Showing posts with label Lankanewsweb. Show all posts

පරාක‍්‍රම සමුද‍්‍රය ඉස්මත්තේ ඇති හිටපු ජනපතිගේ නිවාස හෝටල් ඉවත් කරගන්නැයි කියයි

පරාක‍්‍රම සමුද‍්‍රය ඉස්මත්තේ ඇති හිටපු ජනපතිගේ නිවාස හෝටල් ඉවත් කරගන්නැයි කියයි…

පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයෙහි වැව් තාවුල්ල ගැන කතා කරන අය කරන්නේ වීදුරු ගෙවල්වල ඉඳලා ගල් ගැහීමක් .එයාලා පරාක්‍රම සමුද්‍රයට ආදරය නම් මුලින්ම කළ යුත්තේ එයාල හදපු හෝටල් හා ගෙවල් ඉවත් කරගන්න එක.යැයි පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.

රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මෙසේ පැවසූයේ අද දින කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක වාද්දුව  ශ්‍රී බෝධිරාජාරාමාධිපති මහාචාර්ය කොටපිටියේ රාහුල නාහිමියෝ බැහැ දැකීමට ගිය අවස්ථාවේදීය.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය.

ගොවි ජනතාවත් හොඳින් අවබෝධ කර ගන්න ඕන සහතික මිලක් කියන්නේ එයිට වඩා අඩුවෙන්  වී මිලදී ගන්න බැහැ කියන එක. දැන් උදාහරණයකට ගත්තොත් පහුගිය යහපාලන ආණ්ඩුව කාලේ වී මිල රුපියල් 32 යි 33 යි ජනතාවගේ හඳවතේ ගලේ කෙටුවාවගේ තියා ගත්ත නම් හොඳයි. යහපාලනය ගොවියා නැති භංගස්ථාන කරයි කියන එක, එතකොට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඇවිල්ලා වී වලට රුපියල් 50 ක සහතික මිලක් දුන්නා. පසු ගිය කාලේ නැවත වී මිල බස්සලා ගන්න කොට තමයි වී ටිකට නාඩු සඳහා රුපියල් 55 කුත්, සම්බා සඳහා 60 කුත්, කීරි සම්බා සඳහා රුපියල් 70 ක සහතික මිලක් දීල තියෙන්නේ. එතකොට එම සහතික මිලට වඩා වැඩි ගනනකට කවුරුහරි ගන්න ඉන්නව නම් ඒකෙ ගැටළුවක් කොහෙවත් නැහැ. ගොවියා ආරක්ෂා කර ගන්න තමයි සහතික මිලක් තියෙන්නේ. ඊට වඩා වැඩි ගනන් වලට ඕන කෙනෙකුට ගැනීමේ හැකියාව තියෙනවා.

එතුමලා ඉතින් සාකච්ඡා කරන්න දෙයක් නැහැනේ මොනවද ඉතින් අර හම්බන්තොට වරාය හිටපු ජනාධිපති තුමාගේ කාලයේදී අපේ රටේ ආර්ථික මර්මස්ථානය සම්පූර්ණයෙන්ම විකුණලා දැම්මේ. මේ ගොල්ලො කරන්න තියෙන ඔක්කොම විනාශය රටට කරලා දැන් එක එක කඩාකප්පල්වකරී ක්‍රියා කරන්න හඳනවා ඇතුළෙ ඉඳන් එක නිසා මම මේවා ගැන දීර්ඝ වශයෙන් කතා කරන්න කැමති නැහැ.

රටේ ජනතාව අවබෝධයෙන් ඉන්න එක තමයි විශේෂයෙන් තියෙන්නේ. එදා එළියෙ ඉඳන් කුමන්ත්‍රණ කරපු සමහරු අද ඇතුළෙ ඉඳන් කුමන්ත්‍රණ කරනවා මේ රටේ 2/3 ක ජන වරමක් ගොඨාභය මහතා ප්‍රමුඛ පොදු ජන පෙරමුණට ජනතාව දීල තියෙන්නේ වැඩ කරන්න. එම වගකීම අපි හරියට අරන් කරනවා.

ආයෝජන රටට එන්න ඕනෙ එහෙම නැතුව අපේ රට දියුණු කරන්න බැහැ මේ රටේ රාජ්‍ය අංශය ශක්තිමත් කරන්න පුළුවන් රාජ්‍ය ආයතන ටික නැවත පණ ගන්වන්න පුළුවන් පෞද්ගලික අංශයත් එක්ක එකතු වෙලා ගියොත් කියල මන් එදත් කියනවා අදත් කියනවා.

අද දිනයේදී අපේ කෝට්ටේ පාර්ශවයේ අනුනායක මහාචාර්යය කොටපිටියේ රාහුල නායක හාමුදුරුවන් බැහැ දකින්න මම  පැමිණියා. ජාතික වශයෙන් කෙරෙන හැම කටයුක්තක දීම, හැමදාම මම උන්වහන්සේගේ අශීර්වාදය, මඟ පෙන්වීම, අවවාද උපදෙස් ලබා ගත්තා. අද දිනයේදී උන්වහන්සේ මේ ඇවිඳින මං තීරුව සම්බන්ධයෙන් අනුශාසනා කර සිටියෙ, විමසා සිටියේ  මුලින්ම මේවාට අනුමැතීන් ටික ලබා ගත්තද කියලා. ඉතින් මම පැහැඳිලි කරලා දුන්නා.

2021 ජනවාරි මස මුල ක්ෂේත්‍ර පරීක්ෂාව සිදු කලා. ඉන්පසු 10 වෙනිදා වෙන කොට මෙම සියළු අධ්‍යයන කරලා  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමැතිය දීල තියෙනවා, වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ අනුමැතිය දීල තියෙනවා, මාර්ග සංවර්ධන අධිකාරියේ අනුමැතිය දීල තියෙනවා, පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ අනුමැතිය දීල තියෙනවා. ඒවගේම නගර සභාවේ අනුමැතිය දීල තියෙනවා.

ඒවගේම තෝපා වැව භාරව ඉන්නේ ඒ ප්‍රදේශය පූජනීය නගරයක් විදිහට අපේ අනුනායක හාමුදුරුවෝ, වෙඩරුවේ උපාලි හමුදුරුවෝ, උන්වහන්සේ පූර්ණ අනුශාසකත්වය අනුමැතිය දීල තියෙනවා. මේ කටයුතු ටික කරන්න. ඒ නිසා සියළුම අනුමැතීන් තියෙනව නම් කවුරු හෝ පුද්ගලයෙක් කකුලෙන් අඳිනව නම් ඒක අදාළ කර ගන්නේ නැතුව මෙවැනි කටයුතු සිදු විය යුතුයි කියන එක. උන්වහන්සේ අනුශාසනා කලේ දෙවැනි කාරණය අපිටත් පේන්න තියෙනවා මේ රටේ හොඳ වැඩ කරද්දී කකුලෙන් අඳින කුමන්ත්‍රණ ක්‍රියාත්මක වෙන එකයි කිව්වේ.

ඒ නිසා හොඳ වැඩේට කවුරු හෝ කකුළෙන් අදින්න හැඳුවට ඒවාට නොබියව ඒ ඒ රාජ්‍ය වල සියළුම අනුමැතීන් තියෙනවනම් ඒක රජයේ ක්‍රියාවලිය නම් කරන්න තියෙන්නේ ඒ කටයුතු ටික ඉදිරියට කරගෙන යන්නයි.

හිටපු ජනාධිපති තුමා කියනවා කෞතුක වස්තූන් සම්බන්ධයෙන්, ඉතින් කෞතුක වස්තූන් තමා අපි ආරක්ෂා කරන්න තියෙන්නේ. එය ආරක්ෂා කිරීමට තමයි එදා ජයසිරිමා බෝධිය ආරක්ෂා කරලා සංරක්ෂණය කරන්න කටයුතු කළේ. අදියරෙන් අදියර රුවන්වැලි සෑය අපි දන්නවා ආරක්ෂා කරලා සංරක්ෂණය කරලා තියෙන්නේ. අපිට වගකීමක් තියෙනවා.ඓතිහාසික සොළොස්මස්ථානයේ  මාර්ග පද්ධති ඔක්කොම හදලා විදුලි පහන් ආලෝක කරලා ඒවා සංරක්ෂණය කරලා තියෙනවා.

ඒ වගේම තමා මේ පරාක්‍රම සමුද්‍රය වේල්ල සංරක්ෂණයක් වෙන්නෙ මෙතන තවදුරටත් ශක්තිමත් වෙලා මහජනතාවට තවදුරටත් පරාක්‍රමබාහු රජතුමා කරපු ඒ මහා විශ්ව කර්මය අභිමානයෙන් දැක ගන්න ඒ පුංචි දරුවගේ ඉදල දෙමාපියන්ට මේ රටේ සියළු දෙනාටම අවස්ථාවක් ලබා දීම තමා එතනින් සිද්ධ වෙන්නේ. කෞතුක වස්තූන් විනාශ වීම ගැන කියන්න දෙයක් නැහැ එතුමලාගේ කාලේ ඉතින්. අද වැව් තාවුල්ලක් පොළොන්නරුවේ නැහැ. මේවායේ හෝටල් හඳල තියෙන්නෙ කවුද ගෙවල් හදල තියෙන්නේ කවුද, කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඒක තමා පැහැදිලි යථාර්ථය.

කෞතුක වස්තූන් ආරක්ෂා කිරීමට හිටපු ජනාධිපතිතුමා හිතනව නම් එතුමා කරන්න ඕන එතුමලගේ ගෙවල් හෝටල් ඉස්සෙල්ලම අයින කර ගන්න එක තමයි මම දකින දෙය. ඒක නිසා වීදුරු ගෙවල් වල ඉඳගෙන ගල් ගැහීමක් තමයි සිද්ධ වෙන්නේ අපි ජනතාව වෙනුවෙන් අවංකව වැඩ කරන්නේ ඒ නිසා මේ රටේ ගොවි ජනතාවගෙන් මම ඉල්ලනවා දේශපාලන උප්පර වැට්ටි කුමන්ත්‍රණ වලට මේ රටේ ජනතාව මුලා වෙන්න එපා. ඒ වගේම තමයි මේ රටේ ජනතාවගෙන් අපි ඉල්ලනවා ඔබ තුමාලා බොහොම අවධියෙන් සිටින්න. කුමන්ත්‍රණකාරීන්ට ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමා මේ රට බෙදෙන්න යද්දි බෝම්බ පත්තු වෙද්දි ආර්ථික වශයෙන් විනාශ වෙද්දී මේ රට අරගත්තේ ඉදිරියට ගෙනියන්න. එම වගකීම හරියට කරල තියෙනවා යැයි ද, පැවසීය.

ප්‍රසන්න අධිකාරි
මාධ්‍ය ලේකම්

ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

උඹ මහ පාරෙ පුච්චලා මරණවා…- බදියුදීන් වැලිකඩ සිට අමතයි..

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා විසින් මරණ තර්ජන කළ බව පවසමින් බන්ධනාගාර වෛද්‍යවරයෙක් බොරැල්ල පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.

පසුව ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන සඳහා පොලිස්පතිවරයා විසින් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත යොමුකර ඇත.

මැගසින් බන්ධනාගාරයේ වෛද්‍යවරයෙකු විසින් ඊයේ (21) එම පැමිණිල්ල කර තිබේ.

එම පැමිණිල්ලේ දැක්වෙන්නේ, වැලිකඩ බන්ධනාගාරයේ බෙහෙත් ශාලාව තුළ පසුගිය 15වනදා අදාළ වෛද්‍යවරයා විසින් රෝගී රැඳවියෙකු පරීක්ෂා කරමින් සිටියදී රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා බලහත්කාරයෙන් එම ස්ථානයට පැමිණ ඇති බවය.

එහිදී මන්ත්‍රීවරයාට පිටතින් සිටින ලෙසත් අවශ්‍ය තොරතුරු ලබාගත් පසුව ඔහුව ඇතුළට කැඳවන බවත් වෛද්‍යවරයා විසින් පවසා ඇති බව වාර්තා වේ.

එහිදී කුපිත වූ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා, බැණවැදී ඇත්තේ, “උඹ මහ ලොකු දොස්තර කෙනෙක් ද, මගේ යාලු දොස්තර කෙනෙක් මේ දැන් කෝල් කරලා මට ගෙන්න ගන්න පුළුවන්,මගේ වැඩ කරගන්න තමුසේ ඕන නැහැ” යනුවෙන් බව අදාළ පැමිණිල්ලේ සඳහන් වෙයි.

“තමුසේ දන්නැද්ද මම මොකක් කරලා ද ආවේ කියලා. ඒ වගේම තමුසෙව වෙන ලෝකෙකට අරින්නත් පුළුවන්. පැයක් ඇතුළත මාරු කරලා යවන්නත් පුළුවන්. තමුසේ වැඩිය දැඟලුවොත් පාරේ යනකොට තමුසෙයි තමුසෙගෙ කාර් එකයි අළු වෙලා තියෙයි. එතකොට තමුසෙගෙ ගෑණිට මිනිහත් ළමයින්ට තාත්තත් නැති වෙයි. තමුසේ දැනගන්නවා මම රිෂාඩ් බදියුදීන්.” යනුවෙන් මන්ත්‍රීවරයා මරණීය තර්ජන කළ බවද වෛද්‍යවරයාගේ පැමිණිල්ලේ දැක්වේ.

“මට පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද තියෙනවා. ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් දෙකම සලකනවා. උඹේ ආයු කාලය කෙටියි.” යනුවෙන් ද මන්ත්‍රීවරයා එහිදී පැවසූ බව වෛද්‍යවරයා පොලීසියට පවසා ඇත.

“දොස්තර.. පරිස්සම් වෙලා හිටපන්. ඉක්මනට මෙතනින් පලයන්. ගිහිල්ලා උඹට හැංගිලා ඉන්න තැනක් හොයා ගනින්.” යනුවෙන් තර්ජනාත්මකව හා අපහාසාත්මක බැණවදිමින් ආවේගශීලීව හැසිරුණු බව වෛද්‍යවරයා විසින් කරන ලද පැමිණිල්ලේ සඳහන්ය.

අදාළ වෛද්‍යවරයා විසින් මේ සම්බන්ධයෙන් බන්ධනාගාරයේ ප්‍රධාන වෛද්‍යතුමියට, බන්ධනාගාරයේ ඉහළ නිලධාරියෙකුට වාචිකව සහ ලිඛිතව පැමිණිලි කිරීමෙන් අනතුරුව බොරැල්ල පොලීසිය වෙත පැමිණිලි කර ඇත.

අනතුරුව බන්ධනාගාර කොමසාරිස්වරයා විසින් පොලිස්පතිවරයාට කරන ලද ලිඛිත පැමිණිල්ලක් අනුව පොලිස්පතිවරයාගේ නියෝග මත කොළඹ අපරාධ කොට්ඨාසය ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

ඒ අනුව සිද්ධියට මුහුණ දුන් වෛද්‍යවරයාව අද (22) දහවල් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත කැඳවා වැඩිදුරටත් ප්‍රකාශ ලබාගගෙන තිබේ.

මේ අතර කොළඹ අපාරාධ කොට්ඨාසයේ විශේෂ පොලිස් කණ්ඩායමක් අද කොළඹ මැගසින් බන්ධනාගාරය වෙත ගොස් අදාළ සිදුවීම සිදුවූ ස්ථානය පරීක්ෂා කර ඇත.

ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න


දිවයින පුවත් පත් වාර්ථාවට අනුව මැණික් පොකුරට ඉහල මිලක්

රත්නපුරෙන් සොයා ගත් විශාල තම මැණික් පොකුර සඳහා චීනයෙන් ඩොලර් මිලියන 500 ක ඇණවුමක් ලැබුණු බව බන්ධනාගාර, කළමනාකරණ පුණුරුත්ථාපන සහ මැණික් සම්බන්ධ රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්ත මහතා පැවසීය.

මෙය රුපියල් කෝටි දසදහසකට ආසන්න මුදලක් බව පැවසූ රාජ්‍ය ඇමැතිවරයා මැණික් පොකුර පිළිබඳව හරිහැටි තක්සේරු නොකර එහි වටිනාකම නිල වශයෙන් හෙළි නොකළ නමුත් මෙවැනි ඇණවුම් අනුව මෙම මැණික් පොකුරේ වටිනාකම ඉතාමත් ඉහළ අගයක පවතින බවද පැවසීය.

කෙසේ වෙතත් වැඩිම ඉල්ලූම සඳහා මෙම මැණික් පොකුර අලෙවි කරන බවද රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් කීවේය.

නෝමන් පළිහවඩන

ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

බදියුදීන් බිරිද මෙහෙකාර දැරියන්ගේ මුහුණ වැසිකිලියේ ඔබලා… නිවසේ තවත් අබිරහස් මරණ දෙකක්..

බදියුදීන් බිරිද මෙහෙකාර දැරියන්ගේ මුහුණ වැසිකිලියේ ඔබලා… නිවසේ තවත් අබිරහස් මරණ දෙකක්..

බදියුදීන් ඇමැතිතුමාගේ ගෙදර ටොයිලට් හරියට හේදුවේ නැති වුණාම නෝනා අපේ මූණ කොමඞ් එකේ ඔබලා ඒ ජරා වතුරෙන් නාවනවා. ඉඳුල් පිඟන් හරියට හේදුවෙ නැහැ කියලා පිඟන් වලින් ගහලා ඉඳුල් වතුර මූණට හලනවා යැයි හිටපු ඇමැතිවරයාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී කෲර වධ හිංසාවන්ට ලක්වූ තවත් දැරියක් පොලිස් ප‍්‍රශ්න කිරීම් හමුවේ හැඬූ කඳුළින් පිළිතුරු ලබා දී ඇත.

හිටපු ඇමැති රිෂාඞ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටි තවත් දැරියන් සහ තරුණියන් එකොළොස් දෙනකු අතරින් එක් දැරියක මෙම කෲර වධ හිංසා පිළිබඳව පොලිසිය වෙත මේ ආකාරයට හෙළිදරව්වක් කර තිබේ.

රිෂාඞ් බදියුදීන්ගේ බිරිඳ මෙන්ම පවුලේ සාමාජිකයන් ද මෙම මෙහෙකාර සේවයට පැමිණ සිටි දැරියන්ට සහ තරුණියන්ට මේ ආකාරයට කෲර වධ හිංසා පමුණුවා අමානුෂික පහරදීම් සිදුකර ඇති බව විමර්ශනවලින් මේ වනවිට හෙළි වී ඇත. ඇතැම් අවස්ථාවලදී නිවසේ තිබූ කොසු කැඩෙන තුරු පහරදීම් සිදුකර ඇති බවද හෙළිව තිබේ.

මේ අතර පිළිස්සී මියගිය දැරිය නවාතැන්ගෙන සිටි කාමරයේ තිබී සැකකටයුතු භාණ්ඩ කීපයක් ද පොලිසිය මේ වනවිට සොයාගෙන තිබේ.

පොලිස් විමර්ශනවලින් හෙළිවී ඇති අන්දමට මෙහෙකාර සේවයට පැමිණ සිටි තරුණියන්ගෙන් දෙදෙනකු මීට ඉහතදී අභිරහස් අන්දමින් මියගොස් තිබිණි. මින් එක් තරුණියක් බම්බලපිටියේදී දුම්රියට පැන සිය දිවි හානි කරගත් අතර අනෙක් තරුණිය හදිසියේම රෝගාබාධයන්ට ලක්වීමෙන් මියගොස් ඇති බව හෙළිවී තිබේ.

මෙම මරණ දෙක සම්බන්ධයෙන් ද පොලිසිය පුළුල් විමර්ශනයක් පවත්වාගෙන යයි.

මේ අතර රිෂාඞ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයට යොදවා ගත් තරුණියන් සහ දැරියන් සියලූ දෙනාගෙන් ප‍්‍රකාශ ලබා ගැනීම මේ වනවිට ආරම්භ කර ඇත.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් පොලිස් කණ්ඩායම් 5 ක් විසින් මෙම පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

හේමන්ත රන්දුණු
– divaina

ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

“අවුරුදු 15 දැරිය හා කොටුවේ පොඩි නම සම්බන්ධ පුවතේ ඇත්ත හෙළිවෙයි” – කොටුවේ හාමුදුරුවෝ මේ දැන් CID ඉදිරිපිට උද්ගොෂණයේ…

කොටුවේ පොඩි හාමුදුරුවන් වහන්සේ ලෙස කවුරුත් හඳුනන අත්තරගම ප්‍රඥාලංකාර ස්වාමීන් වහන්සේ සම්බන්ධව ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය සබන්ධයෙන් පළකර ඇති ප්‍රවෘතියකට සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ප්‍රචාර ලැබෙමින් ඇති අතර මේ සම්බන්ධව SriAVTV අප කල සොයා බැලීමකදී ඒ සම්බන්ධව තොරතුරු රැසක් අනාවරණය කරගැනීමට හැකියාව ලැබුනා.

එංගලන්තයේ සිට ක්‍රියාත්මක ලංකා ඊ නිවුස් දිගින් දිගටම රජය හා රජයට සාහය දෙන කණ්ඩායම් විවේචනය කරමින් මඩ පුවත් පතුරන වෙබ් අඩවියක් වන අතර සඳරුවන් සේනාධීර නමැත්තකු විසින් ක්‍රියාත්මක කරන මෙම අවෙබ් අඩවිය මංගල සමරවීර මහතාට සම්බන්ධ පිරිසක් මෙරට සිට මෙහෙයවනු ලබයි. ඒ අනුව රජයට පක්ෂපාති මතයක් දරන කොටුවේ පොඩි හාමුදුරුවන්ගේ නම මේ හා සම්බන්ධ කරමින් පුවතක් ගොතා ඇති අතර එම වෙබ් අඩවියේ පලකරන අනෙකුත් පුවත් සේම මෙම පුවතද කිසිදු සත්‍යතාවයක් නොමැති මඩ ප්‍රවෘතියක් බවට මේ වනවිට හෙළිවී තිබේ.

කෙසේ වෙතත් අද දිනයේ කොටුවේ පොඩි හාමුදුරුවන් කොටුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ඉදිරිපිට මේ සම්බන්ධව තමන් වරදක් කොට ඇතිනම් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් විරෝධතාවයක් පැවැත්වීමට සුදානම් බවටත් කරුණු අනාවරණය වුනා. එමෙන්ම අදාළ දැරිය අපහරණය සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ ජනාධිපති නියෝගයෙන් නවතා ඇති බවට අදාළ පුවත වාර්තා කොට ඇති අතර ඒ සම්බන්ධව අප කල සොයා බැලීමකදී පොලිසියේ ඉහල නිලධාරියකු කියා සිටියේ අදාළ සිදුවීම සම්බන්ධව පරීක්ෂණ දිගටම සිදුවන අතර ඒවාගේ කිසිදු වෙනසක් සිදුව නොමැති බවයි.

මේ අනුව ලංකා ඊ නිවුස් දිගින් දිගටම භික්ෂුන් වහන්සේලාට පහර ගසමින් මංගලලාගේ කල්ලතෝනි නිරාගමික මත වෙනුවෙන් පෙනී සිටිමින් කරනා ජඩ මාධ්‍ය මෙහෙයුමේම කොටසක් ලෙස මේ අසත්‍ය පුවත් පලකිරීමද දැක්විය හැකිය.

ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

විමල්-උදයගේ ඇමතිකම්වලට වෙනත් අය සූදානම් කෙරේ..

විමල්-උදයගේ ඇමතිකම්වලට වෙනත් අය සූදානම් කෙරේ..

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන ඇමතිවරුන් ඇතුළු ආණ්ඩුවේ සෙසු පක්ෂ ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් ඒ සඳහා ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ යම් සාකච්ඡාවක් ඇතිව තිබෙන බව ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

එවන් තත්වයකදී දැනට ඔවුන් අමාත්‍ය ධුරවල පුරප්පාඩු ඒ සඳහා පත් කරන ඇමැතිවරුන් පිළිබඳව සලකා බැලීමක් සිදු කර ඇතැයිද පැවසේ.

දැනටමත් ආණ්ඩුවේ ඇමතිධුර නැති ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ඒ සඳහා යෝජනා වී ඇති බවද දැනගන්නට තිබේ.

මේ අතර වාර්තා වන්නේ නුදුරේදීම කැබිනට් මංශෝධනයක්ද සිදු වීමට නියමිතව ඇති බවයි.

ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
  • ‘චන්නගේ කෝටි 20 නිවස’ කැන්ටින් අසේලට වැලිකඩට පාර පෙන්නයි… කෝටි 50 වන්දි ගෙවන්න වෙයි

    ‘චන්නගේ කෝටි 20 නිවස’ කැන්ටින් අසේලට වැලිකඩට පාර පෙන්නයි…  කෝටි 50 වන්දි ගෙවන්න වෙයි..

    රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන ඇතුල් කෝට්ටේ ප්‍රදේශයෙන් රුපියල් මිලියන 200ක නිවසක් මිලදීගෙන ඇති බවත්, චන්න ජයසුමන, SPC සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සහ SPMC සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මහතා එකතුව සිනොවැක් නමින් බෙහෙතක් ගෙන්වා තෙල් කුප්පි පුරවන ආකාරයට පුරවා මිනිසුන්ගේ ජීවිත අවධානමේ හෙලන බවත් ජුනි මස 15 දින කොළඹ දී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් අසේල සම්පත් නම් අයෙකු ප්‍රකාශ කලේය.

    තව ද අද සෞඛ්‍ය ඇමතිවරුන්ට රගන්නට හැකිව ඇත්තේ එදා හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නිර්භයව නොපැකිලව ගත් තීරණ නිසා බව ද හෙතෙම පැවසීය.

    ජනාධිපති නීතීඥ V.K.චොක්සි මහතාගේ උපදෙස් පරිදි නීතීඥ අතුල ද සිල්වා මහතා මේ සම්බන්ධයෙන් අසේල සම්පත් යන අයට එන්තරවාසියක් යවමින් සදහන් කර ඇත්තේ චන්න ජයසුමන මහතාට හෝ ඔහුගේ පවුලේ සමීපතමයෙකුට ඇතුල් කෝට්ටේ ප්‍රදේශයේ කිසිදු නිවසක හිමිකාරීත්වය නොමැති බවත්, ලෝක සෞඛ්‍ය සංවිධානය පවා COVID 19 සදහා සිනොවැක් එන්නත හදිසි භාවිතයට අවසර ලබා දී ඇති බවත්ය.

    එන්නත්කරණ වැඩපිලිවෙල පිළිබඳ ජනතා විශ්වාසය බිඳ වැට්ටවීමේ අරමුණින් හිතාමතාම ද්වේශ සහගත ලෙස මෙම ප්‍රකාශය සිදු කර ඇති හෙයින් සිදු වූ හානියට සති 2ක් ඇතුලත රු.මිලියන 500ක වන්දියක් ලබා දෙන ලෙසත් නොඑසේ නම් නීතිමය ක්‍රියාමාර්ගයක් මගින් එය අයකර ගන්නා බවත් ය.

    මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් අමාත්‍ය චන්න ජයසුමන පොලිස්පතිතුමාට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කල අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සදහා විමර්ශනයක් ආරම්භ කර ඇත.

    අසේල සම්පත් මහතා මීට පෙර කිහිප වතාවක්ම අත්අඩංගුවට ගෙන ඇති අතර රක්ෂිත බන්ධනාගාර ගතව නිදහස ලබා පැමිණ ඇත්තේ සති කිහිපයකට පෙර බව ද වාර්තා වෙයි.

    -reporter


ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
මගි ජන බලවේගය සහ ඒ ආශ්‍රිත රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක නියෝජිතයන් අද පාර්ලිමේන්තුවේදී රැස් වී තිබෙනුය් අපූරු කර්තව්‍යය කට බව සජබ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.


රාජිත සේනාරත්න, පාඨලී රණවක, හරීන් ප්‍රනාන්දු තිදෙනා මුලසුන් ගත් මෙම රැස්වීම තුල තීරණය වී ඇත්තේ එළැඹෙන 16 දින #GF නමින් ප්‍රචාරණ මාලාවක් දියත් කිරීමටයි. මෙහි තේරුම ලෙස අර්ථ දක්වා ඇත්තේ “Gota Fail” නොහොත් “ගෝඨා අසමත්” කියන සටන් පාඨය ඔසවා ගෙන යාම සඳහාය… එලැඹෙන 17 වන දින ජනපති පදවි ප්‍රාප්තියට එරෙහිව මෙම ප්‍රචාරක ව්‍යාපෘතිය දියත් කිරීමට ඔවුන් තීරණය කර ඇත. මෙම රැස්වීමට සහභාගී වූ අපගේ රහසිගත වාර්තාකරු විසින් මෙහි වූ අපූරු කතිකාවතක් අපට වාර්තා කලේය..

පළමුව හරීන් විසින් මෙම GF කියන අකුරු දෙක පිළිබඳ හෙළි කරනවාත් සමඟම NGO නියෝජිතයෙක් අසා ඇත්තේ එහි තේරුමය. රාජිත පිළිතුරු ලෙස MK ලෙස පවසා ඇති අතර හරීන් එහි තේරුම විමසා ඇත. සිනහවෙන් පිළිතුරු දුන් රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා

හරීන්ගේ GF ඉතින් මල්ෂා නෙ.. ඉතින් GF කියන්නෙ MK වෙන්න ඇති”

ලෙසටයි. කෙසේ වුවත් මේ වනවිට මෙම #GF ප්‍රචාරණ ව්‍යාපෘතියට මුදල් වියදම් කිරීමට රාජ්‍ය නොවන සංවිධාන හයක් පොරොන්දු වී ඇති අතර, ජනතා විමුක්ති පෙරමුණ එළියේ සිට මීට සහභාගී වීමට තීරණය කර තිබේ..

පාඨලී රණවක විසින් මෙම සංකල්පය “රණවිරුවො ෆේල්” ලෙස වෙනස් කරන්නට උත්සාහ කලාත් රාජිත හා හරීන් ඔහුව දැඩි විවේචනයකට භාජනය කර ඔහුගේ අදහස ලත් තැන ලොප් කර ඇත. අප ඔත්තුකරු පවසා සිටියේ සජබය පාඨලීට ඔලුව උස්සන්නට නොදෙන ක්‍රියාවලියේ තවත් එක් සුළු සිද්ධියක් පමණක් වනු ඇති බවය.

කෙසේ වෙතත් මේ පිළිබදව හෙට මංගල සමරවීර හිටපු අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර ඔහුගේ අදහසුත් සමඟ ඉදිරියට යා යුතු බවට තීරණය කරමින් මෙම සාකච්ඡාව අවසන් වී තිබේ.

එලැඹෙන 16 දා සිට සමාජ ගත වීමට නියමිත සමගි ජන බලවේගයෙ නිශ්පාදනයක් වෙන #GF ව්‍යාපෘතිය දෙස අපි අවධානෙන් යුතුව බලා සිටින බව කිව යුතුය.


ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
ශ්‍රී ලංකාවේ අපකීර්තිමත්ම යුද්ධ හමුදා පාවා දීම ලෙස අධිකරණය විසින් නම් කරන ලද ‘මිලේනියම් සිටි’හි ස්ථානගතව සිටි දුරදිග විහිදුම් බළකා බුද්ධි අංශයේ අනන්‍යතාවය දේශපාලන ඕනෑ එපාකම් මත දුරදිග නොබලා හෙලිකිරීම ඉහත දැක්වූ ඝාතන පෙළට බලපෑ හේතුව විය. මෙම පාවාදීමෙන් හමුදා බුද්ධි අංශය පිළිබඳව විශාල තොරතුරු ප්‍රමාණයක් කොටි ත්‍රස්තයන් අතට ගිය අතර බුද්ධි අංශය විශාල අනාරක්ෂිත තාවයකට පත් වෙනවා. ඒ හේතුවෙන් බුද්ධි අංශ නිලධාරීන් විශාල ප්‍රමාණයක් කොටි වෙඩි උණ්ඩයට බිලිවෙන අතර තවත් ප්‍රමාණයක් දිවි බේරා ගැනීම සඳහා විදෙස් රටවලට පලා යනවා.
හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට හා බුද්ධි අංශ ද්‍රවිඩ ඔත්තුකරුවන්ට මෙවැනි ඉරණමක් අත්කර දුන් මිලේනියම් සිටි පාවා දීම ගැන අපි සොයා බලමු.

අතුරුගිරියේදී කළ වැටලීම

අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණය (Devaka Seneviratne Photography)
2002 ජනවාරි 2වන දින රාත්‍රියේදී මහනුවර නිල සුනඛ අංශයේ සහකාර පොලිස් අධිකාරීවරයා වූ කුලසිරි උඩුගම්පොළ නම් පොලිස් නිළධාරියා ප්‍රමුඛ පොලිස් භට පිරිසක් අතුරුගිරියට පැමිණෙන්නේ එවකට මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරිවරයාට හා නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරිවරයාට කිසිම ආකාරයෙන් දැනුම් දීමක් නොකරමින්. එම රාත්‍රියේ මෙම කණ්ඩායම විසින් ඉතාමත්ම රහසිගතව පවත්වාගෙන ගිය මිලේනියම් සිටි යුද්ධ හමුදා බුද්ධි අංශය වටලනු ලබනවා.
යුද්ධ හමුදා බුද්ධි අංශය මිලේනියම් සිටිහි ස්ථානගත වීම නිත්‍යානුකූලව ඔප්පු කරන ලෙසත් එහි අවි ගබඩාවේ ඇති ගිනිඅවි වල නිත්‍යානුකූල බව ඔප්පු කරන ලෙසත් මිලේනියම් සිටි බුද්ධි අංශයේ කපිතාන් නිලම් ප්‍රමුඛ පිරිසට දන්වනවා. මෙලෙස අත් අඩංගුවට පත්වෙන කපිතාන් නීලම් ඇතුළු බුද්ධි අංශ සාමාජිකයන් හයදෙනා මහනුවරට රැගෙන ගොස් කටුගස්තොට පොලීසියේ රඳවනවා. දින කිහිපයකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගත් පිරිස නිදහස් කරනු ලැබුවත් ඒ වන විට දිගු දුර විහිදුම් බළකා බුද්ධි සාමාජිකයන්ගේ සියළු තොරතුරු මාධ්‍ය මගින් හෙළි වී තිබුණි.

දේශපාලනික අත්අඩංගුවට ගැනීමක් බව සනාථ කරන සාධක

එවකට යුද්ධ හමුදාපති ලයනල් බලගල්ල (The Sunday Leader)
කපිතාන් නීලම් ඇතුළු කණ්‌ඩායම මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ ස්‌ථානගත වූයේ නීත්‍යනුකූලව යැයි එවකට හමුදා බුද්ධි අංශ ප්‍රධානී කපිල හෙන්දාවිතාරණ හා  එවකට යුද්ධ හමුදාපති ලයනල් බලගල්ලේ කළ ප්‍රකාශයන් සහකාර පොලිස් අධිකාරී  උඩුගම්පොළ විසින් පිළිගන්නේ නෑ. එසේම මිලේනියම් සිටි වැටලීමට තමන් පැමිණියේ අධිකරණ නියෝගයක් රැගෙන බව පැවසූවත් එවැනි නියෝගයක් පෙන්වීමට ඔහු අපොහොසත් වෙනවා. අත්අඩංගුවට ගත් පසු මෙම කණ්ඩායම සතු යුද්ධ අවි වල නිත්‍යානුකූල බව යුද්ධ හමුදාව විසින් ලිඛිත ලියවිල්ලකින් සනාථ කළහොත් කණ්ඩායම හැකි ඉක්මණින් නිදහස් කරන බව උඩුගම්පොළ විසින් පැවසුවත් යුද්ධ හමුදාව විසින් ඉදිරිපත් කළ ලියවිල්ල පිළිබඳව ඔහු සළකා බලන්නේ නෑ.
අතුරුගිරියේ මිලේනියම් සිටි වැටලීම මාධ්‍යයට වාර්තා කිරීමට මහනුවර ප්‍රදේශයේ ප්‍රාදේශීය වාර්තාකරුවෙක් උඩුගම්පොළ විසින් රැගෙන ඒම මගින් මෙම වැටලීම ඉතා සැළසුම් සහගතව කළ එකක් බවට හෙළි වෙනවා. අත්අඩංගුවට ගැනීමෙන් නොනැවතුණු උඩුගම්පොළ එවකට සිටි යුද්ධ හමුදාපතිවරයාට හා බුද්ධි අංශ ප්‍රධානියාට එරෙහිව නඩු පවරනවා. ඒ අනුව යුද්ධ හමුදාපතිවරයාට හා පොලිස්පතිවරයාට නොමැති බලයක් ඔහු භාවිතා කළ බව පෙනෙනවා.

තොරතුරු හෙලිවීමේ විපාක  

ලුතිනන් කර්නල් තුවාන් මුතාලිෆ්ට අවසන් ගෞරව (Navigation News)
මෙම සිදුවීම හේතුවෙන් සියළුම රහස්‍ය ඔත්තුකරුවන්ගේ අනන්‍යතාව හෙළි වූ අතර කොටි වෙබ් අඩවි වල පවා මෙම සිදුවීම පිළිබඳව වාර්තා පළ වෙනවා. ටොසි ඔත්තු සේවය ඔස්සේ පැමිණෙන කොටි පිස්තෝලකරුවන්ගේ ගොදුරු බවට බුද්ධි සාමාජිකයන් පත්වන්නේ කොළඹ, යාපනය මඩකලපුව හා ත්‍රිකුණාමලය වැනි ප්‍රදේශ වලදීයි.
වැටලීමෙන් හරියටම දින 18කට පසු තම ගොදුරු සොයා යන LTTE පිස්තෝලකරුවන් 2002 ජනවාරි 20 වන දින විද්‍යාදරන් හෙවත් නිති ව ඝාතනය කරනවා. 2002 පෙබරවාරි 9වන දින ක්‌ලාරි හෙවත් ගඩාපිද, 2002 ජුලි 22 වන දින අරින්ජාන් හෙවත් සමින්දරාජන්ද, 2002 දෙසැම්බර් 11වන දින ගනේශ්මූර්ති හෙවත් තිලක රාජාද, 2003 ජනවාරි 03දින කැෂියර් හෙවත් පුලේන්ද්‍රරාසාද, 2003 මාර්තු 18 දින රගුපති හෙවත් රගුද, 2003 අප්‍රේල් 13දින රංජන් හෙවත් වර්ධන්ද, 2003 අප්‍රේල් 26 දින අශෝක්‌ දේවරාජාද, 2003 මැයි 21 මාස්‌ටර් හෙවත් කුමාර් පෙරුමාල්ද, 2002 අගෝස්‌තු 14දින දේවදාස්‌ද ඝාතනය කරනවා.
ඉන් නොනැවතෙන කොටි පිස්තෝලකරුවන් 2002 දෙසැම්බර් 02 දින අයිස්‌, 2003 අප්‍රේල් 23 දින යශෝධරන්, 2003 මැයි 19 දින සූරියන්, 2003 අගෝස්‌තු 03 දින රිල්වාන්, 2003 අගෝස්‌තු 08 දින ශන්මුගරාසා, 2003 සැප්තැම්බර් 14 දින  සබාරත්නම්, 2004 ජනවාරි 31 දින යෝගරාසාද ඝාතනය කරනවා. එලෙස ඉහත දැක්වූයේ කොටින් විසින් ඝාතනය කළ බුද්ධි කණ්ඩායමේ කිහිපදෙනෙක්.
බුද්ධි අංශයේ ප්‍රබලයන් වන කර්නල් තුවාන් මුතාලිෆ් හා කර්නල් මිඩින් කොළඹදී ඝාතනය වීමත් මෙහි ප්‍රතිඵලයක්.
මෙම ඝාතන රැල්ලත් සමඟ අනාරක්ෂිත වූ කපිතාන් නිලම් ඇතුළු සාමාජිකයන් පිරිසක් විදෙස් රටවලට පලා යනවා.

පොලිස් කොමිසම හමුවේ හෙළි වූ දෑ

එවකට ආරක්ෂක ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු (Vimeo)
නිදහස්‌ වූ පසු දිගුදුර විහිදුම් බළකායේ කණ්‌ඩායම තම මානව හිමිකම් අහිමි වූ බව දක්‌වමින් අධිකරණය හමුවට යනවා. ආණ්ඩුවේ දේශපාලනඥයන්ගේ දැඩි බලපෑම් වලට හසුවෙන මෙම කණ්ඩායමට 2004 ජනවාරි 30 වැනිදා අධිකරණය විසින් තීන්දුවක්‌ දෙනවා. ඔවුන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වී ඇතැයි තීරණය කරන අධිකරණය සෑම අයෙකුටම රුපියල් 750,000 බැගින් ගෙවන ලෙස නියෝග කරන අතර උඩුගම්පොලගේ මෙම වැටලීම අධිකරණය විසින් දැඩි දෝෂාරෝපණයට ලක්‌ කරනවා. මෙම අධිකරණ නියෝගයෙන් පසු ජාතික පොලිස්‌ කොමිසම විසින් උඩුගම්පොලව අනිවාර්ය නිවාඩු යවන අතර 2005 මාර්තු 23 වැනිදා ඔහුව විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරනවා.
පොලිස් කොමිසම හමුවේ සාක්ෂි දෙන ජනමාධ්‍ය ලේකම්වරයා මෙම වැටලීම වීඩියෝගත කරන ලද්දේ ආරක්ෂක ලේකම් ඔස්ටින් ප්‍රනාන්දුගේ අවසර මත බව පවසනවා. මෙහිදී හෙළිවූ තවත් කරුණක් වන්නේ හමුදාවේ මේජර් ජනරාල් වරයෙක්, ලුතිනන් කර්නල්වරයෙක්,කර්නල්වරයෙක් හා මේජර්වරු තිදෙනෙක් මිලේනියම් සිටි වැටලීම පිළිබඳව කලින් දැනගෙන සිටි බවයි. තවද එදා පැවැති රජයේ දේශපාලකයන් තිදෙනකු හා රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙක්‌ විසින් කණ්ඩායමේ  ප්‍රධානී කපිතාන් නීලම් ඇතුළු පිරිසට බලපෑම් එල්ලකර ඇතිබව හෙළිවෙනවා.
ජාතික පොලිස්‌ කොමිසම විසින් චෝදනා 20 ක්‌ යටතේ චෝදනා පත්‍ර ගොනුකර මූලික විමර්ශන ලිපි ගොනුද සමග 2006 පෙබරවාරි 28 වැනිදා පූර්ණ වාර්තාවක් පළ කරන අතර “ජාතියට සිදුකළ සම්පූර්ණ පාවාදීමක් හා ඒකාන්ත ද්‍රෝහී ක්‍රියාවක්” ලෙස එහි මෙම සිදුවීම හඳුන්වා තිබෙනවා. හමුදාව සමඟ සම්බන්ධතා පැවැත්වූ 80කට අධික පිරිසක් මිලේනියම් සිටි පාවාදීම නිසා ඝාතනය වුණා.


COVID 19 අරමුදලට යැයි පවසමින් වංචනිකව මුදල් එකතු කළ පුද්ගලයන් ගැන තොරතුරු හෙළිවෙයි


COVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට යැයි පවසමින් මුදල් එකතු කිරීමේ සිද්ධි කිහිපයක් පිළිබඳ තොරතුරු ජනාධිපති කාර්යාලයට වාර්තා වී තිබේ. 

අරමුදලට සෘජුව මුදලින් හෝ චෙක්පතකින් හෝ වෙනත් පිළිගත් ගෙවීම් මාර්ගයකින් දායක වනු හැර කිසිවෙකුට හෝ සංවිධානයකට මුදල් නොගෙවන ලෙස ජනාධිපති ලේකම්වරයා ඉල්ලා සිටී. 

රජය “සෞඛ්‍ය නිරෝධායනය” සඳහා සමස්ත ජනතාව යොමුකර තිබේ. 

ඔවුන්ගේ ආහාර, ඖෂධ ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා නිෂ්පාදනය හා බෙදාහැරීම සෞඛ්‍ය බලධාරීන්ගේ හා මැතිවරණ කොමිෂන් සභාවේ නීතිරීති හා උපදෙස් අනුව සිදු කෙරේ.

එබැවින්, මෙවැනි වංචනික ක්‍රියා පිළිබඳව ළඟම ඇති පොලිස් ස්ථානයට පැමිණිලි කරන්නැයි ජනාධිපති ලේකම්වරයා දැනුම් දෙයි. දුරකථන අංක 011 – 2354479 / 011 – 2354354 ඔස්සේ අධ්‍යක්ෂ ජනරාල් (පරිපාලන) කේ.බී. එගොඩවෙලේ මහතා ඇමතීමෙන් වැඩි විස්තර දැන ගැනීමට  හැකි වේ. 

බැංකුව වෙත කළ සෘජු තැන්පත් කිරීම් සමඟ අද (02) වන විට අරමුදල වෙත බැර වී ඇති මුදල රුපියල් මිලියන 314.5 ක් දක්වා ඉහළ ගොස් ඇත. 

ටෙලිකොම් ඉංජිනියර්ස් බෙනවලන්ට් අරමුදල සහ ලංකා විදුලිබල මණ්ඩලයේ නිදහස් ඉංජිනේරු සංගමය රුපියල් මිලියනය බැඟින් ද, කාගිල්ස් (සිලෝන්) පීඑල්සී ආයතනය රුපියල් මිලියන 50ක  මුදලක් ද අද අරමුදල වෙත පරිත්‍යාග කර තිබේ. 

ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ  අංක 85737373 දරණ  විශේෂ ගිණුමට  පරිත්‍යාග බැර කෙරේ. දෙස් විදෙස් පරිත්‍යාගශිලීහුද ගිණුමට දායක වී සිටිති. 

නීත්‍යානුකූල ගිණුම් මගින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කෙරේ. චෙක්පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මුදල් තැන්පත් කිරීමට පිළිවන. 



ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

පාස්කු ඉරිදා ප‍්‍රහාරය දැන සිටි ඇමති හරීන් හා තාත්තා අත්අඩංගුවට ගන්නැයි දන්නයි..


21 දින එල්ල වූ ප්‍රහාරයන් පිලිබද තොරතුරු දැන සිටියද එම තොරතුරු වසන් කළ බවට හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයාට සහ ඔහුගේ පියාට එරෙහිව පැමිණිලි කර තිබේ.
පිවිතුරු හෙළ උරුමය ප්‍රධාන ලේකම් උපුල් විජේසේකර මහතා විසින් කොළඹ පොලිස් මූලස්ථානය වෙත අද දින (24) පැමිණිල්ල ගොනු කරන ලදී.
මෙම අවස්ථාව සඳහා පිවිතුරු හෙළ උරුමය ප්‍රචාරක ලේකම් නීතිඥ තුෂාර දිසානායක සහ මහජන නියෝජිත කටයුතු ලේකම් උපුල් කෝනාර යන මහත්වරුන් ද එක්

ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
රනිල් ඉවත් නොවුනොත් මං මැතිවරණයට ඉල්ලන්නේ නෑ.. හරීන් නැගිට යන්න යයි..?

පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු එක්සත් ජාතික පක්‍ෂය නව නායකත්වයක් සමඟ නව මුහුණුවරකින් ගමන් නොකරන්නේ නම් තමන් මැතිවරණයට තරග නොකරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු මහතා පවසා ඇති බව එජාප හිතවාදදී සමාජ ජාලා පිටු වාර්තා කර ඇත.

ඔහු මේ බව සදහන් කර ඇත්තේ එජාප කණ්ඩායම් රැස්වීමේදී යයිද එම අදහස් පල කිරීමෙන් පසු ඔහු ඉන් පිටව ගොස් ඇති බවත් එම වාර්තාවන්හි දැක්වෙයි.

මෙහිදී හරීන් ප‍්‍රනාන්දු මහතා දැක්වූ අදහස් ගැන එහි සිටි පිරිසක්ද පිලිගත් නමුත් රනිල් වික‍්‍රමසිංහ මහතාගේ තීරණය මේ වන තෙක් දන්වා නැතැයිද වාර්තාවන්හි සදහන්ය.

මේ සම්බන්දයෙන් විමසීමට අප හරීන් ප‍්‍රනාන්දු මහතා සම්බන්ද කර ගැනීමට කිහිප වරක් දරන ලද උත්සාහය සාර්ථක නොවීය.




ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
ආසියාවේ සුපිරි මොලය ඉවතට.. මෛත්‍රී රටේ ආර්ථිකය හැසිරවීම අතට ගනී..

රටේ ආර්ථික කළමනාකරණය සම්බන්ධ තීන්දු තීරණ ගන්නා කැබිනට්‌ අනුකමිටුවේ නව ප්‍රධානියා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි සහභාගි වීමට නියමිතව ඇත. මීළඟ ආර්ථික කමිටු රැස්‌වීම් වාරයේ සිටම ජනාධිපතිවරයා එහි මුලසුන හොබවන බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්‌සේ වාර්තා වේ.

ආර්ථික කමිටුවේ ප්‍රධානියා ලෙස මෙතෙක්‌ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළ අතර දැනට ක්‍රියාත්මක ආර්ථික රටාව නිසි මාවතකට ගෙන ඒමේ අරමුණින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එම කමිටුවේ මුලසුන ගන්නා බව ඉහත ආරංචි සඳහන් කරයි.

ආර්ථික කමිටුවට සහභාගි වීම සඳහා අවස්‌ථා කිහිපයකදී ජනාධිපතිවරයා උත්සාහ කර ඇතත් ඒ සඳහා අවස්‌ථාවක්‌ මෙතෙක්‌ නොලැබුණ නිසා මීළඟ රැස්‌වීම් වාරයේ සිට ඊට සහභාගි වියයුතු බවට තීරණය ගෙන ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
වලක්වාගත හැකිව තිබූ මීතොටමුල්ලේ ඛේදවාචකය

රටේ ඕනෑම නගරයක කුණු එකතුකිරීමේ වගකීම ඇත්තේ නගර සභාවටයි. ලංකාවේ විශාලතම නගරය වන කොළඹ නගරයේද ඒ එසේමය. කොළඹ නගර සභාවට ඉතා දීර්ඝ ඉතිහාසයක් ඇති අතර 1956 වී ඒ සුගතදාස මහතා එක්සත් ජාතික පක්ශයෙන් තරඟ කොට ජයග්‍රහණය කොට නගරාධිපති ලෙස පත්වූදා සිට අදවන තුරුම කොළඹ නගර සභාව පාලනය කොට ඇත්තේ එක්සත් ජාතික පක්ෂය විසිනි. 2006 නගර සභා චන්දයේදී එක්සත් ජාතික පක්ෂ අපෙක්ෂක ලැයිස්තුව ප්‍රතික්ශේප වූ විටද බලය හිමිවුයේ එකසත් ජාතික පක්ෂයේ සහය ලද ස්වාධීන කන්ඩායමකටය.

මේ අනුව අද වනතුරුත් කුණු ප්‍රශ්නයට නිසි පිලිතුරක් නැත්තේ මන්දැයි යමෙක් පලමුවෙන්ම ප්‍රශ්ණ කලයුත්තේ කොළඹ නගර සභාව එදා මෙදාතුර පාලනය කොට ඇති එක්සත් ජාතික පක්ෂයෙනි.

ඒ කෙසේ වෙතත් 2009 වසරෙන් පසු කොළඹ කුණු ප්‍රශ්ණය විස්දන්නට ඍජුවම මැදිහත් වූ අයෙකු ගැන අපි සියලු දෙනාම දනිමු. ඒ 2010 වසරේ නාගරික සංවර්ධන අධිකාරියේ ලේකම් වරයා වශයෙන්ද අමතර රාජකාරියක් බාරගත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතායි. කුණු ප්‍රශ්ණය නගර සභාව විසඳන තුරු බලා නොසිටි ගෝඨාභය තමුන්ම ඒ ගැන සොයාබලා නිසි තීරණ ගෙන කොළඹ කුණු එකතුකිරීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම කලේය. අපිරිසිදු නගරයක්ව තිබූ අගනුවර වසර කිහිපයක් තුල ආසියාවේ පිරිසිදුම නගරයක් බවට පත් කිරීමට ඔහුට හැකි වූයේ අනුන්ගේ වගකීම්ද කරට ගෙන රටට අවශ්‍ය දේ හරියට කරන පුරුද්ද නිසාය.

කුණු එකතුකිරීමේ තිබුනු ගැටලුව විසඳූ පසු ගෝඨාභයගේ අවධානය යොමුවූයේ කුණු බැහැර කිරීමේදී ඇතිව තිබුන ප්‍රශ්ණ විසඳන්නටය.

ඉතිහාසය පුරා කොළඹ නගර සභාව පුරුදුව සිටියේ එකතු කරගන්නා කුණු කොහේ හෝ තෝරාගත් පිටියක ගොඩගසන්නටය. එක තැනක ඉඩ මදිවූ විට කුණු පිටිය ලෙස වෙනත් තැනක් තෝරාගැනුනි. අද අපට බ්ලූමැන්ඩල් හා සේදවත්තේ දකින්නට ලැබෙන්නේ කලකට පෙර නගර සභාව ගොඩ ගැසූ කුණු කන්දවල්ය. දැනට වසර ගනනාවක සිට ප්‍රධාන වශයෙන්ම කුණු ගෙන යනු ලබන්නේ මීතොටමුල්ලටය. මේ වන විට මීතොටමුල්ලේ ගොඩ ගැසී ඇති කුණු ප්‍රමාණය ටොන් මිලියන ගනනක් වන අතර කුණුකන්ද පසුගිය දිනවල මීටර් 200කටත් වඩා ඉහලට ගොඩ ගැසී තිබුනි. අලුත් අවුරුදුදා අහිංසක මිනිසුන් පිරිසකගේ හිස මතට කඩාවැටුනේ එසේ ගොඩ ගැසී ඇති කුණු වලින් කොටසකි. මෙවන් හදිසි අනතුරක් සිදු නොවූනත් කුණු කන්දෙන් නිකුත්වන අපිරිසුදු වායු හා පොලව යට ජලය අපිරිසිදු වීම නිසා පලාතේ ජනතවගෙන් 90% කටවත් විවිධ ලෙඩ රෝග සෑදෙන බව රාජ්‍ය නොවෙන සංවිධාන මගින් කල පරීක්ෂණ වලින් දැනටමත් සොයාගෙන ඇත.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීම මත 2013-2014 කාලයේ කොළඹ හා තදාසන්න නගරවල කුණු බැහැර කිරීමේ ප්‍රශ්ණයට පිලිතුරක් සෙවීමට ලෝක බැංකුව නාගරික සංවර්ධන අමාත්‍යාංශය සමඟ එක්වී අධ්‍යයනයක නිරත විය. ලෝකයේ අනෙක් රටවල මේ ප්‍රශ්ණයට සොයාගෙන ඇති විවිධ විසඳුම් මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.

එම අධ්‍යයනයේ ප්‍රථිපලය වූයේ සමාන්‍යයෙන් යෝජනා කරණු ලබන කුණු දහනය කිරීම, කුණු වලින් පොහොර හෝ විදුලිය නිපදවීම වැනි කිසිදු ක්‍රමයකින් මෙම ගැටලුවට නිසි පිලිතුරක් නොලැබෙන බවයි. අවසාන විසඳුම ලෙස යෝජනාවූයේ ආසියාවේ බොහෝ දියුණු රටවල් විසින් භාවිත කරනු ලබන කුනු සනීපරක්ෂක ප්‍රමිතීන්ට යටත්ව බැහැර කිරීමේ ක්‍රමවේදයයි. මෙහිදී සිදුවන්නේ යමි පිටියක කුණු විවෘත්ව ගොඩගසනවා වෙනුවට ඒ වෙනුවෙන්ම සැකසූ ස්ථානයක විද්‍යාත්මක ක්‍රමයකට අසුරාලීමයි. මේ තුලින් විශවායු හා අපිරිසුදු ජලය පරිසරයට එක්වීම වලක්වා ගත හැකිය. දකුණු කොරියාව මෙම ක්‍රමය ඉතා සාර්ථකව ක්‍රියාත්මක කරන රටකි.

මීලඟ අභියෝහය වූයේ සනීපාරක්ෂක ප්‍රමිතීන්ට යටත්ව කුණු බැහැර කිරීම සඳහා සුදුසු ස්ථානයක් තෝරා ගැනීමයි. ඒ අනුව පුත්තලමේ කුරුක්කාල් ප්‍රදේශයේ කලකට පෙර සිමෙන්ති නිශ්පාදනයට ලයිම් ගල් ගැනීම සඳහා හාරා තිබුන විශාල වලවල් සහිත හෙක්ටයාර් 30ක පමණ විශාල භූමි භාගයක් මේ කටයුත්තට සුදුසු බව නිර්දේශ විය. මෙම ව්‍යාපෘතියෙන් පරිසරයට වන බලපෑම පිළිබඳ කල ශක්‍යතා අධ්‍යයනයකින් පසු මේ පිළිබඳ යෝජනාවක් රජයට ඉදිරිපත් කරණ ලදී.

එම යෝජනාවේ අන්තර්ගතය සරලව මෙසේය.

සනීපාරක්ෂක ක්‍රමවේදයකට අනුව කුණු බැහැර කිරීම සඳහා පුත්තල කුරුක්කාල් ප්‍රදේශයේ හඳුනාගෙන ඇත් හෙක්ටයාර් 30ක භූමිය දැනට කොළබ විවිද තැන්වල ගොඩගැසී ඇති ටොන් මිලියන ගනනාවක්වූ කුණු සියල්ලත් අනාගතයේ වසර පනහක පමන කාලයක් පුරා එකතුවන කුණු බැහැර කිරීමටත් ප්‍රමාණවත්ය. මේ ස්ථානය පිහිටා ඇත්තේ කොළඹින් කිලෝමීටර 170ක් පමන දුරින් නිසා කුණු ප්‍රවාහණය කරනු ලබන්නේ දුම් රියෙනි. මේ සඳහා විශේශයෙන්ම ගෙන්වූ අඩි 20 කන්ටේනර් වල අසුරන ලද කුණු මීතොටමුල්ලේ සිට කුරුක්කාල් දක්වා දුම් රියෙන් ප්‍රවාහනය කරන්යු ලබන අතර මීතොටමුල්ල භාවිත කරනු ලබන්නේ මෙම ක්‍රියාවලියේදී දිනක හෝ දෙකක කුණු පමනක් එකතුවන අතරමැදි ස්ථානයක් ලෙස පමනි. මීතොටමුල්ලේ දැනට ගොඩ ගැසී ඇති ටොන් මිලියන ගනනාවක කුණු වලින් නිදහස් වීමට මේ අනුව ප්‍රදේශවාසීනට හැකි වෙයි.

ලෝක බැංකුවේ සහාය ඇතුව මීතොටමුල්ල හා කුරුක්කාල් ප්‍රදේශ වල ජනතා නියෝජිතයයින් දකුණු කොරියාවට කැඳවාගෙන ගොස් සනීපාරක්ෂක ක්‍රමවේදයන්ට අනුව කුණු බැහර කරනා ආකාරය පෙන්වීමට නාගරික සංවර්ධන අධිකාරිය ක්‍රියාකලේය. තාවකාලිකව කුණු එකතු කොට අසුරා පිටතට ප්‍රවාහනය කරන ස්ථානය තිබෙන්නේ සියොල් නගර මධ්‍යයේ බවත් විද්‍යාත්මකව සියල්ල සිදුවන නිසා ඉන් ප්‍රදේශවාසීනට හෝ පරිසරයට වන හානිය අවම බවත් ඔවුන්ට පෙන්වා දෙන ලදී. මුලින්ම කල මේ කරුණු පැහැදිලිකිරීම නිසා යෝජිත ව්‍යාපෘතිය සඳහා ප්‍රදේශවාසීන්ගෙන් විරොදතාවක් ඉදිරිපත් වූයේ නැත.

ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අලුතින් කොටස් කිහිපයක් දුම් රිය මාර්ග පද්ධතියට එක්කිරීමට අවශ්‍ය වූ අතර ශ්‍රී ලංකා දුම් රිය දෙපාර්තුමේන්තුව වහාම ඒ සඳහා අවශ්‍ය සැලසුම සකස් කොට අවසන් කරන ලදී.

ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත මුලු වියදම වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 107ක් හෙවත් රුපියල් බිලියන් 14 ක් 2014 අගෝස්තු 14දා එවකට තිබූ කැබිනට් මන්ඩලය විසින් අනුමත කරන ලදී. ඒ අනුව 2015 වසර සඳහා අදාල වියදම 2014 නොවැම්බර් මස පසුගිය රජය මගින් අනුමත කල අයවැයෙහි අන්තර්ගතව තිබුනි.

යුද්ධයෙන් පසු වසර 4 1/2 ක් තුල මේ රටේ සිදුවූ යෝධ සංවර්ධන ව්‍යාපෘතීන හා සසඳන විට කුණු බැහැර කිරීම සඳහා වූ මේ ව්‍යාපෘතිය වසරක් හෝ දෙකක් තුල අනිවාර්යෙන්ම නිම කිරීමට පසුගිය රජය හැකියාව තිබුන බව ඕනෑම අයෙකුට වටහා ගත හැක.

පසුගිය රජයට අවශ්‍ය වූ අකාරයට මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වූවානම් විසදෙන්නේ මීතොටමුල්ලේ කුණු ප්‍රශ්ණය පමනක් නොවේ. එය සැලසුම් කර තුබුනේ කොළඹ මෙන්ම තදාසන්නන ප්‍රදේශ රාශියක් ඉලක්ක කරගෙනය.

සියලු සැලසුම නිමකොට තිබුනද ව්‍යාපෘතිය ආරම්ඹ කිරීමට පෙර 2015 ජනවාරි මාසයේ රජය වෙනස් විය. එතැන් සිට පසුගිය වසර දෙක පුරා අපට අසන්නට ලබෙන්නේ විවිධ බලධාරීන්ගේ කයිවාරුව පමනි. ව්‍යාපෘතිය පටන් ගත් තැනමය.

මීතොටමුල්ල අනතුරෙන් මියගිය අයට අපි නිවන් සුව පතමු. අපිරිසිදු පරිසරය නිසා රෝගී තත්වයට පත්වන පලාතේ ජනතාවගේ වේදනාව අපට දැනෙන නමුත් අපට ඒ ගැන කල හැකි දේ සීමිතය.
nalaka godahewa 

ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
අද විමල්ට වූ දේ හෙට මහින්ද හෝ ගෝඨාභයට…?

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා බන්ධනාගාරය තුළ ආහාර වර්ජනය කරමින් උපවාස ක්‍රියාමාර්ගයක් ඇරඹුවේ කිසිසේත්ම අධිකරණයට බලපෑම් කිරීමට නොවන බවත් එය ඇරඹුවේ ආණ්ඩුව අධිකරණයට එල්ලකර ඇති නග්න දේශපාලන මැදිහත් වීමට එරෙහිව බවත් ජාතික නිදහස් පෙරමුණ පෙන්වා දෙයි.

ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පිටකෝට්ටේ පිහිටි එම පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී එසේ පෙන්වා දුන්නේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසීය.

“ මේ වන විට අප පක්ෂයේ නායක විමල් වීරවංශ මහතා පැය 84ක කාලයක් නිරාහාරව සිටිමින් උපවාසයක නිරතව සිටිනවා. මෙවැනි ක්‍රියාමාර්ගයක් ඔහු විසින් ගනු ලැබුවේ ඇයි? ඔහුට සිදු වූ පුද්ගලික අඩුපාඩුවකට එරෙහිව මෙවැනි ක්‍රියාමාර්ගයක් ගනු ලැබුවේ? වැනි ප්‍රශ්න ඔබ හමුවේ පැන නැගීමට පු`ළුවන්. ඒ නිසා මම මේ පැහැදිලි කිරීම සිදු කරන්නම්.

පළමුව කියන්න ඕනෙ, විමල් වීරවංශ කියන්නේ මේ රටට අනතුරක් සිදු වන විට ඒ අනතුර කල් තියා දැකලා රටම ඊට එරෙහිව පෙළගස්වපු දේශප්‍රේමී, ජාතිකවාදී නායකයකු බව. අද රට ඉදිරියේ දිග හැරෙමින් තිබෙන ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයක් හරහා යුද ජයග්‍රහණයට මුල් වූ සේනාධිනායකයාට සහ රණවිරුවන්ට දඬුවම් කිරීමේ ක්‍රියාදාමය කල් තියා හඳුනාගෙන රටට කියූ පුරෝගාමී නායකයා ඔහුයි. ඒ වගේම 2002 පෙබරවාරි 22 වැනිදා එවකට අගමැති රනිල් වික්‍රමසිංහ කොටි සංවිධානයේ නායක වේළුපිල්ලේ පිරබාහරන් සමඟ සටන් විරාම ගිවිසුමක් හොර රහසේ අත්සන් තැබූ විට ඒ අත්සනේ තීන්ත වේලීමටත් පෙර ඒ බව රටට හෙළි කළේ ද විමල් වීරවංශ මහතායි. ඒ ගිවිසුම රට පාවා දීමේ ගිවිසුමක් බව ජාතියට අවධාරණය කළ ඔහු ඊට එරෙහිව ජනමතයක් හැදීමට පුරෝගාමී වුණා. එහි ප්‍රතිඵලයක් හැටියට තමයි කිසිදාක එකතු කිරීමට බැහැ කියපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ මුල් වෙලා එක්සත් ජනතා නිදහස් සන්ධානය ගොඩනැගුවේ. ඒ එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙරට ඉතිහාසයට එකතු වුණේ රනිල් වික්‍රමසිංහගේ රට පාවා දීමේ ගමන සහ වේළුපිල්ලේ පිරබාහරන්ගේ ඊළාම් සිහිනය බිඳ දැමූ දේශපාලන ව්‍යාපාරය ලෙසයි. එය 2004 අප්‍රේල් 04 වැනිදා මේ රටේ බලය හොබවන දේශපාලන සන්ධානය බවට ද පත් වුණා.
2005 ජනාධිපතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා පැරදවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තරයෙන්ම කැරැල්ලක් මතු වන කොට ඒ ජාතියට සතුරු කුමන්ත්‍රණය රට පුරා ගොස් හෙළි කළ පුරෝගාමී නායකයා වූයේ කවුද? විමල් වීරවංශ මහතායි. ඒ විතරක් නොවෙයි, යුද්ධය ජය ගැනීමට රණවිරුවන්ට ධෛර්ය, ශක්තිය දීපු ඔවුන්ගේ පවුල්වලට රැකවරණය සැලසූ මානෙල් මල් ව්‍යාපාරය බිහිකිරීමට පුරෝගාමී වූයේ ද එවකට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ ද මහ ලේකම් ධුරය දැරූ විමල් වීරවංශ මහතායි. ලොව බිහිසුණුම ත්‍රස්තවාදී සංවිධානය ලෙස හංවඩුව වැදී තිබුණු ‘කොටි සංවිධානය පැරදවිය හැකියි’ කියන දේශප්‍රේමී මතය රට පුරා ගෙන යාමට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය යොදා ගනිමින් පුරෝගාමී වැඩ කොටසක් සිදු කළේ ද අන් කිසිවකුත් නොවෙයි මේ විමල් වීරවංශ නම් දේශප්‍රේමී, ජාතිකවාදී නායකයායි. එදා දේශප්‍රේමී ජාතිකවාදී නායකයාගේ ලේ, මස් රස බැලීමේ උවමනාවක් තිබුණු බව කාටත් රහසක් වූයේ නැහැ. එනමුත් ඔහු ජීවිතාරක්ෂාව වෙනුවෙන්, තමන් තුළ වූ රට වෙනුවෙන් ස්වේච්ඡාවෙන් කැපවීමේ උතුම් වූ අරමුණ අතහැරියේ නැහැ. කොටින් ඉල්ලන්නේ තමන්ගේ ජීවිතය නම් එය වුවත් කැපකිරීමට මේ දේශප්‍රේමියා සැමවිටම සූදානමෙන් සිටියා.

එදා විමල් වීරවංශයන් ජනතා විමුක්ති පෙරමුණ ඇතුලේ ඉඳගෙන බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදීන්ටත් ඔවුන්ගේ අධිරාජ්‍යවාදී හාම්පුතුන්ටත් එරෙහිව කළ සටන ඉවසා ගන්න බැරිව තමයි, ඔහුව එම පක්ෂයෙන් දොට්ට දැමීමට වත්මන් ජවිපෙ නායකයා හරහා සැලසුම් සකස් වුණේ. නමුත් තමන් ජවිපෙන් දොට්ට දැම්මා කියලා විමල් වීරවංශයන් තමන්ගේ සටන අතහැරියේ නැහැ. ‘පක්ෂයට පෙර රට ’ කියන ස්ථාවරයේ ඉඳිමින් බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදය සහමුලින්ම පැරදවීමට එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහාය දෙනු පිණිස 2008 අප්‍රේල් 08 වැනිදා ඔහු නව වාමවාදී ජාතිකවාදී දේශපාලන ව්‍යාපාරයක් ගොඩනඟනු ලැබුවා.

කල්පනා කරලා බලන්න, විමල් වීරවංශ ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 10 දෙනකු 2008 අප්‍රේල් 08 වැනිදා ජවිපෙන් ඉවත් වී නව දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැඟුවේ නැත්නම් 2008 දෙසැම්බරයේදී 2009 වසරට අදාළ මහින්ද රාජපක්‍ෂ පාලනයේ අය – වැය පරදවනවා. අපි 10 දෙනා ජවිපෙ හිටියා නම් ඒ අය-වැයට පක්ෂව ලැබෙන්නේ ඡන්ද 113 යි. එදා හකීම් මහත්තයාගේ මුස්ලිම් කොංග්‍රසය වැනි ජාත්‍යන්තර බලවේග විසින් හසුරුවනු ලබන පක්ෂයක එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයක් හෝ අනෙක් පැත්තට ගියා නම් මහින්ද රාජපක්ෂ පාලනය බිඳ වැටෙනවා. එහෙම වුණානම් 2009 ජනවාරි 20 කිලිනොච්චිය අල්ලන්න වෙන්නේ නැහැ. එදා අපිට මතකයි, පිරබාහරන් පාරම්බෑවා ‘කිලිනොච්චිය අල්ලන්න ආවොත් කොළඹ බෝම්බවලින් පුපුරවනවා’ කියලා. ඔහු එහෙම පාරම්බෑවේ යුදමය වශයෙන් කිලිනොච්චිය අල්ලාගන්න අපේ ආරක්ෂක හමුදාවලට බැරිවෙයි කියලා හිතලා නොවෙයි. ඔහු හිතුවා දකුණේ මහින්ද රාජපක්‍ෂ පාලනය ගෙදර යවලා තමන්ගේ බටහිර හාම්පුතුන් වෙනසක් කරලා දෙයි කියලා. ඔහු හිතුවෙත් ජවිපෙ මේ අය වැයට විරුද්ධව ඡන්දේ දීලා මහින්ද රාජපක්‍ෂ පාලනය ගෙදර යවයි කියලා. නමුත් එදා ගතහැකි ප්‍රශස්තම දේශපාලන තීන්දුව ගනිමින් විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 10 දෙනෙකු සමඟ ජාතික නිදහස් පෙරමුණ බිහිකර තිබුණා. ඒ අනුව 2008 දෙසැම්බරයේ අය-වැය ඡන්ද විමසීමේදී මහින්ද රාජපක්‍ෂ පාලනයට ඡන්ද 123 ලැබුණා. එමගින් එදා වේළුපිල්ලේ පිරබාහරන්ගේ, රනිල් වික්‍රමසිංහගේ වගේම ජවිපෙ අනුර දිසානායක කල්ලියේ රට බෙදීමේ සිහිනය බොඳව ගොස් තිබුණා. ඉන්පසු අපි බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදය පැරදවීමේ සෑම පියවරක්ම ගත්තා පමණක් නොවෙයි 2009 මැයි 19 වැනිදා, කොටි සහමුලින්ම පරදවා ජාතියට විජයග්‍රහණයක් ලබා දුන්නා.

කොටි ත්‍රස්තවාදය පැරදවීමෙන් පසුව වුවත් ඔවුන්ගේ බටහිර හාම්පුතුන් මේ රට බෙදා වෙන් කිරීමේ උවමනාව අතහැරියේ නැහැ, කියා විමල් වීරවංශ ඉතා හොඳින් දැන සිටියා. ඔහු මේ බටහිර වටලෑම පිළිබඳව, දෙවන දෙමළ ඊළාම් මෙහෙයුම පිළිබඳව රටට කල්තියා අනතුරු ඇඟවූවා. කෙසේ නමුත් 2015 ජනවාරි 09 වැනිදා වන විට මේ සතුරු මෙහෙයුම ජයගත්තා. මහින්ද රාජපක්‍ෂ පාලනය ගෙදර යවන්න මේ ද්‍රෝහී බලවේගයන්ට හැකි වුණා. ඔවුන් හිතුවා ‘ දැන් මහින්ද ඉවරයි අපට ඕනෑම දෙයක් කරන්න පුළුවන්. මේ රට බෙදන්න, විකුණන්න, වගේම අපේ කුලී සේනාංක පරදවපු ලංකාවේ හමුදාවට විරුද්ධව යුද අපරාධ චෝදනා රිසිසේ එල්ල කරලා ඔවුන්ගෙන් පලිගන්නත් පුළුවන් ’ කියලා. ඒත් සතුරාගේ ඒ සිහින සියල්ල බිඳ දමමින් 2015 පෙබරවාරි 18 වැනිදා නුගේගොඩට ලක්‍ෂ සංඛ්‍යාත ජනකායක් සමඟ නව ජාතික බලවේගයක් ගොඩනඟා මේ බටහිර වටලෑමට, දෙවන ඊළාම් මෙහෙයුමට එරෙහිව සටන් වැදීමට පුරෝගාමී වූයේ කවුද? දුර්වලයන්, කොඳු බිඳගත්තවුන් මැද මේ සටනේ ප්‍රමුඛතම සෙන්පතියා වූයේ කව්ද? ඒක මේ රටට පණ මෙන් ආදරේ කරන ජනතාවට කිසි දිනක අමතක වෙන්නේ නැහැ. ඒ සටනේ ප්‍රමුඛතම සෙන්පතියා වූයේ විමල් වීරවංශ මිස වෙන කිසිවකුත් නොවෙයි. එදා ඇතමුන් කැබිනට් ඇමති ධුර, රාජ්‍ය ඇමතිධුර, නියෝජ්‍ය ඇමති ධුර වෙනුවෙන් සියලු පාවාදීම් සිදු කරද්දී නව ජාතික ව්‍යාපාරයක් හදන්නට මූලිකත්වය ගත්තේ විමල් වීරවංශ මහතායි.

මේ සියල්ල දෙස බලන විට ඉතා පැහැදිලියි, මව්බිමේ සතුරන් වඩාත් වෛර කරන්නේ විමල් වීරවංශයන්ට බව. ඒ නිසා තමයි අභූත චෝදනා නඟලා දින 71ක් එක දිගට විමල් වීරවංශයන් රක්‍ෂිත බන්ධනාගාරගත කොට තබා ගත්තේ. තමන්ට අසනීප තත්වයක් තිබියදී වුවත් බන්ධනාගාර රෝහල වෙත නොගොස් අඳුරු සිරකුටියට වී දින 71ක් ගත කිරීමට ඔහු කටයුතු කළා. තමන්ට මව්බිමේ සතුරන් උරුමකරදුන් ඒ සිරගත දිවිය පවා ඔහු ඉතා අර්ථවත් ලෙස යොදා ගත්තා. එතැනදීත් ඔහු නවතම සටන් මාදිලියකට යොමු වුණා. ‘රටට උවමනා වම’ සහ ඊට ඌනපූරණයක් එක් කරමින් ලියූ ‘යදමින් බැඳි අක්ෂර’ යන කෘති දෙකම ලියැවුනේ මේ දින 71ක් තුළයි. එසේම ‘සිරගත සිතුවම්’ නමින් සිතුවම් දැක්මකට අවශ්‍ය සිතුවම් ද ඒ කාලය තුළ ඔහු නිර්මාණය කළා. වාමවාදී ජාතිකවාදය පිළිබඳව වන ලිපි පෙළක් ලිවීමට පටන් ගත්තා. සිරගත දිවිය තුළ ඔහු පෑනෙන්, පින්සලෙන් සිය සටන ඔපවත් කළා. මේ සියල්ල මව්බිමේ සතුරන්ට දරාගන්න බැරි වුණා. ඔවුන් අධිකරණයට බලපෑම් කරලා පසුගිය 21 වැනිදා මහාධිකරණයෙන් ද ඇප ලබා ගැනීමේ අවස්ථාව විමල් වීරවංශයන්ට අහිමි කළා. ඒ අනුවයි ඔහු තීරණය කළේ අධිකරණයට බලපෑම් කරමින් ඇප ලබා නොදී තමන් දිගින් දිගටම අඳුරු සිරකුටියකට සීමා කිරීමට එරෙහිව පවතින තත්වයන් යටතේ සටන් වැදීමට. ඒ අනුවයි මේ ආහාර වර්ජන ක්‍රියාමාර්ගය පසුගිය 22 වැනිදා ආරම්භ වුණේ.

මෙතැනදී විමල් වීරවංශ මහතාට තෝරා ගැනීමට තිබුණේ විසඳුමි දෙකයි. එකක් තමයි මේ මව්බිමේ සතුරන් ඉදිරියේ දණ ගසා යටත් වීම. අනෙක ජාතිකවාදී, දේශප්‍රේමී දේශපාලන නායකයන්ට එරෙහිව මේ සිරිසේන-වික්‍රමසිංහ-සම්බන්ධන්-අනුර දිසානායක හවුල විසින් අරඹා ඇති දඩයම පැරදවීමට නව සටන් මාදිලියක් ඔස්සේ සටන් වැදීම. ඔහු උපවාස සටන් ක්‍රියාමාර්ගයක් තෝරාගන්නේ ඒ අනුවයි. විමල් වීරවංශ මහතා කල්පනා කලා ‘මේ එන්නේ රට බෙදන ව්‍යවස්ථාවට එරෙහි, රටේ සම්පත් විකුණා දැමීමට එරෙහි, අධ්‍යාපනය-සෞඛ්‍ය පෞද්ගලීකරණයට එරෙහි ජාතිකවාදී දේශපාලන නායකයින් දඩයම් කිරීමේ ගමනක මුල් පියවර. ඒ ගමන මුල් පියවරේදීම මම පරදනවා. ඒකෙන් අනෙක් නායකයන්ටත් සහනයක් ලැබෙනවා’ කියලා.

‘අද විමල් නම් හෙට කවුද?’ දිනේෂ්, ගෝඨාභය හෝ මහින්ද රාජපක්‍ෂ විය හැකියි. ඒ ප්‍රශ්නය අද තිබෙනවා ජාතිය ඉදිරියේ. සිරකුටියක් ඇතුළේ ඉඳගෙන නව මාදිලියක සටනක නිරත වෙමින් විමල් වීරවංශයන් අද ඉහත පැනය මතු නොවෙන තැනට වැඩ කරමින් ඉන්නවා. විමල් වීරවංශ මහතා අද උපවාසයක නිරත වෙමින් සිටින්නේ මේ ආණ්ඩුව අධිකරණයට එල්ලකර ඇති නග්න දේශපාලන බලපෑමට විරුද්ධවයි. ”

– අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network