චන්නගේ කෝටි 20 නිවස’ කැන්ටින් අසේලට වැලිකඩට පාර පෙන්නයි… කෝටි 50 වන්දි ගෙවන්න වෙයි

  • ‘චන්නගේ කෝටි 20 නිවස’ කැන්ටින් අසේලට වැලිකඩට පාර පෙන්නයි… කෝටි 50 වන්දි ගෙවන්න වෙයි

    ‘චන්නගේ කෝටි 20 නිවස’ කැන්ටින් අසේලට වැලිකඩට පාර පෙන්නයි…  කෝටි 50 වන්දි ගෙවන්න වෙයි..

    රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන ඇතුල් කෝට්ටේ ප්‍රදේශයෙන් රුපියල් මිලියන 200ක නිවසක් මිලදීගෙන ඇති බවත්, චන්න ජයසුමන, SPC සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සහ SPMC සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මහතා එකතුව සිනොවැක් නමින් බෙහෙතක් ගෙන්වා තෙල් කුප්පි පුරවන ආකාරයට පුරවා මිනිසුන්ගේ ජීවිත අවධානමේ හෙලන බවත් ජුනි මස 15 දින කොළඹ දී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් අසේල සම්පත් නම් අයෙකු ප්‍රකාශ කලේය.

    තව ද අද සෞඛ්‍ය ඇමතිවරුන්ට රගන්නට හැකිව ඇත්තේ එදා හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නිර්භයව නොපැකිලව ගත් තීරණ නිසා බව ද හෙතෙම පැවසීය.

    ජනාධිපති නීතීඥ V.K.චොක්සි මහතාගේ උපදෙස් පරිදි නීතීඥ අතුල ද සිල්වා මහතා මේ සම්බන්ධයෙන් අසේල සම්පත් යන අයට එන්තරවාසියක් යවමින් සදහන් කර ඇත්තේ චන්න ජයසුමන මහතාට හෝ ඔහුගේ පවුලේ සමීපතමයෙකුට ඇතුල් කෝට්ටේ ප්‍රදේශයේ කිසිදු නිවසක හිමිකාරීත්වය නොමැති බවත්, ලෝක සෞඛ්‍ය සංවිධානය පවා COVID 19 සදහා සිනොවැක් එන්නත හදිසි භාවිතයට අවසර ලබා දී ඇති බවත්ය.

    එන්නත්කරණ වැඩපිලිවෙල පිළිබඳ ජනතා විශ්වාසය බිඳ වැට්ටවීමේ අරමුණින් හිතාමතාම ද්වේශ සහගත ලෙස මෙම ප්‍රකාශය සිදු කර ඇති හෙයින් සිදු වූ හානියට සති 2ක් ඇතුලත රු.මිලියන 500ක වන්දියක් ලබා දෙන ලෙසත් නොඑසේ නම් නීතිමය ක්‍රියාමාර්ගයක් මගින් එය අයකර ගන්නා බවත් ය.

    මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් අමාත්‍ය චන්න ජයසුමන පොලිස්පතිතුමාට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කල අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සදහා විමර්ශනයක් ආරම්භ කර ඇත.

    අසේල සම්පත් මහතා මීට පෙර කිහිප වතාවක්ම අත්අඩංගුවට ගෙන ඇති අතර රක්ෂිත බන්ධනාගාර ගතව නිදහස ලබා පැමිණ ඇත්තේ සති කිහිපයකට පෙර බව ද වාර්තා වෙයි.

    -reporter


ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network