Showing posts with label වියත්මග. Show all posts
ලංකාව නිසා ඇමරිකාව අයිඑම්එෆ් ප්‍රධානි ඩොමිනික්ගෙන් පළිගත්තා !
===============================================


//ඔබ ඇමරිකාවත් සමග යුධ සමයේ සබඳතා මොනවා ද?
යුද්ධය ඉවර කරනවාත් සමගම අපි මූල්‍ය අරමුදලට ගියා ණයක් ගන්න. හිලරි ක්ලින්ටන්, ඒ කණ්ඩායම අපට බාධක දැම්මා. මම රජය වෙනුවෙන් අජිත් නිවාඩ් කබ්රාල් සමග මූල්‍ය අරමුදලට ගියා. මුලින් ම අපි ගියේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට.එතෙන්දී අපි නිග්‍රහ හා පරිභවවලට භාජනය කළා. එවන් හතුරුකමක් තිබියදීත් අපි වෙනත් රටවල් සමග කටයුතු කරමින් ණය මුදල ලබා ගත්තා. ඒ කොහොම වුනත් අරමුදල විසින් දාපු රටට විනාශකාරී කිසිම කොන්දේසියකට අපි එකඟ වුනේ නැහැ. මම රාජ්‍ය දෙපාර්තුමේන්තුවට ගියාම ඒකෙ නිලධාරියෙක් මට ලංකාවේ ඉංග්‍රීසි පත්තරක් පෙන්නල කිව්ව” මේව කියන කොට අපි කොහොම ද ණය දෙන්නෙ කියල.” ඒ පත්තරේ තිබුණේ "අපි අරමුදලේ කොන්දේසිවලට යටත් වෙන්නෙ නැහැ" කියල මහින්ද ජනාධිපතිතුමා කියපු කතාවක්. කොන්දේසි නැතුව ණය දෙන්නෙ කොහොම ද කියල එම නිලධාරියා මගේ ඇහුවා. මම කිව්වා "අපට ණය නම් ඕන හැබැයි අසාධාරණ කොන්දේසි නම් බාරගන්න අපි සූදානම් නැහැ කියල." ඒත් අපි ඒ ණය ගත්තා.// බැසිල් රාජපක්‍ෂ

ඉහත ණය ලබා ගැනීමට අවසානයේ හැකි වුනත් ඒ කොහොම ද කියල බැසිල් කියල නැහැ. ඒත් එතන තිබෙනවා අපි බොහෝ දෙනෙක් නොදන්න කතාවක්. මේ ණය ගැනීම සඳහා ලංකාව උපක්‍රමයක් යොදනවා. ඒ තමා මූල්‍ය අරමුදලට සම්බන්ධ යුරෝපීය රටවල් කීපයක් ඇමරිකාවෙන් කඩල අරගෙන අයිඑම්එෆ් බෝර්ඩ් එක හරහා ණය මුදල අනුමත කරගන්න. එතෙන්දී එවකට අරමුදලේ ප්‍රධානියා වූ ඩොමිනික් ස්ට්‍රවුස් කාන් නැමැති ප්‍රංශ ජාතික සමාජවාදීයා ලංකාවට උදව් කරනවා. ඔහුටත් අවශ්‍ය වෙලා තිබිල තියෙන්නෙ මූල්‍ය අරමුදල ඇමරිකානු ආධිපත්‍යයෙන් මුදව ගන්න. ඇමරිකානු විරෝධය තිබෙද්දීත් ණය මුදල අපට ලැබෙන්නෙ ඒ විදියට. 

ඒත් මෙහි දී අවාසනාවන්ත දෙයක් සිදුවෙනවා. ඇමරිකාව-විශේෂයෙන් ම හිලරිගේ කණ්ඩායම අයිඑම්එෆ් ප්‍රධානියා වූ ඩොමිනික්ගෙන් පළිගන්න උපක්‍රමයක් යොදනවා. ඒ තමයි ඔහු ව නිව්යෝර්ක් හෝටලයක දී පැණි උගුලක් (කාන්තාවක්) අටවා ඊට කොටු කර ගැනීම. ඩොමිනික් මේකට අහුවෙනවා. අත්අඩංගුවට පත්වෙනවා. ඔහුට අයිඑම්එෆ් රැකියාව අහිමි වෙනවා. ඒ විතරක් නෙමෙයි, ඇමරිකාව ලංකාට මේ ණය දුන්න නිසා කොච්චර පළිගත්ත ද කියනව නම් පස්සේ අර ලංකාව වෙනුවෙන් මූල්‍ය අරමුදලෙදි කතා කරපු හැම නිලධාරියෙකුගෙන් පළිගන්නවා. ඔවුන් සේවයෙන් පහත හෙළනවා. හැබැයි ලංකාව ඩොමිනික් අතහරින්නෙ නැහැ. ඩොමිනික් ද රැකියාව අහිමි වුනේ ලංකාව වෙනුවෙන් පෙනී සිටිය හින්ද නිසා ඔහුට ශ්‍රී ලංකා මහ බැංකුවේ උපදේශක තනතුරක් හිමිවෙනාව.
- මහින්ද පතිරණ -
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

වියත්මඟ සංවිධානය හා සම්බන්ධ වීමට ඔබත් කැමතිනම් පහත දැක්වෙන විස්තර pbfnewmembers@gmail.com විද්‍යුත් ලිපිනයට එවන්න; නම, වෘත්තිය, ජීවත් වන ප්‍රදේශය, දුරකතන අංකය, විද්‍යුත් ලිපිනය.  මීට අමතරව ඔබ ගැන කෙටි හැඳින්වීමක්ද එවන්නේනම් අගය කරමු.

If you wish to join us please send us the following information to "pbfnewmembers@gmail.com"; Name, Profession,  Location , Phone number, E-mail address.  We would also appreciate a Brief Description of  tour self as Additional Information.

මේ සමග අමුණා ඇති ලින්ක් එකෙන් සම්බන්ද වීමට කැමති අය ඔබගේ දත්ත ඇතුලත් කොට අපට එවන මෙන් ඉල්ලා සිටිමු.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network