Showing posts with label Lankave api. Show all posts
ලොවපුරා ඉන්ධන හිඟයක් : ලොව රටවල් කිහිපයක විදුලි සැපයුමත් ඇණ හිටියි 


ඉන්ධන හිඟකම නිසා ලෙබනනයේ ප්‍රධාන විදුලි බලාගාර දෙක සිය විදුලි උත්පාදන නවතාලීම හේතුවෙන් මිලියන 06 කට ලෙබනන් වැසියන්ට විදුලි බලය ඇණ හිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

අද සිට විදුලි උත්පාදන කටයුතු නතර කරනු ලැබූ බවට ලෙබනන් රජය නිල වශයෙන් දැනුම් දුන් අතර එය හැකියාව වෙතොත් ලබන සඳුදා නැවත ඇරඹීමට බලාපොරොත්තු වෙන බවද ඔවුන් සඳහන් කර සිටියි.

ලෙබනන් හමුදාව සතු ඉන්ධන සංචිත යොදා ගෙන විදුලි උත්පාදන කටයුතු ඇරඹීමට ලෙබනන් විදුලි සමාගම බලාපොරොත්තු වෙන් පසුවුවත් එය ඉක්මනින් සිදුවේද යන්න ගැටළු සහගත බවයි එරට රජය පවසන්නේ.

2020 වර්ෂයේ බේරූට් වරායේ සිදුවූ පිපිරීමෙන් පසුව එරට පාලන බලයේ සිටි රජය ඉවත් වීමත් සමග ලෙබනනයේ තත්ත්වය දිනෙන් දින පිරිහීමට ලක්වෙමින් තිබෙනවා.

අවශ්‍ය ඉන්ධන ගබඩා නොකර ගැනීම ඇතුළු අත්‍යාවශය භාණ්ඩ හිඟකමට ප්‍රධාන හේතුව වී ඇත්තේ රටේ පාලන බලය අල්ලා ගැනීමට වෙර දරණ විවිධ කණ්ඩායම් අතර ඇතිව තිබෙන බල අරගලය බවයි ජාත්‍යන්තර විශේෂඥයින් පවසන්නේ.

මේ අතර ලොවපුරා බලශක්ති හිඟ තාවයක් මතුවෙමින් පවතිනවා. ඒ ගෝලීය ඉන්ධන හිඟතාවයක් මතුවීමත් සමගයි. 

ඉන්දියාවේ ගල් අඟුරු විදුලි බලාගාර ඉදිරි දීන 03 තුලදී අක්‍රිය වෙනු ඇති බවට එරට රජය දැනටමත් ප්‍රකාශ කර ඇත. ඒ ඔවුන්ගේ ගල් අඟුරු බලාගාර 135 සඳහා ඇත්තේ දින 03කට ප්‍රමාණවත් ඉන්ධන බවයි රජයේ දත්ත පෙන්නුම් කරන්නේ.

මේ තත්ත්වය හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී ඉන්දියාවේ නව දිල්ලි නුවර මිලියන 20 කට අධික ජනතාවට අඳුරේ සිටීමට සිදුවෙනු ඇති බවට දැනටමත් අනතුරු අඟවා ඇත.

මේ අතර කොවිඩ් වසංගතයෙන් පසු රටේ ආර්ථිකය නැවත විවෘත කිරීමත් සමග චීනයේ ගල් අඟුරු බලාගාර නැවත සක්‍රිය කෙරුණද ලොවපුරා ගල් අඟුරු සඳහා ඇතිවී තිබෙන අධික ඉල්ලුම හේතුවෙන් මිල ගණන් ඉහළ යෑම නිසා එම විදුලි බලාගාර පාඩු ලැබීම හේතුවෙන් වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

මේ හේතුවෙන් චිනයේද ඇතැම් ප්‍රදේශවල විදුලි සැපයුම ඇණ හිට තිබෙන බව සඳහන්. 

විශේෂයන් දකුණු ගුආන්ඩොන්ග් ප්‍රාන්තය සහ නිරිත දිග චීනයේ කර්මාන්ත ශාලා බහුලව පිහිටි ජිලිං, ලියෑනිංන් සහ හෙලිඔන්ගීජෑන්ග් යන ප්‍රදේශවලට මෙම තත්ත්වය තදින්ම බලපෑමකට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

මේ අතර චීනයේ ප්‍රාන්ත 16ක ඉන්ධන ඇතුළු බලශක්ති බෙදා හැරීම සලාක ක්‍රමයට යටත් කිරිමට කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ පුර්ණ විදුලි ඇණ හිටීමක් සිදුවීම වලක්වා ගැනීම සඳහායි.

මේ අතර කොවිඩ් -19 වසංගතයෙන් පසු ආර්ථික කටයුතු නැවත ඇරඹීමත් සමගම යුරෝපයේ ද ඉන්ධන හිඟතාවයක් මතුවෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

පරාක‍්‍රම සමුද‍්‍රය ඉස්මත්තේ ඇති හිටපු ජනපතිගේ නිවාස හෝටල් ඉවත් කරගන්නැයි කියයි

පරාක‍්‍රම සමුද‍්‍රය ඉස්මත්තේ ඇති හිටපු ජනපතිගේ නිවාස හෝටල් ඉවත් කරගන්නැයි කියයි…

පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයෙහි වැව් තාවුල්ල ගැන කතා කරන අය කරන්නේ වීදුරු ගෙවල්වල ඉඳලා ගල් ගැහීමක් .එයාලා පරාක්‍රම සමුද්‍රයට ආදරය නම් මුලින්ම කළ යුත්තේ එයාල හදපු හෝටල් හා ගෙවල් ඉවත් කරගන්න එක.යැයි පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.

රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මෙසේ පැවසූයේ අද දින කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක වාද්දුව  ශ්‍රී බෝධිරාජාරාමාධිපති මහාචාර්ය කොටපිටියේ රාහුල නාහිමියෝ බැහැ දැකීමට ගිය අවස්ථාවේදීය.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය.

ගොවි ජනතාවත් හොඳින් අවබෝධ කර ගන්න ඕන සහතික මිලක් කියන්නේ එයිට වඩා අඩුවෙන්  වී මිලදී ගන්න බැහැ කියන එක. දැන් උදාහරණයකට ගත්තොත් පහුගිය යහපාලන ආණ්ඩුව කාලේ වී මිල රුපියල් 32 යි 33 යි ජනතාවගේ හඳවතේ ගලේ කෙටුවාවගේ තියා ගත්ත නම් හොඳයි. යහපාලනය ගොවියා නැති භංගස්ථාන කරයි කියන එක, එතකොට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඇවිල්ලා වී වලට රුපියල් 50 ක සහතික මිලක් දුන්නා. පසු ගිය කාලේ නැවත වී මිල බස්සලා ගන්න කොට තමයි වී ටිකට නාඩු සඳහා රුපියල් 55 කුත්, සම්බා සඳහා 60 කුත්, කීරි සම්බා සඳහා රුපියල් 70 ක සහතික මිලක් දීල තියෙන්නේ. එතකොට එම සහතික මිලට වඩා වැඩි ගනනකට කවුරුහරි ගන්න ඉන්නව නම් ඒකෙ ගැටළුවක් කොහෙවත් නැහැ. ගොවියා ආරක්ෂා කර ගන්න තමයි සහතික මිලක් තියෙන්නේ. ඊට වඩා වැඩි ගනන් වලට ඕන කෙනෙකුට ගැනීමේ හැකියාව තියෙනවා.

එතුමලා ඉතින් සාකච්ඡා කරන්න දෙයක් නැහැනේ මොනවද ඉතින් අර හම්බන්තොට වරාය හිටපු ජනාධිපති තුමාගේ කාලයේදී අපේ රටේ ආර්ථික මර්මස්ථානය සම්පූර්ණයෙන්ම විකුණලා දැම්මේ. මේ ගොල්ලො කරන්න තියෙන ඔක්කොම විනාශය රටට කරලා දැන් එක එක කඩාකප්පල්වකරී ක්‍රියා කරන්න හඳනවා ඇතුළෙ ඉඳන් එක නිසා මම මේවා ගැන දීර්ඝ වශයෙන් කතා කරන්න කැමති නැහැ.

රටේ ජනතාව අවබෝධයෙන් ඉන්න එක තමයි විශේෂයෙන් තියෙන්නේ. එදා එළියෙ ඉඳන් කුමන්ත්‍රණ කරපු සමහරු අද ඇතුළෙ ඉඳන් කුමන්ත්‍රණ කරනවා මේ රටේ 2/3 ක ජන වරමක් ගොඨාභය මහතා ප්‍රමුඛ පොදු ජන පෙරමුණට ජනතාව දීල තියෙන්නේ වැඩ කරන්න. එම වගකීම අපි හරියට අරන් කරනවා.

ආයෝජන රටට එන්න ඕනෙ එහෙම නැතුව අපේ රට දියුණු කරන්න බැහැ මේ රටේ රාජ්‍ය අංශය ශක්තිමත් කරන්න පුළුවන් රාජ්‍ය ආයතන ටික නැවත පණ ගන්වන්න පුළුවන් පෞද්ගලික අංශයත් එක්ක එකතු වෙලා ගියොත් කියල මන් එදත් කියනවා අදත් කියනවා.

අද දිනයේදී අපේ කෝට්ටේ පාර්ශවයේ අනුනායක මහාචාර්යය කොටපිටියේ රාහුල නායක හාමුදුරුවන් බැහැ දකින්න මම  පැමිණියා. ජාතික වශයෙන් කෙරෙන හැම කටයුක්තක දීම, හැමදාම මම උන්වහන්සේගේ අශීර්වාදය, මඟ පෙන්වීම, අවවාද උපදෙස් ලබා ගත්තා. අද දිනයේදී උන්වහන්සේ මේ ඇවිඳින මං තීරුව සම්බන්ධයෙන් අනුශාසනා කර සිටියෙ, විමසා සිටියේ  මුලින්ම මේවාට අනුමැතීන් ටික ලබා ගත්තද කියලා. ඉතින් මම පැහැඳිලි කරලා දුන්නා.

2021 ජනවාරි මස මුල ක්ෂේත්‍ර පරීක්ෂාව සිදු කලා. ඉන්පසු 10 වෙනිදා වෙන කොට මෙම සියළු අධ්‍යයන කරලා  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමැතිය දීල තියෙනවා, වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ අනුමැතිය දීල තියෙනවා, මාර්ග සංවර්ධන අධිකාරියේ අනුමැතිය දීල තියෙනවා, පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ අනුමැතිය දීල තියෙනවා. ඒවගේම නගර සභාවේ අනුමැතිය දීල තියෙනවා.

ඒවගේම තෝපා වැව භාරව ඉන්නේ ඒ ප්‍රදේශය පූජනීය නගරයක් විදිහට අපේ අනුනායක හාමුදුරුවෝ, වෙඩරුවේ උපාලි හමුදුරුවෝ, උන්වහන්සේ පූර්ණ අනුශාසකත්වය අනුමැතිය දීල තියෙනවා. මේ කටයුතු ටික කරන්න. ඒ නිසා සියළුම අනුමැතීන් තියෙනව නම් කවුරු හෝ පුද්ගලයෙක් කකුලෙන් අඳිනව නම් ඒක අදාළ කර ගන්නේ නැතුව මෙවැනි කටයුතු සිදු විය යුතුයි කියන එක. උන්වහන්සේ අනුශාසනා කලේ දෙවැනි කාරණය අපිටත් පේන්න තියෙනවා මේ රටේ හොඳ වැඩ කරද්දී කකුලෙන් අඳින කුමන්ත්‍රණ ක්‍රියාත්මක වෙන එකයි කිව්වේ.

ඒ නිසා හොඳ වැඩේට කවුරු හෝ කකුළෙන් අදින්න හැඳුවට ඒවාට නොබියව ඒ ඒ රාජ්‍ය වල සියළුම අනුමැතීන් තියෙනවනම් ඒක රජයේ ක්‍රියාවලිය නම් කරන්න තියෙන්නේ ඒ කටයුතු ටික ඉදිරියට කරගෙන යන්නයි.

හිටපු ජනාධිපති තුමා කියනවා කෞතුක වස්තූන් සම්බන්ධයෙන්, ඉතින් කෞතුක වස්තූන් තමා අපි ආරක්ෂා කරන්න තියෙන්නේ. එය ආරක්ෂා කිරීමට තමයි එදා ජයසිරිමා බෝධිය ආරක්ෂා කරලා සංරක්ෂණය කරන්න කටයුතු කළේ. අදියරෙන් අදියර රුවන්වැලි සෑය අපි දන්නවා ආරක්ෂා කරලා සංරක්ෂණය කරලා තියෙන්නේ. අපිට වගකීමක් තියෙනවා.ඓතිහාසික සොළොස්මස්ථානයේ  මාර්ග පද්ධති ඔක්කොම හදලා විදුලි පහන් ආලෝක කරලා ඒවා සංරක්ෂණය කරලා තියෙනවා.

ඒ වගේම තමා මේ පරාක්‍රම සමුද්‍රය වේල්ල සංරක්ෂණයක් වෙන්නෙ මෙතන තවදුරටත් ශක්තිමත් වෙලා මහජනතාවට තවදුරටත් පරාක්‍රමබාහු රජතුමා කරපු ඒ මහා විශ්ව කර්මය අභිමානයෙන් දැක ගන්න ඒ පුංචි දරුවගේ ඉදල දෙමාපියන්ට මේ රටේ සියළු දෙනාටම අවස්ථාවක් ලබා දීම තමා එතනින් සිද්ධ වෙන්නේ. කෞතුක වස්තූන් විනාශ වීම ගැන කියන්න දෙයක් නැහැ එතුමලාගේ කාලේ ඉතින්. අද වැව් තාවුල්ලක් පොළොන්නරුවේ නැහැ. මේවායේ හෝටල් හඳල තියෙන්නෙ කවුද ගෙවල් හදල තියෙන්නේ කවුද, කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඒක තමා පැහැදිලි යථාර්ථය.

කෞතුක වස්තූන් ආරක්ෂා කිරීමට හිටපු ජනාධිපතිතුමා හිතනව නම් එතුමා කරන්න ඕන එතුමලගේ ගෙවල් හෝටල් ඉස්සෙල්ලම අයින කර ගන්න එක තමයි මම දකින දෙය. ඒක නිසා වීදුරු ගෙවල් වල ඉඳගෙන ගල් ගැහීමක් තමයි සිද්ධ වෙන්නේ අපි ජනතාව වෙනුවෙන් අවංකව වැඩ කරන්නේ ඒ නිසා මේ රටේ ගොවි ජනතාවගෙන් මම ඉල්ලනවා දේශපාලන උප්පර වැට්ටි කුමන්ත්‍රණ වලට මේ රටේ ජනතාව මුලා වෙන්න එපා. ඒ වගේම තමයි මේ රටේ ජනතාවගෙන් අපි ඉල්ලනවා ඔබ තුමාලා බොහොම අවධියෙන් සිටින්න. කුමන්ත්‍රණකාරීන්ට ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමා මේ රට බෙදෙන්න යද්දි බෝම්බ පත්තු වෙද්දි ආර්ථික වශයෙන් විනාශ වෙද්දී මේ රට අරගත්තේ ඉදිරියට ගෙනියන්න. එම වගකීම හරියට කරල තියෙනවා යැයි ද, පැවසීය.

ප්‍රසන්න අධිකාරි
මාධ්‍ය ලේකම්

ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

උඹ මහ පාරෙ පුච්චලා මරණවා…- බදියුදීන් වැලිකඩ සිට අමතයි..

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා විසින් මරණ තර්ජන කළ බව පවසමින් බන්ධනාගාර වෛද්‍යවරයෙක් බොරැල්ල පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.

පසුව ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන සඳහා පොලිස්පතිවරයා විසින් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත යොමුකර ඇත.

මැගසින් බන්ධනාගාරයේ වෛද්‍යවරයෙකු විසින් ඊයේ (21) එම පැමිණිල්ල කර තිබේ.

එම පැමිණිල්ලේ දැක්වෙන්නේ, වැලිකඩ බන්ධනාගාරයේ බෙහෙත් ශාලාව තුළ පසුගිය 15වනදා අදාළ වෛද්‍යවරයා විසින් රෝගී රැඳවියෙකු පරීක්ෂා කරමින් සිටියදී රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා බලහත්කාරයෙන් එම ස්ථානයට පැමිණ ඇති බවය.

එහිදී මන්ත්‍රීවරයාට පිටතින් සිටින ලෙසත් අවශ්‍ය තොරතුරු ලබාගත් පසුව ඔහුව ඇතුළට කැඳවන බවත් වෛද්‍යවරයා විසින් පවසා ඇති බව වාර්තා වේ.

එහිදී කුපිත වූ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා, බැණවැදී ඇත්තේ, “උඹ මහ ලොකු දොස්තර කෙනෙක් ද, මගේ යාලු දොස්තර කෙනෙක් මේ දැන් කෝල් කරලා මට ගෙන්න ගන්න පුළුවන්,මගේ වැඩ කරගන්න තමුසේ ඕන නැහැ” යනුවෙන් බව අදාළ පැමිණිල්ලේ සඳහන් වෙයි.

“තමුසේ දන්නැද්ද මම මොකක් කරලා ද ආවේ කියලා. ඒ වගේම තමුසෙව වෙන ලෝකෙකට අරින්නත් පුළුවන්. පැයක් ඇතුළත මාරු කරලා යවන්නත් පුළුවන්. තමුසේ වැඩිය දැඟලුවොත් පාරේ යනකොට තමුසෙයි තමුසෙගෙ කාර් එකයි අළු වෙලා තියෙයි. එතකොට තමුසෙගෙ ගෑණිට මිනිහත් ළමයින්ට තාත්තත් නැති වෙයි. තමුසේ දැනගන්නවා මම රිෂාඩ් බදියුදීන්.” යනුවෙන් මන්ත්‍රීවරයා මරණීය තර්ජන කළ බවද වෛද්‍යවරයාගේ පැමිණිල්ලේ දැක්වේ.

“මට පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද තියෙනවා. ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් දෙකම සලකනවා. උඹේ ආයු කාලය කෙටියි.” යනුවෙන් ද මන්ත්‍රීවරයා එහිදී පැවසූ බව වෛද්‍යවරයා පොලීසියට පවසා ඇත.

“දොස්තර.. පරිස්සම් වෙලා හිටපන්. ඉක්මනට මෙතනින් පලයන්. ගිහිල්ලා උඹට හැංගිලා ඉන්න තැනක් හොයා ගනින්.” යනුවෙන් තර්ජනාත්මකව හා අපහාසාත්මක බැණවදිමින් ආවේගශීලීව හැසිරුණු බව වෛද්‍යවරයා විසින් කරන ලද පැමිණිල්ලේ සඳහන්ය.

අදාළ වෛද්‍යවරයා විසින් මේ සම්බන්ධයෙන් බන්ධනාගාරයේ ප්‍රධාන වෛද්‍යතුමියට, බන්ධනාගාරයේ ඉහළ නිලධාරියෙකුට වාචිකව සහ ලිඛිතව පැමිණිලි කිරීමෙන් අනතුරුව බොරැල්ල පොලීසිය වෙත පැමිණිලි කර ඇත.

අනතුරුව බන්ධනාගාර කොමසාරිස්වරයා විසින් පොලිස්පතිවරයාට කරන ලද ලිඛිත පැමිණිල්ලක් අනුව පොලිස්පතිවරයාගේ නියෝග මත කොළඹ අපරාධ කොට්ඨාසය ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

ඒ අනුව සිද්ධියට මුහුණ දුන් වෛද්‍යවරයාව අද (22) දහවල් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත කැඳවා වැඩිදුරටත් ප්‍රකාශ ලබාගගෙන තිබේ.

මේ අතර කොළඹ අපාරාධ කොට්ඨාසයේ විශේෂ පොලිස් කණ්ඩායමක් අද කොළඹ මැගසින් බන්ධනාගාරය වෙත ගොස් අදාළ සිදුවීම සිදුවූ ස්ථානය පරීක්ෂා කර ඇත.

ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න


ආදරණීය ඉස්කෝලේ නෝනා වෙත. අවුරුදු දෙකක් තිස්සේ උදේ රෑ මහන්සි වෙලා දැන් හොදටම මහන්සී. කෑම විනාඩි 15 ලැබුණු පුංචි විවේක වෙලාවේ තමයි මේ ලිපිය ලියන්න ඉදගත්තේ.

දයාබර ගුරු අම්මේ, අපිට ගොඩක් මහන්සී. දැන් අවුරුදු දෙකක්, අපේ ජීවිතේ මේ වයිරසයෙන් උදුරගෙන ඉවරයි. අපේ දරුවෝ ලොකු වෙනවා. උන්ව අපි දකින්නේ දවස් තුනකට වගේ වතාවක්. ඒ දවසටත් අපිට එයාලා ලගට යන්න බයයි. පැය විසි හතරම ඇහැට නොපෙනෙන වයිරසයක් එක්ක, ඉටි රෙදි ඔතාගෙන, දාඩිය පෙරාගෙන ඔට්ටු වෙලා අපි දවස් තුනකට හතරකට සැරයක් අපේ දරුවෝ, ස්වාමියෝ, දෙමව්පියෝ බලන්න එන්නෙත් හිතේ ගොඩක් බයෙන්. අපිට මොනදේ උනත්, අපේ දරුවො, අම්මලාට අපෙන් කරදරයක් වුනොත් අපි ජීවත් වෙලා මොකටද?

අපි අද මෙතන ඉන්නෙත් ඔබ වගේම ගුරු දෙවිවරුන් නිසා. කිසිම දාක ඒ දේ අමතක වෙන්නේ නෑ. අපි දන්නවා. ගුරුතුමියකගේ සේවය මිල කරන්න බෑ. ඔබට ප්‍රශ්න ඇති. ඒත් ඉල්ලීම් දිනාගන්න පොදි පිටින් පාරට බහින්න කලින්, 225 මට්ටු කරන්න කලින්, තව පොඩ්ඩක් අපි වෙනුවෙන්, අහිංසක මිනිස්සු වෙනුවෙන් ඉවසන්න පුලුවනිද. මේක බැගෑපත්ව කරන ඉල්ලීමක්.

අපිටත් ආසයි ඉස්සර වගේ අපේ දරුවෝ එක්ක කාලේ ගත කරන්න. ගිය කාලේ රට වැහුවත්, ඔබලා ගෙවල් වල හිටියත්, අපි හිටියේ රෝහලේ, අපි හිටියේ ගිලන් රථයේ. අපේ දරුවෝ නිදාගත්තේ එයාලගෙ ආච්චිලා, සීයලා එක්ක. මේ ගෙවෙන්නේ අපේ දරුවොන්ගේ දරු සුරතල් බලන කාලේ. අපිත් නොදැනිම, අපි ලග නැතිව එයාලා ලොකු මහත් වෙනවා.

තවත් මේ දේ වැඩි උනොත් ඉස්සරහට අපිට ගෙදර එන්නම බැරි වෙයි. දැන් තත්ත්වය ගොඩක්ම බරපතලයි. රෝහල් පිරිලා. අපිට රෝහලේ ඉදලා ගෙදර අපේ දරුවන් ලගට යන්න බයයි. අනේ ගුරු අම්මේ. තව චුට්ටක් ඉවසන්න. ඔන්ලයින් එපා, වර්ජනේ කරන්න. කමක් නෑ. ඒත් ගෙදරට වෙලා ඉන්න. දරුවෝ ඉගෙන නොගත්තත්, උන් ජීවත් වෙලා හරි ඉන්න ඕනේ. අපිට උන් ලගට යන්න ඕන.

තව ටිකක් ඉවසන්න. 225ටම විරුද්ධව අපි පාරට බහිමු. පාර්ලිමේන්තුව උනත් බිමට පෙරලමු. එදාට අපිත් එන්නම් ඔබතුමීලා එක්ක. ඒත් දැනට. ටිකක් ඉවසන්න. ගෙදරට වෙලා පරිස්සමෙන් ඉන්න.

අපිට ගොඩක් මහන්සී!
තෙරුවන් සරණයි!
මීට, ආදරණීය නර්ස් නෝනා…

ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

විමල්-උදයගේ ඇමතිකම්වලට වෙනත් අය සූදානම් කෙරේ..

විමල්-උදයගේ ඇමතිකම්වලට වෙනත් අය සූදානම් කෙරේ..

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන ඇමතිවරුන් ඇතුළු ආණ්ඩුවේ සෙසු පක්ෂ ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් ඒ සඳහා ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ යම් සාකච්ඡාවක් ඇතිව තිබෙන බව ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

එවන් තත්වයකදී දැනට ඔවුන් අමාත්‍ය ධුරවල පුරප්පාඩු ඒ සඳහා පත් කරන ඇමැතිවරුන් පිළිබඳව සලකා බැලීමක් සිදු කර ඇතැයිද පැවසේ.

දැනටමත් ආණ්ඩුවේ ඇමතිධුර නැති ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ඒ සඳහා යෝජනා වී ඇති බවද දැනගන්නට තිබේ.

මේ අතර වාර්තා වන්නේ නුදුරේදීම කැබිනට් මංශෝධනයක්ද සිදු වීමට නියමිතව ඇති බවයි.

ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

ලොරි රථයකට හමුදවෙන් වෙඩි

ලොරි රථයකට හමුදවෙන් වෙඩි…

කිලිනොච්චිය ධර්මපුරම් පොලිස් වසමේ පුලියයම්පොක්කනෙයි, නාගේන්ද්‍රපුරම් ප්‍රදේශයේදී ඊයේ (21) දින අණ නොතකා ධාවනය කල නීතිවිරෝධීව වැලි පැටවූ ටිපර් රථයකට යුදහමුදාවෙන් වෙඩි තබා ඇති බවට ධර්මපුරම් පොලීසිය පවසයි.

නීතිරෝධී වැලි කැනීම් සහ ජාවාරම් පිළිබඳව තොරතුරු ලැබීමෙන් පසුව කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් සෙබලුන් පිරිසක් විසින් නාගෙන්ද්‍රපුරම් ප්‍රදේශයේදී යුදහමුදා මාර්ග බාධකයක් යොදා රැකවල් යොදා ඇත.

එම අවස්ථාවේදී නීතිවිරෝධී වැලි පැටවූ ටිපර් රථයක් පැමිණි අවස්ථාවේදී යුදහමුදා සෙබලුන් විසින් එය නැවත්වීමට ගත් උත්සහයකදී එහි සිටි යුදහමුදා සෙබලුන් අනතුරට ලක්කොට වැලි ජාවාරම් කරුවන් විසින් පලායාමට උත්සහ කිරීමේදී යුදහමුදා සෙබලුන් විසින් ආත්මාරක්ෂාවට ටිපර් රථයට හා රෝදවලට වෙඩිතබා ඇත.

එහිදී ටිපර් රථයේ රෝදවලට වෙඩි වැදීමෙන් මාරගයෙන් ඉවතට පැන අසල ගසක වැදි අනතුරට ලක් වී ඇති අතර ටිපර් රථයේ සිටි සැකකරුවන් දෙදෙනෙකු යුදහමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් නාගේන්ද්‍රපුරම් ප්‍රදේශයේම පදිංචි කරුවන් වන අතර ඔවුන් වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා ධර්මපුරම් පොලීසියට භාරදී ඇති අතර අද (22) දින සැකකරුවන් කිලිනොච්චිය අධිකරණයට ඉදිරිපත් කරන බවටද පරික්ෂණ සිදුකරන ධර්මපුරම් පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
  • ‘චන්නගේ කෝටි 20 නිවස’ කැන්ටින් අසේලට වැලිකඩට පාර පෙන්නයි… කෝටි 50 වන්දි ගෙවන්න වෙයි

    ‘චන්නගේ කෝටි 20 නිවස’ කැන්ටින් අසේලට වැලිකඩට පාර පෙන්නයි…  කෝටි 50 වන්දි ගෙවන්න වෙයි..

    රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන ඇතුල් කෝට්ටේ ප්‍රදේශයෙන් රුපියල් මිලියන 200ක නිවසක් මිලදීගෙන ඇති බවත්, චන්න ජයසුමන, SPC සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සහ SPMC සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මහතා එකතුව සිනොවැක් නමින් බෙහෙතක් ගෙන්වා තෙල් කුප්පි පුරවන ආකාරයට පුරවා මිනිසුන්ගේ ජීවිත අවධානමේ හෙලන බවත් ජුනි මස 15 දින කොළඹ දී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් අසේල සම්පත් නම් අයෙකු ප්‍රකාශ කලේය.

    තව ද අද සෞඛ්‍ය ඇමතිවරුන්ට රගන්නට හැකිව ඇත්තේ එදා හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නිර්භයව නොපැකිලව ගත් තීරණ නිසා බව ද හෙතෙම පැවසීය.

    ජනාධිපති නීතීඥ V.K.චොක්සි මහතාගේ උපදෙස් පරිදි නීතීඥ අතුල ද සිල්වා මහතා මේ සම්බන්ධයෙන් අසේල සම්පත් යන අයට එන්තරවාසියක් යවමින් සදහන් කර ඇත්තේ චන්න ජයසුමන මහතාට හෝ ඔහුගේ පවුලේ සමීපතමයෙකුට ඇතුල් කෝට්ටේ ප්‍රදේශයේ කිසිදු නිවසක හිමිකාරීත්වය නොමැති බවත්, ලෝක සෞඛ්‍ය සංවිධානය පවා COVID 19 සදහා සිනොවැක් එන්නත හදිසි භාවිතයට අවසර ලබා දී ඇති බවත්ය.

    එන්නත්කරණ වැඩපිලිවෙල පිළිබඳ ජනතා විශ්වාසය බිඳ වැට්ටවීමේ අරමුණින් හිතාමතාම ද්වේශ සහගත ලෙස මෙම ප්‍රකාශය සිදු කර ඇති හෙයින් සිදු වූ හානියට සති 2ක් ඇතුලත රු.මිලියන 500ක වන්දියක් ලබා දෙන ලෙසත් නොඑසේ නම් නීතිමය ක්‍රියාමාර්ගයක් මගින් එය අයකර ගන්නා බවත් ය.

    මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් අමාත්‍ය චන්න ජයසුමන පොලිස්පතිතුමාට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කල අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සදහා විමර්ශනයක් ආරම්භ කර ඇත.

    අසේල සම්පත් මහතා මීට පෙර කිහිප වතාවක්ම අත්අඩංගුවට ගෙන ඇති අතර රක්ෂිත බන්ධනාගාර ගතව නිදහස ලබා පැමිණ ඇත්තේ සති කිහිපයකට පෙර බව ද වාර්තා වෙයි.

    -reporter


ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න


හිටපු ඇමති රිෂාඩ් බදුර්දීන් සහ ඔහුගේ සහෝදර රියාජ් බදුර්දීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

2019-4-21 පාස්කු දිනයේ මෙරරට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාළව එම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

එම පාස්කු ප්‍රහාරය මරාගෙන මැරුණ ඝාතකයන්ට ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කරන ලද බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසීය.

මොවු සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන සිදුකරන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

අත්අඩංගුවට ගැනීමට පෙර සමාජ ජාල ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් රිෂාඩ් බදියුදීන් කියා සිටියේ තමන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නොපෙන්වූ බවයි. එමෙන්ම මන්ත‍්‍රීවරයෙක් වන තමන් අත්අඩංගුවට ගැනීම ගැන කතානායකවරයාද නොදැනුවත් බවත් කුමන චෝදනාවකට අත්අඩංගුවට ගන්නේදැයි නොදන්නා බවත් ඔහු කියා සිටියේය.


ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

අසීමිත අන්තර්ජාල සේවා පැකේජ ලබන සතියේ සිට හඳුන්වාදීමට හැකි වනු ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා.

එහි අධීක්ෂණ කටයුතු ද සිදු කරන බවයි ඔවුන් සඳහන් කළේ.

මේ සඳහා සියලු සේවා සපයන ආයතන මේවන විට ඔවුන්ගේ සැලසුම් ඉදිරිපත් කර ඇති බවත්, එම සැලසුම් නැවත සලකා බැලීමකින් අනතුරුව ලබන සතියේ සිට ඒවා ක්‍රියාවට නැංවීමේ හැකියාව සොයා බලන බවයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීමට මෙම සතිය තුළ හැකිවනු ඇති බවත්, එසේවුවහොත් ලබන සතියේ සිට ජංගම දුරකථන භාවිත කරන පාරිභෝගිකයන්ට අධිවේගී අන්තර්ජාල පහසුකම් අඛණ්ඩව ලබාදීමට හැකිවනු ඇති.

කෙසේවෙතත් මෙම පහසුකම් සැපයෙන පැකේජ මෙතෙක් එළිදක්වා නැහැ


ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

ඓතිහාසික කැලණි පුරවරය හා සම්බන්ධ ඉපැරැණි මූලාශ්‍ර බොහෝය. විජයාගමනයට පෙර කැලණිය ගැන සඳහන් වී ඇත්තේ බුදුන්ගේ ලංකාගමනය පිළිබඳ තොරතුරු හෙළිකෙරෙන ආකාරය දීපවංසය හා මහාවංසය වැනි ඓතිහාසික ග්‍රන්ථයන්හි සඳහන් තොරතුරුවලට අනුව බුදුන් වහන්සේ බුද්ධත්වයෙන් පස්වැනි මාසයේ නාග ගෝත්‍රික චූලෝදර හා මහෝදර දෙසොහොයුරන් අතර නාගයන්ගේ මිණි පළඟ හේතුකොටගෙන හටගත් යුද්ධය නැවැත්වීමට නාගදීපයට වැඩම කර ඇත.

ඒ අවස්ථාවේදී මහෝදර නාරජුගේ මලණුවන් වූ කැලණියේ මණිඅක්ඛිත නාරජු බුදුන්ගේ ධර්ම දේශනාව අසා බුදුන් සරණ ගිය බවත්, බුදුන් වහන්සේ මණිඅක්ඛිත නාරජු මුණ ගැසුණු බවත් මහාවංසය විස්තර කෙරෙයි.

බුද්ධත්වයෙන් අටවැනි වර්ෂයෙහි බුදුන් වහන්සේ පන්සියයක් රහතුන් වහන්සේ කැටුව මණිඅක්ඛිත නාරජුගේ කැලණි රාජධානියට වැඩම කර කැලණි සෑය පිහිටි තන්හි කරවන ලද රන් මණ්ඩපයක වැඩ හිඳ නාරජු ප්‍රමුඛ දෙව් මිනිසුන්ට ධර්ම දේශනා කළ බවද මහාවංසයේ පළමුවැනි පරිච්ඡේදයේ සඳහන් වේ.

ඉන් ගම්‍ය වන්නේ ඓතිහාසික කැලණිය නාග ගෝත්‍රික ජනාවාසයක් ලෙස වසර දහස් ගණනක ඉතිහාසයකට හිමිකම් කියන බවය.

කැලණි පුරවරයේ මුදුන් මල්කඩ සේ සැලකෙන කැලණි රජමහ විහාරය ඓතිහාසික රාජධානි සමයේ පටන් වර්තමානය දක්වාම ලෝවැසි බොදු දනන්ගේ පූජනීයත්වයට බඳුන් වන්නේය. කැලණි රජමහ විහාරයෙහි වර්තමාන විහාරාධිපති ධුරය දරනුයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමිපාණන්ය.

කැලණි මහ වෙහෙරට නාග ලෝකයෙන් සර්වඥධාතූන් වහන්සේලා වැඩමකළ ප්‍රවෘත්තියෙන් 2019 නොවැම්බරයේ රට තුළ මහත් ආන්දෝලනයක් හට ගත්තේය. එමඟින් බෞද්ධ බැතිමතුන් මහත් භක්ති ප්‍රමෝදයට පත්වූ අතර ඇතැම් පිරිස් එය උපහාසයට ලක්කොට දේශපාලන අරමුණු සාක්ෂාත් කර ගන්නට වෑයම් කරන බව පෙනිණි.

ඒ අතරම මෙම සිදුවීම සම්බන්ධව යථාවාදී තථාකාරීව සත්‍යය සොයන මැදහත් පිරිසක්ද සිටියහ. කෙසේ වුවද කැලණි මහ වෙහෙරෙහි අභිනවයෙන් ඉදිකෙරුණු නාග දේවාලයේ පූජාව පවත්වන සෑම මාසයකම ප්‍රථම සෙනසුරාදා දිනයෙහි දස දහස් සංඛ්‍යාත බැතිමතුන් නාග වන්දනාවට පැමිණෙන බවද අසන්නට ලැබිණි.

මේ වනවිට අදාළ සිදුවීමට වසර දෙකකට වැඩි කාලයක් ගතවී තිබේ.

නා ලොවින් ධාතුන් වහන්සේ වැඩම වීම පාදක කරගනිමින් මහ සංඝරත්නයට සහ නාග දේවාලයේ යෝගී තුමාට අපහාස කිරීම් අඩුවී නැත.

විශේෂයෙන් සමාජ මාධ්‍යවල එය දිගින් දිගටම සිදුවන බව පෙනේ. මිනිසුන්ට තමන් අභිමත මත දරන්නට අයිතියක් ඇති නමුත් කිසිවකු දරන මතය හේතුවෙන් ඔහු පෙළෙන්නටද අයිතියක් නැත. සත්‍යය සුන්දරය.

අප ඊට ගරු කළ යුතුය. සැබෑ ලෙසම කැලණියේ සිදුවූයේ කුමක්දැයි පිරිසිඳ දැන ගැනීමට අප ඇමැතිය යුතු හොඳම තැනැත්තා කැලණි රජමහ විහාරාධිපති මහාචාර්ය මහින්ද සංඝරක්ඛිත හිමියන්ය. උද්ගත වී ඇති තත්ත්වය සම්බන්ධයෙන් අපි උන්වහන්සේගෙන් විචාළෙමු.

කැලණි රජමහ විහාරාධිපති වගේම මේ රටේ බොහෝ දැන උගත් සංඝ පීතෘනමක් හැටියට ඔබ වහන්සේ පිළිබඳව බෞද්ධ ජනතාව අතර විශාල ගෞරව භක්තියක් තිබෙනවා. කැලණි විහාරයට නාග ලොවින් සර්වඥ ධාතුන් වැඩම කළ බව කියන සිදුවීම පදනම්කොට ගෙන ඊට හානි පැමිණ වීමේ උත්සාහයක් අපි දකිනවා. කුමක්ද මේ ගැන හිතන්නේ?

මේ සිදුවීමට අවුරුදු තුනකට ආසන්න ඉතිහාසයක් තිබෙනවා. ඒ සිද්ධිය වූ වකවානුවේ දැඩි ලෙස විවේචන එල්ල වුණා. මේ රටේ තිබෙන ප්‍රකට දේශපාලන පක්ෂ දෙකක් තමයි. ඒ මඩ ගැහීමේ ව්‍යාපාරය ආරම්භ කළේ. ඇත්ත වශයෙන්ම ඕනෑම පුද්ගලයකුට මේ සිද්ධියේ සත්‍ය අසත්‍යතාව සොයා බැලීමට හැකියාව තිබෙනවා. ඒ වගේම එය කළ යුතුව තිබෙනවා.

ඔබවහන්සේ පවසන්නේ නාග ලොවින් සර්වඥ ධාතුන් වහන්සේ වැඩම කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට කිසිවකු උත්සාහය නොකළ බවද?

මේක ඇත්තදැයි සොයා බැලීමට ඔවුන් උත්සාහ කළේ නැහැ. සෙකන්ඩ් සෝසස්වලින් තමයි ඔවුන් මේකට මඩ ගහන්නෙ. පුද්ගලයකු යම් කිසි සත්‍යයක් සොයනවා නම් ඔහු ඔර්ජිනල් සෝසස්වලට යන්න ඕනෑ. මුල් කාරණා කතා බහට ලක්වෙන්න අවශ්‍යයයි.

එවැනි උත්සාහයක් කිසිවකු දැරුවේ නැද්ද?

නැහැ. සියලුම දෙනා යැපෙන්නේ දෙවැනි කරුණා මතයි. මේ සිදුවීමේ පාරභෞතික ලක්ෂණ තිබෙන බව මම පිළිගන්නවා.

භෞතිකවාදී විශ්ලේෂණ මත පිහිටා මේ සිදුවීම විස්තර කළ නොහැකි බවද ඔබවහන්සේ පෙන්වා දෙන්නේ?

ඔව්, මේ ධාතූන් වහන්සේලා ආවේ නාග ලෝකෙන්. මණිඅක්ඛිත නාරජු තමයි දුන්නේ. එතකොට ඒක පාරභෞතිකයි. අපේ පංචේන්ද්‍රියන්ට ගොදුරු වෙන්නේ නැහැ. නමුත් උදාර මහතා ප්‍රමුඛ පිරිස කැලණි ගංගාවේ තිබී මේක ගත්තා කියන කාරණය ප්‍රත්‍යක්ෂයි. ඒක අපිට අත්දකින්න පුළුවන්කම තියෙනවා. මේ සිදුවීම බොරුවක් කරන්න අපි කාටවත් වුවමනාවක් නැහැ.

මෙම සිදුවීම ජනාධිපති මැතිවරණය ආසන්නයේ වීම විවිධ මත නිර්මාණය වීමට එක් හේතුවක් වුණා නොවේද?

අභාග්‍යයකට වගේ මේ සිදුවීම ජනාධිපතිවරණය ආසන්නයේ වුණා. මේ ධාතුන් වහන්සේලා මට දෙනවා කියන එක පොරොන්දු වුණේ අවුරුදු 04කට ඉස්සරයි.

කවුද ඒ පොරොන්දුව දුන්නේ?

මණිඅක්ඛිත නා රජු. මේ නාග දේවාලයේ ප්‍රතිමාව ප්‍රතිෂ්ඨාපනය කරල මාසිකව පූජා සත්කාර කරන අවස්ථාවේ ලැබුණු පණිවුඩයක් තමයි ඒක.

ස්වාමීන් වහන්සේ ඒක අපැහැදිලියි. කොහොමද එහෙම පණිවුඩයක් ලැබෙන්නේ?

මට නාග ලෝකයට කතා කරන්න බැහැනේ. මට එහෙම හැකියාවක් නැහැ. ඒක සිදු කෙරුණේ උදාර යෝගිතුමා මාර්ගයෙන්. නැවැත නැවැත කියලා ඒ අනුව තමයි මේක හමුවුණේ. එය ලැබීම මේ කියන අවස්ථාවේ සිදුවීම නිසා දේශපාලන චරිතයක් ආදේශ කරන්න හේතු වුණා.

සත්‍ය ලෙසම මේ ධාතුන් වහන්සේලා වැඩම වීමේ සිදුවීම පසුබිමේ දේශපාලන අරමුණක් නැද්ද?

අවංකවම හෘදය සාක්ෂ්‍යයට එකඟවයි මම කියන්නේ. මේ ධාතුන් වහන්සේ වැඩම වීම පිටුපස කිසිම දේශපාලන අරමුණක් නැහැ. ඒක ඉතාමත් පවිත්‍රයි.

අපි දන්නවා මෙවැනි සිදුවීමක් විශ්වාස කරන අය ඉන්නවා වගේම විශ්වාස නොකරන පිරිසකුත් සමාජයේ සිටිනවා.?

ඇත්ත වශයෙන්ම කෙනකුට මේක ප්‍රතික්ෂේප කරන්න පුළුවන්, මම ඕවා විශ්වාස කරන්නේ නැහැ කියලා. ඒක ඒ පුද්ගලයාගේ අයිතියක්. හැබැයි ලැබිච්ච දේ බොහොම ග්‍රාම්‍ය විධියට විවේචනය කරමින් අපට මඩ ගහමින් බැතිමතුන්ගේ තිබෙන ශ්‍රද්ධාවට පහර ගැසීම මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්. මොකද එක්කෙනෙක් ප්‍රතික්ෂේප කරන්න පුළුවන් මේක ධාතුන් වහන්සේ නොවේය කියලා. නමුත් මම විශ්වාස කරනවා සැබෑ ලෙසම මෙහි වැඩ සිටින්නේ සර්වඥ ධාතුන් වහන්සේලා කියලා. එහෙම විශ්වාස කරන්න මට අයිතියක් තියෙනවා. ඒ අයිතිය ලංකාණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් වගේම එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් ප්‍රඥප්තියෙනුත් මට ලැබිලා තියෙනවා.

ඔබ වහන්සේ ඒ මත පිහිටා ක්‍රියා කළා?

මේක විශ්වාස කරන්නේ නැහැ කියලා ඒකට පදනම් විරහිතව තුන්වන පාර්ශ්වයේ ඝෝෂස් අරගෙන මඩ ගැසීම පහර ගැසීම බුද්ධිමය ක්‍රියාවලියක් නොවෙයි. සත්‍යය සොයන ක්‍රියාවලියක් නොවෙයි. ඒක ද්වේෂය පූර්වකව සිදු කරන්නක්. එක් සූත්‍රයක බුදු රජාණන් වහන්සේ සඳහන් කරනවා පුද්ගලයකු ද්වේෂයෙන් තම මනස පීඩාවට පත්කර ගත්තායින් පස්සේ භූතේනවා යමක් සත්‍යමයි. භූතේනවා යමක් සත්‍ය වුණත් ඒ පුද්ගලයා ඒක මොකද කරන්නේ, තබ්බනා ජාතී. එයා සත්‍යය පිළිගන්නේ නැහැ ප්‍රතික්ෂේප කරනවා. ද්වේෂයෙන් වැඩුණු සිතකින් තමයි ඒ කාරණය දෙස බලන්නේ. හේතුව තමන්ගේ දේශපාලන අරමුණක් මේකට සම්බන්ධ කර මේක දැකීම. ඒ නිසා එවැනි අයට මේක දකින්න පුළුවන් කමක් නැහැ. ශ්‍රද්ධාවක් උපදින්නේ නැහැ. මේ පිරිස බොහොම අතළොස්සක් බව මම කිව යුතුයි.

සමාවෙන්න, මෙවැනි පාරභෞතික කාරණාවලට ප්‍රමුඛත්වය දීම පිළිබඳව. සංඝ සමාජය තුළිනුත් ඔබවහන්සේට දෝෂාරෝපණ එල්ල වුණාද?

ඒක ඒ ඒ තැනැත්තන්ගේ විශ්වාසය මත සිදුවන දෙයක්. සංඝ සමාජය කියලා වෙනස් වෙන්නේ නැහැ. මොකද මේ තියෙන දේවල් සෑම දෙයක්ම පාරභෞතික වෙනවා. වර්තමානයේ තිබෙන්නා වූ ධාතුන් වහන්සේලා ගැන වුණත් එහි මූලයට යන්න ගියොත් පාර භෞතික වෙනවා.

සමස්තයම එහෙමයි.?

ඔව්. සමස්තයම පාරභෞතිකයි. එහෙම වෙනකොට මුළු සමස්තයම විනාශ වෙලා යනවා. අද ගත්තොත් බුදුහාමුදුරුවෝ දැකපු අය කවුරුත් නැහැනේ. ඒකත් පාරභෞතිකයට දාලා ගන්න පුළුවන්. කෙනකුට තර්ක කරනවා නම්.

ප්‍රත්‍යක්ෂ නොවන ආගන්තුක වස්තුවක් පහළ වීම කියන කාරණයද මේ පහර ගැසීමට හේතුව?

මේ ධාතුන් වහන්සේලා ලැබීම නොවෙයි මෙතැන කාරණය. මේකට දේශපාලන මුහුණුවරක් දීමයි. නැතිනම් ධාතුන් වහන්සේලා පහළවීම ලංකාවේ විවිධ ස්ථානවල, විවිධ වකවානුවල සිදුව තිබෙනවා. අලුත් දෙයක් අමුතු දෙයක් නොවෙයි. මෙතැන තියෙන වැරැද්ද මේක දේශපාලනයට භාජන කිරීම. දේශපාලනීකරණය කිරීමෙන් මේක අෑත් වුණාම ධාතුන් වහන්සේලාට මිනිසුන්ගේ තියෙන ශ්‍රද්ධාකාමිත්වය ප්‍රදර්ශනය කරනවා. ඔය මොනවා කිව්වත් සෑම දිනකම විශාල පිරිසක් පිරිසක් පූජාවට සම්බන්ධ වෙනවා. දවසකට 4 සැරයක් අපි පූජා පවත්වනවා. උදේ 5ට, උදේ 7ට, දවල් 11ට, සවස 6.15ට මේ පූජා පැවැත්වෙනවා. මිනිස්සු විශ්වාස කරනවා, ඇවිත් වන්දනා කරනවා. මේ අතළොස්සක් තමයි මේක කරන්නේ.

ඔබ වහන්සේ කියන අන්ත දෙකටම නැති මැදහත් පිරිසක් මේක මිථ්‍යාව ඔසවා තැබීමක් කියලා චෝදනා කරනවා. ඒ ගැන මොකද කියන්නේ?
ඇත්ත වශයෙන්ම මිථ්‍යාව කියලා කියන්නේ මොකක්ද ඒක මුලින් සොයාගන්න ඕන.

මිථ්‍යාව කියන්නේ සැබෑවට – සත්‍යයට ප්‍රතිවිරුද්ධ දෙය?

මිථ්‍යාවේ ලක්ෂණය සොයානොගෙන යමක් මිථ්‍යාව වැපිරීමක් ලෙස හඳුන්වන්න බැහැ. දැන් උදාහරණයක් හැටියට අපි ධාතුන් වහන්සේලා මිථ්‍යාවක් කියනවා නම් අපි ඒකෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද ශ්‍රද්ධාව වර්ධනය කිරීම. ඇයි ශ්‍රද්ධාව වර්ධනය කරන්නේ. ප්‍රඥාවට යන්න තිබෙන මාර්ගය ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව නැතිව ප්‍රඥාවට යන්න නැහැ. එතකොට කොහොමද ඒක මිථ්‍යාවක් හැටියට හඳුන්වන්නේ. මේගොල්ලෝ කරන්නේ ශ්‍රද්ධාව නැති කිරීම. මෙවැනි පිරිස් බෞද්ධ දර්ශනයේ හඳුන්වන්නේ විතණ්ඩවාදීන් හැටියට. විතණ්ඩවාදීන් කියන්නේ පදනමක් නැතිව තර්ක කරන අය. ඒ අයම තමයි සංෂයවාදීන් හැටියට හැඳින්නුවේ සෑම දෙයක්ම සැක කරන අය. ඒගොල්ලෝ බුද්ධ කාලේ ඉඳලා එන අය. සංෂයවාදීන්ට කවදාවත් සත්‍යයට ළඟා වන්න බැහැ.

ඇයි එහෙම වෙන්නේ?

මේක අසත්‍ය යැයි කියලා සැක කරන කොට එක එක කරුණු කියලා ඒක අනාථ කරනවා. ඒකෙන් තව එකක් අල්ලගෙන ඊළඟට ඒක සැක කරනවා. ඒ නිසා සංෂයවාදියා පියවරෙන් පියවර අසත්‍යයටම යනවා. ඔහුට කවදාවත්ම සත්‍යය සොයාගන්න බැහැ. මේ විවේචන ගේන්නේ සංෂයවාදීන් විතණ්ඩවාදීන්. යමක් වැරැදි නම් ඒක වැරැදි බව කියන්න. ඒ මතය දරන්න පුද්ගලයන්ට අයිතියක් තියෙනවා. ඔය ෆේස්බුක් එකේ ඉදිරිපත් කරන විවේචන බලන්න. මහා බොළඳ දේවල් තියෙන්නේ. ගැඹුරු තර්කයක් ඉදිරිපත් කරන්නේ නැහැ.

ඔබ වහන්සේගෙන් මේ සිදුවීම් පිළිබඳ මාධ්‍ය ප්‍රශ්න කළාද?

මේ වනතුරු කිසිම මාධ්‍යයක් මගෙන් ප්‍රශ්න කර නැහැ. ඔය මඩ ගහන්නෙ ඕලෙවල්වත් පාස් නැති උදවිය. ඒ අයට පිළිතුරු දෙන්න මම යන්නේ නැහැ. මොකද ඔවුන් ඒක කරන්නේ වෙන දේශපාලන අරමුණක් ඇතිව. ඇත්ත වශයෙන්ම මේ ධාතුන් වහන්සේ අපට ලැබුණු භාග්‍යයක්. මේ ධාතුන් වහන්සේලා බොරු වුණත් වැන්‍ෙදාත් එයාට ප්‍රතිඵලයක් තිබෙනවා.

කැලණි විහාරය පදනම් කරගත් නාග විමානයක් ගැන මේ කරන කතාව ඔබවහන්සේ විශ්වාස කරනවද?

යමක් සත්‍යදැයි සොයා ගන්න ක්‍රමයක් තියෙන්න ඕනේ. පළමුවැන්න තමයි ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය අපේ ඉන්ද්‍රියයන්ට පේන්න ඕන. ඉන්ද්‍රියන් ගොදුරු නොවූ දෙයක් අපි කොහොමද දැනගන්නේ. ඒකට අපි කියනවා සත්තේ‍යා්ක්ෂණය කියලා. ධාතුන් වැඩීම අපේ ප්‍රත්‍යක්ෂයක්. නමුත් ඔබතුමාගේ ප්‍රත්‍යයක්ෂයක් නොවෙයි. එතකොට ඔබතුමා කොහොමද මේකට ප්‍රවේෂ වෙන්නේ. සත්තේ‍යා්ක්ෂණයෙන්. අපේ ප්‍රකාශන අහන්න ඕන. ලැබිච්ච හැටි දැනගන්න ඕන. ලැබිච්ච භාණ්ඩ දකින්න ඕන. ඔය විවේචනය කරන කවුරුවත් මෙහේ ආවෙත් නැහැ. ධාතුන් වහන්සේලා දුටුවෙත් නෑ. මුළාවක ඉන්නවා. ඉන් මිදෙන්න ඒ අයට වුවමනාවක් නැහැ. ඇත්ත වුණත් ඇත්ත බව පිළිගන්න ඒ අයට අවශ්‍ය නැහැ. විශ්වාස කරනවා මේ නාගයන්ට අයිති භූමියක්. ඒ නිසයි අපි මණිඅක්ඛිත නාරජුගේ ප්‍රතිමාවක් හදලා නිසි පුද සත්කාර කරන්නෙ. බුදු හාමුදුරුවො කැලණියට වැඩියෙ මණිඅක්ඛිත නාරජුගේ ආරාධනාවෙන්. අපි ඊට කෘතවේදිත්වය පළ කිරීම මේ කරන්නෙ. මේ භූමියට වටිනාකම දුන්නෙ නාරජ්ජුරුවො. ඒ නිසා අපි පුද සත්කාර කරන්නේ ඒකෙ ප්‍රතිඵලයක් ලෙසයි. මේ ධාතුන් වහන්සේලා අපට ලබාදෙන්න මණිඅක්ඛිත නාරජුන්ට පැහැදීමක් ඇති වුණේ. අපි මේ පුද සත්කාර පැවැත්වීම දිගටම කරගෙන යනවා.

කැලණිය රජමහ විහාරයේ අභිනවයෙන් ඉදිකළ නාග භවන දේවාලයේ වතාවත් මෙහෙයවන යෝගිතුමා ඔහුගේ අත්දැකීම් මෙසේ විස්තර කරයි. ඔහු ශ්‍රී උදාර යෝගිතුමා නමින් බැතිමතුන් හඳුන්වයි.

ඔහු දක්වන අදහස් මෙසේය.

ඔබ දකින්න ඇති මා පිළිබඳව සමාජ මාධ්‍යවල ෆේස්බුක් ආදියේ නොයෙකුත් වැරැදි ප්‍රචාර යනවා. මා රෝගී බව, කොර වී එක්තැන් වී සිටින බව ඔවුන් කියනවා. එය වැරැදි මඩ ගැසීමක්. මම ඉතාමත් නිරෝගීව පසුවන බව ඔබට පෙනෙනවා ඇති. මට කිසිදු ආබාධයක් නැහැ. දැනට වසර පහක සිට මේ ස්ථානයේ නාග විමනේ පූජා පවත්වන්නේ මගේ මෙහෙයවීමෙන්. අපි මේ ස්ථානයේ නානුමුර පූජා පවත්වනවා.

මට දිවැස් බලයක් තියෙනවා. ඕනම කෙනකුගෙ විස්තරයක් කියන්න පුළුවන්. නාග දිව්‍ය රාජයා සමඟ ලොකු සම්බන්ධතාවක් මට තියෙනවා. මේක මගෙ සංසාරගත පුරුද්දක්. මම ඉපදුණේම යම් කිසි ආධ්‍යාත්මික බලයක් සහිතව. මේ පූජා සිදු කරද්දි මම නිතර මණිඅක්ඛිත නාරජ්ජුරුවන් සමඟ සම්බන්ධ වෙනවා. උන්වහන්සේ මට පැවැසුවා නාග ලෝකයේ තිබෙන නිර්මල සර්වඥ ධාතුන් වහන්සේලාගෙන් කිහිප නමක් කැලණි විහාරයට ලබා දෙන බව. මම ඒක නායක හාමුදුරුවන්ටත් දැනුම් දුන්නා. ඒ අනුව අපි විහාර පරිශ්‍රයේ විශේෂ මණ්ඩපයක් සකස් කර අපේක්ෂාවෙන් සිටියා. නමුත් විවිධ බලවේග නිසා අපට නාග ලෝකයෙන් ලැබුණු දින වෙනස් වුණා. දැන් රුවන්මැලි මහා සෑය ආරක්ෂා කරන්නෙ මහා කාල නාරජු. සෝමාවතී චෛත්‍යය ආරක්ෂා කරන්නෙ ජයසේන නාරජු. සේරුවාවිල මංගල සෑය ආරක්ෂා කරන්නෙ සුමන නාරජු. කැලණි මහ වෙහෙර රකින්නෙ මණිඅක්ඛිත නාරජු, මිථ්‍යාදෘෂ්ටිත නාගයන් මේක වැළැක්වූවා. මම නාග ලෝකයත් මනුෂ්‍ය ලෝකයත් අතර අතරමැදියෙක්. මම කරන්නෙ ලෝක දෙක අතර පණිවුඩ හුවමාරු කිරීම.

සර්වඥ ධාතුන් වහන්සේලා අපට ලබාදෙන බවට ස්ථීර දැනුම්දීමක් ලැබුණේ 2019 නොවැම්බර් 9 දිනට අදාළවයි. ඒ සඳහා කැලණි නදියේ විශේෂ ස්ථානයක් සඳහන් කළා. මට පීනන්න බැහැ. නමුත් මණිඅක්ඛිත නාරජු කීවා කිසිදේකට බය වෙන්න එපා. ආරක්ෂා කරනවා කියලා. මට උන්වහන්සේ ගැන විශ්වාසයක් තිබුණා. මම කරඬුව ගන්න ගියා. අපි පූජා පවත්වා 9 වැනිදා රාත්‍රි 9.30ට විතර ගඟට ගියා. අප සමඟ 50ක් 60ක් විතර සිටියා. මගේ ආරක්ෂාවට තොටුපොළ භාරව සිටින ගයාන් මහතා සම්බන්ධ කර දුන්නේ කැලණිය පොලිසියේ ස්ථානාධිපතිතුමා. අප යන විටත් ඔහු එතැන සිටියා. එයත් අහඹු සිදුවීමක්. මගේ අතේ නාග වළලු දෙකත්. ඒ දෙක තොටුපොළේ සිටි දෙදෙනාට පැලඳුවා.

මට භාවනා කිරීමෙන් කුණ්ඩලිනී ශක්තිය ලැබෙනවා. මට සූක්ෂ්ම ශක්තියෙන් සිරුරෙන් බැහැර වෙන්න පුළුවන්. මනෝකාය එළියට ගන්න පුළුවන්. නමුත් ශරීරය සිහින් හුයකින් බැඳී පවතිනවා. මම මනෝකායෙන් නාග ලෝකෙට ගියා.

මණිඅක්ඛිත නාරජු 30,000ක් නාගයන් පිරිවරාගෙන හිටියේ. විශාල නාගයෙක් අපේ ආරක්ෂාවට එවල හිටිය. ඒ නයාගෙ වල්ගා කොටස ගඟ මැද ගලේ ඉද්දී ගයාන්ගේ කකුලෙ වැදිලා කෙණ්ඩ පෙරළුණා. මෙතුමා මාව අල්ලගෙන හිටියා. වතුර ඇතුළට ගියාම නාග ලෝකෙ ‍ෙදාරටුව හමුවුණා. ‍ෙදාරටුව භාරව හිටියේ රංවල දෙවියෝ. උන් වහන්සේ මට ‍ෙදාරටුව ඇරලා දුන්නා.

ඒක නීල මාණික්‍යයෙන් කරපු විමානයක්. සූක්ෂ්ම කායෙන් යන නිසා හුස්ම ගන්න අපහසුවක් නැහැ. රත්රන් කණුවල එතුණු මැණික් කටින් ගත් නාගයන් ඉන්න මාවතක් තිබුණා. නාග කන්‍යාවන් වීණා වයමින් දෙපැත්තේ ඉන්නවා මම දැක්කා. ඉදිරියට යනකොට නීල මාණික්කයෙන් කරපු විශාල කරඬුවක් තිබුණා. එතැන සුදු සළු පැලඳි නාග පෙණ පහක ඔටුන්නක් පැලඳි කෙනෙක් හිටියා. එතුමා හැරිලා මා දිහා බැලුවා. ඇස්වලින් විදුලි පන්දමකින් වාගේ ආලා්ක ධාරා නිකුත් වුණා. මම උන්වහන්සේට වඳින්න හදන කොට ‘උඩට යන්න දරුවා” කිව්වා. මම උඩට එද්දි වතුර මට්ටම ඉහළ නැඟලා. මම කීව වහින්න පටන් ගනීවි කියලා. ඒ සමඟම අකුණු ගගහ වහින්න ගත්තා. ඒ වෙලාවෙ අපි තුන්දෙනාම එක කටට ගන්න පුළුවන් තරමේ රිදී පාට නාගයෙක් මතුවුණා. ඒක මුලින්ම දැක්කෙ තොටුපොළේ ගයාන්ගෙ ගෝලයා. ඒ සමඟ විශාල සුළියක් සමඟ ඇවිත් කරඬුව මගෙ අතට දී නොපෙනී ගියා. දැන් වෙලාව රෑ 12.00යි. මම කරඬුව මේ අයිය අතට දීලා සූක්ෂ්ම කයින් ඉවත් වුණා. අපි කරඬුවට පූජා පවත්වද්දී මිථ්‍යාදෘෂ්ටික නාගයෝ මතුවුණා 20ක් තිහක්. අපි බෝතලයක් විසි කළාම ඒ විශාල නාගයෙක් සිහින් වෙලා. ඒ තුළට ඇතුළු වුණා. එපමණයි වුණේ. පසුව ඒ නාගයාත් වතුරට දැම්මා.

ඒ කරඬුව දැන් තැන්පත් කර තියෙනවා. ඒක චීනෙන් ගෙන්නුවා කියලා තමයි මඩ ගහන්නේ. ඔබතුමාට ඒක බලන්න පුළුවන්. මේක ශාසනික දෙයක්. මෙතැන කිසිම දේශපාලන සම්බන්ධයක් නැහැ. මේක මණිඅක්ඛිත නාරජුගේ පණිවුඩය මත සිදුවීමක් පමණයි. මම ශාරීරිකව හොඳින් ඉන්නවා. වැරැදි මත දක්වන අයට ඉදිරියේ නාග ශාපය හිමිවේවි.

තොටුපොළ භාර ගයාන් සංජීව මහතා

එදා රාත්‍රි 9.30ට විතර නායක හාමුදුරුවන් ඇතුළු පිරිස ගඟ ළඟට ආවා. මම මේ ගැන මොනවත් දැන සිටියේ නැහැ. කැලණි පොලිසියේ ඕ. අයි. සී. මහතාත් ඒ අවස්ථාවේ ගඟ අසළට පැමිණියා. එතුමා ඉල්ලා සිටියා යෝගිතුමා පිහිනීමට නොදන්නා නිසා ඔහුට ආරක්‍ෂාව ලබාදෙන ලෙස. මාත් මගේ ගෝලයත් එහි සිටියා. අපේ පරම්පරා තුනක්ම තොටියෝ. අපි යෝගිතුමාත් සමඟ ගඟේ ගලක් මත සිටියා. පැය දෙකක් පමණ මම යෝගිතුමා අල්ලන් හිටියා. ඔහු වතුරේ මුහුණ ඔබාගෙන සිටිය දී මම අත නොහැර කඳවටා අත දාලා අල්ලන් සිටියා. ඒ අතර යටින් ලොකු රබර් එක වගේ දෙයක් වැදිලා කකුලේ කෙණ්ඩ පෙරළුණා. ඉක්මනින් ඒ අමාරුව නැතිව ගියා.

යෝගිතුමා දර දඬු වෙලා අත් ගසන්නට වුණා. එක පාරටම කරඬුවක් යෝගිතුමාගේ අතට ආවා. එය කලින් ගෙන ගියා වෙන්න කොහෙත්ම බැහැ. මම වගකීමෙන් කියනවා යෝගිතුමා අතේ කලින් කිසිවක් තිබුණේ නැහැ. නයි මතු වූ කතාව ඇත්ත. ගංගාව පතුලේ නාග විමානයක් පවතින බව දැන් මමත් විශ්වාස කරනවා. මේවා කිව්ව කියලා මට ප්‍රයෝජනයක් නැහැ. මට ලොකු ගෙවීමක් කළ බව කියනවා. ඒක බොරු. කවුරුත් ශත 5ක්වත් දුන්නෙ නැහැ. සමහරු නයා කියලා විහිළු කරනවා. මම කිව්වෙ ඇත්ත.

කැලණි රජමහ විහාර පරිශ්‍රයේ නිමවා ඇති මණි අක්ඛිත නාගරාජ දේව මන්දිරයේ පැවැත්වෙන නානු මුර මංගල්‍යයට අතිවිශාල ජනතාවක් සම්බන්ධ වෙති. එය කැලණි විහාරයට සුවිශේෂී වූ අංගයකි. සර්වඥ ධාතූන් වහන්සේ වැඩමවීම කිසියම් ගුප්ත ආශ්චර්යයක් තුළ සිදු වූ සංසිද්ධියක් බව සනාථ වන කරුණු රැසක් මෙම ගවේෂණයේදී පැහැදිලි විය.

බෞද්ධ දර්ශනය පිළිබඳ විශිෂ්ට දැනුමක් ඇති මහාචාර්යවරයකු වූ විහාරාධිපති හිමියන් ස්ථීරසාර විශ්වාසයකින් යුතුව සර්වඥ ධාතුන් වහන්සේ වැඩම වීම ගැන සඳහන් කරති. එය සැහැල්ලුවෙන් ගත නොහැකිය. අප කළ ගවේෂණයේදී හමු වූ බාහිර පුද්ගලයා තොටුපොළ හිමි ගයාන් සංජීවය. ඔහුට දේශපාලන හෝ වෙනත් අරමුණක් නැති බව පැහැදිලිය. දිය යට පිහිටි ගල් තලාව ගැන දන්නේ ඔහුය. උදාර යෝගිතුමා එය ඔස්සේ ගඟ මැදට කැටුව යන්නේ ඔහුය. යෝගිතුමා කිසිවක් රැගෙන නොගිය බවත් කරඬුව ඔහු අතට පහළ වන්නේ හදිසි නිශ්චිත නිමේෂයකදී බවත් ඔහු ඉඳුරාම පවසයි. තමාට කිසිදු වාසියක් මෙයින් නොලැබුණු බව ඔහු අප සමඟ සහතික විය.

විහාරාධිපති නායක ස්වාමීන් වහන්සේ අප සමඟ පැවැසූ පරිදි කැලණි ධාතු මන්දිරය බොහෝ ප්‍රාතිහාර්ය සිදුවන ස්ථානයකි. එහි වූ ථෙරවාද සහ මහායාන බුද්ධ ප්‍රතිමා කිහිපයක්ම ධාතු මන්දිරය ඉදිකිරීමෙන් පසු විවිධ අවස්ථාවන්හිදී පහළ වූ ඒවා බවද උන්වහන්සේ පැවැසූහ.

නිසි සොයා බැලීමකින් තොරව ආවාට ගියාට හිතු හිතූ පරිදි විශ්වාසයන්ට පහර එල්ල කිරීම සහ විශ්වාසයක් හෙළා දකිමින් අවඥානයෙන් කතා කිරීම පුහු වීරත්වයක් බවට පත්ව තිබේ. ප්‍රඥාවන්තයන් පා තබන්නට බිය බිමෙහි මෝඩයෝ පිනුම් ගසනවා යැයි කතාවක් තිබේ. ඕනෑම සමාජ සංසිද්ධියක් පිළිබඳව අවසන් තීන්දුව දෙන්නේ බහු ජනයා මිස ඊනියා සමාජ මාධ්‍ය නොවේ. මිනිසුන්ගේ හෘද සක්ෂිය සෙල්ලමට ගන්නට ඔවුන්ට සදාචාරාත්මකව මෙන්ම පවතින නීතියෙන්ද ඉඩක් නැත.

නිසි අයුරින් වත්පිළිවෙත සිදු කෙරෙන පූජ්‍ය ස්ථානයන්හි හාස්කම් සිදුවනු දැකීම පුදුමය දනවන සිදුවීමක් නොවේ. බෞද්ධ සංස්කෘතික ඉතිහාසයේ එවැනි අවස්ථා උදාහරණ කොතෙකුත් තිබේ. කැලණි විහාරය ගත් විට එහි ඉතිහාසයේ මෙවැනි ප්‍රාතිහාර්යයන් අවස්ථා ගණනාවකදී විද්‍යමාන වී තිබේ. නායක හිමියන් පවසන පරිදි වර්තමාන ධාතු මන්දිරය තුළ වඩා හිඳුවා ඇති බුද්ධ ප්‍රතිමා සහ බෝධි සත්ව ප්‍රතිමා කිහිපයක්ම ප්‍රාතිහාර්යයෙන් පහළ වූ ඒවාය.

ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න


භාග්‍යා අබේරත්න නම් රටම කතාබහ කළ සිංහරාජ වන විනාශය හෙළි කළ 19 හැවිරිදි පාසල් සිසුවිය සමඟ ඇය ජීවත් වන ගමේ පිරිසද අද වන විට හරි හැටි කතාබහක් නොකරන තත්ත්වයට පත්ව ඇතැයි වාර්තා වෙයි. මේ බව ඇය කියා තිබුණේ ජාතික පුවත්පතක් සමඟ එක්වෙමිනි.

එහිදී ඇය කියා තිබුණේ මෙම සිදුවීම වන්නට පෙර තමන් සමඟ සිටි ගමේ පිරිස් බොහෝමයක් අද තමන්ගෙන් ඈත් වී ඇති බවයි. ඒ පිළිබඳව ඇය කියා තිබුණේ මෙවැනි කතාවකි “බලනකොට මේ කැලෑ විනාශය පිළිබඳ ප්‍රශ්නය තිබිල තියෙන්නෙ මට විතරයි, මගේ පැත්තට ගමේ කවුරුත් කතා කරන්නෙ නෑ.” යනුවෙනි.

එමෙන්ම දැන් අයට රජයේ නිලධාරීන්ගෙන් බලපෑමක් නොවන බවද ඇය කියා තිබුණි. දැන් රජයේ ආයතනවලින් කිසිම ආකාරයක තර්ජනයක් හෝ බලපෑමක් සිදු නොවන බවද ඇය සඳහන් කළාය. ඒ පිළිබඳව ඇය ජාතික පුවත්පතට පවසා තිබුණේ මෙලෙසිනි “මට දැන් නම් බාහිර ආයතන වල නිලධාරීන් ගෙන් කිසිම බලපෑමක් එන්නෙ නෑ. පොලිසියේ මහත්වරු ඇවිත් තර්ජනය කළා කියලා ප්‍රචාරය වුණා. රක්වාන පොලීසියේ මහත්වරු දෙදෙනෙක් ඇවිත් විස්තර ඇහුවා. මට කිසි තර්ජනයක් කළේ නෑ.”

එමෙන්ම ඇය වැඩිදුරටත් සඳහන් කර තිබුණේ “මට දැන් නම් බාහිර ආයතන වල නිලධාරීන් ගෙන් කිසිම බලපෑමක් එන්නෙ නෑ. පොලිසියේ මහත්වරු ඇවිත් තර්ජනය කළා කියලා ප්‍රචාරය වුණා. රක්වාන පොලීසියේ මහත්වරු දෙදෙනෙක් ඇවිත් විස්තර ඇහුවා. මට කිසි තර්ජනයක් කළේ නෑ. කළු වඳුරා අපේ වත්තට කෑම කන්න එනවා. කළු කොටියා ඉන්නවා කියලා ගමේ අය කියනවා. මම නම් දැකලා නෑ. ඒත් ගෝනුන්, මුවන්, ඕළුවා, ඉත්තෑවා වගේ සත්තු ගොඩක් ඉන්නවා. ඒක දේශික සත්වයන් වන හඳපාන්ඇල්ල මැඬියා සහ අංකටුස්සා මේ කැලේ ඉන්නෙ. ඉඩම කාගෙද කියලා මම දන්නෙ නෑ. අදාළ බලධාරීන් ඒවා බලා ගනියි‘” යනුවෙනි.

භාග්‍යා අබේරත්න මේ වන විට ගණිත අංශයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිට දැන් ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින බවත් සඳහන් වෙයි.

එසේම මේ දියණිය බිහිකළේ රත්නපුර ගොඩකවෙල රාහුල ජාතික පාසලයි. පාසලේ විදුහල්පති ඉන්ද්‍රාණි විජේලතා මේ ප්‍රශ්නය ගැන මෙසේ පැවසීය.

“භාග්‍යා අබේරත්න දියණිය 2020 වසරේ අපොස උසස්පෙළ විභාගයට ගණිත අංශයෙන් පෙනී සිටියා. ඇය අපේ පාසලට පැමිණෙන්නේ පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත් වීමෙන්. පාසලේ හොඳින් කැපී පෙනෙන දරුවෙක්. අනාගතයේ මෙවැනි දරුවන් රටට අවශ්‍ය වෙයි.ඒ වගේ ම ඇය හරිම සංවේදී දරුවෙක්. එදා ඒ දරුවා රූපවාහිනී වැඩ සටහනේ දී කළ ප්‍රකාශයේ දිග පළල හෝ බරපතළකම සම්බන්ධයෙන් මම අදහස් කතා කරන්නෙ නැහැ. අපි මුවින් පිට කරන සෑම වචනයක් ම වගකීමෙන් කියන්න පුරුදු වෙන්නත් ඕන.

දැන් තත්ත්වය මෙසේ වන අතර භාග්‍යා ගේ වචන කිහිපයට රටේ මහා ප්‍රශ්නයක් ඇති වී හමාරය. කවුරුන් කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතු බව පමණක් අපි අවධාරණය කරමු.

ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න


මෙම ප්‍රතිමා යුගලට අමතරව 2500 කට අධික වටිනාකමින් යුත් කලාකෘතිද මෙම විමර්ශනයේදී සොයා ගැනීමට හැකිව ඇත.

ඒවා පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය, කාම්බෝජය, තායිලන්තය, නේපාලය, ඉන්දුනීසියාව සහ ආසියාවේ සහ මැද පෙරදිග වෙනත් ජාතීන් වෙතින් සොරාගෙන ගොස් ඇති බව පැවසේ.

මෙම ප්‍රතිමාවල මුළු වටිනාකම ඩොලර් මිලියන 143 ඉක්මවන බව වාර්තා වේ.

පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී මෙම පිළිම දෙක එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් මහතා වෙත බාරදීම සිදුවිය.





ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

මං නිර්මාංශයි.. හරක් මස් ෆැක්ටරි කතාව මඩක්.. ඒ ෆැක්ටරියේ නිර්මාංශ ආහාරත් හදනවා..- නාමල්




කටුනායක අපනයන සැකසුම් කලාපයේ විවෘත කරපු විදේශීය හා දේශීය ආහාර සැකසුම් කර්මාන්ත ශාලාවක් සම්බන්ධයෙන් මාව සම්බන්ධ කරලා මේ දවස්වල ෆේස්බුක් එකේ මඩ ප‍්‍රචාරයක් යනවා. මේක තනිකරම මඩක්. එවැනි අසත්‍ය ප‍්‍රචාරයක් සමාජය තුළ ගෙනයෑම සම්බන්ධයෙන් කනගාටු වෙනවා’ යැයි තරුණ කටයුතු හා ක‍්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.

මෙම දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ඇමැතිවරයා සම්බන්ධයෙන් ප‍්‍රචාරය වන දේ පිළිබඳව විමසූ අවස්ථාවේ හෙතෙම එසේ කියා සිටියේය.

මෙහිදී තවදුරටත් කතා කළ ඇමැතිවරයා මෙසේ ද කියා සිටියේය.

‘මේ මස්, තවත් ආහාර වර්ග ප‍්‍රතිඅපනයනය කරන සමාගමක්. මේකට ලංකාවේ සම්බන්ධයක් නැහැ. එම සමාගමේ අයිතිකරුවන් මට ආරාධනාවක් කරපු නිසා ආරාධිතයෙක් විදිහට මම එතැනට ගියා. මේක මගේ ව්‍යාපාරයක් නොවෙයි. දේශීය ව්‍යාපාරිකයෙක්ගේ ව්‍යාපාරයක් නිසා මම එතැනට පොඩි වෙලාවකට ගියා. මේක ගව ඝාතකාගාරයක් කියලා මාවත් සම්බන්ධ කරලා ෆේස්බුක් එකේ මඩ ප‍්‍රචාරයක් යනවා.

‘‘මම නිර්මාංශ කෙනෙක්. මෙතනට මස් ගේනවා වගේම නිර්මාංශ ආහාරත් නිෂ්පාදනය කරනවා. ඒ කියන්නේ වෙජිටේරියන් ආහාරත් මෙතන තියෙනවා. මේක මගේ තැනක් නොවෙයි. යම් යම් අය බලන්නේ අපිට පුළුවන් තරම් මඩ ගහලා වින්දනයක් ලබන්නයි.

දේශීය ව්‍යාපාරිකයෙක් රටට ආදායමක් එන ව්‍යාපාරයක් කරනවා නම් එය අගය කළ යුතුයි. මෙවැනි දේශීය ව්‍යාපාරිකයන් තනන එකයි අපි කළයුත්තේ. නමුත් අද මේ සමාජයේ ඉන්න අය කරන්නේ ෆේස්බුක් අවභාවිතා කරමින් අනුන්ට මඩ ගහන එකයි.”

ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න


බන්ධනාගාරය තුළ කොරෝනා වෛරස ව්‍යාප්ත වීමනිසා තමන් නිදහස් කර පිටතට යවන ලෙස ඔවුන් ඉල්ලීම් කර ඇති අතර පසුව හටගත් නොසන්සුන්තාව කැරැල්ලක් දකවා වර්ධනය වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසී ය.

කෙසේ වෙතත් ඔවුන් තුළ ඉන් එහා ගිය සංවිධානාත්මක අරමුණු තිබී ඇති බවත් පෙනී ගොස් ඔහු පැවසී ය.

පසුව සිර මැදිරිවල ආරක්ෂක වැට විනාශ කරමින් ඉදිරියට පැමිණ පලා යාමට උත්සාහ කිරීමේදී බන්ධානාගාර නිලධාරීන් තම බලය භාවිත කර පිරිස පාලනය කිරීමට ක්‍රියා කර තිබේ.

රැඳවියන් විසින් නිලධාරීන් දෙදෙනෙකු ප්‍රාණ ඇපකරුවන් ලෙස තබාගෙන සිට ඇති අතර අසීරු මෙහෙයුමකින් පසු ඔවුන් දදෙනා ද බේරා ගැනීමට මෙහෙයුම් කණ්ඩායම් සමත්ව ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ , ඊයේ සිට අද (30) උදෑසන 6 පමණ වන විටත් බන්ධනාගාරය තුළ ගිනි තැබීම්, දේපොළ අලාභහානි කිරීම් වැනි විවිධ සිදුවීමී වාර්තා වී ඇති බවයි.

මේ අතර මහර බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාවයෙන් රැඳවියන් 8 දෙනෙකු මියගොස් තවත් 71 දෙනෙකු තුවාල ලබා තිබේ.

රාගම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ශෙල්ටන් පෙරේරා මහතා පැවසුවේ, ඉන් 69 දෙනෙකු රැදවියන් වන බවයි.

මේ අතර මහර බන්ධනාගාරයේ සියලු රැඳවියන් පළා යාමේ සැලසුමක් පැවති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවා ය.

මෙය අහඹු සිදුවීමක් ලෙස නොදකින බවත් පසුගිය සති කිහිපය තුළ වරින්වර බන්ධනාගාර කිහිපයක රැඳවියන් පලා යාමේ උත්සහයන්හි නිරතවූූ බවත් ඇය සඳහන් කළා ය.

ඇය වැඩිදුරටත් පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක කරන බවයි.

ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network