ජා-ඇල සහ සපුගස්කන්දෙන් හමුවූ "අයිස්" කතාවේ සුලමුල : එකම පවුලේ දරු දෙදෙනා සහ දෙමව්පියන් අත්අඩංගුවට sriavtvnetwork


ජා-ඇළ නිවන්දම සහ සපුගස්කන්ද රග්ගහවත්ත ප‍්‍රදේශයේ නිවාස දෙකක පවත්වාගෙන ගිය අයිස් මත්ද්‍රව්‍ය ගබඩාවක් වැටලූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය එහි ගබඩා කර තිබූ රුපියල් කෝටි 113 කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග එම ගබඩාව පවත්වාගෙන ගිය එකම පවුලේ මවක පියකු දියණියක පුත‍්‍රයකු ඇතුළු එකොළොස් දෙනකු ඊයේ අලූයම අත්අඩංගුවට ගෙන ඇත.

මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් මෙම ගබඩාව වැටලීමට පැය 10 කට පෙර එහි ගබඩා කර තිබූ රුපියල් කෝටි 50 කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගය රැුගෙන ගොස් තිබී ඇති බව විමර්ශනවලින් හෙළි වී ඇත.

ඒ අනුව ජාඇලදී අත්අඩංගුවට ගත් සැකකරුවන් ගෙන් සිදුකළ ප‍්‍රශ්න කිරීම්වලදී සපුගස්කන්ද ප‍්‍රදේශයේ නිවසක සඟවා තිබූ තවත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ සියයක් සොයාගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් එහිදී ද සැකකරුවන් පස්දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය පවසන්නේ අයිස් මත්ද්‍රව්‍ය සඳහා පවතින නීති රීතිවල ලිහිල් බව නිසා ජාවාරම්කරුවන් වැඩි වශයෙන් අයිස් මත්ද්‍රව්‍ය අලෙවි කිරීමට පෙළඹී සිටින බවයි.


මෙහිදී අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය තොගය ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත ‘නිපුන’ නමැත්තා විසින් ශී‍්‍ර ලංකාවට එවා ඇති බව විමර්ශනවලින් හෙළිවී ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයට ලැබුණු තොරතුරකට අනුව ජාඇල නිමන්දම ප‍්‍රදේශයේ නිවාස දෙකක් සහ පමුණුගම ප‍්‍රදේශයේ පිහිටි හෝටලයක් වටලා මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි.

ජාවාරම්කරුවන් මෙම මත්ද්‍රව්‍ය ගබඩාවේ තිබී රැුගෙන ගිය අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සොයා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය පුළුල් මෙහෙයුමක් ආරම්භ කර ඇත.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, මත්ද්‍රව්‍ය නාශක අංශයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සාමන්ත විජේසේකර යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ වැඩිදුර විමර්ශන පැවැත්වෙයි.

ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network