Showing posts with label විශේෂාංග. Show all posts
අලූත් ව්‍යවස්ථාවෙන් පොලිසිය කැබලි 09කට කැඩේ.. පළාත් පොලීසි 09ක් එයි..



යෝජිත නව ව්‍යවස්‌ථාවට ඉදිරිපත් වී ඇති පළාත් සභාවලට පොලිස්‌ බලතල ලබාදීමේ යෝජනාව ක්‍රියාත්මක කළහොත් ශ්‍රී ලංකා පොලිස්‌ දෙපාර්තමේන්තුව කැබලි නවයකට කැඩී මුළු පොලිසියම අනතුරුදායක තත්ත්වයකට ලක්‌වන බව දේශප්‍රේමී සංවිධාන රජයට අනතුරු අඟවමින් ප්‍රකාශ කරයි.

මේ නිසා රහස්‌ පොලිසිය, ත්‍රස්‌ත මර්දන ඒකකය, ජාතික බුද්ධි බළකාය, මත්ද්‍රව්‍ය නාශක අංශය යන ආයතනවලට අවිනිශ්චිත තත්ත්වයක්‌ උදාවේ.

උතුරු පළාත් සභාවට පොලිස්‌ බලතල ලැබුණොත් රහස්‌ පොලිසියට හා ත්‍රස්‌ත මර්දන ඒකකයට මෙන්ම බුද්ධි සේවාවන්ටද පලාලි ගුවන්තොටුපළින් පිටතට ගොස්‌ පරීක්‍ෂණ කිරීම ද වැළකෙන බව එම සංවිධාන සඳහන් කර ඇත.

පොලිස්‌ බලතල දීමෙන් උතුරු මහ ඇමැතිගේ අවසර රහිතව උතුරට යැමට පොලිසියට හැකිවන්නේ නැතැයි ද එම සංවිධාන වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මෙයට පෙර බස්‌නාහිර මහ ඇමැතිනිව සිටි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පොලිස්‌ බලතල ඉල්ලූ විට එවකට ජනාධිපති වූ ඩී. බී. විඡේතුංග මහතා එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කර තිබේ.

මේ අතර පොලිස්‌ බලතල ලැබීමටත් පෙර උතුරේ නීති අංශ ආවා ගෲප් කල්ලියේ සැකකරුවන්ව කොළඹ අධිකරණය වෙත ගෙනයැම ගැන විරෝධය දක්‌වා ඇත.

– දිවයින

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
ජනමත විචාරණයට පෙර විපක්‍ෂයේ නායකයන් සිරගත කරන්න සියල්ල සූදානම්..



පිවිතුරු හෙළ උරුමය පක්ෂ මුලස්ථානෙනයේ පැවැති මාධ්‍ය හමුවේ දී නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

කළු සල්ලි සොයා ගන්න රු5,000/- නෝට්ටු තහනම් කරන්න

මේ ආණ්ඩුව සොරකම් කරන ලද රාජ්‍ය දේපල සෙවීමට නීතිඥ ජේ සී වැලිඅමුණගේ ප්‍රධානත්වයෙන් කාර්ය සාධක බලකායක් පිහිටෙව්වා.  ලෝකය පුරා සංචාරය කරමින් මහජන මුදල් කෝටි ගණනින් වැය කළත් පසුගිය මාස 22ට එක රුපියලක් සොයා ගෙන නෑ.  මම මේ පිලිබඳ පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්නයක් ඇහුව්වාම පරීක්ෂණ වලට බාධා වෙනවා කියමින් අගමැතිතුමා ප්‍රශ්නය මග හැරියා.  දැනට කාර්ය සාධක බලකාය වෙනුවෙන් කීයක් වියදම් කළා ද බලකාය විසින් රුපියල් කීයක සොරකම් කරන ලද රාජ්‍ය දේපල සොයා ගත්තා ද කියන ප්‍රශ්නයට පිලිතුරු දුන්නාම පරීක්ෂණ වලට බලපාන්නේ කොහොමද?

දූෂණ, නීති විරෝධි ව්‍යාපාර සහ බදු පැහැර හැරීම තමයි කළු සල්ලි උපයන ප්‍රධාන මාධ්‍යයන් තුන.  මේ කළු සල්ලි ප්‍රසිද්ධ කරන්න බැරි නිසා බොහෝ විට තිබෙන්නේ මුදල් නෝට්ටු විදියට.  නැතිනම් රත්රන්, මැණික් සහ දියමන්ති විධියට.  මේ කළු සල්ලි මුදල් පද්ධතියට ගෙන ඒමට ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි අපූරු උපායක් යෙදුවා.  මීට සති දෙකකට පෙර ඔහු ඉන්දියාවේ සංසරණයේ පවතින රු500/- සහ රු 1000/- නෝට්ටු තහනම් කළා.  දැන් පෙට්ටිගමේ සඟවා තිබෙන කෝටි ගණන් මුදල් නෝට්ටු බැංකුවට භාර දී අළුත් නෝට්ටු ගත යුතුයි.

ලංකාවේ කළු සල්ලි තිබෙන්නේ රාජපක්ෂවරු ගාව ද නැතිනම් මහ බැංකු හොරු ගාව ද කියා සොයා ගන්න ලංකාවේ රු5,000/- නෝට්ටුව තහනම් කළ යුතුයි අපි යෝජනා කරනවා.  එවිට කළු සල්ලි වගේම ඒවායේ අයිතිකාරයෝත් රටටම හඳුනා ගන්න පුළුවන්.  මේක ලංකාවට අළුත් අත්දැකීමක් නොවේ.  1973 දී එවකට මුදල් අමාත්‍ය ආචාර්ය එන් එම් පෙරේරා ඒ යුගයේ තිබුණු ඉහළම මුදල් නෝට්ටුව වූ රු100/- තහනම් කළා.  එයින් විශාල මුදල් ප්‍රමාණයක් සංසරණයට එකතු වුණා.  නමුත් බොහෝ විට කළු සල්ලි ඉතිරි කර තිබෙන්නේ මැණික්, රත්රන් සහ දියමන්ති විධියටයි.  ඒ නිසා අඩුම ගණනේ රුපියල් ලක්ෂ 10ට වැඩි රන්, මුතු, මැණික් සහ දියමන්ති මිළ දී ගැනීම් පිලිබඳ විකුණන අය විසින් ආදායම් බදු දෙපාර්තමේන්තුවට තොරතුරු යවන ක්‍රමයක් සැකසිය යුතුයි.  මේ කිසිවක් සොරකම් කළ රාජ්‍ය දේපල අත්පත් කර ගැනීමේ කාර්ය සාධක බලකාය කරන්නේ නෑ.  ඒ අය කිඹුලාට කසාද යෝජනා ගෙන එමින් අලි කුණ කෑමට ගඟෙන් එගොඩ වුණු නරියා වගේ සොරකම් කළ වත්කම් ගැන කියමින් ලෝකය පුරා සංචාරය කරනවා.

අයිසිස් ත්‍රස්තයින් පිලිබඳ තොරතුරු හෙලි කරනු

විජේදාස රාජපක්ෂ ඇමතිතුමා අයිසිස් ත්‍රස්තයින්ට සම්බන්ධ මුස්ලිම් ලාංකිකයින් පිලිබඳ තොරතුරු හෙලි කලාම මුස්ලිම් නායකයින්ට කේන්ති ගිහින් එතුමාට බනිනවා.  ඇත්තෙන්ම වෙන්න ඕනෑ ඒක නොවේ.  තම සමාජය පිලිබඳ හෙලි කළ තොරතුරට ස්තූතිවන්ත වෙලා තම සමාජය පිලිබඳ විමසිල්ලෙන් සිටීමයි.  මුස්ලිම් සමාජය තුලට රිංගා ගෙන පිලිකාවක් මෙන් වැඩෙන අන්තවාදය තුරන් කිරීමට නායකත්වය දීමයි.

මුස්ලිම් නායකයින් අන්තවාදය සහ ත්‍රස්තවාදය රකින්න පෙරට ආවොත් එයින් හානියක් වෙන්නේ මුස්ලිම් සමාජයටමයි.  දෙමළ නායකයින් හැත්තෑවේ දශකයේ දී ඔය වැරැද්දම කළා.  ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායකයින් තමයි හැත්තෑවේ දශකයේ දී කොටි පැටවුන්ට කිරි පෙව්වේ.  නමුත් කොටි පැටියා කොටියෙකු වුණාම මුලින්ම මරා කෑවේ ඒ අමිර්තලිංගම් ඇතුළු දෙමළ නායකයින්.  නායකයින් විසින් කොටි ත්‍රස්තවාදය පෝෂණය කිරීමේ වරදට මුළු දෙමළ සමාජයම දඬුවම් වින්ඳා.  අහිංසක දෙමළ සමාජය කුරිරු වුණා.  සංස්කෘතිය බිඳ වැටුණා.  ඓතිහාසික උරුමයන් විනාශ වුණා.  ලක්ෂ ගණනින් රට හැර ගියා.  දහස් ගණනින් ආබාධිත වුණා.  වැන්දඹුවන් වුණා.  මුස්ලිම් නායකයින් දෙමළ අත්දැකීමෙන් පාඩම් ඉගෙන ගෙන මේ අන්තවාදය දල්ලෙන් කඩා දැමිය යුතුයි.

මුස්ලිම් නායකයින්ට කේන්ති ගියාට අයිසිස් ත්‍රස්තයින් අතර ලාංකික මුසල්මානුවන් සිටින බවට මීට පෙර අවස්ථා ගණනක දී ආරක්ෂක අංශ වාර්තා කර තිබෙනවා.  ඒ වගේම මද්රාසා කියන ආගමික පාසල් වල අන්තවාදි වාහබ්වාදය උගන්වන බවට තොරතුරු තිබෙනවා.  විදේශිකයින් සංචාරක වීසා මත ඇවිත් මද්රාසා වල ඉගැන්වීමේ යෙදී සිටිය දී ලංකාවෙන් පිට මං කළ අවස්ථා තිබෙනවා.

වත්මන් ආණ්ඩුව මුස්ලිම් අන්තවාදය පිම්මේ වැඩෙන්න ඉඩ සලසා අඳ ගොළු බිහිරි රංගනයක යෙදෙන අවස්ථාවේ විජේදාස ඇමතිතුමාගේ ප්‍රකාශය අපි අගය කරනවා.  තව්හීද් ජමාත් සංවිධානයේ අබ්දුල් රසීක් බුදුන් වහන්සේට අපහාස කළා. ධර්මයට අපහාස කළා.  මහ සංඝරත්නයට අපහාස කළා.  නීතිය ක්‍රියාත්මක වුණේ නෑ.  ඔහුට නීතිය ක්‍රියාත්මක නොවීම පිලිබඳ ප්‍රශ්න කරපු බෞද්ධයෙකු වුණු ඩෑන් ප්‍රියසාද්ට එරෙහිව පුදුම කාර්යක්ෂමතාවයකින් නීතිය ක්‍රියාත්මක වුණා.  අවසානයේ දී භික්ෂුන් වහන්සේලාට තරුණ තරුණියන් සමග පාරට බහින්න සිදු වුණා.  එහි ප්‍රතිඵලයක් විධියටයි රසීක්ව අත්අඩංගුවට ගත්තේ.  “පෙවූ කිරි වැන්න විස ගොර සප්“ කියන පැරණි කවි පදය සිහිපත් කර මුස්ලිම් අන්තවාදය පෝෂණය කරන ආණ්ඩුවේ නායකයින්ට අපි අනතුරු අඟවනවා.

මුස්ලිම් සමාජයේ බහුතරය විශේෂයෙන් උගත් පිරිස සහජීවනයට සාමයට කැමති පිරිසක්.  නමුත් අන්තවාදින්ට මුස්ලිම් සමාජය පාලනය කරන්න ඉඩ දීලා සාමකාමි උගතුන් නිහඬ වුණොත් සමස්ත මුස්ලිම් සමාජයම අන්තවාදයට ගොදුරු වෙලා මේ රටම විනාශ වෙන එක කාටවත් නවත්වන්න බෑ.

විපක්ෂයේ නායකයින් සිරගතකර ආණ්ඩුව සැරසෙන්නේ කුමකට ද?

මීට පෙර මා අනාවැකි පල කළ අයුරින්ම නව ව්‍යවස්ථාව ජනවාරි මාසයේ දී පාර්ලිමේන්තුවටත් පෙබරවාරි මාසයේ දී ජනමත විචාරණයටත් ඉදිරිපත් කිරීමට නියමිත බව අගමැතිතුමා ප්‍රකාශ කළා.  ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය රැස් වුණු දවසේ විපක්ෂ නායක ආර් සම්බන්දන් මහතා දිනේෂ් ගුණවර්ධන මැතිතුමාටත් මටත් ඉතා වැදගත් දෙයක් කිව්වා.  “අපට දැවැන්ත බලය බෙදීමක් අවශ්‍ය වී තිබෙනවා.  නමුත් ඒක පිටුපස දොරෙන් ලබා ගන්න අපට කිසිම උවමනාවක් නෑ.  ආණ්ඩුවේ සමහරු ජනමත විචාරණයක් අවශ්‍ය නෑ කියනවා.  නමුත් අපේ ස්ථාවරය තමයි බලය බෙදන ව්‍යවස්ථාවට අනිවාර්රයෙන් ජනතාවගේ අනුමැතිය ලැබිය යුතුයි“ කියලා.  හැමදාමත් දෙමළ සංධානය විවේචනය කරන අපට ඔවුන්ගේ පුංචි හරි හොඳක් දැක්කාම අගය කරන්න ඕනෑ.  නැතිනම් ඒක කුහක කමක්.  පෝස්ටර් අලවන්නේ නැතුව මනාප පොරයක් නැතුව උතුරු පලාත් සභා මැතිවරණ සටන කිරීමට දෙමළ සංධානය තීරණය කළාම අපි ඒක ප්‍රසිද්ධියේ අගය කළා.  ඒ වගේම මේ ප්‍රජාතන්ත්‍රවාදි ලක්ෂණය අපි අගය කරනවා.

නමුත් අපට තිබෙන තොරතුරු අනුව ආණ්ඩුව ජනමත විචාරණය කරන්න ලැහැස්ති වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදිව නොවේ.  ලාම්පු කළ – ගෙඩි සෙල්ලම නමින් හඳුන්වන 1982 ජනමත විචාරණය විධියටමයි.  එදා විපක්ෂයේ ක්‍රියාකාරි නායකයින් වන විජය ඔසී ඇතුළු පිරිසක් නැක්සලයිට් කුමන්ත්‍රණයක් සිදු කිරීමට උත්සාහ කළා කියන පදනම් විරහිත චෝදනාව යටතේ සිර ගත කරලායි ජනමත විචාරණය පැවැත්වූයේ.  විපක්ෂ නායකයින් හිරේ දාලා, විපක්ෂය බෙලහීන කරලා බලහත්කාරයෙන් ඡන්ද පෙට්ටි පුරවලා තමයි ඒ ජනමත විචාරණය ජේ ආර් ජනාධිපතිතුමා දින්නේ.

තාත්තා කළ දේ පුතා නොකළොත් ඌ නොට්ටිගේ පුතා කියලා කතාවක් තිබෙනවා.  ඒ වගේම “මාමා කළ දේ බෑනා නොකළොත් ඌ නොට්ටිගේ බෑනා“ කියලා කතාවක් මම නම් අහලා නෑ.  නමුත් අගමැති රනිල් යන්නේ ජනපති ජේ ආර්ගේ අඩි පාරේ බව නම් පැහැදිලියි.  සිංහල – මුස්ලිම් ගැටුමක් නිර්මාණය කරලා එහි වරද ඒකාබද්ධ විපක්ෂය මත පටවලා නායකයින් සිර ගත කිරීමේ සැලැස්මක් තිබෙන බවට අපට තොරතුරු තිබෙනවා.  අපව සිර ගත කළත් අපේ සටන සිර කරන්න බෑ කියන පණිවිඩය අපි ආණ්ඩුවට ලබා දෙනවා.

ජනපති මහින්දට කඩුවෙන් කෙටූ වඳුරා කවුද?

මා මගේ කතාවේදී ජනපතිතුමන්ට පුංචි අනතුරු ඇගවීමක් කලාම ජනපතිතුමනි ඔබතුමන් ලග ඉන්න මෝඩ නිලධාරීන් හැසිරෙන්නේ හරියට රජතුමන්ගේ ඇගේ මැස්සෙක් වසා ඉදිද්දි එම මැස්සා මරන්න කඩුවෙන් කොටල රජතුමන් මරා දැමු මෝඩ වදුරා විදිහටයි කියල. පාර්ලිමේන්තුවේදී මම කතා කලාට පස්සේ කතා කල මගේ හිතවත් විජිතමුනිද සොයිසා ඇමතිතුමන් කියනවා මහින්ද රාජපක්ෂ ජනපතිතුමන් වටේත් මෝඩ වදුරන් හිටියා එහෙම හිටිය වදුරෙක් බේරුවල කලබල සිද්ධින් ඇති කලාය කියල.

අපි දන්නව එතුමන් ඒ මෝඩ වදුරා කියා අපහාස කල කෙනත් දැන් ඉන්නේ ආණ්ඩුවේ ඇමති මණ්ඩලයේමයි.  බේරුවල සිද්ධියට වෙන අපි දන්න කෙනෙක් නම් සම්බන්ද වුනේ නෑ.

අපි සොයිස ඇමතිතුමන්ට කියනවා මහින්ද  රාජපක්ෂ ජනපතිතුමන් ගාව මෝඩ වදුරන් හිටිය තමයි. මහින්ද ජනපතිතුමන්ගේ ඇගේ මැස්සෙක් වැහුවම මේ මෝඩ වදුරා කඩුවෙන් කෙටුව. කඩුවන්  කෙටුවම රජතුමන්ට තුවාල වෙලා ලේ ගලනව . එසේ ලේ ගලනව සිහිසන් වෙනව දැක්ක විතරයි අප්පච් මලෝ කියාගෙන ඒ වදුර සතුරු පිලට එක් වුනා.

ඒ ගමන අපිට සිද්ධවුනා ලේ ගලමින් සිටිය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ව සුවපත් කරගෙන යලි ජනතාව ඉදිරියට ගේන්න. එදා මහින්ද ජනපතිතුමන්ට කඩුවෙන් කෙටු වදුරෝ දැන් එතුමන් ලග නැතය දැන් එතුමන් ලග ඉන්නේ සිහි නුවනින් කටයුතු කරන පිරිසක්ය කියල අපි විජිතමුනිද සොයිසා ඇමතිතුමන්ට කියන්න කැමතියි.

– අරවින්ද අතුකෝරල

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
 පොරොන්දු බිඳිමින් සිටින යහපාලන රජය මාධ්‍ය නිදහසටත් වැට බදින්න යයි



මාධ්‍ය නිදහස, නිදහස් අදහස් දැරීමට හා ක්‍රියාත්මක වීමට තිබු නිදහස මේ වන විට ක්‍රමික අර්බුදයකට ලක්වෙමින් තිබෙන බව කැෆේ සංවිධානය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් මේ බව ප්‍රකාශ කර තිබේ.

එය පහත පරිදි වෙයි,

ජනමාධ්‍ය සම්බන්ධයෙන් මෑතක දී ජනාධිපති, අගමැති හා අධිකරණ අමාත්‍යවරයා විසින් සිදු කරනු ලැබ ඇති ප්‍රකාශ හා චීවරධාරී ගලබොඩ අත්තේ ඥානසාර විසින් සිදු කළ ප්‍රකාශ සම්බන්ධයෙන් කැෆේ සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ දැඩි අවධානය යොමුව ඇත.

රනිල් වික්‍රමසිංහ මහතා ඩේලි ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත් හඳුන්වා දී තිබුණේ ‘ටොයිලට් පේපර්ස්‘ ලෙසිනි.  දෙරණ රූපවාහිනී නාලිකාවට එරෙහිව ජනාමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් කරුණු දැක්වීම සදහා කාලයක් ලබාදී ඇත.  අධිකරණ අමාත්‍යවරයා පාර්ලිමේන්තු වරප්‍රසාද භාවිත කරමින් ලංකා ඊ නිවුස් වෙබ් අඩවියත්, එහි කර්තෘවරයාත් දැඩිව විවේචනය කරනු ලැබීය. 

චීවරධාරී ගලබොඩ අත්තේ ඥානසාර විසින් ජාතික රූපවාහිනියට එරෙහිව වෛර ප්‍රකාශයක් සිදු කරනු ලැබ ඇත.  කල්ලි කිහිපයක් විසින් සමාජ ජාලා භාවිත කරමින් ආගමික වියරුව පතුරුවන අසත්‍ය තොරතුරු, වෛර භාෂාව යොදාගනිමින් ප්‍රචාරය කරමින් සිටී.  පිළියන්දල පිහිටි මුස්ලිම් ජාතිකයෙකුට අයත් ඇගළුම් ගබඩාවත් තුල ගින්නක් හටගෙන ඇති අතර ජාතිවාදී බලවේග එම සිදුවීම පිටුපස ඇති බවට දැඩි සැකයක් මතුව තිබේ.

යහපාලන රජය විසින් දුෂණ විරෝධී බලවේගය මේ වන විට ලැජ්ජා සහගත පාවාදීමකට ලක් කොට ඇත. හොරු ඇල්ලීම වෙනුවට වත්මන් රජය පසුගිය රජය තරමටම බැදුම්කර වංචාව, ගල් අගුරු වංචාව මගින් දුෂිතව සිටී.

කැෆේ සංවිධානයත් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයත් මතුවෙමින් පවත්නා තත්වය පිළිබද දැඩි අවධානය යොමු කරයි.  නැවත වරක් රටේ මාධ්‍ය මර්ධනයක් සදහා මාවත විවර නොකරන ලෙස යහපාලන රජයෙන් ඉල්ලා සිටින අප ජාතිවාදී බලවේග විසින් සිදු කරමින් සිටින ජනතාව උසිගැන්වීමේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් රජය විසින්  දැඩි ක්‍රියාමාර්ග ගනු ඇතැයි බලාපොරොත්තු වන්නෙමු.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
මහින්දගේ ආණ්ඩුව පෙරලන්න ඇමරිකාව ඩොලර් මිලියන 585ක් දුන් බව ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව වාර්තාවෙන් එලියට පනී.



පසුගිය වසරේ පමණක් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ හරහා රාජ්‍ය ලේකම් ජෝන් කෙරි ගේ අනුදැනුම ඇතිව ශ්‍රී ලංකාව නයිජීරියාව බුරුමය ඇතුළු විදේශ රටවල් කිහිපයකට ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රවර්ධනයට කිරීමට යන මාතෘකාව යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 585ක් එනම් රුපියල් බිලියන 8 කට වඩා වැඩි ප්‍රමාණයක් ලබාදුන් බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු වාර්ෂික මුල්‍ය වාර්තාවේ සදහන් කොට ඇත.

එහෙත් එම වාර්තාවේ මෙසා අති විශාල මුදලක් ලබාදුන් පුද්ගලයින් හෝ සංවිධාන ගැන කිසිම සඳහනක් කොට නොමැති බව එම වාර්තාවේ සඳහන් වන බව රුසියානු රූපවාහිනි සේවය වාර්තා කරයි. නමුත් සමස්ථයක් හැටියට එම මුදල් ලාබදුන් පාර්ශවය හැටියට සඳහන් කොට ඇත්තේ ඇමරිකාවට විශ්වාස හා සම්බන්ධතා ඇතික් එම රටවල නායකයින් සිවිල් සංවිධාන ව්‍යාපාරිකයෝ අලුත් වෙනස්කම් ඇතිකරන්නෝ සහ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රවර්ධනය කරන්නෝ ලෙසයි.

එමෙන්ම මෙ මුදල් ලබාදීම හරහා එම රටවල් වල ප්‍රජාතන්ත්‍රවාදී පරිසරයක් බිහිකිරීමන් ඇමරිකාවට මෙන්ම මිතුරු රටවලට ඇතිකරන තර්ජන අඩුකිරිමක් සඳහා මෙම මුදල් යොදවා ඇති බවද ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරි එම වාර්තාව සඳහන් කොට ඇති බැව් රුසියානු රූපවාහිනි සේවය සඳහන් කරයි.

වැඩිදුරටත් රාජ්‍ය ලේකම්ගේ මූල්‍ය වාර්තාවේ සඳහන් වන්නේ ‘මෙම මුදල් ලබාදීම හරහා එම රටවල ක්‍රියාකාරින් විසින් ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රතිසංස්කරණ, සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් හා සෑම දෙනාගෙම අභිලාෂයන් ආරක්ෂිත කිරීම සඳහා මෙම මුදල් යොදවා ඇත’ යනුවෙනි.

රුසියානු පාර්ලිමේන්තු මැතිවරණයට පෙර මේ ආකාරයෙන්ම ඇමරිකාව රුසියාවේ ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධානයන්ට මුදල් ලබාදීමට කටයුතු කල අතර රුසියානු ආණ්ඩුව පසුගිය ජූනි මස සිට එසේ මුදල් ලබාගත් රාජ්‍ය නොවන සංවිධාන රාශියක් රුසියාව තුල ක්‍රියාත්මක වීම වහාම තහනම් කරන ලද බව එහි වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
මං ක‍්‍රිකට් ගහන්නේ සල්ලි වෙනුවෙන්.. රට වෙනුවෙන් කියන්නේ බොරු.. – ලසිත් මාලිංග



ඔහු හිතුවක්කාර යෙක්. ඒ වගේම ජේත්තුකාරයෙක්. කාට වුව කියන දෙය කෙළින් කීම ඔහුගේ හැටියක්. ඒ නිසාම ඔහු මාධ්‍ය තුළ ගොදුරක්.මාධ්‍යය කොතරම් කීකරු කරන්න වෙර දැරුවත් ඔහු ඔහුමය. ඔහු ලසිත් මාලිංග. යෝකරයක් වගේම කෙළින් බඩුවක්.

රත්ගම කිව්වාම සමහරුන්ගේ මුහුණු හැකිළෙනවා. රත්ගම ඉපදුණු ඔබට රත්ගම දැනෙන්නේ කොහොමද?
රත්ගම ඉපදුණු හැම කෙනාටම වගේම මටත් තියෙන්නේ ආඩම්බරයක්. කොහේ ඉපදුණත් ඒ හැඟීම ඇති. හැබැයි රත්ගම ඉපදීම ගැන ආඩම්බර වෙන්නේ කෙළින් කතා කරන්න, ඇත්ත කතා කරන්න පුංචි කාලේදීම සමාජය තේරුම් ගන්න මට මගේ ගම පාසලක් වුණා. රත්ගම කිව්වාම හැකිළෙන්නේ රත්ගමට උපන් චණ්ඩිකමක් තියෙන නිසා. අපේ ගමේ ඉන්නේ ඇත්තම කතා කරන, ඇත්ත වෙනුවෙන් මැරෙන්න හරි පුළුවන් මිනිස්සු. ඒ ගමේ ගති මටත් තියෙනවා. කවුරු සතුටු වුණත් නැතත් කාට රිදුණත් නැතත් මම කියන දේ කෙළින් කියනවා. ඇත්ත කියන දේ හරි ලස්සනට කියන්න අමාරුයි. බොරු කියන දේ හොඳට කැටයම් දාලා කියන්න පුළුවන්. ඒ නිසා ඇත්ත කියන කොට ගොඩාක් අය බයයි. ඒ අයට රිදෙනවා කරන්න දෙයක් නෑ. ගමේ ගති. ඒ ගැන මම ආඩම්බරයි.ලසිත් මාලිංගට ක්‍රිකට් ගහන ඇල්ම ඇති වෙන්නේ කොහොමද?
බලා ඉඳලා. ලොකු අය සෙල්ලම් කරනවා බලා ඉඳලා ශිෂ්‍යත්ව කරන කාලේම පටන් ගත්තා. මේ ජාතික කණ්ඩායමට එන්න නෙමෙයි. සැහැල්ලුවට සැහැල්ලු පන්දු ගැහැව්වේ. ඒත් මගේ පන්දු යැවීමේ රටාව මේකම තමයි. ඉතින් පුංචි කාලේම පුංචි වීරයෙක් බෝල ගහනකොට.එතකොට ‘ලෙදර්’ ක්‍රිකට්වලට එන්නේ.
අහම්බෙන්. අවුරුදු දාහතත් පහුවෙලා මම ලෙදර් ගහන්න ගත්තේ. මම හොඳට ඉගෙන ගත්තා. සාමාන්‍ය පෙළ ‘ඩී’ අටම ගත්තා. උසස්පෙළට ගණිතය කළේ. විද්‍යාලෝක විද්‍යාලයේ ලෙදර් ක්‍රිකට් ගහන්න ගියත් මාව තෝරාගත්තේ නෑ. ලෙදර් නොගැහැව්වාට පුටුවක් විකට් එක කරගෙන ටෙනිස් ගැහැව්වා විවේක කාලයේදී. ඉතින් විකට් ගන්න මැෂිමක් මං ඒ කාලෙත්. ඔහෝම ඉන්නකොට දවසක් මගේ පන්තියට ආපු ක්‍රිකට්භාර ගුරුවරයා කිව්වා, අවුරුදු 17න් පහළ පාසල් තරගයට යන්න එක ළමයෙක් අඩුයි, ඇවිල්ලා නෑ, මං දැකලා තියෙනවා ඔයා ටෙනිස් බෝල කරනවා හොඳට, යමුද කියලා. මම ඒ වෙනකොට ලෙදර් බෝලය අල්ලලාවත් නෑ. ඉතින් මමත් ගියා. මම ඒ තරගයෙන් කඩුලු 14ක් ගත්තා. ඒ තරගයේ විනිසුරු වශයෙන් කටයුතු කළේ ගාල්ල මහින්ද විද්‍යාලයේ පුහුණුකරු කීර්ති වර්ණප්‍රිය මහත්තයා. ඔහු අපේ සර් කෙනකුට පණිවුඩයක් එවලා තිබුණා. මට හොඳ අනාගතයක් තියෙනවා. එයා කැමතියි මහින්ද විද්‍යාලයට ගන්න කියලා. එදා රෑම ඔය යෝජනාව අපේ ගෙදරටත් ආවා. අම්මලා කැමති වුණා මහින්දෙට දාන්න. මම ඉන්නේත් ජාතික පාසලක නිසා ගණිතය විෂයන් දෙකම තියෙන නිසා ජාතික පාසලකින් තව ජාතික පාසලකට යන්න තියෙන අපහසුව නිසා මම අකමැත්තෙන් ගණිතය අංශය අතඇරලා ඇග්‍රිකල්චර් තෝරා ගත්තා. මම මහින්දෙට ගියා. ඒ ක්‍රිකට් වෙනුවෙන් ඉතින් ක්‍රිකට් වෙනුවෙන්. මට අධ්‍යාපනය නතර කරන්න වුණා. අදත් ඒ ගැන දුකක් නැහැ. සතුටක් තියෙන්නේ. හැබැයි ඉගෙන ගත්තා නම් ඉගෙනීමෙනුත් ඉහළට යන්න පුළුවන් ඔලුවක් මට තිබුණා.ගාල්ලෙන් කොළඹට එන ගමන හැදෙන්නේ ඉන් අනතුරුව.
ඔව් මහින්දෙට ගිහින් මාස අටක් යනකොට කොළඹට ආවා. මම වේගයෙන් වර්ධනය වුණා. ක්‍රීඩකයෙක් ලෙදර් බෝලය අල්ලලාවත් නැති තරගයකට ගිය මම බලා ඉද්දී දක්‍ෂයෙක් වුණා. කොළඹට ආවාට දහනවයෙන් පහළ ක්‍රීඩා කරන්න පුළුවන් වුණේ නෑ. ක්ලබ් තරග ගැහැව්වා. මම ගහපු හැම තරගයකම කඩුලු ගත්තා. ඔය අතරේ ක්ලබ් ගහනකොට චම්පක රාමනායක හමුවුණා. ඔහු ඔහුගේ තැන මට දුන්නා. මම හොඳට විකට් ගන්නකොට ඔහු ක්ලබ් පිලේ ඔහුට හිමි තැන මට දීලා අයින් වුණා. ඔහු නොවෙන්න අද ලසිත් මාලිංග කෙනෙක් නෑ. පසුව මගේ පුහුණුකරු වුණේත් ඔහුමයි.ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන එක ලේසිද මාලිංග?
ලේසියි. හැබැයි ජාතික කණ්ඩායමට එන්න අමාරුයි.ජාතික කණ්ඩායමට එන්න ඕනෑ දක්‍ෂතාව විතරමද?
හොඳ ප්‍රශ්නයක්. ජාතික කණ්ඩායමේ ඉන්න නිසා උත්තර නොදී ඉන්නම්. වෙන දෙයක් කියන්නම් ජාතික කණ්ඩායමට ආවාට රැඳෙන්න නම් දක්‍ෂයෙක් වෙන්නම ඕනෑ.ඔබ දක්‍ෂතාවෙන්ම ආ ගමනක්ද මේ?
ඔව්. ක්ලබ් තරග ගහනකොට මම හොඳට කඩුලු ගත්තා. ඒ නිසා මට ජාතික කණ්ඩායමට එන්න පුළුවන් වුණා. ඒ හැම තරගයකින්මත් මම හොඳට කඩුලු ගත්තා. මට කළ හැකි උපරිමය මම රට වෙනුවෙන් කළා. මට තරගයක් තනිව හරි දිනවන්න පුළුවන් ක්‍රීඩකයෙක් කියන විශ්වාසය මට තියෙනවා. මම ඒක ඔප්පු කරලා තියෙනවා.හැබැයි ඔබ කණ්ඩායම ඇතුළේ හුදෙකලා සලකුණක් නේද?
එහෙම පේනවාද? (හිනා) මට මගේ උපරිමය කරනවා. තනිව හරි තරගය ජයගන්න ඕනෑ කියන තැන මම ඉන්නවා. ලණුව පැනලා පිටියට ගියාම අපිට වෙනස් මත නෑ. තරගය දිනන මතය හැර. ඒ තැන මාත් ඉන්නවා.මාලිංග දිගට හරහට විවේචනය කළා ඒ ඇයි?
ඒ අය (මාධ්‍ය) බලාපොරොත්තුවන කෙනෙක් බවට මට පත් වෙන්න බැරි වුණ හින්දයි එහෙම වුණේ. මාධ්‍ය බලාපොරොත්තු වෙනවා හැමෝම ඒ අය කියන විදියට, ඒ අය හිතන විදියට ඉන්න ඕනෑ කියලා. ඒ ඉරෙන් පනිනවා නම් පන්න පන්නා ගහනවා. මට වුණේත් ඒක. එහෙම ගහන ගමන් මට කිව්වා, මාව හැදුවේ මාධ්‍ය කියලා. මම කිව්වා, අපරාදෙනේ මාව විතරක් හැදුවේ, තව මම වගේ දහයක් හැදුවා නම් ගොඩ නේ කියලා. ඔන්න ඉතින් පරල වුණා. මම කියන දේ කියනවා. මාධ්‍යයට ක්‍රිකට් ක්‍රීඩකයෙක් හදන්න බෑ. හැදුණු ක්‍රිකට් ක්‍රීඩකයෙක්ව උඩ දාලා ඒ අයටත් බැබලෙන්න පුළුවන්. මම ක්‍රිකට් ක්‍රීඩකයෙක් වුණේ මගේ දක්‍ෂතාවට. මම විකට් ගත්තේ මගේ හැකියාවට. ඉතින් මාධ්‍ය තමයි මාව හැදුවේ කිව්වාම මම මොනවද නොකියා ඉන්න ඕනෑ.මාලිංගට වැරදුණේ කොතැනද?
සිංහයා ඉඹින්න බැරි වුණ එක. මම විකට් අරගෙන සිංහයා ඉඹ ඉඹ හිටියා නම් මම මේ රටේ වීරයෙක්. එහෙනම් හරි ෂෝක්. එහෙම බොරු කරන්න මම ඉගෙන ගත්තේ නෑ. මට ඕනෑ වුණේ ඊයේ විකට් දෙකක් ගත්තා නම් අද හතරක් ගන්න. ඉතින් මාධ්‍යයට ඇවිත් අමුතු මූණක් දාගෙන ඉන්න මට වුවමනාවක් නෑ. පිට්ටනියෙත් ඉන් පිටතත් මේ මූණම තමයි මට තියෙන්නේ.ඔබ විතරයි, ඔව්! මම සල්ලිවලට ක්‍රිකට් ගහන්නේ කිව්වේ.
ඔව්, ඒක අදත් කියනවා. රට වෙනුවෙන් කියලා බොරු කතා කියන්න මට බෑ. ජාතික කණ්ඩායම රට වෙනුවෙන් තමයි ක්‍රීඩා කරන්නේ. ඒත් අපි වෘත්තිකයෝ. මේක මගේ රස්සාව. උදේ ඉඳලා හවස් වෙනකම් පුහුණු වෙන්නේ රස්සාවට. මට ගෙවන්නේ ක්‍රීඩා කරනවාට. අපි හොයලා දීලායි වැටුපක් ලබන්නේ. අනෙක් හැම ක්‍රීඩකයාටම දෙන වැටුප තමයි මටත් දුන්නේ. හැබැයි කතා වුණේ මාලිංග සල්ලිවලට බෝල ගහනවා කියලා. එතකොට අනෙක් අය නිකංද ගහන්නේ. මට මේ අයට වඩා ශත පහක්වත් හම්බවුණේ නැහැ. ඒ වුණාට මම විතරයි සල්ලිවලට ගහලා තියෙන්නේ. මේක රස්සාවක්. ඉන්නකම් හොඳට රස්සාව කරනවා. එක අවංකව කරනවා. මේකෙන් අයින් වුණාම අපිට පැන්ෂන් නෑ. තව කට්ටියක් මේ රස්සාව කරයි. ඉතින් අපි ඊළඟට ජීවත් වෙන්න සෙල්ලම් කරන කාලේ හොඳට හම්බ කරගන්න ඕනෑ. එක එක ලකුණකට මෙච්චරයි කියලා කාමරවල ඉඳලා ගණන් හදන්න නරකයි. ඔය එක ලකුණ ගන්න අවුරුදු ගාණක් දාඩිය වගුරලා පුහුණු වෙලා තියෙනවා. පවුල් ජිවිත අතඇරලා කැප වෙලා තියෙනවා. මේක මම වගේ හැමෝම ඇත්ත කතා කළා නම් අද මේක වෘත්තියක් විදියට මීට වඩා සාර්ථකයි. මම අද කියන ඒවා ඉදිරියේදී ඇත්ත වෙයි.ඔබ මෝස්තරකාරයෙක්.
ඔව්! හැබැයි බාහිරින් විතරයි. මමත් පාසල් යනකම් තෙල් ගාලා කොණ්ඬේ පැත්තට පීරුවා. පාසලින් අයින් වුණාම තරුණයෙක් විදියට මට හිතුණා කාටවත් කරදයක් නොවන විදියට මෝස්තර කරන්න. මම කළා. එහෙම කොණ්ඩය පාට කරලා කරාබු දාලා බටහිර ඉන්දීය සංචාරයට ගියාම ඔවුන් මාව ඒ අයගේ කෙනෙක් වගේ බාර ගත්තා. හැබැයි මම හොඳට විකට් ගත්තා. ඒත් මෙහේ ගොඩාක් අය මගේ කොණ්ඬේ එල්ලුණා. මම කියන්නේ මම දක්‍ෂද නැද්ද බලන්න, මගේ කොණ්ඩය ගැන හොයන්න එපා. කොණ්ඬේ වවාගෙන පාට කරලා කරාබු දාලා ක්‍රිකට් ගහන්න බෑ කියලා කෙහේවත් නෑ. ඒ වගේම එහෙම කළා කියලා විකට් ගන්න පුළුවන් කමකුත් නෑ. මුලින් කිව්වා මගේ මම මෝස්තර කරනවා. ඒක කාටවත් හානියක් නෑ. ඒකෙන් රටේ සංස්කෘතිය විනාශ වෙනවා කියනවා නම් මම දන්නේ නෑ මේ රටේ සංස්කෘතිය කියන්නේ මොකක්ද කියලා. කොහොම වුණත් මම බාහිරින් මෝස්තර කළාට ඇඟ ඇතුළෙන් බොරුවට එළියට පෙන්නන මෝස්තරකාරයෙක් නෙමෙයි. මගේ මෝස්තරය කියන්නේත් මටම තමයි.මාලිංගට අනුව මහත්වරුන්ගේ ක්‍රීඩාව කියන්නේ මොකකටද?
මම දන්න, මට තේරෙන විදියට මහත්වරුන්ගේ ක්‍රීඩාව කියන්නේ පිටිය තුළ විනයක් ඇතිව ක්‍රීඩා කිරීමයි. මගේ ක්‍රිකට් දිවිය තුළ අදටත් මම අයි.සී.සී එකේ චෝදනාවකට ලක් වෙලා නෑ නීති විරෝධි කටයුත්තක් කළා කියලා. එහෙනම් මම ක්‍රිකට් මහත්තයෙක් නෙවෙයිද? ක්‍රීඩාව තුළ විනය රැක ගැනීමයි මහත්මා ගතිය. මම ඒක රැකලා තියෙනවා. රකිනවා. එහෙම නැතිව මහත්මයෙක් වගේ බොරු රඟපෑම් කරන්නේ නෑ. මේ හැම දේම දේවල් නොදැන ලියන මාධ්‍ය මහත්වරු හින්දා ඇති වේච්ච දේවල්.ඔබ මාධ්‍ය එක්ක තරහද?
තරහකුත් නෑ, යාළුකමකුත් නෑ. හැබැයි මම කියන්නේ පොත්ත අත ගාලා අරටුව ගැන කියන්න එපා කියලා විතරයි. මම වෙන්න ඇති ලෝක ක්‍රිකට් ඉතිහාසයේම මේ තරම් බැණුම් අහන්නේ. ඒත් මම ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදියට කරලා තියෙන දේත් ගොඩයි. විස්සයි විස්ස ලෝක ශූරතාව දිනන්න නායකත්වය දැරුවේ මම. එක්දින කඩුලු 397ක් ලබාගෙන තියෙනවා. ටෙස්වල කඩුලු සියයක් ලබාගත්ත හතර දෙනාගෙන් කෙනෙක් මම. විස්සයි විස්ස ලෝක වාර්තා හතරක් මගේ නමට තියෙනවා. ඒ මේ රට ජයග්‍රහණය කළ තරගවලදී ගත්ත ඒවා. මම අදටත් අයිපීඑල්වල එකම කණ්ඩායම නියෝජනය කරන එකම කෙනා. බිග් බෑෂ් ගියත්, බංග්ලාදේශ ගියත් මාව ගන්නවා. ඒ හැම තැනම එක විදියට මට සාධාරණය කරනවා. කාට සෙල්ලම් කළත් එතැනදී මම අවංකයි. සමහරු කියනවා ‘මම අයිපීඑල් හොඳට ගහනවා’ වගේ කතා. මේ කතා ඇහුවාම මට හිනා යනවා. රටට හොඳට සෙල්ලම් කළ නිසා තමයි මේ හැමෝම මාව ගන්නේ.මාලිංග දැන් සල්ලිකාරයෙක්ද?
ඔව් සල්ලිකාරයෙක්.ක්‍රිකට් නැති වුණාට පස්සේ?
ඒත් ඔලුව කෙළින් කරගෙන ඉන්න පුළුවන් පදනම මට තියෙනවා.ක්‍රීඩකයෝ සුරා සූදුවෙන් තොරද?
අනෙක් අය ගැන කතා නොකර මම ගැන කියන්නම්. විශ්වාස කරන එකක් නෑ. මම මේ වනතුරු ෂැම්පේන් එකක් වත් බීලා නෑ. බීම කියන එක මගේ හිතකවත් නෑ. බීමට විරුද්ධත් නෑ. බොන එක බොන අයගේ අයිතියක්.ක්‍රීඩකයෝ දේශපාලනයට එනවා. මාලිංගත් එයිද පසුකාලීනව?
කවදාවත් නෑ. මම දේශපාලනය වගේ උතුම් දෙයක් කරන්න සුදුසු නෑ. දේශය පාලනය කරන්න මම කවුද? කවදාවත් එන්නේ නෑ.ඔබ පන්දුවට වැඳලා බෝල දාන්නේ ඇයි?
පන්සල් නොගියාට මම හොඳ බෞද්ධයෙක්. පන්දුවට වඳින්නේ, ඒක තමයි මට මේ තත්ත්වයට එන්න උදව් කළේ. කන්නේ, බොන්නේ, මේ විදියට හොඳ ජිවිතයක් ගෙවන්නේ, ඒ පන්දුව හින්දා. මම මට වඩා ක්‍රිකට්වලට ආදරෙයි. ඒක මාව ජීවත් කරනවා. මොකද ජීවත් වෙන්න අවශ්‍ය හැම සම්පතක්ම මට ලැබුණේ මේ පන්දුවෙන්. ඉතින් ඒකට වැඳීම පවක්ද?ක්‍ෂේත්‍රයේ කතාවක් තියෙනවා, ඔබ මාපියන්වත් විදෙස් සංචාරවලට රැගෙන යනවා කියලා.
ඔව්! අපි වගේම ඒ අයත් රටක් තොටක් දකින්න ආසයි. මේ මට යමක් කළ හැකි කාලය. ඉතින් මම සෑහෙන රටවල්වලට ඒ අයත් රැගෙන යනවා. මගේ වියදමින් ඒ දේවල් කරන්නේ. ඒ අය සතුටු කිරීම මම කරන්නම ඕනෑ. ලසිත් මාලිංග කෙනෙක් ඇති කළේ ඒ අය.මොනවා හරි කියන්න කිව්වොත් ඔබ දෙන උපදෙස මොකක්ද කාට හරි.
අනෙක් අයගේ දියුණුව සතුට බලලා සතුටු වෙන්න කිව්වාට එක කරන්න අමාරු දෙයක්. මම කියන්නේ ඒක කරන්න බැරි වෙන්න පුළුවන්. අන් අයට ඉරිසියා නොකර අනුන්ගේ දේවල් හොයන්නේ නැතිව පාඩුවේ ඉන්න කියලායි. එකම ලොකු සේවයක්.

ටිරන් කුමාර බංගගමආරච්චි
– රාවය

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
රාජපක්‍ෂ ඉන්නේ නරින් සමගයි.. මා ඉන්නේ සිංහයින් සමගයි.. –


‘ඩී.ඒ. රාජපක්‍ෂ ගුණ සමරුවට ආව නරි ටිකක්‌ හූ කිව්වා. ඔය නරි නිසා තමයි, රාජපක්‍ෂලාට වැරදුනෙ. මම දැන් නරිත් එක්‌ක නැහැ. මම ඉන්නෙ සිංහයො එක්‌ක’ යෑයි හිටපු ඇමැති මර්වින් සිල්වා මහතා කියා සිටියේය.

ඩී. ඒ. රාජපක්‍ෂ ගුණ සමරු උත්සවය 17 දා කොළඹ නව රඟහල ශාලාවේ පැවැති අවස්‌ථාවේ ඊට සහභාගි වූ මර්වින් සිල්වා මහතාට රැස්‌ව සිටි පිරිස හූ කියමින් සිය විරෝධය පළ කළහ.

මර්වින් සිල්වා මහතා මෙසේ ද පැවැසීය.

‘මම ඔය උත්සවයට ගියේ මට ලැබුණු ආරාධනාවක්‌ අනුවයි. මෙය ඉතා වටිනා පුද්ගලයකු වෙනුවෙන් පිළියෙල කළ උත්සවයක්‌ නිසයි මා ඊට සහභාගි වුණේ.

ගීතාංජන ගුණවර්ධන මහතාත් එහි සිටියා. අපි දෙදෙනා අතර බහින්බස්‌වීමක්‌ද සිදු වුණා. චමල් රාජපක්‍ෂ මහත්මයයි මමයි හොඳට කතාබහ කළා. ඒත් මේ උත්සවයට පැමිණි නරි පිරිසක්‌ මට හූ කිව්වා. ඒක මා පිළිගන්නවා. ඔය හූ කිව්ව පිරිස තාමත් ඉන්නේ රාජපක්‍ෂලා සමඟයි. මම ඉන්නේ සිංහයෝ සමඟයි.

පිදිය යුත්තන් පුදන්නට ගිහින් ඒකාබද්ධ විපක්‍ෂය මෙහෙම කරනවා නම් ඔවුන්ගේ පස්‌සේ ගිහින් අමාරුවේ වැටෙන්න එපා කියා මා ශ්‍රී ලංකා නිදහස්‌ පාක්‌ෂිකයන්ගෙන් ඉල්ලීමක්‌ කරනවා’

– දිවයින

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
සමස්ථ ආර්ථිකය භයානක අඩියකට.. ආයෝජකයින් බියවෙති… ‘ජෝන් කීල්ස්’ කොටස් පවා නොවිකිණී වේලෙති..



‘ලංකාවේ ප්‍රධානතම සමාගමක් වන ජෝන් කීල්ස් විසින් ඔහුගේ සංවර්ධන කටයුතුවලට අවශ්‍ය රුපියල් බිලියන දහයක් ප්‍රාග්ධනය ලබාගැනිමට අවශ්‍ය කොටස් අලෙවි කිරීමට ඉදිරිපත් කලා. එත් ඉතිහාසයේ පලමුවරට එම සමාගමට අලෙවි කර ගැනිමට හැකි වුනේ රුපියල් බිලියන 3 ක වටිනාකම ඇති කොටස් පමණයි. ඒ කියන්නේ 30%යි. මහින්ද රාජපක්ෂ යුගයේදි නම් අලෙවි දිනයට පෙර අලෙවි වෙනවා පමණක් නෙවි ඉල්ලුම් 200% යි. මේක තමා අද රටේ ආර්ථික තත්ත්වය. ආයෝජන කෙරෙහි රටේ ජනතාවගේ මෙන්ම විදේශීකයින්ගේ විශ්වාසය බිදවැටිලා. ආයෝජකයින් බයවෙලා මොන පැත්තෙන් ඔහුන්ට බදු දමාවිද යන්න. අද වන විට රජයට නිසි සැල්ස්මක් නැහ. අයවැය හදනකොට හැමෝම අයිතිකාරයෝ එය ක්‍රියාත්මකවෙලා. ජනතාවට පිඩා වෙන කොට සියල්ලම මුදල් අමාත්‍යවරයාගේ කර පිටෙන්, සමහරු ඒ බව දැනගත්තා කියන්නෙ පත්තරෙන්. මහින්ද රාජපක්ෂ යුගය සෑම අතින්ම සාර්ථක යුගයක්’ යයි 2017 අයවැය සම්බන්ධයෙන් කරුණු දක්වමින් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ ව්‍යවසාකයින්ගේ හමුවකදි පැවසීය.

2005දි මහින්ද රාජපක්ෂ රටේ ජනාධිපති වශයෙන් රාජකාරි ආරම්භ කරමින් හිටපු පාලකයින්ට දොස් කියමින් හෝ සිදු වූ වැරදි ගැන සොයමින් කාලය විනාශ නොකළ අතර දිවුරුම් දී පලවෙනි සතියේදීම යුද්ධය සම්බන්ධයෙන් ඉතා වටිනා තීරණය කිහිපයක්ම ගන්නා ලදි.

පලමුව දක්ෂයින් ගෙන් සමන්විත අමාත්‍ය මණ්ඩලයක් පත්කරගත් අතර අති දක්ෂ නිලධාරින් පිරිසක් අමාත්‍යාංශ ලේකම්වරුන් සහ ආයතනවල ප්‍රධානින් ලෙස පත් කරගෙන රටේ දැවෙන ප්‍රශ්න විසදීම ආරම්භ කලා. මුදල් අමාත්‍යාංශය හා මහා බැංකුවට ඉතාම ඉහළින් පරිපාලන කිරීමට අවශ්‍ය නිලධාරින් පත්කොට ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් ලෙසත්, එවකට පැවති රජය විසින් විශ්‍රාම ගැන්වීමට ඔන්න මෙන්න කියා තිබු මෙන්ම කිසිදිනක රටේ යුද හමුදාපති වීමේ අවස්ථාව අහිමිව තිබු ලෙෆ්ටිනට් ජෙනරාල් සරත් ෆොන්සේකා 2005 දෙසැම්බර් 6 දින යුදහමුදාපති ලෙසත් පත් කලේය.

පැවති එක්සත් ජාතික පක්ෂ රජය මෙන්ම චන්ද්‍රිකා බණ්ඩාරනායක රජයන් විසින් ඒ වන විටත් තරගෙට මෙන් රටේ තිබු සම්පත් කුණු කොල්ලයට විකුණා දමා තිබුණ අතර රටේ සමස්ථ දේශීය හා විදේශීය ණය ප්‍රමාණය වාර්ෂික දල ජාතික නිෂ්පාදනයෙන් 106% දක්වා ඉහළ ගොස් තිබුණි. රටේ ඒක පුද්ගල ආදායම ඇ. ඩොලර් 1241 කි. රටේ බැලු බැලු අත බෝම්බ පිපිරෙමින් සෑම ජනකොටසකගේම ජීවිතවලට මරණ බිය ඇතුළු වූ යුගයක සෑම අංශයක්ම තුල බලාපොරොත්තු සුන් වී අද හෝ හෙට රට දෙකඩ වී ඊලම් රාජ්‍යයක් බිහිවන බවට ජනතාව මෙන්ම සමහර මිත්‍ර රටවල්ද අනාවැකි පලකලහ.

එහෙත් රටේ ජනතාව අවශ්‍ය අරමුණ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නිවැරදිව හඳුනාගෙන එක වැඩි ඡන්දයක් පාර්ලිමේන්තුවේ ඇතිව ආරම්භ කරපු වැඩපිළිවෙළ ඉතා සාර්ථකව නිම කිරිමට හැකි වු බව අද වෙන කොට රටේ ජනතාව හොදින් තේරුම් ගෙන තිබෙනවා. එවන් අති දුෂ්කර පරිච්ඡේදයක් නිමකොට රටේ සෑම තැනකම සාමය උදාකොට නැවතත් දකුණේ ජනතාවට හීනයක්ව පැවති උතුරට දුම්රියෙන් ගොස් නාගදිපය වැදපුදා ගැනුමේ අවස්ථාවත්, උතුරේ ජනතාවට මාතරට සීග්‍රගාමි දුම්රියෙන් ගොස් කතරගම වැද පුදා ගැනිමට අවස්ථාවත් මහින්ද ජනාධිපතිතුමා උදාකර දුන් බව බැසිල් රාජපක්ෂ පැවසිය.

අද වනවිට රටේ සමස්ථ ණය බර ඉහළ ගොස් පොලී අනුපාතය එදා තිබුණාට වඩා දෙගුණයකින් වැඩි වී ඇති අතර ගමේ කුඩා ආර්ථිකයේ සිට මහා පරිමාණ සමාගම් දක්වා මෙහි අහිතකර ප්‍රතිඵල භුක්ති විදීමට සිදු වී ඇති බැව් පැහැදිලිව පෙනෙන්නට ඇත. අද ගමේ බඩ ඉරුගු ගොවිතැන සම්පූර්ණයෙන්ම කඩා වැටිලා මෙවර වී ගොවිතැන පොහොර සහ කෘමිනාශක ගැටලු නිසා අවහිර වෙලා ගමේ සුළු වෙළෙදාම් කරන ව්‍යයාපාරිකයා සිට සුළු කර්මාන්ත කරුවාගේ පටන් නොයෙකුත් බදු, ඉදිකිරීම් කර්මාන්තය අඩාලයි. සංචාරක කර්මාන්තයට කිසිදා නොවු විරු අයුරින් බදු ගහලා. රටේ ජනතාවට දෙන සහනාධාර කප්පාදුවට ලක්කරලා. රටේ බිහිසුනු යුද්ධයක් තිබූන අවස්ථාවෙත් මෙහෙම වුනේ නැහ.

අපි රටේ සමස්ථ ණය බර දල ජාතික නිෂ්පාදනයෙන්106% තිබු ප්‍රමාණය 2014 වනවිට 71% දක්වා අඩු කලා. රටේ 21% කටත් වඩා වැඩි තිබු පොලි අනුපාතය 7% දක්වා අඩු කලා. වසර 10ක් තුලදි රටේ ඒක පුද්ගල ආදායම ඇ. ඩොලර් 2981 දක්වා වැඩි කලා පමණක් නෙවී රටේ බැලු බැලු අත සංවර්ධනය ව්‍යායපාර මෙන්ම පලමු අධිවේග මාර්ග පද්ධතිය හා නොකඩවා පැය 24 පුරා විදුලිය සපයන දකුණු ආසියාවේ එකම රට බවට ශ්‍රීලංකාව පත්කලා’ යැයි හිටපු අමාත්‍යවරයා පවසන ලදි.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
ජනමාධ්‍ය ලේකම්ගෙන් අද දෙරණට රතු එළියක්




ජනාධිපතිවරයාගේ කතාවක් විකෘති කර ප්‍රචාරය කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් දින හතක් ඇතුළත කරුණු ඉදිරිපත් කරන ලෙස දන්වා දෙරණ මාධ්‍ය ආයතනය වෙත ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් නිමල් බෝපගේ මහතා විසින් ලිඛිතව දැනුවත් කිරීමක් කරන ලදී.

එම ලිපිය මගින් දෙරණ රූපවාහිනි නාලිකාවට එරෙහිව ඉදිරි පියවරක් ගැනීමට පෙර මෙම කරුණු දැක්වීම සිදුකරන ලෙසටද ජනාමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා අනතුරු අඟවා තිබේ.

ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් දෙරණ මාධ්‍ය ජාලය වෙත මෙලෙස අනතුරු ඇඟවීමක් සිදුකර ඇත්තේ ජනාධිපතිවරයාගේ කතාව අද දෙරණ වාර්තා කිරීමෙන් එහි අන්තර්ගතයට හානියක් සිදුවී නොමැති බවට පුළුල් පැහැදිලි කිරීමක් ඔහු වෙත ලිඛිතව යවා ඇති පසුබිමකදීය.

සිදුවීම සම්පූර්ණයෙන් මෙසේය.

පසුගිය ඔක්තෝබර්  මස 12 වනදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති උත්සවයක දී ජනාධිපතිවරයා විසින් පවත්වන ලද කතාවේ හරය විකෘති වන ආකාරයට සංස්කරණය කොට එදින විකාශනය කළ බවට චෝදනා කරමින් පාර්ලිමේන්තු ප්‍රතිංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් නිමල් බෝපගේ මහතා දෙරණ මාධ්‍ය ආයතනයේ විධායක අධ්‍යක්ෂකවරයා වෙත පසුගිය ඔක්තෝබර් 25 වන දින ලිපියක් මගින් දන්වා ඇත්තේ එම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවයි.

කෙසේ වෙතත් ඊට ප්‍රතිචාර දක්වමින් ඔක්තෝබර් මස 26 වනදා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත දෙරණ මාධ්‍ය ජාලයේ විධායක අධ්‍යක්ෂවරයා විසින්  ලිපියක්  යවනු ලැබිණි.

එහි අන්තර්ගතයේ මෙසේ දැක්විණි.

"අප නාලිකාව ඔස්සේ විකාශය වන අද දෙරණ ප්‍රවෘත්ති ප්‍රකාශය දැනට ශ්‍රී ලංකාව තුළ පවතින ඉතාම අපක්ෂපාති නිදහස් ප්‍රවෘත්ති මාධ්‍යක් බව පසුගිය වසර 11  ක කාලය තුළ ක්‍රියාකළ ආකාරය දෙස සාධාරණ දෘෂ්ටිකෝණයකින් නිරීක්ෂණය කරන ඕනෑම අයෙකුට පැහැදිලි වන බව  අපගේ විශ්වාසයයි.

අපගේ ප්‍රවෘත්ති සංස්කරණ කටයුතු සඳහා අප ආයතනයේ කළමනාකාරීත්වය ආයතනික ප්‍රතිපත්තිමය හේතුන් මත මැදිහත් නොවන අතර එය ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරයාගේ අධික්ෂණය යටතේ ප්‍රවෘත්ති සංස්කාරකවරුන් විසින් සිදු කරනු ලැබේ.

ප්‍රවෘත්ති ප්‍රචාරය කිරීමේ දී සාමාන්‍යයෙන් විනාඩි 30ත් 45ත් පමණ වන කතාවකින් උපුටා ගනු ලබන්නේ විනාඩි එකහමාරක් හෝ විනාඩි දෙකක් අතර කෙටි කාලයක් පමණක් වන බැවින් සෑම ප්‍රවෘත්තියක් ම මේ හා සමාන සංස්කරණයකට යටත්ව ප්‍රචාරය කරනු ලබන අතර ඔබතුමාද දන්නා පරිදි මෙය ලොව පුරා පිළිගත් සම්ප්‍රදායද වේ .

ඔක්තෝබර් මස 12 වනදින ජනාධිපතිවරයා විසින් පවත්වනු ලබන කතාව සංස්කරණය කිරීමේදී එතුමාගේ කතාවේ හරය විකෘති වන අකාරයෙන් චේතාන්විතව වෙනස් කිරීමක් සිදු නොකළ බව හා ඒ තුළින් ජනාධිපතිතුමා කිසියම් අපහසුතාවකට පත්කිරීමට අප මාධ්‍යවේදීන් තැත් නොකළ බව අපගේ නිරීක්ෂණයයි."


ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය සිදුකළ දින ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ පස්වන ඡේදය සඳහන් අන්තර්ගතය සමග අද දෙරණ ප්‍රවෘත්තියේ හරයාත්මක වෙනසක් නොමැති බව අවධාරණය කරමින් දෙරණ මාධ්‍ය ජාලයේ විධායක අධ්‍යක්ෂවරයා යැවූ පිළිතුරු ලිපිය සමග ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය ද අමුණා යවන ලදී.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ අදාල මාධ්‍ය නිවේදනයේ පස්වන ඡේදයේ මෙලෙස සඳහන්ය.

" කිසිදු අවස්ථාවක ආරක්ෂක අංශ  දුර්වල කිරීමට හා රණවිරුවන් අපකීර්තියට පත්වන සිදුවිම් සඳහා තමා කටයුතු නොකළ බවද පැවසූ ජනාධිපතිතුමා පසුගිය දිනවල හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනෙකු උසාවි ගෙන යාමේ සිද්ධියට ද රටේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස තමාටද එකඟවිය නොහැකි බව කියා සිටියේය."

ජනාධිපතිවරයා ඔක්තෝබර් 12 වනදා කළ  කතාව වාර්තා කළ අප ඉන් නොනැවතී ඒ සම්බන්ධයෙන් පසුගිය ඔක්තෝබර් 19 වනදා කැබිනට් මාධ්‍ය හමුවේදී සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ජනාධිපතිවරයාගේ කතාව සම්බන්ධයෙන් කළ පැහැදිලි කිරීමද අද දෙරණ ප්‍රවෘත්ති මගින් එදින වාර්තා කරන ලදී.

එසේම ජනාධිපතිවරයා විසින් සිදු කළ  කතාව සම්බන්ධයෙන් නැවත  වරක් ඔක්තෝබර් මස 27 වනදා ජනාධිපතිවරයා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයකදී සිදුකළ පැහැදිලි කිරීමද අප වාර්තා කළේ අපගේ මාධ්‍ය භාවිතයේ විනිවිදභාවය යළි යළිත් තහවුරු කරමිනි.

මෙවන් පසුබිමක ඊයේ සවස 04.00 ට පමණ පාර්ලිමේන්තු ප්‍රතිංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්  නිමල් බෝපගේ මහතා පණිවුඩකරුවෙකු මාර්ගයෙන් දෙරණ මාධ්‍ය ජාලයේ විධායක අධ්‍යක්ෂකවරයා වෙත ලිපියක් එවා තිබූ අතර එම ලිපිය මඟින්  අදාළ සිදු වීම සම්බන්ධයෙන් පරීක්ණයක් පැවැත්වූ බව සඳහන් කර තිබේ.

ජනාධිපතිවරයාගේ කතාව විකෘති කිරීමට අදාළව ඉදිරි පියවරක් ගැනීමට පෙර ඔබගේ පාර්ශවයෙන් ඉදිරිපත් කිරීමට හේතු ඇත්නම් මෙම ලිපියේ දින සිට දින හතක් ඇතුළත කරුණු ඉදිරිපත් කරන ලෙස දන්වා ඇත.

අමාත්‍යංශ ලේකම්වරයා පසුගිය 11වනදා මෙම ලිපියට අත්සන් තබා ඇති මුත් දින 06කට පසුව එනම් ඊයේ දින සවස අප ආයතනයට මෙම ලිපිය ලැබුනු පසු දෙරණ මාධ්‍ය ජාලයේ විධායක අධ්‍යක්ෂකවරයා ෆැක්ස් පණිවුඩයක් මගින් සහ ලිඛිතව ද ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත දන්වා සිටියේ ලිපිය ලැබුණු මොහොතේ සිට දින හතක් ඇතුළත කරුණු දැක්වීමට සූදානම් බවයි.

මෙරට ජනමාධ්‍ය නිදහස තහවුරු කිරීම වෙනුවෙන් ප්‍රතිඥා දුන් වත්මන් රජයේ දර්ශනයට පිටුපා යමින් පාර්ලිමේන්තු ප්‍රතිංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ  ලේකම් නිමල් බෝපගේ වැනි අය සිදුකරන මෙවැනි  බලපෑම් තුළින් ජනමාධ්‍ය නිදහසට දරුණු ප්‍රහාරයක් එල්ල වන බව අද දෙරණ හැඟීමයි.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
ගලබොඩ ඇත්තේ ඥානසාර හිමි ගේ කලඑළි බැසීම සහ ආණ්ඩුවේ විලි වැසීම..



වසර දහස් ගණනක පෞඩ වික්‍රමාන්විත ඉතිහාසයකට හිමිකම් කියන අප හෙළ දෙරණ සිංහලයාට ඇති එකම රටයි. ලොව එකම පරම සත්‍ය වූ නිර්මල බුදු දහමින් පෝෂිත වූ බහුතර සිංහල බෞද්ධ ජනතාවක් වෙසන මෙරට තුළ ඔබ වහන්සේගේ සියලු කාරනා විමසිලිමත්ව බැලීමේදී එය හුදෙක් සිංහලයා කොටවා ඔබගේ සහ ආණ්ඩුවේ මල්ල තරකර ගැනීමේ කුට උපායක් බව පැහැදිලිය.
අපේ හාමුදුරුවෝ නින්දෙන් ඇහැරිලා වගේ නේද. කමක් නෑ ඔබ වහන්සේ අවදි වෙලානේ.Daan ප්‍රියසාද් සහෝදරයා අත්අඩංගුවට ගත්තට පස්සෙද ඔබ වහන්සේට නින්දෙන් අවදි වන්න සිද්ද උනේ? වෙන්න බෑ ඔබ වහන්සේ නිදි වගේ පෙන්නුවා රටට..අපේ හාමුදුරුවනේ...ඔබ වහන්සේ දුටුවේ නැද්ද? ETCA ගිවිසුම ගැන, අතිශය මර්දනකාරී මාද්‍ය බාවිතය, රටට සහ මහජාතිය කෙලෙවෙන්න ගහපු බදු පනත් ගැන? රනිල් සිරිසේන දෙපළ රටට ගෙන්න සුදානම් වන සිංහලයාට කෙලවීමේ අතිශය භයානක වියවස්තා වෙනස ගැන, ආණ්ඩුවේ ඇමතිවරුන් තීරුබදු රහිත මර්සිදිස් බෙන්ස් ගෙන්වීම (රතන ඇතුළු නඩයම), ශ්‍රී පාදයේ සිදු වන්නට ගිය විනාසය ගැන, උතුරේ සහ මඩකළපුව, පිප්පිමඩුව, කොස්ගොල්ල, පුළුකුණාව, කෙවිලියාමඩුව නැගෙනහිර ප්‍රදේශයන්හි සිංහලයන්ට සිදුවන අකටයුතු කම් ගැන? අගමැට්ටාගේ මහා දවාලේ කල මහා බැංකු  මංකොල්ලයට ඔබ වහන්සේ නිහඩ ඇයි?
Daan ප්‍රියසාද් සහ අබ්දුල් රාසික් අත්අඩංගුවට ගැනීම සහ ඔබවහන්සේ නින්දෙන් ඇහැරීම තනිකරම ආණ්ඩුව අපකීර්තියට පත්වී ඇති මේ අවස්ථාවේ එය මග හරවා ගැනීමට ආණ්ඩුව එළු තවත් එක් පාට පාට පැලැස්තරයක් පමණි. ආණ්ඩුව දිනෙන් දින අපකීර්තියට පත්වන විට රටේ අබ්යන්තර ගැටුමක් එනම් සිංහල, දෙමල (අවා), මුස්ලිම් (තව්හිද් ජමාත්) වැනි සංවිදාන හරහා කෝලහාලයක් ඇති කොට ආණ්ඩුවේ මර්දනය මගින් ආණ්ඩු විරෝදින් මර්දනයකට පාර කැපීම මෙහි මුලිකම සැලසුම වී ඇත.
ආණ්ඩුවේ අපකීර්තිය වසාගැනීමට ආණ්ඩුව විකල්ප ප්‍රවේශයන් සොයමින් අදුරේ අතපත ගාන ලදී. නමුත් ඥානසාර එම විකල්පයන්ට ඔක්සිජන් ලබා දෙන්නේය. එයටම හරි යන පොලිස් පති වරයෙක්ද ඥානසාර ලැබී ඇත. රට වෙනුවෙන් තීන්දු තීරණ ගැනීමේදී අපගේ සිංහල තරුණ බවුද්ද සහෝදර සහෝදරියන් මීට වඩා සැලකිලිමත්ව බුද්දීමත්ව කාලෝචිත අයුරින් ක්‍රියාකිරීම නුවනට හුරු ක්‍රියාවක් බව මාගේ හැගීමයි. මන්ද ඥානසාර හාමුදුරුවන් යනු ආණ්ඩුව විසින් මෙහෙයවන තවත් එක් බලල අතක් පමණි. මෙය පාටලී චම්පික, මංගල සමරවීර සහ දිලන්ත විතානගේ යන තුන් කට්ටුවේ නොර්වේ සල්ලි මත දුවන තවත් එක් රාජ්‍ය නොවන සන්විදානයක් පමණි.
සිවුරට අප්රෙමාණ බලයක් තියෙනවා අපේ හාමුදුරුවනේ. ගහක් ගලක් මුලට වෙලා බණක් භාවනාවක් කර ගෙන ඉන්නත් පුළුවන්. රට ජාතිය අවධානමකට වැටෙනකොට පෙරට එන්නත් පුළුවන්. තවත් සමහරු කියනවා බණක් භාවනාවක් කරන්නත් රටක් තියෙන්න ඕනේ කියලා. ඒත් අපේ රටේ මුල් වැසියන් දෙදෙනා නපුංසකයන් දෙපලක්. ඔවුන් දෙපලගේ හැගීම් දැනීම් නහර කපල තියෙන්නේ. ඒ වගේම මල් වත්තේ මහනායක දෙපළ. ඉන්නවද නැද්ද නෑ? මීයෝ දෙන්නෙක් වගේ. දෙමළ උන පලියට ඔක්කොම කොටි නෙවේ. මුස්ලිම් උන පලියට ඔක්කොම අයි.එස්.අයි.එස්. කාරයො නෙමේ. රටට ආදරේ කොටසකුත් ඉන්නව අපෙ හාමුදුරුවනේ. රටට ජාතියට ලැදි හිමිවරු බිහිවිය යුතුය. උදා: අම්පිටියේ සුමනරතන හිමි, එදා වාරියපොළ ශ්‍රී සුමංගල හිමි, ගුණානන්ද හිමි, වැත්තාවේහිමි මේ වීර එඩිතර හිමිවරුන් රටේ ප්‍රශ්නවලදී බොහෝම එඩිතරව මුහුණදුන්නා. එදා වාරියපොළ හාමුදුරුවොත් සිංහ නාද දෙන්න ඇත්තෙ කොහොමද කියල හිතමින් පවතිනවා. ඒත් වාරියපොළ ශ්‍රී සුමංගල හාමුදුරුවොගෙයි අපේ ඥානසාර හාමුදුරුවොගෙයි වෙනසක් දකිනව. ඒ වෙනසට අපි ගරු කරනවා අපේ හාමුදුරුවනේ. ඒ ඔබ වහන්සේ පෙනී සිටින ජාති විරෝදී කදවුරේ නිසා. මන්ද ඔබ වහන්සේගේ සටන හරි හැටි තවම අපේ තරුණ තරුණියන් හදුනාගෙන නොමැති බැවින්.
 රටට ආදරය ඇති ජාතිය වෙනුවෙන් අපිවත් පෙළගස්වමින් එදිරියට එළියට වඩින ස්වාමින් වහන්සේලාගේ කාලයයි මේ දැන් එළබි තිබෙන්නේ. මොකද සිංහලයට තවත් රටක් නැත මේ ලක්දිවයින හැර.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
ශ්‍රීලනිප පිරිසකුත් මේ පවට කර ගහලා -මහින්ද පාර්ලිමේන්තුවේ කළ කතාව සම්පූර්ණයෙන්



ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් සිය හෘද සාක්ෂියට අනුව කටයුතු කිරීමෙන් සිය පක්ෂයේ සැබෑ ස්ථාවරය තහවුරු කරනු ඇතැයි තමා විශ්වාස කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේ අද(16)පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමිනි.

ඔහු විසින් සිදුකළ සම්පූර්ණ කතාව පහත පරිදිය.

මෙවර අයවැය කතාව ඉදිරිපත් කරමින් මුදල් ඇමතිවරයා සඳහන් කළේ එය සම්ප්‍රදායික අයවැයක් නොවන බවයි.එය පසුගිය කාලවල අප ඉදිරිපත් කළ අයවැය සම්ප්‍රදායට වෙනස් බව පැහැදිලියි. මෙය ණය බර, බදු බර, දඩ බර ඇතුළත් රාජ්‍ය දේපල විකුණන, රට විජාතීයකරණය කරන අයවැයක්. එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්ති හා ජනතා සහන අහිමි කරන, ජනතාවට බර පටවන, ජාතික සම්පත් විකුණන, ජාතික ආර්ථිකය විදේශීයකරණය කිරීමේ සැබෑ එ.ජා.ප සම්ප්‍රදාය යළි හිස එසවූ  අයවැයක්.

මෙම රජය සිය ප්‍රචාරණ මාධ්‍ය මගින් පෙන්වා දෙන්න උත්සහ කරන්නේ රජයේ ණය බර පිළිබඳවයි. 2002 වසරේ "යළි පුබුදමු ශ්‍රී  ලංකා" වැඩසටහන මේ රටේ ජනතාවට සාධාරණීය කිරීමට උත්සහ ගත්තේත් මෙවැනිම ණය ගැන කතා කරමිනුයි. එවිට රජයේ ණය ජාතික අයවැයෙන් සියයට 105ක්ව තිබුණා.
ණය බර කියමින් බදු බර පැටවිමට සියයට 20ක වැට් බදු හඳුන්වා දුන්නේද ඒ අවුරුද්දේ එ.ජා.ප රජයයි. ඒවිදිහ‍ටම රාජ්‍ය සේවය ලක්ෂ 3ට කප්පාදු කිරීමට දකටයුතු කළා. 

රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප් අයිතිය ද අහෝසි කළා. රක්ෂණ, බැංකු, ඛනිජ තෙල්, CTB, සතොස වැනි රාජ්‍ය ව්‍යාපාර විකිණිම ආරම්භ කළේත් 2002 අවුරුද්දෙයි. විදේශිකයින්ට අපේ රටේ ඉඩම් විකිණීම ආරම්භ කළේත් ඒ අවුරුද්දෙමයි. ණය බර හා රාජ්‍ය ව්‍යපාර වල පාඩු පෙන්වමින් ඉතා ලාභදායි රක්ෂණ සංස්ථාව, රාජ්‍ය  ඉස්කාගාර සංස්ථාව, රාජ්‍ය වැවිලි සමාගම්, සීනි සංස්ථාව, රජය සතු වටිනා හෝටල් හා ඉඩම්, ගෑස්, දුරකථන,වානේ, සිමෙන්ති, ටයර්, පෙහෙකම්හල් ආදී රාජ්‍ය ව්‍යාපාර පුද්ගලීකරණය කිරීම එ.ජා.ප සම්ප්‍රදායයි. 

රජයේ ව්‍යාපාර 80කට වැඩියෙන් ඒ විදිහට 2004 දක්වා විකිණුවත් ණය බර අඩු වුනේ නැහැ. ඇතැම් ව්‍යාපාර වැසී ගියා.1977 ණය බර ජාතික ආදායමෙන් සියය‍ට 68.6ක් වුණා. රාජ්‍ය ව්‍යාපාර විකුණලත් 1994 එම රජය ඉවත්වන විට ණය බර ජාතික ආදා‍යමෙන්  සියයට 95ට වැඩිවී තිබුණා. චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුවෙන් ද පුද්ගලීකරණය ඉදිරියට ගෙන ගියත් 2002 වන විට ණය ප්‍රමාණය සියයට සියය ඉක්මවා තිබුණා. 2002-2004 රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ ණය බර සියයට102ක් වුණා. මෙසේ ණය බර සියයට සියය ඉක්මවා තිබුණේ ටෙලිකොම්, රක්ෂණ, ගෑස් වැනි ආදායම් උපදවන රාජ්‍ය සංස්ථාද විකිණිමෙන් පසුවයි. 

2005 -2014 අපේ පාලන කාලය තුළ පුද්ගලීකරණයට තිත තැබුවා. 2015 ජනවාරි මස මා ආණ්ඩුව භාර දෙන විට ණය බර සියයට 70.7ට අඩුකර තිබුණා. මේකයි මහ බැංකුව 2015වේ වාර්ෂික  වාර්තාවේ සඳහන් කරන සැබෑ තත්ත්වය. මේ අයවැයෙන් නැවත ණය බර ගැන කියන්නේ 2002-2004 කතාව අලුත් කරමින් එ.ජා.ප. න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමටයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්ෂණ කටයුතු ශක්තිමත් කර එහි ස්චාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවට සමස්ත මුල්‍ය ගෙවීම් ක්‍රමයම පුද්ගලික සමාගමකට පැවරීමට යෝජනා කර තිබෙනවා. මෙය බැංකු ක්ෂේත්‍රම අස්ථාවර කිරීමක් හා ශ්‍රී ලංකා මහ බැංකුවේ කටයුතු දුර්වල කිරීමක්. මහ බැංකු කටයුතුවල සිට වරාය, අනෙකුත් පාඩු ලබනවා යැයි කියන සංස්ථා පෞද්ගලීකරණය කිරීමටද ප්‍රවේශයක් ගෙන තිබෙනවා. මේ න්‍යාය මත අධිවේගි මාර්ගත්, දුම්රිය මාර්ගත් පමණක් නොව මොරගහකන්ද ජලාශයද ණය ගෙවීමට කියා පෞද්ගලීකරණය කරාවි. එම විනාශකාරී න්‍යාය පත්‍රයකට ශ්‍රී.ල.නි.ප.යේ කොටසක්ද කරගසා තිබීම ජාතියේ අවාසනාවක්. සැබෑ වෙනස එයයි. 

එංගලන්තයේ මෑත පැවති ජනමත විචාරණයෙනුත්, ඇමරිකාවේ පසුගිය දා පැවති ජනාධිපතිවරණයෙනුත් එම රටවල ජනතාව වෙළඳපල ආර්ථිකය, ගෝලීයකරණය  හා ජාත්‍යන්තර වෙළද ප්‍රතිපත්ති,එම රටවලට අහිතකර ලෙස බලපා ඇති සැටි පාලකයින්ට තේරුම්කර දුන්නා. "රිජීම් චේන්ජ්"(Regime Change) නිර්මාතෘවරු එම රටවල පාලකයින් ලෙස ප්‍රතික්ෂේප කළා. ජාතික අවශ්‍යතාවයන් ඉක්මවා එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කළා. ජාතික අනන්‍යතාවය, දේශීය ව්‍යාපාර, දේශීය ව්‍යවසායකයන් හා ජාතික ආර්ථිකය රැකගනිමින් ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ජාතික අවශ්‍යතාව එම ජනතාව පෙන්වා දුන්නා. 

අන්ධානුකරණයෙන් මේ රජය එම ප්‍රතිපත්ති තව තවත් වැළද ගනිමින් ජාතික ආර්ථිකය, ජාතික නිෂ්පාදනය, දේශීය ව්‍යාපාරිකයන් අවතක්සේරු කිරීම මේ අයවැයෙන් නැවත පණ ගැන්වූවා. විදේශ ආර්ථික කොලනියක් ඇතිකිරීමට මඟ පෑදුවා. ණය ආපසු ගෙවීමට සිදුවී ඇති නිසා අතිරේක බදු පැනවීමටත්, තවදුරටත් ණය ගැනීමටත් සිදු වී ඇති බව ප්‍රකාශ කරනවා. ණය ගනු ලබන්නේ ණය පියවීමට නම් රටේ ණය ප්‍රමාණය තවදුරටත් වැඩිවීමට ඉඩ නැහැ. එසේ වුණත් යතාර්ථය වී ඇත්තේ මේ රජය ණය ආපසු ගෙවීමටත් වඩා වැඩි ප්‍රමාණයක් ණය ගෙන ඇති බවයි.  2015 ජනවාරි මාසයේ සිට මේ දක්වා ඇ.ඩො.බිලියන 3.6ක් විදේශ වෙළඳපළෙන් පමණක් ණය ලබා ගෙන තිබෙනවා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලිනුත් ඇ.ඩො. බිලියන 1.5ක් ලබා ගෙන තිබෙනවා. මේ ණය වලින් ඉන්දියාවෙන් තාවකාලිකව මේ රජය විසින් ගනු ලැබූ ඩොලර් බිලියන 1.2 ප්‍රමාණය ගෙවනු ලැබුවා. වෙළඳපළෙන් අප වර්ෂයකට උපරිම ලෙස ගනු ලැබුයේ ඇ.ඩො.බිලියනයක් පමණි. අප ගත් සෑම ණය මුදලකටම ජාතික සංවර්ධනය‍ට අවශ්යය යටිතල පහසුකම් ව්‍යාපෘතියක් ඉදිකළා.   

2014 වර්ෂය අවසානයේ පැවති රු.බිලියන 7,391 වූ මුළු  ණය ප්‍රමාණය 2015 අවසාන වන විට රු.බිලියන8,503 දක්වා වැඩි කර තිබෙනවා. එම ප්‍රමාණය 2016 ජූනි වන විට රු.බිලියන9,062 දක්වා වැඩි වී තිබෙන බව අයවැයේද සඳහන් කර තිබෙනවා. එය වර්ෂය අවසානයේ රු.බිලියන 10,000 ඉක්මවන බව පෙනී යනවා. ණය ගනු ලබන්නේ ණය ගෙවීමට පමණක් නම් මේ අකාරයට පසුගිය අවුරුදු 2 තුළ පමණක් රු.බිලියන2,600ට වැඩි ප්‍රමාණයකින් ණය තොගය වැඩි වුනේ කෙසේද? 

එපමණක් නොව ජාතික ආදායමට අනුව 2015 අවසන් වන විට රජයේ ණය 2014 සියයට 70.7 සිට සියයට 76 දක්වා වැඩි වී තිබෙනවා. එය මේ වර්ෂය අවසාන වන විට සියයට 78 පමණ මට්ටමකට පැමිණීමට ඉඩ තිබෙනවා. එක් අවස්ථාවක සඳහන් කළේ ඇතැම් ණය පොත්වල සටහන් වී නොමැති බවයි.පොත්වල සටහන් වී නොමැති ණය දෙනු ලැබුවේ කව්ද? ගිවිසුම් නැති ණය ආපසු ගෙවන්නේ කුමකටද?  IMF වාර්තාවෙන් හෙළිවුනේ කුමක්ද? මේවාට පිළිතුරු සපයා නැහැ. 


ඊට පසු සඳහන් කළේ සංස්ථාවල ණය ගෙවීමට තිබෙන බවයි. මේවා එම සංස්ථාවල වාණිජමය කටයුතු වලට අදාළ ණය මුදල්. මහ බැංකු වාර්තාවල මේ සියල්ල සඳහන් වෙනවා. ඒවා එම ආයතන වල ආදායම් වලින් ගෙවන ණය. ඉතිහාසය පුරා රාජ්‍ය  ව්‍යාපාරවල ණය එම ආයතනවල ගිණුම්වල මිස අයවැයට ඇතුළත් වන්නේ නැහැ. 

අයවැයට ඇතුළත් වන්නේ රජය විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ණය දෙපාර්තමේන්තුව මගින් ගනු ලබන ණය පමණයි. ඒවා සියල්ල බැංකුවේ වාර්තා ගත වෙනවා. රාජ්‍ය ව්‍යාපාර ගනු ලබන ණය එම ව්‍යාපාරවල වාර්ෂික ගිණුම්වල සෑම වර්ෂයකම වාර්තා කරනවා. සියලු භාණ්ඩාගාර ඇපකර පාර්ලිමේන්තුවටද වාර්ෂිකව වාර්තා කරනවා.  එම නිසා ණය ගෙන ඇත්තේ ණය ගෙවීමට පමණක් යැයි කරනු ලබන මේ ප්‍රකාශය පාර්ලිමේන්තුව මෙන්ම මේ රටේ අහිංසක මහජනතාව මුළුමනින්ම නොමඟ යැවීමට ගොතනු ලබන අසත්‍යයක්. 

රජය වසර 2ක් තුළ ණය ලබා ගෙන ණය තොගය වැඩිකර තිබුණත් මේවනතෙක් ක්‍රියාත්මක කළ ව්‍යාපෘතියක් තවම අපට දැකගත නොහැකි වී තිබෙනවා. අයවැය මගින් රුවන්පුර අධිවේගි මාර්ගය බදුල්ලට දීර්ඝ කරන බව ප්‍රකාශ කළා. මෙය හොඳ යෝජනාවක්. එසේ වුනත් වසර 2ක් ගතවෙලත් බදුල්ලට තබා රත්නපුර අධිවේගි මාර්ගයේ කටයුතුවත් තවම ආරම්භවී නැහැ.ණය ලබා ගැනීමට බලාපොරොත්තු වන චීනයේ 
පොලී වැඩියි කියා එම රජයටත් දෝෂාරෝපණය කරනවා. 

උතුරු අධිවේගි මාර්ගය නමින් කොළඹ සිට මහනුවර කුරුණැගල, දඹුල්ල සම්බන්ධ කිරීමට අප සැලසුම් කර තිබූ අධිවේගි මාර්ගය වියදම් වැඩියි කියා වසර 2ක් අතපසුකළා.නම "මධ්‍යම අධිවේගී මාර්ගය" කියා වෙනස් කළා. අවසානයේ අපගේ ප්‍රතිපත්තියම පිළිගනිමින් දේශීය ඉදිකිරිම්කරුවන්ගෙන් එම මාර්ගයේ කොටසක් ඉදිකිරීමට තීරණය කර තිබෙනවා. ජපානයෙන්ද, චීනයෙන්ද ඉතිරි කොටස් වලට ණය ගන්නවා.කෙරවලපිටිය - කඩවත අධිවේගි මාර්ගය සැලසුම් කර තිබූ පරිදි ක්‍රියාත්මක කළේ නම් දැනට වඩා ඉතා අඩු වියදමකින්, මංතිරු 6කින් යුතුව, එම ප්‍රදේශයේ ගංවතුර හා පරිසර අවදානම් වළක්වා ගනිමින්,මේ වන විට නිම කිරීමටද තිබුණා. 

ඉදිකිරීම් අත්හිටවූ එම අධිවේගි මාර්ගය මංතිරු ප්‍රමාණය අඩු කර, ගංවතුර අවදානම් ගැන නොසලකා දැන් ඉදිකරනු ලබන්නේ මුලින් ඇස්තමේන්තු කළ වියදමටත් වඩා වැඩියෙනුයි. රත්තරන් වලින් ඉදිකරනවා යැයි චෝදනා කළ අධිවේගී මාර්ගය දැන් ප්ලැටිනම් වලින් ඉදිකරන බව සමහරු කියනවා. ඉදිකරන්නේද කලින් සමාගමමලු. ණය සපයන්නෙත් චීනයෙන්මයි. ආපසු ගෙවීමේ කාලය හා පොලියේ වෙනසක්වීත් නැහැ. 
කොළඹ වරාය නගරය ක්‍රියාත්මක කිරීම අත්හිටවූවේ නැතිනම් මේ වන විට අක්කර 400ක් පමණ ප්‍රමාණයක් රජයට අයිති  කර ගැනීමට ද තිබුණා. එයද යළි අරම්භ කළේ චීනය හා ශ්‍රී ලංකාව තුළ පැවති විශ්වාසනීයත්වයද පළුදු කර ගෙනයි. 

චීනයෙන් 2015 අවසන් වන විට ලබාගෙන තිබූ ණය ඇ.ඩො.බිලියන  3,800ක් පමණ වෙනවා. ඒවායෙන් විදුලි බලාගාර, වරාය, අධිවේගී මාර්ග, වාර්මාර්ග ආදී දිගුකාලීන යටිතල පහසුකම් ආයෝජන සිදු කර තිබෙනවා. මොරගහකන්ද වාරිමාර්ග ක්‍රමය ඉදිකරන්නෙත් චීන ණය යටතේයි. එයිනුත් ආර්ථික ඵලදාව ලබා ගන්න කල්යනවා. ණය ගෙවන බව කියා මේවා විකිණීම රජයක වගකීමද?මහින්දෝදය විද්‍යාගාර ඇතුළු පාසැල් සංවර්ධනය, සති පොල ඉදිකිරීම්, ග්‍රාමීය කෘෂිකාර්මික සංවර්ධන කටයුතුද නතර කළා. ඒවා දිගටම කරගෙන ගියේ නම් ඒවායේ ප්‍රතිලාභ ජනතාවට ලබාගන්න තිබුණා. පාසැල් සිසුන්ට ටැබ් දීම හොඳ යෝජනාවක්. නමුත් පසුගිය අයවැයෙන් විශ්ව විද්‍යාල සිසුන්ට දෙනවා යැයි කියූ ටැබ් තාමත් ලැබී නැති බව වාර්තා වෙනවා. ඒ විතරක් නෙමෙයි අන්තර්ජාල ගාස්තු සියය‍ට 25කින් වැඩි කර තිබෙන නිසා ටැබ් නොමිලයේ ලැබුණත් එම දරුවන්ට ඒවා පාවිච්චි කිරීම‍ට මුදල් සොයා ගැනීමට සිදු වෙනවා.

2015 සඳහා අපඉදිරිපත් කළ අයවැයෙන් පිරිවෙන් අධ්‍යාපනය ලබන භික්ෂූන් වහන්සේලා සඳහා දීමනා ලබාදීම ක්‍රියාත්මක නොකර 2017 වසරේ සිට හෝ නැවත ක්‍රියාත්මක කිරීම අගය කළ යුතුයි. එහෙත්  වෙන්කර ඇති ප්‍රතිපාදන එම අධ්‍යාපනය ලබන භික්ෂූන් වහන්සේලාගේ අඩකටවත් ප්‍රමාණවත් වන්නේ නැහැ. අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරන ලෙස ඉල්ලුම් කරනවා. සීනි කර්මාන්තය, කුකුල්මස් නිෂ්පාදනය, දේශීය කිරි නිෂ්පාදනය හා මත්ස්‍ය නිෂ්පාදනයට අපේ රජය ගෙන ගිය ප්‍රතිපත්ති මේ අයවැයෙන් පිළිගෙන තිබෙනවා. මේ ප්‍රතිපත්ති වැරදියි කියා කිරි ගවයන් 20,000ක් ගෙන්වීම නතර කළා. කිරිපිටි මිල පහත දමා දේශීය ගොවියා අධෛර්ය කළා. නිවැරදි ප්‍රතිපත්ති කවුරු කළත් නිවැරදියි. 

යහපාලනයෙන් මේවා ඉදිරියට ගෙන ගියේ නැහැ. එසේ ඉදිරියට ගෙන ගියා නම් සීනි, කිරි, මාළු, කුකුල් මස් දේශීය නිෂ්පාදන තව දුරටත් ඉහළ යවා ගත හැකිව තිබුණා. ස්වයංපෝෂිතවී තිබූ බඩඉරිඟු නිෂ්පාදනය කඩා වැටුණා. දේශීය ඉදිකිරීම් කර්මාන්තය කඩා වැටුණා. මෙම අයවැයෙන් දේශීය කිරි, උක් දඩු සඳහා සහතික මිලක් නියම කිරීම අගය කළ හැකියි. කිරි ගවයින් 20,000ක් 2017 හෝ ගෙන්වීම ඉතා වැදගත් පියවරක්. කුකුල් මස් නිෂ්පාදනය දිරි ගැන්වීම වගේම මිරිදිය මත්ස්‍ය කර්මාන්තය දියුණු කිරීමට ගෙන ඇති යෝජනා ද අගය කරනවා. දේශීයව නිෂ්පාදනය කළ හැකි අනවශ්‍ය  ආනයන අඩු කිරීම‍ට කළ යුත්තේ එයයි. 

පසුගිය රජයන් සියල්ලම පාහේ සැලසුම් කර තිබූ එහෙත් ඉටු කරගත නොහැකි වූ හම්බන්තොට වරාය, තෙල් ගබඩා සංකීර්ණය හා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අප රජය විසින් චීන ණය අධාර යටතේ ඉදිකරනු ලැබුවා. දකුණු අධිවේගී මාර්ගයට ජපානය හා ආසියානු සංවර්ධන බැංකුවේ ණය මුදලින් කරගත හැකි වුනේ කොළඹ සිට ගාල්ල දක්වා පමණයි. ගාල්ල සිට හම්බන්තොට දක්වා එම අධිවේගී මාර්ගය ඉදිකෙරුනේ චීන ණය ආධාර යටතේයි. හම්බන්තොට මෙන්ම බොහෝ ප්‍රදේශ වල ආයෝජන ආකර්ශනය වැඩි කළේ මේ ආකාරයටයි. ඒවා  දිගුකාලීන ජාතික ආයෝජනයන්. අවුරුදු 15-20 අතර කාලයක් මෙම ණය ගෙවීමට ඉඩ ලබා දි තිබෙනවා. චීනයෙන් මේ දක්වා ලබාගත් මුළු ණය ප්‍රමාණයවන ඇ.ඩො.බිලියන 3,800න් ඇ.ඩො.මිලියන 300 හැර ඉතිරි සියල්ල සඳහා පොලිය සියයට 2ක් පමණ වෙනවා. ඩො.මිලියන 300 සඳහා දෙනු ලැබූ පොලිය අඩු කිරිමට මා කළ ඉල්ලීමද චීන රජය එවකට සලකා බලමින් සිටියා. හම්බන්තොට ආයෝජන කලාපයක් වුනේ මෙවැනි ආයෝජන නිසයි.

එසේ තිබියදීත් වරාය සුදු අලියෙක් යැයි ප්‍රකාශ කරමින් වරාය හා තෙල් ගබඩා සංකීර්ණය දැන් ඇ.ඩො.මිලියන1,200කට චීනයේ සමාගමකට විකිණීමට රජය කටයුතු කරනවා.මුලින් ගුවන්තොටුපොල වී ගබඩාවක් කර එහි ජාත්‍යන්තර වටිනාකම විනාශ කළා. මේවා සුදු අලි නම් ආයෝජකයින් ඒවා ඉදිකිරීමේ වියදමටත් වඩා වැඩි මුදලක් ගෙවා මිලදි ගන්නේ ඇයි? ‍මේ ආයෝජන සඳහා මොලය කාගේදැයි සහ විකිණීමේ මොලය කාගේදැයි මේ අයවැයෙන් හොඳට පැහැදිලි වෙනවා. 

මේවා ජාතික සම්පත්. අපේ සෑම යටිතල පහසුකමක්ම ඉදිකර තිබෙන්නේ මේ වගේ ණය මුදල් චීනයෙන්, ජපානයෙන්, ඉන්දියාවෙන්,කොරියාවෙන්, ආසියානු සංවර්ධන බැංකුවෙන්, ලෝක බැංකුවෙන්,යුරෝපා රටවලින් සහ මැද පෙරදිගින් ණය අරගෙන. ඒ ජාතික සම්පත් විකිණීම අපරාධයක්. එය එක් රටක සමාගමක ඒකාධිකාරියක් බවට පත් කිරීම තවත් විශාල තර්ජනයක්. ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන්ට නාවික ක්ෂේත්‍රයට සම්බන්ධ වී එහි වාසි රටට ලබා ගැනීමට එය දැඩි තර්ජනයක් වෙනවා. කොළඹ වරායත්, වරාය අධිකාරියේ මෙහෙයුම් තටාංගන පවත්වා ගනිමිනුයි පුද්ගලික නැව් ත‍ටාංගණ පවත්වා ගැනීමට ඉඩ දි තිබෙන්නේ. 

එපමණක්නොව එම වරාය හා ගුවන්තොටුපොල ආසන්නව මේ රටේ ජනතාවට අයිති අක්කර 15,000ක ඉඩම් විදේශිකයන්ට දීමේ සාධාරණයක් තිබෙනවාද? අපේ රටේ මෙවැනි ජාතික සම්පත් විදේශ රටවල සමාගම් වලට විකිණීම දේශීය ව්‍යාපාරිකයින්ට විශාල අවාසියක්. එම රටවල ‍ආයෝජකයන්ට එම රටවලම ආයෝජන පහසුකම් තිබෙනවා. ඒවා අපේ ආයෝජකයන්ට දෙන්නේ නැහැ. අපේ ව්‍යවසායකයන් නැගිටින්න ඕන මේ රටේම ආයෝජනය කරලා. ඒ ශක්තිය ඔවුන්ට තිබෙනවා. මේ නිසයි ඉන්දියාව සමඟ එට්කා වැනි ගිවිසුම් හෝ වෙනත් රටවල් සමග නිදහස් වෙළඳ ගිවිසුම් ඇතිකර ගැනීමට පෙර අපේ රටට දැනටමත් එම රටවල් සමඟ කරන ගණුදෙනු වලින් ඇති වී ඇති වෙළද අවාසි ඉවත්කර, එවැනි අවාසි ඇති වීම වැලැක්වීම‍ට අවශ්යි නීති සකස් කර ගැනීමට ප්‍රථමයෙන් කටයුතු කළ යුත්තේ.   

අපේ රටේ කටුනායක නිදහස් වෙළඳ කලාපය ප්‍රමාණත්වයෙන් අක්කර 530ක පමණ භූමියක්. බියගම අක්කර 450යි. අනෙකුත් සියළු ආයෝජන කලාප අක්කර 400ට අඩුයි. ආයෝජන කලාප 12ම රජය සතුයි. මේ ආයෝජන කලාපද තවමත් මුළුමනින්ම පිරී නැහැ. මෙසේ තිබියදී එක රටක එක සමාගමකට වරායත්, ගුවන් තොටුපොළත් අක්කර 15,000ක භූමි ප්ර මාණයකුත්  ලබාදීම මේ රටේ ස්වාධිනත්වයට, ජාතික ආරක්ෂාවට, දේශීය නිෂ්පාදකයින්ට හා ආයෝජකයින්ට එල්ල කරනු ලබන  බලවත් තර්ජනයක් ලෙස අපි දකිනවා.

හම්බන්තොට වරාය ජාත්‍යන්තර නාවික සිතියමේ කේන්ද්‍රස්ථානයක්. මෙවැනි මධ්‍යස්ථානයක් එක සමාගමකට විකිණීම මුළු රටම විකිණීම හා සමානයි. එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක අගමැතිතුමා සිය රජයේ පළමු කාර්ය කරගත්තේ කටුනායක ගුවන් තොටුපොල හා ත්‍රීකුණාමල වරාය විදේශිකයන්ගෙන් නිදහස් කර ගැනීමයි. එයයි ශ්‍රී.ල.නි.ප ප්‍රතිපත්තිය. මේවාට ඉදිරිපත්වන ආයෝජකයින්, රක්ෂණ සංස්ථාව, නැව් තෙල් සමාගම, වෝටර්ස් එජ් වැනි ආයතන රජයට පවරා ගත් ආකාරය සිහි කර ගැනීම සුදුසු බව මට පේනවා. පෞද්ගලීකරණය කරනු ලබන වරාය ඇතුලු සියලු රාජ්යැ සම්පත් අපට ආපසු ගැනීමට සිදු වෙනවා. එ.ජා.ප.ය පෞද්ගලීකරණය කර තිබූ ත්රිසකුණාමලයේ තෙල් ගබඩා සංකීර්ණය අප රජය ඛනිජ තෙල් සංස්ථාවේ අයිතියේ තබා ගැනීමට සැලසුම් කළේත්එය ජාතිය සතු විය යුතු සම්පතක් ලෙස බණ්ඩාරනායක අගමැතිතුමාගේ සිහිනය වූ නිසයි. කොයිම රටකටවත් අපේ ජාතික යටිතල පහසුකම් විකිණීම අප අනුමත කරන්නේ නැහැ. හම්බන්තොට ජනතාව  අක්කර 15,000ක සිය නිජබිම් ඉඩම් වෙනත් රටක‍ට විකිණිමට ඉඩ නොදෙන බවත් ම‍ට විශ්වාසයි. මෙවැනි පෞද්ගලීකරණ වැඩපිළිවෙළින් වැලකි දිගු කාලීන මිත්රකත්වය පලුදු නොකර පවත්වා ගැනීමට කටයුතු කරණු ඇතැයි මා ගැණුම් කරුවන්ගෙන් ඉල්ලා සිටිනවා.

මෙම අයවැය මගින් ණය බර හුවා දක්වමින් පුද්ගලීකරණයට අමතරව බදු බරද වැඩි කර තිබෙනවා. පසුගිය කාලය තුල නැගී එන ආර්ථික ක්ෂේත්‍රයන් වූ සංචාරක, තොරතුරු තාක්ෂණ,  ඉදිකිරීම්, සෞඛ්‍ය සේවා වල ‍අදායම් බදු සියයට 12 සිට සියයට 28 දක්වා වැඩි කර තිබෙනවා. අපනයනයට මුල්තැන දෙනවයි කියන මේ රජය භාණ්ඩ අපනයන බද්ද සියයට 12 සිට සියයට 14 දක්වාත්, සේවා අපනයන 0 සිට සියයට 14 දක්වාත් වැඩි කර තිබෙනවා. කෘෂිකාර්මික අංශය සඳහා සියයට 10ක්ව පැවති ආදායම් බද්ද සියයට 14 කර තිබෙනවා. එපමණක් නොව, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වල ආදායම් බද්ද වැඩි කර තිබෙනවා. කුකුල් ගොවිපලවල් සඳහාද ආදායම් බද්ද සියයට 12 සිට සියයට 28 දක්වා වැඩි කර තිබෙනවා. මෙම සියළු කර්මාන්තවල බහුල වශයෙන් නිරතව සිටින්නේ දේශීය ව්‍යාපාරිකයන්. ඔවුන් දිරි ගැන්වීම වෙනුවට ඔවුන්ට වැඩි බදු බරක් පටවා මේ අයවැය සිදු කර ඇත්තේ  විදේශිකයන් දිරි ගැන්වීමයි. විදේශිකයන්ට ඉඩම් ලබා ගැනීමේ අයිතිය, නිවාස ලබා ගැනීමේ අයිතිය ලිහිල් කර තිබෙනවා. රජයේ ප්රීධාන හා මූලික වගකීම දේශීය ව්යාමපාර හා දේශීය ව්යාතපාරිකයන් දිරිගැන්වීමයි. ඔවුන්ට උදව් කිරීමයි.  

මේ අයවැය මගින් පරිභෝජනය සඳහා වැට් බදු,NBT,නිෂ්පාදන බදු, ආනයන බදුආදී සියල්ලද වැඩි කර තිබෙනවා. බැංකු වලින් මුදල් ආපසු ගැනීම  සඳහාද බදු පැනවී තිබෙනවා. මේ නිසා බදු ක්‍රමය සංකීර්ණවී තිබෙනවා. ඇස්තමේන්තු ගත මුළු බදු ආදායම වන රු. බිලියන 1,821න් රු. බිලියන 1,564ක් එනම් සියයට 85ක් වක්‍ර  බදු වලින් ලබා ගැනීමට සැලසුම් කර තිබෙනවා. මේ නිසා සියලු ආහාර පාන අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා වියදම් වැඩි වෙනවා. පරිභෝජන ඉල්ලුම අඩු වෙනවා. දේශීය ව්යාඩපාර විශේෂයෙන් සුලු හා මධ්යිම පරිමාණ ව්යා පාර පසුබෑමකට ලක් වෙනවා. 

පරිභෝජනයට පමණක් නොව ඉතිරි කිරීම් වලටද බදු වැඩිකර තිබෙන අයවැයක්. සේවක අර්ථසාධක අරමුදල, සේවක භාරකාර අරමුදල, විශ්‍රාම අරමුදල් සඳහාද ආදායම් බද්ද සියයට 10 සිට සියයට 14 දක්වා වැඩි කර තිබෙනවා. ඒවායේ ලාභය සේවකයන්ට පවරනවා වෙනුවට සේවකයන්ගේ ජීවිත කාලය තුළකළ ඉතිරිකිරීම් ඉහළ බදු මගින් රජයට ගැනීම සාධාරණද?  

භාණ්ඩාගාර සුරකුම්පත් වල පොලිය සඳහා ඇති බද්දද සියයට 10 සිට සියයට 14 දක්වා වැඩිකරතිබෙනවා. ඒ නිසා ඒවායේ ආයෝජනය කරන්නන්ගේ පොලිය අඩුවෙනවා. එපමණක්  නොව සමෘද්ධිලාභියාගේ සිට සමාන්‍ය ජනතාවගේ ඉතිරි කිරීම් සඳහා රු.60,000ක පොලී ආදායම් සඳහා වූ වාර්ෂික බදු සහනය ඉවත් කර තිබෙනවා. සියයට 2.5ක්ව පැවති පොලී මත බද්ද සියයට 5 දක්වා වැඩි කර තිබෙනවා. එම නිසා අඩු ආදායම්ලාභීන්ගේ  සිට දරුවන්, වැඩිහිටියන් අතුළු සියළු දෙනාගේම ඉතිරි කිරීම් වලින් ලැබෙන පොලියට සියයට 5ක බද්දකට යටත් වෙනවා.

සමෘද්ධිලාභීන්ට සහල් කිලෝ 5ක් දෙනු ලබන්නේද සමෘද්ධිදීමනාවෙන් මුදල් කපාගෙනයි. සමෘද්ධිලාභීන්ට දෙනු ලබන දීමනාවෙන් සහල් හෝ ධාන්යන හෝ වෙනත්  පරිභෝජන භාණ්ඩයක් ලබා ගැනීම ඔවුන්ගේ මූලික  අයිතියක්. එම අයිතියද මෙම අයවැයෙන් උදුරා ගෙන තිබෙනවා. හාල්මැස්සන් කිලෝවක් සඳහා රු.5ක්ද, සීනි කිලෝවක් සඳහා රු. 2ක්ද මිල අඩු කලබව අයවැයෙන් සඳහන් කලත් සමාන්යද මිනිසුන් 
මෙවැනි භාණ්ඩ එදිනෙදා මිලදි ගන්නේ ග්රෑසම් 100 /200 ප්රාමාණ වලින්. මේ මිල අඩු කිරීම් වලින් ඔවුන්ට නම් කිසිසේත් සහනයක් වෙන්නේ නැහැ. 

පෞද්ගලික අංශයේ හා රාජ්යඅ අංශයේ සේවකයන්ගේ උපයන විට බදු සඳහා පැවති බදු නිදහස් දීමනාදඉවත් කිරීම මගින් ඔවුන්ටදබදු බර වැඩි කර තිබෙනවා.  රජයේ නිළධාරීන් හා රාජ්යම ව්යාතපාරවල නිළධාරීන්ටත් ඉහළ බදු ප්‍රමාණයක් ගෙවීමට සිදු වෙනවා.එහෙත් මෑත කාලවල අයවැයෙන් සම්ප්රහදායිකව කළ රාජ්යය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම මේ අයවැයෙන් යෝජනා කර නැහැ. වැටුපට එකතු කරනවා යැයි කී රු.10,000ක දීමනාවද දැන් අමතක වී තිබෙනවා. එයත් අධ්‍යාපනයට  ජාතික අදායමෙන් සියයට 6ක් 
වෙන් කළා වගෙයි. 

ලෝක වෙළඳපලේ තෙල් හා ගෑස් මිල සීඝ්‍ර ලෙස අඩු වී තිබුනත් භූමිතෙල් හා ගෑස් මිල අඩුකර ‍තිබෙන්නේ ඉතා සුළුවෙනුයි. රු.25කින් ගෑස් මිල අඩු කර, අයවැයට පිටින් ජලය සඳහා අවම ජල ගාස්තුව රු. 200කින් වැඩි කර තිබෙනවා. එය දැන් ඇමති අනුකාරක සභාවකට පරීක්ෂා කිරීම සඳහා  තාවකාලිකව අත්හිටුවා තිබෙන බව කියනවා. ඇමති අනුකාරක සභාව මේ ගැන පරීක්ෂා කිරීමට තිබුනේ ගැසට් කරන්න පෙර නොවේද? 

ඛනිජ තෙල් සංස්ථාව හා විදුලිබල මණ්ඩලයේද ණය ගැනීම් වැඩි වී ඇති බව ද වාර්තා වෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුවේද පාඩු තිබෙන බව අයවැය ඇස්තමේන්තු වලින් පෙන්නුම් කර තිබෙනවා. ඒ නිසා ඉදිරියේදි දුම්රිය ගාස්තු, විදුලි ගාස්තු ද වැඩිවනු නොඅනුමානයි. මේ ගාස්තු වැඩි කළත් අයවැයට පිටින් බියර් සමාගම්වලට මිලියන ගණනින් තීරුබදු සහන දී තිබෙනවා.2015 සිට ලෝක වෙළඳපලේ තෙල් මිල ගණන් බැරලයකට ඇ.ඩො.40ක පමණ මට්ටමක තිබෙනවා. 2014 දක්වා එම මිල ගණන්  ඇ.ඩො.80-100 වැනි ඉහළ මට්ටමක තිබුණේ. 2015 මහ බැංකු වාර්තාවට අනුව තෙල් ආනයන වියදම ඇ.ඩො.මිලියන 4,597යි.එය 2015 ඇ.ඩො.මිලියන 2,700ට අඩුවී තිබෙනවා. එය වර්ෂයකට ඇ.ඩො.මිලියන 1,900ක ඉතිරියක්. රුපියල් කෝටි 27,500 ක්. 2016 දීද ඒ හා සමාන ඉතිරියක් තෙල් ආනයනයෙන් ඇති වී තිබෙනවා. ඒ අනුව වසර 2ක තුළ ඇ.ඩො.මිලියන 3,800ක පමණ ඉතිරියක් නැතහොත් රුපියල් කෝටි 55,100ක පමණ ඉතිරියක් ඇති වී තිබෙනවා. මේ ඉතිරියට මොකද කළේ?

විදේශ සංචිත ඇ.ඩො.මිලියන 6,500ට පහත වැටී තිබෙනවා. 2004 දී විදේශ සංචිත ප්රේමාණය ඩො.මිලියන 2,200ක්  වූ අතර එය 2014 වන විට ඩො.මිලියන 8,200ක් බවට අප පත් කළා. 2009 දක්වා යුධ වියදම්,2014 දක්වාම අධික තෙල් වියදම් හා යටිතල පහසුකම් හා ග්රාොමීය සංවර්ධනය සඳහා වියදම්, රජයේ සේවාවන් සඳහා සේවකයන් බඳවා ගැනීම් හා වැටුප් වැඩි කිරීම් අප කළමනාකරණය කළා. 
පොහොර සහනාධාරය, පාසැල් නිලඇඳුම් වැනි සහන  වසර 10ක් තුළ අඛණ්ඩව පවත්වා ගත්තා. රණවිරුවන් හා ඔවුන්ගේ මාපියන්ට සහන සැලසුවා. 

යුද්ධය නිමා කිරීමත් සමග උතුරේ බිම් බෝම්බ ඉවත් කර A9 මාර්ගය, දුම්රිය මාර්ග ඇතුළු මූලික යටිතල පහසුකම් සම්පූර්ණ කළා. නැගෙනහිර පළාත සංචාරක කලාපයක් ලෙස සීඝ්‍ර  දියුණුවකට පත් කළා. කොළඹ හා තදාසන්න ප්රදදේශ පරිසර හිතකාමී ආසියාවේආකාර්ශණීය නාගරීක ප්‍රදේශයක් බවට පත් කළා.මේ අතර 2004 ජාතික ආදායමෙන් සියයට 7.5ක් ව පැවති අයවැය හිඟය 2014 වන විට සියයට 5.7 දක්වා අඩු කලා. උද්ධමනය සියයට 3කපමණ මට්ටමකට අඩු කළා. ණය පොලී අනුපාත සියයට 10ට අඩු මට්ටමකට ගෙන එනු ලැබුවා.  එසේ වුවත් වසරක් ඇතුළත යහපාලනය විසින් අයවැය හිඟය 5.7 සිට 7.4 දක්වා වැඩි කළා. මේ සියල්ල කළේ රටට දැරිය නොහැකි පොරොන්දු රාශියක් වගකීමෙන් තොරව "දින 100 වැඩසටහන" යටතේ ඉටු කිරීමට කටයුතු කළ නිසයි. එම පොරොන්දු ක්‍රියාත්මක කිරීම නිසා ඒවායින් ප්‍රතිලාභ ලැබූ රජයේ සේවකයන්ගෙන් ඔවුන්ගේ  විශ්‍රාම වැටුප නැවතීමෙනුත්, සමස්ත ජනතාවගෙන් ඉහළ වැට් බදු ලබා ගැ‍නීමටත්, සංවර්ධන වියදම් කපා හැරීමටත් දැන් සිදු වී තිබෙනවා.ණය පොලී අනුපාත සියයට 14 ඉක්මා තිබෙනවා. විදේශ සංචිත අඩුකර ගත්තා.එයට අමතරව භයානකම ක්‍රියාමාර්ගය වී ඇත්තේ  වි‍දේශිකයන්ට රටේ යටිතල පහසුකම් සහ ඉඩම් විකිණීමයි.

2017 වර්ෂය සඳහා ඇස්තමේන්තු කර ඇති ආදායම 2016 වර්ෂයට වඩා රු. බිලියන 440ක වැඩිවීමක්. එය රු.බිලියන 200ක පමණ අධි තක්සේරුවක්. ජත්යයන්තර මුල්‍ය  අරමුදලේ ඉලක්කයන් සපුරා ගැනීමට අයවැය සකස් කර ඇතත් 2017 ආදායම් ඇස්තමේන්තුව ලඟා කර ගැනීම සදහා අතිරේක බදු පැනවීමේ අවධානම මතු වෙනවා. අයවැය හිඟය සඳහා ඇති ඉලක්කය වෙනුවෙන් ප්‍රාග්ධන වියදම් කපා හැරිම‍ හෝ තවදුරටත් ණය ගැනීමටද සිදු වෙනවා. විදේශ වාණිජ ණය පමණක් රු. බිලියන 220 ක් ලෙස ඇස්තමේන්තු කර තිබෙනවා. එය රු. බිලියන 230ක අනෙකුත් විදේශ ණය වලට අමතරවයි. මෙම ආදායම් අවිනිශ්චිතභාවය නිසා මෙන්ම දැනටමත් ක්රිණයාත්මක වැට් හා අනෙකුත් බදු වලින් පොලි අනුපාත හා උද්ධමනය ද වැඩි වෙනවා. විනිමය අනුපාතය අස්ථාවරත්වය ද දැකිය හැකියි. මේ නිසා ජීවන වියදම් මට්ටම තවදුරටත් දුෂ්කර වීම මේ අයවැයෙන් ඇතිවන තවත් ප්රහතිථලයක්. 

අවසාන වශයෙන් මේ අයවැය විසින් එ.ජා.ප සම්ප්‍රදායික යථාර්ථයක් කර තිබෙනවා. එයට ශ්‍රී.ල.නි.පයෙන් කොටසකුත් සම්මාදම් වෙලා. මේ පාප කර්මයට සැබෑ ශ්රීත ලංකා නිදහස් පාක්ෂිකයන්ට සිය හෘද සාක්ෂියට අනුව දායකවිය නොහැකියි. රාජ්යේ ආයතන පෞද්ගලීකරණය,  සුභසාධන වියදම් කපා හැරීම, රාජ්‍ය සේවය දුර්වල කිරීම, දේශීය ව්‍යාපාරිකයන් අධෛර්ය කිරීම, දේශීය පාරිභෝගිකයන්ට බදු බර පැටවීම, විදේශිකයන්ට වැට් බදු ආපසු ගෙවීම මෙන්ම ඉඩම් හා නිවාස ලබාදීමට කටයුතු කර තිබෙනවා. විදේශ කොලනියක් බවට අපේ රට පත් කිරිම මෙහි භයානකම පියවර බව පැහැදිලි වෙනවා. 

හම්බන්තොට වරාය විකුණා ඔවුන්ට අක්කර 15,000ක භූමිය ලබාදීම විදේශකරණය කිරීමේ භායානක පියවරක්. ත්රි0කුණාමල වරාය ආශ්‍රිත ප්‍රදේශද මේ අයුරින්ම විදේශකරණය කිරීමේ පියවරක්. අධිරාජ්‍යවාදීන් උඩරට වතු අයිති කර ගනිමින් එම ප්‍රදේශ වල ජනතාවට ඉඩම් අහිමි කළ අයුරින්ම හම්බන්තොට,ත්‍රීකුණාමල ප්‍රදේශවල ජනතාවටද ඒ ඉරණම මේ අයවැයෙන් අත්පත් කර දී තිබෙනවා. එම ප්‍රතිපත්ති ජනතාවට සාධාරණය කරන්නේ රූපවාහිනිය මගින් තම ප්රනචාරණ කටයුතු මෙහෙයවන සමාගමට මුදල් ගෙවා නැති ණය බරක්  හා දූෂණ ගැන මවාපෑම මගිනුයි. මෙයට ඉඩ දිය නොහැකියි. ණය ගෙවීමට බැරිනම් ඒ සඳහා කල් ගැනීමට මිත්‍ර රටවල් සමඟ සාකච්ඡා කිරීමට අපේ විදේශ ප්‍රතිපත්තිය යොදා ගැනීම රටක්, ජාතියක් විකිණීමට වඩා උතුම් බව තේරුම් ගත යුතුයි. 


මෙම අයවැය ගැන ගැමියන් කියන්නේ "ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ" අයවැයක් කියලයි. තවත් සමහර අය කියන්නේ "නිර්මාංශ ආහාර ඉල්ලන පුද්ගලයන් KFC එකට ගෙන ගොස් ඕනෑ තරම් කන්න" යැයි කියපු අයවැයක් බවයි. මෙහි අවසාන ප්‍රතිපලය "යහපාලනය යම පාලනයක්" වීමයි. අපේ රටට නොගැලපෙන එංගලන්තය ඇමරිකාව වැනි රටවල් පවා යළි සලකා බැලීමට තීරණය කර ඇති ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ප්‍රගතිශිලි දේශපාලන පක්ෂ වල යුගයේ වගකීමක්. 

එම නිසා රාජ්‍ය අයෝජනය වැඩි කිරීම, ජනතාවගේ ඉතිරිකිරීම් දිරි ගැන්වීම, රජය හා පෞද්ගලික අංශයේ මනා මැදිහත්වීම,  කෘෂිකාර්මික හා ග්‍රාමිය ආර්ථිකය ශක්තිමත් කිරීම,රාජ්‍ය ව්‍යාපාර කළමණාකරණය ස්වාධීනකර කාර්යක්ෂම කිරීම, දේශීය ව්යාමපාරිකයන් දිරි ගන්වා අපනයන වැඩිකිරීම, ආනයනය අඩු කරන නිෂ්පාදන වැඩි කිරීම ඇතුළත් ආර්ථික ප්‍රතිපත්ති අපේ විකල්ප විය යුතුයි. මේ පිළිබඳ මේ පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රීවරුන් මෙන්ම විශේෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් සිය හෘද සාක්ෂියට අනුව කටයුතු කිරීමෙන් සිය පක්ෂයේ සැබෑ ස්ථාවරය තහවුරු කරනු ඇතැයි මා විශ්වාස කරනවා.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

කුරුණෑගල වෙඩි තැබීමකින් එස්.අයි මරුට
කොස්තාපල්වරු දෙදෙනෙක් රෝහලේ

කුරුණෑගල මාස්පොත ආපන ශාලාවක වෙඩි තැබීමකින් උප පොලිස් පරීක්ෂකවරයකු මිය ගොස් කොස්තාපල්වරුන් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි.
ආපන ශාලාවේ සැකකටයුතු දෙදෙනකු සිටින බවට ලද තොරතුරක් අනුව උප පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පොලිසියේ තිදෙනා එහි ගොස් ඇතැයි කියති.
ඔවුන් සැකකරුවන් පරීක්ෂා කිරිමට උත්සාහ කරද්දී වෙඩි තැබීම සිදුවී ඇතැයි පොලිසිය කියයි.
එක් සැකකරුවකු ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලිසියට බාර දී ඇත.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
" yahapalana " අයවැය සහා දඩය ?



රථ වාහන සම්බන්ධයෙන් අවම දඩය රුපියල් 2500 දක්වා වැඩි කිරීමට යෝජනා කරන බව මුදල් ඇමති රවී කරුණානායක අයවැය කතාවේදී පැවසුවා. මෙය 2017 අයවැය යෝජනා අතුරින් වැඩියෙන්ම කතා බහ කෙරෙන මාතෘකාව වී ඇත. අවම දඩය 2500ක් වනවිට උපරිම දඩය රුපියල් කීයදැයි පොලිසියෙන් විමසූ විට උසස් පොලිස් නිලධාරියකු පැවසූවේ ඒ සම්බන්ධයෙන් පොලිසිය තවමත් දැනුවත් නොමැති බවය.

රථවාහන වැරැද්දක් සඳහා පොලිස් නිලධාරියකු විසින් නිකුත්කරනු ලබන දඩ පත්‍රිකාවක දැනට සඳහන් අවම දඩය රුපියල් 20කි. මෙම දඩය අයකරනු ලබන්නේ “ඉන්ධන ගැනීමේදී ගතයුතු ආරක්ෂක විධි“ සහ “පසුපසට පැදවීම“ යන වරදවලටය. අයවැය යෝජනා අනුව රුපියල් 2500ක් වන්නේ මෙම අවම දඩයන්ය.

රුපියල් 20 රුපියල් 2500ක් වනවිට එම දඩය වැඩිවන අගය වන්නේ 12500%කි. වත්මන් දඩ කොළයේ ඇති උපරිම දඩ මුදල වන්නේ රුපියල් 5000කි. ඒ “අවුරුදු 18ට අඩු අය රිය පැදවීම“ යන වරදටය. එම දඩ මුදල අවම දඩය වැඩිවන ප්‍ර‍තිශතයෙන් වැඩිකළහොත් දැනට රුපියල් 5000 දඩය, ඉදිරියේදී රුපියල් 625000ක් වියයුතුය.

වැරදි වැඩිම ගණනකට නියමව ඇති දඩය වන රුපියල් 500 ට ඉදිරියේදී රුපියල් 62500ක් ගෙවන්නට වනු ඇත.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
ලංකාව නිසා ඇමරිකාව අයිඑම්එෆ් ප්‍රධානි ඩොමිනික්ගෙන් පළිගත්තා !
===============================================


//ඔබ ඇමරිකාවත් සමග යුධ සමයේ සබඳතා මොනවා ද?
යුද්ධය ඉවර කරනවාත් සමගම අපි මූල්‍ය අරමුදලට ගියා ණයක් ගන්න. හිලරි ක්ලින්ටන්, ඒ කණ්ඩායම අපට බාධක දැම්මා. මම රජය වෙනුවෙන් අජිත් නිවාඩ් කබ්රාල් සමග මූල්‍ය අරමුදලට ගියා. මුලින් ම අපි ගියේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට.එතෙන්දී අපි නිග්‍රහ හා පරිභවවලට භාජනය කළා. එවන් හතුරුකමක් තිබියදීත් අපි වෙනත් රටවල් සමග කටයුතු කරමින් ණය මුදල ලබා ගත්තා. ඒ කොහොම වුනත් අරමුදල විසින් දාපු රටට විනාශකාරී කිසිම කොන්දේසියකට අපි එකඟ වුනේ නැහැ. මම රාජ්‍ය දෙපාර්තුමේන්තුවට ගියාම ඒකෙ නිලධාරියෙක් මට ලංකාවේ ඉංග්‍රීසි පත්තරක් පෙන්නල කිව්ව” මේව කියන කොට අපි කොහොම ද ණය දෙන්නෙ කියල.” ඒ පත්තරේ තිබුණේ "අපි අරමුදලේ කොන්දේසිවලට යටත් වෙන්නෙ නැහැ" කියල මහින්ද ජනාධිපතිතුමා කියපු කතාවක්. කොන්දේසි නැතුව ණය දෙන්නෙ කොහොම ද කියල එම නිලධාරියා මගේ ඇහුවා. මම කිව්වා "අපට ණය නම් ඕන හැබැයි අසාධාරණ කොන්දේසි නම් බාරගන්න අපි සූදානම් නැහැ කියල." ඒත් අපි ඒ ණය ගත්තා.// බැසිල් රාජපක්‍ෂ

ඉහත ණය ලබා ගැනීමට අවසානයේ හැකි වුනත් ඒ කොහොම ද කියල බැසිල් කියල නැහැ. ඒත් එතන තිබෙනවා අපි බොහෝ දෙනෙක් නොදන්න කතාවක්. මේ ණය ගැනීම සඳහා ලංකාව උපක්‍රමයක් යොදනවා. ඒ තමා මූල්‍ය අරමුදලට සම්බන්ධ යුරෝපීය රටවල් කීපයක් ඇමරිකාවෙන් කඩල අරගෙන අයිඑම්එෆ් බෝර්ඩ් එක හරහා ණය මුදල අනුමත කරගන්න. එතෙන්දී එවකට අරමුදලේ ප්‍රධානියා වූ ඩොමිනික් ස්ට්‍රවුස් කාන් නැමැති ප්‍රංශ ජාතික සමාජවාදීයා ලංකාවට උදව් කරනවා. ඔහුටත් අවශ්‍ය වෙලා තිබිල තියෙන්නෙ මූල්‍ය අරමුදල ඇමරිකානු ආධිපත්‍යයෙන් මුදව ගන්න. ඇමරිකානු විරෝධය තිබෙද්දීත් ණය මුදල අපට ලැබෙන්නෙ ඒ විදියට. 

ඒත් මෙහි දී අවාසනාවන්ත දෙයක් සිදුවෙනවා. ඇමරිකාව-විශේෂයෙන් ම හිලරිගේ කණ්ඩායම අයිඑම්එෆ් ප්‍රධානියා වූ ඩොමිනික්ගෙන් පළිගන්න උපක්‍රමයක් යොදනවා. ඒ තමයි ඔහු ව නිව්යෝර්ක් හෝටලයක දී පැණි උගුලක් (කාන්තාවක්) අටවා ඊට කොටු කර ගැනීම. ඩොමිනික් මේකට අහුවෙනවා. අත්අඩංගුවට පත්වෙනවා. ඔහුට අයිඑම්එෆ් රැකියාව අහිමි වෙනවා. ඒ විතරක් නෙමෙයි, ඇමරිකාව ලංකාට මේ ණය දුන්න නිසා කොච්චර පළිගත්ත ද කියනව නම් පස්සේ අර ලංකාව වෙනුවෙන් මූල්‍ය අරමුදලෙදි කතා කරපු හැම නිලධාරියෙකුගෙන් පළිගන්නවා. ඔවුන් සේවයෙන් පහත හෙළනවා. හැබැයි ලංකාව ඩොමිනික් අතහරින්නෙ නැහැ. ඩොමිනික් ද රැකියාව අහිමි වුනේ ලංකාව වෙනුවෙන් පෙනී සිටිය හින්ද නිසා ඔහුට ශ්‍රී ලංකා මහ බැංකුවේ උපදේශක තනතුරක් හිමිවෙනාව.
- මහින්ද පතිරණ -
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
විග්නේෂ්වරන් උතුරට එක්සත් ජාතීන්ගේ සාම හමුදාවක් කැදවයි.





උතුරේ නිසි පාලනයක් නැති බව දක්වමින් එක්සත් ජාතින්ගේ සාම හමුදාවක් මේ රටට ගෙන ඒමේ අරමුණින් උතුරු මහ ඇමති සී වී විග්නේෂ්වරන් උතුරට ජාත්‍යන්තර මැදිහත්වීම ලබාදෙන්නැයි පොදු රාජ්‍ය මණ්ඩළ කටයුතු පිළීබඳ නියෝජ්‍ය ඇමතිනී ජොයිස් අනෙලි සාමිවරියගෙන් ඉල්ලා ඇත.එහෙත් විග්නේෂ්වරන්ගේ මෙම ඉල්ලීම කෙරේ බ්‍රිතාන්‍ය අමැතිනිය ප්‍රතිචාර දක්වා නැත.

උතුරට ජාත්‍යන්තර මැදිහත්වීමක් ලබාදෙන ලෙස කළ ඉල්ලීමට සමගාමීව උතුරේ ශ්‍රී ලංකා හමුදාව රැඳී සිටිම ගැනද විග්නේෂ්වරන් ඇයට පැමිණිළි කර ඇත.

උතුරේ මහ ඇමතිවරයා මෙම ඉල්ලීම කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ R2P නැමති ක්‍රමවේදයකට අනුවය.

මෙම ක්‍රමවේදය යටතේ රටක ජනතාව ආරක්ෂා කිරීමට රජයට නොහැකි නම් ඊට ජාත්‍යන්තරව මැදිහත් වී එක්සත් ජාතීන්ගේ සාම හමුදාවක් එවීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට බලය හිමිවේ.

උතුරේ ක්‍රියාත්මක වන ආවා ගෘප් කල්ලියේ ක්‍රියාකාරකම් වලට මුවාවි විග්නේෂ්වරන් මෙම ඉල්ලීම කර ඇත.

මෙයට පෙර කොළඹ රාජ්‍ය නොවන සංවිධානයක ක්‍රියාකාරිනියක වූ රාමා මානි එක්සත් ජාතීන්ගේ හමුදාවක් මෙරටට ගෙන ඒමට දැරූ උත්සහය ව්‍යර්ථ වූ අතර ඇයව රටින් පිටුවහල් කර තිබේ.

මේ අතර උතුරේ ආරංචි මාර්ග පැවසුවේ ආවා ගෘප් කල්ලියට සම්බන්ධ බවට සැකකර අත්අඩංගුවට ගත් 10 දෙනා අතර විග්නේෂ්වරන්ගේ දෙමළ පිබිදීම ව්‍යාපෘතියේ ක්‍රියාකාරිකයෙකුද සිටින බවයි.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
 Lankan drug courier, Uber driver held at US border crossing




A suspected drug courier and his Uber driver, residents of Quebec, wound up in the hands of U.S. authorities when their GPS led them to the International Bridge Plaza.

They were headed from Montreal to Edmonton, Alberta, but inadvertently swung by the U.S. port of entry.

Neither had the required immigration documents to legally enter the U.S.

Federal investigators recovered 2,024 grams of methamphetamine and 914 grams of Ecstasy pills contained in plastic bags in a Kellogg’s Frosted Flakes box.

Mayooran Rajasingam was named in a criminal complaint filed in U.S. District Court alleging he conspired with others to distribute a controlled substance. Todd Wilton, a special agent for Department of Homeland Security, Homeland Security Investigations, filed the complaint.

U.S. Magistrate Judge Timothy Greeley ordered Rajasingam held pending a Nov. 17 detention hearing.

Wilton said in the complaint that Rajasingam, from Sri Lanka but a Canadian citizen, and his Syria-born Uber driver, tried to enter the U.S. on Wednesday, Nov. 9. Both showed Quebec driver’s licenses.

U.S. Customs and Border Protection officers, noting that neither had documents to legally enter the U.S., referred the vehicle and occupants for a secondary inspection.

The driver had a small amount of marijuana in his pocket.

Investigators found a Saigon Tourist travel bag near the hatch back of the rented 2017 Hyundai Tucson. The bag held the cereal box containing what turned out to be illegal drugs, the government said.

The Uber driver told investigators he was to be paid $600 to drive to Edmonton, and was unaware that drugs were in the vehicle.

Rajasingam told police he thought he was delivering cash. He said he was to receive $1,000.

“Rajasingham said that he and the driver utilized a GPS navigational device for directions, and that the GPS led them to the International Bridge Port of Entry in Sault Ste. Marie, Michigan,” Wilton wrote in the complaint.

“Rajasingham stated that they had no intent to enter the United States.”

Source: mlive

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network