Showing posts with label ආර්තික. Show all posts
සමස්ථ ආර්ථිකය භයානක අඩියකට.. ආයෝජකයින් බියවෙති… ‘ජෝන් කීල්ස්’ කොටස් පවා නොවිකිණී වේලෙති..



‘ලංකාවේ ප්‍රධානතම සමාගමක් වන ජෝන් කීල්ස් විසින් ඔහුගේ සංවර්ධන කටයුතුවලට අවශ්‍ය රුපියල් බිලියන දහයක් ප්‍රාග්ධනය ලබාගැනිමට අවශ්‍ය කොටස් අලෙවි කිරීමට ඉදිරිපත් කලා. එත් ඉතිහාසයේ පලමුවරට එම සමාගමට අලෙවි කර ගැනිමට හැකි වුනේ රුපියල් බිලියන 3 ක වටිනාකම ඇති කොටස් පමණයි. ඒ කියන්නේ 30%යි. මහින්ද රාජපක්ෂ යුගයේදි නම් අලෙවි දිනයට පෙර අලෙවි වෙනවා පමණක් නෙවි ඉල්ලුම් 200% යි. මේක තමා අද රටේ ආර්ථික තත්ත්වය. ආයෝජන කෙරෙහි රටේ ජනතාවගේ මෙන්ම විදේශීකයින්ගේ විශ්වාසය බිදවැටිලා. ආයෝජකයින් බයවෙලා මොන පැත්තෙන් ඔහුන්ට බදු දමාවිද යන්න. අද වන විට රජයට නිසි සැල්ස්මක් නැහ. අයවැය හදනකොට හැමෝම අයිතිකාරයෝ එය ක්‍රියාත්මකවෙලා. ජනතාවට පිඩා වෙන කොට සියල්ලම මුදල් අමාත්‍යවරයාගේ කර පිටෙන්, සමහරු ඒ බව දැනගත්තා කියන්නෙ පත්තරෙන්. මහින්ද රාජපක්ෂ යුගය සෑම අතින්ම සාර්ථක යුගයක්’ යයි 2017 අයවැය සම්බන්ධයෙන් කරුණු දක්වමින් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ ව්‍යවසාකයින්ගේ හමුවකදි පැවසීය.

2005දි මහින්ද රාජපක්ෂ රටේ ජනාධිපති වශයෙන් රාජකාරි ආරම්භ කරමින් හිටපු පාලකයින්ට දොස් කියමින් හෝ සිදු වූ වැරදි ගැන සොයමින් කාලය විනාශ නොකළ අතර දිවුරුම් දී පලවෙනි සතියේදීම යුද්ධය සම්බන්ධයෙන් ඉතා වටිනා තීරණය කිහිපයක්ම ගන්නා ලදි.

පලමුව දක්ෂයින් ගෙන් සමන්විත අමාත්‍ය මණ්ඩලයක් පත්කරගත් අතර අති දක්ෂ නිලධාරින් පිරිසක් අමාත්‍යාංශ ලේකම්වරුන් සහ ආයතනවල ප්‍රධානින් ලෙස පත් කරගෙන රටේ දැවෙන ප්‍රශ්න විසදීම ආරම්භ කලා. මුදල් අමාත්‍යාංශය හා මහා බැංකුවට ඉතාම ඉහළින් පරිපාලන කිරීමට අවශ්‍ය නිලධාරින් පත්කොට ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් ලෙසත්, එවකට පැවති රජය විසින් විශ්‍රාම ගැන්වීමට ඔන්න මෙන්න කියා තිබු මෙන්ම කිසිදිනක රටේ යුද හමුදාපති වීමේ අවස්ථාව අහිමිව තිබු ලෙෆ්ටිනට් ජෙනරාල් සරත් ෆොන්සේකා 2005 දෙසැම්බර් 6 දින යුදහමුදාපති ලෙසත් පත් කලේය.

පැවති එක්සත් ජාතික පක්ෂ රජය මෙන්ම චන්ද්‍රිකා බණ්ඩාරනායක රජයන් විසින් ඒ වන විටත් තරගෙට මෙන් රටේ තිබු සම්පත් කුණු කොල්ලයට විකුණා දමා තිබුණ අතර රටේ සමස්ථ දේශීය හා විදේශීය ණය ප්‍රමාණය වාර්ෂික දල ජාතික නිෂ්පාදනයෙන් 106% දක්වා ඉහළ ගොස් තිබුණි. රටේ ඒක පුද්ගල ආදායම ඇ. ඩොලර් 1241 කි. රටේ බැලු බැලු අත බෝම්බ පිපිරෙමින් සෑම ජනකොටසකගේම ජීවිතවලට මරණ බිය ඇතුළු වූ යුගයක සෑම අංශයක්ම තුල බලාපොරොත්තු සුන් වී අද හෝ හෙට රට දෙකඩ වී ඊලම් රාජ්‍යයක් බිහිවන බවට ජනතාව මෙන්ම සමහර මිත්‍ර රටවල්ද අනාවැකි පලකලහ.

එහෙත් රටේ ජනතාව අවශ්‍ය අරමුණ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නිවැරදිව හඳුනාගෙන එක වැඩි ඡන්දයක් පාර්ලිමේන්තුවේ ඇතිව ආරම්භ කරපු වැඩපිළිවෙළ ඉතා සාර්ථකව නිම කිරිමට හැකි වු බව අද වෙන කොට රටේ ජනතාව හොදින් තේරුම් ගෙන තිබෙනවා. එවන් අති දුෂ්කර පරිච්ඡේදයක් නිමකොට රටේ සෑම තැනකම සාමය උදාකොට නැවතත් දකුණේ ජනතාවට හීනයක්ව පැවති උතුරට දුම්රියෙන් ගොස් නාගදිපය වැදපුදා ගැනුමේ අවස්ථාවත්, උතුරේ ජනතාවට මාතරට සීග්‍රගාමි දුම්රියෙන් ගොස් කතරගම වැද පුදා ගැනිමට අවස්ථාවත් මහින්ද ජනාධිපතිතුමා උදාකර දුන් බව බැසිල් රාජපක්ෂ පැවසිය.

අද වනවිට රටේ සමස්ථ ණය බර ඉහළ ගොස් පොලී අනුපාතය එදා තිබුණාට වඩා දෙගුණයකින් වැඩි වී ඇති අතර ගමේ කුඩා ආර්ථිකයේ සිට මහා පරිමාණ සමාගම් දක්වා මෙහි අහිතකර ප්‍රතිඵල භුක්ති විදීමට සිදු වී ඇති බැව් පැහැදිලිව පෙනෙන්නට ඇත. අද ගමේ බඩ ඉරුගු ගොවිතැන සම්පූර්ණයෙන්ම කඩා වැටිලා මෙවර වී ගොවිතැන පොහොර සහ කෘමිනාශක ගැටලු නිසා අවහිර වෙලා ගමේ සුළු වෙළෙදාම් කරන ව්‍යයාපාරිකයා සිට සුළු කර්මාන්ත කරුවාගේ පටන් නොයෙකුත් බදු, ඉදිකිරීම් කර්මාන්තය අඩාලයි. සංචාරක කර්මාන්තයට කිසිදා නොවු විරු අයුරින් බදු ගහලා. රටේ ජනතාවට දෙන සහනාධාර කප්පාදුවට ලක්කරලා. රටේ බිහිසුනු යුද්ධයක් තිබූන අවස්ථාවෙත් මෙහෙම වුනේ නැහ.

අපි රටේ සමස්ථ ණය බර දල ජාතික නිෂ්පාදනයෙන්106% තිබු ප්‍රමාණය 2014 වනවිට 71% දක්වා අඩු කලා. රටේ 21% කටත් වඩා වැඩි තිබු පොලි අනුපාතය 7% දක්වා අඩු කලා. වසර 10ක් තුලදි රටේ ඒක පුද්ගල ආදායම ඇ. ඩොලර් 2981 දක්වා වැඩි කලා පමණක් නෙවී රටේ බැලු බැලු අත සංවර්ධනය ව්‍යායපාර මෙන්ම පලමු අධිවේග මාර්ග පද්ධතිය හා නොකඩවා පැය 24 පුරා විදුලිය සපයන දකුණු ආසියාවේ එකම රට බවට ශ්‍රීලංකාව පත්කලා’ යැයි හිටපු අමාත්‍යවරයා පවසන ලදි.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
අය වැයෙන් වාහන මිල අඩු වැඩි වුණ හැටි මෙන්න බලන්න





අය වැය බදු සංශෝධනවලට අනුව රථ වාහන වර්ග කිහිපයක මිලෙහි වෙනස්කම් සිදුව ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

එහි සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා ප්‍රකාශ කළේ එන්ජින් ධාරිතාව දහස දක්වා වන පෙට්‍රල් මෝටර් රථ සඳහා ඒකක බද්ද 250කින් ඉහළ නංවා ඇති බවයි.

ඒ අනුව මරුටි වර්ගයේ මෝටර් රථයක් රුපියල් ලක්ෂ දෙකකින් පමණ ඉහළ යනු ඇත.

එච්.එස් 1800 – 2000 කාණ්ඩයට අයත් හයිබ්‍රිඩ් මෝටර් රථ සඳහා ඒකක බද්ද රුපියල් 500කින් ඉහළ නංවා  ඇති අතර ඒ හේතුවෙන් එක්සෙල් වර්ගයේ මෝටර් රථයක් රුපියල් ලක්ෂ 10කින් පමණ මිල ඉහළ යන බව ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා සඳහන් කළේය.

විද්‍යුත් මෝටර් රථ සඳහා අය කරන බදු පහළ හෙලීම හේතුවෙන් ලීෆ් වර්ගයේ මෝටර් රථයක් රුපියල් ලක්ෂ 03ත් 04ත් අතර ප්‍රමාණයකින් මිල අඩු වනු ඇත.

ද්විත්ව කාර්යය වාහන සඳහා බදු ප්‍රතිශතය පහත දමා ඇති නමුත් එවැනි වාහන සඳහා රුපියල් ලක්ෂ 45ක අවම බද්දක් හඳුන්වා දී තිබේ.

ඒ අනුව හයිඑස් වර්ගයේ වෑන්  රථයක අවම මිල රුපියල් ලක්ෂ 45ක් පමණ දක්වා අඩු වනු ඇති බව ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා ප්‍රකාශ කළේය.

ඩබල්කැබ් රථ සඳහා ද සියයට 50ක අවම බද්දක් හඳුන්වාදී තිබේ.

එන්ජින් ධාරිතාව දහසට අඩු කුඩා ලොරි රථ සඳහා අවම බද්ද රුපියල් ලක්ෂ 10ක් පමණ වෙයි.

ටොන් 05ත් 20ත් අතර ලොරි සඳහා අවුරුදු 05 කාලසිමාව  අවුරුදු 10ක් දක්වා ඉහළ නංවා තිබේ.

ත්‍රි රෝද රථ සඳහා බදු සංශෝධන හේතුවෙන් රුපියල් පනස් දහසකින් පමණ මිල ඉහළ යා හැකි බව ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා ප්‍රකාශ කළේය.

Hs Code Percentage 2017 Budget by deranapics on Scribd

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
විජය රජුගේ සිට ජනපති මෛත‍්‍රී දක්වා ලංකාව ගත් සියළු ණයවලින් 20%ක් ගෙන ඇත්තේ යහපාලන මාස 22කදී… මුදල් අමාත්‍යංශයට සගවනු බැරි ඇත්ත මෙන්න 



ශ්‍රී ලංකාව 2014 දෙසැම්බර් 31 දිනට ලබාගත් සම්පූර්ණ ණය රුපියල් බිලියන 7391කි. මෙය ශ්‍රීලංකාව 1948 නිදහස ලබාගත් දින සිට 2014 දෙසැම්බර් 31 දින දක්වා ලබාගත් දෙශිය විදේශිය ණය වල ගෙවිය යුතු ශේෂයයි.

මෙසේ ලබාගත් ණය රටේ සංවර්ධනයට එනම් ඩී එස් යුගයේ ගල්ඔය ව්‍යපාරයේ සිට වික්ටෝරියා, රන්දෙණිගල, මාදුරුඔය, වලවේ, නොරොච්චෝලේ දකුණු අධිවේගය හම්බන්තොට වරාය මත්තල ගුවන්තොටුපල, ඉහල කොත්මලේ, කටුනායක එක්ස්ප්‍රස්වේ, ඇතුළු සියලු සoවර්ධන කටයුතුද මෙන්ම රටේ සහනාධාර සඳහා එනම් ඩඩ්ලිගේ නිකං හාල සේරුවේ සිට ඇට අටක් දීම , ජනසවිය උදාගම්, සමුර්දිය , තුනයි පනහට පාන් , පාසල් නිල ඇදුම්, පොහොර රුපියල් 350ට සහ විශේෂයෙන්ම තිස් වසරක් මෙරටේ තිබු දරුණුතම ත්‍රස්තවාදී යුද්ධයද නිමකිරීම හා රාජ්‍ය සේවය ලක්ෂ 6 සිට ලක්ෂ 15 දක්වා වැඩිකිරිම් ඇතුළු සියල්ලද ඇතුලත්වයි.

එහෙත් මෛත්‍රී-රනිල් සම්මුති ආණ්ඩුව අද වන විට මාස 22ක් ගතවී ඇතත් එම සමස්ථ ණය ප්‍රමාණය අඩුකොට නොමැති බවත් එම ප්‍රමාණය තිබුණාට වඩා මේ වනවිට රුපියල් බිලියන 9200 ක් ද ඉහල ගොස් ඇති බවත් මුදල් අමාත්‍යාංශයේ වෙබ් පිටුවේ රාජ්‍ය ණය පිටුව පරීක්ෂා කිරිමෙන් 2016 දෙවන කාර්තුවේ අවසානයේ එනම් 2016 ජුනි 30 දිනට බිලියන 9062 ලෙස සදහන් කොට ඇත. ඒ අනුව මාස 18 ක් සඳහා බිලියන 1671 දැවැන්ත ප්‍රමානයකින් සමස්ථ ණය වැඩී වී ඇති අතර එහි සඳහන් නොවුවද තුන්වන කාර්තුව අවසන් වන විට එම ප්‍රමානය බිලියන 9200 දක්වා ඉහල ගොස් ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි. ඇත්ත වශයෙන් රජයට මීට වඩා ණය අවශ්‍ය වුවත් එය මේ වනවිට උපරිම සීමාවට පැමිණ ඇති බැවින් රජයට ණය ලබාගැනිමට නොහැකි වී ඇත.

මහින්ද රාජපක්ෂ යුගයේ ණය ගෙවීමට යයි කියා මේ රජය ණය ලබාගත් බව නිතරම මුදල් අමාත්‍යවරයා ඇතුළු රජයේ පාර්ශවයන් කිව්වත් එසේ එම යුගයේ අවසාන කාර්තුව එනම් 2014 දෙසැම්බර් 31 දිනට තිබූ සමස්ථ ණය ප්‍රමානය වන බිලියන 7391 ක [එනම් 1948 සිට 2014 දෙසැම්බර් 31 දින දක්වා] ප්‍රමාණයේ අඩුවක් අද වනවිට මුදල් අමාත්‍යාංශයේ දත්ත අනුව දැක ගැනීමට නොහැකිය. ඒ වෙනුවට අද මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ණය වශයෙන් 2016 ජුනි 30 වෙනි දිනට එනම් 2106 වර්ෂයේ 2 වෙනි කාරතුව අවසානයේ දේශිය හා විදේශීය සමස්ථ ණය ප්‍රමාණය රුපියල් බිලියන 9062 ක් ලෙස වැඩි වී ඇති බැව් වාර්තා කොට ඇත.

ඒ අනුව 2014 දෙසැම්බර් 31 දිනට ලබාගත් සම්පූර්ණ ණය රුපියල් බිලියන 7391 ට වඩා 25%කින් වැඩි වීමකි. එහෙත් මෙතෙක් දුන් අමුතු සහනාධාරයක් නැත, අලුතින් හදන අධිවේගි මාර්ග නැත. ජනතාවට බදු පිට බදු ගහන යුගයක් උදාවි ඇත. එමෙන්ම ලබන වසරේ අයවැයෙන් වෙනදාට වඩා අධ්‍යාපනිය කෘෂිකර්මය ග්‍රාමීය සංවර්ධනයට මෙන්ම රටේ සංවර්ධනයට ඉතා අඩු මුදලක් වෙන්කොට ඇත.

ප්‍රාදේශිය සංවර්ධනය කියා වෙනම අමාත්‍යාංශයක් බිහිකිරීමේ අරමුණ තවමත් පැහැදිලි නැත. මන්ද එහි අමාත්‍යවරයා වන ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සඳහා ලබන වසර සඳහා වෙන්කොට ඇත්තේ සංවර්ධනයට රුපියල් මිලියන 125 කි. ඔහුගේ වියදම් සඳහා මිලියන 475ක්ද එකතුව මිලියන 600කි. මෙය මේ වසරේ අගමැතිවරයාගේ වාහන සඳහා වෙන් කල මුදල එම අමාත්‍යාංශයේ සංවර්ධනයට වෙන කල මුදලට වඩා වැඩිය.


මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
තක්සේරු මිල වැඩිවීමෙන් වෙසල්, ප්‍රීමියර් මිල ඉහළට



හොන්ඩා වෙසල් සහ ටොයෝටා ප්‍රීමියර් යන වාහනවල තක්සේරු (Valuation) මිල ගණන් මේ වන විට සංශෝධන වී ඇති බවත් ඒ අනුව ලක්ෂ 3-4 දක්වා ඒවායේ ආනයනික තීරුබදුවල වැඩිවීමක් සිදුව ඇති බවත් ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා අද දෙරණ Biz සමඟ පැවසීය.

මෙම වාහනවල මාදිලි‍ය (Model) වෙනස් වූ විට එහි තක්සේරු මිල සටහන් වීම වෙනස් වී ඇති බව වැඩිදුරටත් පැවසූ ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා අද දෙරණ Biz සමඟ මෙසේ කරුණු දැක්වීය.

“වාහනවල වටිනාකම ගන්නේ අදාළ නිෂ්පාදකයාගේ වෙබ් සයිට් එකේ තියෙන මිලෙන් අපනයනයේ දී ඒ ඒ රටට තියෙන තිබෙන බදු අයින් කරලා. ලංකාවට ආවම ඒ වටිනාකම තමයි ගන්නේ බදු ගණනය කරන්න. පසුගිය දින කිහිපයේ දී ටොයෝටා ඇලියොන්, ප්‍රීමියර් හා හොන්ඩා වෙසෙල් යන මෝටර් රථ මාදිලිවල තක්සේකරු වටිනාකම් වෙනස් වුණා.“

“මෙහිදී එක් එක් මොඩ්ල් කාණ්ඩයකම, එහි නිමැවුමේ වෙනසක් සිදු කෙරුණු නිසා අලුත් වාහන මාදිලියේ මිල වැඩි කරන්න නිෂ්පාදකයින් පියවර ගෙන තිබෙනවා. මෙහිදී සිදුවන දේ තමයි අලුත් සහ පැරණි වාහන මාදිලි දෙකම එකම කාණ්ඩය යටතේ තිබෙන බැවින්, පැරණි මාදිලියේ වාහනයක් ආනයනය කළ ද එහි වටිනාකම තක්සේරු කිරීම ද අලුත් මාදිලියේ මිලට අනුව සිදුකිරීම.“

“අලුත් වාහනය ජපන් යෙන්වලින් ලක්ෂ 2 කට ආසන්න ගණනක් වැඩිවෙලා තියෙනවා. ඒකට සමාමීව ප්‍රීමියර් කාර් එකේ ලක්ෂ 4 ක පමණ බදු වැඩිවීමක් සිදුවෙලා තියෙනවා. වෙසල් මාදිලියේ මිල ගණන් ලක්ෂ 2 – 2 ½ ත් අතර මිලකින් වැඩිවෙල තිබෙනවා.“

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ, ආනයනික වාහනවල මාදිලිය අලුත් වීම තුළ ඒවායේ තක්සේරු මිල ගණන්වල ද සංශෝධනයක් සිදුවන බවත්, කෙසේ වෙතත් රේගුව විසින් මේවා තක්සේරු කිරීමේ දී එකම කාණ්ඩයක් යටතේ තක්සේරු කරන නිසා එම කාණ්ඩයේ පැරණි මාදිලියේ වාහනයකට වුවද අලුත් මාදිලියේ වාහනයක් තක්සේරු කිරීමේ දී පදනම් කර ගත් මිල අදාළ කරගැනීම තුළ මෙම මිල ඉහළ යාම සිදුව ඇති බවයි.
එසේම ඉදිරියේ දී තවත් මෙවැනිම වාහන කිහිපයක තක්සේරු මිල ගණන් ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා රේගුව විසින් තමන් වෙත දැනුම් දී ඇති බවද ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය. මෙම තත්ත්වය තුළ ඉදිරියේ දී වාහන ආනයනය තවදුරටත් සීමා වීම නොවැලැක්විය හැකිවනු බව ද ඔහු පැවසීය.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
බුද්ධි නිලදාරින් වෙන්දේසි කර රාජ්‍ය ආදායම් ලැබිම හෙවත් සිංහලයා සූරාකන ආන්ඩුවේ මරක්කල ආර්තිය 


සාමාන්‍යයෙන් මේ දේශපාලන ක්‍රමය ක්‍රියාත්මක වන රට මොක වුනත් ඒ ක්‍රමය දන්නේ බදු වලින් ජීවත් වන්නටය. සුද්දා බලු බද්දක්ද ගත්තේ ඒකය. කලු සුද්දෝ දුප්පත් මිනිහාගේ ද පෝස්ත් මිනිහාගේද කන පතින් අය කරති. ඒ අමන රාජ්‍ය ආදායම් ලැබීමේ කලාවට වඩා සුදුදු වචනය බදු ගැසීම නොව..ගිනී කනවා යැයි කීමය. මන්ද එසේ ගන්නා බදු වලින් කරන වැඩ සියල්ල උන්ගේ පරවේනියට ලියා බෝඩ් ගසා ගැනීමටද, කිසිදු නිෂ්පාදන ක්‍රියාවකට දායක නොවෙමින් රට කන කාලකන්නින් රැලක් වන දේශපාලුවන් නඩත්තු කිරීමටද ඒ බදු මුදල් භාවිත කරන නිසාමය!
බදු ආදායම නැත්නම් ආන්ඩුව දඩ වැඩි කරයි. ඒ කළ නොකල වැරදි වලට දඩ ගසා රාජ්‍ය ආදායම වැඩි කරගැනීමටය. මේ සියල්ල දරන්නේ අඩු වැඩි වශයෙන් පොඩි මිනිහාය. අප කියන්නට යන්නේ මේ සියල්ලට වඩා හාත්පසින්ම වෙනස්ම කතාවකි. 
මෙය මරක්කල ආර්ථික උපක්‍රමයකි. ඒ මිනිසුන් එය සාර්ථකව අත්හදා බලන්නේ සිංහල බෞද්ධයන්ගේ හරක් මිලට ගෙන සිංහල (බත්කන) ගොන්නුන්ටම වෙන්දේසි කිරීමෙනි. (මේ අදහස මරණයට කැපවූ ගවයන් නිදහස් කිරීමේ උතුම් පුණ්‍යකර්මය අවතක්සේරු කිරීමේ වෑයමක් නොවේ. එය මහඟු පින්කමකි)

සිදුවන්නේ කුමක්ද? රුපියල් පන්දාහට මිලට ගන්නා ගවයා  සිංහල බොදුනුවන්ගේ,  මරණයට කැපවූ සත්ත්වයා නිදහස් කිරීමේ පින් සිත ළග ඉතා වැඩි මුදලකට වෙන්දේසි කිරීමය. ශූර මරක්කල මුදලාලිලා කරන්නේ ඒ ලාභයෙන් වැඩි වැඩියෙන් ගවයන් මිලට ගෙන වැඩි වැඩියෙන් ආදායම් ලැබීමය. 

කලකට ඉහතදී ත්‍රස්තවාදීන් මර්ධනය කළ ‘වරදට‘ සිපිරිගෙයි ලූ මේජර්වරයකු නිදහස් කිරීම පිනිස රුපියල් ලක්ෂ විස්සක (අපට මතක හැටියට) දඩයක් නියම කෙරිනි. ඇමරිකාවේ නම් එවැනි නිලධාරීන්ට පදක්කම් ලබාදේ. ඉහත මරණයට කැපවූ ගවයා ගැන සිද්ධියේදි මෙන් මෙතැනදී අවදිවන්නේ සිංහල ජාතිමාමක සිත්ය. සැබෑ ජාති මාමකයන් එක්ව ඒ මුදල එක්කාසු කළහ. දඩය ගෙවූහ. මේ කටයුත්ත දෙස බලා සිටින රට කරවන උන්නැහේලා සිදු කරන්නේ කුමක්ද?
රිමාන්ඩ් බාරයේ සිටින බුද්ධි අංශ හෝ වෙනත් හමුදා නිලධාරීන් නිදහස් කිරීම පිනිස වැඩි ලංසුවක් තිබීමය. රුපියල් බිලයන ගණනක් වංචා කල ඇත්තන්ට රුපියල් ලක්ෂ හතරක දඩයක් නියම කරන නීතියේ කන්‍යාවිය අභූත චෝදනා ඔප්පුකරගත නොහැකිව සිරගත කර සිටින බුද්ධි නිලධාරීන්ට ලක්ෂ දහයේ පහලොවේ ඇප නියම කරන්නේය. දේශමාමක සිංහලයන් සතය සතය හෝ එකතු කර ඒ මුදල ගෙවන බව දන්නා රට කරවන ඇත්තන්ගේ මේ උපාය හා මරක්කල මුදලාලිලාගේ ගවයන් වෙන්දේසිය කෙතරම් සමාන්තරද? 

රටේ ස්වෛරීත්වය වෙනුවෙන් වැඩිපුර බඩගින්නේ සිටියේ දුප්පතා මිස පෝසතා නොවේ. රටේ ස්වෛරීත්වය වෙනුවෙන් දිවි දුන් සෙබලාගේ සිට මායිම් ගම්මානයක මිය ගිය බිළිඳා දක්වා බොහෝ දෙනාද දුප්පත් සිංහලයන්ය. එහෙයින් සමස්ථ ත්‍රිවිධ හමුදාවටම වුව ඇප දෙන්නට වූ දිනක තම දිළිඳු දියනියකගේ කන්ත පෙත්තක ඇති තබක්ක තෝඩු දෙක ගලවා කරපිංචා නැට්ටක් ගසන තැන සිට තමන්ගේ ශරීරාවයව විකුනා හෝ සිංහල වීරයන් රැකගැනීමට සිංහලයෝ පසුබට නොවෙති. එහෙත් මේ කරන්නාවූ අත්‍යාචාරයන්ට වසල පාලක රොත්තට අත්වන ශාපය නම් අතිමහත්ය.පරම්පරා ගණනාවක් තිස්සේ පුපුරු ගසමින් පටිසන් දෙන බව නම් සත්‍යය!
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
බැදුම්කර බෑණා බැංකුවක් සල්ලිවලට ගන්න යයි.. දැනටමත් මුල් කොටස් හිමියන් අතරේ



බැඳුම්කර මගඩිය සම්බන්ධයෙන් සෘජු චෝදනා එල්ල වී ඇති මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණා අර්ජුන් ඇලෝෂියස්ගේ සමාගම වන පර්පෙචුවෙල් ට්‍රෂරීස් සමාගම එන්.ඞී.බී. බැංකුවේ කොටස් විශාළ ප‍්‍රමාණයක් මිලට ගෙන තිබේ.

එම බැංකුව විසින් නිකුත් කර ඇති බැංකුවේ ප්‍රධාන කොටස් කරුවන්ගේ ලේඛනයේ ඒ බව දැක්වෙයි.

බැංකුවේ කොටස්ලින් 3.7% හෙවත් කොටස් මිලියන 6.2 කට අධික ප්‍රමාණයක් පර්පෙචුවෙල් ෙට්‍රෂරීස් සමාගම මිලදී ගෙන ඇති අතර දෙවැනි කාර්තුවේදී බැංකුව නිකුත් කල කොටස් හිමි ලේඛණයේ මුල් 20 දෙනා අතර පර්පෙචුවෙල් ෙට්‍රෂරීස් සමාගම තිබුනේ නැත.

මේ අතර විපක්‍ෂයෙන් චෝදනා එල්ල වන්නේ බැදුම්කර මගඩියෙන් රටට මේ වන විට වූ අලාභය මත්තල ගුවන් තොටුපල හදන්නට ගිය මුදලෙන් බාගයක් බවයි.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
සගවනු බැරි ඇත්ත මෙන්න.. බොරතෙල් ඩොලර් 40යි.. මහින්ද යුගයේ 130වූ ඩොලරය 150 පැන්න හැටි මහ බැංකු වාර්තාවෙන් එලියට පනී..



ඉදිරියේදී ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් කෘතීමව නවතා දැමීම සිදු නොකලහොක් ඇමරිකානු ඩොලරයක් රුපියල් 160 සීමාව පසු කරනු ඇති බව රුහුණු විශ්ව විදයාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය නන්දසිරි කිහිඹියහෙට්ටි මහතා පවසයි.

රුපියල බාල්දු වීම ආනයන, අපනයන, විදේශ ණය බර වන අංශයන්ට ප‍්‍රබල බලපෑමක් එල්ල කරනු ඇති බවද ඔහු පෙන්වා දෙයි.

අද වන විට මෙරට බිහිසුනු ත්‍රස්තවාදී යුද්ධයක් නැත. පොහොර සහනාධාරය, පෝෂන මල්ල නැත. රාජ්‍ය සේවකයින්ට මෝටර් බයිසිකල්, මාසික මූලික වැටුපට එකතු කරන බව කියූ රුපියල් 10000 ද නැත. අධ්‍යාපනයට ලබා දෙන්නේ යයි පොරොන්දු වූ 6% හෝ අධිවේග මාර්ග හෝ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති කිසිත් ක‍්‍රියාත්මක නොවෙයි.

රාජපක්‍ෂ සමයේ ඩොලර් 100කට ඉහලින් පැවතුනු බොරතෙල් බැරලයක් අද වන විට ඩොලර් 40කි. 2015 ජනවරිය වන විට රුපියල් 130ක් වූ ඇමරිකානු ඩොලරයක් අද වන විට රුපියල් 150 ඉක්මවා ගොස් ඇත.

2015 ජනවාරි සිට මේ වන විට ඇමරිකානු ඩොලරයේ අගය රුපියල් 150.19 දක්වා ඉහළ යමින් රුපියල බාල්දු වූ හැටි මහ බැංකුවේ ප්‍රස්තාරය දක්වා ඇත්තේ මෙසේය.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
විගණකාධිපතිගේ දැඩි ප‍්‍රකාශයෙන් ෆුට් නෝට් පිළ සුන්වෙයි



මහ බැංකුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් කෝප් කමිටුවට තමන් විසින් ඉදිරිප්ත කල විගණකාධිපති වාර්තාවේ ඇති කිසිදු කරුණක් වෙනස් කිරීමට සදහා තමන් කිසිසේත්ම එකග නොවූ බව විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා දැඩිය අවධාරණය කර සිටී.

කෝප් වාර්තාවේ පාද සටහන් සම්බන්ධයෙන් තමන් දැරු මතයේ කිසිදු වෙනසක් නැතැයිද පවසන ඔහු කිසිදු පාද සටහනකට තමන්ගේ අනුමැතිය නැති බවත් එම පාදසටහන් යොදාගෙන කර ඇත්තේ විගණකාධිපති වාර්තාව වෙනස් කිරීම බවද පවසයි.

‘වසර තිහක බැදුම්කරයක් නිකුත් කලේ කුමක් නිසාද, ඒ මොහොතේ තිබූ පොලි අනුපාතය ඉහද දමා අදාල බැදුම්කරය නිකුත් කලේ මන්ද’ ආදී බොහෝ ප‍්‍රශ්නවලට අද වන තෙක් පිලිතුරු ලැබී නැතැයිද ඔහු වැඩි දුරටත් සදහන් කරයි.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
රුපියල මස්තබාල්දුයි.. ඩොලරයක් රුපියල් 150 පනිමින් වාර්තාවක් තියයි…



ශ්‍රී ලංකා රුපියල ඉතිහාසයේ බාල්දු වූ උපරිම බාල්දුව අද දිනයේ වාර්තා කරමින් ඇමරිකානු ඩොලරයක් රුපියල් 150 සීමවා ඉක්මවා ගියේය.

දිගින් දිගටම රටේ ආර්ථිකය කඩාවැටීම නිසා මෙසේ රුපියල අවප්‍රමාණය වීම හදුනාගත හැති අතර සෑම භාණ්ඩයකම මිලද ඉහළ යා හැක.

ශ‍්‍රී ලංකා මහ බැංකු වෙබ් අඩවියේ අද දිනයේ මුල්‍ය අනුපාතයන් දැක්වුනේ මෙසේය.


මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
කෝප් වාර්තාවේ තීන්ත වේලී නෑ.. අදත් බිලියන 20ක් නිර්දේශවලින් පිට වෙන්දේසියේ.. වෙන්දේසි ප්‍රධානියා හිටපු ප්‍රධාන චුදිතයෙක්..



ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් අද පෙරවරු 10-11 ත් අතර කාලයේදී පුරුදු පරිදි ආණ්ඩුවට මුදල් ලබා ගැනිමට රුපියල් බිලියන 20ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සුදානම් කර තිබින.

එම වෙන්දේසියද පවත්වා ඇත්තේ මහ බැංකුවේ දූෂිත බැදුම්කරන වෙන්දේසි කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු යයි තෝප් කමිටුව විසින් චෝදනා එල්ල ඇති නිලධාරි පිරිසක් විසින්ම පවත්වනු ලැබ ඇත.

ආණ්ඩුවට අවශ්‍ය මුදල් සොයා ගැනීමට බැදුම්කර එකවර වෙන්දේසි කිරීම හරහා විශාල පාඩුවක් සිදු වූ බව කෝප් කමිටුවට ඉදිරිපත් කරන ලද විගණකාධිපති වාර්තාවේ දැක්වෙද්දී මේ සම්බන්ධයෙන් කෝප් කමිටුව මගින් වාර්තාවක් පාර්ලිමේන්තුවටද ඉදිරිපත් කොට ඇති අවස්ථාවක එකවර මෙසා විශාල මුදල් ප්‍රමාණයක් වෙන්දේසි කිරීම ගැන මුල්‍ය වෙළදපල නියෝජිතයෝ පුදුමය පල කරති.

අනිකුත් ප්‍රාථමික වෙළෙඳන්ගෙන් සමග සාකච්ඡ කොට අඩු පොලියට හෝ රජයේ බැංකු මෙන්ම අර්ථසාධක අරමුදලෙන් අඩු පොලියට ආණ්ඩුවේ මුදල් අවශ්‍යතාව පියවා ගැනිමේ අවකාශ සිමා වී වැඩි පොලිය මත එකවර මේසා විශාල මුදලක් ලබාගැනිමේ ක්‍රමයට අනුමැතිය ලබා දී ඇති අතර වෙන්දේසියේ මෙහෙයවන ලද්දේ චෝදනා එල්ල වී ඇති ටෙන්ඩරය මෙහෙයවූ නිලධාරියා විසින්මය.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
බැදුම්කර මහා ධන නිධානය හරහා කෝටි ගණන් සල්ලි.. සුපිරි නිවාස.. අධි සුඛෝපභෝගි වාහන.. රජයේ ටෙන්ඩර්.. ඇසුරට රුසියානු-යුක්‍රේන රූමතියන්.. කවුද වාසනාවන්තයෝ….cop



ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ මහ දවල් සිදු වූ විශාලතම මුදල් මංකොල්ලය සම්මුති ආණ්ඩුවේ යහපාලන කාලය තුලදි සිදුවී ඇත. එය සිදු කල නියම හොරු ඇල්ලිම වෙනුවට ජනතාව ගොනාට ඇන්දවීමේ මහා තරගය මේ වන විට ආරම්භ කොට ඇත. ඒ අනුව සිද්ධිය ජනතාවටම හිස රදයක් වනසේ ජනතාව නොමඟ යන ලෙස වරින් වර මාධ්‍ය සංදර්ශන පවත්වමින් එහි බරපතළකම හා ඒ තුලින් සමස්ථ ආර්ථිකයට වූ හානිය යටපත් කිරීම හා එහි නියම චුදියන් නිදහස් කිරීම මෙන්ම එයට විරුද්ධව හඩ නැගු කොටස නිහඬ කරවීම මෙම ජාවාරම්කාරයින්ගේ උපක්‍රමය වී ඇත.

තවද මෙම දූෂිත ගණුදෙනුව සාධාරණිය කොට අදාළ චෝදනාවලින් නිදහස් කිරීම මෙන්ම එසේ චෝදනා ලැබු පිරිසට සුදුහුනු ගෑම මෙම උපක්‍රමයේ දිගුවක් ලෙස ක්‍රීයාකිරීමටත් , මේ වෙනුවෙන් විශාල හඩක් නගන මාධ්‍ය හෝ එයට සම්බන්ධ පුද්ගලයන් හඳුනාගෙන ඔහුන් මිලදී ගත හැකි අයුරින් කටයුතු කිරීම මෙම ජාවාරම්කරුවන්ගේ අනිත් උපායමාර්ගයයි.

කෝප් කමිටුවේ මහාබැංකු බැදුම්කර වාර්තාව පිලියෙල කිරීමේ ආරම්භයේ සිටම මෙම උපායමාර්ගයේ මූලික සැලස්ම ක්‍රියාත්මක කරමින් කෝප් කමිටුවේ සභාපතිවරයා ඇතුළු එහි සාමාජිකයන් කිහිපදෙනකු තැරව්කරුවන් මාර්ගයන් කොටු කර ගැනිමට උත්සහ ගත් නමුදු එහි සමාජිකයින් සුලුතරයක් පමණක් ඒ සඳහා යම් යම් එකඟතාවයන් පලකොට තිබු බවත් බහුතරයක් එම යෝජනාවට ඇහුම්කන්දීමට පවා විරුද්ධ වී තම ජංගම දුරකතන විසන්ධි කොට ඇත.

එසේ සියලු උත්සහයන් අසාර්ථක වීමෙන් පසුව නව උපායමාර්ගයක් ලෙස කෝප් කමිටුවේ වාර්තාව මෙන්ම එහි අන්තර්ගතයත් හා අදාළ නිර්දේශත් මෙයට කොහෙත්ම අදාළ නොමැති කරුණු ගෙන හැර දක්වමින් හා පසුගිය රජයේ සිදු වූවයි කියන මෙතෙක් වසර දෙකක් ගතවීත් ඔප්පු කිරීමට හෝ අවම වශයෙන් හරියාකාරව සොයාගැනීමට නොහැකි වූ දූෂණ ඉදිරියට ගනිමින් මෙම වාර්තාව සම්පූර්ණයෙන්ම අවතක්සේරු කොට යටපත් කිරීම මෙහි අරමුණයි. මේ සඳහා සම්මුති රජයේ මතයක් ගොඩ නැඟීමට හැකි දේශපාලන නායකයින් කිහිප දෙනෙකුට ඉහත වසනාවට හිමිකම් කීමට මේ වන විටත් උදාවි ඇත.

මේ සඳහා මුලින්ම තෝරාගත් කිහිපදෙනා අතරින් නැගි ආ ජනප්‍රිය තරුණ දේශපාලන ද නායකයකු මෙන්ම අමාත්‍යවරයකු ඔහුගේ අනියම් බිරිඳ හරහා මේ වනවිටත් මෙම කටයුත්ත සඳහා එකග කරවා ගෙන ඇත. එම අනියම් බිරිඳ එක්සත් ජාතික පක්ෂයට ඉතා කිට්ටු සම්බන්ධතා ඇති කාන්තාවක් වන අතර ඇයට අහිමිවූ රජයට සම්බන්ධ ප්‍රධාන ආයතනයක ටිකට්පත් මුද්‍රණ නැවත ලබාදීමට අවශ්‍ය කටයුතු සුදානම් කරමින් පවති. මාසිකව රුපියල් මිලියන 50 කට අධික මෙම ටෙන්ඩරය පසුගිය රජයේ සමයේ සිට මෙම කාන්තාව විසින් සිදු කරන අතර සෑම රජයක් සමගම ඩීල් දමා මුදල් හම්බකරගැනිමට මෙම තරුණ අමාත්‍යවරයා පෙරමුණ ගෙන කටයුතු කරයි.

එමෙන්ම මෙවෙනි ටෙන්ඩර්වලට අමතරව කෝටි ගණන් සල්ලි, සුපිරි නිවාස හා අධි සුඛෝපභෝගි වාහන ඔහුනොවුන්ගේ තරාතිරම අනුව මෙම මංකොල්ලය යටපත්කොට කෝප් වාර්තාව අවතක්සේරුවට ලක් කිරීම වෙනුවෙන් ගෙවීමට තැරව්කරුවන් මාර්ගයෙන් කටයුතු කරගෙන යයි. රෑට රෑට සුපිරි හෝටල්වල කාමරතුල සාකච්ඡා පවත්වන අතර මේ සඳහා අවශ්‍ය පුද්ගලයින්ගේ ඇසුරට රුසියානු හා යුක්‍රේන රූමතියන් සහිතව සියලු විදේශීය මත්පැන් සහිතව සුඛෝපභෝගි නවාතැන් පහසුකම්ද නොඅඩුව සපයනු ලැබේ.

මේ අනුව ඉදිරි දින කිහිපය තුල ශ්‍රීලංකාවේ ඉතිහාසයේ මහ දවල් සිදු වූ විශාලතම මුදල් මංකොල්ලය වන මහාබැංකුවේ බැදුම්කර කතාන්දරය කතාන්දරයක්ම බවට පත්වී, අනාගතයෙදි අපේ රටේ ජනතාවගේ සිත් තුලින් මැකි යනු ඇත.

– වසන්ත කටුගම්පල

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
චීනය කට අරී.. කොළඹ චීන තානාපති දෙස් විදෙස් මාධ්‍ය කැදවා යහපාලනයේ පතුරු අරී..



කොළඹ ගාළු මුවදොර ඉදරියේ චීන රජය විසින් ඉදිකරමින් සිටි වරාය නගර ව්‍යාපෘතිය නව රජය බලයට ආ කාලයේ නවතා දැමීම නිසා ශ‍්‍රී ලාංකිකයන් 5,000කට පමණ රැකියා අවස්ථාවන් අහිමි වූ බවත් එම වගකීම බාර ගන්නේ කවුදැයි කිව යුතු බවත් ශ‍්‍රී ලංකාවේ චීන තානාපති යී ෂියෑන්ලින්ග් මහතා කොලඹ පැවති මෙරට චීන තානාපති කාර්යාලයේදී පැවති මාධ්‍ය වැඩමුළුවක් අමතමින් කියා සිටියේය.

මේ වන විට වරාය නගර ව්‍යාපෘතිය ආපසු ආරම්භ කර තිබුණද නවතා තිබුනු කාලයේදී දිනකට ඩොලර් මිලියනයක පමණ අලාභයක් තම රටට සිදු වූ බවද ඔහු සදහන් කලේය.

තව දුරටත් අදහස් පල කරමින් චීන තානාපතිවරයා කියා සිටියේ චීනය විසින් වැඩි පොලියට ණය දුන්නේ යයි චෝදනා කලත් මෙරටට ණය දී ඇත්තේ 2% පමණ පොලියකට වුවද නව රජය මේ වනවිට 5.8% පොලියට ණය ගෙන ඇති බවත්ය.

නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරය ඉදිකිරීමට චීනය මැදිහත් නොවුණා නම් අද වන විට ශ‍්‍රී ලංකාවේ විදුලි ඉල්ලූම සපුරන්නේ කෙසේදැයි ඔහු වැඩි දුරටත් විමසා සිටියේය.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමට 
සුපිරි ලාභ බද්දක්‌ පනවන්න
- මූල්‍ය වෙළෙඳපොළ නියෝජිතයෝ ඉල්ලති
=============================
ශ්‍යාම් නුවන් ගනේවත්ත



දැනට චෝදනාවට ලක්‌ව ඇති පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ අධික ලාභය අසාමාන්‍ය තත්ත්වයක්‌ බව කෝප් කමිටුව ද නිරීක්‍ෂණය කර ඇති නිසා ඒ පිළිබඳව පරීක්‍ෂණයක්‌ කර ඔවුන් ලබා ඇති අයුතු ලාභයක්‌ වේ නම් එය වහාම සුපිරි ලාභ බද්දක්‌ (Sමචැර ට්‌සබ ඒං) ලෙස රජයට අයකර ගන්නා ලෙස මූල්‍ය වෙළෙඳපොළ නියෝජිතයෝ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් සහ රජයෙන් ඉල්ලා සිටී.

ඒ අනුව නොවැම්බර් 10 වැනිදා ඉදිරිපත් කෙරෙන අයවැයෙන් අදාළ සමාගමට එම සුපිරි ලාභ බද්ද පැනවිය හැකි බවද එතෙක්‌ එම සමාගමේ බැංකු ගිණුම් තහනම් කළ හැකි බවද එම නියෝජිතයෝ කියා සිටිති.

මෙසේ එම සමාගම උපයා ඇති ලාභය අයුතු ලාභයක්‌ නම් සුපිරි ලාභ බද්දක්‌ හරහා එම අතිවිශාල ලාභය රජයට අයකර ගත හැකි බවද ඒ අනුව රජය විසින් දැනටමත් මහජනයා වෙත පනවා ඇති අතිරේක වැට්‌ බදු බර පහසුවෙන්ම අඩු කළ හැකි බවද මේ ගැන කරුණු පැහැදිලි කරමින් මූල්‍ය වෙළෙඳපොළ නියෝජිතයෝ 'දිවයින'ට කියා සිටියහ.

අභ්‍යන්තර තොරතුරු පිටට ගලා යැම හරහා පුද්ගලික ගැනුම්කරුවන් එයින් ලාභ ලබා ඇති බවද පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ ආයතනයට එවැනි අභ්‍යන්තර තොරතුරු ලැබුණු බවට සාධාරණ සැකයක්‌ මතුවන බව ද කෝප් වාර්තාවේ 51 වැනි පිටුවේ සඳහන් වන බව ඔවුහු තවදුරටත් පෙන්වා දුන්හ.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
එන ඇමතුම්වලටත් ගාස්තු අය කරන්න සාසාකච්ඡා telcom call pay



පෙර ගෙවුම් දුරකතන සබදතාවල එන ඇමතුම් සදහාද ගාස්තුවක් අය කිරීමේ යෝජනාවක් සාකච්චා මට්ටමේ ඇති බව මෙරට ප‍්‍රධාන පෙලේ ජංගම දුරකතන ජාලයක ඉහල නිලධාරියෙකු අප වෙත කියා සිටියේය.

එය බොහෝ දුරට සමාගම්වලට නොව රජයේ ගාස්තුවක් වනු ඇති බවත් කී ඔහු මේ සම්බන්දයෙන් තමන් හා කියා සිටියේ රජයේ ඉහල නිලධාරියෙක් බවද පැවසීය.

මේ වන විට මෙරට දුරකතන සබදතාවල එන ඇමතුම් සදහා කිසිදු ගාස්තුවක් අය නොකෙරෙන අතර පසුගෙවුම් සබදතා සදහා මාසික ගාස්තුවක් අය කෙරෙයි.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
බැදුම්කර මගඩිය කලේ අගමැතිගේ උපදෙස් මත යයි අර්ජුන් මහේන්ද්‍රන් සාක්‍ෂි දුන්නා..



මහ බැංකු බැදුම්ක නිකුතුවේදී තමන් කටයුතු කලේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ලබා දුන් උපදෙස් මත බව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් වූ කෝප් කමිටු පරීක්‍ෂණයේදී සාක්‍ෂි දුන් බව වත්මන් කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි.

හිරු රූපවාහිනියේ සලකුණ දේශපාලන වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

අගමැතිවරයා එසේ කියුවද මහ බැංකවේ මුදල් මණ්ඩලය විසින් ප‍්‍රත්පත්තිමය තීරණය ගැනීම බරපතල වරදක් යයිද ඔහු එහිදී සදහන් කලේය.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
උතුරට ස්වයං අයිතිය දුන්නාද ? Royal Borough of Kingston twins with Jaffna



ජාත්‍යන්තරයට කේලම් කියමින් උතුරේ හමුදාව ඉවත් කිරීමට බල කරමින්, ස්වයං පාලන අයිතිය ලැබුනා සේ හැසිරෙන උතුරේ මහ ඇමති විග්නේෂ්වරන්ගේ කෙරුවාව රාජ්‍ය නායකයින් නොදුටු ලෙස හැසිරෙන්නේ මේ ඔවුන්ද ගිවිසුම් ගත වූ ක්‍රියාවන් වූ බැවින් බව මේ වන විට සාක්ෂි සහිතව ඉටු වෙමින් පවති.

Royal Borough of Kingston twins with Jaffnaq
=============================

Northern Provincial Council Chief Minister C V Wigneswaran said the event was a "historic" occasion, as he addressed the ceremony attended by hundreds of locals.

His comments were echoed by Councillor Kevin Davis, who spoke of how Kingston has twinned with other cities around the world, such as in Korea and Germany, that have also suffered the "tragic loss" of war.

"One aspect is key... How can we support the reconstruction of Jaffna into a new democratic society?" said the councillor, adding that Kingston also has much to learn from Jaffna.

Though the borough does not have the largest Tamil constituency in the United Kingdom, Tamil has become Kingston's official second language - a fact reiterated by the borough's MP James Berry. He called the local community's Tamil population "exemplar", noting their high educational achievements and contributions to healthcare and business.

The move to twin the two regions drew support from all political parties in the UK noted Mr Berry. Thought the project would not solve all the war-torn regions problems, "it is a step in the right direction," he added.

Justice Wigneswaran was also upbeat about the move, thanking both Sri Lanka's Prime Minister Ranil Wickremesinghe and Sri Lanka's newly appointed High Commissioner who was in attendance, for their assistance in passing through the project. "We have come together to collaborate in keeping with 13th amendment," said the chief minister, adding that he was looking forward to "building an inclusive society and providing justice for all".

Part of doing that will have to include "reducing all forms of violence" he said, pointing out that there were "150,000 armed men in the North taking over land and livelihood". The Sri Lankan soldiers also pose a threat to the physical safety of women in the region he said, highlighting in particular the vulnerability of the tens of thousands of Tamil war widows in the North-East.

“The military is a stumbling block,” said Justice Wignewswaran. “They are running restaurants and hotels and occupying areas of tourist value.” “An inclusive society cannot be built with a counter-terrorism mind set,” he added.

Discriminatory laws, which were still present on the island, need to be done away with said the chief minister, stating it was “vital” that the international community supports the Sri Lankan government in the field of affirmative action.

The minister also highlighted several areas of business investment and development in Jaffna, including numerous factories across the peninsula.

“We look forward to the growth of British and diaspora investment,” he concluded. “May Kingston lead the way.”

http://www.tamilguardian.com/content/royal-borough-kingston-twins-jaffna
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

ගෝටාගේ කුරුණෑගල මහා පොල් වත්ත.. මිනී මෝර මාලිගය ගැන සියල්ල හෙලිවේ..



ගෝඨාට එරෙහි මිත්‍යාවේ ආරම්භය හා විකාශය

ගෝඨාභය රාජපක්ෂ මේ දිනවල නිතර සාකච්චාවට ලක්වන චරිතයකි. පසුගියදා යහපාලන රජය ඔහුට විරුද්ධව අල්ලස් චෝදනාවක් ගොනු කල අතර ඔහු වෙනුවෙන් උසාවියේ ස්වේච්ඡාවෙන් පෙනී සිටි 100 කට වැඩි නීතිඥ පිරිසම නඩුවේ අසාධාරණත්වය ගැන ඇති හොඳම සාක්ෂියයි.

පසුගිය දිනෙක මට විද්‍යුත් පනිවිඩයක් එවන චින්තක නාඔටුන්න නැමති මුහුණු පොතේ මිතුරෙක් පහත දැක්වෙන ඉල්ලීම කර තිබුනි

” නාලක, ගෝඨාභය රාජපක්ෂ සමඟ වැඩකරමින් ඔබ ලද අත්දැකීම් ගැන කියවන්න මම ආසයි. කරුණාකර තවත් ඒ ගැන ලියන්න….”.

මා මේ දිනවල මගේ ජීවිත කතාව ලියමින් සිටින නිසා එහි ගෝඨාභය රාජපක්ෂ පමනක් නොව ඔබ දන්නා ප්‍රසිද්ධ දේශපාලන හා ව්‍යාපාරික චරිත රාශියක් ගැන මගේ සමීප අත්දැකීම් කියවේ. විටින් විටපාඨක ප්‍රතිචාරය මැන ගැනීමට එහි කොටස් මගේ මුහුනු පොතේත් පළකරන්නෙමි. මේවා තුලින් චින්තකගේ ආශාව තරමක් දුරට හෝ ඉටුවනු ඇතැයි මම සිතමි. නමුත් ඔහුගේ විශේෂ ඉල්ලීමට ගරු කිරීමක් ලෙස ගොඨාභය ගැන රස කතා කිහිපයක් අද ලියන්නට මා සිතුවා.

මා ගොඨාභය රාජපක්ෂ හඳුනාගත්තේ 2009 වසරේ යුද්ධයෙන් පසු බවත් ඒ මා කළමණාකාර අධ්‍යක්ෂව සිටි ශ්‍රී ලංකා ඉන්සුරන්ස් ආයතයට අයිතිව තිබුනු ඇපලෝ රෝහලේ සභාපති දූරයට අප අධ්‍යක්ෂ මන්ඩලය විසින් ඔහුට ආරාධනා කිරීමෙන් පසුව බවත් මම මීට පෙර ලියා තිබෙනවා.

නමුත් මෙම ආරාධනය නිසා ඉන් මාස කිහිපයකට පසු ගෝඨාභය ලොකු අමාරුවක වැටේවියැයි අප සිහිනයෙකින් වත් සිතුවේ නැහැ.

ගොඨභය පසුකලක ලංකා හොස්පිටල්ස් ලෙසින් අප විසින් නම් කරනලද ඇපලෝ රොහලේ සභාපති ලෙස අපේ ඉල්ලීම පිට වැඩ බාර ගත්තේ 2009 අගෝස්තු මාසයේදීය. ගැටලුව මතුවුයේ ඉන් මාස කිහිපයකට පසු 2009 නොවැම්බර් මාසයේ ජනාධිපතිවරණය කැඳවූ විටය.

මහින්ද රාජපක්ෂගේ විරුද්ධවාදීන් 2015 දී මෙන්ම 2010 දීත් රාජප්ක්ෂ පවුලට විරුද්ධව කට කතා පැතිරවීම ඉතා සාර්ථකව කලෝය. ඉන් එක් කට කතාවක් වූයේ ගොඨාභය රාජපක්ෂ ඇපලෝ රොහල මිළදී ගෙන ඇති බවය.

අපේ ඉල්ලීම පිට ඇපලෝ සභාපතිකම බාරගත් ගොඨාභයට සිදුවී තිබුනේ වඳින්නට ගිය දේවාලය ඉහේ කඩාවැටීමකි. දෙශපාලනයෙන් සම්පූර්ණයෙන්ම ඈත්වී සිටි ඔහුට නිකරුනේ මඩ ප්‍රහාරයන්ට ලක්වන්නට සිදුවිය. මේ හිරිහැරයෙන් ඔහු ගලවා ගන්නට ශ්‍රී ලංකා ඉන්සුරන්ස් ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂක ලෙස පුවත් පත් හා රූපවාහිනී නාලිකා ගනනාවකට සම්මුඛ සාකච්ඡා දෙමින් ඇපලෝ රොහල අයිති ගෝඨාභයට නොව ශ්‍රී ලංකා ඉන්සුරන්ස් ආයතනට බව පැහැදිලි කරන්නට මට එදා සිදුවිය. යමක් කරුණු නොවිමසා කට කථා විශ්වාස කරන බොහෝ දෙනෙක් මා කී දෙය විශ්වාස නොකරන්නට ඇත. අද ලංකා හොස්පිටල් පාලනය කරන්නේ සම්පූර්ණයෙන්ම යහපාලන රජයෙන් පත්කල අධ්‍යක්ෂ මන්ඩලයකින් නිසා අදවත් ඔවුන්ට සත්‍යය තේරෙනවා ඇතැයි මම බලාපොරොත්තු වෙමි.

මීට කිට්ටුවෙන්ම යන තවත් අපූරු කතාවක් මට පසුකලක දැනගන්නට ලැබුනි. ආරක්ෂක ලේකම් ගොඨාභයට කුරුණෑගල විශාල පොල් ඉඩමක් ඇතිබවට ආරංචියක් 2011 කාලයේ ඒ පලාතේ පැතිර ගොස් තිබුනි. වරක් ගෝඨාභයගේ කිට්ටු මිතුරෙකු වූ ජෙනරල් පාලිත ෆර්නෑන්ඩු මෙම පොල්වත්ත ගැන ආරක්ෂක ලේකම්වරයාගෙන් විමසීය. ගෝඨාභය පළමු වරට මේ කතාව ඇසුවේ එදාය. ” බණ කතාකරනවද අයිසේ මට පොල්වත්තක් තියා ගෙයක්වත් තියෙනවද ? වහාම පොලීසිය ඇරල ඔය ගැන හොයල බලන්න” යැයි ගොඨාභය උපදෙස් දුන්නේය. ඉන් පසු සොයාගනු ලැබුනේ ඉළ ඇදෙන කතාවකි.

පොලීසිය සොයාගත්තේ මෙම කට කතාව පතුරවා තිබුනේ වත්තේ නියම හිමිකරු විසින්ම බවය. ” මහත්තයෝ මේ පලාතේ හරියට පොල් හොරු ඉන්නවා. ඒ නිසා මම කතාවක් පැතිරුවා මේ වත්ත ආරක්ෂක ලේකම්තුමා ගත්තා කියල . එදා ඉදන් විශ්වාස කරන්න වත්තට මුරකාරයෙක්වත් අවශ්‍ය නැහැ. මෙලෝ හොරෙක් වත්තේ පස් පාගන්නේ නැහැ ” කියා වත්තේ හිමිකරු පපොච්චාරණය කලෙය.

ගෝඨාභයගේ මිනී මෝරු කතාවද මීට නොදෙවෙනිය. ආරක්ෂක ලේකම් ලෙස ගෝඨාභය රාජපක්ෂ නතරවී සිටියේ තුන්මුල්ලේ පිහිටි රජයේ නිල නිවාසයකය. මම මෙම නිවසට ඔහු හමුවීම සඳහා බොහෝ විට ගොස් ඇත්තෙමි. නිවසට ඇතුල්වන විටම බිත්තියට සවිකර තිබුනු සාමාන්‍ය තරමට වඩා විශාල මාළු ටැංකියක් විය. එහි සුරතල් මාළු දහ පහලොස් දෙනෙකු පිහිනමින් සිටි අතර මොරෙකුගේ හැඩැති අඩියක් පමන දිගැති මසුන් වර්ගයක්ද විය. නිවාසවල ඇති මාලු ටැංකි වල ඇති කරන මෙම සුරතල් මාළු වර්ගය මම තවත් බොහෝ නිවාස වල දැක ඇත. කවුරුන් හෝ විහිළුවට මේ ටැන්කියේ ඉන්නා කුඩා මාලුවන්ට මිනී මෝරු යැයි කී කතාව කොතරම් දුරදිග ගියාද කීවොත් ඔබ නොසිතනා අය පවා එය විශ්වාස කලෝය. මින් එක් අයෙකු වන්නේ ශ්‍රී ලංකාවේ බුද්ධි අංශවල අති විශිෂ්ඨ අන්තර්ජාතික මෙහෙයුමක් තුලින් 2009 අගෝස්තු මාසයේ අත් අඩංගුවට ගනු ලැබූ කොටි සංවිධානයේ ප්‍රභාකරන්ගෙන් පසු නායකත්වයට පත් කේ. පී.ය. මැලේසියාවේදී අත් අඩංගුවට ගනු ලැබු කේ. පී. ලංකාවට ගෙන එන විට ඔහුත් විශ්වාස කොට ඇත්තේ ගොඨාභය ඔහුව මිනී මෝරුන්ට කන්න දෙනු ඇතැයි කියාය. අද බටහිර රටවල් යුධ අපරාධ ගැන කොපමන බොරු චෝදනා නැගුවද ලංකාවේ බුද්ධි අංශ විසින් සිරභාරයට ගත් කිසිවෙකු මරා නොදැමූ බවට හොඳම උදාහරණය කේ පී ය. එහෙත් පසුකලක ගොඨාභයගේ මාළු ටැංකියේ සිටින අඩියකට වඩා දිග නැති සුරතල් මසුන් දුටු විට කේ පී ට සිතුනේ කුමක්දැයි අද ඔහුගෙන් ඇසුවොත් ඔහු සිනහ සෙමින් එයට උත්තර දෙනු නිසැකය.

ගෝඨාභයගේ සුදු වෑන් ගැන මගෙන් අසන සියලු දෙනාගෙන්ම මා අසන එක් ප්‍රශ්ණයක් ඇත. “සුදු වෑන් එකකින් ගොස් අතුරුදහන් වූ එක් අයෙකු හෝ ඔබ පෞද්ගලිකව දන්නවාද ?” අද වන තුරු එම ප්‍රශ්ණයට මට පිලිතුරක් ලැබී නැත. ඔවුන් සියලු දෙනාම අසන්නේ පත්තරවල එතකොට තියෙන්නේ බොරුද කියාය. ගෝඨාභයගේ මිනී මෝරු සිටියෙත් පත්තරවල බව මම ඔවුන්ට මතක් කලද එයින් පලක් නොවන බවද මම දනිමි.

නිහතමානී එහෙත් ඍජු රාජ්‍ය නිලධාරියෙකු වූ ගොඨාභය ගැන මහින්ද රාජපක්ෂගේ දේශපාලන ප්‍රතිවාදීන් බොහෝ වැරදි මත ගොඩනගා ඇත. මා මෙහි මහින්ද රාජපක්ෂගේ දේශපාලන ප්‍රතිවාදීන් යැයි කීවේ ගොඨාභය දේශපාලඥයෙකු නොවන බැවිනි.ගොඨාභය හා බොදුබල සේනා , ගොඨාභය හා ෆොන්සේකා, ගොඨාභය හා දුර්ගා ටවුම, ගෝඨාභය හා අවන්ගාර්ඩ් වෙන වෙනම කතාකල යුතු මාතෘකාය. මේවාට පිළිතුරු දීමට යම්තාක් දුරකට මට දැනුමක් තිබුනද එය මට අයිති විශයක් නොවන නිසා ඒ ගැන කාලය නොගනිමි.එහෙත් චින්තකගේ නාඔටුන්නගේ ඉහත කී ඉල්ලීම යම් තරමක් දුරට හෝ මෙම මතක සටහන් වලින් ඉටුවූවායැයි බලාපොරොත්තු වෙමි.

– නාලක ගොඩහේවා
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
අලූත් බලවේගයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ බලය අල්ලන සූදානම්..



පක්‍ෂය සමගි කිරීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ වත්මන් නායකයාට කිසිදු උවමනාවක් නැති බවත්, ගොඩනැගෙන නව ජාතික බලවේගය හරහා රටේ පාලන බලය මෙන්ම ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේද බලය ඇල්ලීම මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රමුඛ ඒකාබද්ධ විපක්‍ෂයේ අපේක්‍ෂාව බවත් ගම්පහ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඒකාබද්ධ විපක්‍ෂයේ කැදවුම්කරු ප‍්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

ඉදිරියේදී එන පලාත් පාලන මැතිවරණය හෝ ජනමත විචාරනය හෝ වෙනත්  ඕනෑම මැතිවරණයකට නව බලවේගයෙන් ඉදිරිපත් වන බවත්, එම නව බලවේිගය හරහා ආණ්ඩුව පරාජයට පත් කරන බවත්, රණතුංග මහතා අවධාරණය කරයි.

මීරිගම ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ බල මණ්ඩල රැුස්වීමේදී රණතුංග මහතා මේ බව සදහන් කලේය. රැස්වීම පැවැත්වුණේ මීරිගම හිටපු ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ ප‍්‍රධාන සංවිධායිකා කෝකිලා හර්ෂනී  ගුණවර්ධන මහත්මියගේ නිවසේදීය. මෙහිදී නව සංවිධායකවරයා පිලිගන්නේදැයි රැුස්ව සිටි පිරිසගෙන් රණතුංග මහතා ප‍්‍රශ්ණ කල අතර, ඔවුන් සිය`ඵ දෙනා අත් ඔසවා එක හඩින් කියා සිටියේ මීරිගම ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ සංවිධායකවරිය ලෙස තමන් තව දුරටත් පිලිගන්නේ කෝකිලා හර්ෂනී ගුණවර්ධන මන්තී‍්‍රවරිය බවයි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ රණතුංග මහතා මෙසේද කීවේය.

අද මේ ආණ්ඩුවත් එක්ක මුක්කු ගහලා ඉන්න කණ්ඩායම කිය කියා යනවා මහින්ද ඇතු`ඵ කණ්ඩායමක් අ`ඵත් පක්‍ෂ හදාගෙන ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය කඩන්න හදනවයි කියලා ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය කඩන්නේ අපි නෙමේ. ඒක කැඩුවේ මෛතී‍්‍ර ඇතුලූ රනිල් සමග නිදි වදින නිල් අලි පැටව් . අපි හදන්නේ අලූත් බලවේගයක් හරහා මේ රටේ බලය ලබාගෙන නැවත ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ බලයත් ගන්නයි. ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සමගි කරන්න මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයාට හෝ ඔහුගේ හෙන්චයියන්ට  කිසිම උවමනාවක් නෑ. ඔවුන් දන්නවා සමගිවුනොත් මෛතී‍්‍ර මහත්තයට පක්‍ෂයේ බලය රැුකගන්න බැරිවෙන බව මොකද සමස්ත ලංකා කාරක සභාවේ වගේම රටේම ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ බහුතර බලය තියෙන්නේ මහින්ද මහත්තයටයි. මෛතී‍්‍ර ඇතු`ඵ හෙන්චයියන් කියන්නේ මහින්ද නැතුව  ඕන කෙනෙක් කියලයි. හැබැයි අපි කියන්නේ මහින්ද නැතුව වෙන කිසි කෙනෙක් අපිට එපා කියලයි. ආප්ප කාලා අනිත් පැත්තට පැනපු මෛතී‍්‍රපාල සිරිසේන මහත්තයා ආපහු අපේ පක්‍ෂෙ සභාපතිකම ගත්තේ ජනාධිපතිවරණය දිනලා රාජ්‍ය බලය පාවිච්චි කරලයි.

මේ නායකත්වය යටතේ අපේ පක්‍ෂය දවසින් දවස දුර්වල වෙනවා . විනාශ මුඛයට යනවා. මුලින් අපේ ජනාධිපති අපේක්‍ෂකයාට විරුද්ධව ඡුන්දෙ ඉල්ලූවා. දිනලා අපිට ගමේ තිබුණු බලයත් පලාත් පාලන ආයතන කාලය දීර්ඝ නොකර නැතිකලා. සු`ඵතර අගමැති කෙනෙක් පත් කරලා අපිට තිබුණු පාර්ලිමේන්තු බපලයත් නැතිකලා. මහ මැතිවරනෙදි අපේ පක්‍ෂෙ ජයග‍්‍රහණය පෙනි පෙනී ඒක වලක්වන්න කටයුතු කලා. මහජන මතයක් තිබුණු සංවිධායකවරු අයින් කරලා කිසිම ජන පදනමක් නැති තමන්ගේ හෙන්චයියෝ දාගෙන අපෙන් පලි ගන්නවා .මීරිගම කෝකිලාව අයින් කරලා සංවිධායකකම දුන්නේ කෝකිලාගේ අයියා නාමල් මැරුවයි කියන චෝදනාවට ලක්වුණු කෙනාට. මේක මීරිගම ශී‍්‍ර ලංකා නිදහස් පාක්‍ෂිකයන්ට එල්ල කරපු කණේ පහරක්.

සමහරු කියනවා අපිත් ලලිත් ගාමිණී වගේ වෙනම පක්‍ෂයක් හදලා අමාරුවේ වැටෙන්න යනවා කියලා. එදා පේ‍්‍රමදාසට වඩා මහජන මතයක් පක්‍ෂෙ ඇතුලේ ලලිත්ටයි ගාමිනීටයි තිබුණේ නෑ. අද ඊට වඩා වෙනස් අද පක්‍ෂෙ ඇතුලෙ විතරක් නෙමෙයි රට ඇතුලෙත් මෛතී‍්‍ර මහත්තයට වඩා ජනමතයක් තියෙන්නේ මහින්ද මහත්තයටයි. ජනතාව ඉල්ලනවා මේ ආණ්ඩුවට විරුද්ධව අලූත් බලවේගයක් හදන්න කියලා මහින්ද මහත්තය වගේම අපිත් හිතුවේ පක්‍ෂෙත් එක්ක එකතුවෙලා යන්න පුලූවන් වෙයි කියලයි. හැබැයි දැන්නම් ඒක හරියන්නේ නෑ වගේ. වදින්න වදින්න ගහන් එකත් – ගහන්න ගහන්න වදින් එකත් මෝඩයාලූ. අපිට තවත් මෝඩ වෙන්න බෑ. රනිල් එක්ක නිදිවදින එවුන් අපිට කියනවා අපි යූ.එන්.පී. එකත් එක්ක නිදි වදින්න යනවයි කියලා. ඒක හරියට ඒඅ ය ගණිකාවක් එක්ක නිදාගෙන අපිට චෝදනා කරනව වගේ වැඩක්. ඔය ඇමතිකන් අරන් ඉන්න නිල් අලි පැටවුන්ට සිද්ධ වෙන්නේ ඊලගට යූ.එන්.පී. එකෙන් ඡුන්දය ඉල්ලන්න. මොකද ගමේ අපේ පාක්‍ෂිකයෝ ඒ අයට ඡුනදෙ දෙන්න ලෑස්ති නෑ. ඉදල් කොසු ලෑස්ති කරගෙන ඒ අය ගමට එනතුරු අපේ පාක්‍ෂිකයෝ බලාගෙනයි ඉන්නේ  හොදහැටි සලකන්න. මහින්ද මහත්තයගේ රූපෙ ගහගෙන මහින්ද මහත්තයට පින්සිද්දවෙන්න ඡුන්දෙ අරන් පාර්ලිමේන්තුවට ගිය අපේ සමහර උදවිය රනිල්ට අපේ පක්‍ෂය පාවා නොදුන්නානම් මෙලහකටත් අපි ආණ්ඩුවක් පිහිටුවලා.

ආණ්ඩුවට විරුද්ධ අපේ පස්සෙන් දැන් රනිල්ගේ දඩයම් බල්ලෝ පන්නනවා.  අපි කරන්නේ මොනවද කියලා හොයලා බලන්න අපි යන යන තැන ඔත්තුකාරයෝ දාලා. අපි ගේමට බැස්සේ අත අරින්න බලාගෙන නෙමෙයි. උන්නත් දාහයි. මලත් දාහයි කියලයි. ඒනිසා මේ ආණ්ඩුවේ දඩයම් බල්ලන්නට අපි බය නෑ. කවුරු කැමති වුනත් කවුරු අකමැති වුනත් මේ ආණ්ඩුවට විරුද්ධ නව ජනතා බලවේගය ගොඩනැගෙනවාමයි. ඉදිරියේදී එන්නේ පලාත් පාලන මැතිවරණයක් වුනත් ජනමත විචාරනයක් වුනත් ඔය  ඕනෑම මැතිවරණයකදී  ඒකාබද්ධ විපක්‍ෂයේ අපි මේ නව ජනත.ා බලවේගය හරහා මේ ආණ්ඩුව ගෙදර යවනවාමයි.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඉන්දික අනුරුද්ධ, පලාත් සභා මනිතී‍්‍රනී කෝකිලා හර්ෂනී ගුණවර්ධන, යන මහත්ම මහත්මීහුද මෙහිදී කතා කලහ.

– ප‍්‍රදීප් අනුර කුමාර

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
ඩොලරය දිගටම ඉහළ ගියොත් වැටුප්වල මූර්ත අගය නැති වෙයි



රුපියලට සාපේක්ෂව ඩොලරයේ වටිනාකම ඉකුත් දිනවල යළි ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ (01) වනවිට ඩොලරයක ගැණුම් මිල සටහන් වූයේ රුපියල් 144 යි ශත 66 ක් ලෙසයි. ඩොලරයක විකුණුම් මිල රුපියල් 148 යි ශත 46 ක් ලෙස දැක්වුණා. රටේ පවතින ආර්ථික තත්ත්වයන් මෙන්ම මහ බැංකුවේ ක‍්‍රියාකාරකම් ද මීට බලපා ඇති බවයි ආර්ථික විශ්ලේෂක අසන්ත සිරිමාන්න පවසන්නේ.

එහිදී හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේ “රුපියල දුර්වල වුණාම ලංකාවේ අපනයන වැඩි වෙයි කියලා හිතනවා..එහෙම වෙනවා, හැබැයි ඒක තාවකාලික තත්ත්වයක්. ඇත්තටම වෙන්නේ ජනතාවගේ වැටුප්වල මූර්ත අගය නැති වෙනවා. ඊට පස්සෙ උද්ධමනය වැඩි වෙනවා. ආයෙත් මිනිස්සු වැඩි පඩි ඉල්ලලා පාරට එයි.” යනුවෙනි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දී ඇති ඉලක්කයන් සපුරා ගැනීමට යාමේ දී ද මෙවැනි තත්ත්වයන් ඇති විය හැකි බව ආර්ථික විශ්ලේෂක අසන්ත සිරිමාන්න වැඩිදුරටත් පෙන්වා දුන්නා.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network