සේනා දළබුවා එන්නේ නිකන් නෙවෙයි" ලංකාවේ කෘෂිකර්මාන්තය වෙලා සිටින විස රසායන මාෆියාව ගැන ඔබ නොදත් කතාවක් sriavtvnetwork news

සේනා දළබුවා එන්නේ නිකන් නෙවෙයි" ලංකාවේ කෘෂිකර්මාන්තය වෙලා සිටින විස රසායන මාෆියාව ගැන ඔබ නොදත් කතාවක්!


අද වන විට ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙනා විශාලතම සමාජීය ගැටලුවක් වන්නේ මෙරට වස විස සහිත ආහාර රටාවයි. ශ්‍රී ලංකාවේ ප්‍රධානම ආහාරය වන බත නිෂ්පාදනය වන වී ගොවිතැනේදි සහ ගබඩා කරණයේදි විශාල වශයෙන් අහිතකර කෘෂි රසායන භාවිතා වේ. ඉන්පසුවද සහල් වලට අහිතකර ඩයි වැනි රසායන ද්‍රව්‍ය මිශ්‍ර කරන බවට චෝදනා එල්ල විය. 

වී ගොවිතැන පමණක් නොව එලවලු ගොවිතැන සහ පලතුරු ගොවිතැනද අහිතකර විෂ රසායන මාරයා විසින් වෙලා ගෙන තිබේ. වගාවේදි මෙන්ම කල් තබා ගැනීමට මෙන්ම පලතුරු කෘතීමව ඉදවීමටද මෙම අහිතක රසායන ද්‍රව්‍ය භාවිතා කරමින් සිටියි.

මෙම කෘෂි රසායන ශ්‍රී ලංකාවට දැඩි බලපෑමක් සිදු කරමින් සිටිනා අතර ශ්‍රී ලාංකිකයන්ගේ ආයු අපේක්ෂාව පවා මෙම අහිතකර ආහාර රටාව හේතුවෙන් සීග්‍රයෙන් අඩු වීමටද, පිළිකා වැනි රෝගද සුලභ විය හැකි බවට වෛද්‍යවරුන් අනතුරු අගවමින් සිටින්නේ කාලයක සිටය. 

ශ්‍රී ලංකාවට ගැලපෙන්නේ අතීත ශ්‍රී ලංකාවේ පැවැති දේශීය කාබනික ගොවිතැන වුවද එම දේශීය කාබනික ගොවිතැන සිදු කිරීමට මෙම විෂ රසායන ගෙන්වන සහ බෙදා හරින බහුජාතික සමාගම් මාෆියාව ඉඩ නොදෙන බවටත් චෝදනාවක් එල්ල වේ.

මේ පිළිබඳව ලේඛක කුමාර ලියනගේ සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක් කතාබහට ලක්ව තිබේ. 

එම සටහන පහතින්,

ඊයේ මම *** සුපිරි අලෙවිසලේ කාබනික එළවළු මිළ ගණන් බලන්න ගියා.

මාළු මිරිස් Kg. රු. 680.00
පිපිඤ්ඤා Kg. රු. 310.00
‍‍‍බෝංචි Kg. රු. 680.00

මේවා සහතික කරපු කාබනික එළවළු. මම දන්න ගොවිපළවල නිෂ්පාදනය කරපුවා.

කාලයක් මමත් කාබනික එළවළු, පළතුරු සහ නිෂ්පාදන අලෙවියක් කළා, පිටකෝට්ටේ සහ මත්තේගොඩ.

‍මේ ආණ්ඩුව ඇවිත් කාබනික ගොවිතැනට කෙළෙව්වට පස්සෙ, ප්‍රාදේශීය සුළු පරිමාණ සහ මධ්‍යම පරිමාණ කාබනික එළවළු ගොවියන් වැඩේ අත් හැරියා.

‍මේ දවස්වල වසංගතයක් වෙලා තියෙන 'සේනා දළඹුවා' එන්නෙත් නිකං නෙවෙයි. දැන් මේ සතුන් මර්දනය කරන්න රසායනික ද්‍රව්‍ය නියම කෙරෙනවා. 'අපි වවමු-රට නගමු' කියන ගෙවතු වගා ව්‍යාපෘතියෙන් පස්සෙ තමයි, 'පිටි මකුණා' කියන වසංගතය ආවෙ.

මහවැලියට ආධාර වශයෙන් දීපු වාහන එක්ක 'ආක්‍රමණික ශාක බීජ' එවලා තිබුණා කියලා මට කිව්වෙ මිත්‍රයෙක්.

‍මේ රටේ භූමි වාසනාව, දේශගුණික වාසනාව, ගැන හිතුවොත් වස විස නැති ගොවිතැනින් ලෝකෙ අල්ලන්න පුළුවන්. තේ වගාවෙන්, කුරුඳු වගාවෙන් ලෝක වෙළෙඳපලේ ඉදිරියෙන් අපි ඉන්නෙ, මේ කුඩා ය කියන භූමියේම කරන වගාවෙන් තමයි.

‍මේවා ගැන රජයේ නිලධාරින් ය කියන ජඩයන්ට තේරෙන්නෙ නෑ. පඩි කකා, රට කකා උන් සැප විඳිනවා. ජාතියේ පවට හැදිච්ච කාලකණ්ණි.

*** එකට ගිය වෙලාවෙ, කාබනික එළවළු අංශයේ තිබිලා, 'නුවරඑළිය නැවුම් එළවළු' කියලා රු. 275කට අලෙවි කෙරෙන එළවළු පාර්සලයක් දැකලා මම ඒ ගැන ටිකක් අවධානය යොමු කළා. ඒකේ ගෝවා ගෙඩියක්, කැරට් ටිකක්, බෝංචි ටිකක්, ලීක්ස් කෑල්ලක්, තක්කාලි ටිකක්, අල ටිකක් තිබුණා. ඒ ඇසුරුමේ කිසිම තැනක කාබනික එළවළු කියලා සඳහන් නොවුණු නිසා, 077 3758807 කියන දුරකථන අංකයට ඇමතුමක් ගත්තා.

මම - මේවා කාබනික එළවළු ද?

අ‍‍ලෙවිකරු - නෑ

මම - මේවා තිබුණේ කාබනික ආහාර අංශයේ

අලෙවිකරු - මං කතා කරලා කියන්නං *** එකට.

මම - එතකොට මේවා මොනවද?

අලෙවිකරු - මේවා GAP කියන විදියට හදපුවා. GAP කියන්නෙ නරක මට්ටමට රසායනික දේවල් ගහපු නැති ඒවා. අවම මට්ටමට ගහපුවා.

GAP ගැන මං දන්නෙ නෑ කියලා හිතාගෙන අලෙවිකරු මට කරුණු පැහැදිලි කළා. GAP ව්‍යාපෘතිය ආවෙ කාබනික ගොවිතැනට කෙළවන්න. ඒකට කෘෂිකර්ම අමාත්‍යාංශය උදව් කරනවා.

දැන් මේ අලෙවිකරු කියන විදියට නරක මට්ටමට රසායනික ද්‍රව්‍ය යොදන එළවළු නිෂ්පාදනයකුත් අපේ රටේ සිද්ධ වෙනවා. මේ අය අත්අඩංගුවට ගන්න ක්‍රම නෑ.

ඇත්තටම කාබනික එළවළු මේ තරම් අධික මිලකට අලෙවි කරන්න අවශ්‍ය නෑ. සාමාන්‍ය මිළ ගණන්වලට දෙන්න පුළුවන්. ඒකට ජාතික වැඩපිළිවෙලක් අවශ්‍යයි.

රට පුරා නිකරුණේ ඉඩම් තිබෙනවා. නිකරුණේ මිනිස්සු ඉන්නවා. කාන්තාවො 1800000ක් ගෘහ සේවිකාවන් විදියට වැඩ කරනවා. ඔවුන් විදේශ ආදායම් උපයනවා කියලා පම්පෝරි ගහනවා. අනික් පැත්තෙන් රටේ වවන්න පුළුවන් ආහාර ද්‍රව්‍ය කෝටි 20,000ක ප්‍රමාණයක් ලංකාවට ආනයනය කරනවා. ඒ කියන්නෙ කාන්තාවන් මැද පෙරදිග වහල් සේවයේ ඉන්න එක සතපහකට වැඩක් නෑ.

මේ රටේ සමූපකාර ක්‍රමයක් හදලා කුඩා පරිමාණ සහ මධ්‍යම පරිමාණ වස විස නැති එළවළු වවන්නන් ගොඩනගන එක විතරයි තිබෙන්නේ. ආහාර ආනයනයටයි, රසායනික ද්‍රව්‍ය ආනයනයටයි, ඒවා කාලා හදාගන්න රෝගවලට ඕන බේත් ගේන්නයි වැය වෙන මුදල් රටේ ඉතුරු කර ගන්න පුළුවන්.

නමුත්, මේ රටේ ඉන්න, කාලකණ්ණි, තක්කඩි, පජාත, මරුමුස්, තුප්පහි, පාදඩ, ජඩ ... දේශපාලුවෝ හින්දා මුකුත් කරන්න බෑ.

වාර්ෂික ව කන්ටේනර් 35000ක රසායනික පොහොර මේ රටට ගේනවා. ඒ රසායනික ද්‍රව්‍ය නිසා මේ රටේ මහපොළොව විනාශ වෙමින් යනවා. අනෙක් අතට, ඒවා ගංගා දිගේ මුහුදට ගිහිල්ලා දැන් රට වටේ තිබෙන අපේ මුහුදු සම්පත විනාශ වෙමින් යනවා. මේවා ගැන කාලකණ්ණි දේශපාලුවන්ට වගේ වගක් නෑ.

පසුගිය කාලෙ ග්ලයිෆොසේට් ගේන්න ඕන කියලා තප්පුලපු දේශපාලුවෙක් මෑත කාලේ 'කොල්ලුපිටියෙන් සුපිරි ගෙයක් ගත්තා' කියලා මට කිව්වෙ, මගේ මිතුරෙක්.

‍මේක එහෙව් පාදඩයෝ රටේ දේශපාලනයට ඇවිත් ඉන්න, රටක්. රටක් කිව්වට, කඩයක්.

- කුමාර ලියනගේ


ඇඩ්මින් - Dissa ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network