නිරෝධායනය නොවී සැගව සිටි ගැබිණි කතකට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වෙයි sriavtvnetwork

නිරෝධායනය නොවී සැගව සිටි ගැබිණි කතකට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වෙයි



බේරුවල, පන්නිල ප්‍රදේශයේ තවත් පුද්ගලයින් 20 කට වැඩි පිරිසක් නිරෝධායනයට ලක් නොවී සැඟව සිටින බව ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් පවසයි.

ඊයේ දිනයේ දී පන්නිල ප්‍රදේශයේ ගැබිණි කාන්තාවකට ද කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ අතර එම කාන්තාව නිරෝධායනයට ලක් නොවී සැගව සිටි කාන්තාවක් බව ඔවුන් පවසන්නේ.

මෙම තත්ත්වය මත එම ප්‍රදේශයේ තවත් බොහෝ පිරිසකට වෛරසය ආසාදනය වීමේ වැඩි අවදානමක් මතුව ඇති බව දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ජේ. සිංහබාහු මහතා සදහන් කළේය.



ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network