Showing posts with label මව්බිම පාවාදිම. Show all posts
ජනමත විචාරණය පරදිනවාමයි මං අත්සන් කරන්නේ නෑ.. ජනපති-අගමැති අලූත් ව්‍යවස්ථා ගැටුම උපරිමයට එයි



නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්තාවක් සදහා වූ කෙටුම්පත මේ මස ඇතුලත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර පක්‍ෂ නායක හමුවේදී තීරණය වී ඇත්තේ එම කෙටුම්පත විවාදයට පමණක් ජනවාරි මුල් සතියේ දින දෙකක් හෝ තුනක් වෙන් කිරීමටයි.

එය සම්මත කිරීම සදහා වූ ඡන්ද විමසීමට පසුව දිනයක් යොදා ගැනීමටද තීරණය වී ඇත.

මේ අතර ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන විසින් අගමැතිවරයාටත් ශ‍්‍රීලනිපයේ තමනට හිතවත් මන්ත‍්‍රී පිරිසටත් දන්වා ඇත්තේ ‘මේ ව්‍යවස්ථාව ජනමත විචාරණයක් තිවුවොත් අනිවාර්යෙන්ම පරදිනවා. මහා සංඝ රත්නය අනිවාර්යෙන් මේකට විරුද්දව පාරට බහිනවා. ආණ්ඩුවත් ඊට පස්සෙ ගෙනියන්න බැරිවෙනවා’ යන අදහසයි.

නමුත් ඊට ප‍්‍රතිචාර ලෙස අගමැතිවරයා විසින් ජනාධිපතිවරයාගේ නියෝජිතයින්ට දන්වා ඇත්තේ ‘අලූත් ව්‍යවස්තාව ජනවාරි 08ට කලින් ඇති කරගත් ජාත්‍යන්තර බැදීමක්. ඒක ඉටු කරන්න අපි බැදිල ඉන්නව. ඒක නොකලොත් අපිට ඊට වඩා ප‍්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනව. ඒ නිසා මේක කරන්නම වෙනව. ජනමත විචාරණයකට ගිහින් අවදානම අරගෙන කොහෙමහරි දිනන්නම වෙනව’ ආදී වශයෙනි.

කෙසේ වෙත්ත ශ‍්‍රිලනිපයේ මෛත‍්‍රි හිතවාදී මන්ත‍්‍රී පිරිස පවසන්නේ ‘ජනමත විචාරණයකට නම් මං අත්සන් කරන්නේ නෑ. මං අත්සන් කලොත් විතරනෙ ජනමත විචාරණයක් තියන්න පුළුවන්’ යයි ජනාධිපතිවරයා තම කණ්ඩායම සමග පැවසූ බවයි.

මේ අනුව නව ව්‍යවස්ථාව සම්බන්දයෙන් රනිල්-මෛත‍්‍රී දෙපාර්ශවය අතර උද්ගත වී ඇත්තේ මතබේදාත්මක තත්වයකි.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
ශ‍්‍රී ලංකා-රුසියා හොද හිත පළුදුවීමට ඉතා ආසන්නයි.. – රුසියාව ශ‍්‍රී ලංකාවට දන්වයි..



ශ‍්‍රී ලංකාව හා රුසියාව අතර ඇති හොද හිත පළුදුවීමේ ඉඩක් ඇති බව කොළඹ සිටින රුසියානු තානාපති ඇලෙක්සැන්ඩර් කේ. කරවිච් මහතා පවසයි.

ශ්‍රී ලංකා රජය විසින් ඇස්බැස්ටෝස් ආනයනය තහනම් කිරීම මීට හේතුව බවද පවසන ඔහු මේ පිළිබඳ නැවත සලකා බලන්නැයිද ඉතා උනන්දුවෙන් රජයෙන් ඉල්ලා සිටින බවද කියා සිටී.

ජනාධිපතිවරයා, අගමැතිවරයා සමගද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තම යෝජනා ඉදිරිපත් කර ඇති බවද පවසන රුසියානු තානාපතිනරයා දෙපාර්ශවයටම එකඟ විය හැකි එකඟතාවකට පැමිණීම අවශ්‍ය බවද සදහන් කරයි.

ඔහු වැඩිදුරටත් පවසන්නේ ඇස්බැස්ටෝස් ආරක්‍ෂිතව භාවිතකා කිරීම සම්බන්ධයෙන් මෙරට ජනතාව දැනුවත් කිරීමට රුසියානු විශේෂඥයින් යෙදවීමටද තම රජය සූදානම් බවයි.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
හමුදාවේ ඔලු පැළු දකුණේ ආණ්ඩුවට කොන්දේසි විරහිතව සහය දෙනවා



දකුණේ ශ්‍රී ලංකා ආණ්ඩුව රණවිරුවන්ගේ ඔලු පලමින් පහරදිම පිළිබඳව තමන් මෙන්ම තමන්ගේ පක්ෂයද ඉහමත් සතුටට පත්ව සිටින බව  ප්‍රභාකරන්ගේ මස්‌සිනා වන උතුරු පළාත් සභා මන්ත්‍රී සිවාජීලිංගම් පවසා තිබේන බව උතුරේ අප විශේෂ වාර්තාකරු සදහන් කළා.
අමෙරිකානු ජනාධිපතිවරණයෙන් හිලරි ක්ලින්ටන්ට ජයපතා යාපනයේ පැවැත්වු උත්සවයකට එක්වෙමින් පළාත් සභා මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් පවසා ඇත්තේ… දෙමළ ජනයා සමුහ ලෙස ඝාතනය කල හමුදාවට දකුණේ ආණ්ඩුව පහරදිම හරහා ආණ්ඩුව හමුදාකරණය අවසන් කිරිමට කටයුතු කරන් බව පැහැදිලිව පෙනී යන් බවත් ඒ සදහා තමන් මෙන්ම ද්‍රවිධ ජාතික සන්ධානය කොන්දේසි විරහිතව සහය දෙන බවයි.
ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට දේශපාලන විසදුමක් ලබා ගැනිමට නම් අමෙරිකානු ජනාධිපතිවරණයෙන් හිලරි ක්ලින්ටන් ජයගත යුතු බව පවසමින් දෙමළ ජාතික සන්ධානයේ පළාත් සභා මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම්ගේ නායකත්වයෙන් හිලරිට ජයපතා නල්ලුර් කොවිලේ පොල් ගෙඩි 1008 ගසා මෙරි කතෝලික පල්ලියේ ඉටිපන්දම් 1008ක් ද දල්වන බව මීට පෙර සදහන් කර තිබුනා.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
“මම හිටියා නම් ජල ප්‍රහාර ගහන්න දෙන්නේ නැහැ” – ජනාධිපති
මෙයාගේ විසිල් විතරයි බලටී නැ 


තමා ඊයේ (07) දිනයේ කොළඹ සිටියේ නම් ආබාධිත රණවිරුවන්ට ජල ප්‍රහාර එල්ල කිරීමට ඉඩ නොදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවා.

අපවත් වී වදාල පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ පළමු ගුණසමරු උත්සවයට අද (08) පස්වරුවේ එක්වෙමින් ජනාධිපතිවරයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කළා.

එහිදී හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේ “මම හිටියා නම් ඒගොල්ලො ඔක්කොටම එන්න දෙනවා ජනාධිපති ලේකම් කාර්යාලයට. ඇවිල්ලා කරන දෙයක් කරලා යන්න කියලා.. මගේ ප්‍රතිපත්තිය නම් ඒකයි. ඉන්දියාවට කතා කරලා මට කිව්වා නම් මෙන්න මෙහෙම සිද්ධියක් තියෙනවයි කියලා..මම ඒ තීරණය ක්‍රියාත්මක කරනවා. මම දන්න විදිහටනම් අතින් පයින් පහරදීලා නැහැ. බේරන්න බැරි තැන පොලිසියෙන් ජල ප්‍රහාර තමයි එල්ල කරලා තියෙන්නේ. මම හිටිය නම් ඒකත් කරන්න දෙන්නෙ නැහැ.” යනුවෙනි.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
සිරිසේන නැවතත් රහස් කතා අරඹයි .


ඉතා හදිස්සියේම මෙම සාකච්ජාව කැදවාඇති අතර ඒ සදහා පැමිනි අය අතර සම්බන්දන් ප්‍රධාන අමුත්තෙක් ලෙස පිලිගෙන ඇත . මේ අතර විග්නේශ්වරම් හා විජයකලා යන දෙදෙනාද සිටීම විශේෂත්වයක් විය. මොවුන්ගේ සාකච්ජාවේ ප්‍රධාන අරමුණු කිහිපයක් වූ අතර ප්‍රධාණ වශයෙන් යුරෝපා සංගමය සංචාරයෙන් පසු ජනාධිපති තුමන් හමුවීමට උත්සුක වූ බව ඉගි පල කර ඇත.ඒ කිසිවක් නිසා නොව චන්ද පොරොන්දු ඉටු කිරීමට බලය බෙදිය යුතු බවත් බලය බෙදන නව ව්‍යවස්තාව ගෙනෙන ලෙසත් නැවත ජනාධිපති තුමන් හට දැනුම් දීමටය.. සාකච්ජාවේ සම්බන්ධන්ටද ඇතිව තිබුනේ රට ෆෙඩරල් කර තමන්ගේ කොටස ලබා දෙන ලෙස ජනාධිපති තුමන්ට දැනුම් දීමටයි. 

මේ වන විට මෛත්‍රී රජයෙන් හමුදාවට ලබා දී ඇති තැන අගය කරන බව ඉතා සතුටින් ජනාධිපති තුමන්ට දැනුම් තුන් අතර උතුරේ ඇති ඉතිරි හමුදා කදවුරු ටිකත් ඉවත් කරදෙන ලෙස විග්නේශ්වරම් සිහිපත් කර ඇත. සාකච්කජාව අතර තුර ඔවුනොවුන්ගේ ගැටලු ඉදිරිපත් කල අතර සියලු දෙනාම ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපති තුමන් බලයට පැමින වසර දෙකක් ආසන්න වන බවත් මෙතෙක් තමන් පැතූ වෙනස ලැබී නැති බවත් ලබාදුන් චන්ද පොරොන්දු ඒ ආකාරයෙන්ම ඉශ්ඨ කරන ලෙසත් එසේ නොවුන හොත් තත්වය මීට වඩා වෙනස් විය හැකි බවත් තරයේ කියා ඇත. වැඩි දුරටත් කියා ඇත්තේ ජනාධිපති ජයග්‍රහනය පිටුපස සිටි NGO , ලොව වටා ඇති දෙමල ඩයස්පෝරාව , හා ඉන්දියාව ලබා දුන් සහය අමතක කොට ඉදිරියට යාමට නොහිතන ලෙසත් ඔවුන් ජනාධිපති වරයාට අවධාරණය කර ඇත. 

සියල්ලටම සාවධානව අසා සිටි මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති තුමන් කියා ඇත්තේ මා කරන වැඩ කිසිවක් පෙනෙන්නට නැති නමුත් ඔය සියල්ලටම අවශ්‍ය පසුබිම මා සකසා අවසන් බවත් ඒ පිළිබද කිසිදු සැකයක් තබා නොගන්නා බවටත් දැනුම් දී ඇති අතර එහි පළමු වෙඩි මුරය මේ වන විට තබා ඇති බවත් පැමින සිටි අයට දැනුම් දී ඇත. ජාධිපති තුමන් ඉන් පිට වීමට පෙර සිනාමුසු මුහුනින් කියා ඇත්තේ NGO සංවිධානය මාගෙන් බලාපොරොත්තු වූ දෙවන පෙළ කොටි සංවිධානය බිහිකිරීමට අවශ්‍ය පරිසරය මා සකස්කොට අවසන් බවත් එය හැකි ඉක්මනින් NGO සංවිධානයට දැනුම් දීම ඔබලාගේ වගකීමක් බවද කියා ඇත.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
බුද්ධි නිලදාරින් වෙන්දේසි කර රාජ්‍ය ආදායම් ලැබිම හෙවත් සිංහලයා සූරාකන ආන්ඩුවේ මරක්කල ආර්තිය 


සාමාන්‍යයෙන් මේ දේශපාලන ක්‍රමය ක්‍රියාත්මක වන රට මොක වුනත් ඒ ක්‍රමය දන්නේ බදු වලින් ජීවත් වන්නටය. සුද්දා බලු බද්දක්ද ගත්තේ ඒකය. කලු සුද්දෝ දුප්පත් මිනිහාගේ ද පෝස්ත් මිනිහාගේද කන පතින් අය කරති. ඒ අමන රාජ්‍ය ආදායම් ලැබීමේ කලාවට වඩා සුදුදු වචනය බදු ගැසීම නොව..ගිනී කනවා යැයි කීමය. මන්ද එසේ ගන්නා බදු වලින් කරන වැඩ සියල්ල උන්ගේ පරවේනියට ලියා බෝඩ් ගසා ගැනීමටද, කිසිදු නිෂ්පාදන ක්‍රියාවකට දායක නොවෙමින් රට කන කාලකන්නින් රැලක් වන දේශපාලුවන් නඩත්තු කිරීමටද ඒ බදු මුදල් භාවිත කරන නිසාමය!
බදු ආදායම නැත්නම් ආන්ඩුව දඩ වැඩි කරයි. ඒ කළ නොකල වැරදි වලට දඩ ගසා රාජ්‍ය ආදායම වැඩි කරගැනීමටය. මේ සියල්ල දරන්නේ අඩු වැඩි වශයෙන් පොඩි මිනිහාය. අප කියන්නට යන්නේ මේ සියල්ලට වඩා හාත්පසින්ම වෙනස්ම කතාවකි. 
මෙය මරක්කල ආර්ථික උපක්‍රමයකි. ඒ මිනිසුන් එය සාර්ථකව අත්හදා බලන්නේ සිංහල බෞද්ධයන්ගේ හරක් මිලට ගෙන සිංහල (බත්කන) ගොන්නුන්ටම වෙන්දේසි කිරීමෙනි. (මේ අදහස මරණයට කැපවූ ගවයන් නිදහස් කිරීමේ උතුම් පුණ්‍යකර්මය අවතක්සේරු කිරීමේ වෑයමක් නොවේ. එය මහඟු පින්කමකි)

සිදුවන්නේ කුමක්ද? රුපියල් පන්දාහට මිලට ගන්නා ගවයා  සිංහල බොදුනුවන්ගේ,  මරණයට කැපවූ සත්ත්වයා නිදහස් කිරීමේ පින් සිත ළග ඉතා වැඩි මුදලකට වෙන්දේසි කිරීමය. ශූර මරක්කල මුදලාලිලා කරන්නේ ඒ ලාභයෙන් වැඩි වැඩියෙන් ගවයන් මිලට ගෙන වැඩි වැඩියෙන් ආදායම් ලැබීමය. 

කලකට ඉහතදී ත්‍රස්තවාදීන් මර්ධනය කළ ‘වරදට‘ සිපිරිගෙයි ලූ මේජර්වරයකු නිදහස් කිරීම පිනිස රුපියල් ලක්ෂ විස්සක (අපට මතක හැටියට) දඩයක් නියම කෙරිනි. ඇමරිකාවේ නම් එවැනි නිලධාරීන්ට පදක්කම් ලබාදේ. ඉහත මරණයට කැපවූ ගවයා ගැන සිද්ධියේදි මෙන් මෙතැනදී අවදිවන්නේ සිංහල ජාතිමාමක සිත්ය. සැබෑ ජාති මාමකයන් එක්ව ඒ මුදල එක්කාසු කළහ. දඩය ගෙවූහ. මේ කටයුත්ත දෙස බලා සිටින රට කරවන උන්නැහේලා සිදු කරන්නේ කුමක්ද?
රිමාන්ඩ් බාරයේ සිටින බුද්ධි අංශ හෝ වෙනත් හමුදා නිලධාරීන් නිදහස් කිරීම පිනිස වැඩි ලංසුවක් තිබීමය. රුපියල් බිලයන ගණනක් වංචා කල ඇත්තන්ට රුපියල් ලක්ෂ හතරක දඩයක් නියම කරන නීතියේ කන්‍යාවිය අභූත චෝදනා ඔප්පුකරගත නොහැකිව සිරගත කර සිටින බුද්ධි නිලධාරීන්ට ලක්ෂ දහයේ පහලොවේ ඇප නියම කරන්නේය. දේශමාමක සිංහලයන් සතය සතය හෝ එකතු කර ඒ මුදල ගෙවන බව දන්නා රට කරවන ඇත්තන්ගේ මේ උපාය හා මරක්කල මුදලාලිලාගේ ගවයන් වෙන්දේසිය කෙතරම් සමාන්තරද? 

රටේ ස්වෛරීත්වය වෙනුවෙන් වැඩිපුර බඩගින්නේ සිටියේ දුප්පතා මිස පෝසතා නොවේ. රටේ ස්වෛරීත්වය වෙනුවෙන් දිවි දුන් සෙබලාගේ සිට මායිම් ගම්මානයක මිය ගිය බිළිඳා දක්වා බොහෝ දෙනාද දුප්පත් සිංහලයන්ය. එහෙයින් සමස්ථ ත්‍රිවිධ හමුදාවටම වුව ඇප දෙන්නට වූ දිනක තම දිළිඳු දියනියකගේ කන්ත පෙත්තක ඇති තබක්ක තෝඩු දෙක ගලවා කරපිංචා නැට්ටක් ගසන තැන සිට තමන්ගේ ශරීරාවයව විකුනා හෝ සිංහල වීරයන් රැකගැනීමට සිංහලයෝ පසුබට නොවෙති. එහෙත් මේ කරන්නාවූ අත්‍යාචාරයන්ට වසල පාලක රොත්තට අත්වන ශාපය නම් අතිමහත්ය.පරම්පරා ගණනාවක් තිස්සේ පුපුරු ගසමින් පටිසන් දෙන බව නම් සත්‍යය!
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
යුද හමුදා බුද්ධි ප්‍රධානි බ්‍රිගේඩියර්
සුරේශ් සැලේ නෙරැපුවේ ඇයි?





උපටාගැනිම -කීර්ති වර්ණකුලසූරිය

ශ්‍රී ලංකා යුද හමුදා ඉතිහාසය තුල මේ සතියේ සිදුවූ වැදගත්ම සිද්ධිය හමුදා බුද්ධි ප්‍රධානියා වූ බ්‍රිගේඩියර් සුරේශ් සැලේ එම ධුරයෙන් ඉවත් කිරීමයි. ඔහුගේ ධුරයට බ්‍රිගේඩියර් විඡේන්ද්‍ර ගුණතිලක පත් කර ඇත. බ්‍රිගේඩියර් සුරේශ් සැලේ යනු වන්නි මෙහෙයුමේදි කොටි ජාත්‍යන්තර ජාලයට අදාළ තොරතුරු රැසක්‌ සොයාගත් විශිෂ්ට බුද්ධි නිලධාරියෙකි. එහෙත් පසුගියදා මෙරට සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පිරිසක්‌ බ්‍රිගේඩියර් සැලේට එරෙහිව යුද්ධ ප්‍රශ්න කරමින් ඔහුව ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා සිටියේය. ප්‍රංශයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ කාර්යාලයේ බුද්ධි නිලධාරීයා ලෙස සේවය කරන සමයේ දී බ්‍රිගේඩියර් සැලේ කොටි ජාත්‍යන්තර ජාලයේ නායක කස්‌ත්‍රොa සහ ඊළම් ඩයස්‌පෝරාව අතර සබඳතා සොයාගනු ලැබීය. ඔහු සොයාගත් තොරතුරු අතර විදේශ රටවල ඇති කොටි හිතවාදී සංවිධාන රැසක සුලමුලද අනාවරණය විය.

සැලේ දුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් හමුදා බලධාරීන් පැවසුවේ සාමාන්‍ය හමුදා මාරුවීම් ක්‍රමවේදීන් මත ඔහුගේ බුද්ධි රෙජිමේන්තුව වෙත මාරු කර ඇති බවයි. එහෙත් සත්‍ය නම් මෙරට ජාතික ආරක්‍ෂාවට දැන් බරපතළ ලෙස දැන් මැදිහත්වී ඇති සිවිල් සංවිධාන ක්‍රියාකාරී නමැති සුළු පිරිස විසින් ගෙන ගිය ක්‍රියාදාමයට මෙම බුද්ධි නිලධාරියා ගොදුරු වී ඇති බවයි. බ්‍රිගේඩියර් සැලේ සමඟ සබඳකම් පැවැත්වූ විදෙස්‌ගත ශ්‍රී ලාංකික දේශප්‍රේමී ක්‍රියාකාරීන් පැවසුවේ ඔහුගේ ඉවත් වීම තුළින් ජාත්‍යන්තර ඩයස්‌පෝරාව සම්බන්ධව ලැබෙන තොරතුරු නතර වන බවයි. මෙහිදී නැගෙන ප්‍රශ්නය රටේ ජාතික ආරක්‍ෂාවට හිටිහැටියේ අටවා ගත් සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් සුළු පිරිසකට මැදිහත්වීමට ඉඩ දිය හැකි ද යන්නයි. කොළඹ නගරයේ බෝම්බ පිපිරීම් ගණනාවක්‌ සැළසුම් කළ මොරිස්‌ නමැති කොටි ත්‍රස්‌තයා අල්ලා ගැනීම සඳහා දැඩි පරිශ්‍රමයක්‌ දැරුවේ ද බ්‍රිගේඩියර් සැලේගේ කණ්‌ඩායමයි. මේ හැර මුල්ලිවයික්‌කාල් බංකරයක තිබී සොයාගත් කොටි ජාත්‍යන්තර සංවිධාන ලැයිස්‌තුවේ දැක්‌වෙන පිරිස්‌ සිටින්නේ කොහිද යෑයි සොයාගැනීමට හැකි වූයේ බ්‍රිගේඩියර්¨සැලේගේ සබඳතාවය මතය. මේ අතර පසුගිය 3 වැනිදා මැදපෙරදිග සිට ප්‍රකාශයට පත් වන ඇරැබ් නිවුස්‌ පුවත්පත පැවසුවේ ශ්‍රී ලංකාවේ උතුරේ කලබලකාරී තත්ත්වය ට සම්බන්ධ වීමේ චෝදනා මත හමුදා බුද්ධි ප්‍රධානියා ඉවත් කර ඇති බවයි. මේ පැමිණිල්ල කර ඇත්තේ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් බව එම පුවත්පත සඳහන් කර තිබුණි.

පරවිපන්ජාන් යනු කිලිනෝච්චියේ පිහිටි කොටින්ගේ කේන්ද්‍රස්‌ථානය බව සනාථ වී තිබුණි. කොටි සංවිධානයේ අතිශයින්ම රහසිගත මූලස්‌ථානය ලෙස ක්‍රියාත්මක වූයේද පරවිපන්ජාන් ගම්මානය නමැති පරිගණක මූලස්‌ථානය කොටි ඊළම් බැංකුව, කොටි දේශපාලන කාර්යාලය, කොටි සාම මහලේකම් කාර්යාලය යන කොටි ජාත්‍යන්තර සබඳතා
කාර්යාලය වැනි කොටි කාර්යාල රැසක්‌ මෙහි ස්‌ථානගත කර තිබුණි.

කොටි සංවිධානයේ හෘදයවස්‌තුව ලෙස හඳුන්වනු ලැබූ පරවිපන්ජාන් කේන්ද්‍රස්‌ථානය ශ්‍රී ලංකා හමුදාවට කිසිසේත් අල්ලා ගැනීමට හැකි වන්නේ නැතැයි ඉන්දීය සාම හමුදාවේ බුදධි අංශ ප්‍රධානි කර්නල් හරිහරන් පවසා තිබුණි. ඉන්දීය රෝ බුද්ධි සේවාවේ ප්‍රධානියාව සිටි බී. රාමන් පැවසුවේ කිලිනොච්චි කොටි බලකේන්ද්‍රස්‌ථානය අල්ලා ගැනීමට ගියහොත් මුළු ශ්‍රී ලංකා හමුදාවම වැනසෙන බවයි.

හිට්‌ලර්ගේ ජර්මන් හමුදාව සෝවියට්‌ දේශයේ ස්‌aටාලින් ග්‍රෑන්ඩ් නගරය අල්ලා ගැනීමට ගොස්‌ සමූල ඝාතනය වූ අයුරින් ශ්‍රී ලංකා හමුදාව ඉල්ලන් කනු ඇතැයි රාමන් තවදුරටත් පවසා තිබුණි. ඊට සමගාමීව කොටි පොලිස්‌පති ලෙස කටයුතු කළ නඩේසන් ඊළම් ඩයස්‌පෝරාව අමතමින් අපි වාංග මචං වාංග යෑයි කියමින් සතුරාව කිලිනොච්චියට කැඳවා නියම බෙහෙත් දෙනවා යෑයි කියා සිටියේය.

එහෙත් මේ වහසිබස්‌ බිඳ හෙළමින් ශ්‍රී ලංකා හමුදාව කිලිනොච්චියේ කොටි බල කේන්ද්‍රය අල්ලා ගනු ලැබීය.

ආරක්‍ෂක හමුදාව විසින් අල්ලාගත් පරවිපන්ජාන් කොටි කේන්ද්‍රසේථානයේ හමුදා කඳවුරු කීපයක්‌ ස්‌ථාන ගත විය. එහෙත් මේ වසරේ අගෝස්‌තු මස ද්‍රවිඩ සංධානය කොටි කේන්ද්‍රස්‌ථානයේ පාලනය සියතට ගැනීම සඳහා මෙහෙයුමක්‌ දියත් කරනු ලැබීය. පරවිපන්ජාන් ප්‍රදේශය සඳහා අයිතිවාසිකම් කීමට ද්‍රවිඩ සංධානය මෙහෙය වූ පිරිසක්‌ ඉදිරිපත් වීම එම මෙහෙයුමයි. පසුගිය අගෝස්‌තු 25 දා එම මෙහෙයුමේ මුල් අදියර ආරම්භ විය. පරවිපන්ජාන්හි අටවාගත් මඩුවක උපවාසයක්‌ ආරම්භ කළ පිරිසක්‌ තම ඉඩම් ලබාදිය යුතු බව ආණ්‌ඩුව පැවසීය. එහෙත් මොවුන් සතුව ඔප්පු තිරප්පු තිබුණේ නැත. පරවිපන්ජාන් ප්‍රදේශයේ උපවාසයට එක්‌වූයේ පුංචි පිරිසකි. මොවුන් හමුවීම සඳහා යාපනය මන්ත්‍රිනී විජයකුලා මහේශ්වරන් පැමිණියාය. ඇය උපවාසකරුවන් අමතමින් පරවිපන්ජාන් ප්‍රදේශයෙන් හමුදාව ඉවත් කර හමුදාව සතුව ඇති ඉඩම් නිදහස්‌ කර දෙන බවත් කීවාය. එසේම ඉරනතිව් දූපතේ නාවික හමුදා කඳවුර පිහිටි ඉඩම ද ද්‍රවිඩ ජනතාවට බාරදෙන බව විජයකලා කියා සිටියාය. ඉරනතිව් යනු කොටි කඳවුරක්‌ ස්‌ථානගතව තිබු ප්‍රදේශයකි.

ඇගේ මෙම ප්‍රකාශනය සහ උපවාසය සමග මෙරට බහුතර ජනතාවට වාර්තා නොවූ සිද්ධියක්‌ සිදු විය. ඒ කොටින්ගේ වන්නි මූලස්‌ථානය වූ පරවිපන්ජාන් ප්‍රදේශයෙන් හමුදාව ඉවත්වී කොටි ග්‍රහණයෙන් මුදාගත් ගොඩනැගිලි දිසාපති වෙත බාරදීමට හමුදාවට සිදුවීමයි.

පරවිපන්ජාන් කොටි දේශපාලන කාර්යාලය පිහිටි ස්‌ථානය ද මුදාහැරීමට හමුදා බලධාරීන්ට සිදු විය. මේ කොටි කේන්ද්‍රස්‌ථානය මුදාගැනීමට ආරක්‍ෂක හමුදා භටයන් රැසක්‌ දිවි පිදූහ. තවත් පිරිසක්‌ ආබාධිත කණ්‌ඩායමකට පත් වුහ. 2002 පෙබරවාරි 21 සහ 22 යන දෙදින තුළ එවකට පැවැති රජය සමග ඊනියා සටන් විරාම ගිවිසුම අත්සන් කළේ මෙම දේශපාලන කාර්යාලයේදීය.

පසුගියදා මියගිය තමිලිනි නමැති කොටි ත්‍රස්‌තවාදී කාන්තාවගේ කොටි කාන්තා බළකායේ කාර්යාලය ස්‌ථානගතව තිබුණේ මෙකී පරවිපන්ජාන් ගම්මානයේය.

ප්‍රභාකරන් මෙරට මාධ්‍ය කැඳවා උතුරු නැගෙනහිර අගමැති හා ජනාධිපති මම යෑයි පුරසාරම් දෙඩුවේ ද හමුදාවට මුදා හැරීමට සිදුවු කොටි දේශපාලන කාර්යාලයේදී බව අමතක නොවේ.

වත්මන් රජය සමයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දේශපාලන පත්වීමක්‌ අයකු ද ප්‍රභාකරන් විසින් පිරිනැමූ දහවල් භෝජනය වළ¹ මෙතරම් රසවත් කෑමක මින් පෙර වැළඳුවේ නැති බව අනිකුත්මාධ්‍ය පාර්ශ්ව වෙත පැවසුවේ ද එම දේශපාලන කාර්යාලයේ සිටය.

මෙලෙස වසර 7 කට පසු කොටි දේශපාලන මූලස්‌ථානය ඇතුළු ගොඩනැගිලි රජයේ දිසාපතිට බාරදීම බන්දේසියක තබා පරිත්‍යාග කිරීමට සමානය. මේ දේපළ ලබාදීමට පෙර කොටින්ට එම ඉඩම් ලබාදුන්නේ කෙසේද හා ඔප්පු පෙන්නුම් කරන ලෙස උපවාසකරුවන්ගේ ප්‍රශ්න කිරීමට රජයේ වගකිවයුතු අංශ ක්‍රියා කර නැත. කොටි සංවිධානය සතු දේපළ රාජසන්තක කර ඇත්නම් පරවිපන්ජාන් කොටි කේන්ද්‍රස්‌ථානයේ සියලු දේපළ ද රාජසන්තක විය යුතුය. එසේම පරවිපන්ජාන් උපවාස කළේ යාපනයේ සිට පැමිණි පිරිසක්‌ බවද අනාවරණය විය. කිලිනොච්චියේ මන්ත්‍රී ශ්‍රීධරන් වුවත් පරවිපන්ජාන් වෙත පැමිණියේ යාපනය මන්ත්‍රිනී විජයකලා මහේෂ්වරන් ය. ඇයට පරවිපන්ජාන් ඉඩම් ගැන ක්‍රියා කිරීමට කිසිදු හිමිකමක්‌ නැත.

පරවිපන්ජාන්වල බලය තහවුරු කර ගැනීමෙන් පසු ද්‍රවිඩ සංධානය මුහුදු කොටින්ගේ පාලනය යටතේ පැවැති ඉරණතිව් දූපත සිය පාලනයට ගැනීමට සැලසුම් කර ඇත. 2008 වසරේදී නාවික හමුදාව විසින් දියත් කළ මෙහෙයුමකින් ඉරණතිව් දූපතේ මුහුදු කොටි බලය විනාශ විය. පලාලි සිටයි. රත්මලාන බලා එමින් සිටි ලයන් එයාර් යානාවට මිසයිල් ප්‍රහාරයක්‌ එල්ල වූයේ ද ඉරනතිව් දූපතේ සිට මේ මිසයිල ප්‍රහාරය එල්ල කළ කොටි දෙදෙනා දැනට රැඳවුම් භාරයේ සිටී.

මෙම පසුබිම මැද උතුරෙන් හමුදාව ඉවත් කිරීම සඳහා විදෙස්‌ගත රාජ්‍ය නොවන සංවිධානද දැඩි උත්සාහයක යෙදී ඇත. මේ බව සනාථ වන්නේ පසුගිය සඳුදා ස්‌විට්‌සර්ලන්තයේ එස්‌. ටී. පී. නමැති රාජ්‍ය නොවන සංවිධානය ශ්‍රී ලංකා රජයට හා ජාත්‍යන්තර ප්‍රජාවට ශ්‍රී ලංකාව සම්බන්ධ නිර්දේශ කීපයක්‌ ඉදිරිපත් කිරීමය. මෙම නිර්දේශවලින් කියා සිටියේ උතුරින් හමුදාව ඉවත් කරන ලෙසය. හමුදාව පවත්වාගෙන යන තල් සෙවන හෝටල් සංකීර්ණය ඇතුළු වාණිජ ව්‍යාපාර වහාම වසා දමන ලෙසද ඉල්ලා තිබේ.

එහෙත් මෙම ඉල්ලීම් පසුබිමේ සිදුවන දේ දැන් අනාවරණයවී ඇත. පසුගියදා ඩයස්‌පෝරා ව්‍යාපාරිකයන් යෑයි හඳුන්වාගත් පිරිසක්‌ යාපනයේ ආයෝජන සමුළුවකට පැමිණියහ. ඔවුන් හමුදාව සතු තල් සෙවන හෝටලය සහ වෙනත් වාණිජ ව්‍යාපාර තමන්ට බාර දෙන ලෙස ඉල්ලා ඇත. මෙම තත්ත්වය මත පලාලි අධි ආරක්‍ෂක කලාපයට තර්ජනයක්‌ එල්ල කළ හැකි මයිලඩ්ඩි ධීවර වරාය කලාපය ද හමුදාවෙන් නිදහස්‌ කරන ලෙස ඉල්ලීම් ඉදිරිපත් වී තිබේ.

මේ අතර මුලතිව්හි කොටි පාරාදීසයක්‌ව තිබූ වඩුවට්‌ටකලේ සහ මුල්ලිවයක්‌කාල් ප්‍රදේශ තමන්ට බාර දෙන ලෙස ඉල්ලමින් ද්‍රවිඩ සංධානය මෙහෙය වූ පිරිසක්‌ විරෝධතා දක්‌වා ඇත. වන්නි මෙහෙයුමේ අවසාන අදියරේදී කොටි සමග සිටි විශාල පිරිසක්‌ මඩුවක්‌කාලේ පාලමේ සිට පැනගොස්‌ ඇත. ශ්‍රී ලංකා නාවික හමුදාව ගෝඨාභය නාවික හමුදා කඳවුර ස්‌ථාපිත කළේ මෙම කලාපයේයි.

මුලතිව් දිස්‌ත්‍රික්‌ ඉඩම් කාර්යාලය දක්‌වන්නේ රජය සතු අක්‌කර 617 ක ප්‍රදේශයක අවතැන්වූ බව කියන පාර්ශ්ව ඉල්ලා සිටින බවත් ය. එහෙත් යුද්ධය නිසා ඔප්පු තිරප්පු විනාශ වූ බව ද ඔවුන් ප්‍රකාශ කර ඇත. මුලතිව් ප්‍රදේශයේ ඉඩම්වලින් අක්‌කර 50 ක්‌ කොළඹ පදිංචි චීන ව්‍යාපාරිකයකු ද සතු බව ආරංචි මාර්ග දක්‌වයි. මෙම ඉඩම් ඔහු මිලයට ගත්තේ කෙසේ දැයි මෙතෙක්‌ වාර්තා වී නැත.

මෙම පසුබිම මැද කොටි සොහොන් බිම්වල ඇති බවට පවසන හමුදා කඳවුරු ඉවත් කරන ලෙස දවිඩ සංධාන මන්ත්‍රීවරු පිරිසක්‌ රජයෙන් ඉල්ලා සිටියහ. මුලතිව්හි දිස්‌ත්‍රික්‌ සම්බන්ධීකරණ කමිටු රැස්‌වීමේදී කොටි සුසාන භූමි මුදා හැරීමට රජය ක්‍රියා කළ යුතු බවට යෝජනාවක්‌ ද සම්මත විය. එම වාතාවරණය මැද විලාන්කුලම් කනගපුරම් සහ මුලකොවිල් නමැති ස්‌ථානවල ඇති හමුදා කඳවුරු දෙකක්‌ ඉවත්කර තිබේ. අති විශාල මුදලක්‌ වැය කරමින් ඉදිවූ මෙම කඳවුර e ඉවත් කිරීම බහුතරයේ ජනතාවට රහසක්‌ විය. මේ අතර පසුගිය 27 දා කොළඹ බණ්‌ඩාරනායක සමරුහලේදී ත්‍රිවිධ හමුදා වික්‍රම සම්මාන ප්‍රදානෝත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූහ.

මෙහිදී ප්‍රකාශයක්‌ කළ ජනාධිපතිවරයා ජාතික ආරක්‍ෂාව පිළිබඳ ප්‍රශ්නවලට රාජ්‍ය නොවන සංවිධාවලට අත දැමීමට ඉඩ නොදෙන බව තරයේ කියා සිsටියේය. ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන විසින් කළ යුතු කාර්යයන් මෙන්ම නොකළ යුතු කාර්යයන් ද තිබෙනවා. එම කාර්යයන්ගෙන් බැහැරව ජාතික ආරක්‍ෂාවට යම් යම් බලපෑම් කිරීමට හෝ අනවශ්‍ය මැදිහත්වීම් කරන්න හෝ වැරදි අර්ථකථන දීමට ඔවුන්ට හිමිකමක්‌ නැහැ. ලොව බොහෝ රටවල්වල රාජ්‍ය නොවන සංවිධාන ආණ්‌ඩුවලට බරපතළ ප්‍රශ්න ඇති කර තිබෙනවා. 2009 වසරේදී කොටි සංවිධානය ආයුධවලින් පරාජය කළත් රටින් පිටත සිටින කොටි ක්‍රියාකාරීන් තවමත් ගෙන යන ක්‍රියාකාරකම් අපි දන්නවා."

මෙරට ජාතික ආරක්‍ෂාවට මැදිහත්වීම සඳහා රාජ්‍ය නොවන සංවිධානවලට ඉඩ නොදෙන බව ජනාධිපතිවරයා කළ ප්‍රකාශය වසර ගණනාවක්‌ තිස්‌සේ මෙරට ජාතික ආරක්‍ෂාවට මැදිහත් වූ ඩොලර් කාක්‌කන් හෙවත් රාජ්‍ය නොවන සංවිධාන 30 කට අධික සංඛ්‍යාවක ප්‍රධානින්ට එල්ලවු අතුල් පහරකි.

ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය කිරීමට පැය 24 කට පෙර මෙරට ජාතික ආරක්‍ෂාවට සෘජුව මැදිහත් වන ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සම්බන්ධ ප්‍රජාතන්ත්‍රවාදය සහ මානවහිමිකම් පිළිබඳ රාජ්‍ය ඒකකය වූ ඩී. ආර්. එල්. ආයතනය මෙරට රාජ්‍ය නොවන සංවිධානවලට ඩොලර් පන් ලක්‍ෂයක්‌ හෙවත් මෙරට මුදලින් රුපියල් හත්කෝටි පනස්‌ ලක්‍ෂයක අති විශාල මුදලක්‌ ලබාදීමට තීරණය කර තිබුණි. මෙම විශාල මුදල් සම්භාරය ලබාදීම සඳහා යෝජනා ඉදිරිපත් කරන ලෙසත් එකී යෝජනාවලට රජයට බලපෑම් කිරීමට හා රජයේ කටයුතු නිරීක්‍ෂණය කිරීම ද ඇතුළත් විය යුතු බව ඇමරිකානු බලධාරීන් ප්‍රකාශ කර ඇත. ලබන දෙසැම්බර් මස 19 ට පෙර එකී යෝජනා ඉදිරිපත් කළ යුතු බවද ඇමරිකානු ඩී. ආර්. එල්. සංවිධානය නිවේදනය කර තිබේ.

ඇමරිකානු බලධාරීන් ඩොලර් පන් ලක්‍ෂයක අරමුදලක්‌ මෙරට එන්. ජී. ඕ. හෙවත් සිවිල් සංවිධානවලට ලබාදීමට තීරණය කිරීමේ පසුබිම තේරුම් ගැනීම අපහසු නැත.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
බැදුම්කර බෑණා බැංකුවක් සල්ලිවලට ගන්න යයි.. දැනටමත් මුල් කොටස් හිමියන් අතරේ



බැඳුම්කර මගඩිය සම්බන්ධයෙන් සෘජු චෝදනා එල්ල වී ඇති මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණා අර්ජුන් ඇලෝෂියස්ගේ සමාගම වන පර්පෙචුවෙල් ට්‍රෂරීස් සමාගම එන්.ඞී.බී. බැංකුවේ කොටස් විශාළ ප‍්‍රමාණයක් මිලට ගෙන තිබේ.

එම බැංකුව විසින් නිකුත් කර ඇති බැංකුවේ ප්‍රධාන කොටස් කරුවන්ගේ ලේඛනයේ ඒ බව දැක්වෙයි.

බැංකුවේ කොටස්ලින් 3.7% හෙවත් කොටස් මිලියන 6.2 කට අධික ප්‍රමාණයක් පර්පෙචුවෙල් ෙට්‍රෂරීස් සමාගම මිලදී ගෙන ඇති අතර දෙවැනි කාර්තුවේදී බැංකුව නිකුත් කල කොටස් හිමි ලේඛණයේ මුල් 20 දෙනා අතර පර්පෙචුවෙල් ෙට්‍රෂරීස් සමාගම තිබුනේ නැත.

මේ අතර විපක්‍ෂයෙන් චෝදනා එල්ල වන්නේ බැදුම්කර මගඩියෙන් රටට මේ වන විට වූ අලාභය මත්තල ගුවන් තොටුපල හදන්නට ගිය මුදලෙන් බාගයක් බවයි.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
#ඔබට සතුටුයිද දැන් 
==============
ශ්‍රී ලංකාව තුළ ඊළාම් රාජ්‍යයක්‌ පිහිටුවීමේ යෝජනාවක්‌ ජිනීවා මානව හිමිකම් කමිටුව වෙත ඉදිරිපත් කර ඇත.

මේ යෝජනාව ඉදිරිපත්කර ඇත්තේ මදුරාසියේ විශ්‍රාමික විනිසුරු එස්‌. සිවසුබ්‍රමනියම් විසිනි. ඔහුගේ එම යෝජනාවට ඇමරිකාවේ හිටපු නීතිපති රුම්සේ ක්‌ලාක්‌ද දායක වී ඇත.

ශ්‍රී ලංකාවේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 6 වැනි වගන්තිය මත ඊළාම් රාජ්‍ය ස්‌ථාපිත කිරීමට නොහැකිවීම නිසා එම වගන්තිය ඉවත් කිරීම සඳහා කටයුතු කරන ලෙස ඔවුන් මානව හිමිකම් කමිටුවෙන් ඉල්ලා තිබේ.

මෙවන් යෝජනාවක්‌ ජිනීවා මානව හිමිකම් කමිටුවට ඉදිරිපත්වුණේ මුල් වරටය.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
රාජිතගේ තුරුම්පුව ගෝටා දෙකේ කොලෙන් කපා ගනී..



උතුරු පළාත් තුල ක‍්‍රියාත්මක වන ‘ආවා ගෲප’ තමන්ගේ මෙහෙයවීමෙන් බිහි වූ එකක් බවට ඇමති රාජිත සේනාරත්න විසින් කරනු ලැබූ ප‍්‍රකාශය තරයේ ප‍්‍රතික්‍ෂෙප කරන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඇමතිවරුන් විසින් සිදු කරන මේ ආකාරයේ ප‍්‍රකාශ හේතුවෙන් අපහාස වන්නේ තමනට හමුදාවට බවද පවසන රාජපක්‍ෂ මහතා තමනට දේශපාලනිකව පහර දීමට මේ අකාරයේ ප‍්‍රකාශ කලවිට සමස්ත හමුදාවටම පහර වදින බවත් හමුදාව කිසිසේත්ම මේ ආකාරයේ දේවල් සිදු නොකල බවත් කියා සිටී.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
කෝප් වාර්තාවේ තීන්ත වේලී නෑ.. අදත් බිලියන 20ක් නිර්දේශවලින් පිට වෙන්දේසියේ.. වෙන්දේසි ප්‍රධානියා හිටපු ප්‍රධාන චුදිතයෙක්..



ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් අද පෙරවරු 10-11 ත් අතර කාලයේදී පුරුදු පරිදි ආණ්ඩුවට මුදල් ලබා ගැනිමට රුපියල් බිලියන 20ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සුදානම් කර තිබින.

එම වෙන්දේසියද පවත්වා ඇත්තේ මහ බැංකුවේ දූෂිත බැදුම්කරන වෙන්දේසි කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු යයි තෝප් කමිටුව විසින් චෝදනා එල්ල ඇති නිලධාරි පිරිසක් විසින්ම පවත්වනු ලැබ ඇත.

ආණ්ඩුවට අවශ්‍ය මුදල් සොයා ගැනීමට බැදුම්කර එකවර වෙන්දේසි කිරීම හරහා විශාල පාඩුවක් සිදු වූ බව කෝප් කමිටුවට ඉදිරිපත් කරන ලද විගණකාධිපති වාර්තාවේ දැක්වෙද්දී මේ සම්බන්ධයෙන් කෝප් කමිටුව මගින් වාර්තාවක් පාර්ලිමේන්තුවටද ඉදිරිපත් කොට ඇති අවස්ථාවක එකවර මෙසා විශාල මුදල් ප්‍රමාණයක් වෙන්දේසි කිරීම ගැන මුල්‍ය වෙළදපල නියෝජිතයෝ පුදුමය පල කරති.

අනිකුත් ප්‍රාථමික වෙළෙඳන්ගෙන් සමග සාකච්ඡ කොට අඩු පොලියට හෝ රජයේ බැංකු මෙන්ම අර්ථසාධක අරමුදලෙන් අඩු පොලියට ආණ්ඩුවේ මුදල් අවශ්‍යතාව පියවා ගැනිමේ අවකාශ සිමා වී වැඩි පොලිය මත එකවර මේසා විශාල මුදලක් ලබාගැනිමේ ක්‍රමයට අනුමැතිය ලබා දී ඇති අතර වෙන්දේසියේ මෙහෙයවන ලද්දේ චෝදනා එල්ල වී ඇති ටෙන්ඩරය මෙහෙයවූ නිලධාරියා විසින්මය.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
බැදුම්කර මහා ධන නිධානය හරහා කෝටි ගණන් සල්ලි.. සුපිරි නිවාස.. අධි සුඛෝපභෝගි වාහන.. රජයේ ටෙන්ඩර්.. ඇසුරට රුසියානු-යුක්‍රේන රූමතියන්.. කවුද වාසනාවන්තයෝ….cop



ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ මහ දවල් සිදු වූ විශාලතම මුදල් මංකොල්ලය සම්මුති ආණ්ඩුවේ යහපාලන කාලය තුලදි සිදුවී ඇත. එය සිදු කල නියම හොරු ඇල්ලිම වෙනුවට ජනතාව ගොනාට ඇන්දවීමේ මහා තරගය මේ වන විට ආරම්භ කොට ඇත. ඒ අනුව සිද්ධිය ජනතාවටම හිස රදයක් වනසේ ජනතාව නොමඟ යන ලෙස වරින් වර මාධ්‍ය සංදර්ශන පවත්වමින් එහි බරපතළකම හා ඒ තුලින් සමස්ථ ආර්ථිකයට වූ හානිය යටපත් කිරීම හා එහි නියම චුදියන් නිදහස් කිරීම මෙන්ම එයට විරුද්ධව හඩ නැගු කොටස නිහඬ කරවීම මෙම ජාවාරම්කාරයින්ගේ උපක්‍රමය වී ඇත.

තවද මෙම දූෂිත ගණුදෙනුව සාධාරණිය කොට අදාළ චෝදනාවලින් නිදහස් කිරීම මෙන්ම එසේ චෝදනා ලැබු පිරිසට සුදුහුනු ගෑම මෙම උපක්‍රමයේ දිගුවක් ලෙස ක්‍රීයාකිරීමටත් , මේ වෙනුවෙන් විශාල හඩක් නගන මාධ්‍ය හෝ එයට සම්බන්ධ පුද්ගලයන් හඳුනාගෙන ඔහුන් මිලදී ගත හැකි අයුරින් කටයුතු කිරීම මෙම ජාවාරම්කරුවන්ගේ අනිත් උපායමාර්ගයයි.

කෝප් කමිටුවේ මහාබැංකු බැදුම්කර වාර්තාව පිලියෙල කිරීමේ ආරම්භයේ සිටම මෙම උපායමාර්ගයේ මූලික සැලස්ම ක්‍රියාත්මක කරමින් කෝප් කමිටුවේ සභාපතිවරයා ඇතුළු එහි සාමාජිකයන් කිහිපදෙනකු තැරව්කරුවන් මාර්ගයන් කොටු කර ගැනිමට උත්සහ ගත් නමුදු එහි සමාජිකයින් සුලුතරයක් පමණක් ඒ සඳහා යම් යම් එකඟතාවයන් පලකොට තිබු බවත් බහුතරයක් එම යෝජනාවට ඇහුම්කන්දීමට පවා විරුද්ධ වී තම ජංගම දුරකතන විසන්ධි කොට ඇත.

එසේ සියලු උත්සහයන් අසාර්ථක වීමෙන් පසුව නව උපායමාර්ගයක් ලෙස කෝප් කමිටුවේ වාර්තාව මෙන්ම එහි අන්තර්ගතයත් හා අදාළ නිර්දේශත් මෙයට කොහෙත්ම අදාළ නොමැති කරුණු ගෙන හැර දක්වමින් හා පසුගිය රජයේ සිදු වූවයි කියන මෙතෙක් වසර දෙකක් ගතවීත් ඔප්පු කිරීමට හෝ අවම වශයෙන් හරියාකාරව සොයාගැනීමට නොහැකි වූ දූෂණ ඉදිරියට ගනිමින් මෙම වාර්තාව සම්පූර්ණයෙන්ම අවතක්සේරු කොට යටපත් කිරීම මෙහි අරමුණයි. මේ සඳහා සම්මුති රජයේ මතයක් ගොඩ නැඟීමට හැකි දේශපාලන නායකයින් කිහිප දෙනෙකුට ඉහත වසනාවට හිමිකම් කීමට මේ වන විටත් උදාවි ඇත.

මේ සඳහා මුලින්ම තෝරාගත් කිහිපදෙනා අතරින් නැගි ආ ජනප්‍රිය තරුණ දේශපාලන ද නායකයකු මෙන්ම අමාත්‍යවරයකු ඔහුගේ අනියම් බිරිඳ හරහා මේ වනවිටත් මෙම කටයුත්ත සඳහා එකග කරවා ගෙන ඇත. එම අනියම් බිරිඳ එක්සත් ජාතික පක්ෂයට ඉතා කිට්ටු සම්බන්ධතා ඇති කාන්තාවක් වන අතර ඇයට අහිමිවූ රජයට සම්බන්ධ ප්‍රධාන ආයතනයක ටිකට්පත් මුද්‍රණ නැවත ලබාදීමට අවශ්‍ය කටයුතු සුදානම් කරමින් පවති. මාසිකව රුපියල් මිලියන 50 කට අධික මෙම ටෙන්ඩරය පසුගිය රජයේ සමයේ සිට මෙම කාන්තාව විසින් සිදු කරන අතර සෑම රජයක් සමගම ඩීල් දමා මුදල් හම්බකරගැනිමට මෙම තරුණ අමාත්‍යවරයා පෙරමුණ ගෙන කටයුතු කරයි.

එමෙන්ම මෙවෙනි ටෙන්ඩර්වලට අමතරව කෝටි ගණන් සල්ලි, සුපිරි නිවාස හා අධි සුඛෝපභෝගි වාහන ඔහුනොවුන්ගේ තරාතිරම අනුව මෙම මංකොල්ලය යටපත්කොට කෝප් වාර්තාව අවතක්සේරුවට ලක් කිරීම වෙනුවෙන් ගෙවීමට තැරව්කරුවන් මාර්ගයෙන් කටයුතු කරගෙන යයි. රෑට රෑට සුපිරි හෝටල්වල කාමරතුල සාකච්ඡා පවත්වන අතර මේ සඳහා අවශ්‍ය පුද්ගලයින්ගේ ඇසුරට රුසියානු හා යුක්‍රේන රූමතියන් සහිතව සියලු විදේශීය මත්පැන් සහිතව සුඛෝපභෝගි නවාතැන් පහසුකම්ද නොඅඩුව සපයනු ලැබේ.

මේ අනුව ඉදිරි දින කිහිපය තුල ශ්‍රීලංකාවේ ඉතිහාසයේ මහ දවල් සිදු වූ විශාලතම මුදල් මංකොල්ලය වන මහාබැංකුවේ බැදුම්කර කතාන්දරය කතාන්දරයක්ම බවට පත්වී, අනාගතයෙදි අපේ රටේ ජනතාවගේ සිත් තුලින් මැකි යනු ඇත.

– වසන්ත කටුගම්පල

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
“බැදුම්කර මගඩිය මට කරන්න කීවේ අගමැති රනිල්“ – අර්ජුන් මහෙන්ද්‍රන් කියයි



තමන් විසින් දුෂීත බැදුම්කර නිකුත්කිරීම සිදු කරනු ලැබුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත බව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් කෝප් කමිටුව හමුවේ සාක්ෂි දුන් බව කෝප් කමිටුවේ හිටපු සභාපති ඩියූ ගුණසේකර මහතා පවසයි.

සිරස රූපවාහිනියේ නිව්ස්ලයින් වැඩසටහනේදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ තමන් විසින් සභාපති ධුරය දරන ලද සමයේ මහ බැංකුවේ බැදුම්කර මගඩිය සම්බන්දයෙන් සකසන ලද වාර්තාවේ මේ බව සටහන් කර ඇති බවයි.


මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network