අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හැර අනෙකුත් භාණ්ඩ ආනයනය සීමා කරයි

අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හැර අනෙකුත් භාණ්ඩ ආනයනය සීමා කරයි...

අපි මේ යන්නෙ 70/77 සිරිමාවෝ යුගයටද..?

සිරිමාවො යුගය පිළිබඳව මට මතකයක් නොමැත. එකළ මා ඉපදුනා පමනයි. එහෙත් බොහෝ දෑ අසා ඇත. එකළ ධනවාදි හා සමාජවාදි ලෙස ලෝකයෙ රටවල් පැහැදිලිවම බෙදී තිබුණි. සෝවියට් රුසියාව එක් බල කඳවුරකඳ ඇමරිකාව අනෙක් බල කඳවුරේද බලවන්තයො විය. සිරිමාවො රජය නොබැඳි ප්‍රතිපත්තියක සිටියද සෝවියට් රුසියානු කඳවුරට දැක් වූ නැඹුරුතාවය වැඩිය.

70/77 යුගයෙ සතියට වේල් කිහිපයක් අල, බතල, මඤ්ඤොක්කා, ධාන්‍ය වර්ගයක් ආහාරයට ගැනීම අනිවාර්ය විය. සහල් පොලු කියා ජාතියක් වැටුනි. පවුලකට සීමාසහිත සහල් රාත්තල් ප්‍රමානයක් නිර්දේශ වූ අතර අතර මග පොලිස් බාධක දමා ඒවා පරීක්ෂාවට ලක් කෙරිනි. දුප්පත් මිනිසුන් සමූපකාර සලාක ක්‍රමයක් ක්‍රියාත්මක විය සමූපකාර ක්‍රමය අති සාර්ථකව ක්‍රියාත්මක විය.

" සියරට දේ සිරි සැප දේ " යන දැක්ම ඔස්සේ රට ඉදිරියට යන්නට විය.ඇන් ඇම් පෙරේරා ඉතිහාසයෙ ප්‍රථම සහ අවසන් වතාවට ධන අයවැයක් ඉදිරිපත් කළේය. ගිනිකූරෙ සිට මෝටර් රථය දක්වා රට තුල නිශ්පාදනයට යොමු විය. යැපුම් ආර්ථිකයක් තිබු රටක් නිශ්පාදන ආර්ථිකයකට මාරු විය.

නමුත් ජන ජීවිතය මදක් දුෂ්කර විය. මිනිස්සුන්ට ඒ දුෂ්කර බව දරා ගැනීමට නොහැකි විය. එදා ඒ මිනිසුන් තව අවුරුදු 10 ක් ඉවසා සිටියානම් අද අපි පලවෙනි ලෝකයේ රටකි. තර්කයක් නොමැත. මිනිස්සු 77 සිරිමාවොගෙ ආණ්ඩුව ගෙදර යැව්වෝය. 

1977 JR ගෙ ධර්මිෂ්ඨ යුගය පැමින එක්වරම " රෙද්ද කැඩුවා " සේ ආර්ථිකය විවෘත කලේය. සියළුම දේශීය කර්මාන්ත කඩාගෙන වැටුණි. රටටම අවශ්‍ය සම්පත් සැපයු ලංකා වානෙ සංස්ථාව, වී අලෙවි මණ්ඩලය, කඩදාසි සංස්ථාව, තුනී ලෑලි සංස්ථාව, ටයර් සංස්ථාව සහ තවත් විශාල ආයතන වසා දැමුවා හෝ විකුණා දැමීය. ( විකුනන් කෑම UNP යෙ අනන්‍යතාවයයි). අද අප ඉඳි කට්ටෙ, කොණ්ඩ කට්ටෙ සිට සහල් ටික පවා එතෙරින් එනකං මුහුදට දත නියවං සිටී.

විවෘත ආර්ථිකය ලෝකයම ආක්‍රමණය කර ඇති අද වගේ දවසක එයින් සම්පූර්ණයෙන්ම විතැන් වීමට අපට නොහැකිය. සෝවියට් රුසියාව ප්‍රමුඛ සමාජවාදී කඳවුරද අද නැත. එහෙත් අප අපට උචිත කෘෂිකර්මය මූලික කොට ගත් ආර්ථික ක්‍රමයක් සකස් කර ගත යුතුය. ගෝඨාභයගෙ මේ වෑයම උත්කෘෂ්ඨය. කොරෝනා අපට රටක් විදිහට ආ ආශීර්වාදයක්ද ? මේ අපේ රටේ මිනිසුන්ගේ දරා ගැනීමෙ හැකියාව උරගා බලන කාලයයි.

 අපි කොතනින් හෝ පටන් ගත යුතුයි. මේ එයට සුදුසුම මොහොතයි. අභියෝග සහ පීඩණය මතින් ජයග්‍රහණය කිරීම අපේ මිනිස්සුන්ගේ ලේ වල තියෙන දෙයකි. කැපකිරීමකින් තොරව කිසිවක් දිනාගත නොහැක

නිලන්ත සත්සර ගමගේ

ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network