Showing posts with label Srilankapolitics. Show all posts
දෙමල සන්ධානය තහනම් කරනු.. ගෝටාගේ පුතාට ඇමරිකාවේ කුලියට ගත් නිවසේ ඇත්ත කතාව



පිවිතුරු හෙල උරුමය මූලස්ථනයේදී පැවති මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

දෙමළ ජාතික සංධානය තහනම් කරනු

පසුගිය සතියේ දී පාර්ලිමේන්තුව අමතමින් ලංකා ඉතිහාසයේ බිහි වූ හොඳම විපක්ෂ නායකයා සම්බන්දන් මහතා බව ජනපති සිරිසේන ප්‍රකාශ කළා. විසල් දැනුමකින් විපක්ෂය මෙහෙය වූ ආචාර්ය එන් එම් පෙරේරා, අත්දැකීමෙන් විපක්ෂය මෙහෙය වූ ජේ ආර් ජයවර්ධන හයෙන් පහක විසල් ආණ්ඩු බලයට එරෙහිවඅටදෙනෙකුගේ විපක්ෂය මෙහෙය වූ අනුර බණ්ඩාරනායක යන විපක්ෂ නායකවරුන්ට වඩා සම්බන්දන් මහතා ජනපති සිරිසේනට හොඳ වුණේ ඇයි?

ආණ්ඩුවේ අයවැයට කිසිම සංශෝධනයක් යෝජනා නොකර ඊට පක්ෂව ඡන්දය දුන් ලෝක ඉතිහාසයේ එකම විපක්ෂ නායක සම්බන්දන් මහතායි. මේක එක පාරක් නොවේ දෙපාරක්ම කළා. ආණ්ඩුව අමාරුවේ වැටෙන සෑම අවස්ථාවකම ආණ්ඩුව රැක දෙන්නේ නිල විපක්ෂ නායකයි. එවැනි විපක්ෂ නායකයෙකු ආණ්ඩුවේ පැත්තෙන් නම් හොඳම විපක්ෂ නායක බවට කිසිම සැකයක් නෑ.

ජාතියේ අවාසනාවට අද අපේ රටේ විපක්ෂ නායක ධූරය දරන්නේ තහනම් කළ යුතු පක්ෂයක නායකයෙක්. දෙමළ ජාතික සංධානය සෘජුවම කොටි ත්‍රස්තවාදයට සම්බන්ධයි. කොටි සංවිධානය ක්‍රියාත්මක සමයේ දෙමළ සංධානය ක්‍රියාත්මක වුණේ කොටි ත්‍රස්තවාදින්ගේ දේශපාලන අංශය ලෙසයි. එදා කිලිනොච්චියේ කොටි මූලස්ථානයට යන සම්බන්දන් මහතා තමිල් චෙල්වම් හමු වී උපදෙස් ගත් හැටි මතකයි. දෙමළ සංධානයට ඡන්ද දිනන්න කොටි උදව් කළා විතරක් නොවේ ජයග්‍රහණයෙන් පස්සේ කොටි වෙනුවෙන් දෙමළ සංධානය පෙනී සිටියා.

කැනඩා ආණ්ඩුව විසින් එම් කේ ඊලවනාදන් නමැති දෙමළ ජාතික සංධානයේ හිටපු මන්ත්‍රි කැනඩාවෙන් පිටුවහල් කරන්න ගත් තීරණය ඔහු අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කළා. ඔහු තමන් දෙමළ ජාතික සංධානයේ ක්‍රියාකාරි සාමාජිකයෙකු මිස කොටි සංවිධානයේ සාමාජිකයෙකු නොවන බව ප්‍රකාශ කළා. නමුත් කැනඩාවේ පෙඩරල් උසාවිය තීරණය කලේ කොටි සංවිධානය සහ දෙමළ ජාතික සංධානය යන දෙකම එකක් බවයි.

ඇත්තෙන්ම මේක අළුත් දෙයක් නොවේ. 2004 ජූනි 17 දින නිකුත් කළ යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂක වාර්තාවේ ද දෙමළ සංධානය කොටි සංවිධානයේ දේශපාලන අංශය බව තහවුරු කරනවා.

ලෝකය පුරා යම් සන්නද්ධ අංශයක් පරාජය කළාමඑහි දේශපාලන අංශය තහනම් කිරීම ලෝක සම්මතයක්. 1945 දී හිට්ලර්ගේ පරාජයෙන් පසු මිත්‍ර පාක්ෂික රටවල් ජර්මනියේ නාසි පක්ෂය තහනම් කළා. අදටත් එය තහනම් පක්ෂයක්. ඒ වගේම 2003 දී නේටෝ හමුදා ඉරාකයේ සදාම් හුසේන් පරාජයට පත් කළාට පස්සේ එහි දේශපාලන අංශය වුණුබාත් පක්ෂය තහනම් කළා.

දෙමළ ජාතික සංධානය තහනම් කිරීම ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අත්‍යාවශ්‍ය කාරණයක්. ප්‍රජාතන්ත්‍රවාදයේ වැදගත් මූලධර්මයක් තමයි හැමට සැම අවස්ථාව ලබා දීම. කොටි සංවිධානයේ පාලනයට උතුර නතු වෙලා තිබුණු සමයේ දෙමළ ජාතික සංධානය ඉතුරු කරලා ඊපිඩීපි සහ එජාප ප්‍රමුඛව අනෙකුත් දේශපාලන පක්ෂ සියල්ලේමක්‍රියාකාරින් මරා දැම්මා. ඒ නිසා දෙමළ සංධානයට ඒකාධිකාරියක්හැදුනා. කොටින් හදා දුන්නුඒකාධිකාරියටපිං සිද්ධ වෙන්නයි දෙමළ සංධානය උතුරේ ඡන්ද දිනන්නේ. උතුරට සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය ලැබීමට නම් හිට්ලර්ගේ නාසි පක්ෂයට සදාම්ගේ බාත් පක්ෂයට අත් වුණු ඉරණම දෙමළ සංධානයටත් අත් කර දිය යුතුයි.

ගෝඨාගේ පුතුට ආණ්ඩුවේ ගෙයක් නෑ

බොරුවට උපන් හපන් මංගල සමරවීර ඇමතිතුමාගේ බොරු මාලාවේ නවතම බොරුව තමයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය මහතාගේ පුතුට ආණ්ඩුවේ වියදමින් කුලියට ගෙයක් ලබා දුන් බව. ඇත්ත කතාව මේකයි.

2013 සැප්තැම්බර් මාසයේ දී ඇමෙරිකානු ප්‍රාන්තයක් වන කැලිපෝනියාවේ ලංකාවේ කොන්සල් ජනරාල් ලෙස පත් කලේ මල්රාජ් ද සිල්වා මහතා. ඔහු ලොස්ඇන්ජලිස් වල තමන්ගේ නිවසක් තිබෙන නිසා නිල නිවසේ පදිංචි වුණේ නෑ. උත්සව අවස්ථා වල දී පමණයි පාවිච්චි කලේ. එම නිසා නිල නිවස බොහෝ විට වසා දමා තිබුණේ. ඔය වසා දමා තිබුණු නිල නිවස තමයි ආණ්ඩුවෙන් කුලියට ගත් නිවසකට ලොස් ඇන්ජලිස් නුවර තිබුණේ. ඒක ගෝඨාභය මහතාගේ පුතු වෙනුවෙන් කුලියට ගත් බවට බොරුවක් මංගල ඇමතිතුමා කිව්වා. 2013 වසරේ ගෝඨාභය මහතාගේ පුතු ඇමෙරිකාවේ ජීවත් වුණෙත් නෑ. රැකියා කරන සමාගමේ අවශ්‍යතාවයක් අනුව 2013 වසරේ ඔහු සිටියේ මැලේසියාවේ. ජනවාරි 08 රෑ හමුදා කුමන්ත්‍රණය වගේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ඩොලර් බිලියන 18 විදේශ වත්කම් වගේ මේක මංගල ඇමතිතුමාගේ තවත් එක් මෙගා බොරුවක්.

– අරවින්ද අතුකෝරල

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
අලූත් ව්‍යවස්ථාවෙන් රට බෙදීම ස්ථිරයි.. ශ‍්‍රිලනිපයේ එජාප වහලූනි මව්බිම පාවා නොදෙනු.. – මහින්ද උස් හඩින් ලියයි



නව ව්‍යවස්ථවක් සදහා ඉදිරිපත් කර ඇති කෙටුම්පත සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් අදහස් පැහැදිලි කරමින් නිවේදනයක් නිකුත් කර ඇත.

මෙහි දැක්වෙන්නේ එම නිවේදනයයි.

රටේ සියළු කලබල අස්සේ සිදු කෙරෙන ව්‍යවස්ථා සංශෝධන වැඩපිළිවෙල

මෙවර අයවැය කෙරෙහි කාගෙත් අවධානය යොමුවී තිබෙන අතරතුර ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ අනුකමිටු හයක යෝජනා සහිත වාර්ථා පාර්ලිමේන්තුවේ සභාගත කරනු ලැබුවේය. එයත් සමගම ආණ්ඩුවේ ඇමතිවරුන් මේ ව්‍යවස්ථා සංශෝධන යෝජනාවල රටේ ඒකීයභාවය හෝ බුදු දහමට ඇති විශේෂ තත්වය අහෝසි කිරීමට හෝ උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීමට යෝජනා ඇතුළත් නැතිබව කියමින් ඒවාට මහනායක හිමිවරුන්ගේ සහයෝගය ලබා ගැනීමට කටයුතු කරන ආකාරය අපි දුටුවෙමු. එපමණක්ද නොව අයවැය සම්බන්ධයෙන් ඇති වූ උද්ගෝෂණ, වැඩවර්ජන ආදී සියල්ල පසෙක තිබියදී ජනාධිපතිවරයාත්, පාර්ලිමේන්තුවේදී බලය බෙදීමේ වැදගත්ගම ගැන කතා කලේය.

මේ අතරතුර, ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට දිගට හරහට රථ වාහන, විශේෂ දීමනා යනාදී වරදාන බෙදන හැටි අපි දුටුවෙමු. මේ සියල්ල ලග එන බරපතල ජාතික උවදුරක පෙර නිමිතිය.

පසුගිය ජනාධිපතිවරණයේදී අද මේ ආණ්ඩුවේ සිටින නායකයන් ජනතාවට ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් දුන්  ප්‍ර‍ධානම පොරොන්දු දෙක වූයේ විධායක ජනාධිපති ක්‍ර‍මය අහෝසි කිරීම හා මැතිවරණ ක්‍ර‍මය සංශෝධනය කිරීමයි. නමුත් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය විසින් පත්කොට තිබෙන අනුකමිටු එකක්වත් මේ ප්‍ර‍ධාන කාරණා දෙක ගැන අවධානය යොමුකොට නැත.  ඒ වෙනුවට අපට ලැබී ඇත්තේ පසුගිය ජනාධිපතිවරණයේදී අඩු වශයෙන් සදහනක්වත් නොකෙරුණු කාරණා ගැන අනුකමිටු වාර්ථා හයකි.

අයැවැයේ ගැටළු හරියට විසදන්නෙත් නැතුව ව්‍යවස්ථාව සංශෝධන ගැන කතාකිරීමේ අවස්ථා සම්බන්ධය, පැහැදිලි වන්නේ ව්‍යවස්ථා සංශෝධන පිළිබද අනුකමිටු වාර්ථා කියවා බැලූ විටය.

අපේ ව්‍යවස්ථාවේ ‘ඒකීය ස්වභාවය’ නිසා පලාත් සභාවල කටයුතු වලට ‘බාධා’ පැමිණෙන බව මධ්‍ය හා පර්යන්තය පිළිබද අනුකමිටු වාර්ථාවේ එළිපිට සදහන් කොට ඇත. ඒ අනුව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ ඇතැම් අනුකමිටු විසින් ‘ඒකීය’ යන වචනය ව්‍යවස්ථාවෙන් ඉවත් නොකොට රටේ ඒකීය භාවය අවසන් කිරීම සදහා යෝජනා ගණනාවක්ම ඉදිරිපත් කර ඇත. මේවා අතරින් කීපයක් පමණක්  ගෙනහැර දැක්වීමට මම කැමැත්තෙමි.

පලාත් ආණ්ඩුකාරවරුන්ගේ සියළු බලතල අහෝසි කිරීමට මධ්‍ය හා පර්යන්තය පිළිබිද අනුකමිටුව විසින් යෝජනා කර ඇත. පළාත් සභාවල සම්මත කරන අනපන් වලට අනුමැතිය දීමේ බලය ආණ්ඩුකාරවරයගෙන් ඉවත් කොට පලාත් සභාවේ සභාපතිවරයාට පැවරීමටත්, තමාගේ අනුමැතිය සදහා එවන අණපනත් වලට සංශෝධන යෝජනා කරමින් ආපසු පලාත් සභාවට යැවීමට ආණ්ඩුකාරවරයාට ඇති බලයත්, පලාත් සභා අණපනත් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම සදහා ජනාධිපතිවරයාට යොමු කිරීමට ආණ්ඩුකාරවරයාට ඇති බලයත් අහෝසි කිරීමට යෝජනා වී ඇත. එපමණක්ද නොව ආණ්ඩුකාරවරයා පත් කිරීම මහ ඇමතිවරයාගේ අනුමැතියට යටත්ව සිදු කිරීමටත්, ඔහු සැමවිටම මහ ඇමතිවරයාගේ හා පලාත් ඇමති මණ්ඩලයේ උපදෙස් මත ක්‍රියාකල යුතු බවටත් යෝජනා වී ඇත. අපේ බලය බෙදීමේ ක්‍ර‍මය පදනම් වී ඇත්තේ ඉන්දියානු ආකෘතිය මතය. ලංකාවේ පලාත් ආණ්ඩුකාරවරුන්ගේ බලතල ඉන්දියාවේ ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන්ගේ බලතල සමග සම්පූර්ණයෙන්ම සමගාමී වේ. ඉන්දියාවේ මෙන්ම ලංකාවේත් පලාත්සභා හා ප්‍රාන්ත මධ්‍යම ආණ්ඩුව සමග සම්බන්ධ වන්නේ ආණ්ඩුකාර ධූරය හරහාය. ආණ්ඩුකාරවරයාගේ බලතල අහෝසිකලහොත් ඉන්දියාවට මෙන්ම ලංකාවටත් ඒකීය රාජ්‍යන් හැටියට පැවතිය නොහැක.

මධ්‍යම ආණ්ඩුව මෙන්ම පලාත්සභා වලටත් හෙබවිය හැකි සමගාමී බලතල ලැයිස්තුව අහෝසි කිරීමටත් එම බලතල පලාත්සභා වලට දී පලාත්සභා‘වෙනම බලප්‍රදේශ’ බවට පත් කිරීමට යෝජනා වී ඇත. මේ පරමාර්තය මුදුන්පත් කිරීම සදහා මධ්‍යම ආණ්ඩුව යටතේ කටයුතු කරන දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශිය ලේකම්වරුන් පලාත් සභා යටතට පත්කල යුතු බවටත්, පලාත් රාජ්‍යසේවා කොමිසම් වලට තම පලාතට අවශ්‍ය රජයේ සේවකයන්ගේ ගණන මහා භාණ්ඩාගාරයේ අනුමැතියට යටත් නොවී ස්වාධීනව තීන්දු කිරීමට බලතල පැවරීමටත් යෝජනා වී ඇත.මධ්‍ය හා පර්යන්තය පිළිබද අනුකමිටුවේ තවත් යෝජනාවක් වන්නේ රජයේ ඉඩම් සම්බන්ධ සියළු බලතල පලාත්සභා වලට පැවරිය යුතු බවයි. ඒ අනුව පලාතක තිබෙන රජයේ ඉඩමක් භාවිතා කිරීම සදහා මධ්‍යම ආණ්ඩුවට පලාත් සභාවේ අනුමැතිය ලබාගැනීමට සිදුවෙනු ඇත. ඉන්දියාවේ නම් මධ්‍යම ආණ්ඩුවට යම් ප්‍රාන්තයක ඇති ඉඩමක් අවශ්‍ය වුවහොත් ප්‍රාන්ත ආණ්ඩුවේ කැමැත්ත හෝ අකමැත්ත නොතකා එම ඉඩම භාවිතා කිරීමට මධ්‍යම ආණ්ඩුවට සියලු බලතල ඇත.පොලීසිය නීතිය හා සාමය අනුකමිටුව විසින් පොලිස් බලතල පලාත් සභාවලට ලබාදිය යුතු බවට යෝජනා කර ඇත. ඒ අනුව පොලිස් සේවය ජාතික පොලීසියත්, පලාත් පොලිස් සේවාවන් නවයකටත් බෙදෙනු ඇත. රජයට එරෙහි අපරාධ, රාජ්‍ය දේපල සම්බන්ධ අපරාධ, ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, අධිකරණ හා රාජ්‍ය නිලධාරීන්ට එරෙහි අපරාධ, මැතිවරණ හා මුදල් නෝට්ටු සම්බන්ධ කාරණා සහ ජාත්‍යන්තර අපරාධ ජාතික පොලීසියේ කාර්යභාර්ය වන අතර අනෙක් සියළුම වැඩ කටයුතු එනම් අපරාධ, වංචා, මත්ද්‍ර‍්‍ය, රථවාහන ඇතුළු සියළුම එදිනෙදා පොලිස් කාර්යභාර්යයන් පලාත් පොලිස් සේවාවන් වලට පැවරෙනු ඇත. යම්කිසි විමර්ශනයක් ජාතික පොලීසිය යටතේ පවතින ඒකකයකට මාරුකල හැක්කේ අදාල පලාතේ පොලිස් කොමසාරිස්වරයාගේ එකගතාවය මත පමණි. පලාත් පොලිස් සේවයන් තම තමන්ගේ පුහුණු කටයුතු කරගනු ඇති අතර ඒ ඒ පලාත්වල පොලිස් නිලධාරීන් භාවිතා කරන ගිනි අවි වර්ග හා ගණන තීන්දු කරනු ලබන්නේ පලාත් පොලිස් බලධාරීන්ගේ අනුමැතිය පරිදිය. පලාත් පොලිස් වල වැඩකටයුතු සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට කිසිදු අධීක්‍ෂණ බලයක් හිමිනොවනු ඇත. පලාත් පොලිස් සේවාවන්වලට සාමාජිකයන් බදවා ගැනීම සදහා භාෂාව හා පදිංචිය පිළිබද නිර්නායකයන් යෙදීම හේතුවෙන් උතුරු හා නැගෙනහිර පලාත්වල පොලිස් සේවාවන් ජාතිය හා භාෂාව අනුව ජාතික පොලීසියෙන් මෙන්ම සෙසු පලාත්වල පොලිස් සේවාවන් වලින්ද වෙන්වනු ඇත. පලාත් පොලිස් සේවාවන් අතර ස්ථානමාරු සිදු නොවන නිසා උතුරු නැගෙනහිර පොලිස් සේවාවන් හා රටේ සෙසු ප්‍රදේශවල පොලිස් සේවාවන් අතර සම්බන්ධතා නිරායාසයෙන්ම නැති වී යනු ඇත.පොලීසිය නීතිය හා සාමය පිළිබද අනු කමිටුවේ තවත් යෝජනාවක් වන්නේ මාස තුනකට කට වඩා වැඩි කාලයක් එක දිගටම හදිසි නීතීය බලපැවැත්වීමට, එසේ නැතිනම් දින 180 ක් තුළ දින 90 කට වඩා වැඩි කාලයක් හදිසි නීතිය ක්‍රියාත්මක වීමට නම් එවැනි දිගු කිරීමක් පාර්ලිමේන්තුවේ ‘විශේෂ බහුතරයකින්’ සම්මත විය යුතු බවය. එපමණක්ද නොව හදිසි නීති ප්‍ර‍කාශනය මෙන්ම හදිසි නීති රෙගුලාසිත් විමර්ශනය කොට ඒවා අහෝසි කිරීමට වුවද අධිකරණයට බලය ලබාදීමට යෝජනා වී ඇත. යම්කිසි තත්වයක් හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට සුදුසුද නැද්ද යන කාරණය ගැන තීන්දුවක් ගැනීමට අධිකරණයට හැකියාවක් නැත. මෙය සම්පූර්ණයෙන්ම විධායකයේ බලයක් විය යුතුය. අධිකරණ, ව්‍යවස්ථාදායක, විධායක වශයෙන් බලතල වෙන්කෙරෙන්නේද එක් එක් ක්‍ෂේත්‍ර‍වල කාර්යභාර්යයන් වෙනස් නිසාය. හදිසි නීතිය පිළිබද මෙවන් යෝජනාවන් ඉදිරිපත් කර තිබෙන්නේ හදිසි තත්වයකට රජයට සුදුසු පරිදි ප්‍ර‍තිචාර දැක්වීමට නොහැකිවන ආකාරයට කටයුතු යෙදීමට බව ඉතා පැහැදිලිය. ශ්‍රී ලංකා රජය ඒ ආකාරයට බෙලහීන කිරීම ඇතැම් පාර්ශව වල උවමනාව බව ජනතාව දනී.ශ්‍රේෂ්ඨාධිකරණයට හා අභියාචනාධිකරණයට විනිශ්චයකාරවරුන් පත් කිරීමේදී එම තනතුරුවලට සුදුස්සන් ව්‍යවස්ථාදායක මණ්ඩලයට යෝජනා කල යුත්තේ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන්ගෙන් සෑදුණු මණ්ඩලයක් විසින් යැයි අධිකරණය පිළිබද අනුකමිටුව යෝජනා කර ඇත. මේ මණ්ඩලය අග්‍ර‍විනිශ්චයකාරවරයා විසින් පත්කල යුතු වන අතර එසේ කිරීමේදී නීතිපතිවරයාගෙන් හා නීතීඥ සංගමයේ සභාපති වරයාගෙන් අදහස් විමසා සිටිය යුතු වෙයි. නීතිඥ සංගමය යනු අතිශයින්ම දේශපාලනීකරණය වූ ආයතනයකි. වරක් මෙහි සභාපතිවරයා හැටියට සිටියේ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ඊට පසු එම තනතුර දැරෑ පුද්ගලයා මගේ ආණ්ඩුව පෙරලීමට නීතිඥ සංගමයත් භාවිතා කොට යහපාලන ආණ්ඩුවේ ඉහල දේශපාලන පත්වීමක් ලබා ගත්තේය. නීතිඥ සංගමය ලංකාවේ දේශපාලනයට ඍජුවම මැදිහත් වී සිටින විදේශීය බලවතුන්ගෙන් මුදල් හා විශේෂ ගමන් යනාදිය ලබා ගන්නා ආකාරය මාධ්‍යයේ පල වී ඇත. මෙවැනි ආයතනයකට මොනම හේතුවක් යටතේවත් ඉහලම අධිකරණවල විනිශ්චයකාරවරුන් පත් කිරීම සම්බන්ධයෙන් බලයක් පැවරිය යුතු නැත. එමෙන්ම තමන්ගේ නඩු අහන විනිශ්චයකාරවරුන්ගේ පත්වීම් සම්බන්ධයෙන් බලයක් පුද්ගලික නීතිඥයන්ට ලබාදීමෙන් යුක්තිය පසිදලීමේ මුළු යාන්ත්‍ර‍යම දූෂණයට ලක්වී ඒ පිළිබදව මහ ජනතාවගේ විශ්වාසයද බිද වැටීමට ඉඩ ඇත.අධිකරණය පිළිබද අනුකමිටුව විසින් කර ඇති තව චෝදනාවක් වන්නේ රටේ සාමාන්‍ය උසාවි පද්ධතියට පිටින් විනිශ්චයකාරවරුන් හා ව්‍යවස්ථා පිළිබද විශේෂඥයන් හත් දෙනෙකුගෙන් සමන්විත ව්‍යවස්ථාමය උසාවියක් පිහිටවිය යුතු බවයි. ව්‍යවස්ථාව නිර්වචනය කිරීම, පනත් කෙටුම්පත් වල ව්‍යවස්ථානුකූලභාවය තීන්දු කිරීම,සම්මත කරන ලද පනත්වල ව්‍යවස්ථානුකූලභාවය තීන්දු කිරීම, මධ්‍යම රජය හා පලාත්සභා අතර ඇතිවන ආරවුල් විභාග කිරීම මේ ව්‍යවස්ථාමය අධිකරණයේ කාර්යභාර්යය වනු ඇත. ව්‍යවස්ථාවට අදාල ප්‍ර‍ශ්නයක් වෙනත් උසාවියක විභාගවන නඩුවකදී පැණ නැගුණහොත් ඒ නඩුව මේ ව්‍යවස්ථාමය උසාවියට යොමු වනු ඇත. වත්මන් ව්‍යවස්ථාව යටතේ ව්‍යවස්ථාව නිර්වචනය කිරීමටත් පනත් කෙටුම්පත්වල ව්‍යවස්ථානුකූලභාවය විභාග කිරීමටත් බලය ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට පමණි. එහි මොනම වෙනසක්වත් නොවිය යුතු බව මගේ මතයයි. එපමණක්ද නොව මේ ව්‍යවස්ථාමය උසාවියට පත්කෙරෙන විනිශ්චයකාරවරුන් නොවන ‘ව්‍යවස්ථා පිළිබද විශේෂඥයන්’ කවුරුන් විය හැකිද යන්න ගැන බරපතල සැකයන් පැණ නගී. තවද පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද පනතක ව්‍යවස්ථානුකූලභාවය විභාග කිරීමට කිසිවෙකුටත් බලය නැතිය යන්න අපේ රටේ මෙතෙක් ක්‍රියාත්මක වූ මූලධර්මයයි.අළුත් ව්‍යවස්ථාව බලාත්මක වන අවස්ථාවේදී රටේ බලපැවැත්වෙන නීති තවදුරටත් වලංගු වන්නේ ව්‍යවස්ථාවේ වගන්තිවලට එම නීති අනකූල වන්නේ නම් පමණක්ය යන සාමාන්‍ය සිද්ධාන්තය මේ රටේ ඇතැම් ජනකොටස්වලට අදාල පුද්ගලික නීති වලට බලනොපෑ යුතු යැයි මූලික අයිතීන් පිළිබද අනුකමිටුව යෝජනා කර තිබේ. ඒ අනුව ඇතැම් ජනකොටස්වල පුද්ගලික නීති ව්‍යවස්ථාට පටහැනි වුවත් බලාත්මක වේ. කිසියම්ම හෝ ජනකොටසකගේ පුද්ගලික නීතියකට ව්‍යවස්ථාව හා මූලික අයිතීන් පිළිබද පරිච්ඡේදයටත් ඉහලින් සිටීමට ඉඩදුනහොත් එය අනෙක් ජනකොටස්වලට හිමි නැති වරප්‍ර‍සාදයක් තවත් ජන කොටසකට ලබාදීමක් වනු ඇත. මෙයින් අනවශ්‍ය ජාතික හා ආගමික නොසන්සුන්තාවයක් ඇතිවිය හැකිය.ලංකාවේ නීති ක්‍ර‍මයට අනුව, ආණ්ඩුව අත්සන් කරන විදේශීය ගිවිසුම්වල විධිවිධාන එක්වරම දේශීය නීති පද්ධතියට ඇතුලත් වන්නේ නැත. පාර්ලිමේන්තුව විසින් එම ගිවිසුමේ වගන්ති අපේ නීතියට ඇතුලත් කරමින් නව නීති සම්මත කරගත යුතු වේ. අලුත් ව්‍යවස්ථාව බලාත්මක වන අවස්ථාවේදී ආණ්ඩව විසින් අත්සන් කොට තිබෙන නමුත් තවම පාර්ලිමේන්තුව විසින් අපේ නීති පද්ධතියට ඇතුලත් කරගෙන නැති සියළුම ගිවිසුම් අලුත් ව්‍යවස්ථාව සම්මත වී අවුරුදු දෙකක් ඉකුත් වූ පසු මෙරටේ නීති පද්ධතිය තුළට ස්වයංක්‍රීයව ඇතුලත් විය යුතු බවට මූලික අයිතීන් පිළිබද කමිටුව නිර්දේශ කර ඇත. මෙය 1998 දී නිසි සොයාබැලීමකින් තොරව අත්සන් කල නමුත්, මෙම ලියවිල්ල නිසා ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ජිනාවාහි මානව හිමිකම් කමිටුවට යටත් වන බවට පසුව ඇති වූ අවබෝධය නිසා පාර්ලිමේන්තුව විසින්  අපේ නීතියට ඇතුලත් නොකර සිටි; සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබද ප්‍ර‍ඥප්තියේ ‘අතුරු ලියවිල්ල’ පස්සදොරෙන් අපේ නීතියට ඇතුලත් කිරීමට ගන්නා නිරුවත් උත්සාහයකි. ඒ ලියවිල්ල ලංකාවේ බලාත්මක වුවහොත් අපේ ශ්‍රේෂ්ඨාධිකරණය විදේශීය අධිකරණයකට යටත් වනවා පමණක් නොව මේ ආකාරයට අවිධිමත් ලෙස විදේශීය ගිවිසුම් ස්වයංක්‍රීයව අපේ නීතියට ඇතුල් වුවහොත් නීති පද්ධතිය තුළ විශාල වියවුලක් ඇති වීමද වැලැක්විය නොහැක.මූලික අයිතීන් පිළබද අනුකමිටුවේ ප්‍ර‍ධානම නිර්දේශයක් වනනේ සිංහල හා දෙමළ භාෂා දෙකම ලංකාවේ රාජ්‍ය භාෂාවන් විය යුතු බවයි. 1957 දී එස්.ජේ.වී.චෙල්වනායගම් කලාප සභා ක්‍ර‍මය ඇති කිරීමට යෝජනා කල අවස්ථාවේදී උතුරු හා නැගෙනහිර පලාත්වල බහුතරයක් දෙමළ බස කථාකරන ජනතාව වාසය කරන නිසා එම කලාප සභා දෙකේ පරිපාලනයේ භාෂාව දෙමළ විය යුතු බවත්, එම ප්‍රදේශවල ජීවත් වෙන සිංහල සුළුතරය වෙනුවෙන් සිංහල භාෂාව පාවිච්චි කිරීම සදහා සාධාරණ විධිවිධාන යෙදීමට යෝජනා කලේය. එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා විසින් මුළු රටටම ආදේශ කලේද එවැනි ක්‍ර‍මයකි. එනම් සිංහල රාජ්‍ය භාෂාව වන අතර දෙමළ භාෂාව පාවිච්චි කිරීම සදහා සාධාරණ විධිවිධාන යෙදීමයි. ඉන්දියාවේ රාජ්‍ය භාෂාව හින්දි වන අතර දෙමළ, මළයාලම්, බංගලි වැනි භාෂාවන් භාවිතා කිරීම සදහා සාධාරණ විධිවිධාන යොදවා ඇත. දෙරටේම ක්‍රියාත්මක වන මේ සාධාරණ ප්‍ර‍තිපත්තිය අනවශ්‍ය  අත්හදාබැලීම් තුළින් විනාශ නොකළ යුතු යැයි ආණ්ඩුවට අවවාද කර සිටීමට මම කැමැත්තෙමි.

ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් මීට වඩා වගකීමිකින් යුතුව කටයුතු කරන ලෙසත් බෙදුම්වාදීන්ට හා විදේශීය බලවතුන්ට අවශ්‍ය කාරණා සාකච්ඡා කිරීමට පෙර මේ රටේ ජනතාවට පසුගිය ජනාධිපති වරණයේදී දුන් ප්‍ර‍ධාන ව්‍යවස්ථාමය පොරොන්දු මුලින්ම ඉටුකල යුතු යැයි මම යෝජනා කර සිටිමි. එමෙන්ම ඉහත සදහන් වූ අතිශයින්ම හානිකර යෝජනා කිසිවක් අවසන් ව්‍යවස්ථා කෙටුම්පතට ඇතුළත් නොවනු ඇතැයි මම විශ්වාස කරමි. මේ ව්‍යවස්ථා සංශෝධන යෝජනා සම්බන්ධයෙන් මහනාහිමියන් නොමග යැවීමට ශ්‍රීලනිප කණ්ඩායමක් යවා තිබීමෙන් පෙනෙන්නේ ‘බෙදීම’ යන වචනය පාවිච්චි නොකර රට බෙදන මේ ව්‍යවස්ථා සංශෝධන හානිකර නොවන දෙයක් හැටියට මහා සංඝරත්නයටත්, මහජනතාවටත් හුවා දැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජාතිකවාදී ප්‍ර‍තිරෑපය පාවිච්චි කිරීමට දුෂ්ඨ වැඩපිළිවෙලක් දියත්වී ඇති බවයි.

තමන් මේ අවස්ථාවේදී  එජාපයට වහල් වී සිටීම හේතුවෙන් ශ්‍රීලනිපය පසුගිය දශක හය මුලුල්ලේ දැරෑ ප්‍රතිපත්ති පාවා නොදෙන මෙන් ආණ්ඩුවේ සිටින සියළුම ශ්‍රීලනිප මැති ඇමතිවරුන්ගෙන් මම ඉල්ලා සිටිමි.

මහින්ද රාජපක්‍ෂ
හිටපු ජනාධිපති

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් වන චන්ද ඉල්ලන්න ගිය අපිට ලැබුනේ යකඩ උන්ඩයයි




මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
25,000 දඩයට විරෝධය පෑ ත‍්‍රීවීල් රියදුරන්ට කදුළු ගෑස් ගසා පන්නයි..



මාර්ග නීති හතක් සදහා අවම දඩය රුපියල් 25,000ක් තෙක් වැඩි කිරීමට විරෝධය පල කරමින් කොළඹ මීගමුව දුම්රිය මාර්ගය අවහිර කරමින් විරෝධයේ නිරත වූ ත‍්‍රීවීල් රථ රියදුරන්ට පොළිසිය විසින් කදුළු ගෑස් ප‍්‍රහාරයක් එල්ල කර තිබේ.

විරෝධතාකරුවන්ද පොලීසියට ගල්මුල් ප‍්‍රහාරයක් එල්ල කර ඇත.

කොළඹ-මීගමු දුමරිය මාර්ගයේ ගල්කන්ද දුම්රිය හරස් මාර්ගයේදී මෙම ප‍්‍රාහරය එල්ල කර ඇත.




මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
යහපාලනය නාමයෙන් අපී තමිල් ඊළාම් පිහිටුවනවා -වී.රුද්‍රකුමාරන්



දෙමළ ඊළාම් ආණ්ඩුව පිහිටුවීමට අවශ්‍ය දෙමළ ජනතාව සඳහා වන ස්වයං-නිර්ණ අයිතිය ඉතාමත් නුදුරේදිම ලැබෙනු ඇති බවත් දෙමළ ජනතාවගේ ආවරණය වන අප ඉදිරිපිට පවතින යහපාලනය නාමයෙන් ඒ සදහා ජාතික මෙන්ම ජාත්‍යන්තර වශයෙන් අප අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව දෙමළ ඩයස්පෝරාවට අයත් ගෝලීය දෙමළ සංවිධානයේ ප්‍රධානී වී. රුද්‍රකුමාරන් නමැත්තා කොටි ත්‍රස්තවාදීන්ගේ මහවිරු දිනයට නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

යහපාලන ආණ්ඩුවේ සැලැස්මට මත පදනම් වූ, ස්වයං-නිර්ණ දෙමළ ජනතාවගේ අයිතිය වෙනුවෙන් දේශපාලන විසඳුමක් පමණක් ජාත්යන්තර තමිල් ඊළාම් රජයේ අගමැති විරුවන්ගේ සිහිනය සැබෑ කරන්නට වැඩ කිරීමට ද යෙදිය හැකි බවයි ඔහු සිය නිවෙදනය හරහා අවධාරණය කර ඇත්තේ

යහපාලනය, දෙමළ ජනතාව තේරුම් ගත හැකි බව පාලනයක් බවත් දෙමළ ජනතාවට එරෙහිව විපක්ෂය මෙන්ම බෞද්ධයන් පෙනී සිටින බවත් කවුරුන් කොතරම් විරුද්ධ වුවත් දෙමළ ඊළාම්, රණවිරුවන් ඔහුන්ගේ ඉලක්ක වෙනුවෙන් සෑම විටම සටන් කරන බවද එම නිවේදනයේ දක්වා තිබේ.

ඊලාම් දෙමළ ජාතියේ සැලසුම් විනාශ සිංහල බෞද්ධ ස්වෝත්තමවාදය, අපේ සදාචාරාත්මක පැවැත්ම, ආරක්ෂාව පවත්වාගෙන යාම හා ආයුධයක් රැගෙන අප සටන් කිරිමට සුදානම් බවත් ඇත්ත වශයෙන්ම, අපේ රණවිරුවන් අවශ්ය අවියක් සිංහල බෞද්ධ ආගමික මූලධර්ම නායකයන් උදව් වනවා ඇති බවද එම නිවේදනයේ දක්වා තිබේ.

දෙමළ ඊළාම් විමුක්ති අරගලය සඳහා අරගලයේ විරුවන්, ජාත්යන්තර අවධානය දිනාගෙන ඇත. දෙමළ ජනතාවගේ සියලු හදවත් තුළ ඔවුන්ගේ මතකයන් දෙමළ ජනතාව මැද සදහටම පවතිනු ඇත.

දෙමළ ඊළාම් දෙමළ ඊළාම් විරු ආණ්ඩුව පිහිටුවීමට. අද වීරයෝ ඔබේ සිහින ඉටු සැමරීමට සිහි අපගේ සදාචාරය විය යුතු වේ. මෙම දිනයේ අපි නැවත පොරොන්දුව බලමු බව අවබෝධ කර ගැනීමට ද සමග වැඩ කිරීමට සුදානම් වන්න….

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
විග්නේෂ්වරන් උතුරට එක්සත් ජාතීන්ගේ සාම හමුදාවක් කැදවයි.





උතුරේ නිසි පාලනයක් නැති බව දක්වමින් එක්සත් ජාතින්ගේ සාම හමුදාවක් මේ රටට ගෙන ඒමේ අරමුණින් උතුරු මහ ඇමති සී වී විග්නේෂ්වරන් උතුරට ජාත්‍යන්තර මැදිහත්වීම ලබාදෙන්නැයි පොදු රාජ්‍ය මණ්ඩළ කටයුතු පිළීබඳ නියෝජ්‍ය ඇමතිනී ජොයිස් අනෙලි සාමිවරියගෙන් ඉල්ලා ඇත.එහෙත් විග්නේෂ්වරන්ගේ මෙම ඉල්ලීම කෙරේ බ්‍රිතාන්‍ය අමැතිනිය ප්‍රතිචාර දක්වා නැත.

උතුරට ජාත්‍යන්තර මැදිහත්වීමක් ලබාදෙන ලෙස කළ ඉල්ලීමට සමගාමීව උතුරේ ශ්‍රී ලංකා හමුදාව රැඳී සිටිම ගැනද විග්නේෂ්වරන් ඇයට පැමිණිළි කර ඇත.

උතුරේ මහ ඇමතිවරයා මෙම ඉල්ලීම කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ R2P නැමති ක්‍රමවේදයකට අනුවය.

මෙම ක්‍රමවේදය යටතේ රටක ජනතාව ආරක්ෂා කිරීමට රජයට නොහැකි නම් ඊට ජාත්‍යන්තරව මැදිහත් වී එක්සත් ජාතීන්ගේ සාම හමුදාවක් එවීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට බලය හිමිවේ.

උතුරේ ක්‍රියාත්මක වන ආවා ගෘප් කල්ලියේ ක්‍රියාකාරකම් වලට මුවාවි විග්නේෂ්වරන් මෙම ඉල්ලීම කර ඇත.

මෙයට පෙර කොළඹ රාජ්‍ය නොවන සංවිධානයක ක්‍රියාකාරිනියක වූ රාමා මානි එක්සත් ජාතීන්ගේ හමුදාවක් මෙරටට ගෙන ඒමට දැරූ උත්සහය ව්‍යර්ථ වූ අතර ඇයව රටින් පිටුවහල් කර තිබේ.

මේ අතර උතුරේ ආරංචි මාර්ග පැවසුවේ ආවා ගෘප් කල්ලියට සම්බන්ධ බවට සැකකර අත්අඩංගුවට ගත් 10 දෙනා අතර විග්නේෂ්වරන්ගේ දෙමළ පිබිදීම ව්‍යාපෘතියේ ක්‍රියාකාරිකයෙකුද සිටින බවයි.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Donald Trump had acted in a Sri Lankan film



      

America’s President-elect Donald Trump had acted in a film co-produced by the veteran Sri Lankan film-maker Chandran Rutnam along with Bo Derek.

The 1989 film Ghosts Can’t Do It was directed by John Derek. "John Derek wrote a scene especially for Donald Trump to play himself in a cameo role. We shot the scene in the board room of the Trump Tower. It was a one-day shoot and a delightful experience,” Chandran said.

“But the negative got scratched and we had to do it again. Trump happily agreed," Chandran recalled.

In Ghosts Can’t Do It, Scott and Kate are happily married despite their 30-year age gap. After Scott suffers a heart attack and is unable to make love, he commits suicide and becomes a ghost whom only Kate can see and speak with. To make it possible for Scott to return embodied, they conjure up a plan to have a young man drown so that Scott can take his body.

Bo Derek appeared as Katie Scott, Antony Quinn as Scott, Julie Newmar as Angel, Leo Damien as Fausto, and Donald Trump as himself. Sri Lanka's versatile actor, Henry Jayasena, also appeared in the film. The film was shot in Galle in South Sri Lanka, Thoddu in the Maldives, and the states of Wyoming and New York in the US.

Despite the star-studded cast, Ghosts Can’t Do It bombed at the box office and got negative reviews. It won the Stinkers Bad Movie Award and  Bo Derek the Worst Actress prize. Donald Trump was declared the Worst Supporting Actor at the Golden Raspberry Awards.

Chandran has sent a congratulatory message to Trump on winning the US presidential election and invited him to Sri Lanka. (New Indian Express)

- See more at: http://www.dailymirror.lk/article/Donald-Trump-had-acted-in-a-Sri-Lankan-film-119017.html#sthash.RZo35C4A.dpuf
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
“මහින්ද සුලඟයි මහින්ද සුවඳයි” එයි ! මෛත්‍රි ඇතොත් අපිත් නෑ

      


“මෛත්‍රිත් එක්ක මහින්ද එක්වුවත් අපි වෙනමම පක්ෂයකින් පළාත් පාලන මැතිවරණයට එක්වෙනවා. ආයේ මෛත්‍රිපාල සිරිසේන සමඟින් කිසිදු ගනුදෙනුවක් නෑ.ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී ගාල්ල දිස්ත්‍රික්කයේ හිටපු සන්ධානයේ පාළාත් පාලන මන්ත්‍රිවරු 152 දෙදෙනාගෙන් 130 දෙනෙකු පමණ ස්තිර වශයෙන්ම ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයකින් තරඟ නොකරන බව” ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රි සන්සදයේ කැදවුම්කරු හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රි සේන කලහේවත්ත පවසයි.

ඔහු එසේ පැවසුවේ ඊයේ (27) ගාල්ල කඡ්චුවත්ත පුරාණ විහාරස්ථානයේ දි පැවැති ගාල්ල දිස්ත්‍රික් පළාත් පාලන මන්ත්‍රි වරුගේ ප්‍රධානත්වයෙන් පැවැති මාධ්‍ය හමුවක දීය.

එහිදි අදහස් දැක්වූ ප්‍රාදේශිය සභා මන්ත්‍රි සේන කලහේවත්ත,

අපේ මන්ත්‍රිවරුන්ට වරදාන හා වරප්‍රසාද ලබාදෙමින් මහින්ද රාජපක්ෂ ජනාධිපති වරයාගෙන් වෙන් කරගැනිමට අපෙන් ගිය මැති ඇමතිවරු කටයුතු කරනවා . එහෙත් අප ස්ථිර වශයෙන්ම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා නායකත්වය දරණ නිදහස් පක්ෂයෙන් තරඟ කරන්නේ නෑ .ශ්‍රි ලංකා නිදහස් පක්ෂය යනු කොළඹ ඩාර්ලිපාරේ පිහිටි පක්ෂ මුලස්ථානයේ බෝඞ් ලෑල්ල නෙමෙයි .

මෙහි දි අදහස් දක්වු නාගොඩ ප්‍රාදේශිය අජිත් එඬේරච්චි ,

අප පක්ෂය මං කොල්ලකාරයන් අතට පත්ව තිබෙනවා.ස්ථිර වශයෙන් ම කියනවා අපි තරඟ කරන්නේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් නෙමෙයි .මේ පක්ෂය දෙකට කඩපු මෛත්‍රිපාල සිරිසේන දෙවරක්ම අප පක්ෂය පරාජය කළා.පක්ෂය කඩාගෙන ගිය පාඩමක් ඉගන්නන්නට මේදා පළාත් පාලන මැතිවරණයේ දි මහින්ද රාජපක්ෂ මැතුමා සමඟ එක් වෙමු. මහින්ද සුලඟයි මහින්ද සුවඳයි මිස කිසිවක් අපට උවමනා නෑ .



මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

යහපාලනය රටට ගෙන ආ තුන් බිය : බොරුව , බියගුලුකම හා බැරිකම.



පලමු කොටස : බොරුව

ජනවාරි 8දා ජනාධිපතිවරණය හංස ලකුනින් තරඟ කල පොදු අපේක්ෂකයා ජයගැනීමට හේතු රැසක් තිබුනද ඒ අතර ප්‍රධාන ලෙසම බලපෑ හේතුවනම් රාජපක්ෂ පවුලට එරෙහිව එකල විපක්ෂය විසින් ගෙතූ අමූලික බොරු කන්දරාවයැය් යමෙකු කීවොත් නිවැරදිය. ලාංකිකයන් අතර හැමදාමත් පැවති සමාජ දුර්වලතාවක් ප්‍රචාරක අවියක් ලෙස යොදාගනිමින් රනිල්, මංගල, රාජිත, චම්පික, අනුර කුමාර චන්ද්‍රිකා, මෛත්‍රීපාල කල්ලිය මුලු මැතිවරණ ව්‍යාපාරයම මෙහෙයවුයේ රාජපක්ෂ පවුල රට කොල්ල කමින් සුර සැප විඳිනවා යන මතය චන්දදායකයන්ගේ සිත්වලට තදින් කා වැදෙන ආකාරයෙනි. මෙකී සමාජ දුර්වලතාව තේරුම් කිරීමට අපි අසා ඇති කවට කතාවක් මතක් කර බලමු. එම කතාවට අනුව අපායේ සෑම ජාතියකින්ම එන පුද්ගලයන් දමන්නට වලවල් කපා ඇති අතර ලංකාවෙන් එන අය දමන වලෙහි පමනක් දොරක් නැති බව අපායට ගිය අමුත්තෙක් දුටුවේලු. ඒ මන්ද කියා යමපල්ලාගෙන් ඇසු විට යමපල්ලා කීවේ වලෙන් ගොඩ එන්නට හදන හැම එකාවම කකුලෙන් ඇද යලි වලට දමා ගැනීම ලංකාවෙන් එන අයගේ පුරුද්ද නිසා එම වලට විශේෂ ආරක්ෂාවක් අවශ්‍ය නැති බවය.
රාජපක්ෂලා නිසා රටේ හා තමන්ගේ ජීවිතයේ පසුගිය වසර 9 තුල සිදු වු ප්‍රගතියට වඩා සමහර චන්දදායකයන්ට වැදගත්වුයේ රාජපක්ෂ පවුල තමන්ගේ චන්දයෙන් බලයට විත් සැපවිඳින එක නතර කරන්නේ කෙසේද යන්නය්. අවුරුදු 30ක යුද්දය අවසන් කිරීම නිසා තම ජීවිතවලට තිබූ අවධානම තොරවූ බවවත්, චන්ද්‍රිකා යටතේ අවුරුදු 11ක් මෙලෝ සංවර්ධනයක් නැතුව සිටි රට මහින්ද රාජපක්ෂ යටතේ සීඝ්‍රයෙන් දියුනු වූ බවවත්, බදු බර ක්‍රමයෙන් අඩුවෙමින් මධ්‍යම පංතියේ ජීවන මට්ටම ක්‍රමයෙන් ඉහල ගිය බවවත්, අපිරිසිදු නගර ලෝකයේ පිරිසිදු හා ලස්සන නගර බවට පත්වෙමින් තිබෙන බවවත්, ලංකාවේ සෑම ප්‍රදේශයකටම කෙටි කාලයකින් යා හැකි දියුනු මාර්ග පද්ධතියක් ගොඩනගෙමින් තිබෙන බවවත්, පාතාල කල්ලි හා කප්පම් කරුවන්ගෙන් තවදුරටත් පුර වැසියන්ට කරදරයක් නැති බවවත්, ත්‍රස්ත බිය ලංකාවෙන් සහමුලින්ම මෙන් තුරන් වී ඇති බවවත් ඔවුන්ට තවදුරටත් වැදගත් නොවීය. මූලික ප්‍රශ්ණය වුනේ රාජපක්ෂලා හොරකම් කරනවායැය් අටුවා ටීකා සමඟ විපක්ෂය කියන කතාවය්. ඔවුන් ආන්ඩුව පෙරලූවේ රාජපක්ෂලාට පාඩමක් උගන්වන්නය.නහයට පාඩමක් උගන්නන්නට එය කපා දැම්මොත් මුහුනද කැත වන බව ඔවුන්ට මතක් වුනේ නැත." මොනවාවත් එපා හොරු අල්ලපල්ලා යැය්' නිතරදෙවේලේ මුහුනුපොතේ ලිවූ චන්ද දායකයා මෙයට හොඳම නිදසුනය්. රාජපක්ෂ ගෙදර යවා දැන් මාස 10ක් පමන වන අතර මෙම ඡන්දාදයකයට මොනවාවත් ලැබුනේ නැති බව නම් නිසැකය. ප්‍රශ්නය එය නොව අල්ලපු හොරෙකුත් නැති වීමය.
චන්ද කාලේ යහපාලකයන් කියපු කතා බොහෝමයක්ම පට්ටපල් බොරු බව ජනතාවට තේරුම් යන්නට තවත් අවුරුදු කිහිපයක් ගතවනු ඇත. කෙසේ වෙතත් මෙයින් සමහරක්වත් යලි මතක් කිරීම සුදුසුයැය් සිතෙන්නේ යහපාලන කට්ටිය නොකඩවා අලුත් අලුත් බොරු කියන නිසාය.
ජනාධිපති චන්දයට පෙර සහ පසු යහපාලකයන් කිවූ ප්‍රසිද්ධම කියමන් සමහරක් පහත දැක්වෙය්
රාජපක්ෂ පවුලට ලැම්බොගිනි කාර් තිබෙන බවට ජනාධිපතිවරණයට පෙර මහා ගෝසාවක් තිබුනි. - නමුත් හොයාගත් ලැම්බොගිනි කාර් එකක් නැත.
රාජපක්ෂ දරුවන්ට බකිංහැම් මාලිගාවේ සිට ගෙනා රත්තරන් අශ්වයන් තිබෙන බව කීවේ පොදු අපේක්ෂකයාමය - නමුත් අදවනතුරුත් හොයාගත් අශ්වයෙක් නැත.
මහින්ද රාජපක්ෂට ඩොලර් බිලියන 18 කට වඩා වැඩි විදේශ වත්කම් තිබෙන බව බී. බී. සීයට කීවේ වත්මන් විදේශ ඇමතිය - නමුත් ලංකාවට වසර නමයකට ආ සියලු විදේශ ආයෝජන ප්‍රමානයද ඩොලර් බිලියන 16 ට වඩා අඩු බව පසුව හෙලිවිය. මේ සියල්ල හොරකම් කරානම් පාරවල්, වරායවල්. විදුලි බලාගාර, ගුවන් තොටුපොලවල් වැනි මහා සංවර්ධනයක් මහින්ද රාජපක්ෂ කලේ කාගේ සල්ලි වලින්දැය් පසුව දේශපාලන වේදිකාවල ප්‍රශ්ණ කෙරිනි.
මහින්දට ගෝටාභයට හා බැසිල්ට කොළඹ කෝටි ගනන් වටිනා ලොකු මන්දිර තිබෙන බව කියවිනි - චන්දයෙන් පසු මහින්ද ගියේ මැදමූලන ඔහුගේ පරණ ගෙදරට වන අතර කොළඹ ආ විට නතරවන්නේ ඊලියන්ත වය්ට්ට අයිති මිරිහානේ නිවසකය. ගොටාභය සිටින්නේ සිය නැන්දම්මාට අයිති පරණ ගෙදරකය, බැසිල් සිටින්නේද ඔහුගේ පැරණි නිවසේය. මේ කිවූ එකම මන්දිරයක්වත් ආන්ඩුව තවමනම් සොයාගෙන නැත.
මහින්ද රාජපක්ෂ පාලන කාලයේදී ජනාධිපති කාර්යාලය සතුව තිබු වාහන දහස් ගණනක් අතුරුදහන් බව රාජිත ඇමතිවරයා කීවේය -පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් පසුකලක නිකුත් කර ඇති වාර්තාවක් අනුව සොයාගත නොහැකිව ඇත්තේ වාහන 18ක් පමනක් වන අතර එවා බොහෝමයක් 90 දශකයට කලින් නිශ්පාදිත පරණ යතුරු පැදි හා කාර් වේ. 
රාජපක්ෂලාට අයිති හෙලිකොප්ටර් හා සැහැල්ලු ගුවන් යානා තිබෙන බව කිව්වේ රන්ජන් රාමනායකය- වීරකැටියේ රාජපක්ෂ පවුලේ පැරණි ඉඩමක තිබී ගුවන් යානයක ආකෘතියට තැනූ සෙල්ලම් බෝට්ටුවක් සොයාගැනුන අතර නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ යෝෂිත රාජපක්ෂට අයිති ගබඩාවක තිබී සොයාගත් අබලන් තත්ත්වයේ තිබූ කුඩා ප්‍රමාණයේ ගුවන් යානය යෝෂිතට අයිති නොවන බව සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් එච්.එම්.සී නිමල්සිරි මහතා හෙලිකලේය. එම ගුවන් යානය 1988 වර්ෂයේ රේ විජේවර්ධන මහතා විසින් නිශ්පාදිත බවත් ලියාපදිංචිය අවලංගු වුණාට පසුව මුලින් ඒෂියන් එවියේෂන් මධ්‍යස්ථානයේත් 2013 වසරේ සිට එම යානය නාරාහේන්පිට ගබඩාවකත් රඳවා තබන බවට අනුමත ලිපි ලේඛන ඇති බවද සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දුන්නේය. 
පසුගිය රජය විසින් රුපියල් බිලියන 66.8ක වියදමක් දරමින් ආරම්භ කරන ලද කොළඹ පිටත වටරවුම් මාර්ගයේ ඉදිකිරීම් සඳහා වන අස්තමේන්තු මුදලෙන් යහපාලන ආන්ඩුවට චීන කොන්ත්‍රත්කරු රුපියල් බිලියන 30ක වට්ටමක් දුන්නායැය් කැබිනට් ප්‍රකාශක රාජිත ඇමති ප්‍රසිද්දියේ කීවේය - චීන තානාපති කාර්‍යාලය මෙය වහාම ප්‍රතික්ෂේප කලේ තම කොන්ත්‍රාත්කරුවන් පසුගිය ආන්ඩුවට බොරු ඇස්තමේන්තු දී නැති නිසා මේ ආන්ඩුවට අලුතින් වට්ටම් දෙන්නට පුලුවන් කමක් නැතිබව කියමිනි. 
ඖෂධ පනත පසුගිය රජය හිරකරගෙන හිටියා, යහපාලන රජය පනත ගෙනැවිත් ජනතාවට සහන දෙනවා යනු මැතිවරණ වේදිකාවල නිතර කියවුන කරුණකි- පනතක් නම් පසුව ගෙන ආ බව සෑබෑය. හැබය් අඩුවූ බෙහෙත් මිලක්නම් නැත. පනත කෙසේ වෙතත් බෙහෙත් වියදම නම් දිනෙන් දින අහස උසට නගිමින් පවතින බව රෝගියෝ දනිති.
අධිවේගී මාර්ගවලින් රාජපක්ෂලා කෝටිගන කොමිස් ගසන අතර කෙරවල පිටිය කඩවත අධිවේගී මාර්ගයේ කොන්ත්‍රාත්තුවේ කොමිස් මුදල පමනක් රුපියල් බිලියන 46 ක් බව යහපාලන මැතිවරණ ප්‍රකාශයේම ලියා තිබුනි. යහපාලන ආන්ඩුවෙන් මෙම කොන්ත්‍රත්තුවම පසුකලක එම කොන්ත්‍රාත් කරුටම දුන්නේ පසුගිය ආන්ඩුව ඇස්තමේන්තු කලාටත් වඩා වැඩි මිලකටය. යහපාලන ආන්ඩුව මධ්‍යම අධිවේගී මාර්ගයේ කොටසක් සඳහා අලුත් කොන්ත්‍රාත්තුවක් දුන්නේ රාජපක්ෂ යුගයේ අසාවත් නැති තරම් ඉහල මිළකටය.
අවන්ගාඩ් සමාගම නීති විරොදීව පිහිටවන ලද්දක් කියාද මහා ගෝසාවක් විය- අධිකරණ ඇමති විජෙදාස රාජපක්ෂම පසුකලක අවන්ගාඩ් කොන්ත්‍රත්තුව නීත්‍යානුකූලව බව පැවසූ අතර අධිකරණයද පසුව එය තහවුරු කලේය.
රත්නාලංකා යනු ගෝටාභයගේ පෞද්ගලික සමාගමක්ය යන මතයක් චන්දයට පෙර මතුකරන ලදී- මෙය ආරක්ෂක අමාත්‍යාංශයට අනුබද්ධ රජයට අයත් ලාබ ලබන ආයතනයක් බව අද හෙලිවී ඇත.
ජනාධිපති රාජපක්ෂ වෙනුවෙන් රට පුරා මාලිග ඉදිවෙමින් පවතීන බව පොදු අපෙක්ශකයාත් අගමැති අපේක්ෂකයාත් දෙදෙනාම පැවසූහ. එහෙත් අදවන තුරු සොයාගත් මාලිගාවක් නැත. ජනාධිපති සිරිසේන නම් පසුගියදා පරිපූරක ඇස්‌තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට මහාමන්දිර දෙකක් එක් කොට සුවිසල් ජනපති මන්දීරයක් සාදන්නට මිලියන් 250ක් රජයෙන් වෙන්කරගත්තේය. ජනාධිපතිවරයා වෙනුවෙන් වියදම් සඳහා දහ අට කෝටියක් උවමනා බවද අදාල යෝජනාවේ දැක්වින.එසේම බී.එම්.ඩබ්ලිව්. කාර් රථයක්‌, බී.එම්.ඩබ්ලිව්.ආර්. 1200 යතුරුපැදි 12 ක්‌ ජනාධිපති ආරක්‍ෂක අංශය වෙනුවෙන් මිලට ගැනීමට රුපියල් හත්කෝටි හයලක්‍ෂයක්‌ ද ඉල්ලා පරිපූරක ඇස්‌තමේන්තු ඉදිරිපත් කරන ලදී. 
පසුගිය රාජපක්‍ෂ ආණ්ඩුවේ ලොක්කන් ඩුබායි බැංකු තුනක සගවා ඇති මුදල්වලින් අවුරුදු තුනකට අයවැය හිගය පියවන්න හැකියැය් කීවේ ලක්ෂ්මන් කිරිඇල්ලය - අද වනතුරුත් හොයාගත් බැංකු ගිනුමක් නැත. පසුගියදා මේ බොරුව නැවත කරලියට ඇවිත් නැවත අතුරුදහන් විය. ඒ ඩුබාය් වල තිබෙන පසුගිය රජයේ ලොක්කෙකුගේ පුතෙකුට අයිති ඩොලර් මිලියන 500 ක ගිනුමක අයිතිය ඉල්ලා ශ්‍රී ලංකා රජය නඩු පවරා අතැය් ආරක්ෂක රාජ්‍ය ඇමතිවරයාට අයිති පුවත්පතක සඳහන් වීමත් සමඟය. එහෙත් එම පුවත බොරුවක් බව විදේශ ඇමතිවරයාට සම්බන්ධ වෙබ් අඩවියකින් දින කිහිපයකට පසු අනාවරණය කරන ලදී.
රගර් ක්‍රීඩක තජුඩීන්ගේ මරණය හදිසි අනතුරක් නොව මිනීමරුමක් කියා මහ මැතිවරණයට ඔන්න මෙන්න කියා තජුඩීන්ගේ මිනිය පවා ගොඩගෙන තාප්ප පුරා පෝස්ටර් ඇලෙව්වේ යොෂිත රාජපක්ෂට මඩ ගහන්නය. එහෙත් හොයාගත් දෙයක් නැති නිසා චන්දයට පසු සද්ද නැතුව මිනිය ආපසු වලලන ලදී.
අලුත් ආන්ඩුව ආපුගමන් පෙට්‍රල් මිල අඩුකලා යැය් මහ මැතිවරණයට පෙර ආන්ඩුව පුන පුනා කීවේ මහා ජයග්‍රහනයක් ලෙසය. නමුත් සත්‍යය නම් පසුගිය වසරේ ලෝක වෙළඳ පොලේ බැරලයකට ඩොලර් 110 පමන වූ තෙල්මිල මෙම වසරේ ජනවාරි වන විට බැරලයකට ඩොලර් 46 කට පමන සීඝ්‍ර ලෙස අඩුවී තිබීමය. ජනතාවට ලැබුනේ ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩුවීමේ සහනයය්. පෙට්‍රල් ලීටරයකට පසුගිය රජය අයකල රුපියල් 67 ක බද්ද මේ ආන්ඩුවද එම ලෙසම අයකරය්. ඒ නිසා ලෝක වෙළඳපොලේ තෙල් මිල ආපසු ඉහල ගියදාට මෙම බොරුවද එලිවනු ඇත.
සාමාන්‍ය ජනතාවට කාර් ගන්න පහසුවෙන්න කාර් හදන්න කර්මාන්ත ශාලවක් කුරුණෑගල පිහිටවනවායය් චන්දයට පෙර නිතර අසන්නට ලැබුනි.- නමුත් අද සිදුවී ඇත්තේ කාර් වලට ගහන බදු අසීමන්තිකව වැඩි කිරීම හා ලීසින් පහසුකම් ඉවත් කිරීමෙන් සාමාන්‍ය ජනතාවට කාර් ගැනීම සිහිනයක් පමනක් වී තිබීමය. 
රාජපක්ෂ රජයේ මුල්‍ය අක්‍රමිකතා විශාල වශයෙන් සිදු උනායය් කියමින් පසුගිය රජයට සම්බන්ධ සෑම කෙනෙකුම පාහේ පොලිස් මුල්‍ය අපරාධ අංශය විසින් ප්‍රශ්න කර ඇත. නමුත් අදවන තුරු ඔප්පු වූ එකද මුල්‍ය අක්‍රමිකතාවක් නැති අතර නඩු පවරා ඇති විශාලම මුදල වන්නේ ලලිත් වීරතුන්ග හා අනුෂ පැල්පිට රුපියල් මිලියන් 600ක සිල් රෙදි ජනතාව අතර බෙදාදුන්නා කියන
 චෝදනාවය්. මෙයද කාගේවත් පෞද්ගලික ගිනුමකට ගියබවක් චෝදනාවේ නැත. විදුලි සංදේශ නියාමක කොමිසමෙන් වියදම් නොකරබෞද්ධ කටයුතු අමාත්‍යාංශයෙන් මෙම මුදල මෙම හේතුවටම වියදම් කලානම් එය මුල්‍ය අපරාධයක් වන්නේ නැත.නමුත් යහපාලන රජය පත්වී දින 50ක් ගතවන්නටත් පෙර මහ බැංකුවේ සිදුවූ රුපියල් බිලියන 10ක බැඳුමකර වංචාවක් පිළිබඳ චෝදනාවක්නම් ඉදිරිපත් විය.මෙහි වාසිය ලබාගෙන තිබුනේ මහ බැංකු අධිපතිවරයාගේම බෑනාය.වංචාව වසාගන්නට රජයේ ප්‍රබලයන් දඟලපු දැඟලිල්ලට මෙයට තව කවුරු කවුරු සම්බන්ධදැය් විශාල සැකයක් මතුවෙය්. වක්‍ර අකාරයෙන් මෙම ගනුදෙනුව නිසා නිසා රටට වූ පාඩුව රුපියල් කොටි 50 කට වැඩි බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දුන් අතර පාර්ලිමෙන්තුවේ මීට එරෙහිව විශ්වාස බංගයක් ඉදිරිපත් විය. අදාල කෝප් කමිටු වාර්ථාව රජයට අහිතකර බව දැනගන්නට ලබුන විට වාර්ථාව විවාද නොකර පාර්ලිමේන්තුව විසුරවා හැර රජය බේරාගැනීමට ජනාධිපතිවරයාම ඉදිරිපත් වූ බවක් පෙනෙන්නට තිබුනි.
යහපාලන රජයක් ආවිට විදේශ ආයෝජන ලංකාවට ගලාගෙන එනවායය් එදා පුරසාරම් දොඩන ලදී. මාස 10ක් ගතවීත් අද වන තුරු ආ එකද වැදගත් විදේශ ආයෝජනයක් නැති අතර රජය එදාවේල කන්න දස අතේ ණය වෙමින් සිටිය්. කොළඹ කොටස් වෙළඳ පොලේ තිබුන විදේශ ආයෝජනත් සීඝ්‍රයෙන් රටින් පිටතට ඇදීයාම නිසා පසුගිය මාස 10තුල කොටස් වෙළඳපොල සමස්ත මිල දර්ශකය 7500 සිට 7000 පමන කඩා වැතී ඇති අතර කොටස් වෙළඳපොලේ දෛනික ආදායම මිලියන් 2000 හි සිට මිලියන් 400 ට පමන් අඩු වී ඇත.
යහපාලන ආන්ඩුවක් අවාම ආර්ථික වර්ධන වේගය වැඩිවී රුපියල ස්ථාවර වෙනවා කියාද කියවිනි. නමුත් පසුගිය වසර කිහිප්ය පුරාවටම 7% වඩා ඉහලින් තිබුන ආර්ථික සංවර්ධන වේගය මේ වන විට 5.5% පහත වැටී ඇති අතර ඩොලරයකට රුපියල් 130 ක තිබුන අපේ මුදල් මස්තබාල්දු වී අද ඩොලරයකට රුපියල් 144 ට පමන කඩා වැතී ඇත. මෙම වසර අවසන් වන විට එය තවත් විශාල ප්‍රමානයකින් අවමාන වන බව දන්නෝ දනිති. මෙහි අවසන් ප්‍රතිපලය වන්නේ පිටරටින් ගෙන්වන සෑම භාන්ඩයකම මිළ ඉදිරි කාලයේ අතිශයින් ඉහල යාමය්.
උතුරෙන් හමුදා කඳවුරු ඉවත් කරන්නේ නැහැයන්නද කඩවුන පොරොන්දුවකි- හමුදා කඳවුරු වලට අයත් ඉඩම් දහස් ගනන් උතුරේ ටී ඇන් ඒ සාමාජිකයන් අතර යහපාලන රජය බෙදා දුන්නේ උත්සවාකාරයෙනි. කඳවුරු රැසක බලඇණි සීමා කරන ලද අතර කුඩා කඳවුරු කිහිපයක්ම වසාදමන ලදී.
අපි යුද විරුවන් පාවාදෙන්නේ නැහැ කීම තවත් විහිලුවකි- මේ වන විට 2002 රනිල්ගේ සාම ගිවිසුමෙන් පසු රජයක් විසින් කල ලොකුම පාවාදීම කරමින් යහපාලන රජය යුද විරුවන් අධිකරණයට ගෙනයන්නට ඇමෙරිකාව විසින් ජිනීවාවල ඉදිරිපත් කල යෝජනාවලට එකඟවූවා පමනක් නොව එම යෝජනාවල කොටස් කරුවෙකුද වී අවසානය.
යහපාලන ආන්ඩුවේ මීලඟ අයවැයෙන් අධ්‍යාපනයට දළ ජාතික නිශ්පාදනයෙන් 6% වෙන් කරණ තුරු බලාගෙන ඉන්න විශ්ව විද්‍යාල ආචාර්යවරුත් කොටසකුත් මේ පුදුම රටේ සිටිති. රටේ දල ජාතික නිශ්පාදනයෙන් 6% කියන්නේ රුපියල් බිලියන් 630 ක් පමනවූ වියදමක් බවත් එය 2014 වාර්ශික රාජ්‍ය ආදායම වූ රුපියල් බිලියන් 1200 න් 50% ටත් වැඩි මුදලක් බව තෙරුම් ගන්නට තරම් සාමන්‍ය ගණිත අවබෝදයක් මේ ආචාර්ය උන්නැහැලාටවත් නැති කම යහපාලන බොරුව චන්දය ජයගන්නට ප්‍රධාන හේතුවය්.
බොරුවෙන් බලයට ආවාට බොරුවෙන් කොපමනකල් රට කල හැකිද යන්න අනාගතය විසින් තීරණය කරනු ඇත.
ඉදිරියේදි ලියවෙන දෙවන හා තුන්වන කොටස්වලදී යහපාලකයන්ගේ  බියගුලුගම ( හෙවත් පරගැතිකම ) හා බැරිකම පැහැදිලි කෙරෙනු ඇත
තව කෙනෙකුට කියවන්න Share කරන්න
දේශීයයි කියා අමූලික බොරු එපා.. ජිනීවා යෝජනාවේ 
හයවන ෙඡ්දය අමු සිංහලෙන් මෙහෙමයි..

ජිනීවාහිදී ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත වූ යෝජනාවේ හයවන ක්‍රියාන්විත ජේදයේ සඳහන් විදේශිය විනිසුරන් විදේශිය අභියෝජකයන් විදේශිය නීතිඥයන් විදේශීය විමර්ෂන නිලධාරීන් ආදිය සම්බන්ධ වූ යාන්ත‍්‍රණයක් දේශීය යාන්ත‍්‍රණයක් වන්නේ කෙසේදැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

කොලඹදී පැවති විපක්‍ෂයේ පක්‍ෂ නායක හමුවේදී මන්ත‍්‍රීවරයා මේ අදහස් පල කලේය.

‘මේ දිනවල විපක්ෂයේ අපි කියනවා යෝජිත අධිකරණ යාන්ත්‍රණය දෙමුහුන් අධිකරණ යාන්ත්‍රණයක් කියලා.  ආණ්ඩුවෙ අය කියනවා ඒක දේශිය යාන්ත්‍රණයක් කියලා. අපි මේක මහා පාවාදීමක් කියා කියද්දි ආණ්ඩුවෙන් කියනවා ජාතිය ගලවාගත්ත මහා විජයග්‍රහනයක් කියල.  මේ දෙපැත්තෙ කතා දෙක අහන් ඉන්න කොට රටේ ජනතාවට හිතෙනවා දෙයියනේ මේ අය කතාකරන්නේ යෝජනා දෙකක් ගැනද කියල.  එක යෝජනාවක් ගැනනම් මෙහෙම කියන්න බෑ නේද කියල.

ඒ නිසා  අපි කතාකරන්නෙ ශ්‍රී ලංකාවෙ විදේශ අමාත්‍යන්ශයේ කෙටුම්පත් යෝජනාවක් විදිහට තමන්ගෙ වෙබ් අඩවියේ පලකර ඇති යෝජනාව ගැනයි.

ආණ්ඩුව කනතාකරන්නේ වෙනත් යෝජනාවක් ගැනනම්.  මේ දෙමුහුන් නෑ කියන පාවාදීමක් නොවේය කියන ඒ යෝජනාව කරුණාකරල පාර්ලිමේන්තුවේ සභාගත කරන්න රටට ඉදිරිපත්කරන්න කියල අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

ඇයි මේ අය ප්‍රකාශ කරන්නේ මානව හිමිකමි කොමසාරිස්වරයාගේ වාර්තාවෙනම් දෙමුහුන් කියල තිබ්බ යෝජනාවෙ කොතනකවත් දෙමුහුන් නෑනෙ කියල.  මිත්‍රවරුනි අපි යමක් වර්ග කරන්නෙ ඒ මත අලවල තිබෙන ලේබල දිහා බලල නෙවෙයි.  ඒකෙ ලක්ෂණ දිහා බලල. ශ්‍රී ලංකාවෙ ඒකීය රාජ්‍යයක ලක්ෂණ තියෙනව.  අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ ඒකීය කියල සදහන් වෙලත් තියෙනව. අන්න ලේබලෙත් ගහල ලක්ෂණත් තියෙනව.

ඉන්දීය ව්‍යවස්ථා‍වෙ ෆෙඩරල් ව්‍යවස්ථාවක්  ලෙස ලෝකෙම පිළිගන්නව.  නමුත් ඉන්දීය ව්‍යවස්ථාවෙ කොතනකවත් ෆෙඩරල් කියල ගහල නෑ.  ඉන්දියාව ෆෙඩරල් රාජ්‍යයකි කියල ලියල නෑ.  හැබැයි එහි ලක්ෂණ දිහා බලල හැමෝම ඒකමතිකව තීරනය කර තියෙනව ඉන්දියාව ෆෙඩරල් රටක් කියල.

කෙනෙක් පිරිමියෙක් කියල හදුනගන්නෙ හැදුනුම්පතේ පිරිමියෙක් කියල තියෙන නිසාම නෙවෙයි.  පිරිමි ලක්ෂණ ඔහුට තියෙන නිසා.  කාන්තාවක් උනත් එහෙමයි.  එහෙමනම් දෙමුහුන්ද නැද්ද කියන එක තීරනය වෙන්නේ දෙමුහුන් ලක්ෂණ තියෙනවද නැද්ද කියන එකෙනුයි.

අපේ අධිකරණ යාන්ත්‍රණයේ දේශිය අයගෙන් පමනක් සමන්විත වෙනවනම් ඒක දේශීය යාන්ත්‍රණයක්. එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් විනිසුරුවන් අභියෝජකයන් විමර්ශන නිලධාරීන් පත්කෙරෙනව නම් ඒක ජ්‍යාත්‍යන්තර යාන්ත්‍රණයක්. විදේශ රටවලින් ඒ අය නම්කරනව නම් ඒක විදේශ යාන්ත්‍රණයක්.  මේ සියලු ලක්ෂණ එකට තියෙනව නම් මේක දෙමුහුන් යාන්ත්‍රණයක්.

අපි මේක දෙමුහුන් යාන්ත්‍රණයක් කියන්නේ හයවන ක්‍රියාන්විත ජේදයේ විදේශිය විනිසුරන් විදේශිය අභියෝජකයන් විදේශිය නීතිඥයන් විදේශීය විමර්ෂන නිලධාරීන් සිටින බව පෙනෙන නිසයි.  බොහෝ දෙනෙක් කියනව මේක දෙමුහුන් අධිකරණයක් කියල.  නෑ මේක ඊටත් එහා ගිය එකක්.  දෙමුහුන් අධිකරණ යාන්ත්‍රණයක්. දෙමුහුන් අධිකරණයක්නම් එහි සිටින්නේ විදේශීය විනිසුරුවරුන් විතරයි. ඉන් එහාට ගිහිල්ල අපේ නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්ය කරන අභියෝජක විදිහට කටයුතු කරන තැනත් විදේශියයන් ඉන්නවා.

පොලීසියේ කාර්ය වන විමර්ශණය කිරීමේදීත් විදේශිකයන් ඉන්නව.  අපේ සාමාන්‍ය නිල නොවන මණ්ඩලයේ නීතිඥයන් ඉන්න තැනත් විත්තියේ නීතිඥයන්ගේ කාර්ය කරන තැනත් විදේශිකයන් ඉන්නව.  ඒ නිසා තමයි මේක දෙමුහුන් අධිකරණයක් නොවෙයි අධිකරණ පද්ධතිය පුරාවම විදේශිකයන් ඉන්න නිසා දෙමුහුන් අදිකරණ පද්ධතියක් නැතිනම් දෙමුහුන් අධිකරණ යාන්ත්‍රණයක් බවට පත්වෙන්නේ.

යෝජනාවෙ ඉතා නිවරදිව පාවාචිචි කරල තිනෙව judicial Mechanism කියන වචනය.  ඒ කියන්නෙ සමස්ත යාන්ත්‍රණයම විදේශියකයන්ගේ සහභාගීත්වයෙන් සිදුවෙන්නේ.

උදලා ගම , පරනගම වාර්තා රටට හෙළිකරන්න

අපි පහුගිය කාළේ ඉල්ලිමක් කලා උදලා ගම වාර්තාව හෙළිකරන්න, පරනගම වාර්තාව හෙළිකරන්න මෙක ජත්‍යන්තරය සමග ගැටෙන සටනේ දී මේ සටනේ දී අපිට ශක්තියක් වෙයි. අගමැතිතුමා ප්‍රකාශ කරලා තියෙනවා ඔවුන් මේ මාසේ 26 වෙනිදාට එම වාර්තා හෙළිකරනවා කියලා. එක බෝහොම හොද දෙයක් අපිට අගමැතිතුමාට බෝහොම කලාතුරකින් තමයි අපිට හොදයි කියන්න පුළුවන් වුණේ.

හොද දේ අගමැතිතුමා කලත් අපි අගය කරනවා එක බෝහොම හොදයි. හැබැයි එතනින් නතර වෙන්න එපා අපේ ප්‍රභලම ඉල්ලිම වුණේ ශ්‍රීමත් රාජ්‍ය නීතිඥ ඩෙස්මන් ද සිල්වා මහතාගේ වාර්තාව අවාම එක ඉදිරිපත් කරන එකයි. උදලාගම වාර්තාව පෙන්නලා, පරනගම වාර්තාව පෙන්නලා ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදු නොවුනයි යුද අපරාධ පිළිබද ලොව සිටින කිර්තිමත්ම පුද්ගලයෙක් වන ශ්‍රීමත් රාජ්‍ය නීතිඥ ඩෙස්මන් ද සිල්වා මහතාගේ වාර්තාව වහාම හෙළි කරන්නයි කියලා අපි ආණ්ඩුවට කියනවා. අපි ශ්‍රීමත් රාජ්‍ය නීතිඥ ඩෙස්මන් ද සිල්වා මහතාගේ වාර්තාව හෙළි කරන්න කියලා ආණ්ඩුවට කියන්නේ ඔහු ලංකිකයෙක් වීම විතරක් නෙවෙයි, ඔහු ලොකයේ ඉන්න යුද අපරාධ විශේඥයකු නිසායි.

කවුද මේ ශ්‍රීමත් රාජ්‍ය නීතිඥ ඩෙස්මන් ද සිල්වා මහතා ඔහු තමයි සියරා රියොන් කියන යුද අපරාධ පිළිබද එක්සත් ජාතින්ගේ යුද අපරාධ අධිකරණයේ අභියොජක කාර්යලයේ අභියොජක නැතිනම් නීතිපතිගේ කාර්ය සිදු කල පුද්ගලයා. ඔහු තමයි ගාසාතිරයට ආධාර අරගෙන විදේශිය නැව් වලින් පැමිණෙද්දි ඒ නැව් වලට ඉශ්‍රයලය පහර දුන්නාම ඒ පිළිබදව සොයා බලා එක්සත් ජාතින්ගේ සංවිධානයට වාර්තා කරන්න එක්සත් ජාතින්ගේ සංවිධානය පත් කල ප්‍රධාන විමර්ශන නිලධාරියා. ඒ වගේම එතුමා බිත්‍රතන්‍ය ආණ්ඩුවේ නිති උපදේශකවරයෙක්. ඒ විතරක් නොවෙයි බිත්‍රතන්‍ය රැජිනට උපදෙස් දීමට තිබෙන ඉහලම මණ්ඩලය වන පිවි කවුන්සිලය (Privy councils) සමස්ත කොමන්ට් වෙල්ත් (commonwealth) එකේම ඉහලම අධිකරණය වන, රැජිනට උපදෙස් දෙන ඉහලම මණ්ඩලය වන පිවි කවුන්සිලයේ (Privy councils) සමාජිකයෙක්.

බටහිර ලෝක පිළිගත් චරිතයක් පවා අපි කියන දේ පිළිගන්න බැරිනම් එංගලන්තයේ එක්සත් ජාතින්ගේ සංවිධානය, ඇමරිකාව යන සියළු දෙනාම පිළිගත් චරිතයක් පවා ලංකාවේ වුනේ මොකක් දැයි විවරනය කරලා තියෙද්දිත් ඇයි ඒ වාර්තාව යටපත් කරන්නේ? එකේ කවුරුහරි වැරදි කරලා තියෙනවනම් එවාත් හෙළිකරන්න. වැරදි කරපු අයව දඩුවම් කිරීමක් අපි සගවන්න බලාපොරොත්තු වෙන්නේ නෑ.  මේ රටේ ස්වාධිපත්තිය විනාශ කිරීමට දරන වැයමයි අපි අභියොගයට ලක් කරන්නේ.

“ඔවා දෙනු පරහට තමා සම්මතයෙහි පිහිටා සිට”

ඒ වගේම අද මේ ඇමරිකාවට බිත්‍රතන්‍යයට ලංකාව පිළිබද තියෙන උනන්දුව තමන් පිළිබද නැනේ. 2009 දී බිත්‍රතන්‍ය , ඉරාකය සහ ඇෆ්ගනිස්ථානය සිදුකරන ලද යුද අපරාධ පිළිබද සොයා බැලිමට පත් කරා ශිමත් ජොන් චිල්කොට්ගේ සභාපතිත්වයෙන් චිල්කොට් කොමිසම 2009 දී පත් කළේ. අපේ උගත් පාඩම් කොමිසමට කලින් පත් කලේ. එක නිසා අපි බිත්‍රතන්‍යයට අභියොග කරනවා ලංකාවේ මානව හිමිකම් කඩවිම් සේවීමට කලින් තමන්ගේ හමුදා මානව හිමිකම් කඩවිම් පිලිබද සොයා බලා සකස් කර තිබෙන චිල්කොට් වාර්තාව වහාම හෙළිකරන්න “ ඔවා දෙනු පරහට තමා සම්මතයෙහි පිහිටා සිට” කියලා අපි ඉංග්‍රිසින්ට සිංහලෙන් කියන්න කැමතියි.

– අරවින්ද අතකෝරල
තව කෙනෙකුට කියවන්න Share කරන්න
කෞෂාල් ටෙස්ට් සංචිතයේ රඳවා ගැනීමට තීරණය කරයි



බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරග දෙකකින් යුත් තරගාවලිය සඳහා පිට දග පන්දු යවන කී‍්‍රඩක තරිඳු කෞෂාල් තවදුරටත් කණ්ඩායමේ රඳවාගැනීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ.

යොවුන් පිතිකරු කුසල් මෙන්ඩිස්ටත් ජාතික සංචිතයට කැඳවීමක් ලැබී තිබේ. කුසල් මෙන්ඩිස් ශී‍්‍ර ලංකා 19 න් පහළ පිලේ හිටපු නායකයාය. ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර පැවැති ටෙස්ට් තරගාවලියේදී පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳ සැකයට පාත‍්‍රවූ තරිඳු කෞෂාල්ගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදිද යන්න පරීක්‍ෂා කිරීම සඳහා ඔහුව චෙන්නායි නුවර පිහිටි පරීක්‍ෂණ මධ්‍යස්ථානයට යැවිණ.

එහිදී හෙළිදරව් වූයේ කෞෂාල්ගේ ‘දුස්රා’ පන්දුව නීති විරෝධී සිමාවෙන් පිටත වුවත් ඔහු විසින් නිරන්තරයෙන් යවනු ලබන පන්දුව වන ‘පිට දග පන්දුව’ නීති විරෝධී නොවන බවයි. පරීක්‍ෂණ වාර්තාව ලැබීමෙන් පසුව ශී‍්‍ර ලංකා පිලේ තාවකාලික පුහුණුකරු ජෙරම් ජයරත්න මහතා කීවේද තරිඳු කෞෂාල් වැඩි කඩුලූ ප‍්‍රමාණයක් දවාගන්නේ පිට දග පන්දුවෙන් වන බැවින් තරිඳු කෞෂාල් සමග ඉදිරියට යා හැකි බවයි.

ජෛව තාක්‍ෂණවේදය පිළිබඳ බටහිර ඕස්ටේ‍්‍රලියානු විශ්ව විද්‍යාලයේ විශේෂඥයකු වන ආචාර්ය ඩැරල් ෆොස්ටර් මහතා පවසා ඇත්තේ තරිඳු කෞෂාල්ගේ ‘දුස්රා’ පන්දුවත් නියමිත සීමාවට ගතහැකි මායිමේ තිබෙන බවයි. කි‍්‍රකට් තරගයකදී පන්දු යැවීමේදී අත නැමිය හැකි සීමාව අංශක 15 ක් දක්වා වුවත් දුස්රා පන්දුව යවන අවස්ථාවලදී තරිඳු කෞෂාල්ගේ අත අංශක 12 සිට අංශක 21 අතර ප‍්‍රමාණයක් දක්වා නැවෙන බව පරීක්‍ෂණ වලින් සනාථ වී තිබිණ .

කෙසේ වෙතත් ශී‍්‍ර ලංකා සංචිතයට පිට දග පන්දු යවන්නකු වශයෙන් ඩිල්රුවන් පෙරේරාත් ඇතුළත්ව සිටින අතර ප‍්‍රවීන පා දග පන්දු යවන්නා වන රංගන හේරත්ද සංචිතයේ සිටී. ශී‍්‍ර ලංකා සංචිතයට කඩුලූ රකින්නන් දෙදෙනකු වන කුසල් ජනිත් පෙරේරා මෙන්ම දිනේෂ් චන්දිමාල්ද ඇතුළත්ව සිටින බැවින් කඩුලූ රැුකීමේ වගකීම කාට බාරකෙරෙනු ඇත්ද යන්න ඉදිරියේදී තීරණය කිරීමට නියමිතය.ශී‍්‍ර ලංකාව සහ කොදෙව් පිල අතර පළමු ටෙස්ට් තරගය ටෙස්ට් තරගය මේ මස 14 වැනිදා ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

ශී‍්‍ර ලංකා ටෙස්ට් සංචිතයඇන්ජලෝ මැතිව්ස් (නායක), ළහිරු තිරිමාන්න, කෞෂාල් සිල්වා, දිමුත් කරුණාරත්න, දිනේෂ් චන්දිමාල්, කුෂල් ජනිත් පෙරේරා, මිලින්ද සිිරිවර්ධන, කුසල් මෙන්ඩිස්, රංගන හේරත්, ඩිල්රුවන් පෙරේරා, තරිඳු කෞෂාල්, ධම්මික ප‍්‍රසාද්, නුවන් ප‍්‍රදීප්, සුරංග ලක්මාල් සහ දුෂ්මන්ත චමීර
තව කෙනෙකුට කියවන්න Share කරන්න
"සතුරා භීතියෙන් සසළකල විශේෂ බලකායේ දිගු දුර විහිදුම් "
මරණයට අභියෝග කර ජීවිතය ලැබුවෝ 
.(01 කොටස)




සතුරු භුමිය විනිවිද ගොස් මාරක ප්‍රහාර එල්ල කිරීමේ දිගුදුර විහිදුම් සටන් කලාවේ ප්‍රවීණයන් වූ විශේෂ බලකා ඉතිහාසයේ ලියවුනු තවත් එක් කතා පුවතකි මේ...

එවකට මේජර් කුමාර ගල්හේනගේ නිලධාරී අණදෙන වශයෙන් තම කණ්ඩායමට (company) අයත් ලුතිනන් රාජකරුණා සහ සැරයන් මුතුසිංහගේ නායකත්වයෙන් 6දෙනාගේ කණ්ඩායම් දෙකක් විශේෂ මෙහෙයුමකට කැඳවන ලදී. සතුරු අණසක පතුරාගෙන සිටි නැදුන්කර්නි භුමියේ විශේෂිත රැකසිට පහරදීමේ මෙහෙයුම් 02ක් සඳහා ඔවුනට අණ ලැබිණි.
පසුදින ඒ සඳහා ඉදිරි ආරක්ෂක වළල්ල වෙත කිලෝමීටර් 06 සමුහ සතුරු නාශක වෙඩි මගහරිමින් ගමන්කළ ඔවුන් එදින රාත්‍රියේ 10වන පාබල හමුදාවේ බ්‍රාවෝ කණ්ඩායමේ ස්ථානාගත වුහ. 0530පැයට පරිසරයට අනුව වෙස්වලාගෙන ඉදිරි ආරක්ෂක කලාපය වෙත ගමන්කළ ඔවුන් පළමුව සැරයන් මුතුසිංහ ගේ කණ්ඩායමත් දෙවනුව ලුතිනන් රාජකරුණාගේ කණ්ඩායමත් මාමඩුව ප්‍රදේශයෙන් ඉදිරි ආරක්ෂක කලාපයට ඇතුළු වුහ. ඉන් කි.මි.05ක් පමණ ඇතුලට ගිය ඔවුන් උදැසන ආහාරය එහිදී ලබහත්හ. තවත් කි.මි.05ක් පමණ ගොස් දිවා ආහාරයද ලබාගත් ඔවුන් දැන් සිටින්නේ සතුරාගේ ක්‍රියාකාරිත්වය ඉහල භූමියක නිසා වඩාත් ප්‍රවේසම් වුහ. එවන් විටක "ගොළුවා " ලෙස ආමන්ත්‍රණය කරන සයිලන්සර් යෙදු MP 5 අවිය යොදාගැනීමට ඔවුන් නිතර ප්‍රවේසම් වුහ. හරි හැටි යටිරෝපනයක් නොමැති මේ කැලේ තුල දිව කාලයේ ගමන් කිරීම මරණයට ඇත වැනීමකි. නමුත් විශේෂ බලකායෙන් ලද පුහුණුව එම අභියෝග ජයගැනීමට ඔවුන්හට ආශිර්වාදයක්ම විය. හදිසියේම ඉදිරියේදී හමුවුන පාරවල් දෙක අසල විනාඩි 45ක් පමණ විමර්ශනය කල ඔවුන් ඉන් පසුව එය හරහා ගියෝය. මෙහිදී කුඩා බංකරයක් සහ පැල්කොටයක් ඔවුන්ගේ ඇස ගැටිනි. එහි කිසිවෙකු නොසිටි නමුත් අතුගා ඇති පාරවල් දුටු ඔවුන් වහාම ඉන් ඉවත් විය.
හිරුගේ උණුසුම ගෙවී යාමෙන් පසුව එදින රැය පහන් කරන්නට එකලඟ ගස් ඇති තැනක් තෝරාගෙන රය පහන් කළෙමු. දිවා කාලයේ දැඩි හිරු රශ්මිය විදි නිසාම රතිරියේ කිහිපදෙනෙකු මුත්‍රා දැවිල්ල සැදී තිබු නමුදු මුවින් ශබ්ධ නොනගා එය ඉවසා දරාගැනීමට මෙම විශිෂ්ටයන් හට සිදුවිය. පසු දින පාන්දර 0530පැයට සැරයන් මුතුසිංහ තම කාණ්ඩය සමග රැකසිට පහරදීමට පිටත්විය. 0630පමණ ලූතිනන් වරයාගේ කන්ඩායමද ආදාල රැකසිට පහරිමට පිටත් වුහ.මේවන විට ඔවුන් කි.මි.15ක් පමණ පැමිණ සිටියහ. හදිසියේ ඉදිරියෙන් විවුර්ත භූමියක් ඔවුන්ගේ අස ගැටිණි. පැයක් පමණ කාලයක් එය නිරික්ෂනයෙන් අනතුරුව දකුණුපසින් කුකුලෙකු හඬලන හඬ ඇසි ඔවුන්ගේ මුහුණේ මතුවුයේ ප්‍රශ්නාර්ථයකි. "ගම්මානයක් ?" ඉන් අනතුරුව ඔවුන් වඩාත් විමසිල්ලෙන් නිරීක්ෂණයේ යෙදුනෝය. ටික වෙලාවකට පසු ගසක් උඩට නැගි සෙබලෙක් අතැති දුරදක්නයකින් දුටුවේ ට්‍රැක්ටර් රථයක් පාරක ගමන්ගන්න අයුරුයි. ඒ අවට වඩ වඩාත් නිරීක්ෂණයෙන් පසුව වැවක් කුඹුරු යායක් ඇති බවත් සිතියම නිරීක්ෂණයෙන් පසු මේ පරප්පම්කන්ඩාල් ගම බවත් ඔවුන් හට පසක් විය. මේ අතර වෙඩි හඬක් දෙවරක්ම ඇසීමෙන් පසු ඒ බව නිලධාරී අණදෙන හට සලකිරීමට ඔවුන් තීරණය කලත් පණිවිඩ හුවමාරු යන්ත්‍රය ක්‍රියාත්මක නොවූ නිසා ඉදිරි ගමන පිලිබඳව අවිනිශ්චිත තත්වයක් මතු විය.
" ඕන දෙයක් අපි යමු " ලුතිනන් වරයා පැවසු විට සියල්ලෝම හිස් වනුහ. එදින රාත්‍රිය සඳ පායා ඇති රැයක් වුනු අතරම සඳ එළියෙන් නැහැවෙමින් නිදහසේ ගමන් කිරීම කිසි සේත් ආරක්ෂිත නොවිය. එයින් මීටර් 300ක් පමණ ඉදිරියෙන් විශාල විදුලි එළියක් ඔවුන්ට ඉහලින් විටින් විට එල්ල වන්නට විය. එයින් ආරක්ෂා වෙමින් වැටි වැටි නැගිටිමින් විටක බඩ ගාමින් ඉදිරියට ඇදුනු ඔවුන් දහවල් දුටු පාරේ මිනිසුන් දෙදෙනෙක් විදුලි පන්දම් දල්වමින් ගමන් කරනු දුටුවෝය. නැවතත් වෙඩි හඬක් ඇසිනි. ඔවුන් පාරට ලං වෙනවා සමගම 'කන්සිටිනා රෝල්' යොදා පාර මෙපිට අවුරා ඇතිබව දක්නට ලැබිනි. A -9 මාර්ගය දෙපසවත් 'කන්සිටිනා රෝල්' නොදමන අතර මෙය ඉතා වැදගත් මාර්ගයක් විය යුතුය. ඒ අසල ලගින් ළඟ ලි ගැසූ ශක්තිමත් වැටක් විය. එය අමාරුවෙන් තරණය කල ඔවුන් පසුව එය නැවත පිළිසකර කලෝය. ඊට මීටර් 400ක් පමණ එපිටින් ලන්තරුන් එළියක් දක්නට ලැබිණි. තව දුරටත් ඉදිරියට ගිය ඔවුන් දකුණු දෙසින් දත් විලිස්සාගත් යක්ෂ දඩබල්ලන් දස දෙනෙක් පමණ සඳට වශීවී ඒ දෙස බලමින් සක්මන් කරමින් සිටියහ. බල්ලන් ඉතා සංවේදී කොට්ටාශයක් වූ නිසා කලබල වුනු අපගේ හද ගැස්ම පවා දැනීමට ඔවුන් සමත් වේ. නිසල පිලි රූ ලෙස නොසැලී සිටි ඔවුන් බල්ලන් පිටත්ව ගිය පසු භුමිය පසු කලෝය. අළුයම 0230පමණ කැළෑ රොදකට පැමිණ එදින රැය පහන් කල ඔවුන් නැවත 0630 පමණ වනවිට ගමන් ඇරඹුහ. බොහෝ දුරක් නිහඬවම ගමන්කළ ඔවුන් සමග සිටි කෝප්‍රල් රත්නායක "අර තියෙන්නේ කනගරායකුලම් ආරුව "යයි රහසින් පැවසිය. කැලෑ බළලුන් සේ ඊට ළගා වූ ඔවුන් පැය එකහමාරක් පමණ නිරීක්ෂණයෙන් අනතුරුව බෝතල් වලට ජලය පුරවාගත්හ. ඉදිරි ගමනේ අතරතුර බංකර් පේලියක් ඔවුන් ගේ ඇස ගැටුණි. නමුත් කිසිවෙකු එහි නොවිය මේ අතර A 9 මාර්ගයේ වාහන වල ශබ්ධ මද වශයෙන් ඔවුන් හට ඇසෙන්නට විය.ඔවුන් ඉදිරියේ වූ නැදුන්කර්නි මාර්ගයේ දකුණු දෙසින් විශාල පිපුරුමක් ඇසිනි. හඬ නංවමින් ගිලන්රථ 02ක් එදෙසට යන බව ඔවුන්ට ඇසුනි. "තවත් SF ඇම්බුෂ් එකක්කද ? " ඔවුන්ට සිතුනි.
එම ස්ථානයේම පය 03ක් පමණ ගතකල ඔවුන් දිව ආහාරය ලෙස බිස්කට් ගත්තෝය. ඉදිරි මාර්ගයට මීටර් 500පමණ ළඟාවූ ඔවුන්ගේ දෙදෙනෙක් ඉදිරි මාර්ග නිරීක්ෂණයට ගොස් පැමිණ ලුතිනන් වරයට තතු දැන්වූ අතර පසුව ලුතිනන් රාජකරුණා සහ කෝප්‍රල් බණ්ඩාර සමග වැඩි දුර නිරීක්ෂණය සඳහා පිටත්ව ගියහ. පැය එකහමාරක් පමණ ගත විය. මේ අතර කොටි රජදහනක් වූ නදුන්කර්නි මාර්ගය අසලින් ලබා ගත වැලි අහුරක් රැගෙන හිස් ග්ලුකෝස් කවරයක බහගත් කෝප්‍රල් ලියනගේ තම කඳවුරේ සගයන්ට පෙන්වීම සඳහා එය රැගෙන යාමට කලිසම් සාක්කුවේ දමාගත්තේය. මේ අතර හදිස්සියේ පැමිණි ලුතිනන් රාජකරුණා සහ කෝප්‍රල් බණ්ඩාර හති දමම්න් ලොවම එපාවූ ලෙසින් "දැක්කා ..අපිව දැක්ක.." ලෙස මිමිණුම් බසින් පැවසිය. පාර නිරීක්ෂණය කරන අතර පැමිණි සිවිල් වැසියෙක් ඔවුන් දැක නොදැකපු ලෙස පා පැදියකින් ගොස් තිබිණි. නමුත් එය එතරම් දෙයක් නොවන බව තරුණ ලුතිනන් වරයාගේ අදහස විය..කාණ්ඩයේ දැඩි පෙරැත්තය මත රැක සිට `පහරදීම මීටර් 200පමණ එහා යොදාගැනීමට ලුතිනන් වරයා එකඟ විය.
මේ වනවිට විශේෂ බලකා කඳවුරේ උදැසන 0630පමණ නිලධාරී අණදෙන වරයාට අණදෙන නිලධාරිගෙන් පණිවිඩයක් ලැබී තිබිණි. "56 ඩිවිෂන් එකේ ටෙරා මොනිටරින් සෙට් එකේ මොනිටර් වෙලා තියෙනවා ආමි එකේ කට්ටියක් නැදුන්කර්නි අවට ගැවසෙනවා කියල. ආමි එකේ වෙන කවුරුත් ඔච්චර ඇතුලට යන්නේ නෑ. අපේ කට්ටියක් වෙන්න ඇති. කුමා චෙක් කරලා බලන්න " "හරි සර් මම චෙක් කරලා බලන්නම් " මේජර් ගල්හේනගේ පැවසුවද ලුතිනන් රාජකරුණාගේ කණ්ඩයේ රේඩියෝ උපකරණ හෝ සැටලයිට් ෆෝන් එක ක්‍රියාත්මක නොවිය. දිගින් දිගටම 56සේනාංකයෙන් තොරතුරු එවිනි. "පාලමක් ළඟ කට්ටියක් ඉන්නවා අපි දැන් චෙක් කරලා බලන්න යන්නේ "යයි LTTE පණිවිඩ හුවමාරු වලින් පැවසිය. "මොන පාලමද කොහොමද හොයන්නේ පාලම් කීයක් තියනවාද? ටීම් කීයක් බස්සල තියනවද ? " මේජර් වරයා කැළඹුණු මනසකින් පැවසිය. සියාලු කණ්ඩායම් වලට දැනුම්දීමට තීරණය කලද එය කිරීමට නොහැකි වුයේ උදෑසන 06ත් සවස 06අතර කාලය තුල සියලු රේඩියෝ යන්ත්‍ර ක්‍රියා විරහිත කරන බැවිනි. බැටරියේ ආයු කාලය දිගුකොට ගැනීමටත්,මෙහෙයුමේ රහස්‍ය භාවය ආරක්ෂා කරගැනීමටත් මෙය මෙසේ සිදුවිය. කල හැකි කිසිවක් නොවුයෙන් ඔහු අසරණව බලා සිටියේය .......

මතු සම්බන්දයි !
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විශේෂ බළකාය.(SF)
අධිෂ්ඨානයෙන් අභීතව අරමුණ කරා.
මෙය සත්‍ය කතාවකි...  ඉතිරි කොටස් බලාපොරොත්තු වන්න
තව කෙනෙකුට කියවන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network