වර්තමානයේ ලාංකීය ගායන ක්ෂේත්‍රය තුළ සුවිශේෂී ජනප්‍රියත්වයක් හිමිකර ගත් සමාජ මාධ්‍ය තුළ නිරන්තරයෙන් කතාබහට ළක්වන යොවුන් ගායන ශිල්පිනියක් තමයි යොහානි කියන්නේ. ඇත්තෙන්ම ඇය ලාංකීය සංගීත ක්ෂේත්‍රය තුළ පෙරළියක් සිදුකළ ගායන ශිල්පිනියක ලෙස හදුන්වන්න පුලුවනි.

ඇත්තෙන්ම මේ ගතවෙන්නේ ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ ආන්දෝලනාත්මක කාලයක කිව්වොත් නිවැරදියි. කොහොම නමුත් ඇය කලකට ඉහතදී ” මැණිකේ මගේ හිතේ” කියන ගීතය ගායනා කළ අතර ඊට ලොවපුරා ජනයා සිය අවධානය යොමුකර සිටියා.

කොහොමහරි ඉතින් ඉන්දියාවේ ප්‍රවීන නළුවෙකු වන අමිතාබ් බච්චන් මේ ගීතයට ආදරය කරන බව තමන්ගේ ඉන්ස්ටර්ග්‍රෑම් සහ ෆේස්බුක් පිටුවේ පලකර තිබුණු ආකාරයද අපට දැකගන්නට ලැබුණා. කොහොම නමුත් ඇය එලෙස ගායනා කළ ගීතයේ මුල් අයිතිකරු වෙන්නේ අපේ රටේ කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය ගායන ශිල්පියෙකු වන සතීෂාන් රත්නායකයි.

එලෙස මේ ගීතය ඇයගේ හඩින් ලොවපුරා ජනප්‍රියත්වයට පත්වීමත් සමග ඔහුගේ ගීතය මඟහැරෙන බවක් දැනෙන එක අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඉතින් ඒ ගැන දැනගන්න යූ ටියුබ් නාලිකාවක් විසින් ඔහුව පහුගිය දිනයක සම්මුඛ සාකච්චාවකට එකතු කරගෙන තිබුණා.

ඉතින් මේ එලෙස යූටියුබ් සාකච්ඡාවට සහභාගි වෙමින් මේ නිහතමානී ගායන ශිල්පියා කියලා තිබුනේ මේ වගේ කතාවකුයි ” ඇත්තටම ඉතින් ලංකාවේ දෙයක් අපේ රටෙන් එලියට යවනවා කියන්නේ ටිකක් අමාරු වැඩක්. මට ඉස්සෙල්ලාම යොහානිව හම්බවුනේ චමත් අයියාගේ ස්ටුඩියෝ එකේදීයි, ඊට පස්සේ ඉතින් චමත් අයියයි මායි කතා වුනා. යෝහානිව දාලා කවර් එකක් අපි කරමු කියලා.

ඒ වැඩේට යෝහානිත් කැමති වුණා. ඇත්තටම නඩු කතන්දර එහෙම මුකුත් නෑ. ඒ සේරම බොරු කටකතා” කියලා ඔහු එහිදී කියලා තිබුනේ. කොහොමහරි ඉතින් යූටියුබ් සාකච්ඡාව සමගින් සහභාගි වු ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියන්නේ ” ඇත්තටම හැමෝම කතා වෙලා ගොඩක් කැමැත්තෙන් ආසාවෙන් කරපු වැඩක් තමයි මේක. ඇත්තම කියනවානම් යෝහානිගේ සින්දුව තමයි ලෝකෙටම යන්න පටන් ගත්තේ.

මේ වෙද්දී ඇගේ මේ ගීතය නැරඹුම් වාර මිලියන 30ත් පහු කරලා. මගේ ගීතය එච්චර නරඹලා නැහැ. නමුත් ඒ ගැන මගේ හිතේ කිසිම දුකක් නැහැ. ඉතින් මම දැන් විස්වාස කරන දෙයක් තමයි මේ සින්දුව මගේවත්, යොහානිගේවත් සින්දුවක් නෙමෙයි කියන එක.

දැන් මේක අපේ රටේ අපේ මිනිස්සුන්ගේ සින්දුවක් කියන එක. මේ ගීතය ලංකාවේ සිංහල සින්දුවක් කියලා ලෝකෙම කතා කරයි කියලා තමයි මම හිතන්නේ ” කියලයි මේ නිහතමානී ගායන ශිල්පියා අවසාන වශයෙන් කියලා තිබුනේ.