාකාලික වරමක් නොවන බවත් එම වරම අද තිබී හෙට නැතිවිය හැකි එකක් නිසා ඉන් සමාජයට ඉටුවිය යුතු යුතුකම් නිසකව සිදුවිය යුතු බවයි.

‘මේ ජනාධිපතිධූර කාලයේදී පුලතිසිපුර රන් අස්වනු නෙළන්න කාලයක් කර ගමු කියලා මම ඔබලාට කියනවා. ජාති ආගම් පක්ෂ පාට නොබලා මේ රට ගොඩ නගන්න ජනාධිපතිවරයාට ශක්තියක් වෙමු. 2020 වන විට මතින් තොර රටක් බිහි කිරීම අපේ අරමුණයි. කෘමිනාශක වලින් තොරව වගා කටයුතු කරලා වකුගඩු රෝගවලින් මේ රටේ ජනතාව මුදා ගැනීමත් අපේ අරමුණක්’ යයි ඇය එහිදී කියා සිටියාය.

සේනපුර මහවැලි කොට්ඨාස කාර්යාලය මගින් සංවිධානය කරන ලද මෙම උත්සවය සඳහා මහවැලි සහ පරිසර අමාත්‍යාංශයේ ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් මහින්ද රත්නායක, මහවැලි බී කලාපීය නේවාසික ව්‍යාපාර කළමනාකාර ජයසිංහ කිරිඇල්ල, වැලිකන්ද ප‍්‍රාදේශීය ලේකම් එච්.එස්.කේ. ජේ බණ්ඩාර, පොළොන්නරුව ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි ලක්සිරි විජේසේන ඇතුළු පිරිසක් සහභාගි වූහ.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
යහ පාලකයෝ මාධ්‍ය මන්තරය ජප කිරීමේ රහස වටහා ගනිමු


තොරතුරු දැනගැනීමේ අයිතිය සම්බන්ධයෙන් මහා ඝෝෂාවක් ද සමඟ, දහසකුත් එකක් පොරොන්දු රට හමුවේ තබමින් බලයට පත් වූ වත්මන් යහ-පාලකයෝ, මාධ්‍ය සම්බන්ධයෙන් මේ දිනවල බොහෝ අර්තකථන දෙමින් සිටින බව පෙනෙන්නට තිබේ. මේ උද්ගතවෙමින් ඇති තත්ත්වය පහසුවෙන් නොසලකා හැරිය යුතු නොවේ. 1948 න් පසු මෙරට දේශපාලන ඉතිහාසය මැනැවින් පරිශීලනය කරන ඕනෑම කෙනෙකුට මෙවන් ප්‍රවණතාවන්ගෙන් පසුව, පාලකයින් මාධ්‍ය කෙරෙහි දැක් වූ ප්‍රතිචාර අධ්‍යයනය කළ හැකිය. එය මාධ්‍යයන්ට පමණක් නොව රටටම කන කොකා හැඬ වූ යුගයක පෙර නිමිති බව ද අමතක නොකළ යුතුය.

ශ්‍රී ලංකාවේ සිටි ප්‍රවීණ මාධ්‍ය වේදියෙකු වූ ගුණදාස ලියනගේ සූරීන්ගේ “පුවත්පත් මෙල්ල කිරීම” නම් කුඩා වුවත් වැදගත් ග්‍රන්ථය, මුද්‍රිත මාධ්‍ය පමණක් තිබූ යුගයේ සිට මේ දක්වා වූ මාධ්‍ය මර්දන විකාශය ගැන යම් පමණක සාධනීය විග්‍රහයකට මග පාදාගත හැකි ලියවිල්ලකි. එම ග්‍රන්ථය ලියැවුණු කාලයට සාපේක්ෂව අද සංසන්දනය කිරීමේදී එය ශ්‍රී ලංකාවේ මාධ්‍ය ප්‍රවණතාවයේ ප්‍රාථමික යුගය ලෙස ද හඳුනාගත හැකිය. 1970 දශකයේ ඇමි. ඩී. ගුණසේන පවුලේ මාධ්‍ය ජාලය වූ “දවස” පුවත් පත් ආයතනයට සීල් තැබීමේ ක්‍රියාන්විතය මහත් ආන්දෝලනයක් ඇති කළේය. 1977 ආණ්ඩු පෙරළියේ දී “කතරගම රූමතිය” තරමටම “දවස“ – “රිවිරැස“ පත්‍ර සීල් තැබීම තීරණාත්මක සාධකයක් ලෙස එවක එක්සත් ජාතික පක්ෂයට ආශීර්වාදයක් වීය.

ඊට පෙර, ලේක්හවුසිය රාජ්‍යය සන්තක කර ගත්තද ජනසතු ව්‍යාපාර නම් ප්‍රවණතාව හමුවේ ඊට හිමි වූයේ “දවස“ ට අත් වූ ලංසුවට වඩා අඩු ලංසුවකි.

රැජිණගේ ආණ්ඩුවට එරෙහිව කැරලි ගැසූ රෝහණ විජේවීරගේ නායකත්වයට අපරාධ යුක්ති විනිශ්චය කොමිසම යොදා දඬුවම් පැමිණවීමෙන් අනතුරුව, “71 කඳුළු“ තම අවිය කරගත් එක්සත් ජාතික පක්ෂය, ප්‍රේමවතී මනම්පේරි තමන්ගේ සුජාත දරුවෙකු බවට පත්කරගන්නට වෑයම් කළේය. ඒ කඳුළු “කිඹුල් කඳුළු“ බව වටහා ගන්නට 1987 වන විට ලෝකයාටම හැකි වීය. 1971 දී අටදහසක් වෙනුවට 1990 වන විට ලක්ෂයක් පමණ දෙනා ටයර් සෑය නම් අපූරු සෑයක මිහිදන් කරන්නටද ධර්මිෂ්ට පාලකයෝ සමත් වූහ.

මේ සියල්ල අතුරතුර පළමුව ඍජුව සහ වක්‍රව විවේචනයට බඳුන් වූයේ මාධ්‍යයන්ය. මෙවන් විවේචන පිළිබඳ විශ්ලේෂණයන්ගෙන් අපට හමුවන වැදගත් නිගමනය නම් ප්‍රජාතන්ත්‍ර විරෝධී හෝ අත්තනෝමතික හෝ හිතුවක්කකාරී හෝ සංස්ථාපිත ක්‍රියාදාමයක් අත ළඟ බවය. 1975 සිට 1977 දක්වා වූ පාලන කාලය දීර්ඝ කිරීමේ ඉතිහාසයේ සිට කුපක්‍රට 1982 ජනමත විචාරණය දක්වා මේ තත්ත්වය මැනැවින් නිරීක්ෂණය කළ හැකිය. 1982 න් පසුව රටම අමු සොහොනක් කළ එක්සත් ජාතික පක්ෂයේ භාවිතාව තවම සමාජයේ දෝංකාර දෙමින් පවතින යථාවක් බැවින්, ඒ පිළිබඳ අටුවා-ටීකා-ටිප්පණි අනවශ්‍යය. පැහැදිලි කිරීමක් අවශ්‍ය වන්නේ නම්, 1977 න් පසුව ඉපැදී, එනමුත් මෑත ඉතිහාසයවත් අත් නොවිඳින, මෑත ඉතිහාසයවත් අධ්‍යයනය නොකළ දුහුනන්ටය. සැබැවින්ම එවන් දුහුනන්ගෙන් වන හානිය ද අතිමහත්ය. එය එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය මන්තරයට ආශීර්වාදයක්ය.

කෙසේ වෙතත්, මාධ්‍ය ආයතනයන් නම් කරමින්, මාධ්‍ය වේදීන් නම් කරමින් පාර්ලිමේන්තු වරප්‍රසාදයන්ට මුවා වී, රටේ අග්‍රාමාත්‍යවරයා මේ සූදානම් වන්නේ කවරාකාරයේ කස්තිරමකටද යන්න මේ අනුව පැහැදිලි කර ගත යුතුය. ඒ තුළින් ඇති කරගන්නා නිගමනයන් වහ වහා සමාජ ගත කළ යුතුය. වත්මනෙහි මාධ්‍ය හිමිකාරීත්වයේ සිට පාඨකයා දක්වා ඇති බැරෑරුම් වගකීම එයයි. එය ප්‍රමාද කරන සහ ප්‍රමාද වන තරමට යළිත් වරක් අතීතය හා එහි අඳුරු සෙවනැලි සමස්ත සමාජයම වසා ගැනීම සීඝ්‍ර වනු ඇත.

1977 ජූලි වන විට තිබූ සාමකාමී දේශය, 1987 ජූලි වනවිට මිනී කන්නන්ගේ දේශයක් බවට පත් වූ ඉතිහාසය අපි කිසිසේත්ම අමතක නොකළ යුතු වන්නෙමු. එය මතක් කර දීම ඉතිහාස කාමයයැයි කෙනෙක් වහසි බස් දොඩවන්නේ නම් විද්‍යාත්මක දේශපාලනයෙන් ඇති ඵලක් නැත. එනම්, දේශපාලනය හා ඉතිහාසය අතර ඇත්තේ අත්‍යන්ත බැඳීමක් වන බැවිනි.

“…දේශපාලන විෂයය, ඉතිහාසයට, අර්ථ ශාස්ත්‍රයට හා ආචාර විද්‍යාවට ද ඉතා ආසන්න වේ.

ඉතිහාසය නම් පෙර සිදු වූ දේවල් හා ව්‍යාපාරත් ඒවා ඇති වීමට හේතු හා ඒවායේ අන්‍යෙන්‍ය සම්බන්ධයත් කියාපාන වාර්තාවකි. ආර්ථික, ආගමික, මානසික හා සාමාජික සංවර්ධනය පිළිබඳ පරීක්ෂණයක් මෙන්ම, රාජ්‍යයන්, ඒවායේ ඇතිවීම, වැඩීම හා ඒවායේ සංවිධානය හා ඒවායේ අන්‍යොන්‍ය සම්බන්ධතා පිළිබඳ සමීක්ෂණයත් එකී විෂයයට ඇතුළත් වේ.

දේශපාලනය හා ඉතිහාසය අන්‍යොන්‍ය සම්බන්ධයෙන් යුක්තය. සමහර ඓතිහාසික කරුණු දේශපාලන විද්‍යාවේ මූලධර්ම වශයෙන් ගැනේ. දේශපාලන මතාන්තර අධ්‍යයනය සඳහා උපයෝගීවන සමහර කරුණු – විශේෂයෙන් ඓතිහාසික වූ දේ – දේශපාලන විද්‍යාව ඇතිවීමේ හේතුකයන් වශයෙන් සලකනු ලැබේ. වෙනත් වචනවලින් දක්වතොත් ඉතිහාසය මහාර්ඝ වනුයේ දේශපාන විද්‍යාව නිසා යැයි කිව හැකිය…..” මෙසේ පවසන්නේ, ඒ. අප්පාදුරෙයි නම් දේශපාලන විද්‍යා ලේඛකයාය. එය ඔහුගේම මතයක් නොව, ඔහු විසින් සම්පිණ්ඩණය කරන දේශපාලන විද්‍යා දාර්ශනිකයන්ගේ මතාත්තර සාරයයි.

තවත් උදාහරණයක් ලෙස, ආණ්ඩු විපර්යාසයන්, ඒවා ඇතිවීමට හේතු හා ඒවාට කරන ලද පිළියම් ද සලකා බලයි. ඓතිහාසික විප්ලව වන 1688 ඉංග්‍රීසි ආණ්ඩු විප්ලවය ද, 1789 ප්‍රංශ ආණ්ඩු විප්ලවය හා 1917 රුසියන් ආණ්ඩු විප්ලවය ද දේශපාලන විද්‍යාව හදාරන්නන්ට වැදගත් වේ. ඒ සා විශාල දුරාතීතයකටවත් නොගොසින්, මෑත ශ්‍රී ලාංකේය ඉතිහාසය අපි අධ්‍යයනය කළ යුතු වන්නේ ඉන් අත් වූ සෙතට වඩා විපත අප තවමත් පෙළන බැවිනි. වත්මනෙහි ද කුප්‍රකට කියමනක් වන “ඉතිහාසයම පුනර්ජීවය ලැබීම විගඩමක් සහ ඛේදයක් වීම” යන්නද බහැර කළ හැක්කක් නොවේ.

මාධ්‍ය භාවිතය හා මාධ්‍යයට එල්ලවන බලපෑම විග්‍රහ කර ගත යුත්තේ ද මේ ආස්ථානයේ සිටය. ඒ අනුව 1977 න් ඇරඹි සමාජ විපර්යාසයන් සහ විකාශය අපට අත් කර දී ඇති ප්‍රගමණික තත්ත්වය මෙහිලා අත්විඳීම වැදගත්ය.

මෙම ලියුම්කරුගේ සජීවී අද්දැකීම්වලට අනුව 2015 ජනවාරි 08 යනු 1977 ජූලි 23 ට සමානය. “බලධාරියා විසින් කපාහරින ලදී..” යනුවෙන් සඳහන්ව, විමල් එස්. සුරේන්ද්‍රගේ සිට රිචඩ් ද සොයිසා දක්වාත්, රෝහණ කුමාර ගේ සිට ලසන්ත වික්‍රමතුංග දක්වාත් ලියැවෙන්නේ මේ පාදඩ සංස්කෘතියේම දිගුවකි. මේ අතරතුර, එක්සත් ජාතික පක්ෂයේ ගහලයින් විසින් තිරස්චීන ලෙස ඝාතනයට ලක් කළ එච්. ඊ. දයානන්ද නම් අභීත මෙන්ම ප්‍රගතිශීලී රාජ්‍ය සේවකයා ගැනවත් අද ඇතැමුන්ට මතකයක් ඇතිවගක් නැත. ඉවසිය නොහැකි ඛේදනීයම තත්ත්වය නම්, මේ බහු විධ හා යුගයේ දැවැන්තම ඛේදයන්ට වගකිව යුතු පාර්ශව අමතක කර මුව හම්වලට තඩිබාන ඊනියා වාමාංශිකයින්ගේ ක්‍රියා කලාපයයි.

මේ සියලු තප්පුලෑම් හමුවේ වත්මන් යහපාලකයෝ ද මාධ්‍ය මන්තරය ජප කිරීමේ උච්චම අවස්ථාව, අදට සාපේක්ෂව වෙනස්කම් හා උදාසීනතාවයෙන් යුතු 68 වන නිදහස් සැමරුමේ දී ද දෝංකාර දුන්නේය. ඒ, සිරිසේන ජනාධිපතිවරයාගේ මුවින් පිටවූ මාධ්‍ය කෙරෙහි වූ අවවාදාත්මක වදන් හරහාය. එය ද විශේෂත්වයකි. අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදීත්, ජනාධිපතිවරයා නිදහස් සැමරුමේදීත් මාධ්‍ය මන්තරයට වැඩි අවධානයක් යොමු කිරීම විශේෂ නොවන්නේ කෙසේද ?

මේ අනුව, ඉදිරියේ දී අපට බොහෝ වෙනස්කම් නොවන විපර්යාසයක් රැසක් දැක ගැනීමට ඉඩ වැඩි බවට පෙරමග ලකුණු පහළ වෙමින් තිබේ. ප්‍රගතිශීලීන් ලෙස හා ශ්‍රී ලාංකේය ජාතියක් ලෙසින් මේ තත්ත්වයට අප මුහුණ දිය යුත්තේ කෙසේද ? මාධ්‍ය අඬහැරය භීතිකාවක් වී ඛේදයක් වීමට පෙර අප විසඳා ගත යුතු පැනය එයයි.

-ජනිත් විපුලගුණ –
2016 පෙබරවාරි 05
මාතර දීය.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
සියලුම ලාංකිකයන් අනිවාර්යයෙන්ම දැනගතයුතු කාරනය..



බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යවරයා ලංකාවට පැමිණ තිබෙනවා ,ඔහුගේ ප්‍රධාන අරමුණ ලංකාවේ හමුදා ශක්තිය අඩු කිරීමයි ,මේ සදහා පවුම් මිලියන 6.5 මුදලක් ලංකා රජයට දී ඇත .

මේවයින් බලාපොරොත්තු වන්නේ හමුදාව අඩුකිරිම,උතුරු නැගනහිර පළාත්වල හමුදා කඳවුරැ සියල්ල ඉවත් කිරීම සහ යුධ  අපරාද වලට සාක්ෂි සපයාගැනීමය, මොහු මෙය ප්‍රසිදියේ ප්‍රකාශ කොට ඇත , එය DAILY MIRROR පුවත් පත වාර්තා කර ඇත .

මෙය වේගයන් වේගයෙන් ක්‍රියාත්මක බ්‍රිතාන්‍ය හමුදා උපදේශයක කෙනකු ලංකාවට ඒවා ඇත ,මොවුන්ගේ අරමුණ වන්නේ ලංකාවට FEDERAL ව්‍යවස්තාවක් හඳුන්වාදී රට අස්ථාවර කර, අනාගතයේදී ඇති වන කැරලි මැඩ පැවතිවීමට ඇති හමුදා ශක්තිය දුර්වල කර ,එවැනි අවස්ථාවකදී ඉන්දියාව ,ඇමෙරිකාව ,එංගලන්තය සමග එක්ව, ලිබියාවට ,සිරියාවට සහ ඉරාකයට  කරා මෙන් ඔවුන්ගේ හමුදා යොදවා පහරදී  බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ට  ආයුද දී රට කැලි කැලි වලට කඩා දැමීමයි...එයින් අමෙරිකාව ඇතුලු බටහිර බලවත් රටවලට ශ්‍රීලංකාව කේන්ද්‍ර කොටගෙන කලාපයේ බලය තහවුරැ කරගැනීම ඔවුන්ගේ ඉලක්කයයි..බටහිර ගැත්තෙකු වන ඉන්දියාව මෙහි "කපුකම" කරයි...මේ දකින්නේ ඒවායේ ප්‍රථිඑලයි...

ෂෙයිඞ් අල් හුසේන් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණෙන්නෙ දෙමුහුන් යුද අපරාධ අධිකරණ ක්‍රියාදාමය ක්‍රියාත්මක කිරීම පිළිබඳව දැනුවත් කිරීම සහ මෙහෙයවීම සඳහායි..මුන් සියල්ල අමෙරිකාව ප්‍රමුක කලාපයේ බලය තහවුරැ කරගැනීමට කුමන්තුන කරන ඊලාම්වාදයට ගැති රටවල ඉත්තන්ය,රෑකඩයන්ය...
මේ පිළිබද රටේ ජනතාව  අද වන විටත් දැනුවත් වී නැත ,මෙය සියලු දෙනා දැන ගත යුතු භයානක කාරණයකි....
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
ඉන්දියාවට ඇඩ්‍රරස් නැතිවූ චීන ප්‍රහාරය



අද්මිරාල් ඇල්ෆ්රඩ් මාහන් හදුන්වනුයේ ක්රමෝපායික භූදේශපාලනයේ මහා ප්රාඥයා ලෙසය. විසිවන සියවසේ ජීවත්වූ මොහු ඇමෙරිකන් ජාතිකයෙකි. ඔහු වරක් මෙලෙස ප්‍රකාෂ කර ඇත. උපුටා ගැනීම, ‘’ ලෝකයේ මුහුදු මාර්ග සියල්ලන්හි දොරටුව වැටී ඇත්තේ ඉන්දියන් සාගරය මතිනි. ඉන්දියන් සාගරයේ ආධිපත්ය දරන්නේ යම් ජාතියක්ද, භූ දේශපාලනයේ සහ ආර්ථිකයෙ සුපිරි බලය ඔවුන් සතුය. ලෝකයේ අනාගත ඉරණම තීන්දු වන්නේ ඉන්දියන් සාගරයේ ජලය මතය’’ උපුටා ගැනීම අවසන් .

එම ප්රකාශය පසක් කරමින්, ලොව නාවික බලවතා වන ඇමෙරිකාව , දෙවන විශාලතම නාවික බලය සතු චීනය , තෙවන බලවතා රුසියාව සහ නාවික බලයෙන් 4 ස්ථානයෙ රැදි ඉන්දියාව මෙම සාගර කලාපයේ බලය අත්පත් කරගැනීමේ අනවරත අරගලයක නිරතය.

යුරෝ ආසියා පිවිසුම් දොරටුවේ පිහිටි එරිත්රියාවේ නාවික බලය ඊස්රායෙලය විසින් අත්පත් කරගෙන ඇත. ඔමානය සහ අරාබි එමීර් රාජ්යයේ ද ඊශ්‍රායලයේ නාවික බලය පතුරා ඇත. ජිබොටි රාජ්යයේ සියලු වරායන්හි බලය ඇමෙරිකාව සහ නේටෝව අත්පත් කර ගෙන ඇත. ඉරානයේ මුහුදු සීමාව හරහා රුසියාව ඉන්දියන් සාගර මෙහෙයුමට අත පොවා ඇත. චීනයේ ප්‍රථම විදෙස් නාවික කදවුර පිහිටුවීමට යන්නේ ලෝකයේ යුධ උපක්‍රමික මර්මස්ථානයක් වන ජිබොටී රාජ්යයේය. එය චිනය ගොඩ නගන මුහුදු සේද මාර්ගයේ වැදගත්ම නාවික මධ්යස්ථානයකි. පාකිස්ථනයේ ග්වදාර්, මාලදිවයින් , හම්බන්තොට, බංගලාදේශයේ චිතගොං, මියන්මාරයේ කොකො දූපත් සේද මාවතේ වැදගත් වරායන් ලෙසට චීන සලකුන යොදා ඇත.

ඉන්දියන් සාගරයේ ජිබොටි රාජ්යයේ සහ දියාගෝ ගර්ෂියා දූපත් වල වරායන්ට අමතරව ඇමෙරිකානු ඩ්රොන මෙහෙයුම් මධයස්ථානද පිහිටුවා ඇත. තවද ඉන්දියන් සාගර කලාපයේ අරාබි මුහුදේ සිට ජපානයද දකුනෙන් ඔස්ට්රේලියා දක්වාද අස්සක් මුල්ල්ක් නෑර ඇමෙරිකානු මිලිටරි බලය පතුරා ඇත. ඉන්දියානු සාගර කලාපයේ සුපිරි බලවතුන් සියල්ලන් මිලිටරි බලය පතුරුවා තිබුනද අවසාන විග්රහයෙදී දැකිය හැක්කේ කදවුරු 2ක් පමනි. ඉන්දියාව,ඊස්රායෙලය, නේටෝව, සෞදි අරාබිය, ජපානය ගොනුවන්නේ ඇමෙරිකානු කදවුර තුලය. චීනය, ඉරානය, රුසියාව සහ පාකිස්ථානය පිහිටන්නේ අනෙක් කදවුර තුලය. ඉන්දියානු සාධකය හමුවේ පකිස්ථානයද ඇමෙරිකානු කදවුරෙන් ඉවත්වීම නොවැලැක්විය හැක.

ඇමෙරිකාව පරයා චීනය ලෝක ආර්ථිකයේ සුපිරි කිරුල දැරීමට ඉතා ආසන්න වී ඇත. චීනයේ සිහිනය මුලුමනින්න්ම රදාපවතින්නේ යොජිත මුහුදු සේද මාර්ගය මතය. සිය බලශක්ති අවශ්යතාව සපුරාලීමට ඛනිජ තෙල් සහ ගෑස් රැගෙන ආයුත්තේ අරාබි කරයෙනි. යුරේනියම් , මිනිරන් ඇතුලු නිෂ්පාදන අමුද්රවය රැගෙන ආ යුත්තේ අප්රිකානු කලාපයෙනි. චීන යාත්රාවක් අප්රිකානු කලාපයේ ජිබොටි වරායට ගියද, තෙල් රැගෙන ඒමට පර්සියන් බොක්කට ගියද ඉන්දියානු උපමහාද්වීපය වටා කැරකී යා යුතුය. නාවික යාත්රාවක් ඉන්දියාව වටා කැරකීම යනු නාවික සැතපුම් 5000 පමන දුරකි. මේ අතරතුර චීනයට ඇති එකම නවාතැන් පොල ශ්රිලංකාවය. චීනයේ සැලසුම සිය නාවික මෙහෙයුම් ජාලයේ ප්‍රධාන මෙහෙයුම් මධ්යස්ථානය ලංකාවේ පිහිටුවීමය.

හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපල ගොඩනැගුවේ චීන සේද මාවතේ මුලෝපායික අවශ්යතාව නිසාය. ඒවා නැව් නො එන වාරාය හෝ ගුවන් තොටුපල නොව අප්රිකානු කලාපයෙන් නල මගින් රැගෙන එන ඛනිජ ද්රව්ය සැකසීමේ මෙහෙයුම මධ්යස්ථාන විය. කොලඹ ඉදිකෙරෙන පොට්සිටිය චීනයේ වානිජ අගනුවර විය. 21 වන සියවසේ චීනයේ ආර්ථික ඉලක්ක රැදී පවතිනේ ලංකාවේ භූදේශපාලන සිතියම මතය. ඉන්දියාව – ඇමෙරිකාව එක්ව දියත් කල කුමන්ත්රනයකින් චින හිතවාදී රාජපක්ෂ රෙජීමයට විරාමයක් සටහන් කල බව ප්‍රකට කරුනකි. මේ සියලු සිදුවීම් හමුවේ චිනය තව දුරටත් නිහඩ ප්රේක්ශකයෙකු ලෙස නොසිටින බව පසුගිය සතියේ ඔප්පු කලේය.

චීනය සිය බල පරාක්‍රමය පෙන්වනු වස් මහජන චීන නාවික හමුදාවට (People’s Liberation Army-Navy – PLAN) අයත් “ලියුෂූ” (Liuzhohu) “සැන්යා (Sanya)සහ “කින්හායු (Qinghaihu) යන නෞකාවන් 2016 ජනවාරි මස 17 දින කොළඹ වරායට සේන්දු විය. චින නාවික මෙහෙයුමේ ප්රධානියා වූයේ අන් කවරෙකු නොව දකුණු චීන නෞකා බලඝනයේ නියෝජ්ය මාණ්ඩලික ප්රධානී (Deputy Chief of Staff of the South Sea Fleet) රියර් අද්මිරාල් යූ මැන්ජියැන්ග්ය (Rear Admiral Yu Manjiang). චීන හමුදාවේ තරු නිලධාරීන් පිලි ගැනීමට ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි සහ ත්‍රිවිධ හමුදා මාන්ඩලික ප්‍රධානි කෝලිත ගුනතිලක චින නැවට ගොඩ විය.

චීන නාවික හමුදාවේ ගිනි බලයේ සුපිරි බල සංකේත වන් යුධ නෞකා කොලඹට සේන්දුවීම ඉන්දියාවට එල්ල කල අතුල් පහරක් විය. චීනය එල්ල කල අතුල් පහරට පිලිතුරු සැපයීමට ඉන්දියාව සතු ලොකුම යුධ නැව කොලඹ වරායට පිටත් කලේය. ” හිරුමෙන් ශක්තිමත්”, යන තේරුම ඇති වික්රමාදිත්ය නෞකාව. වහ වහා කොලඹ පැමිනියේ සිදුවූ විලි ලැජ්ජාව වසා ගැනීමටය. සිය විශාලතම නැව කොලඹට දියත් කලා පමනක් නොව ජනධිපති සිරිසේන ඉන්දියානු නැවට ගොඩවිය යුතු බවට බලපෑම් කලේය. යුධ නැවක් වරායකට සේන්දු වූවාට එය පිලිගැනීමට රජය නායකයෙකු ගොඩවන සිරිතක් ලෝකයේ කිසිදු රටක නොමැත. එය තම රටේ අභිමානයට කරන මදි පුංචිකමකි.

මෙතෙක් ඉවසීමන් බලා සිටි චීනය සිය ප්‍රහාරය ආරම්භ කලා පමනි. චීන පොර්ට් සිටි ව්‍යාපෘතිය යලි ඇරබීමට අවසර ලැබුනි. ගිවිසුමේ ප්‍රකාරව පොර්ට් සිටි ව්යපෘතිය නවතා තැබූ කාලයට ලක් රජයෙන් අයවිය යුතු වන්දිය චීනයට ලැබිනි. කොක්කෙන් නැතිනම් කෙක්කෙන් හෝ චීනය තම අරමුන වෙත යන බව ඉන්දු-ඇමෙරිකා හවුලට ප්‍රදර්ශනය කලේය. චිනය සමග සෙල්ලම් කිරීම ඇමෙරිකාව සමග කරන සෙල්ලමකට වඩා භයානකය. 60 දශකයේ ඉන්දු-චීන යුද්ධයේදී සිරිමාවෝ ඉන්දියාවට පක්ෂග්‍රහී වූ බව සැක සංකා චීනය තුල විය. චීනය සිරිමාවෝට පාඩමක් ඉගැන්වීමට දුන්නේ තනි අතේ ගේමකි. 71 කැරැල්ලේ පිටුපස සිටි කොනක චීනයද විය

විශේෂ ලියුම්කරු කීර්ති රත්නායක

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
සැම රජයේ පාසලකම ජාතික ගීය දෙමළෙන්ද ගයන්න -ආර් සම්බන්ධන්



සැම රජයේ පාසලකම ජාතික ගීය දෙමළ බසින්ද ගායනා (සිංහලෙන් ගායනා කිරිමට පසුව)කිරිමට ඉක්මනින් කටයුතු සම්පාදනය කරයුතු බව ද්‍රවිධ ජාතික සන්ධානයේ නායක මෙන්ම විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේන් ඉල්ලිමක් කර තිබේ.ඒ සම්බන්ධයෙන් උතුරු පළාත් සභාවට යෝජනාවක් ඉදිරිපත් කිරිමටද ඉදිරි දිනවලදි කටයුතු කරන බවද ආර්.සම්බන්ධන් මහතා ජනපතිවරයාට පවසා තිබේ.

මේ අතර ජාතික ගීය දෙමළ භාෂාවෙන් නිදහස් උත්සවයකදි ගයනා කිරිමට ශ්‍රි ලංකා රජය ගත් තින්දුව ඉතා ඉහලින් අගය කරන බවත් ශ්‍රී ලංකාවේ ජීවත්වන ජන වර්ගයන් අතර සැබෑ සංහිදියාවක් ඇතිකිරීමට, ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම තුලින් පමණක් සිදුකළ නොහැකි බවත් ඉතා ඉකමනින් ෆෙඩරල් ක්‍රමයක් හරහා රටේ දමිළ ජනතාවට සිය අයිතිවාසිකම් ලබාදිමට කටයුතු කලයුතු බව දමිළ ඩයස්පොරාව අද ජාත්‍යන්තර මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් කියා තිබේ.

මේ අතර 68 වැනි ජාතික නිදහස් දිනය සමරන (04) වවුනියාවේ පිරිසක් කලු කොඩි ඔසවා වවුනියාව නගර සභාව ඉදිරිපිටදී විරෝධතාවක නිරත වු අතර ඔහුන් ඊළාම් රාජ්‍යයේ සිතියමද ප්‍රදර්ශණය කිරිමට කටයුතු කර තිබුනා.

මේ අතර ජාතික ගීය දෙමළ බසින්ද ගායනේ කලේ මේ රටේ සාමාන්‍ය දෙමළ ජනතාවගේ ඉල්ලීමකට නොව දෙමළ ජාතිවාදී දේශපාලනඥයන්,ඉන්දියාව, බ්‍රිතාන්‍ය සහ ඇමරිකා එක්සත් ජනපදය සතුටු කිරීමට බවත් එම නිවට ක්‍රියාව දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකින බවත් ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය පවසයි.

පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින් එම සංගමයේ ලේකම් ආචාර්ය චන්න ජයසුමන සදහන් කරන්නේ ජාතික ගීයට අත් වූ ඉරණම හෙට දිනයේ ජාතික කොඩියට සහ රාජ්‍ය ලාංජනයට ද ඉන්පසු රටේ ඒකීයභාවයටද අත්වනු ඇති බවත් මේ ගමන නැවැත්වීමට සියලු සබුද්ධික ජනතාව පෙළ ගැසිය යුතු බවත්ය.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
පාර්ලිමේන්තු යන්න ගිය ෆොනී සිරිකොත අගුපිලේ -ෆොනී නැසු කුමන්ත්‍රණය මෙන්න



ජනතාපරමාධිපත්‍යට පයින් ගසමින් බලු ගුනේගෙන් හිස්වූ මන්ත්‍රී ධූරය තමා සතු කර ගැනීමට වෙල් විදානේ ෆෝන්සේකා ගිනී පෙලෙල්ල වතුරේ ඔබා රනිල්ගේ සිරිකොත ගුබ්බැයමට රිංගා ගත්තද දැන් වැඩෙ කෙලවෙන ගානට පැමිණ ඇති බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කර සිටි.

ඒ අනුව ෆොනී අනාත කිරිම සදහා දැන දැනම රනිල්-මෛත්‍රී ගේමක් ගසා ඇති අතර එම ගේමට අනුව පාර්ලිමේන්තුවේ ලගින්නට ගිය ෆොනීට සිරිකොතේ මුල්ලක ලගින්නට වන බවට පෙනෙන්නට තිබේ.

කලවැදද්දා ආන්ඩුවට වද්දා ගත හොත් 24 පැයක් තුල ඉල්ලා අස්වන බව අධිකරණ ඇමති විජේදාස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට දිගින් දිගටම පෙන්වා දුන් අතර පසුව වෙල් විදානේ එජාපය අමග එකතු විමෙන් පසුව විජේදාස ගෙන්වු රනිල් පවසා ඇත්තේ යුධ හමුදාවේ කිසිදා විශ්‍රාම නොයන නිළයක් වන ෆිල්ඩ් මාෂල් තනතුරක් දරණ සරත් ෆොන්සේකාට මන්ත්‍රීධුරයක් හෝ ඇමතිධුරයක් දැරිමට නෛතීකව බලයක් නොමැති බව තමන්ට වඩා හොදට නීතිය දන්නා විජේදාස දන්නේ නැද්ද යනුවෙනි.

එවිට විජේදාස රාජපක්ෂ පවසා ඇත්තේ ඒ සම්බන්ධයෙන් කිසියම් කෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විරෝධතාවයක් ගොනු කිරිමට කටයුතු කලහොත් වැඩේ ගොඩ බවය.

එහිදි රනිල් පවසා ඇත්තේ..”විජේදාස ….සරත් රට වටේම ගිහින් ගත්තේ ඡන්ද 25000ක් විතරයි……ඊට වඩා මේ කොළඹ මනාප ගත්ත අය ඉන්නවා පාර්ලිමේන්තුවට යන්න විදියක් නැතුව…..ඒ කට්ටිය හෙට අනිද්දාට ගානට වැඩේ දෙයි යනුවෙනි…”

ඒ අනුව ඉදිරි දින කිහිපය තුලදි සරත් ෆොන්සේකාට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීධුරයක් ලබාදිමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විරෝධතාවයක් ගොනු කිරිමට කටයුතු මේ වනවිටත් සුදානම් වෙමින් තිබේන අතර ඒ අනුව සරත් ෆොන්සේකාට අල්ලපු වත්ත සහ පයගහපු වත්ත යන දෙකම නැති කිරිමේ සිරිකොත කුමන්ත්‍රණය ඉදිරි දින කිහිපය තුලදි සාර්ථකව ක්‍රියාත්මක විමට නියමිතය.

ෆිල්ඩ් මාෂල් නැත්නම් විජේ දාසකියන විදියට වෙල් විදානේ යනු කවුරුන්ද?(රතුපාට කොටස මතකයේ තබා ගන්න )

“This esteemed rank of ‘Field Marshal’ is a Five-Star rank which is equivalent to an ‘Admiral of the Fleet’ in the Navy and ‘Marshal of the Air Force’ in the Air Force. Field Marshal would remain in service in uniform for life and would bear the special baton in the left hand. He is entitling for a separate staff with security”.

භාවප්‍රාප්ත අමාත්‍ය එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධනට අයත් මන්ත්‍රී ධුරය සදහා පාර්ලිමේන්තුවට යැමට සුදානමින් සිටින බවත් එම මෙහෙයුමට අනුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කැමති කරවා ගැනිම පසුපස එක්සත් ජාතික පක්ෂයේ සභාපති අමාත්‍ය මලික් සමරවික්‍රම දැඩිව කටයුතු කරමින් සිටියද සාගල රත්නායක සහ මලික් අතර් පවතින නිදියහනේ ගැටුම හේතුවෙන් සාගල රනිල්ගෙන් ඉල්ලා ඇත්තේ ෆොන්සේකා කැබිනෙට්ටුවට එකතු කර නොගන්නා ලෙසයි.එම ඉල්ලිමට අකිල විරාජ් කාරියවසම් එකඟ වි ඇති අතර අවසානයේ මලික් පරදා අකිල සහ සාගල ජයගෙන ඇති බවයි රජයේ අභ්‍යන්තර තොරතුරු වාර්තාකරු සදහන් කළේ.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
ජාතික ගීය දමිළ බසින් ද ගැයීම පිළිබඳ…



දමිළ බසින් ද ජාතික ගීය ගැයීමට තීරණය කොට ඇති බව වාර්තා වේ. එවිට ජාතික ගීය දෙවරක් ග‍ැයේ. මෙය ඉලක්කගත අරමුණ ඉටුකරගනු වස් වන ප්‍රායෝගික පියවරක් ද? කිසි සේත් ම නැත. භාෂා දෙකකින් දෙවරක් ජාතික ගීය ගැයීම නිකරුණේ කාලය කා දැමීමක් මෙන් ම ජාතීන් දෙකක (two nations) පැවැත්මක් පිළිබඳ අනියම් පිළිගැනීමක් පිළිබඳව ද කරන ඉඟි කිරීමකි. සිංහල ජනගහණය සියයට 74ක් වන රටේ ඇත්තේ එක ම ජාතියකි. එනම් ශ්‍රී ලාංකීය ජාතියයි. එහි නොයෙක් භාෂා කතා කරන අය විසීම වෙනම කාරණයකි. භාෂාවක් කතා කළ පමණින් කෙනෙකුට ජාතියක් ලෙස පිළිගැනීමක් ආරෝපණය කරගත නොහැක. අපමණ භාෂා කතා කරන ඉන්දියාවේ ද ඇත්තේ එක ම ජාතියකි. ඉන්දීය ජාතියයි.

මෙවන් තත්වයක දී ජාතික ගීය භාෂා දෙකකින් ගායනා කිරීම, රජය විසින් ව්‍යවස්ථාපිත ව ෆෙඩරල් ව්‍යුහය පිළිගෙන නැතත් ප්‍රායෝගික ව එසේ කිරීමට යාමක් ලෙස පැහැදිළි ය. ෆෙඩරල් ව්‍යුහයට අවශ්‍ය යටිතල පහසුකම් වක්‍ර ව හා ක්‍රමානුකූල ව එලා, හඳුන්වාදීමට යෝජිත නව ව්‍යවස්ථාවෙන් එකී සංශෝධනයන්ට නෛතික භාවය ලබාදීම මෙවැනි පියවරයන්හි අරමුණ විය හැකි ය. මෙය රටේ එකීයභාවය අනතුරට හෙළිමකි.

ජාතික ගීය සිංහල බසින් පමණක් තිබීම ද්‍රවිඩ භාෂිකයින්ට අසාධාරණයක් නම් දෙබසින් දෙවරක් ගායනා නොකොට ඒ සඳහා අන් විසඳුමකට යාම යෝජනා කරමු. අවශ්‍ය නම් දමිළ භාෂිකයින් නියෝජනය කිරීම සඳහා එම බස කතා කරන ජන අනුපාතයට අනුව ජාතික ගීයේ කිසියම් කොටසක් දමිළි බසින් ද ගායනා කළ හැකි ය. එය අමුතුවෙන් දමිළ කොටස් ඇතුල් කිරීමක් නොව, තිබෙන ගීයේ ම ඛණ්ඩයක් දමිළ බසින් ගැයීම ය.ජාතික කොඩිය තුළ ඒ ඒ වර්ණවලින් සුළු ජාතීන් නියෝජනය කරන පරිදි ය. එවිට එක් වරක් පමණක් ගීය ගැයෙන අතර, සිංහලයා ද දමිළයා ද අනෙකාගේ බසින් ඔවුනොවුන්ගේ ජන නියෝජනයට අනුව හඳුන්වා දුන් කොටස ගායනා කෙරේ. විශේෂයෙන් ම එවැනි අවස්ථාවක දී ජාතීන් දෙකක පැවැත්මක් පිළිබඳ පිළිගැනීමක් අහෝසි වේ. අපි ශ්‍රී ලාංකික නම් තාර්කික ව තිබිය යුත්තේ එක් ජාතික ගීයකි.

ප්‍රභාකරන්ගේ ද්‍රවිඩ ජාතිවාදී ත්‍රස්තවාදය වන්දනා කරමින් සිට, දැනුදු විග්නේශ්වරන් ඇතුළු සෙසු දෙමළ ජාතික සංධාන දේශපාලකයින්ගේ දෙමළ ජාතිවාදී ‘පොල්පරාලය’ කිසිදු අවස්ථාවක නොදකින, එහෙත් බොදු බල සේනාව නමින් තමන් විසින් ම නිර්මාණය කළ සංවිධානයේ අන්තවාදි ‘පොල් කෙන්ද’ සමස්ත සිංහලයාගේ ම පිළිබිඹුවක් ලෙස දැක්වීමට උත්සාහ කරන ලිපි පෙළක තවත් එකක් පහත දැක්වේ. බොදු බල සේනාව ලවා හෝමාගම සිදු වීම නිර්මාණය කරගත්තේ මේ ලිපි පෙළ කලින් ම සූදානම් කරගෙන බව සිතෙන තරමට ම ඒවා දැන් එළි දකිමින් තිබේ. අපට තිබෙන ප්‍රශ්නය නම් මේ ලිපි සෑම එකක ම ඉලක්කය කිසිදු පදනමක් නොමැති ව අලුත්තම සිද්ධිය සේම මෙම සිද්ධිය ද පොදුවේ මෙරට සිංහලයාගේ හා විශේෂයෙන් මැදමුලන ‘මරාගේ ගිණුමට’ බැර කිරීමට උත්සාහ කිරීම ය.

උපුටිත ලිපියේ දී රාඝවන් මහතා විසින් මීට පෙර වතාවල දී මෙන් ම මෙහි දී ද සිංහල සමාජය හෑල්ලුවට ලක්කිරීම සඳහා ඉදිරිපත් කළ කරුණක් විශේෂයෙන් ම අපගේ සිත් ගත්තේ ය. ඒ සිංහල සමාජය නිති අනාරක්‍ෂිත හා බිය මුසු ස්වභාවයකින් කල්ගෙවන බවට වන කරුණ ය.

//I think among other scholars, I have answered this from the political nature of Sinhala Buddhist Cosmological Insecurity.//

ඇත්ත වශයෙන් ම සිංහලයා සිය ඉතිහාසය පුරාම රාඝවන් මහතා දක්වන ආකාරයේ බියකින් කටයුතු කොට ඇති බවට කිසිදු සාක්‍ෂියක් හමුවන්නේ නැත. ලංකාව ඉතා අඩු ජනගහනයක් සහිත කුඩා රටක් ව තිබියදීත්, ඊට කිලෝමීටර් 20කට එහා භාරතයේ සුවිසල් ද්‍රවිඩ රාජ්‍ය ගොඩ නැගී තිබිය දීත් තම ස්වෛරී රාජ්‍ය ද්‍රවිඩ ආක්‍රමණිකයින්ට යටත් කරගැනීමට සිංහලයා ලේසියෙන් ඉඩ හැරියේ නැත. ආක්‍රමණිකයින් විසින් වරින් වර කෙටි කලකට ලංකාව අල්ලා ගත්ත ද ඒ සෑම අවස්ථාවක ම සතුරා විමතියට පත්කරමින් ප්‍රති ප්‍රහාර දී පෙරළා සිංහල ඔටුන්න සිංහාසනාරූඩ කිරීමට සිංහලයා සමත් වන්නේ ය. දුටුගැමුනු මෙන් ම මහින්ද ද එසේ ඉතිහාසය තුළ ද්‍රවිඩ ආක්‍රමනිකයන්ට එරෙහිව නොබිය ව කටයුතු කළ නිදසුන් දෙකක් පමණි. අප සිතන ලෙස රාඝවන් මහතා ඉහත අමූලික නිගමනයට පැමිණ ඇත්තේ සිංහලයාගේ සටන්කාමී බව මෙන් ම ඉවසීම ද වරදවා තේරුම් ගෙන විය යුතු ය. විටෙක (අන්තවාදී) ද්‍රවිඩයෙකු ලෙස තමන්ට ම කියා ස්වාධීන රාජ්‍යක් ලොව කොතැනක හෝ නොපැවතීම පිළිබඳ හීනමානය හා අනාරක්‍ෂිත බව පෙරළා සිංහලයා මතට ම ප්‍රක්‍ෂේපණය කිරීමට හේ උත්සාහ කරන්නේ ය. කෙසේ වෙතත්, අපි රාඝවන් වැන්නට ආරාධනා කරන්නේ ශ්‍රී ලංකාව හා සිංහලයා සිය ‘අනෙකා’ කර නොගෙන මේ සුන්දර රට තමන්ගේ ද රට ලෙස සිතන මානසිකත්වයකට එන ලෙස ය.

බිය සාධකය මෙරට ආරක්‍ෂක හමුදාවන්ට ද ව්‍යාප්ත කිරීමට රාඝවන් දරන උත්සාහය හාත්ස්‍යෝත්පාදක ය. ඔහුට අනුව, අන්තර්ජාතික ව දඬුවම් ලැබෙතැයි යන විස්වාසය නිසා ආරක්‍ෂක හමුදා සිටින්නේ බියෙන් ය.

//This time they may intrude into the sections of the military that is in fear of war crimes probe over some of their abysmal conduct in 2009.//

රාඝවන් මහතාට කෙටියෙන් දිය හැකි ප්‍රතිචාරයකි. එනම් මෙරට ආරක්‍ෂක හමුදා කිසියම් දිනක කිසිවෙකුට හෝ බියෙන් පෙළුණේ නම් තාමත් ප්‍රභාකරන් හා ඔහුගේ ත්‍රස්ත කල්ලිය ජීවතුන් අතර බව ය.

ජ්‍යෙෂ්ට කථිකාචාර්ය -මහින්ද පතිරණ  

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
ඞී.අයි.ජී අනුර දිසානායක’කබ්බා ගැන විමල් කියයි



මරබිය තුරන්කර, රට එක්සේසත් කර අදීන ශ‍්‍රී ලංකාවක් නිර්මාණය කර දීමට සිය මුළුවෙර යොදා කැපවුණු නායකයාගෙන් මේ ආකාරයට පන්න පන්නා පලිගැනීම තවදුරටත් නොඉවසා ඊට එරෙහිව නැගී සිටින්නැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පොදු ජනතාවගෙන් ඉල්ලා සිටියි.

අද(01) බොරැල්ල එන්.එම්. පෙරේරා මධ්‍යස්ථානයේ පැවැති හිටපු ජනාධිපති පුත් යෝෂිත රාජපක්‍ෂ ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීම පිළිබඳව කරුණු පැහැදිලි කිරීමේ ඒකාබද්ධ විපක්‍ෂ විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් විමල් වීරවංශ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද පැවසීය.

‘‘පෙබරවාරි 05 වැනිදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් ෂෙයිඞ් අල් හුසේන් ශ‍්‍රී ලංකාවට පැමිණිමට නියමිතයි. ඔහු පැමිණෙන්නේ මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ප‍්‍රමුඛ කොටි ත‍්‍රස්තවාදයෙන් මේ රට බේරාගත් රණවිරුවන් දංගෙඩියට යවන යුද අපරාධ අධිකරණයක් පිහිටුවීමට අදාළ කටයුතුවල ප‍්‍රගතිය විමසා බැලීමටයි. ඒ මහා පාවාදීමේ මෙහෙයුම දිගේලි කරමින් තිබෙන වෙලාවේ මේ කොන්ද පණ නැති ආණ්ඩුව මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ දේශපාලන භූමිකාව නතර කරන්න හිතාගෙන එතුමාගේ බිරිඳ, පුතාලා ඇතුළු පවුලේ සැමට දරුණු ලෙස පහර දීමට පටන්ගෙන තිබෙනවා. මේ මාධ්‍ය හමුව පවත්වන අවස්ථාවේ ශිරන්ති රාජපක්‍ෂ මැතිනිය ඉන්නේ බරපතළ මූල්‍ය වංචා පිළිබඳ සොයන ජනාධිපති කොමිසමේ.

‘ඔළු දෙකේ ආණ්ඩුව’

මේ ආණ්ඩුව දන්නවා, ඔවුන්ට පැවැත්මක් නැහැ කියලා. මේ තමයි කෙටිම කාලයකින් වැඩිම හානිය සිදුකර ගත්තු ආණ්ඩුව. මේක ‘ඔළු දෙකේ’ ආණ්ඩුවක්. ඊට නායකයන් දෙදෙනකු ඉන්නවා. එහෙම නායකයන් ‘බානක්’ හිටියත් ඒ දෙදෙනාට රට පාලනයකර ගන්න බැරි වෙලා තිබෙනවා. ආර්ථිකය දවසින් දවස වැටෙනවා. දිනාගත්තු සමාජ ආර්ථික ජයග‍්‍රහණ රටට අහිමි වෙමින් තිබෙනවා. ඒ නිසා ඔවුන්ගේ අසරණකම වහගන්න තියෙන එකම ක‍්‍රමය වී ඇත්තේ ‘මහින්ද භීතිකාවක්’ මැවීම.

‘ඞී.අයි.ජී අනුර දිසානායක’

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පුතා යෝෂිත රාජපක්‍ෂ සීඑස්එන් නාලිකාවේ කිසිදු තනතුරක් දරන්නෙ නැහැ. සභාපති හෝ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයකු නොවෙයි. අයිතිකරු ද නොවෙයි. නමුත් එක්තරා ඇමතිවරයකුගේ මස්සිනා කෙනෙකු මෙම නාලිකාවේ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස කටයුතු කරනවා. ඔහුට මේ අත්අඩංගුවට ගැනීම අදාළ වී නැහැ. ‘ඇමති මස්සිනා’ අතහැර හිටපු ජනාධිපතිතුමන්ට පහර දීමට තමයි යෝෂිත රාජපක්‍ෂව මේකට පටලවන්නේ. මේ දඩයමට ‘රතු පාවාඩ එලන්නේ’ ජනතා විමුක්ති පෙරමුණ. ‘ඞී.අයි.ජී. අනුර දිසානායක’ එයාගේ ගෝලයකුට ප‍්‍රශ්න අහන්න කියනවා. එයා ‘බෝලය උස්සලා දුන්නම’ ඇමති මෙහෙන් ‘ඩෑෂ් පහර’ දෙනවා. ඒ විදියට අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය මතය සහ පරිසරය හදලා පසුව කියනවා ‘අල්ලන්න’ කියලා.

‘යෝෂිත රාජපක්‍ෂ අත්අඩංගුවට ගත් හැටි’

යෝෂිත රාජපක්‍ෂ ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමේ තීන්දුව ගත්තේ ජනාධිපතිවරයා ඇතුළු ඇමතිවරු තුන්දෙනෙක්, ‘සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයන්’ යැයි කියා ගන්නා එන්ජීඕ කාරයෝ දෙදෙනෙක් හා පොලීසියේ ඉහළම නිලධාරියෙක් ‘අපේ ගම’ පරිශ‍්‍රය තුළදී හමුවෙලා, සාකච්ඡා කරලයි. පොලිස්පතිට දැඩි බලපෑමක් එල්ල කරලා ‘නීතිපති උපදෙස් අවශ්‍ය නැහැ. කෙලින්ම ගන්න’ කියලයි කිව්වේ. අපට මතකයි හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර අත්අඩංගුවට ගන්න නීතිපතිගේ උපදෙස් ලැබෙනකම් කොපමණ කාලයක් බලා සිටියාද? එදා පොලීසිය කිව්වේ ‘බුදු අම්මෝ, නීතිපතිගේ ලියුම නැත්තම් හිරුණිකා දිහා බලන්නවත් බැහැ’ කියලයි. මෙතැනදී යෝෂිත රාජපක්‍ෂ ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ කිසිදු නීත්‍යනුකූල පදනමක් නැතිවයි. මෙසේ අත්අඩංගුවට ගැනීමට ඇත්තේ එකම හේතුවයි. ඒ තමයි, ‘මහින්ද රාජපක්‍ෂ දේශපාලන භූමිකාවෙන් ඉවත් කරන්න නම් දරුවන්ට ගහන්න ඕනෑ’ කියලා, මේ ඔළු දෙකේ ආණ්ඩුව විසින් සිතීම. දරුවන්ට ගහපුවාම මහින්ද රාජපක්‍ෂ මැතිතුමා තාත්තා කෙනෙකු ලෙස සැලෙයි කියලා මේ ආණ්ඩුව හිතනවා. එවැනි ද්‍රෝහී පාපතර මෙහෙයුමක් පමණයි අද මේ රටේ ක‍්‍රියාත්මක වෙන්නේ. මේ ආණ්ඩුව කොපමණ අසරණ, දුර්වල වෙලාද කියනවා නම්, සදාචාරාත්මකව වැහැරිලාද කියනවා නම්, අද ක‍්‍රියාත්මක වන්නේ ‘දරුවන්ගෙන්, බිරින්දෑවරුන්ගෙන් පලිගැනීමේ මෙහෙයුම’වෛරයෙන් පෙළෙන ඇමතිවරුන්ගෙන් පොලීසියට උපදෙස්

අද මේ රටේ නීතිය ක‍්‍රියාත්මක වෙනවා කියලා කවුරුහරි කියනවා නම් ඒක විහිළුවක්. ඇඹිලිපිටියේ එක්දරු පියාගේ ඝාතනයට සම්බන්ධ පොලිස් නිලධාරීන් වහාම අත්අඩංගුවට ගන්න’ කියා ඇඹිලිපිටියේ මහේස්ත‍්‍රාත්තුමා නියෝගයක් ලබාදී තිබෙනවා. එම නියෝගය ලබාදී අදට දින 06යි. ඒ නිලධාරීන් සොයා ගන්න බැරිද? ඒකෙන්ම ඉතා පැහැදිලිව පෙනෙනවා අද මේ රටේ නිර්මාණයකර ඇත්තේ පොලිස් රාජ්‍යයක්. අද FCID කියලා නීති විරෝධී ආයතනයක් හදලා, ඒකට ඕනෑම මර්දනකාරී පියවරක් ගන්න අනුබල දීලා තියෙනවා. ඇමතිවරු කල්ලි ගැහිලා, ‘අත්අඩංගුවට ගත යුත්තේ කවුද?’ කියලා තීන්දු කරනවා. වෛරයෙන් පෙළෙන ඇමතිවරුන්ගේ උපදෙස් පිළිගන්න අද පොලිස්පතිවරයාට සිදු වෙලා තිබෙනවා.

කවුරු හරි හිතනවා නම් ‘මේ දඩයම හමුවේ ඒකාබද්ධ විපක්‍ෂය බිය වෙයි, හැකිලෙයි’ කියලා ඒ අයට වැරදිලා. පෙරටත් වඩා ශක්ති සම්පන්නව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත‍්‍රීතුමන්ලා ඇතුළු අපි සියලූ දෙනා එක මිටකට එකතු වෙලා මේ ඒකාධිපති වියරුව පැරදවීම සඳහා පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් ගත හැකි සියලූ පියවර ගන්නවා.

අපි ජාතියක් හැටියට මේ රටේ සාමූහික හෘදසාක්ෂිය නියෝජනය කරනවා නම් අපේ හෘදසාක්ෂිය අපිව ප‍්‍රශ්න කරන වේලාවක් මේක. මරණ බියෙන් ජීවත් වුණු මිනිස්සු අපි. දරුවෝ පාසලට ගියාම ආපසු ඒවිද කියලා බියෙන් ජීවත් වුණු මිනිස්සු අපි. මුළුමහත් ජාතිය වෙළාගෙන පැවැති ඒ බිය නැති කරලා දාපු සේනාධිනායකයාගෙන් පලිගැනීමට ඉඩ දෙනවා නම්, ‘ජාතියක් හැටියට අපේ හෘදසාක්ෂියට කුමක්ද වෙලා තියෙන්නේ?’ කියන ප‍්‍රශ්නය අපි ඉදිරිපිට පැන නගිනවා. මහින්ද රාජපක්‍ෂ කියන්නේ නිකම් නායකයකු නොවෙයි. බලයට ඇවිල්ලා අවුරුදු දෙක හමාරකින් යුද්ධය අවසන් කරලා, අවුරුදු හත හමාරක් තුළ මේ රට නවීකරණය කරපු නායකයෙක්. ඔහුට විරුද්ධව බොරු බේගල් ඇද බාලා ඒවා ඔප්පු කර ගන්න බැරි වුණාම, අද FCID නැමැති නීතිවිරෝධී ආයතනයක් හදලා, මූල්‍ය විශූද්ධිකරණ පනත සහ පොදු දේපළ පනත යොදා ගෙන බොරු වැරදි හදලා, ඇප නොදී, හිරේ දමලා ඔහුගේ පවුලේ පිරිස දඩයම් කරනවා.

අපි එජාප, ජවිපෙ, ශ‍්‍රී ලනිප ඇතුළු කවර පක්‍ෂයකට අයත් වුවත් මේ රටේ රටවැසියන් හැටියට අපට තිබුණු බිය සහ සැකය නැති කරලා අදීන ශ‍්‍රී ලංකාවක් නිර්මාණය කර දීමට සිය මුළු වෙර යොදා කැපවුණු නායකයාගෙන් මේ විදිහට පන්න පන්නා පලිගැනීමට ඉඩ දිය හැකිද? ඒ නිසා අපි මේ රටේ පොදු ජනතාවට ආරාධනා කරනවා ‘ මේ පාදඩ දඩයමට තවදුරටත් ඉඩදෙන්නෙ නැතිව ජාතියක් විදිහට නැගී සිටින්න’ කියලා.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
ජඩපාලකයන්ගේ පාවෙන අවි ගබඩාව බොරු නඩුවක්… මහේස්ත්‍රාත් වරිය නඩුව වීසි කරයි…. ගෝටා නිදහස්…


ගාල්ල වරායේ පාවෙන අවි ගබඩාවේ සිද්ධියට අදාළව රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු පස්‌ දෙනෙකු වෙත ගාල්ල මහෙස්‌ත්‍රාත් අධිකරණය මගින් විදේශ ගමන් තහනම් කරමින් පනවා තිබූ නියෝගය ගාල්ල ප්‍රධාන මහෙස්‌ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය අද (27දා) ඉවත් කළාය.
හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ, රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් සුජාතා දමයන්ති ජයරත්න, හිටපු නාවික හමුදාපති සෝමතිලක දිසානායක, ඇවන්ගාඩ් සමාගමේ අධ්‍යක්‍ෂවරුන් වන පාලිත පියසිරි ප්‍රනාන්දු, මංජුල කුමාර යාපා යන පස්‌දෙනා වෙත පනවා තිබූ විදේශ ගත වීම තහනම් කිරීමේ නියෝගය ගාල්ල ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරිය විසින් මෙසේ ඉවත් කරන ලදී.
පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය වෙත කරුණු වාර්තා කරමින් කියා සිටියේ තුවක්‌කු ආඥාපනත, පුපුරණ ද්‍රව්‍ය ආඥාපනත හෝ ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත යටතේ නඩු පැවරීමට තරම් ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් වී නොමැති බව නීතිපතිවරයා විසින් දැනුම් දී තිබෙන බවයි.
මෙහිදී නීතිපතිවරයා විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කොට තිබූ ලිපි දෙකක්‌ද මහෙස්‌ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කරනු ලැබීය.
මුදල් විශුද්ධිකරණ පනත යටතේ මෙම සිද්ධියට අදාළව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් පරීක්‍ෂණ පවත්වන බවට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ පවසා සිටියේය.
මෙහිදී අවන්ගාඩ් සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් පෙන්වා දුන්නේ අවිගබඩාව පවතින මහනුවර නැව අබලන් තත්ත්වයේ ඇති නිසා එම අවි වෙනත් නැවකට මාරු කිරීමට අධිකරණය ලබාදුන් නියෝගය මෙතෙක්‌ ක්‍රියාත්මකව නොමැති බවයි.
මේ නිසා එම නියෝගය ක්‍රියාත්මක කිරීමට උපදෙස්‌ ලබාදෙන ලෙසද නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.
මේ අනුව පෙර නඩු දිනයේ නිකුත් කර ඇති නියෝගය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට දකුණු පළාත් භාර නාවික ආඥාපතිවරයාටත් ගාල්ල වරායේ හාබර් මාස්‌ටර් වරයාටත් දන්වා යවන ලෙස මහෙස්‌ත්‍රාත්වරිය අධිකරණයේ රෙජිස්‌ට්‍රාර්වරයාට උපදෙස්‌ දුන්නාය.
මුදල් විශුද්aධිකරණ පනත යටතේ නඩු පවරන්නේ නම් සියලුම සැකකරුවන්ගේ නාම ලේඛනයක්‌ද සමග අවසන් විමර්ශන වාර්තාව ඔක්‌තෝබර් 22 වැනිදා ඉදිරිපත් කරන ලෙස මහෙස්‌ත්‍රාත්වරිය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියම කළාය.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් උප පොලිස්‌ පරීක්‍ෂක සුනිල් සරණපාල මහතා පෙනී සිටි අතර ඇවන්ගාඩ් සමාගම සහ එහි අධ්‍යක්‍ෂවරුන් වෙනුවෙන් දුලින්ද වීරසූරිය කුවේර ද සොයිසා. නලින්ද ඉන්ද්‍රතිස්‌ස යන මහත්වරුන් ඇතුළු නීතිඥ කණ්‌ඩායමක්‌ පෙනී සිටියහ.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
එ.ජා.පයේ 14ක් සමග ඒකාබද්ධ විපක්ෂය සමග සාකච්චා…
අලුත් ආණ්ඩුවක් පිහිටු විමේ හැකියාවක්ද ?

මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් සෑදෙන නව දේශපාලන සන්ධානය සමග එකතු විමට තින්දුවක් ගෙන සිටින දැනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාත මෛත්‍රී කදවුර නියෝජනය කරන මන්ත්‍රීවරුන් හෙට නිදහස් උත්සවය වර්ජනය කිරිම සදහා අද තින්දුවක් ගනු ලැබුවා.
අද හදිසියේ රැස් වු අදාළ මන්ත්‍රීවරුන් මෙම තින්දුව ගත් අතර වත්මන් මෛත්‍රී පාලනය එක්සත් ජාතික පක්ෂයට අවනත විමත් රටේ සංවර්ධනය නතර කර පලිගැනිම ඇරබිමත් මෙම තින්දුවට ප්‍රධාන හේතුව බව මන්ත්‍රී කණ්ඩායම අනාවරණය කර ඇති අතර ඒ සමගම නැගි සිටි තරුණ මන්ත්‍රීවරයෙකු පවසා ඇත්තේ ” නිකන් බොරු ඔනෑ…නෑ ඇමතිතුමා ඇත්තටම ඔබතුමාලට ගමට යන්න බෑ….ගමේ මිනිස්සු කොසු…පොලු තියාගෙන ඉන්නවා ගහන්න….” යනුවෙනි…
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින යෝෂිත රාජපක්ෂ බැලීමට වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයට ගිය රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හමුවිමෙන් පසුව ශ්‍රීලනීප මන්ත්‍රීවරුන් 67 දෙනෙකු පාර්ලිමේන්තුවේ හමුවි සාකච්ඡා කර ඇති අතර පසුගිය මහා මැතිවරණය සමයේ එක්සත් ජනතා නිදහස් මහා ලේකම් ධුරය දැරු වත්මන් මෛත්‍රීගේ ආණ්ඩුවේ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සමග වෙනම මන්ත්‍රීවරුන් කණ්ඩායමක් හමුවි සාකච්ඡා කර තිබේ.
එම මන්ත්‍රීවරුන් අතර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරුන් 14ක් දෙනෙකුද සහභාගී වි සිටි අතර ඒ අනුව නව දේශපාලන පක්ෂයක් පිහිටුවිමත් සමග අලුත් ආණ්ඩුවක් පිහිටු විමේ හැකියාවක්ද මේ වන විට උදාවෙමින් තිබෙන බවද වාර්තා වේ.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
රණවිරුවන් ගැන ඇහුවම සිරිසේන බබා වෙයි



හමුදා බුද්ධි අංශ විරුවන් අත් අඩංගුවට ගෙන බෙදුම්වාදීන් සතුටු කිරීමට අත්තනෝමතික ලෙස අභූත චොදනා නගා හිර කිරීම, ජිනීවා යෝජනා ක‍්‍රියාත්මක කිරීමට දුර දිග විහිදුම් බලකාය වැන අතිශය සංවේදී යුධ රහස් හෙළි කිරීම සහ රට බෙදන ව්‍යවස්ථා මර උගුල හරහා බෙදුම්වාදය ශක්තිමත් වෙන ආකාරය පිළිබඳ පසුගියදා පැවති ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ විධායක සභාවේදී රියර් අද්මිරල් (ආචාර්ය)සරත් වීරසේකර මහතා ජනපති මෛත‍‍්‍රිපාල සිරිසේන මහතාගෙන් මුහුණටම ප‍්‍රශ්න කළේය.

එහිදී ඒ සමහර කරුණු වලට සිරිසේන මහතාගේ පිළිතුර වී තිබුනේ තමන් ඒ පිළිබඳ දැනුවත් නැති බවයි.

මහවැලි කේන්ද‍්‍රයේ පැවැති විධායක සභාව අමතමින් ජනපති තුමා වර්තමාන දේශපාලන තත්වයද, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කුමාරයා මෙහි එන වගද අන්තවාදීන් විසින් ව්‍යාවස්ථාව ගැන ජනතාව තුල අනිසි බියක් ඇති කරණ බවද කියා සිටි අතර, නිමල් සිරිපාල ඇමතිතුමා ව්‍යාවස්ථාව ගැන කියමින් දරුවා බිහි වෙන්න පෙර අඟපසග කියන අන්තවාදීන් රටේ සිටී යැයි පැවසිය.

මෙහිදි නැගී සිටි සරත් වීරසේකර ජනපති තුමාගෙන් කරුණු 03 ක් ගැන විමසීය. එහිදී අදහස් දැක්වූ සරත් වීරසේකර මහතා

‘‘අද හමුදා බුද්ධි නිළධාරීන් අත් අඩංගුවට ගෙන නිබෙනවා. හමුදාවේ වසර 39 ක් සිටි මා ඇතුළු හමුදා සමාජිකයින් ඒ ගැන කල කිරිලා දවස් 78 ක් ඔවුන් රඳවා ගැනිමේ නියෝග මත පොලිස් භාරයේ සිටියා කිසිම ඥතියෙකුට බලන්න දුන්නෑ. ඉන්පසු රිමාන්ඕ බාරයට ගත්තා. පසුව ඔවුන්ගේ අසනීප තත්වය මත රිමාන්ඕ රෝහලට ඇතුලත් කලා. නමුත් පොලිසිය ඔවුන් රිමාන්ඕ රෝහලේ ඉන්නේ කේසේද කියා චෝදනා කරමින් දොස්තරටද බලපෑම් කොට එයින් නිළධාරීන් 04 ක් සිරකුටියකට දමලා. ඒක අපි හෙලා දකිනවා. මෙයින් පෙන්නන්නේ රණවිරුවන්ට පන්න පන්නා පහර දෙන හැටි ඔවුන්ට මාස 06 කට අධික කාලයක් පඩි ගෙවා නැත. ණය ගත්ත අය අද ඉතා දුක්කිත තත්වයකට වැටිලා. ඔබතුමා මේ ගැන සොයා බලන්න ඕන.

දෙවෙනි කරුණ ඔබ තුමා කිව්වා මානව කොමසාරිස් කුමාරයා එනවා කියලා මම අද පුවත් පතේ දැක්කා සෙයිද් හුසේන් කියලා තියෙනවා එයාට අපේ දුරවිහිදුම් මෙහෙයුම් වල වාර්ථා බලන්න අවශ්‍යයි කියලා ඒක සත්‍ය නම් එය කිසි සේත් නොකල යුතුයි. ඒවා යුද රහස්, අපි ලෝකේ භයානකම ත‍‍්‍රසත සංවිධානය විනාශ කල හමුදාව, ඒ රහස් පිට සිවිල් කෙනෙක්ට දෙනවා කියන්නේ අපේ නිවට කම ප‍‍්‍රදර්ශනය කිරීමක්.

තුන්වන කරුණ වන්නේ නිමල් ඇමති තුමා කිව්වා ව්‍යාවස්ථාවේ දරුවා බිහිවන්න පලමු දරුවාගේ අඟ පසග කියන අන්තවාධියෝ සිටිනවාය කියා. නමුත් ඒ දරුවාගේ සම්පූර්ණ අව යව දැනටමත් රනිල් වික්‍‍්‍රමසිංහ කියා තිබෙනවා සුජාතා විජේවර්ධන සමරු දේශනයේදී එයා කියනවා පලත් සභාවට දෙන බලතල නැවත පාර්ලිමේන්තුවට දෙන්නැ. ජනපති විධායක බලය අහෝසි කල යුතුයි. ඔස්ටි‍‍්‍රයානු ක්‍‍්‍රමයට ව්‍යාවස්ථාව හදනවාය කියා. ඔස්ටි‍‍්‍රයාව කියන්නේ පලාත් 09 කින් යුත් පෙඩරල් රාජ්‍යයක්. එහෙනම් එයාට ඕන මෙක පෙඩරල් කරන්න. ඔබතුමාලා ඒක එහෙම නෙමෙයිනම් එක ප‍‍්‍රතික්‍ෂප කරන්න ඕන.

ජනපති විධායක බලය අහෝසි කරනවානම් මැතිවරණ ක්‍‍්‍රමය සංශෝධනය කරනවානම් ඒක අද අනුමත වුනත් ක්‍‍්‍රියාත්මක වන්නේ තව අවුරුදු 4 කින් එහෙනම් ඇයි මේ නව ව්‍යාවස්ථාවක් ගෙන ඒමේ හදිසිය ? ජනතාවගේ බය ඒ නිසා අනිසි බයක් නොවේ, නිසි බයක්, ඒ ගැන කතා කිරීම අන්තවාදී.‘‘

-යටියන ප‍්‍රදීප් කුමාර-

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
රාජපක්ෂවරුන්ට එරෙහිව කොටි නැටුම හෙවත් එමිල් කාන්තන් නාඩගම



උතුරු නැගෙනහිර පළාත්වල මූල්‍ය කටයුතු භාරව කටයුතු කළ ප්‍රධාන පෙළේ එල්. ටී. ටී. ඊ. ක්‍රියාකාරිකයකු වන එමිල් කාන්තන් හෙවත් ඇන්ටන් චමිල් ලක්‍ෂ්මි කන්නන් නමැත්තා දුටු තැන අත්අඩංගුවට ගැනීමට නිකුත් කොට ඇති විවෘත වරෙන්තුව හා රතු නිවේදනය අහෝසි කිරීමට කොළඹ විශේෂ මහාධිකරණ කොමසාරිස්‌ විනිසුරු අයිරාංගනී පෙරේරා මහත්මිය ඊයේ (1 දා) නියෝග කරමින් රාජපක්ෂලාට එරෙහිව තවත් කුමන්ත්‍රණයක් කොටි ලවා දියත් කිරිමට දතකන බව දැන් අනාවරණය තිබේ.

මඩ වලින් පිරුනු 2010 ජනාධිපතිවරණය සමයේ පරාජය නියත බව දැන ගත් විපක්ෂය සරත් ෆොන්සේකා යොදා ගනිමින් රාජපක්ෂලාට මඩ ගැසිම සදහා එම මැතිවරනය යොදාගත් බව නොරහසකී…

එම මැතිවරණයේදි රාජපක්ෂලාට එරෙහිව දමාගැසු මඩ අතර එල්ටීටීඊ එමිල් කාන්තන්ද සිටි අතර

2010 ජනවාරි 15 වෙනි සිකුරාදා, එජාපයේ සම මඩ ප්‍රකාශකවරුන් මඩ ගැසු අයුරු……

තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ සභාපති නාමල් රාජපක්ෂ පසුගියදා එල්.ටී.ටී.ඊ සංවිධානයේ ජාත්‍යන්තර මූල්‍ය ප්‍රධානී එමිල් කාන්ත් හමුවී රහසිගත සාකච්ඡාවක් සිදුකොට ඇති බව පොදු අපේක්ෂක සම මාධ්‍ය ප්‍රකාශකවරුන් හෙළිකරයි.පොදු අපේක්ෂක සම මාධ්‍ය ප්‍රකාශකයින් වන අනුර දිසානායක සහ මංගල සමරවීම මන්ත්‍රීවරුන් මෙම හෙළිදරව්ව කළේ අද පෙරවරුවේ පොදු අපේක්ෂක ‍ප්‍රචාරක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

එමිල් කාන්ත් සහ නාමල් රාජපක්ෂ ‍පෙනී සිටින ඡායාරූපයක්ද මාධ්‍ය වෙත නිකුත් කරමින් ඔවුන් පෙන්වාදුන්නේ ”තාරුණ්‍යයට හෙටක්” සංවිධානය පිටුපස ඇති රහස මෙය බවයි. එය එසේ නොවේ නම් තාරුණ්‍යයට හෙටක් සංවිධානයට දිනපතා ලක්ෂ 100කට අධික වියදමක් දරමින් රූපවාහිනී දැන්වීම් පළකිරීමට මුදල් ලැබුණේ කෙසේ දැයි රටට හෙළි කරන ලෙස නාමල් රාජපක්ෂ මහතාට ඔවුන් අභියෝග කර සිටියේය.
එමෙන්ම එමිල් කාන්තන් සහ නාමල් රාජපක්ෂ අතර මෙම රහසිගත හමුව සිදුවූයේ කුමන කාරණාවකටද යන්න වහාම රටට හෙළිකරන ලෙස අගමැති රත්නසිරි වික්‍රමණායක මහතාට අභියෝග කළේය.

පහත පළවන්නේ පොදු අපේක්ෂකයින් විසින් මාධ්‍යයට නිකුත් කළ එම ඡායාරූපයයි. එහි හිස බූ ගා සිටින්නේ එමිල් කාන්තන් බව සම මඩ ප්‍රකාශකවරුන් දැඩිලෙස කියා සිටියා….

මේ අතර ටිරාන් අලස් එල්ටීටීඊ එමිල් කාන්තන් සමග එක්වී භාණ්ඩාගාරයේ මුදල් කෝටි 65 ක් වංචා කළ හැටි පොලිසිය හෙළි කරයි

පසුගිය සුනාමි ව්‍යසනයෙන් නිවාස අහිමිවූ උතුරු නැගෙනහිර ජනතාවට නිවාස සාදා දීමේ අරමුණින් එවකට ජනාධිපති ලේකම් කාර්යාලයේ අනුමැතිය මත රාධා ආයතනය නැමැති ආයතනයක් 2006 වර්ෂයේදී ආරම්භ කර ඇත. මෙම ආයතනයේ සභාපති ලෙස කටයුතු කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතාය.

මහා භාණ්ඩාගාර වැය ශීර්ෂ 803 යටතේ මහා භාණ්ඩාරගාරය විසින් ජනාධිපති කාර්යාලය හරහා මෙම රාධා ආයතනයට මුදල් ලබා දී ඇත.
නිවාස සෑදීමේ කටයුතු සඳහා බී.එම්.කේ හෝල්ඩින්ග්ස් නැමති ආයතනයත් එවරස්ට් සිවිල් ඉංජිනියරින් නැමති ආයතනයකුත් පිහිටුවා ගෙන ඇත. මෙම ආයතන දෙකෙන් බි.එම්.කේ හෝල්ඩින්ග්ස් යන ආයතනය ලියාපදිංචි කර ඇත්තේ ව්‍යාජ ලේඛණ ඉදිරිපත් කිරිමෙන් වන අතර එවරස්ට් සිවිල් ඉංජිනියරින් යන ආයතනය කිසිදු ලියා පදිංචියක් කර නැත.

ඒ අනුව එල්ටීටීඊ එමිල් කාන්තන් ශ්‍රී ලංකාවට පැමිණ සති දෙකක්‌ ඇතුළත තම අධිකරණය හමුවට පැමිණවීමට පියවර ගන්නා ලෙස විත්තියේ නීතිඥවරයාට නියෝග කළ විනිසුරුවරිය නඩුව ලබන 24 වැනිදා යළි කැඳවීමට නියෝග කළාය.

රාජපක්ෂලා රට වෙනුවෙන් විනාශ කර දැමු කොටි යොදාගනිමින් රාජපක්ෂලා දගගෙට දැක්විමට දැන් යහපාලනය සුදානමින්

මන්නන් පොංගල් තමන්ගේ අතිජාත මිත්‍රයා වන කූප්‍රකට ව්‍යාපාරික ටිරාන් අලස් මහතාගේ ගෙට ගිනී තබා පසුව නිකුත් කල නිවේදනය පහත දැක්වේ එම නිවේදනය හරහාද නාමල් සම්බන්ධයෙන් මඩ ප්‍රකාශය සමාජ ගතකර තිබේ.



මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
ජාතික ගීය දෙමළෙන් ගැයුවොත් එය රට බෙදන ෆෙඩරල් පිළිලයේ පළමු වෙඩි මුරය වෙයි



මෙවර ජාතික නිදහස්‌ දින උත්සවයේදී ජාතික ගීය දෙමළෙන් ගායනා කළහොත් එය පෙඩරල් හෙවත් සන්ධීය රාජ්‍ය පිළිලයේ පළමු වෙඩිමුරය වනු ඇතැයි රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්‍ෂ හෑගොඩ විපස්‌සී හිමියෝ පවසති.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස්‌ දක්‌වන විපස්‌සී හිමියෝ මෙසේද පවසති.

මෙවර නිදහස්‌ උත්සවයේදී ජාතික ගීය දෙමළෙනුත් ගායනා කිරීමට කැබිනට්‌ මණ්‌ඩලය තීරණය කොට ඇත. ලෝකයේ කිසිදු ඒකීය රාජ්‍යයක ජාතික ගීය භාෂා කිහිපයකින් ගායනා නොකරයි. එහෙත් ඇතැම් පෙඩරල් හෙවත් සන්ධීය රාජ්‍යයන්හි ජාතික ගී කිහිපයක්‌ දක්‌නට ලැබේ. ඊට හේතුව වන්නේ සන්ධීය හෙවත් පෙඩරල් රාජ්‍යයක පරමාධිකාරය එකම ආණ්‌ඩුවක්‌ සතු නොවන බැවින් සන්ධීය ආණ්‌ඩුව හා ප්‍රාදේශීය ආණ්‌ඩුවේ රුචිකත්වය අනුව වැඩ කිරීමට හැකිවීමයි. එහෙත් අප රටේ ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවේ ශ්‍රී ලංකා ජනරජය ඒකීය රාජ්‍යයක්‌ වන බැවින් ජාතික ගීය සිංහල භාෂාවෙන් මිස දෙමළ හෝ වෙනත් භාෂාවකින් ගායනා කිරීම ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව උල්ලංඝණය කිරීමක්‌ වන්නේය.

එබැවින් යම්සේ කැබිනට්‌ තීරණය අනුව මෙවර නිදහස්‌ දින උත්සවයේදී ජාතික ගීය දෙමළෙනුත් ගායනා කළහොත් එය පෙඩරල් හෙවත් සන්ධීය රාජ්‍ය පිළිලයේ පළමු වෙඩි මුරය වනු නොඅනුමාන බව ඒකීය රාජ්‍යයේ සහජීවනය පතන සියලු ජනතාව අවබෝධ කළ යුතුයි.
ජාතික කොඩිය, ජාතික ගීය, රාජ්‍ය ලාංඡනය ආදී ජාතික සංකේතයන් යම් අර්ථයක්‌, යම් අවශ්‍යතාවක්‌ උදෙසා සම්මතව පවතීද එම චිරවිසම්භාවිත විවරණ තවදුරටත් ආරක්‍ෂා කිරීම නූතන රාජ්‍ය යුතුකම වන්නේය.

ජාතික වේදනාවන්ට පිළියම් කිරීමේදී අප අන්ධ ලෙස තර්කයන් මත පිහිටා නොසිටිය යුතුය. චිරාත් කාලයක්‌ පැවැති සංස්‌කෘතික අයිතීන් මත ප්‍රජාතාන්ත්‍රික අයිතීන් ගොඩනැගීම ඕනෑම රාජ්‍යයක පදනමයි. අපේ ආසන්න රාජ්‍ය වන ඉන්දියාවේ රාජ්‍ය ලාංඡනය අශෝකස්‌තම්භ ශීර්ෂයත්, කොඩියේ ධර්මචක්‍රයත්, පාර්ලිමේන්තුවේ කථානායක ආසනයේ ඉහළින්ම යොදා ඇත්තේ “ධර්ම චක්‍රප්‍රවර්තනාය” යන පාඨයත් යන මේ කරුණු ඒ සඳහා නිදසුන් කොට දැක්‌විය හැකිය. බටහිර රාජ්‍යවල ස්‌වභාවයත්, චිරාගත සංස්‌කෘතික උරුමයන් මත පිහිටා ජාතික සංකේතයක්‌ සම්මත කොට ගැනීමයි.

විවිධ භාෂා කතා කරන, විවිධ ආගම් අදහන, විවිධ පක්‍ෂ භජනය කරන, විවිධ දෘෂ්ටි, මතවාද ඇති, විවිධ ජාතීන් වාසය කරන රටක ඒකීයත්වය ඇතිකිරීමේ ආධ්‍යාත්මක රීතීන් වශයෙන් ජාතික සංකේතයන් සම්මතව පවතියි. එම නිසා සියලු ජනවර්ගයන්ගේ ලාංකේය පදනම ඇති කිරීමෙහිලා ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණක්‌ ගායනා කිරීම ව්‍යවස්‌ථාපිතයි. මෙයින් අන්‍ය භාෂකයන් නොසලකා හැරීමත් කිසිසේත්ම සිදුනොවේ. අපේ රටේ සෑම පුද්ගලයෙක්‌ම සිංහල භාෂාවෙන් ජාතික ගීය ගායනා කරන විට, ඊට ගෞරව කරන විට ඔවුන්ගේ සිත් සතන්හි ඇති වන්නේ “අපේ රට” යන පොදු හැඟීම්ය. එහෙත් භාෂා කිහිපයකින් ගායනා කිරීමේදී ඒ හැඟීම් ඇති නොවේ. එම නිසා ශ්‍රී ලංකා ජනරජයේ ජාතික ගීය “ශ්‍රී ලකා මාතා ගීය වන්නේය” යන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවේ 7 වැනි වගන්තිය තවදුරටත් තහවුරු කළ යුතුය.
අවම වශයෙන් මාසයකට වරක්‌ හෝ නිශ්චිත දිනක, නිශ්චිත වේලාවක සෑම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලත් ජාත්‍යන්තර පාසල් ඇතුළු සියලු පාසල්වලත් රාජ්‍ය හා පෞද්ගලික රූපවාහිනී, ගුවන් විදුලි නාලිකාවලත් ජාතික ගීය ගායනා කිරීමට සම්මතයක්‌ ඇති කරගත හැකි නම් එය ලාංකේය ඒකීයත්වයේ සාර්වභෞම පදනමක්‌ වනු ඇත.


මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
මල්වඩම් දේශපානය නොකරන බවට පාරම් බෑ ජනපති අතේ මාට්ටුවෙයි



පාර්ළිමේන්තුවේදීම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අවමංගල උත්සව සඳහා මල්වඩම් යැවීම විවේචනය කළ මෛත්‍රීපාල සිරිසේන මහතා තමන් මල්වඩම් දේශපාලනය නොකරන බවට පැවසුවද ජනපති කාර්යාලයේ වියදමින් දහස් ගණනක් වටිනා මල්වඩමක් අවමංගල අවස්ථාවකට යවා තිබෙනු පැපරාසි මාධ්‍යවේදීන්ට හමුවී ඇත.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
ඇඹිලිපිටිය ඛේදවාචයක් කළ ASP මෙන්න – සුමිත්ගේ බිරිදට බලපෑම්


ඇඹිලිපිටිය සුමිත්ගේ මරණයට ගැන රටේ හැම තැනම කතා වෙනවා. දැන් මේ සිදුවීම තියෙන්නේ අධිකරණයේ. ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ ජනවාරි 27 වැනිදා අධිකරණයට කැදවූ අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවට පෙනී සිටි අවස්ථාවේ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා ප්‍රකාශ කළේ සාක්ෂි මගින් සැකකරුවෙකු පිළිබද යම් අනාවරණයක් වෙලා තියෙනවා නම් ඔහුව වහාම අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා.

ඒ ඉල්ලීම සලකා බැලූ ඇඹිලිපිටිය මහේස්ත්‍රාත්වරයා ASP ඇතුළු සාක්ෂි වලින් අනාවරණය වන සැකකරුවන් වහාම අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා නියෝගයක් නිකුත් කළා. මේ නියෝගය නිකුත් වුනත් දවස් ගාණක් ගිහිල්ලත් ඒක ක්‍රියාත්මක වුනේ නැහැ. මේ අතර අද CIDයට කටඋත්තරයක් දෙන්න කියලා ආපු ඇඹිලිපිටියේ හිටපු ASP – DWC ධර්මරත්න අත්අඩංගුවට ගත්තා.

මේ අතරේ ඇඹිලිපිටියේ සිද්ධියෙන් මියගිය සුමිත් ප්‍රසන්න තරුණයාගේ බිරිද අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ රුපියල් කෝටියක වන්දියක් ඉල්ලා පෙත්සමක් ගොනු කළා.

මේ පෙත්සමෙන් නීතිපතිවරයා, පොලිස්පතිවරයා ඇතුළු 11ක් දෙනෙක් වගඋත්තරකරුවන් කරලා තියෙනවා. කොහොම වුනත් අද හැන්දෑවේ මියගිය සුමිත් ප්‍රසන්නගේ බිරිද මාධ්‍ය හමුවේ කියා සිටියේ මේ සම්බන්ධයෙන් තමන්ට පිරිසක් දැඩි බලපෑමක් එල්ල කරනවා කියලයි.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
මාව බිත්තියට හේත්තු කරන්න ආවොත් මමත් පෙරලා පහර දෙනවා


මහින්ද රාජපක්ෂ මහතා පළමු වරට ජනාධිපතිධූරයට පත් වූයේ 2005 නොවැම්බර් 19 දාය. ඉන් මාස දෙකක් යන්නට මත්තෙන් ඔහු සිදු කළ සුවිශේෂි ප්‍රකාශයක් නැවත මෙලෙස පළ කරන්නේ  අද නැවත දේශපාලනය තුල ඒ අතීතයම නැවත වෙනත් ආකාරයකින් ක්‍රියාත්මක වෙමින් පවතී යැයි හැඟෙන බැවිනි.
මීට වසර දහසයකට පමණ පෙර සිදු වූ මේ සංවාදය අපට කියාදෙන පාඩම තේරුම් ගමු…
මේ 2006 ජනවාරි 29 දින දිවයින පුවත්පත ඒ පුවත වාර්ථා කළ ආකාරයයි…
++++++++++++++++++
අඟහරුවාදා සවස නෝර්වේ විශේෂ සාම නියෝජිත එරික් සොල්හයිම් ජනාධිපතිතුමා දැක ගන්නට ගියේය. ඔහූ ගියේ පසූවදා උදේ තමා ඇතුළු නියෝජිත පිරිසක් වන්නියට ගොස් ප්‍රභාකරන් මූණගැසී සාකච්ඡා කරන බව නිල වශයෙන් ජනාධිපතිවරයාට දැනූම් දීමටය.
මෙහිදී සිදුවූ විශේෂත්වය වූයේ ජනාධිපතිතුමා ඉතා හැඟුම්බරව හා තදින් කතා කරන්නට වීමයි.
“මේ රටේ බලයට පත් වූණ හැම නායකයෙකුටම කොටි සංවිධානය කාලයක් දුන්නා. නමූත් මට මේ අය සති දෙකක්වත් දුන්නෙ නැහැ. මම දිවූරුම් දුන්නේ 19 වැනිදා. සතියක් ඇතුළත එල්ටීටීඊ එක හමූදා භටයන් 14 දෙනෙක් මැරුවා. ආයෙත් සතියක් ඇතුළත තව 10 දෙනෙක් මැරුවා. මොනවද මෙයාලා මේ කියන්නෙ.
පැහැදිලිවම මම කිව්වා ප්‍රභාකරන් එක්ක සාකච්ඡාවට ඕනනම් මම වන්නියට වූණත් එන්නම් කියලා. ඒත් ප්‍රභාකරන් ඒ එකක්වත් පිළිගත්තෙ නැහැ. මට පහරදීල මාව කුපිත කරන්න බැලුවා. ඒ වූණාට එයා දන්නෙ නැහැ මම මගේ දරු පවූලටත් වඩා මේ රටට ආදරය කරන බව.
ඔයා ගිහින් ප්‍රභාකරන්ට කියන්න ඕනවට වඩා මාව කුපිත කරන්න ඇවිත් මාව බිත්තියට හේත්තු කරන්න එන්න එපා කියලා. මාව බිත්තියට හේත්තු කරන්න ආවොත් මමත් පෙරලා පහර දෙන බව විතරක් කියන්න.”
-මහින්ද රාජපක්ෂ
2006- ජනවාරි 29 දිවයින
++++++++++++++++++
නමුත් මේ අනතුරු ඇඟවීම තේරුම් ගන්නට තරම් නිස්කලංක මනසක් ප්‍රභාකරන් නම් වූ ම්ලේච්ච මෘගයාට නොවිණි. එකින් එක පෙළින් පෙළ ත්‍රස්ත ප්‍රහාර මාලාවක් එල්ල වන්නේ මහින්ද භීතියට පත් කර ඒ හරහා බෙදුම්වාදී උවමනාව ඉටු කරගැනීමටය. මීට පෙර නායකයන්ට ප්‍රභාකරන්ගේ ඒ උපාය සාර්ථක වී තිබිණ. නමුත් මෙවර ඔහුට මුණ ගැසුනේ තරමක් වෙනස් මිනිසෙකි.
එය තේරුම් නොගත් ප්‍රභාකරන්ගේ තිරිසන් ත්‍රස්ත ක්‍රියා නිනැවතී පෙරට ඇදිණ. කැබිතිගොල්ලෑවේ ම්ලේච්ච ත්‍රස්ත ප්‍රහාරයත් මවිලාරු සොරොව්ව වසා අසරණ ගොවීන් මරණ වරෙන්තුව ලියා දීමත් ඒ සිදුවීම් පෙළේ තීරණාත්මක අවස්ථාය. නමුත් අවසානයේ සිදුවූයේ කුමක්ද?
දුෂ්ඨත්වයට පරාජයත් මාතෲභූමියට විශ්මිත විජයග්‍රහණයකුත් ලඟා කර දෙමින් එය අවසන් විය.
අදද වෙනත් වටයකින් මහින්ද බිත්තියට හේත්තු කරමින් සිටී. ඒ දුෂ්ඨත්වයට ‘යහපාලනය’ යැයි අපූරු නමක් දී තිබේ. පෞද්ගලික එදිරිවාදය උදෙසා මේ එල්ල කරමින් තිබෙන පීඩනය හරහා අද මේ නිර්මාණය වෙන්නේ තවත් දේශපාලන කැබිතිගොල්ලෑවක් ද තවත් දේශපාලන මාවිලාරුවක්ද?
අපි බලා සිටිමු..
සටහන : යටියන ප්‍රදීප් කුමාර
යුතුකම සංවාද කවය
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
යහපාලන රජයේ මෙම ක්‍රියාව තරයේ හෙලාදකිමි 



පසුගියදා මොරටුව, රාවතාවත්ත මීසමේ අඟුලාන දෙව්මැදුරේ සුරුවම් කිහිපයක් කඩා බිඳ දමා දිව්‍ය සත්ප්‍රසාද වහන්සේට භූමිතෙල් වත්කොට ගිනි තැබීමට දරණ ලද උත්සාහය සමස්ථ කතෝලික ජනතාව වෙනුවෙන් 'කිතු හඩ' කතෝලික දහම ව්‍යාපාරය සංවේගයෙන් යුතුව දැඩි ලෙස හෙලා දකින බව පවසා නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය මෙසේය.

සාමකාමීව සිය දහම අදහමින් සිටින කතෝලික ජනතාවගේ සාමයට ගිනි තබමින් ඔවුන්ව කෝප කර යම් ප්‍රකෝපකාරී ක්‍රියාවක් ඇති කිරීමේ අරමුණ පෙරදැරිව යම් රජයට හිතවත් අන්තවාදීන් පිරිසක් විසින් කර ඇති මෙම ම්ලෙච්ඡ ක්‍රියාව සමස්ථ කතෝලික සභාවම සංවේගයට පත් කරවන ලදී. එයට ප්‍රධාන හේතුව වන්නේ දේවස්ථානයට ඇතුළු වී සුරුවම් කිහිපයක් කඩා දැමීම පමණක්ම නොව කතෝලික බැතිමතුන්ගේ හදවත බඳු වූ දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ භූමිතෙල් දමා ගිනි තැබීමට උත්සාහ කිරීමයි. දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ යනු ජීවමානව ෙජ්සු තුමන් වැඩ සිටින බවට කතෝලිකයින් සිය විශ්වාසය තබා තිඛෙන ස්ථානය වේ. බෞද්ධයින්ගේ මුදුන් මල්කඩ වන් දළදා වහන්සේ බඳු කතෝලිකයින්ගේ මුදුන් මල් කඩ වන්නේ දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ය. එනිසාම උන්වහන්සේව ගිනි තැබීමට තැත් කිරීම
 කතෝලිකයින්ගේ සංවේගයට ප්‍රබල කරුණක් වේ.

එසේම මොරටුව, රාවතාවත්ත මීසමේ අඟුලාන දෙව්මැදුරේ සිද්ධිය එක් හුදෙකලා සිද්ධියක් මෙන් සලකා බැහැර නොකර මෙම සිද්ධියේදීම එ සඳහා අවශ්‍ය පරිදි නීතියේ මැදිහත්වීම සිදුකොට අදාල සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් හෝ කණ්ඩායම් කුමන තරාතිරමක වුවත් ඔවුන්ව අත් අඩංගුවට ගෙන නීතිය මගින් ද~ුවම් ලබා දීමට කටයුතු කරන ලෙසද අප වගකිව යුත්තන්ට බල කරමින් ඉල්ලා සිටින්නෙමු.

විශේෂයෙන් මෙවැනි සිද්ධියකදී කතෝලික යැයි කියා ගන්නා රජයේ මැති ඇමතිවරුන් සියළු දෙනාට අප ප්‍රසිද්ධියේ මෙම සිද්ධියට මැදිහත්ව කතෝලික සභාව වෙනුවෙන් පෙනී සිටින ලෙස ආරාධනා කර සිටිමු. ඔවුන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් කතෝලිකයන් වෙනුවෙන් මැදිහත් වී කුමක් කරන්නේ දැයි අපි අවධානයෙන් බලා සිටිමු. එසේම රජය නියෝජනය කරන කතෝලික මැති ඇමතිවරුන් වන නියෝමාල් ප්‍රනාන්දු, දයාශ්‍රිත තිසේරා, සරත් කුමාර ගුණරත්න, ෆීලික්ස් පෙරේරා, ජීවන් කුමාරතුංග, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ වැනි ඇමතිවරුන්ටද, ජෝන් අමරතුංග, ජෝශප් මයිකල්, රවි කරුණානායක වැනි විපක්ෂයේ මන්ත්‍රීවරුන්ටද, නිමල් ලාන්සා, මෙරිල් පෙරේරා, රන්ධිර් රුද්‍රිගු, ඩෝල්ටන් ජානක පෙරේරා, සිරිකමල් සිල්වා වැනි පක්ෂ, විපක්ෂ පලාත් සභා මන්ත්‍රීවරුන්ටද කතෝලික නොවුනද කතෝලික මනාප ඡන්ද දහස් ගණනක් ලබා පාර්ලිමේන්තුවට පත් වූ බැසිල් රාජපක්ෂ, කරු ජයසූරිය, උපේක්ෂා ස්වර්ණමාලි, මර්වින් සිල්වා, රුවන් විෙජ්වර්ධන, ලසන්ත අලගියවන්න, පණ්ඩු බණ්ඩාරනායක, මර්වින් සිල්වා වැනි මැති ඇමතිවරුන්ගෙන්ද අප මෙම අවස්ථාවේදී දැඩිව ඉල්ලා සිටින්නේ කතෝලික ජනතාවට මොන යම් හෝ කාරනාවක් නිසා සිදු කළ මෙවැනි අකටයුතුකම් වැලැක්වීම සදහා මැදිහත්ව කටයුතු කරන ලෙසයි. එය කතෝලික ඡන්දයෙන් පත් වූ මැති ඇමතිවරු සියල්ලන්ගේ පලා නොයා හැකි වගකීමක්ද වේ.

තවදුරටත් මෙවැනි අන්තවාදී ක්‍රියා තුලින් ප්‍රකෝප වී කතෝලික වටිනාකම් වලින් බැහැරව ගැටුම් ඇති කීරීමෙන් මෙම ප්‍රශ්න විසඳා ගැනීමට නොයා, නීතියට ඉඩදී ඉවසීමෙන් සාමකාමීව සිටින ලෙසත් එ තුලින් ක්‍රිස්තුන් වහන්සේ ඉගැන්වූ සැබෑ ඉවසීම ප්‍රදර්ශනය කරමින් කටයුතු කරන ලෙසත් අදාල මීසමේ කිතුනු ජනතාවගෙන් අපි ආදරය පෙරදැරිව ඉල්ලා සිටිමු. එසේම ඉදිරියේදී මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ද 'කිතු හ`ඩ' අපි නිරන්තර අවධානයෙන් යුතුව කටයුතු කරන්නෙමු.

ෙජ්සු ක්‍රිස්තුස් වහන්සේ ඉගැන් වූ සාමය ඔබ සියල්ලන් සමගද වේවා !

'කිතු හ`ඩ' කතෝලික දහම රැක ගැනීමේ ජාතික ව්‍යාපාරය.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
නාමල් අත්අඩංගුවට ගන්න සිරිසේන,රනිල්,අමරවීර හදිසි සාකච්ඡාවක්…..

නිදහස් දිනට පෙර රාජපක්ෂලාගේන් දෙදෙනෙකු අත් අඩංගුවට ගන්නා බවට කල ප්‍රකාශය තහවුරු කිරිම සදහා යහපාලන බෙදුම්වාදී ජනපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කරමින් සිටින අතර මේ වන විට අධිකරණයට බලපෑම් කරමින් ඉක්මනින්ම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ලෙසට නියෝග කර තිබේන බව රජයේ අභ්‍යන්තර තොරතුරු වාර්තාකරණයේ යෙදේන අප විශේෂ වාර්තාකරු සදහන් කළා.
රාජපක්ෂ පවුලේ දෙවෙනියා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට ජනාධිපති සිරිසේන , අගමැති රනිල් සහ ඇමති අමරවීර තිදෙනා ඊයේ රාත්‍රි විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. මෙහිදී අමාත්‍ය අමරවීර ජනාධිපතිවරයාට බලකර ඇත්තේ කෙසේ හෝ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගන්නා ලෙසයි. ඊට හේතු ලෙස ඔහු දක්වා ඇත්තේ එමගින් නාමල්ගේ දේශපාලන ක්‍රියාකාරකම් හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ අඩපණ කිරීමට හැකියාවක් ඇති බව පෙන්වා දෙමින්.
එහිදී සිරිසේන ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ නාමල් අත්තඩගුවට ගන්නේ නම් යෝශිත අත්තඩගුවට ගත්තා සේ නොකර අඩුම තරමින් රුපියල් බිලියන 4-5ක වත් වචාවක් වත් කලා කියලා ප්‍රබන්ධයක් නිර්මාණය කරන ලෙසයි. නැතිනම් යෝශිත අත්අඩංගුවට ගත්තාම ඇතිවු ජනතා විරෝධයට වැඩි විරෝධයක් ආණ්ඩුවට එල්ලවීමට ඇති විය හැකි බවද සිරිසේන ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.
මේ අතර ජනාධිපතිවරයා අගමැතිට සහ අමරවීරට තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ යෝශිත අත්අඩංගුවට ගැනීම උපදෙස් ලබාදීම වැරැදි යැයි ආණ්ඩුවේ ඇමතිවරු කිහිපදෙනකුම තමාට දුරකථනයෙන් කතා කර කනස්සල්ල පලකර බවත් ඇතැම් ඇමතිවරුන් ඉල්ලා අස්විම හැර දැන් කරන්න වෙන දෙයක් නොමැති බවට චොදන මුඛයෙන් බැණ් වැදුනු බවයි.
මේ අතර පළාත් පාලන මැතිවරණයක් කැදවිම සදහා මහින්ද ප්‍රමුඛ පිළමර්දණය කිරිම සදහා මහින්ද පිළේ ප්‍රභලයන් රැසක් අත් අඩංගුවට ගැනිමට කටයුතු කලයුතු බවද මෛත්‍රී පෙන්වා දි තිබේ.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network