ඊයේ රූපවාහිනී නාලිකාවක සංවාදයකට එක්වෙමින් ඇය මේ බව පැවසුවාය.

‘එයාලට මගේ මන්තී‍්‍රකම නැති කරන්නත් බෑ. මාව නියෝජ්‍ය ලේකම්කමෙන් අයින් කරන්නත් බෑ. සේනක උප සභාපතිකමෙන් අයින් කරන්නත් බෑ. ඒ තියා විනය පරික්‍ෂණයක්වත් තියන්න බෑ. මහලේකම් කොහොමද මට විනය පරික්‍ෂණ තියන්නේ.
කිංග්ස් නෙල්සන් මහින්ද මහත්තයා හම්බවුනේ සේනකයි මමයි ඉස්සරහ. චමින්දයි, හේෂායි. මයන්තයි ගේන්න කොන්ත‍්‍රාත් එක කලේ තිස්ස අත්තනායක.
ඡුන්දෙ දවසේ උදේ චමින්දයි, හේෂයි හිටියේ අපේ ගෙදර. ලොක්කා කිව්වා ඒ අයට අද එන්න එපා අය වැයේදී ගන්නම් කියලා. ජලනි කොහොමද මට විනය පරික්‍ෂණ තියන්නේ’ යයිද ඇය හෙලිදරවු කලාය.