Showing posts with label මව්බිම පාවාදිම්. Show all posts
මහින්දගේ ආණ්ඩුව පෙරලන්න ඇමරිකාව ඩොලර් මිලියන 585ක් දුන් බව ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව වාර්තාවෙන් එලියට පනී.



පසුගිය වසරේ පමණක් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ හරහා රාජ්‍ය ලේකම් ජෝන් කෙරි ගේ අනුදැනුම ඇතිව ශ්‍රී ලංකාව නයිජීරියාව බුරුමය ඇතුළු විදේශ රටවල් කිහිපයකට ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රවර්ධනයට කිරීමට යන මාතෘකාව යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 585ක් එනම් රුපියල් බිලියන 8 කට වඩා වැඩි ප්‍රමාණයක් ලබාදුන් බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු වාර්ෂික මුල්‍ය වාර්තාවේ සදහන් කොට ඇත.

එහෙත් එම වාර්තාවේ මෙසා අති විශාල මුදලක් ලබාදුන් පුද්ගලයින් හෝ සංවිධාන ගැන කිසිම සඳහනක් කොට නොමැති බව එම වාර්තාවේ සඳහන් වන බව රුසියානු රූපවාහිනි සේවය වාර්තා කරයි. නමුත් සමස්ථයක් හැටියට එම මුදල් ලාබදුන් පාර්ශවය හැටියට සඳහන් කොට ඇත්තේ ඇමරිකාවට විශ්වාස හා සම්බන්ධතා ඇතික් එම රටවල නායකයින් සිවිල් සංවිධාන ව්‍යාපාරිකයෝ අලුත් වෙනස්කම් ඇතිකරන්නෝ සහ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රවර්ධනය කරන්නෝ ලෙසයි.

එමෙන්ම මෙ මුදල් ලබාදීම හරහා එම රටවල් වල ප්‍රජාතන්ත්‍රවාදී පරිසරයක් බිහිකිරීමන් ඇමරිකාවට මෙන්ම මිතුරු රටවලට ඇතිකරන තර්ජන අඩුකිරිමක් සඳහා මෙම මුදල් යොදවා ඇති බවද ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරි එම වාර්තාව සඳහන් කොට ඇති බැව් රුසියානු රූපවාහිනි සේවය සඳහන් කරයි.

වැඩිදුරටත් රාජ්‍ය ලේකම්ගේ මූල්‍ය වාර්තාවේ සඳහන් වන්නේ ‘මෙම මුදල් ලබාදීම හරහා එම රටවල ක්‍රියාකාරින් විසින් ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රතිසංස්කරණ, සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් හා සෑම දෙනාගෙම අභිලාෂයන් ආරක්ෂිත කිරීම සඳහා මෙම මුදල් යොදවා ඇත’ යනුවෙනි.

රුසියානු පාර්ලිමේන්තු මැතිවරණයට පෙර මේ ආකාරයෙන්ම ඇමරිකාව රුසියාවේ ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධානයන්ට මුදල් ලබාදීමට කටයුතු කල අතර රුසියානු ආණ්ඩුව පසුගිය ජූනි මස සිට එසේ මුදල් ලබාගත් රාජ්‍ය නොවන සංවිධාන රාශියක් රුසියාව තුල ක්‍රියාත්මක වීම වහාම තහනම් කරන ලද බව එහි වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
ආබාධිත රණවිරුවන්ට එල්ලකල ප‍්‍රහාරයෙන් එක් ඇසක් අන්ධ රණවිරුවාගේ දෑසම අහිමි වෙයි..



අබාධිත රණවිරුවන්ගේ විරෝධතාවයකට පොලීසිය විසින් එල්ල කරනු ලැබූ කදුළු ගෑස් හා අධි පීඩන ජල ප‍්‍රහාරය නිසා යුද්දයේදී වම් ඇසේ පෙනීම දුර්වල වූ නිශාන්ත මහිරාජ් නම් හිටපු හමුදා නිලධාරියාගේ දකුණු ඇසටද බරපතල තුවාල සිදුව තිබේ.

මේ හේතුවෙන් ඔහුගේ දකුණු ඇසට සැත්කමක් කර ඇති අතර ඇසෙහි පෙනීම ගැන මේ මොහෙතේ කිසිත් කිව නොහැති බව ජාතික අක්‍ෂි රෝහල කියයි.

සැත්කමට ලක් කරන ලද ආබාධිත රණවිරුවා මේ වන විට කොළඹ අක්ෂි රෝහ‍ලේ 12 වැනි වාට්ටුවේ සිටී.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
ඉතිහාසය පුරා දෙමළ ජාතිවාදී බෙදුම්වාදීන් ඉල්ලූ සියලු ඉල්ලීම් නව ව්‍යවස්ථාවෙන් දෙන්න සූදානම්..



මුළුමහත් ඉතිහාසය පුරා දෙමළ ජාතිවාදී බෙදුම්වාදීන් ඉල්ලූ සියලු ඉල්ලීම් නව ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමට ආණ්ඩුව හොර රහසේ කටයුතු කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

නව ව්‍යවස්ථාවක් සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත්කර ඇති අනු කමිටුවක රහසිගත වාර්තාවක් රට හමුවේ තබමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සදහන් කළේය.

“මධ්‍ය-පරිධිය සබඳතා පිළිබඳ අනු කමිටුව(Sub-Committee on Centre – Periphery Relations) විසින් මේ වන විට වාර්තාවක් ඉදිරිපත්කර තිබෙනවා. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සෑදීම සඳහා පාර්ලිමේන්තුව විසින් පත් කළ අනු කමිටු අතුරින් එකක් තමයි මෙය. එමගින් තමයි මෙම වාර්තාව සකස්කර ඇත්තේ. මෙම වාර්තාව ඉදිරිපත්කර ඇත්තේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ඇති මෙහෙයුම් කමිටුව නම් වූ ව්‍යුහයටයි. එම මෙහෙයුම් කමිටුව විසින් මෙම වාර්තාවෙහි අඩංගු කරුණු සාකච්ඡාකර ඔවුන් නිර්මාණය කරමින් පවතින නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට ඇතුළත් කිරීමට නියමිතයි.

මෙම වාර්තාව අධ්‍යයනය කරලා බැලුවාම ඉතාමත් පැහැදිලිව පෙනෙනවා, ‘නව ව්‍යවස්ථාවක් හදන්නේ කවර උවමනාවකටද?’ කියලා. ‘විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය සියදහස් ගුණයකින් තහවුරු කිරීම’ වැනි ලස්සන වචන මාලාවක් ඉස්සරහට දමාගෙන ඇත්තටම මෙම ‘ව්‍යවස්ථා ව්‍යාපෘතියෙන්’ සිදු කරන්න යන්නේ කුමක්ද? කියා මෙම අනු කමිටු වාර්තාවෙන් පෙනෙනවා. ආබාධිත රණවිරුවන්ට ගහපු ගැහිල්ලෙන් වගේම මෙම වාර්තාවෙහි අඩංගුව ඇති කරුණුවලිනුත් පෙනෙනවා, ‘ආණ්ඩුව වරදාන දෙන්නේ කාටද?’ කියලා.

සමගාමී ලැයිස්තුව ඉවත් කිරීම

සමගාමී බලතල ලයිස්තුව ඉවත් කිරීමට සහ මධ්‍යම රජය සතු ජාතික ප්‍රතිපත්ති සකස් කිරිමේ බලය ඉවත් කිරීමට මෙම වාර්තාවෙන් නිර්දේශ කොට තිබෙනවා. එවිට සිදු වන්නේ කුමක්ද? සමගාමී ලැයිස්තුව තිබීමෙන් තමයි පළාත් සභාවල බෙදීම් රේඛාව අපැහැදිලි වෙලා තිබෙන්නේ. පළාත් සභා පළාත් ආණ්ඩුවක් බවට පරිවර්තනයකර ගැනීමට නොහැකි වී ඇති ප්‍රබල හේතුවක් තමයි ‘සමගාමී ලැයිස්තුවක්’ පැවතීම. මේ නිර්දේශ දෙක ක්‍රියාත්මක වුවහොත්, පළාත් සභාවලට මධ්‍යම රජයට අත තබන්න බැරි පූර්ණව වෙන් වූ විෂයන් සහ මධ්‍යම රජයට දුර්වල කරනු ලැබූ විෂයන් ප්‍රමාණයක් ලැබෙනවා. ඒ අනුව පළාත් සභාවලට දේශපාලන ස්වාධීනත්වය ලැබෙනවා. අවසානයේදී පළාත් සභාව පළාත් ආණ්ඩුවක් බවට පරිවර්තනය වෙනවා. ඔබ දන්නවා, ජනතාව සතු පරමාධිපත්‍ය බලය නිරූපණය වන්නේ පාර්ලිමේන්තුව හෙවත් ව්‍යවස්ථාදායකය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරු 225 දෙනාගෙන් බව. ඒ වගේම පරමාධිපත්‍ය බලයේ විධායක කොටස ඡන්දයෙන් තේරී පත්වන ජනාධිපතිවරයාට ලැබෙනවා. දැනට මේ රටේ ජනතාව සතු පරමාධිපත්‍ය බලය නියෝජනය වන්නේ ඒ ආකාරයටයි. මේ වාර්තාවෙන් නිර්දේශ කරනවා ‘පරමාධිපත්‍ය බලය පාර්ලිමේන්තුවට පමණයි නොවෙයි, පළාත් සභා හෝ පළාත් ආණ්ඩුවලටත් හිමි විය යුතුයි’ කියා.

‘පරමාධිපත්‍ය බලය බෙදීයාම’

‘පරමාධිපත්‍ය බලය බෙදීයාම’ යන සංකල්පය ඉතා වැදගත් වන්නේ කුමකටද? නිල වශයෙන් වෙනම රාජ්‍යයක් සෑදීම සඳහායි. නැඟෙනහිර ටිමෝරය බෙදීයාම පිළිගැනීමට අදාළව පෘතුගාලය විසින් ඕස්ට්‍රේලියාවට එරෙහිව ජාත්‍යන්තර අධිකරණය ඉදිරියේ නඩුවක් පවරනු ලැබුවා. එම නඩුවේදී නැගෙනහිර ටිමෝරය වෙනම රටක් ලෙස පිළිගනු ලැබීමට ජාත්‍යන්තර අධිකරණයට ප්‍රධානතම හේතුවක් වූයේ පරමාධිපත්‍ය බලයේ බෙදීයාම. ඒ වන විට නැඟෙනහිර ටිමෝරය පරමාධිපත්‍ය බලයේ බෙදී ගිය කොටසක් භූක්ති විඳිමින් සිටියා. ඒ අනුව ඉතා පැහැදිලියි ඉහත වාර්තාවෙන් එවැනි නිර්දේශයක් ඉදිරිපත් කරන්නේ කුමකටද, කියා. කවදා හෝ ජාත්‍යන්තර අධිකරණය හමුවට ගොස් ඉහත කී ආකාරයේ තින්දුවක් ගැනීමටයි, මෙවැනි ප්‍රතිපාදන නව ව්‍යවස්ථාවට ඇතුළත් කරන්න හදන්නේ. මේ නව ව්‍යවස්ථා කෙටුම්පතෙන් බලන්නේ ‘ඒකීයභාවය’ වැනි වගන්ති ඉවත් කිරීමට නොවෙයි, ‘ඇතුළාන්තයෙන් ෆෙඩරල් රාජ්‍යයක් නිර්මාණය කිරීම සඳහා ප්‍රතිපාදන ඇතුළත්කර ගන්නේ කොහොමද?’කියලයි. ඒක තමයි මෙහි රහසිගත උවමනාව.

‘දිසා ලේකම්ලාට සහ ප්‍රාදේශීය ලේකම්ලාට අත්වන ඉරණම’

මේ වාර්තාවෙහි ඇති තවත් නිර්දේශයක් තමයි, මේ වන විට මධ්‍යම රජය යටතේ ක්‍රියාත්මක වන දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පළාත් රාජ්‍ය සේවා කොමිසම යටතට ගැනීම. දැන් ප්‍රධාන වශයෙන් බලවත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව. පළාත් සභාවකට හෝ පළාත් ආණ්ඩුවක් ලෙස හඳුන්වනු ලබන ව්‍යුහයකට ඒ පළාතේ සියලුම රාජ්‍ය සේවකයන් පාලනය කිරීමට ලැබෙන බව නොවේද?, මෙමගින් කියැවෙන්නේ. මෙම පළාත් ව්‍යුහයට පොලිස් බලතල හා ඉඩම් බලතල ද සහිතව රාජ්‍ය සේවකයන් පාලනය කිරිමේ බලතල ද ලැබෙනවා, කියන්නේ එතැන ස්වායක්ත වෙනම පාලනයක් ගොඩනැඟෙන බව නොවේද?

පළාත් ඉඩම් පරිහරණ සැලැස්මක් හැදීමේ බලය

ඉඩම් බලතල සමඟ පළාත් ඉඩම් පරිහරණ සැලැස්මක් සැකසීමේ බලයත් පළාත් සභාවට දෙන්න කියා මෙම වාර්තාවෙන් නිර්දේශ කරනවා. ඒ වගේම ‘පළාත් ආණ්ඩුකාරවරයා පත් කිරිමේදී මහ ඇමතිවරයා කැමති තැනැත්තකු පමණක් ඒ සඳහා පත් කළ යුතුයි’ කියා මෙම අනු කමිටු වාර්තාවෙහි දක්වා තිබෙනවා. තවද එම වාර්තාවෙහි සඳහන් වෙනවා ‘ජනාධිපතිවරයා විසින් යම් පළාත් සභාවක් විසුරුවා හරිනු ලැබුවහොත් එහිදී ජනාධිපතිවරයාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට ව්‍යවස්ථා අධිකරණයක් පිහිටුවිය යුතුයි’ කියා. ඒ කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට ඉහළින් තිබෙන, එන්.ජී.ඕ. නඩුකාරයෝ ටිකක් වාඩිවෙන ව්‍යවස්ථා අධිකරණයක් ඉදිරියට ගිහිල්ලා ජනාධිපතිවරයාට එරෙහිව නඩු කියන්න පළාත් ආණ්ඩුවකට හැකි වෙනවා. යම් මොහොතක ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් වන ලෙස කටයුතු කරන පළාත් ආණ්ඩුවක් විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට තිබුණු බලය මෙමගින් අඩපණ කොට තිබෙනවා. දැනට පළාත් සභාව තුළ ජනාධිපතිවරයාගේ විධායක බලය නියෝජනය කරන්නේ ආණ්ඩුකාරවරයා. මෙම වාර්තාව එම තත්වය නැති කිරීමට නිර්දේශ කරනවා. ඒ අනුව විධායක බලය පූර්ණ වශයෙන් මහ ඇමතිවරයා යටතට යනවා.

ඒ නිසා ඉතා පැහැදිලියි, ‘මධ්‍ය හා පරිධිය සබඳතා වර්ධනය කිරීම’ වැනි බරසාර වාක්‍යයක් අස්සේ රිංගුවාට මේ වාර්තාවෙන් නිර්දේශ කරන්නේ ‘මුළු ඉතිහාසය පුරා දෙමළ ජාතිවාදී බෙදුම්වාදීන් ඉල්ලූ සියලු ඉල්ලීම් ටික දෙන්න’ කියලයි. ඉදිරියේදී එට්කා ගිවිසුම ගහලා මේ රට ඉන්දියාවේ කොලනියක් බවට පත් කිරීමට නියමිතයි. අනෙක් පැත්තෙන් ෆෙඩරල් ව්‍යවස්ථාව සම්මතකර ගැනීමේ වැඩ කටයුතු කෙරෙනවා. ආසියාවේ ලොකුම හොරකම කරපු කම්බ හොරු ටික අඩු ගණනේ කට උත්තරයක්වත් නොදී නිරුපද්‍රිතව සිටිනවා. ආබාධිත රණවිරුවන්ට පොලීසිය යොදවලා පහර දෙනවා. මේ සියලු තීරණාත්මක මාතෘකා යට ගහලා වෙනත් අතුරු මාතෘකා ගෙන එන්න ඇතැම් අය කටයුතු කරනවා.

නව ව්‍යවස්ථාවක් මගින් මේ බෙදුම්වාදී බලතල ලබා දෙන්න ඉඩ දීලා අපි බලා හිටියොත් අපේ අනාගත පරපුරට මේ රට ඉතිරි වෙන්නේ නැහැ. ඒ නිසා අපි ඉතා ඕනෑකමින් මේ රටේ මහා සංඝරත්නය, සෙසු ආගමික නායකයන් හා සමාජ බලවේග වෙතින් ඉල්ලනවා ‘මේ ජාත්‍යන්තර කොන්ත්‍රාත්තුව, දෙමළ ජාතිවාදී බෙදුම්වාදීන්ගේ උවමනාව ඉටු කිරීමට මේ ආණ්ඩුවට ඉඩදී නිහඬව ඉන්න එපා!’ කියලා. ව්‍යවස්ථාවට අදාළ අවසන් කෙටුම්පත එළියට එනතෙක් නොසිට මෙවැනි අතුරු වාර්තා මගින් කියන දේ වටහාගෙන ඊට එරෙහිව ජනතාව පාරට බැස්සවීමට අපි කටයුතු කළ යුතුයි.”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
චීන-ශ‍්‍රී ලංකා සබදතා සහමුලින්ම බිද වැටීමේ අවදානමක්


පිවිතුරු හෙළ උරුමය පක්ෂ මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

චීනයට සතුරු මුදල් ඇමති ඉවත් කරමු

චීනය කියන්නේ වසර 1,500කට වැඩි කාලයක් සමීපව ඇසුරු කරන අපේ ඓතිහාසික මිතුරෙක්.  බුදු දහම තමයි චීන – ලංකා මිත්‍රත්වයේ පාලම වුණේ.  අපි ආහාර අර්බූදයකට මුහුණ දෙන විට රබර් – සහල් ගිවිසුම අත්සන් කරලා ලංකාව බේරා ගත්තේ චීනය.  බටහිර රටවල් කොටින්ට සහය දක්වමින් ලංකාවට ආයුධ විකිණීම ප්‍රතික්ෂේප කරන විට අපට කොන්දේසි විරහිතව ආයධ දුන්නේ චීනය.  බටහිර රටවල් කොටින් වෙනුවෙන් යුද අපරාධ චෝදනා නගමින් ලංකාවේ යුද ජයග්‍රහණය හෑල්ලු කරන විට ලංකාව ආරක්ෂා කලේ චීනය.  නිදහසින් පසු වැඩිම ආධාර සපයා තිබෙන්නේ චීනය.  ජාතියේ සංකේත බවට පත් වී තිබෙන නෙළුම් පොකුණ, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව අපට චීනයෙන් ලැබුණු තිලිණ.  හම්බන්තොට වරාය,  මත්තල ගුවන් තොටුපල, නොරොච්චලේ විදුලි බලාගාරය සහ අධිවේගි මාර්ග යනාදි අපේ රටේ ඇසට පෙනෙන යටිතල පහසුකම් සියල්ලටම මූල්‍ය ආධාර ලැබුණේ චීනයෙන්.  නමුත් අත්දැකීම් නැති බොලඳ ඇමතිවරු කරන ප්‍රකාශ නිසා අපට කවදත් උදව් කරන මේ ඓතිහාසික මිතුරා අහිමි වීමේ අවදානමක් මතු වෙලා තිබෙනවා.

ඉන්දියාව, ඇමෙරිකාව සහ යුරෝපීය රටවල් ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්න වලට ඇඟිලි ගැසීම විලාසිතාවක් බවට පත් කරගෙන තිබෙනවා.  අපි මැතිවරණ තියන විදිහ, බලය බෙදන විදිහ, ආණ්ඩුවයි විපක්ෂයයයි අතර සහ සම්බන්ධය ඒ අයයි තීරණය කරන්නේ. ඒ විතරක් නොවෙයි මොන මාධ්‍ය ආයතනයටද මාධ්‍ය නිදහස ලැබිය යුත්තේ කියලා තීරණය කරන්නෙත් දැන් බටහිර තානාපතිවරු. නමුත් කිසිම දිනක චීනය ලංකාවේ කිසිම අභ්‍යන්තර ප්‍රශ්නයකට ඇඟිලි ගහලා නෑ.  මේ ආණ්ඩුව බලයට එන්න කිව්ව ප්‍රධාන බොරුවක් තමයි මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ගිණි පොළියට චීනයෙන් ණය අරන් තියෙනවා. චීන සමාගම් වලින් ලොකු කොමිස් කුට්ටි ගහලා තියෙනවා.  මෛත්‍රීපාල සිරිසේන ජනපතිතුමන්ගේ ප්‍රථිපත්ති ප්‍රකාශනයේ කියනවා ව්‍යපෘථිවල කොමිස් ප්‍රතිශතය 90% කියලා. චීන තානාපතිතුමා ප්‍රතිචාර දැක්වූයේ චීනය පිලිබඳ මේ ආණ්ඩුවේ ඇමතිවරු කියන බොරු වලට. චීනය මෙහිදී පැහිදිලිව ප්‍රකාශ කලා ඔවුන් සංවර්ධන කටයුතු සඳහා ණය දුන්නේ 2%  සහන පොළියට. ශ්‍රී ලංකාව සංවර්ධිත මට්ටමෙන් ඉදිරියට ආවට පස්සේ අනිකුත් වානිජමය ණය ලබාදුන්නේ 5% පොළියට. නමුත් වත්මන් ආණ්ඩුව තමුන්ගේ යාළුවෝ කියන යුරෝපීය සංගමයෙන් ණය ගන්නේ 5.8% පොළියට. මේ තිත්ත ඇත්ත තමයි චීන තානාපතිතුමන් කිව්වේ. චීනයට ලංකාවෙන් අපවාද එල්ලවන විට ලංකාවේ චීන තානාපතිවරයා චීනය වෙනුවෙන් අදහස් දක්වන්නේ නැතිනම් චීන තානාපති කුමකටද? ඒකෙන් උරණ වෙලා මුදල් ඇමතිතුමා චීන තානාපතිතුමා සමච්චලයට ලක් කලා.  විදේශ ඇමති චීන තානාපති කැඳවා ප්‍රශ්න කරන්න බලාපොරොත්තු වෙනවාලු.  චීන තානාපති කියන්නේ අපේ ඓතිහාසික මිතුරාගේ දේශීය සංකේතයයි කියලා අපි ආණ්ඩුවට සිහිපත් කරනවා.  ගින්දර සමග සෙල්ලම් කරලා පස්සේ පිච්චුනෝ කියලා බෙරිහන් දෙන්න එපා කියලා අපි ආණ්ඩුවට කියනවා.

චීන තානාපති අහන ප්‍රශ්නයම තමයි අපිත් අහන්නේ.  චීන ණය දෙන්නේ ගිනි පොලියට නම් ඊට වඩා අඩුවෙන් ගන්න පුළුවන් නම් ඇයි චීනය පස්සෙන් යන්නේ? වෙන තැනකින් ගන්න එකනේ ඇත්තේ.

සමස්ත ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් මම චීනයට කණගාටුව ප්‍රකාශ කරන අතරේ අත්දැකීම් නැති බොලඳ ඇමතිවරුන්ගේ ප්‍රකාශ මත අපේ මිත්‍රත්වය තීරණය කරන්න එපා කියලා ඉල්ලා සිටිනවා.

චුදිත අර්ජුන් තවමත් ආණ්ඩුවේ තනතුරක

කෝප් කමිටුව මගින් වරදකරු කළ අර්ජුන් මහේන්ද්‍රන් තවමත් රැකියා දශ ලක්ෂයේ ව්‍යාපෘතිය භාර අගමැතිතුමාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස ක්‍රියා කරනවා. අගමැතිතුමන්ගේම ඇමතිවරු වරු අත්සන් කරපු කෝප් කමිටු වාර්ථාව මගින් වරද කරු කර තිබෙන අර්ජුන් මහේන්ද්‍රන් කොහොමද රටේ ඉහලම වගකිව යුතු තනතුරක් තවමත් දරන්නේ. එක්කෝ අර්ජුන් සිය තනතුරෙන් ඉවත් වෙන්න ඕනෑ.  නැතිනම් අගමැතිතුමා අර්ජුන්ව තනතුරෙන් ඉවත් කරන්න ඕනෑ.  දෙකම වෙන්නේ නෑ කියන්නේ ආණ්ඩුවේ ඇමතිවරු අත්සන් කළ කෝප් වාර්තාව අගමැතිතුමා නොසලකා හරිනවා කියන එකයි.  බැඳුම්කර මගඩිය පිලිබඳ මෙතරම් දැවැන්ත ඝෝෂාවක් කරලාත් අගමැතිතුමාට ඇසුනේ නැත්තේ ඇයි කියලා ජනතාව කල්පනා කරන්න පුළුවන්.  බීරි අලින්ට වීණා වාදනය කරනවා වගේ කියන පරණ උපමාව කොල අලින්ට බැඳුම්කර මගඩිය කියලා දෙනවා වගේ කියලා දැන් වෙනස් කරන්න වෙනවා.

අර්ජුන්ට නඩු පැවරීම අගමැති බේරීමේ උපායක්

රාජිත සේනාරත්න, පා ච රණවක සහ දයාසිරි ජයසේකර වැනි ආණ්ඩුවේ ඇමතිවරු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් උඩ පැනලා අර්ජුන්ට බැට දෙනවා.  එතකොට කාට හරි හිතෙන්න පුළුවන්, යහපාලනය අංශු මාත්‍රයක් හරි ආණ්ඩුව තුල තවමත් ඉතිරි වෙලා තිබෙනවා කියලා. නෑ. මේ අයගේ අරමුණ අර්ජුන් මහේන්ද්‍රන් බිල්ලට දීලා අගමැති බේරා ගැනීමයි.  ඒ නිසා තමයි අර්ජුන්ට වහාම නීතිය ක්‍රියාත්මක කරන්න,  වෙනම උසාවි පිහිටු වන්න කියලා බෙරිහන් දෙන්නේ.  නීතිපති අර්ජුන්ට නඩු පැවරූ විගස මෙය සබ්ජුඩිකේ හෙවත් අධිකරණය ඉදිරියේ විනිශ්චයට බඳුන් වූ කාරණයක් වෙනවා.එවිට අපට ජනමාධ්‍ය ඉදිරියේ ජනතාව ඉදිරියේ මේ පිලිබඳ ප්‍රසිද්ධියේ අදහස් දක්වන්න බෑ.  ඒ වගේම පාර්ලිමේන්තුවේ විවාද කරන්න බෑ.  එතකොට අගමැතිතුමා, ලංකා බැංකුව වගේම අර්ථ සාධක අරමුදල මේ මගඩියට දැක්වූ දායකත්වය රටට කියන්න අපට බැරි වෙනවා.

අගමැතිතුමා වරද පිලි ගන්නේ නැති නම් අගමැතිතුමා වැරදි ඇයි කියලා ඔප්පු කරන්න අපට බැඳුම්කර විවාදය පාර්ලිමේන්තුවේ කරන්න ඕනෑ.  ඒ ගැන සම්මන්ත්‍රණ හරහා රටට කියන්න අවස්ථාව ඕනෑ.  අගමැතිතුමා වගකීම භාර ගන්නවා නම් කිසිම ගැටළුවක් නෑ.  වහාම නඩු පවරන්න.  නැතිනම් නඩු පැවරීම බැඳුම්කර පිලිබඳ පාර්ලිමේන්තු විවාදය පවත්වන තුරු කල් දමන්න.

අගමැතිතුමා සුද්ද කරන්න කොසු ඉදල් ඔසවා ගෙන මුලින්ම ඉදිරිපත් වුණේ පා ච රණවක ඇමතිතුමා.  අගමැතිතුමා මේ බැඳුම්කර සිද්ධියට වගකිව යුතු ද කියා තීරණය කිරීමට මා සමග විවාදයට එන්න කියලා මම ඇමතිතුමාට අභියෝග කලා.  මට පුළුවන් පා ච ගේ ප්‍රකාශ හරහාම අගමැති වරදකරු බව ඔප්පු කරන්න.  මම අභියෝග කලා විතරයි සිංහ නාද හකුලා ගෙන නිහඬ වුණා.  පා ච රණවක ඇමතිතුමනි, ඔබතුමා තවම ප්‍රමාද නෑ.  අගමැතිතුමා වරදකරුවෙකු නොවේ කියා අවංකවම විශ්වාස කරනවා නම් එන්න මා සමග විවාදයට.

බුද්ධි අංශ විනාශයෙන් යුද හමුදාව ආබාධිත වෙලා

බුද්ධි අංශ කියන්නේ හමුදාවක ඇස් සහ කන්.  බුද්ධි අංශ ලබා දෙන තොරතුරු මත තමයි හමුදාවක මෙහෙයුම් ඉදිරියට යන්නේ.  හමුදාවක් මෙහෙයුම් කරන්නේ යුද සමයේ විතරයි.  බුද්ධි අංශ යුද සමයේ දී වගේම පශ්චාත් යුද සමයේත් අඛණ්ඩව සක්‍රිය සේවයේ යෙදෙනවා.  බුද්ධි අංශ වලට පින් සිදු වෙන්න තමයි 2009 මැයි මාසයෙන් පස්සේ කොටි සංවිධානයේ කෙඳිරිල්ලක් වත් උතුරෙන් ඇහුනේ නැත්තේ.  ඒ වගේම ලෝකයේ තිබෙන විශිෂ්ටතම බුද්ධි අංශයක් විධියට අපි ලෝකයේ නමක් දිනා ගත්තා. වේළුපිල්ලේ පිරබාහරන් මිය ගියාම කොටි සංවිධානය කේපී නව නායකයා ලෙස පත් කර ගත්තා.  ඊට මාස කිහිපයකට පස්සේ කේපීව කුදලා ගෙන එන්න තරම් අපේ බුද්ධි අංශ ප්‍රබල වුණා.  එවැනි දේවල් මින් පෙර ලෝකයේ සිදුකලේ ඊශ්‍රායලයේ මොසාඩ් වැනි බුද්ධි අංශ විතරයි. නමුත් අද කොටින්ගේ මන දොල සපුරන්න බුද්ධි අංශ අඩපණ කිරීමේ මෙහෙයුමක ආණ්ඩුව යෙදිලා ඉන්නවා.

පදනම් විරහිත චෝදනා නගමින් බුද්ධි අංශ නිලධාරින් අත්අඩංගුවට අර ගෙන වසරකට වැඩි කාලයක් සිර කර ගෙන හිටියා.  සමහරු නිදහස් වුණා.  තවමත් සමහරු බන්ධනාගාරයේ.  දකුණේ දී බුද්ධි අංශ නිලධාරින් අත්අඩංගුවට ගන්න අතරේ උතුරේ දී මැර කල්ලි වල ප්‍රහාරයන්ට ගොදුරු වෙනවා.  බුද්ධි අංශ වලට වැදුනු ලොකුම හෙණය තමයි වසර 29ක් බුද්ධි අංශ වල කටයුතු කළ බ්‍රිගේඩියර් සුරේෂ් සලේ බුද්ධි අංශ අධ්‍යක්ෂ තනතුරෙන් ඉවත් කරලා මේ ක්ෂේත්‍රය පිලිබඳ කිසිම අත්දැකීමක් නැති අයෙකු ඒ තනතුරට පත් කරලා.

බුද්ධි අංශ වැඩ කරන්නේ අනෙකුත් බලකායන්ට වඩා වෙනස් ආකාරයකට.  නිල ඇඳුම් අඳින්නේ නෑ.  කොණ්ඩය රැවුල් කපන්නේ නෑ.  වෙලාවක් කලාවක් නෑ.  අනෙකුත් බලකායන් සතුරා සමග සටන් කරන විට බුද්ධි බලකායට සතුරා සමග මිතුරුව වැඩ කරන්න වෙනවා.  මේ වෙනස නොදන්නා අයෙකුට බුද්ධි අංශ වලට නායකත්වය දෙන්න බෑ.

මේ ආකාරයට බුද්ධි අංශ අඩපණ කරනවා කියන්නේ හමුදාවේ ඇස් කන් විනාශ කරනවා කියන එකයි.  ඒ නිසා අනාගත යුද්ධයක දී හමුදාවට යුද වදින්න වෙන්නේ ඇස් පේන්නේ නැති කන් ඇහෙන්නේ නැති අඳ බිහිරි ආබාධිතයෙකු විධියටයි.

– අරවින්ද අතුකෝරල

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
ශ‍්‍රී ලංකාව තුල ඊළමක් පිහිටුවීමේ යෝජනාව UN වෙත ඉදිරිපත් කෙරේ


ශ්‍රී ලංකාව තුළ ඊළාම් රාජ්‍යයක්‌ පිහිටුවීමේ යෝජනාවක්‌ ජිනීවා මානව හිමිකම් කමිටුව වෙත ඉදිරිපත් කර ඇත.

මේ යෝජනාව ඉදිරිපත්කර ඇත්තේ මදුරාසියේ විශ්‍රාමික විනිසුරු එස්‌. සිවසුබ්‍රමනියම් විසිනි. ඔහුගේ එම යෝජනාවට ඇමරිකාවේ හිටපු නීතිපති රුම්සේ ක්‌ලාක්‌ද දායක වී ඇත.

ශ්‍රී ලංකාවේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 6 වැනි වගන්තිය මත ඊළාම් රාජ්‍ය ස්‌ථාපිත කිරීමට නොහැකිවීම නිසා එම වගන්තිය ඉවත් කිරීම සඳහා කටයුතු කරන ලෙස ඔවුන් මානව හිමිකම් කමිටුවෙන් ඉල්ලා තිබේ.

මෙවන් යෝජනාවක්‌ ජිනීවා මානව හිමිකම් කමිටුවට ඉදිරිපත්වුණේ මුල්වරටය.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
#ඔබට සතුටුයිද දැන් 
==============
ශ්‍රී ලංකාව තුළ ඊළාම් රාජ්‍යයක්‌ පිහිටුවීමේ යෝජනාවක්‌ ජිනීවා මානව හිමිකම් කමිටුව වෙත ඉදිරිපත් කර ඇත.

මේ යෝජනාව ඉදිරිපත්කර ඇත්තේ මදුරාසියේ විශ්‍රාමික විනිසුරු එස්‌. සිවසුබ්‍රමනියම් විසිනි. ඔහුගේ එම යෝජනාවට ඇමරිකාවේ හිටපු නීතිපති රුම්සේ ක්‌ලාක්‌ද දායක වී ඇත.

ශ්‍රී ලංකාවේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 6 වැනි වගන්තිය මත ඊළාම් රාජ්‍ය ස්‌ථාපිත කිරීමට නොහැකිවීම නිසා එම වගන්තිය ඉවත් කිරීම සඳහා කටයුතු කරන ලෙස ඔවුන් මානව හිමිකම් කමිටුවෙන් ඉල්ලා තිබේ.

මෙවන් යෝජනාවක්‌ ජිනීවා මානව හිමිකම් කමිටුවට ඉදිරිපත්වුණේ මුල් වරටය.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
චීනය කට අරී.. කොළඹ චීන තානාපති දෙස් විදෙස් මාධ්‍ය කැදවා යහපාලනයේ පතුරු අරී..



කොළඹ ගාළු මුවදොර ඉදරියේ චීන රජය විසින් ඉදිකරමින් සිටි වරාය නගර ව්‍යාපෘතිය නව රජය බලයට ආ කාලයේ නවතා දැමීම නිසා ශ‍්‍රී ලාංකිකයන් 5,000කට පමණ රැකියා අවස්ථාවන් අහිමි වූ බවත් එම වගකීම බාර ගන්නේ කවුදැයි කිව යුතු බවත් ශ‍්‍රී ලංකාවේ චීන තානාපති යී ෂියෑන්ලින්ග් මහතා කොලඹ පැවති මෙරට චීන තානාපති කාර්යාලයේදී පැවති මාධ්‍ය වැඩමුළුවක් අමතමින් කියා සිටියේය.

මේ වන විට වරාය නගර ව්‍යාපෘතිය ආපසු ආරම්භ කර තිබුණද නවතා තිබුනු කාලයේදී දිනකට ඩොලර් මිලියනයක පමණ අලාභයක් තම රටට සිදු වූ බවද ඔහු සදහන් කලේය.

තව දුරටත් අදහස් පල කරමින් චීන තානාපතිවරයා කියා සිටියේ චීනය විසින් වැඩි පොලියට ණය දුන්නේ යයි චෝදනා කලත් මෙරටට ණය දී ඇත්තේ 2% පමණ පොලියකට වුවද නව රජය මේ වනවිට 5.8% පොලියට ණය ගෙන ඇති බවත්ය.

නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරය ඉදිකිරීමට චීනය මැදිහත් නොවුණා නම් අද වන විට ශ‍්‍රී ලංකාවේ විදුලි ඉල්ලූම සපුරන්නේ කෙසේදැයි ඔහු වැඩි දුරටත් විමසා සිටියේය.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
එටිසලාට් : සෞදි රජ පවුලේ නෑයෙක් ලංකාවට කැදවයි.. ශ්‍රීපාද මෙහෙයුම තවත් වෙගවත්කරයි

Etisalat telcom
එක්සත් අරාබි එමීරයේ එටිසලාට් හි වැඩි කොටස් හිමිකාරීත්වයක් ඇති, එහි අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කළ, මොහොමඩ් බින් සුලේමාන් ශ්‍රී ලංකාවේ ප්‍රධානියා ලෙස පත්ක එවා ඇත. ඔහු සෞදි රජ පවුලේ සමීපතම ඥාතියෙකු වන බවද සදහන්වේ.

ශ්‍රීපාද රක්ෂිත කළාපයේ සිදුකෙරෙන ඉදිකිරීමක් නිසා දැඩි විරෝධයකට ලක්ව සිටින එටිසලාට් හි වෙළදපොල දිනෙන් දින කඩාවැටීමට ලක්වෙමින් පවතින අතර ඒ හේතුවෙන් සමාගමේ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු දැඩි අර්බුදයකට ලක්වෙමින් පවතින බව එහි අභ්‍යන්තර තොරතුරු මාර්ග අනාවරණය කරයි.

සමාගමේ මෙහෙයුම් කටයුතු නැවත සක්‍රීය කිරීම සහ සෞදි රජුගේ අරමුදල් මත සිදුවන ශ්‍රීපාද අඩවියේ ඉදිකිරීම් සහ ඉදිරි සැලසුම් වේගවත් කිරීම සදහා සුලේමාන් ලංකාවට එවා ඇති අතර මේ වන විට අදාළ ඉඩමේ නව සම්ප්‍රේශන කුළුනක් ඉදිකිරීමේ කටයුතුද ආරම්භ කර තිබෙන බවට සදහන් වේ.

හෝටලයක් මුවාවෙන් ඉදිකරමින් පවතින්නේ ඉස්ලාමීය මධ්‍යස්ථානයක් බවට මේ වන විට හෙළිදරව්වී ඇති අතර එම ස්ථානය කේන්ද්‍රකරගෙන ශ්‍රීපාද අඩවිය ඉස්ලාම්කරණය කිරීමේ දැවැන්ත මෙහෙයුම මේ වනවිට ආරම්භකර ඇත.

මේ අතර මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් සමාගම් ප්‍රධානීන් ඉස්ලාමීය රටවල මෙරට තානාපති කාර්යාල සමගද සාකච්ඡාකර තිබෙන බවට තොරතුරු වාර්තාවන අතර ඒ හරහා රජයට බලපෑම් කර කෙසේ හෝ ශ්‍රීපාද අඩවියේ මෙහෙයුම ඉදිරියට කරගෙන යෑමට අවශ්‍ය සහසුකම් සපයා ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබේ.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
උතුරේ පොලිස් ලොක්කන්ට ප‍්‍රභාකරන් බලකායෙන් ලිපියක් – ලබා දෙන්නේ දින 21 ක් පමණයි ලු



දින 21 ක් තුල සියලුම දෙමළ නිලධාරීන් පොලිසියෙන් වහා ඉල්ලා අස් වෙනු.
ප්‍රභාකරන් බලකායෙන් නිවේදනයක්..

උතුරු පළාතේ සේවය කරන සියලු ද්‍රවිඩ පොලිස් නිලධාරීන් ඉලක්ක කර ගනිමින් තර්ජනාත්මක ලිපියක් යොමුකර තිබෙනවා.

ඒ, යාපනය, කිලිනොච්චි, මුලතිව්, වව්නියාව හා මන්නාරමේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් වෙතයි. මෙම ලිපිය යොමු කරනු ලැබ ඇත්තේ ‘‘ ප‍්‍රභාකරන් බලකාය’’ නමින් නම් කර ගන්නා කණ්ඩායමක් විසින්.

එහි දැක්වෙන්නේ යාපනය සිසුන්ගේ මරණ සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක වන තෙක් දෙමළ පොලිස් නිලධාරීන් තාවකාලිකව සිය තනතුරුවලින් ඉවත් විය යුතු බවයි.

උතුරු පළාතේ පොලිස් කාර්යාලයන්හි හා පොලිස් ස්ථානයන්හි රාජකාරී කරන දෙමළ නිලධාරීන් වෙනත් ප‍්‍රදේශයකට මාරු කරන ලෙසට ද අදාළ ලිපියෙන් බලපෑම් කර තිබෙනවා. ඒ වෙනුවෙන් ලබාදෙන්නේ දින 21 ක් පමණක් බව ද එහි සඳහන්.

කෙසේ වෙතත් මෙම ලිපිය යොමු කළේ කවුරුන්දැයි සොයා පොලිස් දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂණයක් ද ආරම්භ කර තිබෙනවා.



මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
උතුරට ස්වයං අයිතිය දුන්නාද ? Royal Borough of Kingston twins with Jaffna



ජාත්‍යන්තරයට කේලම් කියමින් උතුරේ හමුදාව ඉවත් කිරීමට බල කරමින්, ස්වයං පාලන අයිතිය ලැබුනා සේ හැසිරෙන උතුරේ මහ ඇමති විග්නේෂ්වරන්ගේ කෙරුවාව රාජ්‍ය නායකයින් නොදුටු ලෙස හැසිරෙන්නේ මේ ඔවුන්ද ගිවිසුම් ගත වූ ක්‍රියාවන් වූ බැවින් බව මේ වන විට සාක්ෂි සහිතව ඉටු වෙමින් පවති.

Royal Borough of Kingston twins with Jaffnaq
=============================

Northern Provincial Council Chief Minister C V Wigneswaran said the event was a "historic" occasion, as he addressed the ceremony attended by hundreds of locals.

His comments were echoed by Councillor Kevin Davis, who spoke of how Kingston has twinned with other cities around the world, such as in Korea and Germany, that have also suffered the "tragic loss" of war.

"One aspect is key... How can we support the reconstruction of Jaffna into a new democratic society?" said the councillor, adding that Kingston also has much to learn from Jaffna.

Though the borough does not have the largest Tamil constituency in the United Kingdom, Tamil has become Kingston's official second language - a fact reiterated by the borough's MP James Berry. He called the local community's Tamil population "exemplar", noting their high educational achievements and contributions to healthcare and business.

The move to twin the two regions drew support from all political parties in the UK noted Mr Berry. Thought the project would not solve all the war-torn regions problems, "it is a step in the right direction," he added.

Justice Wigneswaran was also upbeat about the move, thanking both Sri Lanka's Prime Minister Ranil Wickremesinghe and Sri Lanka's newly appointed High Commissioner who was in attendance, for their assistance in passing through the project. "We have come together to collaborate in keeping with 13th amendment," said the chief minister, adding that he was looking forward to "building an inclusive society and providing justice for all".

Part of doing that will have to include "reducing all forms of violence" he said, pointing out that there were "150,000 armed men in the North taking over land and livelihood". The Sri Lankan soldiers also pose a threat to the physical safety of women in the region he said, highlighting in particular the vulnerability of the tens of thousands of Tamil war widows in the North-East.

“The military is a stumbling block,” said Justice Wignewswaran. “They are running restaurants and hotels and occupying areas of tourist value.” “An inclusive society cannot be built with a counter-terrorism mind set,” he added.

Discriminatory laws, which were still present on the island, need to be done away with said the chief minister, stating it was “vital” that the international community supports the Sri Lankan government in the field of affirmative action.

The minister also highlighted several areas of business investment and development in Jaffna, including numerous factories across the peninsula.

“We look forward to the growth of British and diaspora investment,” he concluded. “May Kingston lead the way.”

http://www.tamilguardian.com/content/royal-borough-kingston-twins-jaffna
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
ආර්ථික ඔස්තාර්ලාගේ  මව විකුණා හෝ සල්ලි සෙවීම 
===================================


ලෝක උරුමයක් වන ශ්‍රීපාද රක්ෂිතයේ අක්කර 82 ක් හෝටල් ව්‍යාපෘතියක් ඉදිකිරීම සඳහා එක්සත් එමීර් රාජ්‍යයට අයත් සමාගමකට ලබාදී තිබෙන බව තෙත්බිම් උරුමය සංවිධානය පවසනවා.

මස්කෙළිය හා නල්ලතන්නියට අතර මැද ප්‍රදේශයෙන් මෙම අක්කර 82ක ප්‍රමාණය ලබාදීමට සැලසුම් කර තිබෙන බවයි වාර්තා වන්නේ. මේ හේතුවෙන් ලෝක උරුම තත්ත්වයත් දැඩි අනතුරකට ලක්විය හැකි බවද එම සංවිධානයේ ලේකම් කැලුම් තුෂාර මහතා පවසනවා.

මෙරට තුළ ක්‍රියාත්මක දුරකථන සමාගමක් විසින් මෙහි ඉදිකිරිම් කටයුතු සිදුකිරිමට නියමිත බවද ඔහු කියා සිටියා.

ශ්‍රීපාද කඳු මුදුනේ ආදම්ගේ පාසටහන් ඇති බවට විශ්වාස කර ඒ සඳහා ඉස්ලාම් බැතිමතුන් ගෙන්වාගැනීම සඳහා මෙම හෝටල් ව්‍යාපෘතිය සිදුකරන බවට වාර්තාවන බවද ලේකම්වරයා  වැඩිදුරටත් පවසා ඇත.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
නව ව්‍යවස්‌ථාවෙන් ශ්‍රී ලංකාව නොබෙදුණු එක්‌සත් රාජ්‍යයක්‌ 
- ඇමැති මංගල සමරවීර -
==================


උපාලි ද සේරම්

වත්මන් රජය විසින් සකස්‌ කරන නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුව ශ්‍රී ලංකාව නොබෙදුණු එක්‌සත් රාජ්‍යයක්‌ බවට පත් වන බව විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතා පැවසීය.

මෙම එක්‌සත් රාජ්‍යය තුළ ජාති, ආගම් වශයෙන් නොබෙදී සියලු දෙනාට එකට ජීවත් විය හැකි පරිසරයක්‌ ගොඩනඟන බව පැවසූ විදේශ ඇමැතිවරයා මෙම නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා කෙටුම්පත බහුතර ඡන්දයෙන් සම්මත කරගෙන ක්‍රියාත්මක කරන බවද කීවේය.
ෆෙඩරල් රාජ්‍යයක්‌ ලෙස හඳුන්වන්නේත් නොබෙදුණු එක්‌සත් රාජ්‍යයක්‌ බව සඳහන් කළ විදේශ ඇමැතිවරයා 1997 වසරේදී හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මියගේ රජය යටතේ එවකට ව්‍යවස්‌ථා කටයුතු පිළිබඳ ඇමැතිවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය ජී. එල්. පීරීස්‌ මහතා ඉදිරිපත් කළේත් ෆෙඩරල් රාජ්‍යයක්‌ සඳහා වූ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධන කෙටුම්පතක්‌ බවද කීය.

ඇමැතිවරයා මෙම තොරතුරු පැවසූවේ 25 වැනිදා සවස විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවේදීය.
උ.ගැ.නිලන්ති කළුආරච්චි ෆෙස්බුක් පිටුවෙන්
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
සලාව ආයුධ  ගබඩාව පුපුරවා කොටි සිලාවතුරෙන් ආයුධ ගෙන්වයි 



පසුගියදා , සිලාවතුර නාවික හමුදා කඳවුරේ සෙබළුන් පිරිසකට හදුනානොගත් කණ්ඩායමක් පහරදිම සහ එක් නාවික හමුදා සෙබලෙකු පැහැරගෙන ගොස් පැය ගණනාවක් රදවාගෙන තබා ගැනිම ඇතුලු සමස්ථ සිද්ධිය සම්බන්ධයෙන් හමුදා බුද්ධි අංශ ආරක්ෂක මණ්ඩලයට කරන ලද අනාවරණය හේතුවෙන් ආරක්ෂක ප්‍රධානින් තීගෑස්මකට ලක්ව සිටින බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.සිලාවතුර මුහුදු තීරයෙන් අරිප්පු ප්‍රදේශයට කේරල ගංජා රැගෙන එන බවට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව නාවික හමුදා බුද්ධි නිලධාරීන් කිහිපදෙනෙකු අරිප්පු ප්‍රදේශයට ගොස් රැකවල් යොදා සිටි අවස්ථාවේදී මෙම පහරදිම සිදු වුනා.
කේරල ගංජා සහ තවත් මත්ද්‍රව්‍ය රැසක් බෝට්ටු මගින් රැගෙන එමින් සිටියදි මන්නාරම, සිලාවතුර නාවික හමුදා කඳවුරේ සෙබළුන් පිරිසක විසින් ඔහු අල්ලා ගැනිමට කටයුතු කිරිමත් සමග පසුගිය  (18) රාත්‍රියේ සිලාවතුර අරිප්පු ගම්වාසීන් පිරිසක් නාවික හමුදා සෙබළුන් පිරිසකට පහරදීමට කටයුතු කල බවට වාර්තා පලවුවද අදාළ බොට්ටු හරහා රැගෙන විත් ඇත්තේ කේරල ගංජා හෝ වෙනත් මත්ද්‍රව්‍ය පමණක් නොව T56 වර්ගයේ ගිනී අවි ඇතුලු ආයුධ රැසක් බව හමුදා බුද්ධි අංශ වාර්තා මගින් තහවුරු කර ඇති අතර අදාළ ආයුධ තොගය හසුවිම වලක්වා ගැනිම සදහා බෝට්ටු රැගෙන ආ කණ්ඩායම ගම්වාසීන් කුලප්පු කර ඇති බවයි අනාවරණය වි ඇත්තේ.
නාවික හමුදා සේබළුන් තිදෙනාට එල්ල වු අනපේක්ෂිත ප්‍රහාරයත් ගම්වාසීන් කුලප්පු කරමින් සිද්ධිය වෙනතකට යොමුකර ඇති අතර පසුව පොලිසිය කල සෝදිසි මෙහෙයුමකදි ගොඩබිමට පැමිණි බොට්ටු කිසිවක් එම ස්ථානයේ තිබි නැති බවද තහවුරු වි තිබේ.
අදාළ වාර්තාව හරහා  හමුදා බුද්ධි අංශ පෙන්වා දි ඇත්තේ ඉන්දීයානු මුහුදු සීමාවේ නතරකර ඇති නෞකාවවක සිට අදාළ ආයුධ මෙන්ම විවිධ මත්ද්‍රව්‍ය මන්නාරම මුහුදු සීමාව හරහා රටතුලට රැගෙන එන බවයි.අදාළ අවි නෞකාව සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදි හමුදා බුද්ධි අංශ මගින් ආරක්ෂක මණ්ඩලයට වාර්තා සපයා ඇතී නමුත් එය කිසිදු ගණනකට ගෙන නැති බවයි අප ආරක්ෂක වාර්තාකරු සදහන් කළේ.

එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධ ජාත්‍යන්තර කණ්ඩායමක් විසින් මෙම ආයුධ නෞකාව සපයා ඇති බවට බුද්ධි අංශ සැක කරන අතර ඒ පිළිබඳව ඉන්දිය  විශේෂ වාර්තාකාරිණි ආසෝ ඛාන් (Aazo Khan) තොරතුරු අනාවරණය කර ගැනිමට කටයුතු කරමින් සිටි.
දිනෙන් දිනම ඉහළ යමින් තිබෙන උතුරු පළාතේ තිබෙන පාතාල සන්නද්ධ කණ්‌ඩායම්වල ක්‍රියාකාරීත්වය මර්දනය කිරීමට කටයුතු නොකළහොත් ඉදිරියේදී බරපතළ තත්ත්වයන්ට මුහුණදීමට සිදුවනු ඇතැයි බුද්ධි අංශ අනතුරු අඟවයි.
විශේෂයෙන්ම “ආවා ගෲප්” නමැති පාතාල කණ්‌ඩායම සිය ක්‍රියාකාරකම් ඉහළ දමා තිබෙන බව පොලිස්‌ ආරංචි මාර්ග කියා සිටියි.
මේ අතර මන්නා පිහිවලින් සහ කඩුවලින් සන්නද්ධව යතුරුපැදිවලින් ගොස්‌ විවිධ අපරාධ සිදුකිරීම නිසා ආවා ගෲප් කල්ලිය යාපනය පුරා භීෂණය පතුරුවා හරිමින් සිටිති.
යාපනය චුන්නාකම් ප්‍රදේශයේදී පොලිස්‌ නිලධාරීන් දෙදෙනකු කපා කොටා තුවාල කරනු ලැබුවේ තම කල්ලිය විසින් බවත් එය සිදුකරනු ලැබුවේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් දෙදෙනකු ඝාතනය කිරීමට එකට එක කිරීමක්‌ ලෙස බවත් කියමින් ආවා ගෲප් කල්ලිය යාපනය නගරය පුරා අත් පත්‍රිකා බෙදාහැර තිබිණි.
ආවා ගෲප් කල්ලිය අත් පත්‍රිකා බෙදූ බව කියන සිද්ධිය පොලිසිය ප්‍රතික්‍ෂේප කරන අතර ඔවුන් පවසන්නේ යාපනය ප්‍රදේශයේ ජනතාව භීතියට පත්කිරීමට සංවිධානාත්මක පිරිසක්‌ මෙම ක්‍රියාව සිදුකර ඇති බවයි.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
කුමන්ත්‍රණය තහවුරුයි.. උතුරේ කළබල මැඩීමට එක්සත් ජාතීන්ගේ හමුදාවක්…



අතුරැදහන් වූ කාර්‍යාල පනතේ 27.3 යටතේ ජාත්‍යන්තර සම්මුතියක් ගැන කියවේ. එම ජාත්‍යන්තර සම්මුතිය අනුව ජාතීන් අතර ආරවුලක් ඇති වූ විට විදේශීය හමුදා වලට ලංකාවට පැමිණිය හැකිය. ඒ අනුව මැච් එක නතර කරන්නේ උතුරේ කළබල මැඩීමට යාපනයට ගොඩබසින එක්සත් ජාතීන්ගේ හමුදා විසින් වීමේ වැඩි ඉඩක් මේ වන විට ගොඩ නැගී ඇත.

2009 මැයි 19 වැනි දින නන්දිකඩාල් කළපුවේදී සටන අවසන් වන සමයේ එසේ යුධ නැව් හෝ යුධ ගුවන් යානා හෝ යුධ ආධාර නොපැමිණීමට බල පෑ ප්‍රධාන කරැණ වූයේ ඒ අවස්ථාවේ ජාත්‍යන්තර මැදිහත්වීමකට අදාල කිසිදු ජාත්‍යන්තර සම්මුතියකට ලංකාව වෙනුවෙන් අත්සන් කර නො තිබීමය. 2009 මැයි මස සටන රජයේ ජයග්‍රහණයෙන් කෙළවර වූයේ එවකට වලංගුව පැවති යුද්ධමය මැදිහත් වීමකට අදාල ජාත්‍යන්තර සම්මුතියකින් ලංකාව බැදී නොතිබීමයි.

අද ඒසේ නොවේ. 2015.12.10 දින සිට අතුරැදහන් තැනැත්තන් කියමින් යුද්ධ කටයුතු සම්බන්ධ ජාත්‍යන්තර සම්මුතියකට ලංකාව ඇතුළත් වී සිටී. මෙකී ජාත්‍යන්තර සම්මුතියට ඇමෙරිකා එක්සත් ජනපදය හෝ එංගලන්තය ඇතුළත් වී නො සිටියදී ලංකාව ඇතුළත් වී ඇත. ඉන් පසුගිය යුධ ගැටුම් සහ සිදුවී ඇති සිදුවීම් සම්බන්ධව සෙවීමට නොහැකි බව දැන දැනත් එකී ජාත්‍යන්තර සම්මුතියට ලංකාව එකග කරගෙන ඇත්තේ අනාගතයේ උතුරැ නැගෙනහිර සිදුවන වෙනම රටක් සදහා වන අරගයකදී ජාත්‍යන්තර මැදිහත් වීමකට අවශ්‍ය වන නීතිමය ආරක්ෂාව සහ වගවීම තහවුරැ කර ගැනීමට ය.

එනම් ඉදිරියේදී උතුරේ මතුවන වෙනම රටක් සදහා වන අරගලයක් 2009 දී පාලනය කළ අකාරයට පාලනය කිරීමට ආණ්ඩුවට/රජයට නො හැකි වන අතර විදේශීය හමුදා මැදිහත්වන සංකීර්ණ සමාජමය, ආර්ථිකමය ප්‍රශ්න ගණනාවක් මතුවන දිගු කාලීන සිවිල් අරගලයක් දක්වා දිව යන තත්ත්වයක් කරා වර්ධනය වෙයි.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
”දුෂණ විරෝධීයැයි කියාගන්නා රන්ජන්” බැඳුම්කර මගඩිය යටගැසීමට හවුල්වෙයි..!


කෝප් කමිටුවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු වෙනම වාර්තාවක් සකස් කර ඉදිරිපත් කිරීමට යාම තුල මේ වනවිට කෝප් කමිටුව තුල අර්බුදයක් නිර්මානයවී ඇත. එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් හිටපු අධිපතිවරයා බැඳුම්කර වෙන්දේසියේදී වරදක් කර නැති බව කියමින් ඔහුව නිදොස් කොට නිදහස් කරමින් වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතය.

මහබැංකු අධිපතිවරයාට එරෙහිව ඉතා සවිස්තරාත්මක චෝදනා එල්ල වී තිබියදී නිතර දූෂණය පිළිබඳ කතාකරන එක්සත් ජාතික පක්ෂයේ රන්ජන් රාමනායකගේ මෙම අවස්ථාවේ භූමිකාව දෙස කාගෙත් අවධානය යොමුවී ඇත. මන්දයත් රන්ජන් රාමනායක පසුගිය කාලය පුරාවට වංචා දුෂණ සම්බන්ධයෙන් නිතර හඩක් නගන බව මාධ්‍ය තුල පෙන්නුම් කරන ලදි. තමාගේ මෙම භූමිකාවට අගයකිරීමක් ඉල්ලා පසුගිය දිනෙක ඔහු මාධ්‍යවේදියෙකු සමග ගැටුමක්ද නිර්මානය කරගන්නා ලදි.

එක්සත් ජාතික පක්ෂයෙන් මන්තී‍්‍රවරු 10දෙනෙක්ද මෙම කමිටුවට අයත් වෙති. ඔවුන් වන්නේ රන්ජන් රාමනායක, රවීන්ද්‍ර සමරවීර, සුජීව සේනසිංහ, වසන්ත අළුවිහාරේ, ආචාර්ය හර්ෂ ද සිල්වා, අජිත් පී. පෙරේරා, අශෝක අබේසිංහ, හෙක්ටර් අප්පුහාමි, හර්ෂණ රාජකරුණා, අබ්දුල්ලා මහරුෆ් යන අයයි.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
....... වෙඩි කෑමට නියමිතය....



රටේ ජාතික ආරක්ෂාව 2002 රනිල් පාළනය යටතේ පවාදීමෙන් දූෂණය කලේය. කරැමෙක මහත 2016දීත් අද එලෙසම සිදුවන්නේය. එදා පාවාදීම කෙලවර වන විට රටේ බුද්ධි අංශයේ 53 ඝාතනය වී LTTE වෙත අධිතාක්ෂණික සංන්වේදන උපකරණ එක්වී උතුරේ කොටි පොලිස් උසාවි රේගු සංස්කෘතික  සියල්ල සම්පුර්ණ  කරගෙන තිබුණි.

අද උතුරේ  පොළිස් නිළධාරීන් කපා කොටා යන සන්නද්ධ කල්ලිය. 2015 ජනවාරි බලය මාරුවන විට නොතිබූ කල්ලි අද පුහාර වල වගකීම භාරගෙන අත්පතිුකා බෙදමින් යයි.

රටේ බුද්ධි අංශ නිළධාරීන් නොමරා මරයි. ඹවුන් විව්ධ චෝදනා කරමින් රිමාන්ඩ් කරමින් ඹවුන්ගේ රාජකාරි අනන්‍යයතාවය අණාවරණ කරයි. මීලගට ඹවුන්ට  බෙදුම්වාදීන්  අතරට ගොස් බුද්ධි තොරතුරු ලබාගත නොහැකිය .ඹවුන් ඉතා සූක්ෂම ලෙස අනාවරණය කොට හමාරය.

රනිල් යටතේ මේ රටේ බුද්ධි අංශය කොතරම් පාච්චලයට ලන්වෙන්නේද යත් විවිධ බොරැ චෝදනා කරමින් සිරගත කරන බුද්ධි නිළධාරීන්ට රජයේ පාර්ශ්වයෙන්ම විවිධ චෝදනා එල්ල කරමින් උසාවියට දැඩි ඇප ආවරණ ඉල්ලා සිටින තැනට පත් කරයි. ඒවා ගෙවා දැමීමට රජය ඉදිරිපත් නොකරයි පෞද්ගලිකව එකී නිළධාරියෙක් එම ඇප ගෙවීම සිදුකල යුතුය . නැත්නම් ගෙවන තුරැ නැවත රිමාන්ඩ් ය. ඇප ලැබූ එක්නැලිගොඩ නඩුවේ කර්නල් ෂම්මි ඇතුළු අනෙක් බුද්ධි නිළධාරියෙක් අද නැවත රිමාන්ඩ් වූයේ ගෙවිය යුතු ඇප මුදල් ලක්ෂ 30 නැතිවීම නිසාය.

කිසිදු බියක් නොමැතිව රනිල්ගේ2002 ආන්ඩුව යටතේ හමුදා කදවුරැ ඉදිරිපිටට පැමිණි බෙදුම්වාදීන් හමුදා සෙබළුන්ට ඇදිවත ඹසවා පෙන්නුවේය.ගඩොල් බෑ වලින් පහර දුන්නේය. අදද ඹහුගේ ආන්ඩුව යටතේ හමුදා සෙබළුන් හොරකමේ ආවා යැයි දේවස්ථාන තුලට ගෙනගොස් පහර දී ගෙන දමව්නේය. ඒවාට එරෙහි වන කොන්ද පණ ඇති නිළධාරීන් මාරුකරන්නේය.

සහජීවනය අපට පමණක් නොවේ.එහෙත් රනිල් යටතේ හැමදාම සිදුවන්නේ  සහජීවනය වෙනුවෙන් කියා රටේ ජාතික ආරක්ෂාව හෑප්ලු  කිරීම්ය. එය රට තුල මෙන්ම රටෙන් පිටතත් දරුනුවට කිුයාත්මක වෙන්නේ ඹහුගේ පාලනය යටතේය. 2002ද අදද එය නොවෙනස්ව කිුයාත්මක වේ.

ආන්ඩුවක් මේ තරම් රටේ ආරක්ෂාව හෑල්ලු නොකල යුතුය . එකී මෙකී නොකී ෆෙඩරල් ජාත්‍යන්තරය  විසදුම්  බලය බෙදීම් ඒකාබද්ධ කිරීම් සියල්ල පැමිණෙන්නේ  රනිල් පාලනය කරන විටය.

එක්කෝ මේ රට පැවතිය යුතුය .නැත්නම් කෑලි කෑලි වලට බෙදා ගත යුතුය. බොරැවට සුදනන් වීමට මේ කොලේ හංගා ගසමින් කෑලි කැඩුවා යන්නට අසුනොවී වැඩෙි කොට ජාත්‍යන්තර පිලි ගැනීමේ ගෞරව මැද මැරීයන්නට දැගලීම නතරවිය යුතුය. නැත්නම් වෙඩි කෑමට අනිවාර්යයෙන්  නියම වීමට හිත හදා ගත යුතුය. දිගින් දිගටම එක  අරමුනක් වෙනුවෙන් රටේ ජීවිත කැපකල හමුදාවන්ට රිදවීම අවසානයේදී  පුපුරා යාමක් සිදුවුවහොත් එයින් රටක්ම අසරණ වන්නට ඉඩ තිබෙන බව ලියා තැබිය යුතුය .

.......නුවන් මොණරවිළ ......
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
මානුෂීය මෙහෙයුමේ හමුදා ප්‍රධානීන්  5ක්‌ රහස්‌ පොලිසියට - කවුරුහරි ජනාධිපතිට වහාම  පත්තරේ යවන්න 



-කීර්ති වර්ණකුලසූරිය ( ඉරිදා දිවයින )

වන්නි මෙහෙයුමට දායක වූ හිටපු හමුදා ප්‍රධානීන් පස්‌දෙනකු මේ වන විට විවිධ චෝදනා මත මූල්‍ය අපරාධ අංශයට සහ රහස්‌ පොලිසියට කැඳවා ප්‍රශ්න කරගෙන යයි. හිටපු නාවික හමුදාපතිවරුන් වූ තිසර සමරසිංහ, වසන්ත කරන්නාගොඩ, ජයනාත් කොළඹගේ, ජයන්ත පෙරේරා සහ හිටපු හමුදාපති දයා රත්නායක එම හමුදා ප්‍රධානීන් වේ.දේශපාලන කටයුතුවලට සම්බන්ධවීම, ඇවන්ගාර්ඩ් සමාගමට සහය වීම, ළමුන් පස්‌දෙනකු අතුරුදන් වීම සහ යුද හමුදා සුබසාධනයට ටෙලිකොම් ආයතනයෙන් මිලියන 50 ක්‌ ලබාගැනීම යන චෝදනා මෙම ආරක්‌ෂක ප්‍රධානීන්ට ඉදිරිපත් වී ඇත.මොවුන්ට එරෙහිව පරීක්‌ෂණ අරඹා ඇත්තේ මූල්‍ය අපරාධ අංශයට හා රහස්‌ පොලිසියට ලත් පැමිණිලි මත බව ද හෙළි වී ඇත.මෙලෙස කටඋත්තර ලබාගත් එක්‌ ආරක්‌ෂක ප්‍රධානියෙක්‌ සහ හිටපු ආරක්‌ෂක නිලධාරියාට රුපියල් ලක්‌ෂ 3 ක්‌ වටිනා රොලෙක්‌ස්‌ ස්‌විස්‌ අත්ඔර්ලෝසුවක්‌ ලබාදීම ගැනද තොරතුරු හෙළි වී තිබුණි.එම ආරක්‌ෂක ප්‍රධානියාට එරෙහිව එකී හිටපු ආරක්‌ෂක නිලධාරියා රහස්‌ පොලිසියට කටඋත්තරයක්‌ ද ලබා දී ඇත.මේ අතර ආරංචි මාර්ග පැවසුවේ හිටපු ආරක්‌ෂක හමුදා ප්‍රධානීන්ට එරෙහි චෝදනා පසුබිමේ හිටපු ආරක්‌ෂක ප්‍රධානියකු ද සිටින බවයි.කටඋත්තර ලබාගත් හිටපු ආරක්‌ෂක ප්‍රධානීන් ගැන මූල්‍ය අපරාධ අංශය හා රහස්‌ පොලිසිය නීතිපති වෙත වාර්තා යොමු කිරීමට ද නියමිතය.මේ අතර ගාලු කොටුවට එල්ල වූ කොටි ප්‍රහාරයෙන් ද වරදකරු වී නාවික හමුදා සේවයෙන් ඉවත් කළ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු මෑතක දී රියාර් අද්මිරාල් ධුරයට උසස්‌ කර ඇත.මෙලෙස වන්නි මෙහෙයුමේ හිටපු ආරක්‌ෂක ප්‍රධානීන්ගෙන් ප්‍රශ්න කිරීම නිසා හමුදා අංශවල කටයුතු අවුල්සහගත වීමේ තත්ත්වයක්‌ මතු වී ඇති බව ආරංචි මාර්ග දක්‌වයි.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
යුද හමුදා බුද්ධි ප්‍රධානියා ඉවත් කළොත් වාසිය ජාත්‍යන්තර කොටි ජාලයට 



කීර්ති වර්ණකුලසූරිය 

යුද හමුදා බුද්ධි සේවා ප්‍රධානි බ්‍රිගේඩියර් සුරේෂ් සාලේ එම ධුරයෙන් ඉවත් කළහොත් ජාත්‍යන්තර කොටි ජාලය ගෙනයන රාජ්‍ය විරෝධී ක්‍රියාකාරකම් ගැන සිදුවන විමර්ශන මුළුමනින්ම බිඳ වැටෙන බව විදෙස්‌ ගත ශ්‍රී ලාංකික සංවිධාන කියා සිටී.

මේ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සැබෑ තත්ත්වය ඉදිරිපත් කර හදිසි සංදේශයක්‌ එවීමට ක්‍රියාකර ඇතැයි එම සංවිධාන ප්‍රකාශකයෙක්‌ ඊයේ (18 දා) ප්‍රංශයේ පැරිස්‌ නුවර සිට "දිවයින"ට පැවැසීය.

බ්‍රිගේඩියර් සාලේ වහාම එම ධුරයෙන් ඉවත්කරන ලෙස සිවිල් සංවිධාන ජනපතිවරයාගෙන් ඉල්ලා ඇතත් මෙතෙක්‌ ඒ පිළිබඳව ප්‍රතිචාරයක්‌ ලැබී නැත.

වන්නි මෙහෙයුම සමයේ සුරේෂ් සාලේ ජාත්‍යන්තර කොටි ජාලයේ ක්‍රියාකාරකම් හෙළිකරමින් ශ්‍රී ලංකාවේ ආරක්‌ෂාවට විශිෂ්ට සේවාවක්‌ කළ බවද එම විදෙස්‌ගත සංවිධාන හෙළි කරයි. 

බ්‍රිගේඩියර් සාලේ එම ධුරයෙන් ඉවත් කළ හොත් විශාලතම වාසිය සැලසෙන්නේ ඊළාම් ඩයස්‌පෝරාවට බවද එම ප්‍රකාශකයා පැවැසීය.

ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට සම්බන්ධව සේවය කළ සුරේෂ් සාලේ මහතා ප්‍රංශ කොටි ජාලයේ රහස්‌ රැසක්‌ සොයාගෙන තිබිණි.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
එදා උඩුගමිපළ මෙදා ශානි අඛෙිසේකර 


2002 වර්ෂයේදි එවකට නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ලෙස කටයුතු කළ ප්‍රේමදාස උඩුගමිපොළ නම් 󠆒**** එවකට අගමැතිවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා ඝාතනය කිරිමෙි කුමන්ත්‍රණයක් ඇති බවට පවසා අගමැතිවරයා හට ව්‍යාජ තොරතුරු ලබා දෙමින් තම පොලිස්පති සිහිනය සැබෑ කර ගැනිමට කිසිදු පිළිගත හැකි සාක‍ෂි නොමැතිව එවකට එල්ටිිටිඊ ත්‍රස්ථයන්ට එරෙහිව රහසිගත මෙහෙයුමි සිදු කළ හමුදා සන්නද්ධ බුද්ධි බළකායට අයත් මිලේනියමි සිටි ආරක‍ෂිත නිවාසය වටලා එහි සිටි බුද්ධි නිළධාරින් හා තොරතුරුකරුවන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කරනු ලැබිය. එදා පාදඩ සුනඛ උඩුගමිපොළ සිදු කළ ක්‍රියාව හේතු කොට ගෙන සිය ජාතික යුතුකම ඉටු කිරිම සදහා ක්‍රියාකාරි ලෙස ත්‍රස්ථ මර්ධන ක්‍රියාන්විත වළ නිරතව සිටි දක‍ෂ බුද්ධි නිළධාරින් පිළිබද සියළු රහස් හෙළි කරනු ලැබිය. එහි ප්‍රථිපළයක් ලෙස එම දක‍ෂ බුද්ධි නිළධාරින්ට හා තොරතුරුකරුවන්ට එල්ටිටිඊ ත්‍රස්ථයින්ගේ වෙඩි උණ්ඩයට බිලි විමට සිදුවු අතර තවත් පිරිසකට තම මවි රට හැර යැමට සිදු විය. මෙි හේතුවෙන් එල්ටිටිඊ ත්‍රස්ථයින් හට සන්නද්ධ බුද්ධි බළකාය අඩපණ කොට තම සංවිධානයේ ශක්තිය සිය ගුණයකින් වැඩි කර ගැනිමට හැකියාව ලැබුණි. මෙම ක්‍රියාවළිය එවකට ජන සමාජයේ ඛෙහෙවින් කථාබහට ලක් වු සිදුවිමක් වු අතර එයට මිලේනියමි සිටි මහා පාවාදිම වශයෙන් ව්‍යාවහර කරන්නට සාමාන්‍ය ජනතාව පෙළඹුණු අයුරු සියළු දෙනාට අද මෙන් මතක ඇති බව නිසැකය. 
පසුව මෙි සමිබන්ධයෙන් එවකට රාජ්‍ය අමාත්‍යවරයාව ලෙස කටයුතු කළ තිලක් මාරපන මහතා පාර්ලිමෙින්තුවෙිදි කථා කරමින් සිය කණස්සල්ල පළ කර තිබුණි (එම කතාව පහතින් නරබන්න ) . තවද මෙහි අතුරු ඵලයක් ලෙස විශාල රාජ්‍ය රහස් සතුරා අතට පත් වු අතර, එල්ටිටිඊ සංවිධානයට හිසරදයක්ව සිටි ප්‍රබළ බුද්ධි නිළධාරියෙකුව සිටි කර්නල් මුතාලිෆ් වැනි විරුවන් දැයට අහිමි විය. 
මොහුගේ මෙම ක්‍රියාවළියෙන් අඩපණවු හමුදා බුද්ධි අංශය එවකට ශේෂව සිටි දක‍ෂ බුද්ධි නිළධාරින් කිහිපදෙනෙකු විසින් යළිත් ජිවය ලබාදි ලොව අංක එකේ ත්‍රස්ථයින් ලෙස සැළකු එල්ටිටිඊ සංවිධානය සදහටම තුරන්කරන්නට ක්‍රියාකළහ. එම දක‍ෂ බුද්ධි නිළධාරින් අතරින් වර්තමාන බුද්ධි අධක‍ෂවරයාද ප්‍රමුඛ කාර්්‍යභාරයක් ඉටු කරන ලද අයෙකු වෙි. 
එදා උඩුගමිපළගේ අඩිපාරේ යමින් මෙදා අපරාද පරික්ෂන දෙපාර්තමෙන්තුවෙි සේවයෙ නියුතු= ශානි අඛෙිසේකර ලසන්ත වික්‍රමතුංග ඝාතනය සමිබන්ධයෙන් බුද්ධි අංශය සමිබන්ධ කිරිමට දැඩි පරිශ්‍රමයක් ගන්නා අයුරු පෙනි යන අතර මෑතකදි ගෙළ වැළලාගෙන සිය දිවි හානි කරගත් බුද්ධි අංශ බළලත් නිළධාරියාගේ ඡායාරූපයට ලසන්ත වික්‍රමතුංග ඝාතකයාගේ රුව සමාන බව චෝදනා එල්ලකලද එම ඡායාරූපය ශානි අඛෙිසේකරට බොහොසේ සමාන බව පහත දක්වා ඇති ඡායා රූපයෙන් මනාව පැහැදිලිවෙි.මෙම සත්‍යතාව මාධ්‍ය හරහා ප්‍ර්‍රවාරය විම වැලැක්විමට මෙහු මහත් පරිශමයෙදෙන බව ඉතාගොදින් පැහැදිලි වෙි.





තවද ඔවුන්  මෙම සිදුවිම මෙරට සංස්කෘතිට සංකර සිරිත් විරිත් හඳුන්වා දෙමින් ලාංකිය ජනමනස විකෘති කිරීමෙි මෙහෙයුමක නිරත බහු ජාතික සමාගමි කරුවන්ට අයත් රූපවාහිනි නාලිකාවක් වශයෙන් නමි දරා සිටින එල්ටීටීඊ සංවිධානට පක‍ෂක්ග්‍රාහිලෙස පුවත් වාර්තා කරණයක නිරතව සිටි කූපප්‍රකට රජාගේ නාළිකා හා පාදඩ වෙබි මාධ්‍ය කලාවක නිරත වෙබි මාධ්‍ය පුවත්  ආයතනයක් හා සමිබන්ධ වෙමින් මෙම කාරනය  ජනතාවගෙන් වසන් කිිරිමට කටයුතු සිදු කරන බවට ලියුමිකරුට වාර්තා වි ඇති අතර මෙම ඝාතනය බුද්ධි අංශයට පැවරිමට මුදලට කහින නිතිඥයන් යැයි කියාගන්නා පිරිසක් වෙරදරන බවද පෙනේ තවද මෙම සිද්දියට සමිබන්ද නියම සැකකරුවන් සැගවිමට කටයුතු කරන බවත් ඒතුලින් හමුදා බුද්ධි අංශය ට එම වරද පැටවිමට උත්සහ කරන බව ගැහැදිලිවෙි.   
.


එදා උඩුගමිපළ මිලේනියමි සිටි පාවාදිම තුළින් සිදුකළ බුද්ධි අංශයේ මහා පාවා දිමට නොදෙවෙනි අයුරින් මෙදා ඔහු අනුගමනය කරමින් ශානි අඛෙිසේකරද බුද්ධි අංශ පාවා දිමට සැරසෙන අයුරු ඔහුගේ ක්‍රියාවන් තුළින් දැක ගත හැක . තවද ඔහු තම ජේ්‍යෂ්ඨයින් පරයා නැගි සිටිමින් පොලිසියේ ඉහළම පුටුවට දත නියවන මොහුට උඩුගමිපළට සිදුවුදේම ඉතා ඉක්මනින් සිදුවනු නොඅනුමානයි.  අමිබලන්ගොඩ ප්‍රදේශයේ ඉපිද සාමාන්‍ය පෙළ හැදෑරිමෙන් පසු පොලිස් විශේෂ කාර්්‍ය බළකායට එක්වි ඉන් අනතුරුව රහස් පොලිසියට එක්වන මොහු එහි නියෝජ්‍ය අධ්‍යක‍ෂකවරයා හා අධ්‍යක‍ෂවරයා අභිබවමින් සිය හිතගියාවන් සහ වරප්‍රසාද වෙනුවෙන් රට ජාතිය පාවා දිමට ක්‍රියා කරන අයුරු මොහුගේ හැසිරිමෙන් මොනවට පැහැදිලි වෙි.කෙසේ වෙතත් එදා උඩුගමිපළ මෙන්ම මෙදා ශානි අඛෙිසේකර ජාතික ආරක‍ෂාව තුටිටුවකට මායිමි නොකොට සිදු කරන මෙම ක්‍රියාතුළින් රටත් ජාතියත් සදාතනික අන්ධකාරයකට වැටෙනු නොවනු මානය. එබැවින් තම පෞද්ගලික අභිමතයන් හා වරප්‍රසාධයන් පසෙකලා වගකිමකින් යුතුව රටෙිත් ජාතියේත් ආරක‍ෂාවට හා ප්‍රගමනයට තම දායකත්වය ලබා දෙන ලෙස සියළු පොලිසියේ නිළධාරින් හා වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටින අතර  රට ජාතිය පාවා දෙන්නන් වෙතොත් ඔවුන් සදා තනික කුණු බක්කියට දැමිමට කටයුතු කරන මෙන් දේශමාමක ඔබලාගෙන් අයැද සිටිමි. 
තවද ලසන්ත වික්‍රමතුංග ඝාතන පරික‍ෂණ වෙනත් දිසානතියකට යොමුකිරිමට උත්සහ දරණ ශානි අඛෙිසේකර එම පරික‍ෂණ කටයුතු වලින් ඉවත් කොට පොලිසියේ කිර්ති නාමය සුරකිය හැකි නිර්දේශපාලනිකරණයෙන්  තොර අවංක සෘජු තිරණ ගත හැකි පොලිස් නිළධාරියකු පති කිරිම වඩාත් යෝග්‍ය යනු අති අතර එමගින් පොලිසියේ කීර්ති නාමයක් රටෙි අනාගයත්, ආරක‍ෂාවත් සුරක‍ෂිත කර ගත හැකි වනු ඇතැයි පෙන්වා දිමට කැමැත්තෙමි. තවද එවන් පොලිස් නිළධාරින් ඔිනෑ තරමි පොලිස් දෙපාර්තමෙින්තුවෙි සිටින බව පැවසි යුතුමය.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
බුද්ධි අංශයේ දිවිනසාගත් විරුවා මැරුනාද මැරුවාද ? දැන ගතයුතුයි සත්‍ය.....



මාද්‍ය වේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කලේ තමන්‍බවට ඉතා කෙටි ලිපියක් ලියා  ගෙල වැලලාගෙන මිය ගිය බුද්ධි අංශ සැරයන් වරයා දෙදරු පියෙකි.
ඔහු ලිපියේ සදහන් කර ඇත්තේ තමන් ලසන්ත වික්‍රමතුංග ඝාතකයා බවත් තමන්ගේ මිතුරාවන මලින්ද උදුලාගම නිදහස් කරන ලෙසටය. මෙහි තම ආදරිණීය  දරුවන් , බිරිද වෙනුවෙන් යමක් ලිවීමට නොහැකි වූයේ මන්ද යන්න සිතිය යුතු නොවේද? 

මේ වන විට මිනී ගොඩ ගැනීම කලාවක් කරගත් යහපාලනය මෙයද සොයා බැලිය යුතු තවත් එක් මරණයක් බවට කිව යුතුමය.

තාජුඩීන් ඝාතනයට වරෙක යෝශිත රාජපක්ෂද , තවත් වරෙක නාමල් රාජපක්ෂද හසු කිරීමට එලූ දැල කිසිදු සාදකයක් නොමැතිවම වියර්ත විය. 

තවත් වරෙක එක්නැලිගොඩ අතුරු දහන් වීමේ නඩුවේ අත් අඩංගුවට ගත් බුද්ධි අංශ නිළදාරීන් ලවා එක්නැලිගොඩ , හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදුකල බවට කට උත්තර ලබා දෙන්නේ නම් බුද්ධි අංශ නිළදාරීන් නිදහස් කරන බවට කී යහපාලන ගෝඨාභයට එලූ දැල ව්‍යර්තව ගියේ බොරු සක්ෂි දී පාවා දීමට තරම් බුද්ධි අංශ නිළදාරීන් නිවට නොවු නිසාය. 

මිනී ගොඩ ගන්නා නාටකයේ මාධ්‍ය වෙදී ලසන්ත වික්‍රමතුංග මග හැරිය නොහැකි චරිතයක් වන්නේ මේ අතරය. එහෙත් ලසන්ත වික්‍රමසිංහ නඩුව ඇද වරිගෙ නහා ගන්නවට වඩා එය යහපාලනය මියැදීමට පෙර බුද්ධි අංශයේ එකෙකු මරා යට ගැසීම යහපාලනයට ඉතාමත් පහසුම කාලය මෙයයි.. ඒ කිසිවක් නිසා නොව වරෙක ජෝසප් මයිකල් ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී කී පරිදි ලන්ත වික්‍රමතුංගගේ ඝාතකයා සරත් ෆොන්සේකා වන බැවිනි... නිසි පරිදි පරීක්ෂන කලහොත් ගෝඨාට එලන්නට යන දැල ෆොන්සේකාට වැටෙන බව දන්නා යහ-පා-
ලනය , රනිල් වෙනුවෙන් බුරන බලු කුක්කා වන ෆොන්සේකා මෙයින් ගලාවා ගැනීම යුතුකම යැයි සිතන  යහපාලනය ගෙදරයාමට පෙර මෙම ෆයිල් එක කෙසේ හෝ ඉවත් කිරීමට යුහුසුළු වූවා නොවෙද?  

ලසන්ත වික්‍රමසිංහ වැනි මාධ්‍යවේදියෙකු ඝාතනය කළ සරත් ෆොන්සේකාට ,,, බටලන්දේ වදකාගාර දමා තරුණයින් අමු අමුවේ මරා දමා නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ ක්‍රමයට එවක ද නීතිය නමා බටලන්දේ මිනීමරු අලුගෝසුවා එය යටගැසුවා සේම,,, මිලේනියම් සිටි බුද්ධි අංශ නිළදාරීන් අමු අමුවේ පාවා දුන් රනිල්ට ,,, රනිල් වෙනුවෙන් බුරන බල්ලා වෙනුවෙන් සියදිවි නසා ගත්තා දැයි සැකයක් මතු කරන ඔහු තවත් එක් බුද්ධි අංශ නිළදාරියෙක් පමණි..
Dissa -

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network