Showing posts with label Srilankaparlimants. Show all posts


‘‘ඩැනී මහත්තයගෙ පැත්තෙ උන්ගෙන් අපට බේරිලා ඉන්න හම්බවෙන්නෙ නැහැ. මේ කරදරවලින් බේරෙන්න අපි දෙන්නා කොහෙ හරි වෙන පළාතකට යමු. එහෙම නොවුණොත් මේ ප‍්‍රශ්න කොහෙන් කෙළවර වෙයිද දන්නේ නැහැ….’’ මධුෂ් තම ආදරණීය බිරිඳ මුතුමාලිට කීවේ ඇතිවෙමින් තිබෙන භයානක තත්ත්වය ඉවෙන් මෙන් තේරුම් ගනිමින්ය. එහෙත් මුතුමාලි ඊට කැමැති නොවූවාය.‘ඔයාට පිස්සුද අපි මොකටද මේ අපේ දේපළ අතඇරලා දාලා යන්නෙ. අපි වැරැද්දක් කරන්නෙ නැත්නම් කාටවත් බය වෙන්න ඕනෙ නැහැනෙ.’’ මධුෂ්ගේ යෝජනාවට මුතුමාලි විරුද්ධ වූවාය. 2002 වර්ෂය වනවිට දක්‍ෂිණ සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියේ මේ දකුණේ ප‍්‍රකට දේශපාලනඥයකු වූ ඩැනී හිත්තැටියගේ මහතා ය. මධුෂ්ගේ පියාට අයත් ඉඩම් කීපයක් ඩැනී හිත්තැටියගේ මහතා විසින් රජයට පවරා ගැනීමට කටයුතු කරමින් සිටියේය. මේ ඉඩම් ප‍්‍රශ්නය නිසා මධුෂ්ගේ පවුලේ සාමාජිකයන් සහ ඩැනී හිත්තැටියගේ මහතාගේ පවුලේ සාමාජිකයන් අතර පැවතියේ අවුල් සහගත තත්ත්වයකි. ඩැනී හිත්තැටියගේ පවුල සමඟ පැවැති ආරවුල් තම ජීවිතයේ හැරවුම් ලක්‍ෂය වනු ඇතැයි මධුෂ් සිතුවේ නැත. සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්‍ෂිත උපත ලබන්නේ 1979 වර්ෂයේ පෙබරවාරි 24 වැනිදාය. කඹුරුපිටියෙන් බැහැර ගතාර නම් ග‍්‍රාමයේ උපත ලැබූ මධූෂ් අධ්‍යාපනය ලැබුවේ කඹුරුපිටිය මහ විද්‍යාලයෙන් සහ කරන්දෙණිය ජාතික පාසලෙන්ය. මධුෂ්ගේ පියා සමරසිංහ ආරච්චිගේ ලක්‍ෂ්මන් ය. කැටයම් ශිල්පියකු වූ ලක්‍ෂ්මන් කඹුරුපිටිය ගතාර ග‍්‍රාමයේ ජිවත් වූ බොහොම සාමකාමී පුද්ගලයෙකි. මධුෂ්ට එක් සොහොයුරියක් සහ සොහොයුරකු සිටි අතර ඔවුන්ද පාසල් අධ්‍යාපනය ලබමින් සිටියහ. මධුෂ්ගේ මෑණියන් වූයේ මාලනී සමරසිංහයි. ඇය එවකට ජනතා විමුක්ති පෙරමුණේ කි‍්‍රයාකාරී සාමාජිකාවක වූවාය. 88/89 භීෂණ සමය මධූෂ්ගේ ජීවිතයට අමතක නොවන සිදුවීම් මාලාවකට මුහුණ දුන් කාලසීමාවක් විය. 1989 වර්ෂය වනවිට මධූෂ් යන්තම් දසවන විය සම්පූර්ණ කර සිටියේය. මධුෂ් තම මෑණියන්ට දැඩි ලෙස ලෙන්ගතුව සිටි අතර ඇය යන එන තැන්වල පසුපසින් යන්නට පුරුදුව සිටියේය. 88/89 භීෂණ සමයේ රජයේ ආරක්‍ෂක අංශ ජනතා විමුක්ති පෙරමුණ කි‍්‍රයාකාරීන් ලූහුබැඳගොස් ඔවුන් ඝාතනය කිරීමේ ප‍්‍රතිපත්තියක් අනුගමනය කර සිටියහ. එහි ප‍්‍රතිඵලයක් ලෙස 1989 වර්ෂයේ ජුලි මස 21 වැනිදා කඹුරුපිටිය ප‍්‍රදේශයේ පැවැති ජනතා විමුක්ති පෙරමුණ රැලියක් ඉලක්ක කර ආරක්‍ෂක අංශ ප‍්‍රහාර එල්ල කළහ. එම රැළියට පැමිණ ආපසු නිවස බලා යමින් සිටි මධුෂ්ගේ මෑණියන් වූ මාලනී සමරසිංහ ඝාතනයට ලක්වූවාය. සිය මවගේ අකල් මරණය මධුෂ් දැඩි ලෙස කම්පනයට පත් කිරීමට සමත් විය. ඒ වනවිට පාසල් යන වයසේ සිටි තම සොහොයුරියත් බාල සොහොයුරාත් සමඟ අසරණ වූ මධුෂ් දෙලොවක් අතර අතරමං වූවේය. දරුවන් තුන්දෙනා ලොකු මහත් කර යහපත් පුද්ගලයන් ලෙස සමාජ ගත කිරීමට මධුෂ්ගේ පියා වූ ලක්‍ෂ්මන් ට ඒ තරම් උවමනාවක් තිබුණේ නැත. ඒ වනවිට අන්ත අසරණ තත්ත්්්වයට පත්වී සිටි මධුෂ් හා ඔහුගේ සොහොයුරා සහ සොහොයුරියගේ පිිහිටට ආවේ පුංචි අම්මා ය. ‘‘මට උඹලා තුන්දෙනා ලොකු නැහැ. මං කොහොම හරි උඹලව හදා ගන්නම්. උඹලා නිකන් විනාශ වෙලා යන්න දෙන්න බැහැ. මධුෂ්ගේ පුංචි අම්මා සහ මිත්තනිය ඔවුන්ට රැකවරණය දීමට ඉදිරිපත් වූහ. ගුරුවරයකු වූ මධුෂ්ගේ පුංචි අම්මා හැකි අයුරින් ඔවුන්ට අධ්‍යාපනයක් ලබාදී ලොකු මහත් කිරීමේ භාරදූර කටයුත්ත ඉටු කළාය. මේ කාලසීමාව මධුෂ්ට මෙන්ම ඔහුගේ සොහොයුරා සහ සොහොයුරියට ඉතාම දුක්බර දැඩි සුෂ්කරතාවන්ට මුහුණදීමට සිදුවූ කාලසීමාවක් විය. ආර්ථික අපහසුකම් මැද්දේ ඔවුන් අපොස සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වූවේය. අධ්‍යාපන කටයුතුවලට හපන්කම් දැක්වූ මධුෂ් අපොස සාමාන්‍ය පෙළ විභාගය හොඳින් සමත් වුණේය. පැවැති ආර්ථික අපහසුතා නිසාම ඉහළට ඉගෙන ගැනීම අතරමග නතර කර දැමූ මධුෂ් ජීවිත සටනට මුහුණ දෙන්නට සූදානම් වුණේය. විජේතුංග ගමගේ දයානි මුතුමාලි මධුෂ්ගේ පාසලේ එකම පංතියේ අධ්‍යාපනය ලැබූ තරුණියකි. පාසල් යන කාලයේ පටන් දයානි සහ මධුෂ් අතර පැවැතියේ සමීප මිතුදමකි. අඩි පහකුත් අඟල් හයක් උසින් යුත් සිහින් සිරුරක් ඇති මධුෂ් පාසලේ ශිෂ්‍යාවන් බොහෝ දෙනකුගේ සිත්ගත් ශිෂ්‍යයකු වුණේය. එහෙත් මධුෂ් තම ප‍්‍රථම පේ‍්‍රමය පුද කරන්නේ දයානි මුතුමාලි වෙතය. මධුෂ් මුතුමාලි පේ‍්‍රමයට වැඩිහිටියන්ගේ ආශිර්වාදය ලැබුණේ නැත. හරිහමන් රැකියාවක් නොමැති හොඳ අධ්‍යාපනයක් ද නොලබා කඹුරුපිටියේ කරක්ගසමින් සිටි මධුෂ්ට තම දියණිය විවාහ කර දෙන්නට මුතුමාලිගේ වැඩිහිටියන් කොහෙත්ම කැමැති වුණේ නැත. ඔයා හොඳ රස්සාවක් හොයා ගන්නකො. එතකොට සේරම හරියයි.’’ මුතුමාලි මධුෂ්ට මේ ගැන කියූ වාර අනන්තය. මධුෂ්ට ද අවශ්‍ය වී තිබුණේ හොඳ රැකියාවක් කරගෙන මුතුමාලි සමඟ විවාහ වී යහපත් පවුල් ජීවිතයක් ගත කිරීමටය. එහෙත් අධ්‍යාපනයක් නොලැබූ නිසාම මධුෂ්ට උසස් රැකියාවක් ලබා ගැනීමේ අවකාශ හිමිව තිබුණේ නැත. මධුෂ් මුල්ම රැකියාව ලෙස තෝරාගත්තේ ට‍්‍රැක්ටර් රියැදුරකු ලෙස වැඩ කිරීමටය. කඹුරුපිටිය බස් නැවතම්පළට යාබදව ට‍්‍රැක්ටරයක් තබාගෙන කුලී රියැදුරු රැකියාවක් කරමින් ජීවිතය ජයගන්නට මධුෂ් උත්සාහ කළේය. එහෙත් ට‍්‍රැක්ටර් රස්සාව මධුෂ්ගේ සිත් ගත්තේ නැත. පසුව ට‍්‍රැක්ටරය අත හැර දැමූ මධුෂ් ති‍්‍රරෝද රථ රියැදුරකු ලෙස රැකියාව කරන්න පටන් ගත්තේය. ති‍්‍රරෝද රථ රියැදුරු රැකියාව ද වැඩි කල් නොගොස් අතහැර දැමීමට ඔහුට සිදු විය. මිතුරකුගේ මාර්ගයෙන් සමන්තුරේ නගරයේ පිහිටි නිහාල් මෝටර්ස් ආයතනයේ රැකියාවක් ලබා ගත් මධුෂ් මාස කීපයක් වැඩ කළේය. ඒ රැකියාවද අතහැර දැමූ මධුෂ් ආපසු රත්මලාන ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයකු වූ අමරසිංහ මහතා යටතේ සේවය කළේය. වැලි ප‍්‍රවාහන ලොරියක රියැදුරකු ලෙස මාස කීපයක් වැඩ කළ මධුෂ් ඒ රැකියාවට ද පයින් ගසා ආපසු ගම රට බලා ආවේය. ‘‘මේ එක රස්සාවක්වත් හරියන්නේ නැහැ. මට ඕනෙ යහමින් සල්ලි ටිකක් ලැබෙන රස්සාවක් කරන්න. ඒත් කෝ ඒකට වාසනාවක්. මේ ප‍්‍රශ්න නිසා අපි දෙන්නට එකතුවෙන්න තියෙන දවස ටිකෙන් ටික පස්සට යනවා. මධුෂ් කතා කළේ දැඩි ශෝකයෙන් යුතුවය. මමත් රස්සාවල් කීපයකට ම ඇප්ලයි කළා. බලමුකෝ ඒවයින් හොඳ රස්සාවක් හම්බ වුණොත් අපිට යහතින් ජීවත් වෙන්න පුුළුවන් මුතුමාලි මධුෂ්ගේ සිත සනසමින් කීවාය. මාකඳුර කඹුරුපිටිය අතර ධාවනය වන පෞද්ගලික බස් රථයක රියැදුරු රැකියාව කරමින් එදිනෙදා ජීවිතය ගත කිරීමට මුදලක් උපයාගත් මධුෂ් සිය සොහොයුරාට හොඳ අධ්‍යාපනයක් ලබාදීමට උත්සාහ කළේය. මේ වැඬේ හරියන්නේ නැහැ. අපි දෙන්නා කසාද බඳිමු. එහෙම නොවුණොත් ඔයාව වෙන කාට හරි බන්දලා දෙයි. අන්තිමේදී මට ඔයාවත් නැති වෙනවා… මධුෂ් තම පෙම්වතිය වූ මුතුමාලිට යෝජනා කළේය. මධුෂ්ට දැඩි ලෙස පේ‍්‍රම කළ මුතුමාලි ඔහුගේ යෝජනාවට එකපයින් කැමැති වූවාය. 1998 වර්ෂයේ මධුෂ් මුතුමාලි විවාහ වනවිට ඔවුන් යන්තමින් දහ නවවැනි විය සම්පූර්ණ කර සිටි ලාබාල වයසේ පසු වූහ. විවාහයෙන් පසු මධුෂ් සිය බිරිඳ සමඟ කඹුරුපිටිය ගතාරේ පිහිටි නිවසේ පදිංචියට ආවේය. ඒ වනවිට මධුෂ්ට සහ මුතුමාලිට මාතර රෝහලේ සාත්තු සේවක රැකියාවක් ලැබී තිබිණි. දක්‍ෂිණ සංවර්ධන අධිකාරියේ සභාපති ඩැනී හිත්තැටියගේ මහතාගෙන් සහ පවුලේ සාමාජිකයන්ගෙන් මධුෂ්ගේ පවුලට විවිධ බලපෑම් එල්ල කරන්නට පටන් ගත්තේ මේ කාලවකවානුවේදීය. 2002 වර්ෂය වනවිට මධුෂ් පියකු- බවට පත්ව සිටියේය. මධුෂ්ට දාව මුතුමාලි පිරිමි දරුවකු බිහි කර සිටියාය. එහෙත් මේ දරුවා යම්කිසි ආබාධිත තත්ත්වයකින් පෙළෙමින් සිටියේ මධුෂ් දැඩි ලෙස කම්පනයට පත් කරමින්ය. මධුෂ් තම කුළුඳුල් දරුවාට දැඩි ලෙස ආදරය කළේය. හැකි හැම වෙලාවකම දරුවා සුරතල් කිරීමට මධුෂ් අමතක කළේ නැත. මේ අතර ඩැනී හිත්තැටියගේ මහතාගේ ඥාතියකුගෙන් මුතුමාලිට විවිධ අයුතු යෝජනා එන්නට පටන් ගෙන තිබුණේය. මුතුමාලි මුලදී මේ සියලූ බලපෑම් මධුෂ්ට නොකියා සිටියද අවසානයේ ඇය ඒ සියල්ල හෙළි කළාය. ‘‘ මම ඕකුන්ව තියන්නේ නැහැ. මට යහතින් ඉන්න දෙන්නෙ නෑනෙ මේ කාලකණ්ණි රැල. මධුෂ් දැඩි ලෙස කෝපයට පත්ව සිටියේය. ඩැනී හිත්තැටියගේ මහතා මුතුමාලිගේ ළඟ ඥාතියකු ද විය. එහෙත් මේ පවුල් දෙක අතර කාලයක පටන් ඇයි හොඳයිකමක් පැවතුණේ නැත. පළමු දරුවා ප‍්‍රසූත කිරීමෙන් පසු මුතුමාලිට සිය මවුපියන් බැලීමට යෑමට ඉඩකඩ ලැබී තිබිණි. පරණ කෝන්තර අමතක කළ වැඩිහිටියන් මුතුමාලි මෙන්ම මධුෂ්ව ද සිය නිවසට ගෙන්වා ගැනීමට කටයුතු කළහ. එතැන් පටන් මධුෂ් සහ මුතුමාලි මාකඳුරේ නිවසේත් කඹුරුපිටිය ගතාරේ පිහිටි මධුෂ්ගේ මහගෙදරත් ගත කිරීමට පුරුදු වූහ. හිත්තැටියගේ පවුල්වලින් එල්ලවන තර්ජන හිරිහැර හමුවේ දැඩි ලෙස කෝපාවිෂ්ටව සිටි මධුෂ් කිසියම් තීරණයකට ආවේය. මුන්ට පාඩමක් ඉගැන්නුවේ නැත්නම් මටවත් මගේ ගෑනිටවත් දරුවටවත් යහතින් ඉන්න ලැබෙන්නේ නැහැ. මධුෂ් ඩැනී හිත්තැටියගේ මහතාගේ මස්සිනා කෙනකු වන උපනන්දට පාඩමක් ඉගැන්වීමට තීරණය කළේය. උපනන්දගෙන් ද මධුෂ්ගේ පවුලට නිතර නිතර හිරිහැර එල්ලවී තිබුණේය. 2002 වර්ෂයේදී මධුෂ් කඹුරුපිටියේදී උපනන්දට වෙඩි තබා ඝාතනය කරන්නේ හිත්තැටියගේ පවුල්වලට අභියෝගයක් එල්ල කරමින්ය. උපනන්ද මරා දැමීම මධුෂ්ගේ අපරාධ චාරිකාවේ මුල්ම අපරාධය ලෙස ඔහුගේ අපරාධ වාර්තා පොතට එක් වන්නේ 2002 වර්ෂයේදීය. ‘‘මට දැන් උඹල එක්ක ඉන්න බැහැ. මං මිනීමරුවෙක් ටික කාලයක් මං හැංගිලා ඉන්නවා. වෙලාවක් ආවම මං උඹවයි දරුවවයි බලන්න එනවා. මධුෂ් තම ආදරණීය බිරිඳ මුතුමාලිගෙන් සමුගෙන කඹුරුපිටියෙන් පලා ගියේය. පොලිසිය මධුෂ් පසුපස පන්නන්නට පටන් ගත්තේය. පොලිසියට හසුවුවොත් තමාට කිසිම ගැලවීමක් නොවන බව තේරුම් ගෙන සිටි මධුෂ් මීගමුව ප‍්‍රදේශයට පලා ආවේය. උණතුරුපේ ශාන්ත නමැති අපරාධකරු මධුෂ් දැන හඳුනාගෙන සිටියේය. කඹුරුපිටියෙන් පලා ආ මධුෂ් ශාන්ත හමුවී සිදුවූ සියල්ල හෙළි කළේය. උඹ මා එක්ක වැඩ කරපං මම උඹව බලා ගන්නම්. ඔය කුලී රස්සාවක් කරලා මිනිස්සු වෙන්න බැහැ. එකපාරට අතට ගාණක් එන දෙයක් කරන්න ඕනෙ. උඹට ඉක්මනින් පෝසතෙක් වෙන පාර කියන්නම්. මධුෂ් උණතුරුපේ ශාන්තගේ කල්ලියට සම්බන්ධ වූයේ ඕනෑම අභියෝගයකට මුහුණ දීමට සූදානම් වෙමින්ය. උණතුරුපේ ශාන්ත සමඟ එක්ව රට පුරා මුල්‍ය ආයතන ලීසිං සමාගම් කොල්ලකන්නට පටන් ගත් මධුෂ් වැඩි දවසක් යන්නට පෙර ඔහු පොහොසතකු වුණේය. මීගමුව, කුලියාපිටිය, ගාල්ල ප‍්‍රදේශවල ලීසිං සමාගම් සහ මූල්‍ය ආයතන දහයකට වඩා වැඩි ප‍්‍රමාණයකට සන්නද්ධව කඩා වැදී රුපියල් කෝටි ගණනක මුදල් කොල්ලකා උණතුරුපේ ශාන්ත මධුෂ් ඇතුළු කල්ලිය පොලිසියටද අභියෝග කරමින් සැඟව සිටියහ. 2006 වර්ෂය වනවිට පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා වූයේ පි‍්‍රයන්ත ජයකොඩි මහතා ය. (වර්තමානයේ අපරාධ අංශය භාර නියෝජ්‍ය පොලිස්පති.) පොලිස් දෙපාර්තමේන්තුවට මහත් කැළලක් වෙමින් තිබෙන ලීසිං සමාගම් සහ මූල්‍ය ආයතන එක දිගට කොල්ලකෑම නතර කර ගැනීමට නොහැකි තත්ත්වයක් ඒ වනවිට උද්ගත වී තිබුණේය. ප්‍රියන්ත ජයකොඩි මහතා සිය නිලධාරීන් සමග එක්වී මේ කොල්ල කණ්ඩායම අත්අඩංගුවට ගැනීමට මාස කීපයක් තිස්සේ මෙහෙයුම් කි‍්‍රයාත්මක කර තිබුණේය. ඒ විමර්ශනවල ප‍්‍රතිඵලයක් ලෙස අවසානයේදී උණතුරුපේ ශාන්ත මධුෂ් ඇතුළු කොල්ල කල්ලිය කොටු කර ගැනීමට හැකි විය. වාරියපොල ප‍්‍රදේශයේ කැලෑවක පිහිටි ගල්ලෙනක සැඟවී සිටියදී පොලිස් නිලධාරීන් අල්ලා ගත් මේ කොල්ල කණ්ඩායම පෑලියගොඩ අපරාධ කොට්ඨාසය වෙත ගෙනැවිත් ප‍්‍රශ්න කළහ. ඒ වනවිට මධුෂ් ඒ තරම් ප‍්‍රසිද්ධ චරිතයක් නොවීම නිසාත් කඹුරුපිටියේ පදිංචිකරුවකු වීම නිසා ඔහු කඹුරුපිටියේ මධුෂ් ලෙස ප‍්‍රකටව සිටියේය. සර් මාව මේ තත්ත්වයට ඇදලා දැම්මේ ඩැනී හිත්තැටියගේ. මම කවදා හරි එයාව පරලොව යවනවා. මිනිහා නැති කරන කල් මට නින්ද යන්නේ නැහැ. පි‍්‍රයන්ත ජයකොඩි මහතා මධුෂ්ගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කරද්දී ඩැනී හිත්තැටියගේ මහතා සමඟ ඇති වෛරය පිළිබඳව ඔහු හෙළි කළේය. මධුෂ් කිසියම් දිනක රටේ දරුණු අපරාධකාරයකු වන බව පි‍්‍රයන්ත ජයකොඩි මහතාට තේරුම් ගොස් තිබුණේය. එමෙන්ම කිසියම් දිනක ඩැනී හිත්තැටියගේ මහතා මධුෂ් විසින් නිසැකවම ඝාතනය කරන බව ද පි‍්‍රයන්ත ජයකොඩි මහතාට තේරුම් ගොස් තිබුණේය. ඒ පිළිබඳව ඩැනී හිත්තැටියගේ මහතා දැනුවත් කිරීමට පි‍්‍රයන්ත ජයකොඩි මහතා කටයුතු කළේය. එහෙත් ඒ දැනුවත් කිරීම් අනතුරු ඇඟවීම් ඩැනී හිත්තැටියගේ ගණනකට ගත්තේ නැත. මධුෂ් ඇතුළු අපරාධකරුවන් බන්ධනාගාරගත කෙරිණි. මීගමුව බන්ධනාගාරයේ සිටි මධුෂ් දක්‍ෂිණ සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා විනාශ කිරීමට සැලසුම් සකස් කරන්නට පටන් ගත්තේය. ‘‘ඩැනී හිත්තැටියගේ පරලොව යවන කල් මට නින්ද යන්නේ නැහැ. ඌ තමයි මගේ ජීවිතේ විනාශ කළේ. මාව මේ තැනට ඇදලා දැම්මේ……. මධුෂ් මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටියදී ඔහු සමඟ සබඳතාවක් ගොඩනඟාගත් බව නිශ්ශංක සමඟ කීවේය. නිශ්ශංක යනු යුද හමුදා කොමාන්ඩෝ බළකායෙන් පලා ආ සෙබළෙකි. අපරාධ කීපයක් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටි නිශ්ශංක ඩැනී හිත්තැටියගේ ඝාතනයට සුදුසුම පුද්ගලයා බව මධුෂ් ඒ වනවිට තේරුම් ගෙන සිටියේය. මාරක ළිඳේ යතුරුපැදි පැදවීමේ දක්‍ෂයකු මෙන්ම අති දක්‍ෂ වෙඩික්කරුවකු වූ නිශ්ශංකට තම අවශ්‍යතාව කියා ඒ සඳහා කි‍්‍රයාත්මක කිරීමට කළ සැලසුම ද මධුෂ් ඉදිරිපත් කළේය. ‘ඔය වගේ උන් සමාජෙන් අයින් කරලා දාන්න ඕනේ. මං උඹට උදව් කරන්නම් අපි මේ වැඬේට බහිමු. දක්‍ෂිණ සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ඝාතනය කිරීමේ කොන්ත‍්‍රාත්තුව භාරගත් නිශ්ශංක එය ඉෂ්ට කර දෙන බවට මධුෂ්ට පොරොන්දු වූවේය. නිශ්ශංකට ඇප තැන්පත් කිරීමට පුද්ගලයන් කීපදෙනෙකු සොයා දුන්නේද මාකඳුරේ මධුෂ් විසින්ය. ඇප ලබා ගෙන මීගමුව බන්ධනාගාරයෙන් පිටතට පැමිණි නිශ්ශංක ඩැනි හිත්තැටියගේ මරා දැමීමේ සැලසුම අදියරෙන් අදියර කි‍්‍රයාත්මක කරන්න පටන් ගත්තේය. 2006 වර්ෂයේ ජුනි මස 11 වැනිදා මාකඳුර නගරයේ පිහිටි ඩැනී හිත්තැටියගේ නිවස ඉදිරිපිටට පැමිණි නිශ්ශංක සහ තවත් පාතාල සගයකු ඔහුට වෙඩි තබා ඝාතනය කර පලා ගියහ. ඩැනී හිත්තැටියගේ ඝාතනයෙන් දකුණු පළාත පමණක් නොව මුළු රටම හෙල්ලී ගියේය. ඩැනී හිත්තැටියගේ ඝාතනය දේශපාලන කුමන්ත‍්‍රණයක ප‍්‍රතිඵලයක් ලෙස මුලින් සැක පහළ කළද පසුව එහි සත්‍ය හෙළි වුණේය. ඩැනී හිත්තැටියගේ ඝාතනය වෙනුවෙන් මධුෂ් නිශ්ශංකට රුපියල් තුන් ලක්‍ෂ පනස් දහසක මුදලක් ද ගෙවා තිබුණේය. ඒ වනවිට මධුෂ්ගේ නම පාතාල ලෝකය පුරා කුප‍්‍රසිද්ධියට පත් වෙමින් තිබුණේය. කඹුරුපිටියේ උපන් නිසා කඹුරුපිටියේ මධුෂ් ලෙස මුලින් ඔහුට නම පටබැඳී තිබුණ ද, මාකඳුරේ මධුෂ්ගේ බිරිඳගේ නිවසේ බින්න බැසීම නිසා මාකඳුරේ මධුෂ් ලෙස ප‍්‍රසිද්ධ වූයේය. මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටියදී මධුෂ්ට විවිධ අපරාධකරුවන් දැන හඳුනා ගන්නට ලැබුණේය. පාතාල අපරාධකාරයන් මෙන්ම එල්ටීටීඊ යට සම්බන්ධ අපරාධකාරයන් ද ඒ අතර විය. අයිස් මංජු නමැති එල්ටීටීඊ සාමාජිකයා මධුෂ්ගේ සමීපතම මිතුරෙක් වී සිටියේය. මේ කාල සීමාව වන විට එල්ටීටීඊ ය ඉතාම ප‍්‍රබල ස්ථානයක පසුවිය. එල්ටීටීඊ සංවිධානය එවකට ජනාධිපතිපතිවරයා ව සිටි මහින්ද රාජපක්‍ෂ මහතා විනාශ කිරීමට සැලසුම් සකස් කරමින් සිටියහ.මහින්ද රාජපක්‍ෂ මහතා ඝාතනය කිරීමේ කුමන්ත‍්‍රණයකට ඔවුන්ගේ සහය ලබා ගැනීමට එල්.ටී. ටී. ඊ. ය සැලසුම් කළේය. ඒ සැලසුම සකස් කරන්නේ මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටි අයිස් මංජු විසින්ය. මේ කුමන්ත‍්‍රණයට සහය දීම සඳහා මධුෂ් එල්. ටී. ටී. ඊ. යෙන් රුපියල් පනස් ලක්‍ෂයක මුදලක්ද ලබාගත් බව කියැවිණි. කෙසේ වෙතත් මහින්ද රාජපක්‍ෂ මහතාට අනතුරක් කිරීමට කළ සැලසුම සාර්ථක වුණේ් නැත. මීගමුව බන්ධනාගාරය තුළ අවුරුදු පහක් තිස්සේ ලැග සිටි මාකඳුරේ මධුෂ් ඇප මත නිදහස් වන්නේ 2011 වර්ෂයේදීය. ඒ වනවිට මහින්ද රාජපක්‍ෂ මහතා ඝාතන සැලසුමක් පිළිබඳව එල්.ටී. ටී. ඊ. කළ සැලසුමට අදාළව පුළුල් විමර්ශනයක් ත‍්‍රස්තවාදී විමර්ශන ඒකකය විසින් ආරම්භ කර තිබුණේය. මේ කුමන්ත‍්‍රණය සඳහා මධුෂ්ගේ සහාය ලබා ගැනීමට එල්. ටී. ටී. ඊ. ය සැලසුම් කර තිබූ බවද ත‍්‍රස්ත විමර්ශන ඒකකය අනාවරණය කරගෙන සිටියේය. බන්ධනාගාරයෙන් නිදහස ලබා මාකඳුරට පැමිණ වැඩි දවසක් සිටීමට මධුෂ්ට ඉඩ ලැබුණේ නැත. ත‍්‍රස්තවාදී විමර්ශන ඒකකය මගින් මධුෂ් නැවත අත්අඩංගුවට ගත්තේය. වසර එකහමාරක කාලයක් මධුෂ්ට ත‍්‍රස්තවාදී විමර්ශන ඒකකය භාරයේ ලගින්නට සිදු වුණේය. ජනාධිපති ඝාතන තැතට අදාළ කුමන්ත‍්‍රණ පිළිබඳ හෙළිදරව් කර ගැනීමට නොහැකි වීම නිසා මධුෂ්ට නිදහස ලැබුණේය. නිදහස ලැබුූ මධුෂ් කොළඹ පාතාල මිතුරන් කීපදෙනකු සමග දින කීපයක් ගත කළේය. පසු කලෙක තම ජීවිතයේ කල්‍යාණ මිතුරන් දෙදෙනා මධුෂ්ට හමුවන්නේ මේ අතරතුරදීය. කොළඹ හෙරොයින් ජාලයේ ප‍්‍රබලයන් බවට පත්ව සිටි මාළිගාවත්තේ කංජිපානි ඉම්රාන් සහ කොටහේනේ ටිප්ඩොන් දැන හඳුනා ගැනීම මධුෂ්ගේ ජීවිතය වෙනස් මගකට යොමු කරවීමට සමත් වුණේය. මංකොල්ලකාල ගෙවල් කඩලා කන්ට‍්‍රැක් මර්ඩර් දීලා කීයක් හරි හොයාගෙන ජීවත් වෙලා වැඩක් නැහැ. හොඳ සල්ලිකාරයෙක් වෙන්න මොනවා හරි ලොකු බිස්නස් එකක් කරන්න ඕනේ. මධුෂ් තම මිතුරන් බවට පත්ව සිටි කංජිපානි ඉම්රාන්ට සහ රිප්බොන්ට කීවේය. උඹ අපිත් එක්ක හෙරොයින් බිස්නස් එකට එකතු වෙයන්. ඒක තමයි ඉක්මනින් ලොකු- සල්ලිකාරයෙක් වෙන්න තියෙන හොඳම බිස්නස් එක. කංජිපානි ඉම්රාන් මධුෂ්ට කීවේය. එතැන් පටන් මධුෂ් ද හෙරොයින් ජාවාරමට සම්බන්ධ වුණේය. ඒ වනවිට මධුෂ්ට විරුද්ධ පාතාල කල්ලි කීපයක් කි‍්‍රයාත්මක වෙමින් තිබුණේය. ආරක්‍ෂක අංශවලින් ද මධුෂ්ට දිිගින් දිගටම බලපෑම් එල්ල වන්නට පටන් තවදුරටත් ශ‍්‍රී ලංකාවේ රැඳී සිටීම බරපතළ ප‍්‍රශ්නයක් විය හැකි බව තේරුම් ගත් මධුෂ් රටින් පලා යන්නට තීරණය කළේය. ‘‘මෙහෙ හිටියොත් එක්කො මාව පොලිසියෙන් මරණවා. නැත්නම් එගෙන්ස් පාතාල ටීම් එකක් මාව නැති කරනවා. කොහොම හරි පැනගෙන මේ බිස්නස් එක කරන ගමන් අන්ඩර්වර්ල්ඞ් එකත් රන් කරන්න ඕනෙ.’’ මධුෂ් තම කල්‍යාණ මිතුරන් බවට පත්ව සිටි රිස්ඛාන්ට සහ කංජිපාන ඉම්රාන්ට කීවේය. ඒ වන විට රිස්ඛාන් ඩුබායි රාජ්‍යයේ සෑහෙන සම්බන්ධකම් ගොඩනඟාගෙන සිටියේය. කංජිපාන ඉම්රාන් ද ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ ප‍්‍රබලයන් කීපදෙනෙකුම දැන හඳුනාගෙන සිටියේය. රිස්ඛාන්ගේ සහ ඉම්රාන්ගේ සහාය ඇතිව ව්‍යාජ විදේශ ගමන් බලපත‍්‍රයක් සකස් කරගත් මාකඳුරේ මධුෂ් හොර රහසේම ඩුබායි රාජ්‍යයට පැන ගත්තේය. ඩුබායි රාජ්‍යයේ සිට මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් කීපදෙනෙකු මධුෂ්ට සම්බන්ධ කර දී එහි නවාතැන් ගැනීමට අවශ්‍ය සියලූ කටයුතු සම්පාදනය කරදීමට කටයුතු කළේ රිස්ඛාන් සහ කංජිපාන ඉම්රාන් විසින් ය. ‘‘උඹලා දෙන්න මේ කරන උදව් මම ජීවිතේට අමතක කරන්නෙ නැහැ. උඹලා වෙන ජාතියක උන් දෙන්නෙක් වුණත් උඹල මගේ සහෝදරයො වාගේ….’’ ඩුබායි රාජ්‍යයට පැමිණි මධුෂ් තම කල්‍යාණ මිතුරන් දෙදෙනා බවට පත්ව සිටි රිස්ඛාන්ට සහ කංජිපාන ඉම්රාන්ට දුරකථනයෙන් කථා කර ඔවුන්ට ස්තුති කළේය. ඒ වන විට මධුෂ් දකුණේ පාතාලයේ ප‍්‍රධානම කෙලිකාරයා බවට පත්ව සිටියේය. ඩුබායි රාජ්‍යයේ සිට මධුෂ් දකුණේ පාතාලය මෙහෙයවන්න පටන් ගත්තේය. තම ගෝල බාලයන් යොදාගෙන දකුණු පළාතේ මෙන්ම රටපුරා විවිධ අපරාධ කරන්නට මධුෂ් කටයුතු කළේය. ඩුබායි රාජ්‍යයේ රැඳී සිටින ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ කෙලිකාරයන් කීපදෙනෙකු සමීපව ඇසුරු කළ මධුෂ් ඔවුන්ගේ උදව් උපකාර ලබාගෙන ශ‍්‍රී ලංකාවට ටොන් ගණනින් හෙරොයින් පොම්ප කරන්නට පටන් ගත්තේය. ටික කලක් යද්දී මාලිගාවත්තේ කංජිපාන ඉම්රාන් ද ඩුබායි රාජ්‍යයට ආවේය. ඔහුද මධුෂ්ගේ හෙරොයින් ජාවාරමට සම්බන්ධ වුණේය. කංජිපාන ඉම්රාන්ගේ සම්ප‍්‍රාප්තිය මධුෂ්ට මහත් අස්වැසිල්ලක් ගෙන දුන්නේය. මධුෂ්ගේ හෙරොයින් ජාවාරම දෙගුණ තෙගුණ වන්නට පටන් ගත්තේ ඉන් පසුවය. ශ‍්‍රී ලංකාවට පමණක් නොව මාලදිවයින, මලයාසියාව, තායිලන්තය වැනි රටවලට ද හෙරොයින් තොග පිටින් යැවීමට මධුෂ් ඇතුළු කල්ලිය සමත් වූහ. හෙරොයින් ජාවාරම හරහා රුපියල් කෝටි ප‍්‍රකෝටි ගණනින් මුදල් ගලා එද්දී මධුෂ් ඒ මුදල් රිසිසේ වියදම් කරමින් මෙරට පාතාලයේ අගරජ වීමට අවශ්‍ය පරිසරය සකස් කර ගන්නට පටන් ගත්තේය. සිය පාතාල සාමාජිකයන්ට අත දිගහැර මුදල් ලබා දුන්නේය. මධුෂ් පාතාලයට මුදල් පොම්ප කිරීම නිසා මෙරට පාතාලයේ බහුතරයක් මේ පාතාල නායකයා සෙවණේ පෝෂණය වන්නට පටන් ගත්තේය. වැලිකඩ බන්ධනාගාරය තුළ ඇති වූ කැරැල්ලකින් කළු තුෂාර නමැති පාතාල නායකයා මරුමුවට පත් වුණේය. කළු තුෂාරගේ සුරූපී බිරිඳ කාලයක පටන් මධුෂ් සමඟ හිතවත්කමක් ගොඩනගා ගෙන සිටියාය. තුෂාර මරුමුවට පත්වීමෙන් පසු තනිකඩව සිටි ඔහුගේ සුරූපි බිරිඳ ඩුබායි රාජ්‍යය වෙත ගෙන්වා ගන්නට මධුෂ් කටයුතු කළේය. එතැන් පටන් මධුෂ්ගේ දෙවැනි බිරිඳ වූයේ කළු තුෂාරගේ නීත්‍යනුකූල බිරිඳය. මධුෂ්ගේ මත්ද්‍රව්‍ය ජාවාරමට මෙන්ම අනෙකුත් බොහෝ ක‍්‍රියාවන් සඳහා ඇය සහාය දැක්වූවාය. ඩුබායි රාජ්‍යයේ සිටියද මධුෂ් තම පළමු විවාහයේ බිරිඳ මුතුමාලි මෙන්ම ආබාධිත දරුවා පිළිබඳව සොයා බැලීමට අමතක කළේ නැත. ඔවුන්ගේ සියලූ වියදම් අවශ්‍යතාවන් සඳහා මුදල් එව්වේ මධුෂ්ය. වරක් තම ආබාධිත පුත‍්‍රයා සිංගප්පූරුවේ ඉහළම රෝහලකට යවා ඔහුට ප‍්‍රතිකාර ලබා දීමට ද මධුෂ් කටයුතු කළේය. මුතුමාලි සමඟ සිංගප්පූරුවට පැමිණි දරුවා පසුව ඩුබායි රාජ්‍ය වෙත ගෙන්වා ගැනීමට ද මධුෂ් පියවර ගත්තේය. ‘‘මං දරුවව බලා ගන්නම්. මේ දරුවට සියලූ සැප සම්පත් මට දෙන්න පුළුවන්. ඔයා ආපහු ලංකාවට යන්න.’’ තම කුළුඳුල් දරුවා ඩුබායි රාජ්‍යයේ රඳවා ගත් මධුෂ් මුතුමාලි ආපසු ශ‍්‍රී ලංකාවට පිටත්කර යැවීමට කටයුතු කළේය. මෙරට පාතාලයේ වාර්තා වූ දරුණුම අපරාධවලින් වැඩි ප‍්‍රමාණයක් පිටුපස සිටි මහමොළකරු වූයේ මාකඳුරේ මධුෂ්ය. ඒ අපරාධ සියල්ල සිදුවන්නේ මධුෂ්ගේ අවශ්‍යතාව මතය. ඒ සියලූ අපරාධ ඉතාම සූක්‍ෂම ආකාරයට සැලසුම් සහගතව නිවැරදිව ක‍්‍රියාත්මක කිරීමේ ශක්තිය හැකියාව මධුෂ්ට තිබුණේය. මෙහි ඇති විශේෂත්වය වන්නේ ශ‍්‍රී ලංකාවේ කිලෝමීටර් දහස් ගණනක දුර රටක සිට මෙරට අපරාධ ඉතාම සූක්‍ෂමව මෙහෙයවා ඒවා නිවැරදිව සිදු කිරීමය. මේ ක‍්‍රියාව සාමාන්‍ය මිනිසෙකුට කිසිසේත්ම කළ නොහැක්කකි. මෙරට පාතාල කල්ලි විසින් සිදුකළ දරුණුම අපරාධවලින් එකක් ලෙස සැලකෙන්නේ කළුතර එතනමඬල ප‍්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයකට ප‍්‍රහාර එල්ල කර එහි සිටි සමයං නමැති පාතාල නායකයා ඇතුළු බන්ධනාගාර නිලධාරීන් ඝාතනය කිරීමය. මේ ප‍්‍රහාරයට නායකත්වය දුන්නේ අංගොඩ ලොක්කා වුවද ප‍්‍රහාරය සඳහා අවි ආයුධ සැපයීම, ප‍්‍රහාරයට නිශ්චිත ස්ථානයක් තෝරා ගැනීම, ඒ සඳහා අවශය කරන වාහන ලබාදීම, ප‍්‍රහාරයට අවශ්‍ය පාතාල සාමාජිකයන් කණ්ඩායමක් සොයාදීම, ප‍්‍රහාරයෙන් පසු අංගොඩ ලොක්කා සහ ලඩියා ඩුබායි රාජ්‍ය වෙත ගෙන්වා ගැනීම ඇතුළු සියලූ සැලසුම් සකස් කරන්නේ මාකඳුරේ මධුෂ් විසින් ය. අංගොඩ ලොක්කා සහ රණාලේ සමයං අතර බද්ධ වෛරයක් පවතින්නේ වසර ගණනාවකට පෙර සිටය. ඔවුන් අතර මේ ගැටුම් හටගන්නේ පාතාල බලය බෙදා ගැනීම සහ හෙරොයින් අධිපත්‍යය තමන් අතට ගැනීම සඳහා වූ සටනේ ප‍්‍රතිඵලයක් ලෙසය. මාකඳුරේ මධුෂ් සමයං ඝාතනය සඳහා සම්බන්ධ වන්නේ ප‍්‍රධාන හේතු දෙකක් මුල්කර ගෙනය. ඉන් එක් හේතුවක් වුයේ මධුෂ්ගේ සමීපතම පාතාල සගයකු වූ හර්ෂ නමැත්තා රාජගිරියේ ඔබේසේකරපුරයේදී සමයං විසින් වෙඩිතබා ඝාතනය කිරීමත් සමයං සහ මධුෂ් අතර ද කලක පටන් ආරවුල් පැවති නිසාත්ය. වරක් වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිටදී සමයංගේ බිරිඳ ඝාතනය කිරීමට මධුෂ් උත්සාහ කර තිබුණේය. ඒ ප‍්‍රහාරයෙන් වැරදීමකින් වෙනත් ගැබිණි මාතාවක් මිය ගියාය. මේ සිද්ධියෙන් සමයං දැඩිලෙස කෝපයට පත් වූ අතර ඔහු මාකඳුරේ පදිංචිව සිටින මධුෂ්ගේ බිරිඳ සහ දරුවා ඝාතනය කිරීමට සැලසුම් කළේය. මේ සැලසුම පිළිබඳ සියලූ තොරතුරු මධුෂ් දැන ගත්තේය. සමයං කියන්නේ තිරිසනෙක් වගේ මිනිහෙක්. ඌට ඉස්සර වෙන්න දුන්නොත් අපි සේරම කම්මුතුයි. ඒ නිසා අපි ඉස්සර වෙන්න ඕනෙ. සමයං මගේ ගෑනිවයි ළමයවයි මරන්න ප්ලෑන් කරගෙන ඉන්නේ. ඊට ඉස්සර අපි ඌව නැති කරන්න ඕනේ. කළුතර එතනමඬලදී බන්ධනාගාර බස් රථයට ප‍්‍රහාර එල්ල කර සමයං ඝාතනය කිරීමේ සැලසුම කඩිනම් කරන්නේ මධුෂ්ය. මධුෂ් සැලසුම් කළ ආකාරයටම ඒ ප‍්‍රහාරය සිදු වුණේය. ප‍්‍රහාරයෙන් පසුව අංගොඩ ලොක්කා සහ ලඩියා කල්පිටිය ප‍්‍රදේශයෙන් මුහුදු මාර්ගයක් ඔස්සේ ඉන්දියාවට ගෙන්වා ගැනීමට මධුෂ් කටයුතු කර තිබුණේය. සිය ජාත්‍යන්තර හෙරොයින් ජාලයේ සාමාජිකයන්ගේ සහාය ඇතිව අංගොඩ ලොක්කා සහ ලඩියා ඩුබායි රාජ්‍යය වෙත ගෙන්වා ගන්නට මධුෂ්ට හැකි විය. ප‍්‍රහාරයේ අවසන් අදියරද සාර්ථකව ඉෂ්ට කර ගැනීමට මධුෂ් කටයුතු කළේ තම තීක්‍ෂණ පාතාල බුද්ධිය පාවිච්චි කරමින්ය. ශ‍්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවකට හෙරොයින් ටොන් ගණනින් යවා මහා ධන කුවේරයකු බවට පත්ව සිටි මාකඳුරේ මධුෂ් ඩුබායි රාජ්‍යයේ ව්‍යාපාර කීපයකටම මුදල් ආයෝජනය කර සිටියේය. ඩුබායි රාජ්‍යයේ තරු තුනේ කාමර හැටක හෝටලයක් මධුෂ් විසින් මිලදී ගෙන තිබුණේ ඉන්දීය ජාතිකයකුගේ නමටය. මධුෂ් ව්‍යාජ විදේශ ගමන් බලපත‍්‍රයක් පාවිච්චි කරමින් ඩුබායි රාජ්‍යයේ රැඳී සිටීම නිසා මේ හෝටලය ඔහුගේ නමට මිලදී ගැනීමට නොහැකි නීතිමය තත්ත්වයක් උදා වී තිබිණි. හෝටලය ඉන්දීය ජාතිකයාගේ නමට මිලදී ගෙන තිබුණේ ඒ නිසාය. ඊට අමතරව විශාල වාහන අංගනයක් ද මධුෂ් සතුවිය. හෙරොයින් ජාවාරම්වලින් ඉපයූ රුපියල් කෝටි ප‍්‍රකෝටි ගණන් මුදල් සමීප හිතවතුන්ගේ බැංකු ගිණුම්වල මධුෂ් තැන්පත් කර තිබුණේය. මේ අතර මධුෂ් තම සොහොයුරා ලෙස සැලකූ මොහොමඞ් රිස්ඛාන් කොටහේනේදී ඝාතනය වුණේය. තමන්ට ඩුබායි රාජ්‍යයට පැමිණෙන්නට උපකාර කළා මෙන්ම හෙරොයින් ජාවාරම දියුණු කර ගැනීමට සියලූ සහාය දුන් රිස්ඛාන්ගේ ඝාතනය මධුෂ්ට එල්ල වූ මරු පහරක් බඳු විය. ඒ වන විට රිස්ඛාන්ගේ මෙරට ව්‍යාපාර කීපයක් සඳහා ද මධුෂ් රුපියල් විසිකෝටියකට අධික මුදලක් ආයෝජනය කර තිබුණේය. මාකඳුරේ මධුෂ්ට රිද්දවීමට ඇති එකම මාර්ගය රිස්ඛාන් ඝාතනය කිරීම බව තේරුම් ගත් කඩුවෙල පාතාලය ඔහු මරා දැමීමට සැලසුම් සකස් කළහ. කඩුවෙල සිට යතුරුපැදියකින් පැමිණි පාතාල සාමාජිකයන් දෙදෙනකු අළුත්කඬේ අධිකරණයට ආසන්නයේ පිහිටි කාර්යාලයට කඩා වැදී රිස්ඛාන්ට වෙඩි තබා ඝාතනය කර පලා යෑමට උත්සාහ කළහ. ප‍්‍රහාරය සඳහා පැමිණි එක් පාතාල සාමාජිකයකු ප‍්‍රදේශවාසීන් එල්ල කළ ප‍්‍රහාරයකින් මියගොස් තිබුණේය. මේ ප‍්‍රහාරයට සම්බන්ධ වූවන්ගෙන් ඉතිරිව සිටියේ අංගොඩ ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වූ බොස් සරත් නොහොත් කොස් මල්ලී නමැති තරුණයකු පමණි. ‘‘කඩුවෙල පාතාලෙ උන්ට උණ ගැනෙන විදිහේ වැඩක් මේ කොස් මල්ලි කියන එකාට දෙන්න ඕනෙ. මුළු රටම හෙල්ලිලා යන විදිහට මේ වැඬේ කෙරෙන්න ඕනෙ.’’ ඩුබායිහි සිටි මධුෂ් මෙරට පාතාල ජාලයට අවශ්‍ය උපදෙස් ලබා දී කොස් මල්ලී පරලොව යැවීමට අවශ්‍ය සැලසුම ලබා දුන්නේය. කොස් මල්ලී පැහැරගත් මධුෂ්ගේ අළුගෝසුවන් ඔහු අඟුණකොලපෑලැස්සේ කැලෑබද හේනකට රැගෙන ගියහ. එහිදී මධුෂ් වට්ස් ඇප් වීඩියෝ දුරකථන මාර්ගයෙන් කොස් මල්ලීට කතා කළේය. ‘‘උඹලා මගේ සහෝදරයා මරාගත්තා. ඒකට දඬුවම් විඳින්න ලෑස්ති වෙයන්. මේකට ගෑවිච්ච හැම එකාවම මරණවා.’’ මධුෂ් කෝපයෙන් කෑ ගැසුවේය. ජීවිත දානය ඉල්ලා කොස් මල්ලී මධුෂ් ඉදිරියේ හඬා වැටුටෙණ්ය. එහෙත් මධුෂ්ගෙන් ඊට සමාවක් ලැබුණේ නැත. වට්ස්ඇප් වීඩියෝ දුරකථන මාර්ගයෙන් මධුෂ් බලා සිටියදීම ඔහුගේ අළුගෝසුවන් කොස් මල්ලී ඝාතනය කර ඔහුගේ හිස කඳෙන් වෙන් කළහ. පසුව දක්‍ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ මෝටර් රථයකින් කොස් මල්ලීගේ හිස කොළඹ අධිකරණ සංකීර්ණය අසලට යැවීමට මධුෂ් කටයුතු කළේය. කොස් මල්ලී ඝාතනය කර ඔහුගේ හිස අධිකරණ සංකීර්ණය අසලට ගෙන ගොස් දැමීම මෙරට පාතාලයේ වාර්තා වූ ම්ලේච්ඡුම ඝාතන වලින් එකක් ලෙස ඉතිහාසයට එක් වුණේය. පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස් පරීක්‍ෂකවරයකු වූ නියොමාල් රංගජීව සහ මධුෂ් අතර කාලයක පටන් වෛරයක් පැවතුණේය. මේ වෛරය පුපුරා යන්නේ පිළියන්දලදීය. ‘‘මධුෂ් තම ගෝල බාලයන් පිරිසක් යොදවා නියොමාල් රංගජීව ඝාතනයට සැලසුමක් සකස් කළේය. නවාස් නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මාකඳුරේ මධුෂ්ගේ සමීපතම ගෝලයකු විය. රංගජීව ඝාතන සැලසුම සඳහා මධුෂ් නවාෂ්ගේ සහාය ලබා ගත්තේය. නවාෂ් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ඔත්තුකරුවකු ලෙස යෙදවීමට මධුෂ් ඉතාම සූක්‍ෂම ලෙස කටයුතු කළේය. මුලින් මුලින් මත්ද්‍රව්‍ය වැටලීම් කීපයක් සඳහා නිවැරදිව ඔත්තු ලබාදීමට කටයුතු කළ නවාෂ් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන්ගේ විශ්වාසය දිනා ගත්තේය. පසුව පිළියන්දලදී හෙරොයින් තොගයක් රැගෙන එන ජාවාරම්කරුවන් පිරිසක් පිළිබඳව ඔත්තු ලබා දුන් නවාෂ් රංගජීව ඇතුළු නිලධාරීන් පිරිසක් එහි ගෙන්වා ගැනීමට කටයුතු කළේය. පිළියන්දල මෙහෙයුම මධුෂ් විසින් ඇටවූ උගුලක් බව නොදත් රංගජීව ඇතුළු නිලධාරීන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වැටලීමට පිටත්ව ගියහ. එහිදී පිළියන්දල නගරයට කඩාවැදුණු පාතාල කණ්ඩායමක් රංගජීව ඇතුළු මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන්ට ප‍්‍රහාරයක් එල්ල කර නිරුපද්‍රිතව පලා ගියෝය. මේ ප‍්‍රහාරයෙන් රංගජීව බරපතළ තුවාල ලබා ජීවිතය බේරා ගත්තද මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරියකු සහ මේ සිද්ධියට කිසිම සම්බන්ධයක් නොමැති මහපාරේ ගමන් කළ හත් හැවිරිදි අහිංසක දැරියකට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවිය. මධුෂ් පොලිස් නිලධාරීන් නොමඟ යවා තමන්ට අවශ්‍ය ස්ථානයට ගෙන්වා ගෙන පාතාලය විසින් ප‍්‍රහාරයක් එල්ල කිරීම මෙරට පොලිස් ඉතිහාසයේ වාර්තා වූ මුල්ම සිද්ධිය විය. මේ සියලූ තිරිසන් ක‍්‍රියාවන්ගෙන් මාකඳුරේ මධුෂ් මෙරට පාතාලයේ ප‍්‍රබලම අපරාධකරු බවට පත්ව සිටියේය. මෙරට පාතාලයේ ගෝර්ඞ් ෆාදර් ලෙස හැඳින්වූයේ මේ වන විට ජීවතුන් අතර නැති නාවල නිහාල් ය. නාවල නිහාල්ගෙන් පසු මෙරට පාතාලයේ වර්තමාන ගෝර්ඞ් ෆාදර් ලෙස හැඳින්වුයේ මාකඳුරේ මධුෂ්ය. ඒ තරමටම මේ පාතාල මැරයා සූක්‍ෂම ලෙස මෙරට පාතාලය පාලනය කළේය. මේ අතර කඹුරුපිටියේ ගතාරේ සිටි මාකඳුරේ මධුෂ්ගේ පියා ලක්‍ෂ්මන් මිය ගියේය. පියාගේ මරණයට මධුෂ්ට සහභාගි වීමට හැකියාවක් තිබුණේ නැත. ‘‘පුංචි කාලේ අපි ගැන බැලූවෙ නැති වුණාට ඒ මගේ තාත්තා. මුළු රටටම පේන්න තාත්තගේ අවමඟුල බොහොම ඉහළින් ගන්න ඕනෙ. තාත්තගෙ මිනිය ලංකාවෙ තියෙන වටිනාම මිනී පෙට්ටියක තියන්න ඕනෙ. අවමඟුල් පෙරහැරකින් මිනිය ගෙනියන්න ඕනෙ. ලොකු සෑයක් ගහලා මිනිය ආදාහනය කරන්න ඕනෙ. ඒ වෙලාවට හෙලිකොප්ටරයකින් තාත්තගෙ මිනියට පිච්චමල් ඉහින්න ඕනෙ.’’ තම පියාගේ අවමඟුල රාජ්‍ය ගෞරව සිදු කරන ප‍්‍රභූවරයකුගේ ආදාහන උත්සවයක් කරන ආකාරයෙන් සිදු කිරීමට මධුෂ් සැලසුම් කළේය. අහිංසක පියවරුන් සිය ගණනක් ඝාතනය කර දරු පවුල් විනාශ කර දමා මධුෂ් නමැති නරුමයා තම පියාගේ ආදාහනයට ගුවනින් පිච්ච මල් ඉසීමට කටයුතු කළේ තම බලය මුළු රටටම පෙන්වීමටය. ශී‍්‍ර ලංකාවේ ඉතිහාසයේ වාර්තා වූ විශාලතම වටිනාකමක් ඇති මංකොල්ලය සිදු කරන්නේ ද මාකඳුරේ මධුෂ් විසින් ය. රුපියල් කෝටි 700 ක් වටිනා දියමන්තියක් කොල්ලකෑම මෙරට ඉතිහාසයේ වාර්තා වූ විශාලතම වටිනාකමක් ඇති දේපළ කොල්ලකෑම විය. මධුෂ් මේ කොල්ලය සැලසුම් කරන්නේ මාස ගණනක සිටය. මහරගම ඇරැව්වල ප‍්‍රදේශයේ පදිංචිව සිටි මැණික් ව්‍යාපාරිකයකු සතුව මේ වටිනා දියමන්තිය තිබුණේය. දියමන්තිය විකිණීමට ව්‍යාපාරිකයා අවස්ථා කීපයකදීම සැලසුම් කළ ද එය සාර්ථක වූයේ නැත. මහරගම ඇරැව්වල දියමන්තිය පිළිබඳව තොරතුරු මධුෂ්ගේ කන වැකෙන්නේ මේ අතරතුරදීය. මධුෂ් මේ දියමන්තිය කොල්ලකැමට සැලසුමක් සකස් කළේය. සැලසුම සඳහා ඔස්ටි‍්‍රයා ජාතිකයකු ද යොදා ගත්තේය. දියමන්තිය මිලදී ගැනීමට ඔස්ටි‍්‍රයා ජාතිකයා සහ තවත් කීපදෙනකු මැණික් ව්‍යාපාරිකයාගේ නිවසට යැවීමට මධුෂ් කටයුතු කළේය. ඔස්ටි‍්‍රයා ජාතිකයා ඇතුළු පිරිස දියමන්තිය පරීක්‍ෂා කරමින් සිටියදී මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් ලෙස වෙස් ගැන්වූ තම පාතාල කල්ලියේ සාමාජිකයන් පිරිසක් මැණික් ව්‍යාපාරිකයාගේ නිවසට යැවිමට මධුෂ් කටයුතු කළේය. මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් ලෙස කඩාවැදුණු පාතාල කණ්ඩායම එහි සිටි ඔස්ටි‍්‍රයන් ජාතිකයා ඇතුළු පිරිස පැහැරගෙන රුපියල් කෝටි 700 ක් වටිනා දියමන්තිය ද කොල්ලකෑහ. දියමන්තිය කොල්ලකෑවේ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් නොව මධුෂ්ගේ ගෝලබාලයන් බව පොලිසිය සොයා ගන්නා විට සියල්ල සිදුවී හමාරය. මධුෂ් ඉතාම සූක්‍ෂම ලෙස රුපියල් කෝටි 700 ක් වටිනා දියමන්තිය ඩුබායි රාජ්‍යයට ගෙන්වා ගත්තේය. ඒ ඔස්ටි‍්‍රයන් ජාතිකයා මාර්ගයෙන්ය. මේ කොල්ලය සිදුවී මාස කීපයකට පසුව මධුෂ්ගේ ගෝලයකු වු කැලූම් නොහොත් කැවුමා සතුව තිබී පොලිසිය සොයා ගත්තේ නියම දියමන්තිය නොව ව්‍යාජ එකකි. කොල්ලකන ලද දියමන්තිය මධුෂ් විකුණා දැමුවේය. එම දියමන්තිය විකිණීමෙන් මධුෂ්ගේ කොටස ලෙස රුපියල් කෝටි 400 ක් ඔහුට ලැබීමට නියමිතව තිබුණේය. මධුෂ් ඩුබායි පොලිසිය භාරයට පත්වන්නේ ඒ දියමන්තිය විකිණීමෙන් ඔහුට ලැබීමට නියමිතව තිබූ රුපියල් කෝටි 400 ලබා ගැනීමට පෙරය. මධුෂ් ඩුබායි රාජ්‍යයේ සිට මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවූ ප‍්‍රධාන පෙළේ ජාවාරම්කරුවන් කීපදෙනෙකුගෙන් එකකු විය. මෙරට ප‍්‍රධාන පෙළේ අනෙක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වූයේ මොහොමඞ් සිද්ධික්, වෙලේ සුදා, අන්නාසි මොරිල්ය. මේ ජාවාරම්කරුවන් සියලූදෙනා මධුෂ්ගේ පරම සතුරන්ය. වෙලේ සුදා සහ සිද්ධික් බන්ධනාගාරගතව සිට හෙරොයින් ජාවාරම මෙහෙයවුවද අන්නාසි මොරිල් සිටියේ ඩුබායි රාජ්‍යයේ ය. අන්නාසි මොරිල් ද ටොන් ගණනින් හෙරොයින් එවූ ප‍්‍රධාන පෙළේ ජාවාරම්කරුවෙකි. වරක් අන්නාසි මොරිල් මෙරට දකුණු වෙරළ තීරය වෙත එවූ රුපියල් කෝටි 600 ක් පමණ වටිනා හොරොයින් තොගයක් මධුෂ් සිය පාතාල කල්ලියේ සාමාජිකයන් යොදවා කොල්ල කෑහ. මේ හෙරොයින් කොල්ලය නිසා මොරිල් සිටියේ මධුෂ් කෙරෙහි දැඩි වෛරයෙන් ය. කොයි මොහොතක හෝ මධුෂ් විනාශ කර දැමීමට මොරිල් උත්සාහ කළේය. මධුෂ්ගේ සිඟිති දියණියගේ උපන් දින උත්සවය ඩුබායි හෝටලයක උත්කර්ෂවත් අන්දමින් පවත්වන බව තොරතුරු මොරිල්ට ලැබෙන්නේ මේ අතරතුරදීය. මොරිල් ඒ වන විට ඩුබායි පොලිසියේ ඉහළ නිලධාරීන් කීපදෙනෙකුම සමීපව ඇසුරු කරමින් සිටියේය. මේ උපන් දින සාදය සඳහා කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය ගෙන එන බව ද මොරිල් දැන සිටියේය. මොරිල් මේ පිළිබඳ සියලූ තොරතුරු ඩුබායි පොලිසියට ලබා දුන්නේය. අවසානයේ හෝටලය වැටලූ ඩුබායි පොලිසිය මධුෂ් ඇතුළු පාතාල සගයන් මෙන්ම මෙරට ජනප‍්‍රිය කලාකරුවන් වූ අමල් පෙරේරා, නදිමාල් පෙරේරා, රයන් වැන්රෝවන් ඇතුළු පුද්ගලයන් සියදෙනකු පමණ අත්අඩංගුවට ගත්හ. මේ පිරිසට ඩුබායි පොලිසියේ මෙන්ම සිරගෙවල්වල මාස ගණනක් ලගින්නට සිදුවිය. ශ‍්‍රී ලංකා රජය සහ පොලිසිය මාස ගණනක් තිස්සේ කළ ඉල්ලීම්වලින් පසු අවසානයේදී මධුෂ් නමැති පාතාල නායකයා ශ‍්‍රී ලංකාවට භාරදීමට ඩුබායි රාජ්‍යය කටයුතු කළේය. ඩුබායි රාජ්‍යය වෙත ගිය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් මධුෂ් රැගෙන ආවෝය. අවසානයේ රැඳවුම් නියෝග මත මධුෂ්ට වසර එකහමාරක කාලයක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ ලගින්නට සිදු වුණේය. මධුෂ්ට එරෙහිව ඇති අපරාධ කීපයක් සම්බන්ධයෙන් විමර්ශන කිරීම් සඳහ ඔහු කොළඹ අපරාධ කොට්ඨාශය වෙත භාර දෙන්නේ මේ අතරතුරදීය. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජී. ජේ. නන්දන, සහකාර පොලිස් අධිකාරි නෙවිල් සිල්වා ඇතුළු නිලධාරීන්, කොළඹ අපරාධ කොට්ඨාශය වෙත ගෙනගොස් දින දෙකක් ගත වන්නට පෙර මධුෂ් ලබාදුන් තොරතුරු මත කොළඹ කොටිකාවත්ත ප‍්‍රදේශයේ සඟවා තිබූ රුපියල් කෝටි 10 කට අධික වටිනාකමෙන් යුත් හෙරොයින් තොගයක් සොයා ගත්තේය. මධුෂ්ගේ ජීවිතයේ අවසන් දින කීපය ගෙවී යන බව ඔහුට සිහිනයකින් හෝ සිතුණේ නැත. කිසියම් දිනක නැවත නිදහස ලබා කඹුරුපිටියේ ගතාරේ ගමට යන්නට මධුෂ් සිහින මැව්වේය. මේ අතර මධුෂ් සඟවා ඇති තවත් හෙරොයින් තොග අත්අඩංගුවට ගැනීමට පොලිසිය දිගින් දිගටම විමර්ශන පැවැත්වූහ. මධුෂ් මාර්ගයෙන් ලබාගත් තොරතුරු ඔස්සේ මාලිගාවත්ත ලක්‍ෂිත සෙවන නිවාස සංකීර්ණය වෙත ඔහු රැගෙන යන්නේ තවත් හෙරොයින් තොගයක් සොයා ගැනීමටය. එහෙත් මරායා ඔහු එන මඟ රැක සිටියේය. මාලිගාවත්ත ලක්‍ෂිත නිවාස සංකිර්ණයේ පළමු මහලේදී මධුෂ්ට මාරයා මුණ ගැසුණේය. කඹුරුපිටියේ ගතාරේ නමින් හැඳින්වු හද්දා පිටිසර ගමෙන් පැමිණ මුළු ශ‍්‍රී ලංකාව ම බියවද්දා මෙරට කුඩුපුරයක් බවට පත් කළ මාකඳුරේ මධුෂ් නමැති අපරාධකාරයාට දිට්ඨධම්මවේදනීය කර්මය පටිසන් දුන්නේය. මිනිසුන් සිය ගණනකගේ හිස් පසාරු කරගෙන යන්නට පාතාලයන්ට නියෝග ලබා දුන් මධුෂ්ට ඒ ආනිසංසයම භුක්ති විඳින්නට සිදු වුණේය. මධුෂ්ගේ හිස පසාරු කරගෙන ගිය උණ්ඩයකින් ඔහු අවසන් ගමන් ගොස් සිටියේය. කඹුරුපිටිය ගතාර ග‍්‍රාමයේ සිට විසි වසරකට පෙර ආරම්භ කළ මාකඳුරේ මධුෂ්ගේ අපරාධ චාරිකාව මාලිගාවත්ත ලක්‍ෂිත මහල් නිවාසයේ සිමෙන්ති පොළොව මතින් නිමාවට පත් වූයේ ඒ අයුරින්ය. උපුටා ගැනීම – දිවයින පුවත්පත

ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
“රියර් අද්මිරාල් සරත් වීරසේකර මානව හිමිකම් කොමසාරිස්‌ට අභියෝග කරයි...”
(රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතාගේ ජිනීවා ගමන පිළිබඳ 2017 මාර්තු මස 19 වැනි ඉරිදා දිවයින පත්‍රයේ පළවූ ලිපිය. - කීර්ති වර්ණකුලසූරිය ජිනීවා සිට වාර්තා කරයි)

මානව හිමිකම් සමුළුවේදී කිසිම රටක්‌ තම රටේ ආරක්‍ෂක හමුදාව යුද අපරාධ සිදුකළ බවට පිළිගෙන ඒ ගැන පරීක්‍ෂණ කිරීමට එකඟ වී නැත. එහෙත් ශ්‍රී ලංකාව ප්‍රථම වරට 2015 ඔක්‌තෝබර් 1 දා ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් කීපයක්‌ මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කළ ජිනීවා යෝජනාවෙන් ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ කළ බව පිළිගත්තා පමණක්‌ නොව එම යෝජනාවට සම අනුග්‍රාහකයා බවට ද පත්විය. මෙවර ඇමරිකාව, බ්‍රිතාන්‍යය, මැසිඩෝනියාව සහ මොන්ටිනිග්‍රෝ යන රටවල් එක්‌ව ජිනීවා යෝජනාව සඳහා නව කෙටුම්පතක්‌ ඉදිරිපත් කර ඇත. මාර්තු 22 දා මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් තම වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසු එකී යෝජනාව සමුළුව වෙත ඉදිරිපත් කෙරේ.

මේ යෝජනාවට අනුග්‍රහය දක්‌වන මැසිඩෝනියාව සහ මොන්ටිනිග්‍රෝ යනු යූගෝස්‌ලාවියාවෙන් වෙන්වූ බෙදුම්වාදයට මුල් තැන දුන් ප්‍රාන්ත දෙකකි. දැන් එම ප්‍රාන්ත රටවල් බවට පත්වී ඇත.

පසුගිය ඉරිදා මේ නව යෝජනාවේ කෙටුම්පත මෙරට ඇමරිකානු තානාපති අතුල් කෙෂාප් සහ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ ඡේම්ස්‌ ඩව්රිස්‌ විසින් ඉන්දීය මහ කොමසාරිස්‌ තරන්ජිත් සන්ධුගේ උපදෙස්‌ විමසීමෙන් පසු ශ්‍රී ලංකා රජය වෙත යොමුකෙරුණි.

ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය එක්‌ව නව කෙටුම්පතක්‌ ලෙසින් මෙම යෝජනාව හඳුන්වනු ලැබූවත් එහි අන්තර්ගතවී ඇත්තේ පරණ වයින් බෝතලයට පිරවූ අලුත් වයින් නොව පරණ වයින් බව සනාථ විය.

මේ නව කෙටුම්පතක්‌ කියන යෝජනාවේ අංක 1ට සඳහන් වී ඇත්තේ පසුගිය 30/1 ජිනීවා යෝජනාව මුළුමණින්ම ක්‍රියාත්මක කළ යුතු බවයි. මානව හිමිකම් කොමසාරිස්‌ගේ මුල් වාර්තාවේ සඳහන් වූයේ හයිබ්‍රිඩ් අධිකරණයක්‌ ස්‌ථාපිත කරන ලෙසයි. එහෙත් මෙවර කපටිකමක්‌ කර ඇත. ඒ හයිබ්‍රිඩ් වචනය වෙනුවට 2015 ඔක්‌තෝබර් 1 දා යෝජනාව සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලීමයි.

ජිනීවා ආරංචි මාර්ග සඳහන් කළේ මේ කපටිකම කර ඇති පුද්ගලයා බ්‍රිතාන්‍යයේ සිවිල් නිලධාරියකු වූ බොබ් ලාස්‌ට්‌ය. කෙටුම්පතේ නිර්මාතෘ ඔහු බව තවදුරටත් අනාවරණය විය.

එසේම එම කෙටුම්පත ගැන ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් එරික්‌ බාක්‌ලේ පැවසුවේ අංක 30/1 යෝජනාවේ කරුණු නිසිලෙස වෙනස්‌ කර නැති බවයි.

මෙම පසුබිම මැද යුරෝපා සංගමය ස්‌විස්‌ටර්ලන්තය සහ ඔස්‌ට්‍රේලියාව එම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා ජාත්‍යන්තර මැදිහත්වීමක්‌ අවශ්‍ය බව ප්‍රකාශ කර ඇත.

එම අවස්‌ථාවේදීද හයිබ්‍රිඩ් යන වචනය භාවිත නොකර ජාත්‍යන්තර මැදිහත්වීමක්‌ අවශ්‍ය බව පවසා ඇත්තේ කපටිකමට නොවේද?

කෙසේ වෙතත් ශ්‍රී ලංකා රජය එම කෙටුම්පතට කිසිදු සංශෝධනයක්‌ ඉදිරිපත් නොකර යළිත් වරක්‌ යෝජනාවේ සම අනුග්‍රහකයා බවට පත්විය.

මෙවන් අරාජික තත්ත්වයක්‌ මැද මානව හිමිකම් සමුළු ඉතිහාසයේ ප්‍රථම වරට තම රටේ රණවිරුවන්ගේ නිවැරැදි බව සනාථ කිරීම සඳහා රියර් අද්මිරාල් සරත් වීරසේකර ඉදිරිපත් විය.

ඔහු ජිනීවා මානව හිමිකම් සමූළුවට යන්නේ හිස්‌ අතින් නොවේ. ජාත්‍යන්තර ප්‍රඥප්ති ගැන මැනවින් දන්නා නීතිවේදීන් පිරිසක්‌ සැකසූ පිටු 200 ක වාර්තාවක්‌ ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ඉදිරිපත් කර මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් සමග සාකච්ඡාවක්‌ පැවැත්වීමට ඔහු අපේක්‍ෂා කර ඇත.

"මම ජිනීවා පැමිණියේ යුද අපරාධ සිදුකළේ අපේ හමුදාව නොවන බව. කොටි සංවිධානය බව මානව හිමිකම් කොමසාරිස්‌වරයාට සාක්‍ෂි සහිතව සනාථ කිරීමට" යෑයි රියර් අද්මිරාල්වරයා ජිනීවා නුවරදී ප්‍රකාශ කළේය.

එසේම රියර් අද්මිරාල්වරයා තවත් විමර්ශන වාර්තා හතකින්ද සන්නද්ධව ඇත.

ශ්‍රී ලංකාවට එල්ල වූ යුද අපරාධ චෝදනා ගැන බ්‍රිතාන්‍යයේ ප්‍රකට නීතිවේදී ඩෙස්‌මන්ඩ් සිල්වා මහාචාර්ය ඩී. එම්. ක්‍රේන්, නීතිවේදී ජෆ්රි නයිස්‌, නීතිවේදී රොඩ්නි ඩික්‌සන්, මහාචාර්ය මයිකල් නිව්ටන් සහ බ්‍රිතාන්‍යයේ කීර්තිමත් හමුදා නිලධාරියකු වූ මේජර් ජෙනරාල් ජෝන් හෝම්ස්‌ සකස්‌ කළ විමර්ශන වාර්තාවලින් ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාව නිවැරැදිකරු බව ප්‍රකාශ කර ඇත.

මේ විදේශ විනිසුරුවන් මානව හිමිකම් කවුන්සිලයෙන් ශ්‍රී ලංකාවට එල්ල කළ චෝදනා අටට නිසි ප්‍රතිචාරය දන්වා තිබේ.

පසුගිය රජය සමයේ සකස්‌ වූ මේ කිසිදු වාර්තාවක්‌ මානව හිමිකම් සමුළුව වෙත ඉදිරිපත් වී නොතිබුණි.

මේ වාර්තා රියර් අද්මිරාල් සරත් වීරසේකර විසින් මුල්වරට ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත යොමුකිරීම විශේෂ සිද්ධියකි.

එසේම මේ වාර්තා සොයා ගැනීමට ගෝලීය ශ්‍රී ලාංකික සංසදයට ඉමහත් වෙහෙසක්‌ දැරීමට සිදුවිය.

මෙම පසුබිම මැද විදේශ විනිසුරුවන්ගේ මෙම නිරීක්‍ෂණ වාර්තා බැහැර කිරීමට මානව හිමිකම් කොමසාරිස්‌ට නොහැකි වී තිබේ.

මෙලෙස කොටි ත්‍රස්‌තවාදීන්ට එරෙහි යුද්ධය නිමවී වසර අටකට පසු මුල්වරට මෙරට ආරක්‍ෂක ප්‍රධානියෙක්‌ ආරක්‍ෂක හමුදාව වෙනුවෙන් කරුණු දැක්‌වීමට ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණ ඇති බවට වාර්තා වූ විගස ඊළාම් ඩයස්‌පෝරාව දැඩි කෝපයට පත්වී ඇත.

විත්තියේ වාචකයෙක්‌ නමින් හඳුන්වන මෙම විමර්ශන වාර්තාවෙන් සුදුකොඩි සිද්ධිය රමේෂ් සහ නමැති කොටි නිවේදිකාවගේ ඝාතන ගැනද අභියෝග කරමින් සාක්‍ෂි ඉදිරිපත් කරන ලෙස දක්‌වා ඇත.

එසේම ජිනීවා මානව හිමිකම් කවුන්සිලය සිය නීතිරීති උල්ලංඝණය කරමින් බලතල ඉක්‌මවා ක්‍රියාකළ අවස්‌ථා ගැනද විමර්ශන වාර්තාවේ දක්‌වා ඇත. මින් පෙර ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට මෙවන් අභියෝග එල්ල වී නොතිබුණි.

මෙම පසුබිම මැද මෙම විමර්ශන වාර්තාවෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාව පිළිබඳව කටයුතු කළ ආකාරය විමර්ශනය කිරීමට එක්‌සත් ජාතීන්ගේ මහා සභාව විසින් විශේෂ තානාපති නිලධාරියකු පත්කළ යුතු යෑයි ඉල්ලීමක්‌ කර ඇත.

තම ඉල්ලීම සාධාරණ බව පෙන්නුම් කිරීම සඳහා මානව හිsමිකම් කවුන්සිලය ක්‍රියාකළ අයුතු ක්‍රියාපටිපාටිය ගැනද එම විමර්ශන වාර්තාවේ සඳහන් කර තිබේ.

මෙම විමර්ශන වාර්තාවේ කොටි කාන්තා බළකායේ ප්‍රධානී තමිලිනී කළ ප්‍රකාශයද දක්‌වා ඇත. කොටි සංවිධානය පැනයන සිවිල් වැසියන්ට වෙඩි තබන ලෙස නියෝග කළ බව විදූෂා නමැති කොටි හමුදා නායිකාව තමන්ට හඬමින් පැවසූ බව තමිලිනී ප්‍රකාශ කර තිබේ.

රියර් අද්මිරාල් සරත් වීරසේකර මෙලෙස ප්‍රකාශ කළේය.

"මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් ස්‌වෛරී රාජ්‍යයකට එරෙහිව ඔහුගේ වරප්‍රසාද උල්ලංඝණය කරමින් කටයුතු කර තිබෙනවා. අපේ විමර්ශන වාර්තාව ඔහුට අභියෝගයක්‌. මේ ජිනීවා යෝජනාව 2012 - 2013 සහ 2014 වර්ෂ වලත් ගෙන ආවා. එම අවස්‌ථාවේ ඉන්දියාව සහ පාකිස්‌තානය ඊට එරෙහිවී මානව හිමිකම් කවුන්සිලය දෙබිඩි පිළිවෙතක්‌ අනුගමනය කරන බව පැවසුවා.

ශ්‍රී ලංකා හමුදාව වන්නි මෙහෙයුමේදී උතුරට ආහාර ද්‍රව්‍ය සැපයීමෙන් වැළකී සිටි බවට චෝදනා කළත් ආහාර ද්‍රව්‍ය ටොන් දස දහස්‌ ගණනක්‌ වන්නියට යෑවූ සැටි දක්‌වන සංඛ්‍යාලේඛන ඉදිරිපත් කළ බව විමර්ශන වාර්තාවේ දැක්‌වෙනවා"

මෙම විමර්ශන වාර්තාව මානව හිමිකම් කොමසාරිස්‌ වෙත පිළිගන්වා ශ්‍රී ලංකාවේ සිදුවූයේ ජාත්‍යන්තර සන්නද්ධ අරගලයක්‌ නොවන බවත් එය ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රතිපත්තියට අයත් නොවන බවත් පවසනවා යෑයි රියර් අද්මිරාල්වරයා තවදුරටත් "ඉරිදා දිවයින සංග්‍රහයට" පැවසීය.

මේ පසුබිම මැද මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් ශ්‍රී ලංකාවේ හිටපු ආරක්‍ෂක ප්‍රධානියකු මුණගැසෙන්නේ මුල් වරටය. ජිනීවා ආරංචිමාර්ග දක්‌වන අන්දමට රියර් අද්මිරාල්වරයාට මානව හිමිකම් කොමසාරිස්‌ මුණගැස්‌වීමට ඉඩ නොදෙන ලෙස ඊළාම් ඩයස්‌පෝරාව විදේශ තානාපති නිලධාරීන් වෙත බලපෑම් කර ඇති බව වාර්තාවේ.

එසේම කොටි හිතවාදීන් ගෝඨාගේ යුද විරුවන් ජිනීවා එන බවට පවසා තිබේ. මේ ප්‍රචාරය මාර්තු 12 දා සිටම දියත් කර තිබුණි.

මේ අතර මෙම ජිනීවා යෝජනාවේ සැබෑ යථාර්ථය මෙරට ජනතාවට වසන් වී ඇත.

2015 වසරේ සැප්තැම්බර් 21 දා එම ජිනීවා යෝජනාව මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් විය. එම අවස්‌ථාවේ මානව හිමිකම් කවුන්සිල ශාලාවේ අසුන්ගෙන සිටියේ ඇමරිකානු තානාපති කෙයින් හාපර් සහ අද මෙරට ඇමරිකානු තානාපති වූ අතුල් කෙශාප්ය.

එම ජිනීවා යෝජනාව ඉදිරිපත් වූ අවස්‌ථාවේ එදා ජිනීවාහි ශ්‍රී ලංකා තානාපති රවිනාත් ආරියසිංහ එය ප්‍රතික්‌ෂේප කරනු ලැබීය. එහෙත් එකවරම අවාසනාවන්ත සිදුවීමක්‌ සිදුවිය. ඒ වහාම ජිනීවා යෝජනාව පිළිගන්නා ලෙස ශ්‍රී ලංකා තානාපතිවරයාට කොළඹින් නියෝග ලැබීමයි.

ශ්‍රී ලංකාවේ හමුදාව යුද අපරාධ සිදුකළ බවට පරීක්‍ෂණ පවත්වන බවට ප්‍රතිඥ දෙන ජිනීවා යෝජනාව පිළිගන්නා ලෙස ජිනීවාහි ශ්‍රී ලංකා තානාපතිට නියෝග කළේ කව්දැයි මේ වන විට හෙළිවී ඇත. එම නියෝගය නිසා ශ්‍රී ලංකා තානාපතිවරයා මුලින් ප්‍රතික්‌ෂේප කළ ජිනීවා යෝජනාව පිළිගනු ලැබීය.

දැන් සංශෝධන සහිතව කෙටුම්පත් වූ බව කියන මේ යෝජනාව ගැන විමර්ශනය කිරීමේදී එය එකම යෝජනාව බව තහවුරු විය.

මේ අතර රියර් අද්මිරාල්වරයා ජිනීවා නුවරදී උතුරේ තත්වය අනාවරණය කළේය.

බෙදුම්වාදීන්ට ත්‍රස්‌තවාදීන් 15000 ක්‌ සන්නද්ධ කිරීමේ හැකියාව තිබෙනවා. එය පැය 45 ක්‌ තුළ කළ හැකියි. ආරක්‍ෂක හමුදාවට බාර නොවූ 4000 ක්‌ උතුරේ සිටිනවා යෑයි හෙතෙම ශ්‍රී ලංකා රජයට අනතුරු අඟවමින් කියා සිටියේය.

මේ ප්‍රකාශය තහවුරු වන්නේ ඊළාම් ඩයස්‌පෝරාව තවදුරටත් ශක්‌තිමත් වීමයි. එසේම ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ඡායාරූප ප්‍රදර්ශනය කරමින් අවමන් සහගත ප්‍රචාර දියත් කිරීමටද සමීප කොටි ඩයස්‌පෝරාවට හැකිවී ඇත.

මේ අතර ජිනීවා යෝජනාවට වසරක්‌ කල් දිය යුතු බවට දක්‌aවන බ්‍රිතාන්‍ය ඇමරිකා යෝජනාව පසුගිය සඳුදා මානව හිමිකම් කවුන්සිලයේ ලේකම් කාර්යාලයට ඉදිරිපත් විය.

මේ යෝජනාව කාඩ්කුට්‌ටමේ අඩංගු කොළ උඩයට මාරු කිරීමකි. එය සනාථ වූයේ එදා 2015 ජිනීවා යෝජනාවට අඩංගු වූ භයානක කරුණු කීපයක්‌ මෙවරද ඇතුළත් වීමයි.

මෙම භයානක කරුණු ඉටුකිරීමට ශ්‍රී ලංකාව කල් ඉල්ලා තිබේ. එහෙත් ශ්‍රී ලංකාව තුළ ප්‍රචාරයක්‌ දියත් වී ඇත්තේ සංහිඳියාව ගොඩනැගීම සඳහා එම නව යෝජනාව ඉදිරිපත් වී ඇති බවටය.

මෙය 2005 ඔක්‌තෝබර් 1 දා ශ්‍රී ලංකාව වැටුනු උගුලේ ආගාධයටම වැටීම බව සනාථ වේ.

මේ උගුල අටවා ඇති අයුරු මෙලෙස දැක්‌විය හැකිය.

"2015 ඔක්‌තෝබර් 1 දා ජගත් මානව හිමිකම් කවුන්සිලයේදී සම්මත වූ අංක 30/1 දරණ ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා වූ යෝජනාවලිය, (නව) නැවත සහතික කරමින් පිළිගන්නෙමු යන වගන්තියෙන් කියා සිටින්නේ කුමක්‌ද?

ඒ යුද අපරාධ චෝදනා ගැන විමර්ශනයට යළිත් එකඟවීම නොවේද?

මේ නව යෝජනාවක්‌ බව පැවසුවත් පරණ යෝජනාවට ශ්‍රී ලංකා රජය එකඟවූයේ කිසිදු සංශෝධනයකින් තොරවය.

එසේම නව යෝජනා උගුල ඇටවූයේ බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් මානව හිමිකම් කටයුතු ගැන පත්කර ඇති සිවිල් සේවකයකු වූ බොබ් ලාස්‌ට්‌ බව වැඩිදුරටත් සනාථ වී ඇත.

මෙලෙස මෙය නව යෝජනාවක්‌ යෑයි දක්‌වමින් පරණ යෝජනාව එළිදැක්‌වීමට පෙර උතුරේ ක්‍රියාත්මක වන එන්.ජී.ඕ. සංවිධාන 21 ක ප්‍රධානීන් හෙවත් විදේශ අරමුදල් ලබන ගෝඩ් පාදර්ලා මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් වෙත හදිසි පෙත්සමක්‌ යවමින් මානව හිමිකම් කවුන්සිලයේ විශ්වාසනීත්වය බිඳවැටී ඇති බවත් ඒ නිසා ශ්‍රී ලංකා රජය සහ හමුදාව ජාත්‍යන්තර අධිකරණයට යොමුකරන ලෙස ඉල්ලා ඇත.

මේ ඉල්ලීම පසුබිමින් ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ප්‍රභාකරන්ගේ මස්‌සිනා වූ එම්. කේ. සිවාජිලිංගම් පැමිණෙන බව වාර්තා වී තිබේ.

තමා ජිනීවා පැමිණෙන්නේ උතුරේ ප්‍රශ්න හෙළිකිරීමට බව ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත. මේ අතර ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අධිකරණය වෙත යොමුකරන ලෙස ඉල්ලා ඇති සංවිධාන අතර විග්නේෂ්වරන්ගේ ද්‍රවිඩ ජනතා කවුන්සිලය, යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමය හා ආචාර්යවරුන්ගේ සංගමය, ද්‍රවිඩ නීතිවේදී සංසදය, ලංකා ගුරු සංගමය ඇතුළු එන්. ජී. ඕ. සංවිධාන 21 ක්‌ වේ. එසේම මෙරට ත්‍රස්‌ත ක්‍රියාවලට සම්බන්ධ ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානය සහ ටෙලෝ සංවිධානයද එම ඉල්ලීමට දායක වී ඇත.

මේ අතර ඊළාම් ඩයස්‌පෝරාවේ කොන්ත්‍රාත්තුවක්‌ ඉටුකරන එක්‌සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනියක්‌ වූ යස්‌මින් සුකාද මානව හිමිකම් කවුන්සිලයට පැමිණිල්ලක්‌ යොමු කරමින් මිනිසුන් පැහැරගෙන යැමට සහ වධ හිංසා පැමිණවීම සඳහා ශ්‍රී ලංකා හමුදාවට තවදුරටත් මුක්‌තිය හිමිවී ඇති බව පැවසුවාය.

මේ පසුබිම මැද ජිනීවා යෝජනාවෙන් ශ්‍රී ලංකා හමුදාවට දඬුවම් කරන වගවීමේ යාන්ත්‍රණය ස්‌ථාපිත කරන ලෙස ඉල්ලද්දී කොළොන්නාව, කටුනායක යන ස්‌ථානවලට බෝම්බ දැමීමේ මෙහෙයුම දියත් කළ වාන්පුලිගල් නමැති කොටි ගුවන් ඒකකයේ ප්‍රධානී ගුෂාන්තන්ට නිදහස ලැබීම ආරක්‍ෂක හමුදාවට එල්ල කළ සරදමක්‌ නොවේද? මේ අතර කොටි ත්‍රස්‌තයන් අරමුදල් එකතු කිරීම ත්‍රස්‌ත ක්‍රියාවක්‌ නොවන බවට යුරෝපා අධිකරණය හමුවේ ඉදිරිපත් වූ තර්කය එම අධිකරණය ප්‍රතික්‌ෂේප කරනු ලැබීය.
ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
ආණ්ඩුව බුද්ධි අංශ විනාශ කරනවා.. රට පරණ තැනටම ගෙනයන්න හදනවා..- රතන ෂාදු

වත්මන් රජය විසින් හමුදා බුද්ධි අංශ නිලධාරීන් දිගින් දිගටම දඩයම් කිරීම රට අරාජික කිරීමේ කුමන්ත්‍රණයක්‌ යෑයි එක්‌සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා ජාතික මහා සභාවේ සභාපති අතුරලියේ රතන හිමියෝ පැවසූහ.

එහෙයින් මින් මතු යම් බුද්ධි අංශ නිලධාරියකු අත්අඩංගුවට ගන්නේ නම් ත්‍රිවිධ හමුදා සහ පොලිසියේ ඉහළ නිලධාරීන්ගෙන් සමන්විත පරීක්‍ෂණ කමිටුවක්‌ වෙත තොරතුරු ඉදිරිපත් කර එකී කමිටු වාර්තාව ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ඉදිරිපත් කර ඔවුන්ගේ අනුමැතියෙන් අනතුරුව බවත් උන්වහන්සේ සඳහන් කළහ.

බුද්ධි අංශ විනාශ කර රට පරණ තැනට ගෙන යමින් ඇති බවත් මෙය නිවැරැදි කළ නොහැකි බරපතළ වරදක්‌ මෙන්ම ජාතික අපරාධයක්‌ බවත් රතන හිමියෝ පැවසූහ.

මෙම භයානක තත්ත්වය පිළිබඳ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වහා අවධානය යොමු කර ජාතික ආරක්‍ෂාව ශක්‌තිමත් කළ යුතු බවත් පැවසූ උන්වහන්සේ බුද්ධි අංශ නිලධාරීන් දඩයම පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න සහ ඔවුන්ගේ අවශ්‍යතාව කුමක්‌ද යන්න ඉදිරියේදී නම් ගම් සහිතව හෙළි කරන බවට අවධාරණය කළහ.

අතුරලියේ රතන හිමියන් ඊයේ එම අදහස්‌ පළ කළේ ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛන සේවා මණ්‌ඩල ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවකදීය.

– දිවයින


ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
FCID නිතී විරෝධී ආයතනයක්.. ශ්‍රිලනිප නිල මතය එයයි..

මුල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශය (එෆ් සි අයි ඩී ) නීති විරෝධී එකක් බව තාමා එදා මෙන්ම අදත් පවසන්නේ යයි විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රෙම් ජයන්ත මහතා ඊයේ ප්‍රකාශ කල බව අද ලංකාදීප පුවත් පතේ මුල් පිටුවේ සඳහන් වේ.

මෙවෙනි ආයතනවලට බියවන්නේ නීතිය නොදන්නා අය බව කී අමාත්‍යවරයා එක එක අයි ඩී වලට බයේ තමා දේශපාලනය නොකරන බව ද සඳහන් කලේය.

අමාත්‍යවරයා මෙසේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රිලනිප මූලස්ථානයේ ඊයේ ( 2017 ජනවාරි 26) පැවති මාධ්‍ය හමුවකදි මාධ්‍යවේදින් නැගු ප්‍රස්නවලට පිලිතුරු ලබා දෙමිනි.

පොලිස්පතිවරයා තමන්ගේ කාර්යභාරය ඉටු නොකර දේශන පැවත්විමෙන් පලක් නොවන බවද සුසිල් ප්‍රෙම් ජයන්ත අමාත්‍යවරයා පැවසිය.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක රාජ්‍ය අමාත්‍ය ඩීලාන් පෙරේරා මහතා පැවසුවේ මුල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශය (එෆ් සි අයි ඩී ) නිත්‍යානුකූල එකක් බව අධිකරණයේ ප්‍රකාශවන තුරු පක්ෂයේම නිල මතය වුයේ එය නිති විරෝධී එකක් යන්න බවයි.

6,381 Viewers

යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
සුපිරි අගමැතිලා වැඩක් නෑ.. කොන්ද පණ ඇති ජනාධිපති කෙනෙක් ඕනෑ..


අද රටට අවශ්‍යව ඇත්තේ සුපිරි ඇමැතිවරයකු නොව විදේශිකයන්ට කොන්ද නොනමන, රටේ සම්පත් ආරක්ෂා කරන, ජනතාව වෙනුවෙන් පෙනී සිටින සුපිරි ජනාධිපතිවරයකු බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

එක් එක් අයට අවශ්‍ය ආකාරයට රට පාලනය කෙරුමට ඉඩ දී ලෝ වටා සවාරි යන ජනාධිපතිවරයකුගෙන් රටට ඵලක් නැති බව පැවසූ රණතුංග මහතා මහින්ද රාජපක්ෂ මහතා වැනි එඩිතර නායකයකුගේ අවශ්‍යතාව ජනතාවට එදාටත් වඩා අද දැනෙමින් තිබෙන බවත් පැවසීය.

ඒ මහතා මෙම අදහස් පළ කළේ මිනුවන්ගොඩ වැල්හේන ප්‍රදේශයේ දී පැවැති ජනහමුවක් අමතමිනි.

ප්‍රසන්න රණතුංග මහතා එහිදී වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ මේ රටේ අහිංසක, දුප්පත් ජනතාව වෙනුවෙන් විශාල වැඩකොටසක් කරපු පක්ෂයක්. අද ඒ වැදගත් පක්ෂය අලියගේ නැට්ටේ එල්ලපු පක්ෂ සභාපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන්‍ එක්සත් ජාතික පක්ෂ ඇමැතිවරුන්ගේ රෙදි හෝදන තැනට වට්ටලා ඉවරයි. අද එ. ජා. ප ඇමැතිවරුන් අපේ අයට සලකන්නේ අත පල්ලෙන් වැටුණු ගාණට.

කුණුහරුපෙන් බනින ඒවා අහගෙන තනතුරුවලට ලෝභකමේ එ. ජා. ප නැට්ටේ එල්ලිලා ඉන්න ඇමැතිවරුන් ලැජ්ජා වෙන්න ඕනේ. ගමේ ජනතාව ඒ අයට ඡන්දෙ දුන්නේ අපේ ආණ්ඩුවක් හදන්න මිසක් එ. ජා. ප යේ කකුල් ලෙවකන්න නෙමෙයි. එළිවෙච්ච වෙලාවේ ඉඳලා නින්දට යනකම්ම පක්ෂය ආරක්ෂා කරනවා කියන මන්තරය ජප කරන සභාපතිවරයයි ඇමැතිවරුනුයි ඇත්තටම කරන්නේ පක්ෂය විනාශ කරන එකයි.

එක්සත් ජාතික පක්ෂයට තියෙන්නේ රට විනාශ කරපු, රට පාවා දීපූ ඉතිහාසයක්. භීෂණ කාලේ තරුණයන් මැරුවේ එ. ජා. පය. කොටියට ආයුධ දීලා ශක්තිමත් කළේ එ. ජා. පය. සටන් විරාම ගිවිසුම් ගහලා රට පාවා දුන්නේ එ. ජා. පය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එහෙම චෝදනා නැහැ. හැබැයි අද රට විනාශ කරන හවුලට එකතු වෙලා ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අනාගතයේ දී එවැනි චෝදනා එල්ල වෙයි.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ යුද්ධය අවසන් කරලා රට සංවර්ධනය කරපු ගෞරවණීය පක්ෂය අද සිරිකොතේ පිළිකන්නේ ලැ‍ගගෙන කටු කන තත්ත්වයට ඇදලා දාපු පක්ෂ සභාපතිවරයා ඇතුළු ඇමැතිවරුන් නිදහස් පාක්ෂිකයන්ගෙන් ප්‍රසිද්ධියේ සමාව ගත යුතුයි. බණ්ඩාරනායක මහත්තයා හිටියා නම් පක්ෂයට වෙලා තියෙන වින්නැහිය දැකලා පපුව පැලිලා මැරෙයි.

මම අපේ ඇමැතිවරුන්ගෙන් ඉල්ලා හිටිනවා දැන්වත් ඔය හීනෙන් ඇහැරිලා ඇත්ත තේරුම් ගන්න කියලා. තමුන්නාන්සේලා අද ජොලියේ ඉන්නේ අපායේ ඉන්ටවල් එකේ කියලා මතක තියාගන්න. ඉන්ටවල් එක ඉවර වුණාම අශූචි ‍ගොඩේ ඔලුවෙන් හිටගන්න වෙනවමයි. ඊට ඉස්සර තීන්දුවක් ගන්න. රට පාවා දෙන අයගේ පැත්තේ නොව රට රකින අයගේ පැත්තට ඇවිත් හිටගන්න.

පසුගිය මහ මැතිවරණයේ දී නිදහස් පාක්ෂිකයන් පක්ෂය පාවා දෙන අයට හොඳ පාඩමක් ඉගැන්නුවා. ඒත් සභාපතිවරයා ජනතාව ප්‍රතික්ෂේප කරපු අය ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙනත් ජනතාවට කොකා පෙන්නුවා. ඊළඟ පාර ජනතාව පාඩම උගන්වන්නේ තමන්ට කොකා පෙන්නපු අයටත් එක්කම බව මතක තියා ගන්න ඕනේ.

අවුරුදු දෙකක් ගත වෙලත් අලුතෙන් පාරක් කොන්ක්‍රීට් කර ගන්න බැරි වෙච්ච හවුල් ආණ්ඩුව සුපිරි ඇමැතිවරයෙක් ගෙනල්ලා සුපිරි සංවර්ධනයක් කරන්න කතා කරනවා. මේවා තමයි නියම විහිලු. වැඩකරන මිනිහට සුපිරි ඇමැතිකම් ඕනෑ නෑ. මං අහන්න කැමැතියි රනිල් මහත්තයා සුපිරි ඇමැති කෙනෙක් වෙන්න යන්නේ රටේ ඉතුරු සම්පත් ටිකත් තුට්ටු දෙකට පිටරටට විකුණලා දාන්නද කියලා.

රනිල් වික්‍රමසිංහ මහත්තයා එදා ඉඳන්ම බලයට එන්න හීන දැක්කා. හොඳින් හෝ නරකින් බලය ලබා ගැනීම එතුමාගේ ප්‍රතිපත්තියයි. දැන් සුපිරි ඇමැති‍ කෙනෙක් වෙන්න හීන දකිනවා. ව්‍යවස්ථාව වෙනස් කරලා සුපිරි අගමැති වෙනකම්වත් ඉවසගන්න බැරිව ජනාධිපතිටත් උඩින් ඉන්න සුපිරි ඇමැතිවරයෙක් හදන්න යද්දි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් තවම නින්දෙන් ඇවිදිනවා.

ඒකාබද්ධ විපක්ෂයේ අපි අගමැතිවරයාගේ හීනය සැබෑ වෙන්න ඉඩ තියන්නේ නැහැ. මේ රටට ඕනෑ සුපිරි ඇමැතිවරයෙක් නෙමේ. රටට දැන් ඕනෑ විදේශිකයන්ට කොන්ද නොනමන, රටේ සම්පත් ආරක්ෂා කරන, ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න සුපිරි ජනාධිපතිවරයෙක්. එක එක්කෙනාට ඕනෑ විදියට රට කරගන්න ඉඩ දීලා ලෝකේ වටේ සවාරි යමින් ඉන්න ජනාධිපතිවරයෙකුගෙන් අපට වැඩක් නැහැ.

– ප‍්‍රදීප් අනුර කුමාර

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
“මහින්ද සුලඟයි මහින්ද සුවඳයි” එයි ! මෛත්‍රි ඇතොත් අපිත් නෑ

      


“මෛත්‍රිත් එක්ක මහින්ද එක්වුවත් අපි වෙනමම පක්ෂයකින් පළාත් පාලන මැතිවරණයට එක්වෙනවා. ආයේ මෛත්‍රිපාල සිරිසේන සමඟින් කිසිදු ගනුදෙනුවක් නෑ.ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී ගාල්ල දිස්ත්‍රික්කයේ හිටපු සන්ධානයේ පාළාත් පාලන මන්ත්‍රිවරු 152 දෙදෙනාගෙන් 130 දෙනෙකු පමණ ස්තිර වශයෙන්ම ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයකින් තරඟ නොකරන බව” ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රි සන්සදයේ කැදවුම්කරු හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රි සේන කලහේවත්ත පවසයි.

ඔහු එසේ පැවසුවේ ඊයේ (27) ගාල්ල කඡ්චුවත්ත පුරාණ විහාරස්ථානයේ දි පැවැති ගාල්ල දිස්ත්‍රික් පළාත් පාලන මන්ත්‍රි වරුගේ ප්‍රධානත්වයෙන් පැවැති මාධ්‍ය හමුවක දීය.

එහිදි අදහස් දැක්වූ ප්‍රාදේශිය සභා මන්ත්‍රි සේන කලහේවත්ත,

අපේ මන්ත්‍රිවරුන්ට වරදාන හා වරප්‍රසාද ලබාදෙමින් මහින්ද රාජපක්ෂ ජනාධිපති වරයාගෙන් වෙන් කරගැනිමට අපෙන් ගිය මැති ඇමතිවරු කටයුතු කරනවා . එහෙත් අප ස්ථිර වශයෙන්ම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා නායකත්වය දරණ නිදහස් පක්ෂයෙන් තරඟ කරන්නේ නෑ .ශ්‍රි ලංකා නිදහස් පක්ෂය යනු කොළඹ ඩාර්ලිපාරේ පිහිටි පක්ෂ මුලස්ථානයේ බෝඞ් ලෑල්ල නෙමෙයි .

මෙහි දි අදහස් දක්වු නාගොඩ ප්‍රාදේශිය අජිත් එඬේරච්චි ,

අප පක්ෂය මං කොල්ලකාරයන් අතට පත්ව තිබෙනවා.ස්ථිර වශයෙන් ම කියනවා අපි තරඟ කරන්නේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් නෙමෙයි .මේ පක්ෂය දෙකට කඩපු මෛත්‍රිපාල සිරිසේන දෙවරක්ම අප පක්ෂය පරාජය කළා.පක්ෂය කඩාගෙන ගිය පාඩමක් ඉගන්නන්නට මේදා පළාත් පාලන මැතිවරණයේ දි මහින්ද රාජපක්ෂ මැතුමා සමඟ එක් වෙමු. මහින්ද සුලඟයි මහින්ද සුවඳයි මිස කිසිවක් අපට උවමනා නෑ .



මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

යහපාලනය රටට ගෙන ආ තුන් බිය : බොරුව , බියගුලුකම හා බැරිකම.



පලමු කොටස : බොරුව

ජනවාරි 8දා ජනාධිපතිවරණය හංස ලකුනින් තරඟ කල පොදු අපේක්ෂකයා ජයගැනීමට හේතු රැසක් තිබුනද ඒ අතර ප්‍රධාන ලෙසම බලපෑ හේතුවනම් රාජපක්ෂ පවුලට එරෙහිව එකල විපක්ෂය විසින් ගෙතූ අමූලික බොරු කන්දරාවයැය් යමෙකු කීවොත් නිවැරදිය. ලාංකිකයන් අතර හැමදාමත් පැවති සමාජ දුර්වලතාවක් ප්‍රචාරක අවියක් ලෙස යොදාගනිමින් රනිල්, මංගල, රාජිත, චම්පික, අනුර කුමාර චන්ද්‍රිකා, මෛත්‍රීපාල කල්ලිය මුලු මැතිවරණ ව්‍යාපාරයම මෙහෙයවුයේ රාජපක්ෂ පවුල රට කොල්ල කමින් සුර සැප විඳිනවා යන මතය චන්දදායකයන්ගේ සිත්වලට තදින් කා වැදෙන ආකාරයෙනි. මෙකී සමාජ දුර්වලතාව තේරුම් කිරීමට අපි අසා ඇති කවට කතාවක් මතක් කර බලමු. එම කතාවට අනුව අපායේ සෑම ජාතියකින්ම එන පුද්ගලයන් දමන්නට වලවල් කපා ඇති අතර ලංකාවෙන් එන අය දමන වලෙහි පමනක් දොරක් නැති බව අපායට ගිය අමුත්තෙක් දුටුවේලු. ඒ මන්ද කියා යමපල්ලාගෙන් ඇසු විට යමපල්ලා කීවේ වලෙන් ගොඩ එන්නට හදන හැම එකාවම කකුලෙන් ඇද යලි වලට දමා ගැනීම ලංකාවෙන් එන අයගේ පුරුද්ද නිසා එම වලට විශේෂ ආරක්ෂාවක් අවශ්‍ය නැති බවය.
රාජපක්ෂලා නිසා රටේ හා තමන්ගේ ජීවිතයේ පසුගිය වසර 9 තුල සිදු වු ප්‍රගතියට වඩා සමහර චන්දදායකයන්ට වැදගත්වුයේ රාජපක්ෂ පවුල තමන්ගේ චන්දයෙන් බලයට විත් සැපවිඳින එක නතර කරන්නේ කෙසේද යන්නය්. අවුරුදු 30ක යුද්දය අවසන් කිරීම නිසා තම ජීවිතවලට තිබූ අවධානම තොරවූ බවවත්, චන්ද්‍රිකා යටතේ අවුරුදු 11ක් මෙලෝ සංවර්ධනයක් නැතුව සිටි රට මහින්ද රාජපක්ෂ යටතේ සීඝ්‍රයෙන් දියුනු වූ බවවත්, බදු බර ක්‍රමයෙන් අඩුවෙමින් මධ්‍යම පංතියේ ජීවන මට්ටම ක්‍රමයෙන් ඉහල ගිය බවවත්, අපිරිසිදු නගර ලෝකයේ පිරිසිදු හා ලස්සන නගර බවට පත්වෙමින් තිබෙන බවවත්, ලංකාවේ සෑම ප්‍රදේශයකටම කෙටි කාලයකින් යා හැකි දියුනු මාර්ග පද්ධතියක් ගොඩනගෙමින් තිබෙන බවවත්, පාතාල කල්ලි හා කප්පම් කරුවන්ගෙන් තවදුරටත් පුර වැසියන්ට කරදරයක් නැති බවවත්, ත්‍රස්ත බිය ලංකාවෙන් සහමුලින්ම මෙන් තුරන් වී ඇති බවවත් ඔවුන්ට තවදුරටත් වැදගත් නොවීය. මූලික ප්‍රශ්ණය වුනේ රාජපක්ෂලා හොරකම් කරනවායැය් අටුවා ටීකා සමඟ විපක්ෂය කියන කතාවය්. ඔවුන් ආන්ඩුව පෙරලූවේ රාජපක්ෂලාට පාඩමක් උගන්වන්නය.නහයට පාඩමක් උගන්නන්නට එය කපා දැම්මොත් මුහුනද කැත වන බව ඔවුන්ට මතක් වුනේ නැත." මොනවාවත් එපා හොරු අල්ලපල්ලා යැය්' නිතරදෙවේලේ මුහුනුපොතේ ලිවූ චන්ද දායකයා මෙයට හොඳම නිදසුනය්. රාජපක්ෂ ගෙදර යවා දැන් මාස 10ක් පමන වන අතර මෙම ඡන්දාදයකයට මොනවාවත් ලැබුනේ නැති බව නම් නිසැකය. ප්‍රශ්නය එය නොව අල්ලපු හොරෙකුත් නැති වීමය.
චන්ද කාලේ යහපාලකයන් කියපු කතා බොහෝමයක්ම පට්ටපල් බොරු බව ජනතාවට තේරුම් යන්නට තවත් අවුරුදු කිහිපයක් ගතවනු ඇත. කෙසේ වෙතත් මෙයින් සමහරක්වත් යලි මතක් කිරීම සුදුසුයැය් සිතෙන්නේ යහපාලන කට්ටිය නොකඩවා අලුත් අලුත් බොරු කියන නිසාය.
ජනාධිපති චන්දයට පෙර සහ පසු යහපාලකයන් කිවූ ප්‍රසිද්ධම කියමන් සමහරක් පහත දැක්වෙය්
රාජපක්ෂ පවුලට ලැම්බොගිනි කාර් තිබෙන බවට ජනාධිපතිවරණයට පෙර මහා ගෝසාවක් තිබුනි. - නමුත් හොයාගත් ලැම්බොගිනි කාර් එකක් නැත.
රාජපක්ෂ දරුවන්ට බකිංහැම් මාලිගාවේ සිට ගෙනා රත්තරන් අශ්වයන් තිබෙන බව කීවේ පොදු අපේක්ෂකයාමය - නමුත් අදවනතුරුත් හොයාගත් අශ්වයෙක් නැත.
මහින්ද රාජපක්ෂට ඩොලර් බිලියන 18 කට වඩා වැඩි විදේශ වත්කම් තිබෙන බව බී. බී. සීයට කීවේ වත්මන් විදේශ ඇමතිය - නමුත් ලංකාවට වසර නමයකට ආ සියලු විදේශ ආයෝජන ප්‍රමානයද ඩොලර් බිලියන 16 ට වඩා අඩු බව පසුව හෙලිවිය. මේ සියල්ල හොරකම් කරානම් පාරවල්, වරායවල්. විදුලි බලාගාර, ගුවන් තොටුපොලවල් වැනි මහා සංවර්ධනයක් මහින්ද රාජපක්ෂ කලේ කාගේ සල්ලි වලින්දැය් පසුව දේශපාලන වේදිකාවල ප්‍රශ්ණ කෙරිනි.
මහින්දට ගෝටාභයට හා බැසිල්ට කොළඹ කෝටි ගනන් වටිනා ලොකු මන්දිර තිබෙන බව කියවිනි - චන්දයෙන් පසු මහින්ද ගියේ මැදමූලන ඔහුගේ පරණ ගෙදරට වන අතර කොළඹ ආ විට නතරවන්නේ ඊලියන්ත වය්ට්ට අයිති මිරිහානේ නිවසකය. ගොටාභය සිටින්නේ සිය නැන්දම්මාට අයිති පරණ ගෙදරකය, බැසිල් සිටින්නේද ඔහුගේ පැරණි නිවසේය. මේ කිවූ එකම මන්දිරයක්වත් ආන්ඩුව තවමනම් සොයාගෙන නැත.
මහින්ද රාජපක්ෂ පාලන කාලයේදී ජනාධිපති කාර්යාලය සතුව තිබු වාහන දහස් ගණනක් අතුරුදහන් බව රාජිත ඇමතිවරයා කීවේය -පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් පසුකලක නිකුත් කර ඇති වාර්තාවක් අනුව සොයාගත නොහැකිව ඇත්තේ වාහන 18ක් පමනක් වන අතර එවා බොහෝමයක් 90 දශකයට කලින් නිශ්පාදිත පරණ යතුරු පැදි හා කාර් වේ. 
රාජපක්ෂලාට අයිති හෙලිකොප්ටර් හා සැහැල්ලු ගුවන් යානා තිබෙන බව කිව්වේ රන්ජන් රාමනායකය- වීරකැටියේ රාජපක්ෂ පවුලේ පැරණි ඉඩමක තිබී ගුවන් යානයක ආකෘතියට තැනූ සෙල්ලම් බෝට්ටුවක් සොයාගැනුන අතර නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ යෝෂිත රාජපක්ෂට අයිති ගබඩාවක තිබී සොයාගත් අබලන් තත්ත්වයේ තිබූ කුඩා ප්‍රමාණයේ ගුවන් යානය යෝෂිතට අයිති නොවන බව සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් එච්.එම්.සී නිමල්සිරි මහතා හෙලිකලේය. එම ගුවන් යානය 1988 වර්ෂයේ රේ විජේවර්ධන මහතා විසින් නිශ්පාදිත බවත් ලියාපදිංචිය අවලංගු වුණාට පසුව මුලින් ඒෂියන් එවියේෂන් මධ්‍යස්ථානයේත් 2013 වසරේ සිට එම යානය නාරාහේන්පිට ගබඩාවකත් රඳවා තබන බවට අනුමත ලිපි ලේඛන ඇති බවද සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දුන්නේය. 
පසුගිය රජය විසින් රුපියල් බිලියන 66.8ක වියදමක් දරමින් ආරම්භ කරන ලද කොළඹ පිටත වටරවුම් මාර්ගයේ ඉදිකිරීම් සඳහා වන අස්තමේන්තු මුදලෙන් යහපාලන ආන්ඩුවට චීන කොන්ත්‍රත්කරු රුපියල් බිලියන 30ක වට්ටමක් දුන්නායැය් කැබිනට් ප්‍රකාශක රාජිත ඇමති ප්‍රසිද්දියේ කීවේය - චීන තානාපති කාර්‍යාලය මෙය වහාම ප්‍රතික්ෂේප කලේ තම කොන්ත්‍රාත්කරුවන් පසුගිය ආන්ඩුවට බොරු ඇස්තමේන්තු දී නැති නිසා මේ ආන්ඩුවට අලුතින් වට්ටම් දෙන්නට පුලුවන් කමක් නැතිබව කියමිනි. 
ඖෂධ පනත පසුගිය රජය හිරකරගෙන හිටියා, යහපාලන රජය පනත ගෙනැවිත් ජනතාවට සහන දෙනවා යනු මැතිවරණ වේදිකාවල නිතර කියවුන කරුණකි- පනතක් නම් පසුව ගෙන ආ බව සෑබෑය. හැබය් අඩුවූ බෙහෙත් මිලක්නම් නැත. පනත කෙසේ වෙතත් බෙහෙත් වියදම නම් දිනෙන් දින අහස උසට නගිමින් පවතින බව රෝගියෝ දනිති.
අධිවේගී මාර්ගවලින් රාජපක්ෂලා කෝටිගන කොමිස් ගසන අතර කෙරවල පිටිය කඩවත අධිවේගී මාර්ගයේ කොන්ත්‍රාත්තුවේ කොමිස් මුදල පමනක් රුපියල් බිලියන 46 ක් බව යහපාලන මැතිවරණ ප්‍රකාශයේම ලියා තිබුනි. යහපාලන ආන්ඩුවෙන් මෙම කොන්ත්‍රත්තුවම පසුකලක එම කොන්ත්‍රාත් කරුටම දුන්නේ පසුගිය ආන්ඩුව ඇස්තමේන්තු කලාටත් වඩා වැඩි මිලකටය. යහපාලන ආන්ඩුව මධ්‍යම අධිවේගී මාර්ගයේ කොටසක් සඳහා අලුත් කොන්ත්‍රාත්තුවක් දුන්නේ රාජපක්ෂ යුගයේ අසාවත් නැති තරම් ඉහල මිළකටය.
අවන්ගාඩ් සමාගම නීති විරොදීව පිහිටවන ලද්දක් කියාද මහා ගෝසාවක් විය- අධිකරණ ඇමති විජෙදාස රාජපක්ෂම පසුකලක අවන්ගාඩ් කොන්ත්‍රත්තුව නීත්‍යානුකූලව බව පැවසූ අතර අධිකරණයද පසුව එය තහවුරු කලේය.
රත්නාලංකා යනු ගෝටාභයගේ පෞද්ගලික සමාගමක්ය යන මතයක් චන්දයට පෙර මතුකරන ලදී- මෙය ආරක්ෂක අමාත්‍යාංශයට අනුබද්ධ රජයට අයත් ලාබ ලබන ආයතනයක් බව අද හෙලිවී ඇත.
ජනාධිපති රාජපක්ෂ වෙනුවෙන් රට පුරා මාලිග ඉදිවෙමින් පවතීන බව පොදු අපෙක්ශකයාත් අගමැති අපේක්ෂකයාත් දෙදෙනාම පැවසූහ. එහෙත් අදවන තුරු සොයාගත් මාලිගාවක් නැත. ජනාධිපති සිරිසේන නම් පසුගියදා පරිපූරක ඇස්‌තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට මහාමන්දිර දෙකක් එක් කොට සුවිසල් ජනපති මන්දීරයක් සාදන්නට මිලියන් 250ක් රජයෙන් වෙන්කරගත්තේය. ජනාධිපතිවරයා වෙනුවෙන් වියදම් සඳහා දහ අට කෝටියක් උවමනා බවද අදාල යෝජනාවේ දැක්වින.එසේම බී.එම්.ඩබ්ලිව්. කාර් රථයක්‌, බී.එම්.ඩබ්ලිව්.ආර්. 1200 යතුරුපැදි 12 ක්‌ ජනාධිපති ආරක්‍ෂක අංශය වෙනුවෙන් මිලට ගැනීමට රුපියල් හත්කෝටි හයලක්‍ෂයක්‌ ද ඉල්ලා පරිපූරක ඇස්‌තමේන්තු ඉදිරිපත් කරන ලදී. 
පසුගිය රාජපක්‍ෂ ආණ්ඩුවේ ලොක්කන් ඩුබායි බැංකු තුනක සගවා ඇති මුදල්වලින් අවුරුදු තුනකට අයවැය හිගය පියවන්න හැකියැය් කීවේ ලක්ෂ්මන් කිරිඇල්ලය - අද වනතුරුත් හොයාගත් බැංකු ගිනුමක් නැත. පසුගියදා මේ බොරුව නැවත කරලියට ඇවිත් නැවත අතුරුදහන් විය. ඒ ඩුබාය් වල තිබෙන පසුගිය රජයේ ලොක්කෙකුගේ පුතෙකුට අයිති ඩොලර් මිලියන 500 ක ගිනුමක අයිතිය ඉල්ලා ශ්‍රී ලංකා රජය නඩු පවරා අතැය් ආරක්ෂක රාජ්‍ය ඇමතිවරයාට අයිති පුවත්පතක සඳහන් වීමත් සමඟය. එහෙත් එම පුවත බොරුවක් බව විදේශ ඇමතිවරයාට සම්බන්ධ වෙබ් අඩවියකින් දින කිහිපයකට පසු අනාවරණය කරන ලදී.
රගර් ක්‍රීඩක තජුඩීන්ගේ මරණය හදිසි අනතුරක් නොව මිනීමරුමක් කියා මහ මැතිවරණයට ඔන්න මෙන්න කියා තජුඩීන්ගේ මිනිය පවා ගොඩගෙන තාප්ප පුරා පෝස්ටර් ඇලෙව්වේ යොෂිත රාජපක්ෂට මඩ ගහන්නය. එහෙත් හොයාගත් දෙයක් නැති නිසා චන්දයට පසු සද්ද නැතුව මිනිය ආපසු වලලන ලදී.
අලුත් ආන්ඩුව ආපුගමන් පෙට්‍රල් මිල අඩුකලා යැය් මහ මැතිවරණයට පෙර ආන්ඩුව පුන පුනා කීවේ මහා ජයග්‍රහනයක් ලෙසය. නමුත් සත්‍යය නම් පසුගිය වසරේ ලෝක වෙළඳ පොලේ බැරලයකට ඩොලර් 110 පමන වූ තෙල්මිල මෙම වසරේ ජනවාරි වන විට බැරලයකට ඩොලර් 46 කට පමන සීඝ්‍ර ලෙස අඩුවී තිබීමය. ජනතාවට ලැබුනේ ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩුවීමේ සහනයය්. පෙට්‍රල් ලීටරයකට පසුගිය රජය අයකල රුපියල් 67 ක බද්ද මේ ආන්ඩුවද එම ලෙසම අයකරය්. ඒ නිසා ලෝක වෙළඳපොලේ තෙල් මිල ආපසු ඉහල ගියදාට මෙම බොරුවද එලිවනු ඇත.
සාමාන්‍ය ජනතාවට කාර් ගන්න පහසුවෙන්න කාර් හදන්න කර්මාන්ත ශාලවක් කුරුණෑගල පිහිටවනවායය් චන්දයට පෙර නිතර අසන්නට ලැබුනි.- නමුත් අද සිදුවී ඇත්තේ කාර් වලට ගහන බදු අසීමන්තිකව වැඩි කිරීම හා ලීසින් පහසුකම් ඉවත් කිරීමෙන් සාමාන්‍ය ජනතාවට කාර් ගැනීම සිහිනයක් පමනක් වී තිබීමය. 
රාජපක්ෂ රජයේ මුල්‍ය අක්‍රමිකතා විශාල වශයෙන් සිදු උනායය් කියමින් පසුගිය රජයට සම්බන්ධ සෑම කෙනෙකුම පාහේ පොලිස් මුල්‍ය අපරාධ අංශය විසින් ප්‍රශ්න කර ඇත. නමුත් අදවන තුරු ඔප්පු වූ එකද මුල්‍ය අක්‍රමිකතාවක් නැති අතර නඩු පවරා ඇති විශාලම මුදල වන්නේ ලලිත් වීරතුන්ග හා අනුෂ පැල්පිට රුපියල් මිලියන් 600ක සිල් රෙදි ජනතාව අතර බෙදාදුන්නා කියන
 චෝදනාවය්. මෙයද කාගේවත් පෞද්ගලික ගිනුමකට ගියබවක් චෝදනාවේ නැත. විදුලි සංදේශ නියාමක කොමිසමෙන් වියදම් නොකරබෞද්ධ කටයුතු අමාත්‍යාංශයෙන් මෙම මුදල මෙම හේතුවටම වියදම් කලානම් එය මුල්‍ය අපරාධයක් වන්නේ නැත.නමුත් යහපාලන රජය පත්වී දින 50ක් ගතවන්නටත් පෙර මහ බැංකුවේ සිදුවූ රුපියල් බිලියන 10ක බැඳුමකර වංචාවක් පිළිබඳ චෝදනාවක්නම් ඉදිරිපත් විය.මෙහි වාසිය ලබාගෙන තිබුනේ මහ බැංකු අධිපතිවරයාගේම බෑනාය.වංචාව වසාගන්නට රජයේ ප්‍රබලයන් දඟලපු දැඟලිල්ලට මෙයට තව කවුරු කවුරු සම්බන්ධදැය් විශාල සැකයක් මතුවෙය්. වක්‍ර අකාරයෙන් මෙම ගනුදෙනුව නිසා නිසා රටට වූ පාඩුව රුපියල් කොටි 50 කට වැඩි බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දුන් අතර පාර්ලිමෙන්තුවේ මීට එරෙහිව විශ්වාස බංගයක් ඉදිරිපත් විය. අදාල කෝප් කමිටු වාර්ථාව රජයට අහිතකර බව දැනගන්නට ලබුන විට වාර්ථාව විවාද නොකර පාර්ලිමේන්තුව විසුරවා හැර රජය බේරාගැනීමට ජනාධිපතිවරයාම ඉදිරිපත් වූ බවක් පෙනෙන්නට තිබුනි.
යහපාලන රජයක් ආවිට විදේශ ආයෝජන ලංකාවට ගලාගෙන එනවායය් එදා පුරසාරම් දොඩන ලදී. මාස 10ක් ගතවීත් අද වන තුරු ආ එකද වැදගත් විදේශ ආයෝජනයක් නැති අතර රජය එදාවේල කන්න දස අතේ ණය වෙමින් සිටිය්. කොළඹ කොටස් වෙළඳ පොලේ තිබුන විදේශ ආයෝජනත් සීඝ්‍රයෙන් රටින් පිටතට ඇදීයාම නිසා පසුගිය මාස 10තුල කොටස් වෙළඳපොල සමස්ත මිල දර්ශකය 7500 සිට 7000 පමන කඩා වැතී ඇති අතර කොටස් වෙළඳපොලේ දෛනික ආදායම මිලියන් 2000 හි සිට මිලියන් 400 ට පමන් අඩු වී ඇත.
යහපාලන ආන්ඩුවක් අවාම ආර්ථික වර්ධන වේගය වැඩිවී රුපියල ස්ථාවර වෙනවා කියාද කියවිනි. නමුත් පසුගිය වසර කිහිප්ය පුරාවටම 7% වඩා ඉහලින් තිබුන ආර්ථික සංවර්ධන වේගය මේ වන විට 5.5% පහත වැටී ඇති අතර ඩොලරයකට රුපියල් 130 ක තිබුන අපේ මුදල් මස්තබාල්දු වී අද ඩොලරයකට රුපියල් 144 ට පමන කඩා වැතී ඇත. මෙම වසර අවසන් වන විට එය තවත් විශාල ප්‍රමානයකින් අවමාන වන බව දන්නෝ දනිති. මෙහි අවසන් ප්‍රතිපලය වන්නේ පිටරටින් ගෙන්වන සෑම භාන්ඩයකම මිළ ඉදිරි කාලයේ අතිශයින් ඉහල යාමය්.
උතුරෙන් හමුදා කඳවුරු ඉවත් කරන්නේ නැහැයන්නද කඩවුන පොරොන්දුවකි- හමුදා කඳවුරු වලට අයත් ඉඩම් දහස් ගනන් උතුරේ ටී ඇන් ඒ සාමාජිකයන් අතර යහපාලන රජය බෙදා දුන්නේ උත්සවාකාරයෙනි. කඳවුරු රැසක බලඇණි සීමා කරන ලද අතර කුඩා කඳවුරු කිහිපයක්ම වසාදමන ලදී.
අපි යුද විරුවන් පාවාදෙන්නේ නැහැ කීම තවත් විහිලුවකි- මේ වන විට 2002 රනිල්ගේ සාම ගිවිසුමෙන් පසු රජයක් විසින් කල ලොකුම පාවාදීම කරමින් යහපාලන රජය යුද විරුවන් අධිකරණයට ගෙනයන්නට ඇමෙරිකාව විසින් ජිනීවාවල ඉදිරිපත් කල යෝජනාවලට එකඟවූවා පමනක් නොව එම යෝජනාවල කොටස් කරුවෙකුද වී අවසානය.
යහපාලන ආන්ඩුවේ මීලඟ අයවැයෙන් අධ්‍යාපනයට දළ ජාතික නිශ්පාදනයෙන් 6% වෙන් කරණ තුරු බලාගෙන ඉන්න විශ්ව විද්‍යාල ආචාර්යවරුත් කොටසකුත් මේ පුදුම රටේ සිටිති. රටේ දල ජාතික නිශ්පාදනයෙන් 6% කියන්නේ රුපියල් බිලියන් 630 ක් පමනවූ වියදමක් බවත් එය 2014 වාර්ශික රාජ්‍ය ආදායම වූ රුපියල් බිලියන් 1200 න් 50% ටත් වැඩි මුදලක් බව තෙරුම් ගන්නට තරම් සාමන්‍ය ගණිත අවබෝදයක් මේ ආචාර්ය උන්නැහැලාටවත් නැති කම යහපාලන බොරුව චන්දය ජයගන්නට ප්‍රධාන හේතුවය්.
බොරුවෙන් බලයට ආවාට බොරුවෙන් කොපමනකල් රට කල හැකිද යන්න අනාගතය විසින් තීරණය කරනු ඇත.
ඉදිරියේදි ලියවෙන දෙවන හා තුන්වන කොටස්වලදී යහපාලකයන්ගේ  බියගුලුගම ( හෙවත් පරගැතිකම ) හා බැරිකම පැහැදිලි කෙරෙනු ඇත
තව කෙනෙකුට කියවන්න Share කරන්න
"සතුරා භීතියෙන් සසළකල විශේෂ බලකායේ දිගු දුර විහිදුම් "
මරණයට අභියෝග කර ජීවිතය ලැබුවෝ 
.(01 කොටස)




සතුරු භුමිය විනිවිද ගොස් මාරක ප්‍රහාර එල්ල කිරීමේ දිගුදුර විහිදුම් සටන් කලාවේ ප්‍රවීණයන් වූ විශේෂ බලකා ඉතිහාසයේ ලියවුනු තවත් එක් කතා පුවතකි මේ...

එවකට මේජර් කුමාර ගල්හේනගේ නිලධාරී අණදෙන වශයෙන් තම කණ්ඩායමට (company) අයත් ලුතිනන් රාජකරුණා සහ සැරයන් මුතුසිංහගේ නායකත්වයෙන් 6දෙනාගේ කණ්ඩායම් දෙකක් විශේෂ මෙහෙයුමකට කැඳවන ලදී. සතුරු අණසක පතුරාගෙන සිටි නැදුන්කර්නි භුමියේ විශේෂිත රැකසිට පහරදීමේ මෙහෙයුම් 02ක් සඳහා ඔවුනට අණ ලැබිණි.
පසුදින ඒ සඳහා ඉදිරි ආරක්ෂක වළල්ල වෙත කිලෝමීටර් 06 සමුහ සතුරු නාශක වෙඩි මගහරිමින් ගමන්කළ ඔවුන් එදින රාත්‍රියේ 10වන පාබල හමුදාවේ බ්‍රාවෝ කණ්ඩායමේ ස්ථානාගත වුහ. 0530පැයට පරිසරයට අනුව වෙස්වලාගෙන ඉදිරි ආරක්ෂක කලාපය වෙත ගමන්කළ ඔවුන් පළමුව සැරයන් මුතුසිංහ ගේ කණ්ඩායමත් දෙවනුව ලුතිනන් රාජකරුණාගේ කණ්ඩායමත් මාමඩුව ප්‍රදේශයෙන් ඉදිරි ආරක්ෂක කලාපයට ඇතුළු වුහ. ඉන් කි.මි.05ක් පමණ ඇතුලට ගිය ඔවුන් උදැසන ආහාරය එහිදී ලබහත්හ. තවත් කි.මි.05ක් පමණ ගොස් දිවා ආහාරයද ලබාගත් ඔවුන් දැන් සිටින්නේ සතුරාගේ ක්‍රියාකාරිත්වය ඉහල භූමියක නිසා වඩාත් ප්‍රවේසම් වුහ. එවන් විටක "ගොළුවා " ලෙස ආමන්ත්‍රණය කරන සයිලන්සර් යෙදු MP 5 අවිය යොදාගැනීමට ඔවුන් නිතර ප්‍රවේසම් වුහ. හරි හැටි යටිරෝපනයක් නොමැති මේ කැලේ තුල දිව කාලයේ ගමන් කිරීම මරණයට ඇත වැනීමකි. නමුත් විශේෂ බලකායෙන් ලද පුහුණුව එම අභියෝග ජයගැනීමට ඔවුන්හට ආශිර්වාදයක්ම විය. හදිසියේම ඉදිරියේදී හමුවුන පාරවල් දෙක අසල විනාඩි 45ක් පමණ විමර්ශනය කල ඔවුන් ඉන් පසුව එය හරහා ගියෝය. මෙහිදී කුඩා බංකරයක් සහ පැල්කොටයක් ඔවුන්ගේ ඇස ගැටිනි. එහි කිසිවෙකු නොසිටි නමුත් අතුගා ඇති පාරවල් දුටු ඔවුන් වහාම ඉන් ඉවත් විය.
හිරුගේ උණුසුම ගෙවී යාමෙන් පසුව එදින රැය පහන් කරන්නට එකලඟ ගස් ඇති තැනක් තෝරාගෙන රය පහන් කළෙමු. දිවා කාලයේ දැඩි හිරු රශ්මිය විදි නිසාම රතිරියේ කිහිපදෙනෙකු මුත්‍රා දැවිල්ල සැදී තිබු නමුදු මුවින් ශබ්ධ නොනගා එය ඉවසා දරාගැනීමට මෙම විශිෂ්ටයන් හට සිදුවිය. පසු දින පාන්දර 0530පැයට සැරයන් මුතුසිංහ තම කාණ්ඩය සමග රැකසිට පහරදීමට පිටත්විය. 0630පමණ ලූතිනන් වරයාගේ කන්ඩායමද ආදාල රැකසිට පහරිමට පිටත් වුහ.මේවන විට ඔවුන් කි.මි.15ක් පමණ පැමිණ සිටියහ. හදිසියේ ඉදිරියෙන් විවුර්ත භූමියක් ඔවුන්ගේ අස ගැටිණි. පැයක් පමණ කාලයක් එය නිරික්ෂනයෙන් අනතුරුව දකුණුපසින් කුකුලෙකු හඬලන හඬ ඇසි ඔවුන්ගේ මුහුණේ මතුවුයේ ප්‍රශ්නාර්ථයකි. "ගම්මානයක් ?" ඉන් අනතුරුව ඔවුන් වඩාත් විමසිල්ලෙන් නිරීක්ෂණයේ යෙදුනෝය. ටික වෙලාවකට පසු ගසක් උඩට නැගි සෙබලෙක් අතැති දුරදක්නයකින් දුටුවේ ට්‍රැක්ටර් රථයක් පාරක ගමන්ගන්න අයුරුයි. ඒ අවට වඩ වඩාත් නිරීක්ෂණයෙන් පසුව වැවක් කුඹුරු යායක් ඇති බවත් සිතියම නිරීක්ෂණයෙන් පසු මේ පරප්පම්කන්ඩාල් ගම බවත් ඔවුන් හට පසක් විය. මේ අතර වෙඩි හඬක් දෙවරක්ම ඇසීමෙන් පසු ඒ බව නිලධාරී අණදෙන හට සලකිරීමට ඔවුන් තීරණය කලත් පණිවිඩ හුවමාරු යන්ත්‍රය ක්‍රියාත්මක නොවූ නිසා ඉදිරි ගමන පිලිබඳව අවිනිශ්චිත තත්වයක් මතු විය.
" ඕන දෙයක් අපි යමු " ලුතිනන් වරයා පැවසු විට සියල්ලෝම හිස් වනුහ. එදින රාත්‍රිය සඳ පායා ඇති රැයක් වුනු අතරම සඳ එළියෙන් නැහැවෙමින් නිදහසේ ගමන් කිරීම කිසි සේත් ආරක්ෂිත නොවිය. එයින් මීටර් 300ක් පමණ ඉදිරියෙන් විශාල විදුලි එළියක් ඔවුන්ට ඉහලින් විටින් විට එල්ල වන්නට විය. එයින් ආරක්ෂා වෙමින් වැටි වැටි නැගිටිමින් විටක බඩ ගාමින් ඉදිරියට ඇදුනු ඔවුන් දහවල් දුටු පාරේ මිනිසුන් දෙදෙනෙක් විදුලි පන්දම් දල්වමින් ගමන් කරනු දුටුවෝය. නැවතත් වෙඩි හඬක් ඇසිනි. ඔවුන් පාරට ලං වෙනවා සමගම 'කන්සිටිනා රෝල්' යොදා පාර මෙපිට අවුරා ඇතිබව දක්නට ලැබිනි. A -9 මාර්ගය දෙපසවත් 'කන්සිටිනා රෝල්' නොදමන අතර මෙය ඉතා වැදගත් මාර්ගයක් විය යුතුය. ඒ අසල ලගින් ළඟ ලි ගැසූ ශක්තිමත් වැටක් විය. එය අමාරුවෙන් තරණය කල ඔවුන් පසුව එය නැවත පිළිසකර කලෝය. ඊට මීටර් 400ක් පමණ එපිටින් ලන්තරුන් එළියක් දක්නට ලැබිණි. තව දුරටත් ඉදිරියට ගිය ඔවුන් දකුණු දෙසින් දත් විලිස්සාගත් යක්ෂ දඩබල්ලන් දස දෙනෙක් පමණ සඳට වශීවී ඒ දෙස බලමින් සක්මන් කරමින් සිටියහ. බල්ලන් ඉතා සංවේදී කොට්ටාශයක් වූ නිසා කලබල වුනු අපගේ හද ගැස්ම පවා දැනීමට ඔවුන් සමත් වේ. නිසල පිලි රූ ලෙස නොසැලී සිටි ඔවුන් බල්ලන් පිටත්ව ගිය පසු භුමිය පසු කලෝය. අළුයම 0230පමණ කැළෑ රොදකට පැමිණ එදින රැය පහන් කල ඔවුන් නැවත 0630 පමණ වනවිට ගමන් ඇරඹුහ. බොහෝ දුරක් නිහඬවම ගමන්කළ ඔවුන් සමග සිටි කෝප්‍රල් රත්නායක "අර තියෙන්නේ කනගරායකුලම් ආරුව "යයි රහසින් පැවසිය. කැලෑ බළලුන් සේ ඊට ළගා වූ ඔවුන් පැය එකහමාරක් පමණ නිරීක්ෂණයෙන් අනතුරුව බෝතල් වලට ජලය පුරවාගත්හ. ඉදිරි ගමනේ අතරතුර බංකර් පේලියක් ඔවුන් ගේ ඇස ගැටුණි. නමුත් කිසිවෙකු එහි නොවිය මේ අතර A 9 මාර්ගයේ වාහන වල ශබ්ධ මද වශයෙන් ඔවුන් හට ඇසෙන්නට විය.ඔවුන් ඉදිරියේ වූ නැදුන්කර්නි මාර්ගයේ දකුණු දෙසින් විශාල පිපුරුමක් ඇසිනි. හඬ නංවමින් ගිලන්රථ 02ක් එදෙසට යන බව ඔවුන්ට ඇසුනි. "තවත් SF ඇම්බුෂ් එකක්කද ? " ඔවුන්ට සිතුනි.
එම ස්ථානයේම පය 03ක් පමණ ගතකල ඔවුන් දිව ආහාරය ලෙස බිස්කට් ගත්තෝය. ඉදිරි මාර්ගයට මීටර් 500පමණ ළඟාවූ ඔවුන්ගේ දෙදෙනෙක් ඉදිරි මාර්ග නිරීක්ෂණයට ගොස් පැමිණ ලුතිනන් වරයට තතු දැන්වූ අතර පසුව ලුතිනන් රාජකරුණා සහ කෝප්‍රල් බණ්ඩාර සමග වැඩි දුර නිරීක්ෂණය සඳහා පිටත්ව ගියහ. පැය එකහමාරක් පමණ ගත විය. මේ අතර කොටි රජදහනක් වූ නදුන්කර්නි මාර්ගය අසලින් ලබා ගත වැලි අහුරක් රැගෙන හිස් ග්ලුකෝස් කවරයක බහගත් කෝප්‍රල් ලියනගේ තම කඳවුරේ සගයන්ට පෙන්වීම සඳහා එය රැගෙන යාමට කලිසම් සාක්කුවේ දමාගත්තේය. මේ අතර හදිස්සියේ පැමිණි ලුතිනන් රාජකරුණා සහ කෝප්‍රල් බණ්ඩාර හති දමම්න් ලොවම එපාවූ ලෙසින් "දැක්කා ..අපිව දැක්ක.." ලෙස මිමිණුම් බසින් පැවසිය. පාර නිරීක්ෂණය කරන අතර පැමිණි සිවිල් වැසියෙක් ඔවුන් දැක නොදැකපු ලෙස පා පැදියකින් ගොස් තිබිණි. නමුත් එය එතරම් දෙයක් නොවන බව තරුණ ලුතිනන් වරයාගේ අදහස විය..කාණ්ඩයේ දැඩි පෙරැත්තය මත රැක සිට `පහරදීම මීටර් 200පමණ එහා යොදාගැනීමට ලුතිනන් වරයා එකඟ විය.
මේ වනවිට විශේෂ බලකා කඳවුරේ උදැසන 0630පමණ නිලධාරී අණදෙන වරයාට අණදෙන නිලධාරිගෙන් පණිවිඩයක් ලැබී තිබිණි. "56 ඩිවිෂන් එකේ ටෙරා මොනිටරින් සෙට් එකේ මොනිටර් වෙලා තියෙනවා ආමි එකේ කට්ටියක් නැදුන්කර්නි අවට ගැවසෙනවා කියල. ආමි එකේ වෙන කවුරුත් ඔච්චර ඇතුලට යන්නේ නෑ. අපේ කට්ටියක් වෙන්න ඇති. කුමා චෙක් කරලා බලන්න " "හරි සර් මම චෙක් කරලා බලන්නම් " මේජර් ගල්හේනගේ පැවසුවද ලුතිනන් රාජකරුණාගේ කණ්ඩයේ රේඩියෝ උපකරණ හෝ සැටලයිට් ෆෝන් එක ක්‍රියාත්මක නොවිය. දිගින් දිගටම 56සේනාංකයෙන් තොරතුරු එවිනි. "පාලමක් ළඟ කට්ටියක් ඉන්නවා අපි දැන් චෙක් කරලා බලන්න යන්නේ "යයි LTTE පණිවිඩ හුවමාරු වලින් පැවසිය. "මොන පාලමද කොහොමද හොයන්නේ පාලම් කීයක් තියනවාද? ටීම් කීයක් බස්සල තියනවද ? " මේජර් වරයා කැළඹුණු මනසකින් පැවසිය. සියාලු කණ්ඩායම් වලට දැනුම්දීමට තීරණය කලද එය කිරීමට නොහැකි වුයේ උදෑසන 06ත් සවස 06අතර කාලය තුල සියලු රේඩියෝ යන්ත්‍ර ක්‍රියා විරහිත කරන බැවිනි. බැටරියේ ආයු කාලය දිගුකොට ගැනීමටත්,මෙහෙයුමේ රහස්‍ය භාවය ආරක්ෂා කරගැනීමටත් මෙය මෙසේ සිදුවිය. කල හැකි කිසිවක් නොවුයෙන් ඔහු අසරණව බලා සිටියේය .......

මතු සම්බන්දයි !
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විශේෂ බළකාය.(SF)
අධිෂ්ඨානයෙන් අභීතව අරමුණ කරා.
මෙය සත්‍ය කතාවකි...  ඉතිරි කොටස් බලාපොරොත්තු වන්න
තව කෙනෙකුට කියවන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network