Showing posts with label Srilankapolitics. Show all posts

කොවිඩ් දේහ ආදාහනය පමණක් කළ යුතුයි - සෞඛ්‍ය අමාත්‍යාංශය


කොවිඩ් මරණ පිළිබඳ ව්‍යාජ පුවත් නිර්මාණය කිරීමෙන් වැළකී සිටින ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලීමක් කරයි.

කොවිඩ් -19 වෛරසය ආසාදනයවීමෙන් මියයන පුද්ගලයින්ගේ සිරුරු සම්බන්ධයෙන් අවසන් කටයුතු සිදුකරන ආකාරය පිළිබඳ ඇතැම් දේශපාලකයින් හා වෙබ් අඩවි අසත්‍ය ප්‍රචාර සිදුකරන බව සෞඛ්‍ය ආමාත්‍යාංශය පෙන්වා දෙයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලැබී ඇති සියලු විශේෂඥ වාර්තාවලට අනුව කොවිඩ් -19 ආසාදිතව මියයන සියලු පුද්ගලයින්ගේ මෘතශරීර ආදාහනය පමණක් සිදුකරන බව එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.


ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
වසර 31කට පෙර සිදු වූ විජය කුමාරතුංග ඝාතනයේ යටිබිම්ගත කථාව..!!! ධර්මන් වික්‍රමරත්න විසිනි..(ජවිපෙ 2වැනි කැරැල්ල ග්‍රන්ථයෙන්)

විජය කුමාරතුංග ඉපදුණේ 1945 ඔක්තෝබර් 09 වැනිදා රාගම රජයේ රෝහලේදීය. ඔහුගේ සම්පූර්ණ නම කෝවිලගේ ඇන්ටන් විජය කුමාරතුංගය. සිවි දෙනෙකුගෙන් යුත් පවුලේ බඩ පිස්සා ඔහුය. විජයගේ මව බියට්‍රිස් වූ අතර පියා ගම් මුලාදෑනියෙකුවූ බෙන්ජමින්ය. සිඩ්නි, විවියන් සහ රූපා ඔහුගේ වැඩිමල් සොයුරු සොහොයුරියෝ වූහ. කුඩා කාලයේදීම පියා මියගිය බැවින් පවුලේ ආර්ථිකය දුෂ්කර තත්ත්වයකට පත්විය. හෙතෙම කඳාන ද මැසනඞ් සහ කොටහේනේ ශාන්ත බෙනඩික් විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීය. සුගතපාල සෙනරත් යාපාගේ හන්තානේ කථාවෙන් 1969දී සිනමාවට පිවිසි විජය අමරනාත් ජයතිලකගේ ප්‍රියංගා චිත්‍රපටියෙන් ප්‍රධාන චරිතය 1971දී රඟපෑවේය. වසර 1971දී ඔහු රඟපෑ චිත්‍රපට හතරක් තිරගත විය. ඔහු සිනමා තාරකාවක් බවට පත් වූයේ තුෂාර චිත්‍රපටිය 1973 තිරගතවීමත් සමඟය. ඉනික්බිති සිනමා ලෝකයේ අසහාය පෙම්වතා බවට ඔහු පත් විය. ජනප්‍රියත්වය කෙතරම්ද යත් 1976දී තිරගත වූ චිත්‍රපටි හතකම ප්‍රධාන නළුවා වූයේද ඔහුය. ආරම්භයේ සිට 1988 දක්වා විජය රඟපෑ චිත්‍රපට සංඛ්‍යාව 114කි. එයා දැන් ලොකු ළමයෙක්(1975), බඹරු ඇවිත්(1977), ගඟ අද්දර, පාර දිගේ, මහගෙදර සහ බැද්දේගම (1980) ඒ අතරින් ප්‍රධාන වේ. ජනප්‍රිය නළුවා වශයෙන් 1983 සිට 1988 දක්වාම සම්මානය හිමිවූයේද ඔහුටය. ගායන ශිල්පියෙකු වශයෙන් ගීත 100ක් ගායනා කල ඔහු කැසට්පට 10ක් පමණ නිකුත් කළේය.

සමසමාජයෙන් දේශපාලනය ඇරඹූ විජය ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් කටාන ආසනයට 1977දී තරඟකර පරාජයට පත්විය. එජාපයේ විජේපාල මෙන්ඩිස්ට ඔහු පරාජය වූයේ ඡන්ද 4,218කිනි. පසුව ඔහු දිවංගත අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකගේ සහ අගමැතිනී සිරිමා බණ්ඩාරනායකගේ කණිටු දියණිය වූ චන්ද්‍රිකා සමඟ 1978 පෙබරවාරි 20 අවාහ කර ගත්තේය. ශ්‍රිලනිප ජනාධිපති අපේක්ෂක හෙක්ටර් කොබ්බෑකඩුවට 1982 ඔක්තෝබර් 20වැනිදා පැවති ජනාධිපතිවරණයේදී ක්‍රියාකාරිව සහාය දැක්වූ විජය ජනාධිපතිවරණ පරාජයෙන් පසු එජාප රජය මගින් නැක්සලයිට් චෝදනාව ගොනුකර 1982 නොවැම්බර් 19වැනිදා අත්අඩංගුවට ගන්නා ලදී.

මහර අතුරු මැතිවරණයට 1983 මැයි 18 ශ්‍රීලනිපයෙන් විජය ඉදිරිපත්ව පරාජයට පත්විය. එජාපයේ කමලවරණ ජයකොඩි මහර මන්ත්‍රීවරයා වූයේ වැඩි ඡන්ද 45කිනි. එමෙන්ම මහජන පක්ෂය නියෝජනය කරමින් මින්නේරිය අතුරු මැතිවරණයට 1984 ඔක්තෝබර් 25වැනිදා ඉදිරිපත් වූ අතර එහිදී දෙවන ස්ථානය ලබා ගනිමින් ඡන්ද 10,568ක් ලබා ගත්තේය. ශ්‍රිලනිපයෙන් ඉදිරිපත්ව තෙවැනි ස්ථානයට පත්වූ රත්න දේශප්‍රිය සේනානායකට හිමිවූයේ ඡන්ද 6,250ක් පමණි. ජයග්‍රාහකයා වූ එජාපයෙන් ඉදිරිපත්වූ එස්. බී විජේකෝන්ට ඡන්ද 19,744ක් හිමිවිය.

ශ්‍රි ලංකා මහජන පක්ෂය ටී. බී ඉලංගරත්න ඇතුළු ශ්‍රීලනිප ජේෂ්ඨයින් සමඟ 1984 ජනවාරි 22වැනිදා පිහිටුවීමට පුරෝගාමී නායකත්වය දෙන ලද්දේ ඔහු විසිනි. විජයගේ නායකත්වයේ අපරිණත බව හේතුවෙන් පසු කලක ටී.බී ඉලංගරත්න ඇතුළු ජේෂ්ඨයින් රැසක් මහජන පක්ෂයෙන් ඉවත්වූ අතර එයට ඔසී අබේගුණසේකර වැනි අය පසු ආදේශ විය. ඉන්දු ලංකා ගිවිසුමට කොන්දේසි විරහිතව පැරණි වාමාංශික පක්ෂ සහ දෙමළ බෙදුම්වාදී කණ්ඩායම් සමඟ ශ්‍රි ලංකා මහජන පක්ෂය සහාය දුන් අතර විජය එහි පුරෝගාමී නායකත්වයක් උසුලන ලදී. කැම්බල් පිටියේදී 1988 ජනවාරි 28වැනිදා පැවති පක්ෂයේ සිව්වන සංවත්සර රැස්වීම එහි අභිෂේකයක් විය. සමසමාජ, කොමියුනිස්ට්, මහජන පක්ෂය යන පක්ෂ සමඟ එක්වී එක්සත් සමාජවාදී පෙරමුණ පිහිටු වූ අතර එය මැතිවරණ කොමසාරිස්වරයා විසින් පෙබරවාරි 11වැනිදා පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙසින් ප්‍රකාශයට පත් කළේය. එම පෙරමුණට නව සමසමාජ පක්ෂයේද සහාය හිමිවිය. එම පෙරමුණේ මංගල රැලිය 1988 පෙබරවාරි මස 21 සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට කටයුතු යොදා තිබිණි.

ජවිපෙ සන්නද්ධ අංශය වන දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය ද්‍රවිඩ ඊලමට පක්ෂ වාමාංශිකයින් නම් කළේ තුන්වන සතුරු හමුදාව ලෙසිනි. ඒ අනුව තුන්වන සතුරු හමුදාව අතුගා දැමීම දේශප්‍රේමි අරගලේම කොටසක් බවට 1988 ජනවාරි 25වැනිදා නිකුත් කල නියෝගයක සඳහන් විය. ඒවන විට ජවිපෙ මගින් 1987 නොවැම්බර් 29වැනිදා ඝාතනය කල අනුරාධපුරයේ නන්දන මාරසිංහ සහ 1988 පෙබරවාරි 11වැනිදා ඝාතනයවූ කොමියුනිස්ට් පක්ෂයේ පොළොන්නරුවේ ගාමිණී මැදගෙදර ගේ අවමගුල් උත්සවයන්ටද විජය සහභාගි වූ අතර එම ඝාතනයන් තරයේම හෙළා දකිනු ලැබීය.

ඉන්දු ලංකා ගිවිසුමට සිය ප්‍රසංශාව පලකල සිටි විජය ඉන්දිය හමුදාව ශ්‍රිලංකාවට පැමිණීමෙන් වාර්ගික අර්බුදය විසදාගැනීමට හැකිවනු ඇතැයි සිය සතුට පලකර සිටියේය. ජවිපෙ ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව මතවාදය ඉදිරිපත්කල අතර මහජන පක්ෂය සහ විජයද දේශදෝහීන් ලෙස නම් කෙරෙනි. ජවිපෙ ඝාතනවලට එරෙහිව රජයේ ආරක්ෂාවට පරිබාහිරව මහජන පක්ෂයේම ආරක්ෂක වලල්ලක් විජය විසින් ගොඩනඟා ගැනීමට කටයුතු කළේය. ඒ අනුව 1987 ඔක්තෝබර් මසදී උමා මහේස්වරන්ගේ නායකත්වයෙන් යුත් ප්ලොට් සංවිධානයේ වව්නියාවේ අවි පුහුණු කඳවුරක පුහුණුවකට මහජන පක්ෂයේ කණ්ඩායමක් තෝරා යවන ලදී. විජය ඝාතනය වීමට පෙර අවස්ථා තුනකදී එසේ අවි පුහුණුව සඳහා කණ්ඩායම් තුනක් රහසිගතව යවා තිබිණි.

උදෑසන හලාවතට ගොස් පැමිණ ආපසු නාරහේන්පිට පොල්හේන්ගොඩ පාරේ සිය නිවසින් පිටතට එමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනෙකු විජය ඝාතනය කළේ ඒ. කේ. 47 වර්ගයේ ගිනි අවියකිනි. ඒ 1988 පෙබරවාරි 16වැනිදා පස්වරු 12.20ටය. විජයගේ මුහුණටද වෙඩි තබා තිබූ බැවින් එය විකෘති වී තිබිණි. එබැවින් මෘත දේහයේ උඩ කොටස ආවරණය කිරීමට සිදු විය. පසුව පොලිසියට හිස් පතොරම් කොපු 14ක් හමුවිය. ඒ. කේ. 47 වර්ගයේ අවියකින් එකවර පතොරොම් 30ක් විනාඩියකටත් අඩු කාලයකදී නිකුත් කල හැකිය.

විජයගේ ආදානය 1988 පෙබරවාරි 21වැනිදා කොළඹ 07 නිදහස් චතුරශ්‍රයේ දී පැවති අතර එය නාරාහේන්පිට සිට පුරහල හරහා ගෙන ආවේ විශාල පෙළපාලියකිනි. අවමගුල සජීව ලෙස රූපවාහිනියෙන් විකාශය කල අතර එය ශ්‍රි ලංකාවේ ප්‍රථමවරට අවමගුලක් සජීව ලෙස විකාශය කල අවස්ථාව ලෙස සැලකේ. විජය කුමාරතුංග ඝාතනය කිරීමට වෙඩි තැබූ එම අවස්ථාවේදී වෙඩිවැදී තුවාල සිදුවූ මහජන පක්ෂයේ රාගම ශාඛාවේ සහකාර ලේකම් සහ චිත්‍ර ශිල්පී සරත් උපාලිද බරපතල ලෙස රෝගාතුරව සිට 1988 අප්‍රේල් 25වැනිදා කොළඹ මහ රෝහලේදී මිය ගියේය.

කුමාරතුංග ඝාතනයෙන් පසු ජවිපෙ සන්නද්ධ අංශය වන දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය නිවේදනයක් මගින් වගකීම භාරගෙන තිබිණි. එමෙන්ම මව්බිමේ සියළු සතුරන්ට දඬුවම් දීමේ සන්නද්ධ සේනාංකය මැයින් 1988 පෙබරවාරි 21වැනිදා ‘විජය කුමාරතුංග යැව්වේ ඇයි?’ මැයින් පත්‍රිකාවක් මුද්‍රණය කර බෙදා හැර තිබිණි. එහි මෙසේද සඳහන් විය. ‘අප විසින් දඬුවම් කරනුයේ මව්බිමේ සතුරන්ට පමණි ඒ හැර අපේ දේශපාලනයට එකඟ නොවූවද දෝහීන් නොවූ කිසිවෙකුට හෝ පොදු මහජනයාට හෝ අපි කිසිදු හිංසාවකට ඉඩ නොතබමු’. විජය කුමාරතුංග ඝාතන තීරණය සැලසුම් කලේ කොළඹ දිසා ලේකම් ලලිත් විජේරත්න හෙවත් ජයන්තය. තොරතුරු සෙවීම කොලොන්නාවේ පියසිරි ගෙනි. සාකච්ඡා පැවැත්වූවේ පිලියන්දල සෙන්ට් මිචල් හෝටලයේදීය. ලයනල් රණසිංහට කොන්ත්‍රාත්තුව ලැබී තිබුණේ ටාසන් වීරසිංහගේ මාර්ගයෙනි. විජය ඝාතනය සඳහා යොදවාගත් තුවක්කුව එවකට එජාප ආණ්ඩුවේ ඇමතිවරයෙකු වූ ගාමිණී ‍ලොකුගේගේ ආරක්ෂක භටයෙකු ගෙන් ජවිපෙ පැහැරගත් ගිනි අවියකි.

විජය ඝාතනයට සම්බන්ධ යතුරුපැදිය පදවාගෙන ගිය සැකකරු වූයේ ටාසන් වීරසිංහ හෙවත් හේරත්ය. ඔහු කළුතර පයාගල පදිංචිකරුවෙකි. ටාසන්ගේ පවුලේ සහෝදර සහෝදරියන් 9 දෙනෙකු වූ අතර ඉන් සිව් දෙනෙකු පිරිමිය. ටාසන්ගේ එක් සොහොයුරියක්වූ වීරසිංහ ලීලාවතී සිල්වා පානදුර බාලිකා විදුහලක ගුරුවරියකි. පවුලේ 8වැනියා වූ ටාසන් උපන්නේ 1958 ජනවාරි 13දාය. කලක් කළුතර ඇසෝසියේටඩ් මෝටර්වේස් සමාගමේ සේවය කල ඔහු පසුව ලංගම රියදුරෙකු ලෙස කළුතර සිට යටදොල දක්වා ධාවනය වූ ලංගම බස්රථයේ කලක් කටයුතු කල අතර පසුව රැකියාව අතහැර පූර්ණකාලීනව ජවිපෙට එක්විය.

සිය පවුලේ සාමාජිකයන් ගේ විරෝධය මැද ටාසන් වීරසිංහ අවාහ වූයේ පද්මිණී සමඟය. පද්මිණී කියා සිටියේ 1989 දෙසැම්බර් 23වැනිදා තමා සමඟ ටාසන් අඟුලාන දුම්රිය පොලෙන් බැස ගමට පැමිණි බවත් ගෙදර යෑමට නොහැකි බව පවසා නතර වූ බවත්ය. ටාසන් අල්ලා ගැනීමට ආරක්ෂක අංශ 1990 දෙසැම්බර් 25 මොරටුව අගුලානේ පිහිටි ඔහුගේ හිතවෙතෙකු වූ නිමල් ගුණසිංහගේ නිවසට ගියෝය. එහි ඔහු නොසිටි අතර පසුව අඟුලාන නිවස ආසන්නයේදී එහි පැමිණි ටාසන් රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලදී. ඒ වන විට ටාසන් ඉදිරිපත් කරන තුරු 1990 දෙසැම්බර් 23 වැනිදා පස්වරු 2ට අත්අඩංගුවට ගත් නිමල් ගුණසිංහගේ පුතා වන 15 හැවිරිදි සරත් කුමාර අත්අඩංගුවේ රඳවාගෙන තිබිණි. සරත් කුමාරගේ මව රම්‍යලතාද ප්‍රකාශ කලේද සිය නිවස ඉදිරියේදී ටාසන්ව පොලිස් අත්අඩංගුවට ගත් බවය. පසුව ටාසන් හතරවන තට්ටුවේ රඳවන ලදී. අනතුරුව මාස 3කට පසු ඝාතනයට ලක්වී තිබේ.

විජය කුමාරතුංග ඝාතනය කල පාලම්මුල්ලලාගේ ලයනල් රණසිංහ 27 හැවිරිදිය. ජාතික විමුක්ති අරගලයකින් සමාජවාදය උදාකිරීමේ උපායමාර්ගික ගමන්මඟ අනුව ක්‍රියාවට නැගූ ජවිපෙ 2වැනි කැරැල්ලේදී ඝාතන 41ක් සිදුකල ලයනල් රණසිංහ උපන් සහ ජීවත්වූ රත්නපුර කුරුවිට සහ හොරණ මූණගම නිවෙස්වලට ගිය ලේඛකයා (ධර්මන් වික්‍රමරත්න) ඔහුගේ පවුලේ අය හමුවිය. ඔවුන් පැවසූ පරිදි ලයනල් යනු ජවිපෙ නායකත්වයේ දෘෂ්ටිමය මඟපෙන්වීමකට යටත්ව ප්‍රායෝගිකත්වය ක්‍රියාවට නැගූ මිනිසෙකි. එය ද්‍රරිද්‍රතාවය සහ සමාජ පීඩනය නිසා රැඩිකල් දේශපාලනයට එක්වු තරුණයෙකුගේද කථාවකි.

රත්නපුර කුරුවිටදී ලයනල් උපන්නේ 1962දීය. හොරණ රත්නපුර පාරේ මූණගම ජාතික නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි ඔහු ගාමිණී නොහොත් මහින්ද නොහොත් ජයතිලක ලෙසද හැදින්විණි. ලයනල්ගේ පියා 1930 අප්‍රේල් 19 කෑගල්ල පාලමුරේදී උපන් පාලම්මුල්ලලාගේ තේගිරිස්ය. ඔහු කුරුවිට පොලිසිය ඉදිරිපිට හුණු කඩයක් පවත්වාගෙන ගියේය. දෙල්ගමුවේ උපන් ලයනල්ගේ මව වූ වැලිකලගේ සිසිලින් නෝනාට දරුවන් පහකි. ලයනල් සහ ඔහුගේ කණිටු සොහොයුරාවූ සුනිල් මවගේ ප්‍රථම විවාහයේ දරුවන්ය.ලයනල් පවුලේ වැඩිමලාය.

ලයනල්ගේ මල්ලී වන 1963 අප්‍රේල් 13වැනිදා උපන් සුනිල් අයියාට වඩා වසරකින් බාලය. ලයනල්ට වයස අවුරුදු 2ක් වන විට පියා විසින් මව සහ දරු දෙදෙනා අතහැර වෙනත් විවාහයක් කර ගත්තේය. ඔහුගේ එම විවාහයෙන්ද ලයනල්ගේ පියාට දාව දියණියන් දෙදෙනෙකු සහ පුතෙකු සිටී. ලයනල්ගේ පියාගේ නංගී වන නන්දාවතී විසින් ලයනල් සිය නිවසට ගෙන ගිය අතර ඔහුට වෙනස්කරන බවට චෝදනා කල මව පසුව ලයනල්ව යළි මහ ගෙදරට ගෙනාවේය. නැන්දාගේ නිවසේ සිටින විට දෛනික කුලියට කළුගල් කැඩීමටද ලයනල් යොමුකර තිබූ අතර පාසැල්ද යවා තිබුණේ නැත.

ලයනල්ගේ මව පසුව හොරණගේ ලියනෝරිස් ප්‍රනාන්දු සමඟ විවාහවී හොරණ මූණගමට සංක්‍රමණය වූවාය. ඇයගේ නව සැමියා සහ ලයනල්ගේ සුළු පියා හොරණ නගර සභාවේ සේවය කල අතර උග්‍ර එක්සත් ජාතික පාක්ෂිකයෙකි. අගමැති ප්‍රේමදාස විසින් ජනතා අයිතියට පවරා දී ඇති නිවසක්ද ඔහුට 1979දී හිමිවිය. ලයනල් සහ මල්ලී සුනිල් රත්නපුර කුරුවිට පිහිටි මිත්තණියගේ නිවසේ තවදුරටත් වාසය කළෝය. ලයනල් සහ සුනිල් පාසැල් ගියේ කුරුවිට මහා විද්‍යාලයටය. විෂයන් 7 ක් සම්මාන සමාර්ථ හතරක් සමඟ අපොස සාමාන්‍ය පෙළ සමත්වූ ලයනල් ඉගෙනීමට දක්ෂයෙකි. සිය සොහොයුරාට තග් බලය දැමූ තවත් සිසුවෙකුට ලයනල් පහර දුන්නේ පස්වැනි ශ්‍රේණියේ සිටියදී අත්වැඩ කරන කතුරකිනි. ලයනල් සතුන්ට ආදරේය. ඔහු කෑමකන විට කුරුවිට ගෙදර අවට සිටින ලේනුන් දෙතුන් දෙනෙකුම ඔහු ලඟට පැමිණීම සුලඹ දසුනකි. ලයනල් කරාතේ ඉගෙන ගත්තේ නන්ද සිරිවර්ධනගෙනි. කුංෆු ඉගෙන ගත්තේ සීවලී ගුරුතුමා ගෙනි. මෙම පන්ති හොරණ සහ බොරැල්ලේ පැවැත්විණි.

මේ වනවිට ලයනල්ගේ මව දෙවැනි විවාහයෙන් දියණියන් තිදෙනෙකු බිහිකල අතර ඔවුන් නම් චූලා දමයන්ති, අනෝමා දමයන්ති සහ ශිරානිය. ඒ අනුව ලයනල්ගේ පවුලේ සොයුර සොයුරියන් සංඛ්‍යාව ලයනල් සමඟ පහකි. අපොස සාමාන්‍ය පෙළ හොදින් සමත්විමෙන් පසු ලයනල් සහ සුනිල් යන පුතුන් දෙදෙනා මව විසින් හොරණ නිවසට කැදවාගෙන ආවේ වැඩිදුර උසස් අධ්‍යාපනය ලබාදෙන්නටය. ඒ අනුව හොරණ විද්‍යාරතන විද්‍යාලයට ඇතුළුවූ ලයනල් වාණිජ විෂය ධාරාව හැදෑරීය. මුළු පවුලටම ආර්ථික දුෂ්කරතා රැසක් කෙටි කලකින් උද්ගත වූයේ ලයනල්ගේ මව දරුවන් 5 දෙනෙකු සමඟ යළිත් තනිවීමෙනි. ලයනල් සහ සුනිල් මල්ලී හොරණ නගරයේ මත්පැන් අළෙවිසැලක් අසළ කඩල විකිණීමට ගියේ ජීවනබරට තල්ලුවක් දෙමිනි. ඉදහිට කුලීවැඩටද ගියේය. කේටරින් වැඩවල නිරතවූ මවද පොළේදී එළවළු අළෙවි කිරීමට සහ කඩල විකිණිමටද ඉඩ ඇති අවස්ථාවන්හිදී එක්වූවාය.

හොරණ විද්‍යාර්ථ විද්‍යාලයේ උසස් පෙළ ඉගෙනුම ලබමින් සිටියදී 1978දී ජවිපෙ දේශපාලන පන්තිවලට සහභාගිවු අතර ඒ වන විට ඔහුට අවුරුදු 16කි. ජවිපෙ වෙනුවෙන් ඔහුට කොක්ක ගැසුවේ හොරණ විද්‍යාර්ථ විද්‍යාලයේ ජේෂ්ඨ සිසුවෙකු වූ යාගල පදිංචි ජයසිරිය. හොරණ ශිලරත්න පාරේ පිහිටි ජවිපෙ කාර්යාලයේදී ලයනල්ට ජවිපෙ දේශපාලන පන්ති පවත්වන ලද්දේ යටියන්තොට චන්ද්‍රසිරිය. කොළඹ සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ 1979/80 සභාපතිවරයාවූ යටියන්තොට චන්ද්‍රසිරි එහි විද්‍යාපීඨ සිසුවෙකුවූ අතර 1982දී උපාධිධාරියෙකු වශයෙන් පිටවිය. ජවිපෙ ජනාධිපතිවරණයට තරඟකර 1982 පරාජයට පත්වීමෙන් පසු ජවිපෙන් ඉවත්වූ චන්ද්‍රසිරි වර්තමානයේ ව්‍යාපාරිකයෙකි. ලයනල් රණසිංහ ජවිපෙට එක්කිරීමට හවුල්වූ අය අතර තවත් ප්‍රමුඛයින් දෙදෙනෙකු වන්නේ කොළඹ වෛද්‍ය පීඨයේ සිසු හොරණ මූණගම පදිංචි නිහාල් අබේසිංහ සහ පොකුණුවිට පදිංචි තිලක්ය. වෛද්‍ය නිහාල් අබේසිංහ වර්තමානයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍ය විශේෂඥයෙකු වශයෙන් විදේශයක සේවය කරනු ලබයි.

ජවිපෙට පූර්ණකාලීනයෙකු ලෙස ලයනල් සම්බන්ධවන්නේ 1981දීය. අප්‍රේල් 5 විරු සමරුවක් 1981 අප්‍රේල් 2වැනිදා කළුතර නගර ශාලාවේදී ජවිපෙ ලේකම් ලයනල් බෝපගේ ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර රෝහණ විජේවීර පිළිගැනීමට එහිදී රතු භටයෙක් ලෙස රාජකාරි කළේද ලයනල් රණසිංහය. එහි පසක යෝධ පුවරුවක සටහන්වූයේ ‘’බැඳ දැම්මත් අප අත් යදම් වලින් නැගිටිනවා සිකුරුයි.... ගිගුම් දෙමින් මව්බිම සුරකින රතු බල සේනා මැදින් අපි එනවා...’ යන්නය. විරු සමරුවේ තමා සිටින ඡායාරූප නිවසට ගෙනවිත් පවුලේ අයටද බලන්නට දුන්නේය. ලයනල්ගේ මව පුතාගේ දේශපාලන කටයුතු පිළිබඳව බියපත්ව සිය සොහොයුරාට අයත් කැකිරාවේ හේනකට ලයනල් යැවූවද ඔහු ගොවියෙකු වශයෙන් ජීවිකාව ගෙන ගියේ වසරකට අසන්න කාලයක් පමණි. පෞද්ගලික ආරක්ෂක සමාගමක ආරක්ෂක නිලධාරියෙකු ලෙස පසුව සේවය කළේය. යළිත් හොරණට පැමිණ 1984දී බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පොළේ එළවළුද සෙසු දිනයන්හිදී රටකජුද විකුණූ ලයනල් ජවිපෙ පුර්ණකාලීන දේශපාලනයට 1986දී එක්වන්නේ බටගොඩ ගමගේ ජයවර්ධන මගිනි. යුධහමුදා ස්වෙච්ඡා බලකායට බැදීම සඳහා ලයනල් වරෙක සම්මුඛ පරික්ෂණයට ගිය අතර ඒ සඳහා තෝරාගැනීමෙන් පසු රපෝර්තු කරන ලෙසට ලිපියක්ද 1987 මැයි 6වැනිදා ලැබිණි. එහෙත් එම දිනයේ ඔහු ජවිපෙට අරමුදල් රැස්කිරීම සඳහා කල මංකොල්ලකෑමක් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවේ පසුවිය.

ලයනල් රණසිංහ ඇතුළු 5 දෙනෙකු ජවිපෙට අරමුදල් සපයා ගැනීම සඳහා කල මංකොල්ලයකදී 1987 අප්‍රේල් 12 හොරණ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි. හදුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා බන්ධනාගාරයේ සිට ඔවුන් ගෙනයන විට බොල්ගොඩ පාලම අසළදී ජේලර්ලාට පහරදී පළාගියේ පිටතින් ලැබුණ ජවිපෙ සහායද සමඟිනි. පොලිසිය ලයනල් අත්අඩංගුවට ගැනිමට නිවසට පැමිණි අතර ඒ වන විටද ඔහු නිවසින් පැන ගොස් තිබිණි. ඉන් පසු ලයනල් නිවසට මව බැලීමට ආවේ ඉදහිටය. ලයනල් හමුවීමට නිවසට එන ජවිපෙ කළුතර දිස්ත්‍රික් සාමාජිකයෝද ඉන් පසු නිවසට පැමිණියේ නැත.

අවි පුහුණව සඳහා ජවිපෙ අවි පුහණු කඳවුරු කිහිපයකින්ම ලයනල් පුරුදු පුහුණු වී සිටියේය. ප්‍රථමයෙන් 1986 දෙසැම්බර් 13වැනිදා බදුල්ලේ බඹරකන්දේදී සතියක පුහුණුවක්ද, 1987 අප්‍රේල් 12 වැනිදා ශ්‍රීපාද අඩවියේදී සතියක අවි පුහුණුවක්ද 1988 මාර්තු 17වැනිදා රත්නපුර කුරුවිට ශ්‍රීපාද අඩවියේදී නැවත වරක් අවි පුහුණුවක්ද ලබා ගන්නා ලදී. මෙහිදී කටුනායක ගුවන් හමුදා කඳවුරේ ආකෘතියක් තනා එයට පහරදී යටත් කරගෙන අවි පැහැර ගැනිමේදී පෙරහුරුවක්ද පවත්වන ලදී. මෙහිදී හමුදාවෙන් පළා ආ ජවිපෙ සාමාජිකයින් විසින් යුධ පුහුණුව ලබාදුන් අතර ඔත්තු බලන ආකාරය, වෙඩිතැබීම ඇතුළු බොහෝ දෑ උගන්වනු ලැබීය. මෙම පුහුණුව අවසානයේදී ජනතා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ජවිපෙ වෙනුවෙන් ලාංකීය නිර්ධන පන්තියේ විප්ලවය සඳහා ඕනෑම කැපවීමක් හා පරිත්‍යාගයක් කර ජනතාව වෙනුවෙන් සටන්කරන බව පුහුණුව අවසානයේදී සියල්ලෝම ප්‍රතිඥා දුන්හ. ජවිපෙ 1983 ජුනි 30 රජය මගින් තහනම් කලද ඒ සඳහා නිවැරදි දර්ශනයක් සහ නිවැරදි නායකත්වයක් ඇති බැවින් ඕනැම පරිත්‍යාංගයක් සහ කැපකිරීමක් සිදුකිරීමට සූදානම් බැවින් පක්ෂය ගන්නා ඕනෑම තීන්දුවකට එකඟ වන බවද ඔවුහු එහිදී සපථ කළහ.

ජවිපෙ විසින් මෙවැනි වනගත පුහුණු කඳවුරු රැසක් 1986 සිට ලංකාව පුරා පවත්වාගෙන ගියේය. වනගත පුහුණු කඳවුරු සඳහා සුදුසුම තැන ජවිපෙට සොයාබලා තෝරාදෙන ලද්දේ ආතර් සහ බලංගොඩ වැලිපොතයායේ උපන් පියතිලක නොහොත් වනරාජා විසිනි. ආතර් 1990 මුල් භාගයේදී කල්තොට දියමින්නේදී ජවිපෙම වනගත පිරිසක් විසින් ක්‍රමන්ත්‍රණකාරීව ඝාතනය කල අතර පියතිලක වර්තමානයේ ලුණුගම්වෙහෙරේ ජීවත්වේ. ජවිපෙ විසින් හමුදා සහ පොලිස් ගණනාවකට පහරදී අවි ලබාගැනීමේ ප්‍රහාර ගණනාවකටම ලයනල් ඉදිරි පෙළ ක්‍රියාකාරිකයෙකු වශයෙන් සහභාගි විය. මෙම ප්‍රහාරයන්හිදී ලයනල් ඇතුළු ජවිපෙ කැරළිකරුවන් විසින් එම කඳවුරුවල නවීනතම අවි පැහැරගැනීමට සමත් විය. පක්ෂයට අරමුදල් රැස්කිරීම සඳහා කොල්ලකැමට ගිය කැරළිකරුවන් කිහිප දෙනා අතර ලයනල්ද ඉදිරියෙන්ම සිටියේය. ජවිපෙ දේශපාලන සිරකරුවන් මුදා ගැනීම සඳහා 1988 දෙසැම්බර්13 වැනිදා මැගසින් බන්ධනාගාරයට පිටතින් සහ ඇතුළතින් ප්‍රහාරය එල්ලකර ජවිපෙ රැඳවියන් 221ක් මුදවා ගැනීමේදී ලයනල් වැදගත් මෙහෙයක් ඉටු කළේය. ලයනල් 1986 සිට 1989 දක්වා කාල සීමාවේ නැවතී සිටියේ කළුතර දෙදිවල, පිලියන්දල එස්.ඕ.එස් ගම්මානය, හොරණ, පිලියන්දල දම්පෙ, නාරහේන්පිට පොල්හේන්ගොඩ, නුගේගොඩ දෙල්කඳ ඇතුළු ස්ථාන කිහිපයකි.

ජනකාන්ත සිනමා නළුවෙකුවන මහජන පක්ෂයේ නායක විජය කුමාරතුංග 1988 පෙබරවාරි 16 වැනිදා පස්වරු 12.20ට නාරහේන්පිටදී ඝාතනය කළේද ලයනල් රණසිංහ විසිනි. එසේ විජය කුමාරතුංග ඇතුළු 41දෙනෙකු ලයනල් අවසානයේදී ඝාතනයකර තිබිණි. ඉන් කිහිප දෙනෙකු මෙසේය. එජාප මහලේකම් නන්දලාල් ප්‍රනාන්දු 1988 මැයි 20 දහවල් 11.30ට ඝාතනය කළේ ටී.56 තුවක්කුවකින් අමුතුම ආකාරයකිනි. ලෑලි පෙට්ටියක තුවක්කුව සඟවා එය උඩින් ලි කුඩු දමාගෙන පාපැදියක බැදගෙන පැමිණියේය. වැල්ලවත්ත අනුලා මාවත අසළ කඩයක් ඉදිරිපිට පාපැදියේ රෝදයක හුලං බැස ඇතැයි එහි නතරකල ලයනල් සංඥාව ලැබෙන විට පෙට්ටියෙන් ස්වයංක්‍රීය ගිණි අවිය රැගෙන නන්දලාල් ප්‍රනාන්දු නිවසින් පිටත්ව අනුලා මාවතින් වැල්ලවත්ත මාර්ගයට වාහනය දමනවාත් සමඟම වෙඩිතබා එහි සිටි තවත් කැරළිකරුවෙකු පදවාගෙන පැමිණි යතුරුපැදියෙන් තුවක්කුවද රැගෙන පළා ගියේය. කොළඹ සරසවියේ උපකුලපති මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර 1989 මාර්තු 9වැනිදාද, ඇමති වීරසිංහ මල්ලිමාරච්චිගේ පුත් කොළඹ නාගරික මන්ත්‍රී ජයන්ත මල්ලමාරච්චි 1989 පෙබරවාරි 15 මැතිවරණයදා මට්ටක්කුලියේදීද, එජාප නාගරික මන්ත්‍රීවරුන් වූ ලෙස්ලී රණගල බොරැල්ලේදීද, කිරිවත්තුඩුවේ ග්‍රාමෝදය මණ්ඩලයේ සභාපති, ජේෂ්ඨ සහ කණිෂ්ඨ පොලිස් නිලධාරින් කිහිපදෙනෙකු, එජාප ජාතික සේවක සංගමයේ වරාය ඇතුළු ස්ථාන කිහිපයක ඉහළ පෙළේ නිලධාරින් තිදෙනෙකු, ඉන්දියාවේ මුල්පෙලේ ව්‍යාපාරිකයන් 2ක් ඇතුළු පිරිසක් එයට අයත්වූහ.

ආරක්ෂක අංශ මගින් කියා සිටියේ ලයනල් ඝාතන 43ක් සිදුකල බව වූවද එජාප සභාපති හර්ෂ අබේවර්ධනගේ සහ ප්‍රචණ්ඩ ක්‍රියා මර්දන කොට්ඨාශයේ අධ්‍යක්ෂක ජේෂ්ඨ පොලිස් අධිකාරි ටෙරන්ස් පෙරේරාගේ ඝාතන සිදුකළේ ඔහු විසින් නොවේ. එජාප සභාපති හර්ෂ අබේවර්ධන 1987 දෙසැම්බර් 23වැනිදා ඝාතනය කළේ බෙලිඅත්තේ ගුණසේන වර්ණපටබැඳි නොහොත් බෙටාය. පොලිසිය ඒ සම්බන්ධයෙන් චෝදනා කලේ ලයනල් රණසිංහ සහ පිළියන්දල ලසන්ත විජේවර්ධන නොහොත් ඩොනල්ඩ්ටය. ටෙරන්ස් පෙරේරා 1987 දෙසැම්බර් 12වැනිදා තලංගමදී ඝාතනය කළේ මුලටියන සීනිපැල්ලේ දහනායකය. දෙයියන්දර උප තැපැල් ස්ථානාධිපතිවරයෙකු වශයෙන් සිටියදී ජවිපෙට 1979දී එක්වූ දහනායක පසුව පූර්ණකාලීනයෙකු විය. ඔහුගේ පියා ගම්බාරේ කෙනෙකි. දහනායක පනාගොඩ යුධ හමුදා කඳවුරෙන් අවි පැහැරගැනීමට යාමේදී 1989 මැයි 2 වෙඩිවැදී ඝාතනයට පත්විය.ටෙරන්ස් ඝාතනය සඳහා ඔහුගේ සහායට යතුරුපැදිය පදවාගෙන පැමිණියේ තවත් කැරළිකරුවෙකු රනිල්ය.

ලයනල්ලාගේ පවුලේ සැමට ජවිපෙ දෙවැනි කැරළි සමය වූ 1986 සිට 1989 දක්වා විවිධ තාඩන පීඩනවලට ලක්විය. අයියා ලයනල් ඉල්ලා මල්ලීවන සුනිල් ආරක්ෂක හමුදා මගින් අත්අඩංගුවට ගෙන වසර 2කට ආසන්න කාලයක් මිරිහාන පොලිසියේ කඳවුර, පැලවත්තේ රැඳවුම් කඳවුර, මැගසින් බන්ධනාගාරය ඇතුළු ස්ථාන කිහිපයක රඳවා තබාගන්නා ලදී. ලයනල් රණසිංහ අවසාන වරට පවුලේ අයෙකු හමුවූයේ මරදානේ සුමනදාස පෙරේරාගේ නිවසේදීය.

ලයනල් රණසිංහ 1989 මාර්තු 14වැනිදා කොළඹ බෞද්ධාලෝක මාවතේදී බිල්ලෙකු බවට පත්වූ කැරලිකරුවෙකුගේ මඟ පෙන්වීම අනුව පොලිස් අපරාධ විමර්ෂන අංශය මගින් අත්අඩංගුවට ගන්නා ලදී. ලයනල් මවට සිය පුතා වූ ලයනල් අවසාන වරට රහස් පොලිස් අත්අඩංගුවේදී දැකකන්නට ලැබු‍වේ 1989 සැප්තැම්බර් 27වැනිදාය. පසුව හෝමාගම පොලිසියට ගෙන ආ ලයනල් රණසිංහ 1989 ඔක්තෝබර් 03 පස්වරු 7ට ලෑන්ඩ් කෲසර් ජිප් රථයකින් පිටතට ගෙන ගිය අතර පසුව පාදුක්ක වනගත පෙදෙසකදී පසුදා අළුයම 1ට පමණ ඝාතනයට පත්විය.

ලයනල්ගේ නිවසට 1989 ඔක්තෝබර් 06වැනිදා පැමිණෙන රහස් පොලිසියේ දේශප්‍රිය සහ පාදුක්ක පොලිසියේ කණ්ඩායමක් විසින් ලයනල් ගෙදර ආවාදැයි ප්‍රශ්න කර තිබිණි. ලයනල්ගේ මව 1989 ඔක්තෝබර් 10 වැනිදා රහස් පොලිසියට ගිය විට ලයනල් එහි නොසිටි අතර වැලිකඩ බන්ධනාගාරයට ගොස් බලන්නැයි දැනුම් දුන්නේය. රහස් පොලිසියේ 4වැනි තට්ටුවේ මාස 6ක කාලයක් රඳවාගෙන සිටි ලයනල් 1989 ඔක්තෝබර් 3වැනිදා තමාගේ භාරයේ සිට පැනගිය බවද ඔහු සෙවීමට වෙනම කණ්ඩායමක් යොදා තිබූ බවද නිමල් වාකිෂ්ඨ විශේෂ ජනාධිපති කොමිසම හමුවේ කියා සිටියේය. රහස් පොලිසියේ සිරකරුවන් භාරව සිටි පොලිස් පිරික්ෂක යූ. ඒ පියසේන කොමිසම හමුවේ ප්‍රකාශකර සිටියේ 1989 සැප්තැම්බර් 28දා රාත්‍රී පොලිස් පරික්ෂක වාකිෂ්ඨ විසින් 4 වැනි තට්ටුවේ රඳවා සිටි ලයනල් රණසිංහ රැගෙන යනවා තමා සියසින්ම දුටු බවය. මෙසේ රැගෙන ගිය සැකකරුට වෙඩිතබා ටයර් මත දමා පුළුස්සන ලද බැව් එම ගමනට සහභාගිවු එක් නිලධාරියෙකුගෙන් තමාට දැන ගන්නට ලැබුණු බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

විජයගේ ඝාතනයෙන් පසු ඔහුගේ බිරිඳ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජීවිතාරක්ෂාව පතා 1988 මැද භාගයේදී රටින් පිටවිය. ඇය යළි 1992දී සිය රටට පැමිණ පසුව 1994දී ජනාධිපති තනතුරටද පත්වූවාය. සිය සැමියාගේ ඝාතනය පිළිබඳ විශේෂ ජනාධිපති කොමිසන් සභාවක් 1995 පෙබරවාරි 16වැනිදා පත් කලේය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පද්මනාදන් රාමනාදන්ගේ සභාපතිත්වයෙන් යුත් එම කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයින් වූයේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු සරත් නන්ද සිල්වා සහ කොළඹ මහාධිකරණයේ විනිසුරු ධර්මසිරි ජයවික්‍රමය. රාජ්‍ය පරිපාලන සේවයේ උපාලිද සිල්වා කොමිසමේ ලේකම්වරයා වශයෙන් කටයුතු කල අතර එහි සහකාර ලේකම්වරයා වූයේ එඩ්වඩ් ගීගනගේය.

කොමිසමේ සාක්ෂි විභාගය 1995 අප්‍රේල් 14වැනිදා ආරම්භ කරන ලද අතර එය 1995 දෙසැම්බර් 15වැනිදා දක්වා මාස 08ක් සාක්ෂි විභාග කරන ලදී. කොමිසම ඉදිරියේ පුද්ගලයින් 72ක් සාක්ෂි දුන් අතර එම සාක්ෂි පිටපත වෙළුම් 15කින් සහ පිටු 3,441කින් සමන්විත විය. ජනාධිපති කොමිසම් සභාව විසින් පවත්වන ලද පරීක්ෂණයේ සම්පූර්ණ වාර්තා 1996 පෙබරවාරි 29වැනිදා භාර දෙන ලදී. 
අනතුරුව සහකාර පොලිස් අධිකාරි චන්ද්‍රා වාකිෂ්ඨ සහ අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුවේ එවකට සිටි අධ්‍යක්ෂ චන්ද්‍රසේන ජයවර්ධන හෙවත් චන්ද්‍රා ජයවර්ධන යන දෙදෙනාට එරෙහිවද නඩු කටයුත්තක් ක්‍රියාත්මක විය. කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ප්‍රනාන්දු 2002 ඔක්තෝබර් 23වැනිදා ඔවුන් දෙදෙනා නිදහස් කළේය.

ඝාතනයට ලක්වන විට ලයනල් අවිවාහකයෙකි. වසර 2ක කාලයක් අනේකවිධ වධබන්ධන වලට ලක්ව ජීවත්වීමට වාසනාව ලැබූ සොහොයුරා සුනිල් රණසිංහ වර්තමානයේ ත්‍රීරෝද වෘත්තියේ නිරතවන අතර කේටරින් සේවයේද යෙදේ. නැගණියන් විවාහකය. ලයනල්ගේ සුළු පියාද 1985දී මියගොස් තිබිණි. ජවිපෙ නියෝජනය කරමින් 90 දශකයේදී හොරණින් පළාත් පාලන ඡන්දයකදී අපේක්ෂිකාවක්දවූ ලයනල්ගේ මව 2006 දි ජීවිතයෙන් සමු ගත්තාය.. 

ඡායාරූප : විජය ඝාතනය කල ලයනල් රණසිංහ 1985 සහ 1989 අත්අඩංගුවට ගැනිමෙන් පසු. දකුණු පස සිටින්නේ එම ඝාතනයට යතුරු පැදිය පැදවූ ටාසන් වීරසිංහය..


ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
රටටම හොරෙන් ඇමරිකාව සමග අත්සන් කළ ගිවිසුම මෙන්න...,
 (රියර් අද්මිරාල්, ආචාර්ය සරත් වීරසේකර)


 රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා බලයට පැමිණි සෑම අවස්ථාවකම රටේ◌ජාතික ආ‌රක්ෂාව, රටේ◌අභිමානය, භෞමික අඛණ්ඩතාවය, ස්වෛරීත්වය, පාවා දුන් අන්දම අප දුටුවෙමු. එම පාවා දීම ඔහු සිදු කළේ ඔහු විසින් නිර්ලජ්ජීව ගනු ලැබු තනි තීරණ වලිනි. 2002 රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා රටේ ජාතික ආරක්‍ෂාව, රණවිරුවන් නින්දිත ලෙස පාවා දුන්, කොටි ත්‍රස්තවාදීන් සමග එම ඊනියා සාම ගිවිසුම අත්සන් කළේ, ජනාධිපතිටවත්, කැබිනට් මණ්ඩලයටවත් නොකියා හොර රහසේය. එම ගිවිසුම සම්පාදනය කරනු ලැබුවේ ද ත්‍රස්ත හිතවාදී නීතිඥයින් වන අතර, එහි අඩංගු සියලූම කොන්දේසි ත්‍රස්තවාදීන්ට පමණක් හිතකර වූ ඒවා විය. උදාහරණයක් ලෙස ත්‍රස්තවාදීන්ට රිසිසේ හමුදා කඳවුරු තුළ සැරිසැරීමට සහ බොරු පැමිණිලි දමා කඳවුරු පරීක්‍ෂා කිරීමට අවසර අනුමැතිය ලැබුණු අතර හමුදාවට කොටි කඳවුරු තුළට නොව එම පැත්ත පළාතේ්වත් යෑමට වත් නොහැකි විය. කොටි ත්‍රස්තවාදීන්ට මුහුදෙන් ඕනෑ තරම් අවි ආයුධ සහ පුද්ගලයින් ප්‍රවාහනය කිරීම සඳහා ද අනුමැතිය දී තිබිණි. මේවාට විරුද්ධ වුණු නිලධාරීන් සාම විරෝධීන් ලෙස හංවඩු ගසා කොන් කිරීම ද සිදුවිය. චන්ද්‍රිකා ජනාධිපතිනිය රනිල්ගේ රජය විසුරුවා හැරියේ ජාතික ආරක්‍ෂාව ඒ ආකාරයෙන් අනතුරේ හෙළන්නේ යැයි පවසමිනි. මෙවර රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ත්‍රස්තවාදීන්ට තුරන් කළ රණවිරුවන් යුද අපරාධකරුවන් යැයි පිළිගෙන මංගල සමරවීර ලවා ඊනියා ජිනීවා 30/1 යෝජනාවට ඇමරිකාව සමග සම අනුග්‍රහය දැක්වූයේ ද ජනාධිපතිතුමාගේවත් කැබිනට් මණ්ඩලයේවත් අනුමැතියකින් තොරව තනි කැමැත්තටය. ජිනීවා යෝජනා නිර්දේශයන් ක්‍රියාත්මක කිරීමට කිසිදු රටක් බැඳී නැති නමුත් 30/1 යෝජනාවේ රණවිරුවා සහ ජාතික ආරක්‍ෂාව පාවා දෙන සියලූ නිර්දේශයන් ක්‍රියාත්මක කිරීමට සිදු වූයේ අප ඊට සම අනුග්‍රහකත්වය දැක්වූ හේතුවෙනි. දැන් මේ කඩිමුඩියේ දඟලන්නේ මාර්තු මාසය අවසන් වීමට පෙර එම 30/1 තිබෙන අවසාන නිර්දේශය වන ව්‍යවස්ථා සංශෝධනය කෙසේ හෝ ඉෂ්ට කර ගැනීමටය රනිල් වික්‍රමසිංහ විසින් කරනු ලැබු අනෙක් පාවා දීම නම් ඇමරිකා නෞකා, සෙබළු සහ ඇමරිකානු කොන්ත‍්‍රාත්කරුවන් සම්බන්ධයෙන් ඇමරිකන් තානාපති කාර්යාලය සමග අත්සන් කරනු ලැබූ ගිවිසුමයි. මෙයට ජනාධිපතිගේවත් කැබිනට් මණ්ඩලයේවත් අනුමැතිය ලැබී ඇති බවක් වාර්තා වී නැත. එය ද ඔහු කර ඇත්තේ ඔහුගේ තනි කැමැත්තටය. ලෝකයේ බලවත්ම රටක් සමග අප වාගේ පුංචි රටක් එවන් වූ ගිවිසුමකට එලඹෙන්නේ නම් එය රටේ ජනතාව දැනගත යුතු නැද්ද? රජයක් පිහිටුවා ගැනීමට ආසන 113 ක් වත් නැති රනිල් වික්‍රමසිංහට තනි කැමැත්තෙන් මෙසේ රටක අනාගතය පිළිබඳව තීරණය කිරීමට බලය දුන්නේ කව්ද? රනිල් වික්‍රමසිංහ යනු ඇමරිකාව ඇතුළු බටහිරේත්, දෙමළ ඩයස්පෝරාවේත් සුවච කීකරු සේවකයෙක් බව අප කවුරුත් දනිමු. එවන් කෙනෙක් පුද්ගලිකව ඕනෑම දෙයක් ලබා ගැනීමේ හෝ ලබා දීමේ කිසිදු ගැටලූවක් අපි නොදකිමු. නමුත් ඔහු රටේ සම්පත් සහ රටේ ජනතාවගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් ගනුදෙනු කිරීමට නම් රටේ ජනතාව තෝරාගත් ජනාධිපතිතුමාගේ සහ කැබිනට් මණ්ඩලයේ අවසර ගත යුතුය. එසේ නොමැතිව ගන්නා සියලූම තීරණ බලරහිත විය යුතු අතර එවන් තීරණ ගෙන රටට ද්‍රෝහීවීම සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව නීතිප්‍රකාර ක්‍රියාමාර්ගයන් ගත යුතුය. ඇමෙරිකාව දැනට පිටරටවල්වල සිය කඳවුරු 1000 කට වඩා ස්ථාපිත කොට ඇත. දෙවන ලෝක මහා යුද්ධයෙන් පසු ස්ටේටස් ඔෆ් ෆෝසස් යන ගිවිසුමට අනුව ඔවුන් එදා සිට ජපානයේ ඔකිනෝවා නගරයේත්, ජර්මනියේත් සිය කඳවුරු පිහිටුවා තිබේ. ඔකිනාවාහි කුඩා ජපන් දැරියන් පවා ඇමරිකානු සොල්දාදුවන් අතින් දූෂණය වී ඇති අතර, මිනීමැරුම් පවා සිදුවී ඇත. නමුත් ඔවුන් ජපානයේ නීතියට යටත් නොවේ. ඔවුන් යටත් වන්නේ ඇමරිකන් රජයේ නීතියටය. ඔවුන්ට නීතිප්‍රකාර ක්‍රියාමාර්ගයන් ගන්නේ නම් ගනු ලබන්නේ ඔවුන්ම මිස ජපන් රට නොවේ. මේ සම්බන්ධයෙන් ජපන් ජනතාව කුමන ආකාරයේ විරෝධය පෑවත් අද වනතුරු කිසිම පලක් වී නොමැත. ආසියාවේ ඇති දියාගෝ ගාෂියා දූපතේ පිහිටි ඇමරිකානු කඳවුර සම්බන්ධ දීර්ඝ කාලීන බදු ගිවිසුම දැන් අවසන් වී ඇත. ඔවුන් දැන් බලන්නේ තමන්ට පය තැබීමට විකල්ප ස්ථානයන්ය. අපේ රට වසර දහස් ගණනක් තිස්සේ ලෝකයාට වැදගත් වී ඇත්තේ අපේ රටේ පිහිටීම නිසාය. කලාපයේ, භූ දේශපාලනික වශයෙන් අතිශය වැදගත් ස්ථානයක පිහිටා ඇති නිසාය. උපායමාර්ගික වශයෙන් රට ඉතා වැදගත් නිසාය. එවන් රටක හම්බන්තොට වරාය චීනයටත්, මත්තල ඉන්දියාවටත්, ත‍්‍රිකුණාමලය ඇමරිකාවටත් දුන්නොත් රටේ කිිසිදු වටිනාකමක් ඉතිරිවේද? එවිට අපි අපේ සම්පත් පිළිබඳව තීරණය ගත නොහැකි වක‍්‍රාකාරයෙන් යටත් විජිතයක් බවට පත් නොවන්නේද? එසේ අපව විදේශිකයින්ගේ කෙළි බඩුවක් බවට පත් කිරීමට 27 ත් වරක් පරාජය වූ දැනටත් සාමාන්‍ය බහුතර රජයක් හෝ පිහිටුවා ගැනීමටවත් ශක්තියක් නැති රනිල් වික්‍රමසිංහට ඇති අයිතිය කුමක්ද? එසේ කිසිදු අයිතියක් නොමැති කෙනෙකු මෙසේ හැසිරෙන විට ජනතාව නිහඬව බලා සිටිය යුතුද? රනිල් වික්‍රමසිංහ සහ ඇමරිකන් තානාපති කාර්යාලය විසින් අත්සන් කරනු ලැබූ ගිවිසුමේ සඳහන් කරුණු සැකෙවින් මෙසේය. (අ.) මෙය ඇමරිකානු සන්නද්ධ හමුදා පුද්ගලයින්, ඇමරිකන් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්ත සිවිල් පුද්ගලයින්, ඇමරිකන් කොන්ත්‍රාත්කරුවන් කොන්ත්‍රාත්කරුවන් ශ්‍රී ලාංකිකයින් නොවන, මානූෂීය ක්‍රියා සහ අනෙකුත් ක්‍රියා සම්බන්ධව වැඩ කිරීමට ඇමරිකන් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවෙන් අවසරගත් පුද්ගලයින්, සම්බන්ධවයි. (ආ.) මේ සියලූ පුද්ගලයින්ට 1961 අප්‍රේල් 18 වන දින සම්මත වූ වියානා සම්මුතියේ අඩංගු තානාපතිවරුන්ට දෙනු ලබන සියලූ වරප්‍රසාද සහ මුක්තිය දිය යුතුය (ඇ.) ඇමරිකන් සෙබළුන්ට අවශ්‍ය පරිදි නිල ඇඳුම් ඇඳ, අවිගෙන රට තුළ කටයුතු කිරීමට අවසර දිය යුතුය. (ඈ.) එම පුද්ගලයින්ට ඇමරිකන් අවසරපත්‍ර මඟින් ලංකාවට යෑමට, ඒමට හැකි විය යුතුය. ඔවුන්ගේ ඇමරිකානු රියදුරු බලපත‍්‍ර, ලංකාවේ රියැදුරු පරීක්‍ෂණයකින් තොරව, නීත්‍යානුකූල ලෙස පිළිගත යුතුය. (ඉ.) මේ සියලූ පුද්ගලයින් ඇමරිකන් අපරාධ නීතියට පමණක් යටත්වේ. (ඊ.) මේ පුද්ගලයින් ලංකාව තුළට රැගෙන එන සියලූම පුද්ගලික දේපල, උපකරණ, සැපයුම් භාණ්ඩ, තාක්‍ෂණික මෙවලම්, පුහුණු භාණ්ඩ සහ අනෙකුත් දේපල කිසිදු රේගු පරීක්‍ෂණයකින් තොරව, බදු ගෙවීමකින් තොරව, වෙනත් කිසිදු බාධාවකින් තොරව, ගෙන ඒමට අවසර දිය යුතුය. (උ.) ලංකාව තුළට එන ඇමරිකන් නෞකා, ගුවන් යානා යනාදිය වරායට, ගුවන් තොටුපළට ඇතුල්වීමේදී අය කරනු ලබන කිසිදු ගාස්තුවක් අය නොකරන අතර නෞකාවක් වරාය තුළට ගෙන ඒමේදී සාමාන්‍යයෙන් අය කරන පයිලට් ගාස්තුවෙන් පවා ඔවුන්ව නිදහස් කළ යුතුය. (ඌ.) ඇමරිකානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුව, උපකරණ, භාණ්ඩ යනාදිය සැපයීම සඳහා කොන්ත‍්‍රාත්කරුවන් තෝරා ගන්නා අතර ඒ අයට ද කිසිදු බාධාවකින් තොරව කටයුතු කිරීමට ඉඩදිය යුතුය. ලංකාව තුළදි ගන්නා උපකරණ සහ සේවා සඳහා කිසිදු බදු මුදලක් අය නොකළ යුතුය. ඔවුන්ට ද ඇමරිකන් පුරවැසියන්ට ලබා දෙන පහසුකම් දිය යුතු අතර ඔවුන්ගේ රියදුරු බලපත‍්‍ර ද පිළිගත යුතුය. (එ.) ඇමරිකන් හමුදා පුද්ගලයින්ට තමන්ට අවශ්‍ය ගුවන් විදුලි තරංග පද්ධතියක් පාවිච්චි කිරීමට අවසර දිය යුතුය. එය ඇමරිකානු රජයට නොමිලේ දෙන සේවාවක් විය යුතුය (ඒ.) මෙම ගිවිසුම ක්‍රියාත්මක වන විට එය 1995 මැයි 16 වන දින ලංකා රජය පුහුණුවීම්/ නිල රාජකාරි ලංකාවට පැමිණෙන ඇමරිකානු සෙබළු සම්බන්ධයෙන් ඇති කළ ගිවිසුම අභිබවා යා යුතුය. පසුගිය සතියේ ඇමරිකානු භාණ්ඩ රැසක්, කිසිදු රේගු පරීක්‍ෂණයකින් තොරව, රේගු බදු ගෙවීමකින් තොරව රට තුළට ගෙන ආ බැව් පුවත්පත් රැසක් පළකර තිබිණි. එයින් සනාථ වන්නේ රනිල් වික්‍රමසිංහ දැනටමත් මෙම ගිවිසුම බලාත්මක කර ඇති බවයි. මෙම ගිවිසුම පරිදි ඇමරිකානු කඳවුරු සැපයුම් මධ්‍යස්ථාන මෙහි ස්ථාපිත වී ඇමරිකානු සෙබළු අපේ රටේ නීතියට යටත් නොවී නිදහසේ සැරිසරන තත්ත්වයකට පත්වුවහොත් ඇති වන තත්ත්වය කුමක්ද? ඔකිනාවා නගරය පත්ව ඇති තත්ත්වයට අප පත් නොවන්නේද? බලගතු රටක් එසේ රට තුළ ස්ථාපිත වූ පසු ඔවුන්ව පහසුවෙන් ඉවත් කළ හැකිද? රණවිරුවා, හමුදා බුද්ධි අංශය පාවා දුන්, රටේ ජාතික ආරක්‍ෂාව ඇඩි අනතුරකට හෙළු, රටේ වටිනාම සම්පත් විදේශිය රටවල්වලට කුණු කොල්ලයට අලෙවි කළ, රනිල් වික්‍රමසිංහ දැන් ඇමරිකාවට අපේ රටේ අභිමානය, සංස්කෘතිය සහ ස්වෛරීත්වය මේ අයුරින් පාවා දී තිබේ. එක්සත් ජාතික පාක්‍ෂිකයිනි, ඔබ තවමත් රනිල් වික්‍රමසිංහ ඔබේ නායකයා ලෙස පිළිගන්නේද? (රියර් අද්මිරාල්, ආචාර්ය සරත් වීරසේකර)


ඇඩ්මින් - Dissa ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
වනාතවිල්ලුවේදි අත්අඩංගුවට ගත් බෝම්බ කල්ලිය මාවනැල්ලේ බුදු පිළිම කැඩූ අන්තවාදීන්ට සම්බන්ධයි - මහ විනාශයකට සූදානම්ව ඉඳලා..? 

  


පුත්තලම වනාතවිල්ලූව ප‍්‍රදේශයේ පොල් වත්තක වළදමා තිබූ බෝම්බ නිෂ්පාදනයට යොදා ගන්නා අධිබල පුපුරන ද්‍රව්‍ය කිලෝ ග‍්‍රෑම් 100 ක්, ඩෙටනේටර් තොගයක් ඇතුළු තවත් නීති විරෝධී භාණ්ඩ රැුසක් සමග සංවිධානාත්මක කණ්ඩායමක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (17 දා* අත්අඩංගුවට ගෙන ඇත.

අපරාධ  පරික්ෂණ  දෙපාර්තුමේන්තුව අත්අඩංගුවට ගෙන ඇති දෑ අතර ඩෙටනේටර් 100 ක් , වයර් කෝඩ් තොගයක් , ශ්‍රී ලංකාව තුළ තහනම් නයිට්ට්‍රේට් ඇසිඩ් ලිටර් 20 බැගින් වු කැන් හයක් , බල්බ තොගයක්, අධිබල පිපිරවිම් සඳහා යොදා ගන්නා සිෆෝ (වෙඩි බෙහෙත් )කිලේ 75 කට ආසන්න ප්‍රමාණයක්,බොර 12 ගිනිඅවියක් සහ පතෝරම් තොගයක් , වායු රයිෆල් එකක් ,ආරක්ෂිත කුඩාරම් දෙකක් සමඟ දින 20 කට ආසන්න කාලයකට සරිලන වියලි ආහාර තොගයක්,පරිඝනක,කැමරා,ආගමික පොත් පත් තොගයක්, පැදුරු ඇතුළු තවත් දෑ සෝදිසි කිරීම් වලදී  සොයා ගෙන තිබුණි.

සිව්දෙනකුගෙන් සමන්විත වූ මෙම සංවිධානාත්මක කණ්ඩායම පොල්වත්තක් මැද කූඩාරම් ගසාගෙන එහි සැගවී සිටිමින් කිසියම් විනාශයක් සඳහා බෝම්බ නිෂ්පාදනය කිරීමට සැලසුම් කළේද යන්න පොලිසිය සැක පහළ කරයි.

පසුගිය දිනවල මාවනැල්ල හා ඒ අවට ප‍්‍රදේශවල බුද්ධ ප‍්‍රතිමා විනාශ කළ ආගමික අන්තවාදීන් පිරිසක් අත්අඩංගුවට ගත් අතර ඔවුන්ගෙන් ප‍්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරු මත කළ විමර්ශනයකදී මෙම අධිබල ඩෙටනේටර් ඇතුළු පුපුරන ද්‍රව්‍ය සොයා ගැනීමට හැකිවී ඇත.

පරික්ෂණ නිලධාරීන් ආපසු පිටත් වීමට සැරසි සිටියදී එක් ස්ථානයක් පිළිබඳව සැක සිති පරීක්ෂා කිරීමේදී එම ස්ථානයේ වල දමා තිබූ සිෆෝ නැමති අධි බලැති පුපුරණ ද්‍රව්‍ය කැන් වල අසුරා වල දමා තිබියදී සොයා ගැනීමට නිලධාරීන් සමත්ව තිබේ.

පරීක්ෂණ අවසන් වන තුරු පොලිස් විශේෂ කාර්ය බළකාය ඉඩම වටා ආරක්ෂාව යොදවා තිබූ අතර සිද්ධියේ පරීක්ෂණ සඳහා පොලිස් අපරාධ ස්ථාන පරීක්ෂා කිරීමේ නිලධාරීන් , ඇඟිලි සලකුණු අංශය, පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීමට පොලිස් සුනඛ ඒකකයේ රිනා සහ ලැසි නැමති සුනඛයින්ගේ සහායද ලබා ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් රස පරීක්ෂණ කටයුතු සඳහා රජයේ රස පරීක්ෂකවරයා පැමිණ තිබූ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරින් විශාල පිරිසක් පැමිණ පරීක්ෂණ වලට එක්ව සිටියහ.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් සිව්දෙනා කුමන කටයුත්තක් සඳහා මෙම පුපුරන ද්‍රව්‍ය තොගය රැගෙන ආවාද යන්න තවමත් හෙළිව නැතත් ඒ සම්බන්ධව මාධ්‍යයට තොරතුර ලබා දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේක කෙරුණි.




ඇඩ්මින් - Dissa ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න



සියළු බාධා ඉවත් කර ගත්තා.. මහින්දගේ ආශිර්වාදයත් ලැබුණා.. ජනාධිපතිවරණයට මා සූදානම්.- ගෝටා කියයි..


මීලග ජනාධිපතිවරට ඉදිරිපත් වීමට සිදුවුවහොත් ඒ සදහා වූ සියළු බාධා ඉවත් කර ගත් බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා සදහන් කර ඇත. ඒ මහතා මෙම අදහස් පල කර ඇත්තේ ඔහුගේ සභාපතීත්වයෙන් ක‍්‍රියාත්මක වන ‘වියත්මග’ වාර්ෂික සුහද හමුවේදීය. මෙම හමුව පැවැත්වුවේ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා දින කිහිපයක් තිස්සේ යෙදී සිටි සිය ඇමෙරිකානු සංචාරය නිමකර මෙරටට පැමිණීමෙන් පසුය. මෙම හමුවට පෙර ගෝටාභය රාජපක්‍ෂ මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාද මුණ ගැසී ඇති අතර ඔහුගේ ආශිර්වාදයද තමනට හිමි වූ බව ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් වැඩි දුරටත් සදහන් කර ඇත. මීලග ජනාධිපතිවරනයට තමන් තරග වදින්නේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආශිර්වාදය ලදහොත් පමණක් යයි හිටපු ආරක්‍ෂක ලේකම්වරයා මීට පෙර අවස්ථා ගණනාවක සදහන් කර තිබින. ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ මාධ්‍ය ලේකම්වරයා සිය ට්විටර් ගිණුමේ මේ බව සදහන් කර ඇත්තේ මෙසේය.  


ඇඩ්මින් - Dissa ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
ජවිපේ විමල්ට බය ඇයි? 




 ඉතිහාසය පුරාම බොහෝ අය හැර ගිය බව ඇත්තකි.ඒ අය අතර පක්ශයේ මහ ලේකම් තනතුර දැරූ ලයනල් බෝපගේ,පක්ශ නායකත්වය දැරූ සෝමවංශ අමරසිංහ හා ජනාධිපතිධූරාපේක්ශක නන්දන ගුණතිලකද විය. මේ පිරිස් අතරන් වැඩි දෙනා ජවිපේ හැර ගිය පසු නිහඬ ජීවිත ගතකර සැඟවී ගියහ. නමුත් මින් සමහර අය ජවිපේට එරෙහි ප්‍රහාරාත්මක ආස්ථානයකට ගිය අතර සමහරු අනෙකුත් ධනේශ්වර පක්ශ තුලට වැද සැඟවී ගියේය. නමුත් විමල් ඒ හැමටම වඩා වෙනස් මාවතක් තෝරා ගනිමින් විකල්ප දේශපාලන මතවාදයක් සහිත දේශපාලන පක්ශයක් බිහිකර වසර අටකට ආසන්න කාලයක් පවත්වාගෙන යාමත්,එය වසර පනහකට ආසන්න ජවිපෙට අභියෝගයක් වන මට්ටමට පවත්වාගෙන යාමට හැකිවීම සුවිශේෂී සංසිද්ධියකි.අද ජවිපේ පාර්ලිමේන්තුවේ ආසන 6ක් (ජාතික ලයිස්තු මංත්‍රීධූරයද සමඟින්.)නියෝජනය කරනවිට ජාතික ලයිස්තු මංත්‍රීධූර නැතිව ආසන 5ක් ජාතික නිදහස් පෙරමුන නියෝජනය කිරීමෙන් විමල්ගේ තරම කියා පායි.ජවිපේ එළියට පැමිණි බොහෝ තරු ටික කලකින්ම නිවී ගියද විමල් දින දින ජාතික දෙශපාලන තලයේ බැබළීම ජවිපේ ඇසේ කටු අනින්නක් විය. ඒ නිසාම තම නායකයා ඇතුළු 60,000ක් බාබකි‍යු දැමූ එජාපයේ රනිල්ලාට වඩා ජවිපේ පරම හතුරා විමල් බවට පත්වීම තේරුම් ගත හැක. සැබෑ ලෙසම ජවිපේ දේශපාලනය ගොඩනගා ඇත්තේ වෛරය පදනම් කර ගනිමිනි.එය පංති අතර වෛරය ලෙස වර ගන්වා තිබුනද සත්‍ය ලෙසම කර ඇත්තේ ජවිපෙට සම්බන්ධ වන සාමාජිකයාට නෙගෙටිව් මෝටිවේෂන් එකක් දීමය.ලෝකයේ ධනේශ්වර රටවල් සමාජ ප්‍රජාතන්ත්‍රවාදය මත ඉතාම දියුණු අඩියකට ඔවුන්ගේ රටවල් පත්කර ඇර්හි තත්වයක ඒ පිළිබඳ සිතන්නට නොදී තම සාමාජිකයාට පෙන්වා දෙන්නේ "නුඹලාට මේ සිදුවන සියලා සිදු වන්නේ ධනේශ්වර ක්‍රමය නිසාය" ඒ නිසා නුඹලා කොතෙක් උත්සාහ ගත්තත් කවරදාකවත් දියුණු වන්නට බැරිය කියාය.දියුණුවී ඇති සෑම කෙනාම හොරෙකු,වංචාකාරයෙකු ලෙස හන්වඩු ගස්වා උන්ගේ මජර තියරි සාමාජිකයා මත පටවා සමාජයට වෛර කරන ලෝකය දකින්නට බැරි අමු කුහක වෛරක්කාරයන් බවට පත් කර ඇත. පහළට එසේ උවත් ඉහල නායකත්වයට මේවා අදාල නැත.උන් ඒ ඒ අවස්ථාවල අවශ්‍ය ආකාරයට තියරි නවා නිර්ධන පංතියේ විප්ලවය වෙනුවෙන් යැයි පවසා,එසේ නැත්නම් ඒවා උපාය උපක්‍රම ලෙස වර ගන්වා සැපවත් ජීවිත ගත කරයි. "ජවිපෙන් යන එවුන්ට කිසිදු අනාගතය නැතිවෙනවා"යැයි උගන්වා එයය උදාහරණ ලෙස ලයනල් බෝපගේ,නන්දන ගුණතිලක ඇතුලු හැරගොස් නිවී ගිය තරු පෙන්වීම ජවිපේ න්‍යායයි. ඉඳින් ජවිපේ මේ ආකරයට ගොඩ නංවා උත්කර්ශයට නගා ඇති දේව වාක්‍ය වෙනස් වන්නේ විමල් නිසාය.ඔවුන් විමල්ව යට කිරීමට ගොස් මුළු පක්ශයම සිරිකොතේ දොරකඩටම ගෙනත් දමා ඇත.එදා විමල් යන සැම තැනකම විමල්ගේ කාර්‍යයාල සාහයක මෙන් පිටුපස ගිය අනුර කුමාරට හා දැන් ඉහල තනතුරුවල බැබලෙන බොහෝ දෙනාට විමල්ගේ ජනප්‍රියත්වය පිළිබඳ අධික හීනමානයක් සෑදී තිබූ බව නොරහසකි. නමුත් විමල් සාර්ථක ලෙස සමාජයේ මතවාදයක් සහිතව තහවුරු වීමට හැකි වූයේ ජාතික මතවාදය හා තම මව්බිම පිළිබඳ සැබෑම වූ ආදරයක් තිබූ නිසාය. අවසානයේ විමල්ට කෙලවීමට ගොස් අනුර ඇතුළු වෛරක්කාරී වැඩ බැරි කුහක නඩය විසින් වසර 50කට වැඩි ඉතිහාසයක් සහිත විප්ලවවාදී දේශපාලන පක්ශයක් කුජීත කර එක්සත් ජාතික පක්ශයේ තරුන පෙරමුන බවට පත් කර කනත්තට දක්කා ඇත. **අනුර...විමල් ඉදිරියේ උඹ තමත් කා.කා.ස ය.
*** -කැලුම් ජයසුමන- 2017 ජනවාරි 13 ලියූවකි.



ඇඩ්මින් - Dissa ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
රනිල් ඇටවූ උගුලේ ඔහුම වැටේ.. අර්බූදය හමුවේ අගමැති තෝරන්නේ 



අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

පසුගිය දවස් 15 පුරාම එක්සත් ජාතික පක්ෂය හොටු පෙරාගෙන හඩමින් ඉල්ලා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදයයි. අපි දැන් මදි නොකියන්නම එක්සත් ජාතික පක්ෂයට ප්‍රජාතන්ත්‍රවාදය ලබා දී තිබෙනවා. ජාත්‍යන්තර ප්‍රජාව, NGO නඩය, එක්සත් ජාතික පක්ෂ, ජවිපෙ, දෙමළ සන්ධාන හවුල දිගින් දිගටම ඉල්ලා සිටියේ පාර්ලිමේන්තුව කැඳවා මහජන නියෝජිතයන්ට අගමැතිවරයා තීරණය කරන්නට ඉඩ දෙන්න කියලයි.  මහජනතාව සිටියදී මොකටද මහජන නියෝජිතයන්ට දෙන්නේ.  ඒ නිසා ජනාධිපතිතුමා තීරණය කළා මහජන නියෝජිතයින්ට වඩා ගැලපෙන්නේ මහජනතාවයි කියන කාරණය. මොකද පාර්ලිමේන්තුවට තේරී පත් වී පැමිණෙන නියෝජිතයා මහජනතාවගේ මතයම නියෝජනය කරනවාද කියා ගැටළුවක් තිබෙනවා.

පසුගිය කාලයේ මහ බැංකුව දෙවරක් බිඳලා ඒ සල්ලි තිබෙන්නේ එජාපය සමඟයි. දෙමළ බෙදුම්වාදී බලවේග අද සිටින්නේ එක්සත් ජාතික පක්ෂය සමඟයි. ඒ වගේම බටහිර සමහර රටවල් 2015 ආණ්ඩු පෙරළියට මුදල් වියදම් කළ බව සෘජුවම පිළි අරගෙන තියෙනවා. බටහිර රටවල සල්ලි තියෙන්නෙත් එක්සත් ජාතික පක්ෂය සමගයි. එහෙම නම් සල්ලි මලු අතේ තියන් ඉන්න අයගේ සල්ලි වල බලය පෙන්නන්නට අවස්ථාව දෙනවද? එහෙමත් නැත්නම් රටේ ජනතාවට තමන් කැමති අගමැතිවරයා තෝරාගැනීමට ඉඩ දෙනවද ?

මේ තීන්දුව ගන්න ජනතාවට බාර දුන් විට ඇයි, අපිට ජනතාව ඉදිරියට යන්නට බැරියෝ. අපි උසාවි යනවෝ කියලා එක්සත් ජාතික පක්ෂයේ නායකයෝ කෑගසන්නේ. ඇයි ජනතාව ඉදිරියට යන්නට නොහැකිව එක්සත් ජාතික පක්ෂයේ නායකයන්ගේ කකුල් වෙව්ලන්නේ. ජනාධිපතිතුමන් ගත්ත තීන්දුව වැරදි නම් අප ක්‍රියා කළ ආකාරය වැරදි නම් ජනතාව අපට දඬුවම් කරාවි. එක්සත් ජාතික පක්ෂය පසුගිය වසර කිහිපය පුරාවට මේ රට පාලනය කරපු ආකාරය වැරදි නම් ජනතාව ඔවුන්ට දඬුවම් කරාවි.

අප ආත්ම විශ්වාසයෙන් ජනතාව ඉදිරියට යන්නේ අප කළ දේ නිවැරදි බවට අපේ හෘද සාක්ෂිය විශ්වාස කරන නිසයි. ඒ වගේම අපේ මතය ජනතාව පිළිගන්නා බවද අප විශ්වාස කරන නිසයි. එක්සත් ජාතික පක්ෂය තමන්ගේ ස්වාමියා වන ජනතාව ඉදිරියට යාමට බිය වන්නේ ඔවුන්ගේ පාලන සමයේ ජනවරමට පටහැනිව කටයුතු කළ බව ඔවුන්ම දන්නා නිසයි. ජනතා අයිතිවාසිකම් යටපත් කරමින්, කප්පාදු කරමින් කටයුතු කළ බව ඔවුන් දන්නා නිසයි.

රාජිත සේනාරත්න මැතිතුමා කියනවා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුත්තක් බව. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය කියන වචනයේ තේරුම තමයි ප්‍රජාව විසින් පාලනය කිරීම. එහෙමත් නැත්නම් ජනතාව විසින් පාලනය කිරීම. මැතිවරණය තමයි ‍ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණය.

ඒ වගේම ඉතාම කනගාටුදායක ලෙස ඇමරිකානු තානාපති කාර්යාලයත් මැතිවරණයකට යාම ප්‍රජාතන්ත්‍රවිරෝධී කාරණයක් ලෙස සඳහන් කරලා තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය කියන වචනය එතුමන්ලාට තේරෙන්නේ නෑ කියල හිතමු. නමුත් Democracy කියන එක ඔවුන්ට තේරෙනවනේ. එම වචනය ගොඩ නැගීමට ඉවහල් වූ ග්‍රීක වචන දෙකේ තේරුම ජනතාවගේ පාලනය කියන එකයි. ජනතාවට තමන්ගේ මතය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදීම ප්‍රජාතන්ත්‍ර විරෝධී වන්නේ කෙසේදැයි අපට ඔවුන්ගෙන් අසන්නට වෙනවා.

ජනාධිපතිතුමා විධායකයේ ප්‍රධානියා විදියට අග්‍රාමාත්‍යවරයෙක් ව්‍යවස්ථානුකූලව පත්කළ විට වත්මන් කථානායකතුමා ප්‍රකාෂ කරනවා එතුමා අලුතින් පත් කළ අගමැතිතුමන් පිළිගන්නේ නැහැ කියලා. ඒ වගේම එතුමා ප්‍රකාශ කළා, එතුමා පිළිගන්නේ හිටපු අගමැති තුමන් බව. කථානායකතුමන් ලිඛිත ප්‍රකාශයක් මගින් තමයි මේ බව සදහන් කළේ. එමගින් රටේ දේශපාලන අර්බුදයක් නිර්මාණය කළා.

එම අර්බුදයේ ප්‍රතිඵලයක් වශයෙන් ඛණිජ තෙල් සංස්ථා පරිශ්‍රයේ දී ජීවිත දෙකක් අහිමි වුණා. තවත් පුද්ගලයෙක් බරපතළ තුවාල ලැබුවා, අපේ රටේ කළබලකාරී වාතාවරණයක් ඇති වේවි කියලා රටවල් ගණනාවක් සංචාරකයන්ට ලංකාවට යන්න එපා යැයි අනතුරු ඇඟෙව්වා. මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමත් සමග ඉහලට යන්න ගත්ත කොටස් වෙළඳපල රටේ මේ ඇති වූ අවිනිශ්චිත භාවය නිසා නැවතත් අස්ථාවර වෙන්න ගත්තා. ශක්තිමත් වෙන්න පටන් ගත් රුපියල නැවතත් අස්ථාවර වෙන්න පටන් ගත්තා. කතානායක තුමන්ගේ මේ පක්ෂග්‍රාහී හැසිරීම සමස්ත රටම දැඩි අස්ථාවර භාවයකට ඇද දැමුවා. විධායකය විසින් පිළිගන්නා අග්‍රාමාත්‍යවරයෙක් සහ ව්‍යවස්ථාදායකය සින් පිළිගන්නා අග්‍රාමාත්‍යවරයෙක් වශයෙන් අගමැතිවරුන් දෙදෙනෙක් සිටින නිසා විධායකයට, ව්‍යවස්ථාදායකයට යන දෙකටම බලය ලබාදුන් ජනතාවටම අගමැති කවුරුන්දැයි තීරණය කිරීමට ඉඩ ලබාදීම හැර වෙනත් විසඳුමක් අපට තිබුණේ නැහැ. මොකද මේ දෙපාර්ශවයම නියෝජනය කරන්නේ ජනතා නියෝජිතයන්.

නමුත් ඇතැම් රටවල් හිතුවත්, ශ්‍රී ලංකාවේ හිටපු අගමැතිතුමන් කියනවා වගේ ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය අඩපණ වීමක් සිදු වී නැහැ. මේ මොහොතේත් බ්‍රිතාන්‍ය ක්‍රිකට් ලෝලීන් 9000කට අධික පිරිසක් ක්‍රිකට් තරඟ නරඹමින් රට පුරා සංචාරය කරමින් තමන්ගේ රටවලින් කරන අනතුරු ඇඟවීම් ද නොසලකා ලංකාවේ රැඳී සිටිනවා.  වගේම හෝටල් හිමියන් ප්‍රකාශ කරන්නේ සංචාරකයන්ගේ පැමිණීමේ කිසිම අඩුවක් නොමැති බවයි. ඒ නිසා නැති ප්‍රශ්නයක් ඇති කරලා මේ රටට ජාත්‍යන්තර මැදිහත්වීමක් ඇති කිරීමට එක්සත් ජාතික පක්ෂය දැරූ උත්සාහය මේ මැතිවරණයට යාමත් සමගම පරාජයට පත්වී තිබෙනවා.

ජනතාව ඉදිරියට යාම ප්‍රජාතන්ත්‍රවිරෝධී යැයි යම් රටක් හෝ පුද්ගලයෙකු  කියනවානම් ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මොකක්ද කියන එකවත් දන්නේ නෑ කියන එකයි අපට ප්‍රකාශ කරන්නට වෙන්නේ.

– අරවින්ද අතුකෝරල





ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

සුජීව සේනසිංහ ඇමතිගේ ලේකම්ගේ නිවසට වෙඩි වරුසාවක්.. පාතාලයෝ කොලඹ බයබිරාන්ත කරති..[Vodeo]




සුජීව සේනසිංහ රාජ්‍ය ඇමතිවරයාගේ පුද්ගලික ලේකම් ලෙස කටයුතු කරන රනිල් ආටිගලගේ නිවසට අද අළුයම් කාලයේ වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇත.
මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ මාළඹේ, ජෝතිපාල මාවතේ, 14 වන පටුමඟ අසළ පිහිටි නිවසටයි.
පොලීසිය සදහන් කරන්නේ නිවසේ බිත්ති හා ජනේලවලට වෙඩි ප‍්‍රහරයෙන් හානි සිදුව ඇති බවයි.
එම අවස්ථාවේ පුද්ගලික ලේකම් හා පවුලේ අය නිවසේ සිටියද ඔවුනට ඉන් හානියක් සිදුවී නැත.
වෙඩි ප්‍රහාර 18ක පමණ ප‍්‍රහාණයක් නිවසට එල්ල කර ඇතැයි හෙලිව ඇති අතර එය කවුරුන් විසින් කරන ලද්දක්දැයි හෙලිව නොමැත.
මේ අතර අද පෙරවරුවේ මාලබේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතේදී යතුරු පිදියකින් පැමිනි අයෙකු කල වෙඩි තැබිමකින් පුද්ගලයකු මිය ගොස් තිබේ.
ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
කුඩා දරුවෙකුගේ කුසගිනි නිවන්න පාන් දුන්න ජේමිස් මාමා #ජවිපෙ නරුමයන්ගේ බිල්ලක් වූ හැටි...



මාතර තෙලිජ්ජවිල ජේමිස් මාමා ගෙදරය ආසන්නයේම පුංචි කඩයක් කල කෙනෙක්
කඩයක් කිව්වට ඵ්ක මහා ලොකු කඩයක් නෙවෙයි උදේට පාන් ටිකක් හුලං විස්කොතු ටිකක් ඥානකතා ටිකක් ලොකු වීදුරු බෝතල් වලට දාලා බුලත් විට හේමත් තිබුන කඩයක්
ගමේ කාටත් කරදරයක් නැති හැමෝටම උදව් කරන ජේමිස් මාමාගේ කඩේත් 88/89 භිෂන කාලේ භිෂනයට ලක් වූවා වරක් දෙවරක් නොව චේගුවේරා කාරයෝ කඩේ වහන්න කිව්වාම ජේම්ස් මාමත් කඩේ වැහුවා
වෙන මොනාටවත් නොවේ පරාණ බයට
හවසට චේගුවේරා කාරයෝ ඇවිත් කඩේට තුණ්ඩුවක් දුන්නාම දවසක් දෙකක් කඩේ වහනවා.

රටේ වදුරු නීතියට යටත් වෙන්න වෙනවා පරාණ බයට. මලමිණි සුවදට ආසා කල ඵ් කාලේ පාලකයෝ තරගෙට ගමේ අහිංසකයින් චේගුවේරා කාරයෝ කියලා අරන් ගිහින් මරලා ගමේ හංදිවල පිච්චෙන්න දානකොට
ගමේ හිටය චේගුවේරා කාරයොත් තරගෙට මිනි මැරුවා. ඉතින් ඔය වාගේ් මේ රට විශාලා මහානුවරක් වෙනකොට රටේ මිනිසුන් කාට කියන්නද රටක නීතියක් නැතිව ගිහින්
මිනිස්සු අසරණවෙලා.

89 වසරේ දවසක සිරිත් පරිදි උදේ පාන් බේකිරියේ පාන් කාරයා ඇවිත් උදේ ජේමිස් මාමගේ කඩේට ඇවිත් පාන් ටිකක් දාලා හුලං විස්කොතු පැකට් දෙක තුනකුත් දීලා ගියා
ඊට පැයකට පමන පසු චේගුවේරා කාරයෙක් ඇවිත් ෆුට් බයිසිකලයකින් ලිව්මක් දීලා ගියා හනිකට
''වහාම කඩේ වහපන් නැත්නම් විදවන්න වෙයි''

ජේමිස් මාමා වහාම කඩේ ලෑලිටික වහලා කඩේ ඇතුලට වෙලා කාට කියන්නද මේ අවනඩු කියලා හිතින් හිතමින් හිටියා
කඩේ පිටුපස දොරෙන් කවුදෝ දොරට තට්ටු කරන හඩ ඇසුනා.අනේ ජේමිස් මාමේ ගෙදර පොඩි උන්ට දවස් දෙකකින් කන් මුකුත් නෑ අනේ අයියේ පාන් ගෙඩි්යක් දීපන් පිංසිද්ද වෙයි
මම මේ මාගරට් බන්. දන්න හදුනන කට හඩක් ඵලියේ සිට කෑ ගහනවා පොඩි උන්ට බඩගින්නට පාන් ගෙඩියක් ගන්න ඉල්ලන්න ඇවිත්. පාන් ගෙඩියක් දීලත් බෑ පව් පොඩි උන් බඩගින්නේ අඩනවා ඇති.

ජේමිස් මාමා කඩේ පිටුපස්සේ දොර හිමිහිට ඇරලා පාන් ගෙඩියක් දීලා වහාම දොර වහගත්තා. මාගරට් නොනා පිං දිදි පාන් ලෙඩිය අරන් ගියා. ජේමිස් මාමා සැනසුම් සුසුම් හෙලුවා පව් පොඩි් උන් ඕක කාලාවත් උන්ගේ බඩගින්න නිවාගනියි කියලා
ඊට ටික වෙලාවකට පමන පස්සේ මුහුණ වහගත්තු දෙන්නේක් ඇවිත්. කඩේ පිටුපස දොර කඩන් කඩේ ඇතුලට ආවා. ජේමිස් මාමා බය වෙලා ගුලිඋනා. උඹට අපි දැන්වීමකින් දන්නලත් උඹ අපේ නීති කඩ කරා නේද
දේශමාමකයින්ගෙන් උඹට ගැලවීමක් නෑ
කියලා ජේමිස් මාමාට වෙඩි තියලා යන්න ගියා.

ඒ ගියෙත් කඩේ තිබුන පාන් ටිකත් හුලං විස්කොතු ටිකත් පොදි ගහගෙන. අවට ගෙවල් වල මිනිසුන් ඵලි්යට ඵන්න බයේ ගෙවල් ඇතුලේ සිට කුඩා හිඩැස්වලින් දර්ශනය දැක්කා. චේගුවේරා කාරයින් ගියාට පස්සේ ගමේ මිනිසුන් ඵකා දෙන්නා බියෙන් බියෙන් කඩේ පැත්තට ආවා. කඩේ දොර කඩලා ජේමිස් මාමා මුල්ලක වෙඩි වැදි මැරී සිටියා. ඔහු කල වරද නම් ගමේ බඩගින්නේ හඩන දරුවන්ට පාන් ගෙඩියක් දීම

ඔබට මතකද මේ ඵ්ක් සිද්ධියක් පමනී

උපුටා ගැනිමකි





ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

යෝජිත ව්‍යවස්ථාවෙන් රට බෙදෙන වගන්තිය මෙන්න



පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්තානයේ පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පල කලේය.

‘ආණ්ඩුව නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් දිගින් දිගටම කියන කාරණයක් තමයි, විශේෂයෙන්ම මා මිත්‍ර ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්ත මැතිතුමන් දිගින් දිගටම කියන කාරණයක් තමයි  නව ව්‍යවස්ථාවෙන් රට බෙදනවා කියලා බොරු ප්‍රචාර කරන්න එපා, බෙදුම්වාදය පිළිබඳ බියක් ඇති කර ගන්න එපා.  බෙදුම්වාදයට එරෙහි සවිමත් විධිවිධාන මේ ව්‍යවස්ථාවේ තිබෙනවා කියන එක.  මේක වංචාවක්. පට්ටපල් බොරුවක්. ඇත්ත තමයි බෙදුම්වාදය පරාජය කරන්න වර්තමාන ව්‍යවස්ථාවේ පවතින විධිවිධානත් යෝජිත ව්‍යවස්ථාවෙන් ඉවත් කරලා බෙදුම්වාදීන්ගේ බිය පහ කරලා.

යෝජිත ව්‍යවස්ථාවේ වගන්තිය එන්නේ මෙහෙමයි.

“ශ්‍රී ලංකාවේ භූමි ප්‍රදේශයෙන් කිසිම කොටසක් වෙනම රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට හෝ එයට පක්ෂව කතා කිරීමට හෝ ශ්‍රී ලංකාවේ පලාතක් හෝ එයින් කොටසක් හෝ වෙන් කිරීමට හෝ කිසිම පලාත් සභාවක් හෝ වෙනත් අධිකාරියක් කටයුතු නොකළ යුතුය“.  සරලව කියනවනම් පළාත් සභාවකට හෝ වෙනත් ආණ්ඩුවේ ආයතනයකට බෙදුම්වාදීව කටයුතු කරන්න බෑ කියන එකයි .

මේ වගන්තියෙන් කියන්නේ පලාත් සභා හෝ අධිකාරියට වෙනම රාජ්‍යයක් පිළිබඳ කටයුතු කරන්න බෑ කියලා විතරයි. අනික් පැත්තෙන් එහෙම කටයුතු කළා කියලා කිසිම දඩුවමක් දෙන්නෙත් නෑ. කටයුතු නොකළ යුතුය කියලා කියනවා. නමුත් කටයුතු කලොත් මොකද වෙන්නේ. කටයුතු කලොත් මොකද වෙන්නේ කියලා කිසිම දෙයක් කියලා නෑ.  ඒ විතරක් නෙමෙයි පළාත්සභා වගේ ආයතනයකට කටයුතු කරන්නත් බෑ දඩුවම් දෙන්නත් බෑ. අධිකාරියක් කියන්නෙත් ආණ්ඩුවේ ආයතනයක්.දඩුවම් දෙන්න බෑ.

ඒ අනුව මේ යෝජිත ව්‍යවස්ථාවේ කොටි සංවිධානය වැනි සංවිධානයටත් තනි පුද්ගලයින්ටත් රට බෙදන්න කටයුතු කරන්න තහනමක් නෑ.  අනිත් පැත්තෙන් රට බෙදන්න කටයුතු කළා කියලා කිසිම දඬුවමක් යෝජනා කරන්නෙත් නෑ.  නමුත් පවතින ව්‍යවස්ථාවේ 157අ වගන්තිය අනුව බෙදුම්වාදයට සෘජුව හෝ වක්‍රව සහය දෙන තැනැත්තන්ට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු පවරන්න පුළුවන්. එහිදී ආයතනයක් විදිහට විතරක් නෙමෙයි පුද්ගලයෙකු විදිහට හරි බෙදුම්වාදීව කටයුතු කරනවනම් දඩුවම් කරන්න පුළුවන්.  වැරදිකරු වුණොත් සියළුම දේපල රාජසන්තක කරලා ප්‍රජා අයිතියත් අහිමි කරනවා.  මේ නිසා යම් පුද්ගලයෙක් කොටි සංවිධානයට වැඩ කරනවා ඔහුගේ බිරිද දන්නවනම් ඇය උනත් සැමියට කියනවා අපිට උන්හිටි තැනුත් නැති කරන වැඩක් මේක කියලා. ඒ නිසා ඕක නවත්තන්න කියලා. එවැනි පෙළබවීමක්සිදු  කරනවා වත්මන් ව්‍යවස්ථාවේ ඇති විධිවිධාන වලින්. මේ කිසිවක් නව ව්‍යවස්ථාවේ නෑ.  ඒ නිසා කොටි සංවිධානයට කිසිම ප්‍රශ්නයක් නෑ. පුද්ගලිකව බෙදුම්වාදියට පක්ෂව කටයුතු කරන විග්නේශ්වරම්ටත් කිසිම කිසිම ප්‍රශ්නයක් නැ. පලාත් සහාව විදිහට හා අධිකාරියක් නොඑසේනම් රාජ්‍ය ආයතනයක් විදිහට විතරයි බෙදුම්වාදය කරන්න බැරි.

අපි බෙදුම්වාදයට එරෙහිව නව විධිවිධාන දැම්මා කියලා බොහොම ආඩම්බරයෙන් කියන්නේ තිබෙන විධිවිධානත් ඉවත් කරලා. කොහොමද බෙදුම්වාදීන්ට දී තිබෙන තෑග්ග. මේ ව්‍යවස්ථාව බෙදුම්වාදින් විසින් බෙදුම්වාදින් වෙනුවෙන් හදන බෙදුම්වාදි ව්‍යවස්ථාවක් කියන එකට මීටත් වඩා හොඳ නිදසුනක් ඕනෑ ද?

– අරවින්ද අතුකෝරල



ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
සෝමවංශ අමරසිංහගේ පක්‍ෂය පොහොට්ටුව සමග සන්ධාගත වේ…

සෝමවංශ අමරසිංහ මහතාගේ නායකත්වයෙන් බිහි වූ ජනතා සේවක පක්ෂය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සංධාන ගතවීමට කැමැත්ත පල කර ඇත.

එම පක්ෂයේ ප‍්‍රධාන ලේකම් ජයන්ත විජේසිංහ මහතා ඇතුලූ එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය නෙඵම් මාවත කාර්යාලයේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග පැවති සාකච්ඡුාවේදී මෙම අවසන් එකගතාවට පැමිණ ඇත.

පක්ෂයේ නිර්මාතෘ සෝමවංශ අමරසිංහ මහතාගේ ඒකායන ප‍්‍රතිපත්තිය වූයේ ජනතාව වෙනුවෙන් දේශපාලනය කිරීම බවත් තම පක්ෂය මේ මොහොතේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සංධාන ගතවන්නේ එකී පදනමෙන් බවත් ජනතා සේවක පක්ෂයේ ලේකම්වරයා මෙහිදී සදහන් කර ඇත.

– සංජීව එදිරිමාන්න


ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
වලක්වාගත හැකිව තිබූ මීතොටමුල්ලේ ඛේදවාචකය

රටේ ඕනෑම නගරයක කුණු එකතුකිරීමේ වගකීම ඇත්තේ නගර සභාවටයි. ලංකාවේ විශාලතම නගරය වන කොළඹ නගරයේද ඒ එසේමය. කොළඹ නගර සභාවට ඉතා දීර්ඝ ඉතිහාසයක් ඇති අතර 1956 වී ඒ සුගතදාස මහතා එක්සත් ජාතික පක්ශයෙන් තරඟ කොට ජයග්‍රහණය කොට නගරාධිපති ලෙස පත්වූදා සිට අදවන තුරුම කොළඹ නගර සභාව පාලනය කොට ඇත්තේ එක්සත් ජාතික පක්ෂය විසිනි. 2006 නගර සභා චන්දයේදී එක්සත් ජාතික පක්ෂ අපෙක්ෂක ලැයිස්තුව ප්‍රතික්ශේප වූ විටද බලය හිමිවුයේ එකසත් ජාතික පක්ෂයේ සහය ලද ස්වාධීන කන්ඩායමකටය.

මේ අනුව අද වනතුරුත් කුණු ප්‍රශ්නයට නිසි පිලිතුරක් නැත්තේ මන්දැයි යමෙක් පලමුවෙන්ම ප්‍රශ්ණ කලයුත්තේ කොළඹ නගර සභාව එදා මෙදාතුර පාලනය කොට ඇති එක්සත් ජාතික පක්ෂයෙනි.

ඒ කෙසේ වෙතත් 2009 වසරෙන් පසු කොළඹ කුණු ප්‍රශ්ණය විස්දන්නට ඍජුවම මැදිහත් වූ අයෙකු ගැන අපි සියලු දෙනාම දනිමු. ඒ 2010 වසරේ නාගරික සංවර්ධන අධිකාරියේ ලේකම් වරයා වශයෙන්ද අමතර රාජකාරියක් බාරගත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතායි. කුණු ප්‍රශ්ණය නගර සභාව විසඳන තුරු බලා නොසිටි ගෝඨාභය තමුන්ම ඒ ගැන සොයාබලා නිසි තීරණ ගෙන කොළඹ කුණු එකතුකිරීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම කලේය. අපිරිසිදු නගරයක්ව තිබූ අගනුවර වසර කිහිපයක් තුල ආසියාවේ පිරිසිදුම නගරයක් බවට පත් කිරීමට ඔහුට හැකි වූයේ අනුන්ගේ වගකීම්ද කරට ගෙන රටට අවශ්‍ය දේ හරියට කරන පුරුද්ද නිසාය.

කුණු එකතුකිරීමේ තිබුනු ගැටලුව විසඳූ පසු ගෝඨාභයගේ අවධානය යොමුවූයේ කුණු බැහැර කිරීමේදී ඇතිව තිබුන ප්‍රශ්ණ විසඳන්නටය.

ඉතිහාසය පුරා කොළඹ නගර සභාව පුරුදුව සිටියේ එකතු කරගන්නා කුණු කොහේ හෝ තෝරාගත් පිටියක ගොඩගසන්නටය. එක තැනක ඉඩ මදිවූ විට කුණු පිටිය ලෙස වෙනත් තැනක් තෝරාගැනුනි. අද අපට බ්ලූමැන්ඩල් හා සේදවත්තේ දකින්නට ලැබෙන්නේ කලකට පෙර නගර සභාව ගොඩ ගැසූ කුණු කන්දවල්ය. දැනට වසර ගනනාවක සිට ප්‍රධාන වශයෙන්ම කුණු ගෙන යනු ලබන්නේ මීතොටමුල්ලටය. මේ වන විට මීතොටමුල්ලේ ගොඩ ගැසී ඇති කුණු ප්‍රමාණය ටොන් මිලියන ගනනක් වන අතර කුණුකන්ද පසුගිය දිනවල මීටර් 200කටත් වඩා ඉහලට ගොඩ ගැසී තිබුනි. අලුත් අවුරුදුදා අහිංසක මිනිසුන් පිරිසකගේ හිස මතට කඩාවැටුනේ එසේ ගොඩ ගැසී ඇති කුණු වලින් කොටසකි. මෙවන් හදිසි අනතුරක් සිදු නොවූනත් කුණු කන්දෙන් නිකුත්වන අපිරිසුදු වායු හා පොලව යට ජලය අපිරිසිදු වීම නිසා පලාතේ ජනතවගෙන් 90% කටවත් විවිධ ලෙඩ රෝග සෑදෙන බව රාජ්‍ය නොවෙන සංවිධාන මගින් කල පරීක්ෂණ වලින් දැනටමත් සොයාගෙන ඇත.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීම මත 2013-2014 කාලයේ කොළඹ හා තදාසන්න නගරවල කුණු බැහැර කිරීමේ ප්‍රශ්ණයට පිලිතුරක් සෙවීමට ලෝක බැංකුව නාගරික සංවර්ධන අමාත්‍යාංශය සමඟ එක්වී අධ්‍යයනයක නිරත විය. ලෝකයේ අනෙක් රටවල මේ ප්‍රශ්ණයට සොයාගෙන ඇති විවිධ විසඳුම් මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.

එම අධ්‍යයනයේ ප්‍රථිපලය වූයේ සමාන්‍යයෙන් යෝජනා කරණු ලබන කුණු දහනය කිරීම, කුණු වලින් පොහොර හෝ විදුලිය නිපදවීම වැනි කිසිදු ක්‍රමයකින් මෙම ගැටලුවට නිසි පිලිතුරක් නොලැබෙන බවයි. අවසාන විසඳුම ලෙස යෝජනාවූයේ ආසියාවේ බොහෝ දියුණු රටවල් විසින් භාවිත කරනු ලබන කුනු සනීපරක්ෂක ප්‍රමිතීන්ට යටත්ව බැහැර කිරීමේ ක්‍රමවේදයයි. මෙහිදී සිදුවන්නේ යමි පිටියක කුණු විවෘත්ව ගොඩගසනවා වෙනුවට ඒ වෙනුවෙන්ම සැකසූ ස්ථානයක විද්‍යාත්මක ක්‍රමයකට අසුරාලීමයි. මේ තුලින් විශවායු හා අපිරිසුදු ජලය පරිසරයට එක්වීම වලක්වා ගත හැකිය. දකුණු කොරියාව මෙම ක්‍රමය ඉතා සාර්ථකව ක්‍රියාත්මක කරන රටකි.

මීලඟ අභියෝහය වූයේ සනීපාරක්ෂක ප්‍රමිතීන්ට යටත්ව කුණු බැහැර කිරීම සඳහා සුදුසු ස්ථානයක් තෝරා ගැනීමයි. ඒ අනුව පුත්තලමේ කුරුක්කාල් ප්‍රදේශයේ කලකට පෙර සිමෙන්ති නිශ්පාදනයට ලයිම් ගල් ගැනීම සඳහා හාරා තිබුන විශාල වලවල් සහිත හෙක්ටයාර් 30ක පමණ විශාල භූමි භාගයක් මේ කටයුත්තට සුදුසු බව නිර්දේශ විය. මෙම ව්‍යාපෘතියෙන් පරිසරයට වන බලපෑම පිළිබඳ කල ශක්‍යතා අධ්‍යයනයකින් පසු මේ පිළිබඳ යෝජනාවක් රජයට ඉදිරිපත් කරණ ලදී.

එම යෝජනාවේ අන්තර්ගතය සරලව මෙසේය.

සනීපාරක්ෂක ක්‍රමවේදයකට අනුව කුණු බැහැර කිරීම සඳහා පුත්තල කුරුක්කාල් ප්‍රදේශයේ හඳුනාගෙන ඇත් හෙක්ටයාර් 30ක භූමිය දැනට කොළබ විවිද තැන්වල ගොඩගැසී ඇති ටොන් මිලියන ගනනාවක්වූ කුණු සියල්ලත් අනාගතයේ වසර පනහක පමන කාලයක් පුරා එකතුවන කුණු බැහැර කිරීමටත් ප්‍රමාණවත්ය. මේ ස්ථානය පිහිටා ඇත්තේ කොළඹින් කිලෝමීටර 170ක් පමන දුරින් නිසා කුණු ප්‍රවාහණය කරනු ලබන්නේ දුම් රියෙනි. මේ සඳහා විශේශයෙන්ම ගෙන්වූ අඩි 20 කන්ටේනර් වල අසුරන ලද කුණු මීතොටමුල්ලේ සිට කුරුක්කාල් දක්වා දුම් රියෙන් ප්‍රවාහනය කරන්යු ලබන අතර මීතොටමුල්ල භාවිත කරනු ලබන්නේ මෙම ක්‍රියාවලියේදී දිනක හෝ දෙකක කුණු පමනක් එකතුවන අතරමැදි ස්ථානයක් ලෙස පමනි. මීතොටමුල්ලේ දැනට ගොඩ ගැසී ඇති ටොන් මිලියන ගනනාවක කුණු වලින් නිදහස් වීමට මේ අනුව ප්‍රදේශවාසීනට හැකි වෙයි.

ලෝක බැංකුවේ සහාය ඇතුව මීතොටමුල්ල හා කුරුක්කාල් ප්‍රදේශ වල ජනතා නියෝජිතයයින් දකුණු කොරියාවට කැඳවාගෙන ගොස් සනීපාරක්ෂක ක්‍රමවේදයන්ට අනුව කුණු බැහර කරනා ආකාරය පෙන්වීමට නාගරික සංවර්ධන අධිකාරිය ක්‍රියාකලේය. තාවකාලිකව කුණු එකතු කොට අසුරා පිටතට ප්‍රවාහනය කරන ස්ථානය තිබෙන්නේ සියොල් නගර මධ්‍යයේ බවත් විද්‍යාත්මකව සියල්ල සිදුවන නිසා ඉන් ප්‍රදේශවාසීනට හෝ පරිසරයට වන හානිය අවම බවත් ඔවුන්ට පෙන්වා දෙන ලදී. මුලින්ම කල මේ කරුණු පැහැදිලිකිරීම නිසා යෝජිත ව්‍යාපෘතිය සඳහා ප්‍රදේශවාසීන්ගෙන් විරොදතාවක් ඉදිරිපත් වූයේ නැත.

ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අලුතින් කොටස් කිහිපයක් දුම් රිය මාර්ග පද්ධතියට එක්කිරීමට අවශ්‍ය වූ අතර ශ්‍රී ලංකා දුම් රිය දෙපාර්තුමේන්තුව වහාම ඒ සඳහා අවශ්‍ය සැලසුම සකස් කොට අවසන් කරන ලදී.

ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත මුලු වියදම වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 107ක් හෙවත් රුපියල් බිලියන් 14 ක් 2014 අගෝස්තු 14දා එවකට තිබූ කැබිනට් මන්ඩලය විසින් අනුමත කරන ලදී. ඒ අනුව 2015 වසර සඳහා අදාල වියදම 2014 නොවැම්බර් මස පසුගිය රජය මගින් අනුමත කල අයවැයෙහි අන්තර්ගතව තිබුනි.

යුද්ධයෙන් පසු වසර 4 1/2 ක් තුල මේ රටේ සිදුවූ යෝධ සංවර්ධන ව්‍යාපෘතීන හා සසඳන විට කුණු බැහැර කිරීම සඳහා වූ මේ ව්‍යාපෘතිය වසරක් හෝ දෙකක් තුල අනිවාර්යෙන්ම නිම කිරීමට පසුගිය රජය හැකියාව තිබුන බව ඕනෑම අයෙකුට වටහා ගත හැක.

පසුගිය රජයට අවශ්‍ය වූ අකාරයට මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වූවානම් විසදෙන්නේ මීතොටමුල්ලේ කුණු ප්‍රශ්ණය පමනක් නොවේ. එය සැලසුම් කර තුබුනේ කොළඹ මෙන්ම තදාසන්නන ප්‍රදේශ රාශියක් ඉලක්ක කරගෙනය.

සියලු සැලසුම නිමකොට තිබුනද ව්‍යාපෘතිය ආරම්ඹ කිරීමට පෙර 2015 ජනවාරි මාසයේ රජය වෙනස් විය. එතැන් සිට පසුගිය වසර දෙක පුරා අපට අසන්නට ලබෙන්නේ විවිධ බලධාරීන්ගේ කයිවාරුව පමනි. ව්‍යාපෘතිය පටන් ගත් තැනමය.

මීතොටමුල්ල අනතුරෙන් මියගිය අයට අපි නිවන් සුව පතමු. අපිරිසිදු පරිසරය නිසා රෝගී තත්වයට පත්වන පලාතේ ජනතාවගේ වේදනාව අපට දැනෙන නමුත් අපට ඒ ගැන කල හැකි දේ සීමිතය.
nalaka godahewa 

ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
“රියර් අද්මිරාල් සරත් වීරසේකර මානව හිමිකම් කොමසාරිස්‌ට අභියෝග කරයි...”
(රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතාගේ ජිනීවා ගමන පිළිබඳ 2017 මාර්තු මස 19 වැනි ඉරිදා දිවයින පත්‍රයේ පළවූ ලිපිය. - කීර්ති වර්ණකුලසූරිය ජිනීවා සිට වාර්තා කරයි)

මානව හිමිකම් සමුළුවේදී කිසිම රටක්‌ තම රටේ ආරක්‍ෂක හමුදාව යුද අපරාධ සිදුකළ බවට පිළිගෙන ඒ ගැන පරීක්‍ෂණ කිරීමට එකඟ වී නැත. එහෙත් ශ්‍රී ලංකාව ප්‍රථම වරට 2015 ඔක්‌තෝබර් 1 දා ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් කීපයක්‌ මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කළ ජිනීවා යෝජනාවෙන් ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ කළ බව පිළිගත්තා පමණක්‌ නොව එම යෝජනාවට සම අනුග්‍රාහකයා බවට ද පත්විය. මෙවර ඇමරිකාව, බ්‍රිතාන්‍යය, මැසිඩෝනියාව සහ මොන්ටිනිග්‍රෝ යන රටවල් එක්‌ව ජිනීවා යෝජනාව සඳහා නව කෙටුම්පතක්‌ ඉදිරිපත් කර ඇත. මාර්තු 22 දා මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් තම වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසු එකී යෝජනාව සමුළුව වෙත ඉදිරිපත් කෙරේ.

මේ යෝජනාවට අනුග්‍රහය දක්‌වන මැසිඩෝනියාව සහ මොන්ටිනිග්‍රෝ යනු යූගෝස්‌ලාවියාවෙන් වෙන්වූ බෙදුම්වාදයට මුල් තැන දුන් ප්‍රාන්ත දෙකකි. දැන් එම ප්‍රාන්ත රටවල් බවට පත්වී ඇත.

පසුගිය ඉරිදා මේ නව යෝජනාවේ කෙටුම්පත මෙරට ඇමරිකානු තානාපති අතුල් කෙෂාප් සහ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ ඡේම්ස්‌ ඩව්රිස්‌ විසින් ඉන්දීය මහ කොමසාරිස්‌ තරන්ජිත් සන්ධුගේ උපදෙස්‌ විමසීමෙන් පසු ශ්‍රී ලංකා රජය වෙත යොමුකෙරුණි.

ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය එක්‌ව නව කෙටුම්පතක්‌ ලෙසින් මෙම යෝජනාව හඳුන්වනු ලැබූවත් එහි අන්තර්ගතවී ඇත්තේ පරණ වයින් බෝතලයට පිරවූ අලුත් වයින් නොව පරණ වයින් බව සනාථ විය.

මේ නව කෙටුම්පතක්‌ කියන යෝජනාවේ අංක 1ට සඳහන් වී ඇත්තේ පසුගිය 30/1 ජිනීවා යෝජනාව මුළුමණින්ම ක්‍රියාත්මක කළ යුතු බවයි. මානව හිමිකම් කොමසාරිස්‌ගේ මුල් වාර්තාවේ සඳහන් වූයේ හයිබ්‍රිඩ් අධිකරණයක්‌ ස්‌ථාපිත කරන ලෙසයි. එහෙත් මෙවර කපටිකමක්‌ කර ඇත. ඒ හයිබ්‍රිඩ් වචනය වෙනුවට 2015 ඔක්‌තෝබර් 1 දා යෝජනාව සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලීමයි.

ජිනීවා ආරංචි මාර්ග සඳහන් කළේ මේ කපටිකම කර ඇති පුද්ගලයා බ්‍රිතාන්‍යයේ සිවිල් නිලධාරියකු වූ බොබ් ලාස්‌ට්‌ය. කෙටුම්පතේ නිර්මාතෘ ඔහු බව තවදුරටත් අනාවරණය විය.

එසේම එම කෙටුම්පත ගැන ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් එරික්‌ බාක්‌ලේ පැවසුවේ අංක 30/1 යෝජනාවේ කරුණු නිසිලෙස වෙනස්‌ කර නැති බවයි.

මෙම පසුබිම මැද යුරෝපා සංගමය ස්‌විස්‌ටර්ලන්තය සහ ඔස්‌ට්‍රේලියාව එම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා ජාත්‍යන්තර මැදිහත්වීමක්‌ අවශ්‍ය බව ප්‍රකාශ කර ඇත.

එම අවස්‌ථාවේදීද හයිබ්‍රිඩ් යන වචනය භාවිත නොකර ජාත්‍යන්තර මැදිහත්වීමක්‌ අවශ්‍ය බව පවසා ඇත්තේ කපටිකමට නොවේද?

කෙසේ වෙතත් ශ්‍රී ලංකා රජය එම කෙටුම්පතට කිසිදු සංශෝධනයක්‌ ඉදිරිපත් නොකර යළිත් වරක්‌ යෝජනාවේ සම අනුග්‍රහකයා බවට පත්විය.

මෙවන් අරාජික තත්ත්වයක්‌ මැද මානව හිමිකම් සමුළු ඉතිහාසයේ ප්‍රථම වරට තම රටේ රණවිරුවන්ගේ නිවැරැදි බව සනාථ කිරීම සඳහා රියර් අද්මිරාල් සරත් වීරසේකර ඉදිරිපත් විය.

ඔහු ජිනීවා මානව හිමිකම් සමූළුවට යන්නේ හිස්‌ අතින් නොවේ. ජාත්‍යන්තර ප්‍රඥප්ති ගැන මැනවින් දන්නා නීතිවේදීන් පිරිසක්‌ සැකසූ පිටු 200 ක වාර්තාවක්‌ ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ඉදිරිපත් කර මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් සමග සාකච්ඡාවක්‌ පැවැත්වීමට ඔහු අපේක්‍ෂා කර ඇත.

"මම ජිනීවා පැමිණියේ යුද අපරාධ සිදුකළේ අපේ හමුදාව නොවන බව. කොටි සංවිධානය බව මානව හිමිකම් කොමසාරිස්‌වරයාට සාක්‍ෂි සහිතව සනාථ කිරීමට" යෑයි රියර් අද්මිරාල්වරයා ජිනීවා නුවරදී ප්‍රකාශ කළේය.

එසේම රියර් අද්මිරාල්වරයා තවත් විමර්ශන වාර්තා හතකින්ද සන්නද්ධව ඇත.

ශ්‍රී ලංකාවට එල්ල වූ යුද අපරාධ චෝදනා ගැන බ්‍රිතාන්‍යයේ ප්‍රකට නීතිවේදී ඩෙස්‌මන්ඩ් සිල්වා මහාචාර්ය ඩී. එම්. ක්‍රේන්, නීතිවේදී ජෆ්රි නයිස්‌, නීතිවේදී රොඩ්නි ඩික්‌සන්, මහාචාර්ය මයිකල් නිව්ටන් සහ බ්‍රිතාන්‍යයේ කීර්තිමත් හමුදා නිලධාරියකු වූ මේජර් ජෙනරාල් ජෝන් හෝම්ස්‌ සකස්‌ කළ විමර්ශන වාර්තාවලින් ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාව නිවැරැදිකරු බව ප්‍රකාශ කර ඇත.

මේ විදේශ විනිසුරුවන් මානව හිමිකම් කවුන්සිලයෙන් ශ්‍රී ලංකාවට එල්ල කළ චෝදනා අටට නිසි ප්‍රතිචාරය දන්වා තිබේ.

පසුගිය රජය සමයේ සකස්‌ වූ මේ කිසිදු වාර්තාවක්‌ මානව හිමිකම් සමුළුව වෙත ඉදිරිපත් වී නොතිබුණි.

මේ වාර්තා රියර් අද්මිරාල් සරත් වීරසේකර විසින් මුල්වරට ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත යොමුකිරීම විශේෂ සිද්ධියකි.

එසේම මේ වාර්තා සොයා ගැනීමට ගෝලීය ශ්‍රී ලාංකික සංසදයට ඉමහත් වෙහෙසක්‌ දැරීමට සිදුවිය.

මෙම පසුබිම මැද විදේශ විනිසුරුවන්ගේ මෙම නිරීක්‍ෂණ වාර්තා බැහැර කිරීමට මානව හිමිකම් කොමසාරිස්‌ට නොහැකි වී තිබේ.

මෙලෙස කොටි ත්‍රස්‌තවාදීන්ට එරෙහි යුද්ධය නිමවී වසර අටකට පසු මුල්වරට මෙරට ආරක්‍ෂක ප්‍රධානියෙක්‌ ආරක්‍ෂක හමුදාව වෙනුවෙන් කරුණු දැක්‌වීමට ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණ ඇති බවට වාර්තා වූ විගස ඊළාම් ඩයස්‌පෝරාව දැඩි කෝපයට පත්වී ඇත.

විත්තියේ වාචකයෙක්‌ නමින් හඳුන්වන මෙම විමර්ශන වාර්තාවෙන් සුදුකොඩි සිද්ධිය රමේෂ් සහ නමැති කොටි නිවේදිකාවගේ ඝාතන ගැනද අභියෝග කරමින් සාක්‍ෂි ඉදිරිපත් කරන ලෙස දක්‌වා ඇත.

එසේම ජිනීවා මානව හිමිකම් කවුන්සිලය සිය නීතිරීති උල්ලංඝණය කරමින් බලතල ඉක්‌මවා ක්‍රියාකළ අවස්‌ථා ගැනද විමර්ශන වාර්තාවේ දක්‌වා ඇත. මින් පෙර ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට මෙවන් අභියෝග එල්ල වී නොතිබුණි.

මෙම පසුබිම මැද මෙම විමර්ශන වාර්තාවෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාව පිළිබඳව කටයුතු කළ ආකාරය විමර්ශනය කිරීමට එක්‌සත් ජාතීන්ගේ මහා සභාව විසින් විශේෂ තානාපති නිලධාරියකු පත්කළ යුතු යෑයි ඉල්ලීමක්‌ කර ඇත.

තම ඉල්ලීම සාධාරණ බව පෙන්නුම් කිරීම සඳහා මානව හිsමිකම් කවුන්සිලය ක්‍රියාකළ අයුතු ක්‍රියාපටිපාටිය ගැනද එම විමර්ශන වාර්තාවේ සඳහන් කර තිබේ.

මෙම විමර්ශන වාර්තාවේ කොටි කාන්තා බළකායේ ප්‍රධානී තමිලිනී කළ ප්‍රකාශයද දක්‌වා ඇත. කොටි සංවිධානය පැනයන සිවිල් වැසියන්ට වෙඩි තබන ලෙස නියෝග කළ බව විදූෂා නමැති කොටි හමුදා නායිකාව තමන්ට හඬමින් පැවසූ බව තමිලිනී ප්‍රකාශ කර තිබේ.

රියර් අද්මිරාල් සරත් වීරසේකර මෙලෙස ප්‍රකාශ කළේය.

"මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් ස්‌වෛරී රාජ්‍යයකට එරෙහිව ඔහුගේ වරප්‍රසාද උල්ලංඝණය කරමින් කටයුතු කර තිබෙනවා. අපේ විමර්ශන වාර්තාව ඔහුට අභියෝගයක්‌. මේ ජිනීවා යෝජනාව 2012 - 2013 සහ 2014 වර්ෂ වලත් ගෙන ආවා. එම අවස්‌ථාවේ ඉන්දියාව සහ පාකිස්‌තානය ඊට එරෙහිවී මානව හිමිකම් කවුන්සිලය දෙබිඩි පිළිවෙතක්‌ අනුගමනය කරන බව පැවසුවා.

ශ්‍රී ලංකා හමුදාව වන්නි මෙහෙයුමේදී උතුරට ආහාර ද්‍රව්‍ය සැපයීමෙන් වැළකී සිටි බවට චෝදනා කළත් ආහාර ද්‍රව්‍ය ටොන් දස දහස්‌ ගණනක්‌ වන්නියට යෑවූ සැටි දක්‌වන සංඛ්‍යාලේඛන ඉදිරිපත් කළ බව විමර්ශන වාර්තාවේ දැක්‌වෙනවා"

මෙම විමර්ශන වාර්තාව මානව හිමිකම් කොමසාරිස්‌ වෙත පිළිගන්වා ශ්‍රී ලංකාවේ සිදුවූයේ ජාත්‍යන්තර සන්නද්ධ අරගලයක්‌ නොවන බවත් එය ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රතිපත්තියට අයත් නොවන බවත් පවසනවා යෑයි රියර් අද්මිරාල්වරයා තවදුරටත් "ඉරිදා දිවයින සංග්‍රහයට" පැවසීය.

මේ පසුබිම මැද මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් ශ්‍රී ලංකාවේ හිටපු ආරක්‍ෂක ප්‍රධානියකු මුණගැසෙන්නේ මුල් වරටය. ජිනීවා ආරංචිමාර්ග දක්‌වන අන්දමට රියර් අද්මිරාල්වරයාට මානව හිමිකම් කොමසාරිස්‌ මුණගැස්‌වීමට ඉඩ නොදෙන ලෙස ඊළාම් ඩයස්‌පෝරාව විදේශ තානාපති නිලධාරීන් වෙත බලපෑම් කර ඇති බව වාර්තාවේ.

එසේම කොටි හිතවාදීන් ගෝඨාගේ යුද විරුවන් ජිනීවා එන බවට පවසා තිබේ. මේ ප්‍රචාරය මාර්තු 12 දා සිටම දියත් කර තිබුණි.

මේ අතර මෙම ජිනීවා යෝජනාවේ සැබෑ යථාර්ථය මෙරට ජනතාවට වසන් වී ඇත.

2015 වසරේ සැප්තැම්බර් 21 දා එම ජිනීවා යෝජනාව මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් විය. එම අවස්‌ථාවේ මානව හිමිකම් කවුන්සිල ශාලාවේ අසුන්ගෙන සිටියේ ඇමරිකානු තානාපති කෙයින් හාපර් සහ අද මෙරට ඇමරිකානු තානාපති වූ අතුල් කෙශාප්ය.

එම ජිනීවා යෝජනාව ඉදිරිපත් වූ අවස්‌ථාවේ එදා ජිනීවාහි ශ්‍රී ලංකා තානාපති රවිනාත් ආරියසිංහ එය ප්‍රතික්‌ෂේප කරනු ලැබීය. එහෙත් එකවරම අවාසනාවන්ත සිදුවීමක්‌ සිදුවිය. ඒ වහාම ජිනීවා යෝජනාව පිළිගන්නා ලෙස ශ්‍රී ලංකා තානාපතිවරයාට කොළඹින් නියෝග ලැබීමයි.

ශ්‍රී ලංකාවේ හමුදාව යුද අපරාධ සිදුකළ බවට පරීක්‍ෂණ පවත්වන බවට ප්‍රතිඥ දෙන ජිනීවා යෝජනාව පිළිගන්නා ලෙස ජිනීවාහි ශ්‍රී ලංකා තානාපතිට නියෝග කළේ කව්දැයි මේ වන විට හෙළිවී ඇත. එම නියෝගය නිසා ශ්‍රී ලංකා තානාපතිවරයා මුලින් ප්‍රතික්‌ෂේප කළ ජිනීවා යෝජනාව පිළිගනු ලැබීය.

දැන් සංශෝධන සහිතව කෙටුම්පත් වූ බව කියන මේ යෝජනාව ගැන විමර්ශනය කිරීමේදී එය එකම යෝජනාව බව තහවුරු විය.

මේ අතර රියර් අද්මිරාල්වරයා ජිනීවා නුවරදී උතුරේ තත්වය අනාවරණය කළේය.

බෙදුම්වාදීන්ට ත්‍රස්‌තවාදීන් 15000 ක්‌ සන්නද්ධ කිරීමේ හැකියාව තිබෙනවා. එය පැය 45 ක්‌ තුළ කළ හැකියි. ආරක්‍ෂක හමුදාවට බාර නොවූ 4000 ක්‌ උතුරේ සිටිනවා යෑයි හෙතෙම ශ්‍රී ලංකා රජයට අනතුරු අඟවමින් කියා සිටියේය.

මේ ප්‍රකාශය තහවුරු වන්නේ ඊළාම් ඩයස්‌පෝරාව තවදුරටත් ශක්‌තිමත් වීමයි. එසේම ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ඡායාරූප ප්‍රදර්ශනය කරමින් අවමන් සහගත ප්‍රචාර දියත් කිරීමටද සමීප කොටි ඩයස්‌පෝරාවට හැකිවී ඇත.

මේ අතර ජිනීවා යෝජනාවට වසරක්‌ කල් දිය යුතු බවට දක්‌aවන බ්‍රිතාන්‍ය ඇමරිකා යෝජනාව පසුගිය සඳුදා මානව හිමිකම් කවුන්සිලයේ ලේකම් කාර්යාලයට ඉදිරිපත් විය.

මේ යෝජනාව කාඩ්කුට්‌ටමේ අඩංගු කොළ උඩයට මාරු කිරීමකි. එය සනාථ වූයේ එදා 2015 ජිනීවා යෝජනාවට අඩංගු වූ භයානක කරුණු කීපයක්‌ මෙවරද ඇතුළත් වීමයි.

මෙම භයානක කරුණු ඉටුකිරීමට ශ්‍රී ලංකාව කල් ඉල්ලා තිබේ. එහෙත් ශ්‍රී ලංකාව තුළ ප්‍රචාරයක්‌ දියත් වී ඇත්තේ සංහිඳියාව ගොඩනැගීම සඳහා එම නව යෝජනාව ඉදිරිපත් වී ඇති බවටය.

මෙය 2005 ඔක්‌තෝබර් 1 දා ශ්‍රී ලංකාව වැටුනු උගුලේ ආගාධයටම වැටීම බව සනාථ වේ.

මේ උගුල අටවා ඇති අයුරු මෙලෙස දැක්‌විය හැකිය.

"2015 ඔක්‌තෝබර් 1 දා ජගත් මානව හිමිකම් කවුන්සිලයේදී සම්මත වූ අංක 30/1 දරණ ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා වූ යෝජනාවලිය, (නව) නැවත සහතික කරමින් පිළිගන්නෙමු යන වගන්තියෙන් කියා සිටින්නේ කුමක්‌ද?

ඒ යුද අපරාධ චෝදනා ගැන විමර්ශනයට යළිත් එකඟවීම නොවේද?

මේ නව යෝජනාවක්‌ බව පැවසුවත් පරණ යෝජනාවට ශ්‍රී ලංකා රජය එකඟවූයේ කිසිදු සංශෝධනයකින් තොරවය.

එසේම නව යෝජනා උගුල ඇටවූයේ බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් මානව හිමිකම් කටයුතු ගැන පත්කර ඇති සිවිල් සේවකයකු වූ බොබ් ලාස්‌ට්‌ බව වැඩිදුරටත් සනාථ වී ඇත.

මෙලෙස මෙය නව යෝජනාවක්‌ යෑයි දක්‌වමින් පරණ යෝජනාව එළිදැක්‌වීමට පෙර උතුරේ ක්‍රියාත්මක වන එන්.ජී.ඕ. සංවිධාන 21 ක ප්‍රධානීන් හෙවත් විදේශ අරමුදල් ලබන ගෝඩ් පාදර්ලා මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් වෙත හදිසි පෙත්සමක්‌ යවමින් මානව හිමිකම් කවුන්සිලයේ විශ්වාසනීත්වය බිඳවැටී ඇති බවත් ඒ නිසා ශ්‍රී ලංකා රජය සහ හමුදාව ජාත්‍යන්තර අධිකරණයට යොමුකරන ලෙස ඉල්ලා ඇත.

මේ ඉල්ලීම පසුබිමින් ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ප්‍රභාකරන්ගේ මස්‌සිනා වූ එම්. කේ. සිවාජිලිංගම් පැමිණෙන බව වාර්තා වී තිබේ.

තමා ජිනීවා පැමිණෙන්නේ උතුරේ ප්‍රශ්න හෙළිකිරීමට බව ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත. මේ අතර ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අධිකරණය වෙත යොමුකරන ලෙස ඉල්ලා ඇති සංවිධාන අතර විග්නේෂ්වරන්ගේ ද්‍රවිඩ ජනතා කවුන්සිලය, යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමය හා ආචාර්යවරුන්ගේ සංගමය, ද්‍රවිඩ නීතිවේදී සංසදය, ලංකා ගුරු සංගමය ඇතුළු එන්. ජී. ඕ. සංවිධාන 21 ක්‌ වේ. එසේම මෙරට ත්‍රස්‌ත ක්‍රියාවලට සම්බන්ධ ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානය සහ ටෙලෝ සංවිධානයද එම ඉල්ලීමට දායක වී ඇත.

මේ අතර ඊළාම් ඩයස්‌පෝරාවේ කොන්ත්‍රාත්තුවක්‌ ඉටුකරන එක්‌සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනියක්‌ වූ යස්‌මින් සුකාද මානව හිමිකම් කවුන්සිලයට පැමිණිල්ලක්‌ යොමු කරමින් මිනිසුන් පැහැරගෙන යැමට සහ වධ හිංසා පැමිණවීම සඳහා ශ්‍රී ලංකා හමුදාවට තවදුරටත් මුක්‌තිය හිමිවී ඇති බව පැවසුවාය.

මේ පසුබිම මැද ජිනීවා යෝජනාවෙන් ශ්‍රී ලංකා හමුදාවට දඬුවම් කරන වගවීමේ යාන්ත්‍රණය ස්‌ථාපිත කරන ලෙස ඉල්ලද්දී කොළොන්නාව, කටුනායක යන ස්‌ථානවලට බෝම්බ දැමීමේ මෙහෙයුම දියත් කළ වාන්පුලිගල් නමැති කොටි ගුවන් ඒකකයේ ප්‍රධානී ගුෂාන්තන්ට නිදහස ලැබීම ආරක්‍ෂක හමුදාවට එල්ල කළ සරදමක්‌ නොවේද? මේ අතර කොටි ත්‍රස්‌තයන් අරමුදල් එකතු කිරීම ත්‍රස්‌ත ක්‍රියාවක්‌ නොවන බවට යුරෝපා අධිකරණය හමුවේ ඉදිරිපත් වූ තර්කය එම අධිකරණය ප්‍රතික්‌ෂේප කරනු ලැබීය.
ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network