ක්‍රීඩකයින් 12 දෙනෙකු පන්දු රැකීමට යොදා ගැනීම සම්බන්ධයෙන් අන්තර්ජාතික කවුන්සිලය ශ්‍රී ලංකාවට අනතුරු අඟවයි sriavtvnetwork

ක්‍රීඩකයින් 12 දෙනෙකු පන්දු රැකීමට යොදා ගැනීම සම්බන්ධයෙන් අන්තර්ජාතික කවුන්සිලය ශ්‍රී ලංකාවට අනතුරු අඟවයි
සංචාරක එංගලන්ත පිල සහ ශ්‍රී ලංකාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ 04 වන දිනය අදයි.
තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත පිල සියල්ලන් දැවී ලකුණු 344ක් රැස් කිරීමට සමත් වුණා.
ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 37 ක් පිටුපසින් සිටිනවා. 

එහිදී ජෝ රූට් ලකුණු 186 ක් රැස් කරගැනීමටයි සමත් වුණේ.
පන්දු යැවීමේදී ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 7 ක් දවා ගත්තේ ලකුණු 132 ක් ප්‍රදානය කරමින්.
කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන්, ශ්‍රී ලංකා කණ්ඩායම රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 381 ක්.
තරගය පැවැත්වෙන්නේ ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.
මේ අතර ඊයේ දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායම අතිරේක ක්‍රීඩකයෙකු පන්දු රැකීමට යෙදවීම සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ අවධානය යොමුව තිබෙනවා.
එම කවුන්සිලය මේ බව කියා සිටියේ, ට්විටර් සටහනක් තබමින්.
අදාළ සටහනේ දක්වා ඇත්තේ, මෙම සිදුවීම සම්බන්ධයෙන් සමලෝචනයක් සිදු කිරීමට ද බලාපොරොත්තු වන බවයි.
ඊයේ දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රකිමින් සිටින අතරතුර තලගොයෙකු පැමිණි දර්ශන විකාශය කිරීමට කටයුතු කළා.
මේ වනවිට අදාළ ට්විටර් සටහන සම්බන්ධයෙන් ක්‍රිකට් රසිකයින් විවිධ අදහස් ප්‍රකාශ කරමින් සිටිනවා.



ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network