Showing posts with label Srilankanwar. Show all posts
මධුෂ්ගේ ගෝලයෝ සොයා STF රට පීරති..


ඩුබායි අත්අඩංගුවේ පසුවන මාකඳුරේ මධුෂ්ගේ මෙරට මත්කුඩු ජාලයේ පුද්ගලයන් හා ඔහුගේ ගෝලයන් විශාල පිරිසක් මේ වන විට පොලිසිය විසින් හදුනාගෙන තිබේ. ඒ අනුව ඔවුන් අල්ල ගැනීම සදහා පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් විශේෂ මෙහෙයුම් රට පුරා ආරම්භ කර ඇත. මේ සදහා පොලිසියේ සියලු අපරාධ මර්දන ඒකකයන්හි සහායන්ද ලබා දෙමින් තිබේ.  

ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

කොටි පැරදු යුද ජය සමරන්න හමුදා ආචාර පෙළපාලි නෑ.. ‘ සිහිපත් කිරීමේ දිනය’ කියා නමත් වෙනස්‌ කරනවා..- ලක් රජය ජිනීවා සමුළුවට දන්වයි..


කොටින්ට එරෙහි යුද්ධය ජය ගැනීම ගැන හමුදා ආචාර පෙළපාලි නොපවත්වන බවත්, ‘ජයග්‍රාහී දිනය’ ‘සිහිපත් කිරීමේ දිනය’ ලෙස නම් කර ඇති බවත් ශ්‍රී ලංකා රජය ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට වාර්තාවක්‌ ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත.
එසේම ආර්. සම්පන්දන්ට විරුද්ධ පක්‍ෂ නායකකම ලබාදීමට ක්‍රියා කළ බවද එකී වාර්තාවේ දක්‌වා තිබේ.
රජය මෙවන් වාර්තාවක්‌ මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කර ඇත්තේ මුල්වරටය.
සහජීවන ක්‍රියාවලිය යටතේ ශ්‍රී ලංකා රජය ඉටුකළ ක්‍රියා ලෙස ඉහත කී කරුණු හෙළිකර ඇත.
ශ්‍රී ලංකා රජය මෙවන් වාර්තාවක්‌ මානව හිමිකම් කවුන්සිලයට පැමිණි විදේශ තානාපතිවරුන් අතර බෙදාදී ඇත.
ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

අද ඊලාම් සටන කෙරෙන්නේ වන්නි යුධබිමේ නොව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේයි.. යහපාලන රජය දැනටමත් ඉන් පරාදයි…


ප්‍රභාකරන් වසර 30 ක් පුරා උතුරේ කැලෑ වල ඊලමක් වෙනුවෙන් කල යුද්ධය අද දෙමල ඩයස්පෝරාව එක්සත් ජාතීන්ගේ සංවිධානය තුල ප්‍රභාකරන්ට වඩා සාර්ථකව කරන බව ජීනීවා වලදී ශ්‍රී ලංකාව වෙනුවෙන් හඩනගා ආපසු පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් අමතමින් ආචාර්ය නාලක ගොඩහේවා පැවසීය.
” මෙවර යුද්ධය සදහා ඔවුන් තෝරාගෙන තිබෙන යුධ පිටිය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයයි. ප්‍රභාකරන් සමග ආයුධවලින් කල සටන පසුගිය රජය ජයගත්තත් දෙමල ඩයස්පෝරාව සමග නුවනින් කරන සටන වත්මන් රජය පැහැදිලිවම පරාජය වී තිබෙනව.
අලුත් යුධපෙරමුණේ මුල්ම පරාජය සිදුවුනේ වත්මන් නිවට ආන්ඩුව දෙමල ඩයස්පෝරාව මගින් මෙහෙයවනු ලබන බටහිර රටවල් ඉදිරියේ දනින් වැටී 2015 දී ඇමෙරිකාව විසින් ලංකාවට එරෙහිව ඉදිරිපත් කල ජිනීවා 30/1 යෝජනාව සම අනුග්‍රාහකත්වය දී පිලිගත් දිනයි. එදා සිට සතුරා අපට ජිනීවාවල එලව එලවා පහරදෙද්දී ලංකාවේ දුර්වල රජය ඔවුන්ගේ සියලු කොන්දේසි වලට හිසනමම්න් පසුබානවා.
යහපාලන රජය ඩයස්පෝරාව සතුටු කරන්න මොනවා කරත් ඔවුන් ජීනීවා ඇවිත් කියන්නේ තවත් මදි කියලයි. බුරුතු පිටින් ඔවුන් පැමින කියන දේවල් මත තමයි මේ ගැටලුව ගැන ලෝක මතය තීරණය වන්නේ. උදාහරණයක් වසයෙන් පසුගිය 23 දා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් ඔහුගේ වාර්තාවේ කීවා තවමත් ලංකාවේ රජය දෙමල ජාතිකයින්, අතුරුදහන් කරනවා , දරුණු වද හිංසා කරනවා කියලා, ඔහු නිර්දය ලෙස අපහාස කලා අපේ අධිකරණ පද්දතියට. නමුත් මේවාට එරෙහිව හඩක් නගන්නට ජීනීවා වල ඉන්න අපේ තානාපතිවරු හෝ මැති ඇමතිවරු ක්‍රියා කරන්නේ නැහැ.
අන්තර් ජාතික ප්‍රජාව ජයගත්තා කියල කයිවාරු ගැහුවාට මේ රජය අද ඉන්නේ අන්තර් ජාතික් ප්‍රජාව ඉදිරියේ වැලේ වැල් නැතුව පැරදිලා දනින් වැටිලයි. මෙන්න මේ වගේ තත්වයක් තුල තමයි ආන්ඩුව නොකරන වැඩේ, ඒ කියන්නෙ රට වෙනුවෙන් ජිනීවා වල හඩක් නගා ලෝකයට ඇත්ත කියන්නට ශ්‍රී ලංකික ගෝලීය සංසදය ඉදිරිපත් වෙලා තිබෙන්නෙ. ඔවුන්ගේ ආරාධනයෙන් තමයි අද්මිරාල් සරත් වීරසේකරත් මමත් මේ අරගලයට එක්වී සිටින්නේ.
විශේෂයෙන්ම ගෝලීය සංසධයේ යුරෝපීය පෙරමුනේ නායකයා වන වසන්ත කීර්තිරත්නගේ නායකත්වයෙන්, එංගලන්තය ඉතාලිය, ස්වීඩනය,ස්විට්සර්ලන්තය , ප්‍රංශය ,ඩෙන්මාර්කය , ඊශ්‍රායලය , මොනාකෝ, ජර්මනිය , වැනි රටවල් ගනනාවකින් පැමිනෙන ශ්‍රී ලාංකිකයො සමග එකට එක්වී එල් ටී ටී හිතවාදී දෙමල ඩයස්පෝරාවේ බොරුව පසුගිය වසර 11/2 ක කාලය තුල අපි හෙලිදරව් කරමින් ඉන්නවා. අපේ තර්ක ඉදිරියේ උත්තර දීගන්න බැරුව අද දෙමල ඩයස්පෝරාව අසරණයි. ඒ කෙසේ වෙතත් මෙය දිනන සටනක් වන්නේ කොන්ද පන ඇති දේශප්‍රේමී නායකත්වයක් යටතේ අලුත් ආන්ඩුවක් ලංකාව බාරගත්තාට පසුවයි ”
ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

සුජීව සේනසිංහ ඇමතිගේ ලේකම්ගේ නිවසට වෙඩි වරුසාවක්.. පාතාලයෝ කොලඹ බයබිරාන්ත කරති..[Vodeo]




සුජීව සේනසිංහ රාජ්‍ය ඇමතිවරයාගේ පුද්ගලික ලේකම් ලෙස කටයුතු කරන රනිල් ආටිගලගේ නිවසට අද අළුයම් කාලයේ වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇත.
මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ මාළඹේ, ජෝතිපාල මාවතේ, 14 වන පටුමඟ අසළ පිහිටි නිවසටයි.
පොලීසිය සදහන් කරන්නේ නිවසේ බිත්ති හා ජනේලවලට වෙඩි ප‍්‍රහරයෙන් හානි සිදුව ඇති බවයි.
එම අවස්ථාවේ පුද්ගලික ලේකම් හා පවුලේ අය නිවසේ සිටියද ඔවුනට ඉන් හානියක් සිදුවී නැත.
වෙඩි ප්‍රහාර 18ක පමණ ප‍්‍රහාණයක් නිවසට එල්ල කර ඇතැයි හෙලිව ඇති අතර එය කවුරුන් විසින් කරන ලද්දක්දැයි හෙලිව නොමැත.
මේ අතර අද පෙරවරුවේ මාලබේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතේදී යතුරු පිදියකින් පැමිනි අයෙකු කල වෙඩි තැබිමකින් පුද්ගලයකු මිය ගොස් තිබේ.
ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

ප්ලොට් නායකයෙකු ගිනි අවි ,පතුරම් හා කඩු තොගයක් සමග අත්අඩංගුවට…



යාපනය රෝහල මාර්ගයේ පිහිටි නිවසක සිටි පුද්ගලයෙකු එම නිවසෙන් ඉවත් කිරීමට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට ගිනිඅවි ඇතුලු යුද උපකරණ තොගයක් අදාල නිවසේ තිබියදී සැකකරුවෙකු සමග අද (19) දින අත්අඩංගුවට ගෙන ඇත.
යාපනය රෝහලපාරේ අදාල නිවස පිහිටා ඇති අතර නිවසේ හිමිකරු විදෙස්ගතව සිටින අතර අදාල නිවස කුලියට ගෙන සිටි රාජනායගම් ශිවකුමාර් නැමත්තා නිවසෙන් පිට නොවීම හේතුවෙන් නිවසේ හිමිකරුගේ ඥාතීන් විසින් යාපනය පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව පොලිස් නිලධාරීන් පිරිසක් අදාල නිවසට පැමිණ නිවස පරික්ෂා කිරීමේදී මෙම යුද උපකරණ තොගය හමු වී ඇත.
මෙසේ හමු වූ යුද උපකරණ අතර ටී.56 ගිනිඅවියක්, ටී.56 ගිනිඅවි මැගසින් 6 ක් , ටී.56 උණ්ඩ 399 ක්, හෑන්ඩ් සෙට් 2 ක්, පූචස් දෙකක් පිස්තෝලයක් හා කඩු දෙකක් මේ අතර වෙයි.
අදාල යුද උපකරණත් සමග නිවසේ සිටි සැකකරු වන රාජනායගම් ශිවකුමාර් නැමත්තා මීට පෙර ප්ලොට් සංවිධානයේ සිටි අයෙකු බවට යාපනය පොලීසියට තොරතුරු ලැබී ඇති අතර ඔහුගේ පදිංචිය යාපනය මණිපායි ප්‍රදේශයේය.
අදාල සැකකරු ලග තිබූ යුද උපකරණ තොගය පරිහරණය කරණ තත්වයේ තිබීම හා කඩු දෙකක්ද තිබී හමු වීමත් සමග පසුගිය කාලයේ යාපනය දිස්ත්‍රීක්කයේ ආවා කල්ලියෙන් සිදු වූ පහරදීම් සැලසුම් කරන ලද පුද්ගලයෙකු හෝ කිසියම් පාතාල කල්ලියක නායකයෙකු විය හැකි බවටද යාපනය පොලීෂිය සැක පල කර සිටියේය.
කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් සැකකරු මේ වන වට යාපනය පොලීසිට රැගෙනවිත් අද සවස යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට යාපනය පොලීසිය විසින් පියවර ගෙන ඇත.
– වන්නි රොමේෂ් මධුෂංඛ


ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
යහපාලනයේ අවසානය එසේ සනිටුහන් වේද?
======================================

2005 ජනාධිපතිවරණ ජන්ද ප්‍රතිඵල නිකුත් වන මොහොතේම ඒ වනවිට මෙරට අග්‍රාමාත්‍ය හා තව ටික දිනකින් මෙරට පස්වන විධායක ජනාධිපති ලෙස දිව්රුම්දීමට සූදානමින් සිටි මහින්ද රාජපක්ෂ මැතිතුමා තමන්ගේ මීලඟ ආරක්ෂක ලේකම් තනතුර සිය එක කුස උපන් මලණුවන් වූ ලුතිනන් කර්නල් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ලබාදීමට තීරණය කර තිබිණි.

එනයින් සිව්වසරක් යාමට මත්තෙන් දශක තුනක් තිස්සේ  මෙරට ජන ජීවිතයට කණකොකා හඬවමින් රටේ සංවර්ධනය මුලුමනින්ම නවතාලමින් රටම මරබියේ ගිල්වමින් තිබූ රුදුරු ත්‍රස්තවාදය මානුෂීය මෙහෙයුමක් තුලින් ලොව මුලින්ම මුලිනුපුටා දමන ලද අභීමානනීය ජාතියක් ලෙස අප ලෝක ඉතිහාසයේ රන් අකුරෙන් ලියැවිණි. මෙයට පුරෝගාමී දායකත්වක් සැපවූවන් අතර අප කතානායක හිටපු ආරක්ෂක ලේකම් හා ජනපති සොයුරු ගෝඨාභය රාජපක්ෂ මහතා ඉහළින්ම ලියැවී ඇත.

වරෙක එවකට හිටපු හමුදාපති හා වර්තමාන ෆීල්ඩ් මාර්ෂල් වත්මන් රජයේ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා ප්‍රකාශ කලේ යුද්ධය සාර්ථක කර ගැනීමට එය කෙලින්ම මෙහෙයවූ එවකට ආරක්ෂක ලේකම්වරයා ජනාධිපති සොහොයුරා වීම තුල වැඩි වාසී ගණනාවක් තමන් ඇතුලු එවකට ත්‍රිවිධ හමුදා මෙන්ම පොලිසි, සිවිල් ආරක්ෂක බලකායේ අණදෙන නිලධාරීන් සියල්ලම විඳ ඇති බවයි. ඒ රටේ සේනාධීනායකයාට දවසේ ඕනෑම මොහොතක කෙලින්ම ඇමතිය හැකි වාතාවරණයක් හිටපු ආරක්ෂක ලේකම් හට තිබූ බවත් එවැනි සම්බන්ධතා මානුෂීය මෙහෙයුමදී හෝ යුද්ධයකදී ඉතා වැදගත් සාධනීය ලක්ෂණයන් බව හිටපු යුධ හමුදාපතිවරයා තව දුරටත් පවසා සිටියේය.

තමා එක්සත් ජනපදයේ සිට සිය සොහොයුරාගේ දැඩි ඉල්ලීම පරිදි මෙරටට පැමිණ ඔහු බාරදුන් කර්තව්‍යය අකු2රටම ඉටුකරමින් මානුෂීය මෙහෙයුම අවසානයේ තම දැණුම, මනා පරිනත කළමණාකාරීත්වය හා මනා දැක්ම තව දුරටත් මෙරටට ලබාදීමේ අරමුණෙන් තම ජනාධිපති සොයුරා ආරක්ෂක ලේකම්ධූරයට අමතරව ලබාදුන් නාගරික සංවර්ධන අධිකාරියේ ලේකම් තනතුරද හුදෙක් තම රට වැසියාට අවශ්‍ය නියම වෙනස හඳුනාගනිමින් නව තාක්ෂණය, තරුණ ජවය සමග මුසු කරමින් කොළඹ නගරයෙන් ආරම්භ කල ඒ වෙනස ගම්දනව් හරහා මුලු රටටම ඇදී ගියේය. 

එතෙක් යුධ හමුදාවේ සිටි දක්ෂ නිළධාරින් මෙන්ම සෙබලුන්ගේද උපදෙස් හා සහයෝගය ලබාගනිමින් 2015/6 වසරේ ආසියාවේ අළංකාරතම නගරය කොළඹ පත්වෙත්දී ශරීර සුවතා මංතීරූ, පැරණි ගොඩනැගිලි අළංකාර ලෙස යලි නිමැවෙන විට, අති නවීන සාප්පු සංකීර්ණ, උද්‍යාන, පදික වේදීකා පමණක් නොව රටටම අවැසි ආකල්පමය වෙනසක් ද ඇති වෙමින් තිබුණි. ඒ කහ ඉරෙන් පමණක් පාර හරහා මාරුවීම, බුලත් කෙළ තැන් තැන් වල ගැසීමෙන් වැළකීම, වාහන බඳ පටි අනිවාර්යයෙන්ම පැළදීම වැනි අති සුවිශේෂී කරුණු හේතුවෙන් පෞද්ගලිකව මටද බොහෝ විදේශිකයන් පවසා ඇත්තේ සිංගප්පූරුව හා සමාන ලෙස මෙරට වටපිටාව, මහාමාර්ග පිරිසිදු බවයි. මෙම සෑම ඇගයීමකම වැඩි ගෞරවය හිටපු ආරක්ෂක ලේකම් ලුතිනන් කර්නල් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට නිතැතින්ම හිමිවිය යුතුය.

එල්.ටී.ටී.ඊ කොටි ත්‍රස්තවාදී සංවිධානයේ අන්තර්ජාතික නායකයා හා එම සංවිධානයට අවි ආයුධ සැපයීම සම්බන්ධීකරණයේ මුල් පුරුක කුමරන් පත්මනාතන් හෙවත් කේ.පී වරක් පුවත්පතකට පවසා සිටියේ මලයාසියාවේදී තමා අත්අඩංගුවට පත්වූ පසු කොළඹට ගෙනයයවා යැයි තමා දැනගත්විට අතිශය බියක් තමාට දැනුනු බවත් ඒ ඔවුන් ඒවන විටත් මානූෂීය මෙහෙයුමෙන් පරාද වී තිබීබ හා ශ්‍රීලාංකිකයන්ට විශාල ජීවිත මෙන්ම දේපළද අහිමි කර තිබීම නිසා ඔවුන් වෛරයෙන් පසුවනු ඇති බවත් සිතීමයි. නමුත් ලංකාවට රැගෙන ආපසු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිය නිළ නිවසේදී හමුවූ මොහොතේ ඔහුගේ එම බය පහව ගොස් ඇත්තේ එතුමාගේ නිවසේ තිබූ බුදු පිළිම හා ශාන්‍ත ස්වභාවත් එතුමාගේ කතා විලාශය අනුව යැයි  කේ.පී විසින්ම එම පුවත්පතට පවසා ඇත.

මත් වතුර වලින් තොරවීම, නිර්මාංශාහාර, බුදු දහමේ නිවැරැදි කෝණ නිසි ලෙස ස්පර්ශ කිරීම වැනි කරුණු කාරණා මෙන්ම යූද හමුදාවේන් ලෑබූ ශික්ෂණය, විනය, ආකල්ප වාගේම වේලාවට වැඩ කිරීම, ඕනෑම කාර්යයක් මුල සිට අවසානය දක්වා මෙහෙයවීම, මනා සැලසුම් කිරිමේ හැකියාව වැනි අති උතුම් ගති පැවතුම් වකින් හෙඹි ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තම පියාණන් සිහිවීම පිණිස ඉඳිකල ස්මාරකයක් ඉඳිරියට දමමින් කිසිදු පදනමකින් තොර හේතු ඉදිරිපත් කර අත්අඩංගුවට ගැණීමට පිඹුරු පත් සැකසීම හා එයින් එතුමාණන්ගේ චිත්ත පීඩාවට පත්කිරීමම යහපාලනයේ අවසානයද වනු නොඅනුමානය.

නිවන්ත ප්‍රනාන්දු



ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

හමුදාවෙන් ඩෝසර් කල කොටි සොහොන් කෑලි එකතු කර මහවිරු සැමරුමට කිලිනොච්චියේ ස්මාරක..



2009 වසරේදී යුද්දය අවසන් වූ පසු ආරක්ෂක අංශ විසින් උතුරේ ජනතාවගේ යුද මානසිකත්වය තුරන් කිරීමේ එක් පියවරක් වහයෙන් උතුරේ ඉදිකර තිබූ එල්.ටී.ටී.ඊ මහවිරු සොහොන් ඉවත් කළද එසේ ඉවත් කරන ලද සොහොන් කොත් එකතු කොට කිලිනොච්චිය කනක පුරම් ප්‍රදේශයේ ස්මාර්කයක් ඉදිකොට ඇත.

මිය ගිය මහවිරුවන් වෙනුවෙන් නොවැම්බර් මස 27 වනිදාට යෙදෙන මහවිරු දිනයේ උතුරු පලාත් ප්‍රධානතම මහවිරු සැමරුම සිදු කෙරෙන කිලිනොච්චිය කනක පුරම් පුරම් ප්‍රදේශයේ මෙම සමාර්කය නිර්මණය කොට ඇත.
මෙහි එක් සංවිධායක වරයෙකු වශයෙන් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් මහතාද කටයුතු කරන අතර මිය ගිය මහවිරුවන් වෙනුවෙන් සිහිකිරීමට දැන ඉදිරිව ඇති එකම සිහිවටන ලෙසන් ඉවත් කරන ලද මහවිරු සොහොන් කෑලි හෙයින් එම සොහොන් කොටස් යොදා මෙම ස්මාර්කය සැදීමට මන්ත්‍රීවරයා ඇතුලු පිරිසක් විසින් පියවර ගෙන ඇත.
ආරක්ෂක අංශ විසින් ඉවත් කරන ලද කොටි සංවිධානයේ සොහොන් කොත් නැවත එකතු කොට මෙසේ සමාර්ක සැදීමෙන් තුරන් වූ කොටි සංවිධනයට නැවත පණ දෙන්නට දරණ වෑයමක්ද එසෙත් නැතිනම් යුද මානසිකත්වය ටිකෙන් ටික අඩුවූ උතුරේ වැසියන්ට නැවත අඳුරු අතීතය සහි ගන්වා යුද මානසිකත්වය ඇති කරවීමට ගන්නා උත්සයහයක්ද යන්න හෙයින් මෙවර මහවිරු සැමරුම දෙස අවධානය යොමු කිරීමට බලධාරීන් පියවර ත යතු බවටද උතුරේ ඇතම් සිවිල් සංවිධාන විසින් පෙන්වා දෙති.
– වන්නි රොමේෂ් මධුෂංඛ


ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
අපි ජය ගත්තත් ❤ ...... අපි අවාසනාවන්ත විය 😢 ........
------------------------------------------------------------------------------

දිනක් මම නිදා සිටින ඇදේ 'ගාල්ල'යා (ලුතිනන් කමාන්ඩර් සමන්ත ගාල්ලගේ ) ඇල විය ....
'අරක්කු' ගද වහනය වූ නිසා මම .... 'මූසල බිව්ව නේද ???' කියා විමසා සිටියේය .....
ඔව් ! මම බිව්ව .... මට තව බොන්න ඕනෙ ..... සර් ! මට එලියට යන්න ඕනැ ..... කොටියෙක් ගෙ බෙල්ල කපන් ඇවිත් ගේට්ටුව ඉස්සරහ වැටේ ගහන්න ඕනෙ .....
මම වහා ලයිට් එක දැම්මේය ......
ඇදේ වැතිරි සිටි 'ගාල්ලයා' ගේ කදුලු කම්බුල් දිගේ ගලා යයි ..... මම 'ගාල්ලයා' තුරුලු කරගෙන ..... කියපන් මොකද උනේ කියල ...... මම SBS (විශේෂ යාත්‍රා බලඝණය ) එකෙන් අයින් කරල 😢 ......... මම අයින් කරාට කමක්න් නෑ 😠 ..... මුං මට අපහස කරනව 😠 ..... මම කසාද බැන්දට පස්සෙ බය වෙලාලු 😠 ....... සර් ! මට ගෑනියෙක් ඉන්නව ..... ලමයෙක් ඉන්නව තමයි 😢 ..... ඒත් මම 'සමන්ත ගාලලගේ'ම තමයි 😠 .... මට බෑ නිවටයෙක් වගේ ජීවත් වෙන්න 😢 .....මම වීරයෙක් වගේ මැරෙන්නම් ❤ ........ මම ඔය 'ඇව්‍රෝ බෝට්ටු' හොද නැහැයි කිව්වෙ ...... ඒකෙන් යුද්ධ කරන්න බැරි නිසා මිසක් බයට නෙමේ ..... ඉකි බිදිමින් ඔහු තවත් බොහෝ දේ පැවසීය 😢 .........
මගේ 'සිමා ඉර' පැන ඇත 😠 .... මල්ලි<3 උබ මගේ සහෝදරය ..... උබ නාවික ඉතිහාසයේ බිහිවුන වීරයෙක් ❤ ..... උබ නිවටයෙක් වගේ ජීවත් වෙන්න ඕනෙත් නෑ 😠 .... උබ වීරයෙක් වගේ මැරෙන්න ඕනත් නෑ 😠 ...... උබ වීරයෙක් ! කථාව එච්චරයි ...... මම විශ්වාස කරල උබ ඕක මට බේරන්න දීපන් ❤ .... හැබැයි මල්ලි උබ බීල පිස්සු කෙලියොත් 😠 ..... තොගේ වීරකම් මම එදාට ඉවර කරනව 😢 .....
මුවග සිනාවක් රදවා ගත් 'ගාල්ලයා'ඇදේ දිගා විය ...... මම ඔහුගේ සපත්තු දෙක ගලවා ... කකුල් දෙක ඇදෙන් තබා ❤ .......
මම මගේ අල්ලපු කාමරායේ සිටි ශ්‍රීපති සූරියආරච්චි අවදි කරන විට පාන්දර 2 පමණ වී තිබුනි .......
කලබල වූ 'ශ්‍රී' මොකද බං අවුල ??? ..... මම සියලු පවසන තෙක් බලා සිටි ඔහු .... හර් ! උබට දැන් මොකක්ද වෙන්න ඕනෙ ??? ......
සමන්ත ගාල්ලගේ ආයෙ SBS එකේ ඉන්න ඕනෙ ....... ඒ වෙනුවෙන් ජීවිත වන්දියක් දෙන්න ඕනෙ නම් ❤ මම ලැහැස්තියි 😠 ......
උබ උදේන්ම 'රත්වත්තෙ' ලොක්කට කථා කරල හම්බ වෙන්න වෙලාවක් දා ගනින් ....... කලබල වෙන්න එපා ❤ ......
අනුරුද්ධ රත්වතේ මහතා හා මම සමීප දේශපාලන මිතුරන් වුවත් ...... ඔහු ආරක්ෂක නියෝජ්‍ය ඇමති වූ දා සිට මම ඔහු හා කිසිදු සම්බන්දයක් නොපැවත්වීමටත් ......ඒ බව ඇගවීමට නොගියේ .... එය වැරදි ක්‍රියාවක් බව මම තදින් විශ්වාස කල නිසාය ...........
එහෙත් දැන් සටන එලිපිටය 😠 ..... මම රත්වත්තේ මහතාට කථා කලෙමි ...... සති අන්ත කොලඹදී හමුවක් සූදානම් විය ❤ .....
එදා උදේ අපි පුහුනු වීම් වලින් පසු මමත් ! ........ සමන්ත ගාල්ලගේ ! ...... ඉන්දික නිෂාද් ! ...... ක්ලිෆර්ඩ් ඇරන්ස් ! ..... උපුල් සමරකෝන් ! හා අචල ද සිල්වා ! සුපුරුදු ලෙස බෝට්ටුවක් මත වාඩිවී කථා බහ ආරම්භ කලත් ...... සියලුම දෙනාගේම ඇස්වල කදුලු පිරී තිබේ ..... ඒ තමන් හා උරින් උර ගැටී සටන් පෙරමුණේ සිටි සමන්ත ගාල්ලගේව බලහත්කාරයෙන් ඉවත් කීරීමටත් වඩා ඔහු 'බය ගුල්ලෙකු' බව ඒත්තු ගැන්වීමට දරන 'ජඩකම' ගැන සියලු දෙනා තුලම දුකට අමතරව කලකිරීමක් හා කේන්තියක්ද විය 😠 .....
'ලැබෙන සංතෝසම් ' වෙනුවෙන් කෙල හලන මේ කාලකන්නි මිනිසුන්ගේ අමනකම් අවසන් කිරීමට 😠 ....... ඕනෑම වන්දියක් ගෙවීමට සියලු දෙනාම එකග විය ❤ ........
සති අන්තයේ පුරා පැය 5ක් 'ශ්‍රිපතිත්' මමත් දින දෙකක් තුලදී ....... 'විශේෂ යාත්‍රා බලගණය' සවිමත් කොට ....... එය පොලීසියේ විශේෂ කර්ය බලකාය මෙන් ස්වාධීන කර රත්වතේ මහතාගේ පූර්ණ අධීක්ෂනය යටතේ ක්‍රියාත්මක කල හැකි නම් ..... වසර 3ක් තුල මුහුදු කොටි බල බිදිය හැකි බවත් පෙන්වාදීමත් සමග ඔහු ඉමහත් සතුට පත් විය ❤ ...... ඉදිරි සති 2ක තුල එයට අවශ්‍ය කටයුතු කරන්නට පොරොන්දු විය ...........
එහෙත් ඊළග සතියේ මුලතිව් ඛේද වාචකය සිදු විය 😢 ....... අපි සියලු දෙනා ඒ කදවුර බේරා ගැනීමට කැප විය ❤ ....... එහෙත් අපේ ඇස් පනාපිටම මුලතිව් අපිට අහිමි විය 😢 ....... මම ඒ මෙහෙයුම් කටයුතු වලට සම්බන්ද වූයේ 'ගාල්ලගේ' ප්‍රතික්ෂේප කල බෝට්ටුවෙනි ....... එහි නුසුදුසු බව මම අත්දැකීමෙන්ම දැන ගතිමි ...... එදා අවසන් මොහොතේ ඒ කුඩා බෝට්ටුව ලොකු නැවකට පවා නොගත්තේ නම් අපේ බෝට්ටුවේ ඉරණම් කථාව මුලතිව් මුහුදෙන් අවසන් විය හැකිව තිබිනි 😢 .......
මුලතිව් ඛෙදවාචකයෙන් පසුව රත්වතේ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර යුද හමුදා මූලස්ථානයේදී රැස්වීමක් තිබිනි ...... එහිදි ඔහු ප්‍රථම වරට මගේ යෝජනාව අනුව නිර්මානය වන විශේෂ ඒකකය ගැන බලාපොරොත්තු සහිතව කරුණු ඉදිරිපත් කලේය ❤ ..... එහිදී ඔහුගේ කථාව තුල මගේත්, ගාල්ලගෙගේත් නම සදහන් කිරීමත් සමග ...... නාවික හමුදාපතිවරයා වියරු වැටී ඇත 😢 ......
රැස්වීම අවසානයේ මට දින 3ක් ඇතුලත ඉල්ලා අස්වීම දෙන ලෙසත් 😠 ....සමන්ත වහාම තිස්ස කදවුරට මාරු කරන ලෙසත් ඉල්ලා සිටියත් 😠 ......
රත්වත්තේ මහතාට ගරුකරමින් ...... එම වගකීම ඉටු කිරීමෙන් පසුව මගේ ඉල්ලා අස්වීමේ ලිපිය එවන බවත් දන්වා ලිපියක් යැව්වේය ......... මොන පීඩනයක් ආවත් 'ගාල්ලගේ' තිස්සට කදවුරට නොයවා සිටීමට කැප වුනි ❤ ........
'රත්වත්තේ' මහතා මට කථා කොට ...... ප්‍රෂ්ණ ඉරිදා ඇවිත් විසදන තුරු නිහඩ ඉන්නයි අවවාද කලේය ❤ .....
පසුදින සවස් වන විට ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා අලුත් ඒකකයේ අඥාපති ලෙසත් .....වත්මන් යුධ හමුදාපති මේජර් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා එහි අණදෙන නිළධාරියා ලෙසත් .... මම එහි දෙවන අණදෙන නිළධාරියා ලෙසත් ....... රියර් අද්මිරාල් දසනායක එහි උපදේශක ලෙසත් කටයුතු ආරම්භ කරනයි රත්වත්ත මහතාගෙන් වාචික උපදෙස් ලැබී තිබුනි ❤ .....
ඉරිදා රත්වත්තේ මහතා ..... ත්‍රීමලේ විශේෂ යාත්‍රා බලඝණසේ භූමියට නාවික හමුදාපතිතුමාත් සමග ආවේය ......
මේ නව ඒකකය කඩාකප්පල් කිරීමට නාවික හමුදාපති වරයා 'සිගිති' උත්සාහයන් ගත්තත් සියල්ල වැලකී ගියේ 😠 .........
අවසානයේ මගේ ආදරණීය සගයන් ❤ මා වැලද ගෙන සුභ පතන්නට වූයේ ...... මම මේ සටන ජයග්‍රහණයකින් අවසන් කරන්න්ට කල කැප වීමට අතීශයි කැමති වූ නිසා වරින් වර ඔවුන් මා සමග පැවසූ හැටි මට මතක නිසාය ❤ ......
සගයන්ගේ ආදරය මා වෙත තිබෙන අයුරු සියසින් දුටු නාවික හමුදාපති වරයා ..... වියරුවෙන් මෙන් මා අසලට ඇවිත් ඉංගීසි බසින් 😢 ..... 'උබ හිතන්නෙ උබ දිනුම් කියලද ???' .... මම කිසි සේත්ම එතැනට නොවැටිය යුතු නිසා මම නිහඩ විය ❤ ....
මම ඔහු පසු පසින් වාහනය වෙත ගියෙමි ❤ ....... එතුමාට ආචාර කොට ..... 'සර් ! හිතන් හිටියට මට සර්ත් එක්ක තරගයක් තියෙනව කියල ... මට තරගෙ තියෙන්නෙ කොටි එක්ක සර් ❤ ....... මට සර්ට එක දෙයක් කියන්න ඕනෙ ...... මේ කොටි එක්ක තරගයෙන් මට වෙන්න පුලුවන් උපරිම හානිය 'මරණය' ....... සර්ට මාව මරන්න බෑ .... ඒක නිසා සර්ට කරන්න පුලුවන් දේවල් තියෙන්නෙ ගොඩා පහලින් ......... මරණය භාර ගන්න ඉන්න මට ..... ඊට පහලින් තියෙන දේවල් කිසිම අවුලක් නෑ ❤ (ඉංගීසි බැරි නිසා 😠 අමු සිංහලෙන්ම කිව්ව ) .....
හයියෙන් දොර වස ගෙන එතුමා ඉගිල ගියේය .......
අපි සියලු දෙනාම එකාවන් කැපවුයේ 'sea lion' ඒකකය ප්‍රථම ප්‍රහාරය නාවික ඉතිහාසයේ ගමන්මග වෙනස් කරමින් 'චුන්ඩිකුලම්' මුහුදු කොටි කදවුරට බැස ප්‍රහාරයක් එල්ල කරන්නය ❤ .......
නාවික හමුදාවෙන් දහසකුත් බාදක මැද යුධ හමුදාවෙ හා ගුවන් හමුදාවේ විශාල සහයක් මත අපි මුහුදු කොටි කදවුර විනාශ කලේ යුධ හමුදා සොල්දාදුවුවන් පාවිච්චි කල නිළ ඇදුම් ඇද ගෙනය ❤ .....
ඒ වන විට කකුල කඩා ගෙන සිටි ඇරන්ස් ගේ අඩුව අපිට තදින් දැනුනත් ..... මමත් නිෂාද්, අචල හා උපුල් ..... සියලු වගකීම කරට ගෙන ........ ගාල්ලගේ බොට්ටුවේ තැබීමට කටයුතු කලේ ........ මේ වැඩේ අවදානම තදින් අපි වටහා ගෙන සිටි නිසාය ❤ (ගාල්ලගේ ඒ වන විට වසරක පුතෙකුගේ පියෙකු වී සිටියේය ) ........... 
'ගාල්ලගේ' හා 'නිෂාද්' ඇතුලු අහීත සටන් සගයන් කීප දෙනෙකු දිවි මඩලට සමු දුන් අතර 😢 .... කීපදෙනෙකු සදාකාලික ආබාධිත විය 😢 ......
අපිට සියලු අභියෝග ජය ගත හැකිවුවත් ❤ ......... වාසනාව අපිට නොමැති වීම නිසා 😢 ......
30 වසරක යුද වංශ කථාවේ හැරවුම් හැරවුම් ලක්ෂයක් නිරමාණය කලද ❤ ...... 
ඉන් ඔබ්බට එය ගෙන යෑමට මට දිරියක් නොවීය 😢 ....... ඒ නිසාම දහසක් බලාපොරොත්තු මැද ආරම්භ කල 'sea lion' ඒකකයද ස්වාභාවික මරනයක් අත් විය 😠 .......
කුඩා කල සිට මට කවුරු හෝ හමු වූ විට සිනා සාගරයක් මතු කරනට යන්නේ නිමේෂයකි ❤ .......
අදද මම සිනාසේ ❤ ........ එහෙත් පුරා 20 වසරක් .... තනිවූ හැම මොහොතකම මම ඉකි බිදියි 😢 ........
ඒ එදා 'චුන්ඩිකුලම්' වෙරල තීරයේ පුපුරා ගිය බෝට්ටුව අදද මගේ සිත කම්පා කරයි 😢 .........
මම දැන් මැරෙන්න අතීශයින් බයය 😢 ..... තව ටික කලක් ජීවත් විය යුතුමය ...... ඒ මට ඉටුකල යුතු යුතුකම් දෙකක් ඇති නිසාය ❤ .....
1. ) මේ ඉතිහාස කථාව වෙනස් කරනට මට දිරියක් සවියක් දී ජීවිත ඇස් හිස් අත පය වලින් වන්දි ගෙවූ ...... ඒ වීරෝධාර මිනිසුන් වෙනුවෙන් සාධාරණයක් කරන්නටය ❤ .......
2.) මා නිසා අසීමිත දුක් ගොඩක් විදි බිරිද හා දරු දෙදෙනා වෙනුවෙන් මගේ යුතුකම හා වගකීම ඉටු කරන්නටය ❤ .......
ඉන්පසු මම මනසින් නිදහස්ය ....... මරණය අභිමුව අභියෝගයන්ට පෙම් බදින්නට මම කැමතිය ❤ ..... ඒ කලාව මම දනිමි ❤ .....
අරගලයක අවසානයේ 'පෝරකයට' පිය නැගිය යුතු නම් ........ අවසන් මොහොතේ අලුගෝසුවාටද විහිලුවක් කරමින් එයට මුහුණදීමට හැකි මානසික ශක්තියක් මට ඇති බව මම හොදින්ම දනිමි ❤ .......
අහම්බෙන් සයිබර් අවකාශයේ නෙත ගැටුනු මේ සේයා රුව මට අසීමිත ශක්තියක් එක් කලේය ❤ ........
මේ හරියටම වසර 20කට කලින් 'sea lion' බලකාය නිල වශයෙන් හදා එලියට බැස්ස මොහොතයි ❤ ........
මුවග සිනා රැලි ! කෙසග සිරුරු !! අයෝම ශක්තිය !!! තරුණ ජවය !!!! චන්ඩිකම !!!!! ගොංකම !!!!!! නොසැලෙන දිරිය !!!!!!! ..... එකි මෙකි බොහෝ දේ මෙහි තිබේ ❤ ......
සැබවින්ම අපි එදා එලිය බැස්සේ 'මුහුදු සිංහයන්' ලෙසින්මය ❤ ........


ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
යුද හමුදාව මුස්ලිම් සාමාජිකයන් සමග ‘ඉෆ්තාර්‘ සමරයි (Photo)

යුද්ධ හමුදා මුස්ලිම් සාමාජිකයින්ගේ රාමදාන් මාසයේ උපවාසයෙන් මිදීමේ ඉෆ්තාර් සැමරුම් උත්සවය ඊයේ (13දා) වාද්දුව නිවාඩු නිකේතනයේ දී පැවැත්වුණි.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපතිතුමන් නියෝජනය කරමින් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි විය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මුස්ලිම් සංගමයේ සභාපති බ්‍රිගේඩියර් එම්. එච්. එම් යූසුෆ් ගේ මුලිකත්වයෙන් එම සංගමයේ සාමාජිකයන් විසින් මෙම උත්සවය සංවිධානය කර තිබුණි.

මෙම අවස්ථාවට යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සමඟින් යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් රේණක උඩවත්ත සහ එම මැතිණිය, විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ යුද්ධ හමුදාවේ මුස්ලිම් ජාතික නිලධාරින්ද සහභාගී විය.

යුද්ධ හමුදාව තුල රාජකාරියේ නියුතු සියලුම සාමාජිකයන්ගේ ආගමික හා සංස්කෘතික අනන්‍යතාවයන්ට ගරු කිරිමේ යුද්ධ හමුදාධිපතිතුමාගේ අරමුණ පෙරදැරි කර ගනිමින් මෙම ඉෆ්තාර් සැමරුම් උත්සවය පවත්වනු ලැබ තිබේ.

ඡායා- army.lk




ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
සුදු කොඩි සිද්ධිය ඇත්තක්‌ද? බොරුව හෙළිවෙයි..



"බොරුවක්‌ සියවරක්‌ ප්‍රචාරය කළ විට එය ඇත්තක්‌ බව ජාත්‍යන්තර ප්‍රජාව සිතයි. එහෙත් ඒ බොරුව රැවටීමක්‌ බව හෙළි වන විට සිදුවී ඇති හානිය අති විශාලය - රුසියානු නායක ව්ලැඩ්මීර් පුටින්

ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි හමුදා නායකයන් රැසක්‌ මරුමුවට පත්වී පස්‌වසරක්‌ ගත වූ අවස්‌ථාවේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට සුදු කොඩි සිද්ධිය නමින් පිටු 34 ක වාර්තාවක්‌ ඉදිරිපත් කළ එක්‌සත් ජාතීන්ගේ නිලධාරිනියක්‌ වූ යස්‌මින් සුකා යටත් වූ කොටි රජයේ නියෝග මත ඝාතනය කර ඇති බව පවසා තිබුණි. එහෙත් ඇගේ මෙම වාර්තාවට තොරතුරු ලබාගෙන තිබුණේ මාධ්‍ය වලිනි. අද අපි අනාවරණය කරන්නේ මේ සුදු කොඩි කතාව සාක්‍ෂිකරුවන් නැතිව පරස්‌පර විරෝධී ලෙස ජාත්‍යන්තරය වෙත ප්‍රචාරය වූ අයුරුයි.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට යොමු වූ වාර්තාවේ කතෝලික පියනමක්‌ වූ ප්‍රැන්සිස්‌ ජෝශප් සුදු කොඩි කතාවක්‌ ගැන කියන්නේ නැත. ඔහු පවසන්නේ කොටි හමුදා නායකයන් 103 ක්‌ සහ ඔවුන්ට සහාය වූ පිරිස්‌ හමුදා බස්‌ රථවලට ගොඩ කරනු තමා දුටු බවයි.

ද්‍රවිඩ සංධාන මන්ත්‍රී චන්ද්‍ර නේරු අරියනායගම්ද ප්‍රකාශයක්‌ කරමින් කොටි හමුදා නායකයන් 2009 මැයි 18 දා යටත්වීමට එකඟ වූ බවත් කොටි 3000 ක්‌ සහ සිවිල් වැසියන් 22000 ක්‌ ඊට සම්බන්ධ බව කොටි දේශපාලන නායක නඩේසන් පැවසූ බව කීවේයි.

මේ අතර ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට තවත් ප්‍රකාශයක්‌ ඉදිරිපත් වී තිබුණි. එම ප්‍රකාශය ඉදිරිපත් කර ඇත්තේ මෙරටින් නේපාලය ඔස්‌සේ ස්‌විට්‌සර්ලන්තයට පැන ගොස්‌ ලලන්ත නානායක්‌කාර, ගෝඨාභය රණවීර, රණදේව, රුවන් ජයවර්ධන සහ බොම්බඩියර් යන හොර නම්වලින් පෙනී සිටි වාර්තාකරුවෙකි. මොහු කළ ප්‍රකාශය සූරිච් නුවර භාෂා පරිවර්තකයකු විසින් ඉංගී්‍රසි භාෂාවට පරිවර්තනය කෙරුණි.

එහි මෙලෙස සඳහන් විය.

2009 මැයි 17. වේලාව 11.45 සහ සවස 12.30

ස්‌ථානය වෙල්ලමුල්ලිවයික්‌කාල් 58 වැනි සේනාංකයේ පාලන මධ්‍යස්‌ථානය.

වේලාව - පෙරවරු 11.45

ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ විසින් 58 වැනි සේනාංකයේ බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වාට දුරකථනයෙන් උපදෙස්‌ දෙමින් යටත්වීමට උත්සාහ කරන කිසිදු කොටි නායකයකුට ඊට ඉඩ නොදෙන ලෙසත් ඔවුන්ව මරා දමන ලෙසත් නියෝග කර ඇත. 

මම එම 58 වැනි සේනාංකයේ ආරක්‍ෂක වාර්තාකරුවකු ලෙස කටයුතු කළෙමි.

වේලාව - 12.00 

2 වැනි දුරකථන පණිවුඩය

ආරක්‍ෂක ලේකම්වරයා බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා වෙත දුන් උපදෙස්‌ ස්‌ථිර කරන ලද අතර එම අවස්‌ථාවේ කොටි සංවිධානය රජයට එල්ල කර තිබූ ජාත්‍යන්තර බලපෑම් ගැනද තොරතුරු දක්‌වා ඇත.

වේලාව 12.15 -බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා හට සේනාංක ප්‍රධානින් අමතා ආරක්‍ෂක ලේකම් දුන් උපදෙස්‌ හෙළි කර ඇත. 

මැයි 19 දා - ආරක්‍ෂක ලේකම්ගේ එම නියෝග ගැන ඔබ දන්නේදැයි මම හමුදාපති සරත් ෆොන්සේකාගෙන් විමසුවෙමි.

එහෙත් ඔහු පැවසුවේ එවන් නියෝග ගැන තමා නොදන්නා බවයි.

2009 මැයි 17 දා ගෝඨාභය රාජපක්‍ෂ සහ බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා අතර සිදුවූ දුරකථන සංවාදය ගැන අන්තර්ජාතික කොමිසමක්‌ හෝ යුද අපරාධ විමර්ශනයක්‌ පැවැත්වුවොත් මම එම සිද්ධිය ගැන දිවුරුම් ප්‍රකාශයක්‌ ඉදිරිපත් කරන්නෙමි. 

මෙලෙස හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ, 58 වැනි සේනාංකයේ බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වාට දුරකථනයෙන් කළ නියෝගයක්‌ තමාට ඇසුණ බව පැවසූ මේ වාර්තාකරුවාගේ අතීතය කුමක්‌ද?

ඔහු ප්‍රමුඛ වාර්තාකරුවන් පස්‌දෙනකුගේ කණ්‌ඩායමක්‌ යුද්ධය අවසන් වීමට පෙර හමුදා බලධාරින්ට පැවසුවේ එවකට නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ තමා ඇතුළු පිරිස ඝාතනය කිරීමට උත්සාහ කරන බවයි. එසේ චෝදනා එල්ල කරමින් ඔහු හමුදාවේ රැකවරණය ලබාගෙන තිබිණි. දින කීපයකට පසු එම වාර්තාකරුවන් අතරින් ඒෂියන් ටි්‍රබියුන් වෙබ් අඩවියට වාර්තා සැපයූ වාර්තාකරු පැවසුවේ තමාට මරණ තර්ජන යක්‌ එල්ල වී නැති බවයි. 

මේ අතර 58 වැනි සේනාංකය බාරව සිටි බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ තම සේනාංකයට සම්බන්ධ ආරක්‍ෂක වාර්තාකරුවකු නොසිටි බවත් ආරක්‍ෂක ලේකම්වරයා කොටිනායකයන් මරණ ලෙස නියෝග නොකළ බවත් ය. 

මේ තක්‌කඩි වාර්තාකරුවාගේ ප්‍රකාශය බොරුවක්‌ බව සනාථ වන්නේ ආරක්‍ෂක ලේකම් එම දුරකථන පණිවුඩය ලබාදෙන අවස්‌ථාවේ කොටි හමුදා නායකයන් යටත්වීමට තීන්දු කර නොතිබූ නිසා ය.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට යොමු කළ වාර්තාවේ දක්‌වා ඇත්තේ 2009 මැයි 18 වැනිදා සවස 1.30 ට නඩේසන් සිය චන්ද්‍රිකා දුරකථනයෙන් ද්‍රවිඩ සංධාන මන්ත්‍රී චන්ද්‍රනේරු අමතමින් කොටින් යටත්වන බවට ප්‍රකාශ කළ බවය.

එසේම තමිල් සෙල්වන්ගේ බිරිය වූ සසිරේකා ප්‍රංශයේදී පැවසුවේ තමා ඇතුළු පිරිසක්‌ රජයේ පාලන ප්‍රදේශවලට පැමිණි බවත් සුදු කොඩි ඔසවාගෙන යටත්වන ලෙස කිසිදු කොටි නායකයෙක්‌ දැනුම් දුන්නේ නැති බවත්ය.

මේ අභූත සුදු කොඩි කතාව ප්‍රචාරය කළ වාර්තාකරු ඔහු කලින් සේවය කළ රජයේ පුවත්පතකට ද පැමිණ ගෝඨාභය කොටි මරන්න කිව්වා යනුවෙන් පුරසාරම් දොඩා තිබුණි.

මේ නිසා නැඟෙන ප්‍රශ්න කීපයකි ඇත. 

එනම් හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට හිතවත් නිලධාරීන් 30 ක්‌ හමුදාවේ සිටි අතර ඔවුන් ද එවන් සුදු කොඩි සිද්ධියක්‌ ගැන ෆොන්සේකාට වාර්තා කර නැත. එසේම බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා ආරක්‍ෂක ලේකම්ට ප්‍රතිචාර දැක්‌වූ දුරකථනයේ ශබ්ද විකාශන යන්ත්‍රයක්‌ සවිකර තිබුණේ දැයි මෙතෙක්‌ හෙළි වී නැත.

එසේම හිටපු ආරක්‍ෂක ලේකම්වරයා බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වාට දුරකථන පණිවුඩ ලබාදුන් වේලාවත් මේ වාර්තාකරු හරියටම සටහන් කර ගෙන තිබීම විශ්මය දනවන සිද්ධියකි. එදා 58 වැනි සේනාංකය භාරව සිටි බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා එම වාර්තාකරුගේ දිවුරුම් ප්‍රකාශය එකහෙළාම ප්‍රතික්‍ෂේප කරනු ලැබීය.

"මේ වාර්තාකරු මගේ සේනාංකයට කිසිම ලෙසකින් සම්බන්ධ වී සිටියේ නැත. ඔහු තම බලය පෙන්වමින් අපේ සේනාංකයට සමීප වීමට උත්සාහ කළත් මා ඊට ඉඩ දුන්නේ නැහැ" යෑයි හෙතෙම පවසා තිබුණි.

මෙයට සමානව ප්‍රනාන්දු නමින් හමුදා නිලධාරියෙක්‌ 58 වැනි සේනාංකයට සම්බන්ධව සිටි බවටද චැනල් ෆොa රූපවාහිනිය අනාවරණය කර තිබුණි. 

තමා පුදුමාතලන්හිදී මළ සිරුරු 1500 ක්‌ දුටු බව ඔහු පවසා ඇත. එහෙත් "ප්‍රනාන්දු" සුදු කොඩි කතාවක්‌ ගැන ප්‍රකාශ කර නැත. ප්‍රනාන්දු නමැත්තා ගැන ද මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසන්නේ බොරුවක්‌ බවයි. එවැනි නිලධාරියෙක්‌ තම සේනාංකයේ නොසිටි බවද ඔහු දන්වා ඇත.

මේ පසුබිම මත කොටි දේශපාලන නායක නඩේසන් මැයි 18 දා ද්‍රවිඩ සංධාන මන්ත්‍රී චන්ද්‍රනේරු අමතා තම පිරිස යටත්වන බව දැනුම්දීමට පැය 24 කට පෙර හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ඒ බව දැන සිටි බව විශ්වාස කළ හැකිද? එසේම 2009 දෙසැම්බර් 13 දා සුදු කොඩි කතාව ප්‍රකාශයට පත් වී පැය 24 කට පසු එනම් දෙසැම්බර් 14 දා පස්‌වරු 1.50 ට මෙරට ඇමරිකානු තානාපතිනියව සිටි පැට්‌රීෂියා බුටේනිස්‌ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත අතිශයින්ම රහසිගතයි තේමාව යටතේ රහස්‌ ලියෑවිල්ලක්‌ යවා තිබුණි.

එම රහස්‌ ලියෑවිල්ලේ සඳහන් වූයේ හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට සුදු කොඩි කතාව පැවසුවේ මාධ්‍යවේදීන් බවයි. මින් සනාථ වන්නේ 2009 දෙසැම්බර් 14 දා වනතෙක්‌ කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයට සුදු කොඩි කතාවක්‌ ගැන වාර්තා නොවීමයි. කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ දේශපාලන අංශයට තොරතුරු සපයන දේශපාලනඥයන් මෙන්ම මාධ්‍ය පාර්ශ්ව ද ඇත. එම දේශපාලන කාර්යාලය ඉතා බලගතු චරපුරුෂ ජාලයක්‌ මෙහෙයවයි. මේ තත්ත්වය මත සුදු කොඩි කතාවක්‌ ගැන වාර්තා නොවූයේ මන්ද?

කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයට මේ සුදු කොඩි කතාව වාර්තා වී නොතිබුණේ නම් මේ වාර්තාකරු කළ ප්‍රකාශය විශ්වාස කළ හැකිද? මේ අතර තමා හමුදාපතිට කළ ප්‍රකාශය නිසා අමාරුවේ වැටුණ බව තේරුම් ගත් මේ වාර්තාකරු මෙරටින් පැන යෑමට පෙර 2010 මැයි 13 දා රිපෝටර්ස්‌ විතඅවුට්‌ බෝඩර්ස්‌ හෙවත් දේශ සීමා රහිත මාධ්‍යවේදියෝ සංවිධානය ලවා හිටපු හමුදාපතිට සම්බන්ධ මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගැනීමේ තර්ජනයක්‌ මතුවී ඇති බවට වාර්තාවක්‌ පළ කර ගනු ලැබීය.

මොහු කටුනායක ගුවන් තොටුපලින් නේපාලය වෙත යද්දි ත්‍රස්‌ත මර්දන පොලිසිය හෝ රහස්‌ පොලිසිය ඔහු අත්අඩංගුවට ගත්තේ නැත.

එහෙත් ඔහු නේපාලයේ එක්‌සත් ජාතීන්ගේ සරණාගත නිලධාරීන්ට පැවසුවේ ශ්‍රී ලංකා රජය සහ හමුදාව තමා මරා දැමීමට පෙර රටින් පැනගත් බවයි. ඒ අවස්‌ථාවේ ඔහු සමග සිටි තවත් ශ්‍රී ලාංකිකයෙක්‌ මේ තොරතුරු ජිනීවා නුවරදී අපට හෙළි කළේය.

සාවද්‍ය සුදු කොඩි කතාව නිසා මේ වාර්තාකරුට ස්‌විස්‌ රජය දේශපාලන රැකවරණ දුන්නේය. පසුව ඔහුගේ පවුලේ අයවළුන් ද ස්‌විට්‌සර්ලන්තයට ගෙන්වා ගැනීමට හැකි විය.

මේ අතර ලන්ඩන් නුවර කොටි වෙබ් අඩවිය මෙහෙයවන රාජන් සොක්‌කලිංගම් මුල්වරට මේ වාර්තාකරු එක්‌සත් ජාතීන්ට ලබා දුන් දිවුරුම් ප්‍රකාශය අනාවරණය කරනු ලැබීය.

තමා සුදු කොඩි කතාව හෙළි කළ වාර්තාකරුගේ නම අනාවරණය නොකරන බව සොක්‌කලිංගම් සිය කොටි වෙබ් අඩවියේ සඳහන් කර තිබුණත් එම වාර්තාකරු කවුදැයි කොටි ඩයස්‌පෝරාවට හෙළිකරනු ලැබීය.

මේ අතර කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක කටයුතු භාර කාර්යභාර නිලධාරී කර්නල් ලෝරන්ස්‌ ස්‌මිත් ප්‍රකාශයක්‌ කරමින් කොටි නායකයා මුළු සංවිධානයම පාලනය කරද්දී සුදු කොඩි ඔසවා යටත්වන ලෙස ඔහු නියෝග කරනු ඇති බවට ප්‍රචාරය වූ පුවත විශ්වාස කළ නොහැකි බව සඳහන් කරනු ලැබීය.

එසේම 2009 මැයි 10 සිට මැයි 19 දා කාලය තුළ ඇමරිකානු හමුදා චන්ද්‍රිකාවක්‌ වෙල්ලමුල්ලිවයික්‌කාල් සහ වට්‌ටුමාල් පාලම හරහා පැමිණි පිරිස විමර්ශනය කර ඇත. එසේ නම් එම හමුදා චන්ද්‍රිකාවේ සුදු කොඩි ඔසවාගෙන පැමිණෙන කොටින්ගේ දර්ශන නොතිබුණේ මන්ද?

ඇමරිකානු බලධාරීන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට යොමු කළ සියලු ඡායාරූපවල සුදු කොඩි රැගත් ජනතාව දර්ශනය නොවේ. මේ හැර මැයි 17 දා පැය 06.09 ට කොටි සාම මහලේකම් කාර්යාලයේ ප්‍රධානි පුලිතේවන් කැනඩාවේ සිටින සිය තම සොහොයුරාගේ බිරිය වෙත චන්ද්‍රිකා පණිවිඩයක්‌ දී තිබේ. එම චන්ද්‍රිකා පණිවිඩයෙන් ද ඔහු සුදු කොඩි ඔසවා යටත් වන බව පවසා නැත. එලෙස පවසා තිබුණේ නම් ඇය ජිනීවා මානව හිමිකම් කවුන්සිලය හමුවේ සාක්‍ෂි දීමට ඉදිරිපත් වීම නියතය.

මෙම පසුබිම මැද ප්‍රභාකරන් පරාජය වී වසර අටක්‌ ගතවන අවස්‌ථාවේ යුරෝපා රටවල සිටින කොටි ක්‍රියාකාරීන් 50 ක්‌ තමන් සුදු කොඩි සිද්ධිය දුටු බවට සාක්‍ෂි දීමට ඉදිරිපත් වී ඇත.

මේ කොටි ක්‍රියාකාරීන්ගේ අනන්‍යතාවය හෙළිවී නැත. එහෙත් රජය විදෙස්‌ගත සාක්‍ෂිකරුවන්ගේ ප්‍රකාශ පිළිගැනීමට එකඟවී තිබේ. මේ අතර ජාත්‍යන්තර අධිකරණයට සම්බන්ධ විනිසුරුවරයෙකු වූ මෝටෝ නොගුචි නමැති ජගත් විනිසුරුවරයා ලබන මස මෙරටට පැමිණේ. ඔහු මෙයට පෙර දෙවතාවක්‌ම මෙරටට පැමිණ ඇත. හිටපු ජාත්‍යන්තර විනිසුරුවරයකු වූ නොගුචිගේ ශ්‍රී ලංකා සංචාරය කොළඹ ජපන් තානාපති කාර්යාලයද සනාථ කර තිබේ.

මේ අතර බළලා මල්ලෙන් එළියට පැන්නා යන කියමන සනාථ කරමින් මුලතිව්හි එලියරාජන් පියනම මුල්ලිවයික්‌කාල්හිදී මියගිය කොටි 500 කගේ නම් ඇතුළත් සමරු ඵලකයක්‌ මුල්ලිවයික්‌කාල්හිදී ස්‌ථානගත කිරීමට දරන උත්සාහය පොලිසිය වළක්‌වා ඇත.

මියගිය කොටි 500 කගේ නම් අනාවරණය වූයේ මුල්වරටය. එහෙත් පසුගිය කාලයේ ප්‍රචාරය වූයේ මුල්ලිවයික්‌කාල් හිදී කොටි අතුරුදන් කර ඇති බව නොව හමුදාව විසින් අත්අඩංගුවට ගෙන මරා දැමු බවයි.

ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
පුස්‌ කන හමුදා අරමුදල් සහ විඳවන රණවිරුවෝ



දැනට සක්‍රීය සේවයේ යෙදී සිටින යුද හමුදා රණවිරුවන් පිරිසක්‌ ඊයේ (07 දා) අප වෙත එක්‌තරා කාලෝචිත මාතෘකාවකට අදාළ ලිපියක්‌ යොමු කර තිබිණි. ඔවුන්ගේ ලිපියෙන් කියෑවෙන්නේ යුද හමුදාවේ සියයට 90 ක පමණ සෙබළුන් අකමැත්ත පළ කළද එය නොතකා ඔවුන්ගේ පඩිපතෙන් වාර්ෂිකව රුපියල් 6000 ක පමණ මුදලක්‌ කපා ගන්නා යුද හමුදා “සුව සහන” අරමුදල පිළිබඳවය.
මේ කතාව කාලෝචිත යෑයි අප කියන්නේ කුමක්‌ නිසාද යන්න දැන් යුද හමුදාවේ ඇතැම් ලොකු මහත්වරුන්ට ගැටලුවක්‌ වීමටද පුළුවන. ඒ ගැටලුවට පිළිතුර අපි පසුව ලබා දෙන්නෙමු. ඊට පෙර අපට ලිපිය යොමු කළ සක්‍රීය සේවයේ සිටින රණවිරුවන් කියන කතාවට මුල් තැනක්‌ දිය යුතුය.
ඔවුන් කියන පරිදි කාලයක සිට යුද හමුදාව මගින් ඔවුන්ගේ වැටුපෙන් මෙකී අරමුදලට මුදල් කපා ගන්නේය. එහෙත් ඒ කපා ගන්නා මුදල අදාළ රණවිරුවන් යුද හමුදා සේවයෙන් විශ්‍රාම ගන්නා විට ඔවුන්ට ලැබෙන්නේ නැත. එය ලබා ගැනීමට නම් වයස අවුරුදු 70 වනතුරු බලා සිටිය යුතුය.
එය නම් පුදුම කතාවකි. යුද හමුදා බලධරයනි, අප මෙසේ කල්පනා කරමු. යම් සෙබළෙකු යුද හමුදාවට එක්‌වීමෙන් පසුව ඔහුගේ වැටුපෙන් වාර්ෂිකව රුපියල් 6000 බැගින් වසර 12 ක්‌ කපා ගත් විට එකතුව රුපියල් 72000 කි (හැත්තෑදෙදෙහසකි).

සෙබළාගේ සේවය වසර 22 ක්‌ දක්‌වා වුවහොත් එකී එකතුව වන්නේ රුපියල් 132000 කි. එහෙත් වයස අවුරුදු විස්‌සේදී යුද හමුදාවට එක්‌ වන සෙබළෙකු වසර 22 ක්‌ හමුදා සේවයේ යෙදී රුපියල් 132000 ක මුදලක්‌ සුවසහන අරමුදලේ එකතු කොට වයස අවුරුදු 42 දී විශ්‍රාම ගොස්‌ ඒ මුදල ගැනීමට වයස අවුරුදු 70 වනතුරු තවත් වසර 28 ක්‌ බලා සිටිය යුතුය යන්න අපූරු විහිළුවක්‌ නොවන්නේද?
අපට ලිපිය යොමු කළ සෙබළුන් පෙන්වා දෙන පරිදි වර්තමානයේ සාමාන්‍යයෙන් මිනිසකුගේ ආයු කාලය වයස අවුරුදු 60 – 65 අතර පවතින්නකි. එය අද සාමාන්‍යයෙන් ලෝකයාද පිළිගෙන තිබෙන්නකි.
සාමාන්‍යයෙන් යුද හමුදා සේවයේ යෙදෙන සෙබළෙකු එකී කාලසීමාවෙන් එපිටට ගොස්‌ සෙන්චරිය හෙවත් වයස අවුරුදු සීයේ කඩඉම කෙසේ වෙතත් අඩුම තරමේ වයස අවුරුදු අසූවක්‌ දක්‌වා ජීවත් වීම යනු ද විරල වාසනාවක්‌ වන්නේය.
යුද්ධයකට මුහුණ දුන් හමුදාවක සෙබළුන් අරබයා බැලීමේදී එකී තත්ත්වය තවත් කල්පනා කළ යුතු තැනකට එන්නේය. ඒ හමුවේ සුවසහන අරමුදලට යුද හමුදා සෙබළාගේ වැටුපෙන් කපා ගන්නා මුදල දෙන්නට අවුරුදු හැතෑවක්‌ (70) වනතුරු සිටින්නට යෑයි කීම සැබෑ ලෙසම අසාධාරණයක්‌ බව අපේද හැඟීම වන්නේය. ඔවුන් කියා සිටින්නේ අදාළ මුදල තමන් හමුදා සේවයෙන් විශ්‍රාම ගැනීමේදී හෝ අඩුම තරමේ වයස අවුරුදු 55 පිරීමේදී ලබා දීමට නොහැකිව ඇත්තේ කුමක්‌ නිසාදැයි යන්නය. එයට පිළිතුරු දිය යුත්තේ යුද හමුදාවම ය.
ඔවුන්ගේ කතාව එසේ වෙද්දී අද ආබාධිත රණවිරුවන් තම අයිතිය ඉල්ලා පාරට ඒම හමුවේ අප සිහියට එන තවත් යුද හමුදා අරමුදලක්‌ ද තිබේ. ඒ තිස්‌වසරක යුද සමයේ ශ්‍රී ලංකා යුද හමුදාවට එක්‌ වූ රණවිරුවන් රාජකාරි කළ ඒ ඒ හමුදා ඒකකයන්ට අයත් අරමුදලය.
මෙහිදී මුලින්ම කිවයුතු එක්‌ වැදගත් කාරණයක්‌ ද ඇත. අදටත් යුද හමුදාවෙන් වැටුප් ලබන ආබාධිත රණවිරුවාට දූරදර්ෂී ලෙස කල්පනා කරමින් මේ දක්‌වා එකී ඒකක අරමුදල්හි සාමාජිකත්වය ලබා දී තිබුණේ නම් මේ වන විට රජය අපහසුතාවට පත්ව තිබෙන ආකාරයේ ගැටලු නිර්මාණය වීමට ඉඩ නොතිබූ බවය.
යුද හමුදාවේ සියලුම ඒකකයන්ට අදාළව මහා පරිමාණයෙන් ගිනුම්ගත මුදල් සහිත ඒකක අරමුදල් ඇත. එම ඒකකවල සිටියදී රණවිරුවන්ගේ සුබ සාධනය වෙනුවෙන් සහන පොලියට ණය ලබා දීම ඇතුළු බොහෝ කටයුතු සඳහා එකී මුදල් යෙදවෙන්නේය. රණවිරුවන් ඒකකයේ සිය හමුදාවෙන් විශ්‍රාම යන දිනයේ ඒකක අරමුදල සඳහා ඔවුන්ගේ වැටුපෙන් කපා ගත් මුදල් ලබා දීම සිදු වන්නේය.
එසේ මෙකී ඒකක අරමුදල් තර වන තවත් ව්‍යාපෘති රැසක්‌ම ඒ ඒ හමුදා ඒකක මගින් ක්‍රියාත්මක කරන්නේය. එය අදටත් සිදු වන්නකි. ගොවිපළවල්, බ්ලොක්‌ ගල් නිෂ්පාදනය කිරීම්, ආපනා ශාලා, ලොතරැයි, තේ වතු, ගව සහ කුකුළ් පාලනය, විනෝද කානිවල් ආදී ලෙසින් මෙසේ ඒකක අරමුදල් නිරතුරුවම තරවෙන හමුදා ව්‍යාපෘති ලෙස පෙන්වා දිය හැකිය.
පසුගිය යුද සමයේදී සතුරා සමඟ සටන් වැදී ආබාධිත වූ රණවිරුවන් පසුව ක්‍රියාන්විත සේවයෙන් ඉවත්ව මෙකී ඒකක අරමුදල්වලට මුදල් ගලා එන නොයෙකුත් ව්‍යාපෘතිවල කටයුතු කළේය. පැහැදිලිවම කිවහොත් ඒකක අරමුදල් ශක්‌තිමත් කිරීම සඳහා විවිධ ව්‍යාපෘතිවල සක්‍රීය කොටස්‌කරුවන් සේ ආබාධිත රණවිරුවන් විශාල දායකත්වයක්‌ ලබා දුන්නේය.
යුද හමුදාවේ සියලු ප්‍රධානීන් මෙය දැන සිටින්නකි. එසේ නම් ආබාධිත රණවිරුවා යුද හමුදා සේවයෙන් විශ්‍රාම ගත්තද ඔහුව ඉදිරියටත් ඒකක අරමුදල්හි සාමාජිකත්වය යටතේ තබාගෙන ඔවුන්ගේ සුබසාධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට ඒ ඒ හමුදා ඒකකයන්ට නොහැකි වූයේ කුමක්‌ නිසාද?
එසේ සිදු කෙරුණේ නම් අද පවතින ගැටලු මතු නොවන්නට බොහෝ ඉඩ තිබිණි. එහෙත් සිදුව ඇත්තේ සිදු විය යුතු දේ නොවන්නේය. ආබාධිත රණවිරුවා හමුදා සේවයෙන් විශ්‍රාම ගැන්වෙද්දී ඔහුට වයස අවුරුදු 55 සම්පූර්ණ වනතුරු වැටුප් ගෙවීම ඉදිරියටත් සිදු වුවද ඔවුන් සතු ඒකක අරමුදල්හි මුදල් ලබා දී සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට කටයුතු කෙරිණ.
ආබාධිත රණවිරුවාගේ සුබසාධනය වෙනුවෙන් කටයුතු කිරීමට හොඳටම අවස්‌ථාව තිබියදී සහ ඒකක අරමුදල්හි කෝටි ගණනින් මුදල් තැන්පත්ව තිබියදීත් ආබාධිත රණවිරුවාට අත්වූ ඉරණම එය විය. කලාතුරකින් ආබාධිත රණවිරුවකුට ඒකක අරමුදලකින් යමක්‌ සිදු වුවද අද දවසේ යුද හමුදා ඒකක අරමුදල්හි ඇති අති විශාල මුදල් කන්දරාවන් පුස්‌කමින් බැංකු ගතව නොතිබෙන්නේද?
අද දවසේ නාවික හමුදාවේ සහ ගුවන් හමුදාවේ එසේ සිදු නොවන්නේය. ඔවුන් නිවැරදි ක්‍රියාදාමය සිදුකරමින් ඇත. එසේ නම් ඒ අන්දමට නිවැරදි වන්නට යුද හමුදාවට නොහැකි වූයේ කාගේ වරදින්ද? යුද හමුදාවේ පිරිස්‌ බලය වැඩි නිසා එසේ කළ නොහැකියෑයි ලෙසින් දැන් ඇතැම් නිලධාරියකු කෙස්‌ පැලෙන කතාවක්‌ කියන්නට බැරි නැත.
එහෙත් වර්තමානය වන විට යුද හමුදාවේ ඇති ඒකක ගණන 24 කි. යුද්ධය නිසා ආබාධිත සහ පූර්ණ ආබාධිත වශයෙන් සියලුම ආබාධිත සෙබළුන් ගත්තද ක්‍ෂය වී යන තත්ත්වයක්‌ තුළ රට තුළ ජීවත් වන්නේ 60000 ක්‌ පමණ පිරිසකි.
එම තත්වය හමුවේ මේ දක්‌වා එකී ආබාධිත සියලු රණවිරුවන් ඔවුන් සේවය කළ යුද හමුදා ඒකකය යටතේ ඇති අරමුදලේ සාමාජිකත්වය දරමින් එහි සුබසාධනයට යටත්ව සිටියේ නම් එක්‌ ඒකකයකට බර පැටවෙන්නේ රණවිරුවන් 2400 කගේ පමණි. නැවතත් මතක්‌ කර දුනහොත් එසේ වන්නේද ඔවුන් ආබාධිත රණවිරුවන් වන බැවින් දිනෙන් දින ක්‍ෂය වීමේ තත්ත්වයක්‌ තුළ වේ. (ඔවුනට අපෙත් ආයුෂ ලැබ චිරජීවනයක්‌ උරුම වේවායි යන්න අපේ එකම පැතුම බව මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුය. මේ කතා කරන්නේ යථාර්ථය ය.)
ඇත්ත එය නම් එල්ටීටීඊය පරදා රටට සාමය දිනා දුන් සටනේදී ශ්‍රී ලංකා යුද හමුදාව ලෙස විශාල බරකට උර දුන් යුද හමුදාවේ එක්‌ ඒකකයකට ආබාධිත රණවිරුවන් 2400 කගේ බර දරන්නට තරම් වීර්යයක්‌ නොතිබුණේ මොන අවාසනාවක්‌ හමුවේද?
රට වෙනුවෙන් සටනට ගොස්‌ අප වෙනුවෙන් අත්, පා, ඇස්‌ ඇතුළු සිරුරේ කොටස්‌ අහිමි කර ගනිමින් අද ආබාධිතව සිටින රණවිරුවාට අප යමක්‌ කරන්නේ නම් එය සිදු කළ යුත්තේ ඔවුන්ට දැනෙන ලෙසය. එසේ කිරීමේදී රාජ්‍ය සේවයේ යම් චක්‍රලේඛයක්‌ හෝ පනතක්‌ වේවා වෙනස්‌ කිරීමට ලක්‌ කළ යුතුව තිබේ නම් රණවිරුවා යන විශේෂණය යටතේ එය සිදු කළ යුතුමය.
එහිදී “අනේ රණවිරුවන්ට දෙනවා නම් අපිත් රජයේ සේවකයෝ අපිටත් දීපියව්” කියමින් කිසිදු රාජ්‍ය සේවකයකු පාරට නොඑනු ඇත. මන්ද අප සහ රට වෙනුවෙන් රණවිරුවන් කළ කැප කිරීම් එදා මර බියේ ජීවත් වූ මේ රටේ මිනිස්‌සු හොඳින්ම දන්නාහ.
ප්‍රභාකරන්ගේ බෝම්බයට බයේ බස්‌ රියේ ගිය, පාසල් මුර කළ, දුම්රියේ ගිය, රටේ උතුර මොන වගේදැයි නොදැන සිටි සහ උදේ කොළඹට ගිය සැමියා, දුවා දරුවන්, දෙමාපියන් යළි හවසට නිවසට එන තුරු අවිනිශ්චිතව සිටි මේ රටේ ජනතාව රණවිරුවන්ගේ යහපත වෙනුවෙන් ආණ්‌ඩුව යම් තීරණයක්‌ ගතහොත් කිසි විටෙකත් එයට විරුද්ධ නොවන්නේමය. කාලකණ්‌ණියකුට හැර එසේ කරන්නට සිහි බුද්ධිය ඇති කිසිවකුටත් නොහැකිය.
එසේ නම් ආරක්‍ෂක අමාත්‍යංශයේ සහ යුද හමුදාවේ සිටින රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටිය යුතු බලධරයනි, හැන්ද අතේ තිබියදීත් ආබාධිත රණවිරුවන්ගේ සහ මියගිය රණවිරුවන්ගේ දරු පවුල් වෙනුවෙන් චක්‍රලේඛ මානසිකත්වයෙන් මිදී සහ ඒ ඒ හමුදා මට්‌ටමින් කළ යුතු දේ සිදු කිරීමට නොහැකිව ඇත්තේ මොන කරුමයක්‌ නිසාද?
සමන් ගමගේ




ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
ගෝටාට එරෙහි ෆොන්සේකාගේ චෝදනා බින්දුවටම වැටේ.. හිටපු හමුදාපතිගෙන් විශේෂ පැහැදිලි කිරිමක්

උතුරු නැගෙනහිර මානුෂීය මෙහෙයුමේදී විශාල කාර්යභාරයක් සිදුකළ ත්‍රිවිධ හමුදා නිලධාරීහු රැසක් සිටියහ. ඉන් ඉහළින්ම කියැවෙන නමක් ලෙස සඳහන් වන්නේ හිටපු හමුදාපති ජෙනරාල් දයා රත්නායකයි. මේ දිනවල ජිනීවා මානව හිමිකම් කොමිසමේදී එල්ලවන චෝදනා ගැනත් පවතින රටේ ආරක්ෂක තත්ත්වය ගැනත් ඇතුළුව වත්මන් කරුණු සම්බන්ධයෙන් ඔහු සමඟ සිදුකළ සාකච්ඡාවකි මෙය.

ජිනීවා මානව හිමිකම් කොමිසම පැවැත්වෙනවා මේ දවස්වල. තවමත් රජය උත්තර බඳිනවා යුද්ධය ගැන. මොකක්ද ඔබ ඒ ගැන හිතන්නේ?

ඇත්තටම මේ කරන්නේ බටහිර රටවල් ටික එකතුවෙලා අපිට විරුද්ධව කරන මෙහෙයුමක්. මේක හිතා මතා නිර්මාණය කරපු දෙයක්. එහෙම නැතුව අපෙන් ඔය කියන යුධ අපරාධ සිද්ධ වුණේ නෑ. ඒ නිසා ඒවට උත්තර දෙන්න යනවද, නැත්නම් අපේ තීරණය රජයක් හැටියට ඉදිරිපත් කරනවද කියන එක තීරණය කරන්න ඕන රජය. එහෙම නැතුව කෘත්‍රිමව හදපු දේවල්වලට අපි උත්තර දෙන්න යන්න අවශ්‍ය නෑ. ඒත් වෙලා තියෙන්නේ මේ කෘත්‍රිමව හදපු දෙයට රජයක් හැටියට අනුග්‍රහය ලබාදෙනවා. ඒක තමයි මෙතන තියෙන විශාල ගැටලුව.

ඇත්තටම ඔය කියන යුධ අපරාධ සිද්ධ වුණේ නැද්ද?

ඔය සියලු දේවල් කෘත්‍රිමව ඒ අය විසින් නිෂ්පාදනය කරපුවා. අපි ලෝකයේ සියලු රටවල් දරුණුම ත්‍රස්තවාදියා සහ ත්‍රස්තවාදී කණ්ඩායම ලෙස නම්කරලා තිබ්බ එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කළා. ඒ පරාජය කිරීමේදී අපි සියලුම සිවිල් වැසියෝ ඉතාමත් සූක්ෂම ආරක්ෂක ක්‍රම භාවිත කරලා අපේ ළඟට ගත්තා. පූජකවරු පවා ගත්තා. ත්‍රස්තවාදී නායකයන් සටනේදී මළාට අපි ඒ සංවිධානයේ සාමාජිකයන් ඉතාම ආරක්ෂිත ලෙස බාරගත්තා. ඒ අයව ආරක්ෂා කළා. ඒ නිසා මේවා කෘත්‍රිම දේවල්. ඒ දේපළවලට රජයක් හැටියට අනුග්‍රහය දක්වනවා නම් එතන ගැටලුවක් තියෙනවා. මේක රටේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්.

ඔබ කියනවා මේ චෝදනා කෘත්‍රිමයි කියලා. ඒත් විදේශ කටයුතු අමාත්‍යවරයා කමල් ගුණරත්න මහත්තයගේ පොතේ කොටස් පෙන්වමින් පිළිගන්නවා කොමිසමේ චෝදනා. එහෙම බලද්දි කොමිසමට ඇඟිල්ල දිගුකරන එක වැරදියිනේ?

ඒකයි අපිටත් තියෙන ප්‍රශ්නය. විදේශ කටයුතු අමාත්‍යවරයා ඇමරිකාව වගේ බටහිර රටවල් එක්ක එකතුවෙලා මෙහෙම චෝදනා නගන එකයි අපිට ගැටලුව. විදේශ කටයුතු අමාත්‍යවරයා යුධ අපරාධ කළා කියලා පිළිගන්නවා වැටත් නියරත් ගොයම් කා නම් අපි කාට කියම්දෝ.

හැබැයි ජනාධිපතිවරයා අගමැතිවරයා කියන්නේ නම් කිසිම රණවිරුවෙක් දං ගෙඩියට ගෙනියන්න ඉඩදෙන්නේ නෑ කියලා.

කොහොමත් අපි අරගෙන ගියත් කියන්න දෙයක් නෑ. අපි රජයවත්, රජයේ නායකයන්වත් කියන දේ අහලා තීරණය ගන්න ඕනේ නෑනේ. අනික ලෝකයා කෙනෙක් ගැන තීරණය කරන්නේ ඒ අය කරන දේ දිහා බලලා මිසක් කියන දේ දිහා බලලා නෙමෙයි. කොච්චර දේශපාලනඥයෝ වේදිකාවල්වල දේවල් කියනවද? ඒ කිව්ව දේවල් කරා නම් අද අපේ රට උසස් තැනක තියෙන්නේ. ඒ නිසා දේශපාලනඥයෝ කියන දේවල් විශ්වාස කරන්න බෑ. හැබැයි ජනාධිපතිවරයා ගැන අපිට විශ්වාසයක් තියෙනවා රණවිරුවෝ බේරා ගනී කියලා. කොහොම වුණත් මොනදේ කිව්වත් දැනට වෙලා තියෙන දේ විතරයි අපිට පේන්න තියෙන්නේ.

විදේශ ඇමැතිගෙ කතා අපටත් ප්‍රශ්නයක්

හරි ඔබ දැන් කියන්න රජය මොකක්ද ගන්න ඕන පියවර?

රජය කරන්න ඕන අපට කෘත්‍රිමව හදලා තියෙන මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන්න ඕන. ඊට පස්සේ අපි කරපු දේ ලෝකයට කියන්න ඕන. අපේ දේ හරහා ලෝකයට ආදර්ශයක් දෙන්න ඕන. ඒක තමයි රජයෙන් විය යුත්තේ. මොකද පහුගිය රජයට වඩා මේ රජයට ලෝකයේ විශාල තැනක් තියෙනවා. අන්න ඒ සහයෝගය අරගෙන අපි කරපු දේ ලෝකයට පෙන්නන්න ඕන. මොකද 21 වන සියවසේ ත්‍රස්තවාදය නැති කළ එකම රට අපි.

ඔබ හිතන්නේ නැද්ද ඉස්සෙල්ලා රජය වැඩේ අනාගත්තා කියලා. අතුරුදන් වූ කොමිෂන් දැම්මට කරපු දෙයක් නෑ. මේ රැවැටීම් නිසා නෙවෙයිද මේක දුරදිග ගියේ?

නෑ… නෑ… අතුරුදන් වූවන් ගැන යුද්ධයකින් පස්සේ හොයන්න ඕන. කණ්ඩායම් දෙකේම කට්ටියට මොකද වුණේ කියලා. ඒක වගකිව යුතු රජයක වගකීමක්. ඒ දේවල් වෙන්න ඕන. ඒ වගේමයි මේ යුද්ධයේදී වරදක් වෙලා තියෙනවා නම් ඒ ගැන පරීක්ෂණ කරලා දඬුවම් දිය යුතුයි වැරදිකරුවන්ට. ඒව ගැන කිසිම අවුලක් නෑ. හැබැයි ජාත්‍යන්තර වශයෙන් එල්ල කරලා තියෙන චෝදනා අපට පිළිගන්න බෑ.

මේ ප්‍රශ්නවලට දේශීය අධිකරණයක් පිහිටෙව්වොත් නරකද?

වැරැද්දක් වෙලා තියෙනව නම් කරන්න ඕන මොකක්ද අපි කරපු වැරැද්ද, කවුද කියන්නේ, කවුද හොයාගෙන තියෙන්නේ. අපි අහිංසක මිනිස්සු මැරුවේ නෑ. අපි නම් විශ්වාස කරන්නේ නෑ. ඒ නිසා කල්පිත ලෝකවල ඉඳලා වැඩ කරන්න අවශ්‍ය නෑ. අපි ලක්ෂ හතරක ජනතාවක් බේරාගත්තා. ඒ අවස්ථාවේදී ඔය සංවිධානවල සාමාජිකයෝ හිටියා. ඒවා දැක්කා. එහෙම තියෙද්දිත් ඇයි අපි මේ වෙන දෙයකට උත්තර බඳින්න හදන්නේ?

නමුත් හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහත්තය කියලා තියෙනවා ඔහුට නොදැනිම යුද හමුදාවේ විවිධ කණ්ඩායම් ක්‍රියාකළා කියලා?

ඔය එක එක අය කියන දේවල්වලට මම උත්තර දෙන්න යන්නේ නෑ. ඒ අය එදා එකක් කියනවා. අද තව එකක් කියනවා. මේවා තමයි අපේ රටේ ප්‍රශ්න. එක එක්කෙනාගේ පුද්ගලික ප්‍රශ්නවලට ගාවගන්නව. මේවා තමයි අපේ රටේ කරුමේ. ඒ කරුමක්කාර දේවල්වලට උත්තර දෙන්නේ නෑ මම. ඒත් යථාර්ථය මොකක්ද කියල සමස්ත ලෝකයට පේනවා. අපි දැකලා තියෙනවා. කිසිම අවස්ථාවක මානුෂික අයිතිවාසිකම් කඩවන විදිහට කටයුතු කරලා නෑ. අපි විනයගරුක හමුදාවක්.

හමුදාව ඇතුළේ වෙනත් කණ්ඩායම් කවදාවත් තිබුණෙ නෑ

ඔබ රාජපක්ෂ ආණ්ඩුව සමයේ පත්වූ යුද හමුදාපතිවරයෙක්. මට පැහැදිලි ලෙස කියන්න යුද හමුදාපතිවරයා නොදැනුවත්ව හමුදාව තුළ වෙනම කල්ලි හිටියද?

යුද හමුදාපතිවරයා දන්නේ නැත්තන් කොහොමද පාලනය කරන්නේ? සියලු දේ යුද හමුදාපතිවරයා දැනගත යුතුයි. අනෙක් කාරණය යුද හමුදාවේ ඒ වගේ එක එක කෑලි කඩලා සංවිධාන හදාගන්න බෑ. බොහෝම විනයගරුක හමුදාවක් ඉන්නේ. රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න පුළුවන් හමුදාවක් අපට ඉන්නෙ. ඔවුන් රටේ භෞමික අඛණ්ඩතාවය රැක්කා. ජීවිත 30,000ක් පූජා කරලා. අන්න එවැනි හමුදාවක් ඔවැනි දේවල් කරන්නේ නෑ. ඒ හමුදාවට අරහේ කෑලි තිබ්බා මෙහෙ කෑලි තිබ්බා කියලා. යුද හමුදාපතිවරයෙක් කියනවා නම් ඒක ඒක ප්‍රශ්නයක්. අපි ඉතාම කලකිරීමට පත්වෙනවා. මේවා නිසා.

ඔබ මාධ්‍ය එක්ක ඉතා සමීපව වැඩකළ කෙනෙක්. ඇයි මේ මාධ්‍යයට ගහන්න කල්ලි යුද හමුදාවේ තියන් හිටියා කියන්නේ?

මම නම් විශ්වාස කරන්නේ නෑ එවැනි දෙයක්. මාධ්‍යයත් එක්ක ඉතාම කුළුපගව කටයුතු කරපු හමුදාවක් තමයි අපිට ඉන්නේ. අපේ රටේ ගෙදර සිද්ධවෙන ප්‍රශ්නත් දන්න තත්ත්වයක් තියෙන්නේ. ඉතිං එවැනි තත්ත්වයක් මත කොහොමද විශේෂයෙන් මාධ්‍යයට ගහන්න කියලා කණ්ඩායමක් තියාගන්නේ. එවැනි කණ්ඩායමක් තියාගත්තා නම් ඔබ දන්නේ නැද්ද? ඔබේ වගකීමක් එවැනි දේ හොයාගන්න එක. එහෙම හංගන් කරන්න පුළුවන්ද එවැනි දේ. කොච්චර මාධ්‍ය කට්ටිය හමුදාවේ අය සමඟ සමීපද?

මෑතකදී රජයට විදෙස් රටවල් බොහොමයක් පොරොන්දු වුණා අපේ හමුදාව ප්‍රතිසංධාන ගත කරන්න සහය වෙනවා කියලා. ඒ සඳහා මුදලුත් දෙනවා. ඔබ හිතන්නේ මොකක්ද මේ ගැන?

මේවා තමයි අපේ රටවල කනගාටුදායක කරුණ. අපි ගොඩක් දේවල් බටහිර රටවලින් ඉගෙන ගත්තා. ඒ යුද්ධයක් ජයග්‍රහණය කරන්නේ කොහොමද කියලා. එහෙම ඉගෙන ගත්තත් කිසිම ක්‍රමයකින් මේ යුද්ධය නවත්වන්න බැරුව ගියා. අවසානයේ අපි විසින්ම නිර්මාණය කරගන්නවා. මේ ප්‍රශ්නය විසඳගන්න ක්‍රමවේදය. අපි ඒ සඳහා හමුදාව සකසනවා. ඒ වගේම ලෝකයේ බටහිර රටවල් පිළිගන්නවා ඔවුන්ට කුඩා යුද්ධ දිනන්න බෑ කියලා. ඉතින් එහෙම අය ගෙනැල්ලා වැඩ ගන්න යනවා නම් ඒක ඇත්තටම අමුතු වැඩක්. ඇත්තටම දැන් අපිට සමස්ත ලෝකයටම කියාදෙන්න පුළුවන් යුද්ධයක් දිනන හැටි, කොහොමද හමුදාව සකසන්නේ, කොහොමද පුහුණුවීම් කරන්නේ කියලා කියාදෙන්න පුළුවන් රටක් අපි. එවැනි දේවල් ගැන අවබෝධයක් නැති උදවිය රටක ඉන්නකොට මෙවැනි දේවල් සිදුවීම සාමාන්‍ය දෙයක් හැටියටයි මට පේන්නේ.

ඔබ කියන්නේ මෙවැනි ප්‍රතිසංධාන කටයුතු නොකළ යුතුයි කියලද?

අපි යුද්ධය ඉවරවෙලා වසර 05ක් ඇතුළත යුද හමුදා සාමාජිකයන් ඉතාමත් ප්‍රායෝගික ලෙස සාමාන්‍ය තත්ත්වයට සැකසුවා. වෙනත් රටවල මෙවැනි යුද්ධයක් ඉවර වුණා නම් මොකක් හරි යුද්ධයක් ඇතිවෙනවා ඊට පස්සේ. එක්කෝ හමුදාව බලය අල්ලනවා වගේ දේවල්. මේ නිසා සමහර අවස්ථාවල ඒ හමුදාව රටට බරක් වෙනවා. ඒක ලෝකයේ මතයක්. හැබැයි අපි ඒ මතය වෙනස් කරලා ලංකාවේ හමුදාව ලෝකයේ ඉන්න විනයගරැකම හමුදාව බවට පත්කළා. ඒ වගේම සොල්දාදුවා තමයි මේ රටේ විනයගරුකම පුද්ගලයා බවට පිළිගත් අදහසක් තවමත් රටේ තියෙනවා. ඒ නිසා මෙවැනි තත්ත්වයක් ලෝකයේ කිසිම හමුදාවකට ලැබිලා නෑ. ඒ නිසා අමුතුවෙන් දේවල් කරන්න අවශ්‍ය නෑ.

හැබැයි ඔබ එහෙම කිව්වට පහුගිය කාලයේ සිදුවෙච්ච ඇතැම් දේවල්වලට යුද හමුදාවට චෝදනා එල්ල වෙලා තියෙනවා. විශේෂයෙන්ම රටේ හදවත වගේ වන බුද්ධි අංශයට?

මේවා අමුතු විදිහට සිදුවෙන ක්‍රියාදාමයක්. අපේ රටේ හමුදාව බුද්ධි අංශ වෙන්නෙ මේ දේවල් අඩපණ වෙන්නෙ මේ දේවල් නිසයි. ආර්ථික ස්ථාවරභාවය, දේශපාලන ස්ථාවරභාවය, වගේ දේවල් ගොඩනැගීමේ ක්‍රියාදාමය තුළ ඉදිරියෙන්ම ඉන්නේ මේ බුද්ධි අංශය. විශේෂයෙන්ම මේ බුද්ධි අංශ යුද්ධයේදී වෘත්තීමය වශයෙන් විශාල කාර්යභාරයක් සිදුකලා. එවැනි කාර්යභාරයක් සිදුකළ බුද්ධි අංශයක් මේ ආකාරයෙන් පීඩාවට ලක් වීමක් ලෝකයේ කොහේවත් රටක සිදුවෙන්නේ නෑ. ඒ නිසා බටහිර රටවල් පසුපස යන අය මතක තියාගන්න ඕන එක දෙයක්. ඒ අලුතින් පත්වුණු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය කිව්ව දේ. ඇය කිව්වා කිසිම දවසක මගේ හමුදාවට විරුද්ධව පරීක්ෂණයක් සිදු කරන්නේ නෑ කියලා.

– දේශය පුවත්පතෙනි

ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
“රියර් අද්මිරාල් සරත් වීරසේකර මානව හිමිකම් කොමසාරිස්‌ට අභියෝග කරයි...”
(රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතාගේ ජිනීවා ගමන පිළිබඳ 2017 මාර්තු මස 19 වැනි ඉරිදා දිවයින පත්‍රයේ පළවූ ලිපිය. - කීර්ති වර්ණකුලසූරිය ජිනීවා සිට වාර්තා කරයි)

මානව හිමිකම් සමුළුවේදී කිසිම රටක්‌ තම රටේ ආරක්‍ෂක හමුදාව යුද අපරාධ සිදුකළ බවට පිළිගෙන ඒ ගැන පරීක්‍ෂණ කිරීමට එකඟ වී නැත. එහෙත් ශ්‍රී ලංකාව ප්‍රථම වරට 2015 ඔක්‌තෝබර් 1 දා ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් කීපයක්‌ මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කළ ජිනීවා යෝජනාවෙන් ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ කළ බව පිළිගත්තා පමණක්‌ නොව එම යෝජනාවට සම අනුග්‍රාහකයා බවට ද පත්විය. මෙවර ඇමරිකාව, බ්‍රිතාන්‍යය, මැසිඩෝනියාව සහ මොන්ටිනිග්‍රෝ යන රටවල් එක්‌ව ජිනීවා යෝජනාව සඳහා නව කෙටුම්පතක්‌ ඉදිරිපත් කර ඇත. මාර්තු 22 දා මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් තම වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසු එකී යෝජනාව සමුළුව වෙත ඉදිරිපත් කෙරේ.

මේ යෝජනාවට අනුග්‍රහය දක්‌වන මැසිඩෝනියාව සහ මොන්ටිනිග්‍රෝ යනු යූගෝස්‌ලාවියාවෙන් වෙන්වූ බෙදුම්වාදයට මුල් තැන දුන් ප්‍රාන්ත දෙකකි. දැන් එම ප්‍රාන්ත රටවල් බවට පත්වී ඇත.

පසුගිය ඉරිදා මේ නව යෝජනාවේ කෙටුම්පත මෙරට ඇමරිකානු තානාපති අතුල් කෙෂාප් සහ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ ඡේම්ස්‌ ඩව්රිස්‌ විසින් ඉන්දීය මහ කොමසාරිස්‌ තරන්ජිත් සන්ධුගේ උපදෙස්‌ විමසීමෙන් පසු ශ්‍රී ලංකා රජය වෙත යොමුකෙරුණි.

ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය එක්‌ව නව කෙටුම්පතක්‌ ලෙසින් මෙම යෝජනාව හඳුන්වනු ලැබූවත් එහි අන්තර්ගතවී ඇත්තේ පරණ වයින් බෝතලයට පිරවූ අලුත් වයින් නොව පරණ වයින් බව සනාථ විය.

මේ නව කෙටුම්පතක්‌ කියන යෝජනාවේ අංක 1ට සඳහන් වී ඇත්තේ පසුගිය 30/1 ජිනීවා යෝජනාව මුළුමණින්ම ක්‍රියාත්මක කළ යුතු බවයි. මානව හිමිකම් කොමසාරිස්‌ගේ මුල් වාර්තාවේ සඳහන් වූයේ හයිබ්‍රිඩ් අධිකරණයක්‌ ස්‌ථාපිත කරන ලෙසයි. එහෙත් මෙවර කපටිකමක්‌ කර ඇත. ඒ හයිබ්‍රිඩ් වචනය වෙනුවට 2015 ඔක්‌තෝබර් 1 දා යෝජනාව සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලීමයි.

ජිනීවා ආරංචි මාර්ග සඳහන් කළේ මේ කපටිකම කර ඇති පුද්ගලයා බ්‍රිතාන්‍යයේ සිවිල් නිලධාරියකු වූ බොබ් ලාස්‌ට්‌ය. කෙටුම්පතේ නිර්මාතෘ ඔහු බව තවදුරටත් අනාවරණය විය.

එසේම එම කෙටුම්පත ගැන ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් එරික්‌ බාක්‌ලේ පැවසුවේ අංක 30/1 යෝජනාවේ කරුණු නිසිලෙස වෙනස්‌ කර නැති බවයි.

මෙම පසුබිම මැද යුරෝපා සංගමය ස්‌විස්‌ටර්ලන්තය සහ ඔස්‌ට්‍රේලියාව එම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා ජාත්‍යන්තර මැදිහත්වීමක්‌ අවශ්‍ය බව ප්‍රකාශ කර ඇත.

එම අවස්‌ථාවේදීද හයිබ්‍රිඩ් යන වචනය භාවිත නොකර ජාත්‍යන්තර මැදිහත්වීමක්‌ අවශ්‍ය බව පවසා ඇත්තේ කපටිකමට නොවේද?

කෙසේ වෙතත් ශ්‍රී ලංකා රජය එම කෙටුම්පතට කිසිදු සංශෝධනයක්‌ ඉදිරිපත් නොකර යළිත් වරක්‌ යෝජනාවේ සම අනුග්‍රහකයා බවට පත්විය.

මෙවන් අරාජික තත්ත්වයක්‌ මැද මානව හිමිකම් සමුළු ඉතිහාසයේ ප්‍රථම වරට තම රටේ රණවිරුවන්ගේ නිවැරැදි බව සනාථ කිරීම සඳහා රියර් අද්මිරාල් සරත් වීරසේකර ඉදිරිපත් විය.

ඔහු ජිනීවා මානව හිමිකම් සමූළුවට යන්නේ හිස්‌ අතින් නොවේ. ජාත්‍යන්තර ප්‍රඥප්ති ගැන මැනවින් දන්නා නීතිවේදීන් පිරිසක්‌ සැකසූ පිටු 200 ක වාර්තාවක්‌ ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ඉදිරිපත් කර මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් සමග සාකච්ඡාවක්‌ පැවැත්වීමට ඔහු අපේක්‍ෂා කර ඇත.

"මම ජිනීවා පැමිණියේ යුද අපරාධ සිදුකළේ අපේ හමුදාව නොවන බව. කොටි සංවිධානය බව මානව හිමිකම් කොමසාරිස්‌වරයාට සාක්‍ෂි සහිතව සනාථ කිරීමට" යෑයි රියර් අද්මිරාල්වරයා ජිනීවා නුවරදී ප්‍රකාශ කළේය.

එසේම රියර් අද්මිරාල්වරයා තවත් විමර්ශන වාර්තා හතකින්ද සන්නද්ධව ඇත.

ශ්‍රී ලංකාවට එල්ල වූ යුද අපරාධ චෝදනා ගැන බ්‍රිතාන්‍යයේ ප්‍රකට නීතිවේදී ඩෙස්‌මන්ඩ් සිල්වා මහාචාර්ය ඩී. එම්. ක්‍රේන්, නීතිවේදී ජෆ්රි නයිස්‌, නීතිවේදී රොඩ්නි ඩික්‌සන්, මහාචාර්ය මයිකල් නිව්ටන් සහ බ්‍රිතාන්‍යයේ කීර්තිමත් හමුදා නිලධාරියකු වූ මේජර් ජෙනරාල් ජෝන් හෝම්ස්‌ සකස්‌ කළ විමර්ශන වාර්තාවලින් ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාව නිවැරැදිකරු බව ප්‍රකාශ කර ඇත.

මේ විදේශ විනිසුරුවන් මානව හිමිකම් කවුන්සිලයෙන් ශ්‍රී ලංකාවට එල්ල කළ චෝදනා අටට නිසි ප්‍රතිචාරය දන්වා තිබේ.

පසුගිය රජය සමයේ සකස්‌ වූ මේ කිසිදු වාර්තාවක්‌ මානව හිමිකම් සමුළුව වෙත ඉදිරිපත් වී නොතිබුණි.

මේ වාර්තා රියර් අද්මිරාල් සරත් වීරසේකර විසින් මුල්වරට ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත යොමුකිරීම විශේෂ සිද්ධියකි.

එසේම මේ වාර්තා සොයා ගැනීමට ගෝලීය ශ්‍රී ලාංකික සංසදයට ඉමහත් වෙහෙසක්‌ දැරීමට සිදුවිය.

මෙම පසුබිම මැද විදේශ විනිසුරුවන්ගේ මෙම නිරීක්‍ෂණ වාර්තා බැහැර කිරීමට මානව හිමිකම් කොමසාරිස්‌ට නොහැකි වී තිබේ.

මෙලෙස කොටි ත්‍රස්‌තවාදීන්ට එරෙහි යුද්ධය නිමවී වසර අටකට පසු මුල්වරට මෙරට ආරක්‍ෂක ප්‍රධානියෙක්‌ ආරක්‍ෂක හමුදාව වෙනුවෙන් කරුණු දැක්‌වීමට ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණ ඇති බවට වාර්තා වූ විගස ඊළාම් ඩයස්‌පෝරාව දැඩි කෝපයට පත්වී ඇත.

විත්තියේ වාචකයෙක්‌ නමින් හඳුන්වන මෙම විමර්ශන වාර්තාවෙන් සුදුකොඩි සිද්ධිය රමේෂ් සහ නමැති කොටි නිවේදිකාවගේ ඝාතන ගැනද අභියෝග කරමින් සාක්‍ෂි ඉදිරිපත් කරන ලෙස දක්‌වා ඇත.

එසේම ජිනීවා මානව හිමිකම් කවුන්සිලය සිය නීතිරීති උල්ලංඝණය කරමින් බලතල ඉක්‌මවා ක්‍රියාකළ අවස්‌ථා ගැනද විමර්ශන වාර්තාවේ දක්‌වා ඇත. මින් පෙර ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට මෙවන් අභියෝග එල්ල වී නොතිබුණි.

මෙම පසුබිම මැද මෙම විමර්ශන වාර්තාවෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාව පිළිබඳව කටයුතු කළ ආකාරය විමර්ශනය කිරීමට එක්‌සත් ජාතීන්ගේ මහා සභාව විසින් විශේෂ තානාපති නිලධාරියකු පත්කළ යුතු යෑයි ඉල්ලීමක්‌ කර ඇත.

තම ඉල්ලීම සාධාරණ බව පෙන්නුම් කිරීම සඳහා මානව හිsමිකම් කවුන්සිලය ක්‍රියාකළ අයුතු ක්‍රියාපටිපාටිය ගැනද එම විමර්ශන වාර්තාවේ සඳහන් කර තිබේ.

මෙම විමර්ශන වාර්තාවේ කොටි කාන්තා බළකායේ ප්‍රධානී තමිලිනී කළ ප්‍රකාශයද දක්‌වා ඇත. කොටි සංවිධානය පැනයන සිවිල් වැසියන්ට වෙඩි තබන ලෙස නියෝග කළ බව විදූෂා නමැති කොටි හමුදා නායිකාව තමන්ට හඬමින් පැවසූ බව තමිලිනී ප්‍රකාශ කර තිබේ.

රියර් අද්මිරාල් සරත් වීරසේකර මෙලෙස ප්‍රකාශ කළේය.

"මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් ස්‌වෛරී රාජ්‍යයකට එරෙහිව ඔහුගේ වරප්‍රසාද උල්ලංඝණය කරමින් කටයුතු කර තිබෙනවා. අපේ විමර්ශන වාර්තාව ඔහුට අභියෝගයක්‌. මේ ජිනීවා යෝජනාව 2012 - 2013 සහ 2014 වර්ෂ වලත් ගෙන ආවා. එම අවස්‌ථාවේ ඉන්දියාව සහ පාකිස්‌තානය ඊට එරෙහිවී මානව හිමිකම් කවුන්සිලය දෙබිඩි පිළිවෙතක්‌ අනුගමනය කරන බව පැවසුවා.

ශ්‍රී ලංකා හමුදාව වන්නි මෙහෙයුමේදී උතුරට ආහාර ද්‍රව්‍ය සැපයීමෙන් වැළකී සිටි බවට චෝදනා කළත් ආහාර ද්‍රව්‍ය ටොන් දස දහස්‌ ගණනක්‌ වන්නියට යෑවූ සැටි දක්‌වන සංඛ්‍යාලේඛන ඉදිරිපත් කළ බව විමර්ශන වාර්තාවේ දැක්‌වෙනවා"

මෙම විමර්ශන වාර්තාව මානව හිමිකම් කොමසාරිස්‌ වෙත පිළිගන්වා ශ්‍රී ලංකාවේ සිදුවූයේ ජාත්‍යන්තර සන්නද්ධ අරගලයක්‌ නොවන බවත් එය ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රතිපත්තියට අයත් නොවන බවත් පවසනවා යෑයි රියර් අද්මිරාල්වරයා තවදුරටත් "ඉරිදා දිවයින සංග්‍රහයට" පැවසීය.

මේ පසුබිම මැද මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් ශ්‍රී ලංකාවේ හිටපු ආරක්‍ෂක ප්‍රධානියකු මුණගැසෙන්නේ මුල් වරටය. ජිනීවා ආරංචිමාර්ග දක්‌වන අන්දමට රියර් අද්මිරාල්වරයාට මානව හිමිකම් කොමසාරිස්‌ මුණගැස්‌වීමට ඉඩ නොදෙන ලෙස ඊළාම් ඩයස්‌පෝරාව විදේශ තානාපති නිලධාරීන් වෙත බලපෑම් කර ඇති බව වාර්තාවේ.

එසේම කොටි හිතවාදීන් ගෝඨාගේ යුද විරුවන් ජිනීවා එන බවට පවසා තිබේ. මේ ප්‍රචාරය මාර්තු 12 දා සිටම දියත් කර තිබුණි.

මේ අතර මෙම ජිනීවා යෝජනාවේ සැබෑ යථාර්ථය මෙරට ජනතාවට වසන් වී ඇත.

2015 වසරේ සැප්තැම්බර් 21 දා එම ජිනීවා යෝජනාව මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් විය. එම අවස්‌ථාවේ මානව හිමිකම් කවුන්සිල ශාලාවේ අසුන්ගෙන සිටියේ ඇමරිකානු තානාපති කෙයින් හාපර් සහ අද මෙරට ඇමරිකානු තානාපති වූ අතුල් කෙශාප්ය.

එම ජිනීවා යෝජනාව ඉදිරිපත් වූ අවස්‌ථාවේ එදා ජිනීවාහි ශ්‍රී ලංකා තානාපති රවිනාත් ආරියසිංහ එය ප්‍රතික්‌ෂේප කරනු ලැබීය. එහෙත් එකවරම අවාසනාවන්ත සිදුවීමක්‌ සිදුවිය. ඒ වහාම ජිනීවා යෝජනාව පිළිගන්නා ලෙස ශ්‍රී ලංකා තානාපතිවරයාට කොළඹින් නියෝග ලැබීමයි.

ශ්‍රී ලංකාවේ හමුදාව යුද අපරාධ සිදුකළ බවට පරීක්‍ෂණ පවත්වන බවට ප්‍රතිඥ දෙන ජිනීවා යෝජනාව පිළිගන්නා ලෙස ජිනීවාහි ශ්‍රී ලංකා තානාපතිට නියෝග කළේ කව්දැයි මේ වන විට හෙළිවී ඇත. එම නියෝගය නිසා ශ්‍රී ලංකා තානාපතිවරයා මුලින් ප්‍රතික්‌ෂේප කළ ජිනීවා යෝජනාව පිළිගනු ලැබීය.

දැන් සංශෝධන සහිතව කෙටුම්පත් වූ බව කියන මේ යෝජනාව ගැන විමර්ශනය කිරීමේදී එය එකම යෝජනාව බව තහවුරු විය.

මේ අතර රියර් අද්මිරාල්වරයා ජිනීවා නුවරදී උතුරේ තත්වය අනාවරණය කළේය.

බෙදුම්වාදීන්ට ත්‍රස්‌තවාදීන් 15000 ක්‌ සන්නද්ධ කිරීමේ හැකියාව තිබෙනවා. එය පැය 45 ක්‌ තුළ කළ හැකියි. ආරක්‍ෂක හමුදාවට බාර නොවූ 4000 ක්‌ උතුරේ සිටිනවා යෑයි හෙතෙම ශ්‍රී ලංකා රජයට අනතුරු අඟවමින් කියා සිටියේය.

මේ ප්‍රකාශය තහවුරු වන්නේ ඊළාම් ඩයස්‌පෝරාව තවදුරටත් ශක්‌තිමත් වීමයි. එසේම ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ඡායාරූප ප්‍රදර්ශනය කරමින් අවමන් සහගත ප්‍රචාර දියත් කිරීමටද සමීප කොටි ඩයස්‌පෝරාවට හැකිවී ඇත.

මේ අතර ජිනීවා යෝජනාවට වසරක්‌ කල් දිය යුතු බවට දක්‌aවන බ්‍රිතාන්‍ය ඇමරිකා යෝජනාව පසුගිය සඳුදා මානව හිමිකම් කවුන්සිලයේ ලේකම් කාර්යාලයට ඉදිරිපත් විය.

මේ යෝජනාව කාඩ්කුට්‌ටමේ අඩංගු කොළ උඩයට මාරු කිරීමකි. එය සනාථ වූයේ එදා 2015 ජිනීවා යෝජනාවට අඩංගු වූ භයානක කරුණු කීපයක්‌ මෙවරද ඇතුළත් වීමයි.

මෙම භයානක කරුණු ඉටුකිරීමට ශ්‍රී ලංකාව කල් ඉල්ලා තිබේ. එහෙත් ශ්‍රී ලංකාව තුළ ප්‍රචාරයක්‌ දියත් වී ඇත්තේ සංහිඳියාව ගොඩනැගීම සඳහා එම නව යෝජනාව ඉදිරිපත් වී ඇති බවටය.

මෙය 2005 ඔක්‌තෝබර් 1 දා ශ්‍රී ලංකාව වැටුනු උගුලේ ආගාධයටම වැටීම බව සනාථ වේ.

මේ උගුල අටවා ඇති අයුරු මෙලෙස දැක්‌විය හැකිය.

"2015 ඔක්‌තෝබර් 1 දා ජගත් මානව හිමිකම් කවුන්සිලයේදී සම්මත වූ අංක 30/1 දරණ ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා වූ යෝජනාවලිය, (නව) නැවත සහතික කරමින් පිළිගන්නෙමු යන වගන්තියෙන් කියා සිටින්නේ කුමක්‌ද?

ඒ යුද අපරාධ චෝදනා ගැන විමර්ශනයට යළිත් එකඟවීම නොවේද?

මේ නව යෝජනාවක්‌ බව පැවසුවත් පරණ යෝජනාවට ශ්‍රී ලංකා රජය එකඟවූයේ කිසිදු සංශෝධනයකින් තොරවය.

එසේම නව යෝජනා උගුල ඇටවූයේ බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් මානව හිමිකම් කටයුතු ගැන පත්කර ඇති සිවිල් සේවකයකු වූ බොබ් ලාස්‌ට්‌ බව වැඩිදුරටත් සනාථ වී ඇත.

මෙලෙස මෙය නව යෝජනාවක්‌ යෑයි දක්‌වමින් පරණ යෝජනාව එළිදැක්‌වීමට පෙර උතුරේ ක්‍රියාත්මක වන එන්.ජී.ඕ. සංවිධාන 21 ක ප්‍රධානීන් හෙවත් විදේශ අරමුදල් ලබන ගෝඩ් පාදර්ලා මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් වෙත හදිසි පෙත්සමක්‌ යවමින් මානව හිමිකම් කවුන්සිලයේ විශ්වාසනීත්වය බිඳවැටී ඇති බවත් ඒ නිසා ශ්‍රී ලංකා රජය සහ හමුදාව ජාත්‍යන්තර අධිකරණයට යොමුකරන ලෙස ඉල්ලා ඇත.

මේ ඉල්ලීම පසුබිමින් ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ප්‍රභාකරන්ගේ මස්‌සිනා වූ එම්. කේ. සිවාජිලිංගම් පැමිණෙන බව වාර්තා වී තිබේ.

තමා ජිනීවා පැමිණෙන්නේ උතුරේ ප්‍රශ්න හෙළිකිරීමට බව ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත. මේ අතර ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අධිකරණය වෙත යොමුකරන ලෙස ඉල්ලා ඇති සංවිධාන අතර විග්නේෂ්වරන්ගේ ද්‍රවිඩ ජනතා කවුන්සිලය, යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමය හා ආචාර්යවරුන්ගේ සංගමය, ද්‍රවිඩ නීතිවේදී සංසදය, ලංකා ගුරු සංගමය ඇතුළු එන්. ජී. ඕ. සංවිධාන 21 ක්‌ වේ. එසේම මෙරට ත්‍රස්‌ත ක්‍රියාවලට සම්බන්ධ ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානය සහ ටෙලෝ සංවිධානයද එම ඉල්ලීමට දායක වී ඇත.

මේ අතර ඊළාම් ඩයස්‌පෝරාවේ කොන්ත්‍රාත්තුවක්‌ ඉටුකරන එක්‌සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනියක්‌ වූ යස්‌මින් සුකාද මානව හිමිකම් කවුන්සිලයට පැමිණිල්ලක්‌ යොමු කරමින් මිනිසුන් පැහැරගෙන යැමට සහ වධ හිංසා පැමිණවීම සඳහා ශ්‍රී ලංකා හමුදාවට තවදුරටත් මුක්‌තිය හිමිවී ඇති බව පැවසුවාය.

මේ පසුබිම මැද ජිනීවා යෝජනාවෙන් ශ්‍රී ලංකා හමුදාවට දඬුවම් කරන වගවීමේ යාන්ත්‍රණය ස්‌ථාපිත කරන ලෙස ඉල්ලද්දී කොළොන්නාව, කටුනායක යන ස්‌ථානවලට බෝම්බ දැමීමේ මෙහෙයුම දියත් කළ වාන්පුලිගල් නමැති කොටි ගුවන් ඒකකයේ ප්‍රධානී ගුෂාන්තන්ට නිදහස ලැබීම ආරක්‍ෂක හමුදාවට එල්ල කළ සරදමක්‌ නොවේද? මේ අතර කොටි ත්‍රස්‌තයන් අරමුදල් එකතු කිරීම ත්‍රස්‌ත ක්‍රියාවක්‌ නොවන බවට යුරෝපා අධිකරණය හමුවේ ඉදිරිපත් වූ තර්කය එම අධිකරණය ප්‍රතික්‌ෂේප කරනු ලැබීය.
ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network