ඔබගේ ලිපියේ වැරදි තොරතුරු රාශියක් ගොනුකර ඇත.. ජනාධිපති මංගලගේ ලිපියට පිළිතුරු ලියයි sriavtvnetwork

ඔබගේ ලිපියේ වැරදි තොරතුරු රාශියක් ගොනුකර ඇත.. ජනාධිපති මංගලගේ ලිපියට පිළිතුරු ලියයි



ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, හිටපු පාර්ලිමේන්තු මන්‍ත්‍රී මංගල සමරවීර මහතා පසුගිය 28 වැනිදා තමා වෙත එවූ ලිපියට සිය ලේකම්වරයා මගින් අද (30) පිළිතුරු ලිපියක් යවා ඇත. 
මංගල සමරවීර මහතාගේ ලිපිය වැරදි තොරතුරු රාශියක් ගොනුකර සකස් වී ඇතැයි ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතාගේ අත්සනින් යවා ඇති පිළිතුරු ලිපිය කියා සිටී. 
එවැනි ලිපියක් යොමුකිරීම කණගාටුවට කරුණක් බව ද ජනාධිපතිවරයා සඳහන් කර ඇත. 
“උද්ගතව ඇති අර්බුදය ව්‍යවස්ථානුකූලව විසඳීම සඳහා සහ රාජ්‍ය වියදම් අනුමත කිරීම සඳහා පාර්ලිමේන්තුව යළි රැස්කරන මෙන් ඉල්ලීම”, යන්න සමරවීර මහතා ජනාධිපතිතුමා වෙත එවූ ලිපියේ මාතෘකාව විය. 
පාර්ලිමේන්තුව විසුරුවන අවස්ථාවක විසර්ජන පනතක් සම්මත වී නැත්නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150(3) වගන්තිය යටතේ අතුරු සම්මත ගිණුමක් මගින් අලුත් පාර්ලිමේන්තුවක් රැස්වී මාස 03ක කාලයක් සඳහා වියදම් කිරීමේ බලය ජනාධිපතිවරයාට පැවරී ඇති බව ජයසුන්දර මහතා පෙන්වා දෙයි. 
නව ලිබරල්වාදී සමාජ ආර්ථික දර්ශනය සිය ප්‍රතිපත්තිය කොටගත් හිටපු මුදල් අමාත්‍යවරයා මැතිවරණය පවත්වා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තහවුරු කිරීමට ප්‍රමුඛත්වය නොදෙන්නේ මන්දැයි ජනාධිපතිවරයා කනස්සල්ල පළ කරන බව ද ලේකම්වරයා කියා සිටී. 
ජනාධිපතිවරයාගේ නියමයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා වෙත යවන ලද සම්පූර්ණ ලිපිය මෙසේය. 

2020 අප්‍රේල් මස 30 වන දින
 ගරු මංගල සමරවීර මැතිතුමා,
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී 
ගරු මංගල සමරවීර මැතිතුමනි,
උද්ගතව ඇති අර්බුදය ව්‍යවස්ථානුකූලවවිසඳීම සඳහා සහ රාජ්‍ය වියදම් අනුමත කිරීම සඳහා පාර්ලිමේන්තුව යළි රැස්කරන මෙන්ඉල්ලීම.
ඔබ විසින් 2020-04-28 දින ඉහත මැයෙන්අතිගරු ජනාධිපතිතුමා වෙත අමතන ලද ලිපිය හා සම්බන්ධවයි.
එම ලිපියේ අන්තර්ගත කරුණු වැරදිතොරතුරු රාශියක් ගොනුකර සකස් වී ඇති බව නීරක්ෂණය වන බවත් හා හිටපු මුදල් අමාත්‍යවරයාවශයෙන් එවැනි ලිපියක් ඉදිරිපත් කිරීම කනගාටුදායක කරුණක් බවත් ඔබ වෙත දන්වන ලෙසඅතිගරු ජනාධිපතිතුමා මා වෙත උපදෙස් දී ඇත. 
එම ලිපියේ අන්තර්ගත කරුණු රැසක් අධ්‍යයනයකිරීමේදී පහත සඳහන් නිරීක්ෂණයන්ට එළඹීමට ද සිදු විය.
1-      ඔබ දන්නාපරිදි 2015 බලයට පත් වූ රජයට දින 21කින් අයවැයක් ඉදිරිපත් කිරීමට හැකිවූයේ 2015වර්ෂය සඳහා 2014 ඔක්තෝබර් මස විසර්ජන පනත හා අදාළ අයවැය ඇස්තමේන්තු සම්මත වී තිබූපරිසරයක් තුළ බව සදහන් නොවීම.
2-      2015 සිට 2019දක්වා ඔබ හා ඔබට පෙර සිටි මුදල් ඇමතිවරයා විසින් පරිපූරක ඇස්තමේන්තු රාශියක් සෑමවර්ෂයකම ඉදිරිපත් කළ අතර අයවැය යෝජනා සඳහා අදාළ නීති කෙටුම්පත්ද පාර්ලිමේන්තුවවිසින් නීතිමය තත්ත්වයන්ට පත්කර නොතිබුන බව.
3-     2019 සඳහා අනුමත විසර්ජන පනත හා අයවැය ඇස්තමේන්තු තිබියදීත් නොගෙවූ බිල්පත් ප්‍රමාණය රුපියල් බිලියන 182ක් වූ අතර ඒ හිඟ මුදල් පොහොර, ඖෂධ, වැඩිහිටි සහන හා විවිධ ඉදිකිරිම් සඳහා එම භාණ්ඩ හා සේවා සැපයුම්කරුවන්ට නොගෙවා තබුන බව සඳහන් නොවීම,
4-     රු.බි. 211ක විදේශ ණය ලබාගෙන අනුමත ප්‍රතිපාදන නොමැතිව ඒවා වියදම් කර තිබුණද රාජ්‍ය ගිණුම්වලට ඇතුළත් නොකර ඇති බව,
5-      ජාතික ආදායමේ වර්ධනය සියයට 5ක සිට සියයට 2.5 දක්වා වාර්ෂිකව දුර්වලවීම, රාජ්‍ය ණය හා අයවැය හිඟයන් වැඩිවීම ගැන හිටපු මුදල් අමාත්‍යවරයා වශයෙන් පැහැදිලි කිරීම් ලිපියේ ඇතුලත්කර නොතිම,
6-      හම්බන්තොට වරාය වැනි ජාතික වත්කම් විකුණා දැමුවද, එයින් ලද විදේශ මුදල් වලින් විදේශ ණය නොපියවීම ගැනද, ETIවැනි මූල්‍ය සමාගම් කඩාවැටී තැන්පත්කරුවන් අසරණභාවයට පත්වීම ගැනද කිසිදු සඳහනක් නැති බව,
7-      පාර්ලිමේන්තුව විසුරුවන අවස්ථාවක විසර්ජන පණතක් සම්මත වී නැත්නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150(3)යටතේ ජනාධිපතිවරයාට අතුරු සම්මත ගිණුමක් මගින් අලුත් පාර්ලිමේන්තුවක් රැස්වී මාස3ක කාලයක් සඳහා වියදම් කිරීමේ බලය පැවරී ඇති බවත් එය මීට පෙරද විසර්ජන පණතක් සම්මතවීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති සෑම අවස්ථාවකදීම ක්‍රියාත්මක කර ඇති අයවැය නීති රාමුව බව විශේෂයෙන් හිටපු මුදල් අමාත්‍යවරයා වශයෙන් ඔබ දන්නා බව නොහැඟවීම.
ජනාධිපතිවරණයෙන් පසු අතිගරු ජනාධිපතිතුමා නව රජයක් පිහිටු වීමෙන් පසු අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඇතිව ගරු අගමැතිතුමා විසින් ඔබ මුදල් අමාත්‍යවරයා වශයෙන් සිටි කාලයද ඇතුළත්ව ගෙවීමට තිබු රු.බි. 182ක ප්‍රමාණයක හිඟ බිල්පත් හා රු.බි 211 ප්‍රමාණයක විදේශ ණය ව්‍යාපෘති මුදල් ගිණුම්ගත කිරීමට නීතිපතිතුමාගේ අනුමැතිය ද ඇතිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළයෝජනාව ප්‍රතික්ෂේප කිරීම තුළින් ජනාධිපතිවරණයේදී බහුතර ජනතාවගේ ජනවරම නොසලකාහැරීමද කනගාටුවට කරුණක් බව අතිගරු ජනාධිපතිතුමා ඔබ වෙත දන්වන ලෙස මා වෙත උපදෙස් දී ඇත. 
එය 2015 දී පත්වූ ජනාධිපතිවරයාට පක්ෂව සිටි සුළුතර රජයට විපක්ෂය සහය දුන්ආකාරයට බෙහෙවින් පටහැනිය. 
මේ සියල්ලටම වඩා නව ලිබරල්වාදී සමාජ හාආර්ථික දර්ශණයක් තුළ කටයුතු කරන ඔබ වැනි උගත් හා බුද්ධිමත් මෙන්ම හිටපු මුදල් අමාත්‍යවරයා වශයෙන් ආර්ථිකය කළමනාකරණය කළ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙක්, මැතිවරණය පවත්වා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තහවුරු කිරීමට පුරෝගාමීත්වය නොදෙන්නේ ඇයිද යන්න පිළිබඳ අතිගරු ජනාධිපතිතුමා කනස්සල පළ කරන බවද එතුමාගේ උපදෙස් පරිදි දැන්වීමට කැමැත්තෙමි. 
මෙයට, විශ්වාසී, 
පී.බී. ජයසුන්දර
ජනාධිපති ලේකම් 
පිටපත් 
ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍ය සහ මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍ය 

ගරු සජිත් ප්‍රේමදාස මහතා – හිටපු විපක්ෂ නායක 

ගරු රනිල් වික්‍රමසිංහ මහතා – නායක, එක්සත් ජාතික පක්ෂය

ගරු කරු ජයසූරිය මහතා – හිටපු කථානායක

ගරු ආර් සම්බන්ධන් මහතා – නායක, ද්‍රවිඩ ජාතික සන්ධානය

ගරු අනුර කුමාර දිසානායක මහතා – නායක, ජනතා විමුක්ති පෙරමුණ

ගරු රවුෆ් හකීම් මහතා – නායක, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය

ගරු රිෂාඩ් බදියුදීන් මහතා – නායක, සමස්ථ ලංකා මහජන කොංග්‍රසය

ගරු මනෝ ගනේෂන් මහතා – නායක, දෙමළ ප්‍රගතිශිලි සන්ධානය

ගරු පලනි දිගාම්බරම් මහතා – නායක, ජාතික සේවක සන්ධානය
මොහාන් සමරනායක
 
අධ්‍යක්ෂ ජනරාල්
 ජනාධිපති මාධ්‍ය අංශය
 


ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

කුරුණෑගලින් තවත් ආසාදිතයන් 6ක් හමුවෙයි - හය මසක බිළිදෙකුත් ඒ අතර

කුරුණෑගලින් තවත් ආසාදිතයන් 6ක් හමුවෙයි - හය මසක බිළිදෙකුත් ඒ අතර


කුරුණෑගල ශික්ෂණ රෝහලේ කොරෝනා ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර සිටි රෝගීන් හය දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බව අද තහවුරුවූ බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා පැවසීය.
මෙම පිරිස අතරට නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙකු සහ යුද හමුදා සාමාජිකයින් දෙදෙනෙකුද අයත් බව නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පැවසීය.
වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරමින් සිටි නිවාඩු පැමිණ සිටියදී කොරෝනා වෛරසය ආසාදනයවූ වාරියපොළ බණ්ඩාර කොස්වත්තේ පදිංචි නාවික හමුදා සාමාජිකයා සමග වැලිසර සිට යතුරුපැදියකින් පැමිණි බව කියන වාරියපොළ කනත්තේවැව ප්‍ර දේශයේ තවත් නාවික හමුදා සාමාජිකයකුද සිටින බව වාර්තා වී ඇතැයි වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා සඳහන් කළේය.
මීට අමතරව බණ්ඩාරකොස්වත්ත නාවික හමුදා සාමාජිකයාගේ බිරිඳ සහ සය මසක් වයැසැති බිළිඳු දරුවාද සිටිති.
මෙම ආසාදිතයන් හය දෙනාද සමග අද දිනය වනවිට කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාර්තා වී ඇති කොරෝනා වෛරසය ආසාදනය වූවන්ගෙන් සංඛ්‍යාව 11 කි.

ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

යට ඇදුම ගලවා දැමු සිරස  Sirasa Tv

යට ඇදුම ගලවා දැමු සිරස .. 


පසුගියදා පැවති රැස්වීමකදී බැසිල් රාජපක්ෂ විසින් දැක්වූ අදහසක් සම්බන්දව සිරස යට ඇදුමද ගලවා දමා නිර්වස්ත්‍ර වී කරුණු දක්වන අකාරය ඉතා නිර්ලජ්ජිත විය. බැසිල් ප්‍රකාශ කලේ ” මේ රටේ විකාශන අයිතිය දෙන සංඛ්‍යාත එක සමාගමකට දුන්නා. එදා නෙලුම් කුලුන හදලා, සුනාමිය ආවත් අපේ සන්නිවේදනය අඩපණ නොවෙන්න හදන්න කියපු ඒ සංඛ්‍යාත ටික මහරාජා සමාගමට අතයටින් දුන්නා ” යනුවෙනි. මෙය සමග මේ සිද්ධිය සැල වුනු මහාරාජා විසින් බැසිල්ගේ පැටිකිරිය ගැලෙව්වේ ඔහු පසුගිය ආණ්ඩු සමයේ සහ දැන් කරන දේ හැල්ලුවට ලක් කරමිනි. අද සිරස News 1st ප්‍රවෘති විකාශය වෙමින් පවතින අවස්ථාවක හදිසියේම නිව්ස් වේදිකාවට පැමිණි සිරස ප්‍රවෘති ඉදිරිපත් කරන්නෙකු වන රොෂාන් ප්‍රිය වටවල නමැති මහරාජාගේ අසුචි බුදින මාධ්‍ය සදාචාරයේ අවමයවත් නොදැන ඔහු විසින් විනාඩි 5 ක කාලයක් එක දිගට බැසිල් රාජපක්ෂගේ රෙදි ගැලව්වේ ” රාජපක්ෂ පවුල කාපු එකා, අනූනමයෙන් බේරුණ හෙල්පින් හම්බන්තොට අමතක වෙලා ද? ” ආදී එකී නොකී සිද්ධි මතක් කරදෙමිනි. එමෙන්ම ප්‍රවුර්ති විකාශනය සිදු කල වසන්ත නම් නිවේදකයාද ඉතා පහත් නින්දිත අයුරින් මිස්ට 10% ලෙස කුප්‍රකට ජනවාරි 8 පසු කඩමලු බැදගෙන ඇමරිකාවට පලාගිය ඇමරිකානු පුරවැසි බැසිල් රාජපක්ෂ ලෙස හංවඩු ගසන අකාරයද තිරයේ දිස්වුයේ සිරස යනු තවත් මේ රටේ මහජනතාව වෙත සත්‍ය එලෙසින් ගෙනෙන සමබර නාලිකාවක් නොව සැබවින්ම රාජපක්ෂ භීතිකාවෙන් තවමත් පෙළෙමින් සිටින මහාරාජාගේ කුප්‍රකට කොටි සිරස ලෙසය. සිරස මෙන්ම ආණ්ඩුව විශේෂයෙන්ම සිරිසේනගේ රෙදි අපුල්ලන කොටි සිරස බැසිල්ට බියවුයේ ඇයි? බැසිල්ගේ උතුරේ සංචාරයත්, එමගින් ආණ්ඩුව නොසිතු ජනප්‍රසාදයක් උතුරෙන් බැසිල්ට ලැබීමත් සමග බැසිල් දමනයට ආණ්ඩුව සුදානම්වන අයුරු එළිපිට පෙනෙන්නට විය. එය අපට බැසිල් නොබියව කල මෙම ප්‍රකාශයත් සමග උරණ වූ ආණ්ඩුව මෙන්ම සිරසද අමු අමුවේ බැසිල් එල්ල කර තවමත් බොරුවෙන් රටේ ජනතාව මුලා කල හැකිය යන්න කියාපාමින්, බැසිල්ගේ මල්වානේ නිවසද, ගොවීන්ට බෙදාදීමට ඉන්දියාවෙන් ගෙනාපු ට්‍රැක්ටර්, කිරි එළදෙනුන්, දුප්පත් ජනතාවට සමුර්දි කාඩ්පත් ලබාදී වංචා කළා යන්න මොන්ටිසෝරි යන කුඩා ළමුන් මෙන් මෙම පරිණත මාධ්‍ය වේදියා ක්‍රියාකළ අයුරු අතිශය නින්දිතය. එමෙන්ම සාමන්යෙන් හැදිච්ච පවුලක මාධ්‍යවේදියෙක් තියා කිසිවෙකුත් කිසිවෙකුට කාලකන්නියා යන්න ආමන්ත්‍රණය නොකරයි. එය සිරස වැනි ප්‍රබල ජනමාද්‍ය ආයතනයක ප්‍රවුර්ති විකාශන කුටියේ සිට ප්‍රකාශ කිරීමට තරම් සිරස නින්දිත පහත් තත්වයකට පත් වී ඇත. සරලව ප්‍රකාශ කරනවානම් නිදහසින් පසු ශ්‍රී ලංකාවේ කිසිම දේශපාලන පක්ෂයක් ඍජුවම උතුරේ දේශපාලන කටයුතු වල නොයෙදී බැසිල් උතුරට ගොස් පොදුජන පෙරමුණේ සක්‍රිය දේශපාලනය උතුරට කැඳවීම සමගින් උතුරේ සිරිසේනගේද කොටි රුකඩ විසින් නටවමින් සිටි උතුරේ ජනතාව බැසිල් ප්‍රමුක පොදුජන පෙරමුණ වටා කේන්ද්‍රගත වීම හරහා උතුරේ දේශපාලකයන් සැමදා සිතා සිටින ආකාරයට උතුරේ චන්ද මතින් පාර්ලිමේන්තු ගොස් බෙදුම්වාදය දෙසට රට තල්ලු කිරීමේ කිරීමේ කිලිමහරාජ ප්‍රමුක කොටි සිරසද, රොෂාන් ප්‍රිය වටවල, වසන්ත නමැති අදම මාධ්‍යවේදීන් ඩොලර් වෙනුවෙන් සිය මවුබිම මෙන්ම දෙමවුපිය වුවද විකිණිය හැකිය යන්න මෙම තුච්ච නින්දිත ප්‍රකාශයත් සමගින් ගම්‍ය විය. අවසාන වශයෙන් සිරසට මෙන්ම තුප්පහි නින්දිත මාධ්‍ය වේදියා වන අස්කික්කිත රොෂාන් ප්‍රිය වටවල වැනි කබ්බන්ට මතක් කර දිය යුතු වන්නේ බැසිල් නිර්වස්ත්‍රව නැත. නිර්වස්ත්‍ර වී ඇත්තේ සිරස මාධ්‍ය ජාලයයි. අවසාන වශයෙන් ටොක්කක් ඇන සිරසට මතක් කර දිය යුතු වන්නේ බැසිල්ගේ පාර්ලිමේන්තු පුටුව සෝදා අයින් කිරීමට පෙර නුබලාගේ යට ඇදුම සෝදා වේලා ගනිවු යන්නය.


ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

රත්නජීවන් හූල් ඩයස්පෝරාවේ ඒජන්තවරයෙක් මෙන්න හෙලි දරව්ව sriavtvnetwork

රත්නජීවන් හූල් ඩයස්පෝරාවේ ඒජන්තවරයෙක් මෙන්න හෙලි දරව්ව 


පහුගිය කාලය පුරාවටම හිටි හැටියේ මතු වුන නමක් තමත් රත්නජීවන් හූල් කියන්නේ. මේ නම් මෑත කාලයේ මුලින්ම කරලියට එන්නේ මැතිවරණ කොමිසමේ සමාජිකයෙක් විදිහට ඔහු පත් කිරීමත් සමගයි. ඒත් ඇත්තමට රත්නජීවන් හූල් කියන්නේ කවුද ?

මේ නම ගැන ගූගල් සර්ච් එකක් කළොත් නම් ලැබෙන්නේ ඉංජිනේරුවරයෙක් ඒ වගේම ඉතා දක්ෂ උගත් මහාචාර්යවරයෙක් කියන කාරණයි. එය සත්‍යක් ඔහු ඔතා දක්ෂ උගත් පුද්ගලයෙක් ඒ නිසාමයි ඔහු මේ කතාවේදී ඉතාම වැදගත් වන්නේ.

ඒ වගේම එල්.ටී.ටී.ඊ සංවිධානයේ බලපෑම් මත රටින් පිටව ගිය බවත් එහිදී කියවා දැන ගැනීමට හැකියාව තිබෙනවා. මෙහෙම කියද්දි හූල් කියන්නේ ඇත්තටම හොද මනුස්සයෙක් නේද කියලා හිතෙන්න පුළුවන්. මොකද එල්.ටී.ටී.ඊ සංවිධානයේ බලපෑම් එල්ලවුන කියන වචනය ඇහෙනවාත් එක්කම.

ඒත් හූල් ගැන ටිකක් සොයා බැලූවොත් ඔහු ඇත්තටම ශී‍්‍ර ලංකාවෙන් පිටව ගියේ එල්.ටී.ටී.ඊ සංවිධානයේ බලපෑම් නිසාම දැයි කියලා සැකයක් ඇති වෙනවා. ඒ එල්.ටී.ටී.ඊ සංවිධානයේ නිල වේබ අඩවිය ලෙස කටයුතු කරන ටැමිල් නෙට් වෙබ් අඩවියේ සදහන් වන ලිපියක් සමගයි.

එහිද සදහන් වෙන්නේ හූල්ට තම සංවිධානය කිසිම අවස්ථාවක බලපෑමක් කිරීමට අවශ්‍යතාවක් නොවූ බවයි.ො එහෙත් කුමක් හෝ කරුණුක් නිසා මේ කාරණාව සූක්ෂම යට ගසා ගැසීමට සමත්ව ඇත. ඒ හූල් ගැන දන්නා හැමෝම ඔහු දක්ෂ නූල් සූත්තර කාරයෙක් බව දන්න නිසාවෙනි. හූල් හට කාලයක සිට යාපන විශ්ව විද්‍යාලයේ උපකුලපති වීමට දැඩි වුවමනාවක් තිබූ බව නොරහසක්.

ඒ වෙනුවෙන් ඔහු විවිධ උපක‍්‍රමයෝ අතර ඒ නිසා එවකට බලයේ සිටි මහින්ද රාජපක්ෂ මහතාට කිට්ටුවෙමින් යාපන විශ්ව විද්‍යාලයේ උපකුලපති ධුරය ලබා ගැනීමට ඔහු දැඩි උත්සහයක නිතරවුනත් ඊට යාපනයේ ප‍්‍රජාවගෙන් යහපත් ප‍්‍රතිචාරයක් නොලැබිණි.

ඒත් එක්කම ඇමරිකාව බලා පැනයනවා. ඒත් ඊට අදාල පසුබිම ඉතා සූක්ෂම සකස් කර ගැනීමට හූල් කි‍්‍රයාකරනවා. ඒ ඔහු දිගින් දිගටම ඩග්ලස් දේවානන්ද සම්න්ධයෙන් අසත්‍ය ප‍්‍රකාශ කිරීමත් ඔහුට අපහාස වන ආකාරයේන් පුවත් පත්වලට ලිපි කිහිපයක් ලිවීම මගිනුයි.

මේ ලිපි සහ ප‍්‍රකාශ මගින් ඔහු බලාපොරොත්තු වුන ආකාරයටම ඩග්ලස් දේවානන්නද උරණ කරගැනීමට සමත්වෙනවා. ඊට පසු දේවානන්ද හූල්ට විරුද්ධව අපහාස නඩුවක් දමන්නේ තමන්ට වුන අපහාසයට සාධාරණයක් කර ගැනීමේ අරමුණිනුයි.

හූල් ඉතා සූක්ෂමව කි‍්‍රයාත්මක කළ මෙම සැලැස්ම ඒ ආකාරයෙන්ම කි‍්‍රයාත්මක වෙමින් නඩුව විභාග කිරීමට හූල්ව අධිකරණයට කැදවීමක් කරනු ලබනවා. එහිදීත් සූක්ෂමව කටයුතු කරමින් හූල් උසාවියට නොපැමිණ නීතිඥයෙකු යොමුකරනවා. පසුව හිතා මතාව උසාවියට පැමිණීම මග හරින ඔහුට වරෙන්තු නිකුත් කරන තැනට කටයුත සිදුවෙනවා.

එයින් උපරිම ප‍්‍රයෝජන ගත් හූල් යලිත් ශී‍්‍ර ලංකාවෙන් පැන යන්නේ රජය තමන්ව අත් අඩංගුවට ගැනීමට උත්සහ කරන බවට පවසමිනුයි. මෙලෙස ශී‍්‍ර ලංකාවෙන් පැනයන හූල් විදේශයන්ගේ සිට සිය සැබෑ මෙතෙක් කල් වසාගෙන සිටි සැබෑ මුහුණ එළියට දමන්න කි‍්‍රයාකරනවා.

ඒ දිගින් දිගටම ශී‍්‍ර ලංකා රජයත් රාජපක්ෂ පාලනයත් විවේචනයට ලක්කරමින් විවිධ ප‍්‍රකාශ සහ ලිපි පළකිරීමත් සමගයි.

සියල්ල එසේ සිදුවෙද්දී බොදුම්වාදී එල්.ටී.ටී.ඊ සංවිධානයෙත් ඩයස්පොරාවෙ සහයෙන් 2015දී මෛතී‍්‍රපාල සිරිසේන බලයට පත්වෙන අතර ඒ ස`දහා හූල් තිරයේ පිටුපස සිට විශාල දායකත්වයක් ලබාදෙනවා. සැලසුම් සැකසීම කුමන්ත‍්‍රණ කිරීමට උපන් හපන්කම් කියන හූල් 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ඇති කරණ මැතිවරණ කොමිසමේ සාමාජිකයකු ලෙස ඊණියා ව්‍යවස්ථාදායක සභාව මගින් පත් කරගැනීම සිදුකෙරෙනවා.

අපි සියලූ දෙනා දන්නා පරිදි 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාදායක සභාව මගින් ඇති කළ ස්වාධීන යැයි කියා ගන්නා කොමිසම් මගින් ඩයස්පොරාවේ අරමුණු ඉටුකරගැනීමට කටයුතු සිදුවෙනවා. ඊට හොදම උදාහරණය වන්නේ පොලිස් කොමිසමත්, ව්‍යවස්ථාදායක සභාව මගින් පත්කරණ තනතුරුයි. ඒ නිසාම අද වෙනකොට මිනී මැරීමේ චෝදනා එල්ලවෙලා තියෙන පොලිස්පතිවරයා ( පූජිත ජයසුන්දර )  එම තනතුරින් ඉවත්කිරීමට නොහැකි වූවා පසුව ඔහු විශ්‍රාම යන තෙක්ම ජනාධිපතිවරයාට ඉවත් කරගන්න නොහැකි වූවා.

ඒත් මේ දැනට අනාවරණය වුන එක කාරණයක් විතරයි. ඒත් ඊට එහා ගිය සමස්ථ රටම අකර්මාණ්‍ය කරන්න පුළුවන් තැනක් තමයි මැතිවරණ කොමිසම කියන්නේ. ඉතින් පිටින් බැලූ විට කිසිම බියකරු බවක් නොපෙනෙන මැතිවරණ කොමිසමට දක්ෂතම නූල් සූත්තරකාරයාව පත්කෙරෙනවා.

හූල් මුලින්ම මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු විදිහට පත්වූවාම ඒ ගැන කිසිවෙකු වැඩි තැකීමක් නොකළේ මැතිවරණ කොමිසම වැදගත්වන්නේ ඡන්ද කාලයට පමණක් නිසාත් ජනතාව අතර ප‍්‍රසිද්ධියට පත් මහින්ද දේශප‍්‍රිය එහි සභාපති ධූරයට පත්වීමත් නිසායි.

හැබැයි මෙහි සැගවුනු කාරණය වන්නේ අපි මෙතෙක් දැනගෙන හිටියට වඩා මැතිවරණ කොමිසමේ කාර්යයන් 19 වන ව්‍යවස්ථා සංශෝධනයත් එක්ක වෙනස් වීම නිසයි. මෙය කාටත් හොරා හූල්, සුමන්තිරන් ඇතුළු නඩය කළ සටකපට කමක්.

ඒ තමයි මැතරණ කොමිසමේ තීරණයක් ගැනීමට ඝණ පූරණයක් නියම කිරීම. ඒත් මේකෙ තියෙන අවුල මොකක්ද? ඒ තමයි ඝණ පූරණ වෙන්න කොමිසමේ සාමාජිකයින් 3දෙනෙක් එක්ව තීරණය ගතයුතු වීම එහෙම නැත්තනම් කිසිම තීරණයක් ගන්න කොමිසමට බලක් හිමි නොවීම.

ඒත් මෙහි අවුලක් පෙනෙන්නේ නැහැ නේද? ඒත් දන්නවාද කොමිසමේ ඉන්න මුළු සාමාජිකයින් ගණනත් 3දෙනෙක් බව.
දැන් අවුල වැටහුනාද? කොමිසමේ වැඩ අවල් කරන්න ලොකු දෙයක් කරන්න නැහැ. වැදගත් තීරණයක් ගන්න අවස්ථාවක එක සාමාජිකයෙක් ම`ග හැරියොත් මුළු කොමිසමේම වැඩ කටයුතු අඩාල වෙනවා. ඊට හොදම උදාහරණය තමයි පාර්ලිමේන්තුව විසිරුවා හැරීම කළ අවස්ථාවේදී මැතිවරණය ප‍්‍රකාශයට පත්කිරීමේ ගැටලූවක් මතුවීම. ඒ හූල් ඒ වෙනකොටත් පුද්ගලික සංචාරයක නිරතව සිටීම.

ඒ අවස්ථාවේදී මෙය විශාල අවධානයක් යොමු නොවුනත් මැතිවරණයක් පැවත්වීමට සියල්ල සිදුවෙමින් පවතින පසුබිමක විදේශ ගතවීම හුදෙක් අහඹු සිදුවීමක් දැයි අපි අපෙන්ම විමසා බැලිය යුතුය. කෙසේ වෙතත් හූල් ගැන මුලින්ම අවධානය යොමු වන්නේ මෛතී‍්‍රපාල ජනාධිපතිවරයා හදිසියේම පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයක් කැදවීමට ගත් තීරණයට සමුන්තිරන් ඇතුළු ඩයස්පොරා නඩයට සහය වෙමින් හූල් මැතිරණය කැදවීමට විරුද්ධව මූලික අයිතාවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කිරීමත් සමගයි.

එහිදී හූල්ගේ තීරණයට සහයට පැමිණි පිරිස වූයේ සුමන්තිරන් ඇතුළු අන්තවාදී නඩයත් ඩොලර් වලට කහින එන්.ජී. ඕ නඩයත්ය. මැතිවරණය පැවැත්වීම වෙනුවෙන්ම පෙනී ඉන්න මේ ආයතනය මැතිවරණයකට විරුද්ධ වීම තුල ඇති සධාචාරත්මක භාවය කුමක්දැයි කියා අපි මෙහිදී විමසිය යුතුය.

මෙහිදී සිරිසේන ජනාධිපතිවරයාගේ තීරණයත් එහි වූ නීතිමය තත්ත්වය පිළිබද කතා කිරීමට අපි බලාපොරොත්තු නොවෙන අතර හූල්ට පෙත්සමක් යොමුකිරීමට ඇති අයිතිය අපි ප‍්‍රශ්ණ නොකරමු. එහෙත් හිටි හැටියේම නිදාගෙන සිටි හූල් මැතිවරණයට විරුද්ධ වීමට හේතුව සොයා බැලිය යුතුයි.

ඒත් හූල්ගේ මේ තීරණයට අපි පුදුම වියයුතු නැත. මන්ද හුල් එහිදී ඉටු කළේ තමන්ට පැවරී ඇති රාජකාරිය අකුරටම ඉටු කිරීමකි. ඒ ඔහු ඇතුළු පිරිස දිවා ? නොබලා ඉටු කරගැනීමට වෙහෙසෙන අරමුණු සාක්ෂාත් කරගැනීමකි.

ඒ ගැඹුර අපි මතුවට සාකච්ඡුා කරමු ඊට පෙර තවත් ස`දහන් කළයුතු සිදුවීම් කිහිපයක් තිබේ. හූල් ජනාධිපතිවරණය පැවැති අවස්ථාවේ දැඩි අන්තවාදී සහ දමිළ ඩයස්පොරාවට වාසි සහගත වන අයුරින කටයුතු කළ අතර එහිදී ගෝඨභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය පිළිබද පුවත්පත්වලට පවා ලිපි ලියමින් තම අරමුණ පැහැදිලි කිරීමට කි‍්‍රයා කළ හැටි හොදින්ම පැහැදිලිය.

එමෙන්ම මැතිවරණය පැවති අවස්ථාවේදී මුස්ලිම් ජනතාවට හිරිහැර වූ බවට හූල් ජාත්‍යන්තර මාධ්‍ය වෙත ප‍්‍රකාශ කළ හැටිද සදහන් කළයුතුමය. නමුත් හූල්ගේ මුල් අවස්ථාවල මෙන් මෙවර සැලසුම හිතූ ලෙස කි‍්‍රයාත්මක නොවීය. මන්ද ඔහුට සිය ප‍්‍රකාශය සනාථ කිරීමට තරම් සාක්ෂි නොමැති වීමත් ඊට අවැසි පසුබිම සකස්කිරීමට අවස්ථාව නොමැලැබීම නිසායි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින බවට පෙන්නුවද කිසිම අවස්ථාවක ඒ වෙනුවෙන් පෙනී නොසිටි බවට හොදම සාක්ෂිය වන්නේ පළාත් පාලන මැතිවරණය වසර දෙකකට වැඩි කාලයක් කල් දැමූ විට හූල් මැතිවරණ කොමිසමේ සිට කිසිවක් නොකීමයි. ඔහු හුදෙක් ඇටිකෙහෙල් කෑ උගුඩුවෙකු ලෙස කටයුතු කළේය. එමෙන්ම අදවනතෙක් කිසිම සදහනක්වක් නොමැති පළාත් සභා මැතිවරණය ගැන හූල්ගේ හිත උණු නොවීමයි.

තමන් සුළුතර ජන කොට්ඨාෂය නියෝජනය කරන බව පෙන්වමින් සූක්ෂමව ජාතිවාදයක් ඇවිස්සීමට තැත් කරන හූල් කිසිවිටෙක දෙමළ ජනයා වෙනුවෙන්ම ගෙනා පළාත් සභා ක‍්‍රමය කි‍්‍රයාත්මක කිරීමට පෙනී නොසිටියේය. ඒ ගැන කෙළ බි`දක්වත් හෙලූවෙද නැත. පත්තර පිටුපුරා ලිපිද ලියවුනේ නැත.

කොටින්ම දෙමළ ජාතික සන්ධානය කතා නොකරන කිසිම මාතෘකාවක් ගැන හූල් කිසිදා කතා නොකළේය. එහෙත් ඔවුන්ට වාසි සහත මාතෘකා වෙනුවෙන් සිය තනතුර යොදා ගනිමින් පුවත්පත් ලිපි මාධ්‍ය සාකච්ඡුා දීමට සැමවිටම කි‍්‍රයා කළේය.

එසේම කොරෝනා වසංගතය පාලනය රජය පියවරගෙන යද්දී හූල් එය හුදෙක් හමුදාකරණයක් විදිහට විග‍්‍රහ කළේය. එතැනින් නොනැවතී බීබීසී සේවයට කියා සිටියේ රට හමුදාකරණයකට යොමුවන බවයි. වසර ගණනක් මැතිවරණ කල්දමන විට වැසුනු කට කොරෝනා මර්දනයේදී පමණක් පණ ඒම හුදෙක් අහඹුවක් ලෙස සැලකීමට නොහැකිය.

එය පිටුපස අරමුණක් තිබිය යුතුය. හූල් රට හමුදාකරණකට ලක්වනවා යැයි කීමත් සම`ගම ඊට සහය දීමට පැමිණියේ මංගල සමරවීර ඇතුළු බෙදුම්වාදී ගජමිතුරු කැලයි. ඒ වගේම මේ ගජමිතුරු කැළ මැතිවරණ වසර ගණනක් කල් දැමීම කරන විට හූල් කෙළ බිදක්වත් නොහෙලා සිටීමත් හුදෙක් අහඹුවක් වෙන්නට බැරිය.
පසුව මෑතකදීම වන සිදුවීම තමයි කලම්බෝ ටෙලිග‍්‍රාෆ්ට් වේබ් අඩිවියට සපයන ලිපිය. එහිදී හූල් ඉතා සූක්ෂමව මැතිවරණය තැබීම පිළිබද සුදුදා (අපේ‍්‍රල් 20) පැවැත්වූ මැතිවරණය පැවැත්වීම ගැන සාච්ඡුාව කඩා කප්පල් වෙන විදිහේ ලිපියක් ලියා තිබිණි.

එහිදී හූල් සදහන් කර සිටියේ තමන්ට ඒ ගැන ප‍්‍රමාණත්වත් කාලයක් පෙර දැණුම් දී නොතිබූණු බවයි. එහේත් අසන්න ඇත්තේ හූල් බබෙකුද යන්නයි. හූල් කියා සිටියේ තමන්ට ඇදිරි නීති අවසර පතක් ගන්නත් ඊට අවශ්‍ය සෞඛ්‍ය පරීක්ෂණයක් කිරීමට ප‍්‍රමාණවත් කාලයක් මදි බවයි.

එය හුදෙක්ම පුස්සකි. ඇදිරි නීති අවසර පත් ගැනීමට අවශ්‍ය කිසිවෙකු සෞඛ්‍ය පරීක්ෂණ වලට යොමු කිරීමක් සිදුවන්නේ නැත. එසේනම් දින පතා රාජකාරිවලට යන පිරිසට සියල්ල පසෙක දමා වෛද්‍ය පරීක්ෂණ වලට පෙනී සිටින්න වනු ඇත.

එසේම මැතිවරණ කොමිසමේ සාමජිකයෙකුට ඇදිරිනීති අවසර පතක් ගැනීම මහා බැරූරුම් කාර්යක්ද? එය හුදෙක් දුරකථන ඇමතුමකින් කළ හැකි දෙයකි. එසේම හූල් සුපුරුදු පරිද සිය කොන්ත‍්‍රාත්තුව ඉටු කිරීමටද එහිදි වග බලාගත්තේය.

ඒ හමුදාපති ඇතුළු නිලධාරීන් එන සාකච්ඡුාවට ගැන මෙලෙස සදහන් කරමිනුයි ”ශවේන්ද්‍ර සිල්වා දෙමළ වැසියන් සමූල ඝාතනය කිරීමට චෝදනා ලබා තිබෙනවා ඒ වගේම මම දෙමළ කෙනෙක් විදිහට ඔහු එකක් සාච්ඡුා කිරීමටත් බයයි” යනුවෙන් කීමත් එක්කයි.

මෙය කිසිසේත්ම අදාල නැති දෙයක්ය. හමුදාපති වගේම රජය හිතාමතාම අපහසුතාවයට පත්කිරීමට කළ ප‍්‍රකාශක්ම යැයි සිතා බැහැර කළ නොහැකිය. මේ පිටවෙන්නේ එල්.ටී.ටී.ඊ සංවිධනයේ හඩ නොවේද? මහ ලොකුවට පම්පෝරි ගසන එල්.ටී.ටී.ඊ සංවිධානයට විරුද්ධ මත දැරු කෙනාගේ හඩද?

ඒ වගේම හිටි හැටියේම යලිත් සමාජ ජාලි මගින් හූල් තරම් මධ්‍යස්ථ අයෙක් නැති බවට ප‍්‍රකාශ කරන සෙප්පඩ මධ්‍යස්ථ මතධාරීන් යැයි කියාගන්න වසලයින් පිරිසක් කරලියට පැමිණෙමින් සිටියි. එයත් අහඹුවක් කියා සිතීමට නොහැකිය. මන්ද මේ සියල්ල ඉතා සූක්ෂමව සිදුවන සැලසුම්වල කොටස් බැවිනි.
හූල් එල්.ටී.ටී.ඊ විරෝධියෙකු ලෙස එදා පෙනී සිටියේ මන්ද? ඒ රාජපක්ෂවරුන්ගේ හිත දිනා ගනිමින් යාපන විශ්ව විද්‍යාලයේ උපකුලපති වීමටයි.

ඒම හා සැලසුමක කොටසකි. සිතන්න එල්.ටී.ටී.ඊ රාජිනී තිරාණගම, කදිරගාමර් වගේ පිරිස් නිහඩ කළසේම යාපනයේම සිටි හූල් නිහඩ නොකළේ මන්ද? හූල් එතරම් කෙරුමෙක්ද? නැත්තම් සොක්කෙක්ද? එල්.ටී.ටී.ඊ සංවිධානයට තමන්ට විරුද්ධව කටයුතු කරණ මනුස්සයෙක් යාපනයේදීම නිහඩ කරන්න තරම් ශක්තියක් තිබුනේ නැද්ද ? එහෙමත් නැත්නම් තමන්ගේ සියලූම කටයුතු තිරයේ පිටුපස සිට කරදෙන කෙනෙක්ද නිසා බොරුවට තර්ජනය කරලා ලෝකයට සත්‍ය වසං කළාද?

අපි මෙහිදී අවබෝධ කරගතයුතු කාරණය වන්නේ ප‍්‍රභාකරන් මරණයත් එක්කම ඔහුගේ බෙදුම්වාදී මතවාදත් මරණයට පත්වූ බවට නොසිතිය යුතු බවයි. මන්ද ප‍්‍රභාකරන් යනු ඒහි එක් මුහුණක් පමණක් වීම. ඔහු ඒ මතවාදය සන්නද්ධ මෙහෙයුම දියත් කළා පමණි. ඒ මතවාදය ඊට එයා ගිය අතුපතර විහිදි මහා වෘක්ෂයකි. ප‍්‍රභාකරන්ට තුවක්කුවෙන් කළ නොහැකි වූ දෙය අද වෙනකොට සුමන්තිරන් හූල් ඇතුළු පිරිස ව්‍යවස්ථා ගැටයක් තුලින් සිදුකරමින් සිටිය.

ඒ නිසා හූල් ගැන කවුරුන් හෝ හීල්ලූ පමණින්වත් ඔහුගේ උපාධි සහතික දෙස බලා වත් නැත්නම් චතුර ලෙස කතාකරන ඉංගී‍්‍රසි දෙස බලාවත් ඔහු සුදනෙකු කිරීමට නොයන්න. එසේම ඔහුව සුදනෙකු කිරීමට වෙර දරන අය ගැනත් විමසිල්ලෙන් බලන්න. එසේ නොමැතිව රැුල්ලට ගොස් තුවක්කුවෙන් නොහැකි වූ දෙය ව්‍යවස්ථාවෙන් කරගැන්න ඉඩ හැර සිටීමෙන් සිදුවන්නේ තමන්ගේ වල තමන්ම කපා ගැනීමක් පමණි.




ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

සරත් ෆොන්සේකා කැළණියෙන් එළවයි – කැළණිය සංවිධායක ධූරය රුවන් විජේවර්ධනට sriavtvnetwork


සරත් ෆොන්සේකා කැළණියෙන් එළවයි – කැළණිය සංවිධායක ධූරය රුවන් විජේවර්ධනට




එක්සත් ජාතික පක්ෂයේ කැලණිය ආසන්නයේ නව සංවිධායක ලෙස හිටපු රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන පත් කර ඇත

.
පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විසින් මෙම පත් කිරීම සිදු කර තිබේ.
මෙතෙක් කල් කැලණිය ආසනයේ සංවිධායක ධුරය හෙබවූයේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාය. ඔහු ජාතික සමගි බලවේගය සමග එක්ව මෙවර මැතිවරණයට ඉදිරිපත්ව සිටියි. රුවන් විජේවර්ධන මීට පෙර බියගම ආසන සංවිධායක ලෙස කටයුතු කළේය.
කැලණිය ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක ධුරයේ හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද කටයුතු කර ඇත. ජයවර්ධන පවුලේ ඥාතියකු වසර ගණනාවකට පසු කැලණිය ආසනයේ එ.ජා.ප. සංවිධායක ධුරයට පත්වීම ද විශේෂත්වයක් වෙයි.


ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

ලාංකිකයින් 433 ක් මෙරටට ගෙන්වා ගැනීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවයෙන් විශේෂ මෙහෙයුම් 04ක්.


ලාංකිකයින් 433 ක් මෙරටට ගෙන්වා ගැනීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවයෙන් විශේෂ මෙහෙයුම් 04ක්.





කොවිඩ් – 19 වසංගත රෝගී තත්ත්වය ලොව පුරා ව්‍යාප්ත වීමත් සමග ඒ ඒ රටවල් විසින් පනවන ලද සංචාරක සීමාවන් නිසා ඉන්දියාව , පාකිස්තානය සහ නේපාලය යන රටවල , ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටින ශ්‍රී ලාංකික සිසුන් 443 ක් නැවත ශ්‍රී ලංකාව වෙත රැගෙන ඒම සදහා විශේෂ ගුවන් ගමන් මෙහෙයුම් 04 ක් සිදු කරන බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය පැවසුවා.
ශ්‍රී ලන්කන් ගුවන් සේවය , ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා රජය එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා.
ඒ අනුව අද (21) දින පාකිස්තානයේ ලාහෝර් නුවර සිට ශ්‍රී ලාංකික සිසුන් 93 දෙනෙකු සහ කරච්චි නුවර සිට තවත් ශ්‍රී ලාංකික සිසුන් 20 දෙනෙකු ද ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL- 1206 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ඒමට නියමිතයි.
එමෙන්ම (23) දින තවත් ශ්‍රී ලාංකික ගුවන් මගීන් 101 ක් ඉන්දියාවේ අමිර්තසාර් සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ        UL- 146 දරන ගුවන් යානයෙන් ශ්‍රී ලංකාව වෙත රැගෙන ඒමට නියමිතයි.
එසේම (24) දින ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL – 194 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ කොයිම්බතූර් සිට තවත් ශ්‍රී ලාංකිකයන් 117 ක් ද , එදිනම නේපාලයේ කත්මණ්ඩු නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL- 1425 දරන ගුවන් යානයෙන් තවත් ශ්‍රී ලාංකික සිසුන් 93 ක් ද ආපසු ශ්‍රී ලංකාවට කැදවාගෙන පැමිණීමට නියමිතයි.
මීට අමතරව මෙම රටවල සිටි වෛද්‍යවරුන් පිරිසක් ද මෙම ගුවන් යානා වලින් රැගෙන ඒමට නියමිත බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය වැඩිදුරටත් සඳහන් කළා.
මෙම විශේෂ ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීම සදහා ඒ ඒ රටවල ප්‍රාන්ත වල පිහිටුවා ඇති ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාල සහ අදාළ රටවල සිවිල් ගුවන් සේවා බලධාරීන්ගේ නිසි අවසරය සහ සහයෝගය ශ්‍රී ලන්කන් ගුවන් සේවය වෙත හිමි වී තිබෙනවා.
මෙලෙස ශ්‍රී ලංකාවට ගෙන එනු ලැබූ සියලු ශ්‍රී ලාංකික ගුවන් මගීන් අවශ්‍ය නීරෝධායන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපළේ දී ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය බලධාරීන් සහ ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව වෙත භාර දීමට නියමිතයි.
මෙම වසංගත රෝග තත්ත්වයේ මුල් දින වල චීනයේ වූහාන් නුවර සිටි ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් සහ ඉන්දියාවේ වන්දනා චාරිකාවල නිරතව සිටි ශ්‍රී ලාංකික වන්දනාකරුවන් පිරිසක් ද ශ්‍රී ලංකාව වෙත ගෙන්වා ගැනීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය විශේෂ ගුවන් ගමන් මෙහෙයුම් සිදු කළා.


ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය : WhatsApp ඔස්සේ සිදුකෙරුණු අනතුරු ඇඟවීම් අප්‍රේල් 21 වන දින උදෑසන 8.27 “ගරු කටයුතු මහත්මයාණෙනි, සුභ උදෑසනක්. ඔවුන් අද දින පැය 0600 සිට 1000 අතර ක්‍රියාත්මක වීමට ඉඩ ඇත

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය : WhatsApp ඔස්සේ සිදුකෙරුණු අනතුරු ඇඟවීම් අප්‍රේල් 21 වන දින උදෑසන 8.27 “ගරු කටයුතු මහත්මයාණෙනි, සුභ උදෑසනක්. ඔවුන් අද දින පැය 0600 සිට 1000 අතර ක්‍රියාත්මක වීමට ඉඩ ඇත.



 ඔබගේ කාරුණික දැනුවත්වීම පිණිසයි. කොළඹ මෙතෝදිස්ත දේවස්ථානයක් ඔවුන්ගේ එක් ඉලක්කයක්.” ඉස්ලාමීය අන්තවාදී ත්‍රස්ත කණ්ඩායමක් අදින් වසරකට පෙර එල්ල කළ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය නිසා අහිමිවූ අහිංසක මිනිස් ජිවිත ගණන 269කි. ඉන් තුවාල ලැබූ ප්‍රමාණය 500කට වැඩි පිරිසක්. ජාතික තව්හීඩ් ජමාත් අන්තවාදී මුස්ලිම් සංවිධානයේ නායක සහරාන් හෂීම් නැමැත්තා මෙම ප්‍රහාර මෙහෙයවූ කණ්ඩායමේ නායකයා ලෙස පොලිසිය විසින් නම් කරනු ලැබුණි. ඔහු කලක පටන් ශ්‍රී ලංකාවේ ඉස්ලාම් අන්තවාදී කටයුතු වල නියැලී සිටි පොලීසියට අත්අඩංගුවට ගැනීමට වසර කිහිපයක සිටම අත්‍යවශ්‍යව සිටි පුද්ගලයෙකි. මෙම පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන විමර්ශනය කිරීම පිණිස පත්කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව නිකුත් කල වාර්තාව අනුව රාජ්‍ය බුද්ධි අංශයේ අඩුපාඩු, ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකිවීමට ප්‍රධාන හේතුවක් ලෙස සඳහන් කර තිබුණි. පාර්ලිමේන්තු කාරක සභාවේ වාර්තාවට අනුව අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳව ලැබී තිබෙන බුද්ධි තොරතුරු මෙසේය: අප්‍රේල් මස 4 වැනිදා පළමු තොරතුර 2019 අප්‍රේල් 4 වැනිදා සිය මූලාශ්‍රයකින් WhatsApp හරහා ප්‍රහාරය පිළිබඳව මුල් බුද්ධි තොරතුර ලද බව රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා පාර්ලිමේන්තු කාරක සභාවට හෙළිකරයි. ඒ හා සමාන තොරතුරු 2019 අප්‍රේල් 05 වැනි දින ඔහුට ලිඛිතව ලැබී තිබේ. (මෙම තොරතුරැ ලැබුණු මුලාශ්‍රය ඔහු කාරක සභාවට හෙළිකර නොමැත). අප්‍රේල් මස 7 වැනිදා පළමු දැනුම්දීම රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා තමන්ට ලැබුණ තොරතුර දැනුම් දුන් පළමු පුද්ගලයා වන්නේ ජාතික බුද්ධි ප්‍රධානී ( National Intelligence Chief) සිසිර මෙන්ඩිස්ය. අප්‍රේල් මස 8 වැනිදා ආරක්ෂක ලේකම්වරයා දැනුවත් කිරීම තමන්ට ලැබුණු තොරතුර ජාතික බුද්ධි අංශයේ ප්‍රධානියා විසින් ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට අප්‍රේල් 8 වැනිදා සවස ලබාදී තිබේ. එහිදී මේ පිළිබඳව පොලීසියට දැනුම්දෙන ලෙස තමන්ට උපදෙස් ලැබුණු බව ඔහු පවසයි. අප්‍රේල් 9 බුද්ධි තොරතුරැ සම්බන් ධී කරණ රැස්වීමක් ආරක්ෂක ලේකම්වරයා ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරුන් එදින සාකච්ඡාවට සහභාගි වී තිබෙන අතර එහිදී මෙම ප්‍රහාරය පිළිබඳව ලැබුණු බුද්ධි තොරතුරු විශේෂ අවධානයක් යොමු කර නැතැයි අනාවරණය වන බව කාරක සභා වාර්තාව පෙන්වාදෙයි. එහිදී තමා සහ ජාතික බුද්ධි සේවයේ ප්‍රධානියා අතරවූ කතාබහ රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා පාර්ලිමේන්තු කාරක සභාවට සාක්ෂි දෙමින් මෙසේ හෙළිකර තිබුණි. “සර්, ඕක තාම සර් ළඟද ? ඕක ලෙඩක්. ඇයි ඕක තියා ගත්තේ ? තාම මුකුත් කරේ නැද්ද? ඕක කියන්න”. “නැහැ, මම Secretaryට කිව්වා” කියලා ඔහු කිව්වා. ඊට පස්සේ සාකච්ඡාවේදී ඔහු කිව්වා “සර්ල, නිලන්තගේ” කියලා. එතකොට ලේකම්තුමා ඇහුව , “නිලන්ත, මොකද වෙන්නේ කියලා?” මම කිව්වා මේ සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් පොලිස්පතිට සහ අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට අද යවනවා කියලා”. ජාතික බුද්ධි අංශ ප්‍රධානියාට හැර කිසිදු අවස්ථාවක රාජ්‍ය බුද්ධි සේවාවේ ප්‍රධානියා මෙම ප්‍රහාරයේ බරපතල ස්වභාවය ගැන කිසිවෙකුත් දැනුවත් නොකළ බව පාර්ලිමේන්තු කාරක සභාවේ නිරීක්ෂණය වී තිබේ. අප්‍රේල් 9 පැවති මෙම සාකච්ඡාවේදී ඔහු ඔහුට ලැබී තිබුණු මෙම බුද්ධි තොරතුරැ ගැන නිශ්ශබ්දව සිට ඇතැයි යන්න සිය නිරීක්ෂණය බව වාර්තාව සඳහන් කරයි. අප්‍රේල් 9 වැනි දින සවස පොලිස්පතිට ලිඛිතව දන්වයි ජාතික තව්හීඩ් ජමාත් සංවිධානයේ සහරාන් හෂීම් සහ ඔහුගේ සහචරයෝ ශ්‍රී ලංකාව තුල මරාගෙන මැරෙන ප්‍රහාරයක් සිදුකිරීමට නියමිත බව විස්තර කරමින් “අතිශය රහසිගතයි” යනුවෙන් සලකුණු කරන ලද ලිපියක් රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා විසින් පොලිස්පති පුජිත් ජයසුන්දර වෙත යවනු ලබන්නේ මෙදිය. මරාගෙන මැරෙන ප්‍රහාරවල සාමාජිකයන් විය හැකි තැනැත්තන් ලෙස සහරාන් හෂීම්, ජා අල් කුයිල්, රිල්වාන්, සාජි මෞලවි, ෂාහිර්, මිල්හාන් ඇතුළු පිරිසකගේ නම්ද එම ලිපියේ සඳහන් කර තිබේ. එදිනම මෙම ලිපියේ සටහනක් යොදා පොලිස්පතිවරයා විසින් එය බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, විශේෂ කාර්ය බලකාය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු පිරිසකට යවනු ලැබ තිබේ. අප්‍රේල් 10 වැනි දින සහරාන් අත්අඩංගුවට ගන්න උපදෙස් අප්‍රේල් 10 වැනිදා තමන්ට මෙම තොරතුරු ලැබුණු බවත් සහරාන් සහ අනෙකුත් අය අත්අඩංගුවට ගන්නා ලෙස උපදෙස් දුන් බවත් පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පවසා තිබේ. එදිනම සහරාන්ගේ ෆේස්බුක් පිටුව අවහිර කරන ලෙස ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් ෆේස්බුක් ආයතනයෙන් ඉල්ලීමක් කර තිබේ. අප්‍රේල් 14,15,16 සහරාන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් මෙම තෙදින තුළ සහරාන් හෂීම් සහ ඔහුගේ සහචරයන් අත්අඩංගුවට ගැනීම සඳහා ත්‍රස්ත විමර්ශන නිලධාරීන් ප්‍රදේශ ගණනක මෙහයුම් සිදු කොට තිබේ. අප්‍රේල් 15 වැනි දින සහාරන්ගේ ෆේස්බුක් අඩවිය අවහිර කරයි. අප්‍රේල් 17 වැනි දින කාතාන්කුඩි ප්‍රදේශයේ ඊට පෙර 16 දින සිදුවූ පිපිරීමක් ගැන රාජ්‍ය බුද්ධි සේවයට තොරතුරු අප්‍රේල් 18 වැනි දින රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා කාතාන්කුඩි ප්‍රදේශයේ එම පිපිරීම සහරාන් හෂීම් විසින් සිදුකරන ලද බවටත් එය පෙරහුරුවක් බවත් සඳහන් කරමින් විශේෂ වාර්තාවක් පොලිස්පතිට යවයි. අප්‍රේල් 19 වැනි දින රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා මෙම සිදුවීම ගැන ප්‍රථම වරට හමුදා බුද්ධි අංශ දැනුවත් කරයි. අප්‍රේල් 20 වැනි දින රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියාට තම මූලාශ්‍රයකින් තවත් WhatsApp පණිවිඩයක්. රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා 20 වැනිදා සිය මූලාශ්‍රවලට මෙවන් පණිවිඩයක් යවයි. “ශ්‍රී ලංකාවේ මරාගෙන මැරෙන ප්‍රහාරයක් ක්‍රියාත්මක කිරීමේ සැලැස්මක ජාතික තව්හීඩ් ජමාත් සංවිධානයේ සහරාන් හෂීම් සහ ඔහුගේ සහචරයන් සූදානම් වේ. ඔවුන්ගේ සැලසුමේ කොටසක් ලෙස ශ්‍රී ලංකාවේ කාතාන්කුඩිය ප්‍රදේශයේ 2019 අප්‍රේල් 16 දින පුපුරණ ද්‍රව්‍ය සවිකර යතුරුපැදියක් පුපුරුවා හරිමින් පෙරහුරුවක් සිදු කර ඇති බව තවදුරටත් දැනගැනීමට ඇත.” ඊට ඔහුගේ මුලාශ්‍රයකින් ලැබුණු ප්‍රතිචාරය පහත දැක්වේ. “2019.04.21 දින හෝ ඊට පෙර දිනක ඕනෑම අවස්ථාවක ඔවුන්ගේ ප්‍රහාරය දියත් කිරීම සිදු විය හැකි බව හා දේවස්ථාන හා ඉන්දියානුවන් වැඩි සංඛ්‍යාවක් නැවතී සිටින හෝටල් ඇතුළු ස්ථාන 8ක් ඔවුන් ඒ සඳහා තෝරාගෙන ඇති බව වාර්තාවේ. වැඩිදුර විස්තර පසුවට.” මෙම පණිවිඩය ජාතික බුද්ධි අංශ ප්‍රධානියාට, පොලිස්පතිවරයාට සහ ආරක්ෂක ලේකම්වරයාට දැනුම් දුන් බව රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවට පවසා තිබේ. අප්‍රේල් 21 වැනි දින උදෑසන 8.27ට අවසන් බුද්ධි තොරතුර “ගරු කටයුතු මහත්මයාණෙනි, සුභ උදෑසනක්. ඔවුන් අද දින පැය 0600 සිට 1000 අතර ක්‍රියාත්මක වීමට ඉඩ ඇත. ඔබගේ කාරුණික දැනුවත්වීම පිණිසයි. කොළඹ මෙතෝදිස්ත දේවස්ථානයක් ඔවුන්ගේ එක් ඉලක්කයක්.” රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානී නිලන්ත ජයවර්ධනට පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාරය පිළිබඳව ඔහුගේ මූලාශ්‍රයකින් ලැබී තිබෙන අවසන් බුද්ධි තොරතුර එය වේ. උදෑසන 8.27ට ලැබුණ එම තොරතුර උදෑසන 8.32 වන විට පොලිස්පතිවරයා හා ආරක්ෂක ලේකම්වරයා ඇතුළු නිලධාරීන් පිරිසකට දැනුම්දුන් බව ඔහු පවසයි. මෙම ඇමතුම් වලින් විනාඩි කිහිපයකට පසු කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා තමා අමතා ඔබේ තොරතුර හරි ඔවුන් කොච්චිකඩේ ප්‍රහාරයක් එල්ල කර තිබෙන බව පැවසූ බවත් ඉන් අනතුරුව ඉතිරි ප්‍රහාර ගැන කරුණු වාර්තා වූ බවත් රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානී නිලන්ත ජයවර්ධන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට පවසා තිබේ. BBC-සිංහල Newswire


ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

ලංකාවේ බාර් ඇරියාම ඇත්තටම වුන දේ මෙන්න sriavtvnetwork

බිරිඳ විසින් සැමියාගේ ගෙල කපා දැමීමෙන් පසුව 
ඇය පොරවකින් ද හිසට පහර දී සැමියා ඝාතනය කරලා


කටුගස්තොට පොලිස් වසමේ යටිවාවල, කටුගස්තොට ලිපිනයේ පිහිටි නිවසක් තුළ සැමියා හා බිරිඳ අතර ඇති වු බහින්බස් වීමකින් බිරිඳ විසින් සැමියා ඝාතනයට ලක් කර තිබේ.

ඊයේ(20) සවස 3.30ට පමණ මෙය සිදුව ඇත.

බිරිඳ විසින් සැමියාගේ ගෙල කපා දැමීමෙන් පසුව ඇය පොරවකින් ද හිසට පහර දී බරපතළ තුවාල සිදු කර ඇතැයි පොලීසිය පවසයි.

පසුව තුවාලකරු මහනුවර ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබේ.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 42ක් වු යටිවාවල, කටුගස්තොට ලිපිනයේ පදිංචිකරුවෙකි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් මිය ගිය පුද්ගලයාගේ බිරිඳ අත්අඩංගුවට ගෙන ඇත.

අද(21) දින ඇය මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

කටුගස්තොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

දුරකථන සංවාදවලින් ජවිපෙත් රෙදි ගැලවෙයි… මොහොමඩ් ඊබ්‍රහිම් නිදහස් කිරීමට CID ශානි අබේසේකරට ජවිපෙන් ඇමතුම් sriavtvnetwork

දුරකථන සංවාදවලින් ජවිපෙත් රෙදි ගැලවෙයි… මොහොමඩ් ඊබ්‍රහිම් නිදහස් කිරීමට CID ශානි අබේසේකරට ජවිපෙන් ඇමතුම්



පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ජවිපෙ ජාතික ලැයිස්තු අපේක්ෂක සහ ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රාහිම් නැමැත්තා නිදහස් කිරීමට හැකිදැයි ඇසීමට ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කළ මන්ත්‍රීවරයෙකු විසින් හිටපු CID ප්‍රධානී ශානි අබේසේකරට 2019 අප්‍රේල් 22 වනදා ඇමතුම් 2ක් ලබා දී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කරගෙන තිබේ.
පාස්කු ප්‍රහාරයට අදාල විමර්ෂණ කටයුතු උදෙසා සිදුකළ දුරකතන දත්ත විමර්ෂණ හා ප්‍රශ්න කිරීම් ඔස්සේ මේ බව හෙළිව තිබේ.
මෙහිදි අදාල මන්ත්‍රීවරයා විසින් පාස්කු ප්‍රහාරය පිළිබඳව මොහොමඩ් ඊබ්‍රාහිම් විසින් දැන සිටි බව තමන් විශ්වාස නොකරන බවත් ඔහුව නිදහස් කිරීමට හැකියාවක් ඇත්තදයි විමසා ඇති අතර, ශානි අබේසේකර ප්‍රකාශ කර ඇත්තේ අධිකරණයට ඊබ්‍රාහීම් ඉදිරිපත් කළ විටෙක ඇප ලබා ගැනීමට අවස්තාවක් පවතින බවයි.
මේ අතර පාස්කු ප්‍රහාරයෙන් පසු අප්‍රේල් 24 දින රැස්වූ ප්‍රථම පාර්ලිමේන්තු සැසියේදි අදාල මන්ත්‍රීවරයා නියෝජනය කරනා පක්ෂයේ මන්ත්‍රීවරයෙකු සඳහන් කළේ මොහොමඩ් ඊබ්‍රාහීම් ඉලක්ක කර ඔවුන්ගේ පක්ෂයට එරෙහිව මඩ ව්‍යාපාරයක් දියත් වන බවත් ඔහු ත්‍රස්තවාදී කටයුතුවලට සම්බන්ධ අයෙක් යැයි තමන් විශ්වාස නොකරන බවය. පුතාලගේ වැරදිවලට පියාට බැණ වැදීම අසාධාරණ බවද ඔහු වැඩි දුරටත් පැවසූහ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුවීම පිළිබඳ වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.

ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් වූවන්ට දුන් කෝටි 90 මෛත්‍රී හා මුසම්මිල් සාක්කුවේ දාගත්තා ද.? Sriavtvnetwork

පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් වූවන්ට දුන් කෝටි 90 මෛත්‍රී හා මුසම්මිල් සාක්කුවේ දාගත්තා ද.?



පාස්කු ඉරුදින ප‍්‍රහාරයෙන් පීඩාවට පත්වූ, 
අවතැන් වූ, ජීවිත හා දේපල හානි වූ
 ජනතාවගේ සුබසිද්ධියවෙ නුවෙන් ඔවුන්ගේ 
ජීවනෝපායන් යළි ගොඩනැංවීම පිණිස 
ලෝක මුස්ලිම් ලීගය හිටපු ජනපති මෛත‍්‍රීපාල
 සිරිසේන මහතාට දුන් රුපියල් 
කෝටි අනූවක මුදලකට 
සිදුවු දේ කුමක්ද යන්න එවකට 
බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ.ඒ.එම්. 
මුසම්මිල් මහතා ඇතුළු වගකිවයුත්තන් වහා
 පවසන්නැයි
ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ කියති.
ඇඹිලිපිටියේ ඊයේ (19දා) මාධ්‍ය හමුවක් අමතමින් උන්වහන්සේ මේ බව පැවසූහ.
පාස්කු ප‍්‍රහාරයට 21දාට අවුරුද්දයි. පාස්කු ප‍්‍රහාරයෙන් 265ක් මියගියා. 500ක් තුවාල වුණා. දේපල විශාල ප‍්‍රමාණයක් අහිමි වුණා. ජීවනෝපායන් අහිමිවු විශාල පිරිසක් ඉන්නවා. ආබාධිව ගෙවල්වල ඉන්න තව විශාල පිරිසක් ඉන්නවා.’
‘පාස්කු ප‍්‍රහාරයෙන් තුන් මාසයකට පස්සේ එනම් 2019 ජූලි මාසේ 30දා කොළඹ නෙලූම් පොකුණේදී එවකට බටහිර ආණ්ඩුකාර ඒ.ඒ.එම්. මුසෙම්මිල් මහතා ප‍්‍රධාන පිරිසක් සම්මන්ත‍්‍රණයක් සංවිධානය කළා.ජාතීන් අතර සාමය, සමගිය, සංහිඳියාව ඇති කිරීමේ අරමුණින් ලෝකයේ රටවල් රැසක මුස්ලිම් නායකයන්ගෙන් සමන්විතව මේ සම්මේලනය පැවැත්වුුණේ.
ලෝක මුස්ලිම් ලීගයේ නායක මොහොමඩ් බින් අබ්දුල්ලා මහතා ඒ සම්මේලනයේ දී ඩොලර් මිලියන පහක් ඒ කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් කෝටි අනූවක් එවකට හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ප‍්‍රදානය කළා.
පාස්කු ඉරිදා ප‍්‍රහාරයට වසරක් පිරෙන අද වනවිටත් මේ විපතින් පීඩා විඳින පිරිස් දුකසේ සිය ජීවිත ගෙනියනවා. ලෝක මුස්ලිම් ලීගය දුන් කෝටි අනූව මේ අය අතර බෙදා දුන්නාද කියලා අපි වගකිවයුතු අයගෙන් විමසලා බැලුවා. දැනගන්නට ලැබුණේ ඒවා බෙදා දී නැති බවයි.
එහෙනම් හිටපු ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ලෝක මුස්ලිම් ලීගය දුන් කෝටි අනූවට මොකද වුනේ. සම්මේලනය සංවිධානය කළ එවකට බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ.ඒ.එම්. මුසම්මිල් මහතා ඇතුළු වගකිවයුත්තන් වහාම මේ ගැන රටට, ජනතාවට හෙළි කළයුතුයි’


ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

සහරාන්ගේ දෙවැනි ප‍්‍රහාරයේ සැලසුම් හෙළිවෙයි - නීතීඥයා අත්අඩංගුවට ගත්තේ ප‍්‍රමාණවත් සාක්‍ෂි අනුවයි - පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කියයි sriavtvnetwork

සහරාන්ගේ දෙවැනි ප‍්‍රහාරයේ සැලසුම් හෙළිවෙයි - නීතීඥයා අත්අඩංගුවට ගත්තේ ප‍්‍රමාණවත් සාක්‍ෂි අනුවයි - පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කියයි 


 ගිය වසරේ පාස්කු ඉරු දින ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු දෙවන පෙළ බෝම්බ ප‍්‍රහාරයක් සිදු කිරීමේ සැලසුමක් ද තිබී ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජාලිය සේනාරත්න මහතා පැවසීය. මේ අනුව පළමු බෝම්බ ප‍්‍රහාර මාලාවෙන් පසු යම් කිසි දිනකදී නැවත දෙවන බෝම්බ ප‍්‍රහාර මාලාවක් සිදු කිරීම සඳහා සැලසුම් කර ඇති බව ද ඔහු ඊයේ (19 දා) කීවේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන ලද පරීක්ෂණ අනුව ඒ පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කීවේය. එම දෙවන පෙළ ප‍්‍රහාරය ව්‍යර්ථ කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවලට හැකි වී ඇති බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කීවේය. සහරාන් සිටි කාලයේම මේ ප‍්‍රහාරය සිදු කිරීම සඳහා දෙවන පෙළ කණ්ඩායමක් ද සූදානම් කර ඇති බවට පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇති බව ද ඔහු ඊයේ පැවසීය. එසේම සහරාන්ගේ කණ්ඩායම දෙකට බෙදී පසුව ප‍්‍රහාර කි‍්‍රයාත්මක කර ඇත්තේ එක් කණ්ඩායමක් බව ද එහෙත් සිදු කරන ලද පරීක්ෂණ අනුව අනාවරණය වී ඇත්තේ මේ බෙදීම හුවා දක්වා ඇත්තේ බුද්ධි අංශ නොමග යැවීමට යැයි ද ඔහු පැවසීය. දැනට අත්අඩංගුවට පත්ව ඇති නීතීඥවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහු සිය සේවාදායකයකු සමග කළ දුරකථන ඇමතුමක් නිසා නොවන බවත් ඒ සම්බන්ධයෙන් සිදු කරන ලද පරීක්ෂණ මගින් අනාවරණය වූ තොරතුරු සහ දුරකථන විශ්ලේෂණ රැුසක් එකතු කර ගැනීම මත බවත් මාධ්‍යවේදීන් අසන ලද ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජාලිය සේනාරත්න මහතා කීවේය. එම අත්අඩංගුවට ගැනීම ප‍්‍රමාණවත් සාක්ෂි සහ කරුණු ඇතිව සිදු කළ එකක් බව ද ඔහු සඳහන් කළේය. දැනට අත්අඩංගුවට ගත් අය අතර යම් යම් සංවිධාන ඇති කර ඊට නායකත්වය දෙමින් එම කටයුතු කළ තැනැත්තන් සිටින බව ද ඔවුන් මේ අන්තවාදය පැතිරවීම සඳහා සහ ඉස්ලාම් ධර්මය වැරදි ආකාරයට අර්ථ නිරුපණය කරමින් යම් යම් තරුණ කණ්ඩායම් නොමග යැවීම සඳහා කටයුතු කර ඇති බවට තොරතුරු අනාවරණ වී ඇති බව ද ඔහු කීවේය. මේ සංවිධාන හරහා අන්තවාදය ප‍්‍රචාරය කිරීමට කටයුතු කර ඇති බව ද ඔහු කීවේය. පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය ඉතා ඛේදනීය ප‍්‍රතිඵල ඇති කළ ප‍්‍රහාරයක් බව ද මේ නිසා එම ප‍්‍රහාර සිදු කළ අයට එරෙහිව නීතිය දැඩිව ක‍්‍රියාත්මක කිරීම ශ‍්‍රී ලංකා පොලිසියේ පරම යුතුකම වන බව ද ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පරීක්ෂණ නව මුහුණුවරක් ඔස්සේ සිදු කරගෙන යන බව ද ඔහු තවදුරටත් කීවේය. මේ අත්අඩංගුවට ගත සැකකරුවන් බෝම්බකරුවන් සමග එක්ව යම් යම් සංවිධාන පිහිටුවා ගෙන අන්තවාදය පැතිරවීමට ක‍්‍රියා කර ඇති බව ද අදාළ නීතීඥයාගෙන් ඔහු අත්අඩංගුවට ගැනීමට පෙර ද ප‍්‍රකාශ සටහන් කරගෙන ඇති බව ද ඔහු සඳහන් කළේය. ශ්‍යාම් නුවන් ගනේවත්ත


ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

මංගලගේ ගෙදර තිබුණු දේශපාලන හමුව ලීක් වෙයි sriavtvnetwork

මංගලගේ ගෙදර තිබුණු දේශපාලන හමුව ලීක් වෙයි. 


 කොරෝනා වාර්ථා බොරු කියමින් රජයට එරෙහිව මඩ ප‍්‍රහාරයක් කොරෝනා මර්ධනයට රජය ගෙනයන වැඩපිළිවෙල පිළිබදව සමස්ථයක් වශයෙන් ජනතාව තුළ ඇතිවී තිබෙන සුබවාදී හැගීම, දේශපාලන බේදයකින් තොරව සමස්ථ ජනතාවට රජයෙන් ලැබෙන සහන, ජනතාව රජය විවේචනය නොකිරීම, ජාත්‍යන්තර වශයෙන් රජයට ලැබෙන ප‍්‍රසංසා අනුව ඉදිරි මහමැතිවරණය කුමන මොහොතක පැවැත්වුවත් 3/2 ක් ඉක්මවා ගිය බලයක් රජයට ලැබීම වලක්වාලිය නොහැකි වනු බවට මීට දින කීපයකට පෙර මංගල සමරවීරගේ නිවසේ පැවති රාත‍්‍රී භෝජන සංග‍්‍රහයකුත් සමග පැවති දේශපාලන හමුවකදී සාකච්ඡුාවට බදුන් වී ඇත. මෙම සාකච්ඡුාවට සජිත් පේ‍්‍රමදාස සහභාගි වී නොමැති අතර, රංජිත් මද්දුම බණ්ඩාර, අජිත් පී පෙරේරා, මනෝ ගනේෂන්, මරික්කාර්, සුනිල් හදුන්නෙත්ති, විජිත හේරත්, රිෂාඞ් බුදුයුදීන්, රාවුෆ් හකීම් ඇතුලූ පිරිසක් සහභාගි වී ඇත. පාස්කු ප‍්‍රහාරයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම තුළින් රටේ පවතින ආරක්ෂාව පිළිබද ජනතාව තුළ ඇතිවී තිබෙන විශ්වාසය නිසා මැතිවරණයකදී එහි සියලූ අවාසි සජිත් පිලටත් ජවිපෙටත් ලැබීම බරපතල ප‍්‍රශ්නයක් බව සියලූ දෙනාගේ මතය වී ඇත. එ් අනුව රජයේ බුද්ධි වාර්ථා පිළගත නොහැකි වාර්තා ලෙසත් කොරෝනා රෝගීන් පිළිබද රජය හෙලිකරන තොරතුරු සැකසංකා මතුවන ලෙසින් ජනතාව අතර පතුරවාලීම සදහා කටකතා තුළින්ද මුහුණු පොත හරහාද සිදුකිරීමට එ්කමතික තීරණයකට පැමිණ ඇත. එමෙන්ම මෙම අසත්‍ය ප‍්‍රචාර පතුරවන ත්‍ඊ සගයන් අත්අඩංගුවට ගතහොත් ඔවුන් වෙනුවෙන් තීතිමය උපකාර ලබාදීම සදහා අජිත් පී. පෙරේරා, මනෝ ගනේෂන් සහ මරික්කාර් පත්කොට ඇත. මදුවිත තොලගාමින් පැවති මෙම සාකච්ඡුාව අවසන් වන විට රාත‍්‍රී 12.45 පසුවී තිබුණයැයි වාර්ථාවේ.


ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

රට රකින හමුදාපතිව ඉවත් කරන්න බිමල් රත්නායක සැරසෙයි sriavtvnetwork

රට රකින හමුදාපතිව ඉවත් කරන්න බිමල් රත්නායක සැරසෙයි ” කොරෝනා වලට මුවා වී හමුදාපතිට සේවා දිගුවක් ලබා දෙන්න අපි ඉඩ තියන්නේ නෑ “



යුධ හමුදාපති ඇති යුධ අපරාධ චෝදනා ඉතා බරපතල විම විශාල ගැටලුවක් බව ද ආණ්ඩුව මුරණ්ඩු තීරණ ගතහොත් ජනතාව පෙලගැස්වීමට සිදු වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසා සිටී

.
වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටින්නේ අන්තනෝමතික ක්‍රියාකලාපයන් ගෙන ගියහොත් ජිනිවා ජීනිවා මානව හිමිකම් සැසියේදි අවාසිදායක තත්වයක් ඇති විය හැකි බව ය.
අදාල පුවත්පත් වාර්තාව පහතින්



ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

පවුල් ලක්ෂ 52කට පන්දහසේ සහනාධාරය - අද සිට ග්‍රාම නිළධාරීන්ද සහන බෙදීමට රාජකාරියට sriavtvnetwork

පවුල් ලක්ෂ 52කට පන්දහසේ සහනාධාරය - අද සිට ග්‍රාම නිළධාරීන්ද සහන බෙදීමට රාජකාරියට



ඇදිරි නීතිය කි‍්‍රයාත්මකවීමත් සමග ආර්ථික වශයෙන් පීඩාවට පත් පවුල් ඒකක සදහා රුපියල් 5,000 ක දීමනාවක් ලබාදීමේ වැඩසටහන සදහා ග‍්‍රාම නිලධාරීන් අද සිට යළි එක් වනවා.

ඔවුන් එම කටයුතුවලට සම්බන්ධ නොවුණේ වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගයක් ආරම්භ කිරීම හේතුවෙන්. අදාළ දීමනාව ලබාදීමේ කටයුතුවලින් ග‍්‍රාම නිලධාරීන්ගේ සංගමය ඇතුළු සංගම් කිහිපයක් ඊයේ දිනයේද ඉවත් වී සිටියද සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන්ගේ සංගමය සහ සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමය මෙම කටයුතු සදහා එක්ව සිටියා. 
එහෙත් අද සිට යළි එම කටයුතු ග‍්‍රාම නිලධාරීවරුන්ගේ මූලිකත්වයෙන් සිදුවන බවයි ශී‍්‍ර ලංකා ග‍්‍රාම නිලධාරී සංගමයේ සභාපති සුමිත් කොඩිකාර පැවසුවේ. 
රුපියල් පන් දහසේ දීමනාව ලබාදීමේ කටයුතුවලින් ඉවත්වීමට ගත් තීරණය ඊයේ පස්වරුවේ අත්හිටුවීමට තීරණය කළේ වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගයට එක්වූ නිලධාරීන් සහ අත්‍යවශ්‍ය සේවා සැපයීම සදහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප‍්‍රධානී හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ සමග පැවති සාකච්ඡාවකින් පසුවයි. 
ඒ අනුව මීට පෙර සකස් කළ ලේඛණයේ කිසියම් අඩුපාඩුවක් වේ නම් අද උදෑසන සිට එය යළි නිවැරදි කිරීමේ කටයුතු ආරම්භ කරන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 
හිටපු රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ සදහන් කළේ පවුල් ලක්‍ෂ 52කට සහනාධාර ලබාදීමට ආණ්ඩුව කටයුතු කර ඇති බවයි. රුපියල් 5,000 දීමනාව ලබාදීම සදහා අලූතින් පවුල් ලක්‍ෂ 19 ක් හදුනාගෙන ඇති බවද ඔහු කියාසිටියා. 
අද දිනයේ සිට කි‍්‍රයාත්මක වැඩපිළිවෙල යටතේ එක් පවුල් ඒකකයකට රුපියල් 5,000 ක් ලැබෙන පරිදි ලේඛණය සංශෝධනය කිරීමටද නියමිතව තිබෙනවා. එක් පවුලකින් පුද්ගලයින් කිහිප දෙනෙකුගේ නම් මීට පෙර සකස් කළ ලේඛණයට ඇතුළත්ව තිබූ බවටයි චෝදනා එල්ල වී තිබුණේ
































ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

ලංකාවේ මුඛ ආවරණ ගිනි තබා විනාශ කර ෆාමසියට මුද්‍රා තබයි sriavtvnetwork

මුඛ ආවරණ ගිනි තබා විනාශ කර ෆාමසියට මුද්‍රා තබයි.... 


 කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවතේ පදිංචිව සිටි කොරෝනා ආසාදිත කාන්තාවගේ දෙවැනි පුත්‍රයා තවත් පුද්ගලයෙකු සමග පැමිණ කොහුවල සරණංකර පාරේ ෆාමසියක ට විකිණීමට භාරදී තිබූ මුඛ ආවරණ 550 ක් ගිනි තබා විනාශ කර එම ෆාමසියට මුද්‍රා තැබූ බව කොහුවල පොලිසිය කියයි. ෆාමසි හිමිකරු එහි සේවය කරන ඖෂධවේදීන් දෙදෙනා ඔවුන්ගේ නිවෙස්වලම නිරෝධායනයට ලක් කළ බව පොලිසිය කියයි. ඉකුත් 5 වෙනි දින මෙම මුඛ ආවරණ තොගය එම පුද්ගලයන් දෙදෙනා ෆාමසියට රැගෙනවිත් තිබූ බව පොලිසිය සඳහන් කරයි . ඒ පිළිබඳ ලද තොරතුරු අනුව දෙහිවල- ගල්කිස්ස මහජන සෞඛ්‍ය පරීක්ෂක වරු සමග අදාළ ෆාමසිය වෙත ගොස් මුඛ ආවරණ පොලිස් භාරයට ගත් බවත් ඒ වන විට එම මුඛ ආවරණ තොගයෙන් එක් මුඛ ආවරණයක් හෝ විකිණී නොතිබූ බවත් පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත . මුඛ ආවරණ රැගෙන ආ වාහනේ රියදුරු ලෙස සිට ඇත්තේ එම කාන්තාවගේ දෙවෙනි පුත්‍රයා බවත් විමර්ශන වලදී හෙලි වී ඇත. නිරෝධායනයට ලක් කළ පිරිස වැල්ලවත්ත සහ කළුබෝවිල පදිංචිකරුවන් ය . කොහුවල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එච්.හැරිසන් මහතා පරීක්ෂණ පවත්වයි.

ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

ඔස්ට්‍රේලියා හොල්ලන බයියන් එකෙත් හැටි sriavtvnetwork news

ඔස්ට්‍රේලියා හොල්ලන බයියන් එකෙත් හැටි



ඊයෙ ටීවී චැනල් දෙක තුනක නිවුස් එකක් යනවා Certified Management Accountants Australia නැත්නම් CMA Australia කියන ප්‍රොෆෙෂනල් බොඩි එකෙන් රිලීස් කරපු කොවිඩ්-19 වසංගතයට හොදින්ම ප්‍රතිචාර දැක් වූ ලෝකයේ රටවල නායකත්වයන් ශ්‍රේණිගත කිරීමේ ඉන්ඩෙක්ස් එකක් ගැන.. ඒ නිවුස් එක අනුව අර අමුතු ශ්‍රී ලංකන් වටපඩස්ලා දේවත්වයෙන් වන්දනාමාන කරන ලෝක මහ දෙවි දෙවොල්වල ලීඩර්ෂිප් කුජීත තත්වයට පතබෑ වෙලා.. 'ඉතා දුබල' කැටගරියට වැටිලා.. 

ස්ටේට්ස්වල ට්‍රම්පච්චි 70වෙනියට.. කිංඩම් එකේ බොරිස් බාප්පිගෙ ලීඩර් ෂිප් එක 89 වෙනි තැන.. ලෝකෙ අනිත් පොර ජින්පින් බොසාගෙ පාලනේ 61 වන තැන.. අල්ලපු රටේ මෝදි උන්නෑහෙට 38 වන තැන.. පුටිං අයියලාට 50 වෙනි තැන.. ප්‍රංශෙ මැක්රෝන් අයියා ඉටලි ස්පේන් නේබර්ස්ලා එක්කම ලිං පතුලෙ.. පිළිවෙලට 92, 93, 95 ස්ථානවල.. දෙවි දෙවොලෙ හොඳටම රන් එක දෙනවා කිව්ව ඇන්ගෙලා මර්කල් ඇන්ටි පවා ඉන්නෙ 16ට.. 

මේ මොන විනාශයක්ද දෙයියනේ.. අම්මට සිරි ඒක නම් ඉවසන්න බැරියැ.. හත්ඉලව්වේ ලකේ පංකාවෙ මෝර නන්දෙලාගෙ ලීඩර්ෂිප් එක 9 වෙනි ස්ථානෙ.. ඒ මදිවට මෑන්ලගෙ ලීඩර්ෂිප් එක සම වෙලා හොංකොං යූඒඊ ජපන් තායිවාන් වගේ වටපඩස්ලාගෙ තවත් හීරෝස්ලා ටිකක් එක්ක.. ඒක කොහොමද විඳගන්නෙ.. වාවන්නෙ..

ඔන්න ඇවිස්සුනා අර අමුතු ශ්‍රී ලංකන් වටපඩ ඉත්තෑවො සේනාව.. රෑට කාපුවා පිච්චිලා ගියා.. අත පය ගැහෙන්න ගත්තා.. මේක කොහොමද දෙයියනේ වෙන්නෙ කියලා හිටං අර ඉන්ඩෙක්ස් එක හදපු CMA Australia කියන ඔසී ප්‍රොෆෙෂනල් බොඩි එකේ කිරිපල්ල පවා අත ගාන්න ගත්තා.. හරි නේ වැඩේ.. බඩු මාට්ටු.. දෙන්නම් මෝර නන්දයාට ජම්බු කියලා වටපඩ විශේෂඥයින්ගෙ 'අපූරු ෆයින්ඩින්ස්' අර නිවුස් එකටත් කලියෙන්ම බුකියෙ එලලා තිබුනා.. 

ඔබේ පහන් සංවේගය සඳහා ඒවයිනුත් ''මනස්කාන්තම ෆයින්ඩින්ස්'' දෙක තුනක් දාන්නම්..

🤡 ජාත්‍යන්තර ලීඩර්ෂිප් පිළිබඳ ආචාර්ය ජෙරල්ඩ් කිරිහොඳා : '' මම මේ වාර්ථාව ගැඹුරෙන් අධ්‍යයනය කරා.. මේකෙ ලෝකෙ අතිවිශිෂ්ඨ රටවල ලීඩර්ෂිප් එකට අදාලව ඒ ඒ රටවල ශ්‍රේෂ්ඨ රාජ්‍ය නායකයන්ගෙ කලිසම් නැතිව හරි නම් සදහන් උනත් සිරි ලංකාව වගේ තර්ඩ් වර්ල්ඩ් ගාබේජ්වලට එහෙම ලීඩර්ෂිප් අදාල නෑ.. අයි කාන්ට් ෆයින්ඩ් මෝර නන්දේස් නේම් දෙයාර්.. සෝ.. සමහර විට ඔය මොකක් හරි මඟුලක් කනාවට හරියන කොට මෑන් නිකං පුටුවෙ ඉඳං ඉන්න ඇති.. ඒ නිසා මොනවා හරි ක්‍රෙඩිට් එකක් එනවා නම් ඒක මිස්ටර් මෝරෙට ලැබෙන්නෙම නැහැ.. එහෙම ලැබෙනවයි කියන්නෙ පුවර් බයි පීපල්ස්ලා අන්දන්න.. හික්.. හැක.. හැක..''

🤡 ප්‍රොෆෙෂනල් බොඩි පිළිබද විශේෂඥ මඩ් අප් පුලි : ''සුරේකා.. සුරේකා.. මම හොයා ගත්තා රහස.. මේ ඔසී ප්‍රොෆෙෂනල් බොඩියෙ ඉන්නෙ හරක්.. උන් මේ ලංකාවට ඇන්දිලා තියෙන්නෙ ෆේක් සයිට් එකක් කියවලා.. ඇත්ත වශයෙන්ම කියනවා නම් ඒ සයිට් එකේ කිසිම බොරුවක් නැති බව මට වැටහුනත් මම එහෙම ප්‍රසිද්ධියේ කියන්න සූදානමක් නෑ.. මම කියන්නෙ ඒවා මම දන්නෙ නෑ.. ඒ සයිට් එක රෙජිස්ටර් කරලා තියෙන්නෙ මාර්තු.. අළුතෙන් නම් සයිට් එක දාන්නෙ ඒක අනිවා ෆේක්.. අනිවා.. දැන් ඔය වැඩේට ලංකාවෙ උන් සම්බන්ද වෙච්ච තැනක් නැති බව හෙන ගහනවා පෙනුනත්, ප්ලීස් සේ ලව්ඩ්ලි.. ''පව් බයි පීපල්ස්ලා.. උන්ම ෆේක් හදං උන්ම සැනසෙනවා..''''

🤡 ඔස්පඩ් එකේ ආණමඩු පීඨෙ ජේස්ට කචිකාචාර්ය කුපුල් පතිජාත : ''මම හිතුවා හරියටම හරි.. මේ ඔසී ප්‍රොෆෙනල්ය කියන CMA Australia ෆේක් බොඩියට ලෝකෙ පුරා ශාඛා තියෙනවා.. සිරි ලංකාවෙත් එකක් තියෙනවා.. ඒකෙ රැස්වීමක් තිබිලා තියෙනවා 2015 පෙබරවාරි.. ඒ රැස්වීමට රාජපස්ස හිතෛශී ආචාර්ය නාලක ගොඩහේවා ගිහින් තියෙනවා.. එයත් මේකෙ මෙම්බර් කෙනෙක්.. සෝ.. ඒ කියන්නෙ ලෝකෙ පුරා ප්‍රොෆෙනල් මෙම්බස්ලා ඉන්න මේ CMA Australia කියන්නෙ තනිකර රාජපස්ස බළල් අතක්.. කොහොමද ප්‍රෙන් මගේ සොයා ගැනීම.. අතිවිශිෂ්ඨයි නේද..හික්.. හැක.. හැක..''

යාළුවනේ ඔයාලත් ගිහිං බලන්න.. රාජපස්සලා ඕස්ට්‍රේලියාවෙ රන් කරන CMA Australia වෙබ් අඩවියට.. පේනවා නේ බයියො අන්දන්න රාජපස්සලා වෙලා තියෙන මහන්සිය.. 😁😁 

https://www.cmawebline.org/ontarget/grid-index-tracking-the-global-leadership-response-in-the-covid-19-crisis/


ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

කිසි ලෙසකින් පැවති පාර්ලිමේන්තුව යලි කැදවන්නේ නෑ sriavtvnetwork

කිසි ලෙසකින් පැවති පාර්ලිමේන්තුව යලි කැදවන්නේ නෑ.


පැවති පාර්ලිමේන්තුව කිසි ලෙසකින් යළි කැඳවීමට සූදානමක් නැති බව හිටපු රාජ්‍ය ඇමැති දිළුම් අමුණුගම මහතා සඳහන් කරයි.
ඇතැමුන් පවසන ආකාරයට පැවති පාර්ලිමේන්තුව යළි කැඳවීමන් කිසිදු අවස්ථාවක සිදු නොකරනු ඇතැයිද ඔහු කියා සිටියේය.
කොරෝනා ව්‍යාප්තිය අවසන් වන තෙක් පාර්ලිමේන්තුව මැතිවරණය කල් දමා පැවති පාර්ලිමේන්තුව කැඳවන ලෙසට විපක්ෂයෙන් කර ඇති යෝජනාව ගැන අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.
මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද පාර්ලිමේන්තුව කැඳවීම කිසිදු අදහසක නැති බව ඇමැති විමල් වීරවංශ මහතා පසුගියදා කියා සිටියේය.
හදිසි නීතිය සම්මත කිරීම සඳහා පමණක් පාර්ලිමේන්තුව කැඳවීමට හැකියාවක් ඇතත් තමන් මේ මොහොතේ හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට කිසිදු සූදානමක් නැති බව ද ජනාධිපතිවරයා සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතාට දැනුම් දුන් බවද ඇමතිවරයා පැවසුවේ ය.



ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

දොස්තර ෂාෆි ෂිහාබ්ඩීන්ගේ නීතිඥයා පාස්කු ප්‍රහාරයට සැකපිට අත්තඩංගුවට sriavtvnetwork

දොස්තර ෂාෆි ෂිහාබ්ඩීන්ගේ නීතිඥයා පාස්කු ප්‍රහාරයට සැකපිට අත්තඩංගුවට



පසුගිය වසරේ අප්‍රේල් 21 වන දින ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදීන් විසින් එල්ල කරන ලද පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිඥයෙකු වන හිජාස් හිස්බුල්ලා සහ තවත් තිදෙනෙකු ශ්‍රී ලංකා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
හිජාස් හිස්බුල්ලා ප්‍රමුඛ පෙළේ නීතිඥයෙකු වන අතර පසුගිය වසරේ කුරුණෑගල රෝහලේ සේවය කරමින් මව්වරුන් වන්ද්‍යකරණයට ලක් කළා යැයි චෝදනා ලැබූ දොස්තර ෂාෆි ෂිහාබ්ඩීන් වෙනුවෙන් පෙනී සිටියේද මොහුය. ඔහු අත්අඩංගුවට ගැනීමට හේතු වූ කරුණු ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පවසා සිටියේ මෙම නීතිඥයා ත්‍රස්ත ප්‍රහාරා එල්ල කළ මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් දෙදෙනෙකු සමඟ සම්බන්ධතා පවත්වා තිබීමත්, ඔවුන් සමඟ සංවිධාන කිහිපයක එකට නිලතල දරා තිබීමත් යන කරුණු බවය.
දොස්තර ෂාෆි ෂිහාබ්ඩීන් 2015 මහ මැතිවරණයේදී රිෂාඩ් බතියුඩීන් මහතා නායකත්වය දරන ACMC පක්ෂය නියෝජනය කරමින් එක්සත් ජාතික පෙරමුණෙන් මැතිවරණයට ඉදිරිපත්වූ අතර අන්‍ය ජාතික මව්වරුන් බලහත්කාරයෙන් වන්ද්‍යකරණයට ලක්කළ බවට ඔහුට එරෙහිව ප්‍රභල සාක්ෂි සහිත චෝදනා එල්ල විය. ඒ සම්බන්ධයෙන් දොස්තර ෂාෆි ෂිහාබ්ඩීන් අත්තඩංගුවට පත්වී අධිකරණයට ඉදිරිපත් කළ අතර ඉහත කි නීතිඥ හිජාස් හිස්බුල්ලා ඔහු වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥයා විය.
නීතිඥ හිජාස් හිස්බුල්ලා උපදේශක සහ සංහිඳියා සභාව (ARC) නමැති රාජ්‍ය නොවන සංවිධානයක සාමාජිකයෙකු වන අතර හිටපු අමාත්‍යවරුන් වන රිෂාඩ් බතියුඩීන්, මොහොමඩ් හලීම්, මුජිබර් රහුමාන් වැනි දේශපාලඥයින් සමඟ ලඟින් කටයුතු කර ඇත.
මේ අතර, හිටපු අමාත්‍ය සහ ACMC නායක රිෂාඩ් බතියුඩීන්ගේ සහෝදරයා වන රියාජ් බතියුඩීන් ඊයේ (14) දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පුත්තලමේදී අත්අඩංගුවට ගනු ලැබු අතර ඔහුද මරාගෙන මැරෙන ත්‍රස්තවාදියෙකු සමඟ සම්බන්දතා පවත්වා ඇති බවත්, ප්‍රහාරයට දින කිහිපයකට පෙර කොළඹ ප්‍රසිද්ධ හෝටලයකදී ඔවුන් දෙදෙනා සාකච්චාවක් පවත්වා ඇති බවට අනාවරණය වී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසීය.
මෙම කරුණු අනුව පෙනී යන්නේ හිටපු අමාත්‍ය සහ ACMC නායක රිෂාඩ් බතියුඩීන් වටා සිටි ප්‍රභලයින් විසින් පාස්කු ප්‍රහාරය එල්ල කළ සහරාන්ගේ ත්‍රස්ත කල්ලියට රැකවරණය සහ ආධාර අනුබල දී ඇති බවට පැහැදිලි චිත්‍රයක් ගොඩනැගෙමින් පවතින බවයි.

ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

මහනුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොල තැපැල් කාර්යාලය අසළදී නාවික හමුදාවට අයත් බස් රථ දෙකක එළවළු ලොරියක් ගැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.

 මහනුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොල තැපැල් කාර්යාලය අසළදී නාවික හමුදාවට අයත් බස් රථ දෙකක එළවළු ලොරියක් ගැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.



අද සවස සිදු වූ අනතුරින් එළවළු ලොරියේ රියැදුරු මියගොස් තිබෙන බව පොලීසිය පවසයි.
තුවාලකරුවන් 29 දෙනෙකු වරකාපොල රෝහලට ඇතුළත් කර තිබේ.
තුවාලකරුවන් අතර නාවික හමුදාවේ සෙබළුන් තිදෙනෙකු ද සිටින බව පොලීසිය පවසයි.
අනතුර සම්බන්ධ වැඩිදුර විමර්ශන වරකාපොල පොලීසිය විසින් පවත්වනු ලැබේ.


















ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network