Showing posts with label ඒකාබද්ධ විපක්ෂය. Show all posts


රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටිනවා. සිය ෆේස්බුක් ගිණුම හරහා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියා.

පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති කොමිසමක් මඟින් පූර්ණ විභාගයක් සිදු කෙරෙමින් පවතීන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අඛණ්ඩව පරීක්ෂණ සිදුකරමින් සිටී. එම විභාග සහ පරීක්ෂණ වලට අනතුරුව දැඩිව නීතිය ක්‍රියාත්මක කරනු ඇති බවයි මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කර සිටින්නේ.

පසුගිය කාලයේ සිදුවූ ආකාරයට පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට හෝ අත්තනෝමතිකව නිදහස් කිරීමේ බලය දේශපාලනඥයින් අතට පත්කිරීමට තමන් කිසිවිටකත් සූදානම් නොමැති බවත් එය නිසි පරීක්ෂණ වලින් පසු අදාළ බලධාරීන් විසින් නීත්‍යානුකූලව ඉටුකෙරෙනු ඇති බවයි ජනාධිපතිවරයා සඳහන් කර සිටින්නේ.

ජනාධිපතිවරයා තබා ඇති ෆේස්බුක් සටහන පහතින්,

"ජාතික ආරක්ෂාව තහවුරු කිරීම මාගේ රජයේ පළමු සහ ප්‍රධාන වගකීමයි. එය සාක්ෂාත් කිරීම සඳහා දැනටමත් නිසි පියවර ක්‍රියාත්මක කර ඇත. මේ භූමිය මත ජනවාර්ගික, ආගමික හෝ වෙනත් කවර ආකාරයකවත් ත්‍රස්තවාදයකට හෝ අන්තාවදයකට ඉඩ නොතබන අතර සෑම පුරවැසියෙකුටම බියෙන් සහ සැකයෙන් තොරව ජීවත්වීම සඳහා ඇති අයිතිය සම්පූර්ණයෙන්ම ආරක්ෂා කරන බව සහතික වන්නෙමි.

2019 අප්‍රේල් මස 21 වැනි දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරයට හේතු වූයේ ආරක්ෂක කේෂ්ත්‍රයේ සිදු වූ බරපතල කඩාවැටීමත්, ත්‍රස්තවාදයට සහ අන්තවාදයට උඩගෙඩිදෙන දේශපාලන හා සමාජ පසුබිමක් ශ්‍රී ලංකාව තුල ගොඩනැගී තිබීමත්ය. එබැවින් ත්‍රස්තවාදය හෝ අන්තවාදය හෝ පෝෂණය කරනු ලබන සියලුම මාර්ග සහ ක්‍රියාකාරකම් අහුරාලීමට අවශ්‍ය නිශ්චිත පියවර ගැනීමට අප රජය පසුබට වී නැත.

පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති කොමිසමක් මඟින් පූර්ණ විභාගයක් සිදු කෙරෙමින් පවතී. එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අඛණ්ඩව පරීක්ෂණ සිදුකරමින් සිටී. එම විභාග සහ පරීක්ෂණ වලට අනතුරුව දැඩිව නීතිය ක්‍රියාත්මක කරනු ඇත.

පසුගිය කාලයේ සිදුවූ ආකාරයට පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට හෝ අත්තනෝමතිකව නිදහස් කිරීමේ බලය දේශපාලනඥයින් අතට පත්කිරීමට මා සූදානම් නැත. එය නිසි පරීක්ෂණ වලින් පසු අදාළ බලධාරීන් විසින් නීත්‍යානුකූලව ඉටුකෙරෙනු ඇත.

අදාළ බලධාරීන් හෝ නිලධාරීන් අතින් යම් අතපසුවීමක් හෝ අත්වැරැද්දක් වී ඇත්නම් ඒවා නිවැරදි කිරීමට ද මම කටයුතු කරමි.

රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා සමඟ කිසිදු දේශපාලන ගණුදෙණුවක් (ඩීල් එකක්) අප රජය ඇතිකරගෙන නොමැති බැව් අවධාරණය කරමි.

මෙතෙක් කල් ජනතාව මා කෙරෙහි තැබූ විශ්වාසය කිසිසේත් පළුදු වන ආකාරයට කටයුතු නොකරන අතර ඉදිරියේදී ද එම විශ්වාසය තවදුරටත් තහවුරු වන පරිදි ක්‍රියාකරන බැව් ජනතාවට සහතික කරමි."

ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
ජනමත විචාරණයට පෙර විපක්‍ෂයේ නායකයන් සිරගත කරන්න සියල්ල සූදානම්..



පිවිතුරු හෙළ උරුමය පක්ෂ මුලස්ථානෙනයේ පැවැති මාධ්‍ය හමුවේ දී නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

කළු සල්ලි සොයා ගන්න රු5,000/- නෝට්ටු තහනම් කරන්න

මේ ආණ්ඩුව සොරකම් කරන ලද රාජ්‍ය දේපල සෙවීමට නීතිඥ ජේ සී වැලිඅමුණගේ ප්‍රධානත්වයෙන් කාර්ය සාධක බලකායක් පිහිටෙව්වා.  ලෝකය පුරා සංචාරය කරමින් මහජන මුදල් කෝටි ගණනින් වැය කළත් පසුගිය මාස 22ට එක රුපියලක් සොයා ගෙන නෑ.  මම මේ පිලිබඳ පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්නයක් ඇහුව්වාම පරීක්ෂණ වලට බාධා වෙනවා කියමින් අගමැතිතුමා ප්‍රශ්නය මග හැරියා.  දැනට කාර්ය සාධක බලකාය වෙනුවෙන් කීයක් වියදම් කළා ද බලකාය විසින් රුපියල් කීයක සොරකම් කරන ලද රාජ්‍ය දේපල සොයා ගත්තා ද කියන ප්‍රශ්නයට පිලිතුරු දුන්නාම පරීක්ෂණ වලට බලපාන්නේ කොහොමද?

දූෂණ, නීති විරෝධි ව්‍යාපාර සහ බදු පැහැර හැරීම තමයි කළු සල්ලි උපයන ප්‍රධාන මාධ්‍යයන් තුන.  මේ කළු සල්ලි ප්‍රසිද්ධ කරන්න බැරි නිසා බොහෝ විට තිබෙන්නේ මුදල් නෝට්ටු විදියට.  නැතිනම් රත්රන්, මැණික් සහ දියමන්ති විධියට.  මේ කළු සල්ලි මුදල් පද්ධතියට ගෙන ඒමට ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි අපූරු උපායක් යෙදුවා.  මීට සති දෙකකට පෙර ඔහු ඉන්දියාවේ සංසරණයේ පවතින රු500/- සහ රු 1000/- නෝට්ටු තහනම් කළා.  දැන් පෙට්ටිගමේ සඟවා තිබෙන කෝටි ගණන් මුදල් නෝට්ටු බැංකුවට භාර දී අළුත් නෝට්ටු ගත යුතුයි.

ලංකාවේ කළු සල්ලි තිබෙන්නේ රාජපක්ෂවරු ගාව ද නැතිනම් මහ බැංකු හොරු ගාව ද කියා සොයා ගන්න ලංකාවේ රු5,000/- නෝට්ටුව තහනම් කළ යුතුයි අපි යෝජනා කරනවා.  එවිට කළු සල්ලි වගේම ඒවායේ අයිතිකාරයෝත් රටටම හඳුනා ගන්න පුළුවන්.  මේක ලංකාවට අළුත් අත්දැකීමක් නොවේ.  1973 දී එවකට මුදල් අමාත්‍ය ආචාර්ය එන් එම් පෙරේරා ඒ යුගයේ තිබුණු ඉහළම මුදල් නෝට්ටුව වූ රු100/- තහනම් කළා.  එයින් විශාල මුදල් ප්‍රමාණයක් සංසරණයට එකතු වුණා.  නමුත් බොහෝ විට කළු සල්ලි ඉතිරි කර තිබෙන්නේ මැණික්, රත්රන් සහ දියමන්ති විධියටයි.  ඒ නිසා අඩුම ගණනේ රුපියල් ලක්ෂ 10ට වැඩි රන්, මුතු, මැණික් සහ දියමන්ති මිළ දී ගැනීම් පිලිබඳ විකුණන අය විසින් ආදායම් බදු දෙපාර්තමේන්තුවට තොරතුරු යවන ක්‍රමයක් සැකසිය යුතුයි.  මේ කිසිවක් සොරකම් කළ රාජ්‍ය දේපල අත්පත් කර ගැනීමේ කාර්ය සාධක බලකාය කරන්නේ නෑ.  ඒ අය කිඹුලාට කසාද යෝජනා ගෙන එමින් අලි කුණ කෑමට ගඟෙන් එගොඩ වුණු නරියා වගේ සොරකම් කළ වත්කම් ගැන කියමින් ලෝකය පුරා සංචාරය කරනවා.

අයිසිස් ත්‍රස්තයින් පිලිබඳ තොරතුරු හෙලි කරනු

විජේදාස රාජපක්ෂ ඇමතිතුමා අයිසිස් ත්‍රස්තයින්ට සම්බන්ධ මුස්ලිම් ලාංකිකයින් පිලිබඳ තොරතුරු හෙලි කලාම මුස්ලිම් නායකයින්ට කේන්ති ගිහින් එතුමාට බනිනවා.  ඇත්තෙන්ම වෙන්න ඕනෑ ඒක නොවේ.  තම සමාජය පිලිබඳ හෙලි කළ තොරතුරට ස්තූතිවන්ත වෙලා තම සමාජය පිලිබඳ විමසිල්ලෙන් සිටීමයි.  මුස්ලිම් සමාජය තුලට රිංගා ගෙන පිලිකාවක් මෙන් වැඩෙන අන්තවාදය තුරන් කිරීමට නායකත්වය දීමයි.

මුස්ලිම් නායකයින් අන්තවාදය සහ ත්‍රස්තවාදය රකින්න පෙරට ආවොත් එයින් හානියක් වෙන්නේ මුස්ලිම් සමාජයටමයි.  දෙමළ නායකයින් හැත්තෑවේ දශකයේ දී ඔය වැරැද්දම කළා.  ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායකයින් තමයි හැත්තෑවේ දශකයේ දී කොටි පැටවුන්ට කිරි පෙව්වේ.  නමුත් කොටි පැටියා කොටියෙකු වුණාම මුලින්ම මරා කෑවේ ඒ අමිර්තලිංගම් ඇතුළු දෙමළ නායකයින්.  නායකයින් විසින් කොටි ත්‍රස්තවාදය පෝෂණය කිරීමේ වරදට මුළු දෙමළ සමාජයම දඬුවම් වින්ඳා.  අහිංසක දෙමළ සමාජය කුරිරු වුණා.  සංස්කෘතිය බිඳ වැටුණා.  ඓතිහාසික උරුමයන් විනාශ වුණා.  ලක්ෂ ගණනින් රට හැර ගියා.  දහස් ගණනින් ආබාධිත වුණා.  වැන්දඹුවන් වුණා.  මුස්ලිම් නායකයින් දෙමළ අත්දැකීමෙන් පාඩම් ඉගෙන ගෙන මේ අන්තවාදය දල්ලෙන් කඩා දැමිය යුතුයි.

මුස්ලිම් නායකයින්ට කේන්ති ගියාට අයිසිස් ත්‍රස්තයින් අතර ලාංකික මුසල්මානුවන් සිටින බවට මීට පෙර අවස්ථා ගණනක දී ආරක්ෂක අංශ වාර්තා කර තිබෙනවා.  ඒ වගේම මද්රාසා කියන ආගමික පාසල් වල අන්තවාදි වාහබ්වාදය උගන්වන බවට තොරතුරු තිබෙනවා.  විදේශිකයින් සංචාරක වීසා මත ඇවිත් මද්රාසා වල ඉගැන්වීමේ යෙදී සිටිය දී ලංකාවෙන් පිට මං කළ අවස්ථා තිබෙනවා.

වත්මන් ආණ්ඩුව මුස්ලිම් අන්තවාදය පිම්මේ වැඩෙන්න ඉඩ සලසා අඳ ගොළු බිහිරි රංගනයක යෙදෙන අවස්ථාවේ විජේදාස ඇමතිතුමාගේ ප්‍රකාශය අපි අගය කරනවා.  තව්හීද් ජමාත් සංවිධානයේ අබ්දුල් රසීක් බුදුන් වහන්සේට අපහාස කළා. ධර්මයට අපහාස කළා.  මහ සංඝරත්නයට අපහාස කළා.  නීතිය ක්‍රියාත්මක වුණේ නෑ.  ඔහුට නීතිය ක්‍රියාත්මක නොවීම පිලිබඳ ප්‍රශ්න කරපු බෞද්ධයෙකු වුණු ඩෑන් ප්‍රියසාද්ට එරෙහිව පුදුම කාර්යක්ෂමතාවයකින් නීතිය ක්‍රියාත්මක වුණා.  අවසානයේ දී භික්ෂුන් වහන්සේලාට තරුණ තරුණියන් සමග පාරට බහින්න සිදු වුණා.  එහි ප්‍රතිඵලයක් විධියටයි රසීක්ව අත්අඩංගුවට ගත්තේ.  “පෙවූ කිරි වැන්න විස ගොර සප්“ කියන පැරණි කවි පදය සිහිපත් කර මුස්ලිම් අන්තවාදය පෝෂණය කරන ආණ්ඩුවේ නායකයින්ට අපි අනතුරු අඟවනවා.

මුස්ලිම් සමාජයේ බහුතරය විශේෂයෙන් උගත් පිරිස සහජීවනයට සාමයට කැමති පිරිසක්.  නමුත් අන්තවාදින්ට මුස්ලිම් සමාජය පාලනය කරන්න ඉඩ දීලා සාමකාමි උගතුන් නිහඬ වුණොත් සමස්ත මුස්ලිම් සමාජයම අන්තවාදයට ගොදුරු වෙලා මේ රටම විනාශ වෙන එක කාටවත් නවත්වන්න බෑ.

විපක්ෂයේ නායකයින් සිරගතකර ආණ්ඩුව සැරසෙන්නේ කුමකට ද?

මීට පෙර මා අනාවැකි පල කළ අයුරින්ම නව ව්‍යවස්ථාව ජනවාරි මාසයේ දී පාර්ලිමේන්තුවටත් පෙබරවාරි මාසයේ දී ජනමත විචාරණයටත් ඉදිරිපත් කිරීමට නියමිත බව අගමැතිතුමා ප්‍රකාශ කළා.  ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය රැස් වුණු දවසේ විපක්ෂ නායක ආර් සම්බන්දන් මහතා දිනේෂ් ගුණවර්ධන මැතිතුමාටත් මටත් ඉතා වැදගත් දෙයක් කිව්වා.  “අපට දැවැන්ත බලය බෙදීමක් අවශ්‍ය වී තිබෙනවා.  නමුත් ඒක පිටුපස දොරෙන් ලබා ගන්න අපට කිසිම උවමනාවක් නෑ.  ආණ්ඩුවේ සමහරු ජනමත විචාරණයක් අවශ්‍ය නෑ කියනවා.  නමුත් අපේ ස්ථාවරය තමයි බලය බෙදන ව්‍යවස්ථාවට අනිවාර්රයෙන් ජනතාවගේ අනුමැතිය ලැබිය යුතුයි“ කියලා.  හැමදාමත් දෙමළ සංධානය විවේචනය කරන අපට ඔවුන්ගේ පුංචි හරි හොඳක් දැක්කාම අගය කරන්න ඕනෑ.  නැතිනම් ඒක කුහක කමක්.  පෝස්ටර් අලවන්නේ නැතුව මනාප පොරයක් නැතුව උතුරු පලාත් සභා මැතිවරණ සටන කිරීමට දෙමළ සංධානය තීරණය කළාම අපි ඒක ප්‍රසිද්ධියේ අගය කළා.  ඒ වගේම මේ ප්‍රජාතන්ත්‍රවාදි ලක්ෂණය අපි අගය කරනවා.

නමුත් අපට තිබෙන තොරතුරු අනුව ආණ්ඩුව ජනමත විචාරණය කරන්න ලැහැස්ති වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදිව නොවේ.  ලාම්පු කළ – ගෙඩි සෙල්ලම නමින් හඳුන්වන 1982 ජනමත විචාරණය විධියටමයි.  එදා විපක්ෂයේ ක්‍රියාකාරි නායකයින් වන විජය ඔසී ඇතුළු පිරිසක් නැක්සලයිට් කුමන්ත්‍රණයක් සිදු කිරීමට උත්සාහ කළා කියන පදනම් විරහිත චෝදනාව යටතේ සිර ගත කරලායි ජනමත විචාරණය පැවැත්වූයේ.  විපක්ෂ නායකයින් හිරේ දාලා, විපක්ෂය බෙලහීන කරලා බලහත්කාරයෙන් ඡන්ද පෙට්ටි පුරවලා තමයි ඒ ජනමත විචාරණය ජේ ආර් ජනාධිපතිතුමා දින්නේ.

තාත්තා කළ දේ පුතා නොකළොත් ඌ නොට්ටිගේ පුතා කියලා කතාවක් තිබෙනවා.  ඒ වගේම “මාමා කළ දේ බෑනා නොකළොත් ඌ නොට්ටිගේ බෑනා“ කියලා කතාවක් මම නම් අහලා නෑ.  නමුත් අගමැති රනිල් යන්නේ ජනපති ජේ ආර්ගේ අඩි පාරේ බව නම් පැහැදිලියි.  සිංහල – මුස්ලිම් ගැටුමක් නිර්මාණය කරලා එහි වරද ඒකාබද්ධ විපක්ෂය මත පටවලා නායකයින් සිර ගත කිරීමේ සැලැස්මක් තිබෙන බවට අපට තොරතුරු තිබෙනවා.  අපව සිර ගත කළත් අපේ සටන සිර කරන්න බෑ කියන පණිවිඩය අපි ආණ්ඩුවට ලබා දෙනවා.

ජනපති මහින්දට කඩුවෙන් කෙටූ වඳුරා කවුද?

මා මගේ කතාවේදී ජනපතිතුමන්ට පුංචි අනතුරු ඇගවීමක් කලාම ජනපතිතුමනි ඔබතුමන් ලග ඉන්න මෝඩ නිලධාරීන් හැසිරෙන්නේ හරියට රජතුමන්ගේ ඇගේ මැස්සෙක් වසා ඉදිද්දි එම මැස්සා මරන්න කඩුවෙන් කොටල රජතුමන් මරා දැමු මෝඩ වදුරා විදිහටයි කියල. පාර්ලිමේන්තුවේදී මම කතා කලාට පස්සේ කතා කල මගේ හිතවත් විජිතමුනිද සොයිසා ඇමතිතුමන් කියනවා මහින්ද රාජපක්ෂ ජනපතිතුමන් වටේත් මෝඩ වදුරන් හිටියා එහෙම හිටිය වදුරෙක් බේරුවල කලබල සිද්ධින් ඇති කලාය කියල.

අපි දන්නව එතුමන් ඒ මෝඩ වදුරා කියා අපහාස කල කෙනත් දැන් ඉන්නේ ආණ්ඩුවේ ඇමති මණ්ඩලයේමයි.  බේරුවල සිද්ධියට වෙන අපි දන්න කෙනෙක් නම් සම්බන්ද වුනේ නෑ.

අපි සොයිස ඇමතිතුමන්ට කියනවා මහින්ද  රාජපක්ෂ ජනපතිතුමන් ගාව මෝඩ වදුරන් හිටිය තමයි. මහින්ද ජනපතිතුමන්ගේ ඇගේ මැස්සෙක් වැහුවම මේ මෝඩ වදුරා කඩුවෙන් කෙටුව. කඩුවන්  කෙටුවම රජතුමන්ට තුවාල වෙලා ලේ ගලනව . එසේ ලේ ගලනව සිහිසන් වෙනව දැක්ක විතරයි අප්පච් මලෝ කියාගෙන ඒ වදුර සතුරු පිලට එක් වුනා.

ඒ ගමන අපිට සිද්ධවුනා ලේ ගලමින් සිටිය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ව සුවපත් කරගෙන යලි ජනතාව ඉදිරියට ගේන්න. එදා මහින්ද ජනපතිතුමන්ට කඩුවෙන් කෙටු වදුරෝ දැන් එතුමන් ලග නැතය දැන් එතුමන් ලග ඉන්නේ සිහි නුවනින් කටයුතු කරන පිරිසක්ය කියල අපි විජිතමුනිද සොයිසා ඇමතිතුමන්ට කියන්න කැමතියි.

– අරවින්ද අතුකෝරල

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
ශ්‍රීලනිප පිරිසකුත් මේ පවට කර ගහලා -මහින්ද පාර්ලිමේන්තුවේ කළ කතාව සම්පූර්ණයෙන්



ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් සිය හෘද සාක්ෂියට අනුව කටයුතු කිරීමෙන් සිය පක්ෂයේ සැබෑ ස්ථාවරය තහවුරු කරනු ඇතැයි තමා විශ්වාස කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේ අද(16)පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමිනි.

ඔහු විසින් සිදුකළ සම්පූර්ණ කතාව පහත පරිදිය.

මෙවර අයවැය කතාව ඉදිරිපත් කරමින් මුදල් ඇමතිවරයා සඳහන් කළේ එය සම්ප්‍රදායික අයවැයක් නොවන බවයි.එය පසුගිය කාලවල අප ඉදිරිපත් කළ අයවැය සම්ප්‍රදායට වෙනස් බව පැහැදිලියි. මෙය ණය බර, බදු බර, දඩ බර ඇතුළත් රාජ්‍ය දේපල විකුණන, රට විජාතීයකරණය කරන අයවැයක්. එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්ති හා ජනතා සහන අහිමි කරන, ජනතාවට බර පටවන, ජාතික සම්පත් විකුණන, ජාතික ආර්ථිකය විදේශීයකරණය කිරීමේ සැබෑ එ.ජා.ප සම්ප්‍රදාය යළි හිස එසවූ  අයවැයක්.

මෙම රජය සිය ප්‍රචාරණ මාධ්‍ය මගින් පෙන්වා දෙන්න උත්සහ කරන්නේ රජයේ ණය බර පිළිබඳවයි. 2002 වසරේ "යළි පුබුදමු ශ්‍රී  ලංකා" වැඩසටහන මේ රටේ ජනතාවට සාධාරණීය කිරීමට උත්සහ ගත්තේත් මෙවැනිම ණය ගැන කතා කරමිනුයි. එවිට රජයේ ණය ජාතික අයවැයෙන් සියයට 105ක්ව තිබුණා.
ණය බර කියමින් බදු බර පැටවිමට සියයට 20ක වැට් බදු හඳුන්වා දුන්නේද ඒ අවුරුද්දේ එ.ජා.ප රජයයි. ඒවිදිහ‍ටම රාජ්‍ය සේවය ලක්ෂ 3ට කප්පාදු කිරීමට දකටයුතු කළා. 

රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප් අයිතිය ද අහෝසි කළා. රක්ෂණ, බැංකු, ඛනිජ තෙල්, CTB, සතොස වැනි රාජ්‍ය ව්‍යාපාර විකිණිම ආරම්භ කළේත් 2002 අවුරුද්දෙයි. විදේශිකයින්ට අපේ රටේ ඉඩම් විකිණීම ආරම්භ කළේත් ඒ අවුරුද්දෙමයි. ණය බර හා රාජ්‍ය ව්‍යපාර වල පාඩු පෙන්වමින් ඉතා ලාභදායි රක්ෂණ සංස්ථාව, රාජ්‍ය  ඉස්කාගාර සංස්ථාව, රාජ්‍ය වැවිලි සමාගම්, සීනි සංස්ථාව, රජය සතු වටිනා හෝටල් හා ඉඩම්, ගෑස්, දුරකථන,වානේ, සිමෙන්ති, ටයර්, පෙහෙකම්හල් ආදී රාජ්‍ය ව්‍යාපාර පුද්ගලීකරණය කිරීම එ.ජා.ප සම්ප්‍රදායයි. 

රජයේ ව්‍යාපාර 80කට වැඩියෙන් ඒ විදිහට 2004 දක්වා විකිණුවත් ණය බර අඩු වුනේ නැහැ. ඇතැම් ව්‍යාපාර වැසී ගියා.1977 ණය බර ජාතික ආදායමෙන් සියය‍ට 68.6ක් වුණා. රාජ්‍ය ව්‍යාපාර විකුණලත් 1994 එම රජය ඉවත්වන විට ණය බර ජාතික ආදා‍යමෙන්  සියයට 95ට වැඩිවී තිබුණා. චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුවෙන් ද පුද්ගලීකරණය ඉදිරියට ගෙන ගියත් 2002 වන විට ණය ප්‍රමාණය සියයට සියය ඉක්මවා තිබුණා. 2002-2004 රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ ණය බර සියයට102ක් වුණා. මෙසේ ණය බර සියයට සියය ඉක්මවා තිබුණේ ටෙලිකොම්, රක්ෂණ, ගෑස් වැනි ආදායම් උපදවන රාජ්‍ය සංස්ථාද විකිණිමෙන් පසුවයි. 

2005 -2014 අපේ පාලන කාලය තුළ පුද්ගලීකරණයට තිත තැබුවා. 2015 ජනවාරි මස මා ආණ්ඩුව භාර දෙන විට ණය බර සියයට 70.7ට අඩුකර තිබුණා. මේකයි මහ බැංකුව 2015වේ වාර්ෂික  වාර්තාවේ සඳහන් කරන සැබෑ තත්ත්වය. මේ අයවැයෙන් නැවත ණය බර ගැන කියන්නේ 2002-2004 කතාව අලුත් කරමින් එ.ජා.ප. න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමටයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්ෂණ කටයුතු ශක්තිමත් කර එහි ස්චාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවට සමස්ත මුල්‍ය ගෙවීම් ක්‍රමයම පුද්ගලික සමාගමකට පැවරීමට යෝජනා කර තිබෙනවා. මෙය බැංකු ක්ෂේත්‍රම අස්ථාවර කිරීමක් හා ශ්‍රී ලංකා මහ බැංකුවේ කටයුතු දුර්වල කිරීමක්. මහ බැංකු කටයුතුවල සිට වරාය, අනෙකුත් පාඩු ලබනවා යැයි කියන සංස්ථා පෞද්ගලීකරණය කිරීමටද ප්‍රවේශයක් ගෙන තිබෙනවා. මේ න්‍යාය මත අධිවේගි මාර්ගත්, දුම්රිය මාර්ගත් පමණක් නොව මොරගහකන්ද ජලාශයද ණය ගෙවීමට කියා පෞද්ගලීකරණය කරාවි. එම විනාශකාරී න්‍යාය පත්‍රයකට ශ්‍රී.ල.නි.ප.යේ කොටසක්ද කරගසා තිබීම ජාතියේ අවාසනාවක්. සැබෑ වෙනස එයයි. 

එංගලන්තයේ මෑත පැවති ජනමත විචාරණයෙනුත්, ඇමරිකාවේ පසුගිය දා පැවති ජනාධිපතිවරණයෙනුත් එම රටවල ජනතාව වෙළඳපල ආර්ථිකය, ගෝලීයකරණය  හා ජාත්‍යන්තර වෙළද ප්‍රතිපත්ති,එම රටවලට අහිතකර ලෙස බලපා ඇති සැටි පාලකයින්ට තේරුම්කර දුන්නා. "රිජීම් චේන්ජ්"(Regime Change) නිර්මාතෘවරු එම රටවල පාලකයින් ලෙස ප්‍රතික්ෂේප කළා. ජාතික අවශ්‍යතාවයන් ඉක්මවා එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කළා. ජාතික අනන්‍යතාවය, දේශීය ව්‍යාපාර, දේශීය ව්‍යවසායකයන් හා ජාතික ආර්ථිකය රැකගනිමින් ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ජාතික අවශ්‍යතාව එම ජනතාව පෙන්වා දුන්නා. 

අන්ධානුකරණයෙන් මේ රජය එම ප්‍රතිපත්ති තව තවත් වැළද ගනිමින් ජාතික ආර්ථිකය, ජාතික නිෂ්පාදනය, දේශීය ව්‍යාපාරිකයන් අවතක්සේරු කිරීම මේ අයවැයෙන් නැවත පණ ගැන්වූවා. විදේශ ආර්ථික කොලනියක් ඇතිකිරීමට මඟ පෑදුවා. ණය ආපසු ගෙවීමට සිදුවී ඇති නිසා අතිරේක බදු පැනවීමටත්, තවදුරටත් ණය ගැනීමටත් සිදු වී ඇති බව ප්‍රකාශ කරනවා. ණය ගනු ලබන්නේ ණය පියවීමට නම් රටේ ණය ප්‍රමාණය තවදුරටත් වැඩිවීමට ඉඩ නැහැ. එසේ වුණත් යතාර්ථය වී ඇත්තේ මේ රජය ණය ආපසු ගෙවීමටත් වඩා වැඩි ප්‍රමාණයක් ණය ගෙන ඇති බවයි.  2015 ජනවාරි මාසයේ සිට මේ දක්වා ඇ.ඩො.බිලියන 3.6ක් විදේශ වෙළඳපළෙන් පමණක් ණය ලබා ගෙන තිබෙනවා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලිනුත් ඇ.ඩො. බිලියන 1.5ක් ලබා ගෙන තිබෙනවා. මේ ණය වලින් ඉන්දියාවෙන් තාවකාලිකව මේ රජය විසින් ගනු ලැබූ ඩොලර් බිලියන 1.2 ප්‍රමාණය ගෙවනු ලැබුවා. වෙළඳපළෙන් අප වර්ෂයකට උපරිම ලෙස ගනු ලැබුයේ ඇ.ඩො.බිලියනයක් පමණි. අප ගත් සෑම ණය මුදලකටම ජාතික සංවර්ධනය‍ට අවශ්යය යටිතල පහසුකම් ව්‍යාපෘතියක් ඉදිකළා.   

2014 වර්ෂය අවසානයේ පැවති රු.බිලියන 7,391 වූ මුළු  ණය ප්‍රමාණය 2015 අවසාන වන විට රු.බිලියන8,503 දක්වා වැඩි කර තිබෙනවා. එම ප්‍රමාණය 2016 ජූනි වන විට රු.බිලියන9,062 දක්වා වැඩි වී තිබෙන බව අයවැයේද සඳහන් කර තිබෙනවා. එය වර්ෂය අවසානයේ රු.බිලියන 10,000 ඉක්මවන බව පෙනී යනවා. ණය ගනු ලබන්නේ ණය ගෙවීමට පමණක් නම් මේ අකාරයට පසුගිය අවුරුදු 2 තුළ පමණක් රු.බිලියන2,600ට වැඩි ප්‍රමාණයකින් ණය තොගය වැඩි වුනේ කෙසේද? 

එපමණක් නොව ජාතික ආදායමට අනුව 2015 අවසන් වන විට රජයේ ණය 2014 සියයට 70.7 සිට සියයට 76 දක්වා වැඩි වී තිබෙනවා. එය මේ වර්ෂය අවසාන වන විට සියයට 78 පමණ මට්ටමකට පැමිණීමට ඉඩ තිබෙනවා. එක් අවස්ථාවක සඳහන් කළේ ඇතැම් ණය පොත්වල සටහන් වී නොමැති බවයි.පොත්වල සටහන් වී නොමැති ණය දෙනු ලැබුවේ කව්ද? ගිවිසුම් නැති ණය ආපසු ගෙවන්නේ කුමකටද?  IMF වාර්තාවෙන් හෙළිවුනේ කුමක්ද? මේවාට පිළිතුරු සපයා නැහැ. 


ඊට පසු සඳහන් කළේ සංස්ථාවල ණය ගෙවීමට තිබෙන බවයි. මේවා එම සංස්ථාවල වාණිජමය කටයුතු වලට අදාළ ණය මුදල්. මහ බැංකු වාර්තාවල මේ සියල්ල සඳහන් වෙනවා. ඒවා එම ආයතන වල ආදායම් වලින් ගෙවන ණය. ඉතිහාසය පුරා රාජ්‍ය  ව්‍යාපාරවල ණය එම ආයතනවල ගිණුම්වල මිස අයවැයට ඇතුළත් වන්නේ නැහැ. 

අයවැයට ඇතුළත් වන්නේ රජය විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ණය දෙපාර්තමේන්තුව මගින් ගනු ලබන ණය පමණයි. ඒවා සියල්ල බැංකුවේ වාර්තා ගත වෙනවා. රාජ්‍ය ව්‍යාපාර ගනු ලබන ණය එම ව්‍යාපාරවල වාර්ෂික ගිණුම්වල සෑම වර්ෂයකම වාර්තා කරනවා. සියලු භාණ්ඩාගාර ඇපකර පාර්ලිමේන්තුවටද වාර්ෂිකව වාර්තා කරනවා.  එම නිසා ණය ගෙන ඇත්තේ ණය ගෙවීමට පමණක් යැයි කරනු ලබන මේ ප්‍රකාශය පාර්ලිමේන්තුව මෙන්ම මේ රටේ අහිංසක මහජනතාව මුළුමනින්ම නොමඟ යැවීමට ගොතනු ලබන අසත්‍යයක්. 

රජය වසර 2ක් තුළ ණය ලබා ගෙන ණය තොගය වැඩිකර තිබුණත් මේවනතෙක් ක්‍රියාත්මක කළ ව්‍යාපෘතියක් තවම අපට දැකගත නොහැකි වී තිබෙනවා. අයවැය මගින් රුවන්පුර අධිවේගි මාර්ගය බදුල්ලට දීර්ඝ කරන බව ප්‍රකාශ කළා. මෙය හොඳ යෝජනාවක්. එසේ වුනත් වසර 2ක් ගතවෙලත් බදුල්ලට තබා රත්නපුර අධිවේගි මාර්ගයේ කටයුතුවත් තවම ආරම්භවී නැහැ.ණය ලබා ගැනීමට බලාපොරොත්තු වන චීනයේ 
පොලී වැඩියි කියා එම රජයටත් දෝෂාරෝපණය කරනවා. 

උතුරු අධිවේගි මාර්ගය නමින් කොළඹ සිට මහනුවර කුරුණැගල, දඹුල්ල සම්බන්ධ කිරීමට අප සැලසුම් කර තිබූ අධිවේගි මාර්ගය වියදම් වැඩියි කියා වසර 2ක් අතපසුකළා.නම "මධ්‍යම අධිවේගී මාර්ගය" කියා වෙනස් කළා. අවසානයේ අපගේ ප්‍රතිපත්තියම පිළිගනිමින් දේශීය ඉදිකිරිම්කරුවන්ගෙන් එම මාර්ගයේ කොටසක් ඉදිකිරීමට තීරණය කර තිබෙනවා. ජපානයෙන්ද, චීනයෙන්ද ඉතිරි කොටස් වලට ණය ගන්නවා.කෙරවලපිටිය - කඩවත අධිවේගි මාර්ගය සැලසුම් කර තිබූ පරිදි ක්‍රියාත්මක කළේ නම් දැනට වඩා ඉතා අඩු වියදමකින්, මංතිරු 6කින් යුතුව, එම ප්‍රදේශයේ ගංවතුර හා පරිසර අවදානම් වළක්වා ගනිමින්,මේ වන විට නිම කිරීමටද තිබුණා. 

ඉදිකිරීම් අත්හිටවූ එම අධිවේගි මාර්ගය මංතිරු ප්‍රමාණය අඩු කර, ගංවතුර අවදානම් ගැන නොසලකා දැන් ඉදිකරනු ලබන්නේ මුලින් ඇස්තමේන්තු කළ වියදමටත් වඩා වැඩියෙනුයි. රත්තරන් වලින් ඉදිකරනවා යැයි චෝදනා කළ අධිවේගී මාර්ගය දැන් ප්ලැටිනම් වලින් ඉදිකරන බව සමහරු කියනවා. ඉදිකරන්නේද කලින් සමාගමමලු. ණය සපයන්නෙත් චීනයෙන්මයි. ආපසු ගෙවීමේ කාලය හා පොලියේ වෙනසක්වීත් නැහැ. 
කොළඹ වරාය නගරය ක්‍රියාත්මක කිරීම අත්හිටවූවේ නැතිනම් මේ වන විට අක්කර 400ක් පමණ ප්‍රමාණයක් රජයට අයිති  කර ගැනීමට ද තිබුණා. එයද යළි අරම්භ කළේ චීනය හා ශ්‍රී ලංකාව තුළ පැවති විශ්වාසනීයත්වයද පළුදු කර ගෙනයි. 

චීනයෙන් 2015 අවසන් වන විට ලබාගෙන තිබූ ණය ඇ.ඩො.බිලියන  3,800ක් පමණ වෙනවා. ඒවායෙන් විදුලි බලාගාර, වරාය, අධිවේගී මාර්ග, වාර්මාර්ග ආදී දිගුකාලීන යටිතල පහසුකම් ආයෝජන සිදු කර තිබෙනවා. මොරගහකන්ද වාරිමාර්ග ක්‍රමය ඉදිකරන්නෙත් චීන ණය යටතේයි. එයිනුත් ආර්ථික ඵලදාව ලබා ගන්න කල්යනවා. ණය ගෙවන බව කියා මේවා විකිණීම රජයක වගකීමද?මහින්දෝදය විද්‍යාගාර ඇතුළු පාසැල් සංවර්ධනය, සති පොල ඉදිකිරීම්, ග්‍රාමීය කෘෂිකාර්මික සංවර්ධන කටයුතුද නතර කළා. ඒවා දිගටම කරගෙන ගියේ නම් ඒවායේ ප්‍රතිලාභ ජනතාවට ලබාගන්න තිබුණා. පාසැල් සිසුන්ට ටැබ් දීම හොඳ යෝජනාවක්. නමුත් පසුගිය අයවැයෙන් විශ්ව විද්‍යාල සිසුන්ට දෙනවා යැයි කියූ ටැබ් තාමත් ලැබී නැති බව වාර්තා වෙනවා. ඒ විතරක් නෙමෙයි අන්තර්ජාල ගාස්තු සියය‍ට 25කින් වැඩි කර තිබෙන නිසා ටැබ් නොමිලයේ ලැබුණත් එම දරුවන්ට ඒවා පාවිච්චි කිරීම‍ට මුදල් සොයා ගැනීමට සිදු වෙනවා.

2015 සඳහා අපඉදිරිපත් කළ අයවැයෙන් පිරිවෙන් අධ්‍යාපනය ලබන භික්ෂූන් වහන්සේලා සඳහා දීමනා ලබාදීම ක්‍රියාත්මක නොකර 2017 වසරේ සිට හෝ නැවත ක්‍රියාත්මක කිරීම අගය කළ යුතුයි. එහෙත්  වෙන්කර ඇති ප්‍රතිපාදන එම අධ්‍යාපනය ලබන භික්ෂූන් වහන්සේලාගේ අඩකටවත් ප්‍රමාණවත් වන්නේ නැහැ. අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරන ලෙස ඉල්ලුම් කරනවා. සීනි කර්මාන්තය, කුකුල්මස් නිෂ්පාදනය, දේශීය කිරි නිෂ්පාදනය හා මත්ස්‍ය නිෂ්පාදනයට අපේ රජය ගෙන ගිය ප්‍රතිපත්ති මේ අයවැයෙන් පිළිගෙන තිබෙනවා. මේ ප්‍රතිපත්ති වැරදියි කියා කිරි ගවයන් 20,000ක් ගෙන්වීම නතර කළා. කිරිපිටි මිල පහත දමා දේශීය ගොවියා අධෛර්ය කළා. නිවැරදි ප්‍රතිපත්ති කවුරු කළත් නිවැරදියි. 

යහපාලනයෙන් මේවා ඉදිරියට ගෙන ගියේ නැහැ. එසේ ඉදිරියට ගෙන ගියා නම් සීනි, කිරි, මාළු, කුකුල් මස් දේශීය නිෂ්පාදන තව දුරටත් ඉහළ යවා ගත හැකිව තිබුණා. ස්වයංපෝෂිතවී තිබූ බඩඉරිඟු නිෂ්පාදනය කඩා වැටුණා. දේශීය ඉදිකිරීම් කර්මාන්තය කඩා වැටුණා. මෙම අයවැයෙන් දේශීය කිරි, උක් දඩු සඳහා සහතික මිලක් නියම කිරීම අගය කළ හැකියි. කිරි ගවයින් 20,000ක් 2017 හෝ ගෙන්වීම ඉතා වැදගත් පියවරක්. කුකුල් මස් නිෂ්පාදනය දිරි ගැන්වීම වගේම මිරිදිය මත්ස්‍ය කර්මාන්තය දියුණු කිරීමට ගෙන ඇති යෝජනා ද අගය කරනවා. දේශීයව නිෂ්පාදනය කළ හැකි අනවශ්‍ය  ආනයන අඩු කිරීම‍ට කළ යුත්තේ එයයි. 

පසුගිය රජයන් සියල්ලම පාහේ සැලසුම් කර තිබූ එහෙත් ඉටු කරගත නොහැකි වූ හම්බන්තොට වරාය, තෙල් ගබඩා සංකීර්ණය හා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අප රජය විසින් චීන ණය අධාර යටතේ ඉදිකරනු ලැබුවා. දකුණු අධිවේගී මාර්ගයට ජපානය හා ආසියානු සංවර්ධන බැංකුවේ ණය මුදලින් කරගත හැකි වුනේ කොළඹ සිට ගාල්ල දක්වා පමණයි. ගාල්ල සිට හම්බන්තොට දක්වා එම අධිවේගී මාර්ගය ඉදිකෙරුනේ චීන ණය ආධාර යටතේයි. හම්බන්තොට මෙන්ම බොහෝ ප්‍රදේශ වල ආයෝජන ආකර්ශනය වැඩි කළේ මේ ආකාරයටයි. ඒවා  දිගුකාලීන ජාතික ආයෝජනයන්. අවුරුදු 15-20 අතර කාලයක් මෙම ණය ගෙවීමට ඉඩ ලබා දි තිබෙනවා. චීනයෙන් මේ දක්වා ලබාගත් මුළු ණය ප්‍රමාණයවන ඇ.ඩො.බිලියන 3,800න් ඇ.ඩො.මිලියන 300 හැර ඉතිරි සියල්ල සඳහා පොලිය සියයට 2ක් පමණ වෙනවා. ඩො.මිලියන 300 සඳහා දෙනු ලැබූ පොලිය අඩු කිරිමට මා කළ ඉල්ලීමද චීන රජය එවකට සලකා බලමින් සිටියා. හම්බන්තොට ආයෝජන කලාපයක් වුනේ මෙවැනි ආයෝජන නිසයි.

එසේ තිබියදීත් වරාය සුදු අලියෙක් යැයි ප්‍රකාශ කරමින් වරාය හා තෙල් ගබඩා සංකීර්ණය දැන් ඇ.ඩො.මිලියන1,200කට චීනයේ සමාගමකට විකිණීමට රජය කටයුතු කරනවා.මුලින් ගුවන්තොටුපොල වී ගබඩාවක් කර එහි ජාත්‍යන්තර වටිනාකම විනාශ කළා. මේවා සුදු අලි නම් ආයෝජකයින් ඒවා ඉදිකිරීමේ වියදමටත් වඩා වැඩි මුදලක් ගෙවා මිලදි ගන්නේ ඇයි? ‍මේ ආයෝජන සඳහා මොලය කාගේදැයි සහ විකිණීමේ මොලය කාගේදැයි මේ අයවැයෙන් හොඳට පැහැදිලි වෙනවා. 

මේවා ජාතික සම්පත්. අපේ සෑම යටිතල පහසුකමක්ම ඉදිකර තිබෙන්නේ මේ වගේ ණය මුදල් චීනයෙන්, ජපානයෙන්, ඉන්දියාවෙන්,කොරියාවෙන්, ආසියානු සංවර්ධන බැංකුවෙන්, ලෝක බැංකුවෙන්,යුරෝපා රටවලින් සහ මැද පෙරදිගින් ණය අරගෙන. ඒ ජාතික සම්පත් විකිණීම අපරාධයක්. එය එක් රටක සමාගමක ඒකාධිකාරියක් බවට පත් කිරීම තවත් විශාල තර්ජනයක්. ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන්ට නාවික ක්ෂේත්‍රයට සම්බන්ධ වී එහි වාසි රටට ලබා ගැනීමට එය දැඩි තර්ජනයක් වෙනවා. කොළඹ වරායත්, වරාය අධිකාරියේ මෙහෙයුම් තටාංගන පවත්වා ගනිමිනුයි පුද්ගලික නැව් ත‍ටාංගණ පවත්වා ගැනීමට ඉඩ දි තිබෙන්නේ. 

එපමණක්නොව එම වරාය හා ගුවන්තොටුපොල ආසන්නව මේ රටේ ජනතාවට අයිති අක්කර 15,000ක ඉඩම් විදේශිකයන්ට දීමේ සාධාරණයක් තිබෙනවාද? අපේ රටේ මෙවැනි ජාතික සම්පත් විදේශ රටවල සමාගම් වලට විකිණීම දේශීය ව්‍යාපාරිකයින්ට විශාල අවාසියක්. එම රටවල ‍ආයෝජකයන්ට එම රටවලම ආයෝජන පහසුකම් තිබෙනවා. ඒවා අපේ ආයෝජකයන්ට දෙන්නේ නැහැ. අපේ ව්‍යවසායකයන් නැගිටින්න ඕන මේ රටේම ආයෝජනය කරලා. ඒ ශක්තිය ඔවුන්ට තිබෙනවා. මේ නිසයි ඉන්දියාව සමඟ එට්කා වැනි ගිවිසුම් හෝ වෙනත් රටවල් සමග නිදහස් වෙළඳ ගිවිසුම් ඇතිකර ගැනීමට පෙර අපේ රටට දැනටමත් එම රටවල් සමඟ කරන ගණුදෙනු වලින් ඇති වී ඇති වෙළද අවාසි ඉවත්කර, එවැනි අවාසි ඇති වීම වැලැක්වීම‍ට අවශ්යි නීති සකස් කර ගැනීමට ප්‍රථමයෙන් කටයුතු කළ යුත්තේ.   

අපේ රටේ කටුනායක නිදහස් වෙළඳ කලාපය ප්‍රමාණත්වයෙන් අක්කර 530ක පමණ භූමියක්. බියගම අක්කර 450යි. අනෙකුත් සියළු ආයෝජන කලාප අක්කර 400ට අඩුයි. ආයෝජන කලාප 12ම රජය සතුයි. මේ ආයෝජන කලාපද තවමත් මුළුමනින්ම පිරී නැහැ. මෙසේ තිබියදී එක රටක එක සමාගමකට වරායත්, ගුවන් තොටුපොළත් අක්කර 15,000ක භූමි ප්ර මාණයකුත්  ලබාදීම මේ රටේ ස්වාධිනත්වයට, ජාතික ආරක්ෂාවට, දේශීය නිෂ්පාදකයින්ට හා ආයෝජකයින්ට එල්ල කරනු ලබන  බලවත් තර්ජනයක් ලෙස අපි දකිනවා.

හම්බන්තොට වරාය ජාත්‍යන්තර නාවික සිතියමේ කේන්ද්‍රස්ථානයක්. මෙවැනි මධ්‍යස්ථානයක් එක සමාගමකට විකිණීම මුළු රටම විකිණීම හා සමානයි. එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක අගමැතිතුමා සිය රජයේ පළමු කාර්ය කරගත්තේ කටුනායක ගුවන් තොටුපොල හා ත්‍රීකුණාමල වරාය විදේශිකයන්ගෙන් නිදහස් කර ගැනීමයි. එයයි ශ්‍රී.ල.නි.ප ප්‍රතිපත්තිය. මේවාට ඉදිරිපත්වන ආයෝජකයින්, රක්ෂණ සංස්ථාව, නැව් තෙල් සමාගම, වෝටර්ස් එජ් වැනි ආයතන රජයට පවරා ගත් ආකාරය සිහි කර ගැනීම සුදුසු බව මට පේනවා. පෞද්ගලීකරණය කරනු ලබන වරාය ඇතුලු සියලු රාජ්යැ සම්පත් අපට ආපසු ගැනීමට සිදු වෙනවා. එ.ජා.ප.ය පෞද්ගලීකරණය කර තිබූ ත්රිසකුණාමලයේ තෙල් ගබඩා සංකීර්ණය අප රජය ඛනිජ තෙල් සංස්ථාවේ අයිතියේ තබා ගැනීමට සැලසුම් කළේත්එය ජාතිය සතු විය යුතු සම්පතක් ලෙස බණ්ඩාරනායක අගමැතිතුමාගේ සිහිනය වූ නිසයි. කොයිම රටකටවත් අපේ ජාතික යටිතල පහසුකම් විකිණීම අප අනුමත කරන්නේ නැහැ. හම්බන්තොට ජනතාව  අක්කර 15,000ක සිය නිජබිම් ඉඩම් වෙනත් රටක‍ට විකිණිමට ඉඩ නොදෙන බවත් ම‍ට විශ්වාසයි. මෙවැනි පෞද්ගලීකරණ වැඩපිළිවෙළින් වැලකි දිගු කාලීන මිත්රකත්වය පලුදු නොකර පවත්වා ගැනීමට කටයුතු කරණු ඇතැයි මා ගැණුම් කරුවන්ගෙන් ඉල්ලා සිටිනවා.

මෙම අයවැය මගින් ණය බර හුවා දක්වමින් පුද්ගලීකරණයට අමතරව බදු බරද වැඩි කර තිබෙනවා. පසුගිය කාලය තුල නැගී එන ආර්ථික ක්ෂේත්‍රයන් වූ සංචාරක, තොරතුරු තාක්ෂණ,  ඉදිකිරීම්, සෞඛ්‍ය සේවා වල ‍අදායම් බදු සියයට 12 සිට සියයට 28 දක්වා වැඩි කර තිබෙනවා. අපනයනයට මුල්තැන දෙනවයි කියන මේ රජය භාණ්ඩ අපනයන බද්ද සියයට 12 සිට සියයට 14 දක්වාත්, සේවා අපනයන 0 සිට සියයට 14 දක්වාත් වැඩි කර තිබෙනවා. කෘෂිකාර්මික අංශය සඳහා සියයට 10ක්ව පැවති ආදායම් බද්ද සියයට 14 කර තිබෙනවා. එපමණක් නොව, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වල ආදායම් බද්ද වැඩි කර තිබෙනවා. කුකුල් ගොවිපලවල් සඳහාද ආදායම් බද්ද සියයට 12 සිට සියයට 28 දක්වා වැඩි කර තිබෙනවා. මෙම සියළු කර්මාන්තවල බහුල වශයෙන් නිරතව සිටින්නේ දේශීය ව්‍යාපාරිකයන්. ඔවුන් දිරි ගැන්වීම වෙනුවට ඔවුන්ට වැඩි බදු බරක් පටවා මේ අයවැය සිදු කර ඇත්තේ  විදේශිකයන් දිරි ගැන්වීමයි. විදේශිකයන්ට ඉඩම් ලබා ගැනීමේ අයිතිය, නිවාස ලබා ගැනීමේ අයිතිය ලිහිල් කර තිබෙනවා. රජයේ ප්රීධාන හා මූලික වගකීම දේශීය ව්යාමපාර හා දේශීය ව්යාතපාරිකයන් දිරිගැන්වීමයි. ඔවුන්ට උදව් කිරීමයි.  

මේ අයවැය මගින් පරිභෝජනය සඳහා වැට් බදු,NBT,නිෂ්පාදන බදු, ආනයන බදුආදී සියල්ලද වැඩි කර තිබෙනවා. බැංකු වලින් මුදල් ආපසු ගැනීම  සඳහාද බදු පැනවී තිබෙනවා. මේ නිසා බදු ක්‍රමය සංකීර්ණවී තිබෙනවා. ඇස්තමේන්තු ගත මුළු බදු ආදායම වන රු. බිලියන 1,821න් රු. බිලියන 1,564ක් එනම් සියයට 85ක් වක්‍ර  බදු වලින් ලබා ගැනීමට සැලසුම් කර තිබෙනවා. මේ නිසා සියලු ආහාර පාන අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා වියදම් වැඩි වෙනවා. පරිභෝජන ඉල්ලුම අඩු වෙනවා. දේශීය ව්යාඩපාර විශේෂයෙන් සුලු හා මධ්යිම පරිමාණ ව්යා පාර පසුබෑමකට ලක් වෙනවා. 

පරිභෝජනයට පමණක් නොව ඉතිරි කිරීම් වලටද බදු වැඩිකර තිබෙන අයවැයක්. සේවක අර්ථසාධක අරමුදල, සේවක භාරකාර අරමුදල, විශ්‍රාම අරමුදල් සඳහාද ආදායම් බද්ද සියයට 10 සිට සියයට 14 දක්වා වැඩි කර තිබෙනවා. ඒවායේ ලාභය සේවකයන්ට පවරනවා වෙනුවට සේවකයන්ගේ ජීවිත කාලය තුළකළ ඉතිරිකිරීම් ඉහළ බදු මගින් රජයට ගැනීම සාධාරණද?  

භාණ්ඩාගාර සුරකුම්පත් වල පොලිය සඳහා ඇති බද්දද සියයට 10 සිට සියයට 14 දක්වා වැඩිකරතිබෙනවා. ඒ නිසා ඒවායේ ආයෝජනය කරන්නන්ගේ පොලිය අඩුවෙනවා. එපමණක්  නොව සමෘද්ධිලාභියාගේ සිට සමාන්‍ය ජනතාවගේ ඉතිරි කිරීම් සඳහා රු.60,000ක පොලී ආදායම් සඳහා වූ වාර්ෂික බදු සහනය ඉවත් කර තිබෙනවා. සියයට 2.5ක්ව පැවති පොලී මත බද්ද සියයට 5 දක්වා වැඩි කර තිබෙනවා. එම නිසා අඩු ආදායම්ලාභීන්ගේ  සිට දරුවන්, වැඩිහිටියන් අතුළු සියළු දෙනාගේම ඉතිරි කිරීම් වලින් ලැබෙන පොලියට සියයට 5ක බද්දකට යටත් වෙනවා.

සමෘද්ධිලාභීන්ට සහල් කිලෝ 5ක් දෙනු ලබන්නේද සමෘද්ධිදීමනාවෙන් මුදල් කපාගෙනයි. සමෘද්ධිලාභීන්ට දෙනු ලබන දීමනාවෙන් සහල් හෝ ධාන්යන හෝ වෙනත්  පරිභෝජන භාණ්ඩයක් ලබා ගැනීම ඔවුන්ගේ මූලික  අයිතියක්. එම අයිතියද මෙම අයවැයෙන් උදුරා ගෙන තිබෙනවා. හාල්මැස්සන් කිලෝවක් සඳහා රු.5ක්ද, සීනි කිලෝවක් සඳහා රු. 2ක්ද මිල අඩු කලබව අයවැයෙන් සඳහන් කලත් සමාන්යද මිනිසුන් 
මෙවැනි භාණ්ඩ එදිනෙදා මිලදි ගන්නේ ග්රෑසම් 100 /200 ප්රාමාණ වලින්. මේ මිල අඩු කිරීම් වලින් ඔවුන්ට නම් කිසිසේත් සහනයක් වෙන්නේ නැහැ. 

පෞද්ගලික අංශයේ හා රාජ්යඅ අංශයේ සේවකයන්ගේ උපයන විට බදු සඳහා පැවති බදු නිදහස් දීමනාදඉවත් කිරීම මගින් ඔවුන්ටදබදු බර වැඩි කර තිබෙනවා.  රජයේ නිළධාරීන් හා රාජ්යම ව්යාතපාරවල නිළධාරීන්ටත් ඉහළ බදු ප්‍රමාණයක් ගෙවීමට සිදු වෙනවා.එහෙත් මෑත කාලවල අයවැයෙන් සම්ප්රහදායිකව කළ රාජ්යය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම මේ අයවැයෙන් යෝජනා කර නැහැ. වැටුපට එකතු කරනවා යැයි කී රු.10,000ක දීමනාවද දැන් අමතක වී තිබෙනවා. එයත් අධ්‍යාපනයට  ජාතික අදායමෙන් සියයට 6ක් 
වෙන් කළා වගෙයි. 

ලෝක වෙළඳපලේ තෙල් හා ගෑස් මිල සීඝ්‍ර ලෙස අඩු වී තිබුනත් භූමිතෙල් හා ගෑස් මිල අඩුකර ‍තිබෙන්නේ ඉතා සුළුවෙනුයි. රු.25කින් ගෑස් මිල අඩු කර, අයවැයට පිටින් ජලය සඳහා අවම ජල ගාස්තුව රු. 200කින් වැඩි කර තිබෙනවා. එය දැන් ඇමති අනුකාරක සභාවකට පරීක්ෂා කිරීම සඳහා  තාවකාලිකව අත්හිටුවා තිබෙන බව කියනවා. ඇමති අනුකාරක සභාව මේ ගැන පරීක්ෂා කිරීමට තිබුනේ ගැසට් කරන්න පෙර නොවේද? 

ඛනිජ තෙල් සංස්ථාව හා විදුලිබල මණ්ඩලයේද ණය ගැනීම් වැඩි වී ඇති බව ද වාර්තා වෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුවේද පාඩු තිබෙන බව අයවැය ඇස්තමේන්තු වලින් පෙන්නුම් කර තිබෙනවා. ඒ නිසා ඉදිරියේදි දුම්රිය ගාස්තු, විදුලි ගාස්තු ද වැඩිවනු නොඅනුමානයි. මේ ගාස්තු වැඩි කළත් අයවැයට පිටින් බියර් සමාගම්වලට මිලියන ගණනින් තීරුබදු සහන දී තිබෙනවා.2015 සිට ලෝක වෙළඳපලේ තෙල් මිල ගණන් බැරලයකට ඇ.ඩො.40ක පමණ මට්ටමක තිබෙනවා. 2014 දක්වා එම මිල ගණන්  ඇ.ඩො.80-100 වැනි ඉහළ මට්ටමක තිබුණේ. 2015 මහ බැංකු වාර්තාවට අනුව තෙල් ආනයන වියදම ඇ.ඩො.මිලියන 4,597යි.එය 2015 ඇ.ඩො.මිලියන 2,700ට අඩුවී තිබෙනවා. එය වර්ෂයකට ඇ.ඩො.මිලියන 1,900ක ඉතිරියක්. රුපියල් කෝටි 27,500 ක්. 2016 දීද ඒ හා සමාන ඉතිරියක් තෙල් ආනයනයෙන් ඇති වී තිබෙනවා. ඒ අනුව වසර 2ක තුළ ඇ.ඩො.මිලියන 3,800ක පමණ ඉතිරියක් නැතහොත් රුපියල් කෝටි 55,100ක පමණ ඉතිරියක් ඇති වී තිබෙනවා. මේ ඉතිරියට මොකද කළේ?

විදේශ සංචිත ඇ.ඩො.මිලියන 6,500ට පහත වැටී තිබෙනවා. 2004 දී විදේශ සංචිත ප්රේමාණය ඩො.මිලියන 2,200ක්  වූ අතර එය 2014 වන විට ඩො.මිලියන 8,200ක් බවට අප පත් කළා. 2009 දක්වා යුධ වියදම්,2014 දක්වාම අධික තෙල් වියදම් හා යටිතල පහසුකම් හා ග්රාොමීය සංවර්ධනය සඳහා වියදම්, රජයේ සේවාවන් සඳහා සේවකයන් බඳවා ගැනීම් හා වැටුප් වැඩි කිරීම් අප කළමනාකරණය කළා. 
පොහොර සහනාධාරය, පාසැල් නිලඇඳුම් වැනි සහන  වසර 10ක් තුළ අඛණ්ඩව පවත්වා ගත්තා. රණවිරුවන් හා ඔවුන්ගේ මාපියන්ට සහන සැලසුවා. 

යුද්ධය නිමා කිරීමත් සමග උතුරේ බිම් බෝම්බ ඉවත් කර A9 මාර්ගය, දුම්රිය මාර්ග ඇතුළු මූලික යටිතල පහසුකම් සම්පූර්ණ කළා. නැගෙනහිර පළාත සංචාරක කලාපයක් ලෙස සීඝ්‍ර  දියුණුවකට පත් කළා. කොළඹ හා තදාසන්න ප්රදදේශ පරිසර හිතකාමී ආසියාවේආකාර්ශණීය නාගරීක ප්‍රදේශයක් බවට පත් කළා.මේ අතර 2004 ජාතික ආදායමෙන් සියයට 7.5ක් ව පැවති අයවැය හිඟය 2014 වන විට සියයට 5.7 දක්වා අඩු කලා. උද්ධමනය සියයට 3කපමණ මට්ටමකට අඩු කළා. ණය පොලී අනුපාත සියයට 10ට අඩු මට්ටමකට ගෙන එනු ලැබුවා.  එසේ වුවත් වසරක් ඇතුළත යහපාලනය විසින් අයවැය හිඟය 5.7 සිට 7.4 දක්වා වැඩි කළා. මේ සියල්ල කළේ රටට දැරිය නොහැකි පොරොන්දු රාශියක් වගකීමෙන් තොරව "දින 100 වැඩසටහන" යටතේ ඉටු කිරීමට කටයුතු කළ නිසයි. එම පොරොන්දු ක්‍රියාත්මක කිරීම නිසා ඒවායින් ප්‍රතිලාභ ලැබූ රජයේ සේවකයන්ගෙන් ඔවුන්ගේ  විශ්‍රාම වැටුප නැවතීමෙනුත්, සමස්ත ජනතාවගෙන් ඉහළ වැට් බදු ලබා ගැ‍නීමටත්, සංවර්ධන වියදම් කපා හැරීමටත් දැන් සිදු වී තිබෙනවා.ණය පොලී අනුපාත සියයට 14 ඉක්මා තිබෙනවා. විදේශ සංචිත අඩුකර ගත්තා.එයට අමතරව භයානකම ක්‍රියාමාර්ගය වී ඇත්තේ  වි‍දේශිකයන්ට රටේ යටිතල පහසුකම් සහ ඉඩම් විකිණීමයි.

2017 වර්ෂය සඳහා ඇස්තමේන්තු කර ඇති ආදායම 2016 වර්ෂයට වඩා රු. බිලියන 440ක වැඩිවීමක්. එය රු.බිලියන 200ක පමණ අධි තක්සේරුවක්. ජත්යයන්තර මුල්‍ය  අරමුදලේ ඉලක්කයන් සපුරා ගැනීමට අයවැය සකස් කර ඇතත් 2017 ආදායම් ඇස්තමේන්තුව ලඟා කර ගැනීම සදහා අතිරේක බදු පැනවීමේ අවධානම මතු වෙනවා. අයවැය හිඟය සඳහා ඇති ඉලක්කය වෙනුවෙන් ප්‍රාග්ධන වියදම් කපා හැරිම‍ හෝ තවදුරටත් ණය ගැනීමටද සිදු වෙනවා. විදේශ වාණිජ ණය පමණක් රු. බිලියන 220 ක් ලෙස ඇස්තමේන්තු කර තිබෙනවා. එය රු. බිලියන 230ක අනෙකුත් විදේශ ණය වලට අමතරවයි. මෙම ආදායම් අවිනිශ්චිතභාවය නිසා මෙන්ම දැනටමත් ක්රිණයාත්මක වැට් හා අනෙකුත් බදු වලින් පොලි අනුපාත හා උද්ධමනය ද වැඩි වෙනවා. විනිමය අනුපාතය අස්ථාවරත්වය ද දැකිය හැකියි. මේ නිසා ජීවන වියදම් මට්ටම තවදුරටත් දුෂ්කර වීම මේ අයවැයෙන් ඇතිවන තවත් ප්රහතිථලයක්. 

අවසාන වශයෙන් මේ අයවැය විසින් එ.ජා.ප සම්ප්‍රදායික යථාර්ථයක් කර තිබෙනවා. එයට ශ්‍රී.ල.නි.පයෙන් කොටසකුත් සම්මාදම් වෙලා. මේ පාප කර්මයට සැබෑ ශ්රීත ලංකා නිදහස් පාක්ෂිකයන්ට සිය හෘද සාක්ෂියට අනුව දායකවිය නොහැකියි. රාජ්යේ ආයතන පෞද්ගලීකරණය,  සුභසාධන වියදම් කපා හැරීම, රාජ්‍ය සේවය දුර්වල කිරීම, දේශීය ව්‍යාපාරිකයන් අධෛර්ය කිරීම, දේශීය පාරිභෝගිකයන්ට බදු බර පැටවීම, විදේශිකයන්ට වැට් බදු ආපසු ගෙවීම මෙන්ම ඉඩම් හා නිවාස ලබාදීමට කටයුතු කර තිබෙනවා. විදේශ කොලනියක් බවට අපේ රට පත් කිරිම මෙහි භයානකම පියවර බව පැහැදිලි වෙනවා. 

හම්බන්තොට වරාය විකුණා ඔවුන්ට අක්කර 15,000ක භූමිය ලබාදීම විදේශකරණය කිරීමේ භායානක පියවරක්. ත්රි0කුණාමල වරාය ආශ්‍රිත ප්‍රදේශද මේ අයුරින්ම විදේශකරණය කිරීමේ පියවරක්. අධිරාජ්‍යවාදීන් උඩරට වතු අයිති කර ගනිමින් එම ප්‍රදේශ වල ජනතාවට ඉඩම් අහිමි කළ අයුරින්ම හම්බන්තොට,ත්‍රීකුණාමල ප්‍රදේශවල ජනතාවටද ඒ ඉරණම මේ අයවැයෙන් අත්පත් කර දී තිබෙනවා. එම ප්‍රතිපත්ති ජනතාවට සාධාරණය කරන්නේ රූපවාහිනිය මගින් තම ප්රනචාරණ කටයුතු මෙහෙයවන සමාගමට මුදල් ගෙවා නැති ණය බරක්  හා දූෂණ ගැන මවාපෑම මගිනුයි. මෙයට ඉඩ දිය නොහැකියි. ණය ගෙවීමට බැරිනම් ඒ සඳහා කල් ගැනීමට මිත්‍ර රටවල් සමඟ සාකච්ඡා කිරීමට අපේ විදේශ ප්‍රතිපත්තිය යොදා ගැනීම රටක්, ජාතියක් විකිණීමට වඩා උතුම් බව තේරුම් ගත යුතුයි. 


මෙම අයවැය ගැන ගැමියන් කියන්නේ "ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ" අයවැයක් කියලයි. තවත් සමහර අය කියන්නේ "නිර්මාංශ ආහාර ඉල්ලන පුද්ගලයන් KFC එකට ගෙන ගොස් ඕනෑ තරම් කන්න" යැයි කියපු අයවැයක් බවයි. මෙහි අවසාන ප්‍රතිපලය "යහපාලනය යම පාලනයක්" වීමයි. අපේ රටට නොගැලපෙන එංගලන්තය ඇමරිකාව වැනි රටවල් පවා යළි සලකා බැලීමට තීරණය කර ඇති ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ප්‍රගතිශිලි දේශපාලන පක්ෂ වල යුගයේ වගකීමක්. 

එම නිසා රාජ්‍ය අයෝජනය වැඩි කිරීම, ජනතාවගේ ඉතිරිකිරීම් දිරි ගැන්වීම, රජය හා පෞද්ගලික අංශයේ මනා මැදිහත්වීම,  කෘෂිකාර්මික හා ග්‍රාමිය ආර්ථිකය ශක්තිමත් කිරීම,රාජ්‍ය ව්‍යාපාර කළමණාකරණය ස්වාධීනකර කාර්යක්ෂම කිරීම, දේශීය ව්යාමපාරිකයන් දිරි ගන්වා අපනයන වැඩිකිරීම, ආනයනය අඩු කරන නිෂ්පාදන වැඩි කිරීම ඇතුළත් ආර්ථික ප්‍රතිපත්ති අපේ විකල්ප විය යුතුයි. මේ පිළිබඳ මේ පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රීවරුන් මෙන්ම විශේෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් සිය හෘද සාක්ෂියට අනුව කටයුතු කිරීමෙන් සිය පක්ෂයේ සැබෑ ස්ථාවරය තහවුරු කරනු ඇතැයි මා විශ්වාස කරනවා.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
ශ‍්‍රීලනිප ඇමතිවරුන් මහින්ද හා සාකච්චා.. අද වුණත් ආණ්ඩුවෙන් එලියට බහින්න ලෑස්තියි..



ආණ්ඩුවේ සිටින ශ‍්‍රිලනිප ඇමතිවරුන් අද වන විට ඉතා කලකිරීමෙන් පසුවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

ඇතැම් ඇමතිවරුන් මේ වන විටත් තමන් සමග එක්වීමට සාකච්ඡා පවත්වා ඇති බවද ඒ මහතා සදහන් කරයි.

උඩුගම්පලදී පැවති ජනහමුවක් අමතමින් ඔහු කියා සිටියේ එසේ තමන් හා සාකච්චා පැවැත්වූ ඇමතිවරුන් අද වුවත් ආණ්ඩුවෙන් එලියට බහින්න සූදානම් බව කියා සිටි බවයි.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
චමල්ට ඉහල තනතුරකට ආරාධනා.. ‘මල්ලිට පිටුපා රජකමවත් එපා…’ චමල් වහා දන්වයි



ආණ්ඩුවට එක් වන්නේ නම් ඉහල තනතුරක් ලබා දෙන බවට හිටපු කතානායක චමල් රාජපක්‍ෂ මහතාට ආණ්ඩුවේ ප‍්‍රබල ඇමතිවරයෙක් විසින් කර ඇති යෝජනාවයක් එක හෙලාම ප‍්‍රතික්‍ෂෙප කර ඇති බව වාර්තා වෙයි.

රට පුරා සමූපකාර ඡන්දවලින් ශ‍්‍රීලනිපය අත්වෙමින් ඇති අන්ත පරාය ෂලකා බලමින් පවත්වා ඇති ශ‍්‍රිලනිප ඉහල පෙලේ සාකච්චාවකින් පසු දෙපාර්ශවය සමගි කිරීම සදහා මෙම උපක‍්‍රමික යෝජනාව හිටපු කතානායකවරයාට ඉදිරිපත් කර ඇත.

‘මල්ලිගෙන් අහන්න අපි කරන්නෙ එයා කියන දෙයක්. ඒ නිසා මට ඕක කතා කරලා වැඩක් නෑ’ යයි යෝජනාවට සාවධානව සවන් දීමෙන් පසු හිටපු කතානායකවරයා දුන් පිලිතුරත් සමගම සංවාදය එතැනින්ම නිම වී තිබේ.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
අලූත් පක්‍ෂය ශාඛා සමිති 3600ක බලය අල්ලයි.. නොවැම්බර් 15ට පෙර ඉලක්කය දොලොස්දාහක්



නොවැම්බර් මස පළමුවැනිදා වන විට රට පුරා ග්‍රාම සේවක වසම් 14029කින් වසම් 3600ක ශාඛා සමිතිවල බලය ඒකාබද්ද විපක්‍ෂයේ නව දේශපාලන බලවේගය සමග එක් වූ ඇති බව හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

නව දේශපාලන පක්ෂය ලියාපදිංචි වීම සමගින් එම වැඩපිළිවෙල වේගවත් වී ඇතැයිද පවසන ඔහු මෙම නොවැම්බර් 15දා වන විට ශාඛා සමිති 12,000 ඉලක්කය පසු කිරීමට හැකිවනු ඇතැයිද විශ්වාසය පල කරයි.

මල් පොහොට්ටුව ලකුණුනින් බිහි වී ඇති නව දේශපාලන ව්‍යාපාරයේ ජය ස්ථිර වශයෙන්ම තහවුරැ කරන බවද කී ඔහු අද වන විට මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ නම නොකියා මරණාධාර සමිතියකවත් සභාපති ධූරයක් ලබා ගත නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවද කියා සිටියේය.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
“නායකයන් ටික අල්ලා ළගදීම හිරේ දමනවා.. එතකොට අලුත් පක්ෂය ඉවරයි“ – Rajitha 



rajitha

ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් ඉදිරියේදී හිරේ විලංගුවේ වැටුනාම නව පක්ෂය හොයා ගන්නත් බැරි වෙන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ඔහු මේ බව පැවසූයේ පසුගියදා පයාගල රාජිත සේනාරත්න ක‍්‍රීඩාංගණයේ දී පැවති රාජිත සේනාරත්න පදනම විසින් සංවිධානය කරන ලද වැඩසටහනකට සහභාගී වෙමිනි.

එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසී ය.

“නව දේශපාලන පක්ෂ නිර්මාණය කිරීමට ඒකාබද්ධ විපක්ෂය සුදානම් වෙනවා. එහි නායකයින්ට එරෙහිව ඇති චෝදනා විමර්ශණය වෙමින් පවතිනවා. ඉදිරියේ එම නායකයින් හිරේ විලංගුවේ වැටුනාම නව පක්ෂය හොයා ගන්නත් බැරි වෙයි. නායකයෝ සිරගෙදරට ගිය පසු අනෙක් පිරිසට වෙන දෙය හිතා ගන්න බැරි වෙයි.”

“අපේ රජයේ දුර්වලතාවය තමයි රාජපක්ෂ සමයේ සිදු වූ මහාපරිමාන මුදල් කොල්ල කෑ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක නොකිරිමයි. ඔවුන් කොල්ල කෑ මුදල් ප‍්‍රමාණය සොයාගන්න පවා අමාරුයි. එම මුදල් රටවල් 07 ක තැන්පත් කර තිබෙනවා. උපක‍්‍රමශීලිව තමයි මුදල් තැන්පත් කර තිබෙන්නේ. ඩුබායි බැංකු ගිණුම්වල අංක සහ මුදල් ප‍්‍රමාණ පිළිබද තොරතුරු අප ලබාදුන්නා. ඒවා ගැන සිදු කරන පරීක්ෂණ කඩිනම් කළ යුතුයි.” යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
අගමැති රනිල් ‘විශිෂ්ට ආර්ථික විද්‍යාත්මක ඥානයක්’… – විමල් කිසිදා නොදුන් සහතිකයක් රනිල්ට දෙයි



ශ්‍රී ලංකා රජයට ක්‍ෂණිකව රුපියල් කෝටි 5585ක පාඩුවක් සිදු කරමින් මහදවල් සිදු කළ මහ බැංකු බැඳුම්කර හොරකමේ මහ මොලකරු අගමැති රනිල් වික්‍රමසිංහ බව අද වන විට රට හමුවේ ඔප්පු වී අවසන් බවත් ඔහු ධුරයෙන් ඉල්ලා අස් නොවන්නේ නම් ඊට එරෙහිව ජනතාව සමඟ පාරට බැසීමට ඒකාබද්ධ විපක්‍ෂය සූදානම් බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අවධාරණය කළේය.

ඔහු මේ බව පැවසුවේ බොරැල්ල එන්. එම්. පෙරේරා මධ්‍යස්ථානයේදී පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

“නරියාට කුකුල්ලු බාර දුන්නා වගේ’ කියන කියන කතාව වෙනුවට අද අපේ තරුණ පරම්පරාව කියන්නේ ‘රනිල්ට මහ බැංකුව බාර දුන්නා වගේ’ කියන එකයි. ඉතිහාසය පුරාම මේ රටේ මහ බැංකුව මුදල් ඇමති භාරයේ මිස අගමැතිවරයා භාරයේ තබාගෙන නැහැ. 2015 ජනවාරි 08 සිදු වූ ඔවුන්ගේ ඊනියා බල පෙරළියෙන් පස්සේ, මෙතෙක් මෙරට කිසිදු ජනාධිපතිවරයකු හෝ අගමැතිවරයකු භාරයේ තබා නොගත්, මුදල් ඇමතිවරයා යටතේ පමණක් ගැසට් කළ මහ බැංකුව රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා යටතට ගත්තේ ඇයි? ඒ වගේම තමන්ගේ ගජ මිතුරා වූ සිංගප්පූරු ජාතික අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ධුරයට පත් කරන්නේ ඇයි? 2015 පෙබරවාරි 27 වැනිදා සිදු වූ මේ විවාදාත්මක බැඳුම්කර වෙන්දේසියට දිනයකට පෙර එක්සත් ජාතික පක්‍ෂයේ සභාපති මලික් සමරවික්‍රම, මහ ලේකම් කබීර් හෂිම්, නියෝජ්‍ය නායක රවී කරුණානායක යන අය මහ බැංකු පරිශ්‍රය ඇතුළට ගිහිල්ලා මේ ගනුදෙනුවට අදාළ කරුණු සාකච්ඡා කළේ ඇයි? මේ අයට මේ රටේ ජනතාවගේ මුදල් මහා පරිමාණයෙන් කොල්ල කන්න පුළුවන් වුණා. ඒ අනුව ඉතා පැහැදිලියි මේක පූර්ව වශයෙන් සැලසුම් කරලා සිදු කළ මංකොල්ලයක්. මහ බැංකුව අගමැති යටතට ගත්තේ, මේ රටේ පුරවැසියකු නොවන සිංගප්පූරු ජාතිකයකු මහ බැංකු අධිපති ධුරයට පත් කළේ ඒ පූර්ව සැලසුම අනුවයි. ඒ වගේම මේ මහ බැංකු අධිපතිවරයාට තවත් විශේෂ සුදුසුකමක් තිබෙනවා. ඒ තමයි ඔහුගේ බෑණා ප්‍රාථමික මුදල් නිකුතුවේ සිටින සමාගමක හිමිකරුවකු වීම. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා මේ ‘මාමා සහ බෑණා’ යොදා ගෙන තමයි ‘මහ බැංකු රොබරිය’ දුන්නේ.

‘අර්ජුන මහේන්ද්‍රන් පත් කළේ ව්‍යවස්ථා විරෝධීවයි’

පුරවැසිභාවය තියා මේ අර්ජුන් මහේන්ද්‍රන්ට අඩුම තරමින් මේ රටේ රැකියාවක නිතරවීම සඳහා රැකියා බලපත්‍රයක්වත් (උදරන ඡැරපසඑ) තිබුණාද? මේ රටේ පුරවැසියකු නොවන නිසා ඔහු මහ බැංකු අධිපති ධුරයට පත් වීමේදී ලබා දිය යුතු දිවුරුම ලබා දුන්නේ නැහැ. ඒ නිසා අර්ජුන මහේන්ද්‍රන් මේ ධුරයෙහි කටයුතු කළේ මෙරට ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවට පටහැනිවයි. ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් රැකියා බලපත්‍රයක්වත් නොමැතිව අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ධුරය දැරුවේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ පූර්ණ මැදිහත්වීම යටතේයි.

“මෛත්‍රී පළමු වතාවේ රනිල්ව බේරුවා’

2015 ජනවාරි 08 වැනිදා බලයට පත් වූ දින 100 ආණ්ඩුව පැවැති සමයේ ඞ්ව් ගුණසේකර මැතිතුමා සභාපති ධුරය දැරූ කෝප් කමිටුව විසින් මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ වාර්තාවක් සකස් කළා. ඒ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ දිනට පෙර දිනයේ රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරලා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අගමැති රනිල් වික්‍රමසිංහව බේරා ගත්තා. ‘එදා වගේ අදත් ජනාධිපතිතුමා අගමැතිවරයා බේරා ගනීවීදෝ?’ කියන සැකය අපට තිබෙනවා. ‘එසේ නොවේවා!’ කියා ප්‍රාර්ථනා කරනවා. කොහොම නමුත් එදා ඞ්ව් ගුණසේකර මැතිතුමාගේ සභාපතීත්වයෙන් සකස් කළ වාර්තාව මේ බැඳුම්කර වංචාව සිදු වී මාස කිහිපයක් ඇතුළත උණු උණුවේම එළියට එන එක වළක්වලා ජනාධිපතිවරයා අගමැතිවරයාට බේරා ගත්තා. දැන් ඒ ගනුදෙනුව සිදු වී මාස 21කට පසුව කෝප් කමිටු වාර්තාවක් එළි දක්වලා තිබෙනවා. ‘කලින් වාර්තාව ද මේ එළිදැක්වූ වාර්තාව ද වඩා හොඳ?’ කියන ප්‍රශ්නය මම මෙතැනට අදාළකර ගන්නේ නැහැ. ඒ කවරක් වුවත් අද ලංකාවේ ඉතිහාසයේ පමණක් නොවෙයි ආසියාවේ ඉතිහාසයේ ලොකුම රොබරිය, විගණකාධිපතිවරයාගේ වාර්තාවලින් සහ මහ බැංකුවේ අභ්‍යන්තර පරීක්‍ෂණ වාර්තාවලින් හෙළදරව් වී තිබෙනවා. මේක මහ දවල් සිදුකළ දැවැන්ත සොරකමක් බව එමගින් ඔප්පු වී තිබෙනවා.

‘ක්‍ෂණික අලාභය කෝටි 5585’

මහ බැංකු අභ්‍යන්තර වාර්තාවලට අනුව මේ ගනුදෙනුවෙන් රුපියල් කෝටි 5585ක අලාභයක් ක්‍ෂණිකව සිදු වෙලා තිබෙනවා. ඊට අමතරව ‘අවුරුදු 30ක කාලයකට කෘත්‍රීමව පොලී අනුපාතිකය ඉහළ දැමීම නිසා පොලී පිරිවැය වැඩිවීම ඔස්සේ සිද්ධ වන පාඩුව රුපියල් බිලියන 145කට වඩා වැඩියි’ කියා ආර්ථික විද්‍යාඥයන් අනාවරණයකර තිබෙනවා. රටට ක්‍ෂණිකව පාඩු සිදු වූ මුදලින් (රු.කෝටි 5585) කොළඹ – ගාල්ල අධිවේගී මාර්ගය වැනි මාර්ග දෙකක්, නොරොච්චෝලේ වැනි තවත් විදුලි බලාගාරයක්, හදන්න තිබුණා. රජයේ සේවකයන් ලක්‍ෂ 12ට දෙනවා කියපු රුපියල් 10,000, මූලික වැටුපට එකතු කරලා අවුරුදු 2-3ක් ගෙවන්න තිබුණා. මේ විදියට මහා මංකොල්ලයක් කරපු මේ ආණ්ඩුව අද මහජනතාවට කියන්නේ කුමක්ද? ‘අපි මහ බැංකුව සුද්ධ කළා. ඒකෙන් පොඩි අමාරුවක් ඇවිත් තිබෙනවා. උඹලා වැට් ගෙවපල්ලා’ කියලයි.

‘බැඳුම්කරේ බර ජනතාවට පටවලා’

අපේ කාලයේ රාජ්‍ය සේවකයන්ට ‘උපහාර’ නම් වූ දුරකථන පැකේජයක් දීලා සහන සැලසුවා. අද මොකද වෙලා තිබෙන්නේ? සියලු දුරකථන පාරිභෝගිකයන්ට 50%ක බද්දක් ගෙවන්න වෙලා තිබෙනවා. අද සියලුම භාණ්ඩ හා සේවාවලට 15%ක වැට් බද්දක් පනවලා තිබෙනවා. මේ විදියට ජනතාව මත පටවලා තිබෙන්නේ ‘බැඳුම්කරේ බරයි.’ මේ තමයි අගමැති රනිල් වික්‍රමසිංහගේ ආර්ථික කළමනාකරණ ඥානයේ ප්‍රතිඵල ඇත්තෙන්ම එතුමාට ‘හොඳ ඥානයක්’ තිබෙනවා තමයි. නැත්තම් බෑණාට බැඳුම්කර මිලදී ගන්න සමාගමක් තිබෙන සිංගප්පුරු ජාතිකයකු මහ බැංකු අධිපති ධුරයට පත් කරලා ආණ්ඩුවක් අරන් මාස තුනක් යනකොට මෙහෙම රොබරියක් දෙන්න පුළුවන්ද? (මාධ්‍යවේදීන්ගේ සිනා) ඒක අපට ‘විශිෂ්ට ආර්ථික විiාත්මක ඥානයක්’ ලෙස පිළිගන්න වෙනවා. අද පාරට බැහැලා විශ්‍රාම වැටුප් ඉල්ලන ආබාධිත රණවිරුවන්ට විශ්‍රාම වැටුප් පමණක් නොවෙයි, අතිරේක විශ්‍රාම වැටුපකුත් දෙන්න තිබුණා මේ විදියේ හොරකමක් සිදු නොවුණා නම්. මේ හොරකම සිදු නොවුණා නම් වතුකරයේ ජනතාව ඉල්ලන වැටුපට වැඩි වැටුපක් ඔවුන්ට දෙන්න තිබුණා. ඒ වගේම පොහොර සහනාධාරය අපේ කාලයටත් වඩා වැඩියෙන් දෙන්න තිබුණා මේ හොරකම නොකළා නම්.

‘හොරාගෙන් – පේන අහන්න හදනවා’

මේ රටේ කිසිදු රාජ්‍ය නායකයකුට මේ විදියට ‘අතේ මාට්ටු වුණු’ චෝදනාවක් කිසි දිනක ඉදිරිපත් වෙලා නැහැ. ඒ නිසා මේ චෝදනාවෙන් අගමැති රනිල් වික්‍රමසිංහට බේරෙන්න බැහැ. සමහරු අගමැතිවරයාගෙන් ඉල්ලනවා ‘මේ පිළිබඳව කඩිනමින් පියවර ගන්න’ කියලා. ඒක හරියට ‘හොරාගේ අම්මාගෙන්’ නොවෙයි ‘හොරාගෙන්ම පේන අහනවා’ වගේ වැඩක්. අපි කියන්නේ, ‘මේ හොරකමට සම්පූර්ණ වගකීම ගන්න ඕනේ අගමැති රනිල් වික්‍රමසිංහ’ කියලයි. අර්ජුන මහේන්ද්‍රන්ලා විතරක් අත්අඩංගුවට අරගෙන වැඩක් නැහැ. අගමැති රනිල් වික්‍රමසිංහ තනතුරෙහි ඉන්නකල් මේ පිළිබඳව නිසි පරීක්‍ෂණයක් සිදු වෙයි කියලා අපට විශ්වාසයක් නැහැ. එක්කෝ අගමැති ඉල්ලා අස්වෙන්න ඕනෙ. නැත්තම් ‘අපේ කර මත බදු බරක් පටවලා අපිව සූරාගෙන කන උඹලා මහා හොරකමක් කළා නේද?’ කියන චෝදනාව අරගෙන දකුණු කොරියාවේ ජනතාව පාරට බැස්සා වගේ අපේ රටේ ජනතාවත් පාරට බහින්න සූදානම් වෙන්න ඕනෙ. මාසකෙට වතාවක් ‘වීර කතාවක්’ කරන ජනාධිපතිතුමාටත් අපි කියනවා ‘මේ මහා හොරකමේ මහ මොලකරු අගමැති ධුරයෙන් ඉවත් කරලා තමන්ගේ වීරකම පෙන්වන්න’ කියලා. එහෙම නොවුණොත් අගමැතිවරයා ඉල්ලා අස්වනතුරු ජනතාව සමඟ මහා පාරේ අරගල කරන්න ඒකාබද්ධ විපක්‍ෂය සූදානම් බවත් අවධාරණය කරනවා.”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
මහින්දගේ නව පක්ෂයට මැතිවරණ කොමිසමේ අනුමැතිය .. නම සහ ලකුණ මෙන්න

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ එකාබද්ධ විපක්ෂයේ නව පක්ෂය සදහා මැතිවරණ කොමිසමේ අනුමැතිය හිමිව තිබේ.

මැතිවරණ කාර්යාලයේ ලියාපදිංචිය සදහා පසුගිය බ්‍රහස්පතින්දා ඉදිරිපත් කොට ඇති අදාල පක්ෂය ලියාපදිංචි පක්ෂයක් ලෙස පිළිගන්නා බව මැතිවරණ කොමිසම මගින් මහින්ද රාජපක්ෂ මහතාගේ නෙලුම් මාවත දේශපාලන කාර්යාලය වෙත දැනුම් දී ඇතැයි පැවසේ.

ඒ අනුව නව පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙසත් එහි ලකුණ නෙළුම් පොහොට්ටුව ලෙසත් ලියාපදිංචි කර තිබේ.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
තවත් හංගන්න නම් බෑ.. මහින්ද යුගයේ මහා ණය රහස හෙලි වෙයි.. මෙන්න ඇත්ත..



2020 වන විට අපේ රටේ ණය බර අඩු කරන බව අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ පසුගියදා ප්‍රකාශ කලේය. එය ජනතාවට තාවකාලික අස්වැසිල්ලක් වුවත් මෙය ලෙහෙසියෙන් කල හැකිද යන්න සොයා බැලීම වැදගත්ය.

එහිදි 1990 සිට ශ්‍රීලංකාවේ තිබු රජයන් විසින් ඊට පෙර රජයන් ගත් ණයද ඇතුලත්ව ඉදිරියට ශේෂය ගෙන යනු ලබන අතර ඒ ඒ වර්ෂවල දල ජාතික නිෂ්පාදනය හා ඉදිරියට පවත්වාගෙන යනු ලබන ණය ප්‍රමාණයන් හා එම වසරේ ලබා ගත් ණය රාජ්‍ය ණය National Debt ලෙස අර්ථ දැක්වෙන අතර සෑම වසරක් අවසානයේ එය එම වසරේ දල ජාතික නිෂ්පාදනය ප්‍රතිශතයක් ලෙස පෙන්නුම් කරයි.

මේ අනුව ශ්‍රීලංකාව් දීර්ඝකාලීන යුද්ධයකට මුහුණදෙමින් ලබාගත් ණය ප්‍රමාණය 1990 ප්‍රේමදාස යුගයේ 98% ප්‍රමාණයේද, 1992 රනිල්- ඩිබී.යුගයේ 95% ප්‍රමාණයෙද, 1995 සිට චන්ද්‍රිකා යුගයේ 106% දක්වාද [ ශ්‍රීලංකා ඉතිහාසයේ පලමුවරට වසරේ දල ජාතික නිෂ්පාදනයට වඩා වැඩි ] රනිල් 2002 සිට 103% දක්වාද 2005 සිට 2014 වනවිට 71% දක්වාද [ 1977 ට පෙර තිබූ තත්ත්වයට] පවත්වාගෙන ගොස් ඇත.

රටකට ණය අවශ්‍ය වනුයේ රටේ බදුවලින් ලැබෙන ආදායම අපේක්ෂිත ඉලක්කයට නොපැමිණීම.රාජ්‍ය මුල්‍යම තත්ත්වය අස්ථාවර විම, රජයේ ආයෝජන වැඩිවීම. දේශපාලන පොරොන්දු ඉටුකිරීම. යුද්ධයක් පැවතිම මෙන්ම අපේක්ෂිත ආර්ථික වර්ධන වේග ඉලක්ක ලබා නොගැනීම යන කරුණු මතයි.

මේ අනුව ශ්‍රීලංකාව නිදහසෙන් පසුව එනම් 1950 සිට අද මේ වනවිටත් ඉහත අවස්ථාවකන් ඉටු කර ගැනීමට දේශිය සහ විදේශීය ණය ලබාගෙන ඇත,එමෙන්ම රටක ණය ප්‍රමාණය ගණනය කරන්නේ අදාළ වසරේ දල ජාතික නිෂ්පාදනය GDP හා එතෙක් එම රට ලබාගත් ණය ප්‍රමාණයේ හා අදාළ වසරේ දල ජාතික නිෂ්පාදනය ප්‍රතිශතයක් ලෙස සලකාය.

එහෙත් පුදුම දනවන කරුණ නම් දැන් රටේ යුද්ධයක් නොමැතිව විශාල ප්‍රමාණයේ සoවර්ධන කටයුත්තක් සිදු නොවි විශාල සහනාධාර රටේ ජනතාව නොදි, පොහොර සහනාධාරය අඩුකොට, ග්‍රාමීය ආර්ථික සoවර්ධන කටයුතුවල සැලකිය යුතු ප්‍රගතියක් නොමැතිව, 2015 සහ මේ වසර වන විට ණය ප්‍රමාණය 76% දක්වා වැඩි වී ඇත. මෙය රාජපක්ෂ ලබාගත් ණය ගෙවීමට යයි කීවත් මහින්ද රාජපක්ෂ 2005 දි රට භාරගන්නා අවස්ථාවේදි ඒ වන තෙක් රටේ හිටපු පාලකයන් විසින් ලබාගත් රටේ සමස්ථ ණය ප්‍රමාණය එම වසරේ දල ජාතික නිෂ්පාදනයෙන් 105% ක් දක්වා ඉහළ ගොස් තිබූ බැව් සියළු පාර්ශවයන් හoගමින් මේ දිනවල කථා කරන බැව් දැක ගත්ස් හැකිය.

මහින්ද රාජපක්ෂ යුගයේ 30 වසරක් මේ රටේ තිබු කුරිරු ත්‍රස්තවාදී යුද්ධය නිමාකොට රටට සාමය ලබාදුන් අතර රටේ අධිවේග මාර්ග වන දකුණු අධිවේගය කටුණායක එක්ස්ප්‍රස්වේ, කෙරවලපිටිය තාප විදුලිබලාගාරය, නොරොච්චෝලේ , ඉහළ කොත්මලේ , හම්බන්තොට වරාය සහ මත්තල ගුවන්තොටුපොල අලුතින් ඉදිකිරිම, පාරවල් කාපට් කිරිම විශ්වවිද්‍යාල අලුතින් ඇතිකිරිම, මහින්දෝදය පාසැල් වැඩපිළිවෙළ, පොහොර සහනාධාරය, පාසල් නිල ඇදුම්, රාජ්‍ය සේවය පුලුල් කොට ලක්ෂ 6 ක් තිබු රජ්‍ය සේවකයින් ලක්ෂ 11 දක්වා වැඩිකිරිම වැනි රජය විසින් විශාල වශයෙන් මුදල් ආයෝජන සිදු කොට සමස්ථ රාජ්‍ය ණය ප්‍රමාණය 71% දක්වා අඩු කල අතර මෙය ශ්‍රීලංකා 1977 ට පෙර තිබු වසරේ දල ජාතික නිෂ්පාදනයේ ප්‍රතිශතය වීම වාර්තාගත තත්ත්වයකි.

එමෙන්ම වර්තමාන අගමැතිවරයා මීට පෙර දෙවරක් රටේ පාලනය මෙහෙය වූ අතර එනම් 1992 සිට 1994 දක්වාත 2001 සිට 2004 දක්වාත් නමුත් ඒ කාලවල රටේ සමස්ථ ණය ප්‍රමාණයන් 95% වඩා වැඩි මට්ටමේ තිබු බව පහත සඳහන් මහ බැoකුවේ වගුවෙන් පැහැදිලිවේ.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
වාසු කොළඹ නගර සභාවෙන් බිලියන බාගයක් වන්දි ඉල්ලා නඩු යයි..



පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නනායක්කාර මහතා කොළඹ නාගරික කොමසාරිස්වරයාගෙන් රුපියල් කෝටි 50ක වන්දි මුදලක් ඉල්ලා එන්තරාවාසියක් යව ඇත.

මන්ත‍්‍රිවරයා කියා සිටින්නේ ඒකාබද්ද විපක්‍ෂය විසින් පසුගිය අගෝස්තු පළමුවැනිදා සූදානම් කර තිබූ මහජන රැලිය සදහා හයිඞ් පාක් පිටියේ පැවැත්වීම නාගරික කොමසාරිස්වරයා විසින් මුලින් අවසර දී අවසාන මොහොකේ එය අවලංගු කිරීස නිසා සිදු කළ හානියට වන්දි වශයෙන් මෙම මුදල ගෙවන ලෙසයි.

මෙම මුදල නොගෙවන්නේ කොළඹ දිසා අධිකරණයේ වන්දි නඩුවක් පවරන බවද නානායක්කාර මහතා දන්වා යවා ඇත.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
පාර්ලිමේන්තුව උණුසුම් වෙයි …ශ‍්‍රීලනිප හා එජාපය අතර මතභේදයක්



පාර්ලිමේන්තුව උණුසුම් වෙයි …ශ‍්‍රීලනිප හා එජාපය අතර මතභේදයක්
මේ මස 25 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් වූ කමිටු වාර්තාවේ අවසන් වාර්තාව සකස් කිරීම ඊයේ මධ්‍යම රාත‍්‍රිය අසන්න වන තෙක් සිදු වූ අතර එහිදී මහත් ගාලගොට්ටියක් ඇතිව තිබේ.

බැදුම්කර මගඩියක් සිදුව නැතැයි එජාප මන්ත‍්‍රිවරැන් කියද්දී විපක්‍ෂ හා ශ‍්‍රීලනිප මන්ත‍්‍රිවරැන් ඊට විරැද්ද වීම නිසා අවසන් වාර්තා සකස් කිීම උණුසුම් මුහුණුවරක් ගත්තේය.

හිටපු මහ බැංකු අධිපතිවරයාට පක්ෂපාතීව එජාප මන්ත‍්‍රිවරැුන් දිගින් දිගටම අදහස් පල කර අතර අනෙක් මන්ත‍්‍රිවරැුන් ඊට විරැද්දව අදහස් පලකලහ.

ඒ අනුව 25 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත වාර්තාව බෙදුනු වාර්තාවක් වන බව වාර්තා වන අතර එජාප මන්ත‍්‍රිවරැුන් මහ බැංකුවේ හිටපු අධිපතිට පක්‍ෂවත් සෙසු පිරිස විරැුද්දවත් ලෙස අවසන් වාර්තාව සකසා ඇත.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
ගෝඨාභය 2019 දක්වා හිරේ දමා ජනපතිකම අදින්න රනිල්ගේ මෙහෙයුමක්



හිටපු ආරක්‍ෂක ලේකම්වරයා සහ හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනෙක් අධිකරණය හමුවට කැදවීමත් CID, FCID අල්ලස් කොමිසම දේශපාලන උවමනාවන් මත හැසිරීම ගැනත් ජනාධිපතිවරයා හදිසියේම වයර් මාරුවි කල ප්‍රකාශයත් අද වන විට  නැපයියාගේ“අල්ල(ස්) කික්කි… හෙවත් දඩයම් මන්දිරයේ දඩයම් කුමාරී වන අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ෂන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් ඉල්ලා අස්විමත් දක්වා වු ඇන්දිල්ල සහ ඇද ගැනිම සම්බන්ධයෙන් විවිධ කතා එජාපයේ මඩ බලකා හා ණයට කුළියට කහින වෙබ් අධවි හරහා ඇතැම් සල්ලි වලට පුවත් පලකරන බොතල් පත්තරකාරයන්ගේ බොරු වලින් පසුගිය සතියම ගෙවීගියේ ජනතාව හොදහැටි ගොනාට අන්දවමිය.

තායිලන්ත සංචාරය අතරතුර සිය පුත්‍රයාගේ Night Club ප්‍රහාරයෙන් අන්ද මන්ද ව සිටි  සිරිසේන ජනාධිපතිවරයා අතබුත කඩා ගත්ත්තු එකෙකු මෙන් CID, FCID අල්ලස් කොමිසමට එල්ල කල වාග් ප්‍රහාරය අගමැතිගේම කුමන්ත්‍රණයක කොටසක් වන අතර රෑ ආප්ප කා උදේ එජාපයෙන් ජනාධිපතිවරණයට ඉල්ලිමට නවා ගැනිමට තරම් සිරිසේන ගොනෙක් බව දන්නා රනිල්ට මේ අකාරයේ ප්‍රකාශයක් කටින් කියවා ගැනිම එතරම් කජ්ජක් නොවේ.හදිසියේම ගෝඪාභය රාජපක්ෂ සහ හමුදා ප්‍රධානින් ඉලක්ක කර සිරිසේන ප්‍රකාශයක් නිකුත් කළේ රනිල් දුන් ලනුව නියමෙටම සිරිසේන ගිල්ල නිසාය.

CID, FCID අල්ලස් කොමිසම නැටවෙන්නේ අගමැති රනිල්ගේ න්‍යාය පත්‍රය මතබව අමතුවෙන් කියාදිය යුතු නැත.රනිල්ගේ උපදේස් මත අල්ලස් හෝ දුෂණ කොමිසමේ දේශපාලන න්‍යාය පත්‍රය හැසිරවීම සිදුකරන ලබන්නේ රනිල්ට නීති උපදෙස් දෙන අංගනාව වන බිම්බා තිලකරත්න වන අතර ඊට අමතරව අල්ල(ස්) කික්කි… මෙන්ම යහපාලන ආණ්ඩුවේ රනිල්ගේ ප්‍රබලම මෙහෙයුම්කරුවා වන මලිත් සමරවික්‍රමද මෙම න්‍යාය පත්‍රය පසුපස සිටින කිහිප දෙනා වේ.

අවස්ථා ගණනාවක් පරාජය වි බලහත්කාරයෙන් එජාපයෙ බලය අල්ලාගෙන සිටින අගමැතිවරයාගේ සිහිනය ඊළග අවුරුදු 3 අවසන් විමත් සමග රටේ ජනාධිපති ධුරයේ බලය අල්ලා ගැනිම බව නොරහසකි.එම බල මෙහෙයුමට අනුව ඉතිරි කාලයතුල රනිල්ට අවශ්‍ය පුද්ගලයන් පක්ෂය තුල බලවත් අය බවට පත් කිරිමත් රනිල් විරෝධින් ඉලක්ක කර දැවැන්ත මර්දණයක් දියත් කිරිම හරහා රනිල්- ප්‍රේමදාස ගැටුමට අවසන් තිත තැබිම රනිල්ගේ සිහිනය බව රනිල් විසින්ම් අවස්ථා ගණනාවකදි සිය කණ්ඩායම සමග අනාවරණය කර තිබුනා.(මේ ඒම කුමන්ත්‍රණය අනාවරණයට නිසි කාලයයි )

රනිල්ගේ අනාගත සිහිනයට ඇති ප්‍රබලම බාධාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද පිළ සහ මෛත්‍රීපිළේ කණ්ඩායම් අතර සංහිදියාවක් ඇති විම බව අමතුවෙන් කිවයුතු නැත.මහින්දලාට කඩේ ගිය ෆොන්සේකා වැනි එකෙකු අද මහින්දට කන්න පණින්න බල්ලෙකු කල,රෑ ආප්ප කා උදේ මහින්දට කුඩු වෙන්න ගසා ජනාධිපති අපේක්ෂකයෙකු බවට සිරිසේන හැරවු රනිල්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද පිළ සහ මෛත්‍රීපිළේ කණ්ඩායම් අතර සංහිදියාව කැඩිමට ගේමක් ගැසිමට කල්පනා කලේ තමන්ගේ අනාගත සිහිනය යථාර්ථයක් කර ගැනිම සදහාය.

ඒ අනුව් ක්‍රියාත්මක වු රනිල් එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු නොව තුන හතරක්ම් මරා ගැනිමට සමත් විය රනිල්ගේ ලනුව කා සිරිසේන කල ප්‍රකාශයෙන් එක පැත්තකකින් ශ්‍රිලනිපයේ මහින්ද පිළට අලුත් බලාපොරොත්තුවක් දුන්නා පමණක් නොව ඒ හරහා ශ්‍රිලනිප ආණ්ඩුවක් හදන්න පුලුවන් ඒ සදහා පොඩි වෙනස්කම් ටිකක් කලයුතු බව ඇගට දැන්වුවා පමණක් නොව ඒ හරහා ඒකාබද්ධය කඩන්න හැකි බවද රනිල් හොදින්ම දනී.

අනිත් පැත්තේන් සිරිසේන කල ප්‍රකාශය හේතුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යනු හොරු රකින්නෙකු (යහපාලකයන්ට අනුව) බව සමාජ මතයක් හැදිමට රනිල්ගේ ගොබෙල්ස් න්‍යායාචාරයන්ට හැකි විය. ඒ හරහා ජනාධිපති සිරිසේන යනු එජාපයෙන් ණයට ජනාධිපති කම ඉල්ලාගත් හිගන්නේකු බව රනිල් සමාජය හමුවේ තහවුරු කලා පමණක් නොව අද වනවිට අල්ල(ස්) කික්කි… දොට්ට දැමිම සදහා (රනිල්ගේ ඉල්ලිම මත ) ද එය තවදුරත් තහවුරු කිරිමටද රනිල් කටයුතු කර තිබේ.

ඔක්තෝබර් 12 වැනිදා අප කල අනාවරණය 

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් සිදු කළ ප‍්‍රකාශයට විරෝධය පාමින් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති සහ කොමසාරිස්වරුන් සහ අධ්‍යක්ෂ ජනරාල්වරිය තම ධුරවලින් ඉල්ලා අස්වීමට කටයුතු කරන ලෙස නැපයියාගේ“අල්ල(ස්) කික්කි… හෙවත් දඩයම් මන්දිරයේ දඩයම් කුමාරී රනිල් වික්‍රමසිංහට මේ තරම් ගොට්ට අල්ලමින් රාජපක්ෂලා දඩයම් කිරිම සදහා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ෂන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස්ට අද සවස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දි ඇති අතර එ හරහා ජනාධිපතිවරයා අප්‍රසාදයට ලක්කිරීමේ මාධ්‍ය මෙහෙයුමක් දියත් කිරිමටද් කටයුතු යොදවා තිබේ.

වැඩිදුර කියවිම- “නැපයියාගේ“අල්ල(ස්) කික්කිට ඉල්ලා අස්වෙන්න කියයි….මාධ්‍ය මෙහෙයුමත් ඇරඹෙයි

ගෝඨාභය සටනට කැන්දවිමේ රනිල් මෙහෙයුම …..

එක්සත් ජාතික පක්ෂයේ තවත් වසර 10කට නායකත්ව වෙනසක් වන්නේ නැත.කෙසේ හෝ ඊළග ජනාධිපතිවරයා ලෙස තමන් පත්විම රනිල්ගේ එකම් සහ අවසාන සිහිනය වි අවසන්.ඒ සදහ තාවකාලිකව ජනාධිපති ධුරය සිරිසේන ලග තැබු රනිල් ගහන ගේම් එක ගැන මේ වනවිට කිසිවෙකුටත් සිතා ගැනිමටවත් නොහැකිය.රනිල් මේ ගේම පටන් ගත්තේ මිට මාස 6කට පමණ පෙරය ඊට ප්‍රධානතම හේතුව වුයේ රෑ ආප්ප කා උදේ තමන්ගේ අපේක්ෂකයා වු සිරිසේන අපහු දවසක දවල්ට බුරියානියක් කා මහින්ද සමග යලි එකතු නොවේ යැයි කාටනම් කිව හැකිදැයි රනිල් පිළේ ප්‍රබලයන් සමග පැවැති සාකච්ඡාවකදි කරළියට එමත් සමගය.

එහිදි අගමැතිවරයා සිය සමාජිකයන් සමග අවධාරණය කළේ තමන්ගේ ඉලක්කය ඊළග ජනාධිපතිවරණය බවත් එහිදි ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයා අනුව් තමන්ගේ ජයග්‍රහණය තහවුරු වන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිගටම දෙකඩව තබා ගැනිම වැදගත් බවයි. ඒ අනුව ඊළඟ ජනාධිපති අපේක්ෂකත්වයට හිටපු ආරක්ෂක ලේකම් ගෝඪාභය රාජපක්ෂ දමා ගතහොත් තමන්ට දිනන එක මහා කජ්ජක් නොවන බවයි රනිල්ගේ මතය වි ඇත්තේ. රනිල් පෙන්වා දි ඇත්තේ 2010 තමන් එම අත්දැකිම සරත් ෆොන්සේකා හරහා අත්විදි බවයි.ඒ සදහා රනිල් වික්‍රමසිංහ මාර්ග කිහිපයක්ම දියත් කළේය.එහී පලමු වැන්න මෛත්‍රී-ගෝඪා රහස් හමුවක් යනුවෙන් තමන්ගේ මඩ බලකායේ සට්ටැම්බියන් යොදවා මාධ්‍ය ප්‍රචාරයක් ලබාදිමයි.

නමුත් පසුගිය ජූලි මාසයේ  31 වැනි දා ගෝධාභය රාජපක්ෂ  හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩගේ මැදිහත් වීමෙන් රහසිගතව සිරිසේන ජනපතිතුමන්ව හමු වූ බවට පලවන පුවත් අසත්‍ය බවත්  ජූලි මාසයේ  31 වෙනිදා ගෝඨාභය රාජපක්ෂ මහතා ලංකාවේ හිටියේ නොමැති බවත් එපමණක් නොව  පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු මල ගෙදරකදි මගුල් ගෙදරකදිවත් මෛත්‍රීපාල සිරිසේන ජනපතිතුමන් හා ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් සිදුවී නැති බවට මාධ්‍ය හරහා ප්‍රසිද්ධ විමත් සමග එම මෙහෙයුම අවුල් වු අතර ඊට මතරව එජාපයේ කුළී මාධ්‍යකරුවන් යොදවා ගනිමින් ගෝඪාභය යන යන තැන දේශපාලනලයට එමට සුදානමක් ඇද්දැයි ප්‍රශ්ණ කරන්නට විය.

එපමනක් නොවේ දේශපාලන ඩීල් ගැසිමේ කූප්‍රකට මාෆියා ව්‍යාපාරිකයෙකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් ගෝඪාභයට ලංකිරිමට උත්සහ ගත් අතර එයද ගෝඨාභයගේ නුවණ හේතුවෙන් වැලකි ගිය අතර ඉන්පසුව රනිල් අහබු අවස්ථාවක් භාවිතා කරමින් ගෝඪාභය මෛත්‍රීට ලංකිරිමට ගේමක් ගැසුවේ ඩඩ්ලි සිරිසේනගේ පුත්‍රයාගේ විවාහ උත්සවය අතරතුරය.විවාහ උත්සවට පැමිනි ගෝඨාභය මුලින්ම අසුන් ගත්තේ ජනපති සිරිසේන හා රනිල් වූ මේසයට බොහෝ දුරිනි. නමුත් ටික වෙලාවකින් ඩඩ්ලි ගෝඨාභය සොයා පැමිණියේය. ගෝඨාභය ජනපති සිටින මේසයට් රැගෙන යාමට ඔහුට අවශ්‍ය වී තිබිණි. නමුත් ගෝඨාභය ඩඩ්ලිගේ ඉල්ලීම් කාරුණිකව ප්‍රතික්ෂේප කලේ එය අනවශ්‍ය කැදහැලියක් බව පවසමිනි. ඔහුගේ පෙරෙත්තය හමුවේ යලි කියා සිටියේ එයා (රනිල් ) සිටින මේසය තමාට නොගැලපෙන බවය. හඩ අවදිකළ ඩඩ්ලි ” ඌ මොන ප…..ක්ද සර් එන්ඩ ” කියා ජනපතිගේ මේසයට රැගෙන ගියේය. උත්සවය අවසන් වූ විගස රනිල් සුපුරුදු ගෝනි සෙල්ලමට බැස්සේය.

රනිල්ගේ ගේම තවම අවසන් නැත….බිම්බා තිලකරත්න, අල්ල(ස්) කික්කි…,මලිත් සමරවික්‍රම තවමත් කුමන්ත්‍රණය අතහැර නැත ගෝඨාභයට විරුද්ධව ප්‍රධාන වශයෙන් ඔප්පු කරගත හැකි සාක්ෂි සහිත නඩු නොදමා නොදමා 2019 වන විට ගෝඨාට නිදහස් වියහැකි ආකාරයේ බොරු  නඩුවක් ගොනු කොට නිදහස් කිරීමේ කුමන්ත්‍රණය මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවති.අල්ලස් කික්කී අද ගේදර ගියත් (තවම නිශ්චිත නැත) මහා බැංකුව ගිල්ල අර්ජුන් මහේන්ද්‍ර අද රනිල්ගේ උපදේශකයෙකු මෙන් කටයුතු කරනු ඇත.මිට අමතරව ගෝඪාභය හිරේ දැමිමෙන් රනිල් තවත් දෙයක් බලාපොරොත්තු වේ.එනම් කෝප් වාර්තාව නිකුත් වීමත් සමඟ තම සහචරයින් වන  අර්ජුන් මහේන්ද්‍ර බේරා ගැනිමට රටේ ජනමනයාගේ මනස හදා ගැනිමය.

ඒ අනුව රනිල් සිතා සිටිනුයේ සිරිසේන නැවත ජනාධිපතිවරණයකට තරග නොකරනු ඇති බවය.තරග කලත් එය රනිල් පන්නයේ අයෙකුට කිසිම වැදගත් කමක් නැත.අනිත් පුද්ගලයා මහින්දය මහින්දට යලිත් ජනාධිපතිවරණයකට තරග කරන්නට බැරි වන ලෙසට රනිල් මග අහුරා අවසන්‍ ය.වෙනත් පොදු අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයකට ඉදිරිපත් කිරිමට ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ ප්‍රගතිශීලින්ට හැකියාව තිබේනු ඇත.එසේ වුවහොත් ඔහු කවරෙකු විය හැකිද?එය රනිල්ට යම් තරමක අනතුරු දායක තත්ත්වයක් උදාකරන්නට සමත් වනු ඇත.

නමුත් ගෝඨාභය රාජපක්ෂ අපේක්ෂකයා ලෙස තල්ලු කර ගැනිම හරහා රනිල් තවත් ගේමක් ගසන්නට සිතාගෙන සිටිනවා විය හැක.රාජපක්ෂලා අතර අසමගිය ඇති කිරිමට එය ඉත්තේකු කර ගැනිමට රනිල් සිතනවාට කිසිදු සැකයක් නැත.එය එසේ වුවහොත් රනිල්ගේ මිෂන් එක හරියනු ඇත.ඒ සදහා ගෝඨාභයගේ කරමතින් ගොස් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය එලියේ ශක්තිමත් වන මහින්ද පිළ විනාශ කිරිමටද රනිල් සමත් විය යුතුය.

මේ අතර එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එජාපයේ රනිල් විරෝධින් ඉලක්ක කර ක්ලේමෝ බොම්බයක් අටවා තබා බ්‍රසල්ස් නුවර බලා යැමට කටයුතු කර ඇති බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා. ඒ අනුව රනිල් පිළේ ප්‍රබලයන් සමග පැවැති හදිසි සාකච්ඡාවේදි පසුගිය දිනකිහිපය තුල ආණ්ඩුව තුල අර්බුදයක් ඇති බවට පෙන්වන ලද නාටකය සමග කලබලයට පත්ව විවිධ ප්‍රකාශයන් කල එජාපයේ රනිල් විරෝධි සජිත් කල්ලියේ පුද්ගලයන් එකිනෙකාගේ රෙදි ගලවා දමා ජනාධිපතිවරයා සමග ගසා ගෙන සිටින කොක්ක ගලවා දැමිම සදහා සියුම් වැඩපිළිවෙළක් දියත් කර ඇති බවයි.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
ජනපති  ප්‍රකාශයට හේතු වී ඇත්තේ බුද්ධි අංශ වාර්තාව


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය (12) දා ‘සත්විරු සංහිඳ’ නිවාස හා ඉඩම් හිමිකම් ප්‍රදානෝත්සවය අමතමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ හිටපු නාවික හමුදාපතිවරුන් අධිකරණයට කැඳවීම සම්බන්ධයෙන් සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයට හේතු වී ඇත්තේ පසුගිය මාස කිහිපයේ දී හමුදා සහ පොලිස් බුද්ධි අංශ වෙතින් ලැබුණු තොරතුරු මත බව දැන ගැනීමට තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීම, හමුදාව තුළ ජනාධිපතිවරයාව අප්‍රසාදයට ලක් කිරීම හා සිවිල් සමාජය තුළ ජනාධිපතිවරයා සම්බන්ධයෙන් තිබෙන ප්‍රතිරූපයට හානි කිරීම යන කාරණා ත්‍රිත්වය පදනම් කරගෙන ඉතා සූක්ෂ්ම දේශපාලන කුමන්ත්‍රණයක් සිදු වන බවට බුද්ධි අංශ තොරතුරු රැස් කරගෙන ඇත.

 රහස් පොලීසිය, මූල්‍ය අපරාධ කොට්ඨාසය සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හරහා විමර්ශනයට ලක් වන පසුගිය රාජපක්ෂ පාලන සමයේ ඇතැම් සිදුවීම් සම්බන්ධයෙන් යම් දේශපාලන න්‍යාය පත්‍රයක් අනුව කටයුතු සිදු වන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් තොරතුරු රැසක් අතැතිව බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම තත්ත්වය මත සාගල රත්නායක මහතා යටතේ තිබෙන නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය එජාපයෙන් ගලවා ශ්‍රීලනිප ඇමැතිවරයකු යටතට පත් කිරීම කෙරෙහි ද ජනාධිපතිවරයාගේ අවධානය යොමුව පවතින බව ද ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි. එමෙන්ම මූල්‍ය අපරාධ කොට්ඨාසය සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා හේතුවෙන් එය අහෝසි කිරීම ද සිදු විය හැකි බවත් එම තොරතුරු මූලාශ්‍ර පෙන්වා දෙයි.

මේ අතර ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති සිදුවීම් ගණනාවක් අතරින් ඔහුට එරෙහිව නඩු පවරනු ලැබූ ඇවන්ට්ගාඩ් සිදුවීම හා එම චෝදනා පිළිබඳ මේ වන විට ආණ්ඩුව තුළ බරපතළ විවාදාත්මක කතා බහක් සිදු වී ඇති බවත් දැන ගැනීමට තිබේ.

ඇවන්ට්ගාඩ් පෞද්ගලික සමාගමට සමුද්‍රාරක්ෂක ව්‍යාපාරය සිදු කිරීම සඳහා අනුමැතිය ලබා දීමෙන් රජයට රුපියල් කෝටි 1140 ක පාඩුවක් සිදු කළාය යන එම චෝදනාව දුර්වල මෙන්ම පදනම් විරහිත බව බැලූ බැල්මටම පෙනෙන්නට තිබෙන බව පසුගිය කාලයෙහි නීති ක්ෂේත්‍රය තුළ ද කතා බහට ලක්ව තිබිණි. බොහෝ විට මෙම නඩු විභාගයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා නිදහස් වී සුදනකු ලෙස දේශපාලන කරළියට පිවිසීමේ අවස්ථාව ද හිමි කරගැනීමට ඉඩකඩ පවතී.

එමෙන්ම මහත් ආන්දෝලනයකට ලක්ව තිබූ මෙම සිදුවීම සම්බන්ධයෙන් රහස් පොලීසිය, බරපතළ අපරාධ පිළිබඳ ජනාධිපති විශේෂ විමර්ශන ඒකකය විසින් විමර්ශන කටයුතු සිදු කරමින් පවතිද්දී අල්ලස් කොමිසම ඉක්මන් වීම ද ගැටලුවක්ව තිබේ. මෙම නඩු පැවරීමට පෙර ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කිරීමට අල්ලස් කොමිසම කටයුතු නොකිරීම ද ජනාධිපතිවරයාගේ විවේචනයට ලක්ව තිබිණි.

සංවේදී ගැටලුවක්ව තිබෙන යුද හමුදා නිලධාරීන්ට එරෙහිව වන චෝදනා සම්බන්ධයෙන් රටටත් ජාත්‍යන්තරයටත් පිළිතුරු බැඳීමට සිදු වන්නේ ජනාධිපතිවරයාටය. එබැවින් ඒ සම්බන්ධයෙන් ඔහු නොදැනුවත්ව සිටීම ගැන ජනාධිපතිවරයාගේ විවේචනයට හේතු වී තිබේ.

ජනාධිපතිවරයා ඇවන්ට්ගාඩ් සිදුවීමට අදාළව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් පවරනු ලැබූ නඩුව සම්බන්ධයෙන් පසුගිය සතියේ පැවැති ආරක්ෂක මණ්ඩල රැස්වීමේ දී ද සාකච්ඡාවට බඳුන් කර තිබිණි. හමුදා ප්‍රධානීන් මෙන්ම රහස් පොලීසියේ හා මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ඉහළ නිලධාරීන් ද සහභාගී වී සිටි මෙම රැස්වීමේ දී මෙම නඩුව පැවරීම කුමන්ත්‍රණකාරී ක්‍රියාවක් බව විය හැකි බව බුද්ධි අංශ තොරතුරු මත පදනම්ව ජනාධිපතිවරයා පෙන්වා දී ඇත. එමෙන්ම පසුගිය අඟහරුවාදා පැවැති ඇමැති මණ්ඩල රැස්වීමේ දී ද මෙම නඩුව පැවරීම ගැන ජනාධිපතිවරයා දෝෂ දර්ශනයට ලක් කර තිබේ. මෙලෙස කුමන්ත්‍රණකාරී ලෙස තවදුරටත් කටයුතු සිදු වන්නේ නම් මෙම සම්මුතිවාදී ආණ්ඩුව පවත්වාගෙන යාමට හැකි නොවනු ඇති බවත් මෙහි දී ජනාධිපතිවරයා අවධාරණය කර ඇත. ලබන සතියේ පැවැත්වෙන ඇමැති මණ්ඩල රැස්වීමේ දී මේ සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් සිදු කෙරෙනු ඇති බව ද දැන ගැනීමට තිබේ.

විශේෂයෙන්ම මෙම සාකච්ඡාවල දී ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව බරපතළ චෝදනා එල්ල වී ඇති සහ එම චෝදනා සනාථ කළ හැකි සාක්ෂි ලැබී ඇති හම්බන්තොට ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ ඉදිකිරීමේ දී රාජ්‍ය දේපළ අවභාවිතය සම්බන්ධයෙන් සහ මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් නඩු පැවරීම සිදු නොකර ඇවන්ට්ගාඩ් සිදුවීම පදනම් කර ගනිමින් දුර්වල නඩු නිමිත්තක් අධිකරණය හමුවට ගෙන ඒම ගැන ජනාධිපතිවරයා කරුණු දක්වා ඇත. එම ඇවන්ට්ගාඩ් සිදුවීම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට නිදොස් වීමේ අවස්ථාව වැඩි බවටත් එම නඩු නිමිත්ත ඉතා දුර්වල බවටත් මෙහි දී කරුණු පෙන්වා දී ඇත. මෙම නඩුව පැවරීම ම ගෝඨාභය රාජපක්ෂ මහතාව නිදොස් කර නිදහස් කිරීම සඳහා ගත් දේශපාලනික කුමන්ත්‍රණයක් විය හැකි බව මීට පෙර විවිධ පාර්ශ්ව පෙන්වා දී තිබිණි.

එමෙන්ම ආරක්ෂක අංශ සාමාජිකයන්ට චෝදනා එල්ල වී ඇති අනෙක් විමර්ශන ප්‍රමාද කරමින් පැවැතීම සහ නඩු නොපවරා කල් මැරීම ගැන ද ජනාධිපතිවරයා සිය විරෝධය පළ කර ඇත්තේ මෙමඟින් ආරක්ෂක අංශ සාමාජිකයන් තුළ සේනාධි නායකයා වන ඔහුව අප්‍රසාදයට ලක් වන බැවිනි. මෙය විපක්ෂ කණ්ඩායම්වලට තමා අපවාදයට ලක් කිරීමට ඉඩ සලසා දීමක් බව ද ජනාධිපතිවරයා පවසා ඇත.

එමෙන්ම එම නඩු විභාගය පවතිද්දි අධිකරණය තුළ දී ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු නාවික හමුදාපතිවරුන්ගේ ඡායාරූප මාධ්‍යවලට නිකුත් කිරීම මඟින් ජනාධිපතිවරයා වෙත අවලාද නැගීමේ ප්‍රචාරක ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මක වූ අතර එය ද එම කුමන්ත්‍රණයේම පියවරක් බවට බුද්ධි අංශ වාර්තා කර ඇත. අධිකරණය තුළ ඡායාරූප ගැනීම ද තහනම් ක්‍රියාවකි.

මෙම නඩුව පැවරීම සම්බන්ධයෙන් පසුගිය දා අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරියගෙන් ජනාධිපතිවරයා කරුණු විමසා ඇතත් ඇය ඊට පිළිතුරු නොදී මඟහැර ගොස් ඇති බවත් දැන ගැනීමට ඇත. කෙසේ නමුත් ඇය මේ වන විට විදේශගතව සිටී. ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් අනතුරුව ඇතැම් මාධ්‍යවල ඇය එම තනතුරින් ඉල්ලා අස්වීමට සූදානම් වන බවට ප්‍රචාරය කිරීම ද මේ වන විට සිදුව ඇති නමුත් එය ද අසත්‍ය ප්‍රචාරයක් බවත් දැන ගැනීමට ඇත. කෙසේ නමුත් ඇය එජාපයේ දේශපාලන වුවමනා මත කටයුතු කරන බවට පසුගිය කාලයේ චෝදනා එ
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
දෙනවා කියූ රැකියා කෝ ? උපාධිධාරින් 30000 ක් අනාථයි ..රට පූරාම විරෝධතා සමුළු !




” රැකියාව අයිතියක් ” සියළු උපාධිධාරීන්ට රැකියා ලබා දෙන ලෙස බලකරමින් පළාත් මට්ටමින් සමුළු ගණනාවක් පැවැත්වීමට , ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරි සංගමය තීරණය කර තිබෙනවා . මෙම අවස්ථාවන් සදහා ඒකාබද්ධ ගුරු සේවා සංගමය , අන්තර් විශ්ව විද්‍යාලිය ශිෂ්‍ය බල මණ්ඩලය , අන්තර් විශ්ව විද්‍යාලීය භික්ෂු බල මණ්ඩලය සහ කම්කරු අරගල මධ්‍යස්ථානයද සම්බන්ධ වේ .
2012 අප්‍රේල් මාසයේ සිට අද දක්වා රැකියා විරහිතව උපාධිධාරීන් 30000 කට ආසන්න ප්‍රමාණයක් සිටින බව පෙන්වා දෙන එම සංගමය වැඩිදුරටත් සදහන් කලේ , අවස්ථා ගණනාවකදී උපාධිධාරීන්ට රැකියා ලබා දෙන වැඩපිළිවෙලක් සකස් කරන ලෙස ඉල්ලමින් සාකච්ඡා මෙන්ම විරෝධතා ව්‍යාපාර පැවැත්වුවද අද වන තුරු ඒ සදහා රජයෙන් සාර්ථක පිළිතුරක් ලැබී නැති බවයි.

මේ වන විට ගුරු පුරප්පාඩු 32000 ක් පවතින බවට අග්‍රාමාත්‍යවරයා සහ අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති බවත් , එවන් තත්වයක් තිබියදී තවමත් උපාධිධාරීන්ට රැකියා නොදෙන්නේ ඇයි දැයි එම සංගමය රජයෙන් ප්‍රශ්න කර සිටී .
පුරප්පාඩු විශාල ප්‍රමාණයක් තිබියදී රජය විසින් 
උපාධිධාරීන්ට රැකියා  ලබා නොදීමට එරෙහිව , පළාත් මට්ටමින් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කරන බවයි එම සංගමය වැඩිදුරටත් සදහන් කලේ .
ඒ අනුව දකුණු පළාත් සභා සමුළුව -ලබන 09 වනදා මාතර තැපැල් කාර්යාල ශ්‍රවණාගාරයේදී ,නැගෙනහිර පළාත් සමුළුව 12 වනදා මඩකලපුවේදී , 15 වන දින සමගරගමුව පළාත් සමුළුව කෑගල්ලේදීත් පැවැත්වීමට නියමිතයි. උතුරු පළාත් සමුළුව 22 වන දින යාපනයේදීත් , වයඹ පළාත් සමුළුව 29 වනදා කුරුණෑගලදීත් ,මධ්‍යම පළාත් සමුළුව 30 වනදා නුවරදීත් පැවැත්වෙන බව , ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය වැඩිදුරටත් සදහන් කලා.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
ශ්‍රිලනිප මළගම අතලගයි…මෛත්‍රී පිළ ආප්ප සිරා අත්හරි..මහින්දට ඇමතුම් ගලා එයි



දිනෙන් දින කඩාවැටෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල තමන් ඇතුලු කණ්ඩායම සිටින්නේ දැඩි කලකිරිමකින් බවත් ශ්‍රීලනීපය බේරා ගැනිම සදහා හැකි ඉක්මණින් පියවරක් ගැනීම සිදු නොකළහොත් , ශ්‍රිලනිප මළගම උදා වන බව මෛත්‍රී පිළේ බත් බැලයෙකුව සිටින ශ්‍රීලනීප ප්‍රබලයන් කිහිප දෙනෙකුම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට දුරකථන ඇමතුම් ලබාදෙමින් පවසා ඇති බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

සමූපකාර ඡන්දයක්වත් ජයග්‍රහණය කිරීමට නොහැකි නිකමෙකු ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරය හෙබවීම සම්බන්ධයෙන් දැඩි ලෙස කලකිරිමට ලක්ව ඇති පිරිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැරෂුට් මහා ලේකම් දුමින්ද දිසානායකගෙද පට්ටන්දරය දිගහැර බැණවැදි තිබේ.

සිරිසේන ජනාධිපතිවරයාගේ අම්මා මුත්තා මතක් කරමින් “ආප්ප සිරාට සමූපකාර ඡන්දයක්වත් ” ජයග්‍රහණය කල නොහැකි බවත් හෙට අනිද්දා වනවිට එක්සත් ජාතික පක්ෂයට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සින්න විම නතර කිරිමට කිසිදු ජගතෙකුට හැකියාවක් නැති බවටද කරුණු දක්වා තිබේ.

ඉතිහාසයේ කිසිම දිනක සිදු නොවුණ ලෙස ශ්‍රිලනිපය දියාරූ වෙමින් පවතින බවත් මෛත්‍රිපාලට ජනතාව විසින් සිදු කරන ශාපයක් පක්ෂය වෙතද එල්ලවීම නිසා මෙසේ සිදුව ඇතිද යන්න පක්ෂ ප්‍රබලයන් වැඩිදුරටත් පවසා තිබෙනවා . මේ තත්වය ඉවසා ගැනීමට නොහැකිව ශ්‍රිලනිප ප්‍රබලයන් කිහිප දෙනෙකුම මහින්ද රාජපක්ෂ හා එක්වීමටද තීරණය කර ඇතැයි දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි .

මේ වන විට අම්බලන්ගොඩ , නාත්තණ්ඩිය , මාදම්පේ , කුලියාපිටිය ඇතුළු මැතිවරණ කොට්ඨාශ රැසක , සමූපකාර නිළවරණය පවත්වා ඇති අතර එහිදි මෛත්‍රිපාල සිරිසේන නියෝජන කල කණ්ඩායම අන්ත පරාජයක් හිමි කර ගනු ලැබුවා .සමූපකාර නිලවරණයක්වත් ජය ගැනීමට මෛත්‍රිපාලට නොහැකි නම් ඔහු ශ්‍රිලනිපයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවට ශ්‍රිලනිප ප්‍රබලයන් ප්‍රකාශ කර ඇත .

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

මහින්දව පාර්ලිමේන්තු මන්ත්‍රි කමින් එලවා දැමීමේ සැලසුමක් !



      


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි ධූරයෙන් පන්නා දැමීමේ සැලසුමක් ක්‍රියාත්මක බව ,පළාත් සභ මන්ත්‍රි සංසදය අනාවරණය කරනවා .අද (03) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔවුන් මේ බව සදහන් කලා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන බස්නාහිර පළාත් සභා මන්ත්‍රි ලලිත් එල්ලාවල පැවසුවේ , හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ශාන්ත බණ්ඩාර නව පක්ෂය හැකිනම් බිහි කරන ලෙසට හිටපු ජනාධිපතිවරයාට අභියෝග කර ඇති බවයි .මන්ත්‍රිවරයාට මේ පවතින්නේ පහත් ආශාවක් බවයි ඔහු සදහන් කලේ .

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරයා ,

දැන් ඔය ශාන්ත බණ්ඩාරට තියෙන්නේ මහ කැත ආශාවක් .එයාට ඕන මහින්ද මහත්තයා අළුත් පක්ෂයක් හදලා මෙතනින් ගියොත් මහින්ද මහත්තයාගේ මන්ත්‍රිකම එයාට ගන්න. ඔය කැත ආශාවන් ඉටු වෙන්න අපි ඉඩ දෙන්නේ නෑ . රටේ ජනතාවට මෙවැනි පහත් ආශාවක් නෑ . රට බේර ගත්ත නායකයාව ඉල්ලන්නේ අපි නෙමේ මේ රටේ ජනතාව .අන්න ඒක ඔය ශාන්ත බණ්ඩාරලා දැන ගන්න .




මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network