Showing posts with label Sriavtvnetwork sriavtvnetwork srilanka lowcost job. Show all posts





ගාල්ල සීනිගම දේවාලයට පැමිණෙන සාස්තරකාරියකගේ සිහිය විකල් කොට ඇයව හෝටල් කාමරයකට ගෙන ගොස් දූෂණය කොට ඇයගේ නිරුවත් ජායාරූප ගත් තරුණ කපු මහතෙක් ගාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 


සීනිගම දේවාලයට නිරන්තරයෙන් පැමිණ තමාගේ බලය වැඩි කර ගැනීම සඳහා පුද පූජා තබන මෙම සාස්තරකාරියගේ වයස 30 ක්.ඇය දෙදරු මවක්ද වනවා.

 

මේ අතර මෙම කපුවා ඇය සමඟ මිතුරු වී ඉකුත් දිනෙක බීම වීදුරුවක් දී ඇයව මත්කොට සිහි විකල් කොට මෙලෙස කාමරයකට රැගෙන ගොස් තිබෙනවා.

 

කපුවා විසින් ඇයව දූෂණය කොට ඇයගේ නිරුවත් ජායාරූප ගෙන ඇයව නැවත මහ මඟ දමා ගොස් තිබුණා.

 

පසුව එම ජායාරූප ඇයගේ whatsApp කොට ඇයට බලපෑම් කරමින් අවස්ථා කිහිපයකදී ඇයව නැවත නැවත දූෂණය කොට තිබෙනවා.

 

සැකකාර කපුවා මෙලෙස ඊයේ දින අත්අඩංගුවට ගෙන මේ වන විට ප්‍රශ්ණ කෙරෙමින් සිටිනවා.

 

කපුවා කුරුණෑගල පදිංචි 32 හැවිරිදි අවිවාහක අයෙක්
.

ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

“අවුරුදු 15 දැරිය හා කොටුවේ පොඩි නම සම්බන්ධ පුවතේ ඇත්ත හෙළිවෙයි” – කොටුවේ හාමුදුරුවෝ මේ දැන් CID ඉදිරිපිට උද්ගොෂණයේ…

කොටුවේ පොඩි හාමුදුරුවන් වහන්සේ ලෙස කවුරුත් හඳුනන අත්තරගම ප්‍රඥාලංකාර ස්වාමීන් වහන්සේ සම්බන්ධව ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය සබන්ධයෙන් පළකර ඇති ප්‍රවෘතියකට සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ප්‍රචාර ලැබෙමින් ඇති අතර මේ සම්බන්ධව SriAVTV අප කල සොයා බැලීමකදී ඒ සම්බන්ධව තොරතුරු රැසක් අනාවරණය කරගැනීමට හැකියාව ලැබුනා.

එංගලන්තයේ සිට ක්‍රියාත්මක ලංකා ඊ නිවුස් දිගින් දිගටම රජය හා රජයට සාහය දෙන කණ්ඩායම් විවේචනය කරමින් මඩ පුවත් පතුරන වෙබ් අඩවියක් වන අතර සඳරුවන් සේනාධීර නමැත්තකු විසින් ක්‍රියාත්මක කරන මෙම අවෙබ් අඩවිය මංගල සමරවීර මහතාට සම්බන්ධ පිරිසක් මෙරට සිට මෙහෙයවනු ලබයි. ඒ අනුව රජයට පක්ෂපාති මතයක් දරන කොටුවේ පොඩි හාමුදුරුවන්ගේ නම මේ හා සම්බන්ධ කරමින් පුවතක් ගොතා ඇති අතර එම වෙබ් අඩවියේ පලකරන අනෙකුත් පුවත් සේම මෙම පුවතද කිසිදු සත්‍යතාවයක් නොමැති මඩ ප්‍රවෘතියක් බවට මේ වනවිට හෙළිවී තිබේ.

කෙසේ වෙතත් අද දිනයේ කොටුවේ පොඩි හාමුදුරුවන් කොටුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ඉදිරිපිට මේ සම්බන්ධව තමන් වරදක් කොට ඇතිනම් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් විරෝධතාවයක් පැවැත්වීමට සුදානම් බවටත් කරුණු අනාවරණය වුනා. එමෙන්ම අදාළ දැරිය අපහරණය සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ ජනාධිපති නියෝගයෙන් නවතා ඇති බවට අදාළ පුවත වාර්තා කොට ඇති අතර ඒ සම්බන්ධව අප කල සොයා බැලීමකදී පොලිසියේ ඉහල නිලධාරියකු කියා සිටියේ අදාළ සිදුවීම සම්බන්ධව පරීක්ෂණ දිගටම සිදුවන අතර ඒවාගේ කිසිදු වෙනසක් සිදුව නොමැති බවයි.

මේ අනුව ලංකා ඊ නිවුස් දිගින් දිගටම භික්ෂුන් වහන්සේලාට පහර ගසමින් මංගලලාගේ කල්ලතෝනි නිරාගමික මත වෙනුවෙන් පෙනී සිටිමින් කරනා ජඩ මාධ්‍ය මෙහෙයුමේම කොටසක් ලෙස මේ අසත්‍ය පුවත් පලකිරීමද දැක්විය හැකිය.

ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

කැන්ටින් අසේල CID අත්අඩංගුවට.. චන්නගේ කෝටි 20 ගේ පෙන්නන්න වෙයි.. නැතොත් අමාරුවේ..



එන්නත්කරන වැඩපිළිවෙල ගැන ජනතාව නොමග යන ආකාරයේ ප්‍රකශ නිකුත් කළ, රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා කෝට්ටේ ප්‍රදේශයෙන් මිලියන 200 නිවසක් මිලදී ගෙන ඇති බව අසත්‍ය ප්‍රකශ සිදු කළ ආපන ශාලා හිමිකරුවන්ගේ සංගමයේ සංවිධායක නමින් පෙනී සිටින අසේල සම්පත් (කැන්ටීන් සම්පත්) යන ය මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.

අදාල නිවස සම්බන්දයෙන් මෙහිදී ඔහු දන්නා කරුණු විමසීමට නියමිත අතර එසේ නොහැකි වන්නේ නම් මේ ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීමට ඔහු පෙළඹුවේ කවුරුන්ද යන වග ඔහුගෙන් ප්‍රශ්න කෙරෙනු ඇත.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් උපදෙස් අනුබල දුන් අය පිලිබදවද සොයා බැලෙනු ඇත.

අසේල සම්පත් උක්ත ප්‍රකාශ සිදු කරන අවස්ථාවේදීම පැවසුවේ අද ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය මේ මට්ටමින් හෝ පවතින්නේ හිටපු අමාත්‍යවරයාගේ කැප වීම නිසා බවයි.

ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

ඓතිහාසික කැලණි පුරවරය හා සම්බන්ධ ඉපැරැණි මූලාශ්‍ර බොහෝය. විජයාගමනයට පෙර කැලණිය ගැන සඳහන් වී ඇත්තේ බුදුන්ගේ ලංකාගමනය පිළිබඳ තොරතුරු හෙළිකෙරෙන ආකාරය දීපවංසය හා මහාවංසය වැනි ඓතිහාසික ග්‍රන්ථයන්හි සඳහන් තොරතුරුවලට අනුව බුදුන් වහන්සේ බුද්ධත්වයෙන් පස්වැනි මාසයේ නාග ගෝත්‍රික චූලෝදර හා මහෝදර දෙසොහොයුරන් අතර නාගයන්ගේ මිණි පළඟ හේතුකොටගෙන හටගත් යුද්ධය නැවැත්වීමට නාගදීපයට වැඩම කර ඇත.

ඒ අවස්ථාවේදී මහෝදර නාරජුගේ මලණුවන් වූ කැලණියේ මණිඅක්ඛිත නාරජු බුදුන්ගේ ධර්ම දේශනාව අසා බුදුන් සරණ ගිය බවත්, බුදුන් වහන්සේ මණිඅක්ඛිත නාරජු මුණ ගැසුණු බවත් මහාවංසය විස්තර කෙරෙයි.

බුද්ධත්වයෙන් අටවැනි වර්ෂයෙහි බුදුන් වහන්සේ පන්සියයක් රහතුන් වහන්සේ කැටුව මණිඅක්ඛිත නාරජුගේ කැලණි රාජධානියට වැඩම කර කැලණි සෑය පිහිටි තන්හි කරවන ලද රන් මණ්ඩපයක වැඩ හිඳ නාරජු ප්‍රමුඛ දෙව් මිනිසුන්ට ධර්ම දේශනා කළ බවද මහාවංසයේ පළමුවැනි පරිච්ඡේදයේ සඳහන් වේ.

ඉන් ගම්‍ය වන්නේ ඓතිහාසික කැලණිය නාග ගෝත්‍රික ජනාවාසයක් ලෙස වසර දහස් ගණනක ඉතිහාසයකට හිමිකම් කියන බවය.

කැලණි පුරවරයේ මුදුන් මල්කඩ සේ සැලකෙන කැලණි රජමහ විහාරය ඓතිහාසික රාජධානි සමයේ පටන් වර්තමානය දක්වාම ලෝවැසි බොදු දනන්ගේ පූජනීයත්වයට බඳුන් වන්නේය. කැලණි රජමහ විහාරයෙහි වර්තමාන විහාරාධිපති ධුරය දරනුයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමිපාණන්ය.

කැලණි මහ වෙහෙරට නාග ලෝකයෙන් සර්වඥධාතූන් වහන්සේලා වැඩමකළ ප්‍රවෘත්තියෙන් 2019 නොවැම්බරයේ රට තුළ මහත් ආන්දෝලනයක් හට ගත්තේය. එමඟින් බෞද්ධ බැතිමතුන් මහත් භක්ති ප්‍රමෝදයට පත්වූ අතර ඇතැම් පිරිස් එය උපහාසයට ලක්කොට දේශපාලන අරමුණු සාක්ෂාත් කර ගන්නට වෑයම් කරන බව පෙනිණි.

ඒ අතරම මෙම සිදුවීම සම්බන්ධව යථාවාදී තථාකාරීව සත්‍යය සොයන මැදහත් පිරිසක්ද සිටියහ. කෙසේ වුවද කැලණි මහ වෙහෙරෙහි අභිනවයෙන් ඉදිකෙරුණු නාග දේවාලයේ පූජාව පවත්වන සෑම මාසයකම ප්‍රථම සෙනසුරාදා දිනයෙහි දස දහස් සංඛ්‍යාත බැතිමතුන් නාග වන්දනාවට පැමිණෙන බවද අසන්නට ලැබිණි.

මේ වනවිට අදාළ සිදුවීමට වසර දෙකකට වැඩි කාලයක් ගතවී තිබේ.

නා ලොවින් ධාතුන් වහන්සේ වැඩම වීම පාදක කරගනිමින් මහ සංඝරත්නයට සහ නාග දේවාලයේ යෝගී තුමාට අපහාස කිරීම් අඩුවී නැත.

විශේෂයෙන් සමාජ මාධ්‍යවල එය දිගින් දිගටම සිදුවන බව පෙනේ. මිනිසුන්ට තමන් අභිමත මත දරන්නට අයිතියක් ඇති නමුත් කිසිවකු දරන මතය හේතුවෙන් ඔහු පෙළෙන්නටද අයිතියක් නැත. සත්‍යය සුන්දරය.

අප ඊට ගරු කළ යුතුය. සැබෑ ලෙසම කැලණියේ සිදුවූයේ කුමක්දැයි පිරිසිඳ දැන ගැනීමට අප ඇමැතිය යුතු හොඳම තැනැත්තා කැලණි රජමහ විහාරාධිපති මහාචාර්ය මහින්ද සංඝරක්ඛිත හිමියන්ය. උද්ගත වී ඇති තත්ත්වය සම්බන්ධයෙන් අපි උන්වහන්සේගෙන් විචාළෙමු.

කැලණි රජමහ විහාරාධිපති වගේම මේ රටේ බොහෝ දැන උගත් සංඝ පීතෘනමක් හැටියට ඔබ වහන්සේ පිළිබඳව බෞද්ධ ජනතාව අතර විශාල ගෞරව භක්තියක් තිබෙනවා. කැලණි විහාරයට නාග ලොවින් සර්වඥ ධාතුන් වැඩම කළ බව කියන සිදුවීම පදනම්කොට ගෙන ඊට හානි පැමිණ වීමේ උත්සාහයක් අපි දකිනවා. කුමක්ද මේ ගැන හිතන්නේ?

මේ සිදුවීමට අවුරුදු තුනකට ආසන්න ඉතිහාසයක් තිබෙනවා. ඒ සිද්ධිය වූ වකවානුවේ දැඩි ලෙස විවේචන එල්ල වුණා. මේ රටේ තිබෙන ප්‍රකට දේශපාලන පක්ෂ දෙකක් තමයි. ඒ මඩ ගැහීමේ ව්‍යාපාරය ආරම්භ කළේ. ඇත්ත වශයෙන්ම ඕනෑම පුද්ගලයකුට මේ සිද්ධියේ සත්‍ය අසත්‍යතාව සොයා බැලීමට හැකියාව තිබෙනවා. ඒ වගේම එය කළ යුතුව තිබෙනවා.

ඔබවහන්සේ පවසන්නේ නාග ලොවින් සර්වඥ ධාතුන් වහන්සේ වැඩම කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට කිසිවකු උත්සාහය නොකළ බවද?

මේක ඇත්තදැයි සොයා බැලීමට ඔවුන් උත්සාහ කළේ නැහැ. සෙකන්ඩ් සෝසස්වලින් තමයි ඔවුන් මේකට මඩ ගහන්නෙ. පුද්ගලයකු යම් කිසි සත්‍යයක් සොයනවා නම් ඔහු ඔර්ජිනල් සෝසස්වලට යන්න ඕනෑ. මුල් කාරණා කතා බහට ලක්වෙන්න අවශ්‍යයයි.

එවැනි උත්සාහයක් කිසිවකු දැරුවේ නැද්ද?

නැහැ. සියලුම දෙනා යැපෙන්නේ දෙවැනි කරුණා මතයි. මේ සිදුවීමේ පාරභෞතික ලක්ෂණ තිබෙන බව මම පිළිගන්නවා.

භෞතිකවාදී විශ්ලේෂණ මත පිහිටා මේ සිදුවීම විස්තර කළ නොහැකි බවද ඔබවහන්සේ පෙන්වා දෙන්නේ?

ඔව්, මේ ධාතූන් වහන්සේලා ආවේ නාග ලෝකෙන්. මණිඅක්ඛිත නාරජු තමයි දුන්නේ. එතකොට ඒක පාරභෞතිකයි. අපේ පංචේන්ද්‍රියන්ට ගොදුරු වෙන්නේ නැහැ. නමුත් උදාර මහතා ප්‍රමුඛ පිරිස කැලණි ගංගාවේ තිබී මේක ගත්තා කියන කාරණය ප්‍රත්‍යක්ෂයි. ඒක අපිට අත්දකින්න පුළුවන්කම තියෙනවා. මේ සිදුවීම බොරුවක් කරන්න අපි කාටවත් වුවමනාවක් නැහැ.

මෙම සිදුවීම ජනාධිපති මැතිවරණය ආසන්නයේ වීම විවිධ මත නිර්මාණය වීමට එක් හේතුවක් වුණා නොවේද?

අභාග්‍යයකට වගේ මේ සිදුවීම ජනාධිපතිවරණය ආසන්නයේ වුණා. මේ ධාතුන් වහන්සේලා මට දෙනවා කියන එක පොරොන්දු වුණේ අවුරුදු 04කට ඉස්සරයි.

කවුද ඒ පොරොන්දුව දුන්නේ?

මණිඅක්ඛිත නා රජු. මේ නාග දේවාලයේ ප්‍රතිමාව ප්‍රතිෂ්ඨාපනය කරල මාසිකව පූජා සත්කාර කරන අවස්ථාවේ ලැබුණු පණිවුඩයක් තමයි ඒක.

ස්වාමීන් වහන්සේ ඒක අපැහැදිලියි. කොහොමද එහෙම පණිවුඩයක් ලැබෙන්නේ?

මට නාග ලෝකයට කතා කරන්න බැහැනේ. මට එහෙම හැකියාවක් නැහැ. ඒක සිදු කෙරුණේ උදාර යෝගිතුමා මාර්ගයෙන්. නැවැත නැවැත කියලා ඒ අනුව තමයි මේක හමුවුණේ. එය ලැබීම මේ කියන අවස්ථාවේ සිදුවීම නිසා දේශපාලන චරිතයක් ආදේශ කරන්න හේතු වුණා.

සත්‍ය ලෙසම මේ ධාතුන් වහන්සේලා වැඩම වීමේ සිදුවීම පසුබිමේ දේශපාලන අරමුණක් නැද්ද?

අවංකවම හෘදය සාක්ෂ්‍යයට එකඟවයි මම කියන්නේ. මේ ධාතුන් වහන්සේ වැඩම වීම පිටුපස කිසිම දේශපාලන අරමුණක් නැහැ. ඒක ඉතාමත් පවිත්‍රයි.

අපි දන්නවා මෙවැනි සිදුවීමක් විශ්වාස කරන අය ඉන්නවා වගේම විශ්වාස නොකරන පිරිසකුත් සමාජයේ සිටිනවා.?

ඇත්ත වශයෙන්ම කෙනකුට මේක ප්‍රතික්ෂේප කරන්න පුළුවන්, මම ඕවා විශ්වාස කරන්නේ නැහැ කියලා. ඒක ඒ පුද්ගලයාගේ අයිතියක්. හැබැයි ලැබිච්ච දේ බොහොම ග්‍රාම්‍ය විධියට විවේචනය කරමින් අපට මඩ ගහමින් බැතිමතුන්ගේ තිබෙන ශ්‍රද්ධාවට පහර ගැසීම මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්. මොකද එක්කෙනෙක් ප්‍රතික්ෂේප කරන්න පුළුවන් මේක ධාතුන් වහන්සේ නොවේය කියලා. නමුත් මම විශ්වාස කරනවා සැබෑ ලෙසම මෙහි වැඩ සිටින්නේ සර්වඥ ධාතුන් වහන්සේලා කියලා. එහෙම විශ්වාස කරන්න මට අයිතියක් තියෙනවා. ඒ අයිතිය ලංකාණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් වගේම එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් ප්‍රඥප්තියෙනුත් මට ලැබිලා තියෙනවා.

ඔබ වහන්සේ ඒ මත පිහිටා ක්‍රියා කළා?

මේක විශ්වාස කරන්නේ නැහැ කියලා ඒකට පදනම් විරහිතව තුන්වන පාර්ශ්වයේ ඝෝෂස් අරගෙන මඩ ගැසීම පහර ගැසීම බුද්ධිමය ක්‍රියාවලියක් නොවෙයි. සත්‍යය සොයන ක්‍රියාවලියක් නොවෙයි. ඒක ද්වේෂය පූර්වකව සිදු කරන්නක්. එක් සූත්‍රයක බුදු රජාණන් වහන්සේ සඳහන් කරනවා පුද්ගලයකු ද්වේෂයෙන් තම මනස පීඩාවට පත්කර ගත්තායින් පස්සේ භූතේනවා යමක් සත්‍යමයි. භූතේනවා යමක් සත්‍ය වුණත් ඒ පුද්ගලයා ඒක මොකද කරන්නේ, තබ්බනා ජාතී. එයා සත්‍යය පිළිගන්නේ නැහැ ප්‍රතික්ෂේප කරනවා. ද්වේෂයෙන් වැඩුණු සිතකින් තමයි ඒ කාරණය දෙස බලන්නේ. හේතුව තමන්ගේ දේශපාලන අරමුණක් මේකට සම්බන්ධ කර මේක දැකීම. ඒ නිසා එවැනි අයට මේක දකින්න පුළුවන් කමක් නැහැ. ශ්‍රද්ධාවක් උපදින්නේ නැහැ. මේ පිරිස බොහොම අතළොස්සක් බව මම කිව යුතුයි.

සමාවෙන්න, මෙවැනි පාරභෞතික කාරණාවලට ප්‍රමුඛත්වය දීම පිළිබඳව. සංඝ සමාජය තුළිනුත් ඔබවහන්සේට දෝෂාරෝපණ එල්ල වුණාද?

ඒක ඒ ඒ තැනැත්තන්ගේ විශ්වාසය මත සිදුවන දෙයක්. සංඝ සමාජය කියලා වෙනස් වෙන්නේ නැහැ. මොකද මේ තියෙන දේවල් සෑම දෙයක්ම පාරභෞතික වෙනවා. වර්තමානයේ තිබෙන්නා වූ ධාතුන් වහන්සේලා ගැන වුණත් එහි මූලයට යන්න ගියොත් පාර භෞතික වෙනවා.

සමස්තයම එහෙමයි.?

ඔව්. සමස්තයම පාරභෞතිකයි. එහෙම වෙනකොට මුළු සමස්තයම විනාශ වෙලා යනවා. අද ගත්තොත් බුදුහාමුදුරුවෝ දැකපු අය කවුරුත් නැහැනේ. ඒකත් පාරභෞතිකයට දාලා ගන්න පුළුවන්. කෙනකුට තර්ක කරනවා නම්.

ප්‍රත්‍යක්ෂ නොවන ආගන්තුක වස්තුවක් පහළ වීම කියන කාරණයද මේ පහර ගැසීමට හේතුව?

මේ ධාතුන් වහන්සේලා ලැබීම නොවෙයි මෙතැන කාරණය. මේකට දේශපාලන මුහුණුවරක් දීමයි. නැතිනම් ධාතුන් වහන්සේලා පහළවීම ලංකාවේ විවිධ ස්ථානවල, විවිධ වකවානුවල සිදුව තිබෙනවා. අලුත් දෙයක් අමුතු දෙයක් නොවෙයි. මෙතැන තියෙන වැරැද්ද මේක දේශපාලනයට භාජන කිරීම. දේශපාලනීකරණය කිරීමෙන් මේක අෑත් වුණාම ධාතුන් වහන්සේලාට මිනිසුන්ගේ තියෙන ශ්‍රද්ධාකාමිත්වය ප්‍රදර්ශනය කරනවා. ඔය මොනවා කිව්වත් සෑම දිනකම විශාල පිරිසක් පිරිසක් පූජාවට සම්බන්ධ වෙනවා. දවසකට 4 සැරයක් අපි පූජා පවත්වනවා. උදේ 5ට, උදේ 7ට, දවල් 11ට, සවස 6.15ට මේ පූජා පැවැත්වෙනවා. මිනිස්සු විශ්වාස කරනවා, ඇවිත් වන්දනා කරනවා. මේ අතළොස්සක් තමයි මේක කරන්නේ.

ඔබ වහන්සේ කියන අන්ත දෙකටම නැති මැදහත් පිරිසක් මේක මිථ්‍යාව ඔසවා තැබීමක් කියලා චෝදනා කරනවා. ඒ ගැන මොකද කියන්නේ?
ඇත්ත වශයෙන්ම මිථ්‍යාව කියලා කියන්නේ මොකක්ද ඒක මුලින් සොයාගන්න ඕන.

මිථ්‍යාව කියන්නේ සැබෑවට – සත්‍යයට ප්‍රතිවිරුද්ධ දෙය?

මිථ්‍යාවේ ලක්ෂණය සොයානොගෙන යමක් මිථ්‍යාව වැපිරීමක් ලෙස හඳුන්වන්න බැහැ. දැන් උදාහරණයක් හැටියට අපි ධාතුන් වහන්සේලා මිථ්‍යාවක් කියනවා නම් අපි ඒකෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද ශ්‍රද්ධාව වර්ධනය කිරීම. ඇයි ශ්‍රද්ධාව වර්ධනය කරන්නේ. ප්‍රඥාවට යන්න තිබෙන මාර්ගය ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව නැතිව ප්‍රඥාවට යන්න නැහැ. එතකොට කොහොමද ඒක මිථ්‍යාවක් හැටියට හඳුන්වන්නේ. මේගොල්ලෝ කරන්නේ ශ්‍රද්ධාව නැති කිරීම. මෙවැනි පිරිස් බෞද්ධ දර්ශනයේ හඳුන්වන්නේ විතණ්ඩවාදීන් හැටියට. විතණ්ඩවාදීන් කියන්නේ පදනමක් නැතිව තර්ක කරන අය. ඒ අයම තමයි සංෂයවාදීන් හැටියට හැඳින්නුවේ සෑම දෙයක්ම සැක කරන අය. ඒගොල්ලෝ බුද්ධ කාලේ ඉඳලා එන අය. සංෂයවාදීන්ට කවදාවත් සත්‍යයට ළඟා වන්න බැහැ.

ඇයි එහෙම වෙන්නේ?

මේක අසත්‍ය යැයි කියලා සැක කරන කොට එක එක කරුණු කියලා ඒක අනාථ කරනවා. ඒකෙන් තව එකක් අල්ලගෙන ඊළඟට ඒක සැක කරනවා. ඒ නිසා සංෂයවාදියා පියවරෙන් පියවර අසත්‍යයටම යනවා. ඔහුට කවදාවත්ම සත්‍යය සොයාගන්න බැහැ. මේ විවේචන ගේන්නේ සංෂයවාදීන් විතණ්ඩවාදීන්. යමක් වැරැදි නම් ඒක වැරැදි බව කියන්න. ඒ මතය දරන්න පුද්ගලයන්ට අයිතියක් තියෙනවා. ඔය ෆේස්බුක් එකේ ඉදිරිපත් කරන විවේචන බලන්න. මහා බොළඳ දේවල් තියෙන්නේ. ගැඹුරු තර්කයක් ඉදිරිපත් කරන්නේ නැහැ.

ඔබ වහන්සේගෙන් මේ සිදුවීම් පිළිබඳ මාධ්‍ය ප්‍රශ්න කළාද?

මේ වනතුරු කිසිම මාධ්‍යයක් මගෙන් ප්‍රශ්න කර නැහැ. ඔය මඩ ගහන්නෙ ඕලෙවල්වත් පාස් නැති උදවිය. ඒ අයට පිළිතුරු දෙන්න මම යන්නේ නැහැ. මොකද ඔවුන් ඒක කරන්නේ වෙන දේශපාලන අරමුණක් ඇතිව. ඇත්ත වශයෙන්ම මේ ධාතුන් වහන්සේ අපට ලැබුණු භාග්‍යයක්. මේ ධාතුන් වහන්සේලා බොරු වුණත් වැන්‍ෙදාත් එයාට ප්‍රතිඵලයක් තිබෙනවා.

කැලණි විහාරය පදනම් කරගත් නාග විමානයක් ගැන මේ කරන කතාව ඔබවහන්සේ විශ්වාස කරනවද?

යමක් සත්‍යදැයි සොයා ගන්න ක්‍රමයක් තියෙන්න ඕනේ. පළමුවැන්න තමයි ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය අපේ ඉන්ද්‍රියයන්ට පේන්න ඕන. ඉන්ද්‍රියන් ගොදුරු නොවූ දෙයක් අපි කොහොමද දැනගන්නේ. ඒකට අපි කියනවා සත්තේ‍යා්ක්ෂණය කියලා. ධාතුන් වැඩීම අපේ ප්‍රත්‍යක්ෂයක්. නමුත් ඔබතුමාගේ ප්‍රත්‍යයක්ෂයක් නොවෙයි. එතකොට ඔබතුමා කොහොමද මේකට ප්‍රවේෂ වෙන්නේ. සත්තේ‍යා්ක්ෂණයෙන්. අපේ ප්‍රකාශන අහන්න ඕන. ලැබිච්ච හැටි දැනගන්න ඕන. ලැබිච්ච භාණ්ඩ දකින්න ඕන. ඔය විවේචනය කරන කවුරුවත් මෙහේ ආවෙත් නැහැ. ධාතුන් වහන්සේලා දුටුවෙත් නෑ. මුළාවක ඉන්නවා. ඉන් මිදෙන්න ඒ අයට වුවමනාවක් නැහැ. ඇත්ත වුණත් ඇත්ත බව පිළිගන්න ඒ අයට අවශ්‍ය නැහැ. විශ්වාස කරනවා මේ නාගයන්ට අයිති භූමියක්. ඒ නිසයි අපි මණිඅක්ඛිත නාරජුගේ ප්‍රතිමාවක් හදලා නිසි පුද සත්කාර කරන්නෙ. බුදු හාමුදුරුවො කැලණියට වැඩියෙ මණිඅක්ඛිත නාරජුගේ ආරාධනාවෙන්. අපි ඊට කෘතවේදිත්වය පළ කිරීම මේ කරන්නෙ. මේ භූමියට වටිනාකම දුන්නෙ නාරජ්ජුරුවො. ඒ නිසා අපි පුද සත්කාර කරන්නේ ඒකෙ ප්‍රතිඵලයක් ලෙසයි. මේ ධාතුන් වහන්සේලා අපට ලබාදෙන්න මණිඅක්ඛිත නාරජුන්ට පැහැදීමක් ඇති වුණේ. අපි මේ පුද සත්කාර පැවැත්වීම දිගටම කරගෙන යනවා.

කැලණිය රජමහ විහාරයේ අභිනවයෙන් ඉදිකළ නාග භවන දේවාලයේ වතාවත් මෙහෙයවන යෝගිතුමා ඔහුගේ අත්දැකීම් මෙසේ විස්තර කරයි. ඔහු ශ්‍රී උදාර යෝගිතුමා නමින් බැතිමතුන් හඳුන්වයි.

ඔහු දක්වන අදහස් මෙසේය.

ඔබ දකින්න ඇති මා පිළිබඳව සමාජ මාධ්‍යවල ෆේස්බුක් ආදියේ නොයෙකුත් වැරැදි ප්‍රචාර යනවා. මා රෝගී බව, කොර වී එක්තැන් වී සිටින බව ඔවුන් කියනවා. එය වැරැදි මඩ ගැසීමක්. මම ඉතාමත් නිරෝගීව පසුවන බව ඔබට පෙනෙනවා ඇති. මට කිසිදු ආබාධයක් නැහැ. දැනට වසර පහක සිට මේ ස්ථානයේ නාග විමනේ පූජා පවත්වන්නේ මගේ මෙහෙයවීමෙන්. අපි මේ ස්ථානයේ නානුමුර පූජා පවත්වනවා.

මට දිවැස් බලයක් තියෙනවා. ඕනම කෙනකුගෙ විස්තරයක් කියන්න පුළුවන්. නාග දිව්‍ය රාජයා සමඟ ලොකු සම්බන්ධතාවක් මට තියෙනවා. මේක මගෙ සංසාරගත පුරුද්දක්. මම ඉපදුණේම යම් කිසි ආධ්‍යාත්මික බලයක් සහිතව. මේ පූජා සිදු කරද්දි මම නිතර මණිඅක්ඛිත නාරජ්ජුරුවන් සමඟ සම්බන්ධ වෙනවා. උන්වහන්සේ මට පැවැසුවා නාග ලෝකයේ තිබෙන නිර්මල සර්වඥ ධාතුන් වහන්සේලාගෙන් කිහිප නමක් කැලණි විහාරයට ලබා දෙන බව. මම ඒක නායක හාමුදුරුවන්ටත් දැනුම් දුන්නා. ඒ අනුව අපි විහාර පරිශ්‍රයේ විශේෂ මණ්ඩපයක් සකස් කර අපේක්ෂාවෙන් සිටියා. නමුත් විවිධ බලවේග නිසා අපට නාග ලෝකයෙන් ලැබුණු දින වෙනස් වුණා. දැන් රුවන්මැලි මහා සෑය ආරක්ෂා කරන්නෙ මහා කාල නාරජු. සෝමාවතී චෛත්‍යය ආරක්ෂා කරන්නෙ ජයසේන නාරජු. සේරුවාවිල මංගල සෑය ආරක්ෂා කරන්නෙ සුමන නාරජු. කැලණි මහ වෙහෙර රකින්නෙ මණිඅක්ඛිත නාරජු, මිථ්‍යාදෘෂ්ටිත නාගයන් මේක වැළැක්වූවා. මම නාග ලෝකයත් මනුෂ්‍ය ලෝකයත් අතර අතරමැදියෙක්. මම කරන්නෙ ලෝක දෙක අතර පණිවුඩ හුවමාරු කිරීම.

සර්වඥ ධාතුන් වහන්සේලා අපට ලබාදෙන බවට ස්ථීර දැනුම්දීමක් ලැබුණේ 2019 නොවැම්බර් 9 දිනට අදාළවයි. ඒ සඳහා කැලණි නදියේ විශේෂ ස්ථානයක් සඳහන් කළා. මට පීනන්න බැහැ. නමුත් මණිඅක්ඛිත නාරජු කීවා කිසිදේකට බය වෙන්න එපා. ආරක්ෂා කරනවා කියලා. මට උන්වහන්සේ ගැන විශ්වාසයක් තිබුණා. මම කරඬුව ගන්න ගියා. අපි පූජා පවත්වා 9 වැනිදා රාත්‍රි 9.30ට විතර ගඟට ගියා. අප සමඟ 50ක් 60ක් විතර සිටියා. මගේ ආරක්ෂාවට තොටුපොළ භාරව සිටින ගයාන් මහතා සම්බන්ධ කර දුන්නේ කැලණිය පොලිසියේ ස්ථානාධිපතිතුමා. අප යන විටත් ඔහු එතැන සිටියා. එයත් අහඹු සිදුවීමක්. මගේ අතේ නාග වළලු දෙකත්. ඒ දෙක තොටුපොළේ සිටි දෙදෙනාට පැලඳුවා.

මට භාවනා කිරීමෙන් කුණ්ඩලිනී ශක්තිය ලැබෙනවා. මට සූක්ෂ්ම ශක්තියෙන් සිරුරෙන් බැහැර වෙන්න පුළුවන්. මනෝකාය එළියට ගන්න පුළුවන්. නමුත් ශරීරය සිහින් හුයකින් බැඳී පවතිනවා. මම මනෝකායෙන් නාග ලෝකෙට ගියා.

මණිඅක්ඛිත නාරජු 30,000ක් නාගයන් පිරිවරාගෙන හිටියේ. විශාල නාගයෙක් අපේ ආරක්ෂාවට එවල හිටිය. ඒ නයාගෙ වල්ගා කොටස ගඟ මැද ගලේ ඉද්දී ගයාන්ගේ කකුලෙ වැදිලා කෙණ්ඩ පෙරළුණා. මෙතුමා මාව අල්ලගෙන හිටියා. වතුර ඇතුළට ගියාම නාග ලෝකෙ ‍ෙදාරටුව හමුවුණා. ‍ෙදාරටුව භාරව හිටියේ රංවල දෙවියෝ. උන් වහන්සේ මට ‍ෙදාරටුව ඇරලා දුන්නා.

ඒක නීල මාණික්‍යයෙන් කරපු විමානයක්. සූක්ෂ්ම කායෙන් යන නිසා හුස්ම ගන්න අපහසුවක් නැහැ. රත්රන් කණුවල එතුණු මැණික් කටින් ගත් නාගයන් ඉන්න මාවතක් තිබුණා. නාග කන්‍යාවන් වීණා වයමින් දෙපැත්තේ ඉන්නවා මම දැක්කා. ඉදිරියට යනකොට නීල මාණික්කයෙන් කරපු විශාල කරඬුවක් තිබුණා. එතැන සුදු සළු පැලඳි නාග පෙණ පහක ඔටුන්නක් පැලඳි කෙනෙක් හිටියා. එතුමා හැරිලා මා දිහා බැලුවා. ඇස්වලින් විදුලි පන්දමකින් වාගේ ආලා්ක ධාරා නිකුත් වුණා. මම උන්වහන්සේට වඳින්න හදන කොට ‘උඩට යන්න දරුවා” කිව්වා. මම උඩට එද්දි වතුර මට්ටම ඉහළ නැඟලා. මම කීව වහින්න පටන් ගනීවි කියලා. ඒ සමඟම අකුණු ගගහ වහින්න ගත්තා. ඒ වෙලාවෙ අපි තුන්දෙනාම එක කටට ගන්න පුළුවන් තරමේ රිදී පාට නාගයෙක් මතුවුණා. ඒක මුලින්ම දැක්කෙ තොටුපොළේ ගයාන්ගෙ ගෝලයා. ඒ සමඟ විශාල සුළියක් සමඟ ඇවිත් කරඬුව මගෙ අතට දී නොපෙනී ගියා. දැන් වෙලාව රෑ 12.00යි. මම කරඬුව මේ අයිය අතට දීලා සූක්ෂ්ම කයින් ඉවත් වුණා. අපි කරඬුවට පූජා පවත්වද්දී මිථ්‍යාදෘෂ්ටික නාගයෝ මතුවුණා 20ක් තිහක්. අපි බෝතලයක් විසි කළාම ඒ විශාල නාගයෙක් සිහින් වෙලා. ඒ තුළට ඇතුළු වුණා. එපමණයි වුණේ. පසුව ඒ නාගයාත් වතුරට දැම්මා.

ඒ කරඬුව දැන් තැන්පත් කර තියෙනවා. ඒක චීනෙන් ගෙන්නුවා කියලා තමයි මඩ ගහන්නේ. ඔබතුමාට ඒක බලන්න පුළුවන්. මේක ශාසනික දෙයක්. මෙතැන කිසිම දේශපාලන සම්බන්ධයක් නැහැ. මේක මණිඅක්ඛිත නාරජුගේ පණිවුඩය මත සිදුවීමක් පමණයි. මම ශාරීරිකව හොඳින් ඉන්නවා. වැරැදි මත දක්වන අයට ඉදිරියේ නාග ශාපය හිමිවේවි.

තොටුපොළ භාර ගයාන් සංජීව මහතා

එදා රාත්‍රි 9.30ට විතර නායක හාමුදුරුවන් ඇතුළු පිරිස ගඟ ළඟට ආවා. මම මේ ගැන මොනවත් දැන සිටියේ නැහැ. කැලණි පොලිසියේ ඕ. අයි. සී. මහතාත් ඒ අවස්ථාවේ ගඟ අසළට පැමිණියා. එතුමා ඉල්ලා සිටියා යෝගිතුමා පිහිනීමට නොදන්නා නිසා ඔහුට ආරක්‍ෂාව ලබාදෙන ලෙස. මාත් මගේ ගෝලයත් එහි සිටියා. අපේ පරම්පරා තුනක්ම තොටියෝ. අපි යෝගිතුමාත් සමඟ ගඟේ ගලක් මත සිටියා. පැය දෙකක් පමණ මම යෝගිතුමා අල්ලන් හිටියා. ඔහු වතුරේ මුහුණ ඔබාගෙන සිටිය දී මම අත නොහැර කඳවටා අත දාලා අල්ලන් සිටියා. ඒ අතර යටින් ලොකු රබර් එක වගේ දෙයක් වැදිලා කකුලේ කෙණ්ඩ පෙරළුණා. ඉක්මනින් ඒ අමාරුව නැතිව ගියා.

යෝගිතුමා දර දඬු වෙලා අත් ගසන්නට වුණා. එක පාරටම කරඬුවක් යෝගිතුමාගේ අතට ආවා. එය කලින් ගෙන ගියා වෙන්න කොහෙත්ම බැහැ. මම වගකීමෙන් කියනවා යෝගිතුමා අතේ කලින් කිසිවක් තිබුණේ නැහැ. නයි මතු වූ කතාව ඇත්ත. ගංගාව පතුලේ නාග විමානයක් පවතින බව දැන් මමත් විශ්වාස කරනවා. මේවා කිව්ව කියලා මට ප්‍රයෝජනයක් නැහැ. මට ලොකු ගෙවීමක් කළ බව කියනවා. ඒක බොරු. කවුරුත් ශත 5ක්වත් දුන්නෙ නැහැ. සමහරු නයා කියලා විහිළු කරනවා. මම කිව්වෙ ඇත්ත.

කැලණි රජමහ විහාර පරිශ්‍රයේ නිමවා ඇති මණි අක්ඛිත නාගරාජ දේව මන්දිරයේ පැවැත්වෙන නානු මුර මංගල්‍යයට අතිවිශාල ජනතාවක් සම්බන්ධ වෙති. එය කැලණි විහාරයට සුවිශේෂී වූ අංගයකි. සර්වඥ ධාතූන් වහන්සේ වැඩමවීම කිසියම් ගුප්ත ආශ්චර්යයක් තුළ සිදු වූ සංසිද්ධියක් බව සනාථ වන කරුණු රැසක් මෙම ගවේෂණයේදී පැහැදිලි විය.

බෞද්ධ දර්ශනය පිළිබඳ විශිෂ්ට දැනුමක් ඇති මහාචාර්යවරයකු වූ විහාරාධිපති හිමියන් ස්ථීරසාර විශ්වාසයකින් යුතුව සර්වඥ ධාතුන් වහන්සේ වැඩම වීම ගැන සඳහන් කරති. එය සැහැල්ලුවෙන් ගත නොහැකිය. අප කළ ගවේෂණයේදී හමු වූ බාහිර පුද්ගලයා තොටුපොළ හිමි ගයාන් සංජීවය. ඔහුට දේශපාලන හෝ වෙනත් අරමුණක් නැති බව පැහැදිලිය. දිය යට පිහිටි ගල් තලාව ගැන දන්නේ ඔහුය. උදාර යෝගිතුමා එය ඔස්සේ ගඟ මැදට කැටුව යන්නේ ඔහුය. යෝගිතුමා කිසිවක් රැගෙන නොගිය බවත් කරඬුව ඔහු අතට පහළ වන්නේ හදිසි නිශ්චිත නිමේෂයකදී බවත් ඔහු ඉඳුරාම පවසයි. තමාට කිසිදු වාසියක් මෙයින් නොලැබුණු බව ඔහු අප සමඟ සහතික විය.

විහාරාධිපති නායක ස්වාමීන් වහන්සේ අප සමඟ පැවැසූ පරිදි කැලණි ධාතු මන්දිරය බොහෝ ප්‍රාතිහාර්ය සිදුවන ස්ථානයකි. එහි වූ ථෙරවාද සහ මහායාන බුද්ධ ප්‍රතිමා කිහිපයක්ම ධාතු මන්දිරය ඉදිකිරීමෙන් පසු විවිධ අවස්ථාවන්හිදී පහළ වූ ඒවා බවද උන්වහන්සේ පැවැසූහ.

නිසි සොයා බැලීමකින් තොරව ආවාට ගියාට හිතු හිතූ පරිදි විශ්වාසයන්ට පහර එල්ල කිරීම සහ විශ්වාසයක් හෙළා දකිමින් අවඥානයෙන් කතා කිරීම පුහු වීරත්වයක් බවට පත්ව තිබේ. ප්‍රඥාවන්තයන් පා තබන්නට බිය බිමෙහි මෝඩයෝ පිනුම් ගසනවා යැයි කතාවක් තිබේ. ඕනෑම සමාජ සංසිද්ධියක් පිළිබඳව අවසන් තීන්දුව දෙන්නේ බහු ජනයා මිස ඊනියා සමාජ මාධ්‍ය නොවේ. මිනිසුන්ගේ හෘද සක්ෂිය සෙල්ලමට ගන්නට ඔවුන්ට සදාචාරාත්මකව මෙන්ම පවතින නීතියෙන්ද ඉඩක් නැත.

නිසි අයුරින් වත්පිළිවෙත සිදු කෙරෙන පූජ්‍ය ස්ථානයන්හි හාස්කම් සිදුවනු දැකීම පුදුමය දනවන සිදුවීමක් නොවේ. බෞද්ධ සංස්කෘතික ඉතිහාසයේ එවැනි අවස්ථා උදාහරණ කොතෙකුත් තිබේ. කැලණි විහාරය ගත් විට එහි ඉතිහාසයේ මෙවැනි ප්‍රාතිහාර්යයන් අවස්ථා ගණනාවකදී විද්‍යමාන වී තිබේ. නායක හිමියන් පවසන පරිදි වර්තමාන ධාතු මන්දිරය තුළ වඩා හිඳුවා ඇති බුද්ධ ප්‍රතිමා සහ බෝධි සත්ව ප්‍රතිමා කිහිපයක්ම ප්‍රාතිහාර්යයෙන් පහළ වූ ඒවාය.

ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
අබිරහස්ව ඝාතනය වූ යුධ විරුවා – සෙන්පති ඩෙන්සිල් කොබ්බෑකඩුව


කොටි ත්‍රස්තයන් බියෙන් සලිත කරමින් 1987දී  උතුරේ ක්‍රියාත්මක වූ “වඩමාරච්චි” මෙහෙයුම, 1990දී නැගෙනහිර LTTE සංවිධානයෙන් මුදා ගැනීමේ සාර්ථක මෙහෙයුම වූ “ක්ලීන් ස්වීප්” හා අලිමංකඩ මුදා ගැනීම සඳහා 1991දී ඇරඹි “බලවේග” මෙහෙයුම යන මෙහෙයුම් 2009දී උතුරු නැගෙනහිර මුදාගැනීමේ මානුෂික මෙහෙයුමට පෙර සාර්ථක ප්‍රතිඵල ලබා ගත් මෙහෙයුම් ලෙස ඉතිහාස ගත වී තිබෙනවා.

මෙම මෙහෙයුම් මගින් ලබා ගත් ජයග්‍රහණ පසුව දේශපාලනිකමය හේතූන් නිසා කණපිට පෙරලුනත් 80 දශකයේ අග හා 90 දශකයේ මුල ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට නිවැරදි හමුදාමය නායකත්වයක් ලැබුණු කාලයක් ලෙස හැදින්වීමට ඉහත සදහන් කළ මෙහෙයුම් සාක්ෂි දරනවා. එම යුගයේදී මෙරටින් ත්‍රස්තවාදය අතුගා දමන්නට එම මෙහෙයුම් වලට හමුදා නායකත්වය ලබා දුන් ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් තුල අදටත් ආදරයට පත් සෙන්පතියෙකු පිළිබඳවයි අද මේ සටහන ගෙන එන්නේ.

ඉතින් ඔහු අන් කවෙරෙකුත් නොව ඔබ අප හොදින් හදුනන ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව නම් අසහාය යුධ වීරයායි.

ත්‍රිත්ව විද්‍යාලයෙන් යුධ පිටියට

ත්‍රිත්ව විද්‍යාලීය රගර් කණ්ඩායම දකුණේ සිටගෙන සිටින්නේ ඩෙන්සිල් කොබ්බෑකඩුවයි. (The Nation)

ඩෙන්සිල් ලක්ෂ්මන් කොබ්බෑකඩුව 1940 වසරේ ජූලි 27 වනදා මහනුවරදී  උපත ලබන අතර මහනුවර ඉපැරණි ප්‍රභූ පරපුරකින් පැවැත එන පිළිමතලාවේ දෙල්දෙණියේ වළව්වේ ලොකු බණ්ඩාර කොබ්බෑකඩුව හා මහනුවර ගුන්නෑපාන අමුණුගම වලව්වේ අයෝනා රත්වත්තේ  ඩෙන්සිල් ලක්ෂ්මන් ඔහුගේ දෙමාපියන් වෙනවා.

මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් මූලික හා ද්විතික අධ්‍යාපනය හදාරන කොබ්බෑකඩුව ශිෂ්‍යයා පාසල් අවධියේ විද්‍යාලීය රගර් කණ්ඩායමේ කැපී පෙනෙන දස්කම් දක්වනවා. 1960 වසරේ මැයි මස 29වන දින කැඩෙට්‌ නිලධාරියකු වශයෙන් යුධ හමුදාවට එක් වෙන කොබ්බෑකඩුව තරුණයා 1962 වසරේ අගෝස්තු මස 03වන දින  දෙවැනි ලුතිනන්වරයකු ලෙස පත්වීම් ලබනවා. 1966  ඩඩ්ලි සේනානායක ආණ්ඩු සමයේ හමුදා කුමන්ත්‍රණයකට ඈඳා ගනිමින් අනිවාර්ය නිවාඩු යවා තිබූ ඩෙන්සිල් කොබ්බෑකඩුව යළි සේවයට කැඳවන්නේ 1970දී සිරිමාවෝ බණ්ඩාරනායක ආණ්ඩුව බලයට පත් වීමෙන් අනතුරුවයි.

1971 කැරැල්ල මර්ධනය කිරීම සඳහා යුධ හමුදාව විසින් දකුණු ප්‍රදේශය මෙහෙයවීමට භාර දෙනු ලබන්නේ එවකට බ්‍රිගේඩියර් වරයෙකුව සිටි කොබ්බෑකඩුවටයි. අනෙක් නිලධාරීන්ට සාපේක්ෂව ඔහු සිරකරුවන් කෙරෙහි අනුකම්පාවෙන් යුතුව ක්‍රියා කළ බව සදහන් වෙනවා.

කොටින්ට පහර පිට පහර වැදුණු “වඩමාරච්චි” මෙහෙයුමට නායකත්වය ලබා දීම


වඩමාරච්චි මෙහෙයුමේදී (Colombo Telegraph)

ඩෙන්සිල් කොබ්බෑකඩුව උතුරු ප්‍රදේශය මුදාගැනීමේ  වඩමාරච්චි මෙහෙයුමට නායකත්වය ලබා දෙන්නේ  බ්‍රිගේඩියර්වරයකු ලෙසින්. ඊට සක්‍රීයව සම්බන්ධ වූ අනෙක් නිලධාරියා වන්නේ කර්නල් විජය විමලරත්නයි. 1987 මැයි 26 වැනිදා වඩමාරච්චි මෙහෙයුම ආරම්භ වූ අතර 1987  ජූනි දක්වා යුද සැලසුම ක්‍රියාත්මක විය.

ගැමුණු හා ගජබා රෙජිමේන්තුවල භටයන් 8000 ක්‌ ඊට සම්බන්ධව සිටි අතර යුධ හමුදාවේ දැඩි  ප්‍රහාර හමුවේ කොටි ත්‍රස්තවාදීන් කොන්ඩන්ආරු පාලම පුපුරුවා හැර යාපනය අර්ධද්වීපයට ඇතුල් වීම වැළක්වීමේ අසාර්ථක උත්සාහයක නිරත වෙනවා. එහෙත් ඉන් අධෛර්යමත් නොවූ භට පිරිස්‌ උඩුප්පිඩි, වැල්වැටිතුරේ තෙල්ලඩි හරහා පේදුරුතුඩුව වෙත පැමිණීමට සමත් වෙන්නේ නිවැරදි හමුදා නායකත්වය හේතුවෙන්.

විශේෂයෙන් කොබ්බෑකඩුව, විමලරත්න සුසංයෝගය එල්.ටී.ටී.ඊ.යට වැදුණු මරු පහරක් විය.

දේශපාලනික හේතූන් නිසා මඟ නැවතුනු වඩමාරච්චි

ඉන්දියන් හමුදාව මෙරටට (Revisiting India)

කෙසේනමුත්  ප්‍රභාකරන් ඇතුළු ඔහුගේ සහචරයන් යාපනය ප්‍රදේශයේ  කොටුවී සිටියදී වඩමාරච්චි මෙහෙයුම නතර කරන්නැයි ඉන්දීය අගමැති රජිව් ගාන්ධි ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වූ ජේ. ආර් ජයවර්ධනට කියා සිටිනවා.

1987 ජුනි 03 දා උතුරේ ජනතාවට මානුෂික ආධාර යැයි කියමින් රතු කුරුස ධජය සහිත ඉන්දීය බෝට්‌ටු රැසකට යාපන අර්ධද්වීපය අසල මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදාව විසින් මෙරට මුහුදු සීමාවට ඇතුළුවීමට ඉඩ දෙන්නේ නෑ. මෙයින් කෝපයට පත් වෙන ඉන්දීය රජය “අපි යාපනයට ගුවනින් සහනාධාර දමනවා. එම සහනාධාර රැගත් යානාවලට වෙඩි තැබීමට නුඹලා ක්‍රියා කළහොත් බරපතළ ප්‍රතිවිපාකවලට මුහුණපෑමට සිදුවෙයි” යැයි පවසමින් වඩමාරච්චි මෙහෙයුම නතර කරන්නට බල කරමින් ශ්‍රී ලංකා රජය සමඟ සුප්‍රසිද්ධ ඉන්දු-ලංකා ගිවිසුමට එළඹෙනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස තමයි ඉන්දියානු හමුදා මෙරටට පැමිණෙන්නේ.

වඩමාරච්චි මෙහෙයවූ කොබ්බෑකඩුවගේ සැලසුම් ක්‍රියාත්මක කිරීමට හැකිවූවානම් 2009 වසරේ අවසන් මානුෂීය මෙහෙයුමක් සිදු කිරීමට අවශ්‍ය නොවන පරිදි සම්පූර්ණයෙන්ම ත්‍රස්තවාදය මෙරටින් තුරන් කිරීමට ඉඩ තිබුණි.

“ක්ලීන් ස්වීප්” හා “බලවේගය” මෙහෙයුම් සඳහා නායකත්වය

බලවේගය මෙහෙයුමේදී තුවාල ලැබූ සෙබළෙක් ප්‍රතිකාර සඳහා රැගෙන යාම (Thuppahi’s Blog)

1990 ජූලි 11 වන විට LTTE සංවිධානය නැඟෙනහිර සිය අණසක පතුරවමින් ජන ජීවිත අඩාල කර සියලුම පොලිස් ස්ථාන වල බලය අල්ලා ගෙන පොලිස් නිලධාරීන් සිය ගණනක් ඝාතනය කරනු ලබනවා. මේ අවස්ථාවේදීත් ත්‍රස්තවාදීන්ගේ අණසකට නතු වූ නැ‍ඟෙනහිර මුදා ගැනීමට පැවරෙන්නේ කොබ්බෑකඩුවටයි. නැ‍ඟෙනහිර ප්‍රදේශය කොටස් හතරකට බෙදා “ක්ලීන් ස්වීප්” මෙහෙයුම අතිසාර්ථක අයුරින් නිම කරන්නේ නැවතත් නැ‍ඟෙනහිර ජනාවාස හා ජන ජීවිත සුරක්ෂිත කරමින්.

අලිමංකඩ නැවත අල්ලා ගැනීම සඳහා දියත් කළ “බලවේගය” මෙහෙයුමද කොබ්බෑකඩුව නායකත්වය දුන් තවත් ක්‍රියාදාමයක්‌. 1991 වසරේ ජුනි මස අලිමංකඩ හමුදා කඳවුර වෙත කොටි ත්‍රස්තයන් දැඩි ප්‍රහාර එල්ලකර එය අල්ලා ගන්නවා. එහෙත් යුධ ටැංකි සහ බර අවි රහිතව අලිමංකඩ කඳවුර යලි අල්ලා ගැනීමට කොබ්බෑකඩුව ඇතුළු හමුදා බලසේනාවට හැකියාව ලැබෙනවා.

අරාලි තුඩුවේ බෝම්බය

මිය ගිය අනෙක් නිලධාරීන් (Ministry of Defence)

සමස්ත ශ්‍රී ලංකාවෙන්ම ත්‍රස්තවාදය තුරන් කිරීමේ උවමනාවෙන් සෙන්පති කොබ්බෑකඩුව ප්‍රමුඛ උසස් නිලධාරීන් පිරිසක් “ෆයිනල් කවුන්ට් ඩවුන්” මෙහෙයුම පිළිබඳව රහස් සාකච්ජාවකට සහභාගී වන්නට 1992 අගෝස්‌තු 08 වැනිදා කයිට්ස් දූපත තුළ පිහිටා තිබුණු කදවුරක් වෙත ගමන් කරනවා.

කරෙයිනගර් නාවික කඳවුරේ සිට කොබ්බෑකඩුව ප්‍රමුඛ අණදෙන නිලධාරීන් කයිට්ස් ජැටියට පැමිණෙන්නේ බෝට්ටු වලින්. මේජර් ජෙනරාල් කොබ්බෑකඩුවට අමතරව බ්‍රිගේඩියර් විජය විමලරත්න, උතුරු නාවික ආඥාපති කොමදෝරු මොහාන් ජයමහ ඇතුළු ‍‍‍ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් කිහිප දෙනෙක් ජීප් රියකට ගොඩවෙන්නේ අරාලි තුඩුවට යාමටයි. “ෆයිනල් කවුන්ට් ඩවුන්” මෙහෙයුමේ සැලැස්ම ක්‍රියාත්මක කරන එක් බිමක් වූයේ අරාලිතුඩුවයි.

සාකච්ජාව අවසන් වී නැවත නිලධාරීන් එමින් සිටි ජීප් රිය වැලි පාරකින් පැමිණ තාර පාරට දැමීමට සූදානම් වීමත් සමඟම මුළු ප්‍රදේශයම මහ හඩින් දෙදරමින් වාහනය පුපුරා යනවා. ඊලග මොහොතේ ඩෙන්සිල් කොබ්බෑකඩුව අඩි විස්සක් තිහක් පමණ දුරින් වැටී සිටියේ මරුවා සමග සටන් කරමින්. මේජර් ජෙනරාල් විජය විමලරත්නගේ සිරුර තුනටිය ළගින් කොටස් දෙකකට වෙන්වන්නටම කැඩිගොස් තිබුණි.

පිපුරුමෙන් මොහොතකට පසුව අරාලි තුඩුවට පැමිණෙන හෙලිකොප්ටරයකින් කොබ්බෑකඩුව හා ජයමහ යන සෙන්පතිවරුන් පලාලි රෝහලට ගෙන යාමට පියවර ගත්තද අතරමගදී මොහාන් ජයමහ මරණයට පත් වෙනවා. පලාලි රෝහලට ඇතුළු කළ කොබ්බෑකඩුවට අවශ්‍ය මූලික ප්‍රතිකාර දුන් වෛද්‍යවරුන් හමුදා නිලධාරීන් හා සම්බන්ධ වී වහාම ජයවර්ධනපුර මහ රෝහල අමතා හදීසි තත්ත්වයක් ප්‍රකාශ කර සියළු අංශයන්හි විශේෂඥ වෛද්‍යවරුන් හා ශල්‍යාගාරය වෙන්කර තබන ලෙසට දැනුම් දෙනවා.  අතරමගදී හදීසි ප්‍රතිකාර අවශ්‍ය වුවහොත් ඒ සඳහා අනුරාධපුර මහ රෝහලද සූදානම් කෙරෙනවා.

ඝාතනය අභිරහසක්

සෙන්පති කොබ්බෑකඩුව සිහිවීමට අරාලි තුඩුවේ ගොඩනගා ඇති ස්මාරකය (Mapio.net)

කෙසේනමුත් වෛද්‍ය ප්‍රතිකාර ප්‍රමාද වීම අදටත් සැකයක්. ජයවර්ධනපුර මහා රෝහ‍ලේ සියළු කටයුතු සූදානම් කර තිබියදීත් කොබ්බෑකඩු රැගත් හෙලිකොප්ටරය ජයවර්ධනපුර රෝහල අහසේ කීප විටක්‌ම කැරකී  රැගෙන ගියේ කොළඹ ජාතික රෝහලටයි. පලාලි වලින් රත්මලානටත් පසුව කොළඹ ගුවන් හමුදා මූලස්ථානයටත් ගොස් කොළඹ ජාතික රෝහලට ඇතුළු කිරීමට බොහෝ වේලාවක් ගත වෙනවා. උදේ දහයට බෝම්බ පිපිරුමෙන් තුවාල ලැබූ ඔහු රෝහල් ගත කළේ පස්වරු දෙකට පමණ. වෛද්‍යවරුන් කෙතරම් උත්සාහ කළත් පස්වරු 2:30 පමණ වන විට මරුවා ජය ගනු ලබනවා.

කොටි ත්‍රස්තයන් විසින් පාරේ ඇටවූ පීඩන බෝම්බයකින් ජීප් රිය පුපුරා ගිය බවක් සදහන් කරමින් බෝම්බ පිපිරීම කොටි සංවිධානය විසින් සිදුකළ බවට එකළ එක එල්ලේම චෝදනා නැගෙනවා.

පසුව මේ සම්බන්ධ කොමිසමක්‌ පත්කරනු ලැබුවත් නියම සත්‍යය අනාවරණය වන්නේ නෑ. ඉන්පසුව කොබ්බෑකඩුව කොමිසම පත්කෙරෙන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩු සමයේදීයි.

කොමිසමේ ආරාධනය අනුව බ්‍රිතාන්‍ය බෝම්බ නාශක විශේෂඥයකු වූ ඡේ.ආර් වයිට්‌ සිදුවීමට අදාළ ඡායරූප විමර්ශනය කර අරාලි තුඩුවට ආසන්න ස්‌ථානයකදී ජීප් රථ දෙකක්‌ විමර්ශනයට ලක්‌ කරනවා. එක්‌ විමර්ශනයක්‌ වූවේ නිලධාරීන් නව දෙනකුගේ බර යොදා ජීප් රියක්‌ බිම් බෝම්බයක්‌ පිහිටි ස්‌ථානයක්‌ හරහා යෑවීමයි. අනෙක වූවේ ජීප් රිය තුළ බිම් බෝම්බයක්‌ අටවා නව දෙනෙක්ගේ බරක් යෙදීමයි. වයිට්‌ගේ නිගමනය වූයේ මෙය බිම් බෝම්බයක්‌ නොවන බවත් ජීප් රියේ අටවා තිබූ බෝම්බයක්‌ බවත්ය.

පසුව ඝාතනයේ සැකය යොමු වන්නේ එවකට ජනාධිපති වූ රණසිංහ ප්‍රේමදාස වෙතටයි. නමුත් ඒ වන විට ජනාධිපතිවරයා LTTE බෝම්බකරුවෙක් අතින් (වර්ෂ 1993 මයි 1 දින) ඝාතනය වී හමාරයි. ශ්‍රී ලාංකික ජනතාවගේ හදවත් තුළ සදා නොමැකෙන මතකයක් ඉතිරි කරමින්  කොබ්බෑකඩුව නම් වීර සෙන්පතියාගේ ඝාතනය කොටි ත්‍රස්තයන් විසින්ද නැත්නම් බලලෝභී දේශපාලකයන් විසින් සිදු කලාද යන්න තවම අභිරහසක් බව ඝාතනයෙන් වසර ගණනාවක් ගත වුවද ලියා තැබිය යුතු වන්නේ ඉහත දැක්වූ හේතූන් නිසාය.

මුලාශ්‍ර- Wikipedia, ශ්‍රී ලංකා යුධ හමුදා වෙබ් අඩවිය, දිවයින, දිනමිණ හා මව්බිම පුවත්පත්.



ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
වසා දැමූ පෞද්ගලික බලාගාරයක් වෙනුවෙන් ආණ්ඩුව ඇමති මලික්ගේ යාළුවා ජෙහාන්ට රු. කෝටි 117ක් ගෙවලා! 2018 ලංවිම පාඩුව කෝටි 5000යි!



උතුරට විදුලි බලය සැපයීම සඳහා ආරම්භ කළ චුන්නාකම් පෞද්ගලික විදුලි බලාගාරයෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් එකක්වත් ලබා නොගන්නා පසුබිමක ලංකා විදුලි බල මණ්ඩලය එම බලාගාරයට අයත් MTD Walkers PLC නම් සමාගමට රු. බිලියන 1.01ක් ලබා දී ඇතැයි විදුලිබල මණ්ඩල අභ්‍යන්තර මූල්‍ය ලේඛනයක් මගින් අනාවරණය වී තිබේ.

වසර කිහිපයකට පෙර ආරම්භ කළ මෙම විදුලි බලාගාරය පරිසර ප්‍රශ්නයක් නිසා අධිකරණ නියෝග මත 2015 ජනවාරි මස සිට පවතින්නේ අක්‍රීය තත්ත්වයේය. ඒ අනුව එතැන් සිට මෙම විදුලි බලාගාරය එකදු විදුලි ඒකකයක් හෝ නිෂ්පාදනය කර නැත.

එහෙත් 2017-2018 වසරවල දී ලංකා විදුලිබල මණ්ඩලය රු. කෝටි 68 සහ රු. කෝටි 49ක් වශයෙන් රු. කෝටි 117ක් MTD Walkers PLC සමාගමට ගෙවා තිබේ. මෙම සමාගමේ උපසභාපතිවරයකු ලෙස කටයුතු කළ ජෙහාන් අමරතුංග එකල මහජන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ද කටයුතු කළ අතර මෙම සමාගම පාඩු ලබන පසුබිමක මහජන බැංකුව රු. බිලියන 10කට අධික ණයක් ලබා දුන් බවට ද චෝදනා එල්ල වෙයි.

එම මුදල නැවත අයකරගත්තේ ද නැද්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත. ජෙහාන් අමරතුංග යනු අමාත්‍ය මලික් සමරවික්‍රමගේ සමීපතම ව්‍යාපාරික සගයාය.

මේ අතර 2018 වසරේ විදුලිබල මණ්ඩල පාඩුව කෝටි 5000ක් බව ඇමති මනෝ ගනේෂන් හෙළිකර තිබිණි.



ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
රටටම ආදර්ශයක් වු බියගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීනිය


 ජනතා බදු මුදල් වලින් ලැබෙන ප්‍රතිපාදන වලින් නගරය සංවර්ධනය සදහා වෙන්කරන මුදල් ප්‍රාදේශීය සභා හරහා ගමට ලැබෙනවා ඒ ගමේ අවශ්‍යතා සපුරන්න. 
ඒ සංවර්ධන ව්‍යාපෘතිය ඇතෙමෙක් තමන්ගේ නම ගහන් ලොකුකම හා ඉලග මැතිවරණය ජය ගන්න දගල රටක එම මුදල් ජනතා බදු මුදල් බව සගවන රටක මෙවැන දෙයක් රටට ආදර්ශයක් නොවනෙද ? 
රටම දැනගතයුත්තේ මෙයයි අපේ සමහර නායකයන්ට මෙය හොද ආදර්ශයකි. සැම දෙනා මෙසෙ වන්නෙනම් අපේ රට කෙතරම් සුන්දර රටක් වේවිද...

පහලින් ඇත්තේ බියගම ප්‍රාදේශීය සභා මන්ත්‍රිනි තිමල්කා පොත්තේවෙල ඔහුගේ ෆ්ස්බුක් ගිණුම් තබා ඇති සටහනකි



ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
මදුෂ්  බෙරාගැනිමට දත කන ඇත්තා 



ඩුබායි හෝටලයක මත්කුඩු සමග මාකන්දුරේ මධූෂ් නම් මෑත ඉතිහාසයේ මුලු රටම බියෙන් වෙලාගත් පාතාල නායකයා කොටු වීමත් සමග මංගල සමරවීර ඇමතිවරයා සහ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු කලබල වී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශයේ විස්වාසවන්ත ආරංචි මාර්ග තහවුරු කර ඇත. 
                හේමසිරි ප්‍රනාන්දු නම් ඒ දඩබ්බර මිනිසා අද කඩි මුඩියේ ඩුබායි රාජ්‍යයේ ආරක්ෂක අමාත්‍යාංශයට අමතා ඇත්තේ තමාගේ සහ තම ගජ මිතුරන්ගේ පැටිකිරිය එලි වේ යයි බියෙන් මාකන්දුරේ මධූෂ්ට ඇප හෝ නිදහස් කර ගැනීමේ අරමුනෙනි.
                   තමා සහ මංගල සමරවීර වැනි දේෂද්‍රෝහීන් කිහිපදෙනකු මාකන්දුරේ මධූෂ් හට රටින් පැන ගොස් ඩුබායි රාජ්‍යයේ ජිවත් වීමට උදව් කල බව ආරංචි වීම වසා ගැනීමට ඔහු දිවා රෑ නොබලා කටයුතු කිරීම නොඅනුමානය.

ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

  1. සේනා දළඹු වසංගතය ආණ්ඩුවේ කුමන්ත‍්‍රණයක්.. කෘෂිකර්මය වනසා සියළු ආහාර රටින් ගෙන්වයි..- මහින්ද හෙලි කරයි..


සේනා දළඹු වසන්ගතය මෙම රජයේ රහසිගත වැඩපිලිවෙලක් යයි සැක කටයුතු බව හිටපු ජනාධිපති විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. එසේ රහසිගත වැඩපිලිවෙලක් මගින් කෘෂිකර්මය විනාශ කර ආහාර සියල්ල විදෙස් රටවලින් ගෙන්වා ගැනීමට රජය සැරසෙනවා විය හැකි බවද ඒ මහතා කියා සිටියේය. මෙම ගැටළුවේදී රජයේ නිහඬතාවය නිසා මෙම සැකය ඇතිවන බවද ඒ මහතා තව දුරටත් කියා සිටියේය. මාධ්‍යවේදීන් වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.   



ඇඩ්මින් - Dissa ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
පළාත් සභා 3ක් විසුරුවයි! සියලුම ඡන්ද කඩිනමන්



මේ වනවිට විසුරුවා නැති පළාත් සභා තුනද ඉක්මනින් විසුරුවා පළාත් සභා 9ම මැතිවරණ එකවර පැවැත්වීම සඳහා කැබිනට් තීරණයක් ගැනීමට ජනාධිපතිවරයා විසින් විශේෂ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිතය.

විශ්වාස කටයුතු ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මෙම විශේෂ කැබිනට් පත්‍රිකාව ලබන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට බොහෝ දුරට ඉඩකඩ ඇතැයි වාර්තා වෙයි. විදේශගතවීමට පෙර ජනපතිවරයා ඊට අත්සන තබා තිබිණි.

දැනටමත් පළාත් සභා නවයෙන් හයක නිල කාලය අවසන් වී තිබේ. දකුණ, ඌව සහ බස්නාහිර පළාත් සභාවල නිල කාලය හමාර වන්නේ ඉදිරි කාලයේදීය. පළාත් සභා 9 මැතිවරණ කඩින්කඩ පවත්වන්නේ නැතිව එකවර පවත්වන ලෙස දේශපාලන පක්ෂ ගණනාවක්ම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති නිසා මෙම කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබාගෙන අප්‍රේල් අග හෝ මැයි මස මුල් භාගයේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම ජනාධිපතිවරයාගේ තීරණය බව සඳහන්ය.

පසුගිය දිනවල පැවති සාකච්ඡා ගණනාවකදී පළාත් සභා ඡන්ද කඩිනමින් පැවැත්විය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කර තිබිණි.



ඇඩ්මින් - Dissa ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
ගෝටාභයට පොහොට්ටු මූලස්ථානයේ කාමරයක් සූදානම් කෙරේ…



හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතාට බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ කාමරයක් වෙන් කිරීමට කටයුතු කෙරෙමින් ඇති බව නිල නොවන ආරංචි මාර්ග වාර්තා කරයි.

රාජපක්‍ෂ මහතා පොදුජන පෙරමුනේ සාමාජිකත්වය ගැනීමෙන් පසු මෙම කාර්යාලයේ සිට සිය දේශපාලන කටයුතු විහිදුවනු ඇති බවද වාර්තා වෙයි.

මීට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ගෝටාභය රාජපක්‍ෂ මහතා පොදුජන පෙරමුණු කාර්යාලයට කැදවාගෙන ගිය අතර එහිදී උණුසුම් පිලිගැනීමක් ඔහුට ලැබින.



මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
පළාත් සභා මැතිවරණය පවත්වනු..- පොහොට්ටුව උසාවියේ නඩු දමයි..



දැනට වසර එකහමාරක කාලයක් කල් දමා ඇති පළාත්සභා මැතිවරණය ඉක්මනින් පවත්වන ලෙස ඉල්ලමින් අධිකරණය යාමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා කියයි.

මන්ත‍්‍රීවරයා පෙන්වා දෙන්නේ මැතිවරණ නොපැවැත්වීමෙන් ජනතාවගේ සර්වජන ඡන්ද බලය අහිමිව ඇති බවත් එය මානව හිමිනම් උල්ලංඝණයක් බවත්ය.

පවත්වන ලද පලාත් පාලන මැතිවණයේදී පොදුජන පෙරමුණ 80%ක පමණ පලාත් පාලන ආයතන ප‍්‍රමාණයක් ජය ගැනීම හේතුවෙන් ආණ්ඩුව බිය වී මැතිවරණ නොපවත්වන බවද ඔහු කියා සිටී.

අනුරාධපුරයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.




ඇඩ්මින් - Dissa ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
විපක්‍ෂය බලය පෙන්වයි.. නව ව්‍යවස්ථාවට විරුද්දයි.. 2/3 අහිමි වී ව්‍යවස්ථාව අවසන්.


පසුගියදා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් කුණුකන්දල් සියල්ල එකතු කර නව ව්‍යවස්ථා කෙටුම්පතක් යයි කියමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල බව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි. එසේ ගෙන එන ලද ව්‍යවස්ථා යෝජනාවලිය සත පහකට වැඩක් නැති බවත් මහ ලේකම්වරයා කියා සිටී. අගමැතිවරයා විසින් එසේ කරන ලද්දේ ඊළග මැතිවරණයේදී දෙමල ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමට බවත් මන්ත‍්‍රීවරයා පැවසීය. ශ‍්‍රීලනිප මහ ලේකම්වරයාගේ මෙම ප‍්‍රකාශය මත පෙනී යන්නේ නව ව්‍යවස්ථා යෝජනාවලියට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප‍්‍රධාන එක්සත් ජනතා නිදහස් සන්ධානය විරුද්ද වනු ඇති බවයි. එනම් පාර්ලිමේන්තුවේ ආසන 102ක් නියෝජනය කරන සන්ධානය විරුද්ද වූ සැණින් නව ව්‍යවස්ථාවට 2/3 බලය අහිමි වන අතර ව්‍යවස්තා වැඩපිලිවෙල එතැනින්ම නවතී. 

ඇඩ්මින් - Dissa ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
ජවිපේ විමල්ට බය ඇයි? 




 ඉතිහාසය පුරාම බොහෝ අය හැර ගිය බව ඇත්තකි.ඒ අය අතර පක්ශයේ මහ ලේකම් තනතුර දැරූ ලයනල් බෝපගේ,පක්ශ නායකත්වය දැරූ සෝමවංශ අමරසිංහ හා ජනාධිපතිධූරාපේක්ශක නන්දන ගුණතිලකද විය. මේ පිරිස් අතරන් වැඩි දෙනා ජවිපේ හැර ගිය පසු නිහඬ ජීවිත ගතකර සැඟවී ගියහ. නමුත් මින් සමහර අය ජවිපේට එරෙහි ප්‍රහාරාත්මක ආස්ථානයකට ගිය අතර සමහරු අනෙකුත් ධනේශ්වර පක්ශ තුලට වැද සැඟවී ගියේය. නමුත් විමල් ඒ හැමටම වඩා වෙනස් මාවතක් තෝරා ගනිමින් විකල්ප දේශපාලන මතවාදයක් සහිත දේශපාලන පක්ශයක් බිහිකර වසර අටකට ආසන්න කාලයක් පවත්වාගෙන යාමත්,එය වසර පනහකට ආසන්න ජවිපෙට අභියෝගයක් වන මට්ටමට පවත්වාගෙන යාමට හැකිවීම සුවිශේෂී සංසිද්ධියකි.අද ජවිපේ පාර්ලිමේන්තුවේ ආසන 6ක් (ජාතික ලයිස්තු මංත්‍රීධූරයද සමඟින්.)නියෝජනය කරනවිට ජාතික ලයිස්තු මංත්‍රීධූර නැතිව ආසන 5ක් ජාතික නිදහස් පෙරමුන නියෝජනය කිරීමෙන් විමල්ගේ තරම කියා පායි.ජවිපේ එළියට පැමිණි බොහෝ තරු ටික කලකින්ම නිවී ගියද විමල් දින දින ජාතික දෙශපාලන තලයේ බැබළීම ජවිපේ ඇසේ කටු අනින්නක් විය. ඒ නිසාම තම නායකයා ඇතුළු 60,000ක් බාබකි‍යු දැමූ එජාපයේ රනිල්ලාට වඩා ජවිපේ පරම හතුරා විමල් බවට පත්වීම තේරුම් ගත හැක. සැබෑ ලෙසම ජවිපේ දේශපාලනය ගොඩනගා ඇත්තේ වෛරය පදනම් කර ගනිමිනි.එය පංති අතර වෛරය ලෙස වර ගන්වා තිබුනද සත්‍ය ලෙසම කර ඇත්තේ ජවිපෙට සම්බන්ධ වන සාමාජිකයාට නෙගෙටිව් මෝටිවේෂන් එකක් දීමය.ලෝකයේ ධනේශ්වර රටවල් සමාජ ප්‍රජාතන්ත්‍රවාදය මත ඉතාම දියුණු අඩියකට ඔවුන්ගේ රටවල් පත්කර ඇර්හි තත්වයක ඒ පිළිබඳ සිතන්නට නොදී තම සාමාජිකයාට පෙන්වා දෙන්නේ "නුඹලාට මේ සිදුවන සියලා සිදු වන්නේ ධනේශ්වර ක්‍රමය නිසාය" ඒ නිසා නුඹලා කොතෙක් උත්සාහ ගත්තත් කවරදාකවත් දියුණු වන්නට බැරිය කියාය.දියුණුවී ඇති සෑම කෙනාම හොරෙකු,වංචාකාරයෙකු ලෙස හන්වඩු ගස්වා උන්ගේ මජර තියරි සාමාජිකයා මත පටවා සමාජයට වෛර කරන ලෝකය දකින්නට බැරි අමු කුහක වෛරක්කාරයන් බවට පත් කර ඇත. පහළට එසේ උවත් ඉහල නායකත්වයට මේවා අදාල නැත.උන් ඒ ඒ අවස්ථාවල අවශ්‍ය ආකාරයට තියරි නවා නිර්ධන පංතියේ විප්ලවය වෙනුවෙන් යැයි පවසා,එසේ නැත්නම් ඒවා උපාය උපක්‍රම ලෙස වර ගන්වා සැපවත් ජීවිත ගත කරයි. "ජවිපෙන් යන එවුන්ට කිසිදු අනාගතය නැතිවෙනවා"යැයි උගන්වා එයය උදාහරණ ලෙස ලයනල් බෝපගේ,නන්දන ගුණතිලක ඇතුලු හැරගොස් නිවී ගිය තරු පෙන්වීම ජවිපේ න්‍යායයි. ඉඳින් ජවිපේ මේ ආකරයට ගොඩ නංවා උත්කර්ශයට නගා ඇති දේව වාක්‍ය වෙනස් වන්නේ විමල් නිසාය.ඔවුන් විමල්ව යට කිරීමට ගොස් මුළු පක්ශයම සිරිකොතේ දොරකඩටම ගෙනත් දමා ඇත.එදා විමල් යන සැම තැනකම විමල්ගේ කාර්‍යයාල සාහයක මෙන් පිටුපස ගිය අනුර කුමාරට හා දැන් ඉහල තනතුරුවල බැබලෙන බොහෝ දෙනාට විමල්ගේ ජනප්‍රියත්වය පිළිබඳ අධික හීනමානයක් සෑදී තිබූ බව නොරහසකි. නමුත් විමල් සාර්ථක ලෙස සමාජයේ මතවාදයක් සහිතව තහවුරු වීමට හැකි වූයේ ජාතික මතවාදය හා තම මව්බිම පිළිබඳ සැබෑම වූ ආදරයක් තිබූ නිසාය. අවසානයේ විමල්ට කෙලවීමට ගොස් අනුර ඇතුළු වෛරක්කාරී වැඩ බැරි කුහක නඩය විසින් වසර 50කට වැඩි ඉතිහාසයක් සහිත විප්ලවවාදී දේශපාලන පක්ශයක් කුජීත කර එක්සත් ජාතික පක්ශයේ තරුන පෙරමුන බවට පත් කර කනත්තට දක්කා ඇත. **අනුර...විමල් ඉදිරියේ උඹ තමත් කා.කා.ස ය.
*** -කැලුම් ජයසුමන- 2017 ජනවාරි 13 ලියූවකි.



ඇඩ්මින් - Dissa ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
ජනාධිපතිකම බාරගන්න ලෑස්තිදැයි ගෝටාභයගෙන් අසයි..

තමා විශ්වාස කරන රටට හිතකර ප්‍රතිපත්ති ඇති ඕනෑම නායකයෙකු යටතේ වැඩ කිරීම තමුන්ට ප්‍රශ්ණයක් නොවන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මෙසේ ඇසුවේ මහනුවරදී පැවති විද්වතුන් හා වෘතිකයින්ගේ සමුලුවක් අමතමිනි.

ඔහු එහිදී මෙසේද පැවසීය.

” අද ගෝල්ෆේස්වල ටාජ් හෝටලය හදල තියෙන ඉඩම ඉන්දියානු සමාගමකට දුන්නේ ජේ ආර් ජයවර්ධන ජනාධිපති තුමා, අද වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එක හදල තියෙන ඇචිලන් ස්ක්වයාර් ඉඩම සිංගපූරු සමාගමකට දුන්නේ ආර්ප්‍රේමදාස ජනාධිපතිතුමා. ඒ රජයේ ඉඩම් නිකං වගෙ පෞද්ගලික ආයතන වලට දුන්නේ. 99 අවුරුද්දට දුන්නේ කියලා ඒ ඉඩම් කවදාවත් ආපහු ගන්න පුලුවන්ද ?

නමුත් එ අසලම තියෙන ඉඩමක් ෂැංග්‍රිල්ලා හෝටලයට මහින්ද ජනාධිපතුමාගේ කාලේ දුන්නේ රජයට අති විශාල මුදලක් අයකරගෙන. ඒ මුදල් වලින් බත්තරමුල්ලේ හදන තිවිධ හමුදා මූලස්ථානය සාදා නිම කරන්නයි සැලසුම් කරල තිබුනේ. එහෙම් කලා නම් මහ භාන්ඩාගාරයට බරක් නැහැ. හමුදා මූලස්ථානය ගෝල්ෆේස් වලින් ඉවතට ගෙනියන්න තීරණය කරල තිබුනේ මීට දශක ගන්නාවකට පෙර වෙනත් රජයක් විසින්. නමුත් එයටභාන්ඩාගාරයේ මුදල් නැති නිසායි ප්‍රමාදය තිබුනේ.

ෂැන්ග්‍රිල්ලා හොටලයෙන් ගත් මුදලින් හමුදා මූලස්ථානය හදාගෙන යන විට මේ ආන්ඩුව බලයට ඇවිල්ල ඒ මුදල් ආපසු භාන්ඩාගාරයට ගත්තා. අද ඒ සල්ලි කෝ ? ඒවට වෙච්ච දෙයක් නහැ. දැන් හමුදා මූලස්ථානය හදල ඉවරකරන්න වෙන්නේ මහජන බදු මුදල් වලින් . කවුරුත් ඒ අපරාධය ගැන අහනවද ?”

“ජනතාව ඉල්ලා හිටියොත් ඔබ තුමා මේ රටේ නායකත්වය බාර ගන්න ලෑස්තිද කියා” යමෙක් මෙම සම්මන්ත්‍රණයේදී ඇසු ප්‍රශ්ණයකට උත්තර දුන් ගෝඨාභය රාජපක්ෂ මහතා කීවේ තමන්ට තනතුරු වැදගත් නැතිබවත් වැදගත් වන්නේ මව්බිම බවත්ය.

තමා විශ්වාස කරන රටට හිතකර ප්‍රතිපත්ති ඇති ඕනෑම නායකයෙකු යටතේ වැඩ කිරීම තමුන්ට ප්‍රශ්ණයක් නොවන නිසා එකද, දෙකද , තුනද නොබලා රට වෙනුවෙන් ජනතාව බාර දෙන ඕනෑම වගකීමක් දරන්නට තමන් සැම විටම සූදානම් බව මීට පෙරද කියා ඇතිබව හිටපු ආරක්ෂක ලේකම්වරයා මතක් කර දුන්නේය.



ඕවා කතා කරන්නට පෙර අපි සියලු දෙනා එක්ව රට මේ වැටී තියෙන උවදුරෙන් බේරාගමු කියා ඔහු තව දුරටත් කීවේය.

ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
ඉක්මනින් සුවය පතමු 
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඊයේ රාත්‍රියේ (24) හෘදයාබාධයක් හේතුවෙන් රෝහල් ගත කර ඇතැයි වාර්තා වේ. 

විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඊයේ සවස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමූවීමට ඔහුගේ නිවසට ගොස් ඇති අතර එහිදී යෝජිත නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් කතාබහක නිරත වී ඇත. ව්‍යවස්ථාව සම්බන්ධ කතාබහ ඇදී යද්දී විමල් වීරවංශ මන්ත්‍රීවරයා එක්වරම පපුව අල්ලාගෙන බිම හිඳගෙන තිබේ. ඒ මොහොතේ කලබල වූ පිරිස ඔහුව වහාම කොළඹ නවලෝක රෝහල වෙත රැගෙන ගොස් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත.  

කෙසේවෙතත් රෝහල් ආරංචි මාර්ග පවසන්නේ විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ තත්වය බරපතළ නොවන බවය.


ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
ජනපතිත් ආ උත්සවයක පන්සිල් ගැනීම හලයි.. හිමිනමක් නැගිට විරෝදය පායි..



සිරකරුවන්ගේ සුබ සාධක සංගමයේ 100 වැනි සංවත්සරය සැමරීම සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති උත්සවයකදී නොසන්සුන් තත්ත්වයක් ඇතිවිය.

ඒ එම උත්සවයේදි පන්සිල් ගැනීමට මග හැරීම හේතුවෙන් ඒ සඳහා සිරකරුවන්ගේ සුබ සාධක සංගමයේ උප සභාපති ඥානදස්සි හිමියෝ සභාවේ නැගී සිටිමින් විරෝධය දැක්වීමට කටයතු කිරීම හේතුවෙනි.

උත්සව සභාව ආරම්භ කරමින් මුලින්ම පොල්තෙල් පහන දැල්වීය, පසුව සිරකරු සුබ සාධක සංගමයේ සභාපති ආචාර්ය පී.ඒ. කිරිවන්දෙණිය මහතා පිළිගැනීමේ කතාව සිදුකළේය.

පසුව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතා උත්සව සභාව ඇමතීමට සූදානම් වෙන අවස්ථාවේදී ඥානදස්සි හිමියන් නැගිට විරෝධය පළ කරන්නට වූයේ න්‍යාය පත්‍රයේ පන්සිල් සමාදන්වීම තිබුණත් පසුව එය ඉවත් කර ඇති බව සඳහන් කරමිනි.

කෙසේ වෙතත් උන්වහන්සේ සභාවට පන්සිල් ලබාදුන් අතර ස්වාමිනාදන් මහතා සිය කතාවේදී ඒ පිළිබඳව සමාව ඉල්ලීමට කටයුතු කළේය. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුව උත්සව සභාව ඇමතීය. වෙනත් කිසිවෙකු සිද්ධිය සම්බන්ධයෙන් සමාව ඉල්ලිමට කටයුතු නොකළේය.

මෙම උත්සවය ආවරණය කිරිමට ගිය මාධ්‍යවේදීන්ට ජනපති ආරක්ෂක අංශයෙන් බාධා එල්ලවිය


ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
පා.ම.විමල් වීරවංශ මහතා UNP යට ?


පා.ම. විමල් වීරවංශ මහතා UNP පක්ෂයට එක්වි ඇති බව සමාජ ජාලා වෙබ් අඩවි වලින් දැනගැන්න්ම සමග මෙම පැතිරයන කතාවගැන sriavtvnetwork අපි ඔහුගෙන් විමසිමක් කරෙමු
මේ එහිදි එතුමා විසින් දක්වු අදහස් " මා සිරකර සිටියේ දේශපාලන පලිගැනිමක් ලෙසය". උසාවියෙන් වරදකරුවකු නොවන මාහට උසාවියෙන් ඇපලැබුනි. යහපාලනයේ පලිගැනිම් වලට උත්තරිත උසාවියේ නැනක් නොවන හෙහින් එයින් වු ලැජ්ජාවෙන් ගැලවිමට යහපාලනයට හා රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂපාති සමාජ ජාල වෙබ් අඩවි ගෙනඑන කටකතා වලට නොරැවටෙන්න කියා කියු අතර මියැදුනත් මව්බිම පාවානොදෙනබව එතුමා එකහෙලා ප්‍රකාශ කරසිටි.

- රුවන්දි ඒකනායක -



ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න



Copyright © 2012 Sri Av Tv Network