අප දිවි පුදා රට නිදහස් කළේ හොරකම් කිරීමට හෝ කුඩු ජාවාරම් කිරීමට නොවේ. අවසන් සටනට සූදානම් sriavtvnetwork news

අප දිවි පුදා රට නිදහස් කළේ හොරකම් කිරීමට හෝ කුඩු ජාවාරම් කිරීමට නොවේ. අවසන් සටනට සූදානම්



හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සභාපතිත්වය දරණ වියත්මග සංවිධානය විසින් පවත්වනු ලබන ‘රට සහ හෙට’ සම්මන්ත‍්‍රණ මාලාවේ පළමු වැන්න බියගම සනාරා පිළිගැනීම් ශාලාවේදී පවැත්විණි.

මෙම සම්මන්ත‍්‍රණයේදී මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පල කල අදහස් මෙසේය.

රට ගැන හැඟීමක් තිබෙන හමුදා නිලධාරීන්ට කකියන ලේ තිබෙනවා. අපි රටේ වසර තිහක් තිස්සේ පැවති යුද්ධය කෙටි කාලයකින් අවසන් කළා. වසර තුනකට අඩු කාලයකදී යුද්ධය අවසන් කරන්න හමුදා සාමාජිකයන් පන්දහසකට අධික පිරිසක් ජීවිතය පූජා කළා. තවත් විසිපන්දහසකට අධික පිරිසක් තුවාල ලැබුවා. එහෙම කළේ ඉදිරි පරම්පරාවට ගෞරවාන්විත ලෙස රටේ ජීවත් වීමට පරිසරය සකස් කිරීමටයි. ඒ සත්කාරය කිරීමට කැප කළ විශාල පිරිසක් තවමත් ඇඳන්, රෝද පුටු උඩ ඉන්නේ. අපි අපේ තරුණ ජීවිතයෙන් බහුතරයක්ම කැප කළේ ත‍්‍රස්තවාදීන් සමඟ සටන් කිරීමටයි. අපේ සෙබළුන් මුළු තරුණ ජීවිතය කැපකළේ එදා ප‍්‍රභාකරන්ට උණ්ඩයෙන් ලබා ගැනීමට නොහැකි වූ ඊළාම් රාජ්‍යය ඔබේ ඡුන්දයෙන් බලයට පැමිණි අයට ලබා දෙන්න නෙමෙයි.

සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ගර් කියන ජාතීන් අපේ රටේ ජීවත් වෙනවා. නමුත් ඒ ජාතීන් පස්සට ගිහින් අද ඉන්නේ ජාතීන් දෙකයි. ඒ තමයි මවුබිමට ලැදි ජාතීන් හා මවුබිමට ද්‍රෝහීන් කියන ජාතියයි. එද මෙතැන ඉන්නේ මවුබිමට ලැදි ජාතියක්. මේ රජය සංහිඳියාවේ නාමයෙන් ඩයස්පෝරාව සමඟ එකතු වෙලා දෙමළ ජාතික සන්ධානයේ වුවමනාවට අනුව කටයුතු කරනවා. අපි එදා ලබාගත් නිදහස අහිමි කිරීමට කිසිවකුටත් ඉඩ දෙන්නේ නැහැ. එක ජාතියකට වැඩි බලතල දුන්නාම අනිකුත් ජාතීන්ට කළකිරෙනවා. අද වාමාංශික යැයි කියන ජවිපෙ සමාජය කෙරෙහි වෛරය වපුරනවා. නමුත් ඔවුන්ට විරුද්ධව කිසිවෙක් පියවරක් ගන්නේ නැහැ.

උතුරු පළාත් සභා හිටපු මන්ත‍්‍රී ශිවාජිලිංගම් ජිනීවාවලදී අපේ නියෝජිත කණ්ඩායමකට තර්ජන එල්ල කළා. රට දෙකඩ කඩන්න ඔබට වඩා බොහොම බලගතු පුද්ගලයෙක් ආවා. අපි පාමංකඩ හරහා අලිමංකඩ, කිළිනොච්චිය හරහා නන්දිකඩාල්වලදී 2009 දී ප‍්‍රභාකරන්ව නැත්තටම නැති කළා. රටට ආදරය කරන අපේ හුස්ම තිබෙනකම් මේ රට දෙකඩ නෙවෙයි හතරකඩ කඩන්න හදන සිහිනය සැබෑ කරන්න ඉඩ දෙන්නේ නැහැ.

මවුබිම තස්ත‍්‍රවාදයෙන් බේරා ගැනීමට කටයුතු කිරීම වරදක් නම් වැලිකඩ නෙමෙයි ඕනෑම හිරගෙදරක ගත කරන්න අපි ලෑස්තියි. රටට මෙතරම් සේවයක් කළ වරදට අන්තර්ජාතික සහ දේශීය වශයෙන් මෙවැනි රණවිරු දඩයමක් කිරීම සාධාරණද? පාවාදීම් ගැන අපි හොඳට දන්නවා. අතීතයේ වූ හොඳම පාවාදීම තමයි වත්මන් රජය ජිනීවාහිදී කළා. ජිනීවා යෝජනාවලට එදා අපි සමඅනුග‍්‍රහය දැක්වූවා. එදා කළ දුෂ්ඨ ක‍්‍රියාව මේ පාරත් කළා. විදේශ විනිසුරුවන් මෙරටට ගෙන ඒමට කටයුතු කිරීම වත්මන් රජය කළ විශාලතම පාවාදීමයි.

අපි මේ රට නිදහස් කළේ රට ස්වයංපෝෂිත කරන්නටයි. එහෙම නැතිව අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු නඩයට හොරකම් කිරීමට හෝ මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමට නෙමෙයි. දැන් අපට එළැඹ තිබෙන්නේ අවසාන අවස්ථාවයි. ලබන දෙසැම්බර් වන විට පැවැත්වීමට ජනාධිපතිවරණයේදී රටට හොඳ නායකයෙක් අවශ්‍යයි. රටට ආදරය කරන, මනුස්සකම හඳුනන නායකයෙක් අපේ රටට අවශ්‍යයි. අපේ අනාගත පරපුර ගැන සිතා නිවැරදි තීන්දුවක් ගත යුතු කාලය එළැඹ තිබෙනවා.



ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network