රිෂාඩ් බදියුදීන් හා සහෝදරයා අත්අඩංගුවට ගනී… අත්අඩංගුවට ගනිද්දී බදියුදීන් සමාජ ජාලය ඔස්සේ වීඩියෝවක්..



හිටපු ඇමති රිෂාඩ් බදුර්දීන් සහ ඔහුගේ සහෝදර රියාජ් බදුර්දීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

2019-4-21 පාස්කු දිනයේ මෙරරට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාළව එම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

එම පාස්කු ප්‍රහාරය මරාගෙන මැරුණ ඝාතකයන්ට ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කරන ලද බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසීය.

මොවු සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන සිදුකරන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

අත්අඩංගුවට ගැනීමට පෙර සමාජ ජාල ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් රිෂාඩ් බදියුදීන් කියා සිටියේ තමන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නොපෙන්වූ බවයි. එමෙන්ම මන්ත‍්‍රීවරයෙක් වන තමන් අත්අඩංගුවට ගැනීම ගැන කතානායකවරයාද නොදැනුවත් බවත් කුමන චෝදනාවකට අත්අඩංගුවට ගන්නේදැයි නොදන්නා බවත් ඔහු කියා සිටියේය.


ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

සජිත් ප්‍රේමදාස ඉස්ලාම් ත්‍රස්තවාදීන් සමග ගනුදෙනුවක – ඥානසාර හිමි සියල්ල හෙළිකරයි! [VIDEO]

සජිත් ප්‍රේමදාස ඉස්ලාම් ත්‍රස්තවාදීන් සමග ගනුදෙනුවක – ඥානසාර හිමි සියල්ල හෙළිකරයි! [VIDEO]

ඉස්ලාම් ත්‍රස්තවාදීන්ට අරමුදල් සපයන “කටාර් චැරිටි” ආයතනයේ ශ්‍රී ලංකා ශාඛාව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සුරතින් 2018 වසරේදී ආරම්භ කර ඇති බව අද (21) පැවති මාධ්‍ය හමුවකදී බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි සඳහන් කර සිටියා.

මේ උන්වහන්සේ සිදුකල හෙළිදරව්ව…

ඉස්ලාම් ත්‍රස්තවාදීන්ට මුදල් සම්පාදනය කරන බවට චෝදනා එල්ල වී ඇති qatar charity නමි ආයතනයේ ශාඛාවක් ශ්‍රී ලංකාව තුළ 2018 වසරේ මාර්තු තුන්වනදා ආරම්භ කර ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

මෙහි සුවිශේෂීතම කරුණ නම් අදාල ශාඛාව එවකට නිවාස අමාත්‍යවරයාව සිටි දැනට ශ්‍රී ලංකාවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සුරතින් විවෘත වීමයි.

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සෙවීමට උත්සාහ කරන විපක්ෂය දැන හෝ නොදැන ශ්‍රී ලංකාවේ ඉස්ලාම් ත්‍රස්තවාදය ගොඩනැගීම සඳහා උදව් කර ඇති ආකාරය අද අපි කතා කරන මේ මාතෘකාව හරහා ප්‍රත්‍යක්ෂ වේ.

2017 වසරේ සිට සවුදි අරාබියාව, එක්සත් අරාබි එමිර් රාජ්‍යය සහ ඊශ්‍රායලය තම රටවල් තුළ Qatar charity ක්‍රියාත්මකවීම තහනම් කර ඇත.

2020 වසරේ සැප්තැම්බර් 23 ඩේලිමිරර් පුවත්පතේ පළ කෙරෙනු පුවතක සඳහන් වන ආකාරයට දැනට අත්අඩංගුවේ සිටින නීතිඥ hijaz hizbullah වෙත ත්‍රස්තවාදී ක්‍රියා සඳහා qatar charity ආයතනය මුදල් ලබා දී ඇත.

අධිකරණයට කරුණු වාර්තා කරමින් ශ්‍රී ලංකා පොලිසියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව qatar charity ආයතනය ත්‍රස්තවාදීන්ට මුදල් සම්පාදනය කරන ආයතනයක් ලෙස හඳුන්වා ඇත.

එවැනි සංවිධානයක ශ්‍රී ලංකා ශාඛාව ආරම්භ කරන අවස්ථාවට සහභාගී වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිදුකළ මෙම ප්‍රකාශයෙන් යහපාලන රජය සමයේදී කෙතරම් නිදහසේ ඉස්ලාම් ත්‍රස්තවාදය දළුලා වැඩුණු ද සහ අමාත්‍යවරුන්ගේ අනුග්‍රහය ඒ සඳහා ලැබුණද යන්නට නිදසුන් සපයයි…

ත්‍රස්තවාදීන් සමඟ ගනුදෙනු කළ බවට විවිධ පාර්ශවයන්ගෙන් චෝදනා එල්ල වූ එවක අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් සමග A. H. M ෆවුසි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

කටාර් චැරිටි විසින් හමාස් සහ පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් (PIJ) ත්‍රස්ත කණ්ඩායම් සඳහා ඩොලර් මිලියන ගණනක් යොදවා ඇති බවට චෝදනා එල්ලවේ.

ඇමරිකා එක්සත් ජනපදයේ අධිකරණ තුල කටාර් චැරිටි, මස්රාෆ් අල් රයාන් බැංකුව සහ කටාර් ජාතික බැංකුව යන ආයතන තුන විත්තිකරුවන් කරමින් ත්‍රස්තවාදීන්ට මුදල් සම්පාදනය කිරීම සම්බන්ධ නඩු කිහිපයක් ගොනු කර ඇත.

ජාත්‍යන්තර වාර්තාවලට අනුව, කටාර් චැරිටි විසින් ලොව පුරා විවිධ රටවලින් එකතුකරගත් අරමුදල් කටාර්, දෝහා හි මස්රාෆ් අල් රයාන් බැංකුවේ පිහිටි සිය ගිණුමට මාරු කර ඇති අතර පසුව එම මුදල් නිව්යෝර්ක් හරහා පලස්තීනයේ කටාර් පුණ්‍යායතනවල ගිණුම් වෙත මාරු කර ඇත.

කටාර් චැරිටි හී පලස්තීන ප්‍රදේශවල ශාඛා එම අරමුදල් ලබාගෙන ඒවා හමාස් සහ පී.අයි.ජේ වෙත ලබා දී ඇති අතර, එම ත්‍රස්තවාදී සංවිධානවලට අනුබද්ධ පුණ්‍යායතන ද වේ.

හමාස් සහ පී.අයි.ජේ එම අරමුදල් ඊශ්‍රායලයේ හා පලස්තීන ප්‍රදේශවල ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සඳහා මුදල් යෙදවීමට යොදා ගෙන ඇත.

2015 දී මාස හයක කාලයක් තුළ කටාර් චැරිටි විසින් මස්රාෆ් අල් රයාන් බැංකුව භාවිතා කරමින් ඩොලර් මිලියන 28 කට වැඩි මුදලක් දෝපලස්තීන කලාපයේ කටාර් චැරිටි ශාඛා දෙකකට යවා ඇතැයි කියනු ලැබේ.

මේ අතර කටාර් චැරිටි වෙත එල්ලවෙන තවත් චෝදනාවක් වන්නේ, චෙච්නියාවේ සහ මාලි හි ත්‍රස්ත සංවිධානවල මූල්‍යකරුවෙකු සහ ආයතනයක් ලෙස කටයුතු කර ඇති අතර සිරියාවේ අහ්ෆද් අල් රසුල් බළකායට අරමුදල් සැපයීමයි.

බ්‍රිතාන්‍යයේ ලියාපදිංචි කටාර් රාජ්‍ය පාලිත බැංකුවක් වන අල් රයාන් එක්සත් රාජධානියේ මුදල් විශුද්ධිකරණ පාලනයන් පිළිබඳව විමර්ශනය කරමින් සිටී.

කටාර් චැරිටි යොදා ගනිමින් හමාස් සහ පීඅයිජේ ත්‍රස්තවාදී සංවිධානවලට අරමුදල් ලබා දීම සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ පිහිටි මස්රාෆ් අල් රයාන් බැංකුවට විරුද්ධව මුදල් විශුද්ධිකරණ පාලනයන් පිළිබඳව විමර්ශනය කරමින් සිටී.

කටාර් රාජ්‍ය රැකවරණය සපයන ත්‍රස්තවාදීන්

කලීඩ් මේෂාල් – හමාස් හි හිටපු නායක
ඉස්මයිල් හනියා – හමාස් නායකයා
යූසුෆ් අල්-කරදාවි – මුස්ලිම් සහෝදරත්වයේ දෘෂ්ටිවාදියා
ෆාස්ල් මොහොමඩ් මැස්ලූම් – තලේබාන් සංවිධානයේ හිටපු ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය
නුරුල්ලා නුරි – තලේබාන් හිටපු හමුදාපති
අබ්දුල්-හක් වාසික් – තලේබාන් සංවිධානයේ හිටපු බුද්ධි අංශ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්

උපුටා ගැනීම : www.colombotoday.com


ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

ප‍්‍රභාකරන් ඊලම ගත්තත් කමක් නෑ.. ඌ අපේ එකෙක්.. පෝට් සිටි පනත නම් එපා..- දඹර අමිල හිමි

ප‍්‍රභාකරන් ඊලම ගත්තත් කමක් නෑ.. ඌ අපේ එකෙක්.. පෝට් සිටි පනත නම් එපා..- දඹර අමිල හිම

ප‍්‍රභාකරන් ඊලම ගත්තත් කමක් නෑ.. ඌ අපේ එකෙක්.. පෝට් සිටි පනත නම් එපා..- දඹර අමිල හිමි

කොළඹ වරාය නගරය කොමිසන් සභා පනත් කෙටුම්පත මගින් ඇතිවන භූ දේශපාලන තත්වයෙන් මෙරට ජාතික ආරක්ෂාවට සිදුවන බලපෑම සම්බන්ධයෙන් කිසිදු වගන්තියක් නැතැයි සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.

ප‍්‍රභාකරන් ඊළම පිහිටුවේ නම් මෙතරම් බලපෑමක් සිදු නොවන බවද එහි සංවිධායක පූජ්‍ය දඹර අමිල හිමියෝ සඳහන් කළහ.

ප්‍රභාකරන් මොනවා උනත් ලංකාවේ උතුරේ මනුස්සයෙකු නිසා වෙනම රාජ්‍යයක් ගත්තත් කමක් නැතැයි සිෙතන බවද උන්වහන්සේ පැවසූහ.

එම සංවිධානය විසින් කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී උන් වහන්සේ මේ අදහස් පල කරන ලදී.

22,047 views
ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

ජා-ඇල සහ සපුගස්කන්දෙන් හමුවූ "අයිස්" කතාවේ සුලමුල : එකම පවුලේ දරු දෙදෙනා සහ දෙමව්පියන් අත්අඩංගුවට sriavtvnetwork


ජා-ඇළ නිවන්දම සහ සපුගස්කන්ද රග්ගහවත්ත ප‍්‍රදේශයේ නිවාස දෙකක පවත්වාගෙන ගිය අයිස් මත්ද්‍රව්‍ය ගබඩාවක් වැටලූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය එහි ගබඩා කර තිබූ රුපියල් කෝටි 113 කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග එම ගබඩාව පවත්වාගෙන ගිය එකම පවුලේ මවක පියකු දියණියක පුත‍්‍රයකු ඇතුළු එකොළොස් දෙනකු ඊයේ අලූයම අත්අඩංගුවට ගෙන ඇත.

මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් මෙම ගබඩාව වැටලීමට පැය 10 කට පෙර එහි ගබඩා කර තිබූ රුපියල් කෝටි 50 කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගය රැුගෙන ගොස් තිබී ඇති බව විමර්ශනවලින් හෙළි වී ඇත.

ඒ අනුව ජාඇලදී අත්අඩංගුවට ගත් සැකකරුවන් ගෙන් සිදුකළ ප‍්‍රශ්න කිරීම්වලදී සපුගස්කන්ද ප‍්‍රදේශයේ නිවසක සඟවා තිබූ තවත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ සියයක් සොයාගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් එහිදී ද සැකකරුවන් පස්දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය පවසන්නේ අයිස් මත්ද්‍රව්‍ය සඳහා පවතින නීති රීතිවල ලිහිල් බව නිසා ජාවාරම්කරුවන් වැඩි වශයෙන් අයිස් මත්ද්‍රව්‍ය අලෙවි කිරීමට පෙළඹී සිටින බවයි.


මෙහිදී අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය තොගය ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත ‘නිපුන’ නමැත්තා විසින් ශී‍්‍ර ලංකාවට එවා ඇති බව විමර්ශනවලින් හෙළිවී ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයට ලැබුණු තොරතුරකට අනුව ජාඇල නිමන්දම ප‍්‍රදේශයේ නිවාස දෙකක් සහ පමුණුගම ප‍්‍රදේශයේ පිහිටි හෝටලයක් වටලා මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි.

ජාවාරම්කරුවන් මෙම මත්ද්‍රව්‍ය ගබඩාවේ තිබී රැුගෙන ගිය අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සොයා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය පුළුල් මෙහෙයුමක් ආරම්භ කර ඇත.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, මත්ද්‍රව්‍ය නාශක අංශයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සාමන්ත විජේසේකර යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ වැඩිදුර විමර්ශන පැවැත්වෙයි.

ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

සිද්ධිකා හෙලි නොකල වස ආහාර ලයිස්තුව මෙන්න..- GMOA හෙලි කරයි


ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සහතික ගැන කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එහි මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය ​සමන්ත ආනන්ද මහතා සඳහන් කරන්නේ ප්‍රමිති ආයතන ප්‍රධානීන්ගේ වත්කම් සොයා බැලීමට කටයුතු කළ යුතු බවයි.

මෙම ආයතන වල ප්‍රධානීන් තම රැකියාවෙන් විශ්‍රාම ගත් පසු ඊළඟට සේවය කිරීමට යන්නේ තමන් උදව් කළ පෞද්ගලික ආයතන වලට බවද ඔහු කියා සිටී.

මෙරට වෙළඳ පොළේ ඇති කිරිපිටි වල පාම් තෙල් ඇති බවද ඔහු සඳහන් කළේය.

අන්තර්ජාල නාලිකාව සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

ප්‍රමිති ආයතනය විසින් හෙළි නොකරන ලද විෂ සහිත ආහාර ලැයිස්තුවක්ද ඔහු මෙහිදී හෙළිදරව් කළේය.



ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

අන්තවාදි සංවිධාන 11 ක් තහනම් කිරීමට නීතිපති අනුමැතිය sriavtvnetwork news

ශ්‍රී ලංකාව තුළ අන්තවාදී ක්‍රියකාරකම්වලට සම්බන්ධ බව කියන ඉස්ලාම් සංවිධාන 11 තහනම් කිරීමට නිතිපති අනුමැතිය ලබාදී ඇත.

 

01 එක්සත් තව්හිද් ජමාද්

02 සිලෝන් තව්හිද් ජමාදි

03 ශ්‍රී ලංකා තව්හිද් ජමාද්

04 සමස්ත ලංකා තව්හිද් ජමාත්

05 ජමියතුල් අන්සාරි සුනිනකුලි මෙහොමදිය

06 දාරුල් අදර් ජමිලිඋල් අදර්

07 ශ්‍රී ලංකා ඉල්ලාමීය ශිෂ්‍ය සංගමය

08 ජමිය අයි.එස්.අයි.එස් සංවිධානය

09  අලිඩි කයිඩා සංවිධානය

10 සෙවි ද පර්ල් සංවිධානය

11 සුපර් මුස්ලිම් සංවිධානය

මෙසේ තහනම් කිරීමට උපදෙස් දී ඇත.



ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

අසීමිත අන්තර්ජාල සේවා දෙන්න සියල්ල සුදානම් – ලැබෙන දිනය ගැන TRC හෙළිකරයි sriavtvnetwork news

අසීමිත අන්තර්ජාල සේවා පැකේජ ලබන සතියේ සිට හඳුන්වාදීමට හැකි වනු ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා.

එහි අධීක්ෂණ කටයුතු ද සිදු කරන බවයි ඔවුන් සඳහන් කළේ.

මේ සඳහා සියලු සේවා සපයන ආයතන මේවන විට ඔවුන්ගේ සැලසුම් ඉදිරිපත් කර ඇති බවත්, එම සැලසුම් නැවත සලකා බැලීමකින් අනතුරුව ලබන සතියේ සිට ඒවා ක්‍රියාවට නැංවීමේ හැකියාව සොයා බලන බවයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීමට මෙම සතිය තුළ හැකිවනු ඇති බවත්, එසේවුවහොත් ලබන සතියේ සිට ජංගම දුරකථන භාවිත කරන පාරිභෝගිකයන්ට අධිවේගී අන්තර්ජාල පහසුකම් අඛණ්ඩව ලබාදීමට හැකිවනු ඇති.

කෙසේවෙතත් මෙම පහසුකම් සැපයෙන පැකේජ මෙතෙක් එළිදක්වා නැහැ


ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

නාග දිව්‍ය රාජයා මගේ පෙර ඥාතියෙක්.. මා නාග ලෝකය සමග සබදකම් පවත්වනවා.. කැලණියේ ධාතු මතුවීම සත්‍යයි.. මා නාග හා මනුෂ්‍ය ලෝක අතර පණිවුඩකරුවෙක් sriavtvnetwork


ඓතිහාසික කැලණි පුරවරය හා සම්බන්ධ ඉපැරැණි මූලාශ්‍ර බොහෝය. විජයාගමනයට පෙර කැලණිය ගැන සඳහන් වී ඇත්තේ බුදුන්ගේ ලංකාගමනය පිළිබඳ තොරතුරු හෙළිකෙරෙන ආකාරය දීපවංසය හා මහාවංසය වැනි ඓතිහාසික ග්‍රන්ථයන්හි සඳහන් තොරතුරුවලට අනුව බුදුන් වහන්සේ බුද්ධත්වයෙන් පස්වැනි මාසයේ නාග ගෝත්‍රික චූලෝදර හා මහෝදර දෙසොහොයුරන් අතර නාගයන්ගේ මිණි පළඟ හේතුකොටගෙන හටගත් යුද්ධය නැවැත්වීමට නාගදීපයට වැඩම කර ඇත.

ඒ අවස්ථාවේදී මහෝදර නාරජුගේ මලණුවන් වූ කැලණියේ මණිඅක්ඛිත නාරජු බුදුන්ගේ ධර්ම දේශනාව අසා බුදුන් සරණ ගිය බවත්, බුදුන් වහන්සේ මණිඅක්ඛිත නාරජු මුණ ගැසුණු බවත් මහාවංසය විස්තර කෙරෙයි.

බුද්ධත්වයෙන් අටවැනි වර්ෂයෙහි බුදුන් වහන්සේ පන්සියයක් රහතුන් වහන්සේ කැටුව මණිඅක්ඛිත නාරජුගේ කැලණි රාජධානියට වැඩම කර කැලණි සෑය පිහිටි තන්හි කරවන ලද රන් මණ්ඩපයක වැඩ හිඳ නාරජු ප්‍රමුඛ දෙව් මිනිසුන්ට ධර්ම දේශනා කළ බවද මහාවංසයේ පළමුවැනි පරිච්ඡේදයේ සඳහන් වේ.

ඉන් ගම්‍ය වන්නේ ඓතිහාසික කැලණිය නාග ගෝත්‍රික ජනාවාසයක් ලෙස වසර දහස් ගණනක ඉතිහාසයකට හිමිකම් කියන බවය.

කැලණි පුරවරයේ මුදුන් මල්කඩ සේ සැලකෙන කැලණි රජමහ විහාරය ඓතිහාසික රාජධානි සමයේ පටන් වර්තමානය දක්වාම ලෝවැසි බොදු දනන්ගේ පූජනීයත්වයට බඳුන් වන්නේය. කැලණි රජමහ විහාරයෙහි වර්තමාන විහාරාධිපති ධුරය දරනුයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමිපාණන්ය.

කැලණි මහ වෙහෙරට නාග ලෝකයෙන් සර්වඥධාතූන් වහන්සේලා වැඩමකළ ප්‍රවෘත්තියෙන් 2019 නොවැම්බරයේ රට තුළ මහත් ආන්දෝලනයක් හට ගත්තේය. එමඟින් බෞද්ධ බැතිමතුන් මහත් භක්ති ප්‍රමෝදයට පත්වූ අතර ඇතැම් පිරිස් එය උපහාසයට ලක්කොට දේශපාලන අරමුණු සාක්ෂාත් කර ගන්නට වෑයම් කරන බව පෙනිණි.

ඒ අතරම මෙම සිදුවීම සම්බන්ධව යථාවාදී තථාකාරීව සත්‍යය සොයන මැදහත් පිරිසක්ද සිටියහ. කෙසේ වුවද කැලණි මහ වෙහෙරෙහි අභිනවයෙන් ඉදිකෙරුණු නාග දේවාලයේ පූජාව පවත්වන සෑම මාසයකම ප්‍රථම සෙනසුරාදා දිනයෙහි දස දහස් සංඛ්‍යාත බැතිමතුන් නාග වන්දනාවට පැමිණෙන බවද අසන්නට ලැබිණි.

මේ වනවිට අදාළ සිදුවීමට වසර දෙකකට වැඩි කාලයක් ගතවී තිබේ.

නා ලොවින් ධාතුන් වහන්සේ වැඩම වීම පාදක කරගනිමින් මහ සංඝරත්නයට සහ නාග දේවාලයේ යෝගී තුමාට අපහාස කිරීම් අඩුවී නැත.

විශේෂයෙන් සමාජ මාධ්‍යවල එය දිගින් දිගටම සිදුවන බව පෙනේ. මිනිසුන්ට තමන් අභිමත මත දරන්නට අයිතියක් ඇති නමුත් කිසිවකු දරන මතය හේතුවෙන් ඔහු පෙළෙන්නටද අයිතියක් නැත. සත්‍යය සුන්දරය.

අප ඊට ගරු කළ යුතුය. සැබෑ ලෙසම කැලණියේ සිදුවූයේ කුමක්දැයි පිරිසිඳ දැන ගැනීමට අප ඇමැතිය යුතු හොඳම තැනැත්තා කැලණි රජමහ විහාරාධිපති මහාචාර්ය මහින්ද සංඝරක්ඛිත හිමියන්ය. උද්ගත වී ඇති තත්ත්වය සම්බන්ධයෙන් අපි උන්වහන්සේගෙන් විචාළෙමු.

කැලණි රජමහ විහාරාධිපති වගේම මේ රටේ බොහෝ දැන උගත් සංඝ පීතෘනමක් හැටියට ඔබ වහන්සේ පිළිබඳව බෞද්ධ ජනතාව අතර විශාල ගෞරව භක්තියක් තිබෙනවා. කැලණි විහාරයට නාග ලොවින් සර්වඥ ධාතුන් වැඩම කළ බව කියන සිදුවීම පදනම්කොට ගෙන ඊට හානි පැමිණ වීමේ උත්සාහයක් අපි දකිනවා. කුමක්ද මේ ගැන හිතන්නේ?

මේ සිදුවීමට අවුරුදු තුනකට ආසන්න ඉතිහාසයක් තිබෙනවා. ඒ සිද්ධිය වූ වකවානුවේ දැඩි ලෙස විවේචන එල්ල වුණා. මේ රටේ තිබෙන ප්‍රකට දේශපාලන පක්ෂ දෙකක් තමයි. ඒ මඩ ගැහීමේ ව්‍යාපාරය ආරම්භ කළේ. ඇත්ත වශයෙන්ම ඕනෑම පුද්ගලයකුට මේ සිද්ධියේ සත්‍ය අසත්‍යතාව සොයා බැලීමට හැකියාව තිබෙනවා. ඒ වගේම එය කළ යුතුව තිබෙනවා.

ඔබවහන්සේ පවසන්නේ නාග ලොවින් සර්වඥ ධාතුන් වහන්සේ වැඩම කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට කිසිවකු උත්සාහය නොකළ බවද?

මේක ඇත්තදැයි සොයා බැලීමට ඔවුන් උත්සාහ කළේ නැහැ. සෙකන්ඩ් සෝසස්වලින් තමයි ඔවුන් මේකට මඩ ගහන්නෙ. පුද්ගලයකු යම් කිසි සත්‍යයක් සොයනවා නම් ඔහු ඔර්ජිනල් සෝසස්වලට යන්න ඕනෑ. මුල් කාරණා කතා බහට ලක්වෙන්න අවශ්‍යයයි.

එවැනි උත්සාහයක් කිසිවකු දැරුවේ නැද්ද?

නැහැ. සියලුම දෙනා යැපෙන්නේ දෙවැනි කරුණා මතයි. මේ සිදුවීමේ පාරභෞතික ලක්ෂණ තිබෙන බව මම පිළිගන්නවා.

භෞතිකවාදී විශ්ලේෂණ මත පිහිටා මේ සිදුවීම විස්තර කළ නොහැකි බවද ඔබවහන්සේ පෙන්වා දෙන්නේ?

ඔව්, මේ ධාතූන් වහන්සේලා ආවේ නාග ලෝකෙන්. මණිඅක්ඛිත නාරජු තමයි දුන්නේ. එතකොට ඒක පාරභෞතිකයි. අපේ පංචේන්ද්‍රියන්ට ගොදුරු වෙන්නේ නැහැ. නමුත් උදාර මහතා ප්‍රමුඛ පිරිස කැලණි ගංගාවේ තිබී මේක ගත්තා කියන කාරණය ප්‍රත්‍යක්ෂයි. ඒක අපිට අත්දකින්න පුළුවන්කම තියෙනවා. මේ සිදුවීම බොරුවක් කරන්න අපි කාටවත් වුවමනාවක් නැහැ.

මෙම සිදුවීම ජනාධිපති මැතිවරණය ආසන්නයේ වීම විවිධ මත නිර්මාණය වීමට එක් හේතුවක් වුණා නොවේද?

අභාග්‍යයකට වගේ මේ සිදුවීම ජනාධිපතිවරණය ආසන්නයේ වුණා. මේ ධාතුන් වහන්සේලා මට දෙනවා කියන එක පොරොන්දු වුණේ අවුරුදු 04කට ඉස්සරයි.

කවුද ඒ පොරොන්දුව දුන්නේ?

මණිඅක්ඛිත නා රජු. මේ නාග දේවාලයේ ප්‍රතිමාව ප්‍රතිෂ්ඨාපනය කරල මාසිකව පූජා සත්කාර කරන අවස්ථාවේ ලැබුණු පණිවුඩයක් තමයි ඒක.

ස්වාමීන් වහන්සේ ඒක අපැහැදිලියි. කොහොමද එහෙම පණිවුඩයක් ලැබෙන්නේ?

මට නාග ලෝකයට කතා කරන්න බැහැනේ. මට එහෙම හැකියාවක් නැහැ. ඒක සිදු කෙරුණේ උදාර යෝගිතුමා මාර්ගයෙන්. නැවැත නැවැත කියලා ඒ අනුව තමයි මේක හමුවුණේ. එය ලැබීම මේ කියන අවස්ථාවේ සිදුවීම නිසා දේශපාලන චරිතයක් ආදේශ කරන්න හේතු වුණා.

සත්‍ය ලෙසම මේ ධාතුන් වහන්සේලා වැඩම වීමේ සිදුවීම පසුබිමේ දේශපාලන අරමුණක් නැද්ද?

අවංකවම හෘදය සාක්ෂ්‍යයට එකඟවයි මම කියන්නේ. මේ ධාතුන් වහන්සේ වැඩම වීම පිටුපස කිසිම දේශපාලන අරමුණක් නැහැ. ඒක ඉතාමත් පවිත්‍රයි.

අපි දන්නවා මෙවැනි සිදුවීමක් විශ්වාස කරන අය ඉන්නවා වගේම විශ්වාස නොකරන පිරිසකුත් සමාජයේ සිටිනවා.?

ඇත්ත වශයෙන්ම කෙනකුට මේක ප්‍රතික්ෂේප කරන්න පුළුවන්, මම ඕවා විශ්වාස කරන්නේ නැහැ කියලා. ඒක ඒ පුද්ගලයාගේ අයිතියක්. හැබැයි ලැබිච්ච දේ බොහොම ග්‍රාම්‍ය විධියට විවේචනය කරමින් අපට මඩ ගහමින් බැතිමතුන්ගේ තිබෙන ශ්‍රද්ධාවට පහර ගැසීම මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්. මොකද එක්කෙනෙක් ප්‍රතික්ෂේප කරන්න පුළුවන් මේක ධාතුන් වහන්සේ නොවේය කියලා. නමුත් මම විශ්වාස කරනවා සැබෑ ලෙසම මෙහි වැඩ සිටින්නේ සර්වඥ ධාතුන් වහන්සේලා කියලා. එහෙම විශ්වාස කරන්න මට අයිතියක් තියෙනවා. ඒ අයිතිය ලංකාණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් වගේම එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් ප්‍රඥප්තියෙනුත් මට ලැබිලා තියෙනවා.

ඔබ වහන්සේ ඒ මත පිහිටා ක්‍රියා කළා?

මේක විශ්වාස කරන්නේ නැහැ කියලා ඒකට පදනම් විරහිතව තුන්වන පාර්ශ්වයේ ඝෝෂස් අරගෙන මඩ ගැසීම පහර ගැසීම බුද්ධිමය ක්‍රියාවලියක් නොවෙයි. සත්‍යය සොයන ක්‍රියාවලියක් නොවෙයි. ඒක ද්වේෂය පූර්වකව සිදු කරන්නක්. එක් සූත්‍රයක බුදු රජාණන් වහන්සේ සඳහන් කරනවා පුද්ගලයකු ද්වේෂයෙන් තම මනස පීඩාවට පත්කර ගත්තායින් පස්සේ භූතේනවා යමක් සත්‍යමයි. භූතේනවා යමක් සත්‍ය වුණත් ඒ පුද්ගලයා ඒක මොකද කරන්නේ, තබ්බනා ජාතී. එයා සත්‍යය පිළිගන්නේ නැහැ ප්‍රතික්ෂේප කරනවා. ද්වේෂයෙන් වැඩුණු සිතකින් තමයි ඒ කාරණය දෙස බලන්නේ. හේතුව තමන්ගේ දේශපාලන අරමුණක් මේකට සම්බන්ධ කර මේක දැකීම. ඒ නිසා එවැනි අයට මේක දකින්න පුළුවන් කමක් නැහැ. ශ්‍රද්ධාවක් උපදින්නේ නැහැ. මේ පිරිස බොහොම අතළොස්සක් බව මම කිව යුතුයි.

සමාවෙන්න, මෙවැනි පාරභෞතික කාරණාවලට ප්‍රමුඛත්වය දීම පිළිබඳව. සංඝ සමාජය තුළිනුත් ඔබවහන්සේට දෝෂාරෝපණ එල්ල වුණාද?

ඒක ඒ ඒ තැනැත්තන්ගේ විශ්වාසය මත සිදුවන දෙයක්. සංඝ සමාජය කියලා වෙනස් වෙන්නේ නැහැ. මොකද මේ තියෙන දේවල් සෑම දෙයක්ම පාරභෞතික වෙනවා. වර්තමානයේ තිබෙන්නා වූ ධාතුන් වහන්සේලා ගැන වුණත් එහි මූලයට යන්න ගියොත් පාර භෞතික වෙනවා.

සමස්තයම එහෙමයි.?

ඔව්. සමස්තයම පාරභෞතිකයි. එහෙම වෙනකොට මුළු සමස්තයම විනාශ වෙලා යනවා. අද ගත්තොත් බුදුහාමුදුරුවෝ දැකපු අය කවුරුත් නැහැනේ. ඒකත් පාරභෞතිකයට දාලා ගන්න පුළුවන්. කෙනකුට තර්ක කරනවා නම්.

ප්‍රත්‍යක්ෂ නොවන ආගන්තුක වස්තුවක් පහළ වීම කියන කාරණයද මේ පහර ගැසීමට හේතුව?

මේ ධාතුන් වහන්සේලා ලැබීම නොවෙයි මෙතැන කාරණය. මේකට දේශපාලන මුහුණුවරක් දීමයි. නැතිනම් ධාතුන් වහන්සේලා පහළවීම ලංකාවේ විවිධ ස්ථානවල, විවිධ වකවානුවල සිදුව තිබෙනවා. අලුත් දෙයක් අමුතු දෙයක් නොවෙයි. මෙතැන තියෙන වැරැද්ද මේක දේශපාලනයට භාජන කිරීම. දේශපාලනීකරණය කිරීමෙන් මේක අෑත් වුණාම ධාතුන් වහන්සේලාට මිනිසුන්ගේ තියෙන ශ්‍රද්ධාකාමිත්වය ප්‍රදර්ශනය කරනවා. ඔය මොනවා කිව්වත් සෑම දිනකම විශාල පිරිසක් පිරිසක් පූජාවට සම්බන්ධ වෙනවා. දවසකට 4 සැරයක් අපි පූජා පවත්වනවා. උදේ 5ට, උදේ 7ට, දවල් 11ට, සවස 6.15ට මේ පූජා පැවැත්වෙනවා. මිනිස්සු විශ්වාස කරනවා, ඇවිත් වන්දනා කරනවා. මේ අතළොස්සක් තමයි මේක කරන්නේ.

ඔබ වහන්සේ කියන අන්ත දෙකටම නැති මැදහත් පිරිසක් මේක මිථ්‍යාව ඔසවා තැබීමක් කියලා චෝදනා කරනවා. ඒ ගැන මොකද කියන්නේ?
ඇත්ත වශයෙන්ම මිථ්‍යාව කියලා කියන්නේ මොකක්ද ඒක මුලින් සොයාගන්න ඕන.

මිථ්‍යාව කියන්නේ සැබෑවට – සත්‍යයට ප්‍රතිවිරුද්ධ දෙය?

මිථ්‍යාවේ ලක්ෂණය සොයානොගෙන යමක් මිථ්‍යාව වැපිරීමක් ලෙස හඳුන්වන්න බැහැ. දැන් උදාහරණයක් හැටියට අපි ධාතුන් වහන්සේලා මිථ්‍යාවක් කියනවා නම් අපි ඒකෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද ශ්‍රද්ධාව වර්ධනය කිරීම. ඇයි ශ්‍රද්ධාව වර්ධනය කරන්නේ. ප්‍රඥාවට යන්න තිබෙන මාර්ගය ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව නැතිව ප්‍රඥාවට යන්න නැහැ. එතකොට කොහොමද ඒක මිථ්‍යාවක් හැටියට හඳුන්වන්නේ. මේගොල්ලෝ කරන්නේ ශ්‍රද්ධාව නැති කිරීම. මෙවැනි පිරිස් බෞද්ධ දර්ශනයේ හඳුන්වන්නේ විතණ්ඩවාදීන් හැටියට. විතණ්ඩවාදීන් කියන්නේ පදනමක් නැතිව තර්ක කරන අය. ඒ අයම තමයි සංෂයවාදීන් හැටියට හැඳින්නුවේ සෑම දෙයක්ම සැක කරන අය. ඒගොල්ලෝ බුද්ධ කාලේ ඉඳලා එන අය. සංෂයවාදීන්ට කවදාවත් සත්‍යයට ළඟා වන්න බැහැ.

ඇයි එහෙම වෙන්නේ?

මේක අසත්‍ය යැයි කියලා සැක කරන කොට එක එක කරුණු කියලා ඒක අනාථ කරනවා. ඒකෙන් තව එකක් අල්ලගෙන ඊළඟට ඒක සැක කරනවා. ඒ නිසා සංෂයවාදියා පියවරෙන් පියවර අසත්‍යයටම යනවා. ඔහුට කවදාවත්ම සත්‍යය සොයාගන්න බැහැ. මේ විවේචන ගේන්නේ සංෂයවාදීන් විතණ්ඩවාදීන්. යමක් වැරැදි නම් ඒක වැරැදි බව කියන්න. ඒ මතය දරන්න පුද්ගලයන්ට අයිතියක් තියෙනවා. ඔය ෆේස්බුක් එකේ ඉදිරිපත් කරන විවේචන බලන්න. මහා බොළඳ දේවල් තියෙන්නේ. ගැඹුරු තර්කයක් ඉදිරිපත් කරන්නේ නැහැ.

ඔබ වහන්සේගෙන් මේ සිදුවීම් පිළිබඳ මාධ්‍ය ප්‍රශ්න කළාද?

මේ වනතුරු කිසිම මාධ්‍යයක් මගෙන් ප්‍රශ්න කර නැහැ. ඔය මඩ ගහන්නෙ ඕලෙවල්වත් පාස් නැති උදවිය. ඒ අයට පිළිතුරු දෙන්න මම යන්නේ නැහැ. මොකද ඔවුන් ඒක කරන්නේ වෙන දේශපාලන අරමුණක් ඇතිව. ඇත්ත වශයෙන්ම මේ ධාතුන් වහන්සේ අපට ලැබුණු භාග්‍යයක්. මේ ධාතුන් වහන්සේලා බොරු වුණත් වැන්‍ෙදාත් එයාට ප්‍රතිඵලයක් තිබෙනවා.

කැලණි විහාරය පදනම් කරගත් නාග විමානයක් ගැන මේ කරන කතාව ඔබවහන්සේ විශ්වාස කරනවද?

යමක් සත්‍යදැයි සොයා ගන්න ක්‍රමයක් තියෙන්න ඕනේ. පළමුවැන්න තමයි ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය අපේ ඉන්ද්‍රියයන්ට පේන්න ඕන. ඉන්ද්‍රියන් ගොදුරු නොවූ දෙයක් අපි කොහොමද දැනගන්නේ. ඒකට අපි කියනවා සත්තේ‍යා්ක්ෂණය කියලා. ධාතුන් වැඩීම අපේ ප්‍රත්‍යක්ෂයක්. නමුත් ඔබතුමාගේ ප්‍රත්‍යයක්ෂයක් නොවෙයි. එතකොට ඔබතුමා කොහොමද මේකට ප්‍රවේෂ වෙන්නේ. සත්තේ‍යා්ක්ෂණයෙන්. අපේ ප්‍රකාශන අහන්න ඕන. ලැබිච්ච හැටි දැනගන්න ඕන. ලැබිච්ච භාණ්ඩ දකින්න ඕන. ඔය විවේචනය කරන කවුරුවත් මෙහේ ආවෙත් නැහැ. ධාතුන් වහන්සේලා දුටුවෙත් නෑ. මුළාවක ඉන්නවා. ඉන් මිදෙන්න ඒ අයට වුවමනාවක් නැහැ. ඇත්ත වුණත් ඇත්ත බව පිළිගන්න ඒ අයට අවශ්‍ය නැහැ. විශ්වාස කරනවා මේ නාගයන්ට අයිති භූමියක්. ඒ නිසයි අපි මණිඅක්ඛිත නාරජුගේ ප්‍රතිමාවක් හදලා නිසි පුද සත්කාර කරන්නෙ. බුදු හාමුදුරුවො කැලණියට වැඩියෙ මණිඅක්ඛිත නාරජුගේ ආරාධනාවෙන්. අපි ඊට කෘතවේදිත්වය පළ කිරීම මේ කරන්නෙ. මේ භූමියට වටිනාකම දුන්නෙ නාරජ්ජුරුවො. ඒ නිසා අපි පුද සත්කාර කරන්නේ ඒකෙ ප්‍රතිඵලයක් ලෙසයි. මේ ධාතුන් වහන්සේලා අපට ලබාදෙන්න මණිඅක්ඛිත නාරජුන්ට පැහැදීමක් ඇති වුණේ. අපි මේ පුද සත්කාර පැවැත්වීම දිගටම කරගෙන යනවා.

කැලණිය රජමහ විහාරයේ අභිනවයෙන් ඉදිකළ නාග භවන දේවාලයේ වතාවත් මෙහෙයවන යෝගිතුමා ඔහුගේ අත්දැකීම් මෙසේ විස්තර කරයි. ඔහු ශ්‍රී උදාර යෝගිතුමා නමින් බැතිමතුන් හඳුන්වයි.

ඔහු දක්වන අදහස් මෙසේය.

ඔබ දකින්න ඇති මා පිළිබඳව සමාජ මාධ්‍යවල ෆේස්බුක් ආදියේ නොයෙකුත් වැරැදි ප්‍රචාර යනවා. මා රෝගී බව, කොර වී එක්තැන් වී සිටින බව ඔවුන් කියනවා. එය වැරැදි මඩ ගැසීමක්. මම ඉතාමත් නිරෝගීව පසුවන බව ඔබට පෙනෙනවා ඇති. මට කිසිදු ආබාධයක් නැහැ. දැනට වසර පහක සිට මේ ස්ථානයේ නාග විමනේ පූජා පවත්වන්නේ මගේ මෙහෙයවීමෙන්. අපි මේ ස්ථානයේ නානුමුර පූජා පවත්වනවා.

මට දිවැස් බලයක් තියෙනවා. ඕනම කෙනකුගෙ විස්තරයක් කියන්න පුළුවන්. නාග දිව්‍ය රාජයා සමඟ ලොකු සම්බන්ධතාවක් මට තියෙනවා. මේක මගෙ සංසාරගත පුරුද්දක්. මම ඉපදුණේම යම් කිසි ආධ්‍යාත්මික බලයක් සහිතව. මේ පූජා සිදු කරද්දි මම නිතර මණිඅක්ඛිත නාරජ්ජුරුවන් සමඟ සම්බන්ධ වෙනවා. උන්වහන්සේ මට පැවැසුවා නාග ලෝකයේ තිබෙන නිර්මල සර්වඥ ධාතුන් වහන්සේලාගෙන් කිහිප නමක් කැලණි විහාරයට ලබා දෙන බව. මම ඒක නායක හාමුදුරුවන්ටත් දැනුම් දුන්නා. ඒ අනුව අපි විහාර පරිශ්‍රයේ විශේෂ මණ්ඩපයක් සකස් කර අපේක්ෂාවෙන් සිටියා. නමුත් විවිධ බලවේග නිසා අපට නාග ලෝකයෙන් ලැබුණු දින වෙනස් වුණා. දැන් රුවන්මැලි මහා සෑය ආරක්ෂා කරන්නෙ මහා කාල නාරජු. සෝමාවතී චෛත්‍යය ආරක්ෂා කරන්නෙ ජයසේන නාරජු. සේරුවාවිල මංගල සෑය ආරක්ෂා කරන්නෙ සුමන නාරජු. කැලණි මහ වෙහෙර රකින්නෙ මණිඅක්ඛිත නාරජු, මිථ්‍යාදෘෂ්ටිත නාගයන් මේක වැළැක්වූවා. මම නාග ලෝකයත් මනුෂ්‍ය ලෝකයත් අතර අතරමැදියෙක්. මම කරන්නෙ ලෝක දෙක අතර පණිවුඩ හුවමාරු කිරීම.

සර්වඥ ධාතුන් වහන්සේලා අපට ලබාදෙන බවට ස්ථීර දැනුම්දීමක් ලැබුණේ 2019 නොවැම්බර් 9 දිනට අදාළවයි. ඒ සඳහා කැලණි නදියේ විශේෂ ස්ථානයක් සඳහන් කළා. මට පීනන්න බැහැ. නමුත් මණිඅක්ඛිත නාරජු කීවා කිසිදේකට බය වෙන්න එපා. ආරක්ෂා කරනවා කියලා. මට උන්වහන්සේ ගැන විශ්වාසයක් තිබුණා. මම කරඬුව ගන්න ගියා. අපි පූජා පවත්වා 9 වැනිදා රාත්‍රි 9.30ට විතර ගඟට ගියා. අප සමඟ 50ක් 60ක් විතර සිටියා. මගේ ආරක්ෂාවට තොටුපොළ භාරව සිටින ගයාන් මහතා සම්බන්ධ කර දුන්නේ කැලණිය පොලිසියේ ස්ථානාධිපතිතුමා. අප යන විටත් ඔහු එතැන සිටියා. එයත් අහඹු සිදුවීමක්. මගේ අතේ නාග වළලු දෙකත්. ඒ දෙක තොටුපොළේ සිටි දෙදෙනාට පැලඳුවා.

මට භාවනා කිරීමෙන් කුණ්ඩලිනී ශක්තිය ලැබෙනවා. මට සූක්ෂ්ම ශක්තියෙන් සිරුරෙන් බැහැර වෙන්න පුළුවන්. මනෝකාය එළියට ගන්න පුළුවන්. නමුත් ශරීරය සිහින් හුයකින් බැඳී පවතිනවා. මම මනෝකායෙන් නාග ලෝකෙට ගියා.

මණිඅක්ඛිත නාරජු 30,000ක් නාගයන් පිරිවරාගෙන හිටියේ. විශාල නාගයෙක් අපේ ආරක්ෂාවට එවල හිටිය. ඒ නයාගෙ වල්ගා කොටස ගඟ මැද ගලේ ඉද්දී ගයාන්ගේ කකුලෙ වැදිලා කෙණ්ඩ පෙරළුණා. මෙතුමා මාව අල්ලගෙන හිටියා. වතුර ඇතුළට ගියාම නාග ලෝකෙ ‍ෙදාරටුව හමුවුණා. ‍ෙදාරටුව භාරව හිටියේ රංවල දෙවියෝ. උන් වහන්සේ මට ‍ෙදාරටුව ඇරලා දුන්නා.

ඒක නීල මාණික්‍යයෙන් කරපු විමානයක්. සූක්ෂ්ම කායෙන් යන නිසා හුස්ම ගන්න අපහසුවක් නැහැ. රත්රන් කණුවල එතුණු මැණික් කටින් ගත් නාගයන් ඉන්න මාවතක් තිබුණා. නාග කන්‍යාවන් වීණා වයමින් දෙපැත්තේ ඉන්නවා මම දැක්කා. ඉදිරියට යනකොට නීල මාණික්කයෙන් කරපු විශාල කරඬුවක් තිබුණා. එතැන සුදු සළු පැලඳි නාග පෙණ පහක ඔටුන්නක් පැලඳි කෙනෙක් හිටියා. එතුමා හැරිලා මා දිහා බැලුවා. ඇස්වලින් විදුලි පන්දමකින් වාගේ ආලා්ක ධාරා නිකුත් වුණා. මම උන්වහන්සේට වඳින්න හදන කොට ‘උඩට යන්න දරුවා” කිව්වා. මම උඩට එද්දි වතුර මට්ටම ඉහළ නැඟලා. මම කීව වහින්න පටන් ගනීවි කියලා. ඒ සමඟම අකුණු ගගහ වහින්න ගත්තා. ඒ වෙලාවෙ අපි තුන්දෙනාම එක කටට ගන්න පුළුවන් තරමේ රිදී පාට නාගයෙක් මතුවුණා. ඒක මුලින්ම දැක්කෙ තොටුපොළේ ගයාන්ගෙ ගෝලයා. ඒ සමඟ විශාල සුළියක් සමඟ ඇවිත් කරඬුව මගෙ අතට දී නොපෙනී ගියා. දැන් වෙලාව රෑ 12.00යි. මම කරඬුව මේ අයිය අතට දීලා සූක්ෂ්ම කයින් ඉවත් වුණා. අපි කරඬුවට පූජා පවත්වද්දී මිථ්‍යාදෘෂ්ටික නාගයෝ මතුවුණා 20ක් තිහක්. අපි බෝතලයක් විසි කළාම ඒ විශාල නාගයෙක් සිහින් වෙලා. ඒ තුළට ඇතුළු වුණා. එපමණයි වුණේ. පසුව ඒ නාගයාත් වතුරට දැම්මා.

ඒ කරඬුව දැන් තැන්පත් කර තියෙනවා. ඒක චීනෙන් ගෙන්නුවා කියලා තමයි මඩ ගහන්නේ. ඔබතුමාට ඒක බලන්න පුළුවන්. මේක ශාසනික දෙයක්. මෙතැන කිසිම දේශපාලන සම්බන්ධයක් නැහැ. මේක මණිඅක්ඛිත නාරජුගේ පණිවුඩය මත සිදුවීමක් පමණයි. මම ශාරීරිකව හොඳින් ඉන්නවා. වැරැදි මත දක්වන අයට ඉදිරියේ නාග ශාපය හිමිවේවි.

තොටුපොළ භාර ගයාන් සංජීව මහතා

එදා රාත්‍රි 9.30ට විතර නායක හාමුදුරුවන් ඇතුළු පිරිස ගඟ ළඟට ආවා. මම මේ ගැන මොනවත් දැන සිටියේ නැහැ. කැලණි පොලිසියේ ඕ. අයි. සී. මහතාත් ඒ අවස්ථාවේ ගඟ අසළට පැමිණියා. එතුමා ඉල්ලා සිටියා යෝගිතුමා පිහිනීමට නොදන්නා නිසා ඔහුට ආරක්‍ෂාව ලබාදෙන ලෙස. මාත් මගේ ගෝලයත් එහි සිටියා. අපේ පරම්පරා තුනක්ම තොටියෝ. අපි යෝගිතුමාත් සමඟ ගඟේ ගලක් මත සිටියා. පැය දෙකක් පමණ මම යෝගිතුමා අල්ලන් හිටියා. ඔහු වතුරේ මුහුණ ඔබාගෙන සිටිය දී මම අත නොහැර කඳවටා අත දාලා අල්ලන් සිටියා. ඒ අතර යටින් ලොකු රබර් එක වගේ දෙයක් වැදිලා කකුලේ කෙණ්ඩ පෙරළුණා. ඉක්මනින් ඒ අමාරුව නැතිව ගියා.

යෝගිතුමා දර දඬු වෙලා අත් ගසන්නට වුණා. එක පාරටම කරඬුවක් යෝගිතුමාගේ අතට ආවා. එය කලින් ගෙන ගියා වෙන්න කොහෙත්ම බැහැ. මම වගකීමෙන් කියනවා යෝගිතුමා අතේ කලින් කිසිවක් තිබුණේ නැහැ. නයි මතු වූ කතාව ඇත්ත. ගංගාව පතුලේ නාග විමානයක් පවතින බව දැන් මමත් විශ්වාස කරනවා. මේවා කිව්ව කියලා මට ප්‍රයෝජනයක් නැහැ. මට ලොකු ගෙවීමක් කළ බව කියනවා. ඒක බොරු. කවුරුත් ශත 5ක්වත් දුන්නෙ නැහැ. සමහරු නයා කියලා විහිළු කරනවා. මම කිව්වෙ ඇත්ත.

කැලණි රජමහ විහාර පරිශ්‍රයේ නිමවා ඇති මණි අක්ඛිත නාගරාජ දේව මන්දිරයේ පැවැත්වෙන නානු මුර මංගල්‍යයට අතිවිශාල ජනතාවක් සම්බන්ධ වෙති. එය කැලණි විහාරයට සුවිශේෂී වූ අංගයකි. සර්වඥ ධාතූන් වහන්සේ වැඩමවීම කිසියම් ගුප්ත ආශ්චර්යයක් තුළ සිදු වූ සංසිද්ධියක් බව සනාථ වන කරුණු රැසක් මෙම ගවේෂණයේදී පැහැදිලි විය.

බෞද්ධ දර්ශනය පිළිබඳ විශිෂ්ට දැනුමක් ඇති මහාචාර්යවරයකු වූ විහාරාධිපති හිමියන් ස්ථීරසාර විශ්වාසයකින් යුතුව සර්වඥ ධාතුන් වහන්සේ වැඩම වීම ගැන සඳහන් කරති. එය සැහැල්ලුවෙන් ගත නොහැකිය. අප කළ ගවේෂණයේදී හමු වූ බාහිර පුද්ගලයා තොටුපොළ හිමි ගයාන් සංජීවය. ඔහුට දේශපාලන හෝ වෙනත් අරමුණක් නැති බව පැහැදිලිය. දිය යට පිහිටි ගල් තලාව ගැන දන්නේ ඔහුය. උදාර යෝගිතුමා එය ඔස්සේ ගඟ මැදට කැටුව යන්නේ ඔහුය. යෝගිතුමා කිසිවක් රැගෙන නොගිය බවත් කරඬුව ඔහු අතට පහළ වන්නේ හදිසි නිශ්චිත නිමේෂයකදී බවත් ඔහු ඉඳුරාම පවසයි. තමාට කිසිදු වාසියක් මෙයින් නොලැබුණු බව ඔහු අප සමඟ සහතික විය.

විහාරාධිපති නායක ස්වාමීන් වහන්සේ අප සමඟ පැවැසූ පරිදි කැලණි ධාතු මන්දිරය බොහෝ ප්‍රාතිහාර්ය සිදුවන ස්ථානයකි. එහි වූ ථෙරවාද සහ මහායාන බුද්ධ ප්‍රතිමා කිහිපයක්ම ධාතු මන්දිරය ඉදිකිරීමෙන් පසු විවිධ අවස්ථාවන්හිදී පහළ වූ ඒවා බවද උන්වහන්සේ පැවැසූහ.

නිසි සොයා බැලීමකින් තොරව ආවාට ගියාට හිතු හිතූ පරිදි විශ්වාසයන්ට පහර එල්ල කිරීම සහ විශ්වාසයක් හෙළා දකිමින් අවඥානයෙන් කතා කිරීම පුහු වීරත්වයක් බවට පත්ව තිබේ. ප්‍රඥාවන්තයන් පා තබන්නට බිය බිමෙහි මෝඩයෝ පිනුම් ගසනවා යැයි කතාවක් තිබේ. ඕනෑම සමාජ සංසිද්ධියක් පිළිබඳව අවසන් තීන්දුව දෙන්නේ බහු ජනයා මිස ඊනියා සමාජ මාධ්‍ය නොවේ. මිනිසුන්ගේ හෘද සක්ෂිය සෙල්ලමට ගන්නට ඔවුන්ට සදාචාරාත්මකව මෙන්ම පවතින නීතියෙන්ද ඉඩක් නැත.

නිසි අයුරින් වත්පිළිවෙත සිදු කෙරෙන පූජ්‍ය ස්ථානයන්හි හාස්කම් සිදුවනු දැකීම පුදුමය දනවන සිදුවීමක් නොවේ. බෞද්ධ සංස්කෘතික ඉතිහාසයේ එවැනි අවස්ථා උදාහරණ කොතෙකුත් තිබේ. කැලණි විහාරය ගත් විට එහි ඉතිහාසයේ මෙවැනි ප්‍රාතිහාර්යයන් අවස්ථා ගණනාවකදී විද්‍යමාන වී තිබේ. නායක හිමියන් පවසන පරිදි වර්තමාන ධාතු මන්දිරය තුළ වඩා හිඳුවා ඇති බුද්ධ ප්‍රතිමා සහ බෝධි සත්ව ප්‍රතිමා කිහිපයක්ම ප්‍රාතිහාර්යයෙන් පහළ වූ ඒවාය.

ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

දේවානිගේ සීමාවේ වනාන්තරයක් කපලා ලී ඇදලා.. දේවානි දැකකත් සද්ද නැතිව ඉදලා sriavtvnetwork



පැවැති යහපාලන රජය සමයේ ගම්පහ බෝතලේ දඹුගොල්ල හොරකැලේ වනාන්තරය විනාශ කර ඇතැයි ාර්ලිමේන්තු මන්ත්‍රීනී කෝකිලා ගුණවර්ධන මහත්මිය සඳහන් කරයි.

අක්කර විසි තුනක් පුරා පැවති මෙම වනාන්තරය විනාශ කරද්දී ගම්පහ අඩවි වන නිලධාරී ලෙස කටයුතු කර ඇත්තේ දේවානී ජයතිලක මහත්මිය බවද ඇය පෙන්වා දෙයි.

එකල රජයේ අවශ්‍යතාවය මත ගස් කපන බවත් ඊට එරෙහි වන අයට දඬුවම් විඳීමට දෙන බවටත් පවසමින් ජනතාව බිය වද්දා මෙම ජාවාරම් කර ඇතැයිද මන්ත්‍රීනිය පැවසීය.

එකල වන විනාශය සිදු කරන ස්ථානයට අඩවි වන නිලධාරි දේවානී ජයතිලක අවස්ථා තුනක දී පැමිණ එය නොදැක්කා සේ කටයුතු කළ බවත් ප‍්‍රදේශවාසීන් ස්වාධීන රූපවාහිනී වෙත සඳහන් කර තිබේ.

ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network