බදියුදීන් බිරිද මෙහෙකාර දැරියන්ගේ මුහුණ වැසිකිලියේ ඔබලා… නිවසේ තවත් අබිරහස් මරණ දෙකක් news

බදියුදීන් බිරිද මෙහෙකාර දැරියන්ගේ මුහුණ වැසිකිලියේ ඔබලා… නිවසේ තවත් අබිරහස් මරණ දෙකක්..

බදියුදීන් බිරිද මෙහෙකාර දැරියන්ගේ මුහුණ වැසිකිලියේ ඔබලා… නිවසේ තවත් අබිරහස් මරණ දෙකක්..

බදියුදීන් ඇමැතිතුමාගේ ගෙදර ටොයිලට් හරියට හේදුවේ නැති වුණාම නෝනා අපේ මූණ කොමඞ් එකේ ඔබලා ඒ ජරා වතුරෙන් නාවනවා. ඉඳුල් පිඟන් හරියට හේදුවෙ නැහැ කියලා පිඟන් වලින් ගහලා ඉඳුල් වතුර මූණට හලනවා යැයි හිටපු ඇමැතිවරයාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී කෲර වධ හිංසාවන්ට ලක්වූ තවත් දැරියක් පොලිස් ප‍්‍රශ්න කිරීම් හමුවේ හැඬූ කඳුළින් පිළිතුරු ලබා දී ඇත.

හිටපු ඇමැති රිෂාඞ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටි තවත් දැරියන් සහ තරුණියන් එකොළොස් දෙනකු අතරින් එක් දැරියක මෙම කෲර වධ හිංසා පිළිබඳව පොලිසිය වෙත මේ ආකාරයට හෙළිදරව්වක් කර තිබේ.

රිෂාඞ් බදියුදීන්ගේ බිරිඳ මෙන්ම පවුලේ සාමාජිකයන් ද මෙම මෙහෙකාර සේවයට පැමිණ සිටි දැරියන්ට සහ තරුණියන්ට මේ ආකාරයට කෲර වධ හිංසා පමුණුවා අමානුෂික පහරදීම් සිදුකර ඇති බව විමර්ශනවලින් මේ වනවිට හෙළි වී ඇත. ඇතැම් අවස්ථාවලදී නිවසේ තිබූ කොසු කැඩෙන තුරු පහරදීම් සිදුකර ඇති බවද හෙළිව තිබේ.

මේ අතර පිළිස්සී මියගිය දැරිය නවාතැන්ගෙන සිටි කාමරයේ තිබී සැකකටයුතු භාණ්ඩ කීපයක් ද පොලිසිය මේ වනවිට සොයාගෙන තිබේ.

පොලිස් විමර්ශනවලින් හෙළිවී ඇති අන්දමට මෙහෙකාර සේවයට පැමිණ සිටි තරුණියන්ගෙන් දෙදෙනකු මීට ඉහතදී අභිරහස් අන්දමින් මියගොස් තිබිණි. මින් එක් තරුණියක් බම්බලපිටියේදී දුම්රියට පැන සිය දිවි හානි කරගත් අතර අනෙක් තරුණිය හදිසියේම රෝගාබාධයන්ට ලක්වීමෙන් මියගොස් ඇති බව හෙළිවී තිබේ.

මෙම මරණ දෙක සම්බන්ධයෙන් ද පොලිසිය පුළුල් විමර්ශනයක් පවත්වාගෙන යයි.

මේ අතර රිෂාඞ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයට යොදවා ගත් තරුණියන් සහ දැරියන් සියලූ දෙනාගෙන් ප‍්‍රකාශ ලබා ගැනීම මේ වනවිට ආරම්භ කර ඇත.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් පොලිස් කණ්ඩායම් 5 ක් විසින් මෙම පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

හේමන්ත රන්දුණු
– divaina

ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

අවුරුදු 15 දැරිය හා කොටුවේ පොඩි නම සම්බන්ධ පුවතේ ඇත්ත හෙළිවෙයි” – කොටුවේ හාමුදුරුවෝ මේ දැන් CID ඉදිරිපිට උද්ගොෂණයේ

“අවුරුදු 15 දැරිය හා කොටුවේ පොඩි නම සම්බන්ධ පුවතේ ඇත්ත හෙළිවෙයි” – කොටුවේ හාමුදුරුවෝ මේ දැන් CID ඉදිරිපිට උද්ගොෂණයේ…

කොටුවේ පොඩි හාමුදුරුවන් වහන්සේ ලෙස කවුරුත් හඳුනන අත්තරගම ප්‍රඥාලංකාර ස්වාමීන් වහන්සේ සම්බන්ධව ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය සබන්ධයෙන් පළකර ඇති ප්‍රවෘතියකට සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ප්‍රචාර ලැබෙමින් ඇති අතර මේ සම්බන්ධව SriAVTV අප කල සොයා බැලීමකදී ඒ සම්බන්ධව තොරතුරු රැසක් අනාවරණය කරගැනීමට හැකියාව ලැබුනා.

එංගලන්තයේ සිට ක්‍රියාත්මක ලංකා ඊ නිවුස් දිගින් දිගටම රජය හා රජයට සාහය දෙන කණ්ඩායම් විවේචනය කරමින් මඩ පුවත් පතුරන වෙබ් අඩවියක් වන අතර සඳරුවන් සේනාධීර නමැත්තකු විසින් ක්‍රියාත්මක කරන මෙම අවෙබ් අඩවිය මංගල සමරවීර මහතාට සම්බන්ධ පිරිසක් මෙරට සිට මෙහෙයවනු ලබයි. ඒ අනුව රජයට පක්ෂපාති මතයක් දරන කොටුවේ පොඩි හාමුදුරුවන්ගේ නම මේ හා සම්බන්ධ කරමින් පුවතක් ගොතා ඇති අතර එම වෙබ් අඩවියේ පලකරන අනෙකුත් පුවත් සේම මෙම පුවතද කිසිදු සත්‍යතාවයක් නොමැති මඩ ප්‍රවෘතියක් බවට මේ වනවිට හෙළිවී තිබේ.

කෙසේ වෙතත් අද දිනයේ කොටුවේ පොඩි හාමුදුරුවන් කොටුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ඉදිරිපිට මේ සම්බන්ධව තමන් වරදක් කොට ඇතිනම් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් විරෝධතාවයක් පැවැත්වීමට සුදානම් බවටත් කරුණු අනාවරණය වුනා. එමෙන්ම අදාළ දැරිය අපහරණය සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ ජනාධිපති නියෝගයෙන් නවතා ඇති බවට අදාළ පුවත වාර්තා කොට ඇති අතර ඒ සම්බන්ධව අප කල සොයා බැලීමකදී පොලිසියේ ඉහල නිලධාරියකු කියා සිටියේ අදාළ සිදුවීම සම්බන්ධව පරීක්ෂණ දිගටම සිදුවන අතර ඒවාගේ කිසිදු වෙනසක් සිදුව නොමැති බවයි.

මේ අනුව ලංකා ඊ නිවුස් දිගින් දිගටම භික්ෂුන් වහන්සේලාට පහර ගසමින් මංගලලාගේ කල්ලතෝනි නිරාගමික මත වෙනුවෙන් පෙනී සිටිමින් කරනා ජඩ මාධ්‍ය මෙහෙයුමේම කොටසක් ලෙස මේ අසත්‍ය පුවත් පලකිරීමද දැක්විය හැකිය.

ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

විමල්-උදයගේ ඇමතිකම්වලට වෙනත් අය සූදානම් කෙරේ sriavtv

විමල්-උදයගේ ඇමතිකම්වලට වෙනත් අය සූදානම් කෙරේ..

විමල්-උදයගේ ඇමතිකම්වලට වෙනත් අය සූදානම් කෙරේ..

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන ඇමතිවරුන් ඇතුළු ආණ්ඩුවේ සෙසු පක්ෂ ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් ඒ සඳහා ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ යම් සාකච්ඡාවක් ඇතිව තිබෙන බව ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

එවන් තත්වයකදී දැනට ඔවුන් අමාත්‍ය ධුරවල පුරප්පාඩු ඒ සඳහා පත් කරන ඇමැතිවරුන් පිළිබඳව සලකා බැලීමක් සිදු කර ඇතැයිද පැවසේ.

දැනටමත් ආණ්ඩුවේ ඇමතිධුර නැති ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ඒ සඳහා යෝජනා වී ඇති බවද දැනගන්නට තිබේ.

මේ අතර වාර්තා වන්නේ නුදුරේදීම කැබිනට් මංශෝධනයක්ද සිදු වීමට නියමිතව ඇති බවයි.

ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network