Showing posts with label යහපාලකයන්ගේ නිර්වත. Show all posts
සරල ජනාධිපති රණවිරුවාට සලකන හැටි අලූත් පක්‍ෂය තේරෙන සිංහලෙන් කියයි.


ආබාධිත රණවිරුවන් විසින් පැවැත්වූ විරෝධතාවයට ඊයේ දිනයේ පොලීසිය විසින් කදළු ගෑස් හා අධි පීඩන ජල ප‍්‍රහාර එල්ල කිරීම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ දැඩි පිලිකුලෙන් යුතුව හෙලි දකියි.

එම පක්‍ෂයේ මාධ්‍ය ලේකම්වරයා විසින් මේ බව සදහන් කරමින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය.

ආබාධිත රණවිරුවන්ගේ උද්ඝෝෂණයටආණ්ඩුව විසින් එල්ල කළ ප‍්‍රහාරයපිළිකුලෙන් යුතුව  හෙළාදකිමු.

සිය විශ‍්‍රාම වැටුප් අයිතිය ඉල්ලා  ආබාධිත රණවිරුවන් විසින් ක‍්‍රියාත්මක කල උද්ඝෝෂණයට ආණ්ඩුව විසින් එල්ල කළ ප‍්‍රහාරය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉතා පිළිකුලෙන් යුතුව  හෙළාදකී. රට වෙනුවෙන් සිය ශරීරාංග දන්දුන් මේ රණවිරුවන් ආණ්ඩුවේ අමානුෂික ප‍්‍රහාරය හමුවේ පීඩාවට පත් වූ ආකාරය සමස්ත ජාතියම කම්පාවට පත් කළ අවස්ථාවකි. රට වෙනුවෙන් ආබාධිත වූ රණවිරුවන්ට එරෙහි ආණ්ඩුව විසින් මෙවන් ප‍්‍රහාරයක් එල්ල කළ අවස්ථාවක් ලෝක ඉතිහාසයේ සිදු වී  ඇතැයි අපට විශ්වාස කළ නොහැක.  ජාතික ආරක්ෂාවට පවා තර්ජනය කරන ඇතැම් උද්ඝෝෂණ හමුවේ මුනිවත රකින ආණ්ඩුව ආබාධිත රණවිරුවන්ගේ උද්ඝෝෂණයට එල්ල කළ මේ ප‍්‍රහාරය මෙරට ඉතිහාසයේ මහජන උද්ඝෝෂණයකට එල්ල වූ මිලේච්ඡුතම ප‍්‍රහාරය බව අපගේ හැඟීමයි.

මෙම රණවිරුවන්ගේ ඉල්ලීම ඉටුකිරීමට වැය වන්නේ ඉතාම සුළු මුදල් ප‍්‍රමාණයකි. ආණ්ඩුවේ ඇතැම් නාස්තිකාර වියදම් අනුව සලකා බලද්දී මෙය ඉතාම සුළු වියදමකි.  මුදල් හිඟකම් ගැන පවසා ජනතා ඉල්ලීම් අතපසු නොකරන බව මේ ආණ්ඩුව පුන පුනා රට හමුවේ පොරොන්දු වී ඇත.  ඒ සියල්ලට අනුව සලකා බලද්දී පෙනී යන්නේ මෙය මුදල් හිගයක් පිළිබඳ ප‍්‍රශ්ණයක් නොව ප‍්‍රමුඛතාවය පිළිබඳ ප‍්‍රශ්ණයක් බවයි.  සිරිසේන, වික‍්‍රමසිංහ ආණ්ඩුව කිසිඳු මොහොතක රණවිරුවාට ප‍්‍රමුඛතාව තබා අවම වටිනාකමවත් නොදෙන බව මෙම සිදුවීම මගින් යළිත් තහවුරු වෙයි.

පසුගිය 30 වන දා සිට මාරාන්තික උපවාසයක නිරත වූ මෙම ආබාධිත රණවිරුවන්ට සිය ඉල්ලීම ඉදිරිපත් කිරීම සදහා  කෙටි සාකචිඡුාවක් හෝ ලබා නොදුන්නේ මන්දැයි අපි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් සෘජුවම ප‍්‍රශ්ණ කරන්නෙමු. ආබාධිත රණවිරුවන්ගේ දුක් ගැනවිල්ලකටවත් ජනාධිපතිවරයා මෙහිදී සංෙවීදී වී නැත. තමන් සරළ ජනාධිපතිවරයෙකු ලෙස තමන් විසින්ම හඳුන්වා ගන්නා  මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට රණවිරුවන් වෙනුවෙන් මිනිත්තු කිහිපයක සාකචිඡුාවක් ලබාදීමට සිතක් පහළ නොවීම අතිශයින්ම කණගාටුදායකය.

ජාතික සංහිඳියාව ආණ්ඩුවේ ප‍්‍රමුඛතම මාතෘකාවයි. ජාතික නිදහස වෙනුවෙන් අසීමිත කැපකිරීම් කළ රණවිරුවා නොසලකා ජාතික සංහිඳියාව ගොඩනැගිය හැකිද?  සංහිඳියාව පිළිබඳ ආණ්ඩුවේ දර්ශණය මෙයද?   රණවිරුවන් අවමානයට ලක් කිරීම වර්තමාන ආණ්ඩුවේ න්‍යාය පත‍්‍රයේ ප‍්‍රමුඛතම කොටසක් බවට  පත්ව ඇති බව පැහැදිලි ලෙස පෙනෙමින් තිබේ.  අද ආබාධිත රණවිරුවන්ට එල්ලකළ ප‍්‍රහාරය  හුදෙකලා සිදුවීමක් නොවන අතර, මීට පෙර අවස්ථා රැසකදීම වර්තමාන ආණ්ඩුව රණවිරුවා රට සහ ලෝකය හමුවේ බරපතල ලෙස අපකීර්තියට අවමානයට සහ පීඩාවට පත්කර තිබේ.  ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන චින්තනයට මෙම තත්වය කිසිසේත්ම වලංගු නැත. වර්තමාන ඒකාබද්ධ ආණ්ඩුව තුළ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ප‍්‍රතිපත්ති මුළුමනින්ම විනාශ  වී ඇති බව මෙමගින් යලිත් තහවුරුවේ, සංහිඳියාව වෙතට යන මාවත මෙය නොවන බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රමුඛ ආණ්ඩුවට අවධාරණයෙන් මතක් කර සිටී.

මෙයට

මහාචාර්ය ජී.එල් පීරිස්
සභාපති
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ

උපදෙස් පරිදී

සංජීව එදිරිමාන්න
මාධ්‍ය ප‍්‍රකාශක
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
‘හොරු අල්ලන්න‘ ඇවිත් ලොකුවටම හොරකම් කළ යහපාලන ඇමතිලාට නඩු !





ගතවූ මාස විස්සක කාලය තුළ වංචා හා දූෂණවලට සම්බන්ධ රජයේ ප්‍රබල ඇමැතිවරුන් දස දෙනකුට එරෙහිව නඩු පවරන බව හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය.

මත්තල හා හම්බන්තොට වරාය ඉදිකිරීමට වැය වූ මුදලට ආසන්න මුදලක් වංචා කර ඇති මෙම ප්‍රබල ඇමැතිවරුන්ට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවේ නඩු ගොනු කරන බවත් ඒ සඳහා අවශ්‍ය සියලු ලිපිගොනු මේ වනවිට සකස්කර අවසන් බවත් ඒ මහතා පවසයි.

තාත්තලා, දුවලා, මාමලා, බෑණලා රුපියල් බිලියන ගණනින් මහ දවල් හොරකම් කළ මහ බැංකු බැඳුම්කර වංචාව මෙන්ම අධිවේගී මාර්ග සඳහා රුපියල් බිලියන 12ක් වංචා කිරීමට සූදානම් වූ අමාත්‍යවරයාද ඒ අතර සිටින බවත්, අවුරුදු 17ක් බලය නොමැතිව වේලි වේලී හිටපු එක්සත් ජාතික පාක්ෂිකයන් මේ කෙටි කාලය තුළදී විශාල මුදලක් කොල්ලකා තිබෙන බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

ඔහු මේ බව සඳහන් කර සිටියේ පෙරේදා (05) මහනුවර පුෂ්පදාන ශාලාවේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ සෙංකඩගල ආසන බලමණ්ඩල රැස්වීමේදීය.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
මහජන බැංකු සභාපති, නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් සමග ප‍්‍රසිද්ද කුඩු ජවාරම්කරු ‘වෙලේ සුදා’ කතරගම පූජාවක



මහජන බැංකුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු, ප‍්‍රසිද්ධ මත්කුඩු ජාවාරම්කරැුවෙකු වූ වෙලේ සුදා සහ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු එක්ව කතරගම දේවාලයට පූජා පැවැත්වූ පුවතක් එජාප හිතාවාදී වෙබ් අඩවියක පින්තූරද සහිතව පල කර ඇත.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
ශ‍්‍රී ලංකාව තුල ඊළමක් පිහිටුවීමේ යෝජනාව UN වෙත ඉදිරිපත් කෙරේ


ශ්‍රී ලංකාව තුළ ඊළාම් රාජ්‍යයක්‌ පිහිටුවීමේ යෝජනාවක්‌ ජිනීවා මානව හිමිකම් කමිටුව වෙත ඉදිරිපත් කර ඇත.

මේ යෝජනාව ඉදිරිපත්කර ඇත්තේ මදුරාසියේ විශ්‍රාමික විනිසුරු එස්‌. සිවසුබ්‍රමනියම් විසිනි. ඔහුගේ එම යෝජනාවට ඇමරිකාවේ හිටපු නීතිපති රුම්සේ ක්‌ලාක්‌ද දායක වී ඇත.

ශ්‍රී ලංකාවේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 6 වැනි වගන්තිය මත ඊළාම් රාජ්‍ය ස්‌ථාපිත කිරීමට නොහැකිවීම නිසා එම වගන්තිය ඉවත් කිරීම සඳහා කටයුතු කරන ලෙස ඔවුන් මානව හිමිකම් කමිටුවෙන් ඉල්ලා තිබේ.

මෙවන් යෝජනාවක්‌ ජිනීවා මානව හිමිකම් කමිටුවට ඉදිරිපත්වුණේ මුල්වරටය.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
සගවනු බැරි ඇත්ත මෙන්න.. බොරතෙල් ඩොලර් 40යි.. මහින්ද යුගයේ 130වූ ඩොලරය 150 පැන්න හැටි මහ බැංකු වාර්තාවෙන් එලියට පනී..



ඉදිරියේදී ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් කෘතීමව නවතා දැමීම සිදු නොකලහොක් ඇමරිකානු ඩොලරයක් රුපියල් 160 සීමාව පසු කරනු ඇති බව රුහුණු විශ්ව විදයාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය නන්දසිරි කිහිඹියහෙට්ටි මහතා පවසයි.

රුපියල බාල්දු වීම ආනයන, අපනයන, විදේශ ණය බර වන අංශයන්ට ප‍්‍රබල බලපෑමක් එල්ල කරනු ඇති බවද ඔහු පෙන්වා දෙයි.

අද වන විට මෙරට බිහිසුනු ත්‍රස්තවාදී යුද්ධයක් නැත. පොහොර සහනාධාරය, පෝෂන මල්ල නැත. රාජ්‍ය සේවකයින්ට මෝටර් බයිසිකල්, මාසික මූලික වැටුපට එකතු කරන බව කියූ රුපියල් 10000 ද නැත. අධ්‍යාපනයට ලබා දෙන්නේ යයි පොරොන්දු වූ 6% හෝ අධිවේග මාර්ග හෝ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති කිසිත් ක‍්‍රියාත්මක නොවෙයි.

රාජපක්‍ෂ සමයේ ඩොලර් 100කට ඉහලින් පැවතුනු බොරතෙල් බැරලයක් අද වන විට ඩොලර් 40කි. 2015 ජනවරිය වන විට රුපියල් 130ක් වූ ඇමරිකානු ඩොලරයක් අද වන විට රුපියල් 150 ඉක්මවා ගොස් ඇත.

2015 ජනවාරි සිට මේ වන විට ඇමරිකානු ඩොලරයේ අගය රුපියල් 150.19 දක්වා ඉහළ යමින් රුපියල බාල්දු වූ හැටි මහ බැංකුවේ ප්‍රස්තාරය දක්වා ඇත්තේ මෙසේය.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
විගණකාධිපතිගේ දැඩි ප‍්‍රකාශයෙන් ෆුට් නෝට් පිළ සුන්වෙයි



මහ බැංකුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් කෝප් කමිටුවට තමන් විසින් ඉදිරිප්ත කල විගණකාධිපති වාර්තාවේ ඇති කිසිදු කරුණක් වෙනස් කිරීමට සදහා තමන් කිසිසේත්ම එකග නොවූ බව විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා දැඩිය අවධාරණය කර සිටී.

කෝප් වාර්තාවේ පාද සටහන් සම්බන්ධයෙන් තමන් දැරු මතයේ කිසිදු වෙනසක් නැතැයිද පවසන ඔහු කිසිදු පාද සටහනකට තමන්ගේ අනුමැතිය නැති බවත් එම පාදසටහන් යොදාගෙන කර ඇත්තේ විගණකාධිපති වාර්තාව වෙනස් කිරීම බවද පවසයි.

‘වසර තිහක බැදුම්කරයක් නිකුත් කලේ කුමක් නිසාද, ඒ මොහොතේ තිබූ පොලි අනුපාතය ඉහද දමා අදාල බැදුම්කරය නිකුත් කලේ මන්ද’ ආදී බොහෝ ප‍්‍රශ්නවලට අද වන තෙක් පිලිතුරු ලැබී නැතැයිද ඔහු වැඩි දුරටත් සදහන් කරයි.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
“නායකයන් ටික අල්ලා ළගදීම හිරේ දමනවා.. එතකොට අලුත් පක්ෂය ඉවරයි“ – Rajitha 



rajitha

ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් ඉදිරියේදී හිරේ විලංගුවේ වැටුනාම නව පක්ෂය හොයා ගන්නත් බැරි වෙන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ඔහු මේ බව පැවසූයේ පසුගියදා පයාගල රාජිත සේනාරත්න ක‍්‍රීඩාංගණයේ දී පැවති රාජිත සේනාරත්න පදනම විසින් සංවිධානය කරන ලද වැඩසටහනකට සහභාගී වෙමිනි.

එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසී ය.

“නව දේශපාලන පක්ෂ නිර්මාණය කිරීමට ඒකාබද්ධ විපක්ෂය සුදානම් වෙනවා. එහි නායකයින්ට එරෙහිව ඇති චෝදනා විමර්ශණය වෙමින් පවතිනවා. ඉදිරියේ එම නායකයින් හිරේ විලංගුවේ වැටුනාම නව පක්ෂය හොයා ගන්නත් බැරි වෙයි. නායකයෝ සිරගෙදරට ගිය පසු අනෙක් පිරිසට වෙන දෙය හිතා ගන්න බැරි වෙයි.”

“අපේ රජයේ දුර්වලතාවය තමයි රාජපක්ෂ සමයේ සිදු වූ මහාපරිමාන මුදල් කොල්ල කෑ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක නොකිරිමයි. ඔවුන් කොල්ල කෑ මුදල් ප‍්‍රමාණය සොයාගන්න පවා අමාරුයි. එම මුදල් රටවල් 07 ක තැන්පත් කර තිබෙනවා. උපක‍්‍රමශීලිව තමයි මුදල් තැන්පත් කර තිබෙන්නේ. ඩුබායි බැංකු ගිණුම්වල අංක සහ මුදල් ප‍්‍රමාණ පිළිබද තොරතුරු අප ලබාදුන්නා. ඒවා ගැන සිදු කරන පරීක්ෂණ කඩිනම් කළ යුතුයි.” යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
දක්‌ෂිණ අධිවේගී මාර්ගයේ හා කටුනායක අධිවේගී මාර්ගයේ ධාවනය වන වාහන වලින් එක්‌ දිනකට උපයන ආදායම රුපියල් එක්‌කෝටි අසූලක්‍ෂයක්‌ බවට ගණන් බල ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

මෙම මාර්ග දෙකේ දෛනිකව වාහන 67,000 ක්‌ පමණ ධාවනය වන බවද එහි නඩත්තු හා මෙහෙයුම් අධ්‍යක්‍ෂ එස්‌. ඕපනායක මහතා පවසයි.

#ගිය වසරට සාපේක්‌ෂව දක්‌ෂිණ අධිවේගී මාර්ගයේ වාහන ධාවනය 10,000 කින් පමණ #වැඩිවී ඇතැයි ද හෙතෙම කීය.

සති අන්ත දිනයන්හිදී මෙම මාර්ගයේ දෛනික වාහන ධාවනය 50,000 ඉක්‌මවන බව ද හෙළිවී ඇත.

දක්‌ෂිණ අධිවේගී මාර්ගයේ දිනකට සාමාන්‍ය වශයෙන් වාහන 43,000 ක්‌ද කටුනායක අධිවේගී මාර්ගයේ දිනකට වාහන 24,000 ක්‌ද ධාවනය කෙරේ.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
බැඳුම්කර හොරකමේ ‘මහ මොලකරු’ වහාම ඉල්ලා අස්විය යුතුයි. නැතිනම් ජනතාව සමඟ පාරට බහින්න අපි සූදානම්!



ශ්‍රී ලංකා රජයට ක්‍ෂණිකව රුපියල් කෝටි 5585ක පාඩුවක් සිදු කරමින් මහදවල් සිදු කළ මහ බැංකු බැඳුම්කර හොරකමේ මහ මොලකරු අගමැති රනිල් වික්‍රමසිංහ බව අද වන විට රට හමුවේ ඔප්පු  වී අවසන් බවත් ඔහු ධුරයෙන් ඉල්ලා අස් නොවන්නේ නම් ඊට එරෙහිව ජනතාව සමඟ පාරට බැසීමට ඒකාබද්ධ විපක්‍ෂය සූදානම් බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අවධාරණය කළේය. 

ඔහු මේ බව පැවසුවේ අද(02) බොරැල්ල එන්. එම්. පෙරේරා මධ්‍යස්ථානයේදී පැවැති ඒකාබද්ධ විපක්ෂයේ  මාධ්‍ය හමුවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

“නරියාට කුකුල්ලු බාර දුන්නා වගේ’ කියන කියන කතාව වෙනුවට අද අපේ තරුණ පරම්පරාව කියන්නේ ‘රනිල්ට මහ බැංකුව බාර දුන්නා වගේ’ කියන එකයි. ඉතිහාසය පුරාම මේ රටේ මහ බැංකුව මුදල් ඇමති භාරයේ මිස අගමැතිවරයා භාරයේ තබාගෙන නැහැ. 2015 ජනවාරි 08 සිදු වූ ඔවුන්ගේ ඊනියා බල පෙරළියෙන් පස්සේ, මෙතෙක් මෙරට කිසිදු ජනාධිපතිවරයකු හෝ අගමැතිවරයකු භාරයේ තබා නොගත්, මුදල් ඇමතිවරයා යටතේ පමණක් ගැසට් කළ මහ බැංකුව රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා යටතට ගත්තේ ඇයි? ඒ වගේම තමන්ගේ ගජ මිතුරා වූ සිංගප්පූරු ජාතික අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ධුරයට පත් කරන්නේ ඇයි? 2015 පෙබරවාරි 27 වැනිදා සිදු වූ මේ විවාදාත්මක බැඳුම්කර වෙන්දේසියට දිනයකට පෙර එක්සත් ජාතික පක්‍ෂයේ සභාපති මලික් සමරවික්‍රම, මහ ලේකම් කබීර් හෂිම්, නියෝජ්‍ය නායක රවී කරුණානායක යන අය මහ බැංකු පරිශ්‍රය ඇතුළට ගිහිල්ලා මේ ගනුදෙනුවට අදාළ කරුණු සාකච්ඡා කළේ ඇයි? මේ අයට මේ රටේ ජනතාවගේ මුදල් මහා පරිමාණයෙන් කොල්ල කන්න පුළුවන් වුණා. ඒ අනුව ඉතා පැහැදිලියි මේක පූර්ව වශයෙන් සැලසුම් කරලා සිදු කළ මංකොල්ලයක්. මහ බැංකුව අගමැති යටතට ගත්තේ, මේ රටේ පුරවැසියකු නොවන සිංගප්පූරු ජාතිකයකු මහ බැංකු අධිපති ධුරයට පත් කළේ ඒ පූර්ව සැලසුම අනුවයි. ඒ වගේම මේ මහ බැංකු අධිපතිවරයාට තවත් විශේෂ සුදුසුකමක් තිබෙනවා. ඒ තමයි ඔහුගේ බෑණා ප්‍රාථමික මුදල් නිකුතුවේ සිටින සමාගමක හිමිකරුවකු වීම. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා මේ ‘මාමා සහ බෑණා’ යොදා ගෙන තමයි ‘මහ බැංකු රොබරිය’ දුන්නේ. 

‘අර්ජුන මහේන්ද්‍රන් පත් කළේ ව්‍යවස්ථා විරෝධීවයි’

පුරවැසිභාවය තියා මේ අර්ජුන් මහේන්ද්‍රන්ට අඩුම තරමින් මේ රටේ රැකියාවක නිතරවීම සඳහා රැකියා බලපත්‍රයක්වත්(work permit) තිබුණාද? මේ රටේ පුරවැසියකු නොවන නිසා ඔහු මහ බැංකු අධිපති ධුරයට පත් වීමේදී ලබා දිය යුතු දිවුරුම ලබා දුන්නේ නැහැ. ඒ නිසා අර්ජුන මහේන්ද්‍රන් මේ ධුරයෙහි කටයුතු කළේ මෙරට ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවට පටහැනිවයි. ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් රැකියා බලපත්‍රයක්වත් නොමැතිව අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ධුරය දැරුවේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ පූර්ණ මැදිහත්වීම යටතේයි. 

“මෛත්‍රී පළමු වතාවේ රනිල්ව බේරුවා’

2015 ජනවාරි 08 වැනිදා බලයට පත් වූ දින 100 ආණ්ඩුව පැවැති සමයේ ඩිව් ගුණසේකර මැතිතුමා සභාපති ධුරය දැරූ කෝප් කමිටුව විසින් මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ වාර්තාවක් සකස් කළා. ඒ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ දිනට පෙර දිනයේ රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරලා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අගමැති රනිල් වික්‍රමසිංහව බේරා ගත්තා. ‘එදා වගේ අදත් ජනාධිපතිතුමා අගමැතිවරයා බේරා ගනීවීදෝ?’ කියන සැකය අපට තිබෙනවා. ‘එසේ නොවේවා!’ කියා ප්‍රාර්ථනා කරනවා. කොහොම නමුත් එදා ඩිව් ගුණසේකර මැතිතුමාගේ සභාපතීත්වයෙන් සකස් කළ වාර්තාව මේ බැඳුම්කර වංචාව සිදු වී මාස කිහිපයක් ඇතුළත උණු උණුවේම එළියට එන එක වළක්වලා ජනාධිපතිවරයා අගමැතිවරයාට බේරා ගත්තා. දැන් ඒ ගනුදෙනුව සිදු වී මාස 21කට පසුව කෝප් කමිටු වාර්තාවක් එළි දක්වලා තිබෙනවා. ‘කලින් වාර්තාව ද මේ එළිදැක්වූ වාර්තාව ද වඩා හොඳ?’ කියන ප්‍රශ්නය මම මෙතැනට අදාළකර ගන්නේ නැහැ. ඒ කවරක් වුවත් අද ලංකාවේ ඉතිහාසයේ පමණක් නොවෙයි ආසියාවේ ඉතිහාසයේ ලොකුම රොබරිය, විගණකාධිපතිවරයාගේ වාර්තාවලින් සහ මහ බැංකුවේ අභ්‍යන්තර පරීක්‍ෂණ වාර්තාවලින් හෙළදරව් වී තිබෙනවා. මේක මහ දවල් සිදුකළ දැවැන්ත සොරකමක් බව එමගින් ඔප්පු වී තිබෙනවා. 

‘ක්‍ෂණික අලාභය කෝටි 5585’

මහ බැංකු අභ්‍යන්තර වාර්තාවලට අනුව මේ ගනුදෙනුවෙන් රුපියල් කෝටි 5585ක අලාභයක් ක්‍ෂණිකව සිදු වෙලා තිබෙනවා. ඊට අමතරව ‘අවුරුදු 30ක කාලයකට කෘත්‍රිමව පොලී අනුපාතිකය ඉහළ දැමීම නිසා පොලී පිරිවැය වැඩිවීම ඔස්සේ සිද්ධ වන පාඩුව රුපියල් බිලියන 145කට වඩා වැඩියි’ කියා ආර්ථික විද්‍යාඥයන් අනාවරණයකර තිබෙනවා. රටට ක්‍ෂණිකව පාඩු සිදු වූ  මුදලින්(රු.කෝටි 5585) කොළඹ - ගාල්ල අධිවේගී මාර්ගය වැනි මාර්ග දෙකක්, නොරොච්චෝලේ වැනි තවත් විදුලි බලාගාරයක් හදන්න තිබුණා. රජයේ සේවකයන් ලක්‍ෂ 12ට දෙනවා කියපු රුපියල් 10,000, මූලික වැටුපට එකතු කරලා අවුරුදු 2-3ක් ගෙවන්න තිබුණා. මේ විදියට මහා මංකොල්ලයක් කරපු මේ ආණ්ඩුව අද මහජනතාවට කියන්නේ කුමක්ද? ‘අපි මහ බැංකුව සුද්ධ කළා. ඒකෙන් පොඩි අමාරුවක් ඇවිත් තිබෙනවා. උඹලා වැට් ගෙවපල්ලා’ කියලයි. 

‘බැඳුම්කරේ බර ජනතාවට පටවලා’

අපේ කාලයේ රාජ්‍ය සේවකයන්ට ‘උපහාර’ නම් වූ දුරකථන පැකේජයක් දීලා සහන සැලසුවා. අද මොකද වෙලා තිබෙන්නේ? සියලු දුරකථන පාරිභෝගිකයන්ට 50%ක බද්දක් ගෙවන්න වෙලා තිබෙනවා. අද සියලුම භාණ්ඩ හා සේවාවලට 15%ක වැට් බද්දක් පනවලා තිබෙනවා. මේ විදියට ජනතාව මත පටවලා තිබෙන්නේ ‘බැඳුම්කරේ බරයි.’ මේ තමයි අගමැති රනිල් වික්‍රමසිංහගේ ආර්ථික කළමනාකරණ ඥානයේ ප්‍රතිඵල. ඇත්තෙන්ම එතුමාට ‘හොඳ ඥානයක්’ තිබෙනවා තමයි. නැත්තම් බෑණාට බැඳුම්කර මිලදී ගන්න සමාගමක් තිබෙන සිංගප්පුරු ජාතිකයකු මහ බැංකු අධිපති ධුරයට පත් කරලා ආණ්ඩුවක් අරන් මාස තුනක් යනකොට මෙහෙම රොබරියක් දෙන්න පුළුවන්ද?(මාධ්‍යවේදීන්ගේ සිනා) ඒක අපට ‘විශිෂ්ට ආර්ථික  විද්‍යාත්මක ඥානයක්’ ලෙස පිළිගන්න වෙනවා. අද පාරට බැහැලා විශ්‍රාම වැටුප් ඉල්ලන ආබාධිත රණවිරුවන්ට විශ්‍රාම වැටුප් පමණක් නොවෙයි, අතිරේක විශ්‍රාම වැටුපකුත් දෙන්න තිබුණා මේ විදියේ හොරකමක් සිදු නොවුණා නම්. මේ හොරකම සිදු නොවුණා නම් වතුකරයේ ජනතාව ඉල්ලන වැටුපට වැඩි වැටුපක් ඔවුන්ට දෙන්න තිබුණා. ඒ වගේම පොහොර සහනාධාරය අපේ කාලයටත් වඩා වැඩියෙන් දෙන්න තිබුණා මේ හොරකම නොකළා නම්. 

‘හොරාගෙන් පේන අහන්න හදනවා’

මේ රටේ කිසිදු රාජ්‍ය නායකයකුට මේ විදියට ‘අතේ මාට්ටු වුණු’ චෝදනාවක් කිසි දිනක ඉදිරිපත් වෙලා නැහැ. ඒ නිසා මේ චෝදනාවෙන් අගමැති රනිල් වික්‍රමසිංහට බේරෙන්න බැහැ. සමහරු අගමැතිවරයාගෙන් ඉල්ලනවා ‘මේ පිළිබඳව කඩිනමින් පියවර ගන්න’ කියලා. ඒක හරියට ‘හොරාගේ අම්මාගෙන්’ නොවෙයි ‘හොරාගෙන්ම පේන අහනවා’ වගේ වැඩක්. අපි කියන්නේ, ‘මේ හොරකමට සම්පූර්ණ වගකීම ගන්න ඕනෙ අගමැති රනිල් වික්‍රමසිංහ’ කියලයි. අර්ජුන මහේන්ද්‍රන්ලා විතරක් අත්අඩංගුවට අරගෙන වැඩක් නැහැ. අගමැති රනිල් වික්‍රමසිංහ තනතුරෙහි ඉන්නකල් මේ පිළිබඳව නිසි පරීක්‍ෂණයක් සිදු වෙයි කියලා අපට විශ්වාසයක් නැහැ. එක්කෝ අගමැති ඉල්ලා අස්වෙන්න ඕනෙ. නැත්තම් ‘අපේ කර මත බදු බරක් පටවලා අපිව සූරාගෙන කන උඹලා මහා හොරකමක් කළා නේද?’ කියන චෝදනාව අරගෙන දකුණු කොරියාවේ ජනතාව පාරට බැස්සා වගේ අපේ රටේ ජනතාවත් පාරට බහින්න සූදානම් වෙන්න ඕනෙ. මාසකෙට වතාවක් ‘වීර කතාවක්’ කරන ජනාධිපතිතුමාටත් අපි කියනවා ‘මේ මහා හොරකමේ මහ මොලකරු අගමැති ධුරයෙන් ඉවත් කරලා තමන්ගේ වීරකම පෙන්වන්න’ කියලා. එහෙම නොවුණොත් අගමැතිවරයා ඉල්ලා අස්වනතුරු ජනතාව සමඟ මහා පාරේ අරගල කරන්න ඒකාබද්ධ විපක්‍ෂය සූදානම් බවත් අවධාරණය කරනවා.”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
2016.11.02
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
රුපියල මස්තබාල්දුයි.. ඩොලරයක් රුපියල් 150 පනිමින් වාර්තාවක් තියයි…



ශ්‍රී ලංකා රුපියල ඉතිහාසයේ බාල්දු වූ උපරිම බාල්දුව අද දිනයේ වාර්තා කරමින් ඇමරිකානු ඩොලරයක් රුපියල් 150 සීමවා ඉක්මවා ගියේය.

දිගින් දිගටම රටේ ආර්ථිකය කඩාවැටීම නිසා මෙසේ රුපියල අවප්‍රමාණය වීම හදුනාගත හැති අතර සෑම භාණ්ඩයකම මිලද ඉහළ යා හැක.

ශ‍්‍රී ලංකා මහ බැංකු වෙබ් අඩවියේ අද දිනයේ මුල්‍ය අනුපාතයන් දැක්වුනේ මෙසේය.


මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
අගමැති රනිල් ‘විශිෂ්ට ආර්ථික විද්‍යාත්මක ඥානයක්’… – විමල් කිසිදා නොදුන් සහතිකයක් රනිල්ට දෙයි



ශ්‍රී ලංකා රජයට ක්‍ෂණිකව රුපියල් කෝටි 5585ක පාඩුවක් සිදු කරමින් මහදවල් සිදු කළ මහ බැංකු බැඳුම්කර හොරකමේ මහ මොලකරු අගමැති රනිල් වික්‍රමසිංහ බව අද වන විට රට හමුවේ ඔප්පු වී අවසන් බවත් ඔහු ධුරයෙන් ඉල්ලා අස් නොවන්නේ නම් ඊට එරෙහිව ජනතාව සමඟ පාරට බැසීමට ඒකාබද්ධ විපක්‍ෂය සූදානම් බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අවධාරණය කළේය.

ඔහු මේ බව පැවසුවේ බොරැල්ල එන්. එම්. පෙරේරා මධ්‍යස්ථානයේදී පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

“නරියාට කුකුල්ලු බාර දුන්නා වගේ’ කියන කියන කතාව වෙනුවට අද අපේ තරුණ පරම්පරාව කියන්නේ ‘රනිල්ට මහ බැංකුව බාර දුන්නා වගේ’ කියන එකයි. ඉතිහාසය පුරාම මේ රටේ මහ බැංකුව මුදල් ඇමති භාරයේ මිස අගමැතිවරයා භාරයේ තබාගෙන නැහැ. 2015 ජනවාරි 08 සිදු වූ ඔවුන්ගේ ඊනියා බල පෙරළියෙන් පස්සේ, මෙතෙක් මෙරට කිසිදු ජනාධිපතිවරයකු හෝ අගමැතිවරයකු භාරයේ තබා නොගත්, මුදල් ඇමතිවරයා යටතේ පමණක් ගැසට් කළ මහ බැංකුව රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා යටතට ගත්තේ ඇයි? ඒ වගේම තමන්ගේ ගජ මිතුරා වූ සිංගප්පූරු ජාතික අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ධුරයට පත් කරන්නේ ඇයි? 2015 පෙබරවාරි 27 වැනිදා සිදු වූ මේ විවාදාත්මක බැඳුම්කර වෙන්දේසියට දිනයකට පෙර එක්සත් ජාතික පක්‍ෂයේ සභාපති මලික් සමරවික්‍රම, මහ ලේකම් කබීර් හෂිම්, නියෝජ්‍ය නායක රවී කරුණානායක යන අය මහ බැංකු පරිශ්‍රය ඇතුළට ගිහිල්ලා මේ ගනුදෙනුවට අදාළ කරුණු සාකච්ඡා කළේ ඇයි? මේ අයට මේ රටේ ජනතාවගේ මුදල් මහා පරිමාණයෙන් කොල්ල කන්න පුළුවන් වුණා. ඒ අනුව ඉතා පැහැදිලියි මේක පූර්ව වශයෙන් සැලසුම් කරලා සිදු කළ මංකොල්ලයක්. මහ බැංකුව අගමැති යටතට ගත්තේ, මේ රටේ පුරවැසියකු නොවන සිංගප්පූරු ජාතිකයකු මහ බැංකු අධිපති ධුරයට පත් කළේ ඒ පූර්ව සැලසුම අනුවයි. ඒ වගේම මේ මහ බැංකු අධිපතිවරයාට තවත් විශේෂ සුදුසුකමක් තිබෙනවා. ඒ තමයි ඔහුගේ බෑණා ප්‍රාථමික මුදල් නිකුතුවේ සිටින සමාගමක හිමිකරුවකු වීම. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා මේ ‘මාමා සහ බෑණා’ යොදා ගෙන තමයි ‘මහ බැංකු රොබරිය’ දුන්නේ.

‘අර්ජුන මහේන්ද්‍රන් පත් කළේ ව්‍යවස්ථා විරෝධීවයි’

පුරවැසිභාවය තියා මේ අර්ජුන් මහේන්ද්‍රන්ට අඩුම තරමින් මේ රටේ රැකියාවක නිතරවීම සඳහා රැකියා බලපත්‍රයක්වත් (උදරන ඡැරපසඑ) තිබුණාද? මේ රටේ පුරවැසියකු නොවන නිසා ඔහු මහ බැංකු අධිපති ධුරයට පත් වීමේදී ලබා දිය යුතු දිවුරුම ලබා දුන්නේ නැහැ. ඒ නිසා අර්ජුන මහේන්ද්‍රන් මේ ධුරයෙහි කටයුතු කළේ මෙරට ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවට පටහැනිවයි. ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් රැකියා බලපත්‍රයක්වත් නොමැතිව අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ධුරය දැරුවේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ පූර්ණ මැදිහත්වීම යටතේයි.

“මෛත්‍රී පළමු වතාවේ රනිල්ව බේරුවා’

2015 ජනවාරි 08 වැනිදා බලයට පත් වූ දින 100 ආණ්ඩුව පැවැති සමයේ ඞ්ව් ගුණසේකර මැතිතුමා සභාපති ධුරය දැරූ කෝප් කමිටුව විසින් මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ වාර්තාවක් සකස් කළා. ඒ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ දිනට පෙර දිනයේ රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරලා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අගමැති රනිල් වික්‍රමසිංහව බේරා ගත්තා. ‘එදා වගේ අදත් ජනාධිපතිතුමා අගමැතිවරයා බේරා ගනීවීදෝ?’ කියන සැකය අපට තිබෙනවා. ‘එසේ නොවේවා!’ කියා ප්‍රාර්ථනා කරනවා. කොහොම නමුත් එදා ඞ්ව් ගුණසේකර මැතිතුමාගේ සභාපතීත්වයෙන් සකස් කළ වාර්තාව මේ බැඳුම්කර වංචාව සිදු වී මාස කිහිපයක් ඇතුළත උණු උණුවේම එළියට එන එක වළක්වලා ජනාධිපතිවරයා අගමැතිවරයාට බේරා ගත්තා. දැන් ඒ ගනුදෙනුව සිදු වී මාස 21කට පසුව කෝප් කමිටු වාර්තාවක් එළි දක්වලා තිබෙනවා. ‘කලින් වාර්තාව ද මේ එළිදැක්වූ වාර්තාව ද වඩා හොඳ?’ කියන ප්‍රශ්නය මම මෙතැනට අදාළකර ගන්නේ නැහැ. ඒ කවරක් වුවත් අද ලංකාවේ ඉතිහාසයේ පමණක් නොවෙයි ආසියාවේ ඉතිහාසයේ ලොකුම රොබරිය, විගණකාධිපතිවරයාගේ වාර්තාවලින් සහ මහ බැංකුවේ අභ්‍යන්තර පරීක්‍ෂණ වාර්තාවලින් හෙළදරව් වී තිබෙනවා. මේක මහ දවල් සිදුකළ දැවැන්ත සොරකමක් බව එමගින් ඔප්පු වී තිබෙනවා.

‘ක්‍ෂණික අලාභය කෝටි 5585’

මහ බැංකු අභ්‍යන්තර වාර්තාවලට අනුව මේ ගනුදෙනුවෙන් රුපියල් කෝටි 5585ක අලාභයක් ක්‍ෂණිකව සිදු වෙලා තිබෙනවා. ඊට අමතරව ‘අවුරුදු 30ක කාලයකට කෘත්‍රීමව පොලී අනුපාතිකය ඉහළ දැමීම නිසා පොලී පිරිවැය වැඩිවීම ඔස්සේ සිද්ධ වන පාඩුව රුපියල් බිලියන 145කට වඩා වැඩියි’ කියා ආර්ථික විද්‍යාඥයන් අනාවරණයකර තිබෙනවා. රටට ක්‍ෂණිකව පාඩු සිදු වූ මුදලින් (රු.කෝටි 5585) කොළඹ – ගාල්ල අධිවේගී මාර්ගය වැනි මාර්ග දෙකක්, නොරොච්චෝලේ වැනි තවත් විදුලි බලාගාරයක්, හදන්න තිබුණා. රජයේ සේවකයන් ලක්‍ෂ 12ට දෙනවා කියපු රුපියල් 10,000, මූලික වැටුපට එකතු කරලා අවුරුදු 2-3ක් ගෙවන්න තිබුණා. මේ විදියට මහා මංකොල්ලයක් කරපු මේ ආණ්ඩුව අද මහජනතාවට කියන්නේ කුමක්ද? ‘අපි මහ බැංකුව සුද්ධ කළා. ඒකෙන් පොඩි අමාරුවක් ඇවිත් තිබෙනවා. උඹලා වැට් ගෙවපල්ලා’ කියලයි.

‘බැඳුම්කරේ බර ජනතාවට පටවලා’

අපේ කාලයේ රාජ්‍ය සේවකයන්ට ‘උපහාර’ නම් වූ දුරකථන පැකේජයක් දීලා සහන සැලසුවා. අද මොකද වෙලා තිබෙන්නේ? සියලු දුරකථන පාරිභෝගිකයන්ට 50%ක බද්දක් ගෙවන්න වෙලා තිබෙනවා. අද සියලුම භාණ්ඩ හා සේවාවලට 15%ක වැට් බද්දක් පනවලා තිබෙනවා. මේ විදියට ජනතාව මත පටවලා තිබෙන්නේ ‘බැඳුම්කරේ බරයි.’ මේ තමයි අගමැති රනිල් වික්‍රමසිංහගේ ආර්ථික කළමනාකරණ ඥානයේ ප්‍රතිඵල ඇත්තෙන්ම එතුමාට ‘හොඳ ඥානයක්’ තිබෙනවා තමයි. නැත්තම් බෑණාට බැඳුම්කර මිලදී ගන්න සමාගමක් තිබෙන සිංගප්පුරු ජාතිකයකු මහ බැංකු අධිපති ධුරයට පත් කරලා ආණ්ඩුවක් අරන් මාස තුනක් යනකොට මෙහෙම රොබරියක් දෙන්න පුළුවන්ද? (මාධ්‍යවේදීන්ගේ සිනා) ඒක අපට ‘විශිෂ්ට ආර්ථික විiාත්මක ඥානයක්’ ලෙස පිළිගන්න වෙනවා. අද පාරට බැහැලා විශ්‍රාම වැටුප් ඉල්ලන ආබාධිත රණවිරුවන්ට විශ්‍රාම වැටුප් පමණක් නොවෙයි, අතිරේක විශ්‍රාම වැටුපකුත් දෙන්න තිබුණා මේ විදියේ හොරකමක් සිදු නොවුණා නම්. මේ හොරකම සිදු නොවුණා නම් වතුකරයේ ජනතාව ඉල්ලන වැටුපට වැඩි වැටුපක් ඔවුන්ට දෙන්න තිබුණා. ඒ වගේම පොහොර සහනාධාරය අපේ කාලයටත් වඩා වැඩියෙන් දෙන්න තිබුණා මේ හොරකම නොකළා නම්.

‘හොරාගෙන් – පේන අහන්න හදනවා’

මේ රටේ කිසිදු රාජ්‍ය නායකයකුට මේ විදියට ‘අතේ මාට්ටු වුණු’ චෝදනාවක් කිසි දිනක ඉදිරිපත් වෙලා නැහැ. ඒ නිසා මේ චෝදනාවෙන් අගමැති රනිල් වික්‍රමසිංහට බේරෙන්න බැහැ. සමහරු අගමැතිවරයාගෙන් ඉල්ලනවා ‘මේ පිළිබඳව කඩිනමින් පියවර ගන්න’ කියලා. ඒක හරියට ‘හොරාගේ අම්මාගෙන්’ නොවෙයි ‘හොරාගෙන්ම පේන අහනවා’ වගේ වැඩක්. අපි කියන්නේ, ‘මේ හොරකමට සම්පූර්ණ වගකීම ගන්න ඕනේ අගමැති රනිල් වික්‍රමසිංහ’ කියලයි. අර්ජුන මහේන්ද්‍රන්ලා විතරක් අත්අඩංගුවට අරගෙන වැඩක් නැහැ. අගමැති රනිල් වික්‍රමසිංහ තනතුරෙහි ඉන්නකල් මේ පිළිබඳව නිසි පරීක්‍ෂණයක් සිදු වෙයි කියලා අපට විශ්වාසයක් නැහැ. එක්කෝ අගමැති ඉල්ලා අස්වෙන්න ඕනෙ. නැත්තම් ‘අපේ කර මත බදු බරක් පටවලා අපිව සූරාගෙන කන උඹලා මහා හොරකමක් කළා නේද?’ කියන චෝදනාව අරගෙන දකුණු කොරියාවේ ජනතාව පාරට බැස්සා වගේ අපේ රටේ ජනතාවත් පාරට බහින්න සූදානම් වෙන්න ඕනෙ. මාසකෙට වතාවක් ‘වීර කතාවක්’ කරන ජනාධිපතිතුමාටත් අපි කියනවා ‘මේ මහා හොරකමේ මහ මොලකරු අගමැති ධුරයෙන් ඉවත් කරලා තමන්ගේ වීරකම පෙන්වන්න’ කියලා. එහෙම නොවුණොත් අගමැතිවරයා ඉල්ලා අස්වනතුරු ජනතාව සමඟ මහා පාරේ අරගල කරන්න ඒකාබද්ධ විපක්‍ෂය සූදානම් බවත් අවධාරණය කරනවා.”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
බැදුම්කර මහා ධන නිධානය හරහා කෝටි ගණන් සල්ලි.. සුපිරි නිවාස.. අධි සුඛෝපභෝගි වාහන.. රජයේ ටෙන්ඩර්.. ඇසුරට රුසියානු-යුක්‍රේන රූමතියන්.. කවුද වාසනාවන්තයෝ….cop



ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ මහ දවල් සිදු වූ විශාලතම මුදල් මංකොල්ලය සම්මුති ආණ්ඩුවේ යහපාලන කාලය තුලදි සිදුවී ඇත. එය සිදු කල නියම හොරු ඇල්ලිම වෙනුවට ජනතාව ගොනාට ඇන්දවීමේ මහා තරගය මේ වන විට ආරම්භ කොට ඇත. ඒ අනුව සිද්ධිය ජනතාවටම හිස රදයක් වනසේ ජනතාව නොමඟ යන ලෙස වරින් වර මාධ්‍ය සංදර්ශන පවත්වමින් එහි බරපතළකම හා ඒ තුලින් සමස්ථ ආර්ථිකයට වූ හානිය යටපත් කිරීම හා එහි නියම චුදියන් නිදහස් කිරීම මෙන්ම එයට විරුද්ධව හඩ නැගු කොටස නිහඬ කරවීම මෙම ජාවාරම්කාරයින්ගේ උපක්‍රමය වී ඇත.

තවද මෙම දූෂිත ගණුදෙනුව සාධාරණිය කොට අදාළ චෝදනාවලින් නිදහස් කිරීම මෙන්ම එසේ චෝදනා ලැබු පිරිසට සුදුහුනු ගෑම මෙම උපක්‍රමයේ දිගුවක් ලෙස ක්‍රීයාකිරීමටත් , මේ වෙනුවෙන් විශාල හඩක් නගන මාධ්‍ය හෝ එයට සම්බන්ධ පුද්ගලයන් හඳුනාගෙන ඔහුන් මිලදී ගත හැකි අයුරින් කටයුතු කිරීම මෙම ජාවාරම්කරුවන්ගේ අනිත් උපායමාර්ගයයි.

කෝප් කමිටුවේ මහාබැංකු බැදුම්කර වාර්තාව පිලියෙල කිරීමේ ආරම්භයේ සිටම මෙම උපායමාර්ගයේ මූලික සැලස්ම ක්‍රියාත්මක කරමින් කෝප් කමිටුවේ සභාපතිවරයා ඇතුළු එහි සාමාජිකයන් කිහිපදෙනකු තැරව්කරුවන් මාර්ගයන් කොටු කර ගැනිමට උත්සහ ගත් නමුදු එහි සමාජිකයින් සුලුතරයක් පමණක් ඒ සඳහා යම් යම් එකඟතාවයන් පලකොට තිබු බවත් බහුතරයක් එම යෝජනාවට ඇහුම්කන්දීමට පවා විරුද්ධ වී තම ජංගම දුරකතන විසන්ධි කොට ඇත.

එසේ සියලු උත්සහයන් අසාර්ථක වීමෙන් පසුව නව උපායමාර්ගයක් ලෙස කෝප් කමිටුවේ වාර්තාව මෙන්ම එහි අන්තර්ගතයත් හා අදාළ නිර්දේශත් මෙයට කොහෙත්ම අදාළ නොමැති කරුණු ගෙන හැර දක්වමින් හා පසුගිය රජයේ සිදු වූවයි කියන මෙතෙක් වසර දෙකක් ගතවීත් ඔප්පු කිරීමට හෝ අවම වශයෙන් හරියාකාරව සොයාගැනීමට නොහැකි වූ දූෂණ ඉදිරියට ගනිමින් මෙම වාර්තාව සම්පූර්ණයෙන්ම අවතක්සේරු කොට යටපත් කිරීම මෙහි අරමුණයි. මේ සඳහා සම්මුති රජයේ මතයක් ගොඩ නැඟීමට හැකි දේශපාලන නායකයින් කිහිප දෙනෙකුට ඉහත වසනාවට හිමිකම් කීමට මේ වන විටත් උදාවි ඇත.

මේ සඳහා මුලින්ම තෝරාගත් කිහිපදෙනා අතරින් නැගි ආ ජනප්‍රිය තරුණ දේශපාලන ද නායකයකු මෙන්ම අමාත්‍යවරයකු ඔහුගේ අනියම් බිරිඳ හරහා මේ වනවිටත් මෙම කටයුත්ත සඳහා එකග කරවා ගෙන ඇත. එම අනියම් බිරිඳ එක්සත් ජාතික පක්ෂයට ඉතා කිට්ටු සම්බන්ධතා ඇති කාන්තාවක් වන අතර ඇයට අහිමිවූ රජයට සම්බන්ධ ප්‍රධාන ආයතනයක ටිකට්පත් මුද්‍රණ නැවත ලබාදීමට අවශ්‍ය කටයුතු සුදානම් කරමින් පවති. මාසිකව රුපියල් මිලියන 50 කට අධික මෙම ටෙන්ඩරය පසුගිය රජයේ සමයේ සිට මෙම කාන්තාව විසින් සිදු කරන අතර සෑම රජයක් සමගම ඩීල් දමා මුදල් හම්බකරගැනිමට මෙම තරුණ අමාත්‍යවරයා පෙරමුණ ගෙන කටයුතු කරයි.

එමෙන්ම මෙවෙනි ටෙන්ඩර්වලට අමතරව කෝටි ගණන් සල්ලි, සුපිරි නිවාස හා අධි සුඛෝපභෝගි වාහන ඔහුනොවුන්ගේ තරාතිරම අනුව මෙම මංකොල්ලය යටපත්කොට කෝප් වාර්තාව අවතක්සේරුවට ලක් කිරීම වෙනුවෙන් ගෙවීමට තැරව්කරුවන් මාර්ගයෙන් කටයුතු කරගෙන යයි. රෑට රෑට සුපිරි හෝටල්වල කාමරතුල සාකච්ඡා පවත්වන අතර මේ සඳහා අවශ්‍ය පුද්ගලයින්ගේ ඇසුරට රුසියානු හා යුක්‍රේන රූමතියන් සහිතව සියලු විදේශීය මත්පැන් සහිතව සුඛෝපභෝගි නවාතැන් පහසුකම්ද නොඅඩුව සපයනු ලැබේ.

මේ අනුව ඉදිරි දින කිහිපය තුල ශ්‍රීලංකාවේ ඉතිහාසයේ මහ දවල් සිදු වූ විශාලතම මුදල් මංකොල්ලය වන මහාබැංකුවේ බැදුම්කර කතාන්දරය කතාන්දරයක්ම බවට පත්වී, අනාගතයෙදි අපේ රටේ ජනතාවගේ සිත් තුලින් මැකි යනු ඇත.

– වසන්ත කටුගම්පල

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමට 
සුපිරි ලාභ බද්දක්‌ පනවන්න
- මූල්‍ය වෙළෙඳපොළ නියෝජිතයෝ ඉල්ලති
=============================
ශ්‍යාම් නුවන් ගනේවත්ත



දැනට චෝදනාවට ලක්‌ව ඇති පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ අධික ලාභය අසාමාන්‍ය තත්ත්වයක්‌ බව කෝප් කමිටුව ද නිරීක්‍ෂණය කර ඇති නිසා ඒ පිළිබඳව පරීක්‍ෂණයක්‌ කර ඔවුන් ලබා ඇති අයුතු ලාභයක්‌ වේ නම් එය වහාම සුපිරි ලාභ බද්දක්‌ (Sමචැර ට්‌සබ ඒං) ලෙස රජයට අයකර ගන්නා ලෙස මූල්‍ය වෙළෙඳපොළ නියෝජිතයෝ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් සහ රජයෙන් ඉල්ලා සිටී.

ඒ අනුව නොවැම්බර් 10 වැනිදා ඉදිරිපත් කෙරෙන අයවැයෙන් අදාළ සමාගමට එම සුපිරි ලාභ බද්ද පැනවිය හැකි බවද එතෙක්‌ එම සමාගමේ බැංකු ගිණුම් තහනම් කළ හැකි බවද එම නියෝජිතයෝ කියා සිටිති.

මෙසේ එම සමාගම උපයා ඇති ලාභය අයුතු ලාභයක්‌ නම් සුපිරි ලාභ බද්දක්‌ හරහා එම අතිවිශාල ලාභය රජයට අයකර ගත හැකි බවද ඒ අනුව රජය විසින් දැනටමත් මහජනයා වෙත පනවා ඇති අතිරේක වැට්‌ බදු බර පහසුවෙන්ම අඩු කළ හැකි බවද මේ ගැන කරුණු පැහැදිලි කරමින් මූල්‍ය වෙළෙඳපොළ නියෝජිතයෝ 'දිවයින'ට කියා සිටියහ.

අභ්‍යන්තර තොරතුරු පිටට ගලා යැම හරහා පුද්ගලික ගැනුම්කරුවන් එයින් ලාභ ලබා ඇති බවද පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ ආයතනයට එවැනි අභ්‍යන්තර තොරතුරු ලැබුණු බවට සාධාරණ සැකයක්‌ මතුවන බව ද කෝප් වාර්තාවේ 51 වැනි පිටුවේ සඳහන් වන බව ඔවුහු තවදුරටත් පෙන්වා දුන්හ.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
එන ඇමතුම්වලටත් ගාස්තු අය කරන්න සාසාකච්ඡා telcom call pay



පෙර ගෙවුම් දුරකතන සබදතාවල එන ඇමතුම් සදහාද ගාස්තුවක් අය කිරීමේ යෝජනාවක් සාකච්චා මට්ටමේ ඇති බව මෙරට ප‍්‍රධාන පෙලේ ජංගම දුරකතන ජාලයක ඉහල නිලධාරියෙකු අප වෙත කියා සිටියේය.

එය බොහෝ දුරට සමාගම්වලට නොව රජයේ ගාස්තුවක් වනු ඇති බවත් කී ඔහු මේ සම්බන්දයෙන් තමන් හා කියා සිටියේ රජයේ ඉහල නිලධාරියෙක් බවද පැවසීය.

මේ වන විට මෙරට දුරකතන සබදතාවල එන ඇමතුම් සදහා කිසිදු ගාස්තුවක් අය නොකෙරෙන අතර පසුගෙවුම් සබදතා සදහා මාසික ගාස්තුවක් අය කෙරෙයි.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
බැදුම්කර මගඩිය කලේ අගමැතිගේ උපදෙස් මත යයි අර්ජුන් මහේන්ද්‍රන් සාක්‍ෂි දුන්නා..



මහ බැංකු බැදුම්ක නිකුතුවේදී තමන් කටයුතු කලේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ලබා දුන් උපදෙස් මත බව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් වූ කෝප් කමිටු පරීක්‍ෂණයේදී සාක්‍ෂි දුන් බව වත්මන් කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි.

හිරු රූපවාහිනියේ සලකුණ දේශපාලන වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

අගමැතිවරයා එසේ කියුවද මහ බැංකවේ මුදල් මණ්ඩලය විසින් ප‍්‍රත්පත්තිමය තීරණය ගැනීම බරපතල වරදක් යයිද ඔහු එහිදී සදහන් කලේය.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
තනපටකට වඩා ශ්‍රි පාදය අපට වටිනවා …..ඔබ කාටද හිමි ඉඩම් පුතේ?



ශ්‍රී පාද පුද බිම වගේම සමනොල රක්ෂිතයත් අපේ උරුමයන් බවත්  ජාති ආගම් පක්ෂ භේද පැත්තක තබලා අපේ උරුමයන් රැක ගන්න සමස්ත ජාතියම එකතු විය යුතු බව පිවිතුරු හෙළ උරුම පක්ෂයේ ප්‍රධාන ලේකම් නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසනවා.අද කොළඹ පැවැති මාධ්‍ය හමුවකදි මන්ත්‍රීවරයා ප්‍රශ්ණ කර සිටියේ…“පුද බිම නොවන බව හිමි පවසනවා.  වනය නොවන බව වන නිල පවසනවා.  ඔබ කාටද හිමි ඉඩම් පුතේ?…”

“සමනල කන්දේ විදේශීය සමාගමක් නිවාඩු නිකේතනයක් හදන බවට මේ දින වල දැවැන්ත ආන්දෝලනයක් තිබෙනවා. ශ්‍රී පාද නායක හිමියන් පවසන විධියට එම ඉඩම ශ්‍රී පාද පුද බිමට අයිති නෑ. වන සංරක්ෂණ නිලධාරින් පවසන විධියට මේ ඉඩම වන සංරක්ෂණයට අයිතිත් නෑ.  එහෙම නම් මේ ඉඩම අයිති කාටද?  විදේශිකයින්ට බදු දුන්නා ද විකුණුවා ද?  “පුද බිම නොවන බව හිමි පවසනවා.  වනය නොවන බව වන නිල පවසනවා.  ඔබ කාටද හිමි ඉඩම් පුතේ? කියලා අපට ඉඩමෙන්ම තමයි අහන්න වෙන්නේ.  මේ ඉඩම බැසිල් රාජපක්ෂ මැතිතුමා විදේශිකයින්ට විකුණලා කියලා බොරු ප්‍රචාරයක් පැතිරුවා. ආණ්ඩුවෙන්මයි මේ ප්‍රචාරය යැව්වේ. අපි ගාව තියෙනවා ඒක ප්‍රචාරය කරපු ෆේස් බුක් , වෙබ් පිටු මොනවද කියන එකත් ඒක ෂෙයා කරමින් කටයුතු කරපු මේ ආණ්ඩුවට සම්බන්ධ විවිධ දේශපාලකයන්ගේ ගෝලයන් කවුද කියන එකත්.  ”

“බැසිල් රාජපක්ෂ මැතිතුමා ශ්‍රී පාදයේ ඉඩමක් විදේශිකයින්ට විකුණලා කියලා හඬ නගන අයට මම අභියෝග කරනවා ඒකට සාක්ෂි ඉදිරිපත් කරන්න කියලා.“බැසිල්“ කියන නම ඇසුනා විතරයි විශ්‍රාමික දේශප්‍රේමින් බොහොම උනන්දුවෙන් සටනට බැස්සා. මේ අය බලයට ආවොත් දළදා මාළිගයත් විකුණාවි කියමින් මුහුණු පොත පුරා බොරු ප්‍රචාරය කලා.  ඒක බොරුවක් කියලා දැන ගත්තාම කට්ටිය නිහඬ වුණා.  දැන් වරදක් වෙන්නේ බැසිල් මැතිතුමා ඉඩම විකුණුවා නම් විතර ද? වර්තමාන ආණ්ඩුවෙන් එහෙම කලොත් වරදක් නොවේ ද? මහින්ද රාජපක්ෂ මැතිතුමා කළත් ජනාධිපති කළත් අගමැති කළත් වරද වරදමයි.  කළ පුද්ගලයා අනුව වරද නිවැරදි වෙන්නේ නෑ.”

ශ්‍රී පාද පුද බිම වගේම සමනොල රක්ෂිතයත් අපේ උරුමයන්.  ජාති ආගම් පක්ෂ භේද පැත්තක තබලා අපේ උරුමයන් රැක ගන්න සමස්ත ජාතියම එකතු විය යුතුයි.  ඒ නිසා මේ ඉඩම පිළිබඳ සැබෑ කතාව ආණ්ඩුවේ බලධාරින්, විශේෂයෙන් ඉඩම් ඇමති විසින් රටට හෙලි කළ යුතුයි.මේ ඉඩම අයිති කාටද?  විදේශිකයෙකුට දීලද නැද්ද?  ඒක සිදු උනේ කොහොමද? මෙය රක්ෂිතයට අයත් නැතත් රක්ෂිතයට අවට ඉඩමක් උනත් පාරසරික බලපෑම් ගැන ඇගයීමක් නැතුව කිසිදු ඉදිකිරීමක් කල නොහැකියි. මමත් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ලෙස කටයුතු කල නිසා ඒ බව හොදින්ම දන්නවා.  ඒ නිසා ඉඩම් ඇමති හෝ පරිසර ඇමති රට ඉදිරියට ඇවිත් මේ ආන්දෝලනාත්මක සිදු වීමේ සැබෑ කතාව රටට හෙළි කල යුතුයි. ඒ වගේම පරිසර ඇමතිතුමා වන ජනාධිපති මේ පිලිබඳ නිශ්ශබ්දයි. එතුමන් තනපටක් විසිකිරීමත් මහා ජාතික අර්බුදයක් බවට පත්කර ගත්තා. තනපටකට වඩා ශ්‍රි පාදය අපට වටිනවා කියලා අපි ජනාධිපතිතුමාට බොහොම ගෞරවයෙන් සිහිපත් කරනවා.”
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
බැදුම්කර මගඩිය නිසා අගමැති රනිල්ට එරෙහිව විශ්වාස භංගයක්.. නියත පරාජය දැනටමත් පැහැදිලියි… අගමැතිකමෙන් යන්නම වෙන හැඩ..



බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් එල්ල වන චෝදනා පිලිගෙන ලිච්චවි ක‍්‍රමයට  ධුරයෙන් ඉල්ලා අස් නොවුනහොත් අමති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන බව පිවිතුරු හෙල උරුමය පක්‍ෂ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මපිල මහතා පවසයි.

ඒ මහතා මේ බව කියා සිටියේ එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදීය.

බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කෝප් කාරක සභාවේදී එහි නියෝජිතයින් 26 දෙනාගෙන් එජාප 09 පමණක් පාද සටහන් වාර්තාවට කැමැත්ත ප‍්‍රකාශ කල අතර අනෙක් 15 දෙනාම සභාපතිවරයාගේ වාර්තාවට පක්‍ෂව ඡන්දය භාවිතා කලේය.

මේ තත්වයම අගමැතිවරයාට එරෙහිව ගෙන එන විශ්වාස භංගයටද සිදු වීමේ සම්භාවිතාවක්ද ඇත්තේ බැදුම්කර මගඩියට විරුද්දව එජාපය නියෝජනය කරමින් පාර්ලිමේන්තු ආ මැති ඇමතිවරැන් කිහිප දෙනෙකුද ප‍්‍රසිද්ධියේ අදහස් පල කරමින් සිටින තත්වයකදීය.

ඒකාබද්ද විපක්‍ෂය, ජවිපෙ විශ්වාස භංගයට පක්‍ෂ වනු ඇති අතර ශ‍්‍රිලනිපයට හා දෙමල සන්ධානයටද කොප් කමිටුවේ දැරු ස්ථාවරය වෙනස් කිරීමට ඉතා අපහසු වනු ඇත.

රාජිත සේනාරත්න, චම්පික රණවක ආදී එජාප පිරිස්ද අවසානයේ ඡන්දය භාවිතා නොකරන තැනකට පත් වුවද එය අගමැතිවරයාට බලපාන්නේ අවාසිදායක ලෙසයි.

සන්දානය නියෝජනය කරන මන්ත‍්‍රීන් 96, දෙමල සන්ධානයේ 16, ජවිපෙ 06 දෙනා ඇතුළුව එජාපයේ සිටින මෛත‍්‍රී හිතවාදී හා රනිල් විරෝධී මන්ත‍්‍රීන්ගේ සංඛ්‍යාත්මක එකතුව අගමැතිවරයා සසල කරවනු ඇත.

පසුගිය දින 100 ආණ්ඩුවේදී විශ්වාස භංගයට පෙර ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරි නමුත් 18වන සංශෝධනය නිසා ජනාධිපතිවරයාට මෙවර එය කල නොහැක.

එම මාධ්‍ය හමුවේදී මන්ත‍්‍රීවරයා මෙසේද අදහස් පල කලේය.

වසර එකහාමාරක් අප කළ අඛණ්ඩ සටනක ප්‍රතිඵලයක් ලෙස බැඳුම්කර හොරුන් පිලිබඳ සැබෑ තොරතුර එළියට ආවා. බැඳුම්කර වංචාවක් සිදු වී නැති බවට පසුගිය කාලයේ පොත් ලියූ අයට විවාද කළ අයට ගිරිය පුප්පගෙන කතා පැවැත්වූ අයට ඇඳි වත ගලවා දමා බැඳුම්කර වංචාවක් වුණු බව පිලිගෙන කෝප් වාර්තාවට අත්සන් තබන්න සිදු වුණා. ඒක අපේ ජයග්‍රහණයක්. අරාබි නිසොල්ලාසයේ හිටියේ “අලි බබා සහ හොරු හතලිහ“. ලංකාවේ ඉන්නේ “අලි හොරා සහ හොරු දහදෙනා“. අලි හොරා තමයි මේ බැඳුම්කරේ මහ මොලකරු අගමැතිතුමා. කෝප් වාර්තාවේ පාද සටහන් කල්ලියයි අර්ජුන් මහේන්ද්‍රන් එකතු වුණාම හොරු දහදෙනා හැදෙනවා. හොරු අල්ලන්න ආපු අය කම්බ හොරු බවට පත් වුණු මෙවැනි අවස්ථාවක් ලෝක ඉතිහාසයටම නෑ.

කෝප් කමිටුවේ සාමාජිකයින් දෙදනෙකු වාර්තාවට අත්සන් තබා නෑ. එක් කෙනෙක් රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමතිතුමා. අනිත් කෙනා දෙමළ ජාතික සංධානයේ මාවෙයි සේනාධිරාජා මන්ත්‍රිතුමා. ඒ දෙදෙනා වාර්තාවට අත්සන් නොකලේ ඇයිදැයි ජනතාවට පැවසිය යුතුයි.

දැන් තව දුරටත් විමර්ශන අවශ්‍ය නෑ. ඒකෙන් සිදු වන්නේ තව දුරටත් කල් මරමින් හොරුන්ට නිදහසේ සිටින්න ඉඩ දීම පමණයි. හෙලි වී ඇති කරුණු හොඳටම ප්‍රමාණවත්. වසර එක හමාරක් මේ ගැන අධ්‍යයනය කළා. ඩියු ගුණසේකර මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ඇති කෝප් කමිටුව සම්පුර්න අධ්‍යයණයක් කරලා වාර්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න යද්දී වාර්ථාව ඉදිරිපත්වීම වලක්ව ගන්න පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. ඒ නිසා අපි ජනපතිතුමන්ටත් කියනවා. ඔබ තුමාත් මේ වගකීමෙන් මිදෙන් නෑ. බලවත් විරෝධයක් තිබියදී අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති කමට පත්කලේ ඔබ තුමන්. අර්ජුන් මහේන්ද්‍ර බේරගන්න පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ ඔබ තුමන්. ඒ නිසදා ඔබ තුමන්ගේ ඇගෙත් මඩ. ඒ මඩ ටික සෝද ගන්න නම් මේ වැරදිකරුවන්ට දඩුවම් කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට ජනපතිවරයා පෞද්ගලිකවම මැදිහත් විය යුතුයි. දැන් අවශ්‍ය නීතිය ක්‍රියාත්මක කිරීමයි. මොනවා ද යුක්තිය ඉටු කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග. හැමෝම යුක්තිය ඉටු කරනු කිව්වාට කළ යුතු දේ කියන්නේ නෑ. මෙන්න අපි දකින විධියට යුක්තිය ඉටු කිරීමට ගත යුතු හදිසි ක්‍රියා මාර්ගහය.

අගමැතිතුමා වහාම ඉල්ලා අස්වීම.අර්ජුන් මහේන්ද්‍රන් සහ පර්පෙචුවල් ට්‍රෙෂරීස් අධ්‍යක්ෂවරුන්ගේ විදේශ ගමන් තහනම් කරන්න.පර්පෙචුවල් ට්‍රෙෂරීස් සතු බැංකු ගිණුම් තහනම් කර එය සතු අයුතු ලෙස උපයා ගත් අරමුදල් මහ බැංකුවේ භාරයට ගන්න.පර්පෙචුවල් ට්‍රෙෂරීස් සතු මුදල් තැරැව්කාර බලපත්‍රය වහාම අත්හිටුවන්න.පොලීසියේ අපරාධ පරීක්ෂණ අංශයේ හෝ අල්ලස් කොමිසමේ සහය ඇතිව නීතිපති විසින් අගමැති රනිල් වික්‍රමසිංහ, අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු වගකිවයුතු සියළු දෙනාට අපරාධ නඩු ගොනු කිරීම.

ලංකා බැංකුව සතුව මුදල් තැරැව්කාර සමාගමක් තිබිය දී පර්පෙචුවල් ට්‍රෙෂරීස් හරහා ලංසු තැබීමෙන් ලංකා බැංකුව විසින් දූෂණයක් සිදු කිරීම පිලිබඳ පරීක්ෂණයක් ඇරඹීම

අගමැතිතුමා විපක්ෂ නායක කාලයේ දුම්රිය අනතුරක් වුණත් ප්‍රවාහන ඇමතිට ඉල්ලා අස් වෙන්න කියනවා. ඇවන්ට්ගාඩ් ආන්දෝලනය මතු වුණු ගමන් තිලක් මාරපන ඇමතිතුමාට ඉල්ලා අස් වෙන්න කිව්වා. දැන් ඔන්න අගමැතිතුමාගේ වාරය. ඔබතුමාගේ අධීක්ෂණය යටතේ තිබුණු ආයතනයක මේ දැවැන්ත වංචාව වෙන්නේ. ඒ විතරක් නොවේ. අර්ජුන් මහේන්ද්‍රන් ප්‍රකාශ කරනවා ඔබතුමාගේ උපදෙස් මතයි මේ ගනුදෙනුව කලේ කියලා. දැන් ඉතින් අගමැතිතුමාට තිබෙන්නේ කන්නාඩියක් ඉදිරියට ගිහින් “රනිල්, නම්බු පිටින් ගෙදර යන්න කාලය ඇවිත්“ කියලා කියන එකයි. අගමැතිතුමා ඉල්ලා අස් නොවුණොත් එතුමාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙනෙන්න අපට සිදු වෙනවා.

මේ වංචාවට විරුද්ධව අපි ගොඩ නැගුව පුළුල් ජන මතය නිසා ආණ්ඩු පාර්ෂවයේ සිටින ශ්‍රීලනීප මන්ත්‍රීවරු මුස්ලිම් කොන්ග්‍රස් මන්ත්‍රීවරු මේ ආණ්ඩුව බිහි කිරීමට ප්‍රභල දායකත්වයක් දුන් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු, මේ ආණ්ඩුව බලයට ගෙනා ජනතා විමුක්ති පෙරමුන මේ සියළු බලවේග මෙ සටනෙදි අප හා එකතු උනා. එහි ගෞරවය මුලින්ම අපි දෙන්න ඕන විගනකාධිපතිතුමන්ට. එතුමන් තමයි මේ සටනේ ඔටුනු නොපලන් වීරයා. එතුමන් ජීවිත අවධානමක් ගනිමින් ඇත්ත ඇති සැටියෙන් තම වාර්ථාවේ ලිව්වා. එතුමන්ගේ තොරතුරු මතයි කෝප් කම්ටුව කටයුතු කරන්නේ. පොලිස්පතිතුමන්ට නීතිපතිතුමන්ට ආදර්ශයක් වන ආකාරයට මෙහිදී විගනකාධිපතිතුමන් කටයුතු කර තියෙනවා. අන්තිම දවස වෙනතුරුත් හොරකමක් වී නැත, වෙන්දේසි ක්‍රමය සෘජු කුමයට වඩා හොදය කියමින් සිටිය එජාප මන්ත්‍රීවරුන් 9 දෙනෙක් පාද සටහන් සහිතව හරි වරදක් වෙලා තියෙනවය, අපිට හොරු රකින්නට ඕන නැත කියන සිනිදුව අළුතින් කියන්නට ගත්තේ මාධ්‍ය විසින් මේ ප්‍රශ්නය පිළිබද ඇතිකරපු සමාජ බලපෑම නිසා. ඒ නිසා විගනකාධිපතිතුමන් වගේම මාධ්‍යයත් මේ සටනේ වීරයන් විදිහට අපි සලකනවා. ඒ වගේම කෝප් කමිටුවේ පාද සටහන් කල්ලිය නෙවෙයි කෝප් කමිටුව තුල දැවැන්ත සටනක් කල සුනිල් හදුන්නෙත්ති මන්ත්‍රීතුමන් ප්‍රමුඛ අනික් පිරිසටත් අපි ප්‍රනාමය පුදු කරනවා.

– අරවින්ද අතුකෝරල

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
හම්බන්තොට විකිණීම හා රාජපක්‍ෂ ණය


==========================
හම්බන්තොට වරාය චීනයට විකිණීමට අවශ්‍ය සියළු දෙය කර අවසන් බව මුදල් ඇමතිවරයා පවසනවා. මෙය විකිණීම සඳහා ගේන සුපුරුදු තර්කය වෙන්නේ හම්බන්තොට වරාය සුදු අලියෙක් හා එමගින් රට ණය වෙලා කියන එක. ආණ්ඩුව ගේන මේ තර්ක දෙකම වැරදයි. හම්බන්තොට වරාය පාඩු ලබනවනම් චීන පුද්ගලික සමාගමක් ඒක සල්ලිවලට ගන්නෙ ඇයි? ඔබ අහල තිබෙනව ද පුද්ගලික අංශය තමන්ට ලාභයක් ලබන්න බැරි සම්පතක් විශාල මුදලක් වියදම් කරල සල්ලිවට ගනී කියල. චීන සමාගම මේක ගන්නව කියන්නෙ ම මේක ලාභ උපයන හා ඉපැයිය හැකි එකක්. පසුගිය කාලෙ දත්ත අරගෙන බැලුවත් ඒ කතාව තේරුම් ගන්න පුළුවන්. මේ ආණ්ඩුවේ ම දත්තවලට අනුව, හම්බන්තොට වරායේ 2013 ලාභය රුපියල් මිලියන 585.2යි. එතකොට 2014 දී ඒක වැඩි වෙනවා රුපියල් බිලියන 5.39කට(මිලියන 5390ක්). අති විශාල ලාභයක්. හැබැයි ඉන් පස්සෙ ලාභය දන්නෙ නැහැ. අනිවාර්යනේ ම වැටිල ඇති. මොක ද වත්මන් ආණ්ඩුව ආපු ගමන් රටේ ආර්ථික ක්‍රියාකාරිත්වය හා එහි වර්ධනය අඩුවෙලා ලාභ ලබන ආයතන වැටුණා. නොකඩවා වර්ධනය 7ක තිබුණු ආර්ථිකයක් එකවර ම 2.5ට බැස්සාම ලාභය අඩුවෙනවා හා පාඩු වෙනවා කියන එක පුදුමයක් නෙමෙයි.  

හම්බන්තොට වරාය තරම් දියුණු කළ හැකි වෙනත් වරායවල් ලෝකයේ තිබෙනවා නම් ඒ ඉතා ස්වල්පයක් විය හැකියි. ඒ තරමට හම්බන්තොට වැදගත්. අනික මේකෙ උපක්‍රමික සාධකය තරම් වෙන මොනවත් මාර්කට් කරන්න ඕන නැහැ. දැන් එවැනි වරායක් තමා මේ අය තමන්ගේ තිබෙන නොහැකියා හා බැරිබැරිතා නිසා විකුණන්න යන්නෙ. 

මේ විකිණීම හරහා ඩොලර් බිලියනක (හරියට ම ඩො බිලියන 1.1ක්) ණය අපට අඩු කරන්න පුළුවන් කියල අගමැති වික්‍රමසිංහ කිව්වා. ඒක අති විශාල මුදලක්. පොර්ටි සිටියට ආයෝජනය කරන්නෙත් ඩොලර් බිලියන 1.5යි. ඒකෙන් අපට තවත් දෙයක් පැහැදිළි වෙනවා. ඒ තමයි මේ ව්‍යාපෘථි ණය වෙලා කළත් ඒවා රටේ ජාතික ධනය බවට පත්වෙලා. ඕන වෙලාවක විකුණන්න පුළුවන් කියන්නෙ මේ හරියට ලඟ තිබෙන රත්තරන් වගේ. එහෙනම් මහින්ද ගත්ත ණය රටට බරක් කියල කාට ද කියන්න පුළුවන් ද? ඕනැනම් ඔය අධිවේගී මාර්ග, මත්තල, විතරක් නෙමෙයි නොරොච්චෝලෙ පවා විකුණල කන්න පුළුවන්. හිතන්න. 

හැබැයි මේ ආණ්ඩුව කිසිදු ව්‍යාපෘථියක් නැතුව මාස 21ට ගත්ත අති විශාල ණය කන්දරාව නැවත මුදල් කරන්න බැහැ. ඒ සේරෙම එදාවේලට අරගෙන තියෙන්නෙ. වෙනස මේකයි.
- මහින්ද  පතිරණ -
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
“බැදුම්කර වංචාව වැළැක්වූවානම් වැට් ගහන්න වෙන්නෑ“ – ඇමති දයාසිරි



වසරක කාලයක්‌ තුළදී හිටපු මහ බැංකු අධිපතිවරයාගේ බෑණාගේ සමාගම විසින් බැඳුම්කර ලබාගැනීමට රුපියල් බිලියන 66 ක්‌ රජයේ මුදල් මහබැංකුව හරහා පාවිච්චි කර ඇතැයි කෝප් කමිටුවේ සාමාජික ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා පැවැසීය.

මහ බැංකුව මෙම මුදල් රජයට ලබාදී ඇත්තේ කිසිදු ආරක්‌ෂණයකින් තොරව යෑයිද ඊයේ (27 දා) ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ මූලස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා කියා සිටියේය.

2015 පෙබරවාරි මස 27 දා සිදු කළ පළමු බැඳුම්කර නිකුතුවට වඩා වැඩි පාඩුවක්‌ 2016 මාර්තු 29 වැනිදා සිදු කළ දෙවන බැඳුම්කර නිකුතුවෙන් සිදුව ඇති බව දැනට සිදුකරන පරීක්‌ෂණවලින් අනාවරණය වී ඇතැයි කී ඇමැතිවරයා රජයේ මුදල්වලින් බැඳුම්කර මිලදී ගෙන එම බැඳුම්කර යළි වැඩි පොළියට රජයටම විකිණීම තුළින් රාජ්‍ය මුදල් අවභාවිතයක්‌ සිදුව ඇති බව තමා පුද්ගලිකවම විශ්වාස කරන බවද සඳහන් කළේය.

මෙම සිද්ධියේදී මුදල් මණ්‌ඩලයේ තීරණවලට පටහැනිව මහ බැංකු අධිපතිවරයා කටයුතු කර ඇති බව පෙනී යන බව කී ජයසේකර මහතා බැඳුම්කර ලබාගන්නා සෙසු සමාගම් සිය ප්‍රාග්ධන ප්‍රමාණය ඉකුත් වසරේදී සියයට 38 කින් වර්ධනය කරගන්නා විට පර්පචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම සියයට 1850 කින් ප්‍රාග්ධන වැඩිකරගෙන ඇති බව කීය.

බැඳුම්කර නිකුතුව පිළිබඳ කෝප් කමිටු වාර්තාව නිකුත් කිරීමෙන් පසුව දින කිහිපයක්‌ විවාද කළ හැකි බවත් ඉන් පසුව එහි නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා කථානායකවරයාට එම වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුවට හා අනෙකුත් නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට ලබාදිය හැකි බව එම මාධ්‍ය හමුවේදී ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවැසීය.

සිදුවන දූෂණ වංචා වළක්‌වා ගන්නේ නම් වැට්‌බදු පමණක්‌ නොව වෙනත් බදු පැනවීමක්‌ද අවශ්‍ය නොවන බව ඇමැතිවරයා සඳහන් කළේය.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
එටිසලාට් : සෞදි රජ පවුලේ නෑයෙක් ලංකාවට කැදවයි.. ශ්‍රීපාද මෙහෙයුම තවත් වෙගවත්කරයි

Etisalat telcom
එක්සත් අරාබි එමීරයේ එටිසලාට් හි වැඩි කොටස් හිමිකාරීත්වයක් ඇති, එහි අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කළ, මොහොමඩ් බින් සුලේමාන් ශ්‍රී ලංකාවේ ප්‍රධානියා ලෙස පත්ක එවා ඇත. ඔහු සෞදි රජ පවුලේ සමීපතම ඥාතියෙකු වන බවද සදහන්වේ.

ශ්‍රීපාද රක්ෂිත කළාපයේ සිදුකෙරෙන ඉදිකිරීමක් නිසා දැඩි විරෝධයකට ලක්ව සිටින එටිසලාට් හි වෙළදපොල දිනෙන් දින කඩාවැටීමට ලක්වෙමින් පවතින අතර ඒ හේතුවෙන් සමාගමේ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු දැඩි අර්බුදයකට ලක්වෙමින් පවතින බව එහි අභ්‍යන්තර තොරතුරු මාර්ග අනාවරණය කරයි.

සමාගමේ මෙහෙයුම් කටයුතු නැවත සක්‍රීය කිරීම සහ සෞදි රජුගේ අරමුදල් මත සිදුවන ශ්‍රීපාද අඩවියේ ඉදිකිරීම් සහ ඉදිරි සැලසුම් වේගවත් කිරීම සදහා සුලේමාන් ලංකාවට එවා ඇති අතර මේ වන විට අදාළ ඉඩමේ නව සම්ප්‍රේශන කුළුනක් ඉදිකිරීමේ කටයුතුද ආරම්භ කර තිබෙන බවට සදහන් වේ.

හෝටලයක් මුවාවෙන් ඉදිකරමින් පවතින්නේ ඉස්ලාමීය මධ්‍යස්ථානයක් බවට මේ වන විට හෙළිදරව්වී ඇති අතර එම ස්ථානය කේන්ද්‍රකරගෙන ශ්‍රීපාද අඩවිය ඉස්ලාම්කරණය කිරීමේ දැවැන්ත මෙහෙයුම මේ වනවිට ආරම්භකර ඇත.

මේ අතර මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් සමාගම් ප්‍රධානීන් ඉස්ලාමීය රටවල මෙරට තානාපති කාර්යාල සමගද සාකච්ඡාකර තිබෙන බවට තොරතුරු වාර්තාවන අතර ඒ හරහා රජයට බලපෑම් කර කෙසේ හෝ ශ්‍රීපාද අඩවියේ මෙහෙයුම ඉදිරියට කරගෙන යෑමට අවශ්‍ය සහසුකම් සපයා ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබේ.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network