Showing posts with label sriavtvnetwork sri lanka cricket. Show all posts


දිවයින පුවත් පත් වාර්ථාවට අනුව මැණික් පොකුරට ඉහල මිලක්

රත්නපුරෙන් සොයා ගත් විශාල තම මැණික් පොකුර සඳහා චීනයෙන් ඩොලර් මිලියන 500 ක ඇණවුමක් ලැබුණු බව බන්ධනාගාර, කළමනාකරණ පුණුරුත්ථාපන සහ මැණික් සම්බන්ධ රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්ත මහතා පැවසීය.

මෙය රුපියල් කෝටි දසදහසකට ආසන්න මුදලක් බව පැවසූ රාජ්‍ය ඇමැතිවරයා මැණික් පොකුර පිළිබඳව හරිහැටි තක්සේරු නොකර එහි වටිනාකම නිල වශයෙන් හෙළි නොකළ නමුත් මෙවැනි ඇණවුම් අනුව මෙම මැණික් පොකුරේ වටිනාකම ඉතාමත් ඉහළ අගයක පවතින බවද පැවසීය.

කෙසේ වෙතත් වැඩිම ඉල්ලූම සඳහා මෙම මැණික් පොකුර අලෙවි කරන බවද රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් කීවේය.

නෝමන් පළිහවඩන

ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

ලොරි රථයකට හමුදවෙන් වෙඩි

ලොරි රථයකට හමුදවෙන් වෙඩි…

කිලිනොච්චිය ධර්මපුරම් පොලිස් වසමේ පුලියයම්පොක්කනෙයි, නාගේන්ද්‍රපුරම් ප්‍රදේශයේදී ඊයේ (21) දින අණ නොතකා ධාවනය කල නීතිවිරෝධීව වැලි පැටවූ ටිපර් රථයකට යුදහමුදාවෙන් වෙඩි තබා ඇති බවට ධර්මපුරම් පොලීසිය පවසයි.

නීතිරෝධී වැලි කැනීම් සහ ජාවාරම් පිළිබඳව තොරතුරු ලැබීමෙන් පසුව කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් සෙබලුන් පිරිසක් විසින් නාගෙන්ද්‍රපුරම් ප්‍රදේශයේදී යුදහමුදා මාර්ග බාධකයක් යොදා රැකවල් යොදා ඇත.

එම අවස්ථාවේදී නීතිවිරෝධී වැලි පැටවූ ටිපර් රථයක් පැමිණි අවස්ථාවේදී යුදහමුදා සෙබලුන් විසින් එය නැවත්වීමට ගත් උත්සහයකදී එහි සිටි යුදහමුදා සෙබලුන් අනතුරට ලක්කොට වැලි ජාවාරම් කරුවන් විසින් පලායාමට උත්සහ කිරීමේදී යුදහමුදා සෙබලුන් විසින් ආත්මාරක්ෂාවට ටිපර් රථයට හා රෝදවලට වෙඩිතබා ඇත.

එහිදී ටිපර් රථයේ රෝදවලට වෙඩි වැදීමෙන් මාරගයෙන් ඉවතට පැන අසල ගසක වැදි අනතුරට ලක් වී ඇති අතර ටිපර් රථයේ සිටි සැකකරුවන් දෙදෙනෙකු යුදහමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් නාගේන්ද්‍රපුරම් ප්‍රදේශයේම පදිංචි කරුවන් වන අතර ඔවුන් වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා ධර්මපුරම් පොලීසියට භාරදී ඇති අතර අද (22) දින සැකකරුවන් කිලිනොච්චිය අධිකරණයට ඉදිරිපත් කරන බවටද පරික්ෂණ සිදුකරන ධර්මපුරම් පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

“මටත් පුදුමයි මේ වැඩේට” – ඔන්ලයින් ඕන දරුවන්ට: බේබද්දන්ට නෙමෙයි 

ඔන්ලයින් පහසුකම් නැතුව ගස් උඩ නගින දරුවන්ට එම පහසුකම ලබා දෙන්න හදද්දි තවත් පිරිසක් ඔන්ලයින් හරහා අරක්කු ගෙන්වා ගැනීමට කටයුතු කිරීම පිළිබඳව තමා පුදුම වන බව ජනපතිවරයා ප්‍රකාශ කොට තිබෙනවා.

ජනපතිවරයා එසේ ප්‍රකාශ කොට තිබෙන්නේ යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා අමතාය.

කාගෙද මේ යෝජනා

ඔන්ලයින් හරහා අරක්කු ගෙන්වා ගැනීමේ යෝජනාව කාගේ යෝජනාවක් දැයි ජනපතිවරයා කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානියා වන යුද හමුදාපතිවරයාගෙන් විමසීමක් කොට තිබෙන බවයි දැනගන්නට තිබෙන්නේ.

ඊට පිළිතුරු දෙමින් යුද හමුදාපතිවරයා සඳහන් කොට තිබෙන්නේ එම යෝජනාව සුරාබදු ජනරාල්වරයාගේ යෝජනාවක් බවය.

ජනපතිවරයා ඉහත සඳහන් ප්‍රකාශය කොට තිබෙන්නේ ඒ අවස්ථාවේය.

යෝජනාව හා අනුමැතිය දුන් ආයතන

දැනගන්නට තිබෙන ආකාරයට ඔන්ලයින් ක්‍රමයට මත්පැන් අලෙවි කිරීමේ යෝජනාව සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මුදල් අමාත්‍යාංශය වෙත යොමුකොට තිබෙන අතර මුදල් අමාත්‍යාංශයේද අනුමැතිය ඊට හිමිව තිබෙනවා.

එහෙත් එය ක්‍රියාත්මක කිරීමට කොවිඩ් වෙනස්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේද අනුමැතිය අවශ්‍යව තිබෙන බැවින් ජනපතිවරයා , යුද හමුදාපතිවරයාගෙන් මේ සම්බන්ධයෙන් විමසීම් කර තිබෙන්නේ ඒ හේතුවෙන්.

කෙසේ වෙතත් ජනපතිවරයා ඔන්ලයින් ඔස්සේ මත්පැන් අලෙවි කිරීමේ යෝජනාව අවලංගු කළා

ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
GMOA හදිසියේ මතය වෙනස් කර‍යි - භූමිදානය සලකා බලන්නැයි රජයට ඉල්ලීමක්!


කොරෝනා වෛරසයෙන් මිය යන සියලූම පුද්ගලයන්ගේ මල සිරුරු අවදානමක් නොගෙන ආදාහනය කිරීමට රජය තීරණය කර ඇති මොහොතක, ඒ සම්බන්ධයෙන් නැවතත් සළකා බැලීමට කමිටුවක් පත් කරන්නැයි රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ඉල්ලීමක් කරනවා.

ඒ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්. සෞඛ්‍ය සම්බන්ධ මෙම ගැටලුවේ ප්‍රධානතම වෘත්තිකයන් වන වෛද්‍යවරුන්ගේ මෙම ඉල්ලීම හේතුවෙන් මින් පෙර මුස්ලිම් දේශපාලන පක්ෂ සහ උලමා සංවිධානයේ බලපෑම් නොතකා මල සිරුරු ආදාහනය කිරීමට දැඩි තීන්දුවක් ලබා ගත් රජය අපහසුතාවයට පත්ව තිබෙන බවත් සඳහන්.

මෙම ලිපියෙන් රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය පවසන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව මල සිරුරු භූමිදානය කළ හැකි බවයි.

කෙසේ වෙතත් කොවිඩ් 19 වෛරසය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ආරම්භයේ සිට පැනවූ නිර්දේශ රැසක් පසුව වෙනස් කෙරුනේ ප්‍රථමයෙන් පැනවූ නිර්දේශ වැ‍රදි බව ඔප්පු වීම හේතුවෙනි.

මේ අනුව මල සිරුරු පිළිබඳ තීරණය යළි සළකා බැලීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කරන ලෙස රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටිනවා.

වාර්තා වන අන්දමට රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සාමාජිකත්වය දරනා, සැළකිය යුතු ප්‍රමාණයක් වන මුස්ලිම් වෛද්‍යවරුන්ගේ බලපෑම මත මෙම ලිපිය එම සංගමය විසින් නිකුත් කර තිබේ.

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ තනතුරු තෝරා ගැනෙන්නේ නිලවරණයකින් වන අතර, එම නිලවරණයේදී මුස්ලිම් වෛද්‍යවරුන්ටද සැලකිය යුතු ඡන්ද බලයක් හිමියි.



ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
වසන්ත කරන්නාගොඩගේ නඩු විභාගයෙන් විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන ඉවත් වෙයි



අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ව්‍යාජ තොරතුරු පදනම් කර ගෙන අත්අඩංගුවට ගැනීමේ අවදානමක් පවතින බැවින් තමන් අත්අඩංගුවට ගැනීම වලක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප‍්‍රියන්ත ජවර්ධනය මහතා අද (28) ඉවත් වූයේය.

මෙම පෙත්සම අද අගවිනිසුරු නලින් පෙරේරා , ප‍්‍රියන්ත ජයවර්ධන සම මුර්දු ප‍්‍රනාන්දු යන ත‍්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අතර එහිදී ප‍්‍රියන්ත ජවර්ධන විනිසුරුවරයා පෞද්ගලික හේතූන් මත තමන් එම පෙත්සම් විභාගයෙන් ඉවත් වන බව විවෘත අධිකරණය හමුවේ දැනුම් දුන්නේය.

මෙම පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා අධිකරණයට දන්වා සිටියේ කරන්නාගොඩ මහතා සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ කටයුතු අවසන් කර ඇති බවත් ඔහුට එරෙහිව චෝදනා ගොනු කිරීම සඳහා සූදානම් කර ඇති බවයි.

පෙත්සම්කාර පාර්ශවයෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කරුණු දක්වමින් චෝදනා ගොනු කිරීම සම්බන්ධයෙන් තමන්ට ගැටලූවක් නොමැති වුවද අත්අඩංගුට ගැනීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කිරීම අවශ්‍ය බවයි අධිකරණයට දන්වා සිටියේය.

මෙහිදී අගවිනිසුරු නලින් පෙරේරා මහතා අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතාගෙන් විමසා සිටියේ පෙත්සම්කරුව අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් කිසියම් ප‍්‍රතිඥාවක් ලබා දිය හැකිද යන්න පිළිබඳව.

ඊට ප‍්‍රතිචාර දක්වමින් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේ මෙම අවස්ථාවේදී එවැනි ප‍්‍රතිඥාවක් ලබාදීම අපහසු බවයි.

ඒ හේතුවෙන් පෙත්සම සම්බන්ධයෙන් සලකා බැලීම ලබන මාර්තු 07 වැනිදා කල් තැබීමටද ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

කෝට්ටේ බැද්දගාන අංක 99 /3 දරණ ස්ථානයේ පදිංචි අද්මිරාල් වසන්ත කරන්නා ගොඩ මහතා විසින් ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ අංශයේ ස්ථානාධිපකි නිශාන්ත සිල්වා , එහි අධ්‍යක්ෂ ශානි අබේසේකර , පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ඇතුළු පස් දෙනෙකු නම් කරනු ලැබ ඇත.

නීතීඥ සනත් විජේවර්ධන මහතා විසින් ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සඳහන් වේ.

පෙත්සම්කරු ශ්‍රී ලංකා නාවික හමුදාවේ හිටපු හමුදාපතිවරයෙකු වේ.

නාවික හමුදාවේ ලූතිනන් කමාන්ඩර්වරයෙකු ඇතුළු පිරිසක් විසින් තරුණයින් පිරිසක් පැහැර ගත් බව 2009 මැයි 10 වන දින පෙත්සම්කරුට දැනගන්නට ලැබූ අතර ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වන ලෙස නාවික හමුදා පොලිස් ප‍්‍රදානියාට උපදෙස් ලබා දුන්නේය.

තත්ත්වය මෙසේ තිබියදී. 2010 සැප්තැම්බර් 13 වන දින ලූතිනන් කොමාන්ඩර් වෙළගෙදර නැමැති නිලධාරියා විසින් පෙත්සම්කරු ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙකුට එරෙහිව සාවද්‍ය තොරතුරු අඩංගු ප‍්‍රකාශයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලදී.

මෙම ප‍්‍රකාශය අනුව පෙත්සම්කරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ප‍්‍රකාශයක් ලබා දුන්නේය.

මේ අතර හිටපු රියර් අද්මිරාල්වරයෙකු වන ට‍්‍රැවිස් සින්නයියා මහතා විසින්ද පෙත්සම්කරුට එරෙහිව ව්‍යාජ තොරතුරු අඩංගු ප‍්‍රකාශයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන ලදී.

මෙම ප‍්‍රකාශයන් සාවද්‍ය බවට පෙත්සම්කරු විසින් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් මඟින් දැනුම් දෙන ලදී.

පෙත්සම්කරු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සමීපතමයෙකු බැවින් රහස් පොලීසිය මේ පිළිබඳ දැඩි උනන්දුවක් දක්වයි.

මෙම තත්ත්වය තුළ පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීමේ අවදානමක් පවතින බව පෙත්සම්කරු කියා සිටී.

එබැවින් වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද ,තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව ප‍්‍රකාශ කරන ලෙසද , වග උත්තරකරුවන්ට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වන ලෙසද , මෙම පෙත්සම විභාගයට ගෙන අවසන් වන තුරු තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරු සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.




ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
වසර 31කට පෙර සිදු වූ විජය කුමාරතුංග ඝාතනයේ යටිබිම්ගත කථාව..!!! ධර්මන් වික්‍රමරත්න විසිනි..(ජවිපෙ 2වැනි කැරැල්ල ග්‍රන්ථයෙන්)

විජය කුමාරතුංග ඉපදුණේ 1945 ඔක්තෝබර් 09 වැනිදා රාගම රජයේ රෝහලේදීය. ඔහුගේ සම්පූර්ණ නම කෝවිලගේ ඇන්ටන් විජය කුමාරතුංගය. සිවි දෙනෙකුගෙන් යුත් පවුලේ බඩ පිස්සා ඔහුය. විජයගේ මව බියට්‍රිස් වූ අතර පියා ගම් මුලාදෑනියෙකුවූ බෙන්ජමින්ය. සිඩ්නි, විවියන් සහ රූපා ඔහුගේ වැඩිමල් සොයුරු සොහොයුරියෝ වූහ. කුඩා කාලයේදීම පියා මියගිය බැවින් පවුලේ ආර්ථිකය දුෂ්කර තත්ත්වයකට පත්විය. හෙතෙම කඳාන ද මැසනඞ් සහ කොටහේනේ ශාන්ත බෙනඩික් විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීය. සුගතපාල සෙනරත් යාපාගේ හන්තානේ කථාවෙන් 1969දී සිනමාවට පිවිසි විජය අමරනාත් ජයතිලකගේ ප්‍රියංගා චිත්‍රපටියෙන් ප්‍රධාන චරිතය 1971දී රඟපෑවේය. වසර 1971දී ඔහු රඟපෑ චිත්‍රපට හතරක් තිරගත විය. ඔහු සිනමා තාරකාවක් බවට පත් වූයේ තුෂාර චිත්‍රපටිය 1973 තිරගතවීමත් සමඟය. ඉනික්බිති සිනමා ලෝකයේ අසහාය පෙම්වතා බවට ඔහු පත් විය. ජනප්‍රියත්වය කෙතරම්ද යත් 1976දී තිරගත වූ චිත්‍රපටි හතකම ප්‍රධාන නළුවා වූයේද ඔහුය. ආරම්භයේ සිට 1988 දක්වා විජය රඟපෑ චිත්‍රපට සංඛ්‍යාව 114කි. එයා දැන් ලොකු ළමයෙක්(1975), බඹරු ඇවිත්(1977), ගඟ අද්දර, පාර දිගේ, මහගෙදර සහ බැද්දේගම (1980) ඒ අතරින් ප්‍රධාන වේ. ජනප්‍රිය නළුවා වශයෙන් 1983 සිට 1988 දක්වාම සම්මානය හිමිවූයේද ඔහුටය. ගායන ශිල්පියෙකු වශයෙන් ගීත 100ක් ගායනා කල ඔහු කැසට්පට 10ක් පමණ නිකුත් කළේය.

සමසමාජයෙන් දේශපාලනය ඇරඹූ විජය ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් කටාන ආසනයට 1977දී තරඟකර පරාජයට පත්විය. එජාපයේ විජේපාල මෙන්ඩිස්ට ඔහු පරාජය වූයේ ඡන්ද 4,218කිනි. පසුව ඔහු දිවංගත අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකගේ සහ අගමැතිනී සිරිමා බණ්ඩාරනායකගේ කණිටු දියණිය වූ චන්ද්‍රිකා සමඟ 1978 පෙබරවාරි 20 අවාහ කර ගත්තේය. ශ්‍රිලනිප ජනාධිපති අපේක්ෂක හෙක්ටර් කොබ්බෑකඩුවට 1982 ඔක්තෝබර් 20වැනිදා පැවති ජනාධිපතිවරණයේදී ක්‍රියාකාරිව සහාය දැක්වූ විජය ජනාධිපතිවරණ පරාජයෙන් පසු එජාප රජය මගින් නැක්සලයිට් චෝදනාව ගොනුකර 1982 නොවැම්බර් 19වැනිදා අත්අඩංගුවට ගන්නා ලදී.

මහර අතුරු මැතිවරණයට 1983 මැයි 18 ශ්‍රීලනිපයෙන් විජය ඉදිරිපත්ව පරාජයට පත්විය. එජාපයේ කමලවරණ ජයකොඩි මහර මන්ත්‍රීවරයා වූයේ වැඩි ඡන්ද 45කිනි. එමෙන්ම මහජන පක්ෂය නියෝජනය කරමින් මින්නේරිය අතුරු මැතිවරණයට 1984 ඔක්තෝබර් 25වැනිදා ඉදිරිපත් වූ අතර එහිදී දෙවන ස්ථානය ලබා ගනිමින් ඡන්ද 10,568ක් ලබා ගත්තේය. ශ්‍රිලනිපයෙන් ඉදිරිපත්ව තෙවැනි ස්ථානයට පත්වූ රත්න දේශප්‍රිය සේනානායකට හිමිවූයේ ඡන්ද 6,250ක් පමණි. ජයග්‍රාහකයා වූ එජාපයෙන් ඉදිරිපත්වූ එස්. බී විජේකෝන්ට ඡන්ද 19,744ක් හිමිවිය.

ශ්‍රි ලංකා මහජන පක්ෂය ටී. බී ඉලංගරත්න ඇතුළු ශ්‍රීලනිප ජේෂ්ඨයින් සමඟ 1984 ජනවාරි 22වැනිදා පිහිටුවීමට පුරෝගාමී නායකත්වය දෙන ලද්දේ ඔහු විසිනි. විජයගේ නායකත්වයේ අපරිණත බව හේතුවෙන් පසු කලක ටී.බී ඉලංගරත්න ඇතුළු ජේෂ්ඨයින් රැසක් මහජන පක්ෂයෙන් ඉවත්වූ අතර එයට ඔසී අබේගුණසේකර වැනි අය පසු ආදේශ විය. ඉන්දු ලංකා ගිවිසුමට කොන්දේසි විරහිතව පැරණි වාමාංශික පක්ෂ සහ දෙමළ බෙදුම්වාදී කණ්ඩායම් සමඟ ශ්‍රි ලංකා මහජන පක්ෂය සහාය දුන් අතර විජය එහි පුරෝගාමී නායකත්වයක් උසුලන ලදී. කැම්බල් පිටියේදී 1988 ජනවාරි 28වැනිදා පැවති පක්ෂයේ සිව්වන සංවත්සර රැස්වීම එහි අභිෂේකයක් විය. සමසමාජ, කොමියුනිස්ට්, මහජන පක්ෂය යන පක්ෂ සමඟ එක්වී එක්සත් සමාජවාදී පෙරමුණ පිහිටු වූ අතර එය මැතිවරණ කොමසාරිස්වරයා විසින් පෙබරවාරි 11වැනිදා පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙසින් ප්‍රකාශයට පත් කළේය. එම පෙරමුණට නව සමසමාජ පක්ෂයේද සහාය හිමිවිය. එම පෙරමුණේ මංගල රැලිය 1988 පෙබරවාරි මස 21 සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට කටයුතු යොදා තිබිණි.

ජවිපෙ සන්නද්ධ අංශය වන දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය ද්‍රවිඩ ඊලමට පක්ෂ වාමාංශිකයින් නම් කළේ තුන්වන සතුරු හමුදාව ලෙසිනි. ඒ අනුව තුන්වන සතුරු හමුදාව අතුගා දැමීම දේශප්‍රේමි අරගලේම කොටසක් බවට 1988 ජනවාරි 25වැනිදා නිකුත් කල නියෝගයක සඳහන් විය. ඒවන විට ජවිපෙ මගින් 1987 නොවැම්බර් 29වැනිදා ඝාතනය කල අනුරාධපුරයේ නන්දන මාරසිංහ සහ 1988 පෙබරවාරි 11වැනිදා ඝාතනයවූ කොමියුනිස්ට් පක්ෂයේ පොළොන්නරුවේ ගාමිණී මැදගෙදර ගේ අවමගුල් උත්සවයන්ටද විජය සහභාගි වූ අතර එම ඝාතනයන් තරයේම හෙළා දකිනු ලැබීය.

ඉන්දු ලංකා ගිවිසුමට සිය ප්‍රසංශාව පලකල සිටි විජය ඉන්දිය හමුදාව ශ්‍රිලංකාවට පැමිණීමෙන් වාර්ගික අර්බුදය විසදාගැනීමට හැකිවනු ඇතැයි සිය සතුට පලකර සිටියේය. ජවිපෙ ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව මතවාදය ඉදිරිපත්කල අතර මහජන පක්ෂය සහ විජයද දේශදෝහීන් ලෙස නම් කෙරෙනි. ජවිපෙ ඝාතනවලට එරෙහිව රජයේ ආරක්ෂාවට පරිබාහිරව මහජන පක්ෂයේම ආරක්ෂක වලල්ලක් විජය විසින් ගොඩනඟා ගැනීමට කටයුතු කළේය. ඒ අනුව 1987 ඔක්තෝබර් මසදී උමා මහේස්වරන්ගේ නායකත්වයෙන් යුත් ප්ලොට් සංවිධානයේ වව්නියාවේ අවි පුහුණු කඳවුරක පුහුණුවකට මහජන පක්ෂයේ කණ්ඩායමක් තෝරා යවන ලදී. විජය ඝාතනය වීමට පෙර අවස්ථා තුනකදී එසේ අවි පුහුණුව සඳහා කණ්ඩායම් තුනක් රහසිගතව යවා තිබිණි.

උදෑසන හලාවතට ගොස් පැමිණ ආපසු නාරහේන්පිට පොල්හේන්ගොඩ පාරේ සිය නිවසින් පිටතට එමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනෙකු විජය ඝාතනය කළේ ඒ. කේ. 47 වර්ගයේ ගිනි අවියකිනි. ඒ 1988 පෙබරවාරි 16වැනිදා පස්වරු 12.20ටය. විජයගේ මුහුණටද වෙඩි තබා තිබූ බැවින් එය විකෘති වී තිබිණි. එබැවින් මෘත දේහයේ උඩ කොටස ආවරණය කිරීමට සිදු විය. පසුව පොලිසියට හිස් පතොරම් කොපු 14ක් හමුවිය. ඒ. කේ. 47 වර්ගයේ අවියකින් එකවර පතොරොම් 30ක් විනාඩියකටත් අඩු කාලයකදී නිකුත් කල හැකිය.

විජයගේ ආදානය 1988 පෙබරවාරි 21වැනිදා කොළඹ 07 නිදහස් චතුරශ්‍රයේ දී පැවති අතර එය නාරාහේන්පිට සිට පුරහල හරහා ගෙන ආවේ විශාල පෙළපාලියකිනි. අවමගුල සජීව ලෙස රූපවාහිනියෙන් විකාශය කල අතර එය ශ්‍රි ලංකාවේ ප්‍රථමවරට අවමගුලක් සජීව ලෙස විකාශය කල අවස්ථාව ලෙස සැලකේ. විජය කුමාරතුංග ඝාතනය කිරීමට වෙඩි තැබූ එම අවස්ථාවේදී වෙඩිවැදී තුවාල සිදුවූ මහජන පක්ෂයේ රාගම ශාඛාවේ සහකාර ලේකම් සහ චිත්‍ර ශිල්පී සරත් උපාලිද බරපතල ලෙස රෝගාතුරව සිට 1988 අප්‍රේල් 25වැනිදා කොළඹ මහ රෝහලේදී මිය ගියේය.

කුමාරතුංග ඝාතනයෙන් පසු ජවිපෙ සන්නද්ධ අංශය වන දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය නිවේදනයක් මගින් වගකීම භාරගෙන තිබිණි. එමෙන්ම මව්බිමේ සියළු සතුරන්ට දඬුවම් දීමේ සන්නද්ධ සේනාංකය මැයින් 1988 පෙබරවාරි 21වැනිදා ‘විජය කුමාරතුංග යැව්වේ ඇයි?’ මැයින් පත්‍රිකාවක් මුද්‍රණය කර බෙදා හැර තිබිණි. එහි මෙසේද සඳහන් විය. ‘අප විසින් දඬුවම් කරනුයේ මව්බිමේ සතුරන්ට පමණි ඒ හැර අපේ දේශපාලනයට එකඟ නොවූවද දෝහීන් නොවූ කිසිවෙකුට හෝ පොදු මහජනයාට හෝ අපි කිසිදු හිංසාවකට ඉඩ නොතබමු’. විජය කුමාරතුංග ඝාතන තීරණය සැලසුම් කලේ කොළඹ දිසා ලේකම් ලලිත් විජේරත්න හෙවත් ජයන්තය. තොරතුරු සෙවීම කොලොන්නාවේ පියසිරි ගෙනි. සාකච්ඡා පැවැත්වූවේ පිලියන්දල සෙන්ට් මිචල් හෝටලයේදීය. ලයනල් රණසිංහට කොන්ත්‍රාත්තුව ලැබී තිබුණේ ටාසන් වීරසිංහගේ මාර්ගයෙනි. විජය ඝාතනය සඳහා යොදවාගත් තුවක්කුව එවකට එජාප ආණ්ඩුවේ ඇමතිවරයෙකු වූ ගාමිණී ‍ලොකුගේගේ ආරක්ෂක භටයෙකු ගෙන් ජවිපෙ පැහැරගත් ගිනි අවියකි.

විජය ඝාතනයට සම්බන්ධ යතුරුපැදිය පදවාගෙන ගිය සැකකරු වූයේ ටාසන් වීරසිංහ හෙවත් හේරත්ය. ඔහු කළුතර පයාගල පදිංචිකරුවෙකි. ටාසන්ගේ පවුලේ සහෝදර සහෝදරියන් 9 දෙනෙකු වූ අතර ඉන් සිව් දෙනෙකු පිරිමිය. ටාසන්ගේ එක් සොහොයුරියක්වූ වීරසිංහ ලීලාවතී සිල්වා පානදුර බාලිකා විදුහලක ගුරුවරියකි. පවුලේ 8වැනියා වූ ටාසන් උපන්නේ 1958 ජනවාරි 13දාය. කලක් කළුතර ඇසෝසියේටඩ් මෝටර්වේස් සමාගමේ සේවය කල ඔහු පසුව ලංගම රියදුරෙකු ලෙස කළුතර සිට යටදොල දක්වා ධාවනය වූ ලංගම බස්රථයේ කලක් කටයුතු කල අතර පසුව රැකියාව අතහැර පූර්ණකාලීනව ජවිපෙට එක්විය.

සිය පවුලේ සාමාජිකයන් ගේ විරෝධය මැද ටාසන් වීරසිංහ අවාහ වූයේ පද්මිණී සමඟය. පද්මිණී කියා සිටියේ 1989 දෙසැම්බර් 23වැනිදා තමා සමඟ ටාසන් අඟුලාන දුම්රිය පොලෙන් බැස ගමට පැමිණි බවත් ගෙදර යෑමට නොහැකි බව පවසා නතර වූ බවත්ය. ටාසන් අල්ලා ගැනීමට ආරක්ෂක අංශ 1990 දෙසැම්බර් 25 මොරටුව අගුලානේ පිහිටි ඔහුගේ හිතවෙතෙකු වූ නිමල් ගුණසිංහගේ නිවසට ගියෝය. එහි ඔහු නොසිටි අතර පසුව අඟුලාන නිවස ආසන්නයේදී එහි පැමිණි ටාසන් රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලදී. ඒ වන විට ටාසන් ඉදිරිපත් කරන තුරු 1990 දෙසැම්බර් 23 වැනිදා පස්වරු 2ට අත්අඩංගුවට ගත් නිමල් ගුණසිංහගේ පුතා වන 15 හැවිරිදි සරත් කුමාර අත්අඩංගුවේ රඳවාගෙන තිබිණි. සරත් කුමාරගේ මව රම්‍යලතාද ප්‍රකාශ කලේද සිය නිවස ඉදිරියේදී ටාසන්ව පොලිස් අත්අඩංගුවට ගත් බවය. පසුව ටාසන් හතරවන තට්ටුවේ රඳවන ලදී. අනතුරුව මාස 3කට පසු ඝාතනයට ලක්වී තිබේ.

විජය කුමාරතුංග ඝාතනය කල පාලම්මුල්ලලාගේ ලයනල් රණසිංහ 27 හැවිරිදිය. ජාතික විමුක්ති අරගලයකින් සමාජවාදය උදාකිරීමේ උපායමාර්ගික ගමන්මඟ අනුව ක්‍රියාවට නැගූ ජවිපෙ 2වැනි කැරැල්ලේදී ඝාතන 41ක් සිදුකල ලයනල් රණසිංහ උපන් සහ ජීවත්වූ රත්නපුර කුරුවිට සහ හොරණ මූණගම නිවෙස්වලට ගිය ලේඛකයා (ධර්මන් වික්‍රමරත්න) ඔහුගේ පවුලේ අය හමුවිය. ඔවුන් පැවසූ පරිදි ලයනල් යනු ජවිපෙ නායකත්වයේ දෘෂ්ටිමය මඟපෙන්වීමකට යටත්ව ප්‍රායෝගිකත්වය ක්‍රියාවට නැගූ මිනිසෙකි. එය ද්‍රරිද්‍රතාවය සහ සමාජ පීඩනය නිසා රැඩිකල් දේශපාලනයට එක්වු තරුණයෙකුගේද කථාවකි.

රත්නපුර කුරුවිටදී ලයනල් උපන්නේ 1962දීය. හොරණ රත්නපුර පාරේ මූණගම ජාතික නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි ඔහු ගාමිණී නොහොත් මහින්ද නොහොත් ජයතිලක ලෙසද හැදින්විණි. ලයනල්ගේ පියා 1930 අප්‍රේල් 19 කෑගල්ල පාලමුරේදී උපන් පාලම්මුල්ලලාගේ තේගිරිස්ය. ඔහු කුරුවිට පොලිසිය ඉදිරිපිට හුණු කඩයක් පවත්වාගෙන ගියේය. දෙල්ගමුවේ උපන් ලයනල්ගේ මව වූ වැලිකලගේ සිසිලින් නෝනාට දරුවන් පහකි. ලයනල් සහ ඔහුගේ කණිටු සොහොයුරාවූ සුනිල් මවගේ ප්‍රථම විවාහයේ දරුවන්ය.ලයනල් පවුලේ වැඩිමලාය.

ලයනල්ගේ මල්ලී වන 1963 අප්‍රේල් 13වැනිදා උපන් සුනිල් අයියාට වඩා වසරකින් බාලය. ලයනල්ට වයස අවුරුදු 2ක් වන විට පියා විසින් මව සහ දරු දෙදෙනා අතහැර වෙනත් විවාහයක් කර ගත්තේය. ඔහුගේ එම විවාහයෙන්ද ලයනල්ගේ පියාට දාව දියණියන් දෙදෙනෙකු සහ පුතෙකු සිටී. ලයනල්ගේ පියාගේ නංගී වන නන්දාවතී විසින් ලයනල් සිය නිවසට ගෙන ගිය අතර ඔහුට වෙනස්කරන බවට චෝදනා කල මව පසුව ලයනල්ව යළි මහ ගෙදරට ගෙනාවේය. නැන්දාගේ නිවසේ සිටින විට දෛනික කුලියට කළුගල් කැඩීමටද ලයනල් යොමුකර තිබූ අතර පාසැල්ද යවා තිබුණේ නැත.

ලයනල්ගේ මව පසුව හොරණගේ ලියනෝරිස් ප්‍රනාන්දු සමඟ විවාහවී හොරණ මූණගමට සංක්‍රමණය වූවාය. ඇයගේ නව සැමියා සහ ලයනල්ගේ සුළු පියා හොරණ නගර සභාවේ සේවය කල අතර උග්‍ර එක්සත් ජාතික පාක්ෂිකයෙකි. අගමැති ප්‍රේමදාස විසින් ජනතා අයිතියට පවරා දී ඇති නිවසක්ද ඔහුට 1979දී හිමිවිය. ලයනල් සහ මල්ලී සුනිල් රත්නපුර කුරුවිට පිහිටි මිත්තණියගේ නිවසේ තවදුරටත් වාසය කළෝය. ලයනල් සහ සුනිල් පාසැල් ගියේ කුරුවිට මහා විද්‍යාලයටය. විෂයන් 7 ක් සම්මාන සමාර්ථ හතරක් සමඟ අපොස සාමාන්‍ය පෙළ සමත්වූ ලයනල් ඉගෙනීමට දක්ෂයෙකි. සිය සොහොයුරාට තග් බලය දැමූ තවත් සිසුවෙකුට ලයනල් පහර දුන්නේ පස්වැනි ශ්‍රේණියේ සිටියදී අත්වැඩ කරන කතුරකිනි. ලයනල් සතුන්ට ආදරේය. ඔහු කෑමකන විට කුරුවිට ගෙදර අවට සිටින ලේනුන් දෙතුන් දෙනෙකුම ඔහු ලඟට පැමිණීම සුලඹ දසුනකි. ලයනල් කරාතේ ඉගෙන ගත්තේ නන්ද සිරිවර්ධනගෙනි. කුංෆු ඉගෙන ගත්තේ සීවලී ගුරුතුමා ගෙනි. මෙම පන්ති හොරණ සහ බොරැල්ලේ පැවැත්විණි.

මේ වනවිට ලයනල්ගේ මව දෙවැනි විවාහයෙන් දියණියන් තිදෙනෙකු බිහිකල අතර ඔවුන් නම් චූලා දමයන්ති, අනෝමා දමයන්ති සහ ශිරානිය. ඒ අනුව ලයනල්ගේ පවුලේ සොයුර සොයුරියන් සංඛ්‍යාව ලයනල් සමඟ පහකි. අපොස සාමාන්‍ය පෙළ හොදින් සමත්විමෙන් පසු ලයනල් සහ සුනිල් යන පුතුන් දෙදෙනා මව විසින් හොරණ නිවසට කැදවාගෙන ආවේ වැඩිදුර උසස් අධ්‍යාපනය ලබාදෙන්නටය. ඒ අනුව හොරණ විද්‍යාරතන විද්‍යාලයට ඇතුළුවූ ලයනල් වාණිජ විෂය ධාරාව හැදෑරීය. මුළු පවුලටම ආර්ථික දුෂ්කරතා රැසක් කෙටි කලකින් උද්ගත වූයේ ලයනල්ගේ මව දරුවන් 5 දෙනෙකු සමඟ යළිත් තනිවීමෙනි. ලයනල් සහ සුනිල් මල්ලී හොරණ නගරයේ මත්පැන් අළෙවිසැලක් අසළ කඩල විකිණීමට ගියේ ජීවනබරට තල්ලුවක් දෙමිනි. ඉදහිට කුලීවැඩටද ගියේය. කේටරින් වැඩවල නිරතවූ මවද පොළේදී එළවළු අළෙවි කිරීමට සහ කඩල විකිණිමටද ඉඩ ඇති අවස්ථාවන්හිදී එක්වූවාය.

හොරණ විද්‍යාර්ථ විද්‍යාලයේ උසස් පෙළ ඉගෙනුම ලබමින් සිටියදී 1978දී ජවිපෙ දේශපාලන පන්තිවලට සහභාගිවු අතර ඒ වන විට ඔහුට අවුරුදු 16කි. ජවිපෙ වෙනුවෙන් ඔහුට කොක්ක ගැසුවේ හොරණ විද්‍යාර්ථ විද්‍යාලයේ ජේෂ්ඨ සිසුවෙකු වූ යාගල පදිංචි ජයසිරිය. හොරණ ශිලරත්න පාරේ පිහිටි ජවිපෙ කාර්යාලයේදී ලයනල්ට ජවිපෙ දේශපාලන පන්ති පවත්වන ලද්දේ යටියන්තොට චන්ද්‍රසිරිය. කොළඹ සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ 1979/80 සභාපතිවරයාවූ යටියන්තොට චන්ද්‍රසිරි එහි විද්‍යාපීඨ සිසුවෙකුවූ අතර 1982දී උපාධිධාරියෙකු වශයෙන් පිටවිය. ජවිපෙ ජනාධිපතිවරණයට තරඟකර 1982 පරාජයට පත්වීමෙන් පසු ජවිපෙන් ඉවත්වූ චන්ද්‍රසිරි වර්තමානයේ ව්‍යාපාරිකයෙකි. ලයනල් රණසිංහ ජවිපෙට එක්කිරීමට හවුල්වූ අය අතර තවත් ප්‍රමුඛයින් දෙදෙනෙකු වන්නේ කොළඹ වෛද්‍ය පීඨයේ සිසු හොරණ මූණගම පදිංචි නිහාල් අබේසිංහ සහ පොකුණුවිට පදිංචි තිලක්ය. වෛද්‍ය නිහාල් අබේසිංහ වර්තමානයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍ය විශේෂඥයෙකු වශයෙන් විදේශයක සේවය කරනු ලබයි.

ජවිපෙට පූර්ණකාලීනයෙකු ලෙස ලයනල් සම්බන්ධවන්නේ 1981දීය. අප්‍රේල් 5 විරු සමරුවක් 1981 අප්‍රේල් 2වැනිදා කළුතර නගර ශාලාවේදී ජවිපෙ ලේකම් ලයනල් බෝපගේ ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර රෝහණ විජේවීර පිළිගැනීමට එහිදී රතු භටයෙක් ලෙස රාජකාරි කළේද ලයනල් රණසිංහය. එහි පසක යෝධ පුවරුවක සටහන්වූයේ ‘’බැඳ දැම්මත් අප අත් යදම් වලින් නැගිටිනවා සිකුරුයි.... ගිගුම් දෙමින් මව්බිම සුරකින රතු බල සේනා මැදින් අපි එනවා...’ යන්නය. විරු සමරුවේ තමා සිටින ඡායාරූප නිවසට ගෙනවිත් පවුලේ අයටද බලන්නට දුන්නේය. ලයනල්ගේ මව පුතාගේ දේශපාලන කටයුතු පිළිබඳව බියපත්ව සිය සොහොයුරාට අයත් කැකිරාවේ හේනකට ලයනල් යැවූවද ඔහු ගොවියෙකු වශයෙන් ජීවිකාව ගෙන ගියේ වසරකට අසන්න කාලයක් පමණි. පෞද්ගලික ආරක්ෂක සමාගමක ආරක්ෂක නිලධාරියෙකු ලෙස පසුව සේවය කළේය. යළිත් හොරණට පැමිණ 1984දී බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පොළේ එළවළුද සෙසු දිනයන්හිදී රටකජුද විකුණූ ලයනල් ජවිපෙ පුර්ණකාලීන දේශපාලනයට 1986දී එක්වන්නේ බටගොඩ ගමගේ ජයවර්ධන මගිනි. යුධහමුදා ස්වෙච්ඡා බලකායට බැදීම සඳහා ලයනල් වරෙක සම්මුඛ පරික්ෂණයට ගිය අතර ඒ සඳහා තෝරාගැනීමෙන් පසු රපෝර්තු කරන ලෙසට ලිපියක්ද 1987 මැයි 6වැනිදා ලැබිණි. එහෙත් එම දිනයේ ඔහු ජවිපෙට අරමුදල් රැස්කිරීම සඳහා කල මංකොල්ලකෑමක් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවේ පසුවිය.

ලයනල් රණසිංහ ඇතුළු 5 දෙනෙකු ජවිපෙට අරමුදල් සපයා ගැනීම සඳහා කල මංකොල්ලයකදී 1987 අප්‍රේල් 12 හොරණ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි. හදුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා බන්ධනාගාරයේ සිට ඔවුන් ගෙනයන විට බොල්ගොඩ පාලම අසළදී ජේලර්ලාට පහරදී පළාගියේ පිටතින් ලැබුණ ජවිපෙ සහායද සමඟිනි. පොලිසිය ලයනල් අත්අඩංගුවට ගැනිමට නිවසට පැමිණි අතර ඒ වන විටද ඔහු නිවසින් පැන ගොස් තිබිණි. ඉන් පසු ලයනල් නිවසට මව බැලීමට ආවේ ඉදහිටය. ලයනල් හමුවීමට නිවසට එන ජවිපෙ කළුතර දිස්ත්‍රික් සාමාජිකයෝද ඉන් පසු නිවසට පැමිණියේ නැත.

අවි පුහුණව සඳහා ජවිපෙ අවි පුහණු කඳවුරු කිහිපයකින්ම ලයනල් පුරුදු පුහුණු වී සිටියේය. ප්‍රථමයෙන් 1986 දෙසැම්බර් 13වැනිදා බදුල්ලේ බඹරකන්දේදී සතියක පුහුණුවක්ද, 1987 අප්‍රේල් 12 වැනිදා ශ්‍රීපාද අඩවියේදී සතියක අවි පුහුණුවක්ද 1988 මාර්තු 17වැනිදා රත්නපුර කුරුවිට ශ්‍රීපාද අඩවියේදී නැවත වරක් අවි පුහුණුවක්ද ලබා ගන්නා ලදී. මෙහිදී කටුනායක ගුවන් හමුදා කඳවුරේ ආකෘතියක් තනා එයට පහරදී යටත් කරගෙන අවි පැහැර ගැනිමේදී පෙරහුරුවක්ද පවත්වන ලදී. මෙහිදී හමුදාවෙන් පළා ආ ජවිපෙ සාමාජිකයින් විසින් යුධ පුහුණුව ලබාදුන් අතර ඔත්තු බලන ආකාරය, වෙඩිතැබීම ඇතුළු බොහෝ දෑ උගන්වනු ලැබීය. මෙම පුහුණුව අවසානයේදී ජනතා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ජවිපෙ වෙනුවෙන් ලාංකීය නිර්ධන පන්තියේ විප්ලවය සඳහා ඕනෑම කැපවීමක් හා පරිත්‍යාගයක් කර ජනතාව වෙනුවෙන් සටන්කරන බව පුහුණුව අවසානයේදී සියල්ලෝම ප්‍රතිඥා දුන්හ. ජවිපෙ 1983 ජුනි 30 රජය මගින් තහනම් කලද ඒ සඳහා නිවැරදි දර්ශනයක් සහ නිවැරදි නායකත්වයක් ඇති බැවින් ඕනැම පරිත්‍යාංගයක් සහ කැපකිරීමක් සිදුකිරීමට සූදානම් බැවින් පක්ෂය ගන්නා ඕනෑම තීන්දුවකට එකඟ වන බවද ඔවුහු එහිදී සපථ කළහ.

ජවිපෙ විසින් මෙවැනි වනගත පුහුණු කඳවුරු රැසක් 1986 සිට ලංකාව පුරා පවත්වාගෙන ගියේය. වනගත පුහුණු කඳවුරු සඳහා සුදුසුම තැන ජවිපෙට සොයාබලා තෝරාදෙන ලද්දේ ආතර් සහ බලංගොඩ වැලිපොතයායේ උපන් පියතිලක නොහොත් වනරාජා විසිනි. ආතර් 1990 මුල් භාගයේදී කල්තොට දියමින්නේදී ජවිපෙම වනගත පිරිසක් විසින් ක්‍රමන්ත්‍රණකාරීව ඝාතනය කල අතර පියතිලක වර්තමානයේ ලුණුගම්වෙහෙරේ ජීවත්වේ. ජවිපෙ විසින් හමුදා සහ පොලිස් ගණනාවකට පහරදී අවි ලබාගැනීමේ ප්‍රහාර ගණනාවකටම ලයනල් ඉදිරි පෙළ ක්‍රියාකාරිකයෙකු වශයෙන් සහභාගි විය. මෙම ප්‍රහාරයන්හිදී ලයනල් ඇතුළු ජවිපෙ කැරළිකරුවන් විසින් එම කඳවුරුවල නවීනතම අවි පැහැරගැනීමට සමත් විය. පක්ෂයට අරමුදල් රැස්කිරීම සඳහා කොල්ලකැමට ගිය කැරළිකරුවන් කිහිප දෙනා අතර ලයනල්ද ඉදිරියෙන්ම සිටියේය. ජවිපෙ දේශපාලන සිරකරුවන් මුදා ගැනීම සඳහා 1988 දෙසැම්බර්13 වැනිදා මැගසින් බන්ධනාගාරයට පිටතින් සහ ඇතුළතින් ප්‍රහාරය එල්ලකර ජවිපෙ රැඳවියන් 221ක් මුදවා ගැනීමේදී ලයනල් වැදගත් මෙහෙයක් ඉටු කළේය. ලයනල් 1986 සිට 1989 දක්වා කාල සීමාවේ නැවතී සිටියේ කළුතර දෙදිවල, පිලියන්දල එස්.ඕ.එස් ගම්මානය, හොරණ, පිලියන්දල දම්පෙ, නාරහේන්පිට පොල්හේන්ගොඩ, නුගේගොඩ දෙල්කඳ ඇතුළු ස්ථාන කිහිපයකි.

ජනකාන්ත සිනමා නළුවෙකුවන මහජන පක්ෂයේ නායක විජය කුමාරතුංග 1988 පෙබරවාරි 16 වැනිදා පස්වරු 12.20ට නාරහේන්පිටදී ඝාතනය කළේද ලයනල් රණසිංහ විසිනි. එසේ විජය කුමාරතුංග ඇතුළු 41දෙනෙකු ලයනල් අවසානයේදී ඝාතනයකර තිබිණි. ඉන් කිහිප දෙනෙකු මෙසේය. එජාප මහලේකම් නන්දලාල් ප්‍රනාන්දු 1988 මැයි 20 දහවල් 11.30ට ඝාතනය කළේ ටී.56 තුවක්කුවකින් අමුතුම ආකාරයකිනි. ලෑලි පෙට්ටියක තුවක්කුව සඟවා එය උඩින් ලි කුඩු දමාගෙන පාපැදියක බැදගෙන පැමිණියේය. වැල්ලවත්ත අනුලා මාවත අසළ කඩයක් ඉදිරිපිට පාපැදියේ රෝදයක හුලං බැස ඇතැයි එහි නතරකල ලයනල් සංඥාව ලැබෙන විට පෙට්ටියෙන් ස්වයංක්‍රීය ගිණි අවිය රැගෙන නන්දලාල් ප්‍රනාන්දු නිවසින් පිටත්ව අනුලා මාවතින් වැල්ලවත්ත මාර්ගයට වාහනය දමනවාත් සමඟම වෙඩිතබා එහි සිටි තවත් කැරළිකරුවෙකු පදවාගෙන පැමිණි යතුරුපැදියෙන් තුවක්කුවද රැගෙන පළා ගියේය. කොළඹ සරසවියේ උපකුලපති මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර 1989 මාර්තු 9වැනිදාද, ඇමති වීරසිංහ මල්ලිමාරච්චිගේ පුත් කොළඹ නාගරික මන්ත්‍රී ජයන්ත මල්ලමාරච්චි 1989 පෙබරවාරි 15 මැතිවරණයදා මට්ටක්කුලියේදීද, එජාප නාගරික මන්ත්‍රීවරුන් වූ ලෙස්ලී රණගල බොරැල්ලේදීද, කිරිවත්තුඩුවේ ග්‍රාමෝදය මණ්ඩලයේ සභාපති, ජේෂ්ඨ සහ කණිෂ්ඨ පොලිස් නිලධාරින් කිහිපදෙනෙකු, එජාප ජාතික සේවක සංගමයේ වරාය ඇතුළු ස්ථාන කිහිපයක ඉහළ පෙළේ නිලධාරින් තිදෙනෙකු, ඉන්දියාවේ මුල්පෙලේ ව්‍යාපාරිකයන් 2ක් ඇතුළු පිරිසක් එයට අයත්වූහ.

ආරක්ෂක අංශ මගින් කියා සිටියේ ලයනල් ඝාතන 43ක් සිදුකල බව වූවද එජාප සභාපති හර්ෂ අබේවර්ධනගේ සහ ප්‍රචණ්ඩ ක්‍රියා මර්දන කොට්ඨාශයේ අධ්‍යක්ෂක ජේෂ්ඨ පොලිස් අධිකාරි ටෙරන්ස් පෙරේරාගේ ඝාතන සිදුකළේ ඔහු විසින් නොවේ. එජාප සභාපති හර්ෂ අබේවර්ධන 1987 දෙසැම්බර් 23වැනිදා ඝාතනය කළේ බෙලිඅත්තේ ගුණසේන වර්ණපටබැඳි නොහොත් බෙටාය. පොලිසිය ඒ සම්බන්ධයෙන් චෝදනා කලේ ලයනල් රණසිංහ සහ පිළියන්දල ලසන්ත විජේවර්ධන නොහොත් ඩොනල්ඩ්ටය. ටෙරන්ස් පෙරේරා 1987 දෙසැම්බර් 12වැනිදා තලංගමදී ඝාතනය කළේ මුලටියන සීනිපැල්ලේ දහනායකය. දෙයියන්දර උප තැපැල් ස්ථානාධිපතිවරයෙකු වශයෙන් සිටියදී ජවිපෙට 1979දී එක්වූ දහනායක පසුව පූර්ණකාලීනයෙකු විය. ඔහුගේ පියා ගම්බාරේ කෙනෙකි. දහනායක පනාගොඩ යුධ හමුදා කඳවුරෙන් අවි පැහැරගැනීමට යාමේදී 1989 මැයි 2 වෙඩිවැදී ඝාතනයට පත්විය.ටෙරන්ස් ඝාතනය සඳහා ඔහුගේ සහායට යතුරුපැදිය පදවාගෙන පැමිණියේ තවත් කැරළිකරුවෙකු රනිල්ය.

ලයනල්ලාගේ පවුලේ සැමට ජවිපෙ දෙවැනි කැරළි සමය වූ 1986 සිට 1989 දක්වා විවිධ තාඩන පීඩනවලට ලක්විය. අයියා ලයනල් ඉල්ලා මල්ලීවන සුනිල් ආරක්ෂක හමුදා මගින් අත්අඩංගුවට ගෙන වසර 2කට ආසන්න කාලයක් මිරිහාන පොලිසියේ කඳවුර, පැලවත්තේ රැඳවුම් කඳවුර, මැගසින් බන්ධනාගාරය ඇතුළු ස්ථාන කිහිපයක රඳවා තබාගන්නා ලදී. ලයනල් රණසිංහ අවසාන වරට පවුලේ අයෙකු හමුවූයේ මරදානේ සුමනදාස පෙරේරාගේ නිවසේදීය.

ලයනල් රණසිංහ 1989 මාර්තු 14වැනිදා කොළඹ බෞද්ධාලෝක මාවතේදී බිල්ලෙකු බවට පත්වූ කැරලිකරුවෙකුගේ මඟ පෙන්වීම අනුව පොලිස් අපරාධ විමර්ෂන අංශය මගින් අත්අඩංගුවට ගන්නා ලදී. ලයනල් මවට සිය පුතා වූ ලයනල් අවසාන වරට රහස් පොලිස් අත්අඩංගුවේදී දැකකන්නට ලැබු‍වේ 1989 සැප්තැම්බර් 27වැනිදාය. පසුව හෝමාගම පොලිසියට ගෙන ආ ලයනල් රණසිංහ 1989 ඔක්තෝබර් 03 පස්වරු 7ට ලෑන්ඩ් කෲසර් ජිප් රථයකින් පිටතට ගෙන ගිය අතර පසුව පාදුක්ක වනගත පෙදෙසකදී පසුදා අළුයම 1ට පමණ ඝාතනයට පත්විය.

ලයනල්ගේ නිවසට 1989 ඔක්තෝබර් 06වැනිදා පැමිණෙන රහස් පොලිසියේ දේශප්‍රිය සහ පාදුක්ක පොලිසියේ කණ්ඩායමක් විසින් ලයනල් ගෙදර ආවාදැයි ප්‍රශ්න කර තිබිණි. ලයනල්ගේ මව 1989 ඔක්තෝබර් 10 වැනිදා රහස් පොලිසියට ගිය විට ලයනල් එහි නොසිටි අතර වැලිකඩ බන්ධනාගාරයට ගොස් බලන්නැයි දැනුම් දුන්නේය. රහස් පොලිසියේ 4වැනි තට්ටුවේ මාස 6ක කාලයක් රඳවාගෙන සිටි ලයනල් 1989 ඔක්තෝබර් 3වැනිදා තමාගේ භාරයේ සිට පැනගිය බවද ඔහු සෙවීමට වෙනම කණ්ඩායමක් යොදා තිබූ බවද නිමල් වාකිෂ්ඨ විශේෂ ජනාධිපති කොමිසම හමුවේ කියා සිටියේය. රහස් පොලිසියේ සිරකරුවන් භාරව සිටි පොලිස් පිරික්ෂක යූ. ඒ පියසේන කොමිසම හමුවේ ප්‍රකාශකර සිටියේ 1989 සැප්තැම්බර් 28දා රාත්‍රී පොලිස් පරික්ෂක වාකිෂ්ඨ විසින් 4 වැනි තට්ටුවේ රඳවා සිටි ලයනල් රණසිංහ රැගෙන යනවා තමා සියසින්ම දුටු බවය. මෙසේ රැගෙන ගිය සැකකරුට වෙඩිතබා ටයර් මත දමා පුළුස්සන ලද බැව් එම ගමනට සහභාගිවු එක් නිලධාරියෙකුගෙන් තමාට දැන ගන්නට ලැබුණු බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

විජයගේ ඝාතනයෙන් පසු ඔහුගේ බිරිඳ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජීවිතාරක්ෂාව පතා 1988 මැද භාගයේදී රටින් පිටවිය. ඇය යළි 1992දී සිය රටට පැමිණ පසුව 1994දී ජනාධිපති තනතුරටද පත්වූවාය. සිය සැමියාගේ ඝාතනය පිළිබඳ විශේෂ ජනාධිපති කොමිසන් සභාවක් 1995 පෙබරවාරි 16වැනිදා පත් කලේය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පද්මනාදන් රාමනාදන්ගේ සභාපතිත්වයෙන් යුත් එම කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයින් වූයේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු සරත් නන්ද සිල්වා සහ කොළඹ මහාධිකරණයේ විනිසුරු ධර්මසිරි ජයවික්‍රමය. රාජ්‍ය පරිපාලන සේවයේ උපාලිද සිල්වා කොමිසමේ ලේකම්වරයා වශයෙන් කටයුතු කල අතර එහි සහකාර ලේකම්වරයා වූයේ එඩ්වඩ් ගීගනගේය.

කොමිසමේ සාක්ෂි විභාගය 1995 අප්‍රේල් 14වැනිදා ආරම්භ කරන ලද අතර එය 1995 දෙසැම්බර් 15වැනිදා දක්වා මාස 08ක් සාක්ෂි විභාග කරන ලදී. කොමිසම ඉදිරියේ පුද්ගලයින් 72ක් සාක්ෂි දුන් අතර එම සාක්ෂි පිටපත වෙළුම් 15කින් සහ පිටු 3,441කින් සමන්විත විය. ජනාධිපති කොමිසම් සභාව විසින් පවත්වන ලද පරීක්ෂණයේ සම්පූර්ණ වාර්තා 1996 පෙබරවාරි 29වැනිදා භාර දෙන ලදී. 
අනතුරුව සහකාර පොලිස් අධිකාරි චන්ද්‍රා වාකිෂ්ඨ සහ අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුවේ එවකට සිටි අධ්‍යක්ෂ චන්ද්‍රසේන ජයවර්ධන හෙවත් චන්ද්‍රා ජයවර්ධන යන දෙදෙනාට එරෙහිවද නඩු කටයුත්තක් ක්‍රියාත්මක විය. කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ප්‍රනාන්දු 2002 ඔක්තෝබර් 23වැනිදා ඔවුන් දෙදෙනා නිදහස් කළේය.

ඝාතනයට ලක්වන විට ලයනල් අවිවාහකයෙකි. වසර 2ක කාලයක් අනේකවිධ වධබන්ධන වලට ලක්ව ජීවත්වීමට වාසනාව ලැබූ සොහොයුරා සුනිල් රණසිංහ වර්තමානයේ ත්‍රීරෝද වෘත්තියේ නිරතවන අතර කේටරින් සේවයේද යෙදේ. නැගණියන් විවාහකය. ලයනල්ගේ සුළු පියාද 1985දී මියගොස් තිබිණි. ජවිපෙ නියෝජනය කරමින් 90 දශකයේදී හොරණින් පළාත් පාලන ඡන්දයකදී අපේක්ෂිකාවක්දවූ ලයනල්ගේ මව 2006 දි ජීවිතයෙන් සමු ගත්තාය.. 

ඡායාරූප : විජය ඝාතනය කල ලයනල් රණසිංහ 1985 සහ 1989 අත්අඩංගුවට ගැනිමෙන් පසු. දකුණු පස සිටින්නේ එම ඝාතනයට යතුරු පැදිය පැදවූ ටාසන් වීරසිංහය..


ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
පළාත් සභා මැතිවරණය පවත්වනු..- පොහොට්ටුව උසාවියේ නඩු දමයි..



දැනට වසර එකහමාරක කාලයක් කල් දමා ඇති පළාත්සභා මැතිවරණය ඉක්මනින් පවත්වන ලෙස ඉල්ලමින් අධිකරණය යාමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා කියයි.

මන්ත‍්‍රීවරයා පෙන්වා දෙන්නේ මැතිවරණ නොපැවැත්වීමෙන් ජනතාවගේ සර්වජන ඡන්ද බලය අහිමිව ඇති බවත් එය මානව හිමිනම් උල්ලංඝණයක් බවත්ය.

පවත්වන ලද පලාත් පාලන මැතිවණයේදී පොදුජන පෙරමුණ 80%ක පමණ පලාත් පාලන ආයතන ප‍්‍රමාණයක් ජය ගැනීම හේතුවෙන් ආණ්ඩුව බිය වී මැතිවරණ නොපවත්වන බවද ඔහු කියා සිටී.

අනුරාධපුරයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.




ඇඩ්මින් - Dissa ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

විශ්වාස භංගයේදී කෝටි 4-5ට මැති ඇමතින් විකිණිනු හැටි ඇමති දයාසිරි හෙලි කරයි..


අගමැති රනිල් වික‍්‍රමසිංහට එරෙහිව පාර්ලිමේන්තුවට ගෙන ආ විශ්වාස භංගයට විරුද්ද වීමට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් කෝටි ගණන්වලට මුලදී ගත් බව ඇමති දයාසිරි ජයසේකර මහතා කියා සිටී.
ඉරිදා මවුබිම පුවත්පත සමග ඇමතිවරයා අදහස් පල කර ඇත්තේ මෙසේය.
විමල් වීරවංශ මන්ත්‍රිතුමා මොණර කොළ ගැන කතා කළා. මුදල් ලබාදී මන්ත්‍රිවරුන්ව ඩැහැගත්ත බව කිව්වා. ඔබත් ඉන්නේ ඒ මතයේද?
සහතිකවම අපිත් ඒ මතයේ ඉන්නවා. ඒ විතරක් නෙමෙයි අපි ළඟ මුදල් අරගෙන තමන්ගේ මතය වෙනස් කරගත්ත මන්ත්‍රිවරුන්ගේ නම් තිබෙනවා. ලබාගත් මුදල ගැන අප දන්නවා.
ඉතිං ඒ ගැන රටට කියන්නේ නැත්තේ ඇයි?
අවශ්‍ය වෙලාවට කියන්නම්. පැහැදිලිව ඒ සාක්ෂි අප සතුව තිබෙනවා.
ලොකුම ගාණ කීයද?
කෝටි 4-5වගේ ගණන් ඒ අතර තිබෙනවා. කෝටියක් ගත්ත මන්ත්‍රි කෙනෙක් මට ඒ ගැන කිව්වා. ණය තුරුස් ටිකක් බේරගන්න ඒක උපකාරි වුණා කිව්වා.
කවුද මේ වගේ සල්ලි දෙන්න ඉදිරිපත් වුණ අය. ව්‍යාපාරිකයෝද?
මම දන්නේ නැහැ. නමුත් හොයනවා. සමහර විට බැඳුම්කර කට්ටිය ඉන්නත් පුළුවන්.
ශ්‍රීලනිප පාර්ශ්වය නියෝජනය කරන පිරිසකුත් විශ්වාසභංගය පරදවන්න අනියමාර්ථයෙන් උදවු කළා. ඒ අයත් සල්ලි ගත්තද?
ඒ ගැන කියන්න මම හරියටම දන්නේ නැහැ. හැබැයි අපේ අයට ඇමැතිකම් පිළිබඳ ප්‍රශ්න තිබුණා. මේ විශ්වාසභංගයට උදවු කරලා ඇමැතිකම් දරන්නේ කොහොමද කියලා ඔවුන් ප්‍රශ්න කළා. ඒ වගේම විශ්වාසභංගයේදී අග්‍රාමාත්‍යවරයාට එරෙහිව නැඟුණු චෝදනා සම්බන්ධයෙන් ඔවුන් යහපත් ස්ථාවරයක සිටිනවා. ඒ ඇමැතිවරු මේ මගඩි අනුමත කරන්නේ නැහැ.
ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

එජාපයෙන් 21ක් විශ්වාස භංගය සමග එක්වෙයි.. දෙමල සන්ධානය වලකී.. රනිල්ට එරෙහි විශ්වාස භංගය දිනන සූත්තරේ මෙන්න..



අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිප්ත වී ඇති විශ්වාස භංග යෝජනාව සදහා එක්සත් ජාතික පක්‍ෂයේ මැති ඇමතිවරුන් 21 දෙනෙකු පක්‍ෂව ඡන්දය ලබා දීමට එකග වී ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත‍්‍රීවරුන් 96 දෙනාත් ජවිපෙ මන්ත‍්‍රීන් 06 දෙනාත් විශ්වාස භංගයට පක්‍ෂය ඡුන්දය ලබා දෙන බව දැනටමත් සහතික කර ඇති අතර දෙමන සන්ධානය ඡුන්දය භාවිත නොකර සිටිනු ඇති බවට තහවරු නොකල තොරතුරු ඇතැයිද මන්ත‍්‍රීවරයා කියයි.
විශ්වාස භංගය කතානායකවරයාට බාර දීමෙන් පසු පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.


ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
මෙන්න වැඩ! - ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් අත්සන් ලක්‍ෂ 2 ක පෙත්සමක්‌ සමඟ මානව හිමිකම් සමුළුවට කඩාවදියි

ඉරිදා දිවයින ( කීර්තී වර්ණකුලසූරිය ජිනීවා සිට ) 

ජිනීවා මානව හිමිකම් සමුළුව තවදුරටත් පැවැත්වේ. එහෙත් රජය මෙම සමුළුවේදී ජාත්‍යන්තර ප්‍රජාවට ලබාදෙන ප්‍රතිඥ ජනතාවට හෙළිවන්නේ නැත. මෙය සනාථ වන්නේ මානව හිමිකම් සමුළුවට ඉදිරිපත්වූ කලාන්තරිය විශ්ව සමාලෝචන වාර්තාවයි. මෙම වාර්තාවෙන් දැක්‌වෙන්නේ රටවල් රැසක්‌ම ශ්‍රී ලංකාවට ඉටුකළ යුතු කාර්ය භාරයයි. මේ සතියේ දිනෙක මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කරන ලද එකී සමාලෝචන වාර්තාවේ නිර්දේශ 177 ක්‌ ශ්‍රී ලංකා ආණ්‌ඩුව පිළිගනු ලැබීය. තවත් නිර්දේශ 53 ක්‌ පිළිගැනීමට ක්‍රියාකළේ නැත. එහෙත් ශ්‍රී ලංකා රජය මේ නිර්දේශ 177 පිළිගැනීමට පෙර ජනතාව වෙත එම නිර්දේශ කුමක්‌දැයි අනාවරණය කළේ නැත. රජයේ මාධ්‍ය පවා ඒ ගැන නිහඬ විය. මේ හැර ශ්‍රී ලංකාවේ රජය සිය කැමැත්තෙන්ම ගිවිස ගැනීම් 20 කට එකඟ විය. අද අපි අනාවරණය කරන්නේ ශ්‍රී ලංකාවේ රජය පිළිගත් නිර්දේශයි.

1. සිවිල් යුද්ධය පැවැති සමයේ සිවිල් ජනතාවට එරෙහිව සිදුකළ අපරාධ පරීක්‍ෂණ අවසානයකට ගෙනයන බවට ශපථ කිරීම - (ප්‍රංශ රජය)

2. සන්නද්ධ ගැටුමින් පසු සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය වීම් ගැන පූර්ණ විමර්ශනයක්‌ පැවැත්වීම සහ අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමට සහතික කිරීම (සියරාලියොන් රාජ්‍යය)

3. මානව හිමිකම් උල්ලංඝනය කිරීම සහ අපචාර පිළිබඳව ආරක්‍ෂක හමුදා සහ රාජ්‍ය නිලධාරීන් වගකිවයුතු බව සහතික කිරීම.

මේ නිර්දේශය ඇමරිකානු රජය ඉදිරිපත් කළ අතර ශ්‍රී ලංකා ආණ්‌ඩුව එය පිළිගනු ලැබීය.

එහෙත් ඇමරිකාවේ මෙම නිර්දේශයට ශ්‍රී ලංකාව එකඟ වූ බව මෙරට ජනතාවගෙන් වසන් විය.

ඒ වෙනුවට ජනතාවට ප්‍රචාරය වූයේ රජය මානව හිමිකම් අර්බුදය මුළුමනින්ම අවසන් කළ බවයි.

එසේම ප්‍රංශය ඉදිරිපත් කළ තවත් නිර්දේශයකට අපේ රජය එකහෙළාම එකඟ විය.

ඒ සංක්‍රමණික යුක්‌තිය සඳහා ලබාදුන් ප්‍රතිඥ විශ්වාසයකින්, වින්දිත කේන්ද්‍රිය සහ ජාත්‍යන්තර විශේෂඥයන්ගේ සහය ලබන වගවීමේ යාන්ත්‍රණයක්‌ද ඇතුළුව පසුගියදා ස්‌ථාපිත අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය පූර්ණ ලෙස සක්‍රිය කිරීම සහ ක්‍රියාවට නැංවීමයි.

රජය තවදුරටත් පිළිගත් නිර්දේශ මෙසේය.

4. අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය සක්‍රිය කරමින් සත්‍ය සෙවීමේ කොමිසමක්‌ හානිපූර්ණ කාර්යාලයක්‌ සහ ඊට කැපවූ විශේෂ නීතිවේදියකු සහ වගවීමේ යාන්ත්‍රණයක්‌ද ඇතුළු සම්පූර්ණ සංක්‍රමණීය යුක්‌ති ව්‍යාපෘතියක්‌ ස්‌ථාපිත කිරීම

මේ නිර්දේශය ඉදිරිපත් කළේ සංහිඳියාව ගැන හඬනඟන දකුණු අප්‍රිකාවයි. එහෙත් දකුණු අප්‍රිකාවේ දේශපාලන නායකයකුවූ ජුලියස්‌ ටැලේමා මේ සතියේදී පැවසුවේ තම පක්‍ෂය සුද්දන් කෙරේ තැකීමක්‌ නොකරන බවයි. එවන් වාතාවරණයක්‌ දකුණු අප්‍රිකාවේ පවතින අවස්‌ථාවේ දකුණු අප්‍රිකානු නිර්දේශය පවා රජය පිළිගත්තේය.

ලක්‍ෂ ගණනක්‌ ජනතාව අතුරුදන් කළ ආජන්ටිනාවද ශ්‍රී ලංකාව ඉටුකළ යුතු නිර්දේශයක්‌ ඉදිරිපත් කළේය.

මේ නිර්දේශයේ සඳහන් වූයේ ගැටුම අතරතුර සහ ඉන්පසු සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ වරදකරුවන්ට නඩු පැවරීමත්, ගැටුමට මැදිවූ වින්දිතයන්ට සහන ලබාදිය යුතු බවයි.

ශ්‍රී ලංකා රජය එම නිර්දේශයද පිළිගනු ලැබීය.

පීරු සහ එස්‌ටෝනියාව යන රටවල් ශ්‍රී ලංකාවේ රජය ත්‍රස්‌ත මර්දන පනත කෙටුම්පත් කළ යුතු අන්දම ගැනද නිර්දේශයක්‌ ඉදිරිපත් කරමින් එම පනත ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුව සකස්‌විය යුතු බව දන්වා ඇත.

ශ්‍රී ලංකාව සම්බන්ධව නිර්දේශ 345 ක්‌ මෙම සමාලෝචන වාර්තාවට ඇතුළත්වී තිබුණි.

මෙහිදී ඔස්‌ටි්‍රයාව, ස්‌ලොවකියාව, තිමෝරය, එස්‌ටෝනියාව, ගෝතමාලාව සහ ලැට්‌වියාව යන රටවල් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අධිකරණයට අදාළ රෝම සම්මුතිය අත්සන් කළ යුතුයි යන නිර්දේශය ඉදිරිපත් කළ නමුත් රජය ඊට එකඟ වූයේ නැත.

එසේම කොටි යුද අපරාධකරුවන්ට රැකවරණ ලබාදෙන කැනඩාව විසින් ශ්‍රී ලංකාව විදේශ විනිසුරුවන් සහිත හයිබ්‍රිඩ් අධිකරණයක්‌ ස්‌ථාපිත කළ යුතුයෑයි නිර්දේශ කර තිබුණි.

මෙම සමාලෝචන වාර්තාවේදී ශ්‍රී ලංකා රජය ස්‌වෙච්ඡාවෙන් ගිවිස ගත් 119 යටතේ සඳහන් කරුණු නම් බලය විමධ්‍යගත කිරීමට අදාළ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා ප්‍රතිසංස්‌කරණය ක්‍රියාවලිය.

එහෙත් රජය ඊට එකඟවූවත් ජනතාවගේ එකඟත්වය සඳහා එය ඉදිරිපත් කර තිබුණේ නැත.

මේහැර ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක හමුදා නිලධාරීන් විදේශගත සාම හමුදා ක්‍රියාදාමයකට යොමුකිරීමට පෙර ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමසාරිස්‌ගේ මෙහෙයවීමෙන් යුත් නිරීක්‍ෂණ ක්‍රියාදාමයකට ලක්‌කිරීමටද ශ්‍රී ලංකාව එකඟ වී ඇත.

කොටි යුද අපරාධකරුවන් රැසකට දේශපාලන රැකවරණ ලබාදී ඇති ස්‌විට්‌සර්ලන්ත රජයද මෙරට ආරක්‍ෂක ක්‍ෂේත්‍රය ප්‍රතිසංස්‌කරණයකට ලක්‌කළ යුතු යයි නිර්දේශයක්‌ ඉදිරිපත් කර තිබුණි.

මෙලෙස රටවල් රැසක්‌ ශ්‍රී ලංකාව ඉටුකළ යුතු නිර්දේශ ඉදිරිපත් කළත් එම නිර්දේශවල සැබෑ යෝජකයන් රාජ්‍ය නොවන සංවිධානයි.

ඉහළ පෙළේ ආරංචි මාර්ග දක්‌වන්නේ මෙරට එන්.ජී.ඕ හෙවත් රාජ්‍ය නොවන සංවිධාන 380 කට ලැබී ඇති මුදල රුපියල් බිලියන 36 ක්‌ වේ. එහෙත් මේ අතිවිශාල මුදල වැයකළේ කුමන කාර්යයක්‌ සඳහාදැයි පසුගිය රජය සහ වත්මන් රජයද විමර්ශනය කර නැත.

මේ අතර ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී හිටපු එක්‌සත් ජාතීන්ගේ තානාපති ස්‌ටීවන් රැප් සහ කොටි හිතවාදීන් සාකච්ඡා කරන අයුරු අපට දැකගැනීමට ලැබුණි. මින් තහවුරු වූයේ ශ්‍රී ලංකාවට එල්ලවූ බොරු යුධ අපරාධ චෝදනායි. මේ චෝදනා මුලින්ම එල්ලවූයේ ස්‌ටීවන් රැප්ගෙනි.

එහෙත් ස්‌ටීවන් රැප් අද කොටි හිතවාදීන් සමඟ එක්‌වී ඇත. එසේ වූවත් රජය රැප්ගේ මේ දෙබිඩි රංගනය අවධානයට ලක්‌කර නැත. යුද අපරාධ පිළිබඳ විමර්ශන කිරීමේ එක්‌සත් ජාතීන්ගේ තානාපතියා කොටි ඩයස්‌පෝරාව සමඟ එක්‌වූයේ නම් හිටපු මානව හිමිකම් කොමසාරිස්‌ නවිපිල්ලේ සහ වත්මන් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් මුදලට ගැනීමට කොටි ඩයස්‌පෝරාව ක්‍රියානොකරනු ඇතැයි කිවහැකිද?

මේ තත්ත්වය මත ගෝලීය ශ්‍රී ලංකා සංසදය කොටි ඩයස්‌පෝරා සංවිධාන 17 ක්‌ හමුවේ ප්‍රතිචාර දැක්‌වීම සඳහා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණ ඇත.

ඒ සඳහා මැදපෙරදිග සිට ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ සභාපති සුනිල් චන්ද්‍රකුමාර ලේකම් යසස්‌ ධර්මදාස, විධායක අධ්‍යක්‍ෂ ශාමෙන්ද්‍ර වික්‍රමාරච්චි සහ මාධ්‍ය සම්බන්ධීකාරක ජනිත් ඉෂාර, බ්‍රිතාන්‍යයේ සිට ලේකම් ජයරා- පලිහවඩන, සභාපති ප්‍රශාන්ත ජයමාන්න, ස්‌විට්‌සර්ලන්තයේ එරික්‌ මාකවිට, කුවේටයේ මේරි විලියම්ස්‌ සහ ශ්‍රී ලංකාවේ සිට රියර් අද්මිරාල් සරත් වීරසේකරද, දර්ශන වීරසේකරද ජිනීවා නුවරට පැමිණ ඇත.

එසේම ඉතාලියේ මව්බිම වෙනුවෙන් අපි සංවිධානයේ ප්‍රධානි රොශාන් ජයමාන්නද කොටි ඩයස්‌පෝරාවට ප්‍රතිචාර දැක්‌වීමට සම්බන්ධ වී සිටී.

මේහැර ඉතාලියේ මෝදනා නගරයේ සිට ගෝලීය ශ්‍රී ලංකා සංසදය වෙනුවෙන් වසන්ත කීර්තිරත්න ඇතුළු කණ්‌ඩායමත් මෙම මාර්තු 21 දා ජිනීවා මානව හිsමිකම් කවුන්සිලය ඉදිරියේ උද්ඝෝෂණයක්‌ පැවැත්වීමටද සැලසුම්කර ඇත.

මේ නිසා වසර ගණනාවක්‌ මානව හිමිකම් කවුන්සිලය තුළ කොටි ඩයස්‌පෝරාව මෙන්ම 1971 කැරැල්ලේ ක්‍රියාකාරිකයකුවූ රංජිත් හෙවත් සුනන්ද දේශප්‍රිය නමැත්තා ගෙනගිය පාලුගෙයි වළං බිඳීමද බිඳ වැටේ.

මේ පසුබිම මැද කොටි ඩයස්‌පෝරාව විසින් තවත් හමුදා නිලධාරීන් අටදෙනකුගේ නම් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර ඇත.

සංවිධාන 14 ක්‌ විසින් යුද අපරාධකරුවන් බවට නම්කර ඇති මේ හමුදා නිලධාරීන් ලුතිනන් කර්නල් සී. ඒ. රාජපක්‍ෂ, දිනේෂ් උදලාගම, ජී. සී. කොඩිතුවක්‌කු, මේජර් වසන්ත හේවගේ, ලුතිනන් කර්නල් රන්දුල හමන්ගොඩ, බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු, ලුතිනන් කර්නල් සිසිර හේරත් බව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් අනාවරණය විය.

මේ හමුදා නිලධාරීන්ට එරෙහිව බොරු චෝදනා ඉදිරිපත් කර ඇති සංවිධාන ගැනද අපි සොයාගත්තෙමු. ඒ සෑම වසරකම ජිනීවා පැමිණෙන හිටපු කොටි කණ්‌ඩායමයි.

මේ හොර සංවිධානවලින් රැසක්‌ ප්‍රංශයේ සිට ක්‍රියාත්මක වේ. භාරති සංස්‌කෘතික සංවිධානය, ඒ. බී. සී. තමිල් ඔලි, ටැමිල්ස්‌ ඉන් ප්‍රාන්ස්‌, මොරිටානියා සංවිධානය, ඇප්‍රිකා සහයෝගිතා සංවිධානය, ලේ පොන්ට්‌, ටැමිල් උයගම්, ටර්ගර් ලා පේෂ් නමින් හඳුන්වන මෙම තක්‌කඩි සංවිධානවලට ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දොර විවෘත වී ඇත.

මේ ඇතැම් සංවිධාන කොටි ඩයස්‌පෝරාව විසින් මුදල් ගෙවා ලබාගෙන තිබේ.

මෙම සංවිධාන විසින් ලුතිනන් කර්නල් හේවගේට එරෙහිව මානව හිමිකම් කවුන්සිලය වෙත පැමිණිලි කර තිබුණේ ඔහු ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට සහය දක්‌වමින් ෆේස්‌බුක්‌ අඩවියේ සටහනක්‌ තබා ඇති බවය.

එහෙත් ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ශ්‍රී ලංකාවේ සිට සහ රාජ්‍ය නියෝජිත කණ්‌ඩායම් සහ වෙනත් පාර්ශව සමුළුව පසුබිමේ සිදුවන දේ නොදනී. මේ තත්ත්වය මැද ද්‍රවිඩ ජනතා ජාතික පක්‍ෂයේ නායක ගඡේන්ද්‍රකුමාර් පොන්නම්බලම් අත්සන් දෙලක්‍ෂයක පෙත්සමක්‌ රැගෙන ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත පැමිණියේය. ඔහු එම පෙත්සම මානව හිමිකම් බලධාරීන්ට භාරදෙමින් පැවසුවේ උතුරු නැගෙනහිර ජනතාව ඊට අත්සන් කළ බවයි. මේ පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ ශ්‍රී ලංකාව එක්‌සත් ජාතීන්ගේ ආරක්‍ෂක කණ්‌ඩායමට යොමුකරන ලෙසයි. එහෙත් ශ්‍රී ලංකාව එක්‌සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්‌ඩලයට යොමුකළ හැකිද?

ගඡේන්ද්‍රකුමාර්ට සිය පෙත්සම සාර්ථක කර ගැනීමට නොහැකිවන්නේ රුසියාව සහ චීනය සිය නිෂේධ බලය යොදවා එම පෙත්සම ඇතුලත් යෝජනාව නිෂ්ප්‍රභකිරීමට ක්‍රියාකරන නිසාය.

එසේවූවත් ගජෙන්ද්‍රකුමාර්ලා නටන මේ නාඩගම රාජෙද්‍රdaහි ක්‍රියාවක්‌ ලෙස යහපාලන රජය සිතන්නේ නැත. එම අත්සන් දෙලක්‍ෂයේ පෙත්සම ගැනද රජය නිහඬව සිටියේය.

මේ අතර පසුගිය සඳුදා (12දා) ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ශාලාවකදී රටින් පිටත ඊලම් ආණ්‌ඩුව නැමැති කොටි හිතවාදී සංවිධානය සහ තමිල්නාඩුවේ පසුමායි නායගම් පදනම සංවිධානය එක්‌වී ශ්‍රී ලංකාවේ හමුදාව විශාල ලෙස ම්ලේච්ඡ අපරාධ සිදුකර ඇති බවත් ඊට එරෙහිව ජාත්‍යන්තර ප්‍රජාව නිසි පියවර ගෙන නැතැයිද කියමින් සමාන්තර රැස්‌වීමක්‌ පවත්වනු ලැබීය.

 රැස්‌වීම සඳහා කොටි ඩයස්‌පෝරාව විසින් විශාල මුදලක්‌ ගෙවා යුද අපරාධ පිළිබඳ සෙවීමේ යෙදුනු එක්‌සත්ජාතීන්ගේ හිටපු තානාපති ස්‌ටීවන් රැප් ගෙන්වා තිබුණි. රටින් පිටත ඊලම් ආණ්‌ඩුවේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ඇමැති මානික්‌කවාසගර් නැමැත්තා මේ රැස්‌වීම මෙහෙයවූ අතර ඊට නීතිවේදියකුවූ රොබට්‌ රොජර්ස්‌ද සහභාගිවිය.

මෙයට පෙර රටින් පිටත ඊලම් ආණ්‌ඩුව නමැති සංවිධානය රොබට්‌ රොජර්ස්‌ගේ මෙහෙයවීමෙන් මැප් (Map) නමින් කණ්‌ඩායමක්‌ පිහිටුවා ශ්‍රී ලංකාව යුද අපරාධ සිදුකර ඇති බව පවසමින් මානව හිමිකම් කවුන්සිලය වෙත වාර්තාවක්‌ ඉදිරිපත් කරනු ලැබීය.

මෙලෙස කොටි ඩයස්‌පෝරාව ශ්‍රී ලංකාවේ හමුදා යුද අපරාධකරුවන් කිරීමට සෑම උත්සාහයක්‌ම ගනිද්දී අපේ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ජිනීවාහි නිත්‍ය නියෝජිත කාර්යාලය අන්ධයන් මෙන් ක්‍රියාකරති. ජිනීවා නිත්‍ය නියෝජිත කාර්යාලයේ එකම රාජකාරිය නම් නිලධාරිනියක්‌ එවා කොටි ඩයස්‌පෝරාවේ කතා සමනය කරගැනීමයි. එසේම තවත් නිලධාරියෙකුගේ රාජකාරිය වූයේ ඊලම්වාදීන් වෙත ගොස්‌ ඔවුන්ගේ කතාවල පිටපත් ලබාගැනීමයි. වතු අධිකාරිවරයකුවූ මේ නිලධාරියා මහනුවර දේශපාලනඥයකුගේ සමීපතම ඥතියෙකි. ඕනෑම ගොනෙකුට යුද්ධ කළ හැකි බව පැවසුවේ මොහුයි.

මේ නිසා ඩයස්‌පෝරා ක්‍රියාකාරීන් මානව හිමිකම් කවුන්සිලය තුළ පිනුම් ගැසීම පුදුමයක්‌ නොවේ.

එසේම ශ්‍රී ලංකාවට එරෙහිව සමාන්තර රැස්‌වීම් පවත්වන පසුමායි නායගම් යනු ඩයස්‌පෝරා සංවිධානයක්‌ නොව තමිල්නාඩුවේ චෙන්නායි නුවර පාරිසරික සංවිධානයකි. මේ සංවිධානය ගැන අපි මානව හිමිකම් කවුන්සිලයෙන් සිදුකල විමර්ශනයේදී හෙළිවූයේ එය පිහිටුවා ඇත්තේ කොටි හිතවාදියකුවූ රායි ෙද්‍රdප් නමැත්තායි.

ඔහු මේ සංවිධානය දුප්පත්කම දුරුකිරීම සහ පාරිසරික ප්‍රශ්න ගැන කතා කිරීම සඳහා එක්‌සත් ජාතීන්ගේ සංවිධානය තුළ ලියාපදිංචි වී ඇතත් මානව හිමිකම් සමුළුව ඉදිරියේ හඬ නඟන්නේ ශ්‍රී ලංකාවට එරෙහිවය.

මේ සතියේ දිනෙක උසුමායි නායගම් සංවිධානය වෙනුවෙන් ලීලාදේවි නමැත්තිය ශ්‍රී ලංකාවට එරෙහිව හඬනඟන අයුරු අපි බලාසිටියෙමු. ප්‍රංශයේ සිට ක්‍රියාත්මක වන ඊලම් සංවිධාන විසින් සකස්‌කළ ප්‍රකාශයක්‌ ලිලාදේවි වෙත ලබාදෙන අයුරු අපි සියෑසින් දුටුවෙමු. මේ සාවද්‍ය ප්‍රකාශ මානව හිමිකම් සමුළුව ඉදිරියේ කියවීම සඳහා තමිල්නාඩුවේ සිට ද්‍රවිඩ නායිකාවන් පිරිසක්‌ද ජිනීවා පැමිණ ඇත. ඔවුන් මානව හිමිකම් සමුළුව තුළ රඟපෑමක යෙදෙන්නේ ශ්‍රී ලංකාවේ උතුරේ කාන්තාවන් ලෙසිනි. එහෙත් සැබැවින්ම එම කාන්තාවන් චෙන්නායි නුවර සිට කුලියට ගෙන ආ පිරිසකි.

එසේවුවත් තමිල්නාඩුවේ පාරිසරික සංවිධානයක්‌ ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කරන්නේ කෙසේදැයි ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු බලධාරීන් ජිනීවා මානව හිමිකම් කොමසාරිස්‌ගෙන් විමසීමට ක්‍රියාකළේ නැත.

මේ හැර ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තාවක්‌ සකස්‌කළ යුද අපරාධ පිළිබඳ සෙවීමේ හිටපු තානාපති ස්‌ටීවන් රැප් කෙරේ විශ්වාසය තැබිය නොහැකි බවද ශ්‍රී ලංකාව එක්‌සත්ජාතීන්ගේ මහලේකම් ගුටාරෙස්‌ට පැමිණිලි කිරීමටද ඉදිරිපත් වී නොමැත.

මේ තත්ත්වය මත ගෝලීය ශ්‍රී ලංකා සංසදය පසුමායි නායගම් සංවිධානයේ ලිලාදේවි නමැත්තියට දැඩි ප්‍රතිචාරයක්‌ දක්‌වමින් ඇය සාවද්‍ය ප්‍රකාශයක්‌ කළ බව කියා සිටියේය. ගෝලීය ශ්‍රී ලංකා සංසදය වෙනුවෙන් රොශාන් වීරසූරිය එම ප්‍රතිචාරය දක්‌වනු ලැබීය.

මෙවන් පසුබිම මැද ශ්‍රී ලංකාවට එරෙහිව එල්ලකරන සාවද්‍ය ප්‍රචාර වලට නිසි ප්‍රතිචාර දැක්‌වීමට යහපාලන රජයේ කිසිවෙක්‌ නොසිටියදී සමස්‌ත දේශප්‍රේමීන් වෙනුවෙන් ගෝලීය ශ්‍රී ලංකා සංසදය කොටි ඩයස්‌පෝරාවේ ජිනීවාහි කොටි ඒකාධිකාරය බිඳ දැමුවේය.

ඒ කොටි සිදුකළ බිහිසුණු යුද අපරාධ ඇතුළත් ඡායාරූප ප්‍රදර්ශනයක්‌ මාර්තු 21 දා මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ ඇති කකුල් තුනේ පුටුව අසල පැවැත්වීමයි.

ගතවූ වර්ෂ කීපය තුළ කොටි ඩයස්‌පෝරාව ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදුකළ බව දක්‌වමින් සෑම මාර්තු මසකම මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ ඡායාරූප ප්‍රදර්ශනයක්‌ පවත්වනු ලැබීය.

එහිදී හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ, වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ, හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ගේ ඡායාරූපද ප්‍රදර්ශනය කරමින් ඔවුන් යුද අපරාධකරුවන් ලෙස නම්කර තිබුණි.

එහෙත් ජිනීවා ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය ඊට එරෙහිව ස්‌විස්‌ බලධාරීන්ට කිසිදු පැමිණිල්ලක්‌ කිරීමට ක්‍රියාකළේ නැත.

මේ නිසා කොටි සිදුකළ යුද අපරාධ පිළිබඳ ස්‌විස්‌ ජනතාව සහ කකුල් තුනේ පුටුව අසල සැරිසරන සංචාරකයන්ගේ අවධානය උදෙසා මේ ඡායාරූප ප්‍රදර්ශනය පැවැත්වේ. එහිදී කොටුව මහ බැංකු බෝම්බය, කැබිතිගොල්ලෑව බස්‌ රථ බෝම්බය, මායිම් ගම්මානවලදී ළදරුවන් ම්ලේච්ඡ ලෙස ඝාතනය කිරීම, අරන්තලාව භික්‍ෂු ඝාතනය ඇතුළු යුද අපරාධ රැසක්‌ පිළිබිඹු කෙරෙන ඡායාරූප ප්‍රදර්ශනය කෙරේ.

මේ අතර ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ අතුරුදන්වූවන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය කරමින් රඟපෑමක යෙදුනේ අතුරුදන්වූ දරුවන්ගේ මවුවරුන්ද? 2009 සිට ජිනීවා නොපැමිණි මොවුන් එකවරම 2018 මාර්තු මස ජිනීවා පැමිණීම අබිරහසක්‌ නොවේද? මේ මවුවරු සිව්දෙනා කවුදැයි මෙතෙක්‌ හෙළිවී නැත.



ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

මහින්ද මුදල් වෙන්කර තිබුනත් කුළුන හැදුවේ බාගෙටයි.. සම්පූර්ණ කලේ අපයි.. කොළ පාටින් පෙති දැල්වූවාට අවුලක් නෑ..- එජාපය කියයි..



කොළඹ නගර මධ්‍යයේ ඉදිවන නෙලුම් කුළුණ පසුගිය රජය විසින් විශාල මුදලක වැය කර ඉදිකර තිබුනේ බාගෙට බවත් වත්මන් රජයට එහි ඉතිරි කොටස් සම්පූර්න කිරීමට සිදු වූ බවත් එක්සත්ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.
කෙසේ වෙතත් එය අනුන්ගේ දරුවන්ට උප්පැන්න දීමක් නොවන බවද ඔහු සදහන් කරයි.
නෙළුම් කුළුණ කොළ පාටින් ආලෝකවත් කරන්නේ එය කෘත්‍රිම නෙළුම් මලක් නිසා බවත් එය කුමන වර්ණයකින් ආලෝකවත් කළත් ගැටලුවක් නැති බවත් ඔහු කීය.
කොළ පැහැය රාත‍්‍රි කාලයේදී ඈතටම පෙනෙන වර්ණය නිසා නෙළුම් මලේ පෙති කොළ පාටින් වර්ණ ගැන්වුවද ගැටළුවක් නැතැයිද ඔහු කියයි.




ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
මුදල් ඇමතිගේ අයවැය පුරාජේරුවේ හුලං බහී.. ශ‍්‍රී ලංකාව ව්‍යාපාර ඇරඹීමට නුසුදුසු ලයිස්තුවේ ඉදිරියට..


ලෝක බැංකුව විසින් වාර්ෂිකව ප්‍රකාශයට පත් කරනු ලබන Doing Business index දර්ශකයේ නවතම සංස්කරණය වන “Doing Business 2018″ නොබෝදා එළි දක්වා ඇත.
රටවල් 190 ක් ඇසුරින් සිදුකර ඇති මෙම වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාව 111 වැනි ස්ථානයට පත්ව තිබේ. ඒ පසුගිය වසරේ ශ්‍රී ලංකාව සිටි 110 වැනි ස්ථානයෙහි සිට එක් ස්ථානයක් පසුපසට යමිනි.
කෙසේ වෙතත් පසුගිය වසරේ දී හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක විසින් සිදුකරනු ලැබූ අයවැය කතාවේ දී ප්‍රකාශ වූයේ 2015 වසරේ දී ව්‍යාපාර ආරම්භ කිරීමට පහසු කිරීමේ දර්ශකයේ 110 වන ස්ථානයේ සිටින ශ්‍රී ලංකාව, 2018 වසර වන විට මෙම දර්ශකයේ ඉහළම රටවල් 70 අතරට පැමිණීමට අළුශය ක්‍රියාමාර්ග හා ක්‍රමෝපායන් රජය විසින් ගනු ලබන බවයි.
එහෙත් සිදුව ඇත්තේ සිටිය තැනින් ද තවත් පියවරක් පසුපසට යාමයි. මෙම වර්ගීකරණය සිදුකිරීමේ දී ව්‍යාපාරයක ජීව කාලයට බලපානු ලබන අංශ 11 ක් කෙරෙහි අවධානය යොමුකරනු ලබයි.
දකුණු ආසියාතික කලාපය සැලකීමේ දී මෙම දර්ශකයේ දැවැන්ත පියවරක් ඉදිරියට තැබීමට ඉන්දියාව සමත් වී සිටී. ඒ 130 සිට 100 වැනි ස්ථානය දක්වා ඉදිරියට යමිනි.
එසේම ඉන්දියාවට අමතරව මෙම දර්ශකයේ ශ්‍රී ලංකාවට ඉදිරියෙන් සිටීමට භූතානය (75) හා නේපාලය (105) සමත්ව ඇත. එමෙන්ම මෙම වර්ගීකරණයේ ශ්‍රී ලංකාවට පසුපසින් සිටින රටවල් ලෙසින් මාලදිවයින (136), පකිස්තානය (147), බංග්ලාදේශය (177) හා ඇෆ්ගනිස්ථානය (183) දැක්විය හැකිය.

ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න


ශ‍්‍රී ලංකාව පීචංම ක‍්‍රිකට් කණ්ඩායමක් වෙයි.. ඉදිරියේදී අයර්ලන්ත, ඇෆ්ගනිස්ථාන, බංග්ලාදේශ, සිම්බාවේ තරග පමණයි…

මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ දරුණු කඩාවැටීමක් තිබෙන බවත්, හැකි ඉක්මනින් ඒ සඳහා පිළියම් ලබානොදුනහොත් ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ඉතිරි වන්නේ බංග්ලාදේශය, සිම්බාබ්වේ, අයර්ලන්තය සහ ඇෆ්ගනිස්තානය පමණක් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු ලේකම් නිශාන්ත රණතුංග මහතා සඳහන් කර සිටියේය.

ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමතිවරයාගේ මෙන්ම ශ්‍රී ලංකා රජයේද අවධානය හැකි ඉක්මනින් යොමුවිය යුතු බවයි.

“ජාත්‍යන්තර ක්‍රිකට් දිහා බලපුවාම අපි හිටපු හොඳම කණ්ඩායමක්. අපි පාලනය කරපු කාලේ අංශ තුනෙන්ම ශ්‍රේණිගත කිරීම්වල මුල් ස්ථාන තුනේ ශ්‍රී ලංකා කණ්ඩායම හිටියා. එක්දින තරග රටාවේ අපි දෙවැනි ස්ථානයේ හිටියා, ටෙස්ට් තරග රටාවේ අපි දෙවැනි සහ තුන්වැනි ස්ථානවල හිටියා, පන්දුවාර විස්සයි20 තරග රටාවේ අපි පළමු ස්ථානයේ රැඳී සිටියා අවුරුදු තුනක් පමණ. එහෙම හිටපු රටක් තමයි අපි.

එවැනි ශ්‍රේණිගත කිරීම්වල උඩින්ම ඉන්නකොට අපේ රටේ ක්‍රිකට්වලට තියෙන ඉල්ලුම වැඩියි. රූපවාහිනි ආයතනවලින් මෙන්ම අනිකුත් ක්‍රිකට් පාලක මණ්ඩලවලින් අපට ලොකු පිළිගැනීමක් තිබුණා. නමුත් දැන් මේ යන විදිහට ඒ පිළිගැනීම, ඉල්ලුම අඩු වෙනවා. ඒ නිසා ඉදිරියේදී අපට ජාත්‍යන්තර තරග ලැබේවිදෝ කියලා සැකයක් ඇති වෙනවා. ඒ නිසා තමයි මම කියන්නේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ දරුණු කඩාවැටීමක් තියෙනවා කියලා.

මම ලේකම්වරයා ලෙස සිටි කාලයේදී, 2012 සිට 2020 දක්වා අනාගත තරග සංචාර (ෆියුචර් ටුවර් ප්‍රෝග්‍රෑම් (එෆ්.ටී.පී)) අත්සන් කළා. අවුරුදු 8කට තමයි සාමාන්‍යයෙන් එෆ්.ටී.පී. එකක් අත්සන් කරන්නේ. ඒ කාලේ ඔස්ට්‍රේලියාව, එංගලන්තය, ඉන්දියාව,
ද.අප්‍රිකාව සහ පාකිස්තානය වැනි ගොඩක් රටවල් අපට තරග සංචාර දුන්නා. නමුත් අපේ දක්ෂතා අඩුවෙනකොට ඊළඟ එෆ්.ටී.පී. එකේදී (2020 සිට 2024 හෝ 2028 දක්වා) අපට ලැබෙන තරග සංචාර අඩු වෙන්න පුළුවන්.

අපේ රටේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන් ටිකෙන් ටික ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඈත් වෙමින් ඉන්නවා. විදෙස් රටවල ප්‍රේක්ෂකයන් දැන් අපේ රටේ ක්‍රිකට්වලට ආදරේ නැහැ. අපේ දක්ෂතා හොඳ නැති නිසා විදෙස් ක්‍රිකට් පාලක මණ්ඩල (විදෙස් ප්‍රේක්ෂකයන් අඩු නිසා) තරග සංචාර ලබාදෙන්න වැඩි කැමැත්තක් නැහැ. මේ හේතු නිසා ඉදිරියේදී අපට හොඳ රටවලින් තරග සංචාර නොලැබෙන්න පුළුවන්. එහෙම වුණොත් අපේ ක්‍රිකට්වල වටිනාකම අඩුවෙනවා. ඒ වගේ දෙයක් සිද්ධ වුණොත් අපට අපේ ක්‍රිකට් දියුණු කරගන්න තව තවත් අපහසු වෙන්න පුළුවන්.

ඒ වගේම තමයි අයර්ලන්තය සහ ඇෆ්ගනිස්තානය ජාත්‍යන්තර තරග සඳහා ඇවිත් තියෙනවා. ජාත්‍යන්තර පන්දුවාර විස්සයි20 තරග තියෙනවා, අයි.පී.එල්. තරගාවලිය තියෙනවා, ඒ ඒ රටවල් සංවිධානය කරන ක්‍රීඩා සමාජ තරගාවලි තියෙනවා. නමුත් කැලැන්ඩර් එකේ තියෙන්නේ දින 365යි. ඒ නිසා ඉස්සර ක්‍රීඩා කළාට වඩා තරග ප්‍රමාණයක් අඩුවෙනවා. ඉතින් මේ සියල්ලම සලකා බලා, අපේ දක්ෂතා අඩුවුණාම, අපේ ජනප්‍රියත්වය අඩුවුණාම අපට ලැබෙන තරග සංචාර අඩු වෙනවා. ඉතින් මට කියන්නේ තියෙන්නේ මේ විදිහට ගියොත් අපේ ක්‍රිකට් ක්‍රීඩාව තව තවත් අගාධයට ගමන් කරනවා කියලයි.



මේක ක්‍රීඩා ඇමතිතුමාගේ අවධානය යොමුවිය යුතු කරුණක්, ඒ වගේම රජයේ අවධානය යොමුවිය යුතු කරුණක්. යම් විදිහකින් විදෙස් රටවලින් අපට ලැබෙන තරග සංචාර අඩු වුණොත් ඉදිරියේදී අපට ක්‍රිකට් ගහන්න වෙන්නේ සිම්බාබ්වේ, බංග්ලාදේශය, ඇෆ්ගනිස්ථානය සහ අයර්ලන්තය වගේ රටවල් එක්ක විතරයි. එහෙම වුණොත් අපට තරග විකාශන අයිතිය ලබාදීම තුළින් ලැබෙන මුදල් ප්‍රමාණය අඩු වෙනවා, අනුග්‍රාහකයන් අඩු වෙනවා. අපේ ක්‍රිකට් ක්‍රීඩාව දියාරුවී යනවා. එවැනි බරපතළ තත්ත්වයක් තියෙනවා.” යැයි හිටපු ක්‍රිකට් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

– ada.lk

ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
මත්තල විකුණා යුද නැවක් ගන්නේ උතුරු කොරියාව සමග යුද්දයකට සූදානම් වෙන්නයි..
..
ආණව කිසි දෙයක් විකුන්නෙ නැනැයි කියුවද ජාතික සම්පත් අවුරුදු 99 ට බදු දෙමින් සිටින බවත් විකිණීම හා එය අතර කිසි වෙනසක් නැති බවත් ආචාර්ය නාලක ගොඩහේවා මහතා පෙන්වා දෙයි.

ඔහු මෙම අදහස් පල කලේ මහරගමදී පැවති වියත්මහ සංවිධානයේ සම්මන්ත්‍රණයකදීය.

ඒ මහතා එහිදී මෙසේද කීය.

‘මේ ආන්ඩුව කියනවා අපි කිසි දෙයක් විකුන්නෙ නැහැ කියල. හැබයි ජාතික සම්පත් අවුරුදු 99 ට බදු දෙනවා. මොකද්ද වෙනස. අවුරුදු 99ට බදු දීල ආපහු ගත්ත සම්පතක් ඔබ අහල තියනවද ?

හම්බන්තොට වරාය 99කට බදු දෙන්නේ ඩොලර් මිලියන් 1120කට. මේ ණය ගෙවන්න අවුරුදු 27 ක් තියනවා. ඉන් ඩොලර් මිලියන් 500 දැනටමත් ගෙවල ඉවරයි. තාම ඉවර අවුරුදු 5 යි.ඉතින් මොකද්ද ඉතුරු ටික ගෙවන්න තියන අමාරුව ? කාවද මේ රවට්ටන්නේ ?

මත්තල ගුවන්තොටුපල හදන්න ගියේ රුපියල් බිලියන 27 යි. දැන් ඒක විකුනල රුපියල් බිලියන 24 කට යුධ නැවක් ගන්න යනවලු. මොකටද ? උතුරු කොරියාව යුද්ධ ප්‍රකාශ කරයි කියල බයටද ?

මේ තරම් මේ රටේ ප්‍රශ්ණ තියෙද්දි ආන්ඩුව කරන්නේ පලිගන්න එක විතරයි. රජයේ වැරදි පෙන්නා දුන්නොත් දඩුවම් දෙනවා. රූපවාහිනියෙන්ම මඩ ගහනවා. මම ඉල්ලා සිටිනවා මේ රජය පරදා අනාගතයේ බලයට එන රජයකට මේ ආන්ඩුව කරන කැත වැඩ කරන්න එපා කියල.

බන්ඩාරණයක මහත්තයට වෙඩි වැදුන වෙලේ එතුමා කිව්වේ මට වෙඩි තිබ්බ මෝඩයට අනුකම්පා කරන්න කියල. ඉතින් අනාගතයේ බලයට එන රජයකටත් මම කියන්නේ මේ මොඩයන්ට අනුකම්පා කරන්න කියලයි මේක බෞද්ධ රටක්.

ඒ නිසා අපි අනාගතයේදී වත් මේ වෛරී දේශපාලනයට තිත තියමු. එකිනෙකා දිහා අනුකම්පාවෙන් බලන, එකිනෙකාට උදව් කරන, කුහකකම වෛරය ක්‍රෝධය පිටුදැකපු, රටට ප්‍රයෝජනවත් මිනිසුන් සිටින සමාජයක් ගොඩ නගමු’

– චාමින්ද කරුනාරත්න

ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
අත හාන්සියි.. ශ‍්‍රීලනිප පුංචි මන්ත‍්‍රීන් 94%ක් පොහොට්ටුවෙන් නාමයෝජනා ඉල්ලයි.. නෙළුම් කාර්යාලය පිරී ඉතිරේ..

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ හිටපු පළාත් පාලන නියෝජිතයන් ඉතා විශාල බහුතරයක් එළැඹෙන පළාත් පාලන මැතිවරණය සදහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නාමයෝජනා අයදුම් කර ඇත. නගරාධිපතිවරුන්, උප නගරාධිපතිවරුන්, ප‍්‍රාදේශීය සභාපතිවරුන් සහ උප සභාපතිවරුන්ගෙන් අතිබහුතරයක් ඒ අතර සිටී.

දිවයිනේ සමස්ත පළාත් පාලන ආයතන ප‍්‍රමාණය 334 කි. එම ආයතන සදහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සංධානය නියෝජනය කරමින් මන්ත‍්‍රීවරු 2332 දෙනෙකු පසුගිය නිල කාලය සදහා තේරීපත් වී තිබුණි. ඒ අතරින් 2167 දෙනෙකු පමණ මේ වනවිට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙත සිය අපේක්ෂක අයදුම් පත් බාර දී ඇත. එම සංඛ්‍යාව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සංධානය නියෝජනය කළ මන්ත‍්‍රීවරුන්ගෙන් 94% ඉක්මවූ ප‍්‍රතිශතයකි.

මේ අතර දුරබැහැර ප‍්‍රදේශවල සිට අය`දුම් පත් යොමු කරන්නන්ගේ ඉල්ලීමකට ප‍්‍රතිචාර දැක්වීමක් ලෙස අය`දුම් පත් බාර ගන්නා අවසාන දිනය ඔක්තෝබර් 31 වන දා දක්වා දීර්ඝ කිරීමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කළේය.

ඒ අනුව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පළාත් පාලන මැතිවරණ අපේක්ෂකත්වය ලබා ගැනීම සදහා සම්පූර්ණ කරන ලද අයදුම්පතක් 1316, නෙඵම් මාවත, ජයන්තිපුර, බත්තරමුල්ල යන ලිපිනයට (ලියාපදිංචි තැපෑලෙන්) යොමු කළ හැක. එම ලිපිනයෙහි පිහිටි පක්ෂ මූලස්ථානය වෙත පැමිණීමෙන් හෝ 0112866010 යන දුරකතන අංකය ඇමතීමෙන් වැඩිදුර තොරතුරු ලබා ගත හැක.

– සංජීව එදිරිමාන්න

ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network