වසන්ත කරන්නාගොඩගේ නඩු විභාගයෙන් විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන ඉවත් වෙයි sriavtvnetwork news

වසන්ත කරන්නාගොඩගේ නඩු විභාගයෙන් විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන ඉවත් වෙයි



අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ව්‍යාජ තොරතුරු පදනම් කර ගෙන අත්අඩංගුවට ගැනීමේ අවදානමක් පවතින බැවින් තමන් අත්අඩංගුවට ගැනීම වලක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප‍්‍රියන්ත ජවර්ධනය මහතා අද (28) ඉවත් වූයේය.

මෙම පෙත්සම අද අගවිනිසුරු නලින් පෙරේරා , ප‍්‍රියන්ත ජයවර්ධන සම මුර්දු ප‍්‍රනාන්දු යන ත‍්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අතර එහිදී ප‍්‍රියන්ත ජවර්ධන විනිසුරුවරයා පෞද්ගලික හේතූන් මත තමන් එම පෙත්සම් විභාගයෙන් ඉවත් වන බව විවෘත අධිකරණය හමුවේ දැනුම් දුන්නේය.

මෙම පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා අධිකරණයට දන්වා සිටියේ කරන්නාගොඩ මහතා සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ කටයුතු අවසන් කර ඇති බවත් ඔහුට එරෙහිව චෝදනා ගොනු කිරීම සඳහා සූදානම් කර ඇති බවයි.

පෙත්සම්කාර පාර්ශවයෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කරුණු දක්වමින් චෝදනා ගොනු කිරීම සම්බන්ධයෙන් තමන්ට ගැටලූවක් නොමැති වුවද අත්අඩංගුට ගැනීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කිරීම අවශ්‍ය බවයි අධිකරණයට දන්වා සිටියේය.

මෙහිදී අගවිනිසුරු නලින් පෙරේරා මහතා අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතාගෙන් විමසා සිටියේ පෙත්සම්කරුව අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් කිසියම් ප‍්‍රතිඥාවක් ලබා දිය හැකිද යන්න පිළිබඳව.

ඊට ප‍්‍රතිචාර දක්වමින් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේ මෙම අවස්ථාවේදී එවැනි ප‍්‍රතිඥාවක් ලබාදීම අපහසු බවයි.

ඒ හේතුවෙන් පෙත්සම සම්බන්ධයෙන් සලකා බැලීම ලබන මාර්තු 07 වැනිදා කල් තැබීමටද ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

කෝට්ටේ බැද්දගාන අංක 99 /3 දරණ ස්ථානයේ පදිංචි අද්මිරාල් වසන්ත කරන්නා ගොඩ මහතා විසින් ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ අංශයේ ස්ථානාධිපකි නිශාන්ත සිල්වා , එහි අධ්‍යක්ෂ ශානි අබේසේකර , පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ඇතුළු පස් දෙනෙකු නම් කරනු ලැබ ඇත.

නීතීඥ සනත් විජේවර්ධන මහතා විසින් ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සඳහන් වේ.

පෙත්සම්කරු ශ්‍රී ලංකා නාවික හමුදාවේ හිටපු හමුදාපතිවරයෙකු වේ.

නාවික හමුදාවේ ලූතිනන් කමාන්ඩර්වරයෙකු ඇතුළු පිරිසක් විසින් තරුණයින් පිරිසක් පැහැර ගත් බව 2009 මැයි 10 වන දින පෙත්සම්කරුට දැනගන්නට ලැබූ අතර ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වන ලෙස නාවික හමුදා පොලිස් ප‍්‍රදානියාට උපදෙස් ලබා දුන්නේය.

තත්ත්වය මෙසේ තිබියදී. 2010 සැප්තැම්බර් 13 වන දින ලූතිනන් කොමාන්ඩර් වෙළගෙදර නැමැති නිලධාරියා විසින් පෙත්සම්කරු ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙකුට එරෙහිව සාවද්‍ය තොරතුරු අඩංගු ප‍්‍රකාශයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලදී.

මෙම ප‍්‍රකාශය අනුව පෙත්සම්කරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ප‍්‍රකාශයක් ලබා දුන්නේය.

මේ අතර හිටපු රියර් අද්මිරාල්වරයෙකු වන ට‍්‍රැවිස් සින්නයියා මහතා විසින්ද පෙත්සම්කරුට එරෙහිව ව්‍යාජ තොරතුරු අඩංගු ප‍්‍රකාශයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන ලදී.

මෙම ප‍්‍රකාශයන් සාවද්‍ය බවට පෙත්සම්කරු විසින් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් මඟින් දැනුම් දෙන ලදී.

පෙත්සම්කරු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සමීපතමයෙකු බැවින් රහස් පොලීසිය මේ පිළිබඳ දැඩි උනන්දුවක් දක්වයි.

මෙම තත්ත්වය තුළ පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීමේ අවදානමක් පවතින බව පෙත්සම්කරු කියා සිටී.

එබැවින් වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද ,තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව ප‍්‍රකාශ කරන ලෙසද , වග උත්තරකරුවන්ට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වන ලෙසද , මෙම පෙත්සම විභාගයට ගෙන අවසන් වන තුරු තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරු සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.




ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

පකිස්තානු ප්‍රහාර ගැන ඉන්දියාව පැහැදිලි කරයි sriavtvnetwork news

පකිස්තානු ප්‍රහාර ගැන ඉන්දියාව පැහැදිලි කරයි



ත‍්‍රස්තවාදී ව්‍යසනයට එරෙහිව අවශ්‍ය සෑම පියවරක්ම ගැනීමට ඉන්දියානු රජය දැඩිව සහ ඒකායනව කැපවීසිටින බව පකිස්තානයට අයත් බලකොට් හි, ජයිෂ්-ඉ-මොහම්මද් සංවිධානයේ පුහුණු කඳවුරු වලටඑල්ලකල ප‍්‍රහාරය පිළිබඳ විශේෂ පැහැදිලි කිරීමක් කරමින් ඉන්දීය විදේශ ලේකම්වරයා අවධාරණය කර සිටී .

ජාත්‍යන්තර මාධ්‍ය වෙත ඊයේ (26)නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය විදේශ ලේකම් විජය ගොකාලේ මහතා වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත .

“2019 පෙබරවාරි 14 වන දින පාකිස්ථානය පදනම් කරගත් ත‍්‍රස්තවාදී සංවිධානයක් වන ජයිෂ්-ඉ-මොහම්මද් සංවිධානය මරාගෙන මැරෙන ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල කළ අතර එයින් ඉන්දීය CRPF හි නිර්භීත සෙබළුන් 40 දෙනෙකු දිවි පිදීය. ජයිෂ්-ඉ-මොහම්මද් සංවිධානය පසුගිය දශක දෙක තුළ පාකිස්ථානයේ ක‍්‍රියාකාරීව කටයුතු කර ඇත. එහි නායකයා මසූද් අෂාර් වන අතර එහි මූලාස්ථානය පිහිටා තිබෙන්නේ බහවල්පූර්හිය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් තහනම් කර ඇති මෙම සංවිධානය 2001 වසරේදී ඉන්දීය පාර්ලිමේන්තුවට එල්ල වූ ප‍්‍රහාරය සහ 2016 ජනවාරි මාසයේදී පතන්කොට් ගුවන් හමුදා කඳවුරට එල්ල වූ ප‍්‍රහාරය ඇතුළු ත‍්‍රස්ත ප‍්‍රහාර රැසකටම වගකිව යුතු ත‍්‍රස්ත සංවිධානයකි.

පාකිස්ථානයේ සහ පාකිස්ථානය විසින් පාලනය කරන ජම්මු කාශ්මීරයේ මෙම පුහුණු කඳවුරු පිහිටා තිබෙන ස්ථානය පිළිබඳ තොරතුරු පාකිස්ථානයට වරින් වර ලබා දෙන ලදී. කෙසේ වෙතත් පාකිස්ථානය එම කඳවුරු එම ස්ථානයන්හි පිහිටා තිබෙන බව ප‍්‍රතික්ෂේප කළේය. ඉස්ලාමීය ත‍්‍රස්තවාදීන් සිය ගණනක් පුහුණු කළ හැකි එවැනි විශාල පුහුණු කඳවුරු පාකිස්ථාන බලධාරීන්ගේ අනුදැනුමකින් තොරව පැවතිය නොහැක.

පාකිස්ථානය තුළ ඉස්ලාමීය ත‍්‍රස්තවාදීන් පුහුණු කිරීම සහ ඔවුන්ට අවි සැපයීම වැළැක්වීම සඳහා ජයිෂ්-ඉ-මොහම්මද් සංවිධානයට එරෙහිව පියවර ගන්නා ලෙස ඉන්දියාව දිගින් දිගටම පාකිස්ථානයට පවසා සිටියේය. සිය භූමි ප‍්‍රදේශය තුළ ත‍්‍රස්තවාදයේ යටිතල පහසුකම් ඉවත් කිරීමට පාකිස්ථානය කිසිදු ඵලදායි පියවරක් ගෙන නොමැත.

ඉන්දියාව තුළ තවත් මරාගෙන මැරෙන ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල කිරීමට ජයිෂ්-ඉ-මොහම්මද් සංවිධානය උත්සාහ ගන්නා බවට සහ මේ සඳහා ඉස්ලාමීය ත‍්‍රස්තවාදීන් පුහුණු කරන බවට විශ්වාසදායි බුද්ධි තොරතුරු ආරක්ෂක අංශ වෙත ලැබී තිබිණ. මෙම අනතුරුදායක තත්වය හේතුවෙන් එය වැළක්වීමේ ප‍්‍රහාරයක් එල්ල කිරීමේ දැඩි අවශ්‍යතාවයක් පැන නැගිණ.

අද අලුයම බුද්ධි තොරතුරු මත මෙහෙයවන ලද මෙහෙයුමකදී, ඉන්දියාව බලකොට්හි පිහිටා තිබෙන ජයිෂ්-ඉ-මොහම්මද් සංවිධානයේ විශාලතම පුහුණු කඳවුරට ප‍්‍රහාරයක් එල්ල කළේය. මෙම මෙහෙයුමෙන් ජයිෂ්-ඉ-මොහම්මද් සංවිධානයේ ත‍්‍රස්තවාදීන්, පුහුණුකරුවන්, ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරීන්, සහ ත‍්‍රස්ත ක‍්‍රියා සඳහා පුහුණුව ලබමින් සිටි ඉස්ලාමීය ත‍්‍රස්ත කණ්ඩායම් රැසක් විනාශ කෙරිණ. බලකොට්හි පිහිටා තිබෙන මෙම පුහුණු කඳවුරෙහි ප‍්‍රධානියා වන්නේ ජයිෂ්-ඉ-මොහම්මද් සංවිධානයේ නායක මසූද් අෂාර්ගේ මස්සිනා වන මවුලානා යූසුෆ් අෂාර්ය (මොහු උස්තාද් ඝෞරි යන නමින්ද හැඳින්වේ).

ත‍්‍රස්තවාදී ව්‍යසනයට එරෙහිව අවශ්‍ය සෑම පියවරක්ම ගැනීමට ඉන්දියානු රජය දැඩිව සහ ඒකායනව කැපවී සිටී. එබැවින් මෙම හමුදාමය නොවන ආරක්ෂාකාරී ක‍්‍රියාමාර්ගය නිශ්චිත වශයෙන්ම ජයිෂ්-ඉ-මොහම්මද් කඳවුර ඉලක්ක කරගෙන ක‍්‍රියාත්මක කෙරිණ. සිවිල් වැසියන්ට හානියක් සිදු නොවන ලෙසද ඉලක්කය තෝරා ගැනිණ. මෙම පුහුණු කඳවුර පිහිටා තිබෙන්නේ සිවිල් ජනාවාසයන්ගෙන් ඉතා ඈත පිහිටි වනගත කඳු මුදුනකය. මෙම ප‍්‍රහාරය මෙයින් සුළු මොහොතකටම පෙර ක‍්‍රියාත්මක වූ බැවින් අපි වැඩිදුර තොරතුරු බලාපොරොත්තුවෙන් සිටිමු.

2004 වර්ෂයේ ජනවාරි මාසයේදී පාකිස්ථාන රජය සිය භූමිය හෝ තම රට මගින් පාලනය වන භූමි ප‍්‍රදේශය ඉන්දියාවට එරෙහි ත‍්‍රස්තවාදය සඳහා යොදා ගැනීමට ඉඩ නොතබන බවට දැඩි ලෙස පොරොන්දු විය. පාකිස්ථානය මෙම ප‍්‍රසිද්ධ පොරොන්දුව ප‍්‍රකාරව කටයුතු කරනු ඇතැයිද සියලු ජයිෂ්-ඉ-මොහම්මද් සහ වෙනත් ත‍්‍රස්ත කඳවුරු ඉවත් කිරීමට පියවර ගනු ඇතැයිද ත‍්‍රස්තවාදීන්ට එරෙහිව කටයුතු කරනු ඇතැයිද අපි අපේක්ෂා කරමු.”

පැතුම් වික්‍රමරත්න



ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

මහ බැදුම්කර මංකොල්ලය නිසා රටට වූ හානිය sriavtvnetwork news

මහ බැදුම්කර මංකොල්ලය නිසා රටට වූ හානිය

- ආචාර්ය නාලක ගොඩහේවා

2019 වන විට 7% කට ඉහල වර්ධන වේගයක් සහිතව ආසියාවේ 2 වෙනියට වේගයෙන්ම වර්ධනය වෙමින් තිබුන රට වූ ලංකාවේ ආර්ථිකය අද ආසියාවේ දුර්වලම ආර්ථිකයක් බවට පත් වී ඇත. 2018 වසරේ 3.3% ක් පමන වූ ලංකාවේ ආර්ථික වර්ධන වේගය තිබෙන්නේ බංගලාදේශය ( 7.4%) , නේපාලය (7.9%), බූතානය ( 7.4%), ලාඕසය (6.9%) ඉන්දියාව (6.7%), පාකිස්ථානය (5.4%), මාල දිවයින ( 4.8%) යන සියලු රටවලට පිටුපසිනි. ආර්ථික සංවර්ධන වේගය අතින් අප සිටින්නේ අදත් ත්‍රස්ථවාදයෙන් බැටකන ඇෆ්ගනිස්ථානය සමඟ දකුණු ආසියාව තුල අවසාන ස්ථානය සඳහා කරට කර සටනකය. මහ බැඳුම්කර මංකොල්ලය මේ හානියට ප්‍රධානතම හේතුවක් විය. 

2014 වන විට 30 අවුරුදු බැඳුම්කර වල පොලී අනුපාතය තිබුනෙ 10% ට අඩු අගයක. 2015 පෙබරවාරී මාසයේ මහ බැඳුමකර මංකොල්ලයේදී සිදු වූයේ පර්පෙචුවල් ට්‍රෙෂරීස් ආයතනයට 12.5% ක පමන ඉහල අගයකට බැඳුම්කර නිකුත් කිරීම නිසා රටේ සමස්ථ පොලී අනුපාතය 3% කින් පමන ඉහල යාමයි. මේ වන විට දේශීය රාජ්‍ය ණය් රුපියල් ට්‍රිලියන 3 1 /2 ට වඩා තිබුන අතර මේ සියල්ලටම ඉහල පොලී අනුපාතය බලපෑවා. පලවන මාසය තුල පමනක් රුපියල් බිලියන 50 ක පමන පාඩුවක් එනම් කටුනායක අධිවේගී මාර්ගය යලි තැනීමට තරම් මුදලක් ‍පොලී අනුපාත වැඩි වීම නිසා රජයට පාඩු විනා. සමස්ථ ආර්ථිකයට වූ හානිය රුපියල් බිලියන 280 ක් පමන වේ යැයි ඒ වෙලාවේ ගනන් බලා තිබුනා.

රට පුරා බැංකුවල පොලී අනුපාතය වැඩිවීම ජනතාවට බැංකුවකින්, මුල්‍ය ආයතනයකින් හෝ ලීසින් ආයතනයකින් ණයක් ගැනීමට වැඩි පොලියක් ගෙවන්නට සිදුවුනා. වාහන ණය, නිවාස ණය, ව්‍යාපාර ණය සියල්ල වැඩිවුනා. මෙහි ප්‍රථිපලය වූයේ ව්‍යාපරිකයින්ට ඔවුන්ට තමන් සපයන භාන්ඩ හා සේවා වල මිල ඉහල දැමීමට සිදු වීමයි.මෙහි ප්‍රථිපලය වූයේ ජනතාවට මුදල් හිඟ වීමයි. ඒ අනුව රටේ මුදල් සංසරණය අඩුවුනා. එය ආපසු ව්‍යාපාර වලට බල පෑවා මන්ද ඔවුන්ගේ ආදායම හා ලාබ අඩුවුන නිසා. ව්‍යාපාර දුර්වල වන විට වැඩි පොලියට ගන්නා ණය ගෙවීම ඔවුන්ට අපහසු වුනා. එතකොට බැංකු හා මුල්‍ය ආයතන ඔවුන්ට ණය දීම සීමා කලා. අද රටේ බොහෝ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වලට බැංකුවකින් ණයක ලබා ගන්නට බැරි මේ නිසායි.

අනෙක් අතර මේ හොරකම හා රජය ඒ සම්බන්ධයෙන් ක්‍රියා කල ආකාරය නිසා විදේශ ආයෝජකයන්ගේ විශ්වාසය බිඳ වැටුනා. ඔවුන් කොටස් වෙළඳපොලෙන් හා මුල්‍ය වෙළඳපොලෙන් ඔවුන්ගේ ආයෝජන ඉවත් කරගන්නට පටන් ගත්තා. ඩොලර් බිලියන් ගනන් මේ අනුව රටින් පිටවුනා. එය බල පෑවේ රුපියලේ අගයටයි. ලංකාවේ රුපියල කඩා වටෙන්නට පටන් ගත්තා. 2015 වන විට ආසියාවේ තිබූ ශක්තිමත්ම මුදල් ඒකකයක් වන රුපියල අද ආසියාවේ පමනක් නොවේ ලෝකයේම දුර්වල මුදල් ඒකකයක්. මහ බැඳුම්කර මංකොල්ලය පලමු වරට සිදු වූදා සිට මේ වන විට රුපියල 30% කින් පමන කඩා වැටිලා. මේ නිසා රජයේ විදේශ ණය වල දේශීය අගය විශාල වශයෙන් වැඩිවෙලා. මේ වැඩිවීම රාජපක්ෂ යුගයේ කල සියලු සංවර්ධන කටයුතුවලට වැය කල මුදලට වඩා විශාල පාඩුවක්. රුපියල කඩා වැටීම මහජනතාවටත් දැඩි ලෙස බල පෑවා. මන්ද අපි පරිභෝජනය කරන බොහෝ භාන්ඩ ආනයන කල ඒවායි. ඒ වගේම අපි බොහෝ සේවාවන් සඳහා පිටරටට මුදල් ගෙවනවා. උදාහරණය්ක් ලෙස අපේ රටේ බොහෝ අධ්‍යාපන පාඨමාලා සඳහා පිටරටට මුදල් ගෙවිය යුතුයි. මේ සියල්ලේ මිල ඉහල ගියා. මිළ දරා ගන්න බැරි කම ආනයන වලට බල පැවා. ඒ වගේම රුපියල කඩා වටෙන එක වලක්වන්න රජය ආනයන සීමාවන් දමන්නට යාම නිසා ආනයන ව්‍යාපාර කඩා වැටුනා. ඉන් සිදුවූයේ රේගුව හරහා රජයට ලැබෙමින් තිබූ විශාල ආදායමක් රටට අහිමි වීමයි. ඒ වගේම රටේ ව්‍යාපාර බිඳ වැටීමත් රාජ්‍ය ආදායමට බල පෑවා.

ආදායම අඩුවන විට රජය මොකද්ද කලේ . එක පැත්තකින් ඔවුන් වැඩිපුර ණය ගන්න පටන් ගත්තා අනික් පැත්තෙන් ජනතාව මත බදු වැඩි කලා. 2015 -2018 කාලය තුල රටේ ණය බර 60% කින් වැඩිවුනා රුපියල් ට්‍රිලියන 7.4 සිට 12. දක්වා. රාජ්‍ය බදු 100% කින් වැඩිවුනා. 2014 රජය බදු වශයෙන් අයකලේ රුපියල් ට්‍රිලියන 1 යි. 2018 අයවැයෙන් එය රුපියල් ට්‍රිලියන 2 දක්වා රජය වැඩිකලා. මෙයත් බලපෑවේ ජනතාවගේ සාක්කුවටයි.

අද මේ රටේ විශාල ආර්ථික අර්බූදයක් තිබෙනවා. ජනතාව සිටින්නේ ජීවන බරින් මිරිකිලා. ව්‍යාපාර කඩා වැටිලා ආයෝජන නතර වෙලා විරැකියාව වැඩිවෙලා. මේ සියල්ලේ මූලාරම්ඹය මහ බැංකු හොරකමින් පටන් ගත් වත්මන් රජයේ හොරකම හා බැරි කමයි. මෙය සමාව දිය නොහැකි වරදක්. මුලු රටටම බල පෑ ජනතාව විපතට පත් කල හොටකමක්. අන්න ඒ නිසා තමයි අපි කියන්නේ වත්මන් රජය කර අරිනවානම් බැඳුම්කර මංකොල්ලයට වග කිව යුතු අය අනාගත රජයකින් හෝ පරීක්ෂණ කොට හෙලිද්‍ර‍රව් කොට ඔවුන්ට නීතිය ඉදිරියේ දිය හැකි උපරිම දඩුවම් දිය යුතුයි කියා.

Dr. Nalaka Godahewa

ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

රටටම ආදර්ශයක් වු බියගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීනිය sriavtvnetwork news

රටටම ආදර්ශයක් වු බියගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීනිය


 ජනතා බදු මුදල් වලින් ලැබෙන ප්‍රතිපාදන වලින් නගරය සංවර්ධනය සදහා වෙන්කරන මුදල් ප්‍රාදේශීය සභා හරහා ගමට ලැබෙනවා ඒ ගමේ අවශ්‍යතා සපුරන්න. 
ඒ සංවර්ධන ව්‍යාපෘතිය ඇතෙමෙක් තමන්ගේ නම ගහන් ලොකුකම හා ඉලග මැතිවරණය ජය ගන්න දගල රටක එම මුදල් ජනතා බදු මුදල් බව සගවන රටක මෙවැන දෙයක් රටට ආදර්ශයක් නොවනෙද ? 
රටම දැනගතයුත්තේ මෙයයි අපේ සමහර නායකයන්ට මෙය හොද ආදර්ශයකි. සැම දෙනා මෙසෙ වන්නෙනම් අපේ රට කෙතරම් සුන්දර රටක් වේවිද...

පහලින් ඇත්තේ බියගම ප්‍රාදේශීය සභා මන්ත්‍රිනි තිමල්කා පොත්තේවෙල ඔහුගේ ෆ්ස්බුක් ගිණුම් තබා ඇති සටහනකි



ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

වසර 31කට පෙර සිදු වූ විජය කුමාරතුංග ඝාතනයේ යටිබිම්ගත කථාව.. sriavtvnetwork news

වසර 31කට පෙර සිදු වූ විජය කුමාරතුංග ඝාතනයේ යටිබිම්ගත කථාව..!!! ධර්මන් වික්‍රමරත්න විසිනි..(ජවිපෙ 2වැනි කැරැල්ල ග්‍රන්ථයෙන්)

විජය කුමාරතුංග ඉපදුණේ 1945 ඔක්තෝබර් 09 වැනිදා රාගම රජයේ රෝහලේදීය. ඔහුගේ සම්පූර්ණ නම කෝවිලගේ ඇන්ටන් විජය කුමාරතුංගය. සිවි දෙනෙකුගෙන් යුත් පවුලේ බඩ පිස්සා ඔහුය. විජයගේ මව බියට්‍රිස් වූ අතර පියා ගම් මුලාදෑනියෙකුවූ බෙන්ජමින්ය. සිඩ්නි, විවියන් සහ රූපා ඔහුගේ වැඩිමල් සොයුරු සොහොයුරියෝ වූහ. කුඩා කාලයේදීම පියා මියගිය බැවින් පවුලේ ආර්ථිකය දුෂ්කර තත්ත්වයකට පත්විය. හෙතෙම කඳාන ද මැසනඞ් සහ කොටහේනේ ශාන්ත බෙනඩික් විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීය. සුගතපාල සෙනරත් යාපාගේ හන්තානේ කථාවෙන් 1969දී සිනමාවට පිවිසි විජය අමරනාත් ජයතිලකගේ ප්‍රියංගා චිත්‍රපටියෙන් ප්‍රධාන චරිතය 1971දී රඟපෑවේය. වසර 1971දී ඔහු රඟපෑ චිත්‍රපට හතරක් තිරගත විය. ඔහු සිනමා තාරකාවක් බවට පත් වූයේ තුෂාර චිත්‍රපටිය 1973 තිරගතවීමත් සමඟය. ඉනික්බිති සිනමා ලෝකයේ අසහාය පෙම්වතා බවට ඔහු පත් විය. ජනප්‍රියත්වය කෙතරම්ද යත් 1976දී තිරගත වූ චිත්‍රපටි හතකම ප්‍රධාන නළුවා වූයේද ඔහුය. ආරම්භයේ සිට 1988 දක්වා විජය රඟපෑ චිත්‍රපට සංඛ්‍යාව 114කි. එයා දැන් ලොකු ළමයෙක්(1975), බඹරු ඇවිත්(1977), ගඟ අද්දර, පාර දිගේ, මහගෙදර සහ බැද්දේගම (1980) ඒ අතරින් ප්‍රධාන වේ. ජනප්‍රිය නළුවා වශයෙන් 1983 සිට 1988 දක්වාම සම්මානය හිමිවූයේද ඔහුටය. ගායන ශිල්පියෙකු වශයෙන් ගීත 100ක් ගායනා කල ඔහු කැසට්පට 10ක් පමණ නිකුත් කළේය.

සමසමාජයෙන් දේශපාලනය ඇරඹූ විජය ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් කටාන ආසනයට 1977දී තරඟකර පරාජයට පත්විය. එජාපයේ විජේපාල මෙන්ඩිස්ට ඔහු පරාජය වූයේ ඡන්ද 4,218කිනි. පසුව ඔහු දිවංගත අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකගේ සහ අගමැතිනී සිරිමා බණ්ඩාරනායකගේ කණිටු දියණිය වූ චන්ද්‍රිකා සමඟ 1978 පෙබරවාරි 20 අවාහ කර ගත්තේය. ශ්‍රිලනිප ජනාධිපති අපේක්ෂක හෙක්ටර් කොබ්බෑකඩුවට 1982 ඔක්තෝබර් 20වැනිදා පැවති ජනාධිපතිවරණයේදී ක්‍රියාකාරිව සහාය දැක්වූ විජය ජනාධිපතිවරණ පරාජයෙන් පසු එජාප රජය මගින් නැක්සලයිට් චෝදනාව ගොනුකර 1982 නොවැම්බර් 19වැනිදා අත්අඩංගුවට ගන්නා ලදී.

මහර අතුරු මැතිවරණයට 1983 මැයි 18 ශ්‍රීලනිපයෙන් විජය ඉදිරිපත්ව පරාජයට පත්විය. එජාපයේ කමලවරණ ජයකොඩි මහර මන්ත්‍රීවරයා වූයේ වැඩි ඡන්ද 45කිනි. එමෙන්ම මහජන පක්ෂය නියෝජනය කරමින් මින්නේරිය අතුරු මැතිවරණයට 1984 ඔක්තෝබර් 25වැනිදා ඉදිරිපත් වූ අතර එහිදී දෙවන ස්ථානය ලබා ගනිමින් ඡන්ද 10,568ක් ලබා ගත්තේය. ශ්‍රිලනිපයෙන් ඉදිරිපත්ව තෙවැනි ස්ථානයට පත්වූ රත්න දේශප්‍රිය සේනානායකට හිමිවූයේ ඡන්ද 6,250ක් පමණි. ජයග්‍රාහකයා වූ එජාපයෙන් ඉදිරිපත්වූ එස්. බී විජේකෝන්ට ඡන්ද 19,744ක් හිමිවිය.

ශ්‍රි ලංකා මහජන පක්ෂය ටී. බී ඉලංගරත්න ඇතුළු ශ්‍රීලනිප ජේෂ්ඨයින් සමඟ 1984 ජනවාරි 22වැනිදා පිහිටුවීමට පුරෝගාමී නායකත්වය දෙන ලද්දේ ඔහු විසිනි. විජයගේ නායකත්වයේ අපරිණත බව හේතුවෙන් පසු කලක ටී.බී ඉලංගරත්න ඇතුළු ජේෂ්ඨයින් රැසක් මහජන පක්ෂයෙන් ඉවත්වූ අතර එයට ඔසී අබේගුණසේකර වැනි අය පසු ආදේශ විය. ඉන්දු ලංකා ගිවිසුමට කොන්දේසි විරහිතව පැරණි වාමාංශික පක්ෂ සහ දෙමළ බෙදුම්වාදී කණ්ඩායම් සමඟ ශ්‍රි ලංකා මහජන පක්ෂය සහාය දුන් අතර විජය එහි පුරෝගාමී නායකත්වයක් උසුලන ලදී. කැම්බල් පිටියේදී 1988 ජනවාරි 28වැනිදා පැවති පක්ෂයේ සිව්වන සංවත්සර රැස්වීම එහි අභිෂේකයක් විය. සමසමාජ, කොමියුනිස්ට්, මහජන පක්ෂය යන පක්ෂ සමඟ එක්වී එක්සත් සමාජවාදී පෙරමුණ පිහිටු වූ අතර එය මැතිවරණ කොමසාරිස්වරයා විසින් පෙබරවාරි 11වැනිදා පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙසින් ප්‍රකාශයට පත් කළේය. එම පෙරමුණට නව සමසමාජ පක්ෂයේද සහාය හිමිවිය. එම පෙරමුණේ මංගල රැලිය 1988 පෙබරවාරි මස 21 සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට කටයුතු යොදා තිබිණි.

ජවිපෙ සන්නද්ධ අංශය වන දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය ද්‍රවිඩ ඊලමට පක්ෂ වාමාංශිකයින් නම් කළේ තුන්වන සතුරු හමුදාව ලෙසිනි. ඒ අනුව තුන්වන සතුරු හමුදාව අතුගා දැමීම දේශප්‍රේමි අරගලේම කොටසක් බවට 1988 ජනවාරි 25වැනිදා නිකුත් කල නියෝගයක සඳහන් විය. ඒවන විට ජවිපෙ මගින් 1987 නොවැම්බර් 29වැනිදා ඝාතනය කල අනුරාධපුරයේ නන්දන මාරසිංහ සහ 1988 පෙබරවාරි 11වැනිදා ඝාතනයවූ කොමියුනිස්ට් පක්ෂයේ පොළොන්නරුවේ ගාමිණී මැදගෙදර ගේ අවමගුල් උත්සවයන්ටද විජය සහභාගි වූ අතර එම ඝාතනයන් තරයේම හෙළා දකිනු ලැබීය.

ඉන්දු ලංකා ගිවිසුමට සිය ප්‍රසංශාව පලකල සිටි විජය ඉන්දිය හමුදාව ශ්‍රිලංකාවට පැමිණීමෙන් වාර්ගික අර්බුදය විසදාගැනීමට හැකිවනු ඇතැයි සිය සතුට පලකර සිටියේය. ජවිපෙ ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව මතවාදය ඉදිරිපත්කල අතර මහජන පක්ෂය සහ විජයද දේශදෝහීන් ලෙස නම් කෙරෙනි. ජවිපෙ ඝාතනවලට එරෙහිව රජයේ ආරක්ෂාවට පරිබාහිරව මහජන පක්ෂයේම ආරක්ෂක වලල්ලක් විජය විසින් ගොඩනඟා ගැනීමට කටයුතු කළේය. ඒ අනුව 1987 ඔක්තෝබර් මසදී උමා මහේස්වරන්ගේ නායකත්වයෙන් යුත් ප්ලොට් සංවිධානයේ වව්නියාවේ අවි පුහුණු කඳවුරක පුහුණුවකට මහජන පක්ෂයේ කණ්ඩායමක් තෝරා යවන ලදී. විජය ඝාතනය වීමට පෙර අවස්ථා තුනකදී එසේ අවි පුහුණුව සඳහා කණ්ඩායම් තුනක් රහසිගතව යවා තිබිණි.

උදෑසන හලාවතට ගොස් පැමිණ ආපසු නාරහේන්පිට පොල්හේන්ගොඩ පාරේ සිය නිවසින් පිටතට එමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනෙකු විජය ඝාතනය කළේ ඒ. කේ. 47 වර්ගයේ ගිනි අවියකිනි. ඒ 1988 පෙබරවාරි 16වැනිදා පස්වරු 12.20ටය. විජයගේ මුහුණටද වෙඩි තබා තිබූ බැවින් එය විකෘති වී තිබිණි. එබැවින් මෘත දේහයේ උඩ කොටස ආවරණය කිරීමට සිදු විය. පසුව පොලිසියට හිස් පතොරම් කොපු 14ක් හමුවිය. ඒ. කේ. 47 වර්ගයේ අවියකින් එකවර පතොරොම් 30ක් විනාඩියකටත් අඩු කාලයකදී නිකුත් කල හැකිය.

විජයගේ ආදානය 1988 පෙබරවාරි 21වැනිදා කොළඹ 07 නිදහස් චතුරශ්‍රයේ දී පැවති අතර එය නාරාහේන්පිට සිට පුරහල හරහා ගෙන ආවේ විශාල පෙළපාලියකිනි. අවමගුල සජීව ලෙස රූපවාහිනියෙන් විකාශය කල අතර එය ශ්‍රි ලංකාවේ ප්‍රථමවරට අවමගුලක් සජීව ලෙස විකාශය කල අවස්ථාව ලෙස සැලකේ. විජය කුමාරතුංග ඝාතනය කිරීමට වෙඩි තැබූ එම අවස්ථාවේදී වෙඩිවැදී තුවාල සිදුවූ මහජන පක්ෂයේ රාගම ශාඛාවේ සහකාර ලේකම් සහ චිත්‍ර ශිල්පී සරත් උපාලිද බරපතල ලෙස රෝගාතුරව සිට 1988 අප්‍රේල් 25වැනිදා කොළඹ මහ රෝහලේදී මිය ගියේය.

කුමාරතුංග ඝාතනයෙන් පසු ජවිපෙ සන්නද්ධ අංශය වන දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය නිවේදනයක් මගින් වගකීම භාරගෙන තිබිණි. එමෙන්ම මව්බිමේ සියළු සතුරන්ට දඬුවම් දීමේ සන්නද්ධ සේනාංකය මැයින් 1988 පෙබරවාරි 21වැනිදා ‘විජය කුමාරතුංග යැව්වේ ඇයි?’ මැයින් පත්‍රිකාවක් මුද්‍රණය කර බෙදා හැර තිබිණි. එහි මෙසේද සඳහන් විය. ‘අප විසින් දඬුවම් කරනුයේ මව්බිමේ සතුරන්ට පමණි ඒ හැර අපේ දේශපාලනයට එකඟ නොවූවද දෝහීන් නොවූ කිසිවෙකුට හෝ පොදු මහජනයාට හෝ අපි කිසිදු හිංසාවකට ඉඩ නොතබමු’. විජය කුමාරතුංග ඝාතන තීරණය සැලසුම් කලේ කොළඹ දිසා ලේකම් ලලිත් විජේරත්න හෙවත් ජයන්තය. තොරතුරු සෙවීම කොලොන්නාවේ පියසිරි ගෙනි. සාකච්ඡා පැවැත්වූවේ පිලියන්දල සෙන්ට් මිචල් හෝටලයේදීය. ලයනල් රණසිංහට කොන්ත්‍රාත්තුව ලැබී තිබුණේ ටාසන් වීරසිංහගේ මාර්ගයෙනි. විජය ඝාතනය සඳහා යොදවාගත් තුවක්කුව එවකට එජාප ආණ්ඩුවේ ඇමතිවරයෙකු වූ ගාමිණී ‍ලොකුගේගේ ආරක්ෂක භටයෙකු ගෙන් ජවිපෙ පැහැරගත් ගිනි අවියකි.

විජය ඝාතනයට සම්බන්ධ යතුරුපැදිය පදවාගෙන ගිය සැකකරු වූයේ ටාසන් වීරසිංහ හෙවත් හේරත්ය. ඔහු කළුතර පයාගල පදිංචිකරුවෙකි. ටාසන්ගේ පවුලේ සහෝදර සහෝදරියන් 9 දෙනෙකු වූ අතර ඉන් සිව් දෙනෙකු පිරිමිය. ටාසන්ගේ එක් සොහොයුරියක්වූ වීරසිංහ ලීලාවතී සිල්වා පානදුර බාලිකා විදුහලක ගුරුවරියකි. පවුලේ 8වැනියා වූ ටාසන් උපන්නේ 1958 ජනවාරි 13දාය. කලක් කළුතර ඇසෝසියේටඩ් මෝටර්වේස් සමාගමේ සේවය කල ඔහු පසුව ලංගම රියදුරෙකු ලෙස කළුතර සිට යටදොල දක්වා ධාවනය වූ ලංගම බස්රථයේ කලක් කටයුතු කල අතර පසුව රැකියාව අතහැර පූර්ණකාලීනව ජවිපෙට එක්විය.

සිය පවුලේ සාමාජිකයන් ගේ විරෝධය මැද ටාසන් වීරසිංහ අවාහ වූයේ පද්මිණී සමඟය. පද්මිණී කියා සිටියේ 1989 දෙසැම්බර් 23වැනිදා තමා සමඟ ටාසන් අඟුලාන දුම්රිය පොලෙන් බැස ගමට පැමිණි බවත් ගෙදර යෑමට නොහැකි බව පවසා නතර වූ බවත්ය. ටාසන් අල්ලා ගැනීමට ආරක්ෂක අංශ 1990 දෙසැම්බර් 25 මොරටුව අගුලානේ පිහිටි ඔහුගේ හිතවෙතෙකු වූ නිමල් ගුණසිංහගේ නිවසට ගියෝය. එහි ඔහු නොසිටි අතර පසුව අඟුලාන නිවස ආසන්නයේදී එහි පැමිණි ටාසන් රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලදී. ඒ වන විට ටාසන් ඉදිරිපත් කරන තුරු 1990 දෙසැම්බර් 23 වැනිදා පස්වරු 2ට අත්අඩංගුවට ගත් නිමල් ගුණසිංහගේ පුතා වන 15 හැවිරිදි සරත් කුමාර අත්අඩංගුවේ රඳවාගෙන තිබිණි. සරත් කුමාරගේ මව රම්‍යලතාද ප්‍රකාශ කලේද සිය නිවස ඉදිරියේදී ටාසන්ව පොලිස් අත්අඩංගුවට ගත් බවය. පසුව ටාසන් හතරවන තට්ටුවේ රඳවන ලදී. අනතුරුව මාස 3කට පසු ඝාතනයට ලක්වී තිබේ.

විජය කුමාරතුංග ඝාතනය කල පාලම්මුල්ලලාගේ ලයනල් රණසිංහ 27 හැවිරිදිය. ජාතික විමුක්ති අරගලයකින් සමාජවාදය උදාකිරීමේ උපායමාර්ගික ගමන්මඟ අනුව ක්‍රියාවට නැගූ ජවිපෙ 2වැනි කැරැල්ලේදී ඝාතන 41ක් සිදුකල ලයනල් රණසිංහ උපන් සහ ජීවත්වූ රත්නපුර කුරුවිට සහ හොරණ මූණගම නිවෙස්වලට ගිය ලේඛකයා (ධර්මන් වික්‍රමරත්න) ඔහුගේ පවුලේ අය හමුවිය. ඔවුන් පැවසූ පරිදි ලයනල් යනු ජවිපෙ නායකත්වයේ දෘෂ්ටිමය මඟපෙන්වීමකට යටත්ව ප්‍රායෝගිකත්වය ක්‍රියාවට නැගූ මිනිසෙකි. එය ද්‍රරිද්‍රතාවය සහ සමාජ පීඩනය නිසා රැඩිකල් දේශපාලනයට එක්වු තරුණයෙකුගේද කථාවකි.

රත්නපුර කුරුවිටදී ලයනල් උපන්නේ 1962දීය. හොරණ රත්නපුර පාරේ මූණගම ජාතික නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි ඔහු ගාමිණී නොහොත් මහින්ද නොහොත් ජයතිලක ලෙසද හැදින්විණි. ලයනල්ගේ පියා 1930 අප්‍රේල් 19 කෑගල්ල පාලමුරේදී උපන් පාලම්මුල්ලලාගේ තේගිරිස්ය. ඔහු කුරුවිට පොලිසිය ඉදිරිපිට හුණු කඩයක් පවත්වාගෙන ගියේය. දෙල්ගමුවේ උපන් ලයනල්ගේ මව වූ වැලිකලගේ සිසිලින් නෝනාට දරුවන් පහකි. ලයනල් සහ ඔහුගේ කණිටු සොහොයුරාවූ සුනිල් මවගේ ප්‍රථම විවාහයේ දරුවන්ය.ලයනල් පවුලේ වැඩිමලාය.

ලයනල්ගේ මල්ලී වන 1963 අප්‍රේල් 13වැනිදා උපන් සුනිල් අයියාට වඩා වසරකින් බාලය. ලයනල්ට වයස අවුරුදු 2ක් වන විට පියා විසින් මව සහ දරු දෙදෙනා අතහැර වෙනත් විවාහයක් කර ගත්තේය. ඔහුගේ එම විවාහයෙන්ද ලයනල්ගේ පියාට දාව දියණියන් දෙදෙනෙකු සහ පුතෙකු සිටී. ලයනල්ගේ පියාගේ නංගී වන නන්දාවතී විසින් ලයනල් සිය නිවසට ගෙන ගිය අතර ඔහුට වෙනස්කරන බවට චෝදනා කල මව පසුව ලයනල්ව යළි මහ ගෙදරට ගෙනාවේය. නැන්දාගේ නිවසේ සිටින විට දෛනික කුලියට කළුගල් කැඩීමටද ලයනල් යොමුකර තිබූ අතර පාසැල්ද යවා තිබුණේ නැත.

ලයනල්ගේ මව පසුව හොරණගේ ලියනෝරිස් ප්‍රනාන්දු සමඟ විවාහවී හොරණ මූණගමට සංක්‍රමණය වූවාය. ඇයගේ නව සැමියා සහ ලයනල්ගේ සුළු පියා හොරණ නගර සභාවේ සේවය කල අතර උග්‍ර එක්සත් ජාතික පාක්ෂිකයෙකි. අගමැති ප්‍රේමදාස විසින් ජනතා අයිතියට පවරා දී ඇති නිවසක්ද ඔහුට 1979දී හිමිවිය. ලයනල් සහ මල්ලී සුනිල් රත්නපුර කුරුවිට පිහිටි මිත්තණියගේ නිවසේ තවදුරටත් වාසය කළෝය. ලයනල් සහ සුනිල් පාසැල් ගියේ කුරුවිට මහා විද්‍යාලයටය. විෂයන් 7 ක් සම්මාන සමාර්ථ හතරක් සමඟ අපොස සාමාන්‍ය පෙළ සමත්වූ ලයනල් ඉගෙනීමට දක්ෂයෙකි. සිය සොහොයුරාට තග් බලය දැමූ තවත් සිසුවෙකුට ලයනල් පහර දුන්නේ පස්වැනි ශ්‍රේණියේ සිටියදී අත්වැඩ කරන කතුරකිනි. ලයනල් සතුන්ට ආදරේය. ඔහු කෑමකන විට කුරුවිට ගෙදර අවට සිටින ලේනුන් දෙතුන් දෙනෙකුම ඔහු ලඟට පැමිණීම සුලඹ දසුනකි. ලයනල් කරාතේ ඉගෙන ගත්තේ නන්ද සිරිවර්ධනගෙනි. කුංෆු ඉගෙන ගත්තේ සීවලී ගුරුතුමා ගෙනි. මෙම පන්ති හොරණ සහ බොරැල්ලේ පැවැත්විණි.

මේ වනවිට ලයනල්ගේ මව දෙවැනි විවාහයෙන් දියණියන් තිදෙනෙකු බිහිකල අතර ඔවුන් නම් චූලා දමයන්ති, අනෝමා දමයන්ති සහ ශිරානිය. ඒ අනුව ලයනල්ගේ පවුලේ සොයුර සොයුරියන් සංඛ්‍යාව ලයනල් සමඟ පහකි. අපොස සාමාන්‍ය පෙළ හොදින් සමත්විමෙන් පසු ලයනල් සහ සුනිල් යන පුතුන් දෙදෙනා මව විසින් හොරණ නිවසට කැදවාගෙන ආවේ වැඩිදුර උසස් අධ්‍යාපනය ලබාදෙන්නටය. ඒ අනුව හොරණ විද්‍යාරතන විද්‍යාලයට ඇතුළුවූ ලයනල් වාණිජ විෂය ධාරාව හැදෑරීය. මුළු පවුලටම ආර්ථික දුෂ්කරතා රැසක් කෙටි කලකින් උද්ගත වූයේ ලයනල්ගේ මව දරුවන් 5 දෙනෙකු සමඟ යළිත් තනිවීමෙනි. ලයනල් සහ සුනිල් මල්ලී හොරණ නගරයේ මත්පැන් අළෙවිසැලක් අසළ කඩල විකිණීමට ගියේ ජීවනබරට තල්ලුවක් දෙමිනි. ඉදහිට කුලීවැඩටද ගියේය. කේටරින් වැඩවල නිරතවූ මවද පොළේදී එළවළු අළෙවි කිරීමට සහ කඩල විකිණිමටද ඉඩ ඇති අවස්ථාවන්හිදී එක්වූවාය.

හොරණ විද්‍යාර්ථ විද්‍යාලයේ උසස් පෙළ ඉගෙනුම ලබමින් සිටියදී 1978දී ජවිපෙ දේශපාලන පන්තිවලට සහභාගිවු අතර ඒ වන විට ඔහුට අවුරුදු 16කි. ජවිපෙ වෙනුවෙන් ඔහුට කොක්ක ගැසුවේ හොරණ විද්‍යාර්ථ විද්‍යාලයේ ජේෂ්ඨ සිසුවෙකු වූ යාගල පදිංචි ජයසිරිය. හොරණ ශිලරත්න පාරේ පිහිටි ජවිපෙ කාර්යාලයේදී ලයනල්ට ජවිපෙ දේශපාලන පන්ති පවත්වන ලද්දේ යටියන්තොට චන්ද්‍රසිරිය. කොළඹ සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ 1979/80 සභාපතිවරයාවූ යටියන්තොට චන්ද්‍රසිරි එහි විද්‍යාපීඨ සිසුවෙකුවූ අතර 1982දී උපාධිධාරියෙකු වශයෙන් පිටවිය. ජවිපෙ ජනාධිපතිවරණයට තරඟකර 1982 පරාජයට පත්වීමෙන් පසු ජවිපෙන් ඉවත්වූ චන්ද්‍රසිරි වර්තමානයේ ව්‍යාපාරිකයෙකි. ලයනල් රණසිංහ ජවිපෙට එක්කිරීමට හවුල්වූ අය අතර තවත් ප්‍රමුඛයින් දෙදෙනෙකු වන්නේ කොළඹ වෛද්‍ය පීඨයේ සිසු හොරණ මූණගම පදිංචි නිහාල් අබේසිංහ සහ පොකුණුවිට පදිංචි තිලක්ය. වෛද්‍ය නිහාල් අබේසිංහ වර්තමානයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍ය විශේෂඥයෙකු වශයෙන් විදේශයක සේවය කරනු ලබයි.

ජවිපෙට පූර්ණකාලීනයෙකු ලෙස ලයනල් සම්බන්ධවන්නේ 1981දීය. අප්‍රේල් 5 විරු සමරුවක් 1981 අප්‍රේල් 2වැනිදා කළුතර නගර ශාලාවේදී ජවිපෙ ලේකම් ලයනල් බෝපගේ ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර රෝහණ විජේවීර පිළිගැනීමට එහිදී රතු භටයෙක් ලෙස රාජකාරි කළේද ලයනල් රණසිංහය. එහි පසක යෝධ පුවරුවක සටහන්වූයේ ‘’බැඳ දැම්මත් අප අත් යදම් වලින් නැගිටිනවා සිකුරුයි.... ගිගුම් දෙමින් මව්බිම සුරකින රතු බල සේනා මැදින් අපි එනවා...’ යන්නය. විරු සමරුවේ තමා සිටින ඡායාරූප නිවසට ගෙනවිත් පවුලේ අයටද බලන්නට දුන්නේය. ලයනල්ගේ මව පුතාගේ දේශපාලන කටයුතු පිළිබඳව බියපත්ව සිය සොහොයුරාට අයත් කැකිරාවේ හේනකට ලයනල් යැවූවද ඔහු ගොවියෙකු වශයෙන් ජීවිකාව ගෙන ගියේ වසරකට අසන්න කාලයක් පමණි. පෞද්ගලික ආරක්ෂක සමාගමක ආරක්ෂක නිලධාරියෙකු ලෙස පසුව සේවය කළේය. යළිත් හොරණට පැමිණ 1984දී බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පොළේ එළවළුද සෙසු දිනයන්හිදී රටකජුද විකුණූ ලයනල් ජවිපෙ පුර්ණකාලීන දේශපාලනයට 1986දී එක්වන්නේ බටගොඩ ගමගේ ජයවර්ධන මගිනි. යුධහමුදා ස්වෙච්ඡා බලකායට බැදීම සඳහා ලයනල් වරෙක සම්මුඛ පරික්ෂණයට ගිය අතර ඒ සඳහා තෝරාගැනීමෙන් පසු රපෝර්තු කරන ලෙසට ලිපියක්ද 1987 මැයි 6වැනිදා ලැබිණි. එහෙත් එම දිනයේ ඔහු ජවිපෙට අරමුදල් රැස්කිරීම සඳහා කල මංකොල්ලකෑමක් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවේ පසුවිය.

ලයනල් රණසිංහ ඇතුළු 5 දෙනෙකු ජවිපෙට අරමුදල් සපයා ගැනීම සඳහා කල මංකොල්ලයකදී 1987 අප්‍රේල් 12 හොරණ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි. හදුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා බන්ධනාගාරයේ සිට ඔවුන් ගෙනයන විට බොල්ගොඩ පාලම අසළදී ජේලර්ලාට පහරදී පළාගියේ පිටතින් ලැබුණ ජවිපෙ සහායද සමඟිනි. පොලිසිය ලයනල් අත්අඩංගුවට ගැනිමට නිවසට පැමිණි අතර ඒ වන විටද ඔහු නිවසින් පැන ගොස් තිබිණි. ඉන් පසු ලයනල් නිවසට මව බැලීමට ආවේ ඉදහිටය. ලයනල් හමුවීමට නිවසට එන ජවිපෙ කළුතර දිස්ත්‍රික් සාමාජිකයෝද ඉන් පසු නිවසට පැමිණියේ නැත.

අවි පුහුණව සඳහා ජවිපෙ අවි පුහණු කඳවුරු කිහිපයකින්ම ලයනල් පුරුදු පුහුණු වී සිටියේය. ප්‍රථමයෙන් 1986 දෙසැම්බර් 13වැනිදා බදුල්ලේ බඹරකන්දේදී සතියක පුහුණුවක්ද, 1987 අප්‍රේල් 12 වැනිදා ශ්‍රීපාද අඩවියේදී සතියක අවි පුහුණුවක්ද 1988 මාර්තු 17වැනිදා රත්නපුර කුරුවිට ශ්‍රීපාද අඩවියේදී නැවත වරක් අවි පුහුණුවක්ද ලබා ගන්නා ලදී. මෙහිදී කටුනායක ගුවන් හමුදා කඳවුරේ ආකෘතියක් තනා එයට පහරදී යටත් කරගෙන අවි පැහැර ගැනිමේදී පෙරහුරුවක්ද පවත්වන ලදී. මෙහිදී හමුදාවෙන් පළා ආ ජවිපෙ සාමාජිකයින් විසින් යුධ පුහුණුව ලබාදුන් අතර ඔත්තු බලන ආකාරය, වෙඩිතැබීම ඇතුළු බොහෝ දෑ උගන්වනු ලැබීය. මෙම පුහුණුව අවසානයේදී ජනතා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ජවිපෙ වෙනුවෙන් ලාංකීය නිර්ධන පන්තියේ විප්ලවය සඳහා ඕනෑම කැපවීමක් හා පරිත්‍යාගයක් කර ජනතාව වෙනුවෙන් සටන්කරන බව පුහුණුව අවසානයේදී සියල්ලෝම ප්‍රතිඥා දුන්හ. ජවිපෙ 1983 ජුනි 30 රජය මගින් තහනම් කලද ඒ සඳහා නිවැරදි දර්ශනයක් සහ නිවැරදි නායකත්වයක් ඇති බැවින් ඕනැම පරිත්‍යාංගයක් සහ කැපකිරීමක් සිදුකිරීමට සූදානම් බැවින් පක්ෂය ගන්නා ඕනෑම තීන්දුවකට එකඟ වන බවද ඔවුහු එහිදී සපථ කළහ.

ජවිපෙ විසින් මෙවැනි වනගත පුහුණු කඳවුරු රැසක් 1986 සිට ලංකාව පුරා පවත්වාගෙන ගියේය. වනගත පුහුණු කඳවුරු සඳහා සුදුසුම තැන ජවිපෙට සොයාබලා තෝරාදෙන ලද්දේ ආතර් සහ බලංගොඩ වැලිපොතයායේ උපන් පියතිලක නොහොත් වනරාජා විසිනි. ආතර් 1990 මුල් භාගයේදී කල්තොට දියමින්නේදී ජවිපෙම වනගත පිරිසක් විසින් ක්‍රමන්ත්‍රණකාරීව ඝාතනය කල අතර පියතිලක වර්තමානයේ ලුණුගම්වෙහෙරේ ජීවත්වේ. ජවිපෙ විසින් හමුදා සහ පොලිස් ගණනාවකට පහරදී අවි ලබාගැනීමේ ප්‍රහාර ගණනාවකටම ලයනල් ඉදිරි පෙළ ක්‍රියාකාරිකයෙකු වශයෙන් සහභාගි විය. මෙම ප්‍රහාරයන්හිදී ලයනල් ඇතුළු ජවිපෙ කැරළිකරුවන් විසින් එම කඳවුරුවල නවීනතම අවි පැහැරගැනීමට සමත් විය. පක්ෂයට අරමුදල් රැස්කිරීම සඳහා කොල්ලකැමට ගිය කැරළිකරුවන් කිහිප දෙනා අතර ලයනල්ද ඉදිරියෙන්ම සිටියේය. ජවිපෙ දේශපාලන සිරකරුවන් මුදා ගැනීම සඳහා 1988 දෙසැම්බර්13 වැනිදා මැගසින් බන්ධනාගාරයට පිටතින් සහ ඇතුළතින් ප්‍රහාරය එල්ලකර ජවිපෙ රැඳවියන් 221ක් මුදවා ගැනීමේදී ලයනල් වැදගත් මෙහෙයක් ඉටු කළේය. ලයනල් 1986 සිට 1989 දක්වා කාල සීමාවේ නැවතී සිටියේ කළුතර දෙදිවල, පිලියන්දල එස්.ඕ.එස් ගම්මානය, හොරණ, පිලියන්දල දම්පෙ, නාරහේන්පිට පොල්හේන්ගොඩ, නුගේගොඩ දෙල්කඳ ඇතුළු ස්ථාන කිහිපයකි.

ජනකාන්ත සිනමා නළුවෙකුවන මහජන පක්ෂයේ නායක විජය කුමාරතුංග 1988 පෙබරවාරි 16 වැනිදා පස්වරු 12.20ට නාරහේන්පිටදී ඝාතනය කළේද ලයනල් රණසිංහ විසිනි. එසේ විජය කුමාරතුංග ඇතුළු 41දෙනෙකු ලයනල් අවසානයේදී ඝාතනයකර තිබිණි. ඉන් කිහිප දෙනෙකු මෙසේය. එජාප මහලේකම් නන්දලාල් ප්‍රනාන්දු 1988 මැයි 20 දහවල් 11.30ට ඝාතනය කළේ ටී.56 තුවක්කුවකින් අමුතුම ආකාරයකිනි. ලෑලි පෙට්ටියක තුවක්කුව සඟවා එය උඩින් ලි කුඩු දමාගෙන පාපැදියක බැදගෙන පැමිණියේය. වැල්ලවත්ත අනුලා මාවත අසළ කඩයක් ඉදිරිපිට පාපැදියේ රෝදයක හුලං බැස ඇතැයි එහි නතරකල ලයනල් සංඥාව ලැබෙන විට පෙට්ටියෙන් ස්වයංක්‍රීය ගිණි අවිය රැගෙන නන්දලාල් ප්‍රනාන්දු නිවසින් පිටත්ව අනුලා මාවතින් වැල්ලවත්ත මාර්ගයට වාහනය දමනවාත් සමඟම වෙඩිතබා එහි සිටි තවත් කැරළිකරුවෙකු පදවාගෙන පැමිණි යතුරුපැදියෙන් තුවක්කුවද රැගෙන පළා ගියේය. කොළඹ සරසවියේ උපකුලපති මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර 1989 මාර්තු 9වැනිදාද, ඇමති වීරසිංහ මල්ලිමාරච්චිගේ පුත් කොළඹ නාගරික මන්ත්‍රී ජයන්ත මල්ලමාරච්චි 1989 පෙබරවාරි 15 මැතිවරණයදා මට්ටක්කුලියේදීද, එජාප නාගරික මන්ත්‍රීවරුන් වූ ලෙස්ලී රණගල බොරැල්ලේදීද, කිරිවත්තුඩුවේ ග්‍රාමෝදය මණ්ඩලයේ සභාපති, ජේෂ්ඨ සහ කණිෂ්ඨ පොලිස් නිලධාරින් කිහිපදෙනෙකු, එජාප ජාතික සේවක සංගමයේ වරාය ඇතුළු ස්ථාන කිහිපයක ඉහළ පෙළේ නිලධාරින් තිදෙනෙකු, ඉන්දියාවේ මුල්පෙලේ ව්‍යාපාරිකයන් 2ක් ඇතුළු පිරිසක් එයට අයත්වූහ.

ආරක්ෂක අංශ මගින් කියා සිටියේ ලයනල් ඝාතන 43ක් සිදුකල බව වූවද එජාප සභාපති හර්ෂ අබේවර්ධනගේ සහ ප්‍රචණ්ඩ ක්‍රියා මර්දන කොට්ඨාශයේ අධ්‍යක්ෂක ජේෂ්ඨ පොලිස් අධිකාරි ටෙරන්ස් පෙරේරාගේ ඝාතන සිදුකළේ ඔහු විසින් නොවේ. එජාප සභාපති හර්ෂ අබේවර්ධන 1987 දෙසැම්බර් 23වැනිදා ඝාතනය කළේ බෙලිඅත්තේ ගුණසේන වර්ණපටබැඳි නොහොත් බෙටාය. පොලිසිය ඒ සම්බන්ධයෙන් චෝදනා කලේ ලයනල් රණසිංහ සහ පිළියන්දල ලසන්ත විජේවර්ධන නොහොත් ඩොනල්ඩ්ටය. ටෙරන්ස් පෙරේරා 1987 දෙසැම්බර් 12වැනිදා තලංගමදී ඝාතනය කළේ මුලටියන සීනිපැල්ලේ දහනායකය. දෙයියන්දර උප තැපැල් ස්ථානාධිපතිවරයෙකු වශයෙන් සිටියදී ජවිපෙට 1979දී එක්වූ දහනායක පසුව පූර්ණකාලීනයෙකු විය. ඔහුගේ පියා ගම්බාරේ කෙනෙකි. දහනායක පනාගොඩ යුධ හමුදා කඳවුරෙන් අවි පැහැරගැනීමට යාමේදී 1989 මැයි 2 වෙඩිවැදී ඝාතනයට පත්විය.ටෙරන්ස් ඝාතනය සඳහා ඔහුගේ සහායට යතුරුපැදිය පදවාගෙන පැමිණියේ තවත් කැරළිකරුවෙකු රනිල්ය.

ලයනල්ලාගේ පවුලේ සැමට ජවිපෙ දෙවැනි කැරළි සමය වූ 1986 සිට 1989 දක්වා විවිධ තාඩන පීඩනවලට ලක්විය. අයියා ලයනල් ඉල්ලා මල්ලීවන සුනිල් ආරක්ෂක හමුදා මගින් අත්අඩංගුවට ගෙන වසර 2කට ආසන්න කාලයක් මිරිහාන පොලිසියේ කඳවුර, පැලවත්තේ රැඳවුම් කඳවුර, මැගසින් බන්ධනාගාරය ඇතුළු ස්ථාන කිහිපයක රඳවා තබාගන්නා ලදී. ලයනල් රණසිංහ අවසාන වරට පවුලේ අයෙකු හමුවූයේ මරදානේ සුමනදාස පෙරේරාගේ නිවසේදීය.

ලයනල් රණසිංහ 1989 මාර්තු 14වැනිදා කොළඹ බෞද්ධාලෝක මාවතේදී බිල්ලෙකු බවට පත්වූ කැරලිකරුවෙකුගේ මඟ පෙන්වීම අනුව පොලිස් අපරාධ විමර්ෂන අංශය මගින් අත්අඩංගුවට ගන්නා ලදී. ලයනල් මවට සිය පුතා වූ ලයනල් අවසාන වරට රහස් පොලිස් අත්අඩංගුවේදී දැකකන්නට ලැබු‍වේ 1989 සැප්තැම්බර් 27වැනිදාය. පසුව හෝමාගම පොලිසියට ගෙන ආ ලයනල් රණසිංහ 1989 ඔක්තෝබර් 03 පස්වරු 7ට ලෑන්ඩ් කෲසර් ජිප් රථයකින් පිටතට ගෙන ගිය අතර පසුව පාදුක්ක වනගත පෙදෙසකදී පසුදා අළුයම 1ට පමණ ඝාතනයට පත්විය.

ලයනල්ගේ නිවසට 1989 ඔක්තෝබර් 06වැනිදා පැමිණෙන රහස් පොලිසියේ දේශප්‍රිය සහ පාදුක්ක පොලිසියේ කණ්ඩායමක් විසින් ලයනල් ගෙදර ආවාදැයි ප්‍රශ්න කර තිබිණි. ලයනල්ගේ මව 1989 ඔක්තෝබර් 10 වැනිදා රහස් පොලිසියට ගිය විට ලයනල් එහි නොසිටි අතර වැලිකඩ බන්ධනාගාරයට ගොස් බලන්නැයි දැනුම් දුන්නේය. රහස් පොලිසියේ 4වැනි තට්ටුවේ මාස 6ක කාලයක් රඳවාගෙන සිටි ලයනල් 1989 ඔක්තෝබර් 3වැනිදා තමාගේ භාරයේ සිට පැනගිය බවද ඔහු සෙවීමට වෙනම කණ්ඩායමක් යොදා තිබූ බවද නිමල් වාකිෂ්ඨ විශේෂ ජනාධිපති කොමිසම හමුවේ කියා සිටියේය. රහස් පොලිසියේ සිරකරුවන් භාරව සිටි පොලිස් පිරික්ෂක යූ. ඒ පියසේන කොමිසම හමුවේ ප්‍රකාශකර සිටියේ 1989 සැප්තැම්බර් 28දා රාත්‍රී පොලිස් පරික්ෂක වාකිෂ්ඨ විසින් 4 වැනි තට්ටුවේ රඳවා සිටි ලයනල් රණසිංහ රැගෙන යනවා තමා සියසින්ම දුටු බවය. මෙසේ රැගෙන ගිය සැකකරුට වෙඩිතබා ටයර් මත දමා පුළුස්සන ලද බැව් එම ගමනට සහභාගිවු එක් නිලධාරියෙකුගෙන් තමාට දැන ගන්නට ලැබුණු බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

විජයගේ ඝාතනයෙන් පසු ඔහුගේ බිරිඳ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජීවිතාරක්ෂාව පතා 1988 මැද භාගයේදී රටින් පිටවිය. ඇය යළි 1992දී සිය රටට පැමිණ පසුව 1994දී ජනාධිපති තනතුරටද පත්වූවාය. සිය සැමියාගේ ඝාතනය පිළිබඳ විශේෂ ජනාධිපති කොමිසන් සභාවක් 1995 පෙබරවාරි 16වැනිදා පත් කලේය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පද්මනාදන් රාමනාදන්ගේ සභාපතිත්වයෙන් යුත් එම කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයින් වූයේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු සරත් නන්ද සිල්වා සහ කොළඹ මහාධිකරණයේ විනිසුරු ධර්මසිරි ජයවික්‍රමය. රාජ්‍ය පරිපාලන සේවයේ උපාලිද සිල්වා කොමිසමේ ලේකම්වරයා වශයෙන් කටයුතු කල අතර එහි සහකාර ලේකම්වරයා වූයේ එඩ්වඩ් ගීගනගේය.

කොමිසමේ සාක්ෂි විභාගය 1995 අප්‍රේල් 14වැනිදා ආරම්භ කරන ලද අතර එය 1995 දෙසැම්බර් 15වැනිදා දක්වා මාස 08ක් සාක්ෂි විභාග කරන ලදී. කොමිසම ඉදිරියේ පුද්ගලයින් 72ක් සාක්ෂි දුන් අතර එම සාක්ෂි පිටපත වෙළුම් 15කින් සහ පිටු 3,441කින් සමන්විත විය. ජනාධිපති කොමිසම් සභාව විසින් පවත්වන ලද පරීක්ෂණයේ සම්පූර්ණ වාර්තා 1996 පෙබරවාරි 29වැනිදා භාර දෙන ලදී. 
අනතුරුව සහකාර පොලිස් අධිකාරි චන්ද්‍රා වාකිෂ්ඨ සහ අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුවේ එවකට සිටි අධ්‍යක්ෂ චන්ද්‍රසේන ජයවර්ධන හෙවත් චන්ද්‍රා ජයවර්ධන යන දෙදෙනාට එරෙහිවද නඩු කටයුත්තක් ක්‍රියාත්මක විය. කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ප්‍රනාන්දු 2002 ඔක්තෝබර් 23වැනිදා ඔවුන් දෙදෙනා නිදහස් කළේය.

ඝාතනයට ලක්වන විට ලයනල් අවිවාහකයෙකි. වසර 2ක කාලයක් අනේකවිධ වධබන්ධන වලට ලක්ව ජීවත්වීමට වාසනාව ලැබූ සොහොයුරා සුනිල් රණසිංහ වර්තමානයේ ත්‍රීරෝද වෘත්තියේ නිරතවන අතර කේටරින් සේවයේද යෙදේ. නැගණියන් විවාහකය. ලයනල්ගේ සුළු පියාද 1985දී මියගොස් තිබිණි. ජවිපෙ නියෝජනය කරමින් 90 දශකයේදී හොරණින් පළාත් පාලන ඡන්දයකදී අපේක්ෂිකාවක්දවූ ලයනල්ගේ මව 2006 දි ජීවිතයෙන් සමු ගත්තාය.. 

ඡායාරූප : විජය ඝාතනය කල ලයනල් රණසිංහ 1985 සහ 1989 අත්අඩංගුවට ගැනිමෙන් පසු. දකුණු පස සිටින්නේ එම ඝාතනයට යතුරු පැදිය පැදවූ ටාසන් වීරසිංහය..


ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

කුසල් Match එකෙන් පස්සෙ මෙහෙම කියනවා.. "



කුසල් Match එකෙන් පස්සෙ මෙහෙම කියනවා.. " කුසල් අයියේ, බැට් එකෙන් බැරි නම් බෝලෙට ඇඟ හරි මම අල්ලනවා.. අවුට් වෙන්නෙනම් නැහැ.., උබට පුලුවන් දෙයක් කරපන්.." විශ්ව මෙහෙම කියපු එක මට ලොකු හයියක් වුණා, සිංගල් එක දාලා සයිඩ් එක දෙන්න.. විශ්ව කලේ ලොකු වැඩක්.. එයා අවුට් වුණා නම් මැච් එක ඉවරනේ..මම දන්නෑ එයා බෝල් කීයකට ෆේස් කලාද කියලා, ඒ කීයක් වුනත් ඒවා වටිනවා.. මාර වටිනවා.. ඒවා මගේ ලකුණු වලටත් වඩා වටිනවා.. මෙන්න මේකට තමයි ශුද්ධ සිංහලෙන් අැම්ම කියන්නේ, ගැම්ම කියන්නේ, රුදාව කියන්නේ.. සුද්දෝ මේකට කියන්න Passion එක කියලා. මේක තමයි අපේ පහුගිය කාලේ තිබ්බෙ නැත්තෙත්. මට තනි නැහැ ගේම ගහන්න fit කොල්ලෙක් එහා පැත්තෙ ඉන්නවා කියන්නෙ එ්ක පට්ටම kick එකක්. Heart එකට හෙන Punch එකක් වැදුනා වගේ. වැඩ්ඩො නවයක්ම අාපහු හැරිලා ගිහින් බංකුවෙ වාඩි වෙලා ඉද්දි ඔළුව බිමට කඩලා දාගන්නෙ නැතුව. සිංහලෙන් කියනවනම් Head Down කරගන්නෙ නැතුව ඉන්න, විශ්ව එ් කියපු වචන ටිකම අැති. පහුගිය කාලේ වෙචිච පරාජයන් වලට හේතුවත් එ්ක. කණ්ඩායම් කැක්කුම ( සුද්දො කියන්නේ Team Spirit එක). මේක කලින් තිබ්බෙ නැහැ. මේක දිනුවා කියලා ලෝකය දිනුවා වෙන්නෙ නැහැ. එ්ත් ඉස්සරහට යන්න මේක හොද කිචි කැවීමක්. Motivation එකක්. අැඟේ මයිල් කෙලින් වෙනවා නේද. සුද්දො කියන විදිහටනම් Nail biting case එකක්. 
නිලන්ත සත්සර ගමගේ

ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

ඩුබායි මෙහෙයුම නොකරානම් STF ලෝක්කන් 300 වසදි මරන්න මදුෂ් සුදානම්ව ඉදලා Sriavtvnetwork news

ජ.වි.පෙ තක්කඩි ලෝයර් අමල් වෙනුවෙන් කියා මදූෂ් වෙනුවෙන් ගිය හොර ගමන. ==================================== 

ඩුබායි මෙහෙයුම නොකළා නම් එස්ටීඑෆ් 300 ක් වස දී මරා දාන්න මධූෂ් සැලසුම් කර තිබුනා; මධූෂ් වැටලීමේ සත්‍ය කතාවේ තවත් කොටසක්..! -චන්ද්‍රප්‍රදීප් ලියයි- (ලංකා ඊ නිව්ස් -2019.පෙබ.15, ප.ව.12.10) ඩුබායි වලට බැස මාකඳුරේ මධූෂ් ඉක්මන් කර අල්ලා නොගත්තා නම් ඔහු එස්ටීඑෆ් භටයන් 300 ක් එකවර මරා දැමීමට සැලසුම් කර තිබූ බව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ. පාතාල නායකයෙකු වූ මධූෂ් ප්‍රභාකරන් වැනි දේශපාලන අරමුණක් සහිත ත්‍රස්තවාදීන් මෙන් ආරක්ෂක අංශවල විශාල පිරිසක් ඝාතනය කරන ත්‍රස්ත ක්‍රියාවකට සැලසුම් යොදා ඇත්තේ ඔහුගේ මොළය වන් හේවාසුදු අකුරගේ මානෙල් රෝහණ හෙවත් තිලක් නමැත්තා එස්ටීඑෆ් භටයන් විසින් ඝාතනය කිරීමට පළි ගැනීමක් ලෙසය. කඹුරුපිටියේ හොරපාවිල උපන් මානෙල් රෝහණ හෙවත් තිලක් 2018 ජුනි මාස‌යේ දී මාතර අකුරැස්සේ විල්පිට රක්ෂිතය අසලදී එස්ටීඑෆ් භටයන් විසින් පසුපස හඹා විත් වෙඩි තබා ඝාතනය කර තිබිණ. එස්ටීඑෆ් ඔත්තුකරුවන්ට ඔත්තුව ලැබී තිබුනේ එම ත්‍රීවීලර් රථයේ එන්නේ මධූෂ් කියා ය. නමුත් ප්‍රහාරයෙන් පසු බැලූ විට මිය ගොස් තිබුනේ තිලක් නමැත්තාය. පසුව සොයා බැලූ විට දැනගන්නට ලැබුණේ මධූෂ් සිදුකළ සියළුම ප්‍රහාර මත්ද්‍රව්‍ය ගණුදෙනු වල පසුබිමේ සිටි සාර්ථක සැලසුම් කරුවා වී හිඳ ඇත්තේ තිලක් බවයි. තිලක්ට පහර දී මරා දැමීමත් සමග මධූෂ් වියරු වැටී ඇති අතර ඊට පළි ගැනීම් වස් එස්ටීඑෆ් හි භටයන් 300 ක් එකවර මරා දැමීමට සැලසුම් දියත් කර ඇත. වස දීම ------------------------- සැලසුම වී ඇත්තේ දකුණේ ඇති එස්ටීඑෆ් කඳවුරු 3 ක ආහාර වලට එකවර වස මිශ්‍ර කර 300 ක් මරා දැමීම ය. ඒ සඳහා කඳවුරු 3 ක අරක්කැමියන් මුදලට ගැනීමට සැලසුම් දියත් කරනවාත් සමගම පාහේ ඒ බව එස්ටීඑෆ් කොමඩාන් ලතීෆ් ට ඒ බව ආරංචි වී අදාල ආරක්ෂක ක්‍රියාමාර්ග ගෙන තිබේ. මධූෂ් එනතුරු බලා නොසිට ඔහු සිටින තැන සොයා ගොස් පහර දී විනාශ කිරීමට එස්ටීඑෆ් ප්‍රධානියා තීන්දු කර ඇත්තේ ඉන් අනතුරුව ය. ඒ වන විටත් රාජ්‍ය මට්ටමින් මධූෂ් ගෙන්වා ගැනීම සඳහා ඉන්ටර්පොල් රතු වරෙන්තු පවා ලබා ගෙන තිබිණ. දාවුද් ඊබ්‍රාහිම් කව්ද මධූෂ් කව්ද ------------------------- එවක පොලිසිය බාර ඇමැති සාගල පොලිස්පති පූජිත ඇතුළු කණ්ඩායමට එස්ටීඑෆ් කොමඩාන් වරයා කරුණු පැහැදිලි කර දී ඇත්තේ ඉන්ටර්පොල් වරෙන්තුව පලක් නොවන බවයි. බොම්බායේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ල කළ ප්‍රහාරයට වග කිව යුතු යැයි පැවසෙන දාවුද් ඊබ්‍රාහිම් සහ ඔහුගේ ඩී කොම්පැනි නායකයන්ට ඉන්දියාව රතු වරෙන්තු නිකුත් කර තිබුනද ඔවුන් සැඟව සිටින්නේ ඩුබායි නගරයේ ය. කින්ග්ෆිෂර් ගුවන් සේවාවේ සල්ලි බිලියන ගණනින් වංචා කළ වංචනිකයන් සැඟව ඉන්නේ ඩුබායි නගරයේ ය. ඔවුන්ට එරෙහිවද ඉන්ටර්පොල් රතු වරෙන්තු නිකුත් කර තිබේ. එපමණක් නොව චීන පාතාලයන්ද වැඩි පිරිසක් සිය ආරක්ෂාව පතා සැඟවෙන්න යන්නේ ඩුබායි වෙත ය. චීනය ඉන්දියාව ආදී බලවතුන් රතු නිවේදන නිකුත් කළද ඒ කිසිවෙකු හෝ ඩුබායි රාජ්‍ය ලෙහෙසියෙන් පිටුවහල් කර නැතිනම් ලංකාව වැනි පුංචි දූපතේ මධූෂ් වැන්නෙකුට එරෙහිව අප රතු වරෙන්තු ලබා ගත්තා කියා ඩුබායි විසින් මධූෂ් ලංකාවට එවනු ඇතැයි බලා සිටීම අනතුරක් බව එස්ටීඑෆ් කොමඩාන් ලතීෆ් සාගල පූජිත ඇතුළු පිරිසට කරුණු පැහැදිලි කර දී ඇත. එසේ නම් කුමක් කරම්දැයි විමසූ විට ලතීෆ් තම අරමුණ මධූෂ් එනතුරු බලා නොසිට ඔහු සිටින තැන සොයා යෑම යැයි අවධාරණය කර තිබේ. පොලිසියටත් නීති කඩන්න සිදුවීම ------------------------- ඒ වන විට ලංකාවට පැමිණීමට නියමිතව සිටි ඩුබායි විදේශ ඇමැතිවරයාටද මේ බව පවසා ඔහුගේ සහාය ලබා ගැනීමට සාගල ඇමැතිවරයා කටයුතු යොදා ඇති අතර ලතීෆ් සහ පිරිස ලංකාවේ සිටින ඩුබායි තානාපතිවරයා හමුවී මධූෂ් සහ පාතාල ක්‍රියාකාරකම් ගැන කරුණු පැහැදිලි කිරීමක්ද සිදුකරන ලදී. ඉලංගකෝන් පොලිස්පතිවරයාව සිටියදී ඩුබායිහි පැවැති සමුළුවකදී ලතීෆ් විසින් එරට කුමාරයෙකු සමග සබඳතා ගොඩ නගාගෙන තිබීමත් ඔහු මුස්ලිම් ජාතිකයෙකු වීමත් අතිරේක වාසියක් විය. එරට පොලිසියට භාෂා පරිවර්තනයෙන් සහාය වන ලාංකික මුස්ලිම් ජාතිකයන් පිරිසක් සමගද ලතීෆ් සබඳතා ගොඩ නගාගෙන තිබිණ. මේ කරුණු සිදුවෙද්දී එස්ටීඑෆ් කොමඩාන් විසින් හොර රහසේම තම රහස් ඔත්තුකරුවන් දෙදෙනෙකු ඩුබායි වෙත පිටත් කරන ලද්දේ ය. ඔවුන්ට අවශ්‍ය මුදල් ලබා දී ඇත්තේ නීතියට අනුගත නොවන උණ්ඩියල් ක්‍රමයෙනි. ජාතික අරමුණු වෙනුවෙන් පොලිසියකට වුව නීතියට පිටින් ක්‍රියා කිරීමට සිදුවන අවස්ථා පිළිබඳ එය හොඳ උදාහරණයකි. වෙනත් රටක් තුලට ගොස් එරට සිටින අපරාධකරුවෙකු අල්ලා ගෙන ඒම හෝ පහර දීම ලෙහෙසි පහසු වැඩක් නොවනවා සේම ඒ රට ආරක්ෂක අංශද ඊට කැමැත්තක් දක්වන්නේ නැත. ඒ සියළු බාධක ජයගෙන අවසානයේ මාකඳුරේ මධූෂ් නමැති ප්‍රධාන ඉලක්කය කරා ලඟ වූ එස්ටීඑෆ් කණ්ඩායමට ඔහු පමණක් නොව ලාංකීය පාතාලයෙන් සියේට 90 ක් පමණ වූ නායකයන් තොගයක්ද ඩුබායි අත් අඩංගුවට අරන් දීමට හැකියාව ලැබිණ. ඇස්සෙන් මිස් වූ දෙන්නා ------------------------- වාර්තා වන අන්දමට ඇස්සෙන් මිස් වූ තවත් අපරාධකරුවන් දෙදෙනෙකු වෙති. එකෙකු නම් මධූෂ්ට ඩුබායි පැනීමට උදව් උපකාර කළ ලක්ෂ්මන් යාපාගේ වැඩිමහල් පුත් ඔසඳ යාපා ය. අනෙකා අන් කවරෙකු හෝ නොව පොලිස්පතිවරයාද, මහින්ද රාජපක්ෂද ඇතුළු රටේ ප්‍රධාන පෙළේ සැවොම සමග පාහේ පින්තූර වලට පෙනී හිඳිමින් ඒ පින්තූර ප්‍රචාරය කරමින් තම පාතාල ක්‍රියාකාරකම් වලට වාසි අත් පත් කරගන්නා කැරොකේ වසන්ත හෙවත් ක්ලබ් වසන්ත හෙවත් සන්හිල් වසන්ත ය. සන්හිල් වසන්තට මධූෂ්ගේ පාටියට සහභාගි වීම සඳහා ඩුබායි යෑමට ගුවන් යානය වැරදී තිබේ. ගණිකාවන් 3000 ක් හයර් කරන වසන්ත ------------------------- වසන්ත ගැනද කෙටියෙන් හෝ සටහනක් තැබිය යුතුය. මත්ද්‍රව්‍ය ජාවාරමට අමතරව ඔහුගේ ප්‍රධාන ජාවාරම වන්නේ ගණිකාවන් සැපයීමේ ජාවාරමයි. දුරකථන ඇමැතුමකින් රටේ ඔ්නෑම ස්ථානයකට ලබා ගත හැකි ඔහු ලඟ සිටින ගණිකාවක් ප්‍රමාණය ඇසුවොත් පුදුම හිතෙනු ඇත. එය ගණනින් 3000 ඉක්මවා ඇත. සෑම ගණිකාවකගෙන්ම දිනකට ඔහුට රුපියල් දහසක් ලැබේ. ඒ අනුව ගණිකා ජාවාරමෙන් ඔහු අවම වශයෙන් දිනකට උපයන මුදල රුපියල් 30,00,000/- ඉක්මවයි. ඔහු පොලිසියේ ඉහළ නිලධාරීන් ගෙන්වා පාටි දැමීමට තවත් හේතුවක් වන්නේ ඔහු සමග හිඳින ගණිකාවන් ඔහු හැර යෑම වළක්වා බියට පත් කිරීමට ය. පාතාල නීතිඥයාගේ රෙදි ගැලවේ ------------------------- මේ අතර නීති ලෝගුවෙන් සහ සමාජවාදයෙන් තම පාතාල දිවිය වසාගෙන සිටි උදුල් ප්‍රේමරත්න නමැති තක්කඩියා මධූෂ් ඇතුළු පාතාලයන්ගේ සහායට ඩුබායි යෑම ලංකා ඊ නිව්ස් කළ හෙළිදරව්වෙන් පසු වසන් කළ නොහැකි දෙයක් වී තිබේ. මුලදී ගායක අමල් වෙනුවෙන් ඩුබායි ගියා යැයි බොරු කී උදුල් ලංකා ඊ නිව්ස් පුවතින් පසු ඉංග්‍රීසි පුවත්පතකට කියා ඇත්තේ ඔහු දැන් ඩුබායි තිබෙන ලංකාවේ කොන්සල් කාර්යාලයෙන් අවසර ලබා ගන්නා බවයි. ඔහු අවංකව ගියා නම් අමල්ගේ නිල නීතිඥයා ශාබ්දික මෙන් යෑමට ප්‍රථම අවසර පැතිය යුතුය. ඒ කතා බොරුය. උදුල් නම් පාතාලයා ඩුබායි ගියේ මධූෂ් ඇතුළු පාතාලයන් පිරිස කෙසේ හෝ හමුවී ලංකාවේ මේ වන විට නන්නත්තාර වී සිටින අනෙකුත් පාතාල ගෝල බාලයන්ට අවශ්‍ය පණිවුඩය ගෙන ඒමට ය. ඒ සම්බන්ධීකරණය තමන් හරහා පවත්වා ගනිමින් පාතාල නායකත්වයේ ඊලඟ අඩිය ඉදිරියට තැබීමට ය. උදුල් ප්‍රේමරත්න නමැත්තා ගැන ලංකා ඊ නිව්ස් කළ හෙළිදරව්වෙන් පසු දිවයින පුරා සිටින විවිධ තරාතිරමේ මිනිසුන්ගෙන් කාන්තාවන්ගෙන් පමණක් නොව ඔහුගේ ඥාතීන්ගෙන් පවා ඔහුගේ පාතාල සහ දූෂිත ක්‍රියාකාරකම් ගැන දිනපතා වැල නොකැඩී තොරතුරු ගලා එමින් තිබේ. ඒවා කිරා මැන බලා ඉදිරියේදී තව තොරතුරු හෙළිදරව් කරන්නෙමු. මන්ද යත් මධූෂ්ලාට වඩා සමාජයකට හානිකරන්නේ උදුල්ලා වැනි තක්කඩියන් නිසා ය. -චන්ද්‍රප්‍රදීප්-


ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

මධුෂ්ගේ ගෝලයෝ සොයා STF රට පීරති sriavtvnetwork news

මධුෂ්ගේ ගෝලයෝ සොයා STF රට පීරති..


ඩුබායි අත්අඩංගුවේ පසුවන මාකඳුරේ මධුෂ්ගේ මෙරට මත්කුඩු ජාලයේ පුද්ගලයන් හා ඔහුගේ ගෝලයන් විශාල පිරිසක් මේ වන විට පොලිසිය විසින් හදුනාගෙන තිබේ. ඒ අනුව ඔවුන් අල්ල ගැනීම සදහා පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් විශේෂ මෙහෙයුම් රට පුරා ආරම්භ කර ඇත. මේ සදහා පොලිසියේ සියලු අපරාධ මර්දන ඒකකයන්හි සහායන්ද ලබා දෙමින් තිබේ.  

ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

කැරෝකේ වසන්ත ගැන නොදන්න යමක් sriavtvnetwork news

පොලිස්පතිතුමනි, ඔබට හිටපු පොලිස්පති ආනන්ද රාජාව මතකද ? 



ඉහළ පොලිස් නිලධාරීන් අතර දැන් ජනප්‍රිය කතාවක් වන්නේ පොලිස්පති පූජිත් ජයසුන්දරට දිට්ඨධම්මවේදනීය කර්මය ඵල දී ඇතැයි යන්නයි. පොලිස්පතිවරයා විදුලි සෝපාන ක්‍රියාකරුට පහරදීමේ වීඩියෝව පමණක් නොව පොලිස්පතිවරයා කුප්‍රකට කැරෝකේ වසන්ත සමඟ සාද පවත්වන ඡායාරූප ද 'ලීක්' වීමෙන් අනතුරුව මෙම කතාව වඩ වඩාත් පැතිර ගොස් තිබේ. එහෙත් ඇත්තට ම කර්මය ඵල දී ඇත්ද ?

ආනන්ද රාජා පොලිස්පතිවරයා සේවයෙහි නියුතුව සිටියේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ජනාධිපතිවරියව සිටි කාලයේය. ඒ යුගයේ මත්ද්‍රව්‍ය ජාවාරමට සැකකෙරුණු පුද්ගලයකුගේ නිවෙසක් වටලා පරීක්ෂා කර තිබිණි. එහිදී වීඩියෝ පට රැසක් හමු වී තිබුණු අතර ඉන් එකක වූයේ පොලිස්පති ආනන්ද රාජා එකී සැකකරුවා සමඟ සාදයකට සහභාගී වී සිටින දර්ශනයි. මෙම කතාව ද පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයෙන් මාධ්‍ය වෙත ලීක් වී තිබිණි. එහි අවසන් ප්‍රතිඵලය වූයේ සේවා දිගුවක් නොලබා ම පොලිස්පති ආනන්ද රාජාට ගෙදර යන්නට සිදු වීමයි. එදා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ ප්‍රධානියාව සිටියේ පූජිත් ජයසුන්දරය. වීඩියෝවේ සඳහන් කතාව සහ ඡායාරූප මාධ්‍යයට ලීක් කිරීම ගැන එදා චෝදනාව එල්ල වුණේ පූජිත්ටය.

එහෙත් ඒ එදාය. තොරතුරු මාධ්‍යයට ගියේ කොයි ආකාරයෙන් ද යන්න පිළිබඳව එදා ජනපතිනිය වද වුණේ නැත. කතාව ඇත්ත නිසා ඇය වෙනත් පොලිස්පතිවරයකු පත් කරගත්තාය. අද තත්වය වෙනස්ය. සුළු සේවකයකුගේ කන පළන්නට පොලිස්පතිවරයා සැරසෙන ආකාරය ගැන වීඩියෝවක් රට පුරාම සංසරණය වුණත් අද පරීක්ෂණ කෙරෙන්නේ වීඩියෝව ලීක් වුණේ කොයි ආකාරයෙන්ද යන්න ගැනය. දැන් කුප්‍රකට සම්බාහන ආයතන හා ගණිකා නිවාස හිමියකු සමඟ පොලිස්පතිවරයා සාද පවත්වන ඡායාරූප පළ වී තිබියදී කාගෙත් කටේ පිට්ටුය.

පූජිත් ජයසුන්දර කයිවාරු ගහන්නේ නම් පිවිතුරු පොලීසියක් හදන්නටය. එහෙත් ඔහු ළඟින් ඇසුරු කරන්නේ අපවිත්‍ර චරිතය.

කැරෝකේ වසන්ත යනු නීතිවිරෝධී සම්බාහන මධ්‍යස්ථාන සහ ගණිකා නිවාස පවත්වාගෙන යාම පිළිබඳව චෝදනා ලබා ඇති පුද්ගලයෙකි. එපමණක් නොව එකී චෝදනා සම්බන්ධයෙන් විමර්ශන සඳහා පැමිණි උප පොලිස් පරීක්ෂකවරයකුට පහරදීම සම්බන්ධයෙන් ද චෝදනා ලැබුවෙකි. දැනට ඔහුට එරෙහිව විමර්ශන කටයුතු කෙරෙන චෝදනා ගණන 8කි. පොලිස්පති පූජිත් ජයසුන්දර පාටි දමන්නේ එවැනි චරිත සමඟය.

ලංකා නිව්ස් වෙබ් අපට ආරංචි වී ඇති ආකාරයට නම් පොලිස් කොමිසම මෙවරත් කැරෝකේ වසන්ත සමඟ සාද පැවැත්වීම ගැන අපේ වාර්තාවේ පිටපත් රැගෙන ඒවා ව්‍යවස්ථා දායක සභාවට යොමුකර තිබේ. එය පැහැදිලිව ම බෝලය පාස් කිරීමකි. ව්‍යවස්ථාදායක සභාවත් මීට පෙර කටයුතු කළ ආකාරයෙන් ම පොලිස්පති පූජිත්ව කැඳවා "ඔබතුමාම තීරණයක් ගන්න, අපි ඔබතුමාගේ තීරණය දිහා බලාගෙන ඉන්නවා"යි පවසනු ඇත.

පොලිස්පති පූජිත් ජයසුන්දර රෙදි අඳින්නේ ලැජ්ජාවට නොව පුරුද්දටයැයි අප කීවේ නිකම්ම නොවේ. ව්‍යවස්ථාදායක සභාව විසින් ඉල්ලා අස්වෙන්නැයි කියා තිබියදීත් පූජිත් ජයසුන්දර යසට මෙසේ තනතුරේ හිඳින්නේ ඔහු විලිලැජ්ජාවක් ගැන හාංකවිසියක්වත් නොදත් නිසාය. පූජිත්ව ගෙදර යැවීම සඳහා කොන්ද පණ ඇති කෙනෙකුගේ මැදිහත් වීමක් අවශ්‍ය වන්නේ එබැවිනි. එහෙත් අවාසනාවට මෙන් එවන් කොන්ද පණ ඇති චරිතයක් පේන මානයකවත් නැත.

පොලිස්පති පූජිත් ජනාධිපතිවරයා ශේප් කරගන්නේ ජනාධිපතිගේ පාර්ලිමේන්තු ලේකම්වරයා හරහාය. කැරෝකේ වසන්තලා සමඟ පාටි දමන පොලිස්පතිවරයකු රටට ලැබීමේ අභිමානයෙන් කොටසක් ඒ ලේකම්වරයාට ද හිමිවිය යුතුය.

පහත දැක්වෙන්නේ සුරෙන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ‘‘කැරොකේ වසන්ත“ පිළිබඳ අප පළ කළ ලිපියට ඔහු විසින්  සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ප්‍රතිචාර දක්වා තිබූ ආකාරයයි.






ඇඩ්මින් - kelum ( Sri Lanka )මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

මදුෂ්ගේ උපන්දින සාදයට 125 ක් ඇවිල්ලා,100ක් නිදහස් කරලා, වැටලීමේ සවිස්තරාත්මක වාර්තාව මෙන්න sriavtvnetwork news

මදුෂ්ගේ උපන්දින සාදයට 125 ක් ඇවිල්ලා,100ක් නිදහස් කරලා, වැටලීමේ සවිස්තරාත්මක වාර්තාව මෙන්න



ඊයේ ඩුබායිහිදී අත්අඩංගුවට පත් මාකඳුරේ මදුෂ් සම්බන්ධ වැටළීමේදී 125 දෙනෙකුගෙන් යුත් පිරිසක් හසුව තිබෙන බව වාර්තා විය.

ඒ මාකඳුරේ මධුෂ්ගේ අනියම් බිරියගේ දරුවාගේ උපන් දින සාදය සඳහා පැමිණි අයවයි. කළුතුෂාර නමැති මියගිය පාතාල නායකයාගේ දරවන් හා බිරිය සමග මේ කාලයේ මදුෂ් කල්ගෙවන අතර මෙම සාදය එම බිරියගේ පෙර කසාදයේ දරුවකු වෙනුවෙන් පවත්වා තිබේ.ඩුබායිහි තරුහයේ සුපිරි හෝටලයක පෙරේදා රාත්‍රි පැවති මෙම සාදයට අමල් පෙරේරා, නදීමාල් පෙරේරා,

රයන් හා සහ තරුණ ගායන ශිල්පීහු 6 ක පිරිසක් ද ඩුබායි ගොස් සිටියහ.

ඩුබායිහි සැඟ වී සිටින මාකඳුරේ මධුෂ් ඇතුළු පාතාල නායකයන් පිරිස අත්අඩංගුවට ගැනීමේ විශේෂ රහසිගත මෙහෙයුමක් පොලිස් විශේෂ කාර්ය බළකාය සහ මත්ද්‍රවය නාශක අංශය මගින් ආරම්භ කර තිබිණි.

මෙම මෙහෙයුමට එක්ව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකු ද වෙස්වලාගෙන හොර රහසේම මෙම උපන් දින සාදයට සහභාගි වී ඇත.

උපන් දින සාදය අතරතුර මාකඳුරේ මධුෂ් ඇතුළු පාතාල සාමාජිකයන් කලාකරුවන් පිරිස මත්ද්‍රව්‍ය පානය කරමින් විනෝද වෙමින් සිටි අවස්ථාවේ එහි වෙස්වලා ගෙන සිටි පොලිස් නිලධාරීන් ඩුබායි පොලිසියේ විශේෂ කණ්ඩායම කැඳවා එහි සිටි පාතාල කණ්ඩායම සහ සෙසු පිරිස අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී මෙම පාතාල ප‍්‍රබලයන් ඇතුළු පිරිස සිය පරිභෝජනයට ගෙන ආ මත්ද්‍රව්‍ය තොගයක් ද ඩුබායි පොලිසිය විසින් සොයා ගෙන තිබිණි.

මෙම සාදයට පුද්ගලයන් 125 කට අධික පිරිසක් සහභාගි වී සිටි අතර මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමට හෝ ඒවා පාවිච්චි කිරීමට සම්බන්ධ නැති පිරිස මුදා හැරීමට ඩුබායි පොලිසිය කටයුතු කර තිබේ. ඒ අනුව 100 දෙනෙකු මුදාහැර 25 ක් අත්අඩංගුවට පත්ව ඇත. මේ අතර

ශ්‍රී ලංකාව අරාබි රටවල්. සමග උදර්පන ගිවිසුම් අත්සන් කර නොමැති හෙයින් ඩුබායිහිදී අත්අඩංගුවට පත් මන්ද්‍රව්‍ය ජාවාරමිකරුවන්ගේ වීසා අවසර පත්‍රය එම රටින් අවලංගු කිරීමෙන් පසු ලංකාවට පිටුවහල් කරනු ඇති බව නීතිඥ ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා පවසයි. ඒ මහතා මේ බව

පවසා සිටියේ, ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට පවූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවට නීතිය ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න පිළිබඳ කළ විමසුමකදී ය.

මත්කුඩු සන්තකයේ තිබියදී හසුවීමේ චෝදනාව ගැන ඔහු අදහස් පළ කර නැත.

“උදර්පන ගිවිසුම් අපට අරාබිරටවල් සමග නැ. මෙහිදී පිටුවහල් කිරීමේ සංකල්පය

තමයි අදාළ වන්නේ. විදෙස් රටකට සිටියදී වීසා අවසර පතක් නිකුත් කරනවා. මෙවැනි අවස්ථාවකදී ඒ අවසර පත්‍රය ඒ රටේ අධීකාරිය විසින් අවසන් කරනවා, ඒ අයට වීසා නැතිව ඒ රටේ ඉන්න බෑ. රටින් පිටුවහල් කරනවා. අපේ ඉත්න නිලධාරින් ඒ අය අරගෙන ලංකාවට එනවා. ඒ අයට මේ අයව අත්අඩංගුවට ගන්න බෑ. ලංකාවේ ඉන්න නිලධාරීන් පිරිසක් ගුවන්තොටුපොළට ගිහින් අත්අඩංගුවට ගන්නවා.ඉන් අනතුරුව ඔවුන්ට ශ්‍රී ලංකාවේ ඇති නීතිමය තත්ත්වයන් යත් ඔවුන්ට එරෙහිව ඇති

චෝදනාවලට අනුව කටයුතු කිරීමට අවස්ථාව තිබෙනවා.

මුලින්ම ඔහුව ලංකාවට ගෙන්වා ගත යුතුයි” යැයි ඔහු පැවසීය.

කෙසේ වෙතත් වීසා නැතිව රැඳීසිටීම පමනක් නොව මත්කුඩු සන්තකයේ තිබියදී හසුවීමේ චෝදනාව අනුව

අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් සමිබන්ධයෙන් ක්‍රියාත්මක වන්නේ ඩුබායි නීතියද එසේත් නැත්නම් ඔවුන් පිටුවහල් කළ පසු ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක වීමක්දැයි පැහැදිලි කර නැත.



ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

මදුෂ් බෙරාගන්න දතකන ඇත්තා news sriavtvnetwork

මදුෂ්  බෙරාගැනිමට දත කන ඇත්තා 



ඩුබායි හෝටලයක මත්කුඩු සමග මාකන්දුරේ මධූෂ් නම් මෑත ඉතිහාසයේ මුලු රටම බියෙන් වෙලාගත් පාතාල නායකයා කොටු වීමත් සමග මංගල සමරවීර ඇමතිවරයා සහ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු කලබල වී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශයේ විස්වාසවන්ත ආරංචි මාර්ග තහවුරු කර ඇත. 
                හේමසිරි ප්‍රනාන්දු නම් ඒ දඩබ්බර මිනිසා අද කඩි මුඩියේ ඩුබායි රාජ්‍යයේ ආරක්ෂක අමාත්‍යාංශයට අමතා ඇත්තේ තමාගේ සහ තම ගජ මිතුරන්ගේ පැටිකිරිය එලි වේ යයි බියෙන් මාකන්දුරේ මධූෂ්ට ඇප හෝ නිදහස් කර ගැනීමේ අරමුනෙනි.
                   තමා සහ මංගල සමරවීර වැනි දේෂද්‍රෝහීන් කිහිපදෙනකු මාකන්දුරේ මධූෂ් හට රටින් පැන ගොස් ඩුබායි රාජ්‍යයේ ජිවත් වීමට උදව් කල බව ආරංචි වීම වසා ගැනීමට ඔහු දිවා රෑ නොබලා කටයුතු කිරීම නොඅනුමානය.

ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

එස්ටීඑෆ් කොමඩාන් විශ්‍රාම ගැනීමට විනාඩි ගාණකට කලින් කළ මාකඳුරේ මධූෂ්, කංජිපානි ඉම්රාන්, කෙසෙල්වත්තේ දිනුක සමග පාතාල බුරුත්තක් ඇල්ලීමේ මෙහෙයුමේ රහස් කතාව sriavtvnetwork news

එස්ටීඑෆ් කොමඩාන් විශ්‍රාම ගැනීමට විනාඩි ගාණකට කලින් කළ මාකඳුරේ මධූෂ්, කංජිපානි ඉම්රාන්, කෙසෙල්වත්තේ දිනුක සමග පාතාල බුරුත්තක් ඇල්ලීමේ මෙහෙයුමේ රහස් කතාව ටෙලිනාට්‍ය නළුවෙකුත් මාට්ටු
====================== 


ලංකාවේ අපරාධ රාශියකට වගකිව යුතු පාතාල නායක සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්ෂිත ‌හෙවත් මාකඳුරේ මධූෂ් නමැත්තා සහ තවත් පාතාල නායකයක් පිරිසක් ද සමග විවිධ අපරාධ වලට සම්බන්ධ 20 ක පමණ පිරිසක් අබුඩාබි පොලිසිය මගින් 4 දා රාත්‍රී අත් අඩංගුවට ගැනීමේ මහ මොළ කරුවා අන් කිසිවෙක් නොව අවසන් තත්පරයේදී සේවා දිගුවක් ලැබූ එස්ටීඑෆ් කොමඩාන් ජ්‍යෙ. නි. පොලිසිපති එම්.ආර්. ලතීෆ් මහතා වේ. ලතීෆ් මධූෂ්ව අත් අඩංගුවට ගැනීමට දැල එලා තිබුනේ මාස ගණනකට පෙර සිටය. ඒ සඳහා එස්ටීඑෆ් බුද්ධි අංශ නිලධාරීන් ඩුබායි වෙත යවා තිබූ බව පොලිස්පතිවරයා හෝ දන්නේ නැත. මන්ද යත් පොලිස්පති පූජිත සහ ඔහුගේ ලඟම නිලධාරීන් පවා මධූෂ් සමග සම්බන්ධතා පැවැත්වූ බවට සැක කෙරෙන සාක්ෂි තිබූ බැවිනි. මේ වැටලීම සිදුකෙළේ එසේ ගිය එස්ටීඑෆ් බුද්ධි නිලධාරීන් අබුඩාබි පොලිසිය සමග එක්වය. වහක් වූ පාටිය ============= මධූෂ්ලා ඩුබායි හි 4 දා රාත්‍රී පාටියක් දමා තිබුනේ සත්‍ය වශයෙන්ම ඔවුන්ගේ මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සහ වෙනත් පාතාල ක්‍රියාවන්ට හිසරදයක්ව සිටි ලතීෆ් එදින විශ්‍රාම ගන්නා නිසා එය සැමරීමට ය. ඒ සමග පාතාල නායකයෙකුගේ උපන් දිනයක්ද සෙට් වී තිබීම තවත් උත්තේජනයක් විය. වත්මන් ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුගේ ගජයා, දැනට සිරගෙදර සිටින කුඩු කින්ග්පින් වෙලේ සුදා දුරකථන මාර්ගයෙන් සිය සගයන්ට පවසා තිබුනේ පෙබරවාරි 4 වෙනිදා පසුවන තුරු මඳක් යට ගොස් සිටින ලෙසය. ඒ අන් කිසි හේතුවකට නොව එස්ටීඑෆ් කොමඩාන් ලතීෆ් විශ්‍රාම ගන්නා තුරුය. ලතීෆ් පසුගිය මාස 2 ක කාලය තුල අත් අඩංගුවට ගන්නා ලද හෙරොයින් නමැති මත්ද්‍රව්‍ය තොගයේ ප්‍රමාණය සුළුපටු නොවන මෙට්‍රික් ටොන් එකකට ආසන්න ය. ඒ අන් ඩීල්කාර නාකොටික් නිලධාරීන් මෙන් පුද්ගලයන් නැති මත්ද්‍රව්‍ය නොව පුද්ගලයන්ද සහිත මත්ද්‍රව්‍ය වීම විශේෂිත ය. පසුගිය කුමන්ත්‍රණ කාලයේ දී කිලෝ 700 ක් පමණ හෙරොයින් විශාල තොගයක් පුද්ගලයන්ද සහිතව මුහුදේ දී අත් අඩංගුවට ගත්තේ ලතීෆ් ගේ මෙහෙයැවීමෙන් එස්ටීඑෆ් නිලධාරීන් පිරිසක් මාස 3 ක පමණ කාලයක් තිස්සේ කරන ලද හඹා යෑමක ප්‍රතිඵලයක් ලෙස ය. අං‌‌ගොඩ ලොක්කා ඇස්සෙන් පැන යයි මේ වැටලීමේ දී මාකඳුරේ මධූෂ් සමග පසුගිය දා පිටකොටුවේ පාතාල ඝාතන රැසක් සිදුකළ කංජිපානි ඉම්රාන්, කෙසෙල්වත්තේ දිනුක සහ අංගොඩ ලොක්කා නමැති පාතාලයාගේ අංක එකේ සගයා අබුඩාබි පොලිසියේ අත් අඩංගුවේ පසුවෙති. අවාසනාවකට ‘අංගොඩ ලොක්කා’ වැටලීමේ දී පැන ගොස් තිබේ. ලංකාවේ පාතාල නායකයන් පිනවීම සඳහා එහි ගොස් සිටි අමල් පෙරේරා ද, ඔහුගේ පුත් නදීමාල් පෙරේරා ද සමග රයන් නමැති ටෙලි නළුවෙකුද අත් අඩංගුවේ පසුවෙති. මොවුන් කලා කරුවන් සේ පෙනී සිටිමින් පාතාලය සමග දැඩි සම්බන්ධතා පවත්වමින් තමන්ට ඇති ජනප්‍රියත්වය පාතාල වැඩ කටයුතු සඳහා අවභාවිතා කරන ජඩයන් බව දැන් සහතික වශයෙන්ම ඔප්පු වී තිබේ. ජනාධිපතිටත් මල් මිටක්.. ======================== ජනාධිපති සිරිසේන පෙර දිනක ලතීෆ් කැඳවා විශ්‍රාම යෑමෙන් පසු ජනාධිපති මත්ද්‍රව්‍ය නාශක කාර්ය සාධක අංශයේ ප්‍රධානී වෙන්නැයි කියා ඉල්ලීමක් කර තිබිණ. තමාට අදාල නිලධාරීන් නොමැතිව එවැනි තැනක හිඳ මත්ද්‍රව්‍ය නාශනය කළ නොහැකි දෙයක් යයි කියමින් ලතීෆ් සිරිසේනගේ ආරාධනය ගෞරවනීයව ප්‍රතික්ෂේප කර තිබිණ. ඔහු නිදහස් උළෙලට සහභාගී වී අවසානයේ ගෙදර යෑමට සූදානමින් සිටි අතර ජනාධිපතිවරයා 4 දා සවස තමා විසින්ම කැබිනට් පත්‍රිකාවක් සකසා කැබිනට්ටුවට ඉදිරිපත් කරමින් ලතීෆ් නම් ඒ ශ්‍රේෂ්ට පොලිස් නිලධාරියාට වසරක සේවා දිගුවක් අනුමත කරවා ගෙන තිබිණ. ජනාධිපති සිරිසේනගේ වැරදි වැරදි ලෙස දකිනවාත් සමගම මේ කරන ලද ක්‍රියාව උසස් ක්‍රියාවක් ලෙස සලකා ඔහුට දිය යුතු ගරුත්වයද දිය යුතු ය. ඒ අනුව ලතීෆ්ට විශ්‍රාම ගැනීම වෙනුවෙන් සංවිධානය කර තිබූ උත්තමාචාරය 41 වසරක සේවයට උපහාර උත්තමාචාරයක් ලෙස වෙනස් කර උත්තමාචාර පැවැත්වීය. එදිනම රාත්‍රී තම සැඟවුණු ඉලක්කය කරා සේනා මෙහෙයැවූ ලතීෆ් ලංකාවේ පාතාල නායකයන් රොත්තක්ම එක මිටට අල්ලා ගැනීමට සමත් විය. මාකඳුරේ මධූෂ්, කංජිපානි ඉම්රාන්, කෙසෙල්වත්තේ දිනුක, අංගොඩ ලොක්කාගේ දකුණු අත ඇතුළු පාතාලයන් පිරිස ලංකාවට ගෙන ඒම සඳහා මේ වන විටත් පොලිසියේ අදාල නීති නිලධාරීන් පිරිසක් ඩුබායි වෙත ලඟා වී ඇති අතර හෙට හෝ අනිද්දා පාතාලයන් පිරිස ලංකාවට දක්කාගෙන ඒමට නියමිත ය. 


ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

පළාත් සභා ඡන්දය ඉල්ලා ජනාධිපති උසාවි යයි sriavtvnetwork news

පළාත් සභා ඡන්දය ඉල්ලා ජනාධිපති උසාවි යයි… 


පළාත් සභා මැතිවරණය පැරැණි මැතිවරණ ක්‍රමයට ඉක්මණින් පැවැත්විය හැකිද යන්න ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.

ඒ අනුව දැනට විසිරී තිබෙන උතුරු මැද – උතුර – සබරගමුව – වයඹ – නැගෙනහිර හා මධ්‍යම පළාත් සභාත් ලබන මස විසිරෙන දකුණ හා බස්නාහිර පළාත් සභාවලත් මැතිවරණ එක්වර පැවැත්වීම පිණිස අධිකරණ මතය විමසනු ඇතැයි සඳහන්ය.

ජනාධිපතිවරයා මෙම මත විමසුම සිදුකරන්නේ දැනට බලපවත්වන නීති පනත් අර්ථකථනය කෙරෙන අර්ථ නිරූපණ පනතේ 7 වැනි වගන්තිය ප්‍රකාරව පැරැණි මනාප ක්‍රමයට ඡන්දය පැවැත්විය හැකිදැයි දැනගැනීමටය.

අර්ථ නිරූපණ පනතේ 7 වැනි වගන්තියේ සඳහන් වන්නේ රටේ කිසියම් නිශ්චිත කාරණයක් සම්බන්ධව අලුත් නීතියක් සම්මත වුවද එය කිසියම් හේතුවක් මත ක්‍රියාත්මක නොවන අවස්ථාවල පැරැණි නීතිය බලාත්මක බවය.

පළාත් සභා මැතිවරණ සඳහා මැතිසබය විසින් අලුත් නීතියක් සම්මත කළද තවමත් පළාත් සභා ඡන්ද බලප්‍රදේශ ගැන කෙරෙන සීමානිර්ණය කටයුතු නිමාවට පත්ව නැති නිසා නව ඡන්ද ක්‍රමයට පළාත් සභා මැතිවරණ පැවැත්වීමට නොහැකි වී තිබේ. ඒ නිසා උතුරු මැද සබරගමුව හා නැගෙනහිර පළාත් සභා ඡන්ද මාස 14ක් තිස්සේ ද මධ්‍යම වයඹ හා උතුරු පළාත් සභා ඡන්ද මාස 4ක් තිස්සේ ද කල්ගොස් ඇත.

එයින් ජනතාවගේ ඡන්ද අයිතිය අහිමිවන නිසා ලබන මැයි 31දාට පෙර මෙකී මැතිවරණ පැවැත්විය යුතුයයි ජනාධිපතිවරයා පසුගිය කැබිනට් මණ්ඩලයට විශේෂ කැබිනට් පත්‍රිකාවක්ද ඉදිරිපත් කළේය. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ද වහා පළාත් සභා ඡන්ද පැවැත්විය යුතු යයි දැඩි ප්‍රකාශයක් නිකුත් කළේය. නව ඡන්ද ක්‍රමය පිළිබඳ ප්‍රශ්නය නිසා වසර ගණන් ජනතාවගේ ඡන්ද අයිතිය අහිමි වී තිබේ. එනිසා අර්ථනිරූපණ පනතේ විධිවිධාන ප්‍රකාරව පැරැණි ක්‍රමයට ඡන්දය පැවැත්වීම සඳහා ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසීම සිදුකරන බව රජයේ ආරංචි මාර්ග අවධාරණය කරයි.

ඒ අතර පළාත් සභා ඡන්දය පැරණි මැතිවරණ ක්‍රමයට පැවැත්වීම ගැන අවසන් තීන්දුවක් ගැනීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ලබන සතියේ විශේෂ පක්ෂනායක හමුවක් කැඳවා ඇත



ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

මධූෂ් අල්ලන්න ලංකාවේ පොලීසිය ඩුබායි පොලීසිය සමග සෙට් වෙයි - පාතාලයම හෙල්ලූ සුපිරි මෙහෙයුමේ sriavtvnetwork news

මධූෂ් අල්ලන්න ලංකාවේ පොලීසිය ඩුබායි පොලීසිය සමග සෙට් වෙයි - පාතාලයම හෙල්ලූ සුපිරි මෙහෙයුමේ සම්පූර්ණ විස්තරය මෙන්න 



මෙරට සංවිධානාත්මක අපරාධකරුවෙක් වන මාකඳුරේ මධුෂ් ඇතුළු ප්‍රබල පාතාල සාමාජිකයින් 23 දෙනෙක් ගායක අමල් පෙරේරා සහ ජනප්‍රිය ටෙලි නාට්‍ය නළුවෙක් ඩුබායිහි පිහිටි සුපිරි හෝටලයකදී අත්අඩංගුවට ගැනීමට ඩුබායි පොලිසිය සමග මෙරට ආරක්ෂක බලධාරීන් විසින් එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී හැකිවී තිබෙනවා. මාකඳුරේ මධුෂ් විසින් සිය පුතුනුවන්ගේ උපන් දිනය සැමරීම සදහා මෙම සාදය සංවිධානය කර තිබු බවයි වාර්තා වන්නේ. මේ වන විට ශ්‍රී ලංකාවෙන් පැන ගොස් සිටින ප්‍රබල පාතාල සාමාජිකයින් හට ඔහු විසින් ආරාධනා කර තිබු බව වාර්තා වන්නේ. මධුෂ්ගේ මෙම සාදය සම්බන්ධයෙන් මෙරට සිටින ආරක්ෂක අංශ නිලධාරීන් වෙත තොරතුරු ලැබීමත් සමග මෙරට ආරක්ෂක බලධාරීන් සහ ඩුබායි පොලිසියේ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් මෙම මෙහෙයුම සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව ඊයේ (04) රාත්‍රියේදී ඩුබායිහි හෝටලයේ විශේෂ අමුත්තන් සදහා වෙන් කර තිබු කොටසක මෙම සාදය පැවැත්වෙමින් තිබියදී ශ්‍රී ලංකා - ඩුබායි ඒකාබද්ධ මෙහෙයුම් ඒකකය විසින් වටලා තිබු අතර එහි සිටි මාකදුරේ මධුෂ් සහ පාතාල නායකයින් වන කෙසෙල්වත්ත දිනුක්, කනිචපානි ඉම්රාන්, අංගොඩ චුටි ඇතුළු අපරාධකරුවන් 25 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම මෙහෙයුම සිදුවූ අවස්ථාව වන විට සාදයට සහභාගී වීමට පැමිණෙමින් සිටි තවත් ප්‍රබල පාතාල නායකයින් දෙදෙනෙක් හෝටලය තුල සිටි අනෙක් පාතාල සමාජිකයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක වී ඇති බව දැන ගත් විගස ඔවුන් එම ස්ථානයෙන් පැන ගොස් ඇති බව වාර්තා වනවා. මෙලෙස පැන ගිය එක් පාතාල නායකයෙක් වන්නේ කොස්ගොඩ සුජි බවයි වාර්තා වන්නේ. මේ පිරිස සමග සිටි මෙරට ජනප්‍රිය ගායකයෙක් වන අමල් පෙරේරා සහ ටෙලි නාට්‍ය නළුවෙක්ද එම විශේෂ ඒකකය විසින් සිය අත්අඩංගුවට ගෙන ඇත. අමල් පෙරේරා සහ මෙම පාතාල නායකයින් සමග ඇති සම්බන්ධයක් කුමක්ද යන්න ගැන මේ වන විට වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටියි. අත්අඩංගුවට ගනු ලැබූ මෙම පිරිස සන්තකයේ තිබී හෙරොයින් සහ කොකේන් ඇතුළු මත්ද්‍රව්‍යද සොයා ගෙන ඇත. දැනට මොවුන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් සිටින අතර මොවුන් සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියා මාර්ග පිලිබදව දෙරටේ බලධාරීන් සාකච්ජා කරමින් සිටින බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.


ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

රටටම හොරෙන් ඇමරිකාව සමග අත්සන් කළ ගිවිසුම මෙන්න sriavtvnetwork news

රටටම හොරෙන් ඇමරිකාව සමග අත්සන් කළ ගිවිසුම මෙන්න...,
 (රියර් අද්මිරාල්, ආචාර්ය සරත් වීරසේකර)


 රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා බලයට පැමිණි සෑම අවස්ථාවකම රටේ◌ජාතික ආ‌රක්ෂාව, රටේ◌අභිමානය, භෞමික අඛණ්ඩතාවය, ස්වෛරීත්වය, පාවා දුන් අන්දම අප දුටුවෙමු. එම පාවා දීම ඔහු සිදු කළේ ඔහු විසින් නිර්ලජ්ජීව ගනු ලැබු තනි තීරණ වලිනි. 2002 රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා රටේ ජාතික ආරක්‍ෂාව, රණවිරුවන් නින්දිත ලෙස පාවා දුන්, කොටි ත්‍රස්තවාදීන් සමග එම ඊනියා සාම ගිවිසුම අත්සන් කළේ, ජනාධිපතිටවත්, කැබිනට් මණ්ඩලයටවත් නොකියා හොර රහසේය. එම ගිවිසුම සම්පාදනය කරනු ලැබුවේ ද ත්‍රස්ත හිතවාදී නීතිඥයින් වන අතර, එහි අඩංගු සියලූම කොන්දේසි ත්‍රස්තවාදීන්ට පමණක් හිතකර වූ ඒවා විය. උදාහරණයක් ලෙස ත්‍රස්තවාදීන්ට රිසිසේ හමුදා කඳවුරු තුළ සැරිසැරීමට සහ බොරු පැමිණිලි දමා කඳවුරු පරීක්‍ෂා කිරීමට අවසර අනුමැතිය ලැබුණු අතර හමුදාවට කොටි කඳවුරු තුළට නොව එම පැත්ත පළාතේ්වත් යෑමට වත් නොහැකි විය. කොටි ත්‍රස්තවාදීන්ට මුහුදෙන් ඕනෑ තරම් අවි ආයුධ සහ පුද්ගලයින් ප්‍රවාහනය කිරීම සඳහා ද අනුමැතිය දී තිබිණි. මේවාට විරුද්ධ වුණු නිලධාරීන් සාම විරෝධීන් ලෙස හංවඩු ගසා කොන් කිරීම ද සිදුවිය. චන්ද්‍රිකා ජනාධිපතිනිය රනිල්ගේ රජය විසුරුවා හැරියේ ජාතික ආරක්‍ෂාව ඒ ආකාරයෙන් අනතුරේ හෙළන්නේ යැයි පවසමිනි. මෙවර රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ත්‍රස්තවාදීන්ට තුරන් කළ රණවිරුවන් යුද අපරාධකරුවන් යැයි පිළිගෙන මංගල සමරවීර ලවා ඊනියා ජිනීවා 30/1 යෝජනාවට ඇමරිකාව සමග සම අනුග්‍රහය දැක්වූයේ ද ජනාධිපතිතුමාගේවත් කැබිනට් මණ්ඩලයේවත් අනුමැතියකින් තොරව තනි කැමැත්තටය. ජිනීවා යෝජනා නිර්දේශයන් ක්‍රියාත්මක කිරීමට කිසිදු රටක් බැඳී නැති නමුත් 30/1 යෝජනාවේ රණවිරුවා සහ ජාතික ආරක්‍ෂාව පාවා දෙන සියලූ නිර්දේශයන් ක්‍රියාත්මක කිරීමට සිදු වූයේ අප ඊට සම අනුග්‍රහකත්වය දැක්වූ හේතුවෙනි. දැන් මේ කඩිමුඩියේ දඟලන්නේ මාර්තු මාසය අවසන් වීමට පෙර එම 30/1 තිබෙන අවසාන නිර්දේශය වන ව්‍යවස්ථා සංශෝධනය කෙසේ හෝ ඉෂ්ට කර ගැනීමටය රනිල් වික්‍රමසිංහ විසින් කරනු ලැබු අනෙක් පාවා දීම නම් ඇමරිකා නෞකා, සෙබළු සහ ඇමරිකානු කොන්ත‍්‍රාත්කරුවන් සම්බන්ධයෙන් ඇමරිකන් තානාපති කාර්යාලය සමග අත්සන් කරනු ලැබූ ගිවිසුමයි. මෙයට ජනාධිපතිගේවත් කැබිනට් මණ්ඩලයේවත් අනුමැතිය ලැබී ඇති බවක් වාර්තා වී නැත. එය ද ඔහු කර ඇත්තේ ඔහුගේ තනි කැමැත්තටය. ලෝකයේ බලවත්ම රටක් සමග අප වාගේ පුංචි රටක් එවන් වූ ගිවිසුමකට එලඹෙන්නේ නම් එය රටේ ජනතාව දැනගත යුතු නැද්ද? රජයක් පිහිටුවා ගැනීමට ආසන 113 ක් වත් නැති රනිල් වික්‍රමසිංහට තනි කැමැත්තෙන් මෙසේ රටක අනාගතය පිළිබඳව තීරණය කිරීමට බලය දුන්නේ කව්ද? රනිල් වික්‍රමසිංහ යනු ඇමරිකාව ඇතුළු බටහිරේත්, දෙමළ ඩයස්පෝරාවේත් සුවච කීකරු සේවකයෙක් බව අප කවුරුත් දනිමු. එවන් කෙනෙක් පුද්ගලිකව ඕනෑම දෙයක් ලබා ගැනීමේ හෝ ලබා දීමේ කිසිදු ගැටලූවක් අපි නොදකිමු. නමුත් ඔහු රටේ සම්පත් සහ රටේ ජනතාවගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් ගනුදෙනු කිරීමට නම් රටේ ජනතාව තෝරාගත් ජනාධිපතිතුමාගේ සහ කැබිනට් මණ්ඩලයේ අවසර ගත යුතුය. එසේ නොමැතිව ගන්නා සියලූම තීරණ බලරහිත විය යුතු අතර එවන් තීරණ ගෙන රටට ද්‍රෝහීවීම සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව නීතිප්‍රකාර ක්‍රියාමාර්ගයන් ගත යුතුය. ඇමෙරිකාව දැනට පිටරටවල්වල සිය කඳවුරු 1000 කට වඩා ස්ථාපිත කොට ඇත. දෙවන ලෝක මහා යුද්ධයෙන් පසු ස්ටේටස් ඔෆ් ෆෝසස් යන ගිවිසුමට අනුව ඔවුන් එදා සිට ජපානයේ ඔකිනෝවා නගරයේත්, ජර්මනියේත් සිය කඳවුරු පිහිටුවා තිබේ. ඔකිනාවාහි කුඩා ජපන් දැරියන් පවා ඇමරිකානු සොල්දාදුවන් අතින් දූෂණය වී ඇති අතර, මිනීමැරුම් පවා සිදුවී ඇත. නමුත් ඔවුන් ජපානයේ නීතියට යටත් නොවේ. ඔවුන් යටත් වන්නේ ඇමරිකන් රජයේ නීතියටය. ඔවුන්ට නීතිප්‍රකාර ක්‍රියාමාර්ගයන් ගන්නේ නම් ගනු ලබන්නේ ඔවුන්ම මිස ජපන් රට නොවේ. මේ සම්බන්ධයෙන් ජපන් ජනතාව කුමන ආකාරයේ විරෝධය පෑවත් අද වනතුරු කිසිම පලක් වී නොමැත. ආසියාවේ ඇති දියාගෝ ගාෂියා දූපතේ පිහිටි ඇමරිකානු කඳවුර සම්බන්ධ දීර්ඝ කාලීන බදු ගිවිසුම දැන් අවසන් වී ඇත. ඔවුන් දැන් බලන්නේ තමන්ට පය තැබීමට විකල්ප ස්ථානයන්ය. අපේ රට වසර දහස් ගණනක් තිස්සේ ලෝකයාට වැදගත් වී ඇත්තේ අපේ රටේ පිහිටීම නිසාය. කලාපයේ, භූ දේශපාලනික වශයෙන් අතිශය වැදගත් ස්ථානයක පිහිටා ඇති නිසාය. උපායමාර්ගික වශයෙන් රට ඉතා වැදගත් නිසාය. එවන් රටක හම්බන්තොට වරාය චීනයටත්, මත්තල ඉන්දියාවටත්, ත‍්‍රිකුණාමලය ඇමරිකාවටත් දුන්නොත් රටේ කිිසිදු වටිනාකමක් ඉතිරිවේද? එවිට අපි අපේ සම්පත් පිළිබඳව තීරණය ගත නොහැකි වක‍්‍රාකාරයෙන් යටත් විජිතයක් බවට පත් නොවන්නේද? එසේ අපව විදේශිකයින්ගේ කෙළි බඩුවක් බවට පත් කිරීමට 27 ත් වරක් පරාජය වූ දැනටත් සාමාන්‍ය බහුතර රජයක් හෝ පිහිටුවා ගැනීමටවත් ශක්තියක් නැති රනිල් වික්‍රමසිංහට ඇති අයිතිය කුමක්ද? එසේ කිසිදු අයිතියක් නොමැති කෙනෙකු මෙසේ හැසිරෙන විට ජනතාව නිහඬව බලා සිටිය යුතුද? රනිල් වික්‍රමසිංහ සහ ඇමරිකන් තානාපති කාර්යාලය විසින් අත්සන් කරනු ලැබූ ගිවිසුමේ සඳහන් කරුණු සැකෙවින් මෙසේය. (අ.) මෙය ඇමරිකානු සන්නද්ධ හමුදා පුද්ගලයින්, ඇමරිකන් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්ත සිවිල් පුද්ගලයින්, ඇමරිකන් කොන්ත්‍රාත්කරුවන් කොන්ත්‍රාත්කරුවන් ශ්‍රී ලාංකිකයින් නොවන, මානූෂීය ක්‍රියා සහ අනෙකුත් ක්‍රියා සම්බන්ධව වැඩ කිරීමට ඇමරිකන් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවෙන් අවසරගත් පුද්ගලයින්, සම්බන්ධවයි. (ආ.) මේ සියලූ පුද්ගලයින්ට 1961 අප්‍රේල් 18 වන දින සම්මත වූ වියානා සම්මුතියේ අඩංගු තානාපතිවරුන්ට දෙනු ලබන සියලූ වරප්‍රසාද සහ මුක්තිය දිය යුතුය (ඇ.) ඇමරිකන් සෙබළුන්ට අවශ්‍ය පරිදි නිල ඇඳුම් ඇඳ, අවිගෙන රට තුළ කටයුතු කිරීමට අවසර දිය යුතුය. (ඈ.) එම පුද්ගලයින්ට ඇමරිකන් අවසරපත්‍ර මඟින් ලංකාවට යෑමට, ඒමට හැකි විය යුතුය. ඔවුන්ගේ ඇමරිකානු රියදුරු බලපත‍්‍ර, ලංකාවේ රියැදුරු පරීක්‍ෂණයකින් තොරව, නීත්‍යානුකූල ලෙස පිළිගත යුතුය. (ඉ.) මේ සියලූ පුද්ගලයින් ඇමරිකන් අපරාධ නීතියට පමණක් යටත්වේ. (ඊ.) මේ පුද්ගලයින් ලංකාව තුළට රැගෙන එන සියලූම පුද්ගලික දේපල, උපකරණ, සැපයුම් භාණ්ඩ, තාක්‍ෂණික මෙවලම්, පුහුණු භාණ්ඩ සහ අනෙකුත් දේපල කිසිදු රේගු පරීක්‍ෂණයකින් තොරව, බදු ගෙවීමකින් තොරව, වෙනත් කිසිදු බාධාවකින් තොරව, ගෙන ඒමට අවසර දිය යුතුය. (උ.) ලංකාව තුළට එන ඇමරිකන් නෞකා, ගුවන් යානා යනාදිය වරායට, ගුවන් තොටුපළට ඇතුල්වීමේදී අය කරනු ලබන කිසිදු ගාස්තුවක් අය නොකරන අතර නෞකාවක් වරාය තුළට ගෙන ඒමේදී සාමාන්‍යයෙන් අය කරන පයිලට් ගාස්තුවෙන් පවා ඔවුන්ව නිදහස් කළ යුතුය. (ඌ.) ඇමරිකානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුව, උපකරණ, භාණ්ඩ යනාදිය සැපයීම සඳහා කොන්ත‍්‍රාත්කරුවන් තෝරා ගන්නා අතර ඒ අයට ද කිසිදු බාධාවකින් තොරව කටයුතු කිරීමට ඉඩදිය යුතුය. ලංකාව තුළදි ගන්නා උපකරණ සහ සේවා සඳහා කිසිදු බදු මුදලක් අය නොකළ යුතුය. ඔවුන්ට ද ඇමරිකන් පුරවැසියන්ට ලබා දෙන පහසුකම් දිය යුතු අතර ඔවුන්ගේ රියදුරු බලපත‍්‍ර ද පිළිගත යුතුය. (එ.) ඇමරිකන් හමුදා පුද්ගලයින්ට තමන්ට අවශ්‍ය ගුවන් විදුලි තරංග පද්ධතියක් පාවිච්චි කිරීමට අවසර දිය යුතුය. එය ඇමරිකානු රජයට නොමිලේ දෙන සේවාවක් විය යුතුය (ඒ.) මෙම ගිවිසුම ක්‍රියාත්මක වන විට එය 1995 මැයි 16 වන දින ලංකා රජය පුහුණුවීම්/ නිල රාජකාරි ලංකාවට පැමිණෙන ඇමරිකානු සෙබළු සම්බන්ධයෙන් ඇති කළ ගිවිසුම අභිබවා යා යුතුය. පසුගිය සතියේ ඇමරිකානු භාණ්ඩ රැසක්, කිසිදු රේගු පරීක්‍ෂණයකින් තොරව, රේගු බදු ගෙවීමකින් තොරව රට තුළට ගෙන ආ බැව් පුවත්පත් රැසක් පළකර තිබිණි. එයින් සනාථ වන්නේ රනිල් වික්‍රමසිංහ දැනටමත් මෙම ගිවිසුම බලාත්මක කර ඇති බවයි. මෙම ගිවිසුම පරිදි ඇමරිකානු කඳවුරු සැපයුම් මධ්‍යස්ථාන මෙහි ස්ථාපිත වී ඇමරිකානු සෙබළු අපේ රටේ නීතියට යටත් නොවී නිදහසේ සැරිසරන තත්ත්වයකට පත්වුවහොත් ඇති වන තත්ත්වය කුමක්ද? ඔකිනාවා නගරය පත්ව ඇති තත්ත්වයට අප පත් නොවන්නේද? බලගතු රටක් එසේ රට තුළ ස්ථාපිත වූ පසු ඔවුන්ව පහසුවෙන් ඉවත් කළ හැකිද? රණවිරුවා, හමුදා බුද්ධි අංශය පාවා දුන්, රටේ ජාතික ආරක්‍ෂාව ඇඩි අනතුරකට හෙළු, රටේ වටිනාම සම්පත් විදේශිය රටවල්වලට කුණු කොල්ලයට අලෙවි කළ, රනිල් වික්‍රමසිංහ දැන් ඇමරිකාවට අපේ රටේ අභිමානය, සංස්කෘතිය සහ ස්වෛරීත්වය මේ අයුරින් පාවා දී තිබේ. එක්සත් ජාතික පාක්‍ෂිකයිනි, ඔබ තවමත් රනිල් වික්‍රමසිංහ ඔබේ නායකයා ලෙස පිළිගන්නේද? (රියර් අද්මිරාල්, ආචාර්ය සරත් වීරසේකර)


ඇඩ්මින් - Dissa ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network