Showing posts with label Srilanka comady. Show all posts





ගාල්ල සීනිගම දේවාලයට පැමිණෙන සාස්තරකාරියකගේ සිහිය විකල් කොට ඇයව හෝටල් කාමරයකට ගෙන ගොස් දූෂණය කොට ඇයගේ නිරුවත් ජායාරූප ගත් තරුණ කපු මහතෙක් ගාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 


සීනිගම දේවාලයට නිරන්තරයෙන් පැමිණ තමාගේ බලය වැඩි කර ගැනීම සඳහා පුද පූජා තබන මෙම සාස්තරකාරියගේ වයස 30 ක්.ඇය දෙදරු මවක්ද වනවා.

 

මේ අතර මෙම කපුවා ඇය සමඟ මිතුරු වී ඉකුත් දිනෙක බීම වීදුරුවක් දී ඇයව මත්කොට සිහි විකල් කොට මෙලෙස කාමරයකට රැගෙන ගොස් තිබෙනවා.

 

කපුවා විසින් ඇයව දූෂණය කොට ඇයගේ නිරුවත් ජායාරූප ගෙන ඇයව නැවත මහ මඟ දමා ගොස් තිබුණා.

 

පසුව එම ජායාරූප ඇයගේ whatsApp කොට ඇයට බලපෑම් කරමින් අවස්ථා කිහිපයකදී ඇයව නැවත නැවත දූෂණය කොට තිබෙනවා.

 

සැකකාර කපුවා මෙලෙස ඊයේ දින අත්අඩංගුවට ගෙන මේ වන විට ප්‍රශ්ණ කෙරෙමින් සිටිනවා.

 

කපුවා කුරුණෑගල පදිංචි 32 හැවිරිදි අවිවාහක අයෙක්
.

ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න


මේ දිනවල අතිශය ජනප්රිය ෆේස්බුක් ලයිව් ස්ට්රීමිං කන්ටෙන්ට් ක්රීයේටර්වරියක වන ශෂි නිෂාධි නම් තරුණිය ඊයේ දින (11) සිය ආදායම රුපියල් ලක්ෂ පහ ඉක්මවා උපයා තිබෙන බව වාර්තා වේ.

ෆේස්බුක් ලයිව් ස්ට්රීමිං හි නිරත වන්නන්ගේ ආදායම් මාර්ගය වන්නේ ප්රේක්ෂකයන් විසින් ලබා දෙන තරුය. එම තරු රසිකයන් විසින් මිලට ගෙන ලබා දිය යුතුය. තරු සීයක වටිනාකම ඩොලර් එකකි.

එනම් ආසන්න වශයෙන් රුපියල් දෙසීයකි. ඊයේ දින මෙලෙසට ඇයට හිමිවූ තරු වලින් හිමිවූ ආදායම ලක්ෂ පහ ඉක්මවන බව වාර්තා වේ.

ඇය මේ ඉපැයිම එක දිගට මාසයක් පමණ සිදු කළහොත් ශ්රී ලංකාවේ ලාබාලතම කෝටිපතිනිය ඇය වීමේ හැකියාවක් පවතින බව තොරතුරු තාක්ෂණ අංශයේ ප්රවීණයන් පවසයි. ඇයගේ වයස අවුරුදු 17කි.

ඇයගේ මෙම වීඩියෝ නැරඹීම සදහා බොහෝ දෙනා මේ වන විට පෙලඹී තිබෙනවා ඒ ඇය කොට ඇදුමකින් සැරසී ප්රේමාන්තික වචනවලින් එම වීඩීයෝ නරඹන පුද්ගලයන් හට ආමන්ත්රනය කරමින් ඔවුන්ගේ ආකර්ශනය දිනා ගැනීමට විවිධ සංස්කෘතියට පවා පටහැනි ක්රම අනුගමනය කරන නිසයි.

කෙසේ හෝ ඇය මෙතනදී සියුම් උපක්රම භාවිතා කරමින් ඇය වටා විශාල රසික පිරිසක් වගේම විශාල මුදලකුත් ඉපයීමට සමත් වෙලා තිබෙනවා.

සමාජ මාධ්ය ඔස්සේ බොහෝ දෙනා පවසන ආකාරයට ඇය එක් දිනකට පමනක් පැය 5ක් 6ක් ඇතුලත ශ්රී ලංකා මුදලෙන් ලක්ෂ 7කට වඩා වැඩි මුදලක් උපයා ගැනීමට සමත් වී තිබෙනවා.

කෙසේ හෝ ඇය හට තිබෙන මෙම හැකියාවන් වලින් සමාජයට පිරිහීමක් නොවන ලෙසින් මුදල් උපයා ඇයගේ අනාගතයත් පැහැබර කර ගැනීමට ඇයට ශක්තිය දෛර්ය ලැබේවා කියලා පාර්ථනා කරන ගමන්ම ඇයගේ සුන්දර ජායාරූප පෙලකුත් අපි ඔබ වෙත මෙලෙස ගෙන එනවා.







ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න


 

පාසල් නොපැවැත්වීම නිසා දරුවන් ඉගෙනීම් කටයුතු කරන්නේ මාර්ගගත ක්‍රමය හරහායි.

දරුවාගේ “ඔන්ලයින්” පන්තියට සිග්නල් සොයා ගොස් රූමත් විවාහක කාන්තාවක් සමඟ අනියම් සම්බන්ධයක් පටන්ගැනීමට අවස්ථාව සලසා ගත් පියෙකු පිළිබඳ වූ පුවතක් වයඹ පළාතේ එක්තරා ගම්මානයකින් වාර්තාවේ.

දරුවා නගරයේ පාසලක 5 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සිසුවෙක් වන අතර පාසල් වසා ඇති නිසා මේ දිනවල ඔහුගේ පන්ති භාර ගුරුතුමිය “ඔන්ලයින්” හරහා ඉගැන්වීම් සිදුකරයි.

ඒ සඳහා සුදුසු ජංගම දුරකථනයක් දරුවාට මිලදීගෙන දුන්නත් අඛණ්ඩව පාඩම්වලට සම්බන්ධවීමට සිග්නල් නොමැතිවීම මව්පියන්ගේත්, දරුවාගේත් සිත් තැවුලට හේතුවූ අතර මෙය බොහොමයක් දිනවල දරුවාට ගුරුතුමියගේ පාඩම් අතපසු විමට හේතුව විය.

කෙසේ හෝ මීට ටික දිනකට පෙර දරුවා මව්පියන්ට දන්වා තිබුණේ යාබද ගමක තම පන්තියේ මිතුරෙකු සිටින බවත් ඔහුගේ නිවසට හොඳින් සිග්නල් ඇති නිසා ඔන්ලයින් පාඩම්වලට සම්බන්ධවීමට එහි එන ලෙස මිතුරා තමාට ආරාධනා කල බවත්ය.

මුලින් මුලින් දරුවාගේ පියා දරුවාගේ මිතුරාගේ නිවෙසට ඔහු රැගෙන යාමට අකමැති වුවත් විභාගයට වැඩි කාලයක් නොමැති නිසාත් බිරිඳගේ දැඩි පෙරැත්තය නිසාත් දරුවා එහි රැගෙන යාමට ඔහු එකඟ විය.

මුල් දින කීපයේදී ඉතා අමාරුවෙන් දරුවා එම නිවසට රැගෙන ගිය සැමියා පසුව ඉතා කැමැත්තෙන් හා සතුටින් පන්ති පැවැත්වෙන දිනවල දරුවා එහි රැගෙනයාම බිරිඳගේද සතුටට හේතු වූ අතර දරුවාද මිතුරාගේ නිවසට ගොස් අධ්‍යාපන කටයුතුවල යෙදුණේ ඉතා උනන්දුවෙනි.

පැය හතරක පහක කාලයක් පාඩම් ඇති දිනවලදී ඔහු දරුවා එම නිවසට ඇරලවා යළි තම නිවසට පැමිණ පාඩම් අවසන්වන වේලාවට ගොස් දරුවා කැටුව එයි. පැයක දෙකක පමණ කාලයක් පාඩම් ඇති දිනවල ඔහු පාඩම් අවසන්වන තෙක් එම නිවසේම රැඳී සිට දරුවා කැටුව එයි.

මීට දින කිහිපයකට පෙර දරුවාගේ මවට දුරකථන ඇමතුමක් ලැබුණේ අසල ගමක ජීවත්වන ඔහුගේ මිතුරියකගෙනි.

 

“අක්කේ මම මේ කෝල් එකක් ගත්තේ අයියා ගැන කාරණාවක් කියන්න. මම දවස් දෙකක්ම දැක්කා අයියා කවුද ලස්සන ගෑනු කෙනෙක් එක්ක ටවුමේ ඉන්නවා.

එක දවසක් පළතුරු කඩයක් ඉස්සරහා ඉන්නවා දැක්කා. පොඩ්ඩක් හොයලා බලන්න.”

 

“ඔව් නංගි, මටත් අයියගේ ලොකු වෙනසක් දවස් කිහිපයක ඉඳලා දැනිලා තියෙනවා.

ඇඳුම් අඳින්නෙත් වෙනදා වගේ නෙමෙයි. දැන් ඇඳුම් අඳින්නේ හොඳට අයන් කරලා නීට් එකට.

හැමදාම රැවුල කපන්න අමතක කරන්නේ නෑ. මේ ළඟදි රුපියල් 1000 දීලා හොඳ සෙන්ට් එකකුත් අරගෙන.

අයියා පුතාව එක්කගෙන යනවා පුතාගේ යාළුවකුගෙ ගෙදරට ඔන්ලයින් පන්තිවලට.

ඒ යාළුවගේ තාත්තා ඉන්නෙ මැදපෙරදිග රටක. මම බලන්නම්කෝ.”

 

සැමියා තම දරුවා සමඟ පිටත්ව ගොස් පැයකට පමණ පසු ඇය සිය මිතුරිය ද සමඟ දරුවාගේ මිතුරාගේ නිවස සොයා ගියේ යතුරුපැදියෙනි.

යතුරු පැදිය නවතා නිවස දෙසට ගමන් කරමින් සිටින ඔවුන් දෙදෙනාට දැක ගැනීමට ලැබුණේ නිවස ඉදිරිපිට පුටුවක වාඩිවී කාන්තාවක සිටින අයුරුත් පිරිමියකු කාන්තාවගේ පාදවල තෙල් ආලේප කරන අයුරුත්ය.

තෙල් ආලේප කරමින් සිටින්නේ තම සැමියා බවට හඳුනා ගැනීමට ඇයට වැඩිවෙලාවක් ගත නොවිනි.

 

“අපි ආවේ මේ හොරේ අල්ලන්න තමා. අද ගෙදර එනවකෝ. අදින් පස්සේ දරුවාට ඔන්ලයින් පන්ති ඕනෑ නෑ. යමුකො ගෙදර මම හොඳ තෙලක් ගාන්න.”

 

යැයි කියමින් ඇය දරුවාද කැටුව මිතුරියද සමඟ එම ස්ථානයෙන් පිටත්ව ගියේ දත්මිටි සපමිනි.


ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න




කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ වෙළඳ හා පාරිභෝගික කටයුතු අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් ඒකාබද්ධ මාධ්‍ය හමුවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද පැවැත්වුණා. යල කන්නයේ වී මිලදී ගැනීම, සහල් මිල පාලනයට රජය ගන්නා ක්‍රියාමාර්ග හා පවතින පොහොර ගැටළු පිළිබඳව මෙහිදී අමාත්‍යවරුන් රජයේ ඉදිරි ක්‍රියාමාර්ග පැහැදිලි කළා. රජයේ පාලන මිලට වැඩියෙන් භාණ්ඩ අලෙවි කිරීමේදී මෙතෙක් පැවති රු. 2500ක දඩ මුදල රුපියල් ලක්ෂයක් දක්වා වැඩි කිරීම ඇතුළු පාරිභෝගිකයා ආරක්ෂා කරන සංශෝධන 75කට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. එම සංශෝධන කඩිනමින් සියලු මහජන නියෝජිතයන්ගේ සහායෙන් පාර්ලිමේන්තුවේදී සම්මත කරන බවද මෙම මාධ්‍ය හමුවේදී අමාත්‍යවරුන් ප්‍රකාශ කළා.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා

“ යල කන්නයේ හෙක්ටයාර ලක්ෂ 05ක් වී වගා කරලා තියෙනවා. අපි අපේක්ෂා කරනවා වී මෙට්‍රික් ටොන් විසි දෙලක්ෂ පනස් දහසක අස්වැන්නක්. යල කන්නයේ වී මිලදී ගැනීම හෙට සිට වී අලෙවි මණ්ඩලයේ ගබඩාවල දිවයින පුරා ආරම්භ කරනවා. වියළි නාඩු රු.50, වියළි සම්බා රු.52, තෙත වී රු.44 සහතික මිලට සියලු වී මිලට ගන්න රජය සූදානම්. සිංහල අලුත් අවුරුද්දේ සිට මාස 03ක් අපි රජයේ සහතික මිලට ගන්න වී සහල් කරලා පාරිභෝගිකයාට සාධාරණ මිලට සතොස, සමුපකාර හා සුපිරි වෙළඳසැල් සියල්ලෙන් ලබා දුන්නා. යල කන්නයේ වී මිලදී ගැනීමෙන් පසු වෙළඳ අමාත්‍යාංශය හා ඒකාබද්ධව අපි සහල් ජනතාවට ලබා දෙනවා. ගොවියාට සහතික මිලක්, පාරිභෝගිකයාට සාධාරණ මිලක් අපේ ප්‍රතිපත්තිය. සමහර වෙළෙන්දෝ කීරි සම්බා රු.80ට අරන් සහල් කිලෝ 01ක් රු.225ට විකුණනවා. අධික ලාභ ලබනවා. ජනතාව හුරාගෙන කනවා.ඒ සඳහා නව නීති පාරිභෝගික කටයුතු අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඇමතිතුමා ගෙනල්ලා තියෙන්නේ. රු.2500ක් වන දඩය රු. ලක්ෂය දක්වා වැඩි කරනවා. වාර්ෂිකව මහ කන්නයේ හෙක්ටයාර් ලක්ෂ 08ක්, යල කන්නයේ හෙක්ටයාර් ලක්ෂ 05ක් අපේ රටේ වී වගා කරනවා. සමස්ත අස්වැන්න පරිභෝජනයට වඩා අතිරික්තයක් දක්වා තියෙනවා. සහල් හංගන නිසා හිඟය එන්නේ. අඩු මිලට වී අරගෙන වැඩි මිලට සහල් විකුණන මාෆියාව රටේ මිනිස්සුන්ට බත් ටිකක් කන්න දෙන්නේ නෑ.

මුදලාලිට ඕන විදිහට සහල් මිල පාලනය වෙන්න රජයක් ඕන වෙන්නේ නෑ.ඒ නිසා අපි සහල් මුදලාලිට ඕන විදිහට නෙවෙයි පාරිභෝගිකයාට සාධාරණ වෙන විදිහට දඩ මුදල වැඩි කරන්න සෘජු තීරණයක් ගන්න අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමා පියවර අරන් තියෙනවා.

ඒක ජනතාව ලැබූ ජයක්. කාබනික පොහොර එපා රසායනික පොහොර ඕන කියලා අද උද්ඝෝෂණ කරන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයයි, ජේවීපී එකයි. ඒගොල්ලෝ කියන්නේ ගොවියාට වස දෙන්න කියලා. රටින් සහල් ගෙනල්ලා මිල පාලනය කරන්න එපා. සහල් මාෆියාවට ඕන විදිහට මිල වැඩි කරන්න කියලා නාමල් කරුණාරත්න මහත්තයා ඉල්ලන්නේ. ජේවීපී එක ඉන්නේ ජනතාව පැත්තේද බහු ජාතික සමාගම් සහ සහල් ව්‍යාපාරිකයන් වෙනුවෙන් ද කියලා ජනතාව තීන්දු කරයි. 5%ක පොහොර හිඟයක් ප්‍රදේශ කිහිපයක තියෙනවා. ඒ ප්‍රශ්නත් විසඳමින් යන්නේ. යල කන්නයේ සහනාධාර පොහොර බෙදාදීම 100%ක් අවසන්. එළවළු වගාවන් සඳහා අවශ්‍ය පොහොර රාජ්‍ය පොහොර සමාගම් සතුයි. ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා ඒවා බෙදා හැරීම සිදු වෙනවා. සියල්ල කරද්දී විපක්ෂය ගොවියෝ පොහොර දියව් කිය කියා පාරේ උද්ඝෝෂණවලට ගෙන්වනවා. උද්ඝෝෂණවලට ගොවියෝ අරගෙන ඇවිත් ගොවියෙක් මරලා බලයට එන්න පුළුවන්ද කියලා මේ බලන්නේ. රටේ ජාතික වෙනස්කම් කරන හැම මොහොතකම ජේවීපී, යූඇන්පීය ජනතාව මේ විදිහට නොමඟ යවලා තියෙනවා. ගොවිජන සේවා මධ්‍යස්ථාන ගිනි තියපු ජේවීපිය අද ඒවා ඉදිරිපිට උද්ඝෝෂණ කරනවා. පරිසර හිතකාමී කාබනික කෘෂිකර්මාන්තය වෙනුවෙන් තැබූ පියවර පස්සට ගන්න රජය සූදානම් නැහැ. ගොවියෝ රසායනික පොහොර ඉල්ලන්නේ නෑ. ඔවුන් ඉල්ලන්නේ පොහොර. ඔවුන්ට අවශ්‍ය සියලු කාබනික පොහොර, ඒ සඳහා අවශ්‍ය මුදල්, සහනාධාර, දැනුම, තාක්ෂණය රජය නියමිත පරිදි දෙනවා. නිවැරදි දිනට දෙනවා. බොරු බිල්ලෙක් මවන්න හදනවා ජේවීපී හා සමගි ජන බලවේගය.රැවටෙන්න එපා. ගොවියන්ගේ වගකීම රජය භාර ගන්නවා.”

පාරිභෝගික කටයුතු අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා

“ ජීවිත අරගලය කරන දුප්පත් මිනිස්සුන්ට සහල් අත්‍යවශ්‍ය දෙයක්. ඉතිහාසය පුරාම ඒ සාධාරනය ඉටු වුණේ නෑ. කෘෂිකර්ම අමාත්‍යාංශය හරහා ලැබුණු සහල් ගිය සතිය වනතුරු සාධාරණ මිලට මෙවර අපි ලබා දුන්නා. මාස 03ක් අපි ලබාදුන්නා. සමුපකාරය සතු වී තොග සහල් කොට හෙට සිට සතොස හා සමුපකාර වෙළඳසැල් හරහා සාධාරණ මිලට ලබා දෙනවා. අපි සාධාරණ මිලට අලෙවි කළාට සමහර වෙළඳසැල් සහල් රු.130ට විකුණන්නේ. වැඩි මිලට බඩු විකිණීමට එරෙහිව නඩු දහස් ගණනක් දාලා තියෙනවා. රු.2500ක දඩය සහල් ව්‍යාපාරිකයෝම ගෙවලා දාලා වැඩි මිලට සහල් විකුණනවා. මේ නිසා පාරිභෝගික ආරක්ෂණ පනතට සංශොධන 75ක් එකතු කරන්න කැබිනට් මණ්ඩලය අනුමත කළා. රජය මිල නියම කළ භාණ්ඩයක් වැඩි මිලට විකුණලා අහු වුණොත් දඩය රු.ලක්ෂයක් කිරීමත් ඒ සංශෝධනවලට ඇතුළත්. ඒ සංශෝධන ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවේ සියලු මහජන නියෝජිතයින්ගේ සහායෙන් සම්මත කරනවා.සහල් හිඟයට මුහුණ දීමට ආරක්ෂිත තොගයක් පවත්වාගෙන යාමටක් පියවර ගත්තා. වෙළඳ හා පාරිභෝගික කටයුතු, මුදල්, කෘෂිකර්ම, තාක්ෂණ යන අමාත්‍යාංශවල ලේකම්වරුන්ගෙන් සැදුම්ලත් ප්‍රසම්පාදන කමිටුවක් සහල් ආනයනය පිළිබඳ සොයා බලනවා. සහල් ගෙන්වීමේදී ඉතිහාසය පුරා විවිධ අක්‍රමිකතා සිදුව තියෙනවා. නඩු බර ගාණක් තියෙනවා. ඒ නිසා මගේ ආත්මය ඒ කුණු ගොඩට වට්ටගන්න මම සූදානම් නැහැ. ඒකයි රජයේ ඉහළම නිලධාරීන්ගෙන් සැදුම්ලත් ප්‍රසම්පාදන කමිටුවක් පත්කළේ. ඉතාම විනිවිද භාවයෙන් මේ ආනයන කටයුතු අපි කරන්නේ. ජාත්‍යන්තර තරඟකාරී මිලට අපි ටෙන්ඩර් කැඳවලා තියෙනවා. ඒ සඳහා ඉල්ලුම්පත් ලබාගන්න ඩොලර් 500ක් ගෙවන්න ඕනේ. කැකුළු, නාඩු, සම්බා, කීරි සම්බා සියල්ලටම පාලන මිල නියම කරනවා. හිඟයකින් තොරව සාධාරණව සහල් ජනතාවට දෙන්න පාරිභෝගික කටයුතු හා කෘෂිකර්ම අමාත්‍යාංශය ඒකාබද්ධව පියවර ගන්නවා.”

සුජිත් විතානපතිරණ
මාධ්‍ය ලේකම්

ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

සිග්නල් නැතිව ගස්ගල් නගින දරුවන්ට නාමල්ගෙන් විසදුමක්..

සිග්නල් නැතිව ගස්ගල් නගින දරුවන්ට නාමල්ගෙන් විසදුමක්..

සන්නිවේදන පහසුකම් නොමැතිකමින් ගස් උඩ, ගල් උඩ නගින, වැව් තාවුල්ලට යන ගමේ දරුවන්ට එම දුෂ්කරතා මගහැරීම සඳහා සති දෙකක් ඇතුළත ග්‍රාමීය සන්නිවේදන පහසුකම් මධ්‍යස්ථාන පිහිටුවන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය සහ ඩිජිටල් හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මේ බව අවධාරණය කළේය.

පාසලක්, මහින්දෝදය විද්‍යාගාරයක්, නැණසලක්, ආගමික ස්ථානයක්, ප්‍රජා ශාලවක් හෝ පුස්තකාලයක් හෝ පෞද්ගලික අංශයේ ධානපතියෙක් මැදිහත්ව ලබාදෙන මධ්‍යස්ථානයක් තුළ පරිගණක හෝ ටැබ් උපරිම 10ක් සහිතව මෙම ග්‍රාමීය සන්නිවේදන පහසුකම් මධ්‍යස්ථානය පිහිටුවීමට නියමිතය.

අදාළ මධ්‍යස්ථාන ඔස්සේ උදෑසන සිට සවස්වනතුරු e-තක්සලාව හරහා අධ්‍යාපනය හැදෑරීමේ අවකාශය දරුවන්ට ලබාදෙන බව කියා සිටි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා එම දරුවන්ගේ වැඩිදුර අධ්‍යාපනයට වියදම්වන දත්ත සඳහා වැයවන මුදල් රජය විසින් දරණ බව පැවසීය.

e-තක්සලාව මේ වනවිටත් සියයට සියයක් අන්තර්ජාල දත්ත ගාස්තුවලින් ඉවත්කර තිබෙන බව සඳහන් කළ අමාත්‍යවරයා, ලංකාවේ ඕනෑම තැනක සිටින දරුවෙකුට e-තක්සලාව ඔස්සේ කිසිම වියදමකින් තොරව නොමිලේ අධ්‍යාපනය ලැබීමේ හැකියාව ඇති බව පැවසීය.

ඒ අනුව පාසල් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් සන්නිවේදන පහසුකම් සැපයීම සහ දුෂ්කරතා ඉවත්කිරීමේ කෙටි හා මධ්‍ය කාලීන සහ දිගු කාලීන වැඩපිළිවෙලක් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වේ.

වසර දෙකක් ඇතුළත රට පුරා සන්නිවේදන කුලුනු ලබාදීම යාවත්කාලීන කොට සියලුම සන්නිවේදන සැපයුම්කරුවන් සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව එකට එක්ව ඒකාබද්ධ ප්‍රවේශයකින් එක් ප්‍රතිඵලයක් ලබා ගැනීමට අපේක්ෂා කරන බව ද අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

යාවත්කාලීන නොකිරීම නිසා ඇතිව තිබෙන රික්තක වලට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ කුලුනු ඉදිකිරීමට පසුගිය කාල සීමාව තුළ දී එක් එක් සමාගම්වල අවශ්‍යතාවයට අනුව පමණක් අවසර ලබා දී ඇති නිසා බව අමාත්‍යවරයා හෙළි කළේය.

2021 ජුනි මාසයේ සිට වීඩියෝ කොම්පරන්ස් පහසුකම e-තක්සලාව හරහා නොමිලේ ලබා දෙන බව අනාවරණය කළ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය නැතිනම් ලර්නින් මැනේජ්මන්ට් සිස්ටම්  (LMS) ජුනි 25 වැනිදා සිට පාසල් 20කින් ආරම්භ කරන බව පැවසීය.

මීළඟ වසර 2ක ඇතුළත මෙරට පාසල් 10000කට වැඩි සංඛ්‍යාවක් 4G වලින් ආවරණය කිරීමට අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශය මේ වනවිට කෙටුම්පත් කර ඇති බව ද අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙහි දී හෙළි කළේය.

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙසේ ද කීවේය.

කොවිඩ් වසංගත තත්ත්වයත් සමඟ වසර 2කට ආසන්න කාලයක් දරුවන්ට පාසල් අහිමිවෙලා තියෙනවා. පළමු රැල්ලේ සිට අද වෙනකොට මාස කිහිපයක් හැර දරුවන්ට පාසල් අධ්‍යාපනය හදාරන්න අපහසුවෙලා තියෙනවා.

ඉතිං මේ අනුව තව කොතරම් කාලයක් මේ විධියට ගමන් කරන්න වේවි ද යන්න ගැන කිසිවෙකුටත් තක්සේරු කරන්න බැහැ. ඒ අනුව තමයි ගරු අධ්‍යාපන අමාත්‍යතුමා සමඟ සාකච්ඡා කරලා, අධ්‍යාපන අමාත්‍යංශයත් ඩිජිටල් තාක්ෂණ අමාත්‍යංශයත් එක්ව අතිගරු ජනාධිපතිතුමාගෙත් අග්‍රාමාත්‍යතුමාගෙත් උපදෙස් පරිදි මේ රටේ නව සාමාන්‍යට අනුකූලව තීන්දු තීරණ ගන්නෙ.

මෙහි දී ප්‍රධාන ගැටලුව තමයි සිග්නල් නැත්නම් ඩේටා ලබා ගැනීමට තිබෙන අපහසුතාවය. පසුගිය වසර ගණනාවක් කුලුනු ඉදිකිරීමේ දී ජාතික සැළැස්මකට අනුව ඒවා ඉදි නොකොට එක් එක් සමාගම්වල අවශ්‍යතාව මත කුලුනු ලබා දීම මේ ගැටලුවට හේතුවෙලා තිබෙනවා.

ඒ නිසා රටේ බොහෝ  ප්‍රදේශවල අන්තර්ජාල පහසුකම් ලබා ගැනීමේ දී රික්තකයක් ඇතිවෙලා තිබෙනවා. නැතිනම් ජංගම දුරකථනවලට පවා සන්නිවේදන පහසුකම් ලබා ගැනීමේ ගැටලු තිබෙනවා.

පළමුව අපි මේ කාරණය නිවැරදි කොට රටම ආවරණය වන පරිදි ජාතික සැලැස්මක් සමඟ සියලුම ආයතන ඒකාබද්ධව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා

ගමට සන්නිවේදනය අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පය අනුව අපි යාවත්කාලීන කිරීමේ වැඩසටහන දැනටමත් ආරම්භ කරලා තියෙනවා. අපේ ඉලක්කය වසර දෙකක් ඇතුළත මුළු ලංකාවෙම ඒ සන්නිවේදන කුලුනු ලබාදීම යාවත්කාලීන කොට ඒකාබද්ධ ප්‍රවේශයක් සියලුම සන්නිවේදන සැපයුම්කරුවන් සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව එකට එකතුවෙලා ක්‍රියාත්මක කිරීම.

එක වැඩපිළිවෙලක් ඔස්සේ එක ප්‍රතිඵලයක් ලබා ගැනීම තමයි අරමුණ. එහි ප්‍රවේශයක් විධියට මේ වනවිටත් රත්නපුර දිස්ත්‍රික්කයේ කුලුනු ඉදිකිරීම ආරම්භ කර තිබෙනවා. තව සති කිහිපයක් ඇතුළත කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලුනු 49ක් ඉදිකරන්න අපි පටන් ගන්නවා.

මාතර ඇතුළු දිස්ත්‍රික්ක 10ක සිදුවන එවැනි යාවත්කාලීන කිරීම් උදෙසා කුලුනු ඉදිවෙනවා. ඒ තුළ රටේ බහුතරයක් ප්‍රදේශවලට පවතින සන්නිවේදන අපහසුතා විසඳාගැනීමට හැකිවෙතැයි අපේක්ෂා කරනවා.

දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් කෙටි කාලීන විසඳුම තමයි රටේ සන්නිවේදන පහසුකම් නොමැති ග්‍රාමීය ප්‍රදේශ හඳුනාගෙන ඒ ප්‍රදේශවල සන්නිවේදන පහසුකම් ලැබෙන මධ්‍යස්ථාන පිහිටුවීම.

සති දෙකක් ඇතුළත ඒ තැන්වලට අවශ්‍ය පරිගණක හෝ ටැබ් උපරිම 10ක් ලබා දෙමින් උදෑසන සිට සවස්වරුව දක්වා e-තක්සලාව හරහා අධ්‍යාපනය හදාරන්න අවකාශය ලබා දෙනවා.

ඒ තුළ අපි විශ්වාස කරනවා ගමේ දරුවො අපි දකිනවා ගස් උඩ නගිනවා. වැව් තාවුල්ලට යනවා. ගල් උඩ නගිනවා. එහෙම කරන්න අවශ්‍ය නැහැ. අපි මේ හඳුනාගන්න මධ්‍යස්ථානවලට පැමිණීම තුළින් ඒ දරුවන්ට 4G පහසුකම අත්විඳිමින් අධ්‍යාපනය ලබා ගැනීමේ හැකියාව තිබෙනවා.

ඒ මධ්‍යස්ථානවලට දත්ත සඳහා යම් වියදමක් යනවා නම් එය අපි දරාගන්න බලාපොරොත්තුවෙනවා. ඒ තුළ පර්යේෂණ කාරණාවලට දරුවො පෙළඹෙනවා නම් ඒ මධ්‍යස්ථාන ප්‍රධානීන්ගේ අධීක්ෂණය ඔස්සේ අමතර දත්ත භාවිතා කළ හැකියි.

e-තක්සලාව මේ වනවිටත් නොමිලේ ලබා දෙන්න අප කටයුතු කරලා තියෙනවා. දළ වශයෙන් මිලියන හයකට අධික ප්‍රමාණයක් හිට්ස් දෛනිකව e-තක්සලාව ලැබෙනවා.

සන්නිවේදන ආයතන සමඟ සාකච්ඡා කරලා e-තක්සලාව සියයට සියයක් අන්තර්ජාල දත්ත ගාස්තුවලින් ඉවත්කර තිබෙනවා. ඒ තුළ අද ලංකාවේ ඕනෑම තැනක සිටන දරුවෙකුට e-තක්සලාව ඔස්සේ අධ්‍යාපනය හදාරන්න ඒ දරුවගෙ දෙමාපියන්ට මුදල් වැය වෙන්නෙ නැහැ.

මේ තුළ රටේ දරුවන්ට තම අධ්‍යාපනය සඳහා විශාල සහනයක් ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා

e-තක්සලාව හරහා ප්‍රයිවට් වීඩියෝ කොම්පරන්ස් තාක්ෂණය පිළිබඳ දැනට සළකා බලමින් සිටිනවා.

දැනට තිබෙන ප්‍රධානම ගැටලුවක් තමයි දරුවන් වීඩියෝ කොම්පරන්ස්වලින් අධ්‍යාපනය හදාරනවා නම් මුදල් වැයවීමක් වෙනවා. ඒ හින්දා තොරතුරු තාක්ෂණ ආයතනය සමඟ එක්ව අපි මේවනවිට වීඩියෝ තාක්ෂණ පහසුව  e-තක්සලාවට ගෙනවිත් තිබෙනවා.

අපි විශ්වාස කරනවා මේ මාසේ ඉඳන් ඒ වීඩියෝ කොම්පරන්ස් පහසුව e-තක්සලාව හරහා ලබා දෙන්න පුළුවන් කියලා.ඒ අනුව යම්කිසි හෙයකින් ගුරුවරයා හෝ දරුවට අධ්‍යාපනය හදාරන්න වීඩියෝ කොම්පරන්ස් හරහා ප්‍රවිශ්ට වීමට අවශ්‍ය නම් අපි e-තක්සලාව ඇතුළට අපේ වීඩියෝ කොම්පරන්ස් පැසිලිටි එක අනුයුක්ත කරනවා. ඒ තුළ දරුවන්ට ඩේටා හෝ දායකත්ව ගාස්තුවකින් තොරව වීඩියෝ කොම්පරන්සින් පහසුකම හරහා අධ්‍යාපනය ලබාගන්නත් අවකාශය ලැබෙනවා.

ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය නැතිනම් ලර්නින් මැනේජ්මන්ට් සිස්ටම්  (LMS) ක්‍රියාවලියත් මේ මාසේ 25 වැනිදා පාසල් 20කින් අපි ආරම්භ කරනවා.

ජූලි මාසේ 25 වෙනකොට පාසල් 200ක් ලර්නින් මැනේජ්මන්ට් සිස්ටම්  එක හරහා සම්බන්ධ කිරීමට නියමිතයි. ඒ තුළ ග්‍රාමීය පාසලක ඉඳලා රටේ ප්‍රසිද්ධයි කියන පාසලක ගුරුවරයෙකුගෙන් අධ්‍යාපනය හදාරන්න හැකිවෙනවා.

මීට අමතරව අපේ ඉලක්කය ලංකාවේ පාසල් 10000 කට වැඩි සංඛ්‍යාවක් මීළඟ වසර 2ක ඇතුළත 4G වලින් ආවරණය කරන්න. ඊට අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශය මේ වනවිට කෙටුම්පත් කරලා තියෙනවා යැයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහත්වරු සහ සූම් (Zoom) යෙදුම ඔස්සේ එක්වූ මාධ්‍යවේදී මහත්ම මහත්මීහු පිරිසක් එක්ව සිටියහ.

මාධ්‍ය ඒකකය
තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය

ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
අබිරහස්ව ඝාතනය වූ යුධ විරුවා – සෙන්පති ඩෙන්සිල් කොබ්බෑකඩුව


කොටි ත්‍රස්තයන් බියෙන් සලිත කරමින් 1987දී  උතුරේ ක්‍රියාත්මක වූ “වඩමාරච්චි” මෙහෙයුම, 1990දී නැගෙනහිර LTTE සංවිධානයෙන් මුදා ගැනීමේ සාර්ථක මෙහෙයුම වූ “ක්ලීන් ස්වීප්” හා අලිමංකඩ මුදා ගැනීම සඳහා 1991දී ඇරඹි “බලවේග” මෙහෙයුම යන මෙහෙයුම් 2009දී උතුරු නැගෙනහිර මුදාගැනීමේ මානුෂික මෙහෙයුමට පෙර සාර්ථක ප්‍රතිඵල ලබා ගත් මෙහෙයුම් ලෙස ඉතිහාස ගත වී තිබෙනවා.

මෙම මෙහෙයුම් මගින් ලබා ගත් ජයග්‍රහණ පසුව දේශපාලනිකමය හේතූන් නිසා කණපිට පෙරලුනත් 80 දශකයේ අග හා 90 දශකයේ මුල ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට නිවැරදි හමුදාමය නායකත්වයක් ලැබුණු කාලයක් ලෙස හැදින්වීමට ඉහත සදහන් කළ මෙහෙයුම් සාක්ෂි දරනවා. එම යුගයේදී මෙරටින් ත්‍රස්තවාදය අතුගා දමන්නට එම මෙහෙයුම් වලට හමුදා නායකත්වය ලබා දුන් ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් තුල අදටත් ආදරයට පත් සෙන්පතියෙකු පිළිබඳවයි අද මේ සටහන ගෙන එන්නේ.

ඉතින් ඔහු අන් කවෙරෙකුත් නොව ඔබ අප හොදින් හදුනන ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව නම් අසහාය යුධ වීරයායි.

ත්‍රිත්ව විද්‍යාලයෙන් යුධ පිටියට

ත්‍රිත්ව විද්‍යාලීය රගර් කණ්ඩායම දකුණේ සිටගෙන සිටින්නේ ඩෙන්සිල් කොබ්බෑකඩුවයි. (The Nation)

ඩෙන්සිල් ලක්ෂ්මන් කොබ්බෑකඩුව 1940 වසරේ ජූලි 27 වනදා මහනුවරදී  උපත ලබන අතර මහනුවර ඉපැරණි ප්‍රභූ පරපුරකින් පැවැත එන පිළිමතලාවේ දෙල්දෙණියේ වළව්වේ ලොකු බණ්ඩාර කොබ්බෑකඩුව හා මහනුවර ගුන්නෑපාන අමුණුගම වලව්වේ අයෝනා රත්වත්තේ  ඩෙන්සිල් ලක්ෂ්මන් ඔහුගේ දෙමාපියන් වෙනවා.

මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් මූලික හා ද්විතික අධ්‍යාපනය හදාරන කොබ්බෑකඩුව ශිෂ්‍යයා පාසල් අවධියේ විද්‍යාලීය රගර් කණ්ඩායමේ කැපී පෙනෙන දස්කම් දක්වනවා. 1960 වසරේ මැයි මස 29වන දින කැඩෙට්‌ නිලධාරියකු වශයෙන් යුධ හමුදාවට එක් වෙන කොබ්බෑකඩුව තරුණයා 1962 වසරේ අගෝස්තු මස 03වන දින  දෙවැනි ලුතිනන්වරයකු ලෙස පත්වීම් ලබනවා. 1966  ඩඩ්ලි සේනානායක ආණ්ඩු සමයේ හමුදා කුමන්ත්‍රණයකට ඈඳා ගනිමින් අනිවාර්ය නිවාඩු යවා තිබූ ඩෙන්සිල් කොබ්බෑකඩුව යළි සේවයට කැඳවන්නේ 1970දී සිරිමාවෝ බණ්ඩාරනායක ආණ්ඩුව බලයට පත් වීමෙන් අනතුරුවයි.

1971 කැරැල්ල මර්ධනය කිරීම සඳහා යුධ හමුදාව විසින් දකුණු ප්‍රදේශය මෙහෙයවීමට භාර දෙනු ලබන්නේ එවකට බ්‍රිගේඩියර් වරයෙකුව සිටි කොබ්බෑකඩුවටයි. අනෙක් නිලධාරීන්ට සාපේක්ෂව ඔහු සිරකරුවන් කෙරෙහි අනුකම්පාවෙන් යුතුව ක්‍රියා කළ බව සදහන් වෙනවා.

කොටින්ට පහර පිට පහර වැදුණු “වඩමාරච්චි” මෙහෙයුමට නායකත්වය ලබා දීම


වඩමාරච්චි මෙහෙයුමේදී (Colombo Telegraph)

ඩෙන්සිල් කොබ්බෑකඩුව උතුරු ප්‍රදේශය මුදාගැනීමේ  වඩමාරච්චි මෙහෙයුමට නායකත්වය ලබා දෙන්නේ  බ්‍රිගේඩියර්වරයකු ලෙසින්. ඊට සක්‍රීයව සම්බන්ධ වූ අනෙක් නිලධාරියා වන්නේ කර්නල් විජය විමලරත්නයි. 1987 මැයි 26 වැනිදා වඩමාරච්චි මෙහෙයුම ආරම්භ වූ අතර 1987  ජූනි දක්වා යුද සැලසුම ක්‍රියාත්මක විය.

ගැමුණු හා ගජබා රෙජිමේන්තුවල භටයන් 8000 ක්‌ ඊට සම්බන්ධව සිටි අතර යුධ හමුදාවේ දැඩි  ප්‍රහාර හමුවේ කොටි ත්‍රස්තවාදීන් කොන්ඩන්ආරු පාලම පුපුරුවා හැර යාපනය අර්ධද්වීපයට ඇතුල් වීම වැළක්වීමේ අසාර්ථක උත්සාහයක නිරත වෙනවා. එහෙත් ඉන් අධෛර්යමත් නොවූ භට පිරිස්‌ උඩුප්පිඩි, වැල්වැටිතුරේ තෙල්ලඩි හරහා පේදුරුතුඩුව වෙත පැමිණීමට සමත් වෙන්නේ නිවැරදි හමුදා නායකත්වය හේතුවෙන්.

විශේෂයෙන් කොබ්බෑකඩුව, විමලරත්න සුසංයෝගය එල්.ටී.ටී.ඊ.යට වැදුණු මරු පහරක් විය.

දේශපාලනික හේතූන් නිසා මඟ නැවතුනු වඩමාරච්චි

ඉන්දියන් හමුදාව මෙරටට (Revisiting India)

කෙසේනමුත්  ප්‍රභාකරන් ඇතුළු ඔහුගේ සහචරයන් යාපනය ප්‍රදේශයේ  කොටුවී සිටියදී වඩමාරච්චි මෙහෙයුම නතර කරන්නැයි ඉන්දීය අගමැති රජිව් ගාන්ධි ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වූ ජේ. ආර් ජයවර්ධනට කියා සිටිනවා.

1987 ජුනි 03 දා උතුරේ ජනතාවට මානුෂික ආධාර යැයි කියමින් රතු කුරුස ධජය සහිත ඉන්දීය බෝට්‌ටු රැසකට යාපන අර්ධද්වීපය අසල මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදාව විසින් මෙරට මුහුදු සීමාවට ඇතුළුවීමට ඉඩ දෙන්නේ නෑ. මෙයින් කෝපයට පත් වෙන ඉන්දීය රජය “අපි යාපනයට ගුවනින් සහනාධාර දමනවා. එම සහනාධාර රැගත් යානාවලට වෙඩි තැබීමට නුඹලා ක්‍රියා කළහොත් බරපතළ ප්‍රතිවිපාකවලට මුහුණපෑමට සිදුවෙයි” යැයි පවසමින් වඩමාරච්චි මෙහෙයුම නතර කරන්නට බල කරමින් ශ්‍රී ලංකා රජය සමඟ සුප්‍රසිද්ධ ඉන්දු-ලංකා ගිවිසුමට එළඹෙනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස තමයි ඉන්දියානු හමුදා මෙරටට පැමිණෙන්නේ.

වඩමාරච්චි මෙහෙයවූ කොබ්බෑකඩුවගේ සැලසුම් ක්‍රියාත්මක කිරීමට හැකිවූවානම් 2009 වසරේ අවසන් මානුෂීය මෙහෙයුමක් සිදු කිරීමට අවශ්‍ය නොවන පරිදි සම්පූර්ණයෙන්ම ත්‍රස්තවාදය මෙරටින් තුරන් කිරීමට ඉඩ තිබුණි.

“ක්ලීන් ස්වීප්” හා “බලවේගය” මෙහෙයුම් සඳහා නායකත්වය

බලවේගය මෙහෙයුමේදී තුවාල ලැබූ සෙබළෙක් ප්‍රතිකාර සඳහා රැගෙන යාම (Thuppahi’s Blog)

1990 ජූලි 11 වන විට LTTE සංවිධානය නැඟෙනහිර සිය අණසක පතුරවමින් ජන ජීවිත අඩාල කර සියලුම පොලිස් ස්ථාන වල බලය අල්ලා ගෙන පොලිස් නිලධාරීන් සිය ගණනක් ඝාතනය කරනු ලබනවා. මේ අවස්ථාවේදීත් ත්‍රස්තවාදීන්ගේ අණසකට නතු වූ නැ‍ඟෙනහිර මුදා ගැනීමට පැවරෙන්නේ කොබ්බෑකඩුවටයි. නැ‍ඟෙනහිර ප්‍රදේශය කොටස් හතරකට බෙදා “ක්ලීන් ස්වීප්” මෙහෙයුම අතිසාර්ථක අයුරින් නිම කරන්නේ නැවතත් නැ‍ඟෙනහිර ජනාවාස හා ජන ජීවිත සුරක්ෂිත කරමින්.

අලිමංකඩ නැවත අල්ලා ගැනීම සඳහා දියත් කළ “බලවේගය” මෙහෙයුමද කොබ්බෑකඩුව නායකත්වය දුන් තවත් ක්‍රියාදාමයක්‌. 1991 වසරේ ජුනි මස අලිමංකඩ හමුදා කඳවුර වෙත කොටි ත්‍රස්තයන් දැඩි ප්‍රහාර එල්ලකර එය අල්ලා ගන්නවා. එහෙත් යුධ ටැංකි සහ බර අවි රහිතව අලිමංකඩ කඳවුර යලි අල්ලා ගැනීමට කොබ්බෑකඩුව ඇතුළු හමුදා බලසේනාවට හැකියාව ලැබෙනවා.

අරාලි තුඩුවේ බෝම්බය

මිය ගිය අනෙක් නිලධාරීන් (Ministry of Defence)

සමස්ත ශ්‍රී ලංකාවෙන්ම ත්‍රස්තවාදය තුරන් කිරීමේ උවමනාවෙන් සෙන්පති කොබ්බෑකඩුව ප්‍රමුඛ උසස් නිලධාරීන් පිරිසක් “ෆයිනල් කවුන්ට් ඩවුන්” මෙහෙයුම පිළිබඳව රහස් සාකච්ජාවකට සහභාගී වන්නට 1992 අගෝස්‌තු 08 වැනිදා කයිට්ස් දූපත තුළ පිහිටා තිබුණු කදවුරක් වෙත ගමන් කරනවා.

කරෙයිනගර් නාවික කඳවුරේ සිට කොබ්බෑකඩුව ප්‍රමුඛ අණදෙන නිලධාරීන් කයිට්ස් ජැටියට පැමිණෙන්නේ බෝට්ටු වලින්. මේජර් ජෙනරාල් කොබ්බෑකඩුවට අමතරව බ්‍රිගේඩියර් විජය විමලරත්න, උතුරු නාවික ආඥාපති කොමදෝරු මොහාන් ජයමහ ඇතුළු ‍‍‍ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් කිහිප දෙනෙක් ජීප් රියකට ගොඩවෙන්නේ අරාලි තුඩුවට යාමටයි. “ෆයිනල් කවුන්ට් ඩවුන්” මෙහෙයුමේ සැලැස්ම ක්‍රියාත්මක කරන එක් බිමක් වූයේ අරාලිතුඩුවයි.

සාකච්ජාව අවසන් වී නැවත නිලධාරීන් එමින් සිටි ජීප් රිය වැලි පාරකින් පැමිණ තාර පාරට දැමීමට සූදානම් වීමත් සමඟම මුළු ප්‍රදේශයම මහ හඩින් දෙදරමින් වාහනය පුපුරා යනවා. ඊලග මොහොතේ ඩෙන්සිල් කොබ්බෑකඩුව අඩි විස්සක් තිහක් පමණ දුරින් වැටී සිටියේ මරුවා සමග සටන් කරමින්. මේජර් ජෙනරාල් විජය විමලරත්නගේ සිරුර තුනටිය ළගින් කොටස් දෙකකට වෙන්වන්නටම කැඩිගොස් තිබුණි.

පිපුරුමෙන් මොහොතකට පසුව අරාලි තුඩුවට පැමිණෙන හෙලිකොප්ටරයකින් කොබ්බෑකඩුව හා ජයමහ යන සෙන්පතිවරුන් පලාලි රෝහලට ගෙන යාමට පියවර ගත්තද අතරමගදී මොහාන් ජයමහ මරණයට පත් වෙනවා. පලාලි රෝහලට ඇතුළු කළ කොබ්බෑකඩුවට අවශ්‍ය මූලික ප්‍රතිකාර දුන් වෛද්‍යවරුන් හමුදා නිලධාරීන් හා සම්බන්ධ වී වහාම ජයවර්ධනපුර මහ රෝහල අමතා හදීසි තත්ත්වයක් ප්‍රකාශ කර සියළු අංශයන්හි විශේෂඥ වෛද්‍යවරුන් හා ශල්‍යාගාරය වෙන්කර තබන ලෙසට දැනුම් දෙනවා.  අතරමගදී හදීසි ප්‍රතිකාර අවශ්‍ය වුවහොත් ඒ සඳහා අනුරාධපුර මහ රෝහලද සූදානම් කෙරෙනවා.

ඝාතනය අභිරහසක්

සෙන්පති කොබ්බෑකඩුව සිහිවීමට අරාලි තුඩුවේ ගොඩනගා ඇති ස්මාරකය (Mapio.net)

කෙසේනමුත් වෛද්‍ය ප්‍රතිකාර ප්‍රමාද වීම අදටත් සැකයක්. ජයවර්ධනපුර මහා රෝහ‍ලේ සියළු කටයුතු සූදානම් කර තිබියදීත් කොබ්බෑකඩු රැගත් හෙලිකොප්ටරය ජයවර්ධනපුර රෝහල අහසේ කීප විටක්‌ම කැරකී  රැගෙන ගියේ කොළඹ ජාතික රෝහලටයි. පලාලි වලින් රත්මලානටත් පසුව කොළඹ ගුවන් හමුදා මූලස්ථානයටත් ගොස් කොළඹ ජාතික රෝහලට ඇතුළු කිරීමට බොහෝ වේලාවක් ගත වෙනවා. උදේ දහයට බෝම්බ පිපිරුමෙන් තුවාල ලැබූ ඔහු රෝහල් ගත කළේ පස්වරු දෙකට පමණ. වෛද්‍යවරුන් කෙතරම් උත්සාහ කළත් පස්වරු 2:30 පමණ වන විට මරුවා ජය ගනු ලබනවා.

කොටි ත්‍රස්තයන් විසින් පාරේ ඇටවූ පීඩන බෝම්බයකින් ජීප් රිය පුපුරා ගිය බවක් සදහන් කරමින් බෝම්බ පිපිරීම කොටි සංවිධානය විසින් සිදුකළ බවට එකළ එක එල්ලේම චෝදනා නැගෙනවා.

පසුව මේ සම්බන්ධ කොමිසමක්‌ පත්කරනු ලැබුවත් නියම සත්‍යය අනාවරණය වන්නේ නෑ. ඉන්පසුව කොබ්බෑකඩුව කොමිසම පත්කෙරෙන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩු සමයේදීයි.

කොමිසමේ ආරාධනය අනුව බ්‍රිතාන්‍ය බෝම්බ නාශක විශේෂඥයකු වූ ඡේ.ආර් වයිට්‌ සිදුවීමට අදාළ ඡායරූප විමර්ශනය කර අරාලි තුඩුවට ආසන්න ස්‌ථානයකදී ජීප් රථ දෙකක්‌ විමර්ශනයට ලක්‌ කරනවා. එක්‌ විමර්ශනයක්‌ වූවේ නිලධාරීන් නව දෙනකුගේ බර යොදා ජීප් රියක්‌ බිම් බෝම්බයක්‌ පිහිටි ස්‌ථානයක්‌ හරහා යෑවීමයි. අනෙක වූවේ ජීප් රිය තුළ බිම් බෝම්බයක්‌ අටවා නව දෙනෙක්ගේ බරක් යෙදීමයි. වයිට්‌ගේ නිගමනය වූයේ මෙය බිම් බෝම්බයක්‌ නොවන බවත් ජීප් රියේ අටවා තිබූ බෝම්බයක්‌ බවත්ය.

පසුව ඝාතනයේ සැකය යොමු වන්නේ එවකට ජනාධිපති වූ රණසිංහ ප්‍රේමදාස වෙතටයි. නමුත් ඒ වන විට ජනාධිපතිවරයා LTTE බෝම්බකරුවෙක් අතින් (වර්ෂ 1993 මයි 1 දින) ඝාතනය වී හමාරයි. ශ්‍රී ලාංකික ජනතාවගේ හදවත් තුළ සදා නොමැකෙන මතකයක් ඉතිරි කරමින්  කොබ්බෑකඩුව නම් වීර සෙන්පතියාගේ ඝාතනය කොටි ත්‍රස්තයන් විසින්ද නැත්නම් බලලෝභී දේශපාලකයන් විසින් සිදු කලාද යන්න තවම අභිරහසක් බව ඝාතනයෙන් වසර ගණනාවක් ගත වුවද ලියා තැබිය යුතු වන්නේ ඉහත දැක්වූ හේතූන් නිසාය.

මුලාශ්‍ර- Wikipedia, ශ්‍රී ලංකා යුධ හමුදා වෙබ් අඩවිය, දිවයින, දිනමිණ හා මව්බිම පුවත්පත්.



ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
ජවිපෙ ලාල්කාන්ත පොලිස් අත්අඩංගුවට ගනී… බීමතින් රිය පදවා හප්පලා..

 පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරයෙක් වන ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ අනුරාධපුර ප‍්‍රදේශයේදී සිදු කරන ලද රිය අනතුරක් සම්බන්ධයෙනි. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කරන්නේ අනතුර සිදුවන අවස්ථාවේ සැකකරු බීමතින් රිය පදවා ඇති බවයි. ලාල් කාන්ත මහතා විසින් පදවන ලද කැබ් රථයක් යතුරුපැදියක ගැටීම නිසා කාන්තාවක් හා ඇගේ ඥාති දියණියක් තුවාල ලබා රෝහල්ගත කර ඇත.  

ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
පේෂල මනෝජ් ලිංගික සංක‍්‍රාන්තිකයෙක් වෙයි.. ‘දෙරණ ස්ටාර් සිටි’ තක්බීර් වෙයි.. [Video]


මෙරට ප‍්‍රසිද්ද මාධ්‍ය වැඩසටහන් ඉදිරිපත් කරනෙක් වන පේශල මනෝජ් මෑතකදී පැවති ‘දෙරණ ස්ටාර් සිටි’ වැඩසටහනේදී ලිංගික සංක්‍රාන්තිකයෙකු ලෙස ඉදිරිපත් කල රංගනයට විනිශ්චය මණ්ඩලයෙන් ඉහල ප‍්‍රතිචාර ලැබී ඇත.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network