මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාර භූමියේ හින්දු කෝවිලක් හදන්න ඇවිල්ලා sriavtvnetwork news

 මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාර භූමියේ හින්දු කෝවිලක් හදන්න ඇවිල්ලා 


 මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාර භූමියේ හින්දු කෝවිලක් සෑදීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් පැමිණි බව මුලතිව් නයාරු ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති නාහිමියන් පවසයි. පසුගිය 14 වනදා මෙසේ මෙම පිරිස පැමිණි බව නාහිමියන් පවසයි. නාහිමියන් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීම සිදු කරනු ලැබීය. නාහිමියන් එදින උදෑසන විහාරස්ථානයේ වැඩ වසන වෙලාවේ ට්‍රැක්ටර දෙකක භාණ්ඩ ආදිය රැගෙන දෙමළ ජනතාව පිරිසක් පැමිණි බවත් එසේ පැමිණ තමාගෙන් අවසරයක්වත් නොගෙන එකවරම විහාර සීමාවට පැමිණි බවත් හා කුඩා ටකරන් මඩුවක් සෑදීම සිදු කළ බවත් පැවසීය. එම අවස්ථාවේ ඒ සම්බන්ධයෙන් විමසා සිටි බවත් එවිට කෝවිලක් පන්සල ඇතුළත පවතින හෙයින් තෛපොංගල් සැමරීම සඳහා පැමිණි බවත් ඔවුන් පැවසූ බව නාහිමියන් ප්‍රකාශ කළේය. පන්සල ඇතුළේ මඩු සාදාගනිමින් තෛපොංගල් සැමරීමට කළ නොහැකි යනුවෙන් ප්‍රකාශ කර සිටියදී එම පිරිස මන්ත්‍රීවරුන් පිරිසක් ඇමතීම සිදු කළ බවත් හා මන්ත්‍රීවරුන් පිරිසක් පැමිණ කලහකාරී තත්ත්වයක් ඇති කළ බවත් පැවසීය.  එම පැමිණි පිරිසගේ ඔවුන්ගේ භූමියක් යනුවෙන් පවසා සිටි බවත් නාහිමියන් ප්‍රකාශ කළේය. එම පිරිස මඩු ගසාගෙන පන්සල් වත්තේ කිරිබත් සාදා මෙලෙසින් ප්‍රශ්නයක් ඇති කර සවස් වන විට එම මඩු ගලවාගෙන ගිය බවත් පැවසීය. සිද්ධිය සම්බන්ධයෙන් අදාල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගෙන් විමසීමේදී පැවසූවේ දැනට නයාරු විහාරය තියෙන ස්ථානයේ ජනතාවගේ කෝවිලක් පවතින බවත් එය පාරම්පරික කෝවිලක් වන බවත් එම කෝවිලේ පූජවන් තැබීම උදෙසා මෙලෙසින් ගිය බවත්ය. එම අවස්ථාවේ නාහිමියන් පැවසීම සිදු කර ඇත්තේ පන්සලේ  මඩු ගසා තෛපොංගල් සැමරීමට අයිතියක් නොමැති බව සෙ පැවසීය. එම නාහිමියන්ගේ ප්‍රකාශයට විරුද්ධ වන බවත් පාරම්පරික කෝවිල් තියෙන තම පිරිසගේ ස්ථානයේ පොංගල් සෑදීමට කිසිවෙකුගෙන්වත් අවසර අවසර අවශ්‍ය නොවන බවත් පැවසීය. පසුව  ඒ ගැන මම තේරුම් කර දී එම පිරිස පොංගල් කිරිබත් හදලා ඉවර කොට එතැනින් පැමිණි බවත් පැවසීය.  



ඇඩ්මින් - Dissa ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network