මිලියන 120ක් වැය කර ගල්කිස්ස වෙරළ තීරයේ පිරවූ වැලි මහ මුහුදට වීඩියෝව සසහිතයි

මිලියන 120ක් වැය කර ගල්කිස්ස වෙරළ තීරයේ පිරවූ වැලි මහ මුහුදට


දිවයිනේ වෙරළ තීරයන් තුනක් සංරක්ෂණය කිරීම සඳහා රුපියල් මිලියන 890 ක් වැය කරමින් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා වැලි පෝෂණ ව්‍යාපෘතියක් ආරම්භ කළේය. 

කෙසේ වෙතත් මෙහි ගල්කිස්ස වෙරළතීරයට අයත් කොටසේ වැලි මේ වනවිට සම්පූර්ණයෙන්ම මුහුදට ගසා ගෙන ගොස් ඇත්තේ ඒ වෙනුවෙන් වැය කළ රුපියල් මිලියන 120 ක පමණ මුදල ද අපතේ හරිමින්. 

තෝමස් මේට්ලන්ඩ් බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා සහ ලැවීනියා ආදර කථාවට සාක්ෂි දරන 'රන්වන් සැතපුම’ ලෙස නම් දරා ඇති ගල්කිස්ස වෙරළ තිරය දෙස් විදෙස් සංචාරකයන්ගේ සොඳුරු තෝතැන්නක්.

එම ස්වභාවික සුන්දර වෙරළ තීරය ඛාදනය වැළැක්වීම සඳහා බව පවසමින් රුපියල් මිලියන 120ක් පමණ වැය කරමින් වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් වැලි පෝෂණ ව්‍යාපෘතියක් විදේශීය සමාගමට භාර දුන්නේය.

පසුගිය රජයේ කැබිනට් අනුමැතියද සහිතව ක්‍රියාත්මක වූ මෙම ව්‍යාප්තියෙන් රත්මලාන වෙරළ තීරයේ සිට කිලෝමීටර් 6ක් ඈතින් පිහිටි වැලි නිධියකින් ගල්කිස්ස වෙරළ තීරයට වැලි මීටර් කියුබ් 150,000ක් පුරවනු ලැබුවේය.

ඒ පිළිබඳව සොයා බැලීමට ඉකුත් අප්‍රේල් 23 වනදා අද දෙරණ ගල්කිස්ස වෙරළ තීරයට යන විට වෙරළ තීරය සුන්දර කළ ස්වභාවික ගල් පරයන් ද යට කරමින් ප්‍රතිනිර්මාණය කළ කෘත්‍රිම වෙරළ තීරයේ වැලි මුහුදටම ගසාගෙන යන අයුරු අද, එහි ගිය අපට දක්නට ලැබුණි.

පරිසරවේදීන්ගේ විරෝධය මධ්‍යයේ මිලියන ගණනක් මහජන මුදල් විනාශ කරමින් සිදුකළ මේ වැලි පෝෂණ ව්‍යාපෘතිය පිළිබඳව අදත් සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වන්නේ දැඩි විරෝධයක්.

එමෙන්ම වෙරළ තීරයට වැලි පිරවීම පිළිබඳව ඒ අවට වෙසෙන ජනතාව ද විරෝධය පළ කර සිටියි.

මෙම චෝදනා සම්බන්ධයෙන් වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නීතීඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතාගෙන් අද දෙරණ විමසීමක් කර සිටියේය.

ඔහු ප්‍රකාශ කර සිටින්නේ කිසිදු වෙරළ ඛාදන තත්ත්වයක් එම ඇති වී නැති බවයි.

කෙසේවෙතත්, අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන පරිදි ඔහුට අභිමතානුසාරී අයුරින් මෙවැනි ව්‍යාපෘති සඳහා තීරණ ගැනීමට නීත්‍යානූකූල හැකියාවක් පවතිනවාද?

මේ පිළිබඳ අදහස් දක්වමින් පරිසර නීතීඥ ජගත් ගුණවර්ධන මහතා පවසන්නේ මෙම ව්‍යාපෘතිය හේතුවෙන් ගල්කිස්ස වෙරළ තීරයට සිදුව ඇති හානිය ව‍‍්‍යාජ ප්‍රකාශ සිදු කිරීම තුළින් වසන් කළ නොහැකි බවයි.




ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

තොණ්ඩමන්ගේ අවමගුලේ සංවිධායක වෛද්‍ය අනිල් ජාසිංහට තර්ජනය කරලා. Sriavtvnetwork news

තොණ්ඩමන්ගේ අවමගුලේ සංවිධායක වෛද්‍ය අනිල් ජාසිංහට තර්ජනය කරලා.



අභාවප‍්‍රාප්ත හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ අවමඟුල් කටුයුතුවලට සහභාගි වූ කිසිවෙකුට හෝ කොවිඞ් 19 ආසාදනය වී නව රෝගීන් පොකුරක් මතුවුවහොත් නිරෝධායන පනතේ රෙගුලාසිවලට පටහැනිව යමින් කටයුතු කිරීම පිළිබදව ජාතික හා ජාත්‍යන්තර වශයෙන් නඩු පවරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා අනතුරු අඟවයි.

එම අවමඟුලේ කටයුතු සංවිධානය කරමින් සිටි එක් පුද්ගලයෙක් නිරෝදායන පනතේ නිසි බලධාරියා වන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට පවා දුරකතනයෙන් තර්ජනය කළේ යැයි තම සංගමය වෙත වාර්තා වී ඇතැයි ද හෙතෙම කියයි.

මියගිය අයෙකුගේ මෘත ශරීරය විකුණාගෙන කමින් දේශපාලන බලය ලබාගැනීම සදහා ඡන්ද සිඟමනේ යෙකෙනවාට අමතරව නීති ගරුක රාජ්‍ය නිලධාරින්ගේ රාජකාරිය බාධා කිරීමට තරම් සමහර පුද්ගලයින්ට බලය ලබාදී ඇත්තේ කවුරුන් දැයි සොයා බලා නිසි පියවර ගන්නැයි ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා සිටින බව ද හෙතෙම කියයි.

මෙම පිරිස සියලූ නිරෝධායන නීති හා සෞඛ්‍ය උපදෙස් අමු අමුවේ උල්ලංඝණය කළ බව රටම දන්නා බවත් තවමත් රට අනතුරක පවතින අවස්ථාවක මෙවැනි විසූක දස්සන වලට එරෙහිව සමස්ත රට පුරා පක්ෂ විපක්ෂ සියලූ කණ්ඩායම් වෘත්තිකයන් සහ සියලූ ජන කොටස් පෙළ ගැසිය යුතු යැයි ද ඔහු සදහන් කරයි.

ආරම්භයේ සිටම කොවිඞ් 19 ව්‍යාප්තියට එරෙහිව දිවා රෑ නොබලා කටයුතු කළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්, ඇතුළු ⁣ක්‍ෂත‍්‍ර නිලධාරින් සෞඛ්‍ය කාර්ය මණ්ඩල, රෝහල් කාර්ය මණ්ඩල තවත් හෙම්බත් කරවන මෙවැනි අනවශ්‍ය කටයුතු රටට වැරදි පූර්වාදර්ශ සපයා ඇතැයි ද ඔහු ගේ අස්සනින් යුතුව නිකුත් කරන ලද නිවේදනයක සදහන් වේ.

සෞඛ්‍ය කාර්ය මණ්ඩල, අනෙක් රාජ්‍ය අංශ මෙන්ම මහජනතාවද පසුගිය කාලය පුරා සිදුකල කැපකිරීම් තුට්ටුවකට මායිම් නොකරන මෙම අසික්තිත දේශපාලන ව්‍යාපෘතිය මියගිය තොණ්ඩමන් මහතාට කරන විශාල අගෞරවයක් බවත් මේ වැරදි ආදර්ශ නිසා සමස්ත ජනතාවගේ කැප කිරීම අඩුවී ඇතැයි පර්යේෂකයින් පෙන්වා දෙන බවත් ඔහු තම නිවේදනයේ සදහන් කරයි.

– lankadeepa



ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

නාවුක සෙබලාට කොරෝනා කියා ගම්මු පියාට පහර දෙයි.. රෝහලේ sriavtvnetwork

නාවුක සෙබලාට කොරෝනා කියා ගම්මු පියාට පහර දෙයි.. රෝහලේ


නාවික හමුදාව සෙබළකුගේ පියාට හා සොයුරාට පහරදීමේ සිදුවීමක් වාරියපොල ප්‍රදේශයෙන් වාර්තා වේ.

මේ වන විට තුවාල ලද ඔවුන් දෙදෙනා වාරිපොල දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ සිදු කරමින් සිටියි.

යාපනයේ කදවුරක සේවය කරන මෙම නාවික හමුදා සෙබළා ඔහුගේ අසනීපයකට අවශ්‍ය බෙහෙත් ඖෂධ ගෙන යාමට පැමිණි අවස්ථාවේ ඔහු කොරෝනා ආසාදිතයෙක් සැක කරමින් එම පහරදීම සිදුව ඇති බව වාර්තා වෙයි.

පොලීසිය පවසන්නේ අදාළ නාවික හමුදා සෙබළා මෑතක දී තම නිවසට පවා පැමිණ නැති බවත් කොරෝනා වෛරසය ආසාදිත වූවෙකු යයි තොරතුරු ලැබී නැති බවත් ය.




ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network