රන්ජන්ගේ හඬපටයක් ජනාධිපති කොමිසමට.. ප‍්‍රබල සාක්‍ෂියක් වෙයි.. sriavtvnetwork
දේශපාලන පළි ගැනීම් සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ හඬ පටයක් ඉදිරිපත් කර තිබේ.
කඩුවෙල මහෙස්ත්‍රාත් වරයා ව සිට පසුව වැඩ තහනමට ලක් වූ ධම්මික හේමපාල මහතා සහ රන්ජන් රාමනායක මහතා අතර වූ සංවාදයක් එම එහි හඬ පටයෙන් ඇතුළත්ව තිබිණි.
එකී විනිසුරුවරයා විසින් තමන් රක්ෂිත බන්ධනාගාර ගත කලේ දේශපාලඥයන්ගේ කීම නිසා යයි දිවිනැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ වරයෙකු වන බන්දුල තිලකසිරි මහතා එම කොමිසම හමුවේ සාක්ෂි දෙමින් කියා සිටියේය.
එය සනාථ කිරීම සඳහා ඔහු විසින් අදාළ හඬ පටය ජනාධිපති කොමිසම වෙත ඉදිරිපත් කරනු ලැබීය.
එවකට හිටපු මහෙස්ත්‍රාත්වරයා නීතිය අවභාවිත කර ඇතැයි දුරකථන සංවාද හඬපට ලබාදෙමින් කොමිසම වෙත කියා සිටියේය.