Showing posts with label Lanka. Show all posts
ලොවපුරා ඉන්ධන හිඟයක් : ලොව රටවල් කිහිපයක විදුලි සැපයුමත් ඇණ හිටියි 


ඉන්ධන හිඟකම නිසා ලෙබනනයේ ප්‍රධාන විදුලි බලාගාර දෙක සිය විදුලි උත්පාදන නවතාලීම හේතුවෙන් මිලියන 06 කට ලෙබනන් වැසියන්ට විදුලි බලය ඇණ හිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

අද සිට විදුලි උත්පාදන කටයුතු නතර කරනු ලැබූ බවට ලෙබනන් රජය නිල වශයෙන් දැනුම් දුන් අතර එය හැකියාව වෙතොත් ලබන සඳුදා නැවත ඇරඹීමට බලාපොරොත්තු වෙන බවද ඔවුන් සඳහන් කර සිටියි.

ලෙබනන් හමුදාව සතු ඉන්ධන සංචිත යොදා ගෙන විදුලි උත්පාදන කටයුතු ඇරඹීමට ලෙබනන් විදුලි සමාගම බලාපොරොත්තු වෙන් පසුවුවත් එය ඉක්මනින් සිදුවේද යන්න ගැටළු සහගත බවයි එරට රජය පවසන්නේ.

2020 වර්ෂයේ බේරූට් වරායේ සිදුවූ පිපිරීමෙන් පසුව එරට පාලන බලයේ සිටි රජය ඉවත් වීමත් සමග ලෙබනනයේ තත්ත්වය දිනෙන් දින පිරිහීමට ලක්වෙමින් තිබෙනවා.

අවශ්‍ය ඉන්ධන ගබඩා නොකර ගැනීම ඇතුළු අත්‍යාවශය භාණ්ඩ හිඟකමට ප්‍රධාන හේතුව වී ඇත්තේ රටේ පාලන බලය අල්ලා ගැනීමට වෙර දරණ විවිධ කණ්ඩායම් අතර ඇතිව තිබෙන බල අරගලය බවයි ජාත්‍යන්තර විශේෂඥයින් පවසන්නේ.

මේ අතර ලොවපුරා බලශක්ති හිඟ තාවයක් මතුවෙමින් පවතිනවා. ඒ ගෝලීය ඉන්ධන හිඟතාවයක් මතුවීමත් සමගයි. 

ඉන්දියාවේ ගල් අඟුරු විදුලි බලාගාර ඉදිරි දීන 03 තුලදී අක්‍රිය වෙනු ඇති බවට එරට රජය දැනටමත් ප්‍රකාශ කර ඇත. ඒ ඔවුන්ගේ ගල් අඟුරු බලාගාර 135 සඳහා ඇත්තේ දින 03කට ප්‍රමාණවත් ඉන්ධන බවයි රජයේ දත්ත පෙන්නුම් කරන්නේ.

මේ තත්ත්වය හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී ඉන්දියාවේ නව දිල්ලි නුවර මිලියන 20 කට අධික ජනතාවට අඳුරේ සිටීමට සිදුවෙනු ඇති බවට දැනටමත් අනතුරු අඟවා ඇත.

මේ අතර කොවිඩ් වසංගතයෙන් පසු රටේ ආර්ථිකය නැවත විවෘත කිරීමත් සමග චීනයේ ගල් අඟුරු බලාගාර නැවත සක්‍රිය කෙරුණද ලොවපුරා ගල් අඟුරු සඳහා ඇතිවී තිබෙන අධික ඉල්ලුම හේතුවෙන් මිල ගණන් ඉහළ යෑම නිසා එම විදුලි බලාගාර පාඩු ලැබීම හේතුවෙන් වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

මේ හේතුවෙන් චිනයේද ඇතැම් ප්‍රදේශවල විදුලි සැපයුම ඇණ හිට තිබෙන බව සඳහන්. 

විශේෂයන් දකුණු ගුආන්ඩොන්ග් ප්‍රාන්තය සහ නිරිත දිග චීනයේ කර්මාන්ත ශාලා බහුලව පිහිටි ජිලිං, ලියෑනිංන් සහ හෙලිඔන්ගීජෑන්ග් යන ප්‍රදේශවලට මෙම තත්ත්වය තදින්ම බලපෑමකට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

මේ අතර චීනයේ ප්‍රාන්ත 16ක ඉන්ධන ඇතුළු බලශක්ති බෙදා හැරීම සලාක ක්‍රමයට යටත් කිරිමට කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ පුර්ණ විදුලි ඇණ හිටීමක් සිදුවීම වලක්වා ගැනීම සඳහායි.

මේ අතර කොවිඩ් -19 වසංගතයෙන් පසු ආර්ථික කටයුතු නැවත ඇරඹීමත් සමගම යුරෝපයේ ද ඉන්ධන හිඟතාවයක් මතුවෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න





ගාල්ල සීනිගම දේවාලයට පැමිණෙන සාස්තරකාරියකගේ සිහිය විකල් කොට ඇයව හෝටල් කාමරයකට ගෙන ගොස් දූෂණය කොට ඇයගේ නිරුවත් ජායාරූප ගත් තරුණ කපු මහතෙක් ගාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 


සීනිගම දේවාලයට නිරන්තරයෙන් පැමිණ තමාගේ බලය වැඩි කර ගැනීම සඳහා පුද පූජා තබන මෙම සාස්තරකාරියගේ වයස 30 ක්.ඇය දෙදරු මවක්ද වනවා.

 

මේ අතර මෙම කපුවා ඇය සමඟ මිතුරු වී ඉකුත් දිනෙක බීම වීදුරුවක් දී ඇයව මත්කොට සිහි විකල් කොට මෙලෙස කාමරයකට රැගෙන ගොස් තිබෙනවා.

 

කපුවා විසින් ඇයව දූෂණය කොට ඇයගේ නිරුවත් ජායාරූප ගෙන ඇයව නැවත මහ මඟ දමා ගොස් තිබුණා.

 

පසුව එම ජායාරූප ඇයගේ whatsApp කොට ඇයට බලපෑම් කරමින් අවස්ථා කිහිපයකදී ඇයව නැවත නැවත දූෂණය කොට තිබෙනවා.

 

සැකකාර කපුවා මෙලෙස ඊයේ දින අත්අඩංගුවට ගෙන මේ වන විට ප්‍රශ්ණ කෙරෙමින් සිටිනවා.

 

කපුවා කුරුණෑගල පදිංචි 32 හැවිරිදි අවිවාහක අයෙක්
.

ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

බදියුදීන් බිරිද මෙහෙකාර දැරියන්ගේ මුහුණ වැසිකිලියේ ඔබලා… නිවසේ තවත් අබිරහස් මරණ දෙකක්..

බදියුදීන් බිරිද මෙහෙකාර දැරියන්ගේ මුහුණ වැසිකිලියේ ඔබලා… නිවසේ තවත් අබිරහස් මරණ දෙකක්..

බදියුදීන් ඇමැතිතුමාගේ ගෙදර ටොයිලට් හරියට හේදුවේ නැති වුණාම නෝනා අපේ මූණ කොමඞ් එකේ ඔබලා ඒ ජරා වතුරෙන් නාවනවා. ඉඳුල් පිඟන් හරියට හේදුවෙ නැහැ කියලා පිඟන් වලින් ගහලා ඉඳුල් වතුර මූණට හලනවා යැයි හිටපු ඇමැතිවරයාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී කෲර වධ හිංසාවන්ට ලක්වූ තවත් දැරියක් පොලිස් ප‍්‍රශ්න කිරීම් හමුවේ හැඬූ කඳුළින් පිළිතුරු ලබා දී ඇත.

හිටපු ඇමැති රිෂාඞ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටි තවත් දැරියන් සහ තරුණියන් එකොළොස් දෙනකු අතරින් එක් දැරියක මෙම කෲර වධ හිංසා පිළිබඳව පොලිසිය වෙත මේ ආකාරයට හෙළිදරව්වක් කර තිබේ.

රිෂාඞ් බදියුදීන්ගේ බිරිඳ මෙන්ම පවුලේ සාමාජිකයන් ද මෙම මෙහෙකාර සේවයට පැමිණ සිටි දැරියන්ට සහ තරුණියන්ට මේ ආකාරයට කෲර වධ හිංසා පමුණුවා අමානුෂික පහරදීම් සිදුකර ඇති බව විමර්ශනවලින් මේ වනවිට හෙළි වී ඇත. ඇතැම් අවස්ථාවලදී නිවසේ තිබූ කොසු කැඩෙන තුරු පහරදීම් සිදුකර ඇති බවද හෙළිව තිබේ.

මේ අතර පිළිස්සී මියගිය දැරිය නවාතැන්ගෙන සිටි කාමරයේ තිබී සැකකටයුතු භාණ්ඩ කීපයක් ද පොලිසිය මේ වනවිට සොයාගෙන තිබේ.

පොලිස් විමර්ශනවලින් හෙළිවී ඇති අන්දමට මෙහෙකාර සේවයට පැමිණ සිටි තරුණියන්ගෙන් දෙදෙනකු මීට ඉහතදී අභිරහස් අන්දමින් මියගොස් තිබිණි. මින් එක් තරුණියක් බම්බලපිටියේදී දුම්රියට පැන සිය දිවි හානි කරගත් අතර අනෙක් තරුණිය හදිසියේම රෝගාබාධයන්ට ලක්වීමෙන් මියගොස් ඇති බව හෙළිවී තිබේ.

මෙම මරණ දෙක සම්බන්ධයෙන් ද පොලිසිය පුළුල් විමර්ශනයක් පවත්වාගෙන යයි.

මේ අතර රිෂාඞ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයට යොදවා ගත් තරුණියන් සහ දැරියන් සියලූ දෙනාගෙන් ප‍්‍රකාශ ලබා ගැනීම මේ වනවිට ආරම්භ කර ඇත.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් පොලිස් කණ්ඩායම් 5 ක් විසින් මෙම පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

හේමන්ත රන්දුණු
– divaina

ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
තුෂර වික්‍රමනායකගේ රෙද්ද පල්ලෙන් බේරුණ ව්‍යාජ දේශප්‍රේමය මෙන්න

සෑම පුද්ගලයෙකුටම තමන් කැමති දේශපාලනයේ නිරත වීමට අයිතිය තිබිය යුතුය. නමුත් ඒ දේශපාලන අයිතිය, රටක අභිවෘද්ධිය වෙනුවෙන් වූ ක්‍රියාදාමයක් වැනසීමට, ගණිකා වෘත්තියේ යොදවනවානම්, ඔහු හෝ ඇය නියෝජනය කරන්නේ අප කැමති කඳවුරද නැද්ද නොබලා එක් රටක් ලෙස අපි ඊට එරෙහි විය යුතුය. මේ සටහන එවන් නිහීන පජාත උත්සාහයක නිරුවත හෙළි කිරීම වෙනුවෙනි.

කවුද මේ තුෂර වික්‍රමනායක. ඇය හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායකගේ දියණියයි. කොළඹ බිශොප් විදුහලෙන් හා විශාඛා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඇය, විදෙස් විශ්ව විද්‍යාලයකින් වෛද්‍ය උපාධිය අවසන් කරනු ලබයි.

ඇය පෙනී සිටින්නේ ලමා හා කාන්තා අයිතීන් වෙනුවෙන් වූ NGO ක්‍රියාකාරිණියක් හැටියට බව රහසක් නොවේ.. ජාත්‍යාන්තර පාසලක ඉගෙනුම ලැබූ ඇයගෙ දරුවාට ගුරුවරයෙක් ලබා දුන් දඬුවමකට විරුද්ධව එම ගුරුවරයා උසාවිය දක්වා රැගෙන ගියේය. ඒ ක්‍රියාවලියට ඊනියා NGO නඩයෙන් ලද සහයෝගයත් සමඟම ඇයද ලමා හා කාන්තා කටයුතු වෙනුවෙන් Stop Child Cruelty නමින් රාජ්‍ය නොවන සංවිධානයක් ආරම්භ කරණු ලැබුවාය. එතැන් සිට ලමා හා කාන්තා අයිතිවාසිකම් අලෙවි කරමින් එක්සත් රාජධානිය හරහා ඩොලර් උපයන්නට ඇය සමත් වන්නීය.

වර්ෂ 2005 දී ඇය විසින් රුපියල් මිලියන 900ක රෝහලක් කළුතර ඉදි කරන්නට සුනාමි ආධාර එකතු කරනු ලැබිණ. කලුතර නාගොඩ ප්‍රදේශයේ අක්කර තුනක ඉඩමක ඇඳන් 400ක ව්‍යාපෘතියක් සඳහා ආධාර කරනු ලැබුවේ Mylton Keynes Tsunami Appel Fund ආයතනයයි. මෙම ව්‍යාපෘතිය වසර දෙකකින් නිම කරන්නට තිබුණත් අද වන විට එම රෝහලවත්, ඊට ලැබුණු මුදල්වත් සොයා ගැනීමට නොහැකිය. පහළ ඡායාරූපය එම ව්‍යාපෘතිය පිළිබඳව රාජ්‍ය මාධ්‍ය වාර්ථා කර තිබූ ආකාරයයි..

උසුළු සහගත සිදුවීම ඇයගේ දේශපාලනයයි. ගොඨාභය රාජපක්ෂ ජනපතිවරයාගේ ක්‍රියාවලිය මිලිටරීකරණයක් ලෙස හඳුන්වන ඇය, පසුගිය ජනාධිපතිවරණයේදී ඇය පෙනී සිටින්නේ දරුණු NGO ගැත්තෙක් බවට පත්ව සිටි, NGO ක්‍රියාදාමය විසින්ම ජනපතිවරණ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් කෙරුණු හිටපු හමුදාපති මහේෂ් සේනානායකගේ සහායටය. ඇය තම පියා වූ රත්නසිරි වික්‍රමණායකගේ සම්පූර්ණ දේශපාලනය පාවා දෙමින් හා නම අවභාවිතා කරමින් එම දේශපාලනයේ නියැලෙයි.. පහත සඳහන් වෙන්නේ එම මැතිවරණ ව්‍යාපාරය පිළිබඳව ඇය තම ෆේස්බුක් ගිණුමේ තැබූ සටහන් දෙකකි.

ඒ වගේම මහ මැතිවරණයේදී ඇය ස්තූති කරන්නේ NGO නඩ ගණනාවක් විසින් නඩත්තු කල ජාතික ජන බලවේගයට වීමද විශේෂත්වයකි. ඇය වගේම දැඩි NGO ක්‍රියාකාරිනියක් වන හරිනි අමරසූරියගේ පත්වීම ගැන ඇය උදම් වෙයි.. පහත ඡායාරූප දෙක ඒ වෙනුවෙන් ඇය තැබූ ෆේස්බුක් සටහන් දෙකකින් උපුටා ගත්තකි….

දැන් අපි අනාවරණය කරන්නේ අපගේ ප්‍රස්තුත කාරණාවය. මේ රටේ කොවිඩ් උවදුර මැඬලීමට අප්‍රතිහත උත්සාහයක් ගන්නා ශ්‍රී ලංකා හමුදාවට සැලසුම් සහගතව දියත් කල NGO බිල්ල අපි හෙළි කිරීමට සූදානම්‍ වෙමු.

ඇයට අනුව ඇය දිවයිනට පැමිණෙන්නේ ඔක්තෝබර් 16 වෙනිදාය. ඔක්තෝබර් 13 දින ඇය සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ මිලිටකරණයෙන් නොව සෞඛ්‍ය සේවය හරහා කොරෝනා මර්ධනය කරන ලෙසය.. පහතින් දැක්වෙන්නේ එම සටහනයි…

ඉහත ෆේස්බුක් සටහන අනුව, ඇය එන්නේම හමුදාව සමඟ ගැටුමක් ඇති කර ගැනීමට බව පැහැදිලිය. ගුවන් සේවයෙන් ලබා දෙන පෝරමය සිංහලෙන් පුරවමින් ඇය පළමුව එම ක්‍රියාවලිය සමච්ඡලයට ලක් කරයි. එහි ඉංග්‍රීසි හා චීන බසින් මුද්‍රණය කිරීම ඇය ප්‍රශ්ණ කරයි. ගෝලීය වසංගතයකට අවශ්‍ය විස්තර ජාත්‍යාන්තර භාෂා දෙකකින් ඇසීම පිළිබඳව වෛද්‍යවරියක් වන ඇයට තේරුම් නොයන්නේ ඇයගේ මානසික ගැටළුවක් නිසාද නැතහොත් NGO මුදලින් නඩත්තු වෙන ව්‍යාජ දේශප්‍රේමී අටමඟල නිසාද යන්න තේරුම් ගැනීම අපට අසීරු නැත. පහලින් දැක්වෙන්නේ ඇය පිරවූ එම පත්‍රිකාවයි.

ගුවන් තොටුපලේ සිටම ඇය ආරක්ෂක හමුදා සමඟ ගැටුම් ඇති කරගනී. ඒ සියල්ල ෆේස්බුක් අඩවිය හරහා සජීවීව ප්‍රකාශ කරයි. NGO නඩ සියල්ලම ඇයගේ වීඩියෝ රැගෙන සමාජ මාධ්‍ය කළඹමින් රජය සහ ආරක්ෂක හමුදාවන් විවේචනය කරමින් මහජනතාවගේ සිත තුල කොරෝනාවට එරෙහි රාජ්‍ය යාන්ත්‍රණය පිළිබඳ වැරදි සිතිවිල්ලක් ඇති කිරීමට කටයුතු කරමින් සිටී.

මෙය තිර පිටපතකට අනුව සිදු කල නාට්ටියක් බව මේ වන විට ඉතා පැහැදිලිය.. මෙය අවසාන නාට්‍යය ලෙස ඉතිහාස ගත නොවනු ඇත. මෙවන් NGO නඩ ඉදිරියේදීත් මෙවැනි තිර පිටපත් නාට්‍ය හරහා අපට පෙන්වීමට ඉඩ ඇත. එම කරුණු ගැඹුරින් සලකා බලා, නිසි ලෙස වටහාගැනීමට අප බුද්ධිමත් විය යුතුය.

රටක් වශයෙන් ව්‍යසනයකට මුහුණ දී ඇති අප තම පුද්ගලික දේශපාලන න්‍යාය පත්‍ර වලින් මිදී, රජයේ උත්සාහයට සහයෝගය පළ කල යුතු බව අප දැඩිව විශ්වාස කරමු. නමුත් ස්ත්‍රීත්වය වැනි මානුෂික කරුණු භාවිතා කරමින් කරන මෙවන් තුච්ඡ නිහීන ක්‍රියාවන්ට විරුද්ධ වීමට අපට පිට කොන්දක් තිබිය යුතුමය.

ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
වසන්ත කරන්නාගොඩගේ නඩු විභාගයෙන් විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන ඉවත් වෙයි



අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ව්‍යාජ තොරතුරු පදනම් කර ගෙන අත්අඩංගුවට ගැනීමේ අවදානමක් පවතින බැවින් තමන් අත්අඩංගුවට ගැනීම වලක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප‍්‍රියන්ත ජවර්ධනය මහතා අද (28) ඉවත් වූයේය.

මෙම පෙත්සම අද අගවිනිසුරු නලින් පෙරේරා , ප‍්‍රියන්ත ජයවර්ධන සම මුර්දු ප‍්‍රනාන්දු යන ත‍්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අතර එහිදී ප‍්‍රියන්ත ජවර්ධන විනිසුරුවරයා පෞද්ගලික හේතූන් මත තමන් එම පෙත්සම් විභාගයෙන් ඉවත් වන බව විවෘත අධිකරණය හමුවේ දැනුම් දුන්නේය.

මෙම පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා අධිකරණයට දන්වා සිටියේ කරන්නාගොඩ මහතා සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ කටයුතු අවසන් කර ඇති බවත් ඔහුට එරෙහිව චෝදනා ගොනු කිරීම සඳහා සූදානම් කර ඇති බවයි.

පෙත්සම්කාර පාර්ශවයෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කරුණු දක්වමින් චෝදනා ගොනු කිරීම සම්බන්ධයෙන් තමන්ට ගැටලූවක් නොමැති වුවද අත්අඩංගුට ගැනීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කිරීම අවශ්‍ය බවයි අධිකරණයට දන්වා සිටියේය.

මෙහිදී අගවිනිසුරු නලින් පෙරේරා මහතා අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතාගෙන් විමසා සිටියේ පෙත්සම්කරුව අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් කිසියම් ප‍්‍රතිඥාවක් ලබා දිය හැකිද යන්න පිළිබඳව.

ඊට ප‍්‍රතිචාර දක්වමින් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේ මෙම අවස්ථාවේදී එවැනි ප‍්‍රතිඥාවක් ලබාදීම අපහසු බවයි.

ඒ හේතුවෙන් පෙත්සම සම්බන්ධයෙන් සලකා බැලීම ලබන මාර්තු 07 වැනිදා කල් තැබීමටද ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

කෝට්ටේ බැද්දගාන අංක 99 /3 දරණ ස්ථානයේ පදිංචි අද්මිරාල් වසන්ත කරන්නා ගොඩ මහතා විසින් ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ අංශයේ ස්ථානාධිපකි නිශාන්ත සිල්වා , එහි අධ්‍යක්ෂ ශානි අබේසේකර , පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ඇතුළු පස් දෙනෙකු නම් කරනු ලැබ ඇත.

නීතීඥ සනත් විජේවර්ධන මහතා විසින් ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සඳහන් වේ.

පෙත්සම්කරු ශ්‍රී ලංකා නාවික හමුදාවේ හිටපු හමුදාපතිවරයෙකු වේ.

නාවික හමුදාවේ ලූතිනන් කමාන්ඩර්වරයෙකු ඇතුළු පිරිසක් විසින් තරුණයින් පිරිසක් පැහැර ගත් බව 2009 මැයි 10 වන දින පෙත්සම්කරුට දැනගන්නට ලැබූ අතර ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වන ලෙස නාවික හමුදා පොලිස් ප‍්‍රදානියාට උපදෙස් ලබා දුන්නේය.

තත්ත්වය මෙසේ තිබියදී. 2010 සැප්තැම්බර් 13 වන දින ලූතිනන් කොමාන්ඩර් වෙළගෙදර නැමැති නිලධාරියා විසින් පෙත්සම්කරු ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙකුට එරෙහිව සාවද්‍ය තොරතුරු අඩංගු ප‍්‍රකාශයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලදී.

මෙම ප‍්‍රකාශය අනුව පෙත්සම්කරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ප‍්‍රකාශයක් ලබා දුන්නේය.

මේ අතර හිටපු රියර් අද්මිරාල්වරයෙකු වන ට‍්‍රැවිස් සින්නයියා මහතා විසින්ද පෙත්සම්කරුට එරෙහිව ව්‍යාජ තොරතුරු අඩංගු ප‍්‍රකාශයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන ලදී.

මෙම ප‍්‍රකාශයන් සාවද්‍ය බවට පෙත්සම්කරු විසින් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් මඟින් දැනුම් දෙන ලදී.

පෙත්සම්කරු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සමීපතමයෙකු බැවින් රහස් පොලීසිය මේ පිළිබඳ දැඩි උනන්දුවක් දක්වයි.

මෙම තත්ත්වය තුළ පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීමේ අවදානමක් පවතින බව පෙත්සම්කරු කියා සිටී.

එබැවින් වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද ,තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව ප‍්‍රකාශ කරන ලෙසද , වග උත්තරකරුවන්ට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වන ලෙසද , මෙම පෙත්සම විභාගයට ගෙන අවසන් වන තුරු තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරු සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.




ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network