Battlefield 3 multiplayer review
Lorem ipsum dolor sit amet, conscur adisng elit, sed do eiusmod tempor iniunt ut labore et dolore mana aliqua. Ut enim ad minim veniam, quis nostrud exetation ullco laboris nisi ut aliquip ex ea commodo coequat. Duis aute irure dolor
A Bathing Ape 2011 Winter Collection
Lorem ipsum dolor sit amet, conscur adisng elit, sed do eiusmod tempor iniunt ut labore et dolore mana aliqua. Ut enim ad minim veniam, quis nostrud exetation ullco laboris nisi ut aliquip ex ea commodo coequat. Duis aute irure dolor
Diablo 3 beta gameplay video
Lorem ipsum dolor sit amet, conscur adisng elit, sed do eiusmod tempor iniunt ut labore et dolore mana aliqua. Ut enim ad minim veniam, quis nostrud exetation ullco laboris nisi ut aliquip ex ea commodo coequat. Duis aute irure dolor
Killer Elite movie review
Lorem ipsum dolor sit amet, conscur adisng elit, sed do eiusmod tempor iniunt ut labore et dolore mana aliqua. Ut enim ad minim veniam, quis nostrud exetation ullco laboris nisi ut aliquip ex ea commodo coequat. Duis aute irure dolor
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සහතික ගැන කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා සඳහන් කරන්නේ ප්‍රමිති ආයතන ප්‍රධානීන්ගේ වත්කම් සොයා බැලීමට කටයුතු කළ යුතු බවයි.
මෙම ආයතන වල ප්‍රධානීන් තම රැකියාවෙන් විශ්‍රාම ගත් පසු ඊළඟට සේවය කිරීමට යන්නේ තමන් උදව් කළ පෞද්ගලික ආයතන වලට බවද ඔහු කියා සිටී.
මෙරට වෙළඳ පොළේ ඇති කිරිපිටි වල පාම් තෙල් ඇති බවද ඔහු සඳහන් කළේය.
අන්තර්ජාල නාලිකාව සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.
ප්‍රමිති ආයතනය විසින් හෙළි නොකරන ලද විෂ සහිත ආහාර ලැයිස්තුවක්ද ඔහු මෙහිදී හෙළිදරව් කළේය.
නැගෙනහිර පර්යන්තයේ පූර්ණ අයිතිය ලංකාවට
වෘත්තීය සමිති යෝජනා හයක් ඉදිරිපත් කර ඇති අතර නැගෙනහිර පර්යන්තය දැනට ඉදිකර ඇති කොටස පූර්ණ වශයෙන් වරාය අධිකාරිය යටතේ මෙහෙයුම් කටයුතු ආරම්භ කළ යුතු බව එහි සඳහන් වේ.
වරාය අධිකාරියේ සංචිතවල ඇති ඩොලර් මිලියන 250 ක මුදලින් ඩොලර් මිලියන 100 ක් ආයෝජනය කර පර්යන්ත කොටස පූර්ණ වශයෙන් ඉදිකිරීමටත් එය වසර තුනක් තුළදී අවසන් කළ යුතු බවට එම යෝජනාවේ සඳහන් වේ. දකුණු ආසියානු පිවිසුම් පර්යන්තය (SAGT) සමග ඇති ගිවිසුම 2029 වසරේදී අවසන් වීමෙන් පසු එම පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ මෙහෙයුම් කිරීමට ද යෝජනා කර ඇත. එහිදී නැගෙනහිර සහ බටහිර පර්යන්ත සංවර්ධනය සඳහා අවශ්‍ය කැබිනට් අනුමැතිය එකවර ලබා ගැනීමට ද යෝජනා කර තිබේ.
මෙම යෝජනාවලියට එකඟ වන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ගවලින් ඉවත්වන බව සඳහන් කරමින් වාණිජ කර්මාන්ත හා සේවා ප්රගතිශීලී සේවක සංගමයේ සභාපති සංජය කුමාර වැලිගම, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ප්‍රසන්න කළුතරගේ, ටක් යාත්‍රා ස්වාධීන සේවක සංගමයේ සභාපති එන්. පී. රූපසිංහ ඇතුළු වෘත්තීය සමිති 22 ක් එම යෝජනාවලියට අත්සන් තබා ඇත.
ලංකාවේ ක්‍රිකට් විනාශ කලේ සංග-මහේල… අදටත් ක්‍රීඩකයන් පාලනය කරන්නේ ඔවුන්ගේ සමාගමකින්..- අර්ජුන
වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ කඩා වැටීමට හිටපු නායකයන් වන කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන වගකිව යුතු බව හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා සඳහන් කරයි.
ඔවුන් විසින් ක්‍රිකට් ඊළඟ පරම්පරාව හැදුවේ නැති බවටත් ඒ මහතා චෝදනා කරයි.
අදටද මෙරට ක්‍රිකට් ක්‍රීඩකයන් සියලු දෙනා පාලනය කරන්නේ සංගක්කාර සහ මහේල ජයවර්ධනගේ සමාගමකින් පාලනය කරන කළමනාකාර වරයෙක් බවද පැවසූ අර්ජුන රණතුංග මහතා ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කිරීම ඔහු සිදුකළ බවද සඳහන් කළේය.
ක්‍රිකට් පාලක මණ්ඩලය අන්ත දූෂිත බවත් අදටත් ක්‍රිකට් පාලක මණ්ඩලයේ පාලනය කරන්නේ තිලංග සුමතිපාල විසින් බව තමන්ගේ අදහස බව ඔහු පවසයි.
ක්‍රිකට් නිලවරණයට ගෝඨාභය හෝ මහින්ද පැමිණියත් ජයගැනීමට නොහැකි බවද ඔහු කියා සිටී.
ඒ මහතා මේ බව සඳහන් කළේ අන්තර්ජාල නාළිකාවක් සමඟ අදහස් පල කරමිනි.
ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
ක්‍රිකට් තේරීම් කමිටු සභාපති මහේල…?
ක්‍රිකට් තේරීම් කමිටු සභාපති මහේල…
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතා පත් කරනු ඇතැයි පළවන වාර්තා ඔහු විසින් ප්‍රතික්ෂේප කරයි.
තමන් තේරීම් කමිටුවේ කාර්යභාරයක් භාරගන්නා නොගන්නා බව ඔහු සඳහන් කළේය.
තමා මේ වන විටත් ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන බව ද ඔහු පැවසීය.
මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ධුරයෙන් අසන්ත ද මෙල් මහතා ඉල්ලා අස්වීමෙන් පසු එම ධුරය පුරප්පාඩු වී තිබේ.
මෙලෙස කෑගල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින්නේ නිලපලාගම්මන ප්‍රදේශයේ පදිංචි අවිවාහක 20 හැවිරිදි තරුණියකි.
මෙම තරුණිය මීට වසර තුනකට පමණ ඉහතදී මාතලේ ප්‍රදේශයේ පදිංචි තරුණයකු සමඟ ප්‍රේම සම්බන්ධතාවක් ඇති කරගෙන තරුණයා විසින් අලපලාවල පෙම්වතිය ඔහුගේ නිවෙසට රැගෙන ගොස් තිබිණි. පසුව තරුණ යුවළ විවාහ නොවී මංගල ඡායාරූපයක්ද ගෙන ඇති බව කළ විමර්ශනවලදී අනාවරණය වූ බව කෑගල්ල පොලිසිය කියයි.
පසුව තරුණිය පෙම්වතාගේ නිවෙසේ සිටියදී මාතලේ ප්‍රදේශයේ තවත් තරුණයකු සමඟ සම්බන්ධතාවක් ඇති කරගෙන එම තරුණයාගේ ලොකු අම්මා පදිංචි දඹුල්ල, සීගිරිය ප්‍රදේශයේ නිවෙසකට තරුණිය රැගෙන ගොස් ඇති බවත් පොලිසිය කියයි. පසුව මාතලේ පෙම්වතා සිය පෙම්වතිය දඹුල්ල, සීගිරිය ප්‍රදේශයේ සිටින බවට තොරතුරු අනාවරණය කරගෙන එම නිවෙසට ගොස් තරුණියට පිහියෙන් ඇන බරපතළ තුවාලද සිදු කර තිබිණි.
සිද්ධියෙන් බරපතළ තුවාල ලබා දඹුල්ල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි තරුණිය තරමක් සුවය ලබා සිටියදී ඇයගේ මවුපියන් විසින් ඇය යළි නිලපලාගම්මන නිවෙසට රැගෙන විත් ඇති බවත් පොලිසිය කියයි.
අසනීප තත්ත්වය තරමක් සුව වූ තරුණිය පසුව බීඩි කර්මාන්තයේ නියැළී සිට ඇත. පසුගියදා 14දා සවස තරුණිය බීඩි ඔතා බීඩි වට්ටියද ඇඳ අසල තබා රාත්‍රි නින්දට ගොස් තිබේ.
නිවෙසේ සිට ඇත්තේ තරුණියගේ මවුපියන් හා බාල සහෝදරයා පමණි. සැකකරු පෙරේදා (15දා) අලුයම තරුණිය නිදාගෙන සිටි කාමරයේ ඇඳට ඉහළින් වහලයේ උළු කැටයක් ඉවත් කර පෙට්‍රල් හලා පන්දමක් දල්වා පන්දම තරුණිය නිදා සිටි කාමරයේ ඇඳට දමා ඇති බවත් පොලිසිය කියයි.
එම ගින්නෙන් තරුණිය පිලිස්සුම් තුවාල ලබා ඇති අතර ඇය නිදා සිටි ඇඳ සම්පූර්ණයෙන්ම පිලිස්සී ඇති බව පොලිසිය කියයි. නිවෙසේ කාමරයක නිදා සිටි පියා ගින්න කුමක් දැයි සොයා ගත නොහැකිව මිදුලට පැමිණෙන අවස්ථාවේදී දියණියගේ පෙම්වතා දුවන අයුරු දැක තිබිණි.
පසුව තරුණියගේ බාල සහෝදරයා පියාට දන්වා ඇත්තේ අක්කා ඇඳේ පිලිස්සෙමින් සිටින බවය. පසුව පියා, මව, බාල සහෝදරයා පැමිණ පිලිස්සෙමින් සිටි තරුණියට වතුර ගසා ඇවිළෙමින් සිටි තරුණිය උස්සාගෙන තරමක් දුරට බේරාගෙන අසල්වැසි නිවෙසක ත්‍රිරෝද රථයකින් කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි.
පසුව බරපතළ පිලිස්සුම් තුවාල ලබා ඇති තරුණිය පොලිසියට ප්‍රකාශයක් ලබා දෙමින් කියා ඇත්තේ පාන්දර යම් පුද්ගලයෙක් වහලයේ ඇවිදින ශබ්දයක් ඇසුණු බවත් පසුව උළු කැටයක් ඉවත් කර පෙට්‍රල් දමා පන්දමක් වහලයේ සිට ඇඳට දැමූ බවත්ය.
පරීක්ෂණ පැවැත්වූ පොලිසිය කියා සිටියේ යම් පුද්ගලයෙක් තරුණියගේ නිවෙසට පැමිණ නිවෙසේ විදුලිය විසන්ධි කර නිවෙසින් පිටත තිබූ යතුරුපැදි දෙකක වයර් ගලවා දමා ලීයක් උළු වහලයට තබා වහලයට නැඟ බූලියකින් පෙට්‍රල් හලා ගිනි තබා පලා ගොස් ඇති බවත්ය. මෙම අනතුරින් පියාගේ හා තරුණියගේ බාල සහෝදරයාගේ දෑත් පිලිස්සී ඇති බව පොලිසිය කියයි.
පසුව පොලිසිය සැකකාර තරුණයාගේ මාතලේ පදිංචි මවට දුරකථනයට ඇමැතුමක් ගෙන දරුවා සම්බන්ධයෙන් විමසා සිටි අවස්ථාවේදී ප්‍රකාශ කර ඇත්තේ පුතා පසුගියදා (14දා) කොළඹ යන බව පවසා නිවෙසින් පිටව ගිය බවත්ය. මෙම සැකකරු කලක් යුද හමුදාවේ සේවය කොට රාජකාරිවලින් නීතියෙන් ඉවත් කර ඇති බවත් පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිහාල් කුලතුංග මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන අනුරපක්ෂ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් තවදුරටත් විමර්ශන සිදු කරයි.
චමින්ද ජයලත් - මව්බිම
20 අලුතෙන් කෙටුම්පත් කර ගැසට් කරන්නැයි ජනාධිපති කියයි..
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ නිවැරදි විය යුතු වගන්තිත් ඊට අලුතින් ඇතුළත් විය යුතු වගන්තිත් සහිත නව කෙටුම්පතක් සකස් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟතාව පළ කර ඇත.
කොළඹ පැවති මාධ්‍ය හමුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී යුතුකම ජාතික සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග මහතා මේ බව සඳහන් කළේය.
ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පසුගිය සෙනසුරාදා පැවති සාකච්ඡාවකදීය තම සංවිධානය ඇතුළු ඊට එක් වූ පිරිස් ඉදිරිපත් කළ කරුණු පිළිබඳ අවධානය යොමු කර ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ යැයිද ඔහු පැවසීය.
කෙසේ වෙතත් විසිවන සංශෝධනය යනු තාවකාලික සංශෝධනයක් පමණක් බවත් එමඟින් සියල්ල නිවැරදි කිරීම බලාපොරොත්තු නොවන බවත් මෙමගින් රජය අපේක්ෂා කරන්නේ ජනාධිපතිවරයාට රට ගොඩනැගීමට ඇති බාධා ඉවත් කිරීම බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
එමෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද පක්ෂ නායක රැස්වීමේදී මේ සම්බන්ධයෙන් එකඟ වී ඇති බවත් ඒ නිසා නව කෙටුම්පතක් ගැසට් කිරීමට රජය ඉදිරිපත් වීම ගැන සතුටු වන බවත් ඔහු තවදුරටත් එහිදී කියා සිටියේය.
අතුරුගිරියේදී කළ වැටලීම

දේශපාලනික අත්අඩංගුවට ගැනීමක් බව සනාථ කරන සාධක

තොරතුරු හෙලිවීමේ විපාක

පොලිස් කොමිසම හමුවේ හෙළි වූ දෑ

ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න