දැන් ගමේ අය මාත් එක්ක කතා නෑ.. ඉඩම කාගෙද කියල මන් දන්නෑ.. කලු කොටියා ඉන්නවා කිව්වට මං දැකලා නෑ – භාග්‍යා පුවත්පතකට කියූ කතාව.. sriavtvnetwork



භාග්‍යා අබේරත්න නම් රටම කතාබහ කළ සිංහරාජ වන විනාශය හෙළි කළ 19 හැවිරිදි පාසල් සිසුවිය සමඟ ඇය ජීවත් වන ගමේ පිරිසද අද වන විට හරි හැටි කතාබහක් නොකරන තත්ත්වයට පත්ව ඇතැයි වාර්තා වෙයි. මේ බව ඇය කියා තිබුණේ ජාතික පුවත්පතක් සමඟ එක්වෙමිනි.

එහිදී ඇය කියා තිබුණේ මෙම සිදුවීම වන්නට පෙර තමන් සමඟ සිටි ගමේ පිරිස් බොහෝමයක් අද තමන්ගෙන් ඈත් වී ඇති බවයි. ඒ පිළිබඳව ඇය කියා තිබුණේ මෙවැනි කතාවකි “බලනකොට මේ කැලෑ විනාශය පිළිබඳ ප්‍රශ්නය තිබිල තියෙන්නෙ මට විතරයි, මගේ පැත්තට ගමේ කවුරුත් කතා කරන්නෙ නෑ.” යනුවෙනි.

එමෙන්ම දැන් අයට රජයේ නිලධාරීන්ගෙන් බලපෑමක් නොවන බවද ඇය කියා තිබුණි. දැන් රජයේ ආයතනවලින් කිසිම ආකාරයක තර්ජනයක් හෝ බලපෑමක් සිදු නොවන බවද ඇය සඳහන් කළාය. ඒ පිළිබඳව ඇය ජාතික පුවත්පතට පවසා තිබුණේ මෙලෙසිනි “මට දැන් නම් බාහිර ආයතන වල නිලධාරීන් ගෙන් කිසිම බලපෑමක් එන්නෙ නෑ. පොලිසියේ මහත්වරු ඇවිත් තර්ජනය කළා කියලා ප්‍රචාරය වුණා. රක්වාන පොලීසියේ මහත්වරු දෙදෙනෙක් ඇවිත් විස්තර ඇහුවා. මට කිසි තර්ජනයක් කළේ නෑ.”

එමෙන්ම ඇය වැඩිදුරටත් සඳහන් කර තිබුණේ “මට දැන් නම් බාහිර ආයතන වල නිලධාරීන් ගෙන් කිසිම බලපෑමක් එන්නෙ නෑ. පොලිසියේ මහත්වරු ඇවිත් තර්ජනය කළා කියලා ප්‍රචාරය වුණා. රක්වාන පොලීසියේ මහත්වරු දෙදෙනෙක් ඇවිත් විස්තර ඇහුවා. මට කිසි තර්ජනයක් කළේ නෑ. කළු වඳුරා අපේ වත්තට කෑම කන්න එනවා. කළු කොටියා ඉන්නවා කියලා ගමේ අය කියනවා. මම නම් දැකලා නෑ. ඒත් ගෝනුන්, මුවන්, ඕළුවා, ඉත්තෑවා වගේ සත්තු ගොඩක් ඉන්නවා. ඒක දේශික සත්වයන් වන හඳපාන්ඇල්ල මැඬියා සහ අංකටුස්සා මේ කැලේ ඉන්නෙ. ඉඩම කාගෙද කියලා මම දන්නෙ නෑ. අදාළ බලධාරීන් ඒවා බලා ගනියි‘” යනුවෙනි.

භාග්‍යා අබේරත්න මේ වන විට ගණිත අංශයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිට දැන් ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින බවත් සඳහන් වෙයි.

එසේම මේ දියණිය බිහිකළේ රත්නපුර ගොඩකවෙල රාහුල ජාතික පාසලයි. පාසලේ විදුහල්පති ඉන්ද්‍රාණි විජේලතා මේ ප්‍රශ්නය ගැන මෙසේ පැවසීය.

“භාග්‍යා අබේරත්න දියණිය 2020 වසරේ අපොස උසස්පෙළ විභාගයට ගණිත අංශයෙන් පෙනී සිටියා. ඇය අපේ පාසලට පැමිණෙන්නේ පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත් වීමෙන්. පාසලේ හොඳින් කැපී පෙනෙන දරුවෙක්. අනාගතයේ මෙවැනි දරුවන් රටට අවශ්‍ය වෙයි.ඒ වගේ ම ඇය හරිම සංවේදී දරුවෙක්. එදා ඒ දරුවා රූපවාහිනී වැඩ සටහනේ දී කළ ප්‍රකාශයේ දිග පළල හෝ බරපතළකම සම්බන්ධයෙන් මම අදහස් කතා කරන්නෙ නැහැ. අපි මුවින් පිට කරන සෑම වචනයක් ම වගකීමෙන් කියන්න පුරුදු වෙන්නත් ඕන.

දැන් තත්ත්වය මෙසේ වන අතර භාග්‍යා ගේ වචන කිහිපයට රටේ මහා ප්‍රශ්නයක් ඇති වී හමාරය. කවුරුන් කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතු බව පමණක් අපි අවධාරණය කරමු.

ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

ලංකාවෙන් සොරාගත් 18 වන සියවසේ මිල කළ නොහැකි බුදුපිළිම 2ක් අමෙරිකාවෙන් මතුවෙයි (photo ). Sriavtvnetwork


මෙම ප්‍රතිමා යුගලට අමතරව 2500 කට අධික වටිනාකමින් යුත් කලාකෘතිද මෙම විමර්ශනයේදී සොයා ගැනීමට හැකිව ඇත.

ඒවා පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය, කාම්බෝජය, තායිලන්තය, නේපාලය, ඉන්දුනීසියාව සහ ආසියාවේ සහ මැද පෙරදිග වෙනත් ජාතීන් වෙතින් සොරාගෙන ගොස් ඇති බව පැවසේ.

මෙම ප්‍රතිමාවල මුළු වටිනාකම ඩොලර් මිලියන 143 ඉක්මවන බව වාර්තා වේ.

පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී මෙම පිළිම දෙක එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් මහතා වෙත බාරදීම සිදුවිය.





ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

එරික් පෙරේරා මීගමුවේ සහකාර පොලිස් අධිකාරී ලෙස පත් කරයි sriavtvnetwork



මීගමුවේ සහකාර පොලිස් අධිකාරීවරයා ලෙස එරික් පෙරේරා පත් කර තිබෙනවා. ඔහු මීට පෙර කටයුතු කළේ වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරීවරයා ලෙසයි.

කෙසේවෙතත් ඔහුගේ සේවය දෝෂදර්ශණයට ලක් කරමින් ස්ථාන මාරු කරන ලෙස පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 6 දෙනෙකු ඉල්ලීම් කර තිබුණා. ඒ අනුවයි ඔහු කොළඹ අපරාධ කොට්ඨාශයට මාරු කරනු ලැබුවේ. 

ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

ශවේන්ද්‍ර සිල්වා කොටුකරන්න මිචෙලි බැෂලේ දැල මහයි.. පරීක්‍ෂණ කණ්ඩායම් උතුරට sriavtvnetwork


 

යුද අපරාධ චෝදනා එල්ල වී ඇති හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සහ ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න ඇතුළු හමුදා නිලධාරීන් 28 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම ගැන පරීක්‍ෂණ පැවැත්වීමට සහ නීතිමය පියවර ගැනීම සඳහා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ පරීක්‍ෂණ කිරීමට නීති උපදේශක කණ්ඩායමක් පත් කිරීමට තීරණය කර ඇත.

යුද අපරාධ පිළිබඳව උතුරට ගොස් සාක්‍ෂි ලබාගැනීම සඳහා එම පරීක්‍ෂණ කණ්ඩායමට ශ‍්‍රී ලංකාවට තෙවරක් ඒමට රජයේ අවසර ඉල්ලා තිබේ.

එක්සත් ජාතීන්ගේ එම පරීක්‍ෂකයන්ට මෙරටට ඒමට අවසරදීම ගැන රජය මෙතෙක් තීරණයක් ගෙන නැත. මෙම පරීක්‍ෂණ කටයුතු සඳහා ජිනීවා මානව හිමිකම් කවුන්සිලය එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඩොලර් මිලියන 2.8 ක් ලබාගෙන ඇත.

ජිනීවා මානව හිමිකම් කොමසාරිස්වරිය ශ‍්‍රී ලංකාවේ හමුදා නිලධාරීන්ට එරෙහිව දියත් කර ඇති මුල්ම ජාත්‍යන්තර යාන්ත‍්‍රණය මෙම ක‍්‍රියාවලියයි.

කීර්ති වර්ණකුලසූරිය

ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

වෙන්නප්පුව සහ දංකොටුව පොලිස් ස්ථාන අධීක්ෂණය කළ සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා ප්‍රදේශයේ රාජ්‍ය ඇමතිවරයෙකුගේ බලපෑම මත ස්ථාන මාරු කළ බවට පැවසෙන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඔහු මාරුකර ඇත්තේ පොලිස් මූලස්ථානයට බව ද හෙතෙම සඳහන් කළේය. මේ අතර මාරුවීම් ලත් සහකාර පොලිස් නිලධාරියා දිස්ති‍්‍රක් සම්බන්ධීකරණ රැස්වීම් හතරකට පැමිණ නැතැයි ද වාර්තා වී ඇත. ඔහුට එරෙහිව රාජ්‍ය අමාත්‍යවරයකු ඇතුළු 6 දෙනකු චෝදනා එල්ල කර ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පළ කළේය. මේ අතර වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතා යටතේ පිහිටුවා තිබූ විශේෂ පොලිස් ඒකකය ඊයේ (25 වැනිදා) සිට නැවත පිහිටවූ බව ඇමැති සරත් වීරසේකර මහතා කීවේය. එම ඒකකය කටයුතු කළ නිලධාරීන් සිය කැමැත්ත මත එම ඒකකයෙන් ඉවත් වීමට කර තිබූ ඉල්ලීම්වලට අනුව ඔවුන්ට ස්ථාන මාරු ලබා දී ඇති බවත් එහෙත් මෙම මාරු කිරීම් පිටුපස දේශපාලන මැදිහත්වීමක් ඇතැයි යනුවෙන් පළවන ප‍්‍රචාර හේතුවෙන් එම මාරුවීම් අවලංගු කර එම ඒකකය නැවත පිහිටවූ බවත් ඇමැති සරත් වීරසේක්ර මහතා කීවේය. කීර්ති වර්ණකුලසූරිය, සිරිමන්ත රත්නසේකර දිවයින.




වෙන්නප්පුව සහ දංකොටුව පොලිස් ස්ථාන අධීක්ෂණය කළ සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා ප්‍රදේශයේ රාජ්‍ය ඇමතිවරයෙකුගේ බලපෑම මත ස්ථාන මාරු කළ බවට පැවසෙන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඔහු මාරුකර ඇත්තේ පොලිස් මූලස්ථානයට බව ද හෙතෙම සඳහන් කළේය.

මේ අතර මාරුවීම් ලත් සහකාර පොලිස් නිලධාරියා දිස්ති‍්‍රක් සම්බන්ධීකරණ රැස්වීම් හතරකට පැමිණ නැතැයි ද වාර්තා වී ඇත. ඔහුට එරෙහිව රාජ්‍ය අමාත්‍යවරයකු ඇතුළු 6 දෙනකු චෝදනා එල්ල කර ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පළ කළේය.

මේ අතර වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතා යටතේ පිහිටුවා තිබූ විශේෂ පොලිස් ඒකකය ඊයේ (25 වැනිදා) සිට නැවත පිහිටවූ බව ඇමැති සරත් වීරසේකර මහතා කීවේය.

එම ඒකකය කටයුතු කළ නිලධාරීන් සිය කැමැත්ත මත එම ඒකකයෙන් ඉවත් වීමට කර තිබූ ඉල්ලීම්වලට අනුව ඔවුන්ට ස්ථාන මාරු ලබා දී ඇති බවත් එහෙත් මෙම මාරු කිරීම් පිටුපස දේශපාලන මැදිහත්වීමක් ඇතැයි යනුවෙන් පළවන ප‍්‍රචාර හේතුවෙන් එම මාරුවීම් අවලංගු කර එම ඒකකය නැවත පිහිටවූ බවත් ඇමැති සරත් වීරසේක්ර මහතා කීවේය.

කීර්ති වර්ණකුලසූරිය, සිරිමන්ත රත්නසේකර

දිවයින..

ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

සිංහරාජ මායිමේ ගුරුගේ මැණික් ඉඩමට යාබද ඉඩම සමගි ජන බලවේග සංවිධායකගේ..sriavtvnetwork

සිංහරාජ මායිමේ ගුරුගේ මැණික් ඉඩමට යාබද ඉඩම සමගි ජන බලවේග සංවිධායකගේ.

.

මේ දිනවල ආන්දෝලනයකට ලක්ව ඇති සිංහරාජය ආසන්න ඉඩම පිලිබදව සොයා බැලීමට ආණ්ඩුවේ පසුපෙල මන්ත්‍රී කණ්ඩායමක් ඊයේ පස්වරුවේ එම ප්‍රදේශයට ගියේය.

රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර, ප්‍රදේශයේ ප‍්‍රාදේහීය ලේකම් හා ග්‍රාම නිලධාරියා ද ඊට සහභාගී විය.

එහිදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසුවේ අදාල ආන්දෝලනාත්මක ඉඩම පෞද්ගලික ඉඩමක් බවත් අනවසර ඉදිකිරීම් නොවන බවත් ඒවාට සින්නක්කර ඔප්පු ඇති බවත්ය.

එම ඉඩම්වල ඉඳන් සෑහෙන දුරකින් සිංහරාජ වනය පිහිටා ඇති බව පැවසූ ඔහු ආන්දෝලනාත්මක ඉඩමට අල්ලමු ඉඩම සමගි බලවේගය සංවිධායකයෙකුගේ යයිද හෙලිව ඇතැයිද පැවසීය


ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

ජවිපේ මොහොමඩ් සිංහරාජේ ගෝනෙකු මරා මස්කර මාට්ටු #SaveSinharaja

ජවිපේ මොහොමඩ් සිංහරාජේ ගෝනෙකු මරා මස්කර මාට්ටු

මෙම මොහොමඩි හනාස් යන සැකකරැ ජ.වි.පෙ. රත්නපුර නගර සභාව සදහා තරගකල අපේක්ෂකයෙකි.

කාලයක් පටන් මෙම පුද්ගලයා රක්වාන,මානික්කවත්ත,පොතුපිටිය, පුදේශයේ මොහුට අයත් ඉඩමෙි සිට ලයිසන් කරන ලද ගිණි අවිද සමග සතුන් දඩයමෙි යන පුද්ගලයන් සමග එක්ව මෙම ජාවාරම කරගෙන ගොස් ඇත.මොහු පුදේශයේ සතුන් මාර අලෙවිකරමින් හා විනෝදය සදහා මෙමකටයුතු සිදු කර ඇත.

මොහු මස් ප්‍රවාහනය කළ වාහනයද අත් අඩංගුවට ගෙන ඇත.


ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network