පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් වූවන්ට දුන් කෝටි 90 මෛත්‍රී හා මුසම්මිල් සාක්කුවේ දාගත්තා ද.? Sriavtvnetwork

පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් වූවන්ට දුන් කෝටි 90 මෛත්‍රී හා මුසම්මිල් සාක්කුවේ දාගත්තා ද.?



පාස්කු ඉරුදින ප‍්‍රහාරයෙන් පීඩාවට පත්වූ, 
අවතැන් වූ, ජීවිත හා දේපල හානි වූ
 ජනතාවගේ සුබසිද්ධියවෙ නුවෙන් ඔවුන්ගේ 
ජීවනෝපායන් යළි ගොඩනැංවීම පිණිස 
ලෝක මුස්ලිම් ලීගය හිටපු ජනපති මෛත‍්‍රීපාල
 සිරිසේන මහතාට දුන් රුපියල් 
කෝටි අනූවක මුදලකට 
සිදුවු දේ කුමක්ද යන්න එවකට 
බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ.ඒ.එම්. 
මුසම්මිල් මහතා ඇතුළු වගකිවයුත්තන් වහා
 පවසන්නැයි
ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ කියති.
ඇඹිලිපිටියේ ඊයේ (19දා) මාධ්‍ය හමුවක් අමතමින් උන්වහන්සේ මේ බව පැවසූහ.
පාස්කු ප‍්‍රහාරයට 21දාට අවුරුද්දයි. පාස්කු ප‍්‍රහාරයෙන් 265ක් මියගියා. 500ක් තුවාල වුණා. දේපල විශාල ප‍්‍රමාණයක් අහිමි වුණා. ජීවනෝපායන් අහිමිවු විශාල පිරිසක් ඉන්නවා. ආබාධිව ගෙවල්වල ඉන්න තව විශාල පිරිසක් ඉන්නවා.’
‘පාස්කු ප‍්‍රහාරයෙන් තුන් මාසයකට පස්සේ එනම් 2019 ජූලි මාසේ 30දා කොළඹ නෙලූම් පොකුණේදී එවකට බටහිර ආණ්ඩුකාර ඒ.ඒ.එම්. මුසෙම්මිල් මහතා ප‍්‍රධාන පිරිසක් සම්මන්ත‍්‍රණයක් සංවිධානය කළා.ජාතීන් අතර සාමය, සමගිය, සංහිඳියාව ඇති කිරීමේ අරමුණින් ලෝකයේ රටවල් රැසක මුස්ලිම් නායකයන්ගෙන් සමන්විතව මේ සම්මේලනය පැවැත්වුුණේ.
ලෝක මුස්ලිම් ලීගයේ නායක මොහොමඩ් බින් අබ්දුල්ලා මහතා ඒ සම්මේලනයේ දී ඩොලර් මිලියන පහක් ඒ කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් කෝටි අනූවක් එවකට හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ප‍්‍රදානය කළා.
පාස්කු ඉරිදා ප‍්‍රහාරයට වසරක් පිරෙන අද වනවිටත් මේ විපතින් පීඩා විඳින පිරිස් දුකසේ සිය ජීවිත ගෙනියනවා. ලෝක මුස්ලිම් ලීගය දුන් කෝටි අනූව මේ අය අතර බෙදා දුන්නාද කියලා අපි වගකිවයුතු අයගෙන් විමසලා බැලුවා. දැනගන්නට ලැබුණේ ඒවා බෙදා දී නැති බවයි.
එහෙනම් හිටපු ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ලෝක මුස්ලිම් ලීගය දුන් කෝටි අනූවට මොකද වුනේ. සම්මේලනය සංවිධානය කළ එවකට බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ.ඒ.එම්. මුසම්මිල් මහතා ඇතුළු වගකිවයුත්තන් වහාම මේ ගැන රටට, ජනතාවට හෙළි කළයුතුයි’


ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network