Showing posts with label srilanka fun. Show all posts

බදියුදීන් බිරිද මෙහෙකාර දැරියන්ගේ මුහුණ වැසිකිලියේ ඔබලා… නිවසේ තවත් අබිරහස් මරණ දෙකක්..

බදියුදීන් බිරිද මෙහෙකාර දැරියන්ගේ මුහුණ වැසිකිලියේ ඔබලා… නිවසේ තවත් අබිරහස් මරණ දෙකක්..

බදියුදීන් ඇමැතිතුමාගේ ගෙදර ටොයිලට් හරියට හේදුවේ නැති වුණාම නෝනා අපේ මූණ කොමඞ් එකේ ඔබලා ඒ ජරා වතුරෙන් නාවනවා. ඉඳුල් පිඟන් හරියට හේදුවෙ නැහැ කියලා පිඟන් වලින් ගහලා ඉඳුල් වතුර මූණට හලනවා යැයි හිටපු ඇමැතිවරයාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී කෲර වධ හිංසාවන්ට ලක්වූ තවත් දැරියක් පොලිස් ප‍්‍රශ්න කිරීම් හමුවේ හැඬූ කඳුළින් පිළිතුරු ලබා දී ඇත.

හිටපු ඇමැති රිෂාඞ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටි තවත් දැරියන් සහ තරුණියන් එකොළොස් දෙනකු අතරින් එක් දැරියක මෙම කෲර වධ හිංසා පිළිබඳව පොලිසිය වෙත මේ ආකාරයට හෙළිදරව්වක් කර තිබේ.

රිෂාඞ් බදියුදීන්ගේ බිරිඳ මෙන්ම පවුලේ සාමාජිකයන් ද මෙම මෙහෙකාර සේවයට පැමිණ සිටි දැරියන්ට සහ තරුණියන්ට මේ ආකාරයට කෲර වධ හිංසා පමුණුවා අමානුෂික පහරදීම් සිදුකර ඇති බව විමර්ශනවලින් මේ වනවිට හෙළි වී ඇත. ඇතැම් අවස්ථාවලදී නිවසේ තිබූ කොසු කැඩෙන තුරු පහරදීම් සිදුකර ඇති බවද හෙළිව තිබේ.

මේ අතර පිළිස්සී මියගිය දැරිය නවාතැන්ගෙන සිටි කාමරයේ තිබී සැකකටයුතු භාණ්ඩ කීපයක් ද පොලිසිය මේ වනවිට සොයාගෙන තිබේ.

පොලිස් විමර්ශනවලින් හෙළිවී ඇති අන්දමට මෙහෙකාර සේවයට පැමිණ සිටි තරුණියන්ගෙන් දෙදෙනකු මීට ඉහතදී අභිරහස් අන්දමින් මියගොස් තිබිණි. මින් එක් තරුණියක් බම්බලපිටියේදී දුම්රියට පැන සිය දිවි හානි කරගත් අතර අනෙක් තරුණිය හදිසියේම රෝගාබාධයන්ට ලක්වීමෙන් මියගොස් ඇති බව හෙළිවී තිබේ.

මෙම මරණ දෙක සම්බන්ධයෙන් ද පොලිසිය පුළුල් විමර්ශනයක් පවත්වාගෙන යයි.

මේ අතර රිෂාඞ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයට යොදවා ගත් තරුණියන් සහ දැරියන් සියලූ දෙනාගෙන් ප‍්‍රකාශ ලබා ගැනීම මේ වනවිට ආරම්භ කර ඇත.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් පොලිස් කණ්ඩායම් 5 ක් විසින් මෙම පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

හේමන්ත රන්දුණු
– divaina

ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

විමල්-උදයගේ ඇමතිකම්වලට වෙනත් අය සූදානම් කෙරේ..

විමල්-උදයගේ ඇමතිකම්වලට වෙනත් අය සූදානම් කෙරේ..

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන ඇමතිවරුන් ඇතුළු ආණ්ඩුවේ සෙසු පක්ෂ ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් ඒ සඳහා ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ යම් සාකච්ඡාවක් ඇතිව තිබෙන බව ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

එවන් තත්වයකදී දැනට ඔවුන් අමාත්‍ය ධුරවල පුරප්පාඩු ඒ සඳහා පත් කරන ඇමැතිවරුන් පිළිබඳව සලකා බැලීමක් සිදු කර ඇතැයිද පැවසේ.

දැනටමත් ආණ්ඩුවේ ඇමතිධුර නැති ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ඒ සඳහා යෝජනා වී ඇති බවද දැනගන්නට තිබේ.

මේ අතර වාර්තා වන්නේ නුදුරේදීම කැබිනට් මංශෝධනයක්ද සිදු වීමට නියමිතව ඇති බවයි.

ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
නිරෝධායනය නොවී සැගව සිටි ගැබිණි කතකට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වෙයි



බේරුවල, පන්නිල ප්‍රදේශයේ තවත් පුද්ගලයින් 20 කට වැඩි පිරිසක් නිරෝධායනයට ලක් නොවී සැඟව සිටින බව ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් පවසයි.

ඊයේ දිනයේ දී පන්නිල ප්‍රදේශයේ ගැබිණි කාන්තාවකට ද කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ අතර එම කාන්තාව නිරෝධායනයට ලක් නොවී සැගව සිටි කාන්තාවක් බව ඔවුන් පවසන්නේ.

මෙම තත්ත්වය මත එම ප්‍රදේශයේ තවත් බොහෝ පිරිසකට වෛරසය ආසාදනය වීමේ වැඩි අවදානමක් මතුව ඇති බව දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ජේ. සිංහබාහු මහතා සදහන් කළේය.



ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
වනාතවිල්ලුවේදි අත්අඩංගුවට ගත් බෝම්බ කල්ලිය මාවනැල්ලේ බුදු පිළිම කැඩූ අන්තවාදීන්ට සම්බන්ධයි - මහ විනාශයකට සූදානම්ව ඉඳලා..? 

  


පුත්තලම වනාතවිල්ලූව ප‍්‍රදේශයේ පොල් වත්තක වළදමා තිබූ බෝම්බ නිෂ්පාදනයට යොදා ගන්නා අධිබල පුපුරන ද්‍රව්‍ය කිලෝ ග‍්‍රෑම් 100 ක්, ඩෙටනේටර් තොගයක් ඇතුළු තවත් නීති විරෝධී භාණ්ඩ රැුසක් සමග සංවිධානාත්මක කණ්ඩායමක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (17 දා* අත්අඩංගුවට ගෙන ඇත.

අපරාධ  පරික්ෂණ  දෙපාර්තුමේන්තුව අත්අඩංගුවට ගෙන ඇති දෑ අතර ඩෙටනේටර් 100 ක් , වයර් කෝඩ් තොගයක් , ශ්‍රී ලංකාව තුළ තහනම් නයිට්ට්‍රේට් ඇසිඩ් ලිටර් 20 බැගින් වු කැන් හයක් , බල්බ තොගයක්, අධිබල පිපිරවිම් සඳහා යොදා ගන්නා සිෆෝ (වෙඩි බෙහෙත් )කිලේ 75 කට ආසන්න ප්‍රමාණයක්,බොර 12 ගිනිඅවියක් සහ පතෝරම් තොගයක් , වායු රයිෆල් එකක් ,ආරක්ෂිත කුඩාරම් දෙකක් සමඟ දින 20 කට ආසන්න කාලයකට සරිලන වියලි ආහාර තොගයක්,පරිඝනක,කැමරා,ආගමික පොත් පත් තොගයක්, පැදුරු ඇතුළු තවත් දෑ සෝදිසි කිරීම් වලදී  සොයා ගෙන තිබුණි.

සිව්දෙනකුගෙන් සමන්විත වූ මෙම සංවිධානාත්මක කණ්ඩායම පොල්වත්තක් මැද කූඩාරම් ගසාගෙන එහි සැගවී සිටිමින් කිසියම් විනාශයක් සඳහා බෝම්බ නිෂ්පාදනය කිරීමට සැලසුම් කළේද යන්න පොලිසිය සැක පහළ කරයි.

පසුගිය දිනවල මාවනැල්ල හා ඒ අවට ප‍්‍රදේශවල බුද්ධ ප‍්‍රතිමා විනාශ කළ ආගමික අන්තවාදීන් පිරිසක් අත්අඩංගුවට ගත් අතර ඔවුන්ගෙන් ප‍්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරු මත කළ විමර්ශනයකදී මෙම අධිබල ඩෙටනේටර් ඇතුළු පුපුරන ද්‍රව්‍ය සොයා ගැනීමට හැකිවී ඇත.

පරික්ෂණ නිලධාරීන් ආපසු පිටත් වීමට සැරසි සිටියදී එක් ස්ථානයක් පිළිබඳව සැක සිති පරීක්ෂා කිරීමේදී එම ස්ථානයේ වල දමා තිබූ සිෆෝ නැමති අධි බලැති පුපුරණ ද්‍රව්‍ය කැන් වල අසුරා වල දමා තිබියදී සොයා ගැනීමට නිලධාරීන් සමත්ව තිබේ.

පරීක්ෂණ අවසන් වන තුරු පොලිස් විශේෂ කාර්ය බළකාය ඉඩම වටා ආරක්ෂාව යොදවා තිබූ අතර සිද්ධියේ පරීක්ෂණ සඳහා පොලිස් අපරාධ ස්ථාන පරීක්ෂා කිරීමේ නිලධාරීන් , ඇඟිලි සලකුණු අංශය, පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීමට පොලිස් සුනඛ ඒකකයේ රිනා සහ ලැසි නැමති සුනඛයින්ගේ සහායද ලබා ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් රස පරීක්ෂණ කටයුතු සඳහා රජයේ රස පරීක්ෂකවරයා පැමිණ තිබූ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරින් විශාල පිරිසක් පැමිණ පරීක්ෂණ වලට එක්ව සිටියහ.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් සිව්දෙනා කුමන කටයුත්තක් සඳහා මෙම පුපුරන ද්‍රව්‍ය තොගය රැගෙන ආවාද යන්න තවමත් හෙළිව නැතත් ඒ සම්බන්ධව මාධ්‍යයට තොරතුර ලබා දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේක කෙරුණි.




ඇඩ්මින් - Dissa ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න



ඩොලරය රුපියල් 165 පනිනු ඇතැයි පුරෝකතන.. කොළඹ කොටස් පහල බහී..


රට තුල ඇතිව තිබෙන බරපතල ආර්ථික අර්බුදය නිසා ඉදිරියේදී ඇමරිකානු ඩොලරයක් රුපියල් 165 දක්වා ඉහල යනු ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා සදහන් කරයි.
මන්ත‍්‍රිවරයා මේ බව කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
පසුගිය සිකුරාදා වන විට ඩොලරයක ගැනුම් මිල රුපියල් 154.11ක් වූ අතර විකිණුම් මිල වූයේ රුපියල් 157.88කි.
මේ අතර කොළඹ කොටස් වෙලදපලද සිකුරාදා දිනයේදී සමස්ත මිල දර්ශකය ඒකක 6500 දක්වා පහත වැටී තිබින.

ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

අතුරුදහන් කාර්යාලයට පත් කර ඇත්තේ කොටි ඒජන්තයන්.. එන්ජී ඕ පරපුටුවන්..- විජේදාස අතුරැදන් කාර්යාලය පට්ටා ගහයි.. ජනපතිටත් උගන්වයි..




අතුරුදහන් වූවන් පිලිබද සෙවීමේ කාර්යාලයට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරන ලද කොමසාරිස්වරුන් සම්බන්දයෙන් විපක්‍ෂයෙන් මෙන්ම ආණ්ඩු පක්‍ෂයෙන්ද දැඩි විවේචන එල්ල වෙමින් ඇත.
හමුදාව යුද පරාධ කලා යයි මතය පැලකිරීමට සාදන ලද කාර්යාලයක් බවත් මෙය හමුදාව පාවා දෙන කාර්යාලයක් බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා සදහන් කරයි.
මෙම කොමසාරිස්වරුන් කිසිවෙකු හමුවාවට හිතවාදී මත දරා නොමැති බවත් ඔවුන් සියළු දෙනා හමුදාව අපරාධ කලේ යයි පූර්ව නිගමනයක සිටින බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මමන්පිල මහතා පවසයි.
හිටපු අධිකරණ ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා පවසන්නේ මෙම කොමසාරිස්වරුන් අති බහුතරයක් කොටි ඩයස්පෝරාව සමග සම්බන්ධකම් ඇති සිංහල බෞද්ද ජනතාවට එරෙහිව දැඩිව හඬ නගන අය බවයි. මෙවන් කොමිසන් සදහා පත් කල යුත්තේ ස්වාධීන මතධාරීන් මිස කොටි ඩයස්පෝරාවේ ඒජන්තයන් හෝ එන්ජී ඕ පරපුටුවන්වත් නොවන බව ජනාධිපතිවරයාට සිහිපත් කරන බවද ඔහු කියයි.



ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

රනිල් පන්නන්න ජනපති ඉල්ලූ නීති උපදෙස් ලැබේ.. රනිල්ගේ අගමැති ධුරය අහෝසියි..



එක්සත් ජාතික පක්‍ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට වසර දෙකක කාලයක් සදහා අත්සන් කරන ලද අවබෝධනා ගිවිසුම කල් ඉකුත් වී අහෝසි වීමත් සමග රනිල් වික‍්‍රමසිංහ මහතාගේ අගමැති ධුරය මෙන්ම කැබිනට් මණ්ඩලයට බලශුන්‍ය බල රහිත වන බව නීතීවේදීහු පෙන්වා දෙති.
පසුගිය දෙසැම්බර් මාසයෙන් ජාතික ආණ්ඩු ගිවිසුම කල් ඉකුත් වූ නිසා එතැන් සිට මේ ගෙන යමින් ඇත්තේ නීති විරෝධී නීතියට පටහැනි ආණ්ඩුවක් යයි නීතීඥ ප‍්‍රතිභා මහානාම හේවා මහතා පවසයි.
මේ අතර අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ධුරයෙන් ඉවත් කිරීම සදහ ජනාධිපතිවරයා විසින් නීතිපතිවරයාගේ මතයද විමසා ඇත.
එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ලිමේන්තුවේ 113ක සරල බහුතර බලය පෙන්වා ආණ්ඩුවක් පිහිටුවීමට සූදානමින් සිටින අතර ඒ සදහා කඩිනමින් කටයුතු කිරීමට කමිටුවක්ද පත් කර ඇත.
නව ආණ්ඩුවේ අගමැතිවරයා ලෙස ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා පත් කිරීමටද තීරණය වී තිබේ.


ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

මහින්ද මුදල් වෙන්කර තිබුනත් කුළුන හැදුවේ බාගෙටයි.. සම්පූර්ණ කලේ අපයි.. කොළ පාටින් පෙති දැල්වූවාට අවුලක් නෑ..- එජාපය කියයි..



කොළඹ නගර මධ්‍යයේ ඉදිවන නෙලුම් කුළුණ පසුගිය රජය විසින් විශාල මුදලක වැය කර ඉදිකර තිබුනේ බාගෙට බවත් වත්මන් රජයට එහි ඉතිරි කොටස් සම්පූර්න කිරීමට සිදු වූ බවත් එක්සත්ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.
කෙසේ වෙතත් එය අනුන්ගේ දරුවන්ට උප්පැන්න දීමක් නොවන බවද ඔහු සදහන් කරයි.
නෙළුම් කුළුණ කොළ පාටින් ආලෝකවත් කරන්නේ එය කෘත්‍රිම නෙළුම් මලක් නිසා බවත් එය කුමන වර්ණයකින් ආලෝකවත් කළත් ගැටලුවක් නැති බවත් ඔහු කීය.
කොළ පැහැය රාත‍්‍රි කාලයේදී ඈතටම පෙනෙන වර්ණය නිසා නෙළුම් මලේ පෙති කොළ පාටින් වර්ණ ගැන්වුවද ගැටළුවක් නැතැයිද ඔහු කියයි.




ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
ජනපතිට කල හූනියමක් කැබිතිගොල්ලෑවේ සොහොන් පිටියකින් මතුවෙයි…

පදවිය-කැබිතිගොල්ලෑ ප්‍රධාන මාර්ගය ආසන්නයේ පිහිටි පහළ උස්ගල්ල සොහොන් පිටියක තිබී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා,…ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතාගේ සහෝදරයන් තිදෙනාට, පළාත් සභා මන්ත්‍රිවරුන් දෙදෙනකුට සහ තවත් අයකුට විනකරමින් සිදුකළ හූනියමක් සහිත තඹ පත්‍රිකාවක් තරුණයන් දෙදෙනකුට හමුවී තිබේ.

පහළ උස්ගල්ල සොහොන් පිටියේ සොහොන් කොතක් අසල තිබී මීට දින දෙකකට ඉහතදී හූනියම සහිත තඹ පත්‍රිකාව ඔවුන්ට හමුවී තිබේ. හූනියම් කිරීමට දක්ෂ කට්ටඩියකු ගෙන්වා හූනියම සිදුකර තිබෙන අයුරු කැබැතිගොල්ලෑ මිනී පිටියට ගිය අපට ඊයේ (13දා) උදෑසන දැක ගත හැකිවිය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, උතුරුමැද පළාත් සභාවේ හිටපු අමාත්‍ය හේතුහාමිගේ නන්දසේන, උතුරු මැද පළාත් අමාත්‍ය සුසිල් ගුණරත්න, ඒ මහතාගේ පුත්‍රයා වන තුසිත ගුණරත්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් හා කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ සහෝදරයන් වන පෞද්ගලික ලේකම් කවීන් දිසානායක, නීතිඥ අමිල දිසානායක හා රවින්ද්‍ර දිසානායක යන මහත්වරුන්ගේ නම් හා ඊට අඳින ලද රූප තඹ පත්‍රිකාවේ දක්නට ලැබිණි.

මීට සති කිහිපයකට ඉහතදී කිසියම් අයකුගේ උපදෙස් මත හූනියම සිදුකළ කට්ටඩියා විසින් අඟල් දහයක් පමණ දිග තඹ පත්‍රිකාවේ සිරස් අතට පුද්ගල රූප හයක් ඇඳ එහි නම් ලියා එහි තිරස් අතට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා බව අඟවන රූපය ඇඳ ඊට දෙපසින් නම ලියා තිබිණි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගිය ජනාධිපති මැතිවරණය සමයේදී ප්‍රසිද්ධියට පත්වූ ඉන්දීය අගමැති නරේන්ද්‍රසිං මෝඩි මහතා පැලඳි ජැකැට්ටුව ඇඳ සිටින අයුරු හූනියම් තහඩුවේ ඇඳ ඇති ආකාරය දක්නට ලැබේ. මේ සොහොන් පිටියට ආසන්නයේ ඉදිකිරීමක නිරතවූ තරුණයන් දෙදෙනකු අසල වූ සොහොන් කොතක් ආසන්නයේ බිත්තර කටු, හඳුන්කූරු, රතු මල්, පොල්තෙල් සහ පහන් කිහිපයක් තිබෙන අයුරු දැක එම ස්ථානය පිළිබඳ විපරමින් බලද්දී සොහොන ආසන්නයේ රෝල්කර සඟවා තිබූ අඟල් දෙකක් පළල අඟල් 10ක් දිගින් යුතු තඹ පැහැති පත්‍රිකාව හමුවී තිබේ. එහි ජනාධිපතිවරයාගේ හා තවත් ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ නම් සටහන්ව තිබූ නිසා එය කැබිතිගොල්ලෑව නගරයේ පදිංචි දැන උගත් අයකුට ලබාදීමට ඔවුන් කටයුතු කර තිබේ.

ජනාධිපතිවරයාගේ මනස අවුල් වී පක්ෂයේ වැඩ කටයුතු අකර්මණ්‍ය කිරීම සඳහා බල තණ්හාවෙන් පෙළෙන අමාත්‍යධුරයක් දැරූ අයකු මේ හදි හූනියම සිදුකර තිබෙන බවට කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ මේ වනවිට රාවයක් පැතිර යයි. මේ නම් සඳහන් පුද්ගලයන් භේදභින්න කර ඔහුට හා ඔහුගේ පවුලේ උදවියට වර්තමාන ආණ්ඩුවෙන් තැනක් ලබාගැනීම සඳහා එය සිදුකර ඇති බවට කටකතා පැතිර යන අතර හිටපු අමාත්‍යවරයා හදි හූනියම් පස්සේ දුවන්නකු බව තතුදත් අයෙක් පැවැසුවේය.

අනුරාධපුර – මහේෂ් විජේසූරිය,
ආනන්ද කරුණාදාස

ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
හසු නොවෙමු පිටුදකිමු !
================


ප්‍රතිවාදීහු එය කදිමට දනිති. ඒ අනුව ම ඔවුහු ක්‍රියා කරති. සතුරා රාජපක්‍ෂවරුන්ට පහර දෙන විට කිසි විටෙක ඔවුන් ව තෝරනු දැක තිබේ ද? කෙනෙකුට අඩුවෙන් පහර දෙනු හෝ කෙනෙකු මගහරිනු දැක තිබේ ද? නැත. ඔවුහු සෑම රාජපක්‍ෂවරයෙකුට ම එක සේ පහර දෙති. නොතෝරති.   

ඒ ඇයි? රාජපක්‍ෂවරු තිදෙනා-එනම් මහින්ද, බැසිල් හා ගෝඨා- යනු ලිග්ගල් තුනකි. ඒ තරමට එම තිදෙන එකට සිටින හා සිටිය යුතු දේශපාලන නිර්මාණයකි. රාජපක්‍ෂවරුන්ගේ හැකියාව, ඔවුන්ගේ අපරාජිතබව, ඔවුන්ගේ ආනුභාවය, ඔවුන්ගේ උපක්‍රමිකබව යන සියල්ල ඇත්තේ ඔවුන් විසින් පමණක් නොව, ඔවුන්ගේ පාක්‍ෂිකයින් විසින් ද මේ අනුල්ලංඝනිය සත්‍ය තේරුම්ගතහොත් පමණි. මා ඉතා සමීප ව දන්නා පරිදි රාජපක්‍ෂවරු මෙය අපට වඩා දනිති. අපට වඩා එය විස්වාස කරති. ඊටත් වඩා මෙය දන්නා පිරිසක් සිටිති. ඒ රාජපක්‍ෂවරුන්ගේ ප්‍රතිවාදීන් ද ය. ඇත්ත වශයෙන් ම රාජපක්‍ෂවරුන්ගේ ප්‍රතිවාදීන්ට තිබෙන එකම බාධකය මේ ය, රාජපක්‍ෂවරුන්ගේ සමගිය ය. අද රට ම ආඩම්බර වන, පසුගිය ආණ්ඩුව විසින් රටට අත්කර දුන් එකිනෙකට වෙනස් ජයග්‍රහණ තුළ ඇත්තේ මේ රහස හැර අන් කුමක් ද? 

රාජපක්‍ෂවරුන්ගේ එක පොදියට සිටීම තුළ ඔවුන්ට හා ඒ හරහා රටට හිමිවන විශේෂ දේශපාලන වාසියක් ද ඇත. ඒ අනෙකක් නොව, ඔවුන් එකෙකුට එකෙකු ගැන ඇති සමාජ මතයන් අතිශය අනන්‍ය (exclusive) වීම නිසා එකෙකුගේ ධන හෝ ඍණ සමාජ මතය අනෙකාගෙන් පිරිමැසී යාම ය. ආවරණය වීම ය. ඒ අනුව, කිසිවෙකුටත් රාජපක්‍ෂවරු ගැන සිතා අවසන් කළ (exhaust) නොහැකි ය. ඔවුන් පිළිබඳ හුදෙකලා නිර්වචන ඉදිරිපත් කිරීමට ද කෙනෙකුට නොහැකි ය. එය මෙසේ කියමු. බැසිල් යනු ගෝඨා නොවේ. ගෝඨා යනු බැසිල් නොවේ. මහින්ද යනු බැසිල් හා ගෝඨා ද නොවේ. බැසිල් හා ගෝඨා යනු මහින්ද ද නොවේ. බැසිල් හා ගෝඨා යනු මහින්ද නොවන අතර ම මහින්දගෙන් හැර යමෙකු ද නොවේ. මේ එකෙකුවත් එකෙකු නොවේ. එහෙත් මේ සියල්ල එකෙකි. 

ඉහත තත්වය ප්‍රතිවාදියා අන්ද මන්ද කරවන තත්වයකි. දුර්මුඛ කරන තත්වයකි. මීට ප්‍රතිවාදියා ප්‍රතිචාර දක්වනු ඇත්තේ කෙසේ ද? එය ඉතා සරල ප්‍රශ්නයකි. එනම් මේ ඒකීය ශක්තය කඩා බිඳ දැමීමට සඳහා අවශ්‍ය සියල්ල කරමිනි.

සංකල්පීය ව හා තාර්කික ව මහින්ද-බැසිල්-ගෝඨා අතර අන්‍යෙන්‍ය යැපීම විස්තර කිරීමට ලිග්ගල සාර්ථක උපහැරණයක් වුව ද, ප්‍රායොගික තළයේ එම තර්කය ක්‍රියාත්මක වන්නේ ඊට මදක් වෙනස් ව ය. එනම් ට්‍රයිසිකලයක ආකාරයෙනි. ඒ මිලින්ද මොරගොඩගේ රූපකයකි. ට්‍රයිසිකලයක ඉදිරිපස විශාල රෝදයකි. ඒ මහින්දයි. එහෙත් පි‍ටුපස රෝද දෙක ඉන් අඩකටත් වඩා කුඩා ය. ඒ බැසිල් හා ගෝඨා ය. ට්‍රසිසිකලයක රෝද මෙසේ ප්‍රමාණයෙන් ලොකු කුඩා වුව ද එය අගනා වාහනයකි. ලොකු හා පොඩි බව මනාව එම ව්‍යුහය තුළ සමතුලිත කර තිබේ. . 

එහෙත් මෙසේ සිතන්න. අයෛක් ඉදිරිපස විසල් තනි රෝදය ගලවා පිටුපසට සවි කරති. ඊට පියවරකු දු යා නොහැකි වනු ඇත. එසැණින් වාහනය පෙරළී කැඩි බිඳී යන්නේ ය. ඉදිරි ජනපතිවරණයේ දී මහින්දට ව්‍යවස්ථානුකූල ව ඉදිරිපත් වීමට බැරි බව පැහැදිළි ය. එහෙත් ඒ පමණින් අපි ගෝඨා හෝ බැසිල් "මහින්ද කිරීමට" උත්සාහ ගැනීම මේ ව්‍යාපාරයේ සමතුලිත බව කඩාබිඳ දමන පළමු අවස්ථාවයි. කෙටියෙන් ම කියමි. ඉදිරි ජනපතිවරණයේ දී එන්නේ මහින්ද නොවේ, මහින්දගෙන් හැර යමෙකු ද නොවේ. එය තේරුම් ගෙන සියල්ල සැලසුම් කිරීම මේ බලවේගයේ අනාගතයයි. ඒ අනුව, තම පුද්ගලික අපේක්‍ෂාවන් මුදුන් පත් කර ගැනීම සඳහා හෝ රාජපක්‍ෂ සමගිය හා එතුළින් හටගත් ඔවුන්ගේ කණ්ඩායම් කාර්යශූරත්වය අඩපණ කිරීම සඳහා හෝ විකෘර්තියක් නිර්මාණය කිරීම සඳහා ක්‍රියා කරන ඇතැම් අදහස් ඍණ ප්‍රතිඵලදායි (counter-productive) බව කිව යුතු ය.ඒවා පිටුදකිමු.
උපටාගැනිම මහින්ද පතිරණ 
ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
අගමැතිට සහ කිරිඇල්ලට කථානායකගෙන් දැඩි අවවාද


අගමැතිට සහ කිරිඇල්ලට කථානායකගෙන් දැඩි අවවාද
විෂය භාර අමාත්‍යවරයා සභාවේ නොසිටි අවස්ථාවක එහි නියෝජ්‍ය අමාත්‍යවරයා හැරෙන්නට වෙනත් විෂයක නියෝජ්‍ය අමාත්‍යවරයකුට ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා දිය නොහැකි බවට වන ස්ථාවර නියෝග කඩ කරමින් පාර්ලිමේන්තුවේ කටයුතු නොකරන ලෙසට කථානායක කරු ජයසූරිය මහතා ඊයේ (07) පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යවරයාට සහ සභානායකවරයාට නියෝග කළේය.

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා ඉඩම් අමාත්‍යවරයාගෙන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දීම සඳහා සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට ඉඩ ලබා දුන් අවස්ථාවේ ඇතිවූ නොසන්සුන්තාව හේතුවෙන් කථානායකවරයා මෙම නියෝගය කළේය.

දිවුලපිටිය ආසනයේ පවතින ඉඩම් ප්‍රමාණය සහ එහි ආයෝජන පිළිබඳව අනුරුද්ධ මන්ත්‍රීවරයා මෙම ප්‍රශ්නය මගින් විමසා තිබුණි.

පිළිතුරු දීමට පෙර අගමැතිවරයා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා සහ සභානායකගේ උපදෙස් මත අදාළ ප්‍රශ්නයට පිළිතුරු දීම සඳහා රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමැතිවරයාට උපදෙස් දුන්නේය. පසුව ඔහු පිළිතුරු ලිපි ගොනුවද රැගෙන නැගී සිටියේය.

නියෝජ්‍ය ඇමැතිවරයා එයින් ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දීමෙන් පසු දිවුලපිටියේ පස් හොරුන් ගැන අදහස් දක්වන්නට පටන් ගත්තේය.

මේ අවස්ථාවේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිය ආසනවලින් නැගී සිටිමින් රන්ජන් රාමනායක මහතාට විරෝධය දක්වන්නට වූහ.

කථානායකතුමනි, මේ ප්‍රශ්නය අහලා තියෙන්නේ ඉඩම් ඇමැතිගෙන්. ඉඩම් ඇමැති නැත්නම් ඉඩම් නියෝජ්‍ය ඇමැතිට උත්තර දෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අගමැතිට පුළුවන්. නැත්නම් සභානායකට පුළුවන්. එහෙමත් නැත්නම් ආණ්ඩු පක්ෂ සංවිධායකට පුළුවන්. එහෙමයි සම්ප්‍රදාය. මේ කොහෙ ඉන්න නියෝජ්‍ය ඇමැති කෙනෙක්ද? එයා කොහොමද උත්තර දෙන්නෙ?” යැයි අනුර කුමාර දිසානායක මහතා මෙහිදී නැගී සිටිමින් කීවේය.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ද මෙහිදී ආණ්ඩු පක්ෂයට විරෝධය දැක්වූහ.

මේක කාලීන ප්‍රශ්නයක්. මන්ත්‍රීවරු හැටියට අපට ඇත්ත දැනගන්න ඕන. ඇයි උත්තර දෙනවට බයද?” සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීවේය.

ස්ථාවර නියෝග 27 අනුව මට පවරන්න පුළුවන්. ඒකයි මම පැවරුවේ.” අගමැතිවරයා ස්ථාවර නියෝග ‍පොත උපුටා දක්වමින් කීවේය.

කොහේ තියෙන බලයක්ද? ස්ථාවර නියෝගවල එහෙම නෑ. මේක අලුත් සම්ප්‍රදායක්.” ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු ඝෝෂා කරන්නට වූහ.

හරි හරි ස්ථාවර නියෝග අනුව අපි කටයුතු කරමු. අලුත් සම්ප්‍රදායක් ඇති කරන්න ඕනෙ නෑ. එහෙම සම්ප්‍රදායක් ඇති කරන්න එපා.” කථානායකවරයා කීවේය.

ඒ අවස්ථාවේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු සිය මේසය මතට තට්ටු කරමින් අත්‍පොළසන් දුන්හ.

අගමැතිතුමාට පුළුවන් පවරන්න. මේක අලුත් සම්ප්‍රදායක් ‍නෙවෙයි.” සභානායක කීවේය.

මම මේ පුටුවේ ඉඳගෙන ඉන්නකම් පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායන් කඩන්නෙ නෑ. ගරු අගමැතිතුමා කරුණාකරලා ස්ථාවර නියෝග අනුව පිළිතුරු දෙන්න. කථානායකවරයා අගමැතිවරයාට කීවේය.

මේ අවස්ථාවේදීද ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී පිරිස කථානායකවරයාගේ තීන්දුවට සහාය දක්වමින් අත්‍පොළසන් දුන්හ.

සභානායකවරයා මේ ඝෝෂාව අතරින් යළිත් නැගී සිටියේය. ස්ථාවර නියෝග අනුව අගමැතිතුමාට පවරන්න පුළුවන්.” සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීවේය.

මම නියෝගයක් දුන්නා ඒකට අනුව කටයුතු කරන්න. අපි මේ සභාවේ කටයුතු කරගෙන යමු. මේක විහිළුවක් කරන්න එපා.” කථානායකවරයා සභානායකවරයාට කීවේය.

ඔබතුමා පිළිගන්නෙ නැත්නම් කමක් නෑ. හැබැයි අගමැතිතුමාට පවරන්න පුළුවන්.” සභානායකවරයා කීවේය.

හරි හරි මම ඒක දන්නවා. නමුත් අගමැතිතුමා නැගී සිටියේ ඒකට නමෛයි. ඒකයි මම කියන්නේ මේ පුටුවේ ඉඳගෙන ඉන්න මාව අපහසුතාවට පත් කරන්න එපා. ඒකයි මම කියන්නෙ” කථානායකවරයා දැඩිව කීවේය.

අනතුරුව ඒකාබද්ධ විපක්ෂයෙ මන්ත්‍රීවරු මහා හයියෙන් අත්‍පොළසන් දෙන්නට වූහ



යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
පේෂල මනෝජ් ලිංගික සංක‍්‍රාන්තිකයෙක් වෙයි.. ‘දෙරණ ස්ටාර් සිටි’ තක්බීර් වෙයි.. [Video]


මෙරට ප‍්‍රසිද්ද මාධ්‍ය වැඩසටහන් ඉදිරිපත් කරනෙක් වන පේශල මනෝජ් මෑතකදී පැවති ‘දෙරණ ස්ටාර් සිටි’ වැඩසටහනේදී ලිංගික සංක්‍රාන්තිකයෙකු ලෙස ඉදිරිපත් කල රංගනයට විනිශ්චය මණ්ඩලයෙන් ඉහල ප‍්‍රතිචාර ලැබී ඇත.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network