පා.චම්පික රනවකගේ තවත් බොරුවක් මෙන්න. Sriavtvnetwork news
ශ්‍රී ලංකාවේ ඉදිවන පළමු බහුකාර්ය ප්‍රවාහන මධ්‍යස්ථාකැබිනට් අනුමැතිය සහිතව
කොන්ත්‍රාත්තුව ලබාදුන්නේ 2014 මැයි මාසයේදීය
ශ්‍රී ලංකාවේ ඉදිවන පළමු බහුකාර්ය ප්‍රවාහන මධ්‍යස්ථානය වන කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ඉදිකිරීම් මේ වනවිට අවසන් අදියරට පැමිණ තිබෙ
මෙම විවෘත කිරීමත් සමග ආරම්භයේදී මෙම ප්‍රවාහන මධ්‍යස්ථානය තුළ දුම්රිය සහ බස්රථ නතර කෙරෙන අතර මාලඹේ දක්වා දැනට ඉදිකිරීමට සැලසුම් කර තිබෙන සැහැල්ලු දුම්රිය මාර්ගයද මෙම ප්‍රවාහන මධ්‍යස්ථානය දක්වා අනාගතයේදී දීර්ඝ කිරීමට සැලසුමක් ඇතැයි වාර්තා වේ.
මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය විවෘත කළ පසුව දකුණු අධිවේගී මාර්ගය ඔස්සේ පැමිණෙන මේ වනවිට මහරගම නතර කරන බස්රථ මෙහි නතර කිරීමට සැලසුම් කර තිබෙන අතර කොට්ටාව බස් නැවතුම්පොළින් කොටසක්ද මෙම ස්ථානයට ගෙන එනු ඇත.
අළුතින් ඉදිවන අධිවේගී මාර්ග පද්ධතිය ඔස්සේ කොළඹට ඇතුළු වීමට තිබෙන පිවිසුම් ස්ථාන දෙක වන්නේ කොට්ටාව මාකුඹුර සහ අතුරුගිරිය පෝරේ යන පිවිසුම් ස්ථාන දෙකයි.
මේ අනුව, දකුණු අධිවේගී මාර්ගය, පිටත වටරවුම් මාර්ගය, කටුනායක අධිවේගී මාර්ගය, ඉදිකරමින් තිබෙන මහනුවර අධිවේගී මාර්ගය ඔස්සේ කොළඹට පැමිණෙන මගීන්ට මෙම පිවිසුම් ස්ථාන දෙක ඔස්සේ කොළඹට ඇතුළු වීමට පුළුවන.
මේ නිසා, අනාගතයේදී කොට්ටාව මාකුඹුර සහ අතුරුගිරිය පෝරේ යන ප්‍රදේශ ආශ්‍රිතව මහා පරිමාණ සංවර්ධනයක් සිදුවනු ඇතැයි උපකල්පනය කළ හැකිය.
මේ වනවිටත්, මෙම ප්‍රදේශ රජයේ මහා නගර සංවර්ධන වැඩසටහන යටතේ විවිධ සංවර්ධන කටයුතු සඳහා හඳුනාගෙන තිබෙන කලාපයකි.
මේ අනුව බලන විට, කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ වැදගත්කම අනාගතයේදී වඩාත් වැඩිවනු ඇත.
මෙම ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය සහිතව කොන්ත්‍රාත්තුව ලබාදුන්නේ 2014 මැයි මාසයේදී වන අතර කොන්ත්‍රාත්තුවේ වටිනාකම රුපියල් මිලියන 845 කි. සම්පූර්ණ භූමිය සංවර්ධනය කිරීම සඳහා තවත් රුපියල් මිලියන 140 ක් වැයකර ඇත.
මේ සඳහා 50% ක අරමුදල් ජාත්‍යන්තර සහයෝගීතාවය පිළිබඳ ජපාන බැංකුවෙන් ලැබී තිබෙන අතර ඉතිරිය දේශීය වශයෙන් ලබා ගත් අරමුදල් වේ.
ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න