Showing posts with label ශ්‍රී Av TvNetwork. Show all posts


බූරු ගැසූ ලග්ගල සභාවේ සභාපති අත්අඩංගුවේ.. මුදා හරින්නැයි බලපෑම්..


මාතලේ ලග්ගල ප්‍රාදේශීය සභාපති වරයා ඇතුළු අට දෙනකු පොලිසිය විසින් අත්අඩංගු ඇත.

ඊයේ අලුයම 03.00ට පමණ මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ මුදලට සුදු ක්‍රීඩාවේ යෙදීම හේතුවෙනි.

ඔවුන් සතුව තිබී රුපියල් විසිපන්දහසක පමණ මුදලක්ද පොලිස් බාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් එක් අයෙකු සතුව තිබී හෙරොයින් ප්‍රමාණයක් ද සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සභාපතිවරයා එම ස්ථානයෙන් පලා යාමට සහ නඩු පැවරීමකින් තොරව මුදා හැරීමට විවිධ බලපෑම් එල්ල කළද ඒ කිසිවකට එකඟ නොවී තිබේ.

ලග්ගල ප‍්‍රාදේශීය සභාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් බලය හොබවයි.


ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

නාමල් රාජපක්ෂ ගැන බොරු ප්‍රචාර…


මීට සුලු වේලාවකට පෙර සමාජජාලයන්හි පැතිරි ගිය ප්‍රවෘත්තියක දැක්වුනේ ක්‍රීඩා හා තරුණ කටයුතු කැබිනට් අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මැතිතුමන් රිය අනතුරකට ලක් වී ඇති බවයි. මේ පිලිබඳව sriavtvnetwork  news විසින් ඇමතිතුමන්ගේ පුද්ගලික කාර්යමණ්ඩලයෙන් විමසීමක් සිදු කළ අතර, එම ප්‍රචාරයන් හුදෙක්ම අසත්‍ය ප්‍රචාරයක් වන බවත් උදැසන සිට ඇමතිතුමන් මහජන දිනයට සහභාගී වුනු බවද ප්‍රකාශ කර සිටියා.

කෙසේ නමුත් මෙම අසත්‍ය ප්‍රචාරය කුමක් අරභයා සිදුවිනි දැයි සොයාගැනීමට බලාපොරොත්තු වන බවද එහිදී ප්‍රකාශ කලා..


ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
වංගෙඩියේ මිරිස්‌ ගලේ 
සැඟවුණු මහ විද්‍යාව



එකල ඔබේ ආච්චි අම්මා උයන පිහින කෑම බීම කොපමණ රසවත් වීද. සුඟන්ධවත් වී දැයි ඔබට මතක ඇතිවාට සැක නැත. ආච්චි අම්මලා භාවිත කළ කුළුබඩු මිශ්‍රනයම, එම මාත්‍රාවෙන්ම භාවිත කරන වර්ථමාන ගෘහණියන් අතින් පිසෙන කෑම බිමවලින් එකල අපේ මුලුතැන්ගෙවල්වලින් ආහාර පිසින අවස්‌ථා වල දී හැමූ පුසුබ වහනය වන්නේ නැත්තේ ඇයි.? කඩේ විකුණන්නට තිබෙන කෘත්‍රිම රසකාරක, සුඟන්ධකාරක, සුප් කැට, සීසනින් පවුඩර්, මයොනයිස්‌ ආදිය නොදමා දැන් කාලේ ආහාර පානාදිය රසවත් කළ නොහැකි වී ඇත්තේ ඇයි.? කොපමණ දක්‌ෂ සූපවේදියකු වුව කඩේ විකුණන්නට තිබෙන තුනපහ, කහකුඩු ආදී කුළුබඩු මිශ්‍රනයන් භාවිත කොට වැඩ කිඩ සියල්ල දමා පිසූවත් පෙර කී කෘත්‍රිම රසකාරක නොදමා කෑම බිම කටට රහට පිසින්නට නොහැකි වී ඇත්තේ ඇයි? අපේ අම්මලා. ආච්චි අම්මලාගේ දෑත් වලින් පිළියෙළ කෙරුණු පිට්‌ටුව, ආප්පය, රොටිය, කැවුම, කොකිස, අග්ගලාවේ රසය හා සුවඳ කඩේ විකුණන්නට තිබෙන පැකට්‌ කළ හාල් පිටි, කුරක්‌කන් පිටි, උඳු පිටි ගෙනත් අපගේ බිරින්ඳෑවරුන්ගේ දෑත්වලින් පිසෙන කෑම වල නැත්තේ ඇයි? කෑම රහ නැතැයි මැසිවිලි නගමින් කඩ කෑමවලට ආකර්ෂණය වන තම දූ දරුවන් සහ ස්‌වාමිපුරුෂයන් සැනසීම සඳහා මේ බිරින්දෑවරුන්ගේ මාසික බඩු ලයිස්‌තුවට ආහාර ද්‍රව්‍යයන් හෝ පෝෂණ ද්‍රව්‍යයන් නොවන පෙර කී, කෘත්‍රිම වස නිෂ්පාදන බෝතල් ගණනින් එකතු කර ගන්නට සිදු වී ඇත්තේ ඇයි? කඩ කෑම කොපමණ සෞඛ්‍යයට, සනීපාරක්‌ෂාවට හානිකර වුවත් ඒ බව දැන දැනම, මේ ආහාර සකස්‌ කරන්නේ මළ පෙරේතයන් වැනි ජීවීන් පිරිසක්‌ අතින් බව දැක දැකම වුව කොත්තු, ප්‍රයිඩ් රයිස්‌ කන්නට මිනිසුන් පෙළඹී ඇත්තේ ඇයි? කම්මැලිකම නිසා හෝ කටට රහට උයන්න දරන ලද සියලු උත්සාහයන් ව්‍යර්ථ වීමෙන් පසු, තුන්වේලටම කඩ කෑම තම පවුලේ උදවියට කවන්නට වර්ථමාන ඇතැම් නෝනාවරු පෙළඹී ඇත්තේ ඇයි.? 

පිළිකා නාශක, ලේ වල විෂ නාශක, කොලස්‌ටරෝල් නාශක, රුධිරයේ සීනි පාලනය කරන්නට සමත් මහ බලගතු හැකියාවන් අපගේ කුළු බඩු වර්ගවලට ඇතැයි කියෑවෙන නූතන පර්යේෂණ වල තොරතුරු ජනමාධ්‍යවලින් අසන, පෙර කී රෝග පීඩාදියෙන් ආතුර වූ විසාලා නුවරක වෙසෙන අපි ඉහ වහා ගිය චිත්ත ප්‍රීතියකින් පිනා යන්නෙමු. එහෙත් වැඩි වැඩියෙන් පෙර කී කුළුබඩු වර්ග ආහාරයට ගන්නා අප පෙර කී රෝගාබාධවලට වැඩි වැඩියෙන් ගොදුරු වන්නේ ඇයි.? අප අද දවසේ දී ආහාරයට ගනු ලබන කෑම බීම වර්ග වල රස ගුණ අඩු වෙමින් තිබෙන්නේ ඇයි.? කොටින්ම කෑම රහට උයන්න දන්නේ නැතැයි වර්තමාන බිරින්ඳෑවරුන්ට එල්ල වෙන චෝදනාවන් මේ අසරණියන් නිදහස්‌ කර ගන්නේ කෙසේ ද?

ආහාරයේ ජීව ගුණය රැකගත් හෙළ තාක්‌ෂණය

කුළුබඩු හෝ ධාන්‍ය වර්ගයක්‌ යනු ශාක වලින් ලබා ගන්නා ඵලයකි. ආහාරයක පෝෂණ ගුණය, ඖෂධ ගුණය සහ රසයට, සුවඳට හේතු වන ජෛව පදාර්ථ වැඩි හරියක්‌ අන්තර්ගත වන්නේ ශාකයක කුඩාම ඒකකය වන සෛලය තුළය. ශාක සෛලය වටා සෙලියුලෝස්‌ වලින් සෑදුණු ඝණ සෛල බිත්තියක්‌ ඇත. ආහාරයේ ඉහත කී ගුණයන් ලබා ගන්නට නම් සෛල බිත්තිය බිඳ දැමිය යුතු වෙයි. වංගෙඩියෙන් කෙටිම, මිරිස්‌ ගලේ ඇඹරීම, කුරක්‌කන් ගලේ ඇඹරීම වැනි පාරම්පරික තාක්‌ෂණයේ දී සිදු වන්නේ පෙර කී සෛල හොඳින් ඇඹරී සෛල යුෂය පිටතට පැමිණීමය. නොඑසේ නම්, ජෛව පදාර්ථ නිරාවරණය වීමයි. සම්ප්‍රදායික තාක්‌ෂණයේදී ඇඹරීමට. කෙටීමට ලක්‌ කෙරෙන ආහාර ද්‍රව්‍යය එම නිෂ්පාදන ක්‍රියාවලිය තුළ දී අධික තාපයකට නිරාවරණය විමක්‌ සිදු වන්නේ නැත. ඉදින්. පිටතට පැමිණෙන ජෛව පදාර්ත, පෝෂක කොටස්‌ සහ ඖෂධීය සංඝටක විනාශ විමක්‌ සිදු වන්නේ නැත. අද අප පරිභෝජනය කරන කුළුබඩු සහ පිටි වර්ග සකස්‌ කර ගන්නට භාවිත කරන එක්‌ උපකරණයක්‌ වන්නේ ග්‍රයින්ඩරය යි. මෙමගින් කුළුබඩු හෝ ධාන්‍යය වර්ග ඇඹරීමකට ලක්‌ නොවන අතර කැපීමකට ලක්‌ වෙයි. සෛල කැපී වෙන් වීමක දී පෙර පරිදි සෛල අභ්‍යන්තරයේ අන්තර්ගත ජෛව පදාර්ථ පිටතට පැමිණීමේ ප්‍රවණතාවය අඩු ය. අනෙක්‌ අතට මෙම ග්‍රයින්ඩරය තුළ අධික තාපයක්‌ ද ජනනය වෙයි. පිටි සහ කුළු බඩු වර්ග ඇඹරීම සිදු කරන මෝලක දී සෛල ඇඹරීම සිදු වුව ද, මේවා තුළ ජනනය වන අධික තාපය නිසාවෙන් ආහාර වල පෝෂක කොටස්‌ සහ ඔසු ගුණයන් බරපතළ ලෙස විනාශ වෙයි. පී.ජේ. ලොව්ස්‌ (P J Fellows) විසින් රචනා කර ඇති ප්‍රකට පාඨ ග්‍රන්ථයක්‌ වන Food Processing
Technology: Principles and Practice නමැති ග්‍රන්ථයේ, කැරොටින් නමැති ශාක රසායනිකය ඔක්‌ෂිකරණය වීම නිසාවෙන් ආහාර නිෂ්පාදනයේ වර්ණය, සුවඳ, රසය හා ගුණය හානි වන බවත්, ආහාර නිෂ්පාදනයේදී උෂ්ණත්වය ඉහළ යැම නිසාවෙන් කුළුබඩු වල වාශ්පශීලී සංඝටක විනාශ වන බවත් අවධාරණය කර තිබේ.

රසය, ගුණය වැඩි කාබනික ආහාර.

දෙවන ලෝක යුධ සමයේ දී ලොව පුරා මහත් වූ ආහාර අහේනියක්‌ ඇති විය. ඩෙන්මාර්කයේ ජනතාව යන්ත්‍රානුසාරයෙන් නිෂ්පාදනය කළ සුදු තිරිඟු= පිටි (නිව්ඩ ඉවත් කළ) වෙනුවට, තම ගෙවතු වල, කාබනිකව වගා කළ රයි, ඕට්‌ස්‌ සහ තිරිඟු පිටි මිශ්‍රනයකින් (නිවුඩ්ඩ ඉවත් නොකළ) තනා ගත් ණකැසැඉරදඑ නමින් හැඳින් වූ පාන් වර්ගයක්‌ අනුභව කරන්නට විය. (මෙරට ජනතාවට ද යුද්ධ කාලෙ දි පොතු හතක්‌ තිබුණු ධාන්‍ය ඇට වර්ගය කන්නට සිදු වූ වග මෙරට පැරැන්නන් කියනු අසා ඇත.) දෛවෝපගත මෙම ආහාර අනුභවය නිසා යුරෝපා ඉතිහාසයේ අන් කවරදාකවත් වාර්තා නොවුණු පරිදි බෝ නොවන රෝගවලින් අකලට මිය යාම් අඩු විය. ආහාර මාර්ග පද්ධතිය ආශ්‍රිත සංකූලතා. පිළිකාව, වකුගඩු ආබාධ, හදවත් රෝග, දියවැඩියාව, අධික රුධිර පිඩනය ආදී රෝග වාර්තා වීම නැත්තටම නැති විය. 

නිව්ඩ්ඩ සහිත ධාන්‍ය වර්ග සහ ඇට වර්ග, පලතුරු, එළවළු සහ කුළුබඩු වර්ග වනාහි බොහොමයක්‌ විටමින්, ඛණිජ ලවන සහ රෝග නිවාරණ ගුණයන් සඳහා හේතු වන ශාක රසායනිකයන් සඳහා හොඳම මූලාශ්‍රයන් බව කවුරුත් දනිති. හරිත විප්ලවයෙන් පසු එළැඹි යුගයේ බහුජාතික සමාගම් විසින් වැඩි දියුණු කළ ප්‍රභේද හඳුන්වා දෙනු ලැබිණ. මේ දැනුත්, ඔවුහු වැඩි අස්‌වනු, වැඩි ප්‍රතිරෝධී නව ප්‍රභේද බිහිකරන්නට ඩොලර් බිලියන ගණනක්‌ පර්යේෂණාගාර වල වියදම් කරති. ඒ, නව ප්‍රභේද අසරණ ගොවීන්ට විකුණා ඩොලර් ටි්‍රලියන ගණනින් ලාබ ලබන්නට ය. එහෙත් ඇත්ත කතන්දරය වන්නේ පසුගිය දශක 50 තිස්‌සේ අප ආහාරයට ගනු ලබන පෙර කී වැඩි දියුණු කළ ආහාර භෝග වගා කිරීම නිසාවෙන්, පාංශු ගුණයත්, ආහාරයේ ගුණයත් බරපතළ ලෙස සෝදා පාළුවට ලක්‌ කිරීම ය.

අප මෙන් නොව පැරැන්නන් ආහාර සකස්‌ කර ගත්තේ වස විස භාවිත නොකර කාබනිකව වගා කළ පාරම්පරික සහල් ආදී ධාන්‍ය වර්ග. එළවළු, පලතුරු සහ කුළුබඩු වර්ගවලින් ය. එය එකළ කෑම බීම වල රසය සහ ගුණය වැඩි වන්නට හේතු වූ එක්‌ ප්‍රධාන සාධකයක්‌ වෙයි. ඔබේ ගෙවත්තේ හැඳෙන හේන් මිරිස්‌ කරලකින්, ඉඟුරු අලයකින්, කහ අලයකින් ලැබෙන රසය, සුවඳ සහ ගුණය කිසිදා කඩෙන් ගෙනෙන කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිත කොට වගා කෙරෙන නිෂ්පාදනවලින් ලබා ගන්නට නොහැකිය.

කුළුබඩු නිෂ්පාදන සහ ධාන්‍ය පිටි වර්ග මාස ගණන් තබා ගත හැකි ද?

ධාන්‍ය වර්ග වල සහ ඇට වශයෙන් පවතින කුළුබඩු වර්ග වල මෙන්ම පොතු, පත්‍ර, මුල් වශයෙන් අප ආහාරයට ගනු ලබන ඕනෑම ශාකමය කුළුබඩු වර්ගයක පිටතින් ඝණ ආවරණයක්‌ පොත්තක්‌, නිවුඩ්ඩක්‌, වැනි දෙයක්‌ ඇත. මේවා හොඳින් වියලා ගෙන ද තිබෙන බැවින් තෙතමනය ද අඩු ය. මේ නිසාවෙන් ඒවායේ අභ්‍යන්තරය වායු ගෝලයට, තෙතමනයට සහ ආලෝකයට නිරාවරණය නොවී ආරක්‌ෂා වී පවතී. එහෙත් මේවා පිටිකර ගැනීමේදී මෙම ආරක්‌ෂාව ඉවත් වෙයි. දැන් භාහිර වාතය සමඟ ප්‍රතික්‍රියා කිරීම ආරම්භ වීම නිසාවෙන් පෝෂක කොටස්‌ සහ ඖෂධ සංඝටක විනාශ වන්නට පටන් ගනී. පිටි බවට හෝ ඇඹරීමට ලක්‌ කළ වහාම භාවිතයට ගැනීම හෝ වායු රෝධනය නොකළොත් මෙම හානිය බරපතළ වෙයි. උදාහරණයක්‌ ලෙස, සාමාන්‍යයෙන් තිරිඟු පිටි ගත්තහම නිෂ්පාදනය කර දිනක කාලයක්‌ වායු ගෝලයට නිරාවරණය වන්නට ඉඩ හැරීමෙන් එහි අන්තර්ගත විටමින්වලින් සියයට 40 ක්‌ පමණ විනාශ වන බවත්, දින 3, 4 කට පසු සියයට 85 ක්‌ පමණ විනාශ වන බවත් සොයා ගෙන තිබෙනවා. මෙම ගුණ හානිය ආකාර කිහිපයකට සිදු වෙයි.

01. අසම්තෘප්ත මේද අම්ල වර්ග ඔක්‌ෂිකරණයට ලක්‌ වී, මුඩු විම. (Rancidity of lipids) 

02. බී කාණ්‌ඩයේ විටමින් ආලෝකයට සහ ඔක්‌ෂිජන්වලට නිරාවරණය වීම නිසාවෙන් විනාශ වීම.

03. වැදගත් එන්සයිම වර්ග ක්‍රියාකාරී වන්නට පටන් ගන්නා අතර, එම ක්‍රියාවලිය නිසාවෙන් ආහාරයේ ගුණ හානි වීම.

04. ශාක වල ස්‌වභාවික ප්‍රතිඔක්‌සිකාරක වර්ග (විටමින් B වැනි) විනාශ වීම.

මේ ආකාරයට සිදු වන ගුණ හානි වීම් වලක්‌වා ගැනීමට නම්, පිටි කරන ලද නිෂ්පාදනයන් කාමර උෂ්ණත්වයේ දින 2, 4 කට වඩා තබා ගැනීම, ශීතකරණයක දින 10 , 20 කට වඩා තබා ගැනීම. අධි ශීතකරණයක දින 30, 40 කට වඩා තබා ගැනීම සිදු නොකළ යුතු බව අවධාරණය කළ යුතුව තිබේ. නිෂ්පාදනය කිරීමෙන් දින එකක්‌ දෙකක්‌ ඉක්‌ම යන්නට මත්තෙන් වායුරෝධනය කොට ආලෝකයට නිරාවරණය නොවන සේ ගබඩා කිරීම මෙම ගුණ හානි වීම් අඩුකර ගැනීමට කළ හැකි තවත් පිළියමක්‌ වෙයි. 

සම්ප්‍රදායික ක්‍රමයට නිෂ්පාදනය කළ, නැවුම් ආහාර නිෂ්පාදන සත්ත්වයන්ගේ තිරසර පැවැත්ම උදෙසා බලපාන ආකාරය සොයා බැලීම සඳහා සිදු කළ පර්යේෂණයකින්a අනාවරණය වී තිබෙන කරුණු කාරණා අප විමතියට පත් කරයි. සම්ප්‍රදායිකව සකස්‌ කළ නැවුම් තිරිඟු පිටිවලින් නිෂ්පාදනය කළ ආහාර අනුභව කළ මීයන්, බෝ නොවන රෝග නිසාවෙන් සිදු වන අකල් මරණවලින් බේරී සිටියදී, එසේ නොවන, වෙළෙඳපොලේ විකුණන්නට තිබෙන තිරිඟු පිටි වලින් සකස්‌ කළ ආහාර අනුභව කළ මීයන් එකී රෝග වලින් අකලට මිය යනවා මදිවාට ඔවුන්ගේ ප්‍රජනන හැකියාව ද බරපතළ ලෙස අඩු වූ බව සොයා ගෙන තිබෙනවා. කැනඩාවේ මැක්‌ගිල් සරසවියේ (University of Mcgill ) පරිසර විද්‍යාත්මක කෘෂිකර්ම ව්‍යාපෘතිය මගින් එළිදක්‌වන ලද වාර්ථාවක මෙම තොරතුරු සඳහන් වෙයි.(http://eap.mcgill.ca/publications/EAP35.htm)

මේ අනුව එවෙලේම ගලේa අඹරා ගත් තුනපහ, මිරිස්‌, කහ ආදිය භාවිත කොට පිසින වෑංජන සහ එවෙලේම වංගෙඩියෙන් කොටා හෝ කුරහන් ගලේ අඹරා ගත් ධාන්‍ය පිටි භාවිත කොට පිළියෙල කෙරෙන ආප්ප, පිට්‌ටු, වණ්‌ඩු ආප්ප ආදිය අපගේ රස නහර පිනා යන්නටත්, ශරීර සෞඛ්‍ය රැක දෙන්නටත් හේතු වෙයි.

අපද්‍රව්‍ය, විවිධ රසායනික ද්‍රව්‍යයන් එක්‌ කිරීම,  බාල කිරීම.

තම නිවසේ දී සම්ප්‍රදායික ක්‍රමවේදයට අනුව සකස්‌ කර ගනු ලබන පිටි වර්ග සහ කුළුබඩු නිෂ්පාදන මෙන් නොව, මහා පරිමාණ නිෂ්පාදන වලදී මෙම අමු ද්‍රව්‍යය නිසි පරිදි සේදීම, අප ද්‍රව්‍ය ඉවත් කිරීම, ආදී ක්‍රියාවන් බොහෝ විට සිදු වන්නේ නැත. ඔබට මේ බව දැන ගන්නට අවශ්‍යය නම් කඩෙන් මිල දී ගෙන ආ සූදුරු හෝ මහදුරු සෝදා බලන්න. කළු පාටට මණ්‌ඩියක්‌ ඉවත් වනු දැක ගන්නට පිළිවන. ගෝනි ගණන් දමා යන්ත්‍රානුසාරයෙන් සිදු කෙරෙන නිෂ්පාදන වල දී මෙම අප ද්‍රව්‍ය ඉවත් කිරීම නිසි ආකාරයෙන් සිදු නොකෙරෙන්නට බොහෝ දුරට ඉඩ ඇත. එමෙන්ම, කුළුබඩු, ධාන්‍ය වර්ග පුස්‌ කෑමේදී ඉතාමත් විෂ රසායනිකයක්‌ වන ඇෆලටොක්‌සීන් (Aflatoxins) එකතු වෙයි. ආහාර නිෂ්පාදනය කිරීමේ දී සහ පිසීමේ දී ඇලටොක්‌සීන් විනාශ නොවෙයි. මෙම විෂ වර්ගය සිරුර තුළ ගබඩා වන අතර, කලක්‌ තිස්‌සේ ගබඩා වන ඇෆලටොක්‌සින් අක්‌මාවේ සහ වෙනත් ස්‌ථාන වල පිළිකා හටගන්නට හේතු වෙයි. විශේෂයෙන් වැඩිහිටියන්ට සාපේෂව ළමුන්ට ඇෆලටොක්‌සින් නිසා වැඩි හානියක්‌ සිදු වන අතර, ළමන්ගේ වර්ධනය සහ සංවර්ධනය බාල වීම, අක්‌මාවට හානි වීම සහ අක්‌මා පිළිකාවලට හේතු වෙයි. ඇෆලටොක්‌සින් වනාහි දැනට හඳුනාගෙන තිබෙන දරුණුම පිළිකාකාරකයක්‌ වෙයි. මෙයට අමතරව ලාබය වැඩි කර ගන්නට පුන්නක්‌කු, ලී කුඩු. ලුණු, හාල් කුඩු, පාන් පිටි, ආදී අපද්‍රව්‍ය එක්‌ කර විවිධ පිළිකාකාරක ඩයි වර්ග, කෘත්‍රිම රසකාරක එක්‌කර නිෂ්පාදනය කරන බාල නිෂ්පාදන ද බොහෝ ප්‍රමාණයක්‌ වෙළෙඳපොළේ ඇත. 

නව ලිබරල් ආර්ථික ක්‍රමය විසින් සියලු සදාචාරයන්, මනුස්‌සකම් මහපොළොවෙන් උදුරා පරසක්‌වල ගසමින් සිටී. නිර්මාණය වෙමින් තිබෙන්නේ ලාබයේ මස්‌ රාත්තලම ඉල්ලා සිටින කෑදර, තක්‌කඩි ගරිල්ලා මාකට්‌ එකකි. තම තමන්ගේ සහ තම නොදරුවන්ගේ ආරක්‌ෂාව තර කර ගැනීම තම තමන් විසින් සිහි නුවණින් යුතුව කර ගත යුතුව ඇත. සොබාදහම නූතන විද්‍යා තාක්‌ෂණික පොත් පත් සහ ආර්ථික විද්‍යා පොත් පත් කියවා නැත. මාර්කට්‌ එකෙන් එල්ල කෙරෙන ගරිල්ලා ප්‍රහාර වලින් ආරක්‌ෂා වීමේ හොඳම බංකරය ඔබේ ගෙවත්ත තුළ, ආච්චි අම්මාගේ වංගෙඩිය, මිරිස්‌ ගල තුළ තිබෙන බව පමණක්‌ මෙහි අවසන සනිටුහන් කර තබමු.

ගැමුණු සාලිය පෙරේරා
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‌ෂකවරුන්ගේ සංගමයේ 
බදුලු දිස්‌ත්‍රික්‌ ශාඛාවේ මාධ්‍ය ප්‍රකාශක.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
මහින්ද නව පක්‍ෂයේ නායකයා – යෝජනාව ඒකමතිකව සම්මත කෙරේ.



අලූතින් පිහිටුවා ගැනුනු ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුනේ නායකත්වය මහින්ද රාජපක්‍ෂ මහතා විසින් බාරගත යුතු බවට වූ විශේෂ යෝජනාවක් අද (28) පැවති මිනුවන්ගොඩ එකාබද්ධ විපක්‍ෂ බල මණ්ඩලයේදි ඒකමතිකව සම්මත විය.

මෙම රැස්වීම පැවැත්වුනේ උඩුගම්පල රෙජී රණතුංග සමරු සම්මන්ත‍්‍රණ ශාලාවේදීයි.

මෙම එකාබද්ධ විපක්‍ෂ බල මණ්ඩලය පත් කර ගැනුනේ ප‍්‍රසන්න රණතුංග මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ සංවිධායක ධුරයෙන් ඉවත් කිරීමෙන් පසුවයි. එතෙක් රණතුංග මහතාගේ නායකත්වය යටතේ පැවති මිනුවන්ගොඩ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ බල මණ්ඩලය එකාබද්ධ විපක්‍ෂයේ මිනුවන්ගොඩ බල මණ්ඩලය ලෙස පවත්වාගෙන යාමට තීරණය කර තිබුනි. මිනුවන්ගොඩ ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති කුමාර අරංගල්ල මහතා එම බල මණ්ඩලයේ ලේකම්වරයායි. ප‍්‍රාදේශීය සභා නගර සභා මන්ත‍්‍රීවරු සහා මිනුවන්ගොඩ ග‍්‍රාමසේවා වසම් 121 ක ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ශාඛා, කාන්තා, තරුණ හා අනුබද්ධ සංවිධානවල නිලධාරීහු මෙම බලමණ්ඩලයේ සාමාජිකයෝ වෙති. අද පැවති බල මණ්ඩල රැුස්වීමටද ඔවුන් සියළු දෙනා සහභාගී විය. කුමාර අරංගල්ල මහතා සහා ප‍්‍රාදේශීය සභා නගර සභා මන්ත‍්‍රීවරුන් ඊට එක්ව සිටියේ ඊයේ (27) ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුනේ සාමාජිකත්වය ලබා ගැනීමෙන් පසුවය.

අදාල යෝජනවා ඉදිරිපත් කරමින් හිටපු සභාපති කුමාර අරංගල්ල මහතා සඳහන් කලේ තව දුරටත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ දේශපාලනය කිරීමෙන් තේරුවක් නොමැති බවයි. ඉදිරි මැතිවරණයේදි ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන බහුතර ප‍්‍රාදේශීය සභා නගර සභා මන්ත‍්‍රීවරුන් ඉදිරිපත් වන්නේ නව දේශපාලන පක්‍ෂයෙන් බැවින් ඊට නායකත්වය ලබාදෙන්නැයි මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව අරංගල්ල මහතා මෙහිදි සඳහන් කලේය. ඔහු පෙන්වා දුන්නේ මහින්ද රාජපක්‍ෂ මහතා ජනතාව සමග සිටින නායකයෙකු බැවින් ජනතාවගේ මෙම ඉල්ලීම ප‍්‍රතිශේප කරනු ඇතැයි තමන් විශ්වාස නොකරන බවයි.

– ප‍්‍රදීප් අනුර කුමාර

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
“මහින්ද සුලඟයි මහින්ද සුවඳයි” එයි ! මෛත්‍රි ඇතොත් අපිත් නෑ

      


“මෛත්‍රිත් එක්ක මහින්ද එක්වුවත් අපි වෙනමම පක්ෂයකින් පළාත් පාලන මැතිවරණයට එක්වෙනවා. ආයේ මෛත්‍රිපාල සිරිසේන සමඟින් කිසිදු ගනුදෙනුවක් නෑ.ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී ගාල්ල දිස්ත්‍රික්කයේ හිටපු සන්ධානයේ පාළාත් පාලන මන්ත්‍රිවරු 152 දෙදෙනාගෙන් 130 දෙනෙකු පමණ ස්තිර වශයෙන්ම ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයකින් තරඟ නොකරන බව” ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රි සන්සදයේ කැදවුම්කරු හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රි සේන කලහේවත්ත පවසයි.

ඔහු එසේ පැවසුවේ ඊයේ (27) ගාල්ල කඡ්චුවත්ත පුරාණ විහාරස්ථානයේ දි පැවැති ගාල්ල දිස්ත්‍රික් පළාත් පාලන මන්ත්‍රි වරුගේ ප්‍රධානත්වයෙන් පැවැති මාධ්‍ය හමුවක දීය.

එහිදි අදහස් දැක්වූ ප්‍රාදේශිය සභා මන්ත්‍රි සේන කලහේවත්ත,

අපේ මන්ත්‍රිවරුන්ට වරදාන හා වරප්‍රසාද ලබාදෙමින් මහින්ද රාජපක්ෂ ජනාධිපති වරයාගෙන් වෙන් කරගැනිමට අපෙන් ගිය මැති ඇමතිවරු කටයුතු කරනවා . එහෙත් අප ස්ථිර වශයෙන්ම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා නායකත්වය දරණ නිදහස් පක්ෂයෙන් තරඟ කරන්නේ නෑ .ශ්‍රි ලංකා නිදහස් පක්ෂය යනු කොළඹ ඩාර්ලිපාරේ පිහිටි පක්ෂ මුලස්ථානයේ බෝඞ් ලෑල්ල නෙමෙයි .

මෙහි දි අදහස් දක්වු නාගොඩ ප්‍රාදේශිය අජිත් එඬේරච්චි ,

අප පක්ෂය මං කොල්ලකාරයන් අතට පත්ව තිබෙනවා.ස්ථිර වශයෙන් ම කියනවා අපි තරඟ කරන්නේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් නෙමෙයි .මේ පක්ෂය දෙකට කඩපු මෛත්‍රිපාල සිරිසේන දෙවරක්ම අප පක්ෂය පරාජය කළා.පක්ෂය කඩාගෙන ගිය පාඩමක් ඉගන්නන්නට මේදා පළාත් පාලන මැතිවරණයේ දි මහින්ද රාජපක්ෂ මැතුමා සමඟ එක් වෙමු. මහින්ද සුලඟයි මහින්ද සුවඳයි මිස කිසිවක් අපට උවමනා නෑ .



මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

"සතුරා භීතියෙන් සසළකල විශේෂ බලකායේ දිගු දුර විහිදුම් "
මරණයට අභියෝග කර ජීවිතය ලැබුවෝ .(02 කොටස)




.....මේ අතර කෝප්‍රල් ලියනගේ සිතේ පෙරදා හවස වූ සිදුවීම රැව් පිලි රැව් දෙන්නට විය..
" ඊයේ දැකපු මිනිහ කාටහරි කියාවිද ? එහෙම උනොත් අපි ඔක්කොම ඉවරයි .." නැහැ එහෙම වෙන එකක් නැහැ ''
ඔහු සිතත් සමග පොරබදන්නට විය. රාත්‍රී ආහාරයට ගත් SF 9 කැටයේ රස තවමත් ඔහුගේ උගුරේ රැඳී ඇත. පෙර දීන ඔවුන් අසල තිබු විශාල කළුමැදිරිය ගසක් සිතින් කුට්ටි විකිනීමට මිල නියමකළ හැටි මතක් වූ කෝප්‍රල් ලියනගේගේ මුවින් සිනහවක් පිටවිය.
" ඇයි මොකද ?" රත්නායක සෙමින් ඇසිය. "කළුමැදිරිය ගහ " "ඇයි ? " "එකේ ලොකු බෙන 100ක් විතර තියෙනවා මම දැක්කා උදේ "
ඔහු සිනහ වෙමින් අහක බලා ගත්තේය. සමුහ සතුරු නාශක වෙඩි පුපුරවා ගැනීම සැලසුම් කලේ මෑන් පැක් බැටරිය ආධාරයෙනි. කෝප්‍රල් බණ්ඩාර හා ලියනගේ පැක් හයක් මීටර් 400ක් පමණ දුරකින් සගවා පැමිණියෝය. උදෑසන 0550පමණ දිග බස් රථයක් පුලියන්කුලම දෙසට ගමන් කරන්නට විය. 0600පමණ තවත් වාහන දෙක තුනක් ගමන් කරන්නට විය. 0630ට පමණ ලුතිනන් රාජකරුණා සහ කෝප්‍රල් කීර්ති දෙදෙනා මෑන් පැක් බැටරියක් සමග වයර් වල අවසාන ස්ථානය දක්වා ගමන් කරන්නට වූ අතර අනෙක් 04දෙනා ඊට මීටර් 20ක් පමණ පසුපස ආරක්ෂිතව භුමිය නිරීක්ෂණය කරමින් සිටියහ.
උදැසන 0715 වන තුරු වාහන 20කට අදික ප්‍රමාණයක් මේ පාරෙන් ගමන් කළ අතර ඉන් පසු 0720පමණ වනවිට පාරේ වම් පසින් විශාල පිරිසකගේ කටහඬ ඇසෙන්නට විය. ඔවුන් මෙහි ඇම්බුෂ් එක යොදාගනිමට කරුණු දෙකක් හේතු විය. එකක් තමිල් චෙල්වම් මේ පාරේ පැමිණිය හැකිය යන්න හා ඕමන්තේ ප්‍රදේශයට කොටි සාමාජිකයන් මේ මාර්ගයෙන් ප්‍රවාහනය කිරීමයි. මේ අතර කටහඬවල් එන්න එන්නම වැඩි විය. ඉවෙන් මෙන් අනතුරක සේයාවක් ඔවුන්ට දැනුණි. T56 අවියේ පිසිල් ග්‍රිප් එක තදින් අල්ලාගත් කෝප්‍රල් ලියනගේ ඉදිරියෙන් පැමිණෙන ඕනෑම අයෙකුට වෙඩි තැබීමට සුදානම් විය. මාර්ගයේ පැමිණි පිරිස කැලේ කඩාගෙන ඔවුන් දෙසට එන හඬ පැහැදිලිවම ඇසුනී..එකවරම ඉදිරියට ආ කොටි සාමාජිකයෙක් කෝප්‍රල් රත්නායකගේ සයිලන්සර් යෙදු අවියෙන් නිහඬ කරවිය. මේ අතර පාරේ ඉදිරිපසින්ද ශබ්ධ ඇසෙන්නට විය.
"තම්බි ...වා ...වා .." "එංග පොරේ ඩා...ඉන්ග වාන්ග .."
හදිස්සියේ අප දුටු කොටි ත්‍රස්තයන් විශ්මයෙන් අප දෙස බලා සිටියහ. එක් ත්‍රස්තයෙක් රත්නයක අසලටවී විශ්මයෙන් බලාගෙන සිටියේය. රත්නායක අවිය ගෙන ඔහුට වෙඩි තැබූ නමුත් එය ක්‍රියාත්මක නොවිය. දැන් දෙදෙනා මුහුණට මුහුණ බලාගෙන සිටි. කෝප්‍රල් ලියනගේ වහා පා පහරක් එල්ල කොට ත්‍රස්තයා බිම හෙළිය. කෝප්‍රල් බණ්ඩාර කිසිදු කලබලයකින් තොරව ත්‍රස්තයන් එකිනෙකා බිමදමන්න්ට විය. තිදෙනෙකු ඔහු ඉදිරියේම බිම වැටෙන්නට විය.. විනාඩි 05ක් පමන කාලයක් ඔවුන් අතර ගැටුම පැවතියේය. මේ අතර පුලියන්කුලම දෙසින් වාහන රාශියක් පැමිණ නතර විය. ඒ කැබ් රථ හා ට්‍රක් රථය. ඔවුන්ද MPMG පවා යොදාගෙන අප සොහොයුරන්ට ප්‍රහාර එල්ල කරන්නට වුහ. පසුව අප සොහොයුරන් සිසිකඩ දුවන්නට වූහ. පිටුපසින් පැමිණෙන කොටි දෙදෙනෙක් හට t 56 අවියෙන් වෙඩි තැබූ කෝප්‍රල් ලියනගේ පසුව ඒ දෙසට අත් බෝම්බයක් දමා ගැසිය. ඒ දුටු කොටි සාමාජිකයින් දෙදෙනා බිම දිගවූ අතර ලියනගේ ඊ ගසක වේගයෙන් කනගරායකුලම් වැව අසලට පැමිණියේය. තවමත් වෙඩි හඬ ඇසේ ...පැයක් පමණ පසු වූ පසු ඈත සිට පැමිණෙන මිනිසුන් තිදෙනෙකුගේ චායව ඔහු දුටුවේය...ඒ අන් කවරකුත් නොව ඔවුන්ය...කෝප්‍රල් රත්නායක, කෝප්‍රල් බණ්ඩාර හා සැරයන් රාජපක්ෂ ලියනගේ දෙස පුදුමයෙන් බලසිටියෝය. ..ලුතිනන් රාජකරුණා සහ කෝප්‍රල් කීර්ති එන තෙක් ඔවුන් සතර දෙන බලා සිටියෝය. සටන අතරේ කෝප්‍රල් කීර්ති බිම දිගාවී වෙඩි තබමින් සිටියේය දත්මිටි කමින් ඉදිරියට වෙඩිතබමින් යන ලුතිනන් වරයා හට
" සර් ඉස්සරහට යන්න එපා .." යයි ඔහු කෑගෑවේය.එකවරම එල්ලවු MPMG ප්‍රහාරයකින් මුවාවී සිටි ගසේ පොතු කැබලි විසිවෙන්නට වූවේය. මේ අතර ලුතිනන් රාජකරුණා පෙනෙන්නට නොසිටියෙන් කෝප්‍රල් කීර්ති පසුබසින්නට විය. ඔහු අත GPS යන්ත්‍රයක් ඇති බව දුටු ඔහු සැනසුම් සුසුමක් හෙලුවේය.
තවමත් වෙඩි හඬ ඇසේ කෝප්‍රල් කීර්ති හෝ ලුතිනන් රාජකරුණා පැමිණ නැත. රාත්‍රී 9පමණ වනවිට කටු පඳුරු සහිත ස්ථානයක රැය පහන් කිරීමට තෝරාගත් ඔවුන් දැඩි පිපාසයකින් පෙලිණි. පසු දින උදේ එලිය වැටෙත්ම කතාබහකින් තොරව ගමන් ඇරඹු ඔවුන් තැන තැන වලවල් හෑරුවද වතුර බිඳක්වත් ඒවායේ නොවිය. අවසානයේ ඔවුන් ඇදී ගොස් තිබුනේ වෙනත් දිසාවකටය. රාත්‍රියේ ඔවුන් සිටි ස්ථානයෙන් මීටර් 15ක් පමණ එහා ස්ථානයක පිහිය ආධාරයෙන් වලක් හෑරු කෝප්‍රල් ලියනගේ එහි එකතුවූ දිය ස්වල්පය දෙස බැලුවේ රටක් රජයක් දිනුවෙකු ලෙසය. කුඩා ග්ලුකෝස් පැකට්ටුවකට මඩ වතුර ගෙන ඔවුන් සතර දෙන යන්තම් තොල තෙමා ගත්තෝය.
මේ අතර මේ කිසිවක් නොදත් සැරයන් මුතුසිංහගේ කණ්ඩායම රැකසිට පහරදීමක් එලා දඩයමක් බලපොරත්තුවෙන් සිටියහ ..ඒ අතර ඔවුන්ට විශ්මයජනක ප්‍රහාරයක් එල්ලවිය. ප්‍රහාරයෙන් පසුව ලුතිනන් රාජකරුණාගේ කණ්ඩායම විසිර යාමේදී එක අයෙක් සතුව තිබු සිතියමක් LTTE ය අතට පත්වී ඇත. එයින් සැරයන් මුතුසිංහගේ කණඩායාම ප්‍රහාරයට සැලසුම් කල ස්ථානයද සඳහන් වී තිබිණ..අනුමානය අනුව කොටි සාමාජිකයන් විසින් මෙම ස්ථානයට ප්‍රහාරයක් එල්ල කරන ලදී. "දැන් ඉතින් මෙතන ඉඳල වැඩක් නෑ ගලෝගෙන යමු ..නැත්නම් මැරුම් කන්න වෙන්නේ " සැරයන් තම කණඩායම සමග පැවසිය. ඉන් පසු ඔවුන් නැවත තම කඳවුර වෙත පැමිනියෝය. මේ අතර කෝප්‍රල් කීර්ති GPS යන්ත්‍රය ආධාරයෙන් දින හතරකට පසු සිහි විකල් වීමට ආසන්නව තිබියදී අප ආරක්ෂක වළල්ල වත පැමිණියේය. පසුව ඔහු කඳවුර වෙත ගෙනගියේය.
මේ අතර කඳවුරේ කෝප්‍රල් කීර්ති පැමිණීමත් සමග එකම යුද්ධයකි..නිලධාරී අණදෙන මේජර් කුමාර ගල්හේනගේ අතුරුදන් කණ්ඩායමේ අනෙක් සාමාජිකයන් සොයා කණ්ඩායම් 10ක් පමණ යෙදවිය. ඔවුන්ට ඉහලින් සිටි දිගුදුර විහිදුම් කණඩායම් පහලට පැමිණ ඔවින් සොයන්නට පටන්ගෙන තිබිණි. මේ කිසිත් නොදත් ඔවුන් වනයේ වල්මත්ව සිටියෝය.
නමුත් විශේෂ බලකායෙන් ලැබූ උසස් පුහුණුව තුලින් ලද පන්නර ,ඔවුන්ගේ පසු නොබසින අධිෂ්ඨානය මරණයේ අඳුරු සෙවනැළි වලට වඩා බලගතු විය.

තව කෙනෙකුට කියවන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network