Showing posts with label යහපාලනයේ බොරු කේප්ප වලට පිලිතුරු. Show all posts
ශ්‍රීලනිප පිරිසකුත් මේ පවට කර ගහලා -මහින්ද පාර්ලිමේන්තුවේ කළ කතාව සම්පූර්ණයෙන්



ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් සිය හෘද සාක්ෂියට අනුව කටයුතු කිරීමෙන් සිය පක්ෂයේ සැබෑ ස්ථාවරය තහවුරු කරනු ඇතැයි තමා විශ්වාස කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේ අද(16)පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමිනි.

ඔහු විසින් සිදුකළ සම්පූර්ණ කතාව පහත පරිදිය.

මෙවර අයවැය කතාව ඉදිරිපත් කරමින් මුදල් ඇමතිවරයා සඳහන් කළේ එය සම්ප්‍රදායික අයවැයක් නොවන බවයි.එය පසුගිය කාලවල අප ඉදිරිපත් කළ අයවැය සම්ප්‍රදායට වෙනස් බව පැහැදිලියි. මෙය ණය බර, බදු බර, දඩ බර ඇතුළත් රාජ්‍ය දේපල විකුණන, රට විජාතීයකරණය කරන අයවැයක්. එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්ති හා ජනතා සහන අහිමි කරන, ජනතාවට බර පටවන, ජාතික සම්පත් විකුණන, ජාතික ආර්ථිකය විදේශීයකරණය කිරීමේ සැබෑ එ.ජා.ප සම්ප්‍රදාය යළි හිස එසවූ  අයවැයක්.

මෙම රජය සිය ප්‍රචාරණ මාධ්‍ය මගින් පෙන්වා දෙන්න උත්සහ කරන්නේ රජයේ ණය බර පිළිබඳවයි. 2002 වසරේ "යළි පුබුදමු ශ්‍රී  ලංකා" වැඩසටහන මේ රටේ ජනතාවට සාධාරණීය කිරීමට උත්සහ ගත්තේත් මෙවැනිම ණය ගැන කතා කරමිනුයි. එවිට රජයේ ණය ජාතික අයවැයෙන් සියයට 105ක්ව තිබුණා.
ණය බර කියමින් බදු බර පැටවිමට සියයට 20ක වැට් බදු හඳුන්වා දුන්නේද ඒ අවුරුද්දේ එ.ජා.ප රජයයි. ඒවිදිහ‍ටම රාජ්‍ය සේවය ලක්ෂ 3ට කප්පාදු කිරීමට දකටයුතු කළා. 

රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප් අයිතිය ද අහෝසි කළා. රක්ෂණ, බැංකු, ඛනිජ තෙල්, CTB, සතොස වැනි රාජ්‍ය ව්‍යාපාර විකිණිම ආරම්භ කළේත් 2002 අවුරුද්දෙයි. විදේශිකයින්ට අපේ රටේ ඉඩම් විකිණීම ආරම්භ කළේත් ඒ අවුරුද්දෙමයි. ණය බර හා රාජ්‍ය ව්‍යපාර වල පාඩු පෙන්වමින් ඉතා ලාභදායි රක්ෂණ සංස්ථාව, රාජ්‍ය  ඉස්කාගාර සංස්ථාව, රාජ්‍ය වැවිලි සමාගම්, සීනි සංස්ථාව, රජය සතු වටිනා හෝටල් හා ඉඩම්, ගෑස්, දුරකථන,වානේ, සිමෙන්ති, ටයර්, පෙහෙකම්හල් ආදී රාජ්‍ය ව්‍යාපාර පුද්ගලීකරණය කිරීම එ.ජා.ප සම්ප්‍රදායයි. 

රජයේ ව්‍යාපාර 80කට වැඩියෙන් ඒ විදිහට 2004 දක්වා විකිණුවත් ණය බර අඩු වුනේ නැහැ. ඇතැම් ව්‍යාපාර වැසී ගියා.1977 ණය බර ජාතික ආදායමෙන් සියය‍ට 68.6ක් වුණා. රාජ්‍ය ව්‍යාපාර විකුණලත් 1994 එම රජය ඉවත්වන විට ණය බර ජාතික ආදා‍යමෙන්  සියයට 95ට වැඩිවී තිබුණා. චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුවෙන් ද පුද්ගලීකරණය ඉදිරියට ගෙන ගියත් 2002 වන විට ණය ප්‍රමාණය සියයට සියය ඉක්මවා තිබුණා. 2002-2004 රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ ණය බර සියයට102ක් වුණා. මෙසේ ණය බර සියයට සියය ඉක්මවා තිබුණේ ටෙලිකොම්, රක්ෂණ, ගෑස් වැනි ආදායම් උපදවන රාජ්‍ය සංස්ථාද විකිණිමෙන් පසුවයි. 

2005 -2014 අපේ පාලන කාලය තුළ පුද්ගලීකරණයට තිත තැබුවා. 2015 ජනවාරි මස මා ආණ්ඩුව භාර දෙන විට ණය බර සියයට 70.7ට අඩුකර තිබුණා. මේකයි මහ බැංකුව 2015වේ වාර්ෂික  වාර්තාවේ සඳහන් කරන සැබෑ තත්ත්වය. මේ අයවැයෙන් නැවත ණය බර ගැන කියන්නේ 2002-2004 කතාව අලුත් කරමින් එ.ජා.ප. න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමටයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්ෂණ කටයුතු ශක්තිමත් කර එහි ස්චාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවට සමස්ත මුල්‍ය ගෙවීම් ක්‍රමයම පුද්ගලික සමාගමකට පැවරීමට යෝජනා කර තිබෙනවා. මෙය බැංකු ක්ෂේත්‍රම අස්ථාවර කිරීමක් හා ශ්‍රී ලංකා මහ බැංකුවේ කටයුතු දුර්වල කිරීමක්. මහ බැංකු කටයුතුවල සිට වරාය, අනෙකුත් පාඩු ලබනවා යැයි කියන සංස්ථා පෞද්ගලීකරණය කිරීමටද ප්‍රවේශයක් ගෙන තිබෙනවා. මේ න්‍යාය මත අධිවේගි මාර්ගත්, දුම්රිය මාර්ගත් පමණක් නොව මොරගහකන්ද ජලාශයද ණය ගෙවීමට කියා පෞද්ගලීකරණය කරාවි. එම විනාශකාරී න්‍යාය පත්‍රයකට ශ්‍රී.ල.නි.ප.යේ කොටසක්ද කරගසා තිබීම ජාතියේ අවාසනාවක්. සැබෑ වෙනස එයයි. 

එංගලන්තයේ මෑත පැවති ජනමත විචාරණයෙනුත්, ඇමරිකාවේ පසුගිය දා පැවති ජනාධිපතිවරණයෙනුත් එම රටවල ජනතාව වෙළඳපල ආර්ථිකය, ගෝලීයකරණය  හා ජාත්‍යන්තර වෙළද ප්‍රතිපත්ති,එම රටවලට අහිතකර ලෙස බලපා ඇති සැටි පාලකයින්ට තේරුම්කර දුන්නා. "රිජීම් චේන්ජ්"(Regime Change) නිර්මාතෘවරු එම රටවල පාලකයින් ලෙස ප්‍රතික්ෂේප කළා. ජාතික අවශ්‍යතාවයන් ඉක්මවා එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කළා. ජාතික අනන්‍යතාවය, දේශීය ව්‍යාපාර, දේශීය ව්‍යවසායකයන් හා ජාතික ආර්ථිකය රැකගනිමින් ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ජාතික අවශ්‍යතාව එම ජනතාව පෙන්වා දුන්නා. 

අන්ධානුකරණයෙන් මේ රජය එම ප්‍රතිපත්ති තව තවත් වැළද ගනිමින් ජාතික ආර්ථිකය, ජාතික නිෂ්පාදනය, දේශීය ව්‍යාපාරිකයන් අවතක්සේරු කිරීම මේ අයවැයෙන් නැවත පණ ගැන්වූවා. විදේශ ආර්ථික කොලනියක් ඇතිකිරීමට මඟ පෑදුවා. ණය ආපසු ගෙවීමට සිදුවී ඇති නිසා අතිරේක බදු පැනවීමටත්, තවදුරටත් ණය ගැනීමටත් සිදු වී ඇති බව ප්‍රකාශ කරනවා. ණය ගනු ලබන්නේ ණය පියවීමට නම් රටේ ණය ප්‍රමාණය තවදුරටත් වැඩිවීමට ඉඩ නැහැ. එසේ වුණත් යතාර්ථය වී ඇත්තේ මේ රජය ණය ආපසු ගෙවීමටත් වඩා වැඩි ප්‍රමාණයක් ණය ගෙන ඇති බවයි.  2015 ජනවාරි මාසයේ සිට මේ දක්වා ඇ.ඩො.බිලියන 3.6ක් විදේශ වෙළඳපළෙන් පමණක් ණය ලබා ගෙන තිබෙනවා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලිනුත් ඇ.ඩො. බිලියන 1.5ක් ලබා ගෙන තිබෙනවා. මේ ණය වලින් ඉන්දියාවෙන් තාවකාලිකව මේ රජය විසින් ගනු ලැබූ ඩොලර් බිලියන 1.2 ප්‍රමාණය ගෙවනු ලැබුවා. වෙළඳපළෙන් අප වර්ෂයකට උපරිම ලෙස ගනු ලැබුයේ ඇ.ඩො.බිලියනයක් පමණි. අප ගත් සෑම ණය මුදලකටම ජාතික සංවර්ධනය‍ට අවශ්යය යටිතල පහසුකම් ව්‍යාපෘතියක් ඉදිකළා.   

2014 වර්ෂය අවසානයේ පැවති රු.බිලියන 7,391 වූ මුළු  ණය ප්‍රමාණය 2015 අවසාන වන විට රු.බිලියන8,503 දක්වා වැඩි කර තිබෙනවා. එම ප්‍රමාණය 2016 ජූනි වන විට රු.බිලියන9,062 දක්වා වැඩි වී තිබෙන බව අයවැයේද සඳහන් කර තිබෙනවා. එය වර්ෂය අවසානයේ රු.බිලියන 10,000 ඉක්මවන බව පෙනී යනවා. ණය ගනු ලබන්නේ ණය ගෙවීමට පමණක් නම් මේ අකාරයට පසුගිය අවුරුදු 2 තුළ පමණක් රු.බිලියන2,600ට වැඩි ප්‍රමාණයකින් ණය තොගය වැඩි වුනේ කෙසේද? 

එපමණක් නොව ජාතික ආදායමට අනුව 2015 අවසන් වන විට රජයේ ණය 2014 සියයට 70.7 සිට සියයට 76 දක්වා වැඩි වී තිබෙනවා. එය මේ වර්ෂය අවසාන වන විට සියයට 78 පමණ මට්ටමකට පැමිණීමට ඉඩ තිබෙනවා. එක් අවස්ථාවක සඳහන් කළේ ඇතැම් ණය පොත්වල සටහන් වී නොමැති බවයි.පොත්වල සටහන් වී නොමැති ණය දෙනු ලැබුවේ කව්ද? ගිවිසුම් නැති ණය ආපසු ගෙවන්නේ කුමකටද?  IMF වාර්තාවෙන් හෙළිවුනේ කුමක්ද? මේවාට පිළිතුරු සපයා නැහැ. 


ඊට පසු සඳහන් කළේ සංස්ථාවල ණය ගෙවීමට තිබෙන බවයි. මේවා එම සංස්ථාවල වාණිජමය කටයුතු වලට අදාළ ණය මුදල්. මහ බැංකු වාර්තාවල මේ සියල්ල සඳහන් වෙනවා. ඒවා එම ආයතන වල ආදායම් වලින් ගෙවන ණය. ඉතිහාසය පුරා රාජ්‍ය  ව්‍යාපාරවල ණය එම ආයතනවල ගිණුම්වල මිස අයවැයට ඇතුළත් වන්නේ නැහැ. 

අයවැයට ඇතුළත් වන්නේ රජය විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ණය දෙපාර්තමේන්තුව මගින් ගනු ලබන ණය පමණයි. ඒවා සියල්ල බැංකුවේ වාර්තා ගත වෙනවා. රාජ්‍ය ව්‍යාපාර ගනු ලබන ණය එම ව්‍යාපාරවල වාර්ෂික ගිණුම්වල සෑම වර්ෂයකම වාර්තා කරනවා. සියලු භාණ්ඩාගාර ඇපකර පාර්ලිමේන්තුවටද වාර්ෂිකව වාර්තා කරනවා.  එම නිසා ණය ගෙන ඇත්තේ ණය ගෙවීමට පමණක් යැයි කරනු ලබන මේ ප්‍රකාශය පාර්ලිමේන්තුව මෙන්ම මේ රටේ අහිංසක මහජනතාව මුළුමනින්ම නොමඟ යැවීමට ගොතනු ලබන අසත්‍යයක්. 

රජය වසර 2ක් තුළ ණය ලබා ගෙන ණය තොගය වැඩිකර තිබුණත් මේවනතෙක් ක්‍රියාත්මක කළ ව්‍යාපෘතියක් තවම අපට දැකගත නොහැකි වී තිබෙනවා. අයවැය මගින් රුවන්පුර අධිවේගි මාර්ගය බදුල්ලට දීර්ඝ කරන බව ප්‍රකාශ කළා. මෙය හොඳ යෝජනාවක්. එසේ වුනත් වසර 2ක් ගතවෙලත් බදුල්ලට තබා රත්නපුර අධිවේගි මාර්ගයේ කටයුතුවත් තවම ආරම්භවී නැහැ.ණය ලබා ගැනීමට බලාපොරොත්තු වන චීනයේ 
පොලී වැඩියි කියා එම රජයටත් දෝෂාරෝපණය කරනවා. 

උතුරු අධිවේගි මාර්ගය නමින් කොළඹ සිට මහනුවර කුරුණැගල, දඹුල්ල සම්බන්ධ කිරීමට අප සැලසුම් කර තිබූ අධිවේගි මාර්ගය වියදම් වැඩියි කියා වසර 2ක් අතපසුකළා.නම "මධ්‍යම අධිවේගී මාර්ගය" කියා වෙනස් කළා. අවසානයේ අපගේ ප්‍රතිපත්තියම පිළිගනිමින් දේශීය ඉදිකිරිම්කරුවන්ගෙන් එම මාර්ගයේ කොටසක් ඉදිකිරීමට තීරණය කර තිබෙනවා. ජපානයෙන්ද, චීනයෙන්ද ඉතිරි කොටස් වලට ණය ගන්නවා.කෙරවලපිටිය - කඩවත අධිවේගි මාර්ගය සැලසුම් කර තිබූ පරිදි ක්‍රියාත්මක කළේ නම් දැනට වඩා ඉතා අඩු වියදමකින්, මංතිරු 6කින් යුතුව, එම ප්‍රදේශයේ ගංවතුර හා පරිසර අවදානම් වළක්වා ගනිමින්,මේ වන විට නිම කිරීමටද තිබුණා. 

ඉදිකිරීම් අත්හිටවූ එම අධිවේගි මාර්ගය මංතිරු ප්‍රමාණය අඩු කර, ගංවතුර අවදානම් ගැන නොසලකා දැන් ඉදිකරනු ලබන්නේ මුලින් ඇස්තමේන්තු කළ වියදමටත් වඩා වැඩියෙනුයි. රත්තරන් වලින් ඉදිකරනවා යැයි චෝදනා කළ අධිවේගී මාර්ගය දැන් ප්ලැටිනම් වලින් ඉදිකරන බව සමහරු කියනවා. ඉදිකරන්නේද කලින් සමාගමමලු. ණය සපයන්නෙත් චීනයෙන්මයි. ආපසු ගෙවීමේ කාලය හා පොලියේ වෙනසක්වීත් නැහැ. 
කොළඹ වරාය නගරය ක්‍රියාත්මක කිරීම අත්හිටවූවේ නැතිනම් මේ වන විට අක්කර 400ක් පමණ ප්‍රමාණයක් රජයට අයිති  කර ගැනීමට ද තිබුණා. එයද යළි අරම්භ කළේ චීනය හා ශ්‍රී ලංකාව තුළ පැවති විශ්වාසනීයත්වයද පළුදු කර ගෙනයි. 

චීනයෙන් 2015 අවසන් වන විට ලබාගෙන තිබූ ණය ඇ.ඩො.බිලියන  3,800ක් පමණ වෙනවා. ඒවායෙන් විදුලි බලාගාර, වරාය, අධිවේගී මාර්ග, වාර්මාර්ග ආදී දිගුකාලීන යටිතල පහසුකම් ආයෝජන සිදු කර තිබෙනවා. මොරගහකන්ද වාරිමාර්ග ක්‍රමය ඉදිකරන්නෙත් චීන ණය යටතේයි. එයිනුත් ආර්ථික ඵලදාව ලබා ගන්න කල්යනවා. ණය ගෙවන බව කියා මේවා විකිණීම රජයක වගකීමද?මහින්දෝදය විද්‍යාගාර ඇතුළු පාසැල් සංවර්ධනය, සති පොල ඉදිකිරීම්, ග්‍රාමීය කෘෂිකාර්මික සංවර්ධන කටයුතුද නතර කළා. ඒවා දිගටම කරගෙන ගියේ නම් ඒවායේ ප්‍රතිලාභ ජනතාවට ලබාගන්න තිබුණා. පාසැල් සිසුන්ට ටැබ් දීම හොඳ යෝජනාවක්. නමුත් පසුගිය අයවැයෙන් විශ්ව විද්‍යාල සිසුන්ට දෙනවා යැයි කියූ ටැබ් තාමත් ලැබී නැති බව වාර්තා වෙනවා. ඒ විතරක් නෙමෙයි අන්තර්ජාල ගාස්තු සියය‍ට 25කින් වැඩි කර තිබෙන නිසා ටැබ් නොමිලයේ ලැබුණත් එම දරුවන්ට ඒවා පාවිච්චි කිරීම‍ට මුදල් සොයා ගැනීමට සිදු වෙනවා.

2015 සඳහා අපඉදිරිපත් කළ අයවැයෙන් පිරිවෙන් අධ්‍යාපනය ලබන භික්ෂූන් වහන්සේලා සඳහා දීමනා ලබාදීම ක්‍රියාත්මක නොකර 2017 වසරේ සිට හෝ නැවත ක්‍රියාත්මක කිරීම අගය කළ යුතුයි. එහෙත්  වෙන්කර ඇති ප්‍රතිපාදන එම අධ්‍යාපනය ලබන භික්ෂූන් වහන්සේලාගේ අඩකටවත් ප්‍රමාණවත් වන්නේ නැහැ. අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරන ලෙස ඉල්ලුම් කරනවා. සීනි කර්මාන්තය, කුකුල්මස් නිෂ්පාදනය, දේශීය කිරි නිෂ්පාදනය හා මත්ස්‍ය නිෂ්පාදනයට අපේ රජය ගෙන ගිය ප්‍රතිපත්ති මේ අයවැයෙන් පිළිගෙන තිබෙනවා. මේ ප්‍රතිපත්ති වැරදියි කියා කිරි ගවයන් 20,000ක් ගෙන්වීම නතර කළා. කිරිපිටි මිල පහත දමා දේශීය ගොවියා අධෛර්ය කළා. නිවැරදි ප්‍රතිපත්ති කවුරු කළත් නිවැරදියි. 

යහපාලනයෙන් මේවා ඉදිරියට ගෙන ගියේ නැහැ. එසේ ඉදිරියට ගෙන ගියා නම් සීනි, කිරි, මාළු, කුකුල් මස් දේශීය නිෂ්පාදන තව දුරටත් ඉහළ යවා ගත හැකිව තිබුණා. ස්වයංපෝෂිතවී තිබූ බඩඉරිඟු නිෂ්පාදනය කඩා වැටුණා. දේශීය ඉදිකිරීම් කර්මාන්තය කඩා වැටුණා. මෙම අයවැයෙන් දේශීය කිරි, උක් දඩු සඳහා සහතික මිලක් නියම කිරීම අගය කළ හැකියි. කිරි ගවයින් 20,000ක් 2017 හෝ ගෙන්වීම ඉතා වැදගත් පියවරක්. කුකුල් මස් නිෂ්පාදනය දිරි ගැන්වීම වගේම මිරිදිය මත්ස්‍ය කර්මාන්තය දියුණු කිරීමට ගෙන ඇති යෝජනා ද අගය කරනවා. දේශීයව නිෂ්පාදනය කළ හැකි අනවශ්‍ය  ආනයන අඩු කිරීම‍ට කළ යුත්තේ එයයි. 

පසුගිය රජයන් සියල්ලම පාහේ සැලසුම් කර තිබූ එහෙත් ඉටු කරගත නොහැකි වූ හම්බන්තොට වරාය, තෙල් ගබඩා සංකීර්ණය හා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අප රජය විසින් චීන ණය අධාර යටතේ ඉදිකරනු ලැබුවා. දකුණු අධිවේගී මාර්ගයට ජපානය හා ආසියානු සංවර්ධන බැංකුවේ ණය මුදලින් කරගත හැකි වුනේ කොළඹ සිට ගාල්ල දක්වා පමණයි. ගාල්ල සිට හම්බන්තොට දක්වා එම අධිවේගී මාර්ගය ඉදිකෙරුනේ චීන ණය ආධාර යටතේයි. හම්බන්තොට මෙන්ම බොහෝ ප්‍රදේශ වල ආයෝජන ආකර්ශනය වැඩි කළේ මේ ආකාරයටයි. ඒවා  දිගුකාලීන ජාතික ආයෝජනයන්. අවුරුදු 15-20 අතර කාලයක් මෙම ණය ගෙවීමට ඉඩ ලබා දි තිබෙනවා. චීනයෙන් මේ දක්වා ලබාගත් මුළු ණය ප්‍රමාණයවන ඇ.ඩො.බිලියන 3,800න් ඇ.ඩො.මිලියන 300 හැර ඉතිරි සියල්ල සඳහා පොලිය සියයට 2ක් පමණ වෙනවා. ඩො.මිලියන 300 සඳහා දෙනු ලැබූ පොලිය අඩු කිරිමට මා කළ ඉල්ලීමද චීන රජය එවකට සලකා බලමින් සිටියා. හම්බන්තොට ආයෝජන කලාපයක් වුනේ මෙවැනි ආයෝජන නිසයි.

එසේ තිබියදීත් වරාය සුදු අලියෙක් යැයි ප්‍රකාශ කරමින් වරාය හා තෙල් ගබඩා සංකීර්ණය දැන් ඇ.ඩො.මිලියන1,200කට චීනයේ සමාගමකට විකිණීමට රජය කටයුතු කරනවා.මුලින් ගුවන්තොටුපොල වී ගබඩාවක් කර එහි ජාත්‍යන්තර වටිනාකම විනාශ කළා. මේවා සුදු අලි නම් ආයෝජකයින් ඒවා ඉදිකිරීමේ වියදමටත් වඩා වැඩි මුදලක් ගෙවා මිලදි ගන්නේ ඇයි? ‍මේ ආයෝජන සඳහා මොලය කාගේදැයි සහ විකිණීමේ මොලය කාගේදැයි මේ අයවැයෙන් හොඳට පැහැදිලි වෙනවා. 

මේවා ජාතික සම්පත්. අපේ සෑම යටිතල පහසුකමක්ම ඉදිකර තිබෙන්නේ මේ වගේ ණය මුදල් චීනයෙන්, ජපානයෙන්, ඉන්දියාවෙන්,කොරියාවෙන්, ආසියානු සංවර්ධන බැංකුවෙන්, ලෝක බැංකුවෙන්,යුරෝපා රටවලින් සහ මැද පෙරදිගින් ණය අරගෙන. ඒ ජාතික සම්පත් විකිණීම අපරාධයක්. එය එක් රටක සමාගමක ඒකාධිකාරියක් බවට පත් කිරීම තවත් විශාල තර්ජනයක්. ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන්ට නාවික ක්ෂේත්‍රයට සම්බන්ධ වී එහි වාසි රටට ලබා ගැනීමට එය දැඩි තර්ජනයක් වෙනවා. කොළඹ වරායත්, වරාය අධිකාරියේ මෙහෙයුම් තටාංගන පවත්වා ගනිමිනුයි පුද්ගලික නැව් ත‍ටාංගණ පවත්වා ගැනීමට ඉඩ දි තිබෙන්නේ. 

එපමණක්නොව එම වරාය හා ගුවන්තොටුපොල ආසන්නව මේ රටේ ජනතාවට අයිති අක්කර 15,000ක ඉඩම් විදේශිකයන්ට දීමේ සාධාරණයක් තිබෙනවාද? අපේ රටේ මෙවැනි ජාතික සම්පත් විදේශ රටවල සමාගම් වලට විකිණීම දේශීය ව්‍යාපාරිකයින්ට විශාල අවාසියක්. එම රටවල ‍ආයෝජකයන්ට එම රටවලම ආයෝජන පහසුකම් තිබෙනවා. ඒවා අපේ ආයෝජකයන්ට දෙන්නේ නැහැ. අපේ ව්‍යවසායකයන් නැගිටින්න ඕන මේ රටේම ආයෝජනය කරලා. ඒ ශක්තිය ඔවුන්ට තිබෙනවා. මේ නිසයි ඉන්දියාව සමඟ එට්කා වැනි ගිවිසුම් හෝ වෙනත් රටවල් සමග නිදහස් වෙළඳ ගිවිසුම් ඇතිකර ගැනීමට පෙර අපේ රටට දැනටමත් එම රටවල් සමඟ කරන ගණුදෙනු වලින් ඇති වී ඇති වෙළද අවාසි ඉවත්කර, එවැනි අවාසි ඇති වීම වැලැක්වීම‍ට අවශ්යි නීති සකස් කර ගැනීමට ප්‍රථමයෙන් කටයුතු කළ යුත්තේ.   

අපේ රටේ කටුනායක නිදහස් වෙළඳ කලාපය ප්‍රමාණත්වයෙන් අක්කර 530ක පමණ භූමියක්. බියගම අක්කර 450යි. අනෙකුත් සියළු ආයෝජන කලාප අක්කර 400ට අඩුයි. ආයෝජන කලාප 12ම රජය සතුයි. මේ ආයෝජන කලාපද තවමත් මුළුමනින්ම පිරී නැහැ. මෙසේ තිබියදී එක රටක එක සමාගමකට වරායත්, ගුවන් තොටුපොළත් අක්කර 15,000ක භූමි ප්ර මාණයකුත්  ලබාදීම මේ රටේ ස්වාධිනත්වයට, ජාතික ආරක්ෂාවට, දේශීය නිෂ්පාදකයින්ට හා ආයෝජකයින්ට එල්ල කරනු ලබන  බලවත් තර්ජනයක් ලෙස අපි දකිනවා.

හම්බන්තොට වරාය ජාත්‍යන්තර නාවික සිතියමේ කේන්ද්‍රස්ථානයක්. මෙවැනි මධ්‍යස්ථානයක් එක සමාගමකට විකිණීම මුළු රටම විකිණීම හා සමානයි. එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක අගමැතිතුමා සිය රජයේ පළමු කාර්ය කරගත්තේ කටුනායක ගුවන් තොටුපොල හා ත්‍රීකුණාමල වරාය විදේශිකයන්ගෙන් නිදහස් කර ගැනීමයි. එයයි ශ්‍රී.ල.නි.ප ප්‍රතිපත්තිය. මේවාට ඉදිරිපත්වන ආයෝජකයින්, රක්ෂණ සංස්ථාව, නැව් තෙල් සමාගම, වෝටර්ස් එජ් වැනි ආයතන රජයට පවරා ගත් ආකාරය සිහි කර ගැනීම සුදුසු බව මට පේනවා. පෞද්ගලීකරණය කරනු ලබන වරාය ඇතුලු සියලු රාජ්යැ සම්පත් අපට ආපසු ගැනීමට සිදු වෙනවා. එ.ජා.ප.ය පෞද්ගලීකරණය කර තිබූ ත්රිසකුණාමලයේ තෙල් ගබඩා සංකීර්ණය අප රජය ඛනිජ තෙල් සංස්ථාවේ අයිතියේ තබා ගැනීමට සැලසුම් කළේත්එය ජාතිය සතු විය යුතු සම්පතක් ලෙස බණ්ඩාරනායක අගමැතිතුමාගේ සිහිනය වූ නිසයි. කොයිම රටකටවත් අපේ ජාතික යටිතල පහසුකම් විකිණීම අප අනුමත කරන්නේ නැහැ. හම්බන්තොට ජනතාව  අක්කර 15,000ක සිය නිජබිම් ඉඩම් වෙනත් රටක‍ට විකිණිමට ඉඩ නොදෙන බවත් ම‍ට විශ්වාසයි. මෙවැනි පෞද්ගලීකරණ වැඩපිළිවෙළින් වැලකි දිගු කාලීන මිත්රකත්වය පලුදු නොකර පවත්වා ගැනීමට කටයුතු කරණු ඇතැයි මා ගැණුම් කරුවන්ගෙන් ඉල්ලා සිටිනවා.

මෙම අයවැය මගින් ණය බර හුවා දක්වමින් පුද්ගලීකරණයට අමතරව බදු බරද වැඩි කර තිබෙනවා. පසුගිය කාලය තුල නැගී එන ආර්ථික ක්ෂේත්‍රයන් වූ සංචාරක, තොරතුරු තාක්ෂණ,  ඉදිකිරීම්, සෞඛ්‍ය සේවා වල ‍අදායම් බදු සියයට 12 සිට සියයට 28 දක්වා වැඩි කර තිබෙනවා. අපනයනයට මුල්තැන දෙනවයි කියන මේ රජය භාණ්ඩ අපනයන බද්ද සියයට 12 සිට සියයට 14 දක්වාත්, සේවා අපනයන 0 සිට සියයට 14 දක්වාත් වැඩි කර තිබෙනවා. කෘෂිකාර්මික අංශය සඳහා සියයට 10ක්ව පැවති ආදායම් බද්ද සියයට 14 කර තිබෙනවා. එපමණක් නොව, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වල ආදායම් බද්ද වැඩි කර තිබෙනවා. කුකුල් ගොවිපලවල් සඳහාද ආදායම් බද්ද සියයට 12 සිට සියයට 28 දක්වා වැඩි කර තිබෙනවා. මෙම සියළු කර්මාන්තවල බහුල වශයෙන් නිරතව සිටින්නේ දේශීය ව්‍යාපාරිකයන්. ඔවුන් දිරි ගැන්වීම වෙනුවට ඔවුන්ට වැඩි බදු බරක් පටවා මේ අයවැය සිදු කර ඇත්තේ  විදේශිකයන් දිරි ගැන්වීමයි. විදේශිකයන්ට ඉඩම් ලබා ගැනීමේ අයිතිය, නිවාස ලබා ගැනීමේ අයිතිය ලිහිල් කර තිබෙනවා. රජයේ ප්රීධාන හා මූලික වගකීම දේශීය ව්යාමපාර හා දේශීය ව්යාතපාරිකයන් දිරිගැන්වීමයි. ඔවුන්ට උදව් කිරීමයි.  

මේ අයවැය මගින් පරිභෝජනය සඳහා වැට් බදු,NBT,නිෂ්පාදන බදු, ආනයන බදුආදී සියල්ලද වැඩි කර තිබෙනවා. බැංකු වලින් මුදල් ආපසු ගැනීම  සඳහාද බදු පැනවී තිබෙනවා. මේ නිසා බදු ක්‍රමය සංකීර්ණවී තිබෙනවා. ඇස්තමේන්තු ගත මුළු බදු ආදායම වන රු. බිලියන 1,821න් රු. බිලියන 1,564ක් එනම් සියයට 85ක් වක්‍ර  බදු වලින් ලබා ගැනීමට සැලසුම් කර තිබෙනවා. මේ නිසා සියලු ආහාර පාන අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා වියදම් වැඩි වෙනවා. පරිභෝජන ඉල්ලුම අඩු වෙනවා. දේශීය ව්යාඩපාර විශේෂයෙන් සුලු හා මධ්යිම පරිමාණ ව්යා පාර පසුබෑමකට ලක් වෙනවා. 

පරිභෝජනයට පමණක් නොව ඉතිරි කිරීම් වලටද බදු වැඩිකර තිබෙන අයවැයක්. සේවක අර්ථසාධක අරමුදල, සේවක භාරකාර අරමුදල, විශ්‍රාම අරමුදල් සඳහාද ආදායම් බද්ද සියයට 10 සිට සියයට 14 දක්වා වැඩි කර තිබෙනවා. ඒවායේ ලාභය සේවකයන්ට පවරනවා වෙනුවට සේවකයන්ගේ ජීවිත කාලය තුළකළ ඉතිරිකිරීම් ඉහළ බදු මගින් රජයට ගැනීම සාධාරණද?  

භාණ්ඩාගාර සුරකුම්පත් වල පොලිය සඳහා ඇති බද්දද සියයට 10 සිට සියයට 14 දක්වා වැඩිකරතිබෙනවා. ඒ නිසා ඒවායේ ආයෝජනය කරන්නන්ගේ පොලිය අඩුවෙනවා. එපමණක්  නොව සමෘද්ධිලාභියාගේ සිට සමාන්‍ය ජනතාවගේ ඉතිරි කිරීම් සඳහා රු.60,000ක පොලී ආදායම් සඳහා වූ වාර්ෂික බදු සහනය ඉවත් කර තිබෙනවා. සියයට 2.5ක්ව පැවති පොලී මත බද්ද සියයට 5 දක්වා වැඩි කර තිබෙනවා. එම නිසා අඩු ආදායම්ලාභීන්ගේ  සිට දරුවන්, වැඩිහිටියන් අතුළු සියළු දෙනාගේම ඉතිරි කිරීම් වලින් ලැබෙන පොලියට සියයට 5ක බද්දකට යටත් වෙනවා.

සමෘද්ධිලාභීන්ට සහල් කිලෝ 5ක් දෙනු ලබන්නේද සමෘද්ධිදීමනාවෙන් මුදල් කපාගෙනයි. සමෘද්ධිලාභීන්ට දෙනු ලබන දීමනාවෙන් සහල් හෝ ධාන්යන හෝ වෙනත්  පරිභෝජන භාණ්ඩයක් ලබා ගැනීම ඔවුන්ගේ මූලික  අයිතියක්. එම අයිතියද මෙම අයවැයෙන් උදුරා ගෙන තිබෙනවා. හාල්මැස්සන් කිලෝවක් සඳහා රු.5ක්ද, සීනි කිලෝවක් සඳහා රු. 2ක්ද මිල අඩු කලබව අයවැයෙන් සඳහන් කලත් සමාන්යද මිනිසුන් 
මෙවැනි භාණ්ඩ එදිනෙදා මිලදි ගන්නේ ග්රෑසම් 100 /200 ප්රාමාණ වලින්. මේ මිල අඩු කිරීම් වලින් ඔවුන්ට නම් කිසිසේත් සහනයක් වෙන්නේ නැහැ. 

පෞද්ගලික අංශයේ හා රාජ්යඅ අංශයේ සේවකයන්ගේ උපයන විට බදු සඳහා පැවති බදු නිදහස් දීමනාදඉවත් කිරීම මගින් ඔවුන්ටදබදු බර වැඩි කර තිබෙනවා.  රජයේ නිළධාරීන් හා රාජ්යම ව්යාතපාරවල නිළධාරීන්ටත් ඉහළ බදු ප්‍රමාණයක් ගෙවීමට සිදු වෙනවා.එහෙත් මෑත කාලවල අයවැයෙන් සම්ප්රහදායිකව කළ රාජ්යය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම මේ අයවැයෙන් යෝජනා කර නැහැ. වැටුපට එකතු කරනවා යැයි කී රු.10,000ක දීමනාවද දැන් අමතක වී තිබෙනවා. එයත් අධ්‍යාපනයට  ජාතික අදායමෙන් සියයට 6ක් 
වෙන් කළා වගෙයි. 

ලෝක වෙළඳපලේ තෙල් හා ගෑස් මිල සීඝ්‍ර ලෙස අඩු වී තිබුනත් භූමිතෙල් හා ගෑස් මිල අඩුකර ‍තිබෙන්නේ ඉතා සුළුවෙනුයි. රු.25කින් ගෑස් මිල අඩු කර, අයවැයට පිටින් ජලය සඳහා අවම ජල ගාස්තුව රු. 200කින් වැඩි කර තිබෙනවා. එය දැන් ඇමති අනුකාරක සභාවකට පරීක්ෂා කිරීම සඳහා  තාවකාලිකව අත්හිටුවා තිබෙන බව කියනවා. ඇමති අනුකාරක සභාව මේ ගැන පරීක්ෂා කිරීමට තිබුනේ ගැසට් කරන්න පෙර නොවේද? 

ඛනිජ තෙල් සංස්ථාව හා විදුලිබල මණ්ඩලයේද ණය ගැනීම් වැඩි වී ඇති බව ද වාර්තා වෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුවේද පාඩු තිබෙන බව අයවැය ඇස්තමේන්තු වලින් පෙන්නුම් කර තිබෙනවා. ඒ නිසා ඉදිරියේදි දුම්රිය ගාස්තු, විදුලි ගාස්තු ද වැඩිවනු නොඅනුමානයි. මේ ගාස්තු වැඩි කළත් අයවැයට පිටින් බියර් සමාගම්වලට මිලියන ගණනින් තීරුබදු සහන දී තිබෙනවා.2015 සිට ලෝක වෙළඳපලේ තෙල් මිල ගණන් බැරලයකට ඇ.ඩො.40ක පමණ මට්ටමක තිබෙනවා. 2014 දක්වා එම මිල ගණන්  ඇ.ඩො.80-100 වැනි ඉහළ මට්ටමක තිබුණේ. 2015 මහ බැංකු වාර්තාවට අනුව තෙල් ආනයන වියදම ඇ.ඩො.මිලියන 4,597යි.එය 2015 ඇ.ඩො.මිලියන 2,700ට අඩුවී තිබෙනවා. එය වර්ෂයකට ඇ.ඩො.මිලියන 1,900ක ඉතිරියක්. රුපියල් කෝටි 27,500 ක්. 2016 දීද ඒ හා සමාන ඉතිරියක් තෙල් ආනයනයෙන් ඇති වී තිබෙනවා. ඒ අනුව වසර 2ක තුළ ඇ.ඩො.මිලියන 3,800ක පමණ ඉතිරියක් නැතහොත් රුපියල් කෝටි 55,100ක පමණ ඉතිරියක් ඇති වී තිබෙනවා. මේ ඉතිරියට මොකද කළේ?

විදේශ සංචිත ඇ.ඩො.මිලියන 6,500ට පහත වැටී තිබෙනවා. 2004 දී විදේශ සංචිත ප්රේමාණය ඩො.මිලියන 2,200ක්  වූ අතර එය 2014 වන විට ඩො.මිලියන 8,200ක් බවට අප පත් කළා. 2009 දක්වා යුධ වියදම්,2014 දක්වාම අධික තෙල් වියදම් හා යටිතල පහසුකම් හා ග්රාොමීය සංවර්ධනය සඳහා වියදම්, රජයේ සේවාවන් සඳහා සේවකයන් බඳවා ගැනීම් හා වැටුප් වැඩි කිරීම් අප කළමනාකරණය කළා. 
පොහොර සහනාධාරය, පාසැල් නිලඇඳුම් වැනි සහන  වසර 10ක් තුළ අඛණ්ඩව පවත්වා ගත්තා. රණවිරුවන් හා ඔවුන්ගේ මාපියන්ට සහන සැලසුවා. 

යුද්ධය නිමා කිරීමත් සමග උතුරේ බිම් බෝම්බ ඉවත් කර A9 මාර්ගය, දුම්රිය මාර්ග ඇතුළු මූලික යටිතල පහසුකම් සම්පූර්ණ කළා. නැගෙනහිර පළාත සංචාරක කලාපයක් ලෙස සීඝ්‍ර  දියුණුවකට පත් කළා. කොළඹ හා තදාසන්න ප්රදදේශ පරිසර හිතකාමී ආසියාවේආකාර්ශණීය නාගරීක ප්‍රදේශයක් බවට පත් කළා.මේ අතර 2004 ජාතික ආදායමෙන් සියයට 7.5ක් ව පැවති අයවැය හිඟය 2014 වන විට සියයට 5.7 දක්වා අඩු කලා. උද්ධමනය සියයට 3කපමණ මට්ටමකට අඩු කළා. ණය පොලී අනුපාත සියයට 10ට අඩු මට්ටමකට ගෙන එනු ලැබුවා.  එසේ වුවත් වසරක් ඇතුළත යහපාලනය විසින් අයවැය හිඟය 5.7 සිට 7.4 දක්වා වැඩි කළා. මේ සියල්ල කළේ රටට දැරිය නොහැකි පොරොන්දු රාශියක් වගකීමෙන් තොරව "දින 100 වැඩසටහන" යටතේ ඉටු කිරීමට කටයුතු කළ නිසයි. එම පොරොන්දු ක්‍රියාත්මක කිරීම නිසා ඒවායින් ප්‍රතිලාභ ලැබූ රජයේ සේවකයන්ගෙන් ඔවුන්ගේ  විශ්‍රාම වැටුප නැවතීමෙනුත්, සමස්ත ජනතාවගෙන් ඉහළ වැට් බදු ලබා ගැ‍නීමටත්, සංවර්ධන වියදම් කපා හැරීමටත් දැන් සිදු වී තිබෙනවා.ණය පොලී අනුපාත සියයට 14 ඉක්මා තිබෙනවා. විදේශ සංචිත අඩුකර ගත්තා.එයට අමතරව භයානකම ක්‍රියාමාර්ගය වී ඇත්තේ  වි‍දේශිකයන්ට රටේ යටිතල පහසුකම් සහ ඉඩම් විකිණීමයි.

2017 වර්ෂය සඳහා ඇස්තමේන්තු කර ඇති ආදායම 2016 වර්ෂයට වඩා රු. බිලියන 440ක වැඩිවීමක්. එය රු.බිලියන 200ක පමණ අධි තක්සේරුවක්. ජත්යයන්තර මුල්‍ය  අරමුදලේ ඉලක්කයන් සපුරා ගැනීමට අයවැය සකස් කර ඇතත් 2017 ආදායම් ඇස්තමේන්තුව ලඟා කර ගැනීම සදහා අතිරේක බදු පැනවීමේ අවධානම මතු වෙනවා. අයවැය හිඟය සඳහා ඇති ඉලක්කය වෙනුවෙන් ප්‍රාග්ධන වියදම් කපා හැරිම‍ හෝ තවදුරටත් ණය ගැනීමටද සිදු වෙනවා. විදේශ වාණිජ ණය පමණක් රු. බිලියන 220 ක් ලෙස ඇස්තමේන්තු කර තිබෙනවා. එය රු. බිලියන 230ක අනෙකුත් විදේශ ණය වලට අමතරවයි. මෙම ආදායම් අවිනිශ්චිතභාවය නිසා මෙන්ම දැනටමත් ක්රිණයාත්මක වැට් හා අනෙකුත් බදු වලින් පොලි අනුපාත හා උද්ධමනය ද වැඩි වෙනවා. විනිමය අනුපාතය අස්ථාවරත්වය ද දැකිය හැකියි. මේ නිසා ජීවන වියදම් මට්ටම තවදුරටත් දුෂ්කර වීම මේ අයවැයෙන් ඇතිවන තවත් ප්රහතිථලයක්. 

අවසාන වශයෙන් මේ අයවැය විසින් එ.ජා.ප සම්ප්‍රදායික යථාර්ථයක් කර තිබෙනවා. එයට ශ්‍රී.ල.නි.පයෙන් කොටසකුත් සම්මාදම් වෙලා. මේ පාප කර්මයට සැබෑ ශ්රීත ලංකා නිදහස් පාක්ෂිකයන්ට සිය හෘද සාක්ෂියට අනුව දායකවිය නොහැකියි. රාජ්යේ ආයතන පෞද්ගලීකරණය,  සුභසාධන වියදම් කපා හැරීම, රාජ්‍ය සේවය දුර්වල කිරීම, දේශීය ව්‍යාපාරිකයන් අධෛර්ය කිරීම, දේශීය පාරිභෝගිකයන්ට බදු බර පැටවීම, විදේශිකයන්ට වැට් බදු ආපසු ගෙවීම මෙන්ම ඉඩම් හා නිවාස ලබාදීමට කටයුතු කර තිබෙනවා. විදේශ කොලනියක් බවට අපේ රට පත් කිරිම මෙහි භයානකම පියවර බව පැහැදිලි වෙනවා. 

හම්බන්තොට වරාය විකුණා ඔවුන්ට අක්කර 15,000ක භූමිය ලබාදීම විදේශකරණය කිරීමේ භායානක පියවරක්. ත්රි0කුණාමල වරාය ආශ්‍රිත ප්‍රදේශද මේ අයුරින්ම විදේශකරණය කිරීමේ පියවරක්. අධිරාජ්‍යවාදීන් උඩරට වතු අයිති කර ගනිමින් එම ප්‍රදේශ වල ජනතාවට ඉඩම් අහිමි කළ අයුරින්ම හම්බන්තොට,ත්‍රීකුණාමල ප්‍රදේශවල ජනතාවටද ඒ ඉරණම මේ අයවැයෙන් අත්පත් කර දී තිබෙනවා. එම ප්‍රතිපත්ති ජනතාවට සාධාරණය කරන්නේ රූපවාහිනිය මගින් තම ප්රනචාරණ කටයුතු මෙහෙයවන සමාගමට මුදල් ගෙවා නැති ණය බරක්  හා දූෂණ ගැන මවාපෑම මගිනුයි. මෙයට ඉඩ දිය නොහැකියි. ණය ගෙවීමට බැරිනම් ඒ සඳහා කල් ගැනීමට මිත්‍ර රටවල් සමඟ සාකච්ඡා කිරීමට අපේ විදේශ ප්‍රතිපත්තිය යොදා ගැනීම රටක්, ජාතියක් විකිණීමට වඩා උතුම් බව තේරුම් ගත යුතුයි. 


මෙම අයවැය ගැන ගැමියන් කියන්නේ "ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ" අයවැයක් කියලයි. තවත් සමහර අය කියන්නේ "නිර්මාංශ ආහාර ඉල්ලන පුද්ගලයන් KFC එකට ගෙන ගොස් ඕනෑ තරම් කන්න" යැයි කියපු අයවැයක් බවයි. මෙහි අවසාන ප්‍රතිපලය "යහපාලනය යම පාලනයක්" වීමයි. අපේ රටට නොගැලපෙන එංගලන්තය ඇමරිකාව වැනි රටවල් පවා යළි සලකා බැලීමට තීරණය කර ඇති ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ප්‍රගතිශිලි දේශපාලන පක්ෂ වල යුගයේ වගකීමක්. 

එම නිසා රාජ්‍ය අයෝජනය වැඩි කිරීම, ජනතාවගේ ඉතිරිකිරීම් දිරි ගැන්වීම, රජය හා පෞද්ගලික අංශයේ මනා මැදිහත්වීම,  කෘෂිකාර්මික හා ග්‍රාමිය ආර්ථිකය ශක්තිමත් කිරීම,රාජ්‍ය ව්‍යාපාර කළමණාකරණය ස්වාධීනකර කාර්යක්ෂම කිරීම, දේශීය ව්යාමපාරිකයන් දිරි ගන්වා අපනයන වැඩිකිරීම, ආනයනය අඩු කරන නිෂ්පාදන වැඩි කිරීම ඇතුළත් ආර්ථික ප්‍රතිපත්ති අපේ විකල්ප විය යුතුයි. මේ පිළිබඳ මේ පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රීවරුන් මෙන්ම විශේෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් සිය හෘද සාක්ෂියට අනුව කටයුතු කිරීමෙන් සිය පක්ෂයේ සැබෑ ස්ථාවරය තහවුරු කරනු ඇතැයි මා විශ්වාස කරනවා.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
“මම හිටියා නම් ජල ප්‍රහාර ගහන්න දෙන්නේ නැහැ” – ජනාධිපති
මෙයාගේ විසිල් විතරයි බලටී නැ 


තමා ඊයේ (07) දිනයේ කොළඹ සිටියේ නම් ආබාධිත රණවිරුවන්ට ජල ප්‍රහාර එල්ල කිරීමට ඉඩ නොදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවා.

අපවත් වී වදාල පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ පළමු ගුණසමරු උත්සවයට අද (08) පස්වරුවේ එක්වෙමින් ජනාධිපතිවරයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කළා.

එහිදී හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේ “මම හිටියා නම් ඒගොල්ලො ඔක්කොටම එන්න දෙනවා ජනාධිපති ලේකම් කාර්යාලයට. ඇවිල්ලා කරන දෙයක් කරලා යන්න කියලා.. මගේ ප්‍රතිපත්තිය නම් ඒකයි. ඉන්දියාවට කතා කරලා මට කිව්වා නම් මෙන්න මෙහෙම සිද්ධියක් තියෙනවයි කියලා..මම ඒ තීරණය ක්‍රියාත්මක කරනවා. මම දන්න විදිහටනම් අතින් පයින් පහරදීලා නැහැ. බේරන්න බැරි තැන පොලිසියෙන් ජල ප්‍රහාර තමයි එල්ල කරලා තියෙන්නේ. මම හිටිය නම් ඒකත් කරන්න දෙන්නෙ නැහැ.” යනුවෙනි.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
විජය රජුගේ සිට ජනපති මෛත‍්‍රී දක්වා ලංකාව ගත් සියළු ණයවලින් 20%ක් ගෙන ඇත්තේ යහපාලන මාස 22කදී… මුදල් අමාත්‍යංශයට සගවනු බැරි ඇත්ත මෙන්න 



ශ්‍රී ලංකාව 2014 දෙසැම්බර් 31 දිනට ලබාගත් සම්පූර්ණ ණය රුපියල් බිලියන 7391කි. මෙය ශ්‍රීලංකාව 1948 නිදහස ලබාගත් දින සිට 2014 දෙසැම්බර් 31 දින දක්වා ලබාගත් දෙශිය විදේශිය ණය වල ගෙවිය යුතු ශේෂයයි.

මෙසේ ලබාගත් ණය රටේ සංවර්ධනයට එනම් ඩී එස් යුගයේ ගල්ඔය ව්‍යපාරයේ සිට වික්ටෝරියා, රන්දෙණිගල, මාදුරුඔය, වලවේ, නොරොච්චෝලේ දකුණු අධිවේගය හම්බන්තොට වරාය මත්තල ගුවන්තොටුපල, ඉහල කොත්මලේ, කටුනායක එක්ස්ප්‍රස්වේ, ඇතුළු සියලු සoවර්ධන කටයුතුද මෙන්ම රටේ සහනාධාර සඳහා එනම් ඩඩ්ලිගේ නිකං හාල සේරුවේ සිට ඇට අටක් දීම , ජනසවිය උදාගම්, සමුර්දිය , තුනයි පනහට පාන් , පාසල් නිල ඇදුම්, පොහොර රුපියල් 350ට සහ විශේෂයෙන්ම තිස් වසරක් මෙරටේ තිබු දරුණුතම ත්‍රස්තවාදී යුද්ධයද නිමකිරීම හා රාජ්‍ය සේවය ලක්ෂ 6 සිට ලක්ෂ 15 දක්වා වැඩිකිරිම් ඇතුළු සියල්ලද ඇතුලත්වයි.

එහෙත් මෛත්‍රී-රනිල් සම්මුති ආණ්ඩුව අද වන විට මාස 22ක් ගතවී ඇතත් එම සමස්ථ ණය ප්‍රමාණය අඩුකොට නොමැති බවත් එම ප්‍රමාණය තිබුණාට වඩා මේ වනවිට රුපියල් බිලියන 9200 ක් ද ඉහල ගොස් ඇති බවත් මුදල් අමාත්‍යාංශයේ වෙබ් පිටුවේ රාජ්‍ය ණය පිටුව පරීක්ෂා කිරිමෙන් 2016 දෙවන කාර්තුවේ අවසානයේ එනම් 2016 ජුනි 30 දිනට බිලියන 9062 ලෙස සදහන් කොට ඇත. ඒ අනුව මාස 18 ක් සඳහා බිලියන 1671 දැවැන්ත ප්‍රමානයකින් සමස්ථ ණය වැඩී වී ඇති අතර එහි සඳහන් නොවුවද තුන්වන කාර්තුව අවසන් වන විට එම ප්‍රමානය බිලියන 9200 දක්වා ඉහල ගොස් ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි. ඇත්ත වශයෙන් රජයට මීට වඩා ණය අවශ්‍ය වුවත් එය මේ වනවිට උපරිම සීමාවට පැමිණ ඇති බැවින් රජයට ණය ලබාගැනිමට නොහැකි වී ඇත.

මහින්ද රාජපක්ෂ යුගයේ ණය ගෙවීමට යයි කියා මේ රජය ණය ලබාගත් බව නිතරම මුදල් අමාත්‍යවරයා ඇතුළු රජයේ පාර්ශවයන් කිව්වත් එසේ එම යුගයේ අවසාන කාර්තුව එනම් 2014 දෙසැම්බර් 31 දිනට තිබූ සමස්ථ ණය ප්‍රමානය වන බිලියන 7391 ක [එනම් 1948 සිට 2014 දෙසැම්බර් 31 දින දක්වා] ප්‍රමාණයේ අඩුවක් අද වනවිට මුදල් අමාත්‍යාංශයේ දත්ත අනුව දැක ගැනීමට නොහැකිය. ඒ වෙනුවට අද මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ණය වශයෙන් 2016 ජුනි 30 වෙනි දිනට එනම් 2106 වර්ෂයේ 2 වෙනි කාරතුව අවසානයේ දේශිය හා විදේශීය සමස්ථ ණය ප්‍රමාණය රුපියල් බිලියන 9062 ක් ලෙස වැඩි වී ඇති බැව් වාර්තා කොට ඇත.

ඒ අනුව 2014 දෙසැම්බර් 31 දිනට ලබාගත් සම්පූර්ණ ණය රුපියල් බිලියන 7391 ට වඩා 25%කින් වැඩි වීමකි. එහෙත් මෙතෙක් දුන් අමුතු සහනාධාරයක් නැත, අලුතින් හදන අධිවේගි මාර්ග නැත. ජනතාවට බදු පිට බදු ගහන යුගයක් උදාවි ඇත. එමෙන්ම ලබන වසරේ අයවැයෙන් වෙනදාට වඩා අධ්‍යාපනිය කෘෂිකර්මය ග්‍රාමීය සංවර්ධනයට මෙන්ම රටේ සංවර්ධනයට ඉතා අඩු මුදලක් වෙන්කොට ඇත.

ප්‍රාදේශිය සංවර්ධනය කියා වෙනම අමාත්‍යාංශයක් බිහිකිරීමේ අරමුණ තවමත් පැහැදිලි නැත. මන්ද එහි අමාත්‍යවරයා වන ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සඳහා ලබන වසර සඳහා වෙන්කොට ඇත්තේ සංවර්ධනයට රුපියල් මිලියන 125 කි. ඔහුගේ වියදම් සඳහා මිලියන 475ක්ද එකතුව මිලියන 600කි. මෙය මේ වසරේ අගමැතිවරයාගේ වාහන සඳහා වෙන් කල මුදල එම අමාත්‍යාංශයේ සංවර්ධනයට වෙන කල මුදලට වඩා වැඩිය.


මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
‘හොරු අල්ලන්න‘ ඇවිත් ලොකුවටම හොරකම් කළ යහපාලන ඇමතිලාට නඩු !





ගතවූ මාස විස්සක කාලය තුළ වංචා හා දූෂණවලට සම්බන්ධ රජයේ ප්‍රබල ඇමැතිවරුන් දස දෙනකුට එරෙහිව නඩු පවරන බව හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය.

මත්තල හා හම්බන්තොට වරාය ඉදිකිරීමට වැය වූ මුදලට ආසන්න මුදලක් වංචා කර ඇති මෙම ප්‍රබල ඇමැතිවරුන්ට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවේ නඩු ගොනු කරන බවත් ඒ සඳහා අවශ්‍ය සියලු ලිපිගොනු මේ වනවිට සකස්කර අවසන් බවත් ඒ මහතා පවසයි.

තාත්තලා, දුවලා, මාමලා, බෑණලා රුපියල් බිලියන ගණනින් මහ දවල් හොරකම් කළ මහ බැංකු බැඳුම්කර වංචාව මෙන්ම අධිවේගී මාර්ග සඳහා රුපියල් බිලියන 12ක් වංචා කිරීමට සූදානම් වූ අමාත්‍යවරයාද ඒ අතර සිටින බවත්, අවුරුදු 17ක් බලය නොමැතිව වේලි වේලී හිටපු එක්සත් ජාතික පාක්ෂිකයන් මේ කෙටි කාලය තුළදී විශාල මුදලක් කොල්ලකා තිබෙන බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

ඔහු මේ බව සඳහන් කර සිටියේ පෙරේදා (05) මහනුවර පුෂ්පදාන ශාලාවේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ සෙංකඩගල ආසන බලමණ්ඩල රැස්වීමේදීය.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
චීන-ශ‍්‍රී ලංකා සබදතා සහමුලින්ම බිද වැටීමේ අවදානමක්


පිවිතුරු හෙළ උරුමය පක්ෂ මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

චීනයට සතුරු මුදල් ඇමති ඉවත් කරමු

චීනය කියන්නේ වසර 1,500කට වැඩි කාලයක් සමීපව ඇසුරු කරන අපේ ඓතිහාසික මිතුරෙක්.  බුදු දහම තමයි චීන – ලංකා මිත්‍රත්වයේ පාලම වුණේ.  අපි ආහාර අර්බූදයකට මුහුණ දෙන විට රබර් – සහල් ගිවිසුම අත්සන් කරලා ලංකාව බේරා ගත්තේ චීනය.  බටහිර රටවල් කොටින්ට සහය දක්වමින් ලංකාවට ආයුධ විකිණීම ප්‍රතික්ෂේප කරන විට අපට කොන්දේසි විරහිතව ආයධ දුන්නේ චීනය.  බටහිර රටවල් කොටින් වෙනුවෙන් යුද අපරාධ චෝදනා නගමින් ලංකාවේ යුද ජයග්‍රහණය හෑල්ලු කරන විට ලංකාව ආරක්ෂා කලේ චීනය.  නිදහසින් පසු වැඩිම ආධාර සපයා තිබෙන්නේ චීනය.  ජාතියේ සංකේත බවට පත් වී තිබෙන නෙළුම් පොකුණ, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව අපට චීනයෙන් ලැබුණු තිලිණ.  හම්බන්තොට වරාය,  මත්තල ගුවන් තොටුපල, නොරොච්චලේ විදුලි බලාගාරය සහ අධිවේගි මාර්ග යනාදි අපේ රටේ ඇසට පෙනෙන යටිතල පහසුකම් සියල්ලටම මූල්‍ය ආධාර ලැබුණේ චීනයෙන්.  නමුත් අත්දැකීම් නැති බොලඳ ඇමතිවරු කරන ප්‍රකාශ නිසා අපට කවදත් උදව් කරන මේ ඓතිහාසික මිතුරා අහිමි වීමේ අවදානමක් මතු වෙලා තිබෙනවා.

ඉන්දියාව, ඇමෙරිකාව සහ යුරෝපීය රටවල් ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්න වලට ඇඟිලි ගැසීම විලාසිතාවක් බවට පත් කරගෙන තිබෙනවා.  අපි මැතිවරණ තියන විදිහ, බලය බෙදන විදිහ, ආණ්ඩුවයි විපක්ෂයයයි අතර සහ සම්බන්ධය ඒ අයයි තීරණය කරන්නේ. ඒ විතරක් නොවෙයි මොන මාධ්‍ය ආයතනයටද මාධ්‍ය නිදහස ලැබිය යුත්තේ කියලා තීරණය කරන්නෙත් දැන් බටහිර තානාපතිවරු. නමුත් කිසිම දිනක චීනය ලංකාවේ කිසිම අභ්‍යන්තර ප්‍රශ්නයකට ඇඟිලි ගහලා නෑ.  මේ ආණ්ඩුව බලයට එන්න කිව්ව ප්‍රධාන බොරුවක් තමයි මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ගිණි පොළියට චීනයෙන් ණය අරන් තියෙනවා. චීන සමාගම් වලින් ලොකු කොමිස් කුට්ටි ගහලා තියෙනවා.  මෛත්‍රීපාල සිරිසේන ජනපතිතුමන්ගේ ප්‍රථිපත්ති ප්‍රකාශනයේ කියනවා ව්‍යපෘථිවල කොමිස් ප්‍රතිශතය 90% කියලා. චීන තානාපතිතුමා ප්‍රතිචාර දැක්වූයේ චීනය පිලිබඳ මේ ආණ්ඩුවේ ඇමතිවරු කියන බොරු වලට. චීනය මෙහිදී පැහිදිලිව ප්‍රකාශ කලා ඔවුන් සංවර්ධන කටයුතු සඳහා ණය දුන්නේ 2%  සහන පොළියට. ශ්‍රී ලංකාව සංවර්ධිත මට්ටමෙන් ඉදිරියට ආවට පස්සේ අනිකුත් වානිජමය ණය ලබාදුන්නේ 5% පොළියට. නමුත් වත්මන් ආණ්ඩුව තමුන්ගේ යාළුවෝ කියන යුරෝපීය සංගමයෙන් ණය ගන්නේ 5.8% පොළියට. මේ තිත්ත ඇත්ත තමයි චීන තානාපතිතුමන් කිව්වේ. චීනයට ලංකාවෙන් අපවාද එල්ලවන විට ලංකාවේ චීන තානාපතිවරයා චීනය වෙනුවෙන් අදහස් දක්වන්නේ නැතිනම් චීන තානාපති කුමකටද? ඒකෙන් උරණ වෙලා මුදල් ඇමතිතුමා චීන තානාපතිතුමා සමච්චලයට ලක් කලා.  විදේශ ඇමති චීන තානාපති කැඳවා ප්‍රශ්න කරන්න බලාපොරොත්තු වෙනවාලු.  චීන තානාපති කියන්නේ අපේ ඓතිහාසික මිතුරාගේ දේශීය සංකේතයයි කියලා අපි ආණ්ඩුවට සිහිපත් කරනවා.  ගින්දර සමග සෙල්ලම් කරලා පස්සේ පිච්චුනෝ කියලා බෙරිහන් දෙන්න එපා කියලා අපි ආණ්ඩුවට කියනවා.

චීන තානාපති අහන ප්‍රශ්නයම තමයි අපිත් අහන්නේ.  චීන ණය දෙන්නේ ගිනි පොලියට නම් ඊට වඩා අඩුවෙන් ගන්න පුළුවන් නම් ඇයි චීනය පස්සෙන් යන්නේ? වෙන තැනකින් ගන්න එකනේ ඇත්තේ.

සමස්ත ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් මම චීනයට කණගාටුව ප්‍රකාශ කරන අතරේ අත්දැකීම් නැති බොලඳ ඇමතිවරුන්ගේ ප්‍රකාශ මත අපේ මිත්‍රත්වය තීරණය කරන්න එපා කියලා ඉල්ලා සිටිනවා.

චුදිත අර්ජුන් තවමත් ආණ්ඩුවේ තනතුරක

කෝප් කමිටුව මගින් වරදකරු කළ අර්ජුන් මහේන්ද්‍රන් තවමත් රැකියා දශ ලක්ෂයේ ව්‍යාපෘතිය භාර අගමැතිතුමාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස ක්‍රියා කරනවා. අගමැතිතුමන්ගේම ඇමතිවරු වරු අත්සන් කරපු කෝප් කමිටු වාර්ථාව මගින් වරද කරු කර තිබෙන අර්ජුන් මහේන්ද්‍රන් කොහොමද රටේ ඉහලම වගකිව යුතු තනතුරක් තවමත් දරන්නේ. එක්කෝ අර්ජුන් සිය තනතුරෙන් ඉවත් වෙන්න ඕනෑ.  නැතිනම් අගමැතිතුමා අර්ජුන්ව තනතුරෙන් ඉවත් කරන්න ඕනෑ.  දෙකම වෙන්නේ නෑ කියන්නේ ආණ්ඩුවේ ඇමතිවරු අත්සන් කළ කෝප් වාර්තාව අගමැතිතුමා නොසලකා හරිනවා කියන එකයි.  බැඳුම්කර මගඩිය පිලිබඳ මෙතරම් දැවැන්ත ඝෝෂාවක් කරලාත් අගමැතිතුමාට ඇසුනේ නැත්තේ ඇයි කියලා ජනතාව කල්පනා කරන්න පුළුවන්.  බීරි අලින්ට වීණා වාදනය කරනවා වගේ කියන පරණ උපමාව කොල අලින්ට බැඳුම්කර මගඩිය කියලා දෙනවා වගේ කියලා දැන් වෙනස් කරන්න වෙනවා.

අර්ජුන්ට නඩු පැවරීම අගමැති බේරීමේ උපායක්

රාජිත සේනාරත්න, පා ච රණවක සහ දයාසිරි ජයසේකර වැනි ආණ්ඩුවේ ඇමතිවරු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් උඩ පැනලා අර්ජුන්ට බැට දෙනවා.  එතකොට කාට හරි හිතෙන්න පුළුවන්, යහපාලනය අංශු මාත්‍රයක් හරි ආණ්ඩුව තුල තවමත් ඉතිරි වෙලා තිබෙනවා කියලා. නෑ. මේ අයගේ අරමුණ අර්ජුන් මහේන්ද්‍රන් බිල්ලට දීලා අගමැති බේරා ගැනීමයි.  ඒ නිසා තමයි අර්ජුන්ට වහාම නීතිය ක්‍රියාත්මක කරන්න,  වෙනම උසාවි පිහිටු වන්න කියලා බෙරිහන් දෙන්නේ.  නීතිපති අර්ජුන්ට නඩු පැවරූ විගස මෙය සබ්ජුඩිකේ හෙවත් අධිකරණය ඉදිරියේ විනිශ්චයට බඳුන් වූ කාරණයක් වෙනවා.එවිට අපට ජනමාධ්‍ය ඉදිරියේ ජනතාව ඉදිරියේ මේ පිලිබඳ ප්‍රසිද්ධියේ අදහස් දක්වන්න බෑ.  ඒ වගේම පාර්ලිමේන්තුවේ විවාද කරන්න බෑ.  එතකොට අගමැතිතුමා, ලංකා බැංකුව වගේම අර්ථ සාධක අරමුදල මේ මගඩියට දැක්වූ දායකත්වය රටට කියන්න අපට බැරි වෙනවා.

අගමැතිතුමා වරද පිලි ගන්නේ නැති නම් අගමැතිතුමා වැරදි ඇයි කියලා ඔප්පු කරන්න අපට බැඳුම්කර විවාදය පාර්ලිමේන්තුවේ කරන්න ඕනෑ.  ඒ ගැන සම්මන්ත්‍රණ හරහා රටට කියන්න අවස්ථාව ඕනෑ.  අගමැතිතුමා වගකීම භාර ගන්නවා නම් කිසිම ගැටළුවක් නෑ.  වහාම නඩු පවරන්න.  නැතිනම් නඩු පැවරීම බැඳුම්කර පිලිබඳ පාර්ලිමේන්තු විවාදය පවත්වන තුරු කල් දමන්න.

අගමැතිතුමා සුද්ද කරන්න කොසු ඉදල් ඔසවා ගෙන මුලින්ම ඉදිරිපත් වුණේ පා ච රණවක ඇමතිතුමා.  අගමැතිතුමා මේ බැඳුම්කර සිද්ධියට වගකිව යුතු ද කියා තීරණය කිරීමට මා සමග විවාදයට එන්න කියලා මම ඇමතිතුමාට අභියෝග කලා.  මට පුළුවන් පා ච ගේ ප්‍රකාශ හරහාම අගමැති වරදකරු බව ඔප්පු කරන්න.  මම අභියෝග කලා විතරයි සිංහ නාද හකුලා ගෙන නිහඬ වුණා.  පා ච රණවක ඇමතිතුමනි, ඔබතුමා තවම ප්‍රමාද නෑ.  අගමැතිතුමා වරදකරුවෙකු නොවේ කියා අවංකවම විශ්වාස කරනවා නම් එන්න මා සමග විවාදයට.

බුද්ධි අංශ විනාශයෙන් යුද හමුදාව ආබාධිත වෙලා

බුද්ධි අංශ කියන්නේ හමුදාවක ඇස් සහ කන්.  බුද්ධි අංශ ලබා දෙන තොරතුරු මත තමයි හමුදාවක මෙහෙයුම් ඉදිරියට යන්නේ.  හමුදාවක් මෙහෙයුම් කරන්නේ යුද සමයේ විතරයි.  බුද්ධි අංශ යුද සමයේ දී වගේම පශ්චාත් යුද සමයේත් අඛණ්ඩව සක්‍රිය සේවයේ යෙදෙනවා.  බුද්ධි අංශ වලට පින් සිදු වෙන්න තමයි 2009 මැයි මාසයෙන් පස්සේ කොටි සංවිධානයේ කෙඳිරිල්ලක් වත් උතුරෙන් ඇහුනේ නැත්තේ.  ඒ වගේම ලෝකයේ තිබෙන විශිෂ්ටතම බුද්ධි අංශයක් විධියට අපි ලෝකයේ නමක් දිනා ගත්තා. වේළුපිල්ලේ පිරබාහරන් මිය ගියාම කොටි සංවිධානය කේපී නව නායකයා ලෙස පත් කර ගත්තා.  ඊට මාස කිහිපයකට පස්සේ කේපීව කුදලා ගෙන එන්න තරම් අපේ බුද්ධි අංශ ප්‍රබල වුණා.  එවැනි දේවල් මින් පෙර ලෝකයේ සිදුකලේ ඊශ්‍රායලයේ මොසාඩ් වැනි බුද්ධි අංශ විතරයි. නමුත් අද කොටින්ගේ මන දොල සපුරන්න බුද්ධි අංශ අඩපණ කිරීමේ මෙහෙයුමක ආණ්ඩුව යෙදිලා ඉන්නවා.

පදනම් විරහිත චෝදනා නගමින් බුද්ධි අංශ නිලධාරින් අත්අඩංගුවට අර ගෙන වසරකට වැඩි කාලයක් සිර කර ගෙන හිටියා.  සමහරු නිදහස් වුණා.  තවමත් සමහරු බන්ධනාගාරයේ.  දකුණේ දී බුද්ධි අංශ නිලධාරින් අත්අඩංගුවට ගන්න අතරේ උතුරේ දී මැර කල්ලි වල ප්‍රහාරයන්ට ගොදුරු වෙනවා.  බුද්ධි අංශ වලට වැදුනු ලොකුම හෙණය තමයි වසර 29ක් බුද්ධි අංශ වල කටයුතු කළ බ්‍රිගේඩියර් සුරේෂ් සලේ බුද්ධි අංශ අධ්‍යක්ෂ තනතුරෙන් ඉවත් කරලා මේ ක්ෂේත්‍රය පිලිබඳ කිසිම අත්දැකීමක් නැති අයෙකු ඒ තනතුරට පත් කරලා.

බුද්ධි අංශ වැඩ කරන්නේ අනෙකුත් බලකායන්ට වඩා වෙනස් ආකාරයකට.  නිල ඇඳුම් අඳින්නේ නෑ.  කොණ්ඩය රැවුල් කපන්නේ නෑ.  වෙලාවක් කලාවක් නෑ.  අනෙකුත් බලකායන් සතුරා සමග සටන් කරන විට බුද්ධි බලකායට සතුරා සමග මිතුරුව වැඩ කරන්න වෙනවා.  මේ වෙනස නොදන්නා අයෙකුට බුද්ධි අංශ වලට නායකත්වය දෙන්න බෑ.

මේ ආකාරයට බුද්ධි අංශ අඩපණ කරනවා කියන්නේ හමුදාවේ ඇස් කන් විනාශ කරනවා කියන එකයි.  ඒ නිසා අනාගත යුද්ධයක දී හමුදාවට යුද වදින්න වෙන්නේ ඇස් පේන්නේ නැති කන් ඇහෙන්නේ නැති අඳ බිහිරි ආබාධිතයෙකු විධියටයි.

– අරවින්ද අතුකෝරල

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
බැදුම්කර බෑණා බැංකුවක් සල්ලිවලට ගන්න යයි.. දැනටමත් මුල් කොටස් හිමියන් අතරේ



බැඳුම්කර මගඩිය සම්බන්ධයෙන් සෘජු චෝදනා එල්ල වී ඇති මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණා අර්ජුන් ඇලෝෂියස්ගේ සමාගම වන පර්පෙචුවෙල් ට්‍රෂරීස් සමාගම එන්.ඞී.බී. බැංකුවේ කොටස් විශාළ ප‍්‍රමාණයක් මිලට ගෙන තිබේ.

එම බැංකුව විසින් නිකුත් කර ඇති බැංකුවේ ප්‍රධාන කොටස් කරුවන්ගේ ලේඛනයේ ඒ බව දැක්වෙයි.

බැංකුවේ කොටස්ලින් 3.7% හෙවත් කොටස් මිලියන 6.2 කට අධික ප්‍රමාණයක් පර්පෙචුවෙල් ෙට්‍රෂරීස් සමාගම මිලදී ගෙන ඇති අතර දෙවැනි කාර්තුවේදී බැංකුව නිකුත් කල කොටස් හිමි ලේඛණයේ මුල් 20 දෙනා අතර පර්පෙචුවෙල් ෙට්‍රෂරීස් සමාගම තිබුනේ නැත.

මේ අතර විපක්‍ෂයෙන් චෝදනා එල්ල වන්නේ බැදුම්කර මගඩියෙන් රටට මේ වන විට වූ අලාභය මත්තල ගුවන් තොටුපල හදන්නට ගිය මුදලෙන් බාගයක් බවයි.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
දක්‌ෂිණ අධිවේගී මාර්ගයේ හා කටුනායක අධිවේගී මාර්ගයේ ධාවනය වන වාහන වලින් එක්‌ දිනකට උපයන ආදායම රුපියල් එක්‌කෝටි අසූලක්‍ෂයක්‌ බවට ගණන් බල ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

මෙම මාර්ග දෙකේ දෛනිකව වාහන 67,000 ක්‌ පමණ ධාවනය වන බවද එහි නඩත්තු හා මෙහෙයුම් අධ්‍යක්‍ෂ එස්‌. ඕපනායක මහතා පවසයි.

#ගිය වසරට සාපේක්‌ෂව දක්‌ෂිණ අධිවේගී මාර්ගයේ වාහන ධාවනය 10,000 කින් පමණ #වැඩිවී ඇතැයි ද හෙතෙම කීය.

සති අන්ත දිනයන්හිදී මෙම මාර්ගයේ දෛනික වාහන ධාවනය 50,000 ඉක්‌මවන බව ද හෙළිවී ඇත.

දක්‌ෂිණ අධිවේගී මාර්ගයේ දිනකට සාමාන්‍ය වශයෙන් වාහන 43,000 ක්‌ද කටුනායක අධිවේගී මාර්ගයේ දිනකට වාහන 24,000 ක්‌ද ධාවනය කෙරේ.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
රාජිතගේ තුරුම්පුව ගෝටා දෙකේ කොලෙන් කපා ගනී..



උතුරු පළාත් තුල ක‍්‍රියාත්මක වන ‘ආවා ගෲප’ තමන්ගේ මෙහෙයවීමෙන් බිහි වූ එකක් බවට ඇමති රාජිත සේනාරත්න විසින් කරනු ලැබූ ප‍්‍රකාශය තරයේ ප‍්‍රතික්‍ෂෙප කරන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඇමතිවරුන් විසින් සිදු කරන මේ ආකාරයේ ප‍්‍රකාශ හේතුවෙන් අපහාස වන්නේ තමනට හමුදාවට බවද පවසන රාජපක්‍ෂ මහතා තමනට දේශපාලනිකව පහර දීමට මේ අකාරයේ ප‍්‍රකාශ කලවිට සමස්ත හමුදාවටම පහර වදින බවත් හමුදාව කිසිසේත්ම මේ ආකාරයේ දේවල් සිදු නොකල බවත් කියා සිටී.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
චීනය කට අරී.. කොළඹ චීන තානාපති දෙස් විදෙස් මාධ්‍ය කැදවා යහපාලනයේ පතුරු අරී..



කොළඹ ගාළු මුවදොර ඉදරියේ චීන රජය විසින් ඉදිකරමින් සිටි වරාය නගර ව්‍යාපෘතිය නව රජය බලයට ආ කාලයේ නවතා දැමීම නිසා ශ‍්‍රී ලාංකිකයන් 5,000කට පමණ රැකියා අවස්ථාවන් අහිමි වූ බවත් එම වගකීම බාර ගන්නේ කවුදැයි කිව යුතු බවත් ශ‍්‍රී ලංකාවේ චීන තානාපති යී ෂියෑන්ලින්ග් මහතා කොලඹ පැවති මෙරට චීන තානාපති කාර්යාලයේදී පැවති මාධ්‍ය වැඩමුළුවක් අමතමින් කියා සිටියේය.

මේ වන විට වරාය නගර ව්‍යාපෘතිය ආපසු ආරම්භ කර තිබුණද නවතා තිබුනු කාලයේදී දිනකට ඩොලර් මිලියනයක පමණ අලාභයක් තම රටට සිදු වූ බවද ඔහු සදහන් කලේය.

තව දුරටත් අදහස් පල කරමින් චීන තානාපතිවරයා කියා සිටියේ චීනය විසින් වැඩි පොලියට ණය දුන්නේ යයි චෝදනා කලත් මෙරටට ණය දී ඇත්තේ 2% පමණ පොලියකට වුවද නව රජය මේ වනවිට 5.8% පොලියට ණය ගෙන ඇති බවත්ය.

නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරය ඉදිකිරීමට චීනය මැදිහත් නොවුණා නම් අද වන විට ශ‍්‍රී ලංකාවේ විදුලි ඉල්ලූම සපුරන්නේ කෙසේදැයි ඔහු වැඩි දුරටත් විමසා සිටියේය.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
තනපටකට වඩා ශ්‍රි පාදය අපට වටිනවා …..ඔබ කාටද හිමි ඉඩම් පුතේ?



ශ්‍රී පාද පුද බිම වගේම සමනොල රක්ෂිතයත් අපේ උරුමයන් බවත්  ජාති ආගම් පක්ෂ භේද පැත්තක තබලා අපේ උරුමයන් රැක ගන්න සමස්ත ජාතියම එකතු විය යුතු බව පිවිතුරු හෙළ උරුම පක්ෂයේ ප්‍රධාන ලේකම් නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසනවා.අද කොළඹ පැවැති මාධ්‍ය හමුවකදි මන්ත්‍රීවරයා ප්‍රශ්ණ කර සිටියේ…“පුද බිම නොවන බව හිමි පවසනවා.  වනය නොවන බව වන නිල පවසනවා.  ඔබ කාටද හිමි ඉඩම් පුතේ?…”

“සමනල කන්දේ විදේශීය සමාගමක් නිවාඩු නිකේතනයක් හදන බවට මේ දින වල දැවැන්ත ආන්දෝලනයක් තිබෙනවා. ශ්‍රී පාද නායක හිමියන් පවසන විධියට එම ඉඩම ශ්‍රී පාද පුද බිමට අයිති නෑ. වන සංරක්ෂණ නිලධාරින් පවසන විධියට මේ ඉඩම වන සංරක්ෂණයට අයිතිත් නෑ.  එහෙම නම් මේ ඉඩම අයිති කාටද?  විදේශිකයින්ට බදු දුන්නා ද විකුණුවා ද?  “පුද බිම නොවන බව හිමි පවසනවා.  වනය නොවන බව වන නිල පවසනවා.  ඔබ කාටද හිමි ඉඩම් පුතේ? කියලා අපට ඉඩමෙන්ම තමයි අහන්න වෙන්නේ.  මේ ඉඩම බැසිල් රාජපක්ෂ මැතිතුමා විදේශිකයින්ට විකුණලා කියලා බොරු ප්‍රචාරයක් පැතිරුවා. ආණ්ඩුවෙන්මයි මේ ප්‍රචාරය යැව්වේ. අපි ගාව තියෙනවා ඒක ප්‍රචාරය කරපු ෆේස් බුක් , වෙබ් පිටු මොනවද කියන එකත් ඒක ෂෙයා කරමින් කටයුතු කරපු මේ ආණ්ඩුවට සම්බන්ධ විවිධ දේශපාලකයන්ගේ ගෝලයන් කවුද කියන එකත්.  ”

“බැසිල් රාජපක්ෂ මැතිතුමා ශ්‍රී පාදයේ ඉඩමක් විදේශිකයින්ට විකුණලා කියලා හඬ නගන අයට මම අභියෝග කරනවා ඒකට සාක්ෂි ඉදිරිපත් කරන්න කියලා.“බැසිල්“ කියන නම ඇසුනා විතරයි විශ්‍රාමික දේශප්‍රේමින් බොහොම උනන්දුවෙන් සටනට බැස්සා. මේ අය බලයට ආවොත් දළදා මාළිගයත් විකුණාවි කියමින් මුහුණු පොත පුරා බොරු ප්‍රචාරය කලා.  ඒක බොරුවක් කියලා දැන ගත්තාම කට්ටිය නිහඬ වුණා.  දැන් වරදක් වෙන්නේ බැසිල් මැතිතුමා ඉඩම විකුණුවා නම් විතර ද? වර්තමාන ආණ්ඩුවෙන් එහෙම කලොත් වරදක් නොවේ ද? මහින්ද රාජපක්ෂ මැතිතුමා කළත් ජනාධිපති කළත් අගමැති කළත් වරද වරදමයි.  කළ පුද්ගලයා අනුව වරද නිවැරදි වෙන්නේ නෑ.”

ශ්‍රී පාද පුද බිම වගේම සමනොල රක්ෂිතයත් අපේ උරුමයන්.  ජාති ආගම් පක්ෂ භේද පැත්තක තබලා අපේ උරුමයන් රැක ගන්න සමස්ත ජාතියම එකතු විය යුතුයි.  ඒ නිසා මේ ඉඩම පිළිබඳ සැබෑ කතාව ආණ්ඩුවේ බලධාරින්, විශේෂයෙන් ඉඩම් ඇමති විසින් රටට හෙලි කළ යුතුයි.මේ ඉඩම අයිති කාටද?  විදේශිකයෙකුට දීලද නැද්ද?  ඒක සිදු උනේ කොහොමද? මෙය රක්ෂිතයට අයත් නැතත් රක්ෂිතයට අවට ඉඩමක් උනත් පාරසරික බලපෑම් ගැන ඇගයීමක් නැතුව කිසිදු ඉදිකිරීමක් කල නොහැකියි. මමත් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ලෙස කටයුතු කල නිසා ඒ බව හොදින්ම දන්නවා.  ඒ නිසා ඉඩම් ඇමති හෝ පරිසර ඇමති රට ඉදිරියට ඇවිත් මේ ආන්දෝලනාත්මක සිදු වීමේ සැබෑ කතාව රටට හෙළි කල යුතුයි. ඒ වගේම පරිසර ඇමතිතුමා වන ජනාධිපති මේ පිලිබඳ නිශ්ශබ්දයි. එතුමන් තනපටක් විසිකිරීමත් මහා ජාතික අර්බුදයක් බවට පත්කර ගත්තා. තනපටකට වඩා ශ්‍රි පාදය අපට වටිනවා කියලා අපි ජනාධිපතිතුමාට බොහොම ගෞරවයෙන් සිහිපත් කරනවා.”
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
හම්බන්තොට විකිණීම හා රාජපක්‍ෂ ණය


==========================
හම්බන්තොට වරාය චීනයට විකිණීමට අවශ්‍ය සියළු දෙය කර අවසන් බව මුදල් ඇමතිවරයා පවසනවා. මෙය විකිණීම සඳහා ගේන සුපුරුදු තර්කය වෙන්නේ හම්බන්තොට වරාය සුදු අලියෙක් හා එමගින් රට ණය වෙලා කියන එක. ආණ්ඩුව ගේන මේ තර්ක දෙකම වැරදයි. හම්බන්තොට වරාය පාඩු ලබනවනම් චීන පුද්ගලික සමාගමක් ඒක සල්ලිවලට ගන්නෙ ඇයි? ඔබ අහල තිබෙනව ද පුද්ගලික අංශය තමන්ට ලාභයක් ලබන්න බැරි සම්පතක් විශාල මුදලක් වියදම් කරල සල්ලිවට ගනී කියල. චීන සමාගම මේක ගන්නව කියන්නෙ ම මේක ලාභ උපයන හා ඉපැයිය හැකි එකක්. පසුගිය කාලෙ දත්ත අරගෙන බැලුවත් ඒ කතාව තේරුම් ගන්න පුළුවන්. මේ ආණ්ඩුවේ ම දත්තවලට අනුව, හම්බන්තොට වරායේ 2013 ලාභය රුපියල් මිලියන 585.2යි. එතකොට 2014 දී ඒක වැඩි වෙනවා රුපියල් බිලියන 5.39කට(මිලියන 5390ක්). අති විශාල ලාභයක්. හැබැයි ඉන් පස්සෙ ලාභය දන්නෙ නැහැ. අනිවාර්යනේ ම වැටිල ඇති. මොක ද වත්මන් ආණ්ඩුව ආපු ගමන් රටේ ආර්ථික ක්‍රියාකාරිත්වය හා එහි වර්ධනය අඩුවෙලා ලාභ ලබන ආයතන වැටුණා. නොකඩවා වර්ධනය 7ක තිබුණු ආර්ථිකයක් එකවර ම 2.5ට බැස්සාම ලාභය අඩුවෙනවා හා පාඩු වෙනවා කියන එක පුදුමයක් නෙමෙයි.  

හම්බන්තොට වරාය තරම් දියුණු කළ හැකි වෙනත් වරායවල් ලෝකයේ තිබෙනවා නම් ඒ ඉතා ස්වල්පයක් විය හැකියි. ඒ තරමට හම්බන්තොට වැදගත්. අනික මේකෙ උපක්‍රමික සාධකය තරම් වෙන මොනවත් මාර්කට් කරන්න ඕන නැහැ. දැන් එවැනි වරායක් තමා මේ අය තමන්ගේ තිබෙන නොහැකියා හා බැරිබැරිතා නිසා විකුණන්න යන්නෙ. 

මේ විකිණීම හරහා ඩොලර් බිලියනක (හරියට ම ඩො බිලියන 1.1ක්) ණය අපට අඩු කරන්න පුළුවන් කියල අගමැති වික්‍රමසිංහ කිව්වා. ඒක අති විශාල මුදලක්. පොර්ටි සිටියට ආයෝජනය කරන්නෙත් ඩොලර් බිලියන 1.5යි. ඒකෙන් අපට තවත් දෙයක් පැහැදිළි වෙනවා. ඒ තමයි මේ ව්‍යාපෘථි ණය වෙලා කළත් ඒවා රටේ ජාතික ධනය බවට පත්වෙලා. ඕන වෙලාවක විකුණන්න පුළුවන් කියන්නෙ මේ හරියට ලඟ තිබෙන රත්තරන් වගේ. එහෙනම් මහින්ද ගත්ත ණය රටට බරක් කියල කාට ද කියන්න පුළුවන් ද? ඕනැනම් ඔය අධිවේගී මාර්ග, මත්තල, විතරක් නෙමෙයි නොරොච්චෝලෙ පවා විකුණල කන්න පුළුවන්. හිතන්න. 

හැබැයි මේ ආණ්ඩුව කිසිදු ව්‍යාපෘථියක් නැතුව මාස 21ට ගත්ත අති විශාල ණය කන්දරාව නැවත මුදල් කරන්න බැහැ. ඒ සේරෙම එදාවේලට අරගෙන තියෙන්නෙ. වෙනස මේකයි.
- මහින්ද  පතිරණ -
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
රාජපක්ෂලාට මඩ ගහන්න ගිහින් හත්පොලේ ගා ගත් සිරිසේනගේ හුජ්ජ කොල්ලෝ



මේ වන විට ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා වල ශ්‍රී පාද අඩවියට හෙලිකොප්ටරයක් ගොඩබස්සවා ඇති බව දැක්වෙන ඡායාරූප පෙළක් මේ වන විට සීග්‍රයෙන් හුවමාරු වෙමින් තිබේ. එතැන අරාබි ජාතිකයින් පිරිසක් සාකච්ඡාවක නිරත වෙමින් සිටින අයුරු දැකගන්නට තිබේ.VAT, බැදුම්කර හොරු,රටපුරා ඝාතන වසා ගැනිම සදහා රාජපක්ෂලා ගැන බද්ධ වෛරයෙන් සිටින යහපාලන අමනයන් ඔහුන්ගෙන් මාසිකව සොච්චම් වැටුප් ලබන වෙබ් සහ සමාජ වෙබ් බලුකාය යොදා ගනිමින් අදාළ

නල්ලතන්නි පොලිස් වසමට අයත් වනශ්‍රී පාදය පාමුල පිහිටා ඇති ‘මරේ වත්ත‘ නමින් හැඳින්වෙන එම ප්‍රදේශය සිරිසේන වැනි හිකනලුන්ට මහත් හිසරදයක්ව ඇති බැසිල් රාජපක්ෂට අයත් එකක් බවට පෙන්විමට දැවැන්ත මෙහෙයුමක් දියත් කර තිබේ.අවාසනාවට ඇත්ත කතාවනම් 2010 සිට 2015 ජනවාරි 8 වැනිදා දක්වාත් පසුව අද දක්වාත් යහපාලන ගෝබෙල්ස් න්‍යායට හසුව සිටින ඇතැම් ප්‍රගතිශීලින් පවා යහපාලන කුලීකරුවන්ගේ මඩ ඇත්ත ද කිය සොයා බැලිමට කටයුතු කිරිමයි.

ඒකත් බැසිල්ගෙ ද?

ශ්‍රී පාද පුද බිමේ ඉඩමක හෝටලයක් තනන්නට ඉඩම ලබා දුන්නේ කවුද? කවදාද ? බැසිල්ද ? සිරිසේනද?

හෝ ඊට අසන්න දිනකදී කොටුව ජනාධිපති මන්දිරයේදී සිරිසේන ජනාධිපති වරයා විසින් ෆයිසර් මුස්තාපාගේ උවමනාව පිර මෙම ඉඩම හෝටලයක් තැනීම සදහා ආයෝජනය කරන ලෙස මෙම මුස්ලිම් වරුන්ට ලබා දී ඇත.ඊට පෙර බැසිල් රාජපක්ෂ ඇමතිවරයාව සිටින සමයේ මෙවැනිම යෝජනාවක් පැමිණි නමුත් ශ්‍රී පාද අඩවිය විනාශ කිරීමට නොහැකි බව ප්‍රකාශ කොට එය අත්හැර දැමීමට කටයුතු කලේය.ඉන් පසු වත්මන් යහපාලන ආණ්ඩුව පැමිණි පසු මෙම ඉඩම ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කලේ එටිසාලට් සමගම මගින් කටයුතු කලේ ෆයිසර් මුස්තාපා හරහාය.මෙම අවනඩුවට බැසිල් රාජපක්ෂ පටලව නව ගමනක් ආරම්භ කිරීමට එරෙහි කැරැල්ලක් නිර්මාණය කිරීමටත් ඒ හරහා රටේ සිදුවන දැවෙන ගැටළු යට ගැසීමටත් යහපාලන ආණ්ඩුව කටයුතු කරමින් සිටි.

බුකිය පුරා මඩ ප්‍රචාර අවලාද නගමින් බැසිල් රාජපක්ෂගේ වැඩක් බවට පත් කරන්නට උත්සහ කරන සියලු දෙනාට මෙය විසදා ගත හැකි ක්‍රමයක් යෝජනා කිරීමට කැමැත්තෙමි.දහස් ගණනක ජනතාවක් සමග ශ්‍රී පාද පුද බිමට ගොස් මෙම ඉඩම ලබා දුන්නේ කවුරුන් විසින් දැයි සාක්ෂි සහිතව ඔප්පු කරන ලෙස සිරිසේන ආණ්ඩුවට බල කර සිටිමු.අදාල ඉඩමේ කිසිදු ඉදි කිරීමක් සිදු කිරීමට ඉඩ නොතබන බවටත් ඉඩම ලබා දීමට යෝජනා කල අයත් ඉඩම ලබා දීමට කටයුතු කල අයට එරෙහිව නිසි ක්‍රියා මාර්ග ගැනීමට කටයුතු කරමු.

සිරිසේන ජනාධිපතිවරයා හරහා මෙම ඉඩම ලබාගත් ෆයිසර් මුස්තාපා ෆයිසර්ගේ මජර මාෆියාකරු වන මොහොමඩ් රිස්වි ඉල්ලියාස් (Rizley Illayas)නොහොත් ඩිඩා හරහා මුස්ලිම් ව්‍යාපාරිකයෙකුට විකුණු බව ඉතා පැහැදිලිව තහවුරු වි තිබේ.ඊට අදාළ සාක්ෂි රැසක් අප සතුව ඇති අතර එවා අවශ්‍ය විටකදි අනාවරණය කිරිමට අප කටයුතු යොදවා තිබේ.

කවුද මේ ඩිඩා …

2011 වසරේදී මහපොළ ලොතරැයිය ක්‍රියාත්මක කිරිමේ බලය මලයාසියා ජාතික දතෝ ටියෝන් ටින් සින්ග් නැමැත්තාට හිමි Oceanic Games (Pvt) Ltd සමාගමට පැවරිමේදී බරපතල මුල්‍ය අක්‍රමිකතාවක් සිදුවි ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය, එම ගනුදෙනුවට මොහොමඩ් ඉල්ලියාස් නමැති ව්‍යාපාරිකයකු ද සම්බන්ධ බවට අනාවරණය කල අතර අදාළ පරික්ෂණ කටයුතු ෆයිසර් මුස්තාපා අමාත්‍යවරයාගේ බලපෑම මත මුලුමනින්ම ඇනහිට තිබේ….


ප්‍රභු පුතාගේ ඩො.මි. 650 ඩුබායි ගිණුම් වල් ඇති බව පවසමින් යහපාලන් ටොයියන් පසුගිය කාලසිමාවේ මාධ්‍ය හරහා කරනම් ගසමින් අවසානයේ සිරිසේනගේ විධායක බලයද රැගෙන (පොන්න) මංගල සමරවිර, රාජ්‍ය නොවන සංවිධානයක ඩොලර් ගිලින නීතිඥයෙකු  වන ජෙ.සි වැලිඅමුණ සමග ඩුබායි රටේ බැංකු පිරික්සිමෙන් පසුව මේ දක්වා ඒ සම්බන්ධයෙන් කිසිදු අනාවරණයක් නොකර ඇටි කෙහෙල් කෑ රිලවුන් මෙන් සිටිම සම්බන්ධයෙන් අප අදාළ තොරතුරු අස්ථානගත කර ඇති පුද්ගලයෙකු හරහා අදාළ ගිණුම සම්බන්ධයෙන් අප විශේෂ වාර්තාකරු පසුගියකාලයේ අනාවරණය කළා.

කවුද මේ ෆයිසර් මුස්තාපා

ISIS ත්‍රස්තවාදී සමග සම්බන්ධතාවයක් ගොඩනඟා ගෙන ඇති බව ඔත්තු සේවා අනාවරණය කර තිබු ගුවන් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කර වර්තමානයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නීති කටයුතු පිලිබද උපදේශක ලෙස කටයුතු කරන ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා ISIS ත්‍රස්තවාදී සමග ඉතා සමිප සම්බන්ධතාවයක් ඇති බවට මේ  ඔත්තු සේවා අනාවරණය කර තිබේ.


මල්වානේ මාලිගාවෙන් පසුව ශ්‍රී පාද හරහා බැසිල් අල්ලා ගැනිම….

සිරිසේන ජනාධිපතිවරයාට ඇති ලොකුම හිසරද කාරයන් අතර බැසිල්ටද ඇත්තේ ප්‍රධානම තැනකි.නව ජාතික බලවේගයක ගොඩනැගීමේ දැවැන්ත කාර්යය ඉතාම සුමටව ක්‍රියාවට නංවමින් සිටින බැසිල් රාජපක්ෂ ගම් මට්ටමේ යන්තම් හෝ හොරිකඩ සිරිසේනගේ හොරි කඩන්නට කල්පනා කරන මිනිසුන් පව දක්ෂ ලෙස මහින්ද සමග ගොඩනැගෙන දැවැන්ත ජාතික බලවේගයට එකතු කරන්නට සමත්ව තිබේ.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
තවත් හංගන්න නම් බෑ.. මහින්ද යුගයේ මහා ණය රහස හෙලි වෙයි.. මෙන්න ඇත්ත..



2020 වන විට අපේ රටේ ණය බර අඩු කරන බව අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ පසුගියදා ප්‍රකාශ කලේය. එය ජනතාවට තාවකාලික අස්වැසිල්ලක් වුවත් මෙය ලෙහෙසියෙන් කල හැකිද යන්න සොයා බැලීම වැදගත්ය.

එහිදි 1990 සිට ශ්‍රීලංකාවේ තිබු රජයන් විසින් ඊට පෙර රජයන් ගත් ණයද ඇතුලත්ව ඉදිරියට ශේෂය ගෙන යනු ලබන අතර ඒ ඒ වර්ෂවල දල ජාතික නිෂ්පාදනය හා ඉදිරියට පවත්වාගෙන යනු ලබන ණය ප්‍රමාණයන් හා එම වසරේ ලබා ගත් ණය රාජ්‍ය ණය National Debt ලෙස අර්ථ දැක්වෙන අතර සෑම වසරක් අවසානයේ එය එම වසරේ දල ජාතික නිෂ්පාදනය ප්‍රතිශතයක් ලෙස පෙන්නුම් කරයි.

මේ අනුව ශ්‍රීලංකාව් දීර්ඝකාලීන යුද්ධයකට මුහුණදෙමින් ලබාගත් ණය ප්‍රමාණය 1990 ප්‍රේමදාස යුගයේ 98% ප්‍රමාණයේද, 1992 රනිල්- ඩිබී.යුගයේ 95% ප්‍රමාණයෙද, 1995 සිට චන්ද්‍රිකා යුගයේ 106% දක්වාද [ ශ්‍රීලංකා ඉතිහාසයේ පලමුවරට වසරේ දල ජාතික නිෂ්පාදනයට වඩා වැඩි ] රනිල් 2002 සිට 103% දක්වාද 2005 සිට 2014 වනවිට 71% දක්වාද [ 1977 ට පෙර තිබූ තත්ත්වයට] පවත්වාගෙන ගොස් ඇත.

රටකට ණය අවශ්‍ය වනුයේ රටේ බදුවලින් ලැබෙන ආදායම අපේක්ෂිත ඉලක්කයට නොපැමිණීම.රාජ්‍ය මුල්‍යම තත්ත්වය අස්ථාවර විම, රජයේ ආයෝජන වැඩිවීම. දේශපාලන පොරොන්දු ඉටුකිරීම. යුද්ධයක් පැවතිම මෙන්ම අපේක්ෂිත ආර්ථික වර්ධන වේග ඉලක්ක ලබා නොගැනීම යන කරුණු මතයි.

මේ අනුව ශ්‍රීලංකාව නිදහසෙන් පසුව එනම් 1950 සිට අද මේ වනවිටත් ඉහත අවස්ථාවකන් ඉටු කර ගැනීමට දේශිය සහ විදේශීය ණය ලබාගෙන ඇත,එමෙන්ම රටක ණය ප්‍රමාණය ගණනය කරන්නේ අදාළ වසරේ දල ජාතික නිෂ්පාදනය GDP හා එතෙක් එම රට ලබාගත් ණය ප්‍රමාණයේ හා අදාළ වසරේ දල ජාතික නිෂ්පාදනය ප්‍රතිශතයක් ලෙස සලකාය.

එහෙත් පුදුම දනවන කරුණ නම් දැන් රටේ යුද්ධයක් නොමැතිව විශාල ප්‍රමාණයේ සoවර්ධන කටයුත්තක් සිදු නොවි විශාල සහනාධාර රටේ ජනතාව නොදි, පොහොර සහනාධාරය අඩුකොට, ග්‍රාමීය ආර්ථික සoවර්ධන කටයුතුවල සැලකිය යුතු ප්‍රගතියක් නොමැතිව, 2015 සහ මේ වසර වන විට ණය ප්‍රමාණය 76% දක්වා වැඩි වී ඇත. මෙය රාජපක්ෂ ලබාගත් ණය ගෙවීමට යයි කීවත් මහින්ද රාජපක්ෂ 2005 දි රට භාරගන්නා අවස්ථාවේදි ඒ වන තෙක් රටේ හිටපු පාලකයන් විසින් ලබාගත් රටේ සමස්ථ ණය ප්‍රමාණය එම වසරේ දල ජාතික නිෂ්පාදනයෙන් 105% ක් දක්වා ඉහළ ගොස් තිබූ බැව් සියළු පාර්ශවයන් හoගමින් මේ දිනවල කථා කරන බැව් දැක ගත්ස් හැකිය.

මහින්ද රාජපක්ෂ යුගයේ 30 වසරක් මේ රටේ තිබු කුරිරු ත්‍රස්තවාදී යුද්ධය නිමාකොට රටට සාමය ලබාදුන් අතර රටේ අධිවේග මාර්ග වන දකුණු අධිවේගය කටුණායක එක්ස්ප්‍රස්වේ, කෙරවලපිටිය තාප විදුලිබලාගාරය, නොරොච්චෝලේ , ඉහළ කොත්මලේ , හම්බන්තොට වරාය සහ මත්තල ගුවන්තොටුපොල අලුතින් ඉදිකිරිම, පාරවල් කාපට් කිරිම විශ්වවිද්‍යාල අලුතින් ඇතිකිරිම, මහින්දෝදය පාසැල් වැඩපිළිවෙළ, පොහොර සහනාධාරය, පාසල් නිල ඇදුම්, රාජ්‍ය සේවය පුලුල් කොට ලක්ෂ 6 ක් තිබු රජ්‍ය සේවකයින් ලක්ෂ 11 දක්වා වැඩිකිරිම වැනි රජය විසින් විශාල වශයෙන් මුදල් ආයෝජන සිදු කොට සමස්ථ රාජ්‍ය ණය ප්‍රමාණය 71% දක්වා අඩු කල අතර මෙය ශ්‍රීලංකා 1977 ට පෙර තිබු වසරේ දල ජාතික නිෂ්පාදනයේ ප්‍රතිශතය වීම වාර්තාගත තත්ත්වයකි.

එමෙන්ම වර්තමාන අගමැතිවරයා මීට පෙර දෙවරක් රටේ පාලනය මෙහෙය වූ අතර එනම් 1992 සිට 1994 දක්වාත 2001 සිට 2004 දක්වාත් නමුත් ඒ කාලවල රටේ සමස්ථ ණය ප්‍රමාණයන් 95% වඩා වැඩි මට්ටමේ තිබු බව පහත සඳහන් මහ බැoකුවේ වගුවෙන් පැහැදිලිවේ.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
බංකර් ඇතුලේ කොටි තරුණියන් සමූහ දූෂණයට ලක්‌වූ හැටි – ප්‍රථම වරට හෙළිවෙයි



* හමුදාවට බාර වෙනකොට මං රොඩ්ඩක්‌….
* සාමාජිකයෝ බංකර් රකිනවට වඩා
උනන්දු වුණේ අපිත් එක්‌ක ඉන්න…
* අපි උන්නද මළාද කියලා දෙමළ සන්ධානය
බලන්නේ නැහැ…
* ගොවිතැනක්‌ කරගන්න ඉඩම් කෑල්ලක්‌, රෙදි කෑල්ලක්‌ මහගන්න මැෂිමක්‌ ලැබුණොත් ඒ හොඳටම ඇති.

ම්ලේච්ඡ කොටි ත්‍රස්‌තවාදයේ බිහිසුණු මතකය අතිශය අමිහිරිය. එහෙත් අකැමැත්තෙන් හෝ ඒ අමිහිරි මතකය නැවත ආවර්ජනය කිරීමට සිදුව ඇත්තේ මෙතෙක්‌ නොඇසූ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ රහසක්‌ හෙළිදරව් කිරීමටය. ඒ රහස අපට කීවේ එල්.ටී.ටී.ඊ සංවිධානයේ සාමාජිකාවන් වී සිට දැන් පියවරු නැති දරුවන් සමඟ ජීවත්වීමට මං සොයන කාන්තාවන්ය.

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ම්ලේච්ඡත්වයට එහා ගිය ගෝත්‍රික ස්‌වරූපය ඉස්‌මතු වන ඒ කතාව ඇසෙන විට ගත කිලිපොලා යන තරමට හිරිකිතය. එහෙත් එම කාන්තාවන්ට මේ වන විට අත්ව ඇති ඉරණම ගැන දකින සිත් කම්පනයට පත් වන්නේය. උපන්දා සිට වෙඩි වරුසා මැද මරණ බියේ දිවි ගෙවූ ඒ අසරණියන් තවමත් විඳින්නේ දුකමය. ඔවුන්ගේ කතාව අතිශය ෙ€දනීයය. ඒ කතාව අප කියනවාට වඩා ඔවුන්ගේ වචනයෙන්ම ඇසීම සංවේදී හදවත්වලට වඩාත් හොඳින් දැනේවී. එහෙත් එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌ත සෙවණැලි තවමත් උතුරේ හොල්මන් කරන බව දැන සිටින ඔවුහු මරණයට ඇති බිය නිසා නම්, ගම් හෙළි කිරීමට අකමැති වූහ. කුරිරු එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තයන්ට ඒ තරුණ ජීවිතවල වටිනාකම නොපෙනුනාට, මනුෂ්‍යත්වයේ හදවත් ඒ අසරණ ජීවිත වෙනුවෙන් උණු වන්නේය. එහෙයින් අපි ඔවුන්ගේ නම් ගම් සඳහන් කිරීමෙන් වැළකී සිටීමට අදහස්‌ කළෙමු. මෙතැන් සිට පෙළගැසෙන්නේ ඒ අසරණියන් අපට කියූ කතාවය…

අපි පදිංචි වෙලා හිටියේ පුදුකුඩුඉරිප්පුවේ. අපේ තාත්තා ගොවිතැන් කළේ. අම්මත් ඒවට උදව් වුණා. මට සහෝදර, සහෝදරියන් 5 දෙනයි. දවසක්‌ අපි ඉස්‌කෝලේ ගිහින් එනකොට කැබ් එකක්‌ නතර කරලා මල්ලිව දාගන්න හැදුවා. මම මල්ලිව බදාගෙන හිටියා. පස්‌සෙ අපි දෙන්නව උස්‌සලා කැබ් එකට දාගත්තා. එදා ඒ කැබ් එක ඇතුළේ තවත් ඉස්‌කෝලෙ ගිය පිරිමි ළමයි හතර දෙනෙක්‌ හිටියා. අපිව කෙළින්ම අරගෙන ගියේ කොටි කඳවුරකට. එතන දවසක්‌ තියාගෙන මාව කාන්තා පුහුණු කඳවුරකට දැම්මා. අපේ බැච් එකට තුන්සීයක්‌ විතර හිටියා. අපිව මුලින් කඳවුරට ගෙනිච්ච දවසේ එතැන හිටිය අක්‌කලා ‘එයාලා නිදහස්‌’ කියලා සතුටු වුණා. මුලදි අපිට ඒක තේරුණේ නෑ. අවුරුද්දක යුද පුහුණුවක්‌ දීලා බංකර්වලට දැම්මට පස්‌සෙ තමයි ඒ අකAකලා කිව්ව කතාව මොකද්ද කියලා තේරුණේ. බංකර් ඇතුළේදී එල්.ටී.ටී.ඊ. සමාජිකයන්ගෙන් අපිට ගොඩක්‌ කරදර වුණා. ඒත් පැනලා එන්නයෑ. හැම දෙයක්‌ම ඉවසගෙන ඒ අය කියන විදිහට ඉන්න වුණා. බංකරයක පිරිමි හතරයි. එක කාන්තාවයි. අන්තිමේ බංකරේ හිටපු සාමාජිකයන් හතරදෙනාටම ගෑනි වෙන්න වුණේ ඒ සාමාජිකාවට. ඒකෙන් එල්.ටී.ටී.ඊ. සංවිධානය බලාපොරොත්තු වුණේ සාමාජිකයන්ව සංවිධානය තුළ රඳවගන්න. ඒක සාර්ථක වුණා කියලා සංවිධානයේ පරණ අක්‌කලා කතා කරනවා ඇහිලා තියෙනවා.

මුලදී එල්.ටී.ටී.ඊ. සාමාජික, සාමාජිකාවන්ට කසාද බඳින එක තහනම් කරලා තිබුණේ. ප්‍රභාකරන්ට කසාද බඳින්න ඕන වුණහම ඒ නීතිය ඉවත් කළා. එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් කසාද බැන්දට පස්‌සෙ ගෙවල්වලට ගිහාම එන්නෙ නැතුව ගියා. සංවිධානයේ සාමාජිකයන් ටිකෙන් ටික අඩු වෙන්න පටන් ගත්තා. එල්.ටී.ටී.ඊ. සංවිධානයට ඒක ලොකු ප්‍රශ්නයක්‌ වුණා. පස්‌සෙ බංකරයකට සාමාජිකයන් හතරයි, එක සමාජිකාවක්‌ දාන්න පටන් ගත්තා. ඒ එක්‌ක සාමාජිකයන් ගෙවල්වලට යන එක අඩු වුණා. එල්.ටී.ටී.ඊ. සාමාජිකාවන් හුඟදෙනෙක්‌ ඔය දේට කැමැත්තෙන් නෙමෙයි හිටියේ. ඒත් ඉතිං කරන්න දෙයක්‌ නෑ…

මහ කැලේ පිරිමි හතර දෙනෙක්‌ එක්‌ක එකට ලගිනවා කියන්නෙ මැරෙනවා හොඳයි. ඒත් මැරුණේ නෑ. අපිව එල්.ටී.ටී.ඊ. යෙන් අරගෙන ගියේ 2004 අවුරුද්දෙ දවසක. එදා ඉඳලා 2009 අවුරුද්ද වෙනකම් පණ ගැටගහගෙන ඉඳලා මුල්ලෙවයික්‌කාල්වලදී මුහුණට මුහුණ කරපු සටනේදී මට වෙඩි වැදුණා. එක වැළට වෙඩි කිහිපයක්‌ම වැදුණා. මම දන්නෙ එච්චරයි. සතිs දෙකකට විතර පස්‌සෙ තමයි සිහිය ආවේ. එතකොට ඉස්‌පිරිතාලේ. නොමැරි බේරුණේ පූරුවේ පිනකට. ඒත් අදටවත් වැඩක්‌ පලක්‌ කරගන්න බෑ. මගේ මල්ලි යුද්දෙදී මැරුණා. දැන් මට අවුරුදු 30 යි. එල්.ටී.ටී.ඊ. ය අපේ ජීවිත නැති කළා. මම හො¹කාරවම දන්නවා එල්.ටී.ටී.ඊ. සාමාජික, සාමාජිකාවන් හුඟ දෙනෙක්‌ සංවිධානයට ආදරයෙන් හිටියේ නෑ. පැනලා ගිහින් මැරෙන්න බය නිසයි හිටියේ. එල්.ටී.ටී.ඊ. එකෙන් පැනලා ගිහින් අහුවුණොත් වධ දීලා ප්‍රසිද්ධියේ මැරුවා. එහෙම කරනවා අපි දැකලා තියෙනවා…

එල්.ටී.ටී.ඊ. එක අපේ ළමා කාලය ගින්දරවලින් පුච්චලා දැම්මා. තරුණකම බංකර් ඇතුළේදී විනාශ කළා. අන්තිමේ අපිට ගෙවල්වලට එන්න වුණේ මිනිස්‌සු නැති ගෑනු විදිහට. ඒ ඇවිත් ටික කාලයක්‌ යනකොට කසාද බැන්දා. 2011 අවුරුද්දේදී එල්.ටී.ටී.ඊ. එකේ හිටපු කෙනෙක්‌ම මාව කසාද බැන්දා. අපිට දරුවෙකුත් ලැබුණා. දරුවට අවුරුද්දක්‌ විතර වෙනකොට එයා වෙන කෙල්ලෙක්‌ව අරගෙන ගියා. දැන් දරුවට අවුරුදු 4 යි. මාවයි, දරුවයි බලා ගන්නෙ තාත්තා. දැන් අප්පට ගොවිතැන් නෑ. අප්පා කුලී වැඩ කරලා තමයි අපිව ජීවත් කරවන්නෙ. අම්මට නිතර හතිය හැදෙනවා. සීනිවලට බෙහෙත් බොනවා. දැන් අම්මගේ වකුගඩුත් නරක්‌ වීගෙන එනවා කියලා ඩොක්‌ටර්ස්‌ලා කියනවා. දැන් අපි හැම පැත්තෙන්ම අසරණ වෙලා ඉන්නෙ. අපි ගැන කවුරුවත් බලන්නෙ නෑ. පිටරට සංවිධානවලින් මිනිස්‌සුන්ට උදව් කරනවා. අපිට එහෙම සහනයක්‌වත් ලැබෙන්නෙ නෑ. අපේ හිතට තියෙන එකම සහනය මරණ බය නැතිව ජීවත් වෙන්න තියෙන එක විතරයි.

‘දෙමළ ජාතික සන්ධානයෙන් ඔයාලා ගැන බලන්නෙ නැද්ද…’ ගලා යන කතාවේ රිද්මය මම වෙනස්‌ කළෙමි.

පිස්‌සුද මහත්තයො… අපි උන්නද මළාද කියලා බලන්නෙ නෑ. මේ ගේ කෑල්ල හදාගන්න උදව් කළේ හමුදාවෙන්. දරුවට පිටි පැකට්‌ එක හරි ගෙනත් දීලා අපේ දුක සැප හරි බලලා යන්නෙ හමුදාවේ අය විතරයි. ඔය කෑගහන කවුරුවත් අපි වෙනුවෙන් කතා කරන්නෙ නෑ. ඒ අය හදන්නෙ අපේ පහනෙන් එළිය බලන්න. අපිට රට අල්ලන්න ඕනෑ නෑ. ගොවිතැනක්‌ කර ගන්න ඉඩම් කෑල්ලක්‌, මොනවහරි මහලා විකුණලා කීයක්‌ හරි හම්බ කරගන්න මැෂින් එකක්‌ වගේ හම්බ වෙනවා නම් මටත් පුළුවන් මොනවහරි මහලා කඩවලට දාන්න. එහෙම නැති වුණොත් තාත්තා නැති වෙච්ච දවසකට මේ දරුව ජීවත් කර ගන්න හැටි මතක්‌ වෙනකොට මට ලොකු බයක්‌ දැනෙනවා…”

අත්වාරුවක්‌ නොමැතිව ඇවිද ගැනීමට නොහැකි ඇය මුළු ජීවිත කාලයම ලෙඩෙකි. එහෙත් ඇයට ජීවත්කරවීමට තවත් ජීවිතයක්‌ ඇත. ඇයගේ එකම අභිප්‍රාය තම දරුවා සමාජයට හොඳ පුරවැසියකු කිරීමට හොඳ අධ්‍යාපනයක්‌ ලබාදීමය. ඇයගේ ජීවිත අපේක්‍ෂාව සහ කඳුළු කතාව එසේ වචන කර අවසාන කරන විට තවත් කාන්තාවක්‌ අපට කතා කළාය. ඇය අපට හමු වන්නේ ද යාපනය අවට ගම්මානයකදීය.

”අපේ ගෙවල් තිබුණේ කොඩිකාමන්. මම සාමාන්‍ය පෙළ විභාගය කරනකොට තමයි ගෙදරට ඇවිත් මාව බලහත්කාරයෙන් එල්.ටී.ටී.ඊයෙන් අරගෙන ගියේ. හරියට යුද පුහුණුවක්‌ දුන්නෙවත් නෑ. අපිව මහ කැලෑවල බංකර්වලට දැම්මා. බංකරයට දාපු පළමු දවසේම බංකරේ හිටපු සාමාජිකයන් හතර දෙනා මාව දුෂණය කළා. ඒ මිනිස්‌සු කැලෑවේ ඉඳලා සත්තු වගෙයි හැසිරුණේ. ඒත් අඬනවා හැරෙන්න වෙන කරන්න දෙයක්‌ තිබුණේ නෑ. එදා ඉඳලා උන් කෑම බීම හොයනවට වඩා උනන්දු වුණේ මාත් එක්‌ක ඉන්න. උන් දෙන දස වධවලට යුද්ධ කරන්න ශක්‌තියක්‌ තිබුණේ නෑ. අන්තිමේ හමුදාවට භාර වෙනකොට එහෙම් පිටින්ම රොඩ්ඩක්‌. ඒ ජීවිතය ගැන මතක්‌ වෙනකොටත් අප්පිරියයි. හරි හැටි වතුර ටිකක්‌ නා ගන්න නෑ. සති ගණන් එකම ඇඳුම ඇඳගෙන බංකරයක ගුලි වෙලා හිටියා. හරියට සත්තු වගෙයි.

යුද්ධය ඉවර වුණාට පස්‌සෙ ගමේම කොල්ලෙක්‌ එක්‌ක යාළු වෙලා සතුටින් ජීවත් වෙන්න කියලා හිතාගෙන කසාඳ බැන්දා. ඌ ඊට වඩා තිරිසනෙක්‌ වුණා. බීගෙන ඇවිත් මට නොසෑහෙන්න වද දුන්නා. දැන් මට දරුවො දෙන්නෙක්‌ ඉන්නවා. ලොකු දුවට අවුරුදු 3 යි. පුතාට අවුරුදු 2 යි. මගේ මනුස්‌සයා අපිව දාලා ගිහිල්ලා ටික දවසක්‌ වෙනවා. දැන් ඉඳලා හිටලා යාළුවොත් එක්‌ක බීගෙන ඇවිත් මට කරදර කරනවා. නිදහසේ ඉන්න දෙන්නෙම නෑ. දැන් මට අවුරුදු 28 යි. ජීවිතයෙන් වැඩි කාලයක්‌ දුක්‌වින්දා. තවමත් සතුටක්‌ නෑ. අපිව මේ විදිහට මිනිස්‌සු ඉදිරියේ හැල්ලු වෙන විදිහට අසරණ කළේ එල්.ටී.ටී.ඊ. සංවිධානය…

‘අපේ තාත්තායි අම්මයි ගොඩක්‌ වයසයි. තාත්තට ඇස්‌ පේන්නෙත් නෑ. අම්මා කෑම කඩවල උයන්න යනවා. මමත් කෑම ඕඩර් අරගෙන හදලා දෙනවා. අම්මයි, තාත්තායි අපි තුන්දෙනයි එකට ඉන්නෙ. කිරි හරක්‌ දෙන්නෙක්‌ දෙනවා නම් මට පුළුවන් ජීවත් වෙන්න. හොඳට රෙදි මහන්නත් පුළුවන්. කවුරුහරි අපට එහෙම උදව්වක්‌ කරනවා නම් ගොඩක්‌ පිං…

එල්.ටී.ටී.ඊ. සාමාජිකාවන් ලෙස සිට පුනරුත්ථාපනය කර සමාජයට මුදාහල කාන්තාවන් හයසිය පහළොවක්‌ පමණ යාපනය අවට ප්‍රදේශවල ජීවත් වෙති. කසාද බැඳපු, නොබැඳපු අය ඒ අතර වෙති. එහෙත් ඒ කාන්තාවන් 615 දෙනාටම දරුවෝ සිටිති. ඔවුන් අතරින් හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකාවන් කිහිපදෙනෙක්‌ සමඟ අපි කතාබහ කළෙමු. අප කතා කළ ඒ කාන්තාවන් කියන ආකාරයට එල්.ටී.ටී.ඊ. සාමාජිකාවන් බහුතරය කොටි සංවිධානයට වෛර කරන්නාහ. ඒ ඔවුන්ගේ ළමා විය, තරුණකම විනාශ කර ජීවිත නරකාදියට දැමූ නිසාය. අද ඔවුන් නොදරුවන් සමඟ දුක්‌ විඳින්නේ ඒ සාපය හෙයිනි.

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ම්ලේච්ඡත්වය සමඟ කැටි වූ ගෝත්‍රිකකම ගැන පැහැදිලිs කිරීමට ඒ අසරණියන්ගේ කතාව හොඳමට ප්‍රමාණවත්ය. එහෙත් ඒ ම්ලේච්ඡ ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය මේ පොළවෙන් අතුගෑවී වසර හතකටත් වැඩිය. එහෙයින් වැළලුණු කොටි ගැන වැඩි කතා අවැසි නැත. දැන් අප කතා කළ යුත්තේ කිසිවකුගේ හව්හරණක්‌ නොමැතිව දුක්‌විඳින අසරණ දෙමළ මිනිසුන් ගැනය.

මේ අසරණ මිනිසුන් ඉල්ලා සිටින්නේ වෙනම රටක්‌ නොවේ, පොලිස්‌, ඉඩම් බලතල ද නොවේ. ජීවිත ගැටගසා ගැනීමට කිරි හරකෙකි. එළුවො දෙතුන් දෙනෙකි. මහණ මැෂිමකි. ඒ ඔවුන්ගේ වැටුණු ජීවිත ගොඩනඟා ගැනීමටය. එහෙත් උතුරේ දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටින විග්නේෂ්වරන් මහ ඇමැතිවරයා හර්තාල් කරමින් රජයට බල කරන්නේ පොලිස්‌, ඉඩම් බලතල ලබාදෙන ලෙසය. බුද්ධි අංශ වාර්තා පෙන්වා දෙන අන්දමට උතුරේ මහ ඇමැතිවරයා ‘දෙමළ ජාතික සභාව’ යනුවෙන් සංවිධානයක්‌ පිහිටුවාගෙන ඒ සංවිධානය සඳහා ‘එළුග තමිල්’ හෙවත් ‘දෙමළ ජනතාවනි, නැඟිටිව්’ යන්න සටන් පාඨ කියමින් ජාතිවාදය වපුරමින් සිටින්නේය. එහෙත් උතුරේ අසරණ ජනතාවට නැඟිටින්න තියා පාන් කියා ගැනීමටවත් නොහැකි තරමට ඔවුහු හාමතේ දුක්‌ විඳින්නාහ. පියවරු නැති දරුවන් සමඟ කඳුළු බොන්නාහ. පිරිසක්‌ තවමත් අනාථ කඳවුරුවල අපා දුක්‌ විඳින්නාහ. ජාතිවාදය වපුරමින් සිටින උතුරේ මහ ඇමැතිවරයා ඇතුළු එල්.ටී.ටී.ඊ. රූකඩවලට මේ පීඩිත දුගී ජනතාවගේ අසරණකම නොපෙනේ. දෙමළ මිනිසුන්ගේ ගැටලු ගැන සොයාබැලීමට ඔවුන්ට ඕනෑකමක්‌ ද නැත. මේ ජාතිවාදී නායකයන්ගේ එකම හීනය මිනී මරු ප්‍රභාකරන්ගේ ඊළාම් සිහිනය සැබෑ කිරීම පමණි.

සාමකාමී රටක්‌ විදිහට අප අපේක්‍ෂා කළ යුත්තේ මේ අසරණ මිනිසුන් පාරට බසින තෙක්‌ නොසිට බුද්ධිමත් ලෙස ඔවුන්ගේ ජීවන ගැටලු විසඳීමය. උතුරේ ප්‍රශ්න දකුණේ සංවාද මණ්‌ඩපයට ගෙන ඒමය. අන්තවාදී ඊළාම්වාදීන්ව මහ පාරෙන් කාණුවට ඇද දැමිය හැක්‌කේ එසේ කළහොත් පමණි. ශිෂ්ටසම්පන්න රටක්‌ ලෙස සැබෑ ජාතික සමගිය, සාමය ගොඩනැඟිය හැක්‌කේ එවිටය.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
දහම්ට අවවාද කරන්න ගිහින් සිරිසේන හොදම එකෙන් අහගනී …



Clique Night Club ප්‍රහාරය සම්බන්ධයෙන් සිය පුතු වන දහම් මැර සිරිසේනට අවවාද කිරිමට ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හොදම එකෙන් අහගත් සිද්ධියක් ජනාධිපතිගේ පවුලේම සමාජිකයෙකුගේ කටින් පැන තිබේ.

තායිලන්තයේ ආතල් සංචාරය අතරතුර දහම් මැර සිරිසේන Clique Night සමාජ ශාලාවට පහරදුන් අතර ඊට දිනකට පසුව ලංකාවට පැමිණි ජනාධිපතිවරයා පැමිණි විගසම පවුලේ අනිකුත් සමාජිකයන්ද ඉදිරියේ දහම් සිරිසේනට බැන වැදි ඇති අතර එහිදි සිරිසේන ජනාධිපතිවරයා “ඔබලා කරන වැඩ නිසා මට මෙ රටේ ජිවත් වෙන්න විදියක් නෑ …..ඔබලා මේ කරන වැඩ හොද වැඩද යනුවෙන් “යනුවෙන් කෑ ගසමින් පිස්සෙකු ලෙස හැසිරි ඇති අතර එහිදි දහම් සිරිසේන ජනාධිපති තාත්තාගේන් අසා ඇත්තේ “දැන් තාත්තා කරන වැඩ හොදද?”යනුවෙනි …ඒ අමගම සිරිසේනගේ පවුලේ පිරිස කණ්ඩායම් වශයෙන් දෙපැත්ත ගැනිම හේතුවෙන් දැඩි වාග් ප්‍රහාරයන් දෙපාර්ශවයම් එල්ල කරගෙන තිබේන අතර අවසානයේ දහම් එම ස්ථානයෙන් ඉවත් කිරිමට කටයුතු කිරිම්ර්න් වාග් ප්‍රහාරය නතර වි තිබේ.

පසුගිය 8 වැනිදා අලුයම 2 පමණ කොළඹ සුප්‍රසිද්ධ සමාජ ශාලවක් වන Clique Night Club වෙත කඩා පැන පහරදුන් කණ්ඩායම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පුත් දහම් සිරිසේන ඇතුලු PSD ආරක්ෂකයන් බවට අප සාක්ෂි සහිතව අනාවරණය කිරිමෙන් පසුව බරපතල මානසික පීඩනය රෝගයක් හේතුවෙන් නිරන්තරයෙන්  Fluanxol ඖෂධය ලබා ගන්නා සිරිසේන පසුගියදා යහපාලන හත්පොලේ ගා ගත් ප්‍රකාශයක් කරමින් රටේ ජනතාව ගොනාට ඇන්දවිමට කටයුතු කල බව අමුතුවෙන් කිවයුතු නොවේ.

මේ අතර කොම්පඤ්ඤවීදියේ Clique Night Club රාත්‍රි සමාජ ශාලාවටටත් එහි ආරක්‍ෂකයෙකුටත් පහර දීම සම්බන්ධ සම්බන්ධ CCTV දර්ශණ පැහැදිලි නැති බව මරදාන පොලීසිය විසින් පවසා තිබේ.අප විසින් ඉතාමත් පැහැදිලි CCTV දර්ශණ නිකුත් කර තිබියදි පොලිස්පතිවරයා විසින්  නීතිය නවා ඇති තරම එම නිවේදනය හරහාම පැහැදිලි වේ.
අප ඉදිරිපත් කර cctv දර්ශන් ඉහත link එකෙන් නරබන
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
ගෝටා-බැසිල් ගෝරියක් මැද ලන්දේසි රෝහල සුපිරි හෝටලයක් වූ වග…



සන්ධ්‍යාවේ ආලෝක පහන් දැල්වූ විට කොළඹ කොටුවේ පිහිටි ඩච් හොස්පිට්ල් නොහොත් ඉපැරණි ලන්දේසි රෝහල මන බඳනාසුළු ප්‍රභාවයක් විහිදුවයි. විවේකය සඳහා මෙන්ම ආහාර පාන කෙරෙහිද සංචාරකයන් සහ දේශීයයන්ගේද සිත් දිනාගෙන ඇති මෙය නවීකරණය කිරීමේ ඇතුල් කතාව ඔබ දන්නේද?

වසර 30ක සිවිල් යුද්ධය අවසන් කල මහින්ද රාජපක්ෂ යුගයේදී තෙවන ලෝකයේ නගරයක සිට මහාද්වීපයේ ඉතා පිරිසිඳු සහ ශෝභමාන නගර වලින් එකක්දක්වා කොළඹ නගරය රැගෙන යාමේ කතාවේදී මෙම ලන්දේසි රෝහල ගැන නොකියවෙන තැනක් නැති තරම්ය.

ෆේස්බුක් හි යාවත්කාලීන වන අපගේ මිතුරු මිතුරියන් බොහෝ දෙනෙක් මෙහි නවීකරණයේ නියමුවා ගෝඨාභය රාජපක්ෂයන් බව දැන සිටියත්, එය පිටුපස තිබෙන සමහරක් රස කතා දන්නේ ටික දෙනෙකි.

2011 වසර වන විට මහින්ද රාජපක්ෂයන්ගේ දෙවැනි පාලන කාලය ඇරඹී තිබුණි. 2009 වන විට යුද්ධයද අවසන් කර තිබුණු බැවින් 2010 මැතිවරණ වලින්පසුව ජනාධිපතිවරයා නාගරික සංවර්ධන කටයුතු ඔහු යටතට ගෙන තිබුණි. ආරක්ෂක අමාත්‍යාංශයද පැවතුනේ ජනාධිපතිවරයා යටතේ බැවින් එවකට ආරක්ෂක ලේකම් වරයාව සිටි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ව නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් හැටියටද පත් කෙරිණි. නාගරික සංවර්ධන අධිකාරිය (UDA) ආරම්භ කෙරුණේ 1978 දී ජේ ආර් ජයවර්ධනයන්ගේ පාලන කාලයේදී පාර්ලිමේන්තු පනතකට අනූවය. ජේ ආර් සහ ආර් ප්‍රේමදාස යුගවලදී මෙම අමාත්‍යාංශයෙන්උපරිම ඵල නෙළාගත්තද චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපති සමයේදී මෙම අමාත්‍යාංශයද අනෙකුත් අමාත්‍යාංශ සේම උදාසීන සහ අක්‍රමවත් භාවයක් පෙන්නුම් කරන ලදී.

1994 සිට 2009 දක්වා අමාත්‍යවරුන් ගනනාවක් යටතේ පාලනය වූවද නාගරික සංවර්ධනය නමට පමණක් සීමාවී තිබුණි.

මෙලෙස නිදාසිටි නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයුම් මැදිරිය වෙත මානුශික මෙහෙයුම් අවසන් වූවායින් පසු ගෝඨාභයගේ ආගමනයත් සමග එය අළු ගසා නැගිටගත් සෙයක් පෙණිනි. එහි අධ්‍යක්ෂකවරුන් වෙත තමන්ගේ බලය නිසි පරිදි භාවිත කොට නාගරික සංවර්ධනය, අලංකරණය මෙන්ම තවත් බොහෝ දෑ කිරීමට ගෝඨාගේ පෞද්ගලික මැදිහත්වීම සහ උපදෙස් හේතු සාධක විය.

ගෝඨාගේ නගරාලංකරණ කටයුතු ඔබ සියළු දෙනාම දැක ඇතැයි සිතමු. කොළඹ නගරයේ කසල බැහැරවීම ක්‍රමවත්ව සිදු කිරීම,ඉපැරණි ගොඩනැගිලිවල වටිනාකම නොනසා ප්‍රතිසංස්කරනය කිරීම, මේ වන විට නැවතත් පැරණි දුගඳ හමන තත්ත්වයට පත්වෙමින් ඇති බේරේ වැව පිරිසිඳු කර අලංකාර කිරීම, අධික වැසි ඇතිවීමකදී කොලඹ නගරය යටවීමෙන් ආරක්ෂා කරගැනීමට පිළියම් යෙදීම, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සහ තවත් නගර බොහෝමයක් අලංකාර කිරීම, ව්‍යායාම් කිරීමට සහ විවේක ගැනීම සඳහා උයන් සහ මංමාවත් ඇති කිරීම සහ වෙනත් බොහෝ ව්‍යාපෘති වලට පිඹුරුපත් සකස් කෙරුණේ ගෝටා අතිනි. ව්‍යාපෘති පිළිබඳ හීන දැකීමට පමනක් නොව ඒවා සැබෑ කිරීමටද ගෝඨාභය හපනෙක් විය.

එවකට මම ආර්ථික කටයුතු පිළිබඳ අමාත්ය ගරු බැසිල් රාජපක්ෂ මහතා යටතේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියෙහි සභාපති වශයෙන් කටයුතු කලෙමි. ජ්‍යේෂ්ඨ රජයේ නිලධාරීන් ලෙස විවිද අවස්ථාවන් වලදී අපට ගෝඨාභය රාජපක්ෂ මහතා මුණගැසුනි.

එලෙස අප හමුවූ අවස්ථාවක්දී ගෝඨා කොළඹ කොටුවේ පිහිටි ලන්දේසි රෝහල ගැන විමසනවා මම ශ්‍රවණය කලෙමි. ඒ වන විට එම ගොඩනැගිල්ලපැවතුනේ ශ්‍රී ලංකා පොලීසිය යටතේ එහි සුළු නිලධාරීන්ගේ නේවාසිකාගාරයක් ලෙස වුවත් එහි වහලවල් කැඩී වල් බිහිවී ඉතා නරක කලදසාවක් ලබා තිබූනි.

“මොන අමාත්‍යාංශෙටද ඒ ගොඩනැගිල්ල අයිති?”

ගෝඨාගේ පැණයට පිළිතුරක් සභාවේ කිසිවෙකුත් දැන සිටියේ නැත. නමුත් මා ආපසු කාර්‍යයාලයට පැමිණ කල විමසීම්වලදී එයට පිළිතුර මට ලැබුණි. ගොඩනැගිල්ලේ අයිතිය තිබුනේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියටයි.

කිසියම් අමාත්‍යාංශයක් විසින් මෙම ගොඩනැගිල්ලේ අයිතිය කලකට පෙර අපගේ අමාත්‍යාංශයට පවරා දී තිබුනි . ඒ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියටය විසින් මෙම පැරණි ගොඩනගිල්ල සුඛෝපභෝගීහෝටලයක් බවට පත් කිරීමට අදහස් කොට තිබුන නිසාය. මෙයට විදේශීය ආයෝජකයෙක් මුලින් ඉදිරිපත්වී තිබුණු නමුත් පැවති යුද්ධය නිසා ආයෝජකයාගේ උනන්දුව මෙය කෙරෙහි හීනව ගොස් ඇත. යුද්ධය අවසන් වීමත් සමගම ඔහු නැවතත්මෙම ගොඩනැගිල්ල ගැන විමසීම කරන්නට පටන්ගෙන තිබුණි. නමුත් කිසිවෙකු ඒ ගැන අපගේ අවධානයට යොමු කොට තිබුනේන් නැත.

ඊළඟ වතාවේ ආරක්ෂක ලේකම් මුණගැසුනු විට මම මේ පිළිබඳ සියළු විස්තර පවසා මේ පිළිබඳ ඔහුගේ ඇති උනන්දුවට හේතුව පිළිබඳවද අසා සිටියෙමි.

“ඕක හෝටලයක් කරන්න එපා නාලක. හෝටලේකට එන්න පුළුවං මිනිස්සු කිහිපදෙනාටයි. අපි ඕක හුඟ දෙනෙකුට එකවර එන්න පුළුවං විදිහෙ තැනක්කරමු. ඔය කොටුව පලාතම අපිට සංචාරක කලාපයක් කල හැකියි”

මෙම නිර්මාණශීලී මිනිසාගේ අදහස ගැන මම අතිශයින් සතුටු වුනෙමි.

පසු දින අරලියගහමන්දිරයේ පැවති භාන්ඩාගාර ලේකම් ආචාර්‍ය පී බී ජයසුන්දර මහතා විසින් සංවිධානය කොට තිබූ ෂැන්ග්‍රිලා හෝටල් සමූහය සමග අවබෝධතා ගිවිසුමක් අත්සන්තැබීමේ අවස්ථාවට ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සමඟ මමද ,ආරාධිත අමුත්තන් අතරේ සිටියෙමි.
තේ පානය වෙලාවේ අමුත්තන් අතරේ සිටි ආරක්ෂක ලේකම්වරයා සහ අමාත්‍යවරයා වෙත ලං වූ මම නාගරික සංවර්ධන අධිකාරිය විසින් ලන්දේසි රෝහල වෙත බැලුම් හෙලන බව ඇමතිතුමාට දැනුම්දුන්නෙමි.

“නාලකට පිස්සුද?”

බැසිල් රාජපක්ෂ කලබල වී ඇති සෙයකි.

“ඒ ගොඩනැගිල්ලේ හෝටලයක් හදන්න දෙනව කියල පොරොන්දුවෙලා ඉවරයි කියල ඔයාට අමතකද ?.”

ඇමතිතුමාගේ කතා ස්වරූපය දුටු මට කවුරුන් හෝ කාක්කෙක් මගේ සහ ගෝඨාගේ කතාබහ පිළිබඳව ඔහුගේ කණේ තබා ඇති බව වැටහුනි. කවුරු කලත් කේලම අකුරටම කියා ඇති බව ඇමතිතුමාගේ නුරුස්සුම් සහගත ප්‍රතිචාරයෙන් පැහැදිලි විය.

ආරක්ෂක ලේකම් තුමා විසින් කාරණය පැහැදිලි කරදීමට උත්සාහ කලද බැසිල් ඇමතිතුමා සිටියේ කතාකිරීමට අතරම් සාමකාමී මානසිකත්වයකින් නොවන බවපෙනුනි. කතාව දුරදිග ගියොත් ගෝඨාබයටද තරහ යාමට ඉඩ තිබූ බව මට වැටහුනි.

නමුත් වාසනාවකට මෙන් අන් අයෙකුගේ අහිංසක බාධාකිරීමක් හමුවේ සිදුවීමට ගිය පිපිරීම වැලකිණි.

පැය කිහිපයකට පසුව ඇමතිතුමාගෙන් ඇමතුමක් මගේ දුරකථනයේ සටහන් විනි. නැවතත් දෝස්මුරයක් අහන්නට ලැබේදෝයි කල්පනා කරමින් මම දුරකථනය ඇමතුවෙමි. නමුත්මෙවර ඇසුණේ බැසිල්ගේ නිවුණු කටහඬයි.

“නාලක, ගෝටා අයියට මොනවද අරක ඕනෙ කිව්වෙ?”

නාගරික සංවර්ධන අධිකාරියේ කොලඹ කොටුව සංචාරක දිස්ත්‍රික්කයක් කරවීමේ සැලසුම පිළිබඳව සහ ලන්දේසි රෝහල එහි මූලික අංගයක් වීමේ සම්භාවිතාව පිළිබඳ මම ඇමතිතුමාව දැනුවත් කලෙමි.

“මටත් හිතෙන්නෙ ඒ වැඩේ හොඳයි වගේ.”

ඇමතිතුමා ධනාත්මකවී ඇත. මෙම කාර්‍යය සඳහා ඔහුගේද අදහස් හා උපදෙස් බොහෝමයක් මෙම සංවාදයේදී මට දැනගන්නට ලැබුණි.

“එහෙනං ඒ බිල්ඩිමේ අයිතිය UDA එකට දෙන්න. හැබැයි නාලක සේරම වැඩ වල ප්‍රගතිය ඔයාලට බලන්න වෙනව.”

සුභාරංචිය දැනුම්දීම සඳහා ඊලඟ දිනයේදී මම ආරක්ශක ලේකම් තුමා හමුවීමට ගියෙමි.

“මගෙ මිනිස්සු දැනටමත් වැඩේ පටන් ඇරන් නාලක” ගොඨාබයගේ සිනාසෙමින් පැවසීය. ” ගොඩනැගිල්ලේ අයිතිය ට්‍රාන්ස්ෆර් කරන වැඩේ ඔයා UDA චෙයාමන්ට කතාකරල කරල දෙන්න ”

ගෝඨාගේ වචනවලින් මට තේරුම්ගත්තේ මම නඩුව බේරන්නට යනවිට සොහොයුරන් දෙන්නා කලින්ම සමාදාන වී නව ව්‍යාපෘතියට අත ගසා ඇති බවයි. රාජපක්ෂලාගේ ගෝරි හබරල කොලේට වැටුනු පිනි වගේ කියා දන්න අය කියන්නේ ඒ නිසාය.

දින කිහිපයක් ඇතුළතදී ගරාවැටී තිබුණු ලන්දේසි රෝහල තුල අති රමණීය සාප්පු සංකීර්ණයක ආරම්භය දැකීමට කිරීමට තරම් අප වාසනාවන්ත වීමු. කලකට ඉහත තුවාලකරුවන්ගෙන් හා ලෙඩුන්ගෙන් පිරී තිබුණු වාට්ටු ආපනශාලා සහ නවීන පන්නයේ ඇඳුම් සාප්පු බවට පත් කෙරිණ. විශාල බිත්ති, තේක්ක වලින් සෑදූ බාල්ක, දැවමය දොරවල් සහ ජනේල ලන්දේසි ගෘහ නිර්මාණ රසය එලෙසම පෙන්වමින් අදටත් එහි ඇත. මෙහි සෑම ආපනශාලාවකම සහ සාප්පුවකම සියල්ල ලන්දේසි අභ්‍යන්තර සැකැස්ම එලෙසින්ම තබා නිර්මාණය කිරීමට නිර්මාණකරුවෝ උත්සුක වූහ. මෙය නගරය් තුල දෙස් විදෙස් සංචාරකයන්ගේ සිත් ඇදගන්නා ප්‍රධානතම ස්ථාන අතර පවතින්නට එයද එක් හේතුඒක් වී ඇත. ලන්දේසි රෝහල පමනක් නොව මුලු පැරණි කොටුව ප්‍රදේශයම අද වන විට වෙනස්ව ගොසිනි. වසර හතරකට ඉහත මෙය අවට පරිසරය ගරාවැටී තිබූ තත්ත්වය නැවත කිසි කෙනෙකුට මතක් කරදීමට හෝ ලකුනක් මෙහි නවීකරණය කිරීම් වලදී ඉතිරි කර නොමැත. ඒ තරම් අලංකාරයක් ඉපැරණි රෝහලක් තුළින් ගෝඨාම නොදකින්නට අදටත් මෙය ගරාවැටුණු ගොඩනැගිල්ලක් ලෙසින් කොලඹ නගරය අවලස්සන කරනු ඇත.

– නාලක ගොඩහේවා FB
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network