Showing posts with label wolrd news. Show all posts

ජනපතිගේ දුරකතනය ටැප් කරලා…? දඬුවම් ලැබූවෙකුට ඉහල තනතුරක්…

ජනපතිගේ දුරකතනය ටැප් කරලා…? දඬුවම් ලැබූවෙකුට ඉහල තනතුරක්…

මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ ක‍්‍රියාවන් සහ ත‍්‍රස්තවාදී ක‍්‍රියා පිළිබඳව විමර්ශනය කිරීමත් රාජද්‍රෝහී ක‍්‍රියා නිරීක්‍ෂණය සඳහාත් නිර්මාණය වූ පෙගසස් මෘදුකාංගය ගැන අනාවරණය වීමත් සමගම ලොව රටවල් රැසක දැඩි කැළඹීමක් ඇති වී තිබේ.

මේ පෙගසස් මෘදුකාංගය නිර්මාණය කළේ ඊශ‍්‍රායලයේ එන් එස් ඒ සමාගමයි.

බි‍්‍රතාන්‍ය සහ ඇමෙරිකානු මාධ්‍ය විසින් හෙළිදරව් කළේ මෙම ඔත්තු බැලීමේ මෘදුකාංගය ලබාගත් රටවල් අතර ඉන්දියාවද සිටින බවයි. එහෙත් ඉන්දීය බලධාරීහු නිහඬ පිළිවෙතක් අනුගමනය කර ඇත. මෙම පෙගසස් මෘදුකාංගයෙන් නිරීක්‍ෂණය කෙරෙන රටවල් දෙක නම් ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානයයි. පෙගසස් මෘදුකාංගය ලබා ගැනීමට ඉන්දියාව ක‍්‍රියා කර ඇත්තේ 2017 වසරේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ඊශ‍්‍රායල් සංචාරයේදී බව අනාවරණය වී ඇත.

එහෙත් මෙරට සිටින ඉන්දීය හිතවාදීන් ද්‍රවිඩ සංධාන සහ දේශපාලන පක්‍ෂවල සිටින චරපුරුෂයන් පෙගසස් මෘදුකාංගය තුළින් ඉන්දියාව සිදු කරන ඔත්තු බැලීම ගැන මේ දක්වාම කිසිදු ප‍්‍රචාරයක් කර නැත. ඉන්දීය රජය පාකිස්තාන් අගමැති ඉම්රාන් කාන්ගේ සහ විපක්‍ෂ නායකයකු වූ රාහුල් ගාන්ධිගේ ජංගම දුරකථන පෙගසස් හරහා විමර්ශනය කරන බව හෙළි වී තිබියදී මෙරට ජනපති ගෝඨාභය රාජපක්‍ෂ, හමුදාපති ශවේන්ද්‍ර සිල්වා, ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න සහ ගුවන් හමුදාපති සහ නාවික හමුදාපති මෙන්ම විදේශ ලේකම්ගේ ජංගම දුරකථන නිරීක්‍ෂණය කරන්නේ නැතැයි කිව හැකිද?

ඉන්දීය බුද්ධි අංශවල ඉලක්කය හම්බන්තොට වරාය සහ පෝට්සිටි ව්‍යාපෘතිය මෙන්ම මෙරට ක‍්‍රියාත්මක වන මෙවන් චීන ව්‍යාපෘති බව තහවුරු වී ඇත. ආරංචි මාර්ගවලට අනුව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සම`ග සෘජුව සබඳතා පවත්වන ද්‍රවිඩ මාධ්‍ය පාර්ශවයක් මෙරට ක‍්‍රියාත්මක වේ. මොහු වත්මන් රජයේ දේශපාලකයන් සම`ගද සබඳතා පවත්වයි. ඔහු මෙන්ම තවත් ද්‍රවිඩ මාධ්‍ය පාර්ශව ජනපති ඇතුළු ආරක්‍ෂක ප‍්‍රධානීන්ගේ ජංගම දුරකථන අංක ඉන්දීය බලධාරීන්ට ලබා දී ඇති බව වාර්තා වේ. ඊට අමතරව තමිල්නාඩුවේ කොටි හිතවාදී සිමන් සම`ග සබඳතා පවත්වන ද්‍රවිඩ මාධ්‍ය පාර්ශවයක් රජයේ ප‍්‍රබල දේශපාලකයකුගේ කාර්යාලයේ ක‍්‍රියාත්මක වේ. මේ ද්‍රවිඩ මාධ්‍ය පාර්ශවය කලක් ජර්මනියේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේද සේවය කළේය. සීමන් නැමැති කොටි හිතවාදියා ජිනීවා නුවරට පැමිණි අවස්ථාවේ ඔහු ඡායාරූපයකටද පෙනී සිටියේය. මෙම පසුබිම මැද ඉන්දියානු බුද්ධි අංශ පෙගසස් හරහා සියලූ නිරීක්‍ෂණ කටයුතු සිදු කරයි.

එය තවදුරටත් සනාථ වන්නේ චීන නිලධාරීන්ගේ ශී‍්‍ර ලංකා ආගමනය කල් තියා ඔවුන්ට වාර්තා වීමයි. ශ‍්‍රී ලංකාව තුළ චීන කටයුතු නිරීක්‍ෂණය වන බවට වාර්තා වුයේ උතුරේ අරියාලෙයිහි චීන සමාගමක් ස්ථාපිත වීමෙන් මේ චීන සමාගම ගැන ඉන්දීය බුද්ධි අංශවලට විගස වාර්තා වීමයි.

මේ අතර මෙරට රජයේ දේශපාලනඥයන් මෙන්ම ආරක්‍ෂක අංශ ප‍්‍රධානීන් පවා භාවිතා කරන්නේ අයිෆෝන් සහ ඇන්ඩ්‍රොයිඞ් ජංගම දුරකථනයි. මේ ජංගම දුරකථන හරහා හුවමාරු වන පණිවුඩ ඡායාරූප විiුත් ලිපි සහ පටිගත වූ පණිවුඩ ඊශ‍්‍රායල් නිර්මාණයක් වූ පෙගසස් මෘදුකාංගය ඔස්සේ විමර්ශනය කළ හැකිය.

පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ සහරාන් කල්ලියේ ප‍්‍රහාරය කල්තියා දැන ගැනීමට ඉන්දීය බුද්ධි අංශයට හැකි වුයේ ඉහත කී පෙගසස් මෘදුකාංගය නිසා බව තවදුරටත් හෙළි වී ඇත. ඊශ‍්‍රායල් ආරංචි මාර්ග පැවසූවේ පුද්ගලික සමාගමක් විසින් නිර්මාණය කළ ලොව බලගතුම ඔත්තු බැලීමේ මෘදුකාංගය පෙගසස් බවයි. එමගින් අපට නොදැනී දුරකථනයෙන් සියලූ පුද්ගලික තොරතුරු ලබාගත හැකිය. මෙම පෙගසස් ඔස්සේ රටවල් 34 ක ජනපති අගමැතිවරු තානාපති නිලධාරීහු හමුදා ප‍්‍රධානීන් සහ ජ්‍යෙෂ්ඨ දේශපාලකයන් පිළිබඳව නිරීක්‍ෂණය වී ඇතත් ඔවුන් කවුරුන්දැයි හෙළි වී නැත.

එහෙත් එන් එස් ඒ සමාගම පැවසූවේ තම සමාගම ත‍්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා පෙගසස් මෘදුකාංගය නිර්මාණය කළ බවයි. මේ අතර පෙගසස් මෘදුකාංගය ගැන තොරතුරු හෙළි වීම නිසා ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ දැඩි ලෙස කලබලයට පත් වී ඇත. මානව හිමිකම් ක‍්‍රියාකාරීන් යැයි හඳුන්වාගත් ඩොලර් අරමුදල් ලබන එන් ජී ඕ ක‍්‍රියාකාරීන් ඇය වෙත පැමිණිල්ලක් කරමින් විවිධ ආණ්ඩු තම ජංගම දුරකථන නිරීක්‍ෂණය කරන බව කියා සිටියහ. එහෙත් මානව හිමිකම් කොමසාරිස්වරියට ඊශ‍්‍රායල් එන්. එස්. ඒ. සමාගමේ පෙගසස්් මෘදුකාංගය ක‍්‍රියාත්මක වීම නතර කළ නොහැක.

පෙගසස් මෘදුකාංගය අපෙන් මිලයට ගන්නේ බටහිර ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩු යැයි එන්. එස්. ඒ. සමාගම කියා සිටියේය. මෙම පසුබිම මැද ඉන්ඩියන් ටෙලිග‍්‍රාෆ් පනත යටතේ දුරකථන තොරතුරු විමර්ශනය කිරීමේ නිත්‍යානුකූල බලය ඉන්දීය රජයට හිමි වී ඇත. එවන් තත්ත්වයක් මැද චීන රජය ශ‍්‍රී ලංකාවේ පොලිස් පණිවුඩ පද්ධතිය නවීකරණය කිරීම සඳහා ටෙට්රා ජාලය මෙරට ස්ථාපිත කිරීම සඳහා ණය මුදලක් ශ‍්‍රී ලංකාවට ලබාදීමට තීරණය කරනු ලැබීය. මෙරටට පැමිණි චීන ආරක්‍ෂක ඇමැති ජෙනරාල් වෙයි පෙන්හේ ඊට මැදිහත් විය. චීනයේ බෙයිජින් නුවර පවා ස්ථාපිත කර ඇත්තේ මෙම ටෙට්රා පණිවුඩ ජාලයයි. එහෙත් රජයේ ප‍්‍රධානතම ජංගම දුරකථන ජාලයක බලධාරීන් ආරක්‍ෂක හේතූන් මත ඊට එරෙහි විය.

ටෙට්රා පණිවුඩ ජාලය ශ‍්‍රී ලංකා පොලිසියේ පණිවුඩ ජාලයට ස්ථාපිත කිරීමේ යෝජනාව ඉන්දියාවේද නිරීක්‍ෂණයට ලක් විය. මේ අතර ඊශ‍්‍රායල් ආරක්‍ෂක අමාත්‍ය බෙනි ගැන්ට්ස් පැවසූවේ ත‍්‍රස්තවාදය මර්දනය කිරීමේ මෙහෙයුම්වල යෙදී සිටින ආණ්ඩුවලට පෙගසස් මෘදුකාංග ජාලය අලෙවි කිරීම සඳහා අවසරය දුන් බවයි. මෙම පසුබිම මැද ඇමෙරිකාව, ඉන්දියාව, ජිනීවා, මානව හිමිකම් කවුන්සිලය සම`ග මෙන්ම ජර්මනිය, බි‍්‍රතාන්‍ය, ස්විස්ටර්ලන්තය සහ නෝර්වේ යන රටවල් සම`ග මෙන්ම ඉන්දීය රෝ බුද්ධි සේවාව සම`ග සබඳකම් පැවැත් වු මෙරට විවිධ පාර්ශව සහ රාජ්‍ය නොවන සංවිධාන ක‍්‍රියාකාරීහු දැඩි කලබලයට පත් වී සිටිති. මේ අතර පෙගසස් මෘදුකාංගය ගැන විමර්ශනය කළ සිටිසන් ලැබ් නැමැති සංවිධානය ඉන්දියාවේ ප‍්‍රධානතම ජංගම දුරකථන ජාලයක් ඔස්සේ ඉන්දීය රජය ජංගම දුරකථන ගැන විමර්ශනයක් සිදුකර ඇතැයි හෙළි කර ඇත. මේ ඉන්දීය ජංගම දුරකථන ජාලය ශ‍්‍රී ලංකාව තුළද ක‍්‍රියාත්මක වේ. ඉන්දීය රජය එරට මාධ්‍යවේදීන් 40 කගේ ජංගම දුරකථන නිරීක්‍ෂණයට ලක්කර ඇති බව හෙළි වී තිබේ එසේ නම් ඉන්දියාවේ ශී‍්‍ර ලංකා විරෝධී ක‍්‍රියාකාරකම් ගැන කටයුතු කරන මාධ්‍ය පාර්ශව ගැන ඉන්දීය බලධාරීන් අනිවාර්යයෙන්ම තොරතුරු සොයනු ඇත. එසේම පෙගසස් මෘදුකාංගය පිළිබඳ තොරතුරු අනාවරණය වන අවස්ථාවේ ඉන්දීය බලධාරීන් ව්‍යාජ රාජ්‍ය නොවන සංවිධාන, ව්‍යාජ මාධ්‍ය සේවාවන් මෙන්ම අධ්‍යයන ආයතන 265 කට අධික සංඛ්‍යාවක් ක‍්‍රියාත්මක කරන බවද හෙළි විය. මෙවන් පසුබිමක් මැද යුද ගුවන් නාවික සහ පොලිසිය ප‍්‍රකාශයට පත් කරන වාර්ෂික දිනපොත්වල සියලූම දුරකථන අංක ඇතුළත් කර තිබීම නිසා ඉන්දීය බලධාරීන්ට එම අංක පෙගසස් ඔස්සේ පහසුවෙන් නිරීක්‍ෂණය කළ හැකිය. මේ ආරක්‍ෂක හමුදා දිනපොත් කොටි හිතවාදී ද්‍රවිඩ මාධ්‍යවල සේවය කරන කොටි මාධ්‍ය වලටද ලැබේ. එම අනතුරුදායක තත්ත්වය ආරක්‍ෂක හමුදා මාධ්‍ය බලධාරීන්ගේ අවධානයට යොමු වී නොතිබුණි. එසේම රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඇති ඇතැම් මාධ්‍යවේදියගේ ජංගම දුරකථන අංක පවා ඉන්දීය බලධාරීන් දනී.

මෙවන් පසුබිමක් මැද ශ‍්‍රී ලංකාවේ ආරක්‍ෂක ජාලය පෙගසස් ඔත්තු බැලීමට ගොදුරු වී තිබේ. එහෙත් ඉන්දියාව විසින් ශ‍්‍රී ලංකාව තුළ ඔත්තු බලන අයවළුන් කව්දැයි මේ දක්වා හෙළි වී නැතත් වොෂින්ටන් පෝස්ට් ප‍්‍රංශ ලා මොන්වේ සහ බි‍්‍රතාන්‍ය ගාඩියන් පුවත්පත් ඊට අදාළ තොරතුරු දන්නා බව වාර්තා වේ.

ලන්ඩන්නුවර ආරංචි මාර්ග පැවසූවේ මහ බැංකු බැඳුම්කරයට අදාළ තොරතුරු ඉන්දියාව නිරීක්‍ෂණය කළ බවත් යහපාලන රජයේ දේශපාලනඥයන් තිදෙනකුගේ කතාබහ විමර්ශනයක් ඊට ඇතුළත් ඇතැයිද වාර්තා විය.

මේ අතර ලන්ඩන් ආරංචි මාර්ග වැඩිදුරටත් හෙළි කළේ ශ‍්‍රී ලංකාව තුළද ඉන්දීය රෝ සංවිධානය මෙහෙය වන වෙබ් අඩවිකරුවන් කීපදෙනෙක් සිටින බවයි. මේ වෙබ් අඩවිකරුවන් ක‍්‍රියාත්මක වන්නේ ව්‍යාජ නම්වලිනි. ඔවුන් කීප දෙනෙකු ගැන මෙරට බුද්ධි අංශවලට අනාවරණය වී තිබේ. මෙවන් තොරතුරු හෙළිවෙද්දී ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට සහ යුරෝපා සංගමය වෙත පෙත්සම් යැවීමේ සිද්ධියක් අනාවරණය විය. මේ පෙත්සම් යවා ඇත්තේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ අන්තර් ජාතික ජාලය නමින් හඳුන්වාගත් ආයතනයයි. ජර්මනියේ සිටින රංජිත් ලොහොබිලර් හෙන්නායක හෙවත් බඩල්ගම බර්ටි, සේනක වත්තේගෙදර, සිවරාජන් සිවපාලන් නැමැත්තන් ඊට සම්බන්ධ වී සිටිති. මේ සංවිධානය එකී තිදෙනාට පමණක් සීමාවී ඇත. කොරෝනා වසංගතයට මුවාවී රජය මර්දනය ක‍්‍රියාත්මක කරන බවට මෙකී සංවිධානය සඳහන් කර ඇත. බඩල්ගම බර්ටි මෙයට කලකට පෙර ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඇතුල්වන ස්ථානයේ සිටියේ දේශපාලනඥයකු වු හර්ෂ ද සිල්වා සහ සමන් රත්නප‍්‍රිය ඇතුළු පිරිසක් සමගය.

ඔහුගේ අතීතය වරකාපොල ජනතාවද දනී. මේ අතර ත‍්‍රස්ත මර්දන පනත අහෝසි කිරීම රජය ප‍්‍රතික්‍ෂේප කර ඇත. ස්විස්ටර්ලන්තය පවා ත‍්‍රස්ත මර්දන පනතක් ක‍්‍රියා කරද්දී ශ‍්‍රී ලංකාවේ රජය ත‍්‍රස්ත මර්දන පනත අහෝසි කළ යුතුද? ත‍්‍රස්ත මර්දන පනත අහෝසි කිරීමෙන් පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති ඉස්ලාමීය අන්තවාදී මිනීමරුවන් නිදහස් වීමට ඉඩ තිබේ. මේ තත්ත්වය මත මුස්ලිම් එක්සත් විමුක්ති පෙරමුණ පිහිටුවා දේශපාලනයට පැමිණ මුජබර් රහමන් නැමැත්තා සෑම පොලිස් ස්ථානයකටම මහෙස්ත‍්‍රාත්වරයකු පැමිණ සැකකරුවන් නිරීක්‍ෂණය කළ යුතු යැයි දක්වන යෝජනාව රජය ප‍්‍රතික්‍ෂේප කර ඇත. එහෙත් යහපාලන රජය යටතේ මොහු මෙවැනි යෝජනාවක් ඉදිරිපත් කළේ නැත. මේ අතර ස්විස් කොටි ජාලය මේ සතියේ සිට ශ‍්‍රී ලංකාවට එරෙහිව ක‍්‍රියාකිරීම සඳහා තමිල් ඊළම් හැඳුනුම්පතක් නිකුත් කර අරමුදල් එකතු කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව ස්විස්ටර්ලන්තයේ සිටින ඊළාම් ද්‍රවිඩයන් ප‍්‍රෑන්ක් 10 බැගින් ද යුරෝපයේ රටවල් ද්‍රවිඩයන් යුරෝ 10 ක්ද ඩොලර් 10ක්ද කැනඩාවේ ද්‍රවිඩයන් ඩොලර් 10 ක්ද ඉන්දියානු ද්‍රවිඩයන් රුපියල් 100 ක්ද ඕස්ටේ‍්‍රලියානු ද්‍රවිඩයන් ඩොලර් 10 ක්ද බි‍්‍රතාන්‍යය ද්‍රවිඩයන් ස්ටර්ලින් පවුම් 10 ක්ද ගෙවිය යුතු යැයි නිවේදනය කර ඇත.

මෙම තමල් ඊළාම් හැඳුනුම්පත මිලට ගන්නා ද්‍රවිඩයන් ඊළාම් දේශය අනුමත කිරීම ඊළාම් ද්‍රවිඩයන්ගේ ස්වෛරීභාවය පිළිගැනීම වඩුක්කුඩෙයි ප‍්‍රඥප්තිය අනුමත කිරීම, කොටි සංවිධානය යටතේ ස්වෛරිභාවය ලබා ගැනීමට දැරූ උත්සාහය අනුමත කිරීම සහ ද්‍රවිඩ සමූල ඝාතනය යන කරුණුවලට එක`ග විය යුතු යැයි දක්වා ඇත. ස්විස්ටර්ලන්තය තුළ කොටි සංවිධානය තහනම් නැතත් මෑතකදී ස්විස් ජනතාව සම්මත කළ ත‍්‍රස්ත මර්දන පනත නිසා එරට කොටි හිතවාදීහු බියට පත් වී සිටිති. මෙම නව පනත යටතේ ස්විස් පොලිසියට ත‍්‍රස්ත කටයුතු මර්දන සඳහා අලූත් නීතිරීති හිමි වී ඇත.

එහෙත් ස්විස් ත‍්‍රස්ත මර්දන පනත අහෝසි කිරීමට රජයට නොහැකි වී ඇත්තේ එම පනතට ජනතාව අනුමැතිය දීම නිසාය. ස්විස්ටර්ලන්තයේ බාසල් නුවර ස්ථාපිත කර ඇති ස්විස් තරුණ සංවිධානය හෙවත් ෆීනික්ස් හෙවත් අලූත් පරපුර මෙම අරමුදල් එකතු කිරීමේ මෙහෙයුම දියත් කර ඇත.

එහෙත් ජිනීවාහි ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයට මේ බව වාර්තා වී නොමැත. යහපාලන රජය යටතේ සිට ජිනීවාහි ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය ස්විස්ටර්ලන්තයේ කොටි හිතවාදී ක‍්‍රියා ගැන විමර්ශනය කළේ නැත. එම සමයේ සිටි මුස්ලිම් තානාපතිවරයා යහපාලන රජයේ උපදෙස් මත ශ‍්‍රී ලංකා හමුදාව දෙවතාවක්ම බටහිර රටවලට පාවා දුන්නේය. එසේම ජිනීවා ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය දිවයිනට තහනම් කලාපයක්ද විය. අපේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් මහනුවර ප‍්‍රදේශයේ දේශපාලනඥයකුගේ ඥාතියකු දිනපතාම ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත එවමින් අප මානව හිමිකම් සමුළුව තුළ කරන්නේ කුමක්ද විමර්ශනය කරනු ලැබීය. අප ඔහුගේ ක‍්‍රියාදාමය ගැන විමසූවිට අපට විරුද්ධව සිය මාමා වූ දේශපාලනඥයා වෙත පැමිණිලි කරන බව කියා සිටියේය. එහෙත් එම දේශපාලනඥයා නිහඬ විය.

මේ අතර කැනඩා රජය ද්‍රවිඩ ප‍්‍රජා මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා ටී. සී. සී. හෙවත් ටැමිල් කමියුනිට් සෙන්ටර් සංවිධානයට ඩොලර් මිලියන 26.3 ක මුදලක් පරිත්‍යාග කර ඇත. මෙම ටී සී සී සංවිධානයේ ප‍්‍රධානියකු ලෙස කටයුතු කරන්නේ කොටි හිතවාදී නේතන් ශාන්ය. පසුගිය යහපාලන රජය නේතන් ශාන්ට මෙරටට පැමිණ උතුරට යෑමට අවසර දුන්නේය.

2009 දී වන්නි මෙහෙයුම් පරාජයවීමට පෙර නේතන්ශාන් ටොරොන්ටෝ නුවර කොටි හිතවාදී රැස්වීමක් අමතමින් මෙලෙස ප‍්‍රකාශ කර තිබුණි. මේ අරගලයට (කොටි අරගලය) අත්වැල් බැඳගැනීමට හැකිවීම ගැන අපි සතුටු වන්නෙමු. මේ අරගලය දිගටම ගෙන යෑමට කටයුතු කරන්නෙමු. අපේ විමුක්ති සටන්කාමීන් නතර කිරීමට අප සූදානම් නැත. ඔබේ විමුක්ති සටන්කාමීන් සහ අපේ ජාතික සංකේතය වූ කොටි ධජය ඉහළින්ම පියාසර කරනු ඇත. එසේ කොටි ධජය සහ ප‍්‍රභාකරන්ගේ ඡායාරූපය අප තවදුරටත් ගෙන යන්නෙමු. කොටි සංවිධානය සම`ග එක්ව අප සටන් කරන්නෙමු. කොටි ත‍්‍රස්තවාදීන් වෙනුවෙන් හඬ නැගූ නේතන් ශාන් යාපනයට පැමිණියේ ටොරොන්ටෝ නුවර හිටපු පොලිස් ප‍්‍රධානියා සමගය.

යාපනයේදී ඔහු කොටි හිතවාදීන් සම`ග රහස් සාකච්ඡාවක නිරත වූවත් යහපාලන රජය එම සාකච්ඡා පිළිබඳ තොරතුරු විමර්ශනය කිරීම සඳහා බුද්ධි අංශවලට ඉඩ දුන්නේ නැත. මෙම පසුබිම මැද පසුගිය ජුලි 24 වැනිදාට කොටි ත‍්‍රස්තයන් කටුනායක ගුවන් තොටුපලට ප‍්‍රහාර එල්ල කර වසර 20 ක් ගත වේ. මෙහිදී ගුවන් හමුදා නිලධාරීන්ගේ දුර්වලතා මත නිලධාරීන් තිදෙනකු යුධ අධිකරණය වෙත පමුණුවා දඬුවම් කෙරුණි.

එහෙත් වසර 20 කට පසු හෙළි වුයේ දඬුවම් ලැබූ එක් ගුවන් හමුදා නිලධාරියකුට රජයේ ඉහළ මණ්ඩලයක උසස් ධුරයක් පිරිනමා ඇති බවයි.

– divaina

ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
දිගු දුර විහිදුම් බළකාය පාවාදීම

ශ්‍රී ලංකා යුද හමුදා ඉතිහාසයේ සිදුවූ විශාලතම පාවාදීම අතුරුගිරියේ මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ සිටි දිගුදුර විහිදුම් බළකාය මහනුවර නිල සුනඛ අංශයේ සහකාර පොලිස්‌ අධිකාරී කුලසිරි උඩුගම්පොල විසින් වැටලීමයි.

අතිශයින්ම රහසිගත මෙම දිගුදුර විහිදුම් බළකා කණ්‌ඩායම උඩුගම්පොල නමැත්තාගේ ක්‍රියාදාමය නිසා මුළුමනින්ම හෙළි විය. මේ සම්බන්ධයෙන් පැවැති ජනාධිපති විමර්ශන කොමිසමේ සාක්‍ෂි විමසීම පවා පළ කිරීමෙන් ඇතැම් මාධ්‍ය වැළකී සිටියේය.

එවකට ජනමාධ්‍ය ලේකම්ව සිටි කුමාර් අබේසිංහ කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් තමා අතුරුගිරිය සිදුවීම වීඩියෝගත කිරීම සඳහා ආරක්‍ෂක ලේකම් ඔස්‌ටින් ප්‍රනාන්දුට අමතා යුද හමුදාව ඉදිරියේ එය සිදු කිරීමට අවසරය ගත් බව කියා සිටියේය. එහෙත් මේ කිසිම නිලධාරියකු මෙවන් ප්‍රචාර නිසා ජාතික ආරක්‍ෂාවට හානි සිදුවන බව අදහස්‌ කළේ නැත.

කුලසිරි උඩුගම්පොලගේ මේ පාවාදීම සාධාරණීයකරණය කිරීමට මෙරට මාධ්‍ය පාර්ශ්වයන් දෙකක්‌ දැඩි ලෙස උත්සාහ කරනු ලැබීය. ඉන් එක්‌ පාර්ශ්වයක්‌ වූයේ රජයේම සති අන්ත පුවත්පතකි. උඩුගම්පොළගේ ඥතියකු අන්වර්ථ නම් භාවිත කරමින් දිගුදුර විහිදුම් බළකාය වැටලීම සාධාරණීයකරණය කරනු ලැබීය. 2002 ජනවාරි 2 වැනිදා රාත්‍රියේ කුලසිරි උඩුගම්පොල අතුරුගිරියට පැමිණියේ එම ප්‍රදේශයේ කිසිම ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියකුට නොදන්වමිනි. කපිතාන් නීලම් ඇතුළු කණ්‌ඩායම මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ ස්‌ථානගත වූයේ නීත්‍යනුකූලව යෑයි හමුදා බුද්ධි අංශ නායක කපිල හෙන්දාවිතාරණ හා හමුදාපති ලයනල් බලගල්ලේ කළ ප්‍රකාශය ද උඩුගම්පොල පිළිගත්තේ නැත.

අතුරුගිරිය සිද්ධිය පුවත්පත්වලට හෙළි කිරීම සඳහා ඔහු මහනුවර සිට හිටපු උප සේවා පොලිස්‌ කොස්‌තාපල්වරයකු වූ ප්‍රාදේශීය වාර්තාකරුවකු ද ගෙන ආවේය.

එවකට සිටි පොලිස්‌පතිවරයා ද උඩුගම්පොලගේ මෙහෙයුම සමයේ අසරණ තත්ත්වයට පත් විය. ඔහු කොළඹ මුත්තයියා පාරේ හමුදා බුද්ධි අංශයට ගොස්‌ ලිපිගොනු ද ලබාගනු ලැබීය. ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ තවදුරටත් අනාවරණය වූයේ යුද හමුදාවේ මේජර් ජනරාල්වරයෙක්‌, කර්නල්වරයෙක්‌, මේජර්වරු තිදෙනකු හා කෝප්‍රල්වරයෙක්‌ මෙම දිගුදුර විහිදුම් බළකාය රැඳී සිටි නිවස වටලන බව දැන සිටි බවයි.

දිගුදුර විහිදුම් බළකා කණ්‌ඩායම අත්අඩංගුවට ගත් උඩුගම්පොල නමැත්තා ඔවුන් මහනුවරට ගෙනගොස්‌ කටුගස්‌තොට පොලිසියේ රඳවනු ලැබීය. එවකට ආරක්‍ෂක ඇමැතිව සිටි මාරපන මහතා එකී කණ්‌ඩායම නිදහස්‌ කරන ලෙස කළ නියෝගය ද ක්‍රියාත්මක වූයේ දින කීපයකට පසුවය.

මේ හමුදා කණ්‌ඩායම අත්අඩංගුවට ගත් උඩුගම්පොල එතැනින් නතර වූයේ නැත. ඔහු හමුදාපති හා බුද්ධි අංශ ප්‍රධානියාට එරෙහිව නඩු පවරනු ලැබීය. මේ සිද්ධිය බලා සිටි කොටි අතිශයින්ම ප්‍රමෝදයට පත්ව අත්පොළසන් දුන්හ. එකල කොටි වෙබ් අඩවියක මෙලෙස සඳහන් විය. ද්‍රවිඩයන් ඝාතනය කිරීමට යොදවා තිබූ කණ්‌ඩායමක සුලමුල දැන් අනාවරණය වී ඇත.

මේ අතර නිදහස්‌ වූ දිගුදුර විහිදුම් බළකායේ කණ්‌ඩායම තම මානව හිමිකම් අහිමි වූ බව දක්‌වමින් අධිකරණය හමුවට ගියහ. මෙකී මානව හිමිකම් නඩුව ඉල්ලා අස්‌කර ගන්නා ලෙස දන්වමින් එකී කණ්‌ඩායමට දැඩි බලපෑම් එල්ල වුවත් ඔවුහු ඊට එකඟ නොවූහ. 2004 ජනවාරි 30 වැනිදා අධිකරණය විසින් තීන්දුවක්‌ දුන්නේය. දිගුදුර විහිදුම් බළකා කණ්‌ඩායමේ මානව හිමිකම් උල්ලංඝනය වී ඇතැයි තීරණය කළ අධිකරණය සෑම පාර්ශ්වකරුවකුටම රුපියල් 7,50,000 ක්‌ බැගින් ගෙවිය යුතු යෑයි නියම කළේය. උඩුගම්පොල ද රුපියල් 50000 බැගින් ගෙවිය යුතු බවට අධිකරණය නියෝග කරනු ලැබීය. මෙහිදී උඩුගම්පොලගේ ක්‍රියාදාමය අධිකරණය විසින් දැඩි දෝෂාරෝපණයට ලක්‌විය. මෙම අධිකරණ නියෝගයෙන් පසු ජාතික පොලිස්‌ කොමිසම විසින් උඩුගම්පොලව අනිවාර්ය නිවාඩු යවන්නැයි එවකට පොලිස්‌පතිව සිටි ඉන්ද්‍රා ද සිල්වා වෙත නියෝග කරනු ලැබීය. 2005 මාර්තු 23 වැනිදා කුලසිරි උඩුගම්පොළව විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් ඇප මත නිදහස්‌ විය.

දැන් රාජ්‍ය රහස්‌ පනත යටතේ උඩුගම්පොළට එරෙහිව නඩු පැවරී තිබේ. "අතුරුගිරිය මිලේනියම් සිටි සිද්ධියේ කනගාටුදායක පැත්ත මෙයයි. මේ විශේෂ කණ්‌ඩායම අත්අඩංගුවට ගැනීමෙන් පසු ඊට සහාය වූ බුද්ධි චරපුරුෂයන් කවුරුන්දැයි කොටින්ගේ ටොසී බුද්ධි සේවාවට වාර්තා විය. ඒ අනුව කොටි ගැන තොරතුරු සපයන ද්‍රවිඩ බුද්ධි චරපුරුෂයන් ඝාතනයවීම ආරම්භ විය.

මේ කොටි විසින් ඝාතනය කළ බුද්ධි කණ්‌ඩායමයි. 2002 ජනවාරි 20 - විද්‍යාදරන් හෙවත් නිති, 2002 පෙබරවාරි 9 - ක්‌ලාරි හෙවත් ගඩාපි, 2002 ජුලි 22 - අරින්ජාන් හෙවත් සමින්දරාජන්, 2002 දෙසැම්බර් 11 - ගනේෂමූර්ති හෙවත් තිලක රාජා, 2003 ජනවාරි 03 - කැෂියර් හෙවත් පුලේන්ද්‍රරාසා, 2003 මාර්තු 18 - රගුපති හෙවත් රගු, 2003 අප්‍රේල් 13 - රංජන් හෙවත් වර්ධන්, 2003 අප්‍රේල් 26 - අශෝක්‌ දේවරාජා 2003 මැයි 21 මාස්‌ටර් හෙවත් කුමාර් පෙරුමාල්, 2002 අගෝස්‌තු 14 - දේවදාස්‌, 2002 දෙසැම්බර් 02 - අයිස්‌, 2003 අප්‍රේල් 23 - යශෝධරන්, 2003 මැයි 19 - සූරියන්, 2003 අගෝස්‌තු 03 රිල්වාන්, 2003 අගෝස්‌තු 08 ශන්මුගරාසා, 2003 සැප්තැම්බර් 14 - සබාරත්නම්, 2004 ජනවාරි 31 - යෝගරාසා හෙවත් ප්ලොට්‌ මොහාන්.

දිගුදුර විහිදුම් බළකාය නිදහස්‌ වුවත් සටන් විරාමය නිසා ඔවුන්ට මෙරට රැඳී සිටීම අනතුරුදායක විය. මේ නිසා ඔවුහු විදේශගත වූහ.

මෙම අතිශයින්ම රහසිගත හමුදා බළකාය අල්ලා ගැනීමට නීති විරෝධී මෙහෙයුමක්‌ දියත් කළ කුලසිරි උඩුගම්පොල නමැත්තා එදා සිටි පොලිස්‌පති, හමුදාපතිටත් ඉහළින් කටයුතු කළ බව මෙහිදී සනාථ විය.

මෙම සිද්ධිය පිළිබඳ ජනාධිපති කොමිසම පරීක්‍ෂණ පටන් ගැනීමත් සමගම උඩුගම්පොලට මිලේනියම් සිටි නිවස ගැන තොරතුරු සැපයූ බව කියන පුද්ගලයා ද අබිරහස්‌ ලෙස මියගොස්‌ ඇතැයි අනාවරණය විය.

එසේම දිගුදුර විහිදුම් බළකාය රැඳී සිටි නිවස වැටලීමට තමා පැමිණියේ අධිකරණ නියෝගයක්‌ මත යෑයි උඩුගම්පොල පැවසූ නමුත් එම නියෝගය ඔහු කිසිවිටෙක පෙන්නුම් කළේ නැත.

මේ හැර යුද හමුදාව මෙකී කණ්‌ඩායමේ හා අවි ආයුධවල නීත්‍යනුකූලතාවය ගැනද ලියවිල්ලකින් සනාථ කරන්නේ නම් දිගුදුර විහිදුම් බළකාය නිදහස්‌ කරන බවද උඩුගම්පොල පවසා තිබිණි.

එවැනි ලිපියක්‌ යුද හමුදාව විසින් ගෙනවිත් උඩුගම්පොලට බාරදුන්නත් ඔහු ඒ ගැන තැකීමක්‌ කළේ නැත.

විශේෂ ජනාධිපති කොමිසම හමුවේ හෙළිවූ තවත් කරුණක්‌ නම් ඇතැම් හමුදා නිලධාරීන් සෘජුව සහ වක්‍රව උඩුගම්පොලගේ මේ වැටලීම දැන සිටි බවයි. ඔවුන් නම් ලුතිනන් කර්නල් පත්මසිරි උඩුගම්පොල (උඩුගම්පොලගේ සොහොයුරු), මේජර් ජනරාල් අයිවන් දසනායක, කර්නල් කේ. එච්. ධර්මරත්න, මේජර් ඒ. සී. සොයිසා, මේජර් ඒ.එස්‌. පොඩිඅප්පුහාමි, මේජර් කේ. යූ. ජයනෙත්ති, මේජර් නජිත් කරුණාරත්න, කෝප්‍රල් ඡේ. එච්. සිල්වා, කෝප්‍රල් එම්. වී. පීරිස්‌.

එදා පැවැති එ.ජා.ප. රජයේ දේශපාලකයන් තිදෙනකු හා රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙක්‌ විසින් දිගුදුර විහිදුම් බළකා කණ්‌ඩායමේ ප්‍රධානී කපිතන් නීලම් ඇතුළු පිරිසට දැඩි බලපෑම් එල්ල කළත් එකී කණ්‌ඩායම ඊට හිස නැමුවේ නැත.

විශේෂ ජනාධිපති කොමිසම සිය වාර්තාවේ මෙලෙස ද දක්‌වා ඇත. 2001 මහා මැතිවරණයට පෙර මෙම රහසිගත නිවසේ ලිපිනය දැනගැනීමට කර්නල් පරාක්‍රම දසනායක උත්සාහ කළ බවට තදබල සාක්‍ෂි ඇත. දසනායක නමැත්තා මෙහිදී කියා සිටියේ තමා මාලඹේ ඉදිකරන නිවස සඳහා සහාය ලබාගැනීමට කපිතන් නීලම්ට ඇමතීමට අවශ්‍ය බවයි.

මිලේනියම් සිටි දිගුදුර විහිදුම් බළකා සිද්ධිය මෙරට යුද හමුදා ඉතිහාසයේ සිදුවූ ද්‍රොහීමය ක්‍රියාදාමයකි.

එහිදී දේශපාලන පොලිස්‌ නිලධාරියකු වූ කුලසිරි උඩුගම්පොල ක්‍රියා කළ ආකාරය මුළු පොලිස්‌ දෙපාර්තමේන්තුවටම සිදුවූ අවමානයකි.

උඩුගම්පොල බේරාගැනීම සඳහා හිටපු නෝවීජියානු ආධාරකාරියක්‌ වූ මාධ්‍යවේදිනියක්‌ ද උඩුගම්පොලගේ ඥතියකු වන අයෙක්‌ ද ගත් උත්සාහය අසාර්ථක විය.


ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
 Lord Nasbey defends Lanka in wake of botched statistics by UN commissio



Providing an exclusive interview to media mogul WION, British Parliamentarian Lord Michael Morris, Baron Naseby stated that upon the research of classified military documents of the British government, he discovered that the casualty figure of 40,000 civilians killed during the latter stage of the civil war in Sri Lanka was a guess made by the Darusman commission set up by the UN to probe the civil war. 

Lord Naseby, who identifies himself as an old friend of Sri Lanka, stated that the actual number of casualties during the final weeks of the war was approximately 7000.

The 30 year civil war that plagued Sri Lanka ended in 2009 with the death of the leader of the LTTE Velupillai Prabhakaran. Following the war however the UNHRC and other international bodies have been aggressively demanding that the Sri Lankan armed forces admit to committing war crimes during the final stages of the war that includes the murder of 40,000 civilians in the north of the country.

Prominent political figures during the war including former President Mahinda Rajapaksa have been targeted as influencers of the atrocity.  Gotabhaya Rajapaksa the war-time Defence Secretary has been accused of allowing a free-hand to military operatives during the latter half of the 30-year civil war.

For several years post 2009, many western nations including the UK which harbours a large Sri Lankan Tamil population pestered Sri Lanka, requiring heads of state and military personnel to answer for the alleged war-crimes.
Much to the appraisal of the island nation, Lord Nasbey dispelled the rigid stance taken by the British through his convincing speech on October 12, where he urged the West, and in particular the US and UK, to remove the threat of war crimes and foreign judges that overhangs and overshadows all Sri Lankans and their leaders. 

Speaking to a WION correspondent Lord Nasbey elaborated on the botched statistics of the UN commission and the global impact it had on Sri Lanka.

He stated that he tracked the civil war carefully and could not come to terms with the figures provided by the Darusman Commission as they did not tally with the information he was receiving from within Sri Lanka.

“I requested a freedom of information inquiry which was initially dispelled by the foreign office, following which I appealed to the information commissioner who understood the motives behind my inquiry.”

Lord Nasbey revealed that he received a 26 page report of redacted dispatches sent by the British Defence Attaché. However, the report did not include the last 6-weeks of the war. He thereafter submitted a second appeal after which a further 12 pages of correspondence were revealed.

He stated that upon careful study, there was sufficient evidence to prove that no representative of the Sri Lankan government had authorised or permitted the killing of civilians during the latter stages of the war. The British Defence Attaché indicated that the number of civilian casualties was about 7000 out of which a large portion was Tamil tigers who had abandoned their uniforms Lord Nasbey said.

Following his inquiry Lord Nasbey had consulted university professors and other individuals who had investigated the incident who all confirmed that the estimated number of civilian casualties was approximately 7000.

WION correspondents reported that the UK permitted LTTE refugees to celebrate the birthday of Velupillai Prabhakaran annually raising concerns of global diplomacy. Lord Nasbey severely condoned the stance taken by the UK stating that he had informed the Metropolitan Police that the permittance of such a celebration was diplomatically wrong.   

Lord Nasbey also reminded the House that it was the LTTE who killed former Prime Minister Rajiv Gandhi. He however stated that his representation as a member of the House of Lords to amend the flawed figure of civilian casualties from 40,000 to 7000 does not mean that war crimes like the killing of three top tigers despite their surrender must be investigated.

He further lauded the efforts rendered by the current government to reconcile the northern region of Sri Lanka. Lord Nasbey stated that the LTTE must be viewed with the correct perspective as a terrorist organization that systematically killed influential and educated Tamil leaders to ensure the solitary supremacy of Velupillai Prabhakaran.


ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
ශ‍්‍රී ලංකාව පීචංම ක‍්‍රිකට් කණ්ඩායමක් වෙයි.. ඉදිරියේදී අයර්ලන්ත, ඇෆ්ගනිස්ථාන, බංග්ලාදේශ, සිම්බාවේ තරග පමණයි…

මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ දරුණු කඩාවැටීමක් තිබෙන බවත්, හැකි ඉක්මනින් ඒ සඳහා පිළියම් ලබානොදුනහොත් ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ඉතිරි වන්නේ බංග්ලාදේශය, සිම්බාබ්වේ, අයර්ලන්තය සහ ඇෆ්ගනිස්තානය පමණක් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු ලේකම් නිශාන්ත රණතුංග මහතා සඳහන් කර සිටියේය.

ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමතිවරයාගේ මෙන්ම ශ්‍රී ලංකා රජයේද අවධානය හැකි ඉක්මනින් යොමුවිය යුතු බවයි.

“ජාත්‍යන්තර ක්‍රිකට් දිහා බලපුවාම අපි හිටපු හොඳම කණ්ඩායමක්. අපි පාලනය කරපු කාලේ අංශ තුනෙන්ම ශ්‍රේණිගත කිරීම්වල මුල් ස්ථාන තුනේ ශ්‍රී ලංකා කණ්ඩායම හිටියා. එක්දින තරග රටාවේ අපි දෙවැනි ස්ථානයේ හිටියා, ටෙස්ට් තරග රටාවේ අපි දෙවැනි සහ තුන්වැනි ස්ථානවල හිටියා, පන්දුවාර විස්සයි20 තරග රටාවේ අපි පළමු ස්ථානයේ රැඳී සිටියා අවුරුදු තුනක් පමණ. එහෙම හිටපු රටක් තමයි අපි.

එවැනි ශ්‍රේණිගත කිරීම්වල උඩින්ම ඉන්නකොට අපේ රටේ ක්‍රිකට්වලට තියෙන ඉල්ලුම වැඩියි. රූපවාහිනි ආයතනවලින් මෙන්ම අනිකුත් ක්‍රිකට් පාලක මණ්ඩලවලින් අපට ලොකු පිළිගැනීමක් තිබුණා. නමුත් දැන් මේ යන විදිහට ඒ පිළිගැනීම, ඉල්ලුම අඩු වෙනවා. ඒ නිසා ඉදිරියේදී අපට ජාත්‍යන්තර තරග ලැබේවිදෝ කියලා සැකයක් ඇති වෙනවා. ඒ නිසා තමයි මම කියන්නේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ දරුණු කඩාවැටීමක් තියෙනවා කියලා.

මම ලේකම්වරයා ලෙස සිටි කාලයේදී, 2012 සිට 2020 දක්වා අනාගත තරග සංචාර (ෆියුචර් ටුවර් ප්‍රෝග්‍රෑම් (එෆ්.ටී.පී)) අත්සන් කළා. අවුරුදු 8කට තමයි සාමාන්‍යයෙන් එෆ්.ටී.පී. එකක් අත්සන් කරන්නේ. ඒ කාලේ ඔස්ට්‍රේලියාව, එංගලන්තය, ඉන්දියාව,
ද.අප්‍රිකාව සහ පාකිස්තානය වැනි ගොඩක් රටවල් අපට තරග සංචාර දුන්නා. නමුත් අපේ දක්ෂතා අඩුවෙනකොට ඊළඟ එෆ්.ටී.පී. එකේදී (2020 සිට 2024 හෝ 2028 දක්වා) අපට ලැබෙන තරග සංචාර අඩු වෙන්න පුළුවන්.

අපේ රටේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන් ටිකෙන් ටික ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඈත් වෙමින් ඉන්නවා. විදෙස් රටවල ප්‍රේක්ෂකයන් දැන් අපේ රටේ ක්‍රිකට්වලට ආදරේ නැහැ. අපේ දක්ෂතා හොඳ නැති නිසා විදෙස් ක්‍රිකට් පාලක මණ්ඩල (විදෙස් ප්‍රේක්ෂකයන් අඩු නිසා) තරග සංචාර ලබාදෙන්න වැඩි කැමැත්තක් නැහැ. මේ හේතු නිසා ඉදිරියේදී අපට හොඳ රටවලින් තරග සංචාර නොලැබෙන්න පුළුවන්. එහෙම වුණොත් අපේ ක්‍රිකට්වල වටිනාකම අඩුවෙනවා. ඒ වගේ දෙයක් සිද්ධ වුණොත් අපට අපේ ක්‍රිකට් දියුණු කරගන්න තව තවත් අපහසු වෙන්න පුළුවන්.

ඒ වගේම තමයි අයර්ලන්තය සහ ඇෆ්ගනිස්තානය ජාත්‍යන්තර තරග සඳහා ඇවිත් තියෙනවා. ජාත්‍යන්තර පන්දුවාර විස්සයි20 තරග තියෙනවා, අයි.පී.එල්. තරගාවලිය තියෙනවා, ඒ ඒ රටවල් සංවිධානය කරන ක්‍රීඩා සමාජ තරගාවලි තියෙනවා. නමුත් කැලැන්ඩර් එකේ තියෙන්නේ දින 365යි. ඒ නිසා ඉස්සර ක්‍රීඩා කළාට වඩා තරග ප්‍රමාණයක් අඩුවෙනවා. ඉතින් මේ සියල්ලම සලකා බලා, අපේ දක්ෂතා අඩුවුණාම, අපේ ජනප්‍රියත්වය අඩුවුණාම අපට ලැබෙන තරග සංචාර අඩු වෙනවා. ඉතින් මට කියන්නේ තියෙන්නේ මේ විදිහට ගියොත් අපේ ක්‍රිකට් ක්‍රීඩාව තව තවත් අගාධයට ගමන් කරනවා කියලයි.



මේක ක්‍රීඩා ඇමතිතුමාගේ අවධානය යොමුවිය යුතු කරුණක්, ඒ වගේම රජයේ අවධානය යොමුවිය යුතු කරුණක්. යම් විදිහකින් විදෙස් රටවලින් අපට ලැබෙන තරග සංචාර අඩු වුණොත් ඉදිරියේදී අපට ක්‍රිකට් ගහන්න වෙන්නේ සිම්බාබ්වේ, බංග්ලාදේශය, ඇෆ්ගනිස්ථානය සහ අයර්ලන්තය වගේ රටවල් එක්ක විතරයි. එහෙම වුණොත් අපට තරග විකාශන අයිතිය ලබාදීම තුළින් ලැබෙන මුදල් ප්‍රමාණය අඩු වෙනවා, අනුග්‍රාහකයන් අඩු වෙනවා. අපේ ක්‍රිකට් ක්‍රීඩාව දියාරුවී යනවා. එවැනි බරපතළ තත්ත්වයක් තියෙනවා.” යැයි හිටපු ක්‍රිකට් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

– ada.lk

ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
මාක් ලංකාවේ ලොකු FB වල තටු කැපුවේ ඇයි?



Facebook Explore Feed හේතුවෙන් ෆේස්බුකියේ බොහෝ පිරිසකට ගැටලුවලට මුහුණ පෑමට සිදුවීම මේ දිනවල කතා බහට ලක්ව ඇත.

ලංකාවේද ෆේස්බුක් පිටු භාවිතා කරනන්න් මේ දිනවල අඩු වැඩි වශයෙන් මෙම ගැටලුවට මුහුණ දෙමින් සිටී.

ෆේස්බුක් මගින් නිකුත්කල මෙම යාවත්කාලීන කිරීම නිසා සාමාන්‍ය නෙව්ස් ෆීඩ් එක තුළ Facebook pages මගින් දමන පොස්ට් දර්ශනය වීම කර ඒ සඳහා වෙනමම Facebook Explore Feed හඳුන්වා දී තිබුණි. මෙම Facebook Explore Feed යාවත්කාලීන කිරීමට ලොව පුරා සිටින Facebook සාමාජිකයන්ට මුහුණ දීමට සිදුවුණත් ලංකාව ඇතුළු තවත් රටවල් 05 කට මෙම යාවත්කාලීන කිරීම වෙනස් විදියට සිදුකර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාව,සර්බියාව,බොලීවියාව, ගෝතමාලාව, කාම්බෝජියාව සහ ස්ලොවේකියා යන රටවල් වලටFacebook pages මගින් දමන පොස්ට් සියල්ලම Explore Feed හි පමණක් පෙන්වනු ලැබේ. අනෙකුත් රටවල්වලටද ඔවුන් like කර ඇති page සහ ඔවුන්ට සුදුසුයැයි අනුමාන කරන පොස්ට් Explore Feed එක තුළ පෙන්වනු ලැබුවද ඔවුන්ට සුදුසු යැයි අනුමාන කරන සහ ඔවුන් link කර ඇති pagesවලට අදාල ඉතා ජනප්‍රිය සහ ගුණාත්මක පොස්ට් සාමාන්‍ය News feed එක තුළ පෙන්වයි.

කෙසේ වුවද මෙය තවමත් පර්යේෂණ මට්ටමේ පවතින බැවින් ඉදිරියේදී තවත් වෙනස්කම්වලට මුහුණදීමට සිදුවෙතැයි අනුමාන කෙරේ.

මේ පිළිබඳව ලොව ප්‍රධාන පෙලේ මාධ්‍ය ජාලා බොහෝමයක් මෙන්ම ලෝක ප්‍රකට පුද්ගලයන් රැසක් ෆේස්බුක් සමාගමට සිය අප්‍රසාදය පළකර ඇති බවද වාර්තා වේ.

ඒ අනුව පසුගිය දින කිහිපය තුළ ෆේස්බුක් හී රීච් එක අඩුවී ඇති ආකාරය මෙසේය.



මෙහි මුලදී පැවතී reach එක ලබාගැනීමට නම් ෆේස්බුක් පිටුවලට අධික මුදලක් ගෙවීමට සිදුවීමෙන්, බොහෝ ෆේස්බුක් පිටු හිමිකරුවන් ඒවා වසා දැමීමට කටයුතු කර තිබේ.මේ නිසා ෆේස්බුක්වලටද ප්‍රධාන අදායම් මාර්ගයක් අහිමි වෙමින් පවතී.

මෙය තවමත් පරීක්ෂණ මට්ටමේ පවතින අතර එය අවසාන වන දිනය තවමත් ඔවුන් නිල වශයෙන් ප්‍රකාශ කර නොමැත.

 මිට අමතරව මෙම නව්‍යකරණයත් සමඟ ඇතමුන්ට එදිනෙදා තම ගිණුමේ සිටි යහළුවන්ගේ post නොපෙන්වන බවටද, තමන් like කර ඇති පිටුවල post, explore feed හි නොපෙන්වන බවටද බොහෝ පැමිණිලි ලැබී ඇති බව ඔවුන් සඳහන් කරයි.

මෙම යාවත්කාලීන කිරීම Global update එකක් නොවන අතර, එහි කිසිදු සැලසුමක් නොමැති බවත්, ඉදිරි මාස කිහිපයේදී මෙහි ඇති බලපෑම හා සාර්ථකත්වය සොයා බලා මෙය ක්‍රියාත්මක කිරීම හෝ නොකිරම පිළිබඳ අවසන් තීරණයට එළඹෙන බව ෆේස්බුක් ආයතනයේ News Feed පිළිබඳ ප්‍රධානී Adam Mosseri මහතා සඳහන් කරයි.

ෆේස්බුක් සමාජ ජාල අඩවිය 2004 පෙබරවාරි 04 දින මාක් සකර්බර්ග් ප්‍රධානත්‍වයෙන් ඔහුගේ මිතුරුන් වූ එඩුආර්ඩෝ සෙවරින්,ඩස්ටින් මොස්කොවිට්ස් හා ච්‍රිරිස් හගස් විසින් ආරම්භ කරන ලදි.



ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
සිංහලෙන් රටේ ජනතාව ගොනාට අන්දවා… ආණ්ඩුව රණවිරුවා පාවා දුන් හැටි 

ගරු මූලාසනාරූඩ මන්ත්‍රීතුමනි, නියෝජ්‍ය කාරකසභා සභාපතිතුමනි, ගරු දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමන් ඉදිරිපත්කරන ලද යෝජනාව ස්ථිර කරමින් මේ යෝජනාවට ප්‍රවේශයක් ලබාගැනීම සදහා ආණ්ඩුවේ ප්‍රකාශයක් දෙසට අවධානය යොමු කරනවා. අපි දැක්කා වර්තමාන ආණ්ඩුව දිගින් දිගටම ප්‍රකාශ කරන දෙයක් තමයි අපි ලෝකය දිනා ගත්තා. ලෝකය ජයග්‍රහණය කළා. හැමෝම අපිත් එක්ක යාළුයි. අපිට දැන් කවුරුවත් සතුරන් නෑ. තත්වය ඒකනම් අපිට සතුරන් ඇතිවුනේ කෙසේද? ඒ හතුරන් මේ ආණ්ඩුව නැතිකර ගත්තේ කෙසේද කියන එක ගැන මේ ගරු සභාවේ අවධානය යොමු කිරීම වටිනවා.

අපි කොටි ත්‍රස්තවාදයට එරෙහිව සටන ආරම්භ කරපු මුල් දවස් වල බටහිර ලෝකය හිටියේ අපිත් එක්ක. හිටපු විදේශ ඇමතිතුමන් දන්නවා එතුමනුත් විදේශ අමාත්‍ය ධුරයේ අපේ ආණ්ඩුවේ මුල් කාලයේ හිටියා. අපිට කොටි ත්‍රස්තවාදය තහනම් කරලා දුන්නා. ඇමරිකා එක්සත් ජනපදයේ සහයෙන් , සෑම් මිසයිල තුන්වන පාර්ශවයක් විසින් කොටි ත්‍රස්තවාදීන්ට විකුණද්දි ඔවුන්ව අත් අඩංගුවට ගන්න පුළුවන් වුනා. ඔවුන්ගේ ගිනුම් තහනම් කලා. ඇමරිකාවේ ඔත්තු සේවා වලින් ලැබුනු තොරතුරු මත තමයි ඉන්දුනීසියාවට ආසන්න මුහුදේ දී පාවෙන අවි ගබඩා ලෙස භාවිතා කරන ලද කොටි නැව් තුනක් විනාශ කිරීමට අපේ නාවික හමුදාවට හැකියාව ලැබුනේ. බටහිර අපිත් එක්කයි හිටියේ. එහෙනම් කවදද බටහිර අපෙන් වෙන් වුණේ?

2009 ජනවාරි මාසයේ දෙවෙනිදා වෙනකම් බටහිර රටවල් හිතා උන්නේ අපි කොටියව මට්ටු කරන්න තමයි හදන්නේ කියලයි. කොටි සාකච්ඡාමේසයට ගන්න අවශ්‍ය ප්‍රමාණයට මට්ටු කරන්නයි යන්නේ කියලයි ඔවුන් හිතුවේ. නමුත් 2009 ජනවාරි මාසයේ දෙවනිදා අපි කිලිනොච්චියේ බලය අත්පත් කරගත් පසු මේ අය තේරුම් ගත්තා නෑ කොටියා පරදින්නයි යන්නේ. බටහිරට දැන් ප්‍රශ්නයක්. බටහිර ලෝකයේ ප්‍රබලම රටවල් 40ක් එකට එකතු වෙලා ඉරාකයේ ඇෆ්ගනිස්ථානයේ හා ඒවන විට දැවැන්ත යුධ මෙහෙයුම් දෙ‍ක කරගෙන යනවා. ඔවුන්ට ධන බලය ඉහලම තාක්ෂණය සුවිසල් හමුදා තිබුනත් යුධ බිමේ ජයග්‍රහණ ලබාගන්න බැරිවුනා.

2001 නොවැම්බර් මාසයේ ඉදන් ඇෆ්ගනිස්ථාන යුද්ධය ගියා 2003 අප්‍රියෙල් මාසයේ ඉදන් ඉරාකයේ යුද්ධය ගියා. නමුත් ජයග්‍රහණය අත ලගවත් නෑ. නමුත් පුංචි දුප්පත් ලංකාවේ අභීත රණවිරුවන් ලෝකයේ භයානකම ත්‍රස්ත සංවිධානය පරාජය කරන්නයි යන්නේ. මේක බටහිරට ලැජ්ඡාවට කාරනයක්. ඒ නිසා ඔවුන් අපේ වැඩේ කරගන්නාතුරු කියන කෑල්ල කිව්වේ නෑ . ඒ කෑල්ල හිතේ තියාගෙන අපිට කිව්වා වහාම සටන් විරාමයක් දෙන්න කියලා. හිලරි ක්ලින්ටන් රාජ්‍ය ලේකම් වරිය දෙපාරක් දුරකතනයෙන් කතා කර මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ට කිව්වා. ගෝඩ්න් බ්‍රවුන් බ්‍රිතාන්‍ය අගමැතිවරයා ලිඛිත ඉල්ලීමක් කලා. බර්නාඩ් කෘෂ්ණන් , ඩේවිඩ් මිලි බැන්ඩ් කියන බ්‍රිතාන්‍ය ප්‍රංශ විදේශ ඇමතිවරු ලංකාවට ඇවිත් ඉල්ලීම කලා. මේ සියල්ල නොසලකා අපි යුද්ධය ත්‍රස්තවාදය අවසන් වන තුරු පෙරට ගෙනයාම නිසයි බටහිර රටවල් අපිත් එක්කතරහ වුනේ. බටහිරට දැන් ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් ඒ අයට ලැජ්ජයි. ඒ අයට බැරි දෙයක් පුංචි රටක් කළා. ඒ නිසා මේ මහා ජයග්‍රහණයට අවමාණයක් එක් කරන්නට ඕනි. වෙන රටවල් ආකෘතියක් ලෙස මේ ජයග්‍රහණය දෙස හැරිලා බලන එක නතර කරන්නට ඕනෑ. අන්න ඒක නිසා මේකට යුධ අපරාධ ලේබලය ඇලෙව්වා. ඒ වගේම කේන්තියි. ඇයි මේ පුංචි රටක් අපි කියන දේ ඇහුවේ නැ. මේ රටට දඩුවම් කෙරුවෙ නැත්නම් ලෝකයේ අනික් රටවළුත් ඇමරිකාව යුරෝපීය බලවතුන් කියන දේ අහන්න නැතුව ගිහිල්ලා ලෝකය පිළිබද අපේ ආධිපත්‍යය නැති වේවි. අනික් රටවලට උණ ගැනෙන්න ලංකාවට දඩුවම් කරන්න ඔන කියන මට්ටමින් තමයි ලංකාවට එරෙහි යෝජනා එන්න ගත්තේ.

ගරු සභාපතිතුමනි, ලෝක බලවතුන්ගේ ධන බලය හමුදා බලය හමුවේ අපි අසරණ උනත් අපි හුදකළා උනත් අපිට හිටිය මිතුරන් ටික එකතු කරගෙන අපි අපේ ස්වාධිපත්‍යය වෙනුවෙන් පෙනී සිටියා. මේ මවුබිම වෙනුවෙන් ජීවිත දන් දුන්නු අත් පා දන් දුන්නු රණ විරුවා වෙනුවෙන් අපි ජාත්‍යන්තර වේදිකාවේ පෙනී සිටියා. අපේ ආණ්ඩුව යෝජනා පරාජයට පත් වුනත් අපි පරාජය පිළි අරගෙන බටහිර ඉදිරියේ දන ගැසුවේ නැ. නමුත් මේ ආණ්ඩුව ලෝක ඉතිහාසයට අළුත් වාර්ථාවක් ඉදිරිපත් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 2015 සැප්තැම්බර් මස ඉදිරිපත් කල යෝජනාවෙදි එම යෝජනාවට සම අනුග්‍රහය දක්වන්නට ඉදිරිපත් වුනා.

Mr Chairman, as far as my knowledge, the former foreign minister will correct me, if I am wrong, this is an unprecedented act. No nation in this world has co-sponsored a resolution which is against that very country. This is unprecedented, unusual and results are devastating. Mr Chairman, why do we call this a treacherous act. It has undermined our sovereignty. It has clearly damaged the reputation of our war heroes and they have been labelled as criminals because of this resolution. There were so many resolutions. There could be many more. But this resolution is very important to us because it has been co-sponsored by us. Because of that, let us go through this resolution.

Mr Chairman, I may draw your attention to Operating Paragraph 6.

Welcomes the government’s recognition that accountability is essential to uphold the rule of law and build confidence in the people of all communities of Sri Lanka in the justice system, takes note with appreciation of the Government of Sri Lanka’s proposal to establish a Judicial Mechanism with a Special Counsel to investigate allegations of violations and abuses of human rights and violations of international humanitarian law, as applicable; and affirms that a credible justice process should include independent judicial and prosecutorial institutions led by individuals known for integrity and impartiality; and further affirms in this regard the importance of participation in a Sri Lankan judicial mechanism, including the Special Counsel’s office, of Commonwealth and other foreign judges, defense lawyers, and authorized prosecutors and investigators;



ගරු සභාපතිතුමනි ඒ අනුව විදේශිය විනිසුරන් විතරක් නෙවෙයි. විදේශිය විමර්ශකයන් ඒ කියන්නේ පොලිසියේ රාජකාරිය කරන්නත් විදේශිකයන්. විදේශිය අභිචෝදකයන් ඒ කියන්නේ නීතිපතිගේ රාජකාරිය කරන්නත් විදේශිකයන්. විදේශිය නිතීඥයින් අපේ නිතීඥයින්ගේ වගකීම කරන්නත් විදේශිකයන්. මේක පිළිබද අපි පහුගිය වසර දෙක පුරාවට කතා කරද්දි ආණ්ඩු පැත්තෙන් හිටපු විදේශ නියෝජ්‍ය අමාත්‍යතුමා පවා කිව්වා අපිට ඉංග්‍රිසි තේරෙන්නේ නෑ. ඒ නිසයි මේ ප්‍රශ්නේ. විදේශිය විනිසුරන් ගෙන්න කිසිම අදහසක් නෑ කියලා.

විදේශ ඇමතිතුමා කියනවා මට ඉංග්‍රිසි තේරෙන්නේ නෑ. හරි මට ඉංග්‍රීසි තේරෙන්නේ නෑ කියමුකො. කැනඩාවේ අගමැතිතුමාටත් ඉංග්‍රිසි තේරෙන්නේ නැද්ද? ඔබතුමා වගේ නෙවෙයි කැනඩාවේ අගමැතිතුමාගේ මව්භාෂාව ඉංග්‍රීසි. කැනඩාවේ අගමැතිතුමා මැයි මාසේ 18 වෙනිදා යුධ ජයග්‍රහණයේ 08වෙනි සංවත්සරය වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරනවා. කැනඩාවේ අගමැති ජස්ටින් ටෘඩියෝ (Justin Trudeau) තමන්ගේ ප්‍රකාශයේ මෙසේ සදහන් කරලා තියෙනවා

“I reiterate my call to the Government of Sri Lanka to ensure that a process of accountability is established that will have the trust and confidence of the victims of the war. To this end, Sri Lanka should fulfil its international commitments by ensuring the involvement of Commonwealth and international investigators, prosecutors and judges.”

ගරු සභාපතිතුමනි අපිට ඉංග්‍රිසි තේරෙන්නේ නැති හින්දද මේ විදේශිකයන් ගේනවා කියලා කියන්නේ. කැනඩාවේ අගමැතිතුමාටත් ඉංග්‍රිසි බැරිද? එතුමා ඉතා පැහැදිලිව කියනවා ශ්‍රිලංකාව බාර ගත්තා පොරොන්දු වුණා විදේශිය විනිසුරන් විතරක් නෙවෙයි විමර්ශකයන්, අභිචෝදකයන්, නිතීඥයින් පාවිච්චි කරන්න. දැන් දුන් පොරොන්දු ඉටු කරනු.

ගරු සභාපතිතුමනි මේක මංගල සමරවීර ගරු ඇමතිතුමාගේ පෞද්ගලික බැදීමක් නම් අපිට කමක් නෑ,. මේකෙන් බැදුනේ සිරිසේන වික්‍රමසිංහ ආණ්ඩුව නම් අපිට ප්‍රශ්නයක් නෑ. මේ බැදියාවට විපක්ෂයේ ඉන්න අපිත් බැදිලා තියෙනවා. අපේ දරුවොත් බැදිලා තියෙනවා. අපේ දරුවන්ගේ දරුවොත් බැඳිලා තියෙනවා. මේක රටක බැදීයාවක්නැතුව පෞද්ගලික බැදීයාවක් නෙවෙයි. It is a national commitment, not a personal commitment of that former foreign minister. ගරු සභාපතිතුමනි ඒක තමයි ප්‍රශ්නය.

ගරු සභාපතිතුමනි මේ ප්‍රශ්නයට උඩගෙඩි දුන්න බලපෑම් කරපු බ්‍රිතාන්‍ය අගමැතිතුමිය මොකක්ද එරටේරණවිරුවන් ගැන කියන්නේ 2016 සැප්තැම්බර් 29 The Sun පුවත්පත වාර්තා කරනවා Prime Minister Theresa May plans strict reforms to stop wild allegations about British troops hounded by law firms.

බ්‍රිතාන්‍ය අගමැතිතුමිය තම හමුදා අමතමින් කියනවා, As your Prime Minister, I must convey you a message that entire British nation is behind you on this baseless war crime allegations. We will protect you.

2010 අපේ LLRC කමිටුව පත්කල සමයේම බ්‍රිතාන්‍ය කමිටුවක් පත් කලා යුධ අපරාධ ගැන සොයන්න.අපේ රණවිරුවන්ට චෝදනා නගන්නේ ගරු සභාපතිතුමනි තමන්ගේ මව්බිම බේරා ගැනීමට සටන් කරලා. බ්‍රිතාන්‍ය හමුදාවට තියෙන්නේ ඇෆ්ගනිස්ථානය ඉරාකය ආක්‍රමණය කිරීම පිළිබඳ චෝදනාවක්. හැබැයි බ්‍රිතාන්‍ය අගමැතිවරිය සමස්ත බ්‍රිතාන්‍ය වෙනුවෙන් ප්‍රකාශ කර සිටිනවා අපි ඔබ සමගයි ඔබට එරෙහිව යුධ අපරාධ චෝදනා නගා ඔබව විනාශ කිරීමට අපි ඉඩ දෙන්නෙ නෑ කියලා.

අපේ රටේ ගරු විදේශ ඇමතිතුමා තමයි ලෝකෙට ගිහින් කියන්නේ අපේ රණවිරුවන් එහෙම කලා තමයි ඒ අයට දඩුවම් දෙන වැඩේට මාත් එකගයි කියලා. ඒ නිසා ගරු සභාපතිතුමනි මේක මේ 6වෙනි ජේදයේ විතරක් නෙවෙයි යෝජනාවේ 12වන ජේදය ගත්තොත් අපේ මහජන ආරක්ෂක පනත වෙනස් කරන්න, අපේ ත්‍රස්තවාදය වැළැක්විමේ පනත වෙනස් කරන්න මේකේ යෝජනා කරනවා. අපේ පාර්ලිමේන්තුව ගත යුතු තීරණ ගන්න ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසමට බලයක් ලැබුණේ කොහොමද? ඒ වගේම 16 වන වගන්තියෙන් මේ රටේ තව දුරටත් බලය බෙදිය යුතුයි කියනවා. ගරු සභාපතිතුමනි මේ රටේ බලය බෙදනවාද නැද්ද තීරණය කළ යුත්තේ මේ සභාව සහ මේ රටේ ජනතාව මිසක් ලෝකේ කෙහේදෝ මුල්ලක තිබෙන ජාත්‍යන්තර සභාවක් නෙමෙයි. 17 වන වගන්තියෙන් අපේ ආරක්ෂක හමුදාවන් ප්‍රතිව්‍යුහ ගත කරන්නත් කතා කරනවා. මේක දේශද්‍රෝහි ක්‍රියාවක්. මේක ජාතියට සිදුවන ලොකුම අපරාධය.

ජනාධිපතිතුමන් කියනවා විදේශිය විනිසුරන් ගේන්න මම ඉඩ තියන්නේ නෑ කියලා. ජනාධිපතිතුමාගේ මතය ඒක නම් අපි වහ වහා කල යුත්තේ මේ සැප්තැම්බර් මාසයේ එක්සත් ජාතින්ගේ මානව හිමිකම් මණ්ඩලයට ගියාම අපේ සම අනුග්‍රහකත්වය කලේ වැරුද්දක් අපි ඒ ගැන ලැජ්ජාවෙනවා අපි ඒ ගැන පශ්චාත්තාප වෙනවා ඒ නිසා වහාම අපේ සම අනුග්‍රහකත්ව ඉවත් කරනවා කියලා කියන්න අපේ අලුත් විදේශ ඇමතිතුමාට ශක්තිය ධෙර්යලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

(පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේදී කළ කතාව – 2017.06.06)

ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
කලාප නිරීක්ෂණයට ඇමරිකාව කොල්ලුපිටියට.. විදෙස් බුද්ධි අංශ අනතුරු ඟවයි..

කොළඹ කොල්ලුපිටිය බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයට අයත් අක්කර හයක භූමිය ඊට යාබද ඇමරිකානු තානාපති කාර්යාලය මිලදී ගැනීමත් සමඟ රටවල් කිහිපයක බුද්ධි අංශ ශ්‍රී ලංකාව කෙරෙහි දැඩි අවධානයක් යොමුකර ඇතැයි දැනගන්නට තිබේ.

ඊට හේතු වී ඇත්තේ ඇමරිකාව, බ්‍රිතාන්‍යය, කැනඩාව, ඕස්ටේ්‍රලියාව, නවසීලන්තය ඇතුළු රටවල් සිය බුද්ධි සේවා පවත්වාගෙන යාම සඳහා මෙහෙයුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට මෙම භූමිය යොදා ගැනීමයි.

අදාළ භූමියේ ඇමරිකාව සිය අධිතාක්ෂණික රේඩාර් පද්ධතියක් ඇතුළු සන්නිවේදන උපකරණ සවි කිරීමට සැලසුම් කර ඇතැයි ද එසේ වුවහොත් එමඟින් ආසියානු කලාපයට දැඩි බලපෑමක් එල්ල වනු ඇතැයි ද ආසියානු කලාපයේ රටවල් කිහිපයක බුද්ධි සේවා සැලකිල්ලට ගෙන තිබේ.

කොළඹ වරාය, ගාලු මුවදොර හා කොළඹ කොටුව ඇතුළු ශ්‍රී ලංකාවේ වෙළෙඳ නගර මධ්‍යයේ ඇමරිකාව කලාප නිරීක්ෂණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සම්බන්ධව ඉන්දියාව හා චීනය ද බරපතළ ලෙස සැලකිල්ලට ගෙන ඇතැයි වාර්තා වේ. ඇමරිකාවේ කලාප නිරීක්ෂණ මධ්‍යස්ථානයක් සඳහා රේඩාර් පද්ධතියක් සවි කළහොත් චීනය සහ ඉන්දියාව ද ඒ සඳහා රේඩාර් පද්ධති සවි කිරීමට සැලසුම් කර ඇතැයි දැනගන්නට ඇත.

කෙසේ වෙතත් ඇමරිකාව කොල්ලුපිටියෙන් මිලදීගත් භූමියට දැඩි රැකවල් යොදා ඇති අතර එහි තිබූ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයට අයත් ගොඩනැඟිලි සියල්ල ඉවත් කර නව ඉදිකිරීම් සඳහා භූමිය සකස් කර ඇත.

ඇමරිකාවේ මෙම ඉදිකිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාල දැඩි කැලඹීමකට පත්ව තිබේ. කලාපීය මෙහෙයුම් මධ්‍යස්ථානය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආරක්ෂාවට ඉදිරියේ දී දැඩි තර්ජන එල්ල විය හැකි බව විදෙස් බුද්ධි සේවා ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට පෙන්වා දී ඇති බව ද වාර්තා වේ. කොළඹ කොල්ලුපිටිය බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයට අයත් ඉඩම ඇමරිකාවට ඍජු ලෙස මිලදී ගැනීමේ හැකියාවක් තිබේදැයි ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතාගෙන් අප කළ විමසීමක දී ලේකම්වරයා කීවේ තමන් දන්නා තරමින් ඊට බාධාවක් නැති බවයි. තානාපති කාර්යාලයකට අයත් භූමියේ අයිතිය ඇත්තේ එම රටට බව ද ඒ මහතා කීවේය.

ඇමරිකානු තානාපති කාර්යාලය මිලදී ගත් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයට අයත්ව තිබූ ඉඩමේ කලාපීය නිරීක්ෂණ මධ්‍යස්ථානයක් ඉදිකිරීමට ඇමරිකාව කටයුතු කරනවාද යන්න අප ආරක්ෂක ලේකම්වරයාගෙන් විමසා සිටි අතර ඔහු කීවේ එහි කෙරෙන්නේ කුමක්ද යන්න පිළිබඳව තමන් කිසිවක් නොදන්නා බවයි.

දයා නෙත්තසිංහ
සත්හඬ

ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
ලොව අති දැවැන්තම බෝම්බය ඇමරිකානුවෝ ඇෆ්ඝනිස්ථානයට අතහරිති…

පරමාණු බෝම්බයට පමණක් දෙවැනි වන නමුත් ඇමරිකාව විසින් නිෂ්පාදනය කරන ලද දැවැන්තම බෝම්බය ඇමරිකානු යුද හමුදාව විසින් අද (14 වැනිදා) අලුයම ඇෆ්ඝනිස්ථානයේ කාබුල් නුවරට මඳක් නැගෙනහිරට වන්නට පතිත කරන ලදි. ඇෆ්ඝනිස්ථානයේ වෙසෙන අයිසිස් ත්‍රස්තවාදීන්ගේ උමං මාර්ග ඉලක්ක කරමින් මෙම බෝම්බය පතිත කර තිබේ.

ඇමරිකානු ආරක්ෂක නිලධාරීන් ප්‍රකාශ කරන පරිදි මෙවැනි ආයුධයක් යුද්ධයකදී භවිතා කර ඇත්තේ පළමු වතාවටය.

ජී.බී.යූ.-43/බී යනුවෙන් නම්කර ඇති මෙම බෝම්බය දැවැන්ත යුද්ධෝපකරණ වලින් යුත් ගුවන් බෝම්බයක් (GBU-43/B Massive Ordnance Air Blast Bomb) වන අතර එහි අන්වර්ථ නාමය වන්නේ සියලු බෝම්බ වල මව හෙවත් (MOAB) යන්නයි. අඩි 30 දිගකින් යුත් මෙම බෝම්බයේ බර රාත්තල් 21,600 කි.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා විසින් මෙම බෝම්බය හෙළීම හඳුන්වා ඇත්තේ “තවත් සාර්ථක වැඩක්” යනුවෙනි.

ඇෆ්ඝනිස්ථානයේ රඳවා ඇති ඇමරිකානු ගුවන් හමුදාවට අයත් MC – 130 වර්ගයේ ගුවන් යානයකින් මෙම බෝම්බය බිම හෙළා තිබේ.

ඇමරිකානු බලධාරීන්ට අනුව මෙම බෝම්බයේ ඉලක්කය වී ඇත්තේ ඇෆ්ඝනිස්ථානයේ නගර්හාර් පළාතේ අචින් දිස්ත්‍රික්කයේ පිහිටි උමං සංකීර්ණය සහ එහි සිටින පිරිසයි. මෙම ප්‍රදේශය පාකිස්තානු දේශ සිමාවට ඉතාම ආසන්නයේ පිහිටියකි.

“අයිසිස් ත්‍රස්තවාදී සමග කරන සටන අපි ඉතාමත් බරපතළ ආකාරයටයි සලකන්නේ. ඔවුන්ව පරාජය කරන්න නම් ඔවුගේ මෙහෙයුම් ස්ථාන අහිමි කරන්න ඕනෑ. අපි දැන් කරලා තියෙන්නේ ඒකයි” යයි ධවල මන්දිරයේ මාධ්‍ය ලේකම් ෂෝන් ස්පයිසර් මහතා පැවසීය.

“මෙම උමං සංකීර්ණය නිසා අයිසිස් ත්‍රස්තවාදීන්ට තමන්ගේ මෙහෙයුම් කටයුතු නිසිපරිදි කරගැනීමටත් මෙහෙයුම් ස්ථාන අතරේ නිදහසේ එහා මෙහා යාමටත් අවස්ථාව තියෙනවා” යයිද ධවල මන්දිර මාධ්‍ය නිලධාරියා පැවසීය.

ඇමරිකා එක්සත් ජනපදයේ සිටින ඇෆ්ඝනිස්ථානු තානාපති හම්දුල්ලා මොහිබ් මහතා සී.එන්.එන්. ප්‍රවෘත්ති සේවයට පවසා ඇත්තේ එක්සත් ජනපද විශේෂ කාර්ය සාධක බලකාය සහ ඇෆ්ඝන් හමුදා එක්ව අයිසිස් ත්‍රස්තවාදීන්ට එරෙහිව කරගෙන යන සටන පසුගිය සතියේ උත්සන්න වූ බවත් මෙම බෝම්බය පතිත කිරීම එහි ප්‍රතිඵලයක් බවත්ය.

“එක්සත් ජනපද සහ ඇෆ්ඝන් හමුදාවලට ඉදිරියට යන්න බැරිවුණේ අයිසිස් ත්‍රස්තවාදීන් එම ප්‍රදේශයේ පුපුරණ ද්‍රව්‍ය වළදමා තිබුණ නිසයි. මේ බෝම්බය අතහැරියේ එම ප්‍රදේශය සුද්ධ කරගන්නයි” යයිද මොහිබ් මහතා පැවසීය.

මෙම ප්‍රහාරය සඳහා තමන් සිය අත්සන යොදා අනුමැතිය දුන්නේද යන්න ස්ථිරව ප්‍රකාශ කිරීමට ඇමරිකානු ජනාධිපතිවරයා පැකිළුණේය. එහෙත් ඔහු කීවේ මෙවන් කතාවකි.

“මොකක්ද සිද්ධ වෙන්නේ කියලා හැමෝම දන්නවා. මට කරන්න තියෙන්නේ හමුදාවලට අණ දීම සහ අනුමත කිරීම පමණයි” යයි ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා පැවසීය. කෙසේ වෙතත් ඇමරිකානු හමුදා රඳවා ඇති ස්ථාන වලදී කිසියම් සීමාවක් දක්වා ස්වාධීනව කටයුතු කිරීමේ නිදහස ඇමරිකානු ජනාධිපතිවරයා විසින් හමුදා අධිකාරීන් වෙත පවරා දී තිබේ.

GBU – 43/B යනුවෙන් නම්කර ඇති මෙම බෝම්බය 2003 දී ඉරාක යුද්ධය වෙනුවෙන් නිෂ්පාදනය කළ එකකි. එහි විශේෂත්වය වන්නේ පොළොවට පතිත වීමට මොහොතකට පෙර එය පුපුරා යාමයි. එමගින් බෝම්බය පතිත වන ප්‍රදේශය වටා මහත් විනාශයක් කිරීමට මෙම බෝම්බයට පුළුවන.

මෙම බෝම්බය මගින් වන අති මහත් විනාශය නිසා සටනකින් තොරවම යටත් වීමට තරම් සතුරා අඩපණ කළ හැකි ආකාරයෙන් එය සැලසුම් කර තිබේ. කෙසේ වෙතත් පොළව මතුපිට තිබෙන ආස්තරණය විනිවිද යමින් භූගත බංකර් වලට පවා පහර දීමේ හැකියාව මෙම බෝම්බයට තිබේ.

රාත්තල් 21,600 ක බරකින් යුත් මෙම බෝම්බයේ පුපුරන ද්‍රව්‍ය රාත්තල් 18,000 කි. එය පුපුරා යාමේදී ඇතිවන බලපෑම න්‍යෂ්ඨික බෝම්බයක බලපෑමට මඳක් අඩුවෙන් පවතී.

කෙසේ වෙතත් මෙම බෝම්බය පිපිරීමෙන් ඇතිවූ විනාශය හෝ මරණ සංඛ්‍යාව තවමත් ගණන් බලා නැත.

– ලංකාදීප



ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
ට‍්‍රම්ප් ලංකාවටම කිරිබත් කවයි

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නිලධාරීන් සිවුදෙනෙකුව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉවත් කර ඇති බව වාර්තාවනවා.මොවුන් සිව්දෙනා ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදුකළ බවට චෝදනා නඟමින් මානව හිමිකම් සමුළුවට ජිනීවා යෝජනාව ඉදිරිපත් කළ අය වීම විශේෂත්වයක්.නව රාජ්‍ය ලේකම් ලෙස රෙක්‌ස්‌ මිලර්සන් පත්වීම සහ මෙම නිලධාරීන් සිවුදෙනා ඉවත් කිරීම නිසා දෙමළ ඩයස්‌පෝරාව දැඩි කැළඹීමට ලක්‌වී තිබෙන බවයි පැවසෙන්නේ.ජිනීවා යෝජනාව කෙටුම්පත් කිරීමට මුල් වූ සහකාර රාජ්‍ය ලේකම් රොබට්‌ බ්ලේක්‌ ද එම යෝජනාව ඉදිරියට ගෙන යැම ගැන මෙතෙක්‌ ප්‍රකාශ කර නැහැ.මේ අතර රාජ්‍ය දෙපාර්තමේන්තුවේ තිබූ සිය බලය බිඳවැටීම නිසා දෙමළ ඩයස්‌පෝරාව කඩිමුඩියේ ටැමිල්ස්‌ ෆෝ ට්‍රම්ප් නමින් සංවිධානයක්‌ ස්‌ථාපිත කර ඇති බවත් වාර්තාවෙනවා.

යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network