Comment
Showing posts with label යහපාලනයේ පලිගැනිම්. Show all posts
පා ගමනට පෙර තවත් 7දෙනකු අත්අඩංගුවට
ලබන 28 වැනිදා පැවැත්වීමට නියමිත ඒකාබද්ධ විපක්‌ෂයේ පා ගමනට පෙර තවත් හත්දෙනකු අත්අඩංගුවට ගැනීමට සූදානමක් පවතින බවට තොරතුරු ලැබී ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ ලේකම් උදය ගම්මන්පිල මහතා ඊයේ (19 දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.
මේ දිනවල විශේෂ විමර්ශන ඒකකය තමාගේ දෙවන නිවාඩුවට අවශ්‍ය ලියකියවිලි සකස් කරන බවටත් තමාට ආරංචි ලැබී තිබෙන බවත් ගම්මන්පිල මහතා කීවේය.
පාගමනින් පසු ලැබෙනවා නම් එය වඩා හොඳ බවත් එමනිසා අගෝස්‌තු 1 වැනිදායින් පසු එම නිවාඩුව ලබාදෙන ලෙස පුංචි ඉල්ලීමක් කරන බවත් ඔහු කීවේය.
දේශපාලනීකරණය වී ඇති ආයතනවලින් යුක්‌තිය බලාපොරොත්තු විය නොහැකි බවත් මේ වැඩ බැරි ආණ්‌ඩුව ඒකාබද්ධ විපක්‍ෂයට, රාජපක්‌ෂවරුන්ට, ජන සටන ව්‍යාපෘතීන්ට මහා භීතිකාවකින් පෙළෙන බව අද පෙනෙන්න තිබෙන බවත් හෙතෙම පැවැසීය.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ දේශපාලන සම්බන්ධීකරණ කාර්යාලයේදී ඊයේ (19 දා) පස්‌වරුවේ මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Comment
ගෝටා-විමල් අත්අඩංගුවට ගැනීම ගැන ඉහල තැනක සැලසුම්..
පසුගිය සෙනසුරාදාට කලින් සෙනසුරාදා දිනයේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ නිවසේ හදිසි සාකච්චාවක් පැවැත්වී ඇත්තේ ජනාපති මෛත‍්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික‍්‍රමසිංහ, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග, ඇමතිවරුන් වන චම්පික රණවක, රාජිත සේනාරත්න, සරත් ෆොන්සේකා සහ පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, පොලිස් අපරාධි විමර්ශන ඒකකයේ නියෝජ්‍ය පොලිස්පතිවරයා අතරයි.
ජනාධිපතිවරයා සහ අගමතිවරයා සිටියද හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග විසින් ප‍්‍රධාන වශයෙන් මෙහෙයවනු ලැබූ මෙම සාකච්චාවේදී අවධානය යොමු කර ඇත්තේ FCID සහ CID විසින් කරමින් ඇති පරීක්‍ෂණවල ප‍්‍රගතිය හා ඊළඟට අත්අඩංගුවට ගත් හැකි වන්නේ කවුරුන්ද යන කාරණා ගැනයි.
එහිදී FCID සහ CID නියෝජ පොලිස්පතිවරුන් දෙදෙනා තමන් සතුව ඇති තොරතුරු එකින් එක විස්තර කර තිබේ. එම තොරතුරු බැසිල් රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගත හැකි යයි සලකමින් විමල් වීරවංශ මන්ත‍්‍රීවරයා ගැන කෙරෙන පරීක්‍ෂණ ගැන විමසා ඇත.
ඊට පොලිසිය පාර්ශවයෙන් ලැබී ඇති පිලිතුර නම් වීරවංශ මන්ත‍්‍රිවරයාට පොදු දේපල පනත යටතේ කුමක් හෝ චෝදනාවකට අත්අඩංගුවට ගත්තද සති කිහිපයකින් රිමාන්ඞ් කල හැකි වුවත් නඩුව අවසානයේ නිදහස් වී වරදක් ඇතොත් නිලධාරීන්ට දඬුවම් නියම වනු ඇති බවත්ය. එනිසා වීරවංශ මන්ත‍්‍රිවරයා වරදකරු කිරීමට තරම් ප‍්‍රමාණවත් සාක්‍ෂි මෙතෙක් ලැබී නැතැයිද සඳහන් කර ඇත.
ඉන් අනතුරුව ගෝඨාභය රාජපක්‍ෂ මහතා සම්බන්ධයෙන් වූ පැමිණිලි සම්බන්ධයෙන් අවධානය යොමු කරද්දී මිග් යානා ගණුදනුව සම්බන්දයෙන් ඔහු අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් ඇති බව සාකච්චා වී ඇත.
ලසන්ත වික‍්‍රමතුංග සහ ප‍්‍රගීත් එක්නැලිගොඩ ඝාතන පරීක්‍ෂණවල ප‍්‍රගතිය සම්බන්ධයෙන් විමසීමේදී පොලීසිය පාර්ශවයේ පිලිතුරු වී ඇත්තේ මෙම පරීක්‍ෂණ තවත් ඉදිරියට කරගෙන ගියහොත් ඒ දෙක සඳහාම ආණ්ඩුවේ ඇමතිවරුන් දෙදෙනෙකු සැකකරුවන් වනු ඇති බවයි.
පැය හයක පමණ කාලයක් මෙම සාකච්චාව පැවැත්වී ඇත.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Comment
යුක්තිය විහිළුවක් ද?
කඩුවෙල මහේස්ත්‍රාත්වරයා අද මා නම් මා මේ වන විටත් ඉල්ලා අස් වී ගෙදර ගොස් අවසන් ය. එතරම් ම නීතියට මෙන් ම සියළු යුක්ති ධර්මයන්ට එරෙහි තීන්දුවකිනි අද දින බැසිල් රාජපක්‍ෂ මහතා අගෝස්තු 1 වෙනි දා දක්වා රිමාන්ඩ් කරනු ලැබූයේ !
නගා තිබූ චෝදනාව වූයේ බැසිල් රාජපක්‍ෂ මහතා අමාත්‍ය ධූරය දැරූ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මගින් පළාත් පාලන ආයතන 56කට රුපියල් කෝටි තුන හමාරක (මිලියන 36) වියදමින් ජී අයි පයිප්ප බට බෙදාහැරීම ය. මූල්‍ය අපරාධ කොට්ඨාශයේ බී වාර්තාවට ම අනුව, ආදාළ පයිප්ප අමාත්‍යාශංය විසින් කිසිදු අක්‍රමිතාවකින් තොරව අදාළ පළාත් පාලන ආයතනය වෙත බාර දී ද ඇත. එසේ ම එකී පළාත් පාලන ආයතන විසින් ද අදාළ පයිප්ප බට බාරගෙන ඇති බවට වාර්තා ද තිබේ. මේ ක්‍රියාවලිය අතරතුර කිසිම තැනක වංචාවක් සිදු වී ඇති බවට ද චෝදනාවක් පොලීසිය විසින් ඉදිරිපත් කොට නැත. ඔවුන් නගා ඇති එක ම චෝදනාව නම් අදාළ බට ලබා ගැනීම සඳහා මේවා ලැබූ පළාත් පාළන ආයතන මගින් ඉල්ලීමක් කොට නොතිබීම ය. එනම් ඉල්ලීමක් නොමැති ව බට ලබා දීම වරද වී තිබේ. මෙම චෝදනාව පොදු දේපළ පනත යටතේ ඉදිරිපත් කොට තිබුණි.
ජී අයි පයිප්ප බට ලබා දී තිබුණේ ඇයි ?ඇත්ත වශයෙන් ම මෙකී බට ලබා දී තිබුණේ රජය විිසින් ගත් ප්‍රතිපත්තිමය තීරණයකට අනුව ය. ගමක කිසියම් උත්සව අවස්ථාවක තාවකාලික මඩු සාදාගැනීම, මරණ හෝ වෙනත් ග්‍රාමීය මට්ටමේ උත්සව අවස්ථාවක කොඩි කණු ලෙස භාවිත කිරීම, සැණකෙලි අවස්ථාවන්හි දී නොයෙක් කාර්යන් සඳහා භාවිතා කිරීම ආදිය සඳහා යොදා ගැනීමට මෙම බට ලබාදීමේ අරමුණ වී තිබේ.
නීතිඥ මහතුන් විසින් ඉතා දක්‍ෂ ලෙස පෙන්වා දුන්නේ නැගූ චෝදනාව තුළ කිසිදු හරයක් නැති බව ය. FCID නිලධාරීන්ට ද ඒ එකදු තර්කයකට හෝ ප්‍රතිතර්ක ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ බව අපි නිරීක්‍ෂණය කළෙමු. සියළු දේශන අවසානයේ සැකකාර බැසිල් රාජපක්‍ෂ මහතාට ඇප ලබා දීම ප්‍රතික්‍ෂේප කිරීමට කිසිදු හේතුවක් නැති බවට වන මානසිකත්වයක් උසාවිය තුළ ගොඩ නැගී තිබුණි. එහෙත් ඒ අතර සිදු වූයේ අසාමාන්‍ය දෙයකි. මහේස්ත්‍රාත්වරයා විසින් නඩුව පසුව ගන්නා බව කියමින් උසාවිය කල්තබන ලදී. සාමාන්‍යයෙන් උසාවියක් කල් තැබෙන්නේ උපරිම විනාඩි 30ක් බව උසාවියක භාෂණ පරිවර්තයෙකයෙකු ලෙස කලක් කටයුතු කළ මම අත්දැකීමෙන් දනිමි. එහෙත් කඩුවෙල උසාවිය පැය එක හමාරකට වඩා කල් තැබුණි. අනතුරු ව අසුන වෙත යළි පැමිණි මහේස්ත්‍රාත්වරයා එක් වරම පවසා සිටියේ ඇප ලබා දීම ප්‍රතික්‍ෂේප කොට බැසිල් රාජපක්‍ෂ මහතා අගෝස්තු 1 වනදා දක්වා රිමාන්ඩ්භාරයට පත්කරන බව ය. කීමට අන් දෙයක් නැත. සැලසුම ව තිබුණේ නාමල් එළියට එන විට බැසිල් ඇතුළට දැමීම ය. එය ඒ අයුරින් ම සිදුවිය.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Comment
විමල් අත්අඩංගුවට ගැනීම ඉලක්ක කර FCID ය ඉන්ධන පිරවුම්හල් පීරා තෙල් බිල් සොයයි.
පසුගිය රජය සමයේ විමල් වීරවංශ මහතා ඉදිකිරීම් ඉංජිතේරු සේවා හා පොදු පහසුකම් ඇමති ධුරය දරද්දීී රාජ්‍ය ඉංජිනේරු සංස්ථවේ වාහන සඳහා කොතරම් ඉන්ධන ලබා දී ඇති දැයි බත්තරමුල්ලේ පිහිටි ඉන්ධන පිරවුම්හලකින් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය වාර්තාවක් ඉල්ලා තිබේ.
2012 වසරේ සිට 2015 දක්වා කාල සීමාවට අදාලව මෙම වාර්තාව ඉල්ලා ඇත.
මේ තොරතුරු අප වෙත ලබා දුන් ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රකාශකයා පැවසුවේ තම පක්‍ෂ නායක විමල් වීරවංශ මහතා පොදුු දේපල පනත යටතේ සිරගත කිරීම ඉලක්ක කරමින් මෙම කටයුතු සිදුුවන බවයි.
වීරවංශ මහතා සම්බන්ධයෙන් වෙනත් කිසිදු වංචා දුෂණයක් එල්ල කර ගත නොහැකි වී තිබෙන නිදා තෙල් පිච්වුවේ කියා හෝ අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බවද ඔහු කියා සිටියේය.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Comment
තවත් රාජපක්ෂවරු දෙදනකු ලගදීම අත්අඩංගුවට
ඉරියේදී තවත් රාජපක්ෂවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවට තොරතුරු ලැබී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ සුවදුක් විමසීම සඳහා ඊයේ වැලිකඩ බන්ධනාගාරයට පැමිණි අවස්ථාවේදීයි.
මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ මන්ත්‍රීවරයා පැවසුවේ රජය දේශපාලන පිළිගැනීම් සිදු කරන බවයි.
ඊයේ දිනයේත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුලූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් වැලිකඩ මැගසින් බන්ධනාගාරය වෙත පැමිණියා.
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ බාල සොහොයුරා වන රෝහිත රාජපක්ෂ මහතා ද ඊයේ දිනයේදී නාමල් රාජපක්ෂ මහතාගේ සුවදුක් විමසීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කළා.
මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න හමුවේ ඔහු කියා සිටියේ රොකට් යැවීමට අදාළව තමාට එරෙහිව පරීක්ෂණ ආරම්භ කිරීම ගැන ආණ්ඩුවේ මන්ත්‍රීවරු සහ ඇමතිවරු තීරණය කරනු ඇති බවයි.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Comment
ඒකාබද්ධ විපක්ෂයේ 10 ක් අත්අඩංගුවට ගැනීමේ සැලසුමක්?
ඒකාබද්ධ විපක්‍ෂයේ 28 දා ඇරඹෙන මහනුවර - කොළඹ මහා ජන බලවේග පාද යාත්රාවට පෙර ඒකාබද්ධ විපක්‍ෂයේ දහදෙනෙක් අත්අඩංගුවට ගෙන තවත් කීපදෙනෙක් පක්‍ෂයෙන් නෙරැපීමට මේ ආණ්‌ඩුව සැලසුම් කළත් මේ මහා දැවැන්ත ජන බලවේග පාද යාත්‍රාව නවතින්නේ නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
මන්ත්‍රීවරයා ඒ බව පැවසුවේ ලබන 28 වැනිදා මහනුවරින් ආරම්භ කිරීමට නියමිත පාද යාත්‍රාව සංවිධානය කිරීම සඳහා ගම්පහ උඩුගම්පල රෙජී රණතුංග සමරු සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (10) පැවති රැස්‌වීමේදීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙසේද කීවේය.
”ජන සටන පාද යාත්රාවට පෙර අපේ මන්තී‍්‍රවරුන් දහ දෙනෙක් අත්අඩංගුවට ගෙන හිරේ දාන්න ආණ්ඩුව සූදානම් වෙනවා. ඒ අතර, ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය අපේ කණ්ඩායම නියෝජනය කරන මන්තී‍්‍රවරුන් කිහිප දෙනෙකු පක්‍ෂයෙන් නෙරපන්න හදනවා අපි යකාට බයනම් සොහොනෙ ගෙවල් හදන්නෙ නෑ. ඔය මොනව කෙරුවත් අපේ ආණ්ඩු විරෝධී සටන නතර කරන්න බෑ. ලක්‍ෂ ගණන් ජනතාව පාරට බස්සලා කොළඹට ගෙනල්ලා මේ ආණ්ඩුව ගෙදර යැවීමේ ජන සටනට අපි නායකත්වය දෙනවා”
“මේ ආණ්‌ඩුවට එරෙහිව මේ ජනසටන පාද යාත්‍රාව පවත්වන්නේ හේතු කීපයක් ඇතිවයි. ඊනියා ව්‍යවස්‌ථාව සංශෝධනයට එරෙහිව, පළාත් පාලන ඡන්දය කල් දැමීමට එරෙහිව ,ජනතාව මත පැටවූ වැට් බද්දට එරෙහිව, එට්‌කා ගිවිසුම, ගොවි සහන කප්පාදුව, ජනතා මර්දනය යන ඒවාට එරෙහිවයි අපි මේ මහා පාද යාත්‍රාව පවත්වන්නේ. ඒ සඳහා අතිවිශාල ජනකායක් එකතු වෙනවා“ යෑයි ද මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Comment
ඉන්දියානු සමාගමක් වූ ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගමෙන් රුපියල් මිලියන 70ක් රගර් තරගාවලියක් සදහා ලබාගෙන එම මුදල් අවභාවිත කළායැයි කියන සිද්ධියකට අදාළව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගත් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන 18 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළාය.
මෙම සිද්ධියට අදාළ ක්‍රිෂ් ලංකා සමාගම හෝ ප්‍රිමියර් සුපර් ස්පොර්ට්ස් සමාගමෙන් හෝ පැමිණිල්ලක් නොමැති අවස්ථාවක සැකකරුට ඇප ලබාදීමට හැකියාවක් තිබුණද, ප්‍රධාන සාක්ෂිකරුවන් කිහිප දෙනකුගේ සාක්ෂි ලබා ගත යුතුව ඇති බැවින් සාක්ෂිකරුවන්ට බලපෑම් එල්ල කළ හැකි යැයි නිගමනය කරමින් අධිකරණය සැකකරු එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කළේය.
අංක 259/9, කොස්වත්ත තලංගම ලිපිනයෙහි දූෂණ විරෝධී හඬ කමිටුවේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා විසින් ඉකුත් ජනවාරි මස 12 වැනි දින මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කරන ලද පැමිණිල්ලකට අනුව මෙම සිද්ධිය අධිකරණය හමුවේ විභාග විය.
මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් 11 උදෑසන ප්‍රකාශයක් ලබා දීමට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවේ පස්වරු 3.00ට පමණය.
සිද්ධියට අදාළ වැඩිදුර වාර්තාවක් ද සමගින් අධිකරණයේ පෙනී සිටි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ප්‍ර.පො.ප. අනුර ප්‍රේමරත්න සමග උ.පො.ප. ලලිත් ශාන්ත යන නිලධාරීහු අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කළහ.
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය : ස්වාමීනි, මෙම සිද්ධියට අදාළව 2016 ජනවාරි 12, 18 පෙබරවාරි 19 මාර්තු 03 යන දිනයන් හි ඉදිරිපත් කරන ලද වැඩිදුර වාර්තාවන්ට අමතරව මෙම දීර්ඝ විමර්ශනයෙන් පසු සැකකරුවකු ලෙස මහවෙල පාර කාල්ටන් තංගල්ල පදිංචි ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ යන අය අද දින අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලබනවා. මෙම විමර්ශනය මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ඒකක අංක 7 මගින් සිදුකරනු ලැබුවා. කොළඹ කොටුව ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගමේ රුපියල් මිලියන 70ක් රගර් තරගාවලියක් සඳහා ලබා ගෙන ප්‍රිමියර් ස්පෝට්ස් සමාගමේ නිමල් පෙරේරා මහතාගේ එච්.එස්.බී.සී. ගිණුම් අංකය ඉල්ලාගෙන එම ගිණුමට රුපියල් මිලියන 70ක් ගෙන්වා ගෙන එම මුදල් නැවතත් නිමල් පෙරේරා මහතා විසින් නාමල් රාජපක්ෂ මහතා වෙත ලබාදීමෙන් පසු 2013 මැයි හෝ ජුනි යන මාසයේ කාල්ටන් සෙවන් රග්බි තරගාවලිය සඳහා අදාළ කමිටුවට භාරදුන් බවට සැකකරු විසින් පවසා සිටියා. එම කමිටුව සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේදී රගර් සම්මේලනයෙන් ප්‍රකාශ සටහන් කළා. එම මුදල් අදාළ සංගමයට ලබාදුන්නේ නැති බව ඔවුන් සඳහන් කළා. මෙම සැකකරු විසින් එම මුදල් වියදම් කළ ආකාරය සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කිරීම මග හැරියා. අදත් එනකොට ගේන්න කිව්වා. අරගෙන ආවේ නෑ. ඊට අමතර ක්‍රිෂ් ලංකා සමාගමට ලිපියක් යවා තිබෙනවා එම මුදල ලැබුණ බවට. එසේම ඒවා වියදම් කළ බවට ඇමුණුමක්ද යවා තිබෙනවා. මෙය මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව ගැනෙන වරදක්. 2016 ජනවාරි මාසයේ 13 දින අල් තමාන් නමැති බංග්ලාදේශ ජාතිකයකු විසින් ඔහුගේ ගිණුමට රුපියල් මිලිය 52ක් බැරකරගෙන එම ගිණුමෙන්ම රුපියල් මිලියන 50ක් මෙම සැකකරුගේ ගිණුමට බැර කරගෙන ඇති බවට සඳහන් කරනවා.
අධිකරණය : ඒ ගනුදෙනුව මොකක්ද? ඒ විදේශ ජාතිකයා කවුද?
පොලිසිය : 2013 මැයි හෝ ජුනි මෙම මුදල රුපියල් මිලියන 35ක් වශයෙන් දෙවතාවකදී නිමල් පෙරේරා යන අය විසින් ලබා දීලා තිබෙනවා. ඒක රග්බි තරගාවලියට නොගෙන අල් තමාන් නමැති බංග්ලාදේශ ජාතිකයකුගේ ගිණුමකට බැර කරලා ඒ ගිණුමෙන් ආපසු රුපියල් මිලියන 50ක් ලබාගෙන ඊට අමතරව රුපියල් මිලියන 50ක බැංකු අයිරාවක් ලබාගෙන. ඒකෙන් තමයි මෙම සැකකරු හෙලෝ කෝප් සමාගම මිලදී ගෙන තියෙන්නේ. මෙම බංග්ලාදේශ ජාතිකයා සොයා ගැනීමට නැහැ. අපි සොයාගන්න උත්සාහ ගන්නවා.
අධිකරණය : එය මෙරට සමාගමක්ද?
පොලිසිය : ඔව් ස්වාමීනි. ඒක මෙරට ආයෝජනයට ආපු ඉන්දියානු සමාගමක්. අක්කර 4.3ක භූමි ප්‍රමාණයක් අනූ නව අවුරුදු බද්දට අරගෙන විශාල සාප්පු සංකීර්ණයක් ඉදිකරන්නයි ඇවිත් ඉන්නේ. එම සමාගමේ ගුප්තා කියන අයගෙන් ලංකාවේ රගර් ක්‍රීඩාවට අනුග්‍රහය දක්වන්න කියලා තියෙද්දී තමයි රුපියල් මිලියන හැත්තෑවක් දීලා තිබෙන්නේ. එම මුදල නිමල් පෙරේරාගේ ගිණුමට තමයි බැරකරලා තිබෙන්නේ. පසුව ඒ නිමල් පෙරේරා යන අය ග්‍රෙගරි පාරේ පිහිටි සැකකරුගේ කාර්යාලයට දෙවතාවක් ගිහින් එම මුදල් අතටම දීලා තියෙනවා. සැකකරු කියන්නේ කමිටුවට දුන්නා කියලා. කමිටුවේ සාමාජිකයින්ගෙන් ප්‍රශ්න කළාම එයාලා කියන්නේ එහෙම මුදලක් දුන්නේ නෑ කියලා.
මෙහිදී සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා : ස්වාමීනි, ඔය කියන කාරණාවලින් පැහැදිලිව පේනවා මුදල් දුන්නා කියන්නේ ක්‍රිෂ් කියන සමාගම. ක්‍රිෂ් සමාගමෙන් පැමිණිල්ලක් කරලා නෑ. රගර් කමිටුවත් පැමිණිල්ලක් කරලා නෑ. ඒක පැහැදිලියි. වසන්ත සමරසිංහ කියන්නේ දේශපාලන චරිතයක්. ඒකෙන්ම පැහැදිලිව පේනවා මේ මුදල ක්‍රිෂ් ආයතනය දුන්නා නම් 2013 ඉඳලා අද වෙනතුරු පැමිණිලි කර නෑ. මේ පරීක්ෂණයට මාස හතක් ගත වෙලා. අද වෙනකල් පැමිණිලිකාරයෙක් හොයා ගන්න බෑ. මගේ සේවාදායකයා මේ සම්බන්ධයෙන් දෙවතාවක් ඇවිත් කට උත්තර දීලා තියෙනවා.
අධිකරණය : ක්‍රිෂ් සමාගමෙන් කට උත්තර ගත්තාද?
පොලිසිය : ඔව් අරගෙන තිබෙනවා.
සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා : ස්වාමීනි, මගේ සේවාදායකයා තරුණයි. ඔහු සහ අදාළ සමාගම අතර තිබුණ රැස්වීමකදී ඔහුගෙන් එම තැනැත්තා ඇහුවා මොනවද වෙන්න ඕන කියලා. එතකොට තමයි මගේ සේවාදායකයා කිව්වේ අපේ රටේ රගර් ක්‍රීඩාව නංවන්න උදව් කරන්න කියලා. නිමල් පෙරේරා කියන්නේ සිලෝන් ප්‍රිමියර් ස්පෝර්ට් සමාගමේ සභාපති. එතුමාගේ නමට තමයි සල්ලි දැම්මේ. 2010 නොවැම්බර් මස 10 තමයි නුවර කාල්ටන් රග්බි තරගාවලිය පැවැත්වුණේ. ඒකට සංගම් 10ක් සහභාගි වුණා. මේ සම්බන්ධයෙන් ක්‍රිෂ් ආයතනයෙන් පැමිණිල්ලක් නෑ. මිලියන 70ක ගිවිසුම ගැහුවේ වසන්ත සමරසිංහ එක්කවත් එෆ්.සී.අයි.ඩී. එකත් එක්ක නොවෙයි. මගේ සේවාදායකයාට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ අංක 3 අධිකරණයේත් නඩුවක් තිබෙනවා. සියලුම ලේඛන ඒකට අරන් තියෙන්නේ.
අධිකරණය : ක්‍රිෂ් සමාගමේ ප්‍රකාශයෙන් මොනවද කිව්වේ?
පොලිසිය : ආර්.පී. ගුප්තා යන අය ප්‍රකාශ ලබාදීලා තිබෙනවා. ඒ අය ක්‍රීඩාවට ආසයි. ඒක දියුණු කරන්නයි දීලා තියෙන්නේ. ඒ අය දන්නෑ මේ සල්ලිවලට මොකද වුණේ කියලා. සල්ලිවලට මොකද කළේ කියලා ඒ අයට ඇමුණුමක් යවලා තියෙනවා.
ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා : ස්වාමීනි මගේ සේවාදායකයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. අධිකරණය මග හරින්නේ නෑ. සාක්ෂිවලට කිසිසේත්ම බාධාවක් කරන්නේ නෑ. මහජන කැලඹීමක් වෙන්නේ නෑ. ඒ නිසා ඕනැම ඇප කොන්දේසියක් මත ඇප ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා.
අධිකරණය : (පොලිසියෙන්) විමර්ශන තත්ත්වය කොහොමද?
පොලිසිය : විදේශිකයන් කිහිප දෙනකුගෙන් ප්‍රකාශ ගන්න තිබෙනවා. ඉන්දීය ජාතිකයින් වූ අමිත්, ආර්.සී. ගුප්තා, බංග්ලාදේශ ජාතිකයකු වූ අල් තමාන්, නවසීලන්ත ජාතිකයකු වූ ජෝර්ජ් ඩිම්කින් යන අයගෙන් ප්‍රකාශ ගන්න තිබෙනවා.
අධිකරණය : ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බලමි. මෙම සැකකරු මෙම මුදල් නිමල් යන අයගෙන් ලබාගත් බවට සාක්ෂි තිබෙනවා. සැකකරු ඒවා විධිමත් ආකාරයට රගර් ක්‍රීඩාව සඳහා යොදාගත් බවට සඳහන් කරලා තියෙනවා. අද දින වැඩිදුර වාර්තාවෙන් පෙනී යනවා මෙම සැකකරු වරදක් කර නැති බවට. එසේම, මෙම සිද්ධියට අදාළව ප්‍රිමියර් ස්පෝර්ට් සමාගමෙන් හෝ ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගමෙන් හෝ පැමිණිල්ලක් ලැබී නොමැති අවස්ථාවක සැකකරු මුදල් භාවිත කළ ආකාරය සම්බන්ධයෙන් පැමිණිල්ල විග්‍රහ කර නැහැ. ප්‍රධානම සාධකය මෙම මුදල භාවිත කළේ කෙසේද යන්නයි. වැදගත් සාක්ෂි කිහිපයක් ලබා ගන්න තිබෙන බවට මූල්‍ය අපරාධ විමර්ශ කොට්ඨාසය කියනවා. ඒ සම්බන්ධයෙන් සාක්ෂිකරුවන්ට බලපෑම් කළ හැකි යැයි නිගමනය කරමින් සැකකරු සතියක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලබනවා.
ඒ අනුව සැකකාර නාමල් රාජපක්ෂ මහතා ලබන 18 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කළ මහෙස්ත්‍රාත්වරිය එදින තෙක් නඩුව කල් තැබීය.
ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ, නීතිඥ ගනේෂ් ධර්මවර්ධන, නීතිඥ බුද්ධික ජයසිංහ, නීතිඥ කපිල ගමගේ, නීතිඥ ප්‍රියන්ත දෙනියාය, නීතිඥ උදය ගම්මන්පිල, නීතිඥ සිසිර ජයකොඩි, නීතිඥ සම්පත් මෙන්ඩිස්, නීතිඥ චමින්ද කුලරත්න, නීතිඥ ප්‍රේමනාත් fදාලවත්ත, නීතිඥ විකුම් බස්නායක, නීතිඥ රකිත අබේගුණවර්ධන, නීතිඥ ශාබ්දික වෙල්ලප්පුලි, නීතිඥ මහේෂ් අලහප්පෙරුම, නීතිඥ එන්. සන්නස්ගල, නීතිඥ නිලන්ත විජේසිංහ යන මහත්ම මහත්මීහු සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටිමින් කරුණු ඉදිරිපත් කළහ.
සැකකාර නාමල් රාජපක්ෂ මහතා අධිකරණය වෙත රැගෙන එනු ලැබූ අවස්ථවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වූ බන්දුල ගුණවර්ධන, ගාමිණී ලොකුගේ, උදය ගම්මන්පිල, වීරකුමාර දිසානායක, දිනේෂ් ගුණවර්ධන, කුමාර වෙල්ගම, ජයන්ත සමරවීර, විමල් වීරවංශ, ජී.එල්. පීරිස්, ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මහත්වරුන් හා පළාත් සභා මන්ත්‍රී රොජර් සෙනෙවිරත්න මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටි අතර, යෝෂිත රාජපක්ෂ, රෝහිත රාජපක්ෂ යන මහත්වරුද අධිකරණ පරිශ්‍රයේ රැඳී සිටියහ.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Comment
Subscribe to:
Posts (Atom)