අලි සබ්‍රි මෙහෙම නටන්නේ කාගේ කීමටද? – ප්‍රේමනාත් සී දොලවත්ත අලි සබ්‍රිට ගැසූ කණේ පහර මෙන්න sriavtvnetwork

අලි සබ්‍රි මෙහෙම නටන්නේ කාගේ කීමටද? – ප්‍රේමනාත් සී දොලවත්ත අලි සබ්‍රිට ගැසූ කණේ පහර මෙන්න



නීතිය සෑම දෙනාටම සමාන විය යුතු බවත් දැනට පවතින නීතිය යටතේ කොවිඩ් 19 වසංගතය වැළඳී මිය යන සියලු දෙනාගේ මෘත ශරීර ආදාහනය කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත මහතා ජනාධිපතිතුමන් වෙතු ලිපියක් යොමු කරමින් දන්වා සිටී.

අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි විසින් පසුගිය දිනෙක කියා සිටියේ මුස්ලිම් තරුණ අන්තවාදී කණ්ඩායම් බිහි වීම සඳහා මුස්ලිම් සහෝදරවරුන්ගෙන් මෘත ශරීර ආදානය කිරීම වස්තු බීජයක් වී ඇති බවයි . එකී මතය තවදුරටත් පසක් කරමින් සෞඛ්‍ය අංශ අංශ වල විශේෂඥ මතය විමසන තෙක් අධිශීතකරණ තුළ මෙම මෘත ශරීර රඳවා තබා ගැනීම හේතුවෙන් සමාජය තුළ විශාල මතවාදයක් ගොඩ නැගී ඇති බව දොළවත්ත මහතා පෙන්වා දෙයි.

දැනට පවතින නීතිමය තත්ත්වය තුළ කොවිඩ් 19 වසංගතය වැළඳී මිය යන සියලූ ජනතාවගේ මෘතශරීර ආදාහනය කිරීමට සෞඛ්‍ය අංශ විසින් නිර්දේශ ඉදිරිපත් කර තිබිය දී අලි සබ්‍රිෙග් මෙම ක්‍රියාකාරකම් සිදු කරන්නේ කාගේ නියෝගයකට දැයි සොයා බැලිය යුතු බව ප්‍රේමනාත් සී දොලවත්ත මහතා අවධාරණය කරයි.

එමෙන්ම අවධානය යොමු කළ යුත්තේ ජීවත්ව සිටින මහජනතාවගේ ආරක්ෂාව සම්බන්ධව මිස මිය ගිය අයගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් නොව්ය යනු වෙන් ඔහු පෙන්වා දෙයි .ජනාධීපතිවරයාට ඉදිරිපත් කළ ලිපිය පහතින්…







ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

කොවිඩ් දේහ ආදාහනය පමණක් කළ යුතුයි - සෞඛ්‍ය අමාත්‍යාංශය sriavtvnetwork

කොවිඩ් දේහ ආදාහනය පමණක් කළ යුතුයි - සෞඛ්‍ය අමාත්‍යාංශය


කොවිඩ් මරණ පිළිබඳ ව්‍යාජ පුවත් නිර්මාණය කිරීමෙන් වැළකී සිටින ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලීමක් කරයි.

කොවිඩ් -19 වෛරසය ආසාදනයවීමෙන් මියයන පුද්ගලයින්ගේ සිරුරු සම්බන්ධයෙන් අවසන් කටයුතු සිදුකරන ආකාරය පිළිබඳ ඇතැම් දේශපාලකයින් හා වෙබ් අඩවි අසත්‍ය ප්‍රචාර සිදුකරන බව සෞඛ්‍ය ආමාත්‍යාංශය පෙන්වා දෙයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලැබී ඇති සියලු විශේෂඥ වාර්තාවලට අනුව කොවිඩ් -19 ආසාදිතව මියයන සියලු පුද්ගලයින්ගේ මෘතශරීර ආදාහනය පමණක් සිදුකරන බව එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.


ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

භූමදානයට ඉඩ දෙන්නෙ නැත්නම් මේ රැල්ල සොහොන් පිට්ටනියක් වෙයි – හකීම් සටනට එයි sriavtvnetwork

භූමදානයට ඉඩ දෙන්නෙ නැත්නම් මේ රැල්ල සොහොන් පිට්ටනියක් වෙයි – හකීම් සටනට එයි


කොවිඩ් 19 හේතුවෙන් මරණයට පත් වන පුද්ගලයින් භූමිදානය කිරීමට ඉඩ දෙන ලෙස කළ ඉල්ලීම වුවමනාවෙන් ප්‍රතික්ෂේප කර ඇතැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පවසයි.

ඒ බොරැල්ල පොදු සුසාන භූමිය ඉදිරිපිට මේවන විට පැවැත්වෙන විරෝධාවයකට එක්වෙමිනි.

රජය පත් කළ විශේෂඥ කමිටුව තුල ඉන්නේ කවුද යන්න රජය ප්‍රකාශ නොකරන බවත් “මුස්ලිම් මිනිස්සු මෘත දේහ අරන් ගිහින් ජීවානු බෝම්බ හදයි කියලා” එම කමිටුවේ ප්‍රධානියා බීබීසි පුවත් සේවයට ප්‍රකාශයක් සිදු කර තිබෙන බවත් ඔහු පෙන්වා දුන්නේය.

එලෙස විකාර කතා කියන අය එම කමිටුවට පත් කර ඇති බවත් මුලින්ම මෙම කමිටුව සංශෝධනය කළ යුතු බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

කෝවිඩ් නිසා මරණයට පත් වෙන අපේ අයට අපේ පසේ භූමිදානය කිරීමට තිබෙන අයිතිය මාලදිවයිනට බාරදෙන රජයක් ලෙස මෙම රජය පත්ව ඇති බවත් භූමිදානයට ඉඩ දිය යුතු බවත් එලෙස තිබෙන මෙම රැල්ල රජයේ සොහොන් පිටියක් හැටියට පරිවර්ථනය වෙන කාලය වැඩි ඈතක නොවන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.


ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

හමුදා කදවුරේ බුදු පිලිමයක් ගිති තැබුවාද. Sriavtvnetwork

හමුදා කදවුරේ බුදු පිලිමයක් ගිති තැබුවාද.


කුරුවිට යුදහමුදා කදවුර තුළ බුද්ධ ප්‍රතිමාවක් ගිණි තැබීමක් දැක්වෙන සමාජා ජාලවල සංසරණය වන වීඩියෝව සම්බන්ධයෙන් යුද හමුදා මාධ්‍ය අංශය විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.

2020.12.15 දින කුරුවිට යුද්ද හමුදා කදවුර තුල බුද්ද අනුරුවක් විනාශ කල බවට මේ දිනවල සමාජ ජාලවල ප‍්‍රචාරය වෙමින් පවතින වීඩියෝ පටය පිළිබඳව දැනුවත් කිරීම

මෙම බුද්ධ අනුව 2014 වසරේ වාර්ෂික වෙසක් සහ පොසොන් කලාප වල ප්‍රදර්ශනය කිරීම සඳහා බටපතුරු සහ කඩදාසි පල්ප වලින් තනන ලද අනුරුවක්.

වසර ගණනාවක් වෙසක් කලපවල ප්‍රදර්ශනය කිරීමෙන් පසු තවදුරටත් ප්‍රදර්ශනයට නුසුදුසු තත්ත්වයට පත්වීම හේතුවෙන් කුරුවිට ගැමුණුහේවා මූලස්ථාන බලඇණි කඳුරේ ගොඩනැගිල්ලක තිබූ මෙම බුද්ධ අනුරුව තවදුරටත් විනාශ වෙමින් පැවති හෙයින් කුරුවිට කාහේන්ගම ශ්‍රී බෝධි මාලකාරාම විහාරස්ථානයේ විහාරාධිපති ගරු ශ‍්‍රාස්ත‍්‍රපති පණ්ඩිත පූජ්‍ය දොඹවෙල සිරි විජේඥාණ නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා ලබාගෙන නිසි ආගමික වත්පිළිවෙත් හා පිරිත් සජ්ජායනා කර භූමියට පිරිත් පැන් ඉස 2020.12.16 දින එම අනුරුව ඉවත් කිරීමට කටයුතු කරනු ලැබුවා.

සමාජ ජාල වල ප්‍රචාර වෙමින් පවතින මෙම සිදුවීම පිළිබඳව සත්‍යය තත්ත්වය පැහැදිලි කිරීම සඳහා මෙම පණිවිඩයෙන් නිකුත් කරනු ලබනවා.

– Army media


ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

අටමස්ථානාධිපති හිමියන් දශක දෙකක් තිස්සේ ධම්මික බණ්ඩාරගෙන් වෙදකම් කරගෙන.. කාලි අම්මා නාහිමියන්ගේ මෑණයන් කියා ඇත්තේ ඒ නිසා sriavtvnetwork



ජය ශ්‍රී මහා බෝධිය අටමස්ථානාධිපති හිමියන් කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාගෙන් දශක දෙකක පමණ කාලයක් තිස්සේ ප‍්‍රතිකාර ලබා ගන්නා බව තමනට දැනගන්නට ලැබී ඇතැයි මහාචාර්ය නලින්ද සිල්වා මහතා සඳහන් කරයි.

පසුගිය දා ජය ශ‍්‍රී මහා බෝධි පුද බිමේදී එහිමියන්ගේ මෑණියන් කාලි අම්මා යයි ධම්මික බණ්ඩාර මහතා සදහන් කර ඇත්තේ එනිසා යයිද ඒ මහතා කියා සිටී.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු ඒ බව සදහන් කර තිබේ.

එම සම්පූර්ණ සටහන මෙසේය.

එක දෙවියයි එක දැනුමයි විය යුතු නැහැ
ධම්මික වෙද මහතාගේ පැණිය දේශපාලන ප්‍රශ්නයක් බවට පත් වුණේ ඒ ගැන ප්‍රසිද්ධියක් ලැබුණු දිනයේ දී ම බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. ඒ සම්බන්ධ යම් ආකාරයක නිල නොවන අයුරකින් හරි සම්පරීක්‍ෂණයක් කර ඇති බවට පළ වූ වාර්තා ප්‍රශ්නයේ මුලයි. කොවිඩ් 19 සම්බන්ධයෙන් මෙරට දේශීය වෙදකමේ බහු ප්‍රතිකාර ඇති නමුත් ඒ එකටවත් ප්‍රසිද්ධියක් නොලැබුණේ අවශ්‍ය බටහිර වෛද්‍ය සහතික නොතිබූ නිසයි.

එහෙත් ධම්මික වෙද මහතාගේ පැණියට යම් බටහිර වෛද්‍ය සහතිකයක් ලැබීම නිසා ජනමාධ්‍ය ප්‍රසිද්ධියක් ලැබුණා. ඒ සමග ම ඒ වටා පිරිස් එකතු වීම මෙන් ම එයට විරුද්ධ ව ජනමතයක් ගොඩ නැගීම ද ඇරඹුණා. අර පසුව එකතු වූ පිරිස් අතර තක්කඩියන් ද ඉන්න පුළුවන්. ඔවුන් මුල සිට ම සිටි අය නො වෙයි. ඔවුන්ට වෙනත් දෙයක් අවශ්‍ය වන්න පුළුවන්. පැණියට විරුද්ධ ව ජනමතයක් ගොඩ නැගීමට විවිධ දේශපාලන කොටස් එකතු වුණා. බටහිර අධ්‍යාපනයෙන් එන්නත් කරනු ලැබූ මතවාද දෘෂ්ටිවාද (අල්තුසර් ද දෘෂ්ටිවාදයකින් මිදුණ අයකු නොවෙයි) සහිත ව ධම්මික වෙදමහතාගේ සුදූුසුකම් සාකච්ඡාවට ගැණුනා. කපු මහතකු බව මේසන් බාසුන්නැහැ කෙනකු බව ආදිය වැදගත් වුණා. කාලි අම්මාගෙන් දැනුම ලැබුණු බව ප්‍රශ්නයක් වුණා. රාමනුජන්ට එය ප්‍රශ්නයක් වුණේ නැහැ. බටහිර උගතුන් එකලත් රාමනුජන් වෙනත් ගණිතඥයන් මෙන් යැයි කීමට තැත් කළත් එය සාර්ථක වුණේ නැහැ.

බටහිර විද්‍යාව (වෛද්‍ය විද්‍යාව විශේෂයෙන්) ධනපති ක්‍රමය සමග ඇති අවියෝජනීය (ඔවුන්ගේ වචන) සම්බන්ධකම් විවිධ පුද්ගලයන් සමාගම් මගින් පෙන්නුම් කෙරුණා. බටහිර විද්‍යාව ධනපති ක්‍රමයෙන් වෙන් කරන්න බැරි ඒ දෙක ම එක ම චින්තනයක් මත පදනම් වෙන නිසා. බටහිර විශ්වවිද්‍යාල වැඩවසම් සම්බන්ධකම් මත ඇති වූ ආයතන. ඔක්ස්ෆඩ් කේම්බ්‍රිජ් එයට හොඳ ම උදාහරණ. එහෙත් අද වන විට ඒ විශ්වවිද්‍යාල ධනේශ්වරය සමග සම්බන්ධකම් ඇති කරගෙන වැඩවසම් නෂ්ටාවශේෂත් සමග. හරියට වින්ඩ්සර් රජපවුල වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තුව සමග සම්බන්ධකම් ඇති කර ගෙන තියෙන විධියට. බටහිර වෛද්‍ය විද්‍යාව ඖෂධ සමාගම් එක්ක ඇති සම්බන්ධයේ අංශු මාත්‍රයක් පමණයි මෙරට ඖෂධ නියෝජිතයන් බටහිර වෙදමහතුන් සමග ඇති සම්බන්ධයේ තියෙන්නෙ.

පැණියේ සාර්ථකත්වය මනින්න පුළුවන් රෝගීන් සුව වෙනව ද බලීමෙන්. එය බටහිර ඊනියා සායනික නැහැසුම් ක්‍රමයට ම සිිදු විය යුතු නැහැ. එහෙත් අද ඇති දැනුම් යටත්විජිතවාදය නිසා පරක්‍ෂාව බටහිර ක්‍රමයට සිදු කරන්න වෙලා. ඒ අතර ආයුර්වේද කමිටුවකුත් තියෙනවා. මෙරට ඉන්න සහතික උගතුන්ට සහතිකය හැර වෙනත් දෙයක් නැහැ. ඔවුන්ට දැනුමක් අලුතෙන් දෙන්න බැහැ. වැඩිම වුණොත් කළ හැක්කේ වැමෑරීම පමණයි. මෙරට නිර්මාණාත්මක හැකියාවක් ඇතියවුන් වැඩිය දකින්න පුළුවන් සාමාන්‍ය පෙළෙන් එහාට උගත් නැති අය අතර. උසස් පෙළ අධ්‍යාපනයෙන් නිර්මාණාත්මක හැකියාවන් නැත්තට ම මෙන් නැති කරනවා. මෙරට අවුරුදු 150ක බටහිර වෛද්‍ය අධ්‍යාපනය එයට හොඳ ම උදාහරණයයි.

අද උදේ එක් කමිටුවක වාර්තාවක් නිකුත් වෙලා. බටහිර විද්‍යාව අනුව කරන ලද පරීක්‍ෂණවලින් තහවුරු වී ඇත්තේ පැණියේ විෂක් නැති බවයි. ඒ වාර්තාව ආයුර්වේද කමිටුවට යොමු කරලා. ආයුර්වේද කමිටුව තවම එයට ප්‍රතිචාරයක් දක්වා නැති බවයි පේන්න තියෙන්නෙ. ඔවුන් ඉක්මණින් ඒ කටයුත්ත කරනවා නම් හොඳයි. මේ ආයුරවේදය හා හෙළ වෙදකම අතර ප්‍රශ්න ඇති කරගන්න වෙලාවක් නො වෙයි.

අද විවිධ අය කාලිඅම්මා ගැන විවිධ කතා කියනවා. ඇගේ සම්භවය පිළිබඳ ව ඇත්තේ එක් කතාවක් පමණක් නොවෙයි. ඒ තමයි පෙරදිග දැනුමේ එක් ලක්‍ෂණයක්. බ්‍රහ්මන් ඒක දේව සංකල්පය බිහිවන්න පෙර මේ රටවල තිබුණේ බහුදේවවාදයක්. අප එක් දෙවියකු පමණක් ගැන විශ්වාස කෙළේ නැහැ. ලංකාවේ කොහාමටවත් තිබුණේ නැහැ. මෙරට බ්‍රහ්මන් සංකල්පයක් නැහැ. මහා බ්‍රහ්මයත් තවත් දෙවියකු (බ්‍රහ්මයකු) පමණයි. කාලිඅම්මා භද්‍රකාලි මෑණියන් නමිනුත් හැඳින්වෙනවා. ඒ යහපත් අරුතෙන්. කෙසේ වෙතත් මට කියන්න තියෙන්නෙ අපේ සංස්කෘතියෙහි එකම කතාවක් නොව විවිධ කතා තියෙන බවත් විවිධ දෙවියන් ඉන්න බවත් විවිධ දැනුම් විවිධ ප්‍රතිකාර තිබෙන බවත්.

බටහිර ක්‍රිස්තියානි හා මුස්ලිම් සංස්කෘතිවල ඉන්නේ එක් දෙවියන් පමණයි. අද ඔය එක් දැනුමක් අනන්‍ය දැනුමක් ආදී සංකල්ප පැන නගින්නේ ඒ ඒක දේව සංකල්පයෙන්. සිංහල බෞද්ධයන්ට බහු දේව සංකල්පයක් තියෙන්න. ඒක දේව සංකල්පයක් නැත කියන එකෙන් බහු දේව සංකල්පයක් නැත කියා කියැවෙන්නෙ නැහැ. බටහිර දැනුම ලෝකයේ එක ම දැනුම විය යුතු නැහැ. බහුදේව වගේ ම බහු පද්ධති තියෙනවා. ක්‍රිස්තියානි හා මුස්ලිම් සංස්කෘතීන්ට ඒ බව පිළිගැනීමේ අපහසුතාවක් තියෙනවා. මේ ගැන තවත් විස්තර පසුවට.

අද කිවයුතු වැදගත් කරුණක් තියෙනවා. පඬියන් පඬි නැට්ටන් ධම්මික වෙද මහතා අටමස්ථානාධිපති නායක හාමුදුරුවන්ට සැරෙන් කතා කිරීම ප්‍රශ්නයක් කර ගෙන. මේ අය ඒ කරන්නේ ශ්‍රද්ධාවකින් නොවෙයි. ශ්‍රී මහා බෝධින් වහන්සේ මුළ ඉඳගෙන අරක්කු බීමට කතා කෙළේ ඒ වර්ගයේ අය. මේ හුදෙක් වෙද මහතාට හා ඒ මගින් හෙළ වෙදකමටත් අවසානයේ දී සඟ සසුනටත් සිංහල බෞද්ධ සංස්කෘතියටත් පහර ගැසීම සඳහා කෙරෙන්නක්.

මට දැන ගන්නට ලැබී ඇති තොරතුරු අනුව දැනට දශක දෙකක පමණ කාලයක් තිස්සේ ධම්මික වෙද මහතා අටමස්ථානාධිපති හාමුදුරුවන්ට වෙදකම් කරනවා. උන්වහන්සේ දන්නවා වෙද මහතා දැනුම ලබා ගන්නේ භද්‍රකාලි මැණියන්ගෙන්, කාලි අම්මගෙන් බව. නායක හාමුදුරුවන් එ නිසා වෙද මහතා අමතන්නේ මෑණියන් කීයා. වෙද මහතා හාමුදුරුවන් සමග සාකච්ඡාචේ දී මා ඔබ වහන්සේගේ මෑණියන් කියන්නේ ඒ අරුතෙන්. ඒ සාකච්ඡාචේ ඉතිරි කොටස් ද ප්‍රචාරය කරන්න පුළුවන් නම් හොඳයි. ඒ සාකච්ඡාව හොඳින් දන්නා හඳුනන අය අතරයි.

විවිධ බලවේග හෙළ වෙදකමට විරුද්ධව ක්‍රියා කරනවා. ඔවුන්ට රෝගීන්ට මොනව වුණත් කමක් නැහැ. හෙළ වෙදකමට පහර දෙන්න පුළුවන් නම්. අද අපට අවශ්‍ය රෝගීන් සුවපත් කිරීමටයි. එහි දී අප එක දැනුමක් පමණක් යන්න බැහැර කරනවා. බහු දේවා බහු විජ්ජා මිස ඒක දේව ඒක විජ්ජා නොවෙයි.

– නලින් ද සිල්වා FB


ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

මං නිර්මාංශයි.. හරක් මස් ෆැක්ටරි කතාව මඩක්.. ඒ ෆැක්ටරියේ නිර්මාංශ ආහාරත් හදනවා..- නාමල් sriavtvnetwork news

මං නිර්මාංශයි.. හරක් මස් ෆැක්ටරි කතාව මඩක්.. ඒ ෆැක්ටරියේ නිර්මාංශ ආහාරත් හදනවා..- නාමල්




කටුනායක අපනයන සැකසුම් කලාපයේ විවෘත කරපු විදේශීය හා දේශීය ආහාර සැකසුම් කර්මාන්ත ශාලාවක් සම්බන්ධයෙන් මාව සම්බන්ධ කරලා මේ දවස්වල ෆේස්බුක් එකේ මඩ ප‍්‍රචාරයක් යනවා. මේක තනිකරම මඩක්. එවැනි අසත්‍ය ප‍්‍රචාරයක් සමාජය තුළ ගෙනයෑම සම්බන්ධයෙන් කනගාටු වෙනවා’ යැයි තරුණ කටයුතු හා ක‍්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.

මෙම දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ඇමැතිවරයා සම්බන්ධයෙන් ප‍්‍රචාරය වන දේ පිළිබඳව විමසූ අවස්ථාවේ හෙතෙම එසේ කියා සිටියේය.

මෙහිදී තවදුරටත් කතා කළ ඇමැතිවරයා මෙසේ ද කියා සිටියේය.

‘මේ මස්, තවත් ආහාර වර්ග ප‍්‍රතිඅපනයනය කරන සමාගමක්. මේකට ලංකාවේ සම්බන්ධයක් නැහැ. එම සමාගමේ අයිතිකරුවන් මට ආරාධනාවක් කරපු නිසා ආරාධිතයෙක් විදිහට මම එතැනට ගියා. මේක මගේ ව්‍යාපාරයක් නොවෙයි. දේශීය ව්‍යාපාරිකයෙක්ගේ ව්‍යාපාරයක් නිසා මම එතැනට පොඩි වෙලාවකට ගියා. මේක ගව ඝාතකාගාරයක් කියලා මාවත් සම්බන්ධ කරලා ෆේස්බුක් එකේ මඩ ප‍්‍රචාරයක් යනවා.

‘‘මම නිර්මාංශ කෙනෙක්. මෙතනට මස් ගේනවා වගේම නිර්මාංශ ආහාරත් නිෂ්පාදනය කරනවා. ඒ කියන්නේ වෙජිටේරියන් ආහාරත් මෙතන තියෙනවා. මේක මගේ තැනක් නොවෙයි. යම් යම් අය බලන්නේ අපිට පුළුවන් තරම් මඩ ගහලා වින්දනයක් ලබන්නයි.

දේශීය ව්‍යාපාරිකයෙක් රටට ආදායමක් එන ව්‍යාපාරයක් කරනවා නම් එය අගය කළ යුතුයි. මෙවැනි දේශීය ව්‍යාපාරිකයන් තනන එකයි අපි කළයුත්තේ. නමුත් අද මේ සමාජයේ ඉන්න අය කරන්නේ ෆේස්බුක් අවභාවිතා කරමින් අනුන්ට මඩ ගහන එකයි.”

ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network