Showing posts with label යහපාලකයන්ගේ නිර්වත. Show all posts
ජනමත විචාරණයට පෙර විපක්‍ෂයේ නායකයන් සිරගත කරන්න සියල්ල සූදානම්..



පිවිතුරු හෙළ උරුමය පක්ෂ මුලස්ථානෙනයේ පැවැති මාධ්‍ය හමුවේ දී නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

කළු සල්ලි සොයා ගන්න රු5,000/- නෝට්ටු තහනම් කරන්න

මේ ආණ්ඩුව සොරකම් කරන ලද රාජ්‍ය දේපල සෙවීමට නීතිඥ ජේ සී වැලිඅමුණගේ ප්‍රධානත්වයෙන් කාර්ය සාධක බලකායක් පිහිටෙව්වා.  ලෝකය පුරා සංචාරය කරමින් මහජන මුදල් කෝටි ගණනින් වැය කළත් පසුගිය මාස 22ට එක රුපියලක් සොයා ගෙන නෑ.  මම මේ පිලිබඳ පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්නයක් ඇහුව්වාම පරීක්ෂණ වලට බාධා වෙනවා කියමින් අගමැතිතුමා ප්‍රශ්නය මග හැරියා.  දැනට කාර්ය සාධක බලකාය වෙනුවෙන් කීයක් වියදම් කළා ද බලකාය විසින් රුපියල් කීයක සොරකම් කරන ලද රාජ්‍ය දේපල සොයා ගත්තා ද කියන ප්‍රශ්නයට පිලිතුරු දුන්නාම පරීක්ෂණ වලට බලපාන්නේ කොහොමද?

දූෂණ, නීති විරෝධි ව්‍යාපාර සහ බදු පැහැර හැරීම තමයි කළු සල්ලි උපයන ප්‍රධාන මාධ්‍යයන් තුන.  මේ කළු සල්ලි ප්‍රසිද්ධ කරන්න බැරි නිසා බොහෝ විට තිබෙන්නේ මුදල් නෝට්ටු විදියට.  නැතිනම් රත්රන්, මැණික් සහ දියමන්ති විධියට.  මේ කළු සල්ලි මුදල් පද්ධතියට ගෙන ඒමට ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි අපූරු උපායක් යෙදුවා.  මීට සති දෙකකට පෙර ඔහු ඉන්දියාවේ සංසරණයේ පවතින රු500/- සහ රු 1000/- නෝට්ටු තහනම් කළා.  දැන් පෙට්ටිගමේ සඟවා තිබෙන කෝටි ගණන් මුදල් නෝට්ටු බැංකුවට භාර දී අළුත් නෝට්ටු ගත යුතුයි.

ලංකාවේ කළු සල්ලි තිබෙන්නේ රාජපක්ෂවරු ගාව ද නැතිනම් මහ බැංකු හොරු ගාව ද කියා සොයා ගන්න ලංකාවේ රු5,000/- නෝට්ටුව තහනම් කළ යුතුයි අපි යෝජනා කරනවා.  එවිට කළු සල්ලි වගේම ඒවායේ අයිතිකාරයෝත් රටටම හඳුනා ගන්න පුළුවන්.  මේක ලංකාවට අළුත් අත්දැකීමක් නොවේ.  1973 දී එවකට මුදල් අමාත්‍ය ආචාර්ය එන් එම් පෙරේරා ඒ යුගයේ තිබුණු ඉහළම මුදල් නෝට්ටුව වූ රු100/- තහනම් කළා.  එයින් විශාල මුදල් ප්‍රමාණයක් සංසරණයට එකතු වුණා.  නමුත් බොහෝ විට කළු සල්ලි ඉතිරි කර තිබෙන්නේ මැණික්, රත්රන් සහ දියමන්ති විධියටයි.  ඒ නිසා අඩුම ගණනේ රුපියල් ලක්ෂ 10ට වැඩි රන්, මුතු, මැණික් සහ දියමන්ති මිළ දී ගැනීම් පිලිබඳ විකුණන අය විසින් ආදායම් බදු දෙපාර්තමේන්තුවට තොරතුරු යවන ක්‍රමයක් සැකසිය යුතුයි.  මේ කිසිවක් සොරකම් කළ රාජ්‍ය දේපල අත්පත් කර ගැනීමේ කාර්ය සාධක බලකාය කරන්නේ නෑ.  ඒ අය කිඹුලාට කසාද යෝජනා ගෙන එමින් අලි කුණ කෑමට ගඟෙන් එගොඩ වුණු නරියා වගේ සොරකම් කළ වත්කම් ගැන කියමින් ලෝකය පුරා සංචාරය කරනවා.

අයිසිස් ත්‍රස්තයින් පිලිබඳ තොරතුරු හෙලි කරනු

විජේදාස රාජපක්ෂ ඇමතිතුමා අයිසිස් ත්‍රස්තයින්ට සම්බන්ධ මුස්ලිම් ලාංකිකයින් පිලිබඳ තොරතුරු හෙලි කලාම මුස්ලිම් නායකයින්ට කේන්ති ගිහින් එතුමාට බනිනවා.  ඇත්තෙන්ම වෙන්න ඕනෑ ඒක නොවේ.  තම සමාජය පිලිබඳ හෙලි කළ තොරතුරට ස්තූතිවන්ත වෙලා තම සමාජය පිලිබඳ විමසිල්ලෙන් සිටීමයි.  මුස්ලිම් සමාජය තුලට රිංගා ගෙන පිලිකාවක් මෙන් වැඩෙන අන්තවාදය තුරන් කිරීමට නායකත්වය දීමයි.

මුස්ලිම් නායකයින් අන්තවාදය සහ ත්‍රස්තවාදය රකින්න පෙරට ආවොත් එයින් හානියක් වෙන්නේ මුස්ලිම් සමාජයටමයි.  දෙමළ නායකයින් හැත්තෑවේ දශකයේ දී ඔය වැරැද්දම කළා.  ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායකයින් තමයි හැත්තෑවේ දශකයේ දී කොටි පැටවුන්ට කිරි පෙව්වේ.  නමුත් කොටි පැටියා කොටියෙකු වුණාම මුලින්ම මරා කෑවේ ඒ අමිර්තලිංගම් ඇතුළු දෙමළ නායකයින්.  නායකයින් විසින් කොටි ත්‍රස්තවාදය පෝෂණය කිරීමේ වරදට මුළු දෙමළ සමාජයම දඬුවම් වින්ඳා.  අහිංසක දෙමළ සමාජය කුරිරු වුණා.  සංස්කෘතිය බිඳ වැටුණා.  ඓතිහාසික උරුමයන් විනාශ වුණා.  ලක්ෂ ගණනින් රට හැර ගියා.  දහස් ගණනින් ආබාධිත වුණා.  වැන්දඹුවන් වුණා.  මුස්ලිම් නායකයින් දෙමළ අත්දැකීමෙන් පාඩම් ඉගෙන ගෙන මේ අන්තවාදය දල්ලෙන් කඩා දැමිය යුතුයි.

මුස්ලිම් නායකයින්ට කේන්ති ගියාට අයිසිස් ත්‍රස්තයින් අතර ලාංකික මුසල්මානුවන් සිටින බවට මීට පෙර අවස්ථා ගණනක දී ආරක්ෂක අංශ වාර්තා කර තිබෙනවා.  ඒ වගේම මද්රාසා කියන ආගමික පාසල් වල අන්තවාදි වාහබ්වාදය උගන්වන බවට තොරතුරු තිබෙනවා.  විදේශිකයින් සංචාරක වීසා මත ඇවිත් මද්රාසා වල ඉගැන්වීමේ යෙදී සිටිය දී ලංකාවෙන් පිට මං කළ අවස්ථා තිබෙනවා.

වත්මන් ආණ්ඩුව මුස්ලිම් අන්තවාදය පිම්මේ වැඩෙන්න ඉඩ සලසා අඳ ගොළු බිහිරි රංගනයක යෙදෙන අවස්ථාවේ විජේදාස ඇමතිතුමාගේ ප්‍රකාශය අපි අගය කරනවා.  තව්හීද් ජමාත් සංවිධානයේ අබ්දුල් රසීක් බුදුන් වහන්සේට අපහාස කළා. ධර්මයට අපහාස කළා.  මහ සංඝරත්නයට අපහාස කළා.  නීතිය ක්‍රියාත්මක වුණේ නෑ.  ඔහුට නීතිය ක්‍රියාත්මක නොවීම පිලිබඳ ප්‍රශ්න කරපු බෞද්ධයෙකු වුණු ඩෑන් ප්‍රියසාද්ට එරෙහිව පුදුම කාර්යක්ෂමතාවයකින් නීතිය ක්‍රියාත්මක වුණා.  අවසානයේ දී භික්ෂුන් වහන්සේලාට තරුණ තරුණියන් සමග පාරට බහින්න සිදු වුණා.  එහි ප්‍රතිඵලයක් විධියටයි රසීක්ව අත්අඩංගුවට ගත්තේ.  “පෙවූ කිරි වැන්න විස ගොර සප්“ කියන පැරණි කවි පදය සිහිපත් කර මුස්ලිම් අන්තවාදය පෝෂණය කරන ආණ්ඩුවේ නායකයින්ට අපි අනතුරු අඟවනවා.

මුස්ලිම් සමාජයේ බහුතරය විශේෂයෙන් උගත් පිරිස සහජීවනයට සාමයට කැමති පිරිසක්.  නමුත් අන්තවාදින්ට මුස්ලිම් සමාජය පාලනය කරන්න ඉඩ දීලා සාමකාමි උගතුන් නිහඬ වුණොත් සමස්ත මුස්ලිම් සමාජයම අන්තවාදයට ගොදුරු වෙලා මේ රටම විනාශ වෙන එක කාටවත් නවත්වන්න බෑ.

විපක්ෂයේ නායකයින් සිරගතකර ආණ්ඩුව සැරසෙන්නේ කුමකට ද?

මීට පෙර මා අනාවැකි පල කළ අයුරින්ම නව ව්‍යවස්ථාව ජනවාරි මාසයේ දී පාර්ලිමේන්තුවටත් පෙබරවාරි මාසයේ දී ජනමත විචාරණයටත් ඉදිරිපත් කිරීමට නියමිත බව අගමැතිතුමා ප්‍රකාශ කළා.  ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය රැස් වුණු දවසේ විපක්ෂ නායක ආර් සම්බන්දන් මහතා දිනේෂ් ගුණවර්ධන මැතිතුමාටත් මටත් ඉතා වැදගත් දෙයක් කිව්වා.  “අපට දැවැන්ත බලය බෙදීමක් අවශ්‍ය වී තිබෙනවා.  නමුත් ඒක පිටුපස දොරෙන් ලබා ගන්න අපට කිසිම උවමනාවක් නෑ.  ආණ්ඩුවේ සමහරු ජනමත විචාරණයක් අවශ්‍ය නෑ කියනවා.  නමුත් අපේ ස්ථාවරය තමයි බලය බෙදන ව්‍යවස්ථාවට අනිවාර්රයෙන් ජනතාවගේ අනුමැතිය ලැබිය යුතුයි“ කියලා.  හැමදාමත් දෙමළ සංධානය විවේචනය කරන අපට ඔවුන්ගේ පුංචි හරි හොඳක් දැක්කාම අගය කරන්න ඕනෑ.  නැතිනම් ඒක කුහක කමක්.  පෝස්ටර් අලවන්නේ නැතුව මනාප පොරයක් නැතුව උතුරු පලාත් සභා මැතිවරණ සටන කිරීමට දෙමළ සංධානය තීරණය කළාම අපි ඒක ප්‍රසිද්ධියේ අගය කළා.  ඒ වගේම මේ ප්‍රජාතන්ත්‍රවාදි ලක්ෂණය අපි අගය කරනවා.

නමුත් අපට තිබෙන තොරතුරු අනුව ආණ්ඩුව ජනමත විචාරණය කරන්න ලැහැස්ති වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදිව නොවේ.  ලාම්පු කළ – ගෙඩි සෙල්ලම නමින් හඳුන්වන 1982 ජනමත විචාරණය විධියටමයි.  එදා විපක්ෂයේ ක්‍රියාකාරි නායකයින් වන විජය ඔසී ඇතුළු පිරිසක් නැක්සලයිට් කුමන්ත්‍රණයක් සිදු කිරීමට උත්සාහ කළා කියන පදනම් විරහිත චෝදනාව යටතේ සිර ගත කරලායි ජනමත විචාරණය පැවැත්වූයේ.  විපක්ෂ නායකයින් හිරේ දාලා, විපක්ෂය බෙලහීන කරලා බලහත්කාරයෙන් ඡන්ද පෙට්ටි පුරවලා තමයි ඒ ජනමත විචාරණය ජේ ආර් ජනාධිපතිතුමා දින්නේ.

තාත්තා කළ දේ පුතා නොකළොත් ඌ නොට්ටිගේ පුතා කියලා කතාවක් තිබෙනවා.  ඒ වගේම “මාමා කළ දේ බෑනා නොකළොත් ඌ නොට්ටිගේ බෑනා“ කියලා කතාවක් මම නම් අහලා නෑ.  නමුත් අගමැති රනිල් යන්නේ ජනපති ජේ ආර්ගේ අඩි පාරේ බව නම් පැහැදිලියි.  සිංහල – මුස්ලිම් ගැටුමක් නිර්මාණය කරලා එහි වරද ඒකාබද්ධ විපක්ෂය මත පටවලා නායකයින් සිර ගත කිරීමේ සැලැස්මක් තිබෙන බවට අපට තොරතුරු තිබෙනවා.  අපව සිර ගත කළත් අපේ සටන සිර කරන්න බෑ කියන පණිවිඩය අපි ආණ්ඩුවට ලබා දෙනවා.

ජනපති මහින්දට කඩුවෙන් කෙටූ වඳුරා කවුද?

මා මගේ කතාවේදී ජනපතිතුමන්ට පුංචි අනතුරු ඇගවීමක් කලාම ජනපතිතුමනි ඔබතුමන් ලග ඉන්න මෝඩ නිලධාරීන් හැසිරෙන්නේ හරියට රජතුමන්ගේ ඇගේ මැස්සෙක් වසා ඉදිද්දි එම මැස්සා මරන්න කඩුවෙන් කොටල රජතුමන් මරා දැමු මෝඩ වදුරා විදිහටයි කියල. පාර්ලිමේන්තුවේදී මම කතා කලාට පස්සේ කතා කල මගේ හිතවත් විජිතමුනිද සොයිසා ඇමතිතුමන් කියනවා මහින්ද රාජපක්ෂ ජනපතිතුමන් වටේත් මෝඩ වදුරන් හිටියා එහෙම හිටිය වදුරෙක් බේරුවල කලබල සිද්ධින් ඇති කලාය කියල.

අපි දන්නව එතුමන් ඒ මෝඩ වදුරා කියා අපහාස කල කෙනත් දැන් ඉන්නේ ආණ්ඩුවේ ඇමති මණ්ඩලයේමයි.  බේරුවල සිද්ධියට වෙන අපි දන්න කෙනෙක් නම් සම්බන්ද වුනේ නෑ.

අපි සොයිස ඇමතිතුමන්ට කියනවා මහින්ද  රාජපක්ෂ ජනපතිතුමන් ගාව මෝඩ වදුරන් හිටිය තමයි. මහින්ද ජනපතිතුමන්ගේ ඇගේ මැස්සෙක් වැහුවම මේ මෝඩ වදුරා කඩුවෙන් කෙටුව. කඩුවන්  කෙටුවම රජතුමන්ට තුවාල වෙලා ලේ ගලනව . එසේ ලේ ගලනව සිහිසන් වෙනව දැක්ක විතරයි අප්පච් මලෝ කියාගෙන ඒ වදුර සතුරු පිලට එක් වුනා.

ඒ ගමන අපිට සිද්ධවුනා ලේ ගලමින් සිටිය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ව සුවපත් කරගෙන යලි ජනතාව ඉදිරියට ගේන්න. එදා මහින්ද ජනපතිතුමන්ට කඩුවෙන් කෙටු වදුරෝ දැන් එතුමන් ලග නැතය දැන් එතුමන් ලග ඉන්නේ සිහි නුවනින් කටයුතු කරන පිරිසක්ය කියල අපි විජිතමුනිද සොයිසා ඇමතිතුමන්ට කියන්න කැමතියි.

– අරවින්ද අතුකෝරල

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
 පොරොන්දු බිඳිමින් සිටින යහපාලන රජය මාධ්‍ය නිදහසටත් වැට බදින්න යයි



මාධ්‍ය නිදහස, නිදහස් අදහස් දැරීමට හා ක්‍රියාත්මක වීමට තිබු නිදහස මේ වන විට ක්‍රමික අර්බුදයකට ලක්වෙමින් තිබෙන බව කැෆේ සංවිධානය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් මේ බව ප්‍රකාශ කර තිබේ.

එය පහත පරිදි වෙයි,

ජනමාධ්‍ය සම්බන්ධයෙන් මෑතක දී ජනාධිපති, අගමැති හා අධිකරණ අමාත්‍යවරයා විසින් සිදු කරනු ලැබ ඇති ප්‍රකාශ හා චීවරධාරී ගලබොඩ අත්තේ ඥානසාර විසින් සිදු කළ ප්‍රකාශ සම්බන්ධයෙන් කැෆේ සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ දැඩි අවධානය යොමුව ඇත.

රනිල් වික්‍රමසිංහ මහතා ඩේලි ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත් හඳුන්වා දී තිබුණේ ‘ටොයිලට් පේපර්ස්‘ ලෙසිනි.  දෙරණ රූපවාහිනී නාලිකාවට එරෙහිව ජනාමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් කරුණු දැක්වීම සදහා කාලයක් ලබාදී ඇත.  අධිකරණ අමාත්‍යවරයා පාර්ලිමේන්තු වරප්‍රසාද භාවිත කරමින් ලංකා ඊ නිවුස් වෙබ් අඩවියත්, එහි කර්තෘවරයාත් දැඩිව විවේචනය කරනු ලැබීය. 

චීවරධාරී ගලබොඩ අත්තේ ඥානසාර විසින් ජාතික රූපවාහිනියට එරෙහිව වෛර ප්‍රකාශයක් සිදු කරනු ලැබ ඇත.  කල්ලි කිහිපයක් විසින් සමාජ ජාලා භාවිත කරමින් ආගමික වියරුව පතුරුවන අසත්‍ය තොරතුරු, වෛර භාෂාව යොදාගනිමින් ප්‍රචාරය කරමින් සිටී.  පිළියන්දල පිහිටි මුස්ලිම් ජාතිකයෙකුට අයත් ඇගළුම් ගබඩාවත් තුල ගින්නක් හටගෙන ඇති අතර ජාතිවාදී බලවේග එම සිදුවීම පිටුපස ඇති බවට දැඩි සැකයක් මතුව තිබේ.

යහපාලන රජය විසින් දුෂණ විරෝධී බලවේගය මේ වන විට ලැජ්ජා සහගත පාවාදීමකට ලක් කොට ඇත. හොරු ඇල්ලීම වෙනුවට වත්මන් රජය පසුගිය රජය තරමටම බැදුම්කර වංචාව, ගල් අගුරු වංචාව මගින් දුෂිතව සිටී.

කැෆේ සංවිධානයත් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයත් මතුවෙමින් පවත්නා තත්වය පිළිබද දැඩි අවධානය යොමු කරයි.  නැවත වරක් රටේ මාධ්‍ය මර්ධනයක් සදහා මාවත විවර නොකරන ලෙස යහපාලන රජයෙන් ඉල්ලා සිටින අප ජාතිවාදී බලවේග විසින් සිදු කරමින් සිටින ජනතාව උසිගැන්වීමේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් රජය විසින්  දැඩි ක්‍රියාමාර්ග ගනු ඇතැයි බලාපොරොත්තු වන්නෙමු.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
රවිගේ මෙවර අයවැයේත් ඉතුරු ‘ගරු කතානායකතුමනි’ විතරයි.. බදු යෝජනා තොගයක් අත්හිටුවන්න යයි.



2017 අයවැය මගින් යෝජනා කර ඇති බදු වර්ග විශාල ප‍්‍රමාණයක් අහෝසි කරන ලෙස ආණ්ඩුවේ පාර්හවයන්ගෙන්ම දැඩි බලපෑම් එල්ල වෙමින් ඇති බව වාර්තා වෙයි.

වාහන දඩ බද්ද, අන්තර්ජාල බද්ද, නඩු බද්ද, ඒ.ටී.එම්. බද්ද, ගුවන් තොටුපල බද්ද, කාබන් බද්ද, සිම් කාඞ් බද්ද, රජයේ රෝහල් ගෙවන වාට්ටු, රජයේ රෝහල්වල පුද්ගලික රසායනාගාර පරීක්‍ෂණ ආදියට දැඩි විරෝධයක් ආණ්ඩුවෙන්ම එල්ල වෙමින් ඇත.

ඒ අනුව අයවැය තන්වැනි වර කියැවීමේ විවාදයේදී මෙම නව සංශෝධන ඇතුලත් කිරීමේ සූදානමක් ඇතැයිද පැවසෙයි.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
සමස්ථ ආර්ථිකය භයානක අඩියකට.. ආයෝජකයින් බියවෙති… ‘ජෝන් කීල්ස්’ කොටස් පවා නොවිකිණී වේලෙති..



‘ලංකාවේ ප්‍රධානතම සමාගමක් වන ජෝන් කීල්ස් විසින් ඔහුගේ සංවර්ධන කටයුතුවලට අවශ්‍ය රුපියල් බිලියන දහයක් ප්‍රාග්ධනය ලබාගැනිමට අවශ්‍ය කොටස් අලෙවි කිරීමට ඉදිරිපත් කලා. එත් ඉතිහාසයේ පලමුවරට එම සමාගමට අලෙවි කර ගැනිමට හැකි වුනේ රුපියල් බිලියන 3 ක වටිනාකම ඇති කොටස් පමණයි. ඒ කියන්නේ 30%යි. මහින්ද රාජපක්ෂ යුගයේදි නම් අලෙවි දිනයට පෙර අලෙවි වෙනවා පමණක් නෙවි ඉල්ලුම් 200% යි. මේක තමා අද රටේ ආර්ථික තත්ත්වය. ආයෝජන කෙරෙහි රටේ ජනතාවගේ මෙන්ම විදේශීකයින්ගේ විශ්වාසය බිදවැටිලා. ආයෝජකයින් බයවෙලා මොන පැත්තෙන් ඔහුන්ට බදු දමාවිද යන්න. අද වන විට රජයට නිසි සැල්ස්මක් නැහ. අයවැය හදනකොට හැමෝම අයිතිකාරයෝ එය ක්‍රියාත්මකවෙලා. ජනතාවට පිඩා වෙන කොට සියල්ලම මුදල් අමාත්‍යවරයාගේ කර පිටෙන්, සමහරු ඒ බව දැනගත්තා කියන්නෙ පත්තරෙන්. මහින්ද රාජපක්ෂ යුගය සෑම අතින්ම සාර්ථක යුගයක්’ යයි 2017 අයවැය සම්බන්ධයෙන් කරුණු දක්වමින් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ ව්‍යවසාකයින්ගේ හමුවකදි පැවසීය.

2005දි මහින්ද රාජපක්ෂ රටේ ජනාධිපති වශයෙන් රාජකාරි ආරම්භ කරමින් හිටපු පාලකයින්ට දොස් කියමින් හෝ සිදු වූ වැරදි ගැන සොයමින් කාලය විනාශ නොකළ අතර දිවුරුම් දී පලවෙනි සතියේදීම යුද්ධය සම්බන්ධයෙන් ඉතා වටිනා තීරණය කිහිපයක්ම ගන්නා ලදි.

පලමුව දක්ෂයින් ගෙන් සමන්විත අමාත්‍ය මණ්ඩලයක් පත්කරගත් අතර අති දක්ෂ නිලධාරින් පිරිසක් අමාත්‍යාංශ ලේකම්වරුන් සහ ආයතනවල ප්‍රධානින් ලෙස පත් කරගෙන රටේ දැවෙන ප්‍රශ්න විසදීම ආරම්භ කලා. මුදල් අමාත්‍යාංශය හා මහා බැංකුවට ඉතාම ඉහළින් පරිපාලන කිරීමට අවශ්‍ය නිලධාරින් පත්කොට ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් ලෙසත්, එවකට පැවති රජය විසින් විශ්‍රාම ගැන්වීමට ඔන්න මෙන්න කියා තිබු මෙන්ම කිසිදිනක රටේ යුද හමුදාපති වීමේ අවස්ථාව අහිමිව තිබු ලෙෆ්ටිනට් ජෙනරාල් සරත් ෆොන්සේකා 2005 දෙසැම්බර් 6 දින යුදහමුදාපති ලෙසත් පත් කලේය.

පැවති එක්සත් ජාතික පක්ෂ රජය මෙන්ම චන්ද්‍රිකා බණ්ඩාරනායක රජයන් විසින් ඒ වන විටත් තරගෙට මෙන් රටේ තිබු සම්පත් කුණු කොල්ලයට විකුණා දමා තිබුණ අතර රටේ සමස්ථ දේශීය හා විදේශීය ණය ප්‍රමාණය වාර්ෂික දල ජාතික නිෂ්පාදනයෙන් 106% දක්වා ඉහළ ගොස් තිබුණි. රටේ ඒක පුද්ගල ආදායම ඇ. ඩොලර් 1241 කි. රටේ බැලු බැලු අත බෝම්බ පිපිරෙමින් සෑම ජනකොටසකගේම ජීවිතවලට මරණ බිය ඇතුළු වූ යුගයක සෑම අංශයක්ම තුල බලාපොරොත්තු සුන් වී අද හෝ හෙට රට දෙකඩ වී ඊලම් රාජ්‍යයක් බිහිවන බවට ජනතාව මෙන්ම සමහර මිත්‍ර රටවල්ද අනාවැකි පලකලහ.

එහෙත් රටේ ජනතාව අවශ්‍ය අරමුණ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නිවැරදිව හඳුනාගෙන එක වැඩි ඡන්දයක් පාර්ලිමේන්තුවේ ඇතිව ආරම්භ කරපු වැඩපිළිවෙළ ඉතා සාර්ථකව නිම කිරිමට හැකි වු බව අද වෙන කොට රටේ ජනතාව හොදින් තේරුම් ගෙන තිබෙනවා. එවන් අති දුෂ්කර පරිච්ඡේදයක් නිමකොට රටේ සෑම තැනකම සාමය උදාකොට නැවතත් දකුණේ ජනතාවට හීනයක්ව පැවති උතුරට දුම්රියෙන් ගොස් නාගදිපය වැදපුදා ගැනුමේ අවස්ථාවත්, උතුරේ ජනතාවට මාතරට සීග්‍රගාමි දුම්රියෙන් ගොස් කතරගම වැද පුදා ගැනිමට අවස්ථාවත් මහින්ද ජනාධිපතිතුමා උදාකර දුන් බව බැසිල් රාජපක්ෂ පැවසිය.

අද වනවිට රටේ සමස්ථ ණය බර ඉහළ ගොස් පොලී අනුපාතය එදා තිබුණාට වඩා දෙගුණයකින් වැඩි වී ඇති අතර ගමේ කුඩා ආර්ථිකයේ සිට මහා පරිමාණ සමාගම් දක්වා මෙහි අහිතකර ප්‍රතිඵල භුක්ති විදීමට සිදු වී ඇති බැව් පැහැදිලිව පෙනෙන්නට ඇත. අද ගමේ බඩ ඉරුගු ගොවිතැන සම්පූර්ණයෙන්ම කඩා වැටිලා මෙවර වී ගොවිතැන පොහොර සහ කෘමිනාශක ගැටලු නිසා අවහිර වෙලා ගමේ සුළු වෙළෙදාම් කරන ව්‍යයාපාරිකයා සිට සුළු කර්මාන්ත කරුවාගේ පටන් නොයෙකුත් බදු, ඉදිකිරීම් කර්මාන්තය අඩාලයි. සංචාරක කර්මාන්තයට කිසිදා නොවු විරු අයුරින් බදු ගහලා. රටේ ජනතාවට දෙන සහනාධාර කප්පාදුවට ලක්කරලා. රටේ බිහිසුනු යුද්ධයක් තිබූන අවස්ථාවෙත් මෙහෙම වුනේ නැහ.

අපි රටේ සමස්ථ ණය බර දල ජාතික නිෂ්පාදනයෙන්106% තිබු ප්‍රමාණය 2014 වනවිට 71% දක්වා අඩු කලා. රටේ 21% කටත් වඩා වැඩි තිබු පොලි අනුපාතය 7% දක්වා අඩු කලා. වසර 10ක් තුලදි රටේ ඒක පුද්ගල ආදායම ඇ. ඩොලර් 2981 දක්වා වැඩි කලා පමණක් නෙවී රටේ බැලු බැලු අත සංවර්ධනය ව්‍යායපාර මෙන්ම පලමු අධිවේග මාර්ග පද්ධතිය හා නොකඩවා පැය 24 පුරා විදුලිය සපයන දකුණු ආසියාවේ එකම රට බවට ශ්‍රීලංකාව පත්කලා’ යැයි හිටපු අමාත්‍යවරයා පවසන ලදි.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
ගලබොඩ ඇත්තේ ඥානසාර හිමි ගේ කලඑළි බැසීම සහ ආණ්ඩුවේ විලි වැසීම..



වසර දහස් ගණනක පෞඩ වික්‍රමාන්විත ඉතිහාසයකට හිමිකම් කියන අප හෙළ දෙරණ සිංහලයාට ඇති එකම රටයි. ලොව එකම පරම සත්‍ය වූ නිර්මල බුදු දහමින් පෝෂිත වූ බහුතර සිංහල බෞද්ධ ජනතාවක් වෙසන මෙරට තුළ ඔබ වහන්සේගේ සියලු කාරනා විමසිලිමත්ව බැලීමේදී එය හුදෙක් සිංහලයා කොටවා ඔබගේ සහ ආණ්ඩුවේ මල්ල තරකර ගැනීමේ කුට උපායක් බව පැහැදිලිය.
අපේ හාමුදුරුවෝ නින්දෙන් ඇහැරිලා වගේ නේද. කමක් නෑ ඔබ වහන්සේ අවදි වෙලානේ.Daan ප්‍රියසාද් සහෝදරයා අත්අඩංගුවට ගත්තට පස්සෙද ඔබ වහන්සේට නින්දෙන් අවදි වන්න සිද්ද උනේ? වෙන්න බෑ ඔබ වහන්සේ නිදි වගේ පෙන්නුවා රටට..අපේ හාමුදුරුවනේ...ඔබ වහන්සේ දුටුවේ නැද්ද? ETCA ගිවිසුම ගැන, අතිශය මර්දනකාරී මාද්‍ය බාවිතය, රටට සහ මහජාතිය කෙලෙවෙන්න ගහපු බදු පනත් ගැන? රනිල් සිරිසේන දෙපළ රටට ගෙන්න සුදානම් වන සිංහලයාට කෙලවීමේ අතිශය භයානක වියවස්තා වෙනස ගැන, ආණ්ඩුවේ ඇමතිවරුන් තීරුබදු රහිත මර්සිදිස් බෙන්ස් ගෙන්වීම (රතන ඇතුළු නඩයම), ශ්‍රී පාදයේ සිදු වන්නට ගිය විනාසය ගැන, උතුරේ සහ මඩකළපුව, පිප්පිමඩුව, කොස්ගොල්ල, පුළුකුණාව, කෙවිලියාමඩුව නැගෙනහිර ප්‍රදේශයන්හි සිංහලයන්ට සිදුවන අකටයුතු කම් ගැන? අගමැට්ටාගේ මහා දවාලේ කල මහා බැංකු  මංකොල්ලයට ඔබ වහන්සේ නිහඩ ඇයි?
Daan ප්‍රියසාද් සහ අබ්දුල් රාසික් අත්අඩංගුවට ගැනීම සහ ඔබවහන්සේ නින්දෙන් ඇහැරීම තනිකරම ආණ්ඩුව අපකීර්තියට පත්වී ඇති මේ අවස්ථාවේ එය මග හරවා ගැනීමට ආණ්ඩුව එළු තවත් එක් පාට පාට පැලැස්තරයක් පමණි. ආණ්ඩුව දිනෙන් දින අපකීර්තියට පත්වන විට රටේ අබ්යන්තර ගැටුමක් එනම් සිංහල, දෙමල (අවා), මුස්ලිම් (තව්හිද් ජමාත්) වැනි සංවිදාන හරහා කෝලහාලයක් ඇති කොට ආණ්ඩුවේ මර්දනය මගින් ආණ්ඩු විරෝදින් මර්දනයකට පාර කැපීම මෙහි මුලිකම සැලසුම වී ඇත.
ආණ්ඩුවේ අපකීර්තිය වසාගැනීමට ආණ්ඩුව විකල්ප ප්‍රවේශයන් සොයමින් අදුරේ අතපත ගාන ලදී. නමුත් ඥානසාර එම විකල්පයන්ට ඔක්සිජන් ලබා දෙන්නේය. එයටම හරි යන පොලිස් පති වරයෙක්ද ඥානසාර ලැබී ඇත. රට වෙනුවෙන් තීන්දු තීරණ ගැනීමේදී අපගේ සිංහල තරුණ බවුද්ද සහෝදර සහෝදරියන් මීට වඩා සැලකිලිමත්ව බුද්දීමත්ව කාලෝචිත අයුරින් ක්‍රියාකිරීම නුවනට හුරු ක්‍රියාවක් බව මාගේ හැගීමයි. මන්ද ඥානසාර හාමුදුරුවන් යනු ආණ්ඩුව විසින් මෙහෙයවන තවත් එක් බලල අතක් පමණි. මෙය පාටලී චම්පික, මංගල සමරවීර සහ දිලන්ත විතානගේ යන තුන් කට්ටුවේ නොර්වේ සල්ලි මත දුවන තවත් එක් රාජ්‍ය නොවන සන්විදානයක් පමණි.
සිවුරට අප්රෙමාණ බලයක් තියෙනවා අපේ හාමුදුරුවනේ. ගහක් ගලක් මුලට වෙලා බණක් භාවනාවක් කර ගෙන ඉන්නත් පුළුවන්. රට ජාතිය අවධානමකට වැටෙනකොට පෙරට එන්නත් පුළුවන්. තවත් සමහරු කියනවා බණක් භාවනාවක් කරන්නත් රටක් තියෙන්න ඕනේ කියලා. ඒත් අපේ රටේ මුල් වැසියන් දෙදෙනා නපුංසකයන් දෙපලක්. ඔවුන් දෙපලගේ හැගීම් දැනීම් නහර කපල තියෙන්නේ. ඒ වගේම මල් වත්තේ මහනායක දෙපළ. ඉන්නවද නැද්ද නෑ? මීයෝ දෙන්නෙක් වගේ. දෙමළ උන පලියට ඔක්කොම කොටි නෙවේ. මුස්ලිම් උන පලියට ඔක්කොම අයි.එස්.අයි.එස්. කාරයො නෙමේ. රටට ආදරේ කොටසකුත් ඉන්නව අපෙ හාමුදුරුවනේ. රටට ජාතියට ලැදි හිමිවරු බිහිවිය යුතුය. උදා: අම්පිටියේ සුමනරතන හිමි, එදා වාරියපොළ ශ්‍රී සුමංගල හිමි, ගුණානන්ද හිමි, වැත්තාවේහිමි මේ වීර එඩිතර හිමිවරුන් රටේ ප්‍රශ්නවලදී බොහෝම එඩිතරව මුහුණදුන්නා. එදා වාරියපොළ හාමුදුරුවොත් සිංහ නාද දෙන්න ඇත්තෙ කොහොමද කියල හිතමින් පවතිනවා. ඒත් වාරියපොළ ශ්‍රී සුමංගල හාමුදුරුවොගෙයි අපේ ඥානසාර හාමුදුරුවොගෙයි වෙනසක් දකිනව. ඒ වෙනසට අපි ගරු කරනවා අපේ හාමුදුරුවනේ. ඒ ඔබ වහන්සේ පෙනී සිටින ජාති විරෝදී කදවුරේ නිසා. මන්ද ඔබ වහන්සේගේ සටන හරි හැටි තවම අපේ තරුණ තරුණියන් හදුනාගෙන නොමැති බැවින්.
 රටට ආදරය ඇති ජාතිය වෙනුවෙන් අපිවත් පෙළගස්වමින් එදිරියට එළියට වඩින ස්වාමින් වහන්සේලාගේ කාලයයි මේ දැන් එළබි තිබෙන්නේ. මොකද සිංහලයට තවත් රටක් නැත මේ ලක්දිවයින හැර.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
ජනමත විචාරණය පරදිනවාමයි මං අත්සන් කරන්නේ නෑ.. ජනපති-අගමැති අලූත් ව්‍යවස්ථා ගැටුම උපරිමයට එයි



නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්තාවක් සදහා වූ කෙටුම්පත මේ මස ඇතුලත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර පක්‍ෂ නායක හමුවේදී තීරණය වී ඇත්තේ එම කෙටුම්පත විවාදයට පමණක් ජනවාරි මුල් සතියේ දින දෙකක් හෝ තුනක් වෙන් කිරීමටයි.

එය සම්මත කිරීම සදහා වූ ඡන්ද විමසීමට පසුව දිනයක් යොදා ගැනීමටද තීරණය වී ඇත.

මේ අතර ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන විසින් අගමැතිවරයාටත් ශ‍්‍රීලනිපයේ තමනට හිතවත් මන්ත‍්‍රී පිරිසටත් දන්වා ඇත්තේ ‘මේ ව්‍යවස්ථාව ජනමත විචාරණයක් තිවුවොත් අනිවාර්යෙන්ම පරදිනවා. මහා සංඝ රත්නය අනිවාර්යෙන් මේකට විරුද්දව පාරට බහිනවා. ආණ්ඩුවත් ඊට පස්සෙ ගෙනියන්න බැරිවෙනවා’ යන අදහසයි.

නමුත් ඊට ප‍්‍රතිචාර ලෙස අගමැතිවරයා විසින් ජනාධිපතිවරයාගේ නියෝජිතයින්ට දන්වා ඇත්තේ ‘අලූත් ව්‍යවස්තාව ජනවාරි 08ට කලින් ඇති කරගත් ජාත්‍යන්තර බැදීමක්. ඒක ඉටු කරන්න අපි බැදිල ඉන්නව. ඒක නොකලොත් අපිට ඊට වඩා ප‍්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනව. ඒ නිසා මේක කරන්නම වෙනව. ජනමත විචාරණයකට ගිහින් අවදානම අරගෙන කොහෙමහරි දිනන්නම වෙනව’ ආදී වශයෙනි.

කෙසේ වෙත්ත ශ‍්‍රිලනිපයේ මෛත‍්‍රි හිතවාදී මන්ත‍්‍රී පිරිස පවසන්නේ ‘ජනමත විචාරණයකට නම් මං අත්සන් කරන්නේ නෑ. මං අත්සන් කලොත් විතරනෙ ජනමත විචාරණයක් තියන්න පුළුවන්’ යයි ජනාධිපතිවරයා තම කණ්ඩායම සමග පැවසූ බවයි.

මේ අනුව නව ව්‍යවස්ථාව සම්බන්දයෙන් රනිල්-මෛත‍්‍රී දෙපාර්ශවය අතර උද්ගත වී ඇත්තේ මතබේදාත්මක තත්වයකි.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
විග්නේෂ්වරන් උතුරට එක්සත් ජාතීන්ගේ සාම හමුදාවක් කැදවයි.





උතුරේ නිසි පාලනයක් නැති බව දක්වමින් එක්සත් ජාතින්ගේ සාම හමුදාවක් මේ රටට ගෙන ඒමේ අරමුණින් උතුරු මහ ඇමති සී වී විග්නේෂ්වරන් උතුරට ජාත්‍යන්තර මැදිහත්වීම ලබාදෙන්නැයි පොදු රාජ්‍ය මණ්ඩළ කටයුතු පිළීබඳ නියෝජ්‍ය ඇමතිනී ජොයිස් අනෙලි සාමිවරියගෙන් ඉල්ලා ඇත.එහෙත් විග්නේෂ්වරන්ගේ මෙම ඉල්ලීම කෙරේ බ්‍රිතාන්‍ය අමැතිනිය ප්‍රතිචාර දක්වා නැත.

උතුරට ජාත්‍යන්තර මැදිහත්වීමක් ලබාදෙන ලෙස කළ ඉල්ලීමට සමගාමීව උතුරේ ශ්‍රී ලංකා හමුදාව රැඳී සිටිම ගැනද විග්නේෂ්වරන් ඇයට පැමිණිළි කර ඇත.

උතුරේ මහ ඇමතිවරයා මෙම ඉල්ලීම කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ R2P නැමති ක්‍රමවේදයකට අනුවය.

මෙම ක්‍රමවේදය යටතේ රටක ජනතාව ආරක්ෂා කිරීමට රජයට නොහැකි නම් ඊට ජාත්‍යන්තරව මැදිහත් වී එක්සත් ජාතීන්ගේ සාම හමුදාවක් එවීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට බලය හිමිවේ.

උතුරේ ක්‍රියාත්මක වන ආවා ගෘප් කල්ලියේ ක්‍රියාකාරකම් වලට මුවාවි විග්නේෂ්වරන් මෙම ඉල්ලීම කර ඇත.

මෙයට පෙර කොළඹ රාජ්‍ය නොවන සංවිධානයක ක්‍රියාකාරිනියක වූ රාමා මානි එක්සත් ජාතීන්ගේ හමුදාවක් මෙරටට ගෙන ඒමට දැරූ උත්සහය ව්‍යර්ථ වූ අතර ඇයව රටින් පිටුවහල් කර තිබේ.

මේ අතර උතුරේ ආරංචි මාර්ග පැවසුවේ ආවා ගෘප් කල්ලියට සම්බන්ධ බවට සැකකර අත්අඩංගුවට ගත් 10 දෙනා අතර විග්නේෂ්වරන්ගේ දෙමළ පිබිදීම ව්‍යාපෘතියේ ක්‍රියාකාරිකයෙකුද සිටින බවයි.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
අය වැයෙන් වාහන මිල අඩු වැඩි වුණ හැටි මෙන්න බලන්න





අය වැය බදු සංශෝධනවලට අනුව රථ වාහන වර්ග කිහිපයක මිලෙහි වෙනස්කම් සිදුව ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

එහි සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා ප්‍රකාශ කළේ එන්ජින් ධාරිතාව දහස දක්වා වන පෙට්‍රල් මෝටර් රථ සඳහා ඒකක බද්ද 250කින් ඉහළ නංවා ඇති බවයි.

ඒ අනුව මරුටි වර්ගයේ මෝටර් රථයක් රුපියල් ලක්ෂ දෙකකින් පමණ ඉහළ යනු ඇත.

එච්.එස් 1800 – 2000 කාණ්ඩයට අයත් හයිබ්‍රිඩ් මෝටර් රථ සඳහා ඒකක බද්ද රුපියල් 500කින් ඉහළ නංවා  ඇති අතර ඒ හේතුවෙන් එක්සෙල් වර්ගයේ මෝටර් රථයක් රුපියල් ලක්ෂ 10කින් පමණ මිල ඉහළ යන බව ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා සඳහන් කළේය.

විද්‍යුත් මෝටර් රථ සඳහා අය කරන බදු පහළ හෙලීම හේතුවෙන් ලීෆ් වර්ගයේ මෝටර් රථයක් රුපියල් ලක්ෂ 03ත් 04ත් අතර ප්‍රමාණයකින් මිල අඩු වනු ඇත.

ද්විත්ව කාර්යය වාහන සඳහා බදු ප්‍රතිශතය පහත දමා ඇති නමුත් එවැනි වාහන සඳහා රුපියල් ලක්ෂ 45ක අවම බද්දක් හඳුන්වා දී තිබේ.

ඒ අනුව හයිඑස් වර්ගයේ වෑන්  රථයක අවම මිල රුපියල් ලක්ෂ 45ක් පමණ දක්වා අඩු වනු ඇති බව ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා ප්‍රකාශ කළේය.

ඩබල්කැබ් රථ සඳහා ද සියයට 50ක අවම බද්දක් හඳුන්වාදී තිබේ.

එන්ජින් ධාරිතාව දහසට අඩු කුඩා ලොරි රථ සඳහා අවම බද්ද රුපියල් ලක්ෂ 10ක් පමණ වෙයි.

ටොන් 05ත් 20ත් අතර ලොරි සඳහා අවුරුදු 05 කාලසිමාව  අවුරුදු 10ක් දක්වා ඉහළ නංවා තිබේ.

ත්‍රි රෝද රථ සඳහා බදු සංශෝධන හේතුවෙන් රුපියල් පනස් දහසකින් පමණ මිල ඉහළ යා හැකි බව ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා ප්‍රකාශ කළේය.

Hs Code Percentage 2017 Budget by deranapics on Scribd

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
ශ‍්‍රී ලංකා-රුසියා හොද හිත පළුදුවීමට ඉතා ආසන්නයි.. – රුසියාව ශ‍්‍රී ලංකාවට දන්වයි..



ශ‍්‍රී ලංකාව හා රුසියාව අතර ඇති හොද හිත පළුදුවීමේ ඉඩක් ඇති බව කොළඹ සිටින රුසියානු තානාපති ඇලෙක්සැන්ඩර් කේ. කරවිච් මහතා පවසයි.

ශ්‍රී ලංකා රජය විසින් ඇස්බැස්ටෝස් ආනයනය තහනම් කිරීම මීට හේතුව බවද පවසන ඔහු මේ පිළිබඳ නැවත සලකා බලන්නැයිද ඉතා උනන්දුවෙන් රජයෙන් ඉල්ලා සිටින බවද කියා සිටී.

ජනාධිපතිවරයා, අගමැතිවරයා සමගද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තම යෝජනා ඉදිරිපත් කර ඇති බවද පවසන රුසියානු තානාපතිනරයා දෙපාර්ශවයටම එකඟ විය හැකි එකඟතාවකට පැමිණීම අවශ්‍ය බවද සදහන් කරයි.

ඔහු වැඩිදුරටත් පවසන්නේ ඇස්බැස්ටෝස් ආරක්‍ෂිතව භාවිතකා කිරීම සම්බන්ධයෙන් මෙරට ජනතාව දැනුවත් කිරීමට රුසියානු විශේෂඥයින් යෙදවීමටද තම රජය සූදානම් බවයි.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
මාමාගෙන් බෑනාට තෑග්ගක්.. කෝටි ගාණනක අති සුඛෝපභෝගි රථයක් බදු නෙගෙවා රටට ගෙනේ



රටේ ඉහළම අමාත්‍යංශයක් යටතේ රුපියල් 54,322,739 වටිනාකමකින් යුත් ලෙක්සස් LS460 (2016) වර්ගයේ අති නවීන මෝටර් රථයක් පසුගිය 8 වනදා ශ්‍රී ලංකා රේගුව හරහා නිදහස් කොට ඇත.

මෙම අති සුඛෝපභෝගී වාහනය සඳහා කිසිඳු බදු මුදලක් ගෙවා නොමැති අතර රේගුවට සම්පූර්ණ ගෙවා ඇති මුදල රුපියල් 1750/- කි.

මෙම අමාත්‍යාංශයේ රටේ ඉහළ පවුලකට සම්බන්ධ බෑන කෙනකු දේශපාලන පත්විමක් ලැබ සේවය කරයි.

එහෙත් ඊයේ අයවැය මගින් පුංචිම පුද්ගලයා පාවිච්චි කරන මෝටර් බයිසිකලය සඳහාද තවත් රුපියල් හතළිස් දහසක් පමණ අමතර බදු මුදලක් මෙන්ම කුඩා කාර් සඳහා ලක්ෂ 2 සිට හතර දක්වා අමතර බදු මුදලක් ද අයකර ඇත.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
අයවැයේ ටැබ් යෝජනාව කොල්ලූපිටියේ විශාකා අතින් සුන් වෙයි.. හිරු බලයේ ආචාර්ය හර්ෂ කොල ගෙනත් නෑ කියා පුටුව යටත් හොයයි..



2017 වසර සදහා යූ අයවැය යෝජනාවලිය ඉදිරිපත් කිරීමෙන් පසු පැවති පළමු රූපවාහිනී විවාදය වූ හිරු රූපවාහිනියේ බලය විවාදයේදී ආණ්ඩුව වෙනුවෙන් පැමිණ සිටි නියෝජ්‍ය ඇමති හර්ෂද සිල්වාට කොල්ලූපිටියේ විශාකා නම් නරඹන්නියක් විසින් යොමු කරනු ලැබූ ප‍්‍රශ්ණයක් නිවා බලවත් අසීරුතාවයට පත් විය.

ඇය විමසා සිටියේ පාසැල් ලමුන්ට ටැබ් පරිඝණක දෙන බව කියමින් අන්තර්ජාල ගාස්තුවලට 25%ක බද්දක් පනවන්නේ කුමන හේතුවක් නිසාද යන්නයි.

ටැබ් ලබා දීමට පෙර පාසැල් පද්දතියේ සිදු කල යුතු අනේකවිධ අඩුපාඩුද ඇය පෙන්වා දුන්නේ ටැබ් පරිඝනකය යනු අධ්‍යාපනය ලැබීමේදී අත්‍යවශ්‍ය භාණ්ඩයක් නොවන බව ඉතා සුගම ලෙස කියා සිටියාය.

නියෝජ්‍ය ඇමතිවරයා එම නිශ්චිත ප‍්‍රශ්ණයට නිශ්චිත පිලිතුරක් ලබා නොදුන් අතර මෙවර අයවැයේ ආණ්ඩුව පාර්ශ්වයේ ජනප‍්‍රයිම යෝජනාව වූ පාසැල් සිසුන්ට ටැබ් ලබා දීම කොල්ලූපිටියේ විශාකාවන් අතින් බිදී ගියේ මෙසේය.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
ආණ්ඩුවේ මන්ත්‍රීන්ට ලක්ෂ 5ක මාසික කුලියට වාහන.. උත්තර නැතිව මාධ්‍ය ප‍්‍රකාශක ගොලූවෙයි



ප්‍රාදේශීය සංවර්ධන කමිටුවල සභාපතිත්වය දරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මාසිකව රුපියල් ලක්ෂ 5 ක කුලී පදනම මත ලබාගත් වාහනය බැගින් සැපයීමට ආණ්ඩුව තීරණය කර ඇත.

දැනට අදාළ මන්ත්‍රීවරුන්ට ප්‍රවාහන දීමනාව ලෙස ගෙවනු ලබන මුදල රුපියල් ලක්ෂ දෙකකි.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක පෙන්වා දුන්නේ ප්‍රාදේශීය සංවර්ධන වැඩකටයුතු වෙනුවෙන් පසුගිය පාලනය ක්‍රියා කළ ආකාරයට ම මෙසේ වාහන සැපයීමට ආණ්ඩුව තීරණය කළ බවය.

ඔහු සඳහන් කළ පරිදි මෙලෙස වාහන සැපයෙන්නේ කිසිදු අමාත්‍ය ධුරයක් නොදරන මන්ත්‍රීවරුන්ට ය.

මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත වාහන බලපත්‍ර දී තිබියදී රුපියල් ලක්ෂ 5 ක කුලියට වාහන සපයන්නේ මන්දැයි කළ විමසීමට ඇමතිවරයාගෙන් නිසි පිළිතුරු නොලැබිණි.

මෙහිදී අදහස් දැක්වූ රාජිත සේනාරත්න අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ මන්ත්‍රීවරුන්ට අනෙකුත් රටවල මෙන් වරප්‍රසාද රැසක් හිමි නොවන බව කියා සිටියේය.

ආබාධිත සෙබළෙකුට පවා වසර 12ක සේවා කාලය සම්පූර්ණ නොවීම හේතුවෙන් මීට පෙර නිසි විශ්‍රාම වැටුපකට හිමිකම් කිව නොහැකි වූ පසුබිමක් තුළ මන්ත්‍රීවරුන්ට පමණක් වසර 5න් විශ්‍රාම වැටුපක් හිමිවන බව පෙන්වාදුන් විට ඇමතිවරයාගේ පිළිතුර වූයේ ආබාධිත සෙබළුන්ගේ වැටුප හා සැසඳීමේදී මන්ත්‍රී විශ්‍රාම වැටුප ඉතා අඩු බවය.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
‘යහපාලන ටොප් ටෙන් හොරු’ නම් කෙරේ.. මුල් තැන අගමැති දෙවැනියා මුදල් ඇමති.. මංකොල්ලය බිලියන 40යි.



යහපාලන ආණ්ඩුවේ ‘ටොප් ටෙන් හොරු’ සම්බන්ධයෙන් අල්ලස් හෝ දුෂණ විමර්ෂණ කොමිෂන් සභාවට හා රහස් පොලීසියට පැමිණිලි කරන බව එක්බද්ද විපක්‍සය පවසයි.

අද කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් එහි නියෝජිතයෝ මේ බව කියා සිටියහ.

අගමැති රනිල් වික‍්‍රමසිංහ හා මුදල් ඇමති රවි කරුණානායක මෙම ලයිස්තුවේ මුලින්ම සිටිනා බවද ඔවුහු කියා සිටියහ.

මෙම ‘ටොප් ටෙන් හොරු’ විසින් වසරක කාලයක් තුලදී රුපියල් බිලියන 40කට ආසන්න මහජන මුදලක් මංකොල්ල කා ඇතැයිද ඔවුන් පෙන්වා දුන්හ.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
දත් දොස්තරල රාජිතයාගේ වලත්ත මස්සිනාගේ පැටිකිරිය මෙන්න


ශ්‍රි ලංකා ආයුර්වේද සංස්ථාවේ නිත්‍යානුකූල නොවන මුදල් පරිහරණයට සහ අවභාවිතයට නතු නොවන සහකාර සාමාන්‍යාධිකාරි (මුදල්) මහත්මියට සභාපතිගේ සහ කළමනාකර අධ්‍යක්ෂක ගේ මෙහෙයවීමෙන් ආයතන පරිශ්‍රය තුලදීම මැර තර්ජන එල්ල කිරිම නිසා සේවකයන් විසින් පන්නා දැමු රාජිතට අවනත වන ඇමතිවරුන්ට ආතල් ලබාදිමේ සුපිරි සම්භාහන මධ්‍යස්ථාන පවත්වාගෙන යන රාජිතගේ මස්සිනා වන ශ්‍රි ලංකා ආයුර්වේද සංස්ථාවේ සභාපති ලාල් සමරසිංහ සහ කළමනාකාර අධ්‍යක්ෂ රුවන් ලංකේෂවර සහ ළමනාකාර අධ්‍යක්ෂවරයාගේ දූෂිත සහ අදූරදර්ශී ක්‍රියා පටිපාටිය සම්බන්ධයෙන් සම්පූර්ණ අනාවරණයක් පහත දැක්වේ.

ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපතිවරයාගේ හා කළමනාකාර අධ්‍යක්ෂවරයාගේ දූෂිත සහ අදූරදර්ශී ක්‍රියා බොහොමයක් ඵහි සේවක සංගම් විසින් හෙළිදරව් කර සිටියි. 2016.08.10 දින ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව COPE කමිටුව හමුවට කැදවන ලදි. එහිදී ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපතිවරයාගේ හා කළමනාකාර අධ්‍යක්ෂවරයාගේ දූෂිත සහ අදූරදර්ශී ක්‍රියා බොහොමයක් විමසුමට ලක් වූහ. එසේම සංස්ථාවේ වර්තමාන තත්වය අපි මෙසේ හෙළිදරව්කර සිටිමු. දුෂීත සහ තක්කඩි සභාපතිවරයාගේ ක්‍රියාවන් පරාජයකර ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව බේරාගැනීමට පෙළගැසෙන අපි ජනතාවගෙන් ඉල්ලා සිටිමු.

රජයේ චක්‍ර ලේඛණ නොසකා හැරීම/ යහපත් අභ්‍යන්තර පාලන නීති වෙනස් කිරීම

රජයේ චක්‍ර ලේඛණ උල්ලංඝනය කොට කළමනාකාර අධ්‍යක්ෂවරයා විසින් මසකට රුපියල් 70000/- ක ප්‍රවාහන දීමනාවක් ලබා ගැනීම. ඊට අමතරව ඔහු හට,

සංස්ථාවෙන් රියදුරකු ලබා දෙයි (අතිකාල හා අනෙකුත් දීමනා සහිතව).

සංස්ථාවෙන් ඉන්ධන ලබාදෙයි.

මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ 2015. මැයි මස 25 දිනැති පීඊඩි1/2015 අංක දරන ව්‍යාපාර චක්‍රලේඛයේ 3.3 වගන්තිය අනුව නිල වාහනයක් හිමි නිළධාරියකු හට එම නිළ වාහනය පාවිච්චි කිරීම හෝ නිළ වාහනය වෙනුවට රුපියල් 30000/- ක මාසික ප්‍රවාහන දීමනාවක් සහ තනතුරට අදාළ ඉන්ධන දීමනාව ලබා ගැනීම යන විකල්ප දෙකෙන් එකක් තෝරාගත හැක. නමුත් ප්‍රවාහන දීමනාව ලබා ගන්නා නිළධාරින් හට රියදුරකු හෝ රියදුරු දීමනාවක් ලබාදිය නොහැක. එමෙන්ම සංචිත වාහන හෝ වෙනත් කාර්යාලීය වාහනයක් භාවිතා කිරීමට හිමිකමක් නොමැත. එවැනි පැහැදිළි නීති රාමුවක් තිබියදී කළමනාකාර අධ්‍යක්ෂවරයා විසින් බලහත්කාරය යොදවා රාජ්‍ය මුදල් අවභාවිතා කරයි. .

කළමනාකාර අධ්‍යක්ෂවරයාගේ ක්‍රමවේදයට අනුව ප්‍රවාහන දීමනාව ගෙවීම ප්‍රතික්ෂේප කළවිට සභාපතිවරයා හා කළමනාකාර අධ්‍යක්ෂවරයා යන දෙදෙනාම මුදල් අංශයේ නිළධාරින් හට තර්ජනය කරනු ලබයි.

රියදුරාගේ වැටුප්, අතිකාල හා වෙනත් දීමනා කළමනාකාර අධ්‍යක්ෂවරයා විසින් ලබා ගනී.

රජයේ චක්‍ර ලේඛණ උල්ලංඝනය කොට සහකාර සාමාන්‍යාධිකාරි (අළෙවි) වරිය හට මසකට රුපියල් 50000/- ක් බැගින් ප්‍රවාහන දීමනාවක් ගෙවීම.

සභාපතිවරයාට හා කළමනාකාර අධ්‍යක්ෂවරයාට හිතේ හැටියට වියදම් කළ හැකිවන පරිදි යැපීම් හා නවාතැන් දීමනාව සම්බන්ධයෙන් පෙර පැවති චක්‍ර ලේඛණය සංශෝධනය කරවා ගන්නා ලදි. නව ක්‍රමයට අනුව බිල්පත් ඉදිරිපත් කොට ඔනෑම වියදමක් පියවිය හැකිය.

රජයේ චක්‍ර ලේඛණ උල්ලංඝනය කරමින් සභාපතිවරයා විසින් නීති විරෝධී ලෙස ඩීසල් හා පෙට්‍රල් වාහන දෙකක් භාවිතා කරයි.

කළමනාකාර අධ්‍යක්ෂ රුවන් ලංකේෂ්වර සංස්ථාවේ සේවයට පැමිණියේ 2015 මාර්තු අග සිටය. නමුත් ඔහු 2015 පෙබරවාරි සහ මාර්තු යන මාස දෙක සදහාද නීති විරෝධී ලෙස වැටුප් ලබා ගෙන ඇත..

කළමනාකාර අධ්‍යක්ෂ රුවන් ලංකේෂ්වර වැටුප් හා දීමනා ලබමින් සංස්ථාවේ සේවය කරන අතරතුර 2015 වර්ෂයේ යම් කාලයක් පාරිභෝගික සේවා අධිකාරියේද තනතුරක් දරමින් නීති විරෝධී ලෙස ආයතන දෙකෙන්ම වැටුප් හා දීමනා ලබා ගෙන ඇත.

මුදල් කළමනාකරුගේ විරෝධතාවය නොසලකා රුපියල් ලක්ෂ 3.5 කට ආසන්න මුදලක් නීති විරෝධී ලෙස සංස්ථාවෙන් වැයකොට කොරියාවේ පැවති සම්මේලනයකට ජාතික සේවක සංගමයේ සාමාජිකාවක් ලෙස නිරෝෂා ලක්මිණී ඊට සහභාගී කරවීම.

අවිධිමත් බදවා ගැනීම් හා උසස් කිරීම්

බදවා ගැනීමේ පටිපාටිය උල්ලංඝණය කරමින් හිතුවක්කාර ලෙස සභාපතිවරයා විසින් සිවිල් ඉංජිනේරුවරයකු බදවා ගැනීම.

ඔහු හට මාස 07ක සේවය වෙනුවෙන් රුපියල් 555,000.00 ක වැටුපක් ගෙවීම.

මසකට රුපියල් 5000 ක ප්‍රවාහන දීමනාවක් ලබාදී ප්‍රවාහන පහසුකම් ද ලබාදීම.

නොමිළේ නවාතැන් පහසුකම් ලබාදීම.

බදවා ගැනීමේ පටිපාටිය උල්ලංඝණය කරමින් සහකාර සාමාන්‍යාධිකාරි (අළෙවි) වරියක බදවා ගැනීම.

කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් තොරව අනුමත බදවා ගැනීමේ පටිපාටියේ සදහන් සුදුසුකම් හා පළපුරුද්ද සභාපතිවරයා විසින් හිතුමතේට වෙනස් කොට ඇය බදවා ගැනීම.

සම්මුඛ පරික්ෂණ මණ්ඩලයට කළමනාකරණ දෙපාර්තමේන්තුවේ නියෝජිතවරයකු ඇතුළත් නොකිරීම.

සම්මුඛ පරික්ෂණ මණ්ඩලය අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නොව සභාපතිවරයා විසින් පත්කිරීම.

රජයේ චක්‍ර ලේඛණ උල්ලංඝනය කරමින් ඇය හට ප්‍රවාහන දීමනා ගෙවීම.

සුදුසුකම් හා පළපුරුද්ද ඇති නිළධාරියෙකු අභයන්තරයේ සිටියදී බදවා ගැනීමේ පටිපාටියට අනුව පැවතිය යුතු සුදුසුකම් හා පළපුරුද්ද නැති තැනැත්තියක් තත්වපාලන කළමනාකරු ලෙස බාහිරින් බදවා ගැනීම.

වෘත්තීය සමිති විරෝධතාවය නොතකා 2015 වර්ෂය තුළ පමණක් සේවකයින් 42 ක් අනුමත සේවක සංඛ්‍යාව ඉක්මවා කොන්ත්‍රාත් පදනම මත බදවා ගැනීම. එම තනතුරු වලට බදවා ගැනීමේදී ,

ප්‍රසිද්ධ දැන්වීම් පළ කොට අයදුම් පත් කැදවූයේ නැත.

ව්‍යුහගත සම්මුඛ පරික්ෂණ පැවැත්වූවේ නැත.

රජයේ චක්‍ර ලේඛණ උල්ලංඝනය කරමින් එම සියළු දෙනාටම සියළුම දීමනා ගෙවනු ලබයි.

කොන්ත්‍රාත් පදනම මත ආරක්ෂක නියාමකයින් 12 කු බදවා ගැනීම.

ඉන් දෙදෙනකු වයස අවුරුදු 55 ඉක්ම වූ අය වූ අතර,

05 දෙදෙනෙකු හට සංස්ථාවෙන් වැටුප් ගෙවා අමාත්‍යාංශය වෙත මුදා හැරීම. රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛ අංක පීඊ ඩී/12 ප්‍රකාරව කැබිනට් මණ්ඩලයේ අනුමැතියක් නොමැතිව ආයතනයේ සේවයේ නියුතු සේවකයින් අමාත්‍යාංශයට හෝ අනෙකුත් ආයතන වලට මුදා හැරීම කළ නොකැක.

කළමනාකරණ සහකාර තනතුරට අදාළ බදවා ගැනීමේ පටිපාටිය අනුව පැවතිය යුතු සුදුසුකම් නොතිබුණු තරුණියක් සභාපතිවරයා විසින් එම තනතුරට බදවා ගැනීම.

මුදල් අමාත්‍යාංශයේ කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් අනුමත කළ සේවක සංඛ්‍යාවේ සම්බන්ධීකරණ නිළධාරි තනතුර නොතිබියදී අධ්‍යක්ෂ මණ්ඩල භාණ්ඩාගාර නියෝජිතවරයාගේ සහ අමාත්‍යාංශයේ නියෝජිතවරියගේ අනුමැතියකින් තොරව ව්‍යාපෘති සම්බන්ධීකරණ නිළධාරින් 06 දෙනෙකු පත්කොට විෂය භාර ඇමති තුමාගේ විවිධ කාර්යන් සදහා යොදවා ඇත. තවද එක් අයකුට මසකට රුපියල් 20000/- බැගින් ගෙවීම.

සම්මුඛ පරික්ෂණ විනිවිදභාවයකින් සිදු නොවීම.

මෙතුවක් කල් සම්මුඛ පරික්ෂණ සිදු වූයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නම් කරනු ලබන සම්මුඛ පරික්ෂණ මණ්ඩලයක් විසිනි.

ඊට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ සාමාජිකයෙක්, රේඛීය අමාත්‍යාංශයේ සාමාජිකයෙක්, සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයක් අයත් විය.

එය නිවැරදි ක්‍රමවේදය වේ. එහෙත්, මොවුන් දෙදෙනා පැමිණී පසු එවන් ව්‍යුහයක් සහිත සම්මුඛ පරික්ෂණ මණ්ඩලයක් හරහා බදවා ගැනීම් සිදු නොකරයි.

ඇතැම්විට ලිපිකරුවන් හෝ කම්කරුවන් බදවා ගන්නා විට සම්මුඛ පරික්ෂණයක් තිබෙන බව සාමාන්‍යාධිකාරිවරයා ද නොදනි. සම්මුඛ පරික්ෂණයට පිරිස පැමිණි පසු ඔහුට දැනුම් දෙයි.

පසුගිය දින වල ප්‍රධාන වෛද්‍ය නිළධාරි තනතුර සදහා බාහිරින් බදවා ගැනීමට අයදුම්පත් කැදවනු ලැබීය. ඊට හේතු වූයේ ඖෂධ වල ගුණය අඩුකොට හෝ කඩිනමින් නිෂ්පාදනය ලබාදිය යුතු බවට ඔහු කළ බල කිරීමට වෛද්‍යවරු විරුද්ධ වූ නිසාය.

අධ්‍යක්ෂ මණ්ඩලයේ හා ටෙන්ඩර් මණ්ඩලයේ සාමාජික දඩයම සහ නිළධාරින් පාලනයට මැරයින් යෙදවීම

සභාපතිගේ නිත්‍යානුකූල තීරන වලට එකඟ නොවන නීතිගරුක අධ්‍යක්ෂ මණ්ඩල සහ ටෙන්ඩර් මණ්ඩල සාමාජිකයින් ඇමතිවරයා නොමග යවා ඉවත් කරවීම සහ තැත් කිරීම.

අධ්‍යක්ෂ මණ්ඩල සාමජික, භාණ්ඩාගාර නියෝජිත ආර්. රුශාන්තන් මහතා (ඔහු ඉවත් කිරීමට උත්සහ ගත්ත ද රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව එම ඉල්ලීම නොසලකා හරින ලදි),

අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකා දේශීය වෛද්‍ය අංශයේ සැළසුම් අධ්‍යක්ෂක මහත්මිය,

ටෙන්ඩර් මණ්ඩල සාමාජික දේශීය වෛද්‍ය අංශයේ සැළසුම් අධ්‍යක්ෂ උපුල් වීරවර්ධන මහතා,

යන අය ඉවත් කරවීම මීට ඇති හොදම නිදසුන්ය.

සභාපතිවරයාගේ හා කළමනාකාර අධ්‍යක්ෂවරයාගේ අයුතු යෝජනාවලට එකඟ නොවන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් හට හිතවත් සේවකයින් යොදවා තර්ජනය කිරීම.

ඔවුනගේ ආත්මගරුත්වය විනාශ වන ආකාරයට සුළු සේවක පිරිස් ඉදිරියේ බැන වැදීම.

විවේචනය කිරීම, අසත්‍ය පැතිරවීම සහ අපහසුතාවයට පත්වන අයුරින් “ හූ ”කීමට සැලැස්වීම.

(මේ සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩල සාමජික,භාණ්ඩාගාර නියෝජිත රුශාන්තන් මහතා මහරගම පොලීසියේ පැමිණිල්ලක් ද දමා ඇත. -පැමිණිළි අංකය – CB II 396/134 )

සභාපතිවරයාගේ හා කළමනාකාර අධ්‍යක්ෂවරයාගේ අයුතු යෝජනාවලට එකඟ නොවූ තැන මැරයන් යොදා සහකාර සාමාන්‍යාධිකාරි (මූල්‍ය) හට කාර්යාලය තුළදී තර්ජනය කරවීම.

(මේ සම්බන්ධයෙන් ඇය මහරගම පොලීසියේ පැමිණිල්ලක් ද දමා ඇත. – පැමිණිළි අංකය – CB II 294/366)

ප්‍රසම්පාදන නීති උල්ලංඝනය කිරීම/ බලපෑම් කිරීම

විෂයානුගත නිළධාරින් විධිමත් ටෙන්ඩර් ක්‍රියාවලි අනුගමනය කොට කටයුතු කරන විට එය නුරුස්නා සභාපතිවරයා හා කළමනාකාර අධ්‍යක්ෂවරයා එම නිළධරියා හෝ නිළධාරිණිය පසෙකලා අවිධිමත් ආකාරයට ටෙන්ඩර් කටයුතු වෙනත් අයගෙන් කරවා ගනු ලබයි.

ටෙන්ඩර් ක්‍රියාවලිය අනුගමනය නොකොට සභාපතිවරයාගේ පුද්ගලික කැමැත්ත මත රුපියල් ලක්ෂ 5.5 ක් වැයකොට ආයතනකින් ප්‍රදර්ශන කුටියක් සාදා ගැනීම.

සභාපතිවරයා හා කළමනාකාර අධ්‍යක්ෂවරයා විසින් නම් ලබා දෙන ආයතන වල පිරිවිතර වලට අනුව භාණ්ඩ හෝ සේවා සදහා වන පිරිවිතර සකස් කර දෙන මෙන් කළමනාකරුවන්ට බලපෑම් කරයි.මෙය වූ කලී තාක්ෂණික අයුරින් ටෙන්ඩර් ක්‍රියාවලිය උල්ලංඝනය කිරීමකි. එසේ කර නොදෙන කළමනාකරුවන්ට බැනවදි. අපහාස කරයි. වැඩ බැරි අය ලෙස හුවා දක්වා නවකයින් පිටතින් බදවා ගැනීමට කටයුතු කරයි.

විෂය දැනුමක් නොමැති පුද්ගලයින් තාක්ෂණික කමිටු වලට පත් කරවා සභාපතිට අවශ්‍ය ආකාරයට වාර්තා සකස් කරවා ගැනීම.

ඇතැම් තාක්ෂණික වාර්තා සභාපතිවරයා විසින් සකස් කොට අත්සන් සදහා තාක්ෂණික කමිටු සාමාජිකයින් වෙත යොමුකොට බලහත්කාරය යෙදවීම.

සභාපතිවරයාට සංතෝෂම් ලබා දෙන ආයතනයට ටෙන්ඩරය ලෙබෙන තෙක් නැවත නැවත මිල ගණන් කැදවීම.

මිල ගණන් කැදවිය යුතු ආයතන වල නම් සභාපතිවරයා විසින්ම ලබාදීම.

සභාපතිවරයාට සංතෝෂම් දෙන ආයතනයක් විසින් ම විවිධ ආකාරයට සකස් කළ මිල ලේඛණ තුනක් හෝ කිහිපයක් ඉදිරිපත් කිරීම හෝ සභාපතිවරයා විසින් සැපයුම් අංශයට භාර දීම.

එක්වර ටෙන්ඩර් නොකැදවා සභාපතිවරයාට සංතෝෂම් දෙන ආයතන වලින් මිල ගණන් තුනක් කැදවා සභාපතිගේ මූල්‍ය සීමාව තුළ භාණ්ඩ හෝ සේවා සපයා ගැනීමට කටයුතු කිරීම.

ගාල්ල රත්ගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුගෙන් එකම රත් හදුන් ගසේ කොටසක් කිලෝ එකක් රුපියල් 800/- බැගින් ද අනෙක් කොටස කිලෝ එකක් රුපියල් 900/- බැගින්ද මිලදී ගෙන සංස්ථාවට රුපියල් 80000/- ක් වංචා කිරීම.

තම සැපයුම්කරුවන්ගෙන් සීනි මිලදී ගන්නා ලෙස සභපතිවරයා විසින් ප්‍රසම්පාදන අධීක්ෂණ නිළධාරියා හට බලපෑම් කිරීම, එසේ නොකරන්නේ නම් සේවයෙන් ඉවත් කරන බවට තර්ජනය කිරීම.(අවාසනාවක මහත, සභාපතිවරයාගෙන් ගැලවිය නොහැකි නිසා මේ වන විට ප්‍රසම්පාදන අධීක්ෂණ නිළධාරියා ඔහු මේ වන විට සේවය අතහැර ගොස්
ඇත)

සංස්ථාවට ජෙනරේටයක් මිලදී ගැනීම සදහා මිල ගණන් කැදවනු ලැබීය. ටෙන්ඩරය විවෘත කොට තාක්ෂණික කමිටු වාර්තාව ලබාදීමෙන් පසු Browns ආයතනයෙන් මිලදී ගැනීමට හැකිවන පරිදි තාක්ෂණීක වාර්තාව සකස් කරන ලෙස කමිටු සභාපති ලෙස ක්‍රියා කළ මධ්‍යම ඉංජිනේරු කාර්යාංශයේ ඉංජිනේරුවරියට බලපෑම් කරන ලදි. ඇයට කොන්දක් තිබූ නිසා එයට එකඟ නොවිණ. ඔහු යෝජනා කරන ආයතනයේ මිල ගණන් එවා තිබූ මිල ගණන් අතුරින් වැඩිම මිල එවු ආයතනය බව කිව යුතුය.

ඖෂධ ආනයනය ඔහු විසින් දිගින් දිගටම වලක්වාලයි. ඊට ප්‍රධාන හේතුව වන්නේ ඔහු විසින් සකස් කළ ලැයිස්තුවකට අනුව ආනයනික ඖෂධ සපයන දේශීය ආයතන වලින් මිලදී ගැනීමට පොලඹවා ඒ ආයතන වලින් මුදල් ගරා ගැනීමය.

වාහන පාක් එකක් ඉදිකොට රුපියල් ලක්ෂ 40 ක් වියදම් කිරීමට තැත් කිරීම. මීට අදාළව මිල ගණන් කැදවන ලද්දේ සභාපතිවරයා විසින් ලබාදුන් ලැයිස්තුවකට අනුවය. සේවක විරෝධතාවය මත දැනට එය අත්හිටුවා ඇත.

ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව සංස්ථාවේ ඇසුරුම් අංශය නවීකරණය කිරීම. මෙය සිදු කරන ලද්දේ සංස්ථාවේ සැපයුම් අංශය විසින් නොව සභාපතිගේ බලපෑම් මත පෙර කී සිවිල් ඉංජිනේරුවා විසිනි.

ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව සංස්ථාවේ කාර්යාල ගොඩනැඟිල්ලේ වහලය නවීකරණය කිරීම.

ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව යාපනය නඟරයේ සංස්ථා අළෙවි මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම.

ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව බොරැල්ල ආයුර්වේද රෝහල් පරිශ්‍රයේ සංස්ථාවේ අළෙවි සැලක් ස්ථාපිත කිරීම.

ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව නව නිෂ්පාදනාගාරය ඇතුළත පාටිෂන් කිරීම.

WP-KG-5684 දරණ සභාපතිවරයාගේ වාහනය පින්තාරු කිරීමට යයි පවසා රුපියල් 150,000/- ක් සභාපතිවරයා විසින් සංස්ථාවෙන් ලබා ගැනීම.(මේ පිළීබද තොරතුරු සංස්ථාවේ ප්‍රවාහන අංශයේ ඇත.)

නාවින්න පතිරගොඩ කර්මාන්තශාලාවේ භූමියේ තිබූ ගසක් කපා ඉවත් කිරීමට රුපියල් 145,000/- ක් වැය කිරීම.

NC 4353 වෑන් රථය විනිවිදභාවයකින් යුතුව මිලදී නොගැනීම. තව ද මෙහි ඇති දෝෂය වන්නේ එම වෑන් රථය ආසන 15 කින් යුත් මඟී ප්‍රවාහන එකකි. නමුත් මිලදී ගත් දින සිට ආසන ගලවා ඉවත දමා භාවිතා කරනු ලබන්නේ ජංගම අළෙවිය සදහාය.මෙය මුදල් කාබාසිනියා කිරීමකි. මන්ද ජංගම අළෙවි කටයුතු සදහා වන පිරිවිතර යටතේ වාහනයක් මිලදී ගත්තේ නම් මීට වඩා අඩු මිලකට මිලදී ගැනීමට හැකියාව තිබිණ.

නව නිෂ්පාදන හා ඇසුරුම් ප්‍රෝඩාව

“ඉසිවර ඔසු” නමින් 2015 මැයි මස 29 දින ඇමතිවරයාගේ උපන් දිනයට සමගාමීව බණ්ඩාරනායක අනුෂ්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ වංචාකාරි උත්සවයක් පැවැත්වීම. මේ සදහා රුපියල් 1,512,190.00 ක් වියදම් වී ඇත. එහිදී,

නව නිෂ්පාදන 10 ක් එහිදී කලඑළි දැක්වූ බව පැවසුවත් සත්‍ය ලෙසම කලඑළි දැක්වූයේ ජීවාලේප බාම් නමින් එක් නව නිෂ්පාදනයක් පමණි.

අනෙක් සියල්ලම ලේබල් හා පෙට්ටි වෙනස් කළ වසර 15 කට වඩා වැඩි කාලයක සිට නිෂ්පාදනය කරනු බලන ඒවාය.

තව ද නව ලේබල් සහ පෙට්ටි ප්‍රෝඩාව නිසා මේ වන විට පැරණි ලේබල් සහ පෙට්ටි විශාල සංඛ්‍යාවක් ගබඩාවල ඉතිරිව ඇත.

විකුණාගත නොහැකිව ජීවාලේප බාම් ඇතුළු තවත් නිෂ්පාදන විශාල ප්‍රමාණයක් වර්තමානය වන විට ගබඩාවල ඉතිරිව ඇත.

පර්යේෂණ මට්ටමේ පැවති නව නිෂ්පාදන පර්යේෂණ අවසන් වීමට ප්‍රථම බලහත්කාරය යොදවා සභාපතිවරයා විසින් ඇමතිවරයාගේ උපන් දින දෙකකට සමගාමීව වෙළද පොලට හදුන්වා දීම. මෙහි ඇති ගැටළුව වන්නේ,

හදුන්වා දුන් එම නිෂ්පාදන සදහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුවේ අනුමැතියකින් තොරව නිෂ්පාදනය කිරීම.

රාක්ක ජීවිත කාලය (Expiry Date) පිළිබද පර්යේෂණ නොකර අනුමාන දින යොදා වෙළදපොලට නිකුත් කිරීම

2016 මැයි මස 10 දින වෝටර්ස් එජ් හෝටලයේ නව නිෂ්පාදන හදුන්වා දීමේ උත්සවයක් නැවත පැවැත්විණ. එම උත්සවය ද ඇමතිවරයාගේ උපන්දිනය වන මැයි මස 29 දින පැවැත්වීමට සභාපතිවරයා විසින් සැළසුම් කළත් සේවක කසුකුසුව මත එය මැයි මස 10 දින පැවත්වීය.

එහි දී ආහාරපාන සදහා රුපියල් 325,500.00 ක් වියදම් කළේය.

2015 මැයි මස 29 දින බණ්ඩාරනායක අනුෂ්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී ඉදිරිපත් කළ නිෂ්පාදනම නව නිෂ්පාදන යයි කියමින් එදින ද ඉදිරිපත් කෙරිණ.

කෝමාරිකා බීම සහ නෙල්ලි බීම සාම්පල් දෙකක් බලහත්කාරය යොදවා නිෂ්පාදනය කරවා එදින ප්‍රදර්ශනය කළේය. නමුදු අදට ද එවැන්නක් නිෂ්පාදනය නොවන්නේය.

සංස්ථාව පිහිටුවීමේ ප්‍රධාන අරමුණු වලින් බැහැරව සභාපතිවරයා හා කළමනාකාර අධ්‍යක්ෂවරයා මෙම සංස්ථාව රූපලාවන්‍ය නිෂ්පාදන හා බීම නිෂ්පාදනාගාරයක් බවට පත්කරමින් සිටී. 80% ක් රසායන ද්‍රව්‍ය යොදා නිෂ්පාදනය කරන මෙම රූපලාවන්‍ය නිෂ්පාදන “කිසිදු රසායන ද්‍රව්‍යක් අඩංගු නොවේ” යන තේමා පාඨය යටතේ පාරම්පරික බෙහෙත් අතරටම දමා විකුණනු ලබයි. මෙය රාජ්‍ය ආයතනයක් විසින් නොකළ යුතු දෙයකි. පාරිභෝගික ජනතාව මුලා කිරීමකි. සංස්ථාව නව ඉසව්වකට යා යුතුය. ඊට අපේ විරුද්ධත්වයක් නොමැත. එහෙත් පවතින වෙලදපොල ආරක්ෂා කරගනිමින් ඉන් ඔබ්බට යා යුතුය. පැරණි නිෂ්පාදන වලට ප්‍රමුඛතාවය නොදි ආප්ප හදන්නක් මෙන් නව නිෂ්පාදන සාදා වෙළදපොලට ඉදිරිපත් කළ නොහැක.මෙතෙක් හදුන්වා දුන් කිසිවකට සායනික පරික්ෂණ නොමැත. අඩුම තරමින් පාරිභෝගිකයින්ගෙන් අදහසක්වත් ගෙන නොමැත.

අළෙවි සමීක්ෂණයකින් තොරව නව නිෂ්පාදන වෙලද පොලට හදුන්වා දීම. ඒ හේතුවෙන් සංස්ථාවේ නිෂ්පාදන වෙළදපොල තුළ හුදෙකලා වී ඇත. වෙළදපොල සමික්ෂණයකින් තොරව නිෂ්පාදන වෙලදපොලට හදුන්වා දීම උචිත නොවන බව කළමනාකරුවන් විසින් මොවුන් දෙදෙනාට කොතෙක් කරුණු පැහැදිළි කළ ද ඒ කිසිවකට ඇහුම්කන් නොදී කටයුතු කරන ලදි. තව ද ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයෙන් අලෙවි සමීක්ෂණයක් කරවා ගැනීමට මිල ගණන් ද කැදවා තිබූ අතර සභාපති විසින් එය අවලංගු කොට ඔහුට හිතැති ආයතනයකින් කරවා ගැනීමට කැසකවන ලදි.

නව අළෙවිසැල් ප්‍රෝඩාව

ලාභ ලබමින් පැවති පිටකොටුව පාවෙන අළෙවි මධ්‍යස්ථානය වසා දැමීම. මේ පිලිබද විගණන විමසුමක් ද ඇත.

යාපනය නඟරයේ අළෙවි මධ්‍යස්ථානයක් නොතිබුණු බව පවසමින් පැවති අළෙවි මධ්‍යස්ථානය වසා වෙනත් ස්ථානයක අළෙවි මධ්‍යස්ථානයක් පිහිටුවීම. මෙහි ඇති ගැටළුව වන්නේ පැරණි ස්ථානයට බදු කුලිය වශයෙන් මසකට ගෙවන ලද්දේ රුපියල්7,020/- කි. නමුත් නව ස්ථානයට රුපියල් 65,000/- ක් ගෙවනු ලබයි. පැරණි අළෙවි මධ්‍යස්ථානය පවත්වාගෙන යන ලද්දේ ලාභ වශයෙනි.

ලාභ උපයමින් සිටිය තංගල්ල අළෙවි මධ්‍යස්ථානය වසා දමා මාතර නඟරයේ නව අළෙවි මධ්‍යස්ථානයක් ආරම්භ කරන ලදි. මෙහිදී කළ යුතුව තිබුණේ තංගල්ල අළෙවි මධ්‍යස්ථානය එසේ තිබියදී මාතර නඟරයේ නව අළෙවි මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමය

මූල්‍ය විනයක් නොමැතිකම

නිසි මූල්‍ය විනයක් පවත්වාගෙන යාමට මොවුන් දෙදෙනා ඉඩ නොදෙයි.

කළමනාකරණ රැස්වීම් වලදී කොතෙක් තීණ්දු තීරණ ගත්ත ද මොවුන් දෙදෙනා විසින් ඒවා කඩ කරයි.

නිදසුනක් ලෙස,

සැපයුම්කරුවන්ට මුදල් ගෙවිය යුත්තේ භාණ්ඩ ලැබී දින 45 කට පසුව බව තීන්දුවක් ගන්නා ලදි. නමුත් අනියම් ආකාරයට ඔවුන් හට මුදල් ලබාදෙන ආයතන වලින් භාණ්ඩ ලැබී දින දෙකක් ගතවීමටත් මත්තෙන් මුදල් ගෙවන ලෙස මුදල් අංශයට සභාපතිවරයා විසින් බලපෑම් කරයි.(මේ පිළිබද සාක්ෂි අප සතුව ඇත)

සංස්ථාවේ මුදල් තත්වය ගැන නොසලකා යම් යම් කාර්යන් සදහා මුදල් ලබාදෙන ලෙස මුදල් අංශයට බලපෑම් කරයි.

ගබඩා සංකීර්ණයේ කාර්යාල පිහිටුවීම

කොන්ත්‍රාත්කරු විසින් ගොඩනැඟිල්ල භාර නොදී තිබියදී ඉදිවෙමින් පවතින සංස්ථාවේ සිවු මහල් නව ගබඩා සංකීර්ණයේ කාර්යාල පිහිටුවීමට සභාපති අණ කරනු ලබයි.

එහි අනිසි ප්‍රතිඵල පෙන්වා දෙන නිළධාරින් හට සභාපතිවරයා විසින් බැන වදී.

මෙම ගොඩනැගිල්ලට මහා භාණ්ඩාගාරයෙන් මුදල් දී තිබෙන්නේ කාර්යාල පිහිටුවීමට නොව ගබඩා සංකීර්ණයක් වශයෙන් පාවිච්චි කිරීමටය. මුදල් ලබා දීමේදී එය මූලික කොන්දේසියක් වශයෙන් ද තබා ඇත.

මෙවැනි තත්ත්වයක් උද්ගත වී තිබෙන්නේ කාර්යාල සංකීර්ණයට ඔරොත්තු නොදෙන පරිදි අතිරික්ත සේවකයින් බදවා ගැනීමය.

නිෂ්පාදනය හා අළෙවිය වැඩි කළ බවට කරන ප්‍රෝඩාව

ඒකක වශයෙන් ගත් විට මුළු නිෂ්පාදනය 2013 වර්ෂයට සාපේක්ෂව වත් 2015 වර්ෂයේදී වැඩි කිරීමට ඔවුන් දෙදෙනා හට හැකි වී නැත. (පහත වගුව අනුව)

සේවකයකුගේ සාමාන්‍ය වාර්ෂික නිෂ්පාදනය අඩුම කාලය ලෙස වාර්තා වන්නේ 2015 වර්ෂයේදීය.(පහත වගුව අනුව)

2013 වර්ෂයේ හා 2014 වර්ෂයේ එවන් ප්‍රමාණ වලින් නිෂ්පාදන ලබාගෙන තිබෙන්නේ පිලිවෙලින් සේවකයින් 280 කින් හා 261 කින් ය. නමුත් 2015 වර්ෂයේ නිෂ්පාදනය ලබාගෙන තිබෙන්නේ සේවකයින් 343 දෙනෙකිනි. ඇමති තුමාගේ පුද්ගලික කාර්යන් සදහා සංස්ථාවෙන් පඩිගෙවා බදවා ගෙන ඇති සේවකයින් ඇතුළුව ගත් විට සේවකයින් 355 කි.

රාජ්‍ය අංශයේ වාර්ෂික ඖෂධ ඉල්ලුමෙන් සංස්ථාවට සැපයීමට හැකිව තිබෙන්නේ 65% – 70% අතර ප්‍රමාණයකි. ඊට හේතුව නිෂ්පාදනය ප්‍රමාණවත් පරිදි සිදු නොවීමය. මෙවන් වූ වෙළද පොලක් තිබියදී ඖෂධ නිපදවීමට ප්‍රමුඛතාවය නොදී වෙලදපොල සමීක්ෂණ වලින් ද තොරව නව නිෂ්පාදන වලට ප්‍රමුඛතාවය දීම ඉදිරියේ පවතින්නේ අනාගත අවදානමකි. එනම් වරින් වර වෙළදපොලට හදුන්වා දෙන ඖෂධ වලට පෞද්ගලික අංශයේ මෙන් ප්‍රචාරණයක් නොමැත. පාරිභෝගිකයින් එම ඖෂධ ගැන නොදනී. එම නිසා වෙලදපොලක් නිර්මාණය නොවේ. එසේ තිබියදී වෙලදපොලේ ඕනෑ තරම් තිබෙන නිෂ්පාදන සංස්ථාව විසින් නිෂ්පාදනය කොට හුදෙකලාවේ අළෙවි කිරීමට ප්‍රයත්න දරණ ඵල රහිත කාලය තුළ සංස්ථාවේ අනෙක් නිෂ්පාදන වෙළදපොල ගිලිහී යනු ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස පහත ප්‍රතිවිපාක වලට මුහුණ දීමට සිදුවේ.

රාජ්‍ය අංශයේ රෝහල් වලට සංස්ථාව විසින් ඖෂධ නොසැපයීම හේතුකොටගෙන රාජ්‍ය අංශය පෞද්ගලික අංශයෙන් ඖෂධ මිලදී ගැනීමට යොමුවිය හැකිවීම.

එසේ යොමු වුවහොත් කාරක ප්‍රාග්ධන වියදම්වත් ආවරණය කර ගැනීමට නොහැකි තත්වයට පත්වීම.

සංස්ථාව අලාභ ලබන තත්වයට පත්වීම.

සංස්ථා ඉතිහාසයේ අකාර්යක්ෂම හා අදුරුතම පාලන කාලයක් ලෙස මෙය වාර්තා පොතට එක්වීම.

නිෂ්පාදනය සහ අළෙවිය මත ලබන දීමනා අඩු වීමක් හෝ නොලැබෙන තත්වයක් ඇති වුවහොත් සංස්ථාව තුළ කාර්මික සාමය පවත්වාගෙන යාමට නොහැකිවීම.

නව නිෂ්පාදනාගාර ප්‍රෝඩාව

පැරණි සියෙස්ටා නිෂ්පාදනාගාර ගොඩනැඟිල්ලක කොටසක් නවීකරණය කොට 2015 දෙසැම්බර් මාසයේ දී නව නිෂ්පාදනාගාරයක් ආරම්භ කරන ලදි. ඉන් රුපියල් මිලියන 10 ක මාසික නිෂ්පාදනයක් අපේක්ෂා කළහ. නව යන්ත්‍ර සූත්‍ර මිල දී ගත්තේය. නව සේවකයින් ද බදවා ගත්තේය. නමුත්

2016 ගෝස්තු මාසය වන විට එම කර්මාන්තශාලාවේ නිෂ්පාදන දායකත්වය රුපියල් ලක්ෂ 08 දක්වා පහළ බැස ඇත. නමුත් සේවක වැටුප් හා දීමනා , දුරකථන වියදම්, විදුලිය වියදම්, ජලය වියදම් ආදිය පමණක් මාසයකට රුපියල් ලක්ෂ 5.5 කට ආසන්න වේ. ඉන් පැහැදිලි වන්නේ අනෙකුත් පිරිවැය තත්වයන් ද එකතු වූ විට නව කර්මාන්තශාලාව සංස්ථාවට බරක් වී ඇති බවය.

එම කර්මාන්තශාලාවේ නිෂ්පාදන එසේ අඩුවෙන් නිෂ්පාදනය කිරීමට සිදුව තිබෙන්නේ එහි නිපදවන නව නිෂ්පාදන වෙළදපොලේ අළෙවි වන්නේ ඉතා අඩුවෙන් වීමය.

හිතුවක්කාර ණය ගැනීම

අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියකින් තොරව ලාභයෙන් 10% ක් සහ සම්පූර්ණ ණය මුදල ආපසු ගෙවීමේ පදනම මත සෞඛ්‍ය අමාත්‍යාංශයේ “ ජාතික සෞඛ්‍ය අරමුදලින් ” රුපියල් මිලියන 25 ක් සභාපතිවරයාගේ තනි කැමැත්තට ණය ගැනීම. සහ පළමු ණය මුදලින් (රුපියල් මිලියන 15 න්) 71% ක් ප්‍රචාරණ කටයුතු සදහා යෙදවීය. මෙහි තවත් ගැටළු කිහිපයක් ඇත.

ප්‍රචාරණ කටයුතු සෘජුව සංස්ථාවට කළ හැකිව තිබියදී ඒජන්තවරුන්ලවා කරවා ගැනීම.

ඒජන්තවරුන් තෝරාගත් ආකාරය විනිවිද නොවීම.

ප්‍රචාරණ මාධ්‍ය ආයතන තෝරාගත් පදනම (නිදසුන- මාධ්‍ය ආයතන වල ජනප්‍රිය ශ්‍රේණිගත කිරීම) ඒජන්තවරුන් විසින් ඉදිරිපත් නොකිරීම.

අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියකින් තොරව සභාපතිවරයාට හිතුමතේට සංස්ථාව වෙනුවෙන් ණය ලබා ගැනීමට හැකියාව තිබේද යන්න.

සේවක විනය

සංස්ථාවේ විනය විශාල බිද වැටීමකට ලක්ව ඇත. සේවකයින් කළමනාකරුවන්ට අවනත නොවන තත්වයට පත්ව ඇත.

සභාපතිවරයා හා කළමනාකාර අධ්‍යක්ෂවරයා විසින් සංස්ථාව තුළ කල්ලිවාදය පතුරුවා ඇත.

සුළු සේවකයින් ඉදිරියේ කළමනාකරුවන්ට පදනම් විරහිතව අපහාස වන අන්දමින් බැන වදී.

බොරු කතා පතුරුවයි.

අසැබි වචන භාවිතා කරයි.

උගත්කමට ගරහයි. පළපුරුද්දට ගරහයි.

ඉන් සිදුවන්නේ ආයතනයේ විනය පිරිහීමය. සේවා අකාර්යක්ෂමතාවය ඇතිවීමය. සමඟිය බිදවැටීමය. සාමුහිකත්වය බිදවැටීමය.

ජේ‍යෂ්ඨ කළමනාකරුවන්ට සහ කළමනාකරුවන්ට පහර දීමට හෝ තර්ජනය හෝ අනියත බලපෑම් කරන සභාපතිවරයා හා කළමනාකාර අධ්‍යක්ෂවරයාගේ මැර පිරිස් වලට විනයානුකූලව කටයුතු නොකරයි.

සභාපතිවරයා සහ කළමනාකාර අධ්‍යක්ෂ වරයා සෑම විටම ප්‍රකෝපකාරි ලෙස හැසිරෙයි.

යහපාලනයේ රැස්පොට් පෙන්වීම

රජයේ නීති රාමුවට ඉහළින් ඇතැයි සිතන සභාපතිවරයා හා කළමනාකාර අධ්‍යක්ෂවරයා,කළමනාකරණ සේවා දෙපාර්ත්මේන්තුවේ නිළධාරි මහතුන්ට බැන වදී. රජයේ විගණන නිළධාරින්ට බැන වදී, සහ තමාට එකඟ නොවූ අතිරේක ලේකම් වරුන් මාරු කර යැවු බවද, තමා නීති කඩන බව ද,කුමන අක්‍රමනතාවයක් කළ ද පසුව ලිපිගොනු සකස් කළ හැකි බවද,ඒ අනුව කටයුතු කරන ලෙස කළමනාකරුවන්ට බලපෑම් කරයි.

ඒකාධිපති වියරුව

කළමනාකරණ රැස්වීම් වලදී කළමනාකරුවන්ට අදහස් ප්‍රකාශ කිරීමට ඉඩ නොදෙයි.

සභාපතිවරයාගේ තනි මතය පමණක් ක්‍රියාත්මක කිරීමට බලපෑම් කරයි.

ඒ සෑම බල කිරීමක්ම ලිඛිතව නොදෙයි.

වාචික උපදෙස් හා නියෝග ලබාදෙයි.

ඒවා ක්‍රියාත්මක නොකරන විට ඔවුන්ට බැනවදී.

වැඩ බැරි අය ලෙස හුවා දක්වයි.

කිසිම වගවිභාගයකින් තොරව ස්ථාන මාරු කරයි.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
සිරිසේන රනිල්ගේ කලිසම ඔලුවෙන් ගලවයි….ටොයියන්ට සතුටුද දැන්…



පොලිස් මුල්‍ය අපරාධ විමර්ශණ ඒකකය (එෆ්.අයි.සි.ඩී. ) ගොඩ නගන ලද්දේ මහා පරිමාණ දූෂන විමර්ශනය කර නඩු පැවැරීමට වුවත් දැන් එය කරන්නේ වාහන අනිසි පාවිචිචිය, කොඩි කණු මිලට ගැනීම, කැරම් බෝඩ් බෙදා හැරීම වැනි සුළු පරිමාණ සිදුවීම් යැයි ජනාධිපති සිරිසේන ප්‍රකාශ කර තිබේ.

ඔහු මේ බව කියා ඇත්තේ අද සන්ඩේ ටයිම්ස් පුවත් පතෙහි පළවී ඇති සාකච්ජාවකදීය. එෆ්.අයි.සි.ඩී.ය පවතින්නේ ඍජුවම අගමැති රනිල් වික්‍රමසිංහ යටතේ බැවින් මෙම චෝදනාව අගමැතිවරයා ඉලක්ක කර එල්ල කර තිබේ.

සන්ඩේ ටයිම්ස් පුවත්පත සමඟ ජනාධිපති සිරිසේන පවත්වන ලද සම්මුඛ සාකච්ජාවෙන් උපුටා ගත් අදාල කොටසේ සිංහල අනුවාදය පහත පළවේ.

‘‘එෆ්.අයි.සි.ඩී.ය හැදුවේ මහා පරිමාණ වංචා සහ දූෂණ ගැන සොයන්න. එයට සීමාවක් ද පණවා තිබුණා. එෆ්.අයි.සි.ඩී.ය හැදුවේ පුද්ගලික ආරවුල් හෝ සමාගම්හි කළමනාකරණ අර්බූද, අධ්‍යක්ෂක මණ්ඩල ප්‍රශ්ණ, සමාගම්වල මුල්‍ය අර්බූද යනාදිය විමර්ශණය කරන්න නොවෙයි. මා හිතන්නේ එයට දැන් සිදුවිම් 400ක් විතර සොයන්න තියෙනවා කියලයි. අපට අවශ්‍ය වුණේ රාජ්‍ය අරමුදල් සහ දේපල අනිසි පරිහරණය පිළිබඳ විමර්ශනයන්ට මූලිකත්වය දීමටයි. එය තමයි එහි නිලධාරීන් කළ යුත්තෙ.

‘‘ නුමත් අපේ අරමුණ ඉටුවුණේ නැත්තේ එය වෙනත් දේ ගැන අවධානය යොමු කල නිසයි. අනෙක් ආයතනත් ඒ වාගේමයි. අල්ලස් සහ දූෂන විමර්ශණ කොමිසම ගන්න. කොමසාරිස්වරු හොඳ අය. ඔවුන් තමන්ගේ කාර්යය අවංකව ඉටු කරනවා. නමුත් එහි කාර්ය මණ්ඩලය මෙය තේරුම් ගත යුතුයි. ඔවුන් ද අවංකව සහ අපක්ෂපාතව කටයුතු කළ යුතුයි. එයයි මගේ විවේචනය. පසුගිය අවුරුද්ද පුරාම මා මේ ප්‍රශ්ණය ගැන ආණ්ඩුව ඇතුලේ කතා කර තියෙනවා. පහළ මට්ටමේ නිලධාරීන් කටයුතු කළ යුත්තේ එහෙමයි. එයින් කියවෙන්නේ නැහැ කොමසාරිස්වරුන්ට බලපෑම් හෝ විමර්ශන නතර කරන්නය කියා. මා අදත් කියන්නේ මහා පරිමාණ දූෂණ සහ වංචා විමර්ශණයන් ඉක්මන් කළ යුතු බවයි.

‘‘ ඩුබායි බැංකුවක මුදල් තැන්පත් කිරීම පිළිබඳ විමර්ශනය දැන් නැවතිලා.දැන් අවුරුද්දක් පුරා ඇවන්ට් ගාඩ් නැව ගාලු වරායේ ආණ්ඩුව බාරයේ තියෙනවා. එහි තිබූ ආයුදවල අංක මකා තිබුණු බව මට දැනගන්න ලැබුණා. නමුත් දැන් ඊට එරෙහිව නඩුවක් නැහැ, අපි නැව බලා ගන්නවා විතරයි! වසීම් තාජුඩීන් මරණය ගැන පරීක්ෂණය යට ගහලා. මිග් 27 ප්‍රහාරක ගුවන් යානා මිලදී ගැනීමේ පරීක්ෂණයත් එහෙමමයි. මට තවත් උදාහරණ දෙන්න පුළුවන්. මහජනයාට අවශ්‍ය මෙවැනි දේ ගැන දැනගන්න.

‘‘ මහජනයාගේ දැන ගැනීම පිනිස මා මේ දේවල් ප්‍රසිද්ධියේ කතා කරන්න ඕන. විමර්ශණ ආයතනයන්ට බලපෑම් කරන්න අපට අවශ්‍ය නැහැ. අප තමයි ඒවා හැදුවේ. අප අපේක්ෂා කරන්නේ ඔවුන් අපක්ෂපාතීව වැඩ කරනු ඇතැයි කියලයි.”

Q What type of wrong interpretation was this?
A: Things like saying that I am against ongoing investigations. That is why they said that my SLFI speech was contrary to the pledges given during the elections. The English language media, in particular said that I had made a statement against the mandate given at the elections. That is the wrong impression created. If my full speech was taken in context, the view which I was trying to make is clear. People can easily criticise, but when you are running a Government you face various challenges, and those who criticise do not have the experiences of these challenges.

They may be able to easily make statements. It is the person who carries out the duties who knows the difficulties. In 2015, the 19th Amendment was passed with a two thirds majority with the help of those SLFP members who were not in the Government. I don’t think anywhere in the world a two thirds majority has been obtained for Constitutional changes. Only, I know about the effort taken for this. It is, as a result of it, the Independent Commissions came into existence. I created these Commissions through the 19th Amendment. What I said was that the Commissions should function impartially and independently without a political agenda.

“The investigations on large scale frauds have stopped. Only minor investigations such as the misuse of a vehicle, purchasing flag posts, and distribution of carom boards are being carried out and action filed in courts. But the expectations of the people were higher. They wanted serious frauds and corruption investigated.

“The FCID was created to investigate and take action on large scale corruption and fraud. The FCID was given a limit. But, now it has taken over all investigations. I assume it has some 400 cases. The FCID was not set up to investigate private disputes, management issues of companies, issues of board of directors, financial disputes in companies etc. That was not the purpose. Especially we wanted priority given to cases of misuse of state funds and state property and to give priority to cases of corruption, misappropriation and fraud. This is what the officials there should be doing.

“But”, the President said, “the objectives are not achieved when they concentrate on other things. Even the other institutions are same. Take the Commission to Investigate Bribery or Corruption (CIABOC). The Commissioners are good. They are all performing their duties honestly. The other staff should understand this. They should work honestly and impartially. That was my criticism. It was about working impartially and independently. I have been speaking of these issues within the Government for the past one year. It was how the officials at the lower ranks should act upon. That was not about telling the Commission to stop investigations or bring pressure on the investigators. I was talking about a broader issue. But, the media interpreted it in a wrong manner.

“As a result a wrong impression was created among the public. Even today what I say is that the investigations and cases of large scale corruption should be expedited.”

Q Could you give an example of such cases?
A: “One of them is the investigations about the deposit of moneys in a bank in Dubai. That investigation has stopped. The Avant Garde Maritime Services Limited ship is with us for the past one year. The Government Analyst’s report on this is hilarious. I hear the report says that the weapons in the ship had rubbed against each other and the numbers had got erased. Now the situation is that there is no case and we are taking care of the ship for the past year. The Thajudeen murder case (being probed by the Criminal Investigation Department – CID) is being suppressed. There is the case about the procurement of MiG-27 fighter jets. I can cite more examples. The people want to know about them.
“I need to speak out so that the truth is revealed. Otherwise the public will assume that I am not taking care of this. It is not our duty to intervene in the work of the investigative agencies. We have created them and expect them to act independently. If some of the officials, at the lower ranks do not perform their duties, the objectives are not achieved. That is the reason to make such a statement.

“I made a statement about the arrest of former Commanders. The media distorted and reported it. As the Minister of Defence, and as the Commander-in-Chief of the Armed Forces, I should be made aware if a serving or retired Commander is arrested and taken to courts. Like those serving, even those retired have links in the armed forces. The public perception should be understood when action is taken. We should not act against the will of the people. We should act in a manner where the wish of the public is fulfilled.

Q How do you do that?
A: “The officials should know how to do that. I do not select the cases. It is the responsibility of those officials in the respective institutions to investigate cases regarding what people expect action to be taken”.

Q By this, do you mean that action should not be taken over some cases?
A: “I have not said that. What I say is that action should be expedited and done efficiently”.

Q You mean in a manner that the public appreciates it?
A: “Yes”.

Q Are you satisfied with the functions of the Bribery Commission, FCID and the CID?
A: “Actually, the officers are taking a great effort. I am aware of that. But they need to expedite cases and they should be more efficient because it is beyond the expected time period of the public. The people expected speedy investigations and results. It is already 20 months. The investigations should be expedited as it is nearly two years. The delay is the question”.

Q How do you hope to expedite them? Is it through higher officials or through the Ministers?
A: “The Ministers are not relevant to the investigations. It is not the duty of the politicians. It is the duty of the officials who are carrying out the investigations. Earlier the politicians used to intervene. We have stopped that. Earlier telephone calls were given before judgments were delivered in courts. Investigations were stopped. It happened in that manner earlier. However, now there is no such intervention and we expect investigations to be done in the right manner. That remains the question”.

Q Some say that former ministers are loyal to the Government as there are investigations against them. Your comments?
A: “That is not the reason they have joined the Government. We invited them. They did not come by force. Our manifesto said that we will form a consensual Government or a National Government. I too said this. Besides, according to the Parliamentary election results no party could have formed a government on its own. The UNP had 106 members and the SLFP (UPFA) had 95. Since no party could form a Governmen on its own it was essential to get together to form a consensual Government. Nobody came by force, but we invited them. If they did not come in we could not have formed a Government. We could not have had a Government with 106 members”.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network