Showing posts with label දේශපාලන. Show all posts
රවිගේ මෙවර අයවැයේත් ඉතුරු ‘ගරු කතානායකතුමනි’ විතරයි.. බදු යෝජනා තොගයක් අත්හිටුවන්න යයි.

2017 අයවැය මගින් යෝජනා කර ඇති බදු වර්ග විශාල ප‍්‍රමාණයක් අහෝසි කරන ලෙස ආණ්ඩුවේ පාර්හවයන්ගෙන්ම දැඩි බලපෑම් එල්ල වෙමින් ඇති බව වාර්තා වෙයි.

වාහන දඩ බද්ද, අන්තර්ජාල බද්ද, නඩු බද්ද, ඒ.ටී.එම්. බද්ද, ගුවන් තොටුපල බද්ද, කාබන් බද්ද, සිම් කාඞ් බද්ද, රජයේ රෝහල් ගෙවන වාට්ටු, රජයේ රෝහල්වල පුද්ගලික රසායනාගාර පරීක්‍ෂණ ආදියට දැඩි විරෝධයක් ආණ්ඩුවෙන්ම එල්ල වෙමින් ඇත.

ඒ අනුව අයවැය තන්වැනි වර කියැවීමේ විවාදයේදී මෙම නව සංශෝධන ඇතුලත් කිරීමේ සූදානමක් ඇතැයිද පැවසෙයි.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
රාජපක්‍ෂ ඉන්නේ නරින් සමගයි.. මා ඉන්නේ සිංහයින් සමගයි.. –

‘ඩී.ඒ. රාජපක්‍ෂ ගුණ සමරුවට ආව නරි ටිකක්‌ හූ කිව්වා. ඔය නරි නිසා තමයි, රාජපක්‍ෂලාට වැරදුනෙ. මම දැන් නරිත් එක්‌ක නැහැ. මම ඉන්නෙ සිංහයො එක්‌ක’ යෑයි හිටපු ඇමැති මර්වින් සිල්වා මහතා කියා සිටියේය.

ඩී. ඒ. රාජපක්‍ෂ ගුණ සමරු උත්සවය 17 දා කොළඹ නව රඟහල ශාලාවේ පැවැති අවස්‌ථාවේ ඊට සහභාගි වූ මර්වින් සිල්වා මහතාට රැස්‌ව සිටි පිරිස හූ කියමින් සිය විරෝධය පළ කළහ.

මර්වින් සිල්වා මහතා මෙසේ ද පැවැසීය.

‘මම ඔය උත්සවයට ගියේ මට ලැබුණු ආරාධනාවක්‌ අනුවයි. මෙය ඉතා වටිනා පුද්ගලයකු වෙනුවෙන් පිළියෙල කළ උත්සවයක්‌ නිසයි මා ඊට සහභාගි වුණේ.

ගීතාංජන ගුණවර්ධන මහතාත් එහි සිටියා. අපි දෙදෙනා අතර බහින්බස්‌වීමක්‌ද සිදු වුණා. චමල් රාජපක්‍ෂ මහත්මයයි මමයි හොඳට කතාබහ කළා. ඒත් මේ උත්සවයට පැමිණි නරි පිරිසක්‌ මට හූ කිව්වා. ඒක මා පිළිගන්නවා. ඔය හූ කිව්ව පිරිස තාමත් ඉන්නේ රාජපක්‍ෂලා සමඟයි. මම ඉන්නේ සිංහයෝ සමඟයි.

පිදිය යුත්තන් පුදන්නට ගිහින් ඒකාබද්ධ විපක්‍ෂය මෙහෙම කරනවා නම් ඔවුන්ගේ පස්‌සේ ගිහින් අමාරුවේ වැටෙන්න එපා කියා මා ශ්‍රී ලංකා නිදහස්‌ පාක්‌ෂිකයන්ගෙන් ඉල්ලීමක්‌ කරනවා’

– දිවයින

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
ලංකාව නිසා ඇමරිකාව අයිඑම්එෆ් ප්‍රධානි ඩොමිනික්ගෙන් පළිගත්තා !
===============================================

//ඔබ ඇමරිකාවත් සමග යුධ සමයේ සබඳතා මොනවා ද?
යුද්ධය ඉවර කරනවාත් සමගම අපි මූල්‍ය අරමුදලට ගියා ණයක් ගන්න. හිලරි ක්ලින්ටන්, ඒ කණ්ඩායම අපට බාධක දැම්මා. මම රජය වෙනුවෙන් අජිත් නිවාඩ් කබ්රාල් සමග මූල්‍ය අරමුදලට ගියා. මුලින් ම අපි ගියේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට.එතෙන්දී අපි නිග්‍රහ හා පරිභවවලට භාජනය කළා. එවන් හතුරුකමක් තිබියදීත් අපි වෙනත් රටවල් සමග කටයුතු කරමින් ණය මුදල ලබා ගත්තා. ඒ කොහොම වුනත් අරමුදල විසින් දාපු රටට විනාශකාරී කිසිම කොන්දේසියකට අපි එකඟ වුනේ නැහැ. මම රාජ්‍ය දෙපාර්තුමේන්තුවට ගියාම ඒකෙ නිලධාරියෙක් මට ලංකාවේ ඉංග්‍රීසි පත්තරක් පෙන්නල කිව්ව” මේව කියන කොට අපි කොහොම ද ණය දෙන්නෙ කියල.” ඒ පත්තරේ තිබුණේ "අපි අරමුදලේ කොන්දේසිවලට යටත් වෙන්නෙ නැහැ" කියල මහින්ද ජනාධිපතිතුමා කියපු කතාවක්. කොන්දේසි නැතුව ණය දෙන්නෙ කොහොම ද කියල එම නිලධාරියා මගේ ඇහුවා. මම කිව්වා "අපට ණය නම් ඕන හැබැයි අසාධාරණ කොන්දේසි නම් බාරගන්න අපි සූදානම් නැහැ කියල." ඒත් අපි ඒ ණය ගත්තා.// බැසිල් රාජපක්‍ෂ

ඉහත ණය ලබා ගැනීමට අවසානයේ හැකි වුනත් ඒ කොහොම ද කියල බැසිල් කියල නැහැ. ඒත් එතන තිබෙනවා අපි බොහෝ දෙනෙක් නොදන්න කතාවක්. මේ ණය ගැනීම සඳහා ලංකාව උපක්‍රමයක් යොදනවා. ඒ තමා මූල්‍ය අරමුදලට සම්බන්ධ යුරෝපීය රටවල් කීපයක් ඇමරිකාවෙන් කඩල අරගෙන අයිඑම්එෆ් බෝර්ඩ් එක හරහා ණය මුදල අනුමත කරගන්න. එතෙන්දී එවකට අරමුදලේ ප්‍රධානියා වූ ඩොමිනික් ස්ට්‍රවුස් කාන් නැමැති ප්‍රංශ ජාතික සමාජවාදීයා ලංකාවට උදව් කරනවා. ඔහුටත් අවශ්‍ය වෙලා තිබිල තියෙන්නෙ මූල්‍ය අරමුදල ඇමරිකානු ආධිපත්‍යයෙන් මුදව ගන්න. ඇමරිකානු විරෝධය තිබෙද්දීත් ණය මුදල අපට ලැබෙන්නෙ ඒ විදියට. 

ඒත් මෙහි දී අවාසනාවන්ත දෙයක් සිදුවෙනවා. ඇමරිකාව-විශේෂයෙන් ම හිලරිගේ කණ්ඩායම අයිඑම්එෆ් ප්‍රධානියා වූ ඩොමිනික්ගෙන් පළිගන්න උපක්‍රමයක් යොදනවා. ඒ තමයි ඔහු ව නිව්යෝර්ක් හෝටලයක දී පැණි උගුලක් (කාන්තාවක්) අටවා ඊට කොටු කර ගැනීම. ඩොමිනික් මේකට අහුවෙනවා. අත්අඩංගුවට පත්වෙනවා. ඔහුට අයිඑම්එෆ් රැකියාව අහිමි වෙනවා. ඒ විතරක් නෙමෙයි, ඇමරිකාව ලංකාට මේ ණය දුන්න නිසා කොච්චර පළිගත්ත ද කියනව නම් පස්සේ අර ලංකාව වෙනුවෙන් මූල්‍ය අරමුදලෙදි කතා කරපු හැම නිලධාරියෙකුගෙන් පළිගන්නවා. ඔවුන් සේවයෙන් පහත හෙළනවා. හැබැයි ලංකාව ඩොමිනික් අතහරින්නෙ නැහැ. ඩොමිනික් ද රැකියාව අහිමි වුනේ ලංකාව වෙනුවෙන් පෙනී සිටිය හින්ද නිසා ඔහුට ශ්‍රී ලංකා මහ බැංකුවේ උපදේශක තනතුරක් හිමිවෙනාව.
- මහින්ද පතිරණ -
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
විග්නේෂ්වරන් උතුරට එක්සත් ජාතීන්ගේ සාම හමුදාවක් කැදවයි.

උතුරේ නිසි පාලනයක් නැති බව දක්වමින් එක්සත් ජාතින්ගේ සාම හමුදාවක් මේ රටට ගෙන ඒමේ අරමුණින් උතුරු මහ ඇමති සී වී විග්නේෂ්වරන් උතුරට ජාත්‍යන්තර මැදිහත්වීම ලබාදෙන්නැයි පොදු රාජ්‍ය මණ්ඩළ කටයුතු පිළීබඳ නියෝජ්‍ය ඇමතිනී ජොයිස් අනෙලි සාමිවරියගෙන් ඉල්ලා ඇත.එහෙත් විග්නේෂ්වරන්ගේ මෙම ඉල්ලීම කෙරේ බ්‍රිතාන්‍ය අමැතිනිය ප්‍රතිචාර දක්වා නැත.

උතුරට ජාත්‍යන්තර මැදිහත්වීමක් ලබාදෙන ලෙස කළ ඉල්ලීමට සමගාමීව උතුරේ ශ්‍රී ලංකා හමුදාව රැඳී සිටිම ගැනද විග්නේෂ්වරන් ඇයට පැමිණිළි කර ඇත.

උතුරේ මහ ඇමතිවරයා මෙම ඉල්ලීම කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ R2P නැමති ක්‍රමවේදයකට අනුවය.

මෙම ක්‍රමවේදය යටතේ රටක ජනතාව ආරක්ෂා කිරීමට රජයට නොහැකි නම් ඊට ජාත්‍යන්තරව මැදිහත් වී එක්සත් ජාතීන්ගේ සාම හමුදාවක් එවීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට බලය හිමිවේ.

උතුරේ ක්‍රියාත්මක වන ආවා ගෘප් කල්ලියේ ක්‍රියාකාරකම් වලට මුවාවි විග්නේෂ්වරන් මෙම ඉල්ලීම කර ඇත.

මෙයට පෙර කොළඹ රාජ්‍ය නොවන සංවිධානයක ක්‍රියාකාරිනියක වූ රාමා මානි එක්සත් ජාතීන්ගේ හමුදාවක් මෙරටට ගෙන ඒමට දැරූ උත්සහය ව්‍යර්ථ වූ අතර ඇයව රටින් පිටුවහල් කර තිබේ.

මේ අතර උතුරේ ආරංචි මාර්ග පැවසුවේ ආවා ගෘප් කල්ලියට සම්බන්ධ බවට සැකකර අත්අඩංගුවට ගත් 10 දෙනා අතර විග්නේෂ්වරන්ගේ දෙමළ පිබිදීම ව්‍යාපෘතියේ ක්‍රියාකාරිකයෙකුද සිටින බවයි.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
චීන – ශ්‍රීලංකා සබදතා අවුලක !… චීන රජය හිටපු ජනපති මහින්දව චීනයට කැදවයි

මහජන චීන රජය විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එරට සංචාරයක යෙදන ලෙස නිල ආරාධනයක් සිදු කර තිබේ.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයා මේ මස 23දා චීන සංචාරයක යෙදෙන බව ඔහුගේ ප‍්‍රකාශකයෙක් පැවසීය.

මෙම සංචාරයේදී චීන රජයේ ප‍්‍රධානීන් මෙන්ම දේශපාලන පක්‍ෂ නායකයන්, එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් හමුවීමටද නියමිතය.

චීන ශ‍්‍රී ලංකා සබදතා යම් ගැටළුකාරී තත්වයක පවතිද්දී හිටපු ජනාදදීතිවරයා චීනය විසින් එරටට කැදවා තිබිම විශේෂය.

මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලන සමායේදී  ඉහල සම්බන්ධතාවයක් චීනය සමග පවත්වාගෙන ගිය අතර වරෙක චීන ජනාධිපතිවරයා පවා මෙරටට පැමිණ වරාය නගරයට මුල්ගල්ද තැබීය.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
අයවැයේ ටැබ් යෝජනාව කොල්ලූපිටියේ විශාකා අතින් සුන් වෙයි.. හිරු බලයේ ආචාර්ය හර්ෂ කොල ගෙනත් නෑ කියා පුටුව යටත් හොයයි..

2017 වසර සදහා යූ අයවැය යෝජනාවලිය ඉදිරිපත් කිරීමෙන් පසු පැවති පළමු රූපවාහිනී විවාදය වූ හිරු රූපවාහිනියේ බලය විවාදයේදී ආණ්ඩුව වෙනුවෙන් පැමිණ සිටි නියෝජ්‍ය ඇමති හර්ෂද සිල්වාට කොල්ලූපිටියේ විශාකා නම් නරඹන්නියක් විසින් යොමු කරනු ලැබූ ප‍්‍රශ්ණයක් නිවා බලවත් අසීරුතාවයට පත් විය.

ඇය විමසා සිටියේ පාසැල් ලමුන්ට ටැබ් පරිඝණක දෙන බව කියමින් අන්තර්ජාල ගාස්තුවලට 25%ක බද්දක් පනවන්නේ කුමන හේතුවක් නිසාද යන්නයි.

ටැබ් ලබා දීමට පෙර පාසැල් පද්දතියේ සිදු කල යුතු අනේකවිධ අඩුපාඩුද ඇය පෙන්වා දුන්නේ ටැබ් පරිඝනකය යනු අධ්‍යාපනය ලැබීමේදී අත්‍යවශ්‍ය භාණ්ඩයක් නොවන බව ඉතා සුගම ලෙස කියා සිටියාය.

නියෝජ්‍ය ඇමතිවරයා එම නිශ්චිත ප‍්‍රශ්ණයට නිශ්චිත පිලිතුරක් ලබා නොදුන් අතර මෙවර අයවැයේ ආණ්ඩුව පාර්ශ්වයේ ජනප‍්‍රයිම යෝජනාව වූ පාසැල් සිසුන්ට ටැබ් ලබා දීම කොල්ලූපිටියේ විශාකාවන් අතින් බිදී ගියේ මෙසේය.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
නව පක්ෂයේ නායකයා මහින්ද රාජපක්ෂයි

ජනතාව ඉල්ලූ නව පක්ෂයේ නායකත්වයට සුදුසුම පුද්ගලයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පමණක්ම බව හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා මේ බව කියා සිටියේ අද(10) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

නව ජනතාවාදී පක්ෂයේ නායකත්වයට පත්විය යුත්තේ ජනතා දුක,  ජනතා හැඟීම්,  ජනතා වේදනාව හඳුනන නායකයෙකු බවත් ඊට සුදුසුම පුද්ගලයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

“නෙළුම් පොහොට්ටුව“ ලකුණින් ආරම්භ කළ “ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ“ නව  පක්ෂයේ සභාපති ලෙස මාහචාර්ය ජී.එල් පීරිස්  කටයුතු කරන අතර පක්ෂයේ ලේකම් භාණ්ඩාරගාරික යනාදී සියලු තනතුරු ඉදිරියේදී පත් කර ගන්නා බව පෙන්වා දුන් ඒ මහතා කියා සිටියේ පක්ෂයේ නායකයින් සම්මේලනයක් මගින් පත් කර ගැනීමට නියමිත බවයි.

එමෙන්ම ඒ මහතා කියා සිටියේ ජනතාව ඉල්ලු  නව පක්ෂයේ ඉදිරි කටයුතු සියල්ල මේ වන විට සැලසුම් කර අවසන් බවයි.

එනම් නව පක්ෂයේ සාමාජිකයින් ලක්ෂ 10ක් හා ශාඛා සමිත් 12,000ක් සම්පූර්ණ වු විගස පක්ෂ සම්මේලනය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බවත් ඒ මහතා පෙන්වා දී තිබේ.

එනම් ශ්‍රී ලංකාව තුළ ඇති සියලුම ග්‍රාමසේවා වසම් ආවරණය වන පරිදි ශාඛා සමිති ආරම්භ කර ඒ ඔස්සේ සාමාජිකයින් බදවා ගන්නා බවත් ඔහු පෙන්වා දී ඇත.

එමෙන්ම මේ වන විට කිසිදු භේදයකින් තොරව සියලුම පක්ෂවල පිරිස් නව පක්ෂය වටා එක් රොක් වී ඇති බවත් ඒ මහතා පවසයි.

නව පක්ෂය ආරම්භ වෙත්ම විවිධ දේශපාලන පක්ෂවල පිරිස් නව පක්ෂය සමග එකතුවීමට නියමිත බවත්, එජාපය, ශ්‍රීලනිපය, යනාදී ප්‍රධාන දේශපාලන පක්ෂ වල විශාල පිරිසක් හා දේශපාලඥයින්ද නව පක්ෂයට එක්වනු ඇතැයිද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

 ඒ අවස්ථාවේදී මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඒ මහතා කියා සිටියේ පක්ෂයක් පිහිටුවීමේදී විවිධ බෙදීම් ඇති වන බවත්, එය ඉතිහාසය පුරා පැවතුනු බවත්, ශ්‍රීලනිපයේ ආරම්භයද එවැනි බෙදීමක් වන බවත්ය.

එමෙන්ම මේ වන විට ඊනියා ජාතික ආණ්ඩුවේ විපක්ෂයේ කාර්යය භාරය ඉටු කරනු ලබන්නේ  ඒකාබද්ධ විපක්ෂය බවත්, මේ ආණ්ඩුව විසින්  ගමේ දේශපාලඥයාගේ සිට ජනතාවගෙන් පලි ගැනීමට පටන්ගෙන ඇති බවත් ඒ මහතා පෙන්වා දෙයි.

එපමණක් නොව ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් වන සර්ව ජන ඡන්ද බලයද මේ ආණ්ඩුව විසින් අහිමිකර ඇති බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
“ඔයාලා ඉන්නේ UNP ආණ්ඩුවේ ඒ නිසා ඔවා මට කියන්න එපා….”

පසුගියදා ජනාධිපතිවරයා ක්ල ප්‍රකාශයක් හේතුවෙන් තමන් බරපතළ ලෙස කලකිරිමට ලක්ව සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිළේ බත් බැලයෙකු වන එක්සත් ජනතා නිදහස් සන්ධාන මහා ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර සිය සමිපතමයෙකු සමග අනාවරණය කර තිබේ.තමන් ජනාධිපතිවරයා හමුවු අවස්ථාවේ ජාතික ආණ්ඩුවේ අර්බුද මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් ඇමතිවරුන් කරන ප්‍රකාශ මෙන්ම කෙනහිලිකම් පිළිබඳව අවධානය යොමුකිරිමට කටයුතු කල බවත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම ආරම්භ කරනවාත් සමග ජනාධිපතිවරයා….
“මට කරන්න දෙයක් නෑ අමරවිර….මම ජනාධිපති මටත් ප්‍රශ්ණ තියෙනවා….ඔයාලා ඉන්නේ UNP ආණ්ඩුවේ ඒ නිසා ඔවා මට කියන්න එපා,….ඔයාලා විදගෙන ඉන්න ….” යනුවෙන් දිගටම කියවාගෙන ගොස් තිබේ.
එම අවස්ථාවේ මහින්ද අමරවිර සමග තවත් ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙකු එම ස්ථානයේ සිට ඇති අතර ඔහුන් සියලුම දෙනා එකිනෙකාගේ මුහුණවල් බලාගනිමි වෙනත් කතාවකට යොමු වි ඇති බවයි අමරවිර සදහන් කර ඇත්තේ…
මහින්ද – මහින්ද හමුවක්…

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අඟහරුවාදා පාර්ලිමේන්තුවට පැමිණියේ ප්‍රසන්න රණතුංග, ඉන්දික අනුරුද්ධ ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් සමග සභා ගර්භයට පැමිණ ටිකවේලාවක් රැඳීසිට පිටත්ව ගියේය. පාර්ලිමේන්තුවෙන් පිටත් වනවිට ඔහුට ජෝන් සෙනවිරත්න ඇමැතිවරයා හමුවිය.
“කොහොමද ඇමැතිතුමා” මහින්ද ඇසුවේය.
“ඉන්නවා සර්” ජෝන් සෙනවිරත්න කීවේය.
“ඔයා බලාගෙන. මහින්ද මහත්තයා එක්ක ලිෆ්ට් එකේ ගියා කියලා ඔයාට නඩුවක් දාන්න බැරි නෑ” ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයාද සිනාසෙමින් කීවේය.
මේ අතර මහින්ද අමරවීර මහින්දට හමුවිය.
“කොහොමද? දේශපාලනය කරන්න අරගෙන අවුරුදු විසි පහක් ගතවුණා නේද?” යැයි මහින්ද, මහින්ද අමරවීරගේ අත අල්ලාගත්තේය.
“බොහෝම ස්තූතියි සර්” යැයි කියන විට හිටපු ජනාධිපතිවරයා වාහනයට නගිමින් කීවේ එම උත්සවයට තමන්ට ආරාධනා කළානම් තමන් පැමිණෙන බවය.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
හමුදාවේ ඔලු පැළු දකුණේ ආණ්ඩුවට කොන්දේසි විරහිතව සහය දෙනවා

දකුණේ ශ්‍රී ලංකා ආණ්ඩුව රණවිරුවන්ගේ ඔලු පලමින් පහරදිම පිළිබඳව තමන් මෙන්ම තමන්ගේ පක්ෂයද ඉහමත් සතුටට පත්ව සිටින බව  ප්‍රභාකරන්ගේ මස්‌සිනා වන උතුරු පළාත් සභා මන්ත්‍රී සිවාජීලිංගම් පවසා තිබේන බව උතුරේ අප විශේෂ වාර්තාකරු සදහන් කළා.
අමෙරිකානු ජනාධිපතිවරණයෙන් හිලරි ක්ලින්ටන්ට ජයපතා යාපනයේ පැවැත්වු උත්සවයකට එක්වෙමින් පළාත් සභා මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් පවසා ඇත්තේ… දෙමළ ජනයා සමුහ ලෙස ඝාතනය කල හමුදාවට දකුණේ ආණ්ඩුව පහරදිම හරහා ආණ්ඩුව හමුදාකරණය අවසන් කිරිමට කටයුතු කරන් බව පැහැදිලිව පෙනී යන් බවත් ඒ සදහා තමන් මෙන්ම ද්‍රවිධ ජාතික සන්ධානය කොන්දේසි විරහිතව සහය දෙන බවයි.
ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට දේශපාලන විසදුමක් ලබා ගැනිමට නම් අමෙරිකානු ජනාධිපතිවරණයෙන් හිලරි ක්ලින්ටන් ජයගත යුතු බව පවසමින් දෙමළ ජාතික සන්ධානයේ පළාත් සභා මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම්ගේ නායකත්වයෙන් හිලරිට ජයපතා නල්ලුර් කොවිලේ පොල් ගෙඩි 1008 ගසා මෙරි කතෝලික පල්ලියේ ඉටිපන්දම් 1008ක් ද දල්වන බව මීට පෙර සදහන් කර තිබුනා.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
ආබාධිත රණවිරුවන්ට එල්ලකල ප‍්‍රහාරයෙන් එක් ඇසක් අන්ධ රණවිරුවාගේ දෑසම අහිමි වෙයි..

අබාධිත රණවිරුවන්ගේ විරෝධතාවයකට පොලීසිය විසින් එල්ල කරනු ලැබූ කදුළු ගෑස් හා අධි පීඩන ජල ප‍්‍රහාරය නිසා යුද්දයේදී වම් ඇසේ පෙනීම දුර්වල වූ නිශාන්ත මහිරාජ් නම් හිටපු හමුදා නිලධාරියාගේ දකුණු ඇසටද බරපතල තුවාල සිදුව තිබේ.

මේ හේතුවෙන් ඔහුගේ දකුණු ඇසට සැත්කමක් කර ඇති අතර ඇසෙහි පෙනීම ගැන මේ මොහෙතේ කිසිත් කිව නොහැති බව ජාතික අක්‍ෂි රෝහල කියයි.

සැත්කමට ලක් කරන ලද ආබාධිත රණවිරුවා මේ වන විට කොළඹ අක්ෂි රෝහ‍ලේ 12 වැනි වාට්ටුවේ සිටී.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
‘යහපාලන ටොප් ටෙන් හොරු’ නම් කෙරේ.. මුල් තැන අගමැති දෙවැනියා මුදල් ඇමති.. මංකොල්ලය බිලියන 40යි.

යහපාලන ආණ්ඩුවේ ‘ටොප් ටෙන් හොරු’ සම්බන්ධයෙන් අල්ලස් හෝ දුෂණ විමර්ෂණ කොමිෂන් සභාවට හා රහස් පොලීසියට පැමිණිලි කරන බව එක්බද්ද විපක්‍සය පවසයි.

අද කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් එහි නියෝජිතයෝ මේ බව කියා සිටියහ.

අගමැති රනිල් වික‍්‍රමසිංහ හා මුදල් ඇමති රවි කරුණානායක මෙම ලයිස්තුවේ මුලින්ම සිටිනා බවද ඔවුහු කියා සිටියහ.

මෙම ‘ටොප් ටෙන් හොරු’ විසින් වසරක කාලයක් තුලදී රුපියල් බිලියන 40කට ආසන්න මහජන මුදලක් මංකොල්ල කා ඇතැයිද ඔවුන් පෙන්වා දුන්හ.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
ජනපති-අගමැති බැදුම්කර වගඩියට වරදකරුවෝයි.. අපේ ආණ්ඩුවකින් දඬුවම් දෙනවා..

ඉතා ඉක්මනින් බලයට පත් වන අපේ ආණ්ඩුවකින් බැදුම්කර සිද්ධියට සම්බන්ධ සියළුදෙනාට දඩුවම් දෙන බවත් රටට කළ අලාභය ඔවුන්ගෙන් අය කර ගැනීමට කටයුතු කරන බවත් ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එකාබද්ධ විපක්‍ෂයේ කැඳවුම්කරු ප‍්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

සොරකම් කිරීම සොරකමට අනුබල දීම සහ සොරුන් රැකීම වැරදි බැවින් මෙම මහා බැංකු බැදුම්කර වංචාවට ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් වර්තමාන ආණ්ඩුවත් සම්පූර්ණයෙන්ම වග කිව යුතු බව රණතුංග මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

මිනුවන්ගොඩ කොටුගොඩ ඔපාත ප‍්‍රදේශයේ රැස්වීමකදි මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් සඳහන්කලේ ඉදිරි මැතිවරණයකදි ආණ්ඩුවට මුක්කු ගසා සිටින දෙපත් නයින්ට එකාබද්ධ විපක්‍ෂයේ සහාය නොලැබෙන බවයි. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය තව දුරටත් එක්සත් ජාතික පක්‍ෂයට මුක්කු ගසන්නේ නම් ඉදිරි පලාත් පාලන මැතිවරණයේදි වෙනම තරඟ කරන කණ්ඩායමකට එකාබද්ධ විපක්‍ෂයේ සහාය හිමි වන බවද රණතුංග මහතා මෙහිදි වැඩිදුරටත් අවධාරණය කලේය.

වර්තමාන දේශපාලන තත්වය පැහැදිලි කිරීම සඳහා පැවැත්වූ මෙම රැස්වීමේදි වැඩිදුරටත් අදහස් දැක්වූ ප‍්‍රසන්න රණතුංග මහතා මෙසේද කිවේය.

‘ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ස්වර්ණමය යුගය තමයි මහින්ද රාජපක්‍ෂ මහතා මේ පක්‍ෂයේ සභාපති ¥රය දැරූ දිනය ඊයේ පෙරේදා මහරගම තිබුනු රැස්වීමකදි වත්මන් ජනාධිපතිවරයා කියනවා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය විනාශ වෙන්න දෙන්න එපා කියලා කව්දමේ පක්‍ෂය විනාශ කලේ මේ පක්‍ෂය විනාශ කලේ අපේ හිටපු මහා ලේකම්වරයා අපේ පක්‍ෂයේ අපේක්ෂකයාට විරුද්ධව ජනාධිපතිවරණයට ඉදිරිපත් වුනාට පස්සේ සිරිසේන මහතාව ජනාධිපති කලේ අපි නෙවෙයි. අපි කිව්වා ඔහු ජනාධිපති වෙලා රනිල්ව අගමැති කලොත් රටට මහා විනාශයක් සිද්ධ වෙනවා කියලා. අද ඒක ඔප්පුවෙලා තියෙනවා. එදා අපිට මන්ත‍්‍රීවරුන් 146 හිටියා යූ.එන්.පී.යට හිටියේ 40 ගානයි. සිරිසේන මහත්තයා ජනාධිපති වෙච්ච ගමන් ශ‍්‍රී ලංකා හිටිපු අගමැති දී.මූ ගේ කනෙන් අල්ලලා එලියට දාලා අගමැතිකම රනිල්ට දුන්නා. පක්‍ෂයට පොඞ්ඩක් හරි ආදරය කලානම් රනිල්ට කියන්න තිබුනා මහා මැතිවරණයේදි බහුතරය අරන් අගමැති වෙන්න කියලා. එහෙම නොකරපු අය අද පක්‍ෂය වෙනුවෙන් කිඹුල් කදුළු හෙලනවා. ඒ විතරක්ද පළාත් අපට තිබුණු බලය එතුමා නැති කළා. මහා මැතිවරණයේදි අපේ කකුලෙන් ඇද්දා ගම් වල ශ‍්‍රී ලංකා කාරයෝ සිරිසේන මහත්තයාගේ නායකත්වය පිලිගන්නේ නැහැ. ඇත්තටම එතුමාට ඔනේනම් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ශක්තිමත් කරන්න එතුමා එකතුවෙන්න ඔනෑ අපිත් එක්කයි. එහෙම නැතුව යු.එන්.පී. එකට මුක්කු ගහලා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය දිනවන්න බැහැ. රනිල්ව ගෙදර යවලා අපේ පක්‍ෂයේ කෙනෙක්ව අගමැති කරන්න ඔනෑ. මහින්ද මහත්තයා එක්ක කථා කරලා ඒ ගැන එකගතාවයකට එන්න පුළුවන් ගමේ ශ‍්‍රී ලංකා කාරයෝ දිනා ගන්න නම්. මුලින් මහින්ද ව දිනාගන්න වෙනවා මහින්දට බැනලා, මහින්දට ගහලා, අපිට බැනලා. අපිට ගහලා, අපිව හිරේ දාලා ඒදේ කරන්න බැහැ කියලා මේ අය තේරුම්ගන්න  ඕනෑ ගමේ පාක්‍ෂිකයෝ ඉන්නේ මහින්දත් එක්කයි නැතුව පක්‍ෂයත් එක්ක නෙවෙයි.

මේ ආන්ඩුව බලයට පත්වුනේ මහින්ද මහත්තයාටයි අපිටයි හොරා හොරා කිය කියා හැබැයි. දැන් අසියාවේ ලොකුම හොරකම කරලා තියෙන්නේ මේ ආණ්ඩුව ඒ තමයි මහා බැංකු බැදුම්කර වංචාව හොරකම් කිරීමත් හොරකමට අනුබල දීමත් හොරු රැුකීමත් වැරදියි. එහෙම නම් මේ බැදුම්කර වංචාවට ජනාධිපතිවරයාගේ අගමැතිවරයාගේ සිට මේ ආණ්ඩුවේ සියළුදෙනා වග කිව යුතුයි. ජනාධිපතිවරණය ඉවර වෙලා මාස 02 විතර යනකොට දින 100 ඇතුලේ තමයි මේ හොරකම සිද්ධ වුනේ මේ එකක් විතරයි. තව හොරකම් ගොඩක් සිද්ධ වෙලා තියෙනවා. මැතිවරණයේදි කිව්වේ මහින්දගේ හොරකම් නිසා බඩු මිල අඩු කරන්න බැහැ කියලයි. එහෙනම් අද බඩු මිල අඩුකරන්න බැරි රනිල්ගේ හොරකම් නිසාද දන්නවා තව ටික කාලයයි මේ ආණ්ඩුව තියෙන්නේ කියලා ඒ හින්දා ආණ්ඩුවේ එවුන් හරි හරියට හොරකම් කරනවා. අපි ඉතා ඉක්මනින් මේ රටේ අලූත් ආණ්ඩුවක් පිහිටුවනවා ඒ ආණ්ඩුවෙන් මේ බැදුම්කර වංචාවට සම්බන්ධ සියළුදෙනාට දැඩි දඩුවම් දෙනවා. ඒ විතරක් නෙවෙයි. ඔවුන් මේ හරහා රටට කරපු පාඩුව නැවත අය කරගන්නවා. අපි හොරකම් වලට උදව් කරන රාජ්‍ය නිලධාරීන්ට අනතුරු අගවනවා. අපි දන්නවා සමහර උදවිය මේවට යටින් උල්පන්දම් දෙනවා. ඒ අයට කල්පනාවෙන් කටයතු කරන්නැයි අපි ඔවුන්ට කියනවා. මේ මහා බැංකු හොරකමට රනිල් වික‍්‍රමසිංහ අගමැති වරයා වග කිව යුතුයි. මුදල් අමාත්‍යංශය යටතේ තිබුනු මහා බැංකුව අගමැති යටතට පත් කරගෙන සිංගප්පූරුවේ හිටපු තමන්ගේ ගජ මිතුරාව එහි අධිපති කලේ හොරකම් කරන්න මිසක් වෙන මොකටද ආන්ඩුවේ ඉන්න මැති ඇමති වරු දැන් රනිල්ව බේරගන්න ලොකු මෙහෙයුමක් කරනවා රතු අලි පැටව්ත් මුලින් හැදුවේ මේක යට ගහන්නයි. බැහැයි ඒකාබද්ධයේ අපි එක ස්ථාවරයක ඉදලා බලපෑම් කරනකොට ඒ අයටත් මේ මග අරින් බැරි උනා. රතු අලි පැටව් තමයි. මේ ආන්ඩුවට වක‍්‍රව උදව් කරන්නේ අදටත් ඔය සමහරු යැපෙන්නේ දෙමල ඩයස් පොරාවේ ආණ්ඩුවේ ඩොලර් කුට්ටි වලින් දැන් හදනවා මේකේ වගකීම අර සමාගමට පටවලා රනිල්ටයි මැති ඇමති වරුන්ටයි සුදු හුණු ගහන්න. සමාගමට මේක දුන්නේ කවුද එ කෙනාව පත්කලේ කවුද කියලා අමතක කරන්න හදනවා අපි ඒකට ඉඩ තියන්නේ නැහැ.

ඊයේ පෙරෙදා ජනාධිපතිවරයා කියලා තිබුනා මේකෙන් දෙශපාලඥයෝ අයින් වෙන්න ඔනෑ අයින් වෙලා නීතිපති ටදාලා වෙන නීතිය ක‍්‍රියාත්මක කරන්න ඔනෑ කියලා මේ ලැහැස්ති වෙන්නේ මොකටදැයි අපිට පැහැදිලියි ගොනා හැරෙන්නේ පොල් පැලේට කියලා අපි දන්නවා. නීතිපතිට යවලා මේකට සාධාරණයක් ඉටු වෙයි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. අන්තිමේදි නිතිපති වාර්ථාවක් එවාවි මේකේ වැරැුද්ධක් නැහැ කියලා පහු ගිය කාලේ මේ කට්ටිය එකතු වෙලා නීතිය නමපු හැටි අපි හොදට දන්නවා. මේ හොරාගේ අම්මාගෙන් පේන අහන වැඩවලට අපි කැමති නැහැ. මේ හදන්නේ රනිල්ට විරුද්ධව රටේ නැගෙන ජන මතය. දියාරු කරන්න. ජනාධිපතිතුමා හදන්නේ ආණ්ඩුවත් බෙරගෙන රනිල්වත් බෙරගන්න.

මේ ආණ්ඩුව ලොබකමක් නැතිව රාජ්‍ය ආයතන විකුණනවා. මහින්ද බැන බැන චීනෙට බැන බැන හිටපු ආණ්ඩුව අද චීනෙට වැද වැද ණය ඉන්ලනවා දැන් බලන්න පොට් සිටිය නවත්තනවා. කියලා මේ ආණ්ඩුව පර සක්වල ගැහැව්වා. මහින්දගේ ආණ්ඩුව රට චීන කොළණියක් කරන්න යනව කියලයි අපිට බැන්නේ හැබැයි ආණ්ඩුව දැන් පොට් සිටිය ආයෙත් ආරම්භ කලා අර එදා කෑ ගහපු පරිසර වේදීන් කොහෙද දන්නේ නැහැ මහින්ද කරන කොට වැරදි දේ රනිල් මෛත‍්‍රී කරනකොට හිරි වෙන්නේ කොහොමද? මෙවයින් ආණ්ඩුව කොමිස් ගහන හැටි අපි දන්නවා. ආණ්ඩුවේ හොරකම් වල පාඩුව අය කර ගන්න හදන්නේ වැට් බද්දෙන් අපේ ශ‍්‍රී ලංකා ඇමතිවරු මේ ආන්ඩුව කරන මේ ජනතා විරෝධී දේවල්වලට අත උස්සන්නේ රෙදි ඇදගෙනද.

උතුරේ අද ඇතිවෙලා තියෙන් තත්වයට ගැන බොරු බියක් ඇති කරනවා කියලා ආණ්ඩුව අපිට චොදනා කරනවා සිරිසේන මහත්තයත් එහෙම කියලා තිබුනා එතුමා පහුගිය කාලේ පත්තර කියවලා නැද්ද කොහේද උතුරේ ඇත්ත තත්වය මාධ්‍ය වාර්ථා කරලා තිබුනා උතුරේ ජනතාවට දෙමළ අන්තවාදි කණ්ඩායම් හිරිහැර කරනවා. ආණ්ඩුව බුදි නැත්නම් පේන්නේ නැහැ වගේ ඉන්නවා. මොකක්වත් හින්දා නෙවෙයි. පහුගිය ජනාධිපතිවරණයේදි බලයට පත්වෙන්න සහායොගය දුන්නේ කොටි ඩයස් පොරාව නිසා අද ලෝකේ සමහර රටවල් තමිල් ඊලාම් කියලා වෙනම රටක් පිලි අරගෙන පිටරටවල්වල කොඩි ටී ෂර්ට් ඇදලා සමහර ජාතික තරඟ වලට මේ කණ්ඩායම් තරඟ කරනවා. අපේ සල්ලි වලින් එල්.ටී.ටී. කාරයන්ට ආණ්ඩුව වන්දි ගෙවනවා. රණවිරුවන්ට විශ‍්‍රාම වැටුප දෙන්නේ නැහැ. එල්. ටී. ටී. එකට වන්දි රණවරුන්වන්ට ගුටි බැට එල්. ටී, ටී. කාරයෝ එලියට රණවිරුවන් ඇතුලට මේක තමයි මේ කොටි හිතවාදි ආණ්ඩුව අද තේමා පාඨය වෙලා තියෙන්නේ. ප‍්‍රජා තන්ත‍්‍රවාදය මාධ්‍ය නිදහස ගැන කියපු ආන්ඩුව කිසිම හිරිකිතයක් නැතිව ඒ දෙකම උල්ලගනය කරලා අද මාධ්‍ය වෙදීන්ට රටේ ඇත්ත තත්වය නිවැරදිව වාර්ථා කරන්න බැහැ.

අද මේ ආන්ඩුවට ඡන්දේ දීපු කෙනෙක් හොයා ගන්න නැහැ. වෙනසක් ඉලාගෙන ඡුන්දේ දීපු අයට අද කට උත්තර නැති වී තියෙනවා. ආණ්ඩුව කරපු එක වැඩක් එක වැඩක් පුළුවන් නං පෙන්වන්න. මහින්ද බනින එකයි. අපිව එෆ්.සී,අයි.ඞී. එක ගෙනියන එක ඇරෙන්න ආණ්ඩුව මොනවද කලේ. ගමට ගිහාම ඉනිස්සු අහන්නේ මේ ආණ්ඩුව ඉක්මනට පෙරලන්නේ නැත්තේ ඇයි කියලා මේ ආන්ඩුවට ඡුන්දේ දීපු මිනිස්සුන්ට හෙට අනිද්ධාට සිද්ධ වෙන්නේ අත කපා ගන්න. මේ ආණ්ඩුවට මුක්කු ගහන දෙපත් නයින්ට ඉදිරි පලාත් පාලන මැතිවරණයේදි අපේ සහාය නැහැ එකාබද්ධ විපක්‍ෂය ලෑස්ති නැහ ැරට නැවත අනතුරේ හෙලන්න. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය තව දුරටත් ආන්ඩුවත් එක්ක මුක්කු ගහගෙන ඉන්නවා නම් ඉදිරි පලාත් පාලන මැතිවරණයේදි එකාබද්ධ විපක්‍ෂයේ සහාය ඔවුන්ට දෙන්නේ කොහොමද? එහෙම උනොත් අපි ආණ්ඩුවට විරුද්ධව තරඟ කරන වෙනත් කණ්ඩායමකට සහාය දෙනවා. මේ ආන්ඩුවට විරුද්ධ අලූත් බල වේගය මේ වන විට ගොඩ නැගිලා ඉවරයි ඉදිරියේදි ඔවුන් සමග එක්ව මේ ආණ්ඩුව ගෙදර යැවීමට අපි පියවර ගන්නවා.

– ප‍්‍රදීප් අනුර කුමාර
ජනපති-අගමැති බැදුම්කර වගඩියට වරදකරුවෝයි.. අපේ ආණ්ඩුවකින් දඬුවම් දෙනවා..November 8, 2016 at 6:48 pm | lanka C news | ලංකා සී නිවුස්

‘ආණ්ඩුව හෙල්ලෙන බව දැනිලා ජනපති-අගමැති බය වෙලා‘

ආණ්ඩුව හොල්ලන්න බැරිනම් ඒ බව අමුතුවෙන් කිවයුතු නැති බවත් අගමැතිවරයා සහ ජනාධිපතිවරයා නිතරම ‘මේ ආණ්ඩුව අවුරුදු 04කටවත් හොල්ලන්න බැහැ‘ කියා පවසන්නේ ‘ආණ්ඩුව හෙල්ලෙයි‘ කියන බිය ඔවුනට දැනටමත් දැනී ඇති නිසා බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

අද (07) පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත ප‍්‍රකාශයක් ලබා දීමට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

‘‘ජනාධිපතිවරයාම ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශකර තිබෙනවා, ‘පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වැනි ඒවා දේශපාලන න්‍යාය පත‍්‍රයක් අනුව හැසිරෙනවා‘ කියලා. රටේ ජනාධිපතිවරයාම එහෙම හඳුන්වන FCID එකට තමයි මම අද ඇවිත් තිබෙන්නේ. මේ ආයතනයට මේ වන විට මාව හත්අට වතාවක් කැඳවා තිබෙනවා. මගෙන් අහන්න ප‍්‍රශ්න 160ක් පමණ ලියපු කොළයක් මෙතැන තිබෙනවා. ‘ ඒ ප‍්‍රශ්න ටික අහලා ඉවර වෙනකොට කොපමණ කාලයක් ගතවේවිද?’ කියන එක මට හිතාගන්න බැහැ.

මේ ආණ්ඩුව දකුණු ආසියාවේ ලොකුම හොරකම කරපු ආණ්ඩුවයි. මේ රටේ මහ බැංකුව මහදවල් සොරාකාපු මහ මොලකරු සහ ඒ වැඬේට යොදා ගත්තු අනෙක් හොරු ටික නිදැල්ලේ ඉන්නවා. ඒ කිසි කෙනෙකුට විරුද්ධව මෙතෙක් කිසිඳු නීතියක් ක‍්‍රියාත්මක වී නැහැ. එසේ තිබියදී අද මේ රට විනාශ කරන ආණ්ඩුවට එරෙහිව හඬ නඟන දේශපාලන බලවේග පමණක් පොඩිපට්ටම් කරන්න මේ FCID වැනි ආයතන පාවිච්චි කරනවා.’‘

එහිදි මාධ්‍යවේදීන් නැඟූ ප‍්‍රශ්නවලට පිළිතුරු දුන් විමල් වීරවංශ මහතා,

ප‍්‍රශ්නය : මහ මොලකරු ගැන පමණක් කථා කරන්නේ, මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළ සමාගම ගැන කථා කරන්නේ නැද්ද?

පිළිතුර : ඒ හොරකම කළේ මහ මොලකරුගේ උදව්වෙන්. මහ මොලකරු උදව් නොකළා නම් අර්ජුන මහේන්ද්‍රන්ට මේ හොරකම කරන්නත් බැහැ, බෑණාගේ සමාගමට මේ අයුතු ලාභය ලබා ගන්නත් බැහැ. එවැනි චෞර මහ මොලකරුවකු රටේ අගමැති වෙලා ඉන්නකොට අද මේ මූල්‍ය අපරාධ කොට්ඨාසය වැනි බහුභූත ආයතනවලින් දේශපාලන දඩයමක් සිදුකර ගෙන යනවා.

ප‍්‍රශ්නය :මේ තත්වය දිගින් දිගටම වෙනවා. ඊට එරෙහිව ඔබතුමන්ලා යම් ක‍්‍රියාමාර්ගයක් ගන්නවාද?

පිළිතුර : දිගින් දිගටම මේ ආණ්ඩුවට විරුද්ධ දේශපාලන බලවේග මර්දනය කිරීම මහජනයා කොතෙක් කාලයක් ඉවසයිද? ඒ නිසා අපි විශ්වාස කරනවා, මේ ආයතන සතු බලය ජනතාව විසින් ආපස්සට හරවන දිනය වැඩි ඈතක නොවෙයි කියලා.

ප‍්‍රශ්නය : මැතිවරණයක් ළඟපාතක නැහැ. ඔබතුමා බලය අනෙක් පැත්ත හරවන බව කියන්නේ කොහොමද ?

පිළිතුර : මැතිවරණ නැති වුණත් මිනිස්සු පාරට බැහැලා ආණ්ඩු ගෙදර යවපු අවස්ථා ලෝක ඉතිහාසය පුරාම දැකගන්න පුළුවන්. මේ ආණ්ඩුව මැතිවරණ කල් දමමින් ජනතාවට ‘ආරාධනා‘ කරන්නේ ‘ලක්ෂ ගණනින් පාරට බැහැලා, කොළඹ දවස් ගණන් වටකරගෙන ඉඳලා, මේ බංකොළොත් ආණ්ඩුව ගෙදර යවපල්ලා,‘ කියන එකයි. ඒ ‘ආරාධනාවට‘ ජනතාව නියම අවස්ථාවේ, නියම ප‍්‍රතිචාරය දක්වාවි.

ප‍්‍රශ්නය : ‘යහපාලන ආණ්ඩුව තව අවුරුදු හතරකට හොල්ලන්නවත් බැහැ‘ කියලයි ඒ අය කියන්නේ…

පිළිතුර : ‘අවුරුදු හතරකටවත් හොල්ලන්න බැහැ‘ කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැ හොල්ලන්න බැරි නම්. මේ අයගේ යටිහිතට දැනෙනවා ‘ ආණ්ඩුව හෙල්ලෙයි‘ කියලා. අද වන විට ඒ බිය ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට දැනිලා තිබෙනවා. ඒ නිසයි ඒ අය හැම තිස්සෙම කියන්නේ ‘හොල්ලන්න බැහැ, හොල්ලන්න බැහැ‘ කියලා.

ප‍්‍රශ්නය : ඔළුගෙඩි වෙනස් කරලා ආණ්ඩුව හොල්ලන්න බැරිද?

පිළිතුර : මේ පිළිබඳව මීට කලින් හිටපු ජනාධිපතිතුමන් ප‍්‍රකාශයක් කළා. ඒවා නියම වෙලාවට සිදුවේවි. මේ ආණ්ඩුවේ බොහෝ මැති ඇමතිවරු මේ යන ක‍්‍රමය ගැන දැඩි කලකිරීමෙන් ඉන්නේ. ඔවුන් සූදානමින් ඉන්නවා සුදුසු අවස්ථාවේ සුදුසු තීරණ ගන්න. වෙසක් එක ආවම කට්ටිය බකට් පත්තු කරයි.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
2016.11.07
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
ශ‍්‍රීලනිප ඇමතිවරුන් මහින්ද හා සාකච්චා.. අද වුණත් ආණ්ඩුවෙන් එලියට බහින්න ලෑස්තියි..

ආණ්ඩුවේ සිටින ශ‍්‍රිලනිප ඇමතිවරුන් අද වන විට ඉතා කලකිරීමෙන් පසුවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

ඇතැම් ඇමතිවරුන් මේ වන විටත් තමන් සමග එක්වීමට සාකච්ඡා පවත්වා ඇති බවද ඒ මහතා සදහන් කරයි.

උඩුගම්පලදී පැවති ජනහමුවක් අමතමින් ඔහු කියා සිටියේ එසේ තමන් හා සාකච්චා පැවැත්වූ ඇමතිවරුන් අද වුවත් ආණ්ඩුවෙන් එලියට බහින්න සූදානම් බව කියා සිටි බවයි.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
අලූත් පක්‍ෂය ශාඛා සමිති 3600ක බලය අල්ලයි.. නොවැම්බර් 15ට පෙර ඉලක්කය දොලොස්දාහක්

නොවැම්බර් මස පළමුවැනිදා වන විට රට පුරා ග්‍රාම සේවක වසම් 14029කින් වසම් 3600ක ශාඛා සමිතිවල බලය ඒකාබද්ද විපක්‍ෂයේ නව දේශපාලන බලවේගය සමග එක් වූ ඇති බව හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

නව දේශපාලන පක්ෂය ලියාපදිංචි වීම සමගින් එම වැඩපිළිවෙල වේගවත් වී ඇතැයිද පවසන ඔහු මෙම නොවැම්බර් 15දා වන විට ශාඛා සමිති 12,000 ඉලක්කය පසු කිරීමට හැකිවනු ඇතැයිද විශ්වාසය පල කරයි.

මල් පොහොට්ටුව ලකුණුනින් බිහි වී ඇති නව දේශපාලන ව්‍යාපාරයේ ජය ස්ථිර වශයෙන්ම තහවුරැ කරන බවද කී ඔහු අද වන විට මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ නම නොකියා මරණාධාර සමිතියකවත් සභාපති ධූරයක් ලබා ගත නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවද කියා සිටියේය.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
“නායකයන් ටික අල්ලා ළගදීම හිරේ දමනවා.. එතකොට අලුත් පක්ෂය ඉවරයි“ – Rajitha 

rajitha

ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් ඉදිරියේදී හිරේ විලංගුවේ වැටුනාම නව පක්ෂය හොයා ගන්නත් බැරි වෙන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ඔහු මේ බව පැවසූයේ පසුගියදා පයාගල රාජිත සේනාරත්න ක‍්‍රීඩාංගණයේ දී පැවති රාජිත සේනාරත්න පදනම විසින් සංවිධානය කරන ලද වැඩසටහනකට සහභාගී වෙමිනි.

එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසී ය.

“නව දේශපාලන පක්ෂ නිර්මාණය කිරීමට ඒකාබද්ධ විපක්ෂය සුදානම් වෙනවා. එහි නායකයින්ට එරෙහිව ඇති චෝදනා විමර්ශණය වෙමින් පවතිනවා. ඉදිරියේ එම නායකයින් හිරේ විලංගුවේ වැටුනාම නව පක්ෂය හොයා ගන්නත් බැරි වෙයි. නායකයෝ සිරගෙදරට ගිය පසු අනෙක් පිරිසට වෙන දෙය හිතා ගන්න බැරි වෙයි.”

“අපේ රජයේ දුර්වලතාවය තමයි රාජපක්ෂ සමයේ සිදු වූ මහාපරිමාන මුදල් කොල්ල කෑ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක නොකිරිමයි. ඔවුන් කොල්ල කෑ මුදල් ප‍්‍රමාණය සොයාගන්න පවා අමාරුයි. එම මුදල් රටවල් 07 ක තැන්පත් කර තිබෙනවා. උපක‍්‍රමශීලිව තමයි මුදල් තැන්පත් කර තිබෙන්නේ. ඩුබායි බැංකු ගිණුම්වල අංක සහ මුදල් ප‍්‍රමාණ පිළිබද තොරතුරු අප ලබාදුන්නා. ඒවා ගැන සිදු කරන පරීක්ෂණ කඩිනම් කළ යුතුයි.” යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
අජිත් පෙරේරා ඇල්ශේෂන් බල්ලෙක් යයි මුහුණටම කියයි.. නම ‘ෆුට්නෝට් පෙරේරා’ කියයි.. මහින්දානන්දගෙන් සම්බෝල වෙයි

නියෝජ්‍ය ඇමති අජිත් පී. පෙරේරා අගමැති රනිල් වික‍්‍රමසිංහගේ ඇල්ශේෂන් බල්ලෙක් වගේ යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා හිරු රූපවාහිනියේ පැවති බලය දේශපාලන සංවාද වැඩසටහනේදී කියා සිටියේය.

මහ බැංකුවේ බැදුම්කර මගඩියට අගමැති රනිල් වික‍්‍රමසිංහ සෘජුවම සම්බන්ධ බවට හේතු 14ක්ද ඉදිරිපත් කල අලූත්ගමගේ මහතා කියා සිටියේ හැකි නම් අදාල චෝදනා බිද දමන්නැයි කල අභියෝගය වැඩසටහන පුරා බිද දමන්නට නියෝජ්‍ය ඇමතිවරයා සමත් වූයේ නැත.

තවත් අවස්ථාවක මහින්දානන්ද මන්ත‍්‍රිවරයා කියා සිටියේ මේ වන විට අජිත් පී පෙරේරා වෙනුවට ෆුට් නෝට් පෙරේරා ලෙස නාමකරණය වී ඇති බවත් තමත් හොද නමක් ඇතත්ත එය කියන්න හොද නැති බවත්ය.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සිය පළමු මාධය නිවේදනය මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.

ආබාධිත රණවිරුවන්ගේ විශ‍්‍රාම වැටුප් අයිතිය දිනා ගැනීම

වසර 12 ක සේවා කාලය සම්පුර්ණ කර නොමැති ආබාධිත රණවිරුවන්ගේ විශ‍්‍රාම වැටුප් අයිතිය දිනා ගැනීම වෙනුවෙන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ කොන්දේසි විරහිතව පෙනී සිටී. කුරිරු ත‍්‍රස්තවාදයෙන් මාතෘභූමියෙන් නිදහස් කර ගැනීම උදෙසා අතපය දෙනෙත් දන් දුන් මේ වීරෝදාර රණවිරුවන් මහ මග විරෝධතා ව්‍යාපාරයක් අරඹන තුරුම නිහඬව සිටියේ මන්දැයි අපි වර්තමාන ආණ්ඩුවෙන් ප‍්‍රශ්න කරන්නෙමු. ජීවිතයේ වටිනාම කාලය රට වෙනුවෙන් කැප කළ රණවිරුවන් මහ මගට ඇද දැමීම කෘතෙවීදී මිනිස් සමාජයකට කිසිසේත් අනුමත කල හැක්කක් නොෙවී. කෘතීම පාද, අත් වාරු බිම තබා, රෝද පුටු මත හිඳිමින්, රණවිරුවන් පසුගිය 31 වන දා කොළඹදී ආරමිභ කළ විරෝධතා ව්‍යාපාරය හද සසල කළ දසුනකි.

රට වෙනුවෙන් සිය ශරීරාංග යුධ බිමෙහි අතහැර දමා ආ රණවිරුවන්ටත් මේ ආණ්ඩුව සලකන්නේ මෙලෙස නම් අප ගැන කවර කථා දැයි ජනතාව මැසිවිලි නගමින් සිටී. ෙමී සිදුවීම වර්තමාන ආණ්ඩුෙවී රණවිරු දඩයම් ව්‍යාපෘතියේ තවත් එක් අවස්ථාවක් දැයි සැක මතුවීම සාධාරණය.

විශේෂිත අවශ්‍යතාවයන් සහිත පුරවැසියන්ට සුවිශේෂී වරප‍්‍රසාද ලබාදීම ලෝකයම පිළිගත් මූලික සිද්ධාන්තයකි. යමි රටක් විශේෂිත අවශ්‍යතාවයන් සහිත පුරවැසියන්ට සලකන ආකාරයයෙන් ඒ රටේ සමස්ත ස්වාභාවය ලොවටම ප‍්‍රදර්ශණය වන බව අමතක කළ යුතු නැත. මෙම රණවිරුවන් ආබාධිතයන් බවට පත් වූයේ සමස්ත ජාතියේම නිදහස වෙනුවෙන් බව ෙමි ආණ්ඩුවට යළි යළිත් සිහිපත් කිරීමට සිදුවීම කණගාටුවට කරුණකි.

ඔවුන් ඉදිරිපත් කරන්නේ ඉතාම මානුශීය සහ යුක්ති සහගත සාධාරණ ඉල්ලීමකි. මෙම විරෝධතාව දියත් කරන ආබාධිත රණවිරුවන්ට විශ‍්‍රාම වැටුප් අහිම වන්නේ වසර 12 ක සේවා කාලයක් සමිපුර්ණ නොකිරීෙමි පදනම මතයි. ඔවුන්ට වසර 12 ක සේවා කාලයක් සම්පුර්ණ කිරීමට නොහැකි වුයේ සේවා කාලය අතරතුර ආබාධිත තත්වයට පත්වීම හේතුවෙනි. දෑත් , දෙපා, දෙනෙත්, අහිමි මේ රණවිරුවන්ට 12 වසරක් සම්පුර්ණ වන්නට පෙර සේවයෙන් ඉවත් වීමට සිදුවන්නේ වෛද්‍ය නිර්දේශ මත මිස ඔවුන්ගේ පෞද්ගලික අභිමතය මත නොවෙයි. උපන් බිම වෙනුවෙන් මිනිසෙකුට කළ හැකි උපරිම යුතුකම ඉටුකළ ඔවුන් අද වයස අවුරුදු 55 සමිපුර්ණ වීමෙන් පසු මාසික වැටුපක් නොමැති විශ‍්‍රාමිකයින් පිරිසක් බවට පත්ව තිෙබී. දැනට ඔවුන්ට හිමි වන්නේ දුබලතා දීමනාවක් පමණි. එය ඉතා සොච්චම් මුදලකි. එම සොච්චම මෙම රණවිරුවන්ගේ ආබාධිත තත්වයටන්ට අදාල විශේ්ෂිත අවශ්‍යතාවන් සපුරා ගැනීමටවත් ප‍්‍රමාණවත් නැත. එය එසේ වෙද්දී එම මුදලින් අඹු දරුවන් රකින්නේ කෙසේ දැයි මේ අමානුෂික ආණ්ඩුව වහාම වටහා ගත යුතුය. අනික් අතින් මෙම රණවිරුවන් මියගියහොත් ඔවුන්ගේ අඹුදරුවන්ට කිසිදු දීමනාවක් හෝ වරප‍්‍රසාදයක් හිමි නොවීම අතිශයින්ම සංෙවීදී සංකීර්ණ ගැටළුවකි. ෙමී සියල්ලටම එකම විසදුම විශ‍්‍රාම වැටුප් අයිතියම පමණි.

මේ සංෙවීදී අරගලය තවම අවසන් නැත. මේ මොහොතේදීත් ඔවුන් දවසේ 24 පැය පුරා අව්වට වේලෙමින් වැස්සට තෙමෙමින් නිදි වර්ජිතව කොටුව දුම්රියපොල ඉදිරිපිට දුක් විඳිමින් සිටී. ආණ්ඩුව විසින් ස්වේච්ඡුාවෙන්ම සොයා බලා ඉටුකළ යුතු යුතුකමක් දුෂ්්කර අරගලයක් දියත් කිරීමෙන් පසුව වත් ඉටු නොකිරීමට තරමි වර්තමාන පාලකයින් සාහසික වූයේ කෙසේ දැයි වටහා ගැනීම අපහසුය.

ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලෙස අපේ ඉල්ලීම වසර 12 ක සේවා කාලය සමිපුර්න කිරීමට නොහැකි වු රණවිරුවන්ට විශ‍්‍රාම වැටුප වහාම ලබාදෙන ලෙසයි. රෙටි සියළු කේෂත‍්‍රයන් පාරට ඇද දමා සමස්ත සමාජයම වීදි සටන් කරුවන් බවට පත්කල ආණ්ඩුවකින් ජනතා අයිතීන් ඉටුෙවී යැයි කල්පනා කිරීම ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලීමක් වැනි යැයි යමෙකුට සිතිය හැක. නමුත් මේ විරෝධාර රණවරුවන් කෙරෙහිවත් සුවිශේෂී අවධානයක් යොමුකර ඔවුන්ට යුක්තිය ඉටුකරන ලෙස රට වෙනුවෙන් ඔවුන් හෙලූ රුධිරයේ නාමයෙන් අපි ඉල්ලා සිටින්නෙමු.

සංජීව එදිරිමාන්න
මාධ්‍ය ප‍්‍රකාශක
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
රාජිතගේ තුරුම්පුව ගෝටා දෙකේ කොලෙන් කපා ගනී..

උතුරු පළාත් තුල ක‍්‍රියාත්මක වන ‘ආවා ගෲප’ තමන්ගේ මෙහෙයවීමෙන් බිහි වූ එකක් බවට ඇමති රාජිත සේනාරත්න විසින් කරනු ලැබූ ප‍්‍රකාශය තරයේ ප‍්‍රතික්‍ෂෙප කරන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඇමතිවරුන් විසින් සිදු කරන මේ ආකාරයේ ප‍්‍රකාශ හේතුවෙන් අපහාස වන්නේ තමනට හමුදාවට බවද පවසන රාජපක්‍ෂ මහතා තමනට දේශපාලනිකව පහර දීමට මේ අකාරයේ ප‍්‍රකාශ කලවිට සමස්ත හමුදාවටම පහර වදින බවත් හමුදාව කිසිසේත්ම මේ ආකාරයේ දේවල් සිදු නොකල බවත් කියා සිටී.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
බැඳුම්කර හොරකමේ ‘මහ මොලකරු’ වහාම ඉල්ලා අස්විය යුතුයි. නැතිනම් ජනතාව සමඟ පාරට බහින්න අපි සූදානම්!

ශ්‍රී ලංකා රජයට ක්‍ෂණිකව රුපියල් කෝටි 5585ක පාඩුවක් සිදු කරමින් මහදවල් සිදු කළ මහ බැංකු බැඳුම්කර හොරකමේ මහ මොලකරු අගමැති රනිල් වික්‍රමසිංහ බව අද වන විට රට හමුවේ ඔප්පු  වී අවසන් බවත් ඔහු ධුරයෙන් ඉල්ලා අස් නොවන්නේ නම් ඊට එරෙහිව ජනතාව සමඟ පාරට බැසීමට ඒකාබද්ධ විපක්‍ෂය සූදානම් බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අවධාරණය කළේය. 

ඔහු මේ බව පැවසුවේ අද(02) බොරැල්ල එන්. එම්. පෙරේරා මධ්‍යස්ථානයේදී පැවැති ඒකාබද්ධ විපක්ෂයේ  මාධ්‍ය හමුවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

“නරියාට කුකුල්ලු බාර දුන්නා වගේ’ කියන කියන කතාව වෙනුවට අද අපේ තරුණ පරම්පරාව කියන්නේ ‘රනිල්ට මහ බැංකුව බාර දුන්නා වගේ’ කියන එකයි. ඉතිහාසය පුරාම මේ රටේ මහ බැංකුව මුදල් ඇමති භාරයේ මිස අගමැතිවරයා භාරයේ තබාගෙන නැහැ. 2015 ජනවාරි 08 සිදු වූ ඔවුන්ගේ ඊනියා බල පෙරළියෙන් පස්සේ, මෙතෙක් මෙරට කිසිදු ජනාධිපතිවරයකු හෝ අගමැතිවරයකු භාරයේ තබා නොගත්, මුදල් ඇමතිවරයා යටතේ පමණක් ගැසට් කළ මහ බැංකුව රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා යටතට ගත්තේ ඇයි? ඒ වගේම තමන්ගේ ගජ මිතුරා වූ සිංගප්පූරු ජාතික අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ධුරයට පත් කරන්නේ ඇයි? 2015 පෙබරවාරි 27 වැනිදා සිදු වූ මේ විවාදාත්මක බැඳුම්කර වෙන්දේසියට දිනයකට පෙර එක්සත් ජාතික පක්‍ෂයේ සභාපති මලික් සමරවික්‍රම, මහ ලේකම් කබීර් හෂිම්, නියෝජ්‍ය නායක රවී කරුණානායක යන අය මහ බැංකු පරිශ්‍රය ඇතුළට ගිහිල්ලා මේ ගනුදෙනුවට අදාළ කරුණු සාකච්ඡා කළේ ඇයි? මේ අයට මේ රටේ ජනතාවගේ මුදල් මහා පරිමාණයෙන් කොල්ල කන්න පුළුවන් වුණා. ඒ අනුව ඉතා පැහැදිලියි මේක පූර්ව වශයෙන් සැලසුම් කරලා සිදු කළ මංකොල්ලයක්. මහ බැංකුව අගමැති යටතට ගත්තේ, මේ රටේ පුරවැසියකු නොවන සිංගප්පූරු ජාතිකයකු මහ බැංකු අධිපති ධුරයට පත් කළේ ඒ පූර්ව සැලසුම අනුවයි. ඒ වගේම මේ මහ බැංකු අධිපතිවරයාට තවත් විශේෂ සුදුසුකමක් තිබෙනවා. ඒ තමයි ඔහුගේ බෑණා ප්‍රාථමික මුදල් නිකුතුවේ සිටින සමාගමක හිමිකරුවකු වීම. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා මේ ‘මාමා සහ බෑණා’ යොදා ගෙන තමයි ‘මහ බැංකු රොබරිය’ දුන්නේ. 

‘අර්ජුන මහේන්ද්‍රන් පත් කළේ ව්‍යවස්ථා විරෝධීවයි’

පුරවැසිභාවය තියා මේ අර්ජුන් මහේන්ද්‍රන්ට අඩුම තරමින් මේ රටේ රැකියාවක නිතරවීම සඳහා රැකියා බලපත්‍රයක්වත්(work permit) තිබුණාද? මේ රටේ පුරවැසියකු නොවන නිසා ඔහු මහ බැංකු අධිපති ධුරයට පත් වීමේදී ලබා දිය යුතු දිවුරුම ලබා දුන්නේ නැහැ. ඒ නිසා අර්ජුන මහේන්ද්‍රන් මේ ධුරයෙහි කටයුතු කළේ මෙරට ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවට පටහැනිවයි. ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් රැකියා බලපත්‍රයක්වත් නොමැතිව අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ධුරය දැරුවේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ පූර්ණ මැදිහත්වීම යටතේයි. 

“මෛත්‍රී පළමු වතාවේ රනිල්ව බේරුවා’

2015 ජනවාරි 08 වැනිදා බලයට පත් වූ දින 100 ආණ්ඩුව පැවැති සමයේ ඩිව් ගුණසේකර මැතිතුමා සභාපති ධුරය දැරූ කෝප් කමිටුව විසින් මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ වාර්තාවක් සකස් කළා. ඒ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ දිනට පෙර දිනයේ රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරලා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අගමැති රනිල් වික්‍රමසිංහව බේරා ගත්තා. ‘එදා වගේ අදත් ජනාධිපතිතුමා අගමැතිවරයා බේරා ගනීවීදෝ?’ කියන සැකය අපට තිබෙනවා. ‘එසේ නොවේවා!’ කියා ප්‍රාර්ථනා කරනවා. කොහොම නමුත් එදා ඩිව් ගුණසේකර මැතිතුමාගේ සභාපතීත්වයෙන් සකස් කළ වාර්තාව මේ බැඳුම්කර වංචාව සිදු වී මාස කිහිපයක් ඇතුළත උණු උණුවේම එළියට එන එක වළක්වලා ජනාධිපතිවරයා අගමැතිවරයාට බේරා ගත්තා. දැන් ඒ ගනුදෙනුව සිදු වී මාස 21කට පසුව කෝප් කමිටු වාර්තාවක් එළි දක්වලා තිබෙනවා. ‘කලින් වාර්තාව ද මේ එළිදැක්වූ වාර්තාව ද වඩා හොඳ?’ කියන ප්‍රශ්නය මම මෙතැනට අදාළකර ගන්නේ නැහැ. ඒ කවරක් වුවත් අද ලංකාවේ ඉතිහාසයේ පමණක් නොවෙයි ආසියාවේ ඉතිහාසයේ ලොකුම රොබරිය, විගණකාධිපතිවරයාගේ වාර්තාවලින් සහ මහ බැංකුවේ අභ්‍යන්තර පරීක්‍ෂණ වාර්තාවලින් හෙළදරව් වී තිබෙනවා. මේක මහ දවල් සිදුකළ දැවැන්ත සොරකමක් බව එමගින් ඔප්පු වී තිබෙනවා. 

‘ක්‍ෂණික අලාභය කෝටි 5585’

මහ බැංකු අභ්‍යන්තර වාර්තාවලට අනුව මේ ගනුදෙනුවෙන් රුපියල් කෝටි 5585ක අලාභයක් ක්‍ෂණිකව සිදු වෙලා තිබෙනවා. ඊට අමතරව ‘අවුරුදු 30ක කාලයකට කෘත්‍රිමව පොලී අනුපාතිකය ඉහළ දැමීම නිසා පොලී පිරිවැය වැඩිවීම ඔස්සේ සිද්ධ වන පාඩුව රුපියල් බිලියන 145කට වඩා වැඩියි’ කියා ආර්ථික විද්‍යාඥයන් අනාවරණයකර තිබෙනවා. රටට ක්‍ෂණිකව පාඩු සිදු වූ  මුදලින්(රු.කෝටි 5585) කොළඹ - ගාල්ල අධිවේගී මාර්ගය වැනි මාර්ග දෙකක්, නොරොච්චෝලේ වැනි තවත් විදුලි බලාගාරයක් හදන්න තිබුණා. රජයේ සේවකයන් ලක්‍ෂ 12ට දෙනවා කියපු රුපියල් 10,000, මූලික වැටුපට එකතු කරලා අවුරුදු 2-3ක් ගෙවන්න තිබුණා. මේ විදියට මහා මංකොල්ලයක් කරපු මේ ආණ්ඩුව අද මහජනතාවට කියන්නේ කුමක්ද? ‘අපි මහ බැංකුව සුද්ධ කළා. ඒකෙන් පොඩි අමාරුවක් ඇවිත් තිබෙනවා. උඹලා වැට් ගෙවපල්ලා’ කියලයි. 

‘බැඳුම්කරේ බර ජනතාවට පටවලා’

අපේ කාලයේ රාජ්‍ය සේවකයන්ට ‘උපහාර’ නම් වූ දුරකථන පැකේජයක් දීලා සහන සැලසුවා. අද මොකද වෙලා තිබෙන්නේ? සියලු දුරකථන පාරිභෝගිකයන්ට 50%ක බද්දක් ගෙවන්න වෙලා තිබෙනවා. අද සියලුම භාණ්ඩ හා සේවාවලට 15%ක වැට් බද්දක් පනවලා තිබෙනවා. මේ විදියට ජනතාව මත පටවලා තිබෙන්නේ ‘බැඳුම්කරේ බරයි.’ මේ තමයි අගමැති රනිල් වික්‍රමසිංහගේ ආර්ථික කළමනාකරණ ඥානයේ ප්‍රතිඵල. ඇත්තෙන්ම එතුමාට ‘හොඳ ඥානයක්’ තිබෙනවා තමයි. නැත්තම් බෑණාට බැඳුම්කර මිලදී ගන්න සමාගමක් තිබෙන සිංගප්පුරු ජාතිකයකු මහ බැංකු අධිපති ධුරයට පත් කරලා ආණ්ඩුවක් අරන් මාස තුනක් යනකොට මෙහෙම රොබරියක් දෙන්න පුළුවන්ද?(මාධ්‍යවේදීන්ගේ සිනා) ඒක අපට ‘විශිෂ්ට ආර්ථික  විද්‍යාත්මක ඥානයක්’ ලෙස පිළිගන්න වෙනවා. අද පාරට බැහැලා විශ්‍රාම වැටුප් ඉල්ලන ආබාධිත රණවිරුවන්ට විශ්‍රාම වැටුප් පමණක් නොවෙයි, අතිරේක විශ්‍රාම වැටුපකුත් දෙන්න තිබුණා මේ විදියේ හොරකමක් සිදු නොවුණා නම්. මේ හොරකම සිදු නොවුණා නම් වතුකරයේ ජනතාව ඉල්ලන වැටුපට වැඩි වැටුපක් ඔවුන්ට දෙන්න තිබුණා. ඒ වගේම පොහොර සහනාධාරය අපේ කාලයටත් වඩා වැඩියෙන් දෙන්න තිබුණා මේ හොරකම නොකළා නම්. 

‘හොරාගෙන් පේන අහන්න හදනවා’

මේ රටේ කිසිදු රාජ්‍ය නායකයකුට මේ විදියට ‘අතේ මාට්ටු වුණු’ චෝදනාවක් කිසි දිනක ඉදිරිපත් වෙලා නැහැ. ඒ නිසා මේ චෝදනාවෙන් අගමැති රනිල් වික්‍රමසිංහට බේරෙන්න බැහැ. සමහරු අගමැතිවරයාගෙන් ඉල්ලනවා ‘මේ පිළිබඳව කඩිනමින් පියවර ගන්න’ කියලා. ඒක හරියට ‘හොරාගේ අම්මාගෙන්’ නොවෙයි ‘හොරාගෙන්ම පේන අහනවා’ වගේ වැඩක්. අපි කියන්නේ, ‘මේ හොරකමට සම්පූර්ණ වගකීම ගන්න ඕනෙ අගමැති රනිල් වික්‍රමසිංහ’ කියලයි. අර්ජුන මහේන්ද්‍රන්ලා විතරක් අත්අඩංගුවට අරගෙන වැඩක් නැහැ. අගමැති රනිල් වික්‍රමසිංහ තනතුරෙහි ඉන්නකල් මේ පිළිබඳව නිසි පරීක්‍ෂණයක් සිදු වෙයි කියලා අපට විශ්වාසයක් නැහැ. එක්කෝ අගමැති ඉල්ලා අස්වෙන්න ඕනෙ. නැත්තම් ‘අපේ කර මත බදු බරක් පටවලා අපිව සූරාගෙන කන උඹලා මහා හොරකමක් කළා නේද?’ කියන චෝදනාව අරගෙන දකුණු කොරියාවේ ජනතාව පාරට බැස්සා වගේ අපේ රටේ ජනතාවත් පාරට බහින්න සූදානම් වෙන්න ඕනෙ. මාසකෙට වතාවක් ‘වීර කතාවක්’ කරන ජනාධිපතිතුමාටත් අපි කියනවා ‘මේ මහා හොරකමේ මහ මොලකරු අගමැති ධුරයෙන් ඉවත් කරලා තමන්ගේ වීරකම පෙන්වන්න’ කියලා. එහෙම නොවුණොත් අගමැතිවරයා ඉල්ලා අස්වනතුරු ජනතාව සමඟ මහා පාරේ අරගල කරන්න ඒකාබද්ධ විපක්‍ෂය සූදානම් බවත් අවධාරණය කරනවා.”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
2016.11.02
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network