නැගෙනහිර පර්යන්තයේ පූර්ණ අයිතිය ලංකාවට Sriavtvnetwork

නැගෙනහිර පර්යන්තයේ පූර්ණ අයිතිය ලංකාවට

වෘත්තීය සමිති යෝජනා හයක් ඉදිරිපත් කර ඇති අතර නැගෙනහිර පර්යන්තය දැනට ඉදිකර ඇති කොටස පූර්ණ වශයෙන් වරාය අධිකාරිය යටතේ මෙහෙයුම් කටයුතු ආරම්භ කළ යුතු බව එහි සඳහන් වේ.

වරාය අධිකාරියේ සංචිතවල ඇති ඩොලර් මිලියන 250 ක මුදලින් ඩොලර් මිලියන 100 ක් ආයෝජනය කර පර්යන්ත කොටස පූර්ණ වශයෙන් ඉදිකිරීමටත් එය වසර තුනක් තුළදී අවසන් කළ යුතු බවට එම යෝජනාවේ සඳහන් වේ. දකුණු ආසියානු පිවිසුම් පර්යන්තය (SAGT) සමග ඇති ගිවිසුම 2029 වසරේදී අවසන් වීමෙන් පසු එම පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ මෙහෙයුම් කිරීමට ද යෝජනා කර ඇත. එහිදී නැගෙනහිර සහ බටහිර පර්යන්ත සංවර්ධනය සඳහා අවශ්‍ය කැබිනට් අනුමැතිය එකවර ලබා ගැනීමට ද යෝජනා කර තිබේ.

මෙම යෝජනාවලියට එකඟ වන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ගවලින් ඉවත්වන බව සඳහන් කරමින් වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමයේ සභාපති සංජය කුමාර වැලිගම, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ප්‍රසන්න කළුතරගේ, ටක් යාත්‍රා ස්වාධීන සේවක සංගමයේ සභාපති එන්. පී. රූපසිංහ ඇතුළු වෘත්තීය සමිති 22 ක් එම යෝජනාවලියට අත්සන් තබා ඇත.


ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

ලංකාවේ ක‍්‍රිකට් විනාශ කලේ සංග-මහේල… අදටත් ක‍්‍රීඩකයන් පාලනය කරන්නේ ඔවුන්ගේ සමාගමකින්..- අර්ජුන cricket

ලංකාවේ ක‍්‍රිකට් විනාශ කලේ සංග-මහේල… අදටත් ක‍්‍රීඩකයන් පාලනය කරන්නේ ඔවුන්ගේ සමාගමකින්..- අර්ජුන

වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ කඩා වැටීමට හිටපු නායකයන් වන කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන වගකිව යුතු බව හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා සඳහන් කරයි.

ඔවුන් විසින් ක‍්‍රිකට් ඊළඟ පරම්පරාව හැදුවේ නැති බවටත් ඒ මහතා චෝදනා කරයි.

අදටද මෙරට ක්‍රිකට් ක්‍රීඩකයන් සියලු දෙනා පාලනය කරන්නේ සංගක්කාර සහ මහේල ජයවර්ධනගේ සමාගමකින් පාලනය කරන කළමනාකාර වරයෙක් බවද පැවසූ අර්ජුන රණතුංග මහතා ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කිරීම ඔහු සිදුකළ බවද සඳහන් කළේය.

ක‍්‍රිකට් පාලක මණ්ඩලය අන්ත දූෂිත බවත් අදටත් ක්‍රිකට් පාලක මණ්ඩලයේ පාලනය කරන්නේ තිලංග සුමතිපාල විසින් බව තමන්ගේ අදහස බව ඔහු පවසයි.

ක්‍රිකට් නිලවරණයට ගෝඨාභය හෝ මහින්ද පැමිණියත් ජයගැනීමට නොහැකි බවද ඔහු කියා සිටී.

ඒ මහතා මේ බව සඳහන් කළේ අන්තර්ජාල නාළිකාවක් සමඟ අදහස් පල කරමිනි.


 

ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපති මහේල…? Sriavtvnetwork

ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපති මහේල…?


ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපති මහේල…

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතා පත් කරනු ඇතැයි පළවන වාර්තා ඔහු විසින් ප්‍රතික්ෂේප කරයි.

තමන් තේරීම් කමිටුවේ කාර්යභාරයක් භාරගන්නා නොගන්නා බව ඔහු සඳහන් කළේය.

තමා මේ වන විටත් ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන බව ද ඔහු පැවසීය.

මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ධුරයෙන් අසන්ත ද මෙල් මහතා ඉල්ලා අස්වීමෙන් පසු එම ධුරය පුරප්පාඩු වී තිබේ.


ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

ක්‍රීඩකයින් 12 දෙනෙකු පන්දු රැකීමට යොදා ගැනීම සම්බන්ධයෙන් අන්තර්ජාතික කවුන්සිලය ශ්‍රී ලංකාවට අනතුරු අඟවයි sriavtvnetwork

ක්‍රීඩකයින් 12 දෙනෙකු පන්දු රැකීමට යොදා ගැනීම සම්බන්ධයෙන් අන්තර්ජාතික කවුන්සිලය ශ්‍රී ලංකාවට අනතුරු අඟවයි
සංචාරක එංගලන්ත පිල සහ ශ්‍රී ලංකාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ 04 වන දිනය අදයි.
තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත පිල සියල්ලන් දැවී ලකුණු 344ක් රැස් කිරීමට සමත් වුණා.
ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 37 ක් පිටුපසින් සිටිනවා. 

එහිදී ජෝ රූට් ලකුණු 186 ක් රැස් කරගැනීමටයි සමත් වුණේ.
පන්දු යැවීමේදී ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 7 ක් දවා ගත්තේ ලකුණු 132 ක් ප්‍රදානය කරමින්.
කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන්, ශ්‍රී ලංකා කණ්ඩායම රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 381 ක්.
තරගය පැවැත්වෙන්නේ ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.
මේ අතර ඊයේ දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායම අතිරේක ක්‍රීඩකයෙකු පන්දු රැකීමට යෙදවීම සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ අවධානය යොමුව තිබෙනවා.
එම කවුන්සිලය මේ බව කියා සිටියේ, ට්විටර් සටහනක් තබමින්.
අදාළ සටහනේ දක්වා ඇත්තේ, මෙම සිදුවීම සම්බන්ධයෙන් සමලෝචනයක් සිදු කිරීමට ද බලාපොරොත්තු වන බවයි.
ඊයේ දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රකිමින් සිටින අතරතුර තලගොයෙකු පැමිණි දර්ශන විකාශය කිරීමට කටයුතු කළා.
මේ වනවිට අදාළ ට්විටර් සටහන සම්බන්ධයෙන් ක්‍රිකට් රසිකයින් විවිධ අදහස් ප්‍රකාශ කරමින් සිටිනවා.



ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

ධම්මික පැණිය බිවු මන්ත‍්‍රීවරයෙකු හා පවුලේ සියළු දෙනාට කොරෝනා.. sriavtvnetwork

ධම්මික පැණිය බිවු මන්ත‍්‍රීවරයෙකු හා පවුලේ සියළු දෙනාට කොරෝනා..




කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් කොරෝනා වෛරසය මර්දන සදහා හදුන්වා දුන් ඖෂධය පානය කළ බව කියන කෑගල්ලේ ප‍්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් සියලු දෙනාම කොරෝනා ආසාදනය වී ඇතැයි වාර්තා වෙයි.

මන්ත්‍රීවරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයකයන් 06 දෙනෙකුට මෙසේ වෛරසය ආසාදනය වී ඇති බුලුගහදෙනිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාද තහවුරු කරයි.

මන්ත්‍රීවරයාද සඳහන් කර ඇත්තේ එම කොරෝනා ඖෂධය නිවැරැදි මාත්‍රාවට තමන් සහ පවුලේ සියලු දෙනා භාවිතා කළ බවයි.

මේ වන විට ඔවුන් ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා යොමු කර ඇති අතර ඔවුන්ගේ ආශ්‍රිතයන් දෙසීයක පමණ පිරිසක් නිරෝධායනයට යොමුකර තිබේ.


ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

උතුරේ ඉදි කර ඇති සියලු රණවිරු ස්මාරක කඩා දාන්න වෙනවා…- සුමන්තිරන් sriavtvnetwork news

උතුරේ ඉදි කර ඇති සියලු රණවිරු ස්මාරක කඩා දාන්න වෙනවා…- සුමන්තිරන්

යුද ස්මාරක ඉදිකිරීමට පළාත් පාලන ආයතනවල අනුමැතිය අවශ්‍ය නැති බවත්, එවැන්නක් අවශ්‍ය නම් උතුරේ ඉදි කර ඇති සියලු රණවිරු ස්මාරක කඩා දැමීමට සිදුවන බවත් දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව මාධ්‍ය හමුවක් අමතමිනි. යාපනය විශ්වවිද්‍යාලයේ ඉදිකර තිබුණු මුල්ලිවායික්කාල් සැමරුම් ස්මාරකය කඩාදැමීමට සිදුවුයේ එය අනුමැතියකින් තොරව ඉදිකරන ලද්දක් බැවින් යැයි එම විශ්වවිද්‍යාල පරිපාලනය ලබාදී තිබූ පිළිතුරට මාධ්‍ය වෙත ප්‍රතිචාර දක්වමින් ඒ මහතා මේ බව පැවසීය. මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වු සුමන්තිරන් මන්ත්‍රීවරයා මෙසේද කීවේය.

“යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් ඉදි කර තිබුණු මුල්ලිවයික්කාල් සැමරුම් ස්මාරකය කඩා බිඳ දැමීම පිළිගත නොහැකි ක්‍රියාවක් මෙන්ම මිලෙච්ඡ ක්‍රියාවක්. මේ ස්මාරකය රජයේ අවසරයකින් තොරව ඉදි කිරීම නිසා කඩා දැමුවැයි කීම එම මිලෙච්ඡ ක්‍රියාව තවත් තීව්‍රකිරීමක්. යුද ස්මාරක ඉදි කිරීමට පළාත් පාලන ආයතනවල ඉදිකිරීම් අනුමැතියක් වුවමනා නැහැ.

එහෙම නම් උතුරු පළාත පුරාම ආරක්ෂක අංශ විසින් ඉදිකර ඇති රණවිරු ස්මාරක සියල්ලම කඩා බිඳ දාන්න වෙනවා. මේ වගේ ස්මාරක කිළිනොච්ච්ය, ආනෙයිඉරව්, පුදුකුඩිඉරිප්පු වගේ ප්‍රදේශවලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් විවිධ තැන්වල ඉදි කරල තියෙනවා.

මේ රටේ තිබුණු යුද්ධයෙන් දහස් ගණන් හමුදා නිලධාරීන් මිය ගියා. ඔවුන් සිහිපත් කරන්න ඕනේ. ඒත් කිසි වරදක් නොකළ අහිංසක ජනතාවත් යුද්ධයේදි ඝාතනය වුණා. විරුද්ධ පාර්ශවයෙන් මියගිය විරුවනුත් ඉන්නවා. ඔවුන්ව සිහි කරන්න ඕනෙ නැද්ද?

යුද්ධයෙන් මිය පිරිස යම් ජන ප්‍රජාවකට අයත් ජනතාවක් කියල ඔවුන්ගැන දුක්වෙන්නත් සිහිපත් කරන්නත් මේ ස්මාරක පොදු ස්ථානයක් වුණා. යාපනය විශ්ව විද්‍යාලයේ ඒ ස්මාරකය තිබුණු ස්ථානය එම සිසුන්ට විශේෂ ස්ථානයක් වෙන්න පුලුවන්” යැයිද කීය.

– lankadeepa


ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

යුක්රේන සංචාරක බුබුල සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩලා.. මිලියන 22ක ජනතාව අවදානමක. Sriavtvnetwork

යුක්රේන සංචාරක බුබුල සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩලා.. මිලියන 22ක ජනතාව අවදානමක.


කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් කඩා වැටී ඇති සංචාරක ව්‍යාපාරය නගා සිටුම සඳහා ක්‍රියාවට නංවා ඇති ‘සංචාරක බුබුල’ නියමු ව්‍යාපෘතිය අසාර්ථක වුවහොත් ඉදිරි සියලු කටයුතු අසාර්ථක වීම වැළැක්විය නොහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පෙන්වා දෙන්නේ එන්නේ යුක්රේනයේ සිට පැමිණි පළමු සංචාරක කණ්ඩායමේ හය දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබීමත් සමග එම සංඛ්‍යාව තවත් ඉහළ යාමක් සිදු වුවහොත් අන්තරාදායක තත්වයක් උද්ගත වීමට බෙහෙවින් ඉඩ ඇති බවයි.

මෙම සංචාරකයන් නවාතැන් ගෙන සිටින හෝටල් වලින් එළියට යාමට සිදුවීමේදී බාහිර සමාජය සමඟ ගැටෙන අවස්ථා ඇතිවීම අනිවාර්යෙන්ම වැළැක්විය යුතු බවත් දළදා මාළිගාව සීගිරිය වැනි ස්ථානවලට දේශීය සංචාරකයන් ද පැමිණෙන නිසා දැඩි අවධානයක් යොමු කළ යුතු බවත් ඒ මහතා පෙන්වා දෙයි.

සංචාරක කර්මාන්තය නගාසිටුවීමට පියවර ගන්නා සේම මිලියන 22 ක් වන රටේ සාමාන්‍ය ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ අවධානය යොමු කල යුතු බව ද ඔහු කියා සිටියේය.

මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමේ දී සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය වන බවට චෝදනා එල්ල වී ඇති බවත් පවසන ඔහු මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක විය යුත්තේ සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ඇතුළු නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ බවද කියා සිටී. 


ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network