සේනා දළඹු වසංගතය ආණ්ඩුවේ කුමන්ත‍්‍රණයක්.. කෘෂිකර්මය වනසා සියළු ආහාර රටින් ගෙන්වයි..- මහින්ද හෙලි කරයි sriavtvnetwork news


  1. සේනා දළඹු වසංගතය ආණ්ඩුවේ කුමන්ත‍්‍රණයක්.. කෘෂිකර්මය වනසා සියළු ආහාර රටින් ගෙන්වයි..- මහින්ද හෙලි කරයි..


සේනා දළඹු වසන්ගතය මෙම රජයේ රහසිගත වැඩපිලිවෙලක් යයි සැක කටයුතු බව හිටපු ජනාධිපති විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. එසේ රහසිගත වැඩපිලිවෙලක් මගින් කෘෂිකර්මය විනාශ කර ආහාර සියල්ල විදෙස් රටවලින් ගෙන්වා ගැනීමට රජය සැරසෙනවා විය හැකි බවද ඒ මහතා කියා සිටියේය. මෙම ගැටළුවේදී රජයේ නිහඬතාවය නිසා මෙම සැකය ඇතිවන බවද ඒ මහතා තව දුරටත් කියා සිටියේය. මාධ්‍යවේදීන් වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.   



ඇඩ්මින් - Dissa ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

පළාත් සභා 3ක් විසුරුවයි! සියලුම ඡන්ද කඩිනමන් sriavtvnetwork news

පළාත් සභා 3ක් විසුරුවයි! සියලුම ඡන්ද කඩිනමන්



මේ වනවිට විසුරුවා නැති පළාත් සභා තුනද ඉක්මනින් විසුරුවා පළාත් සභා 9ම මැතිවරණ එකවර පැවැත්වීම සඳහා කැබිනට් තීරණයක් ගැනීමට ජනාධිපතිවරයා විසින් විශේෂ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිතය.

විශ්වාස කටයුතු ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මෙම විශේෂ කැබිනට් පත්‍රිකාව ලබන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට බොහෝ දුරට ඉඩකඩ ඇතැයි වාර්තා වෙයි. විදේශගතවීමට පෙර ජනපතිවරයා ඊට අත්සන තබා තිබිණි.

දැනටමත් පළාත් සභා නවයෙන් හයක නිල කාලය අවසන් වී තිබේ. දකුණ, ඌව සහ බස්නාහිර පළාත් සභාවල නිල කාලය හමාර වන්නේ ඉදිරි කාලයේදීය. පළාත් සභා 9 මැතිවරණ කඩින්කඩ පවත්වන්නේ නැතිව එකවර පවත්වන ලෙස දේශපාලන පක්ෂ ගණනාවක්ම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති නිසා මෙම කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබාගෙන අප්‍රේල් අග හෝ මැයි මස මුල් භාගයේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම ජනාධිපතිවරයාගේ තීරණය බව සඳහන්ය.

පසුගිය දිනවල පැවති සාකච්ඡා ගණනාවකදී පළාත් සභා ඡන්ද කඩිනමින් පැවැත්විය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කර තිබිණි.



ඇඩ්මින් - Dissa ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

රනිල් කැළණි පන්සලේ මහ පෙරහැරටත් කෙළියි – පෙරහැර කෙරුවොත් බලාගමු කියා අවලංගු කරවයි ! Sriavtvnetwork news

රනිල් කැළණි පන්සලේ මහ පෙරහැරටත් කෙළියි – පෙරහැර කෙරුවොත් බලාගමු කියා අවලංගු කරවයි ! 




     දුරුතු පොහෝදිනය ශ්‍රී ලාංකික බෞද්ධයන් වශයෙන් අපට වැදගත් වන්නේ උතුම් වූ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදුවූ පොහොය දිනය නිසාවෙනි. දුරාතීතයේ සිටම සෑම දුරුතු පොහෝදිනකම වාර්ෂිකව පැවැත්වෙන ඓතිහාසික කැළණි රාජමහා විහාරයේ පෙරහැර මංගල්‍යය වසර ආරම්භයේම පැවැත්වෙන අතිඋත්කර්ශවත්ම පෙරහැර මංගල්‍යයක් බව දෙස් විදෙස් ජනතාව අතර ඉතා ප්‍රසිද්ධ කරුණකි. නමුත් මේ වසරේ ශ්‍රී කල්‍යාණි රජමහා විහාරයේ මහපෙරහැර පැවැත්වීම රනිල් වික්‍රමසිංහ අග්‍රමාත්‍යවරයා ප්‍රමුඛ එජාප රජය මැර බලයෙන් තහනම් කර ඇති බවට වාර්තා වේ. ඊට පසුබිම වී ඇත්තේ පසුගිය ඔක්තෝබර් මාසයේ සිදුවූ බලපෙරලියේදී කැළණි රජමහා විහාරාධිපති පූජ්‍ය. කොල්ලුපිටියේ මහිද සංඝරක්ඛිත හිමියන් විසින් රනිල් වික්‍රමසිංහ පාලනය දැඩිව විවේචනය කරමින් සිදු කරන ලද ප්‍රකාශයයි. එහිදී උන්වහන්සේ කියා සිටියේ ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වී ඇතිවූ සුසංයෝගය තුල රටේ නියඟය දුරුවී සෞභාග්‍යය උදාවූ බවයි. පසුගිය වික්‍රමසිංහ පාලන සමයේ බුදුදහමට එල්ලවූ පීඩාවන් හමුවේ උන්වහන්සේ මහත් කණගාටුවෙන් පසුවූ බවයි. කෙසේවෙතත් පසුගිය දා නැවත අගමැති ලෙස පත්වූ වික්‍රමසිංහ ඔහුගේ එජාප මැර කල්ලියක් කැලණි රජමහා විහාරය වෙත යවා දායක සභාවේ ප්‍රධාන දායකයා ලෙස තමා පෙරහැර මංගල්‍යය සඳහා පෙර ලබාදුන් කිසිදු දායකත්වයක් මින් ඉදිරියට ලබා නොදෙන බවත්, කිසියම් අයුරකින් මහ පෙරහැර පැවැත්වුවහොත් උන්වහන්සේට සිදුවන දේ බලාගත හැකි බවත් පවසමින් තර්ජනය කර ඇත. මේ හමුවේ බලවත් සංවේගයට පත්වූ නාහිමියන් ප්‍රමුඛ විහාරස්ථ දායක සභාව සෙසු දේවාල පෙරහැරයන් පමණක් පවත්වා, මහ පෙරහැර අවලංගු කර දැමීමට තීරණය කර ඇත. මෙම සිදුවීම පිළිබඳව මහා සංඝරත්නය දැඩි කලකිරීමටත් කණස්සල්ලටත් පත්ව ඇති අතර, ඉමහත් වූ වේදනාවකින් ශාසනික කටයුතුවල නිරතවන බව වාර්තා වෙයි. බුදුදහමට ගරහමින් නිගාකරමින්, රටේ සංස්කෘතික උරුමය දේශපාලන පලිගැනීම්වලින් විනාශ කරන වික්‍රමසිංහ වැනි දූෂිත පාදඩ දේශපාලුවෙකු මෙරට අග්‍රමාත්‍ය ධූරය අවභාවිතා කරමින් සිදුකරන මේ නින්දිත ක්‍රියා තරයේ හෙලා දැකිය යුතු අතර, බෞද්ධ ජනතාව වන සියලු දෙනා මෙම කාලකණ්නි දේශපාලුවන්ට එරෙහිව ඉක්මනින් නැගී සිටිය යුතු බව සිහිපත් කරන්නෙමු.  


ඇඩ්මින් - Dissa ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

‘‘ඇමරිකාවෙන් එන ගුවන් යානා, නැව් වලට කිිසිඳු ගාස්තුවක් නෑ- ඇමරිකානු ගුවන් විදුලි නාලිකාවකුත් ලංකාවට‘‘ රජය සමඟ කළ සාකච්ඡාවක රහස් හෙළිවෙයි.! Sriavtvnetwork news

‘‘ඇමරිකාවෙන් එන ගුවන් යානා, නැව් වලට කිිසිඳු ගාස්තුවක් නෑ- ඇමරිකානු ගුවන් විදුලි නාලිකාවකුත් ලංකාවට‘‘ රජය සමඟ කළ සාකච්ඡාවක රහස් හෙළිවෙයි.!

. කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය සහ විදේශ කටයුතු අමාත්‍යංශය අතර පැවැති සාකච්ඡාවකදී මෙරට  තාවකාලිකව රැඳී සිටින ඇමරිකානු හමුදා භටයන් සහ සිවිල් වැසියන් මෙන්ම ඇමරිකානු කොන්ත්‍රාත්කරුවන්ගේ ප්‍රයෝජනය සඳහා ගුවන්විදුලි ජාලයක්‌ පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා රජය ඉඩ ලබා දී ඇති බවට තොරතුරු වාර්තා වනවා. එම සාකච්ඡාවලට අදාළ රහස්‌ ලියවිල්ලකින් එම තොරතුරු හෙළිවී ඇති බවයි සඳහන් වන්නේ. එසේම මෙරටට පැමිණෙන කිසිදු ඇමරිකානු ගුවන් යානයකින් හෝ නැවකින් ගොඩබෑමේ ගාස්‌තු වරාය ගාස්‌තු හෝ වෙනත් ගාස්‌තු අය නොකළ යුතු බවද ඇමරිකානු තානාපති කාර්යාලය යෝජනා කර ඇති බව සඳහන්. මීට අමතරව  ඇමරිකානු හමුදා නිලධාරීන්ට ඕනෑම තැනක නිදහසේ ගමන් කිරීමටද ඉඩදිය යුතු බවත්,ඇමරිකානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට වෙන්වූ විදුලි සංදේශ පද්ධතියක්‌ ස්‌ථාපිත කිරීමටද ඉඩදිය යුතු බවත් එම රහස්‌ ලියවිල්ලේ දක්‌වා ඇති බවයි වාර්තා වන්නේ.  

ඇඩ්මින් - Dissa ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

වනාතවිල්ලුවේදි අත්අඩංගුවට ගත් බෝම්බ කල්ලිය මාවනැල්ලේ බුදු පිළිම කැඩූ අන්තවාදීන්ට සම්බන්ධයි - මහ විනාශයකට සූදානම්ව ඉඳලා..? Sriavtvnetwork news

වනාතවිල්ලුවේදි අත්අඩංගුවට ගත් බෝම්බ කල්ලිය මාවනැල්ලේ බුදු පිළිම කැඩූ අන්තවාදීන්ට සම්බන්ධයි - මහ විනාශයකට සූදානම්ව ඉඳලා..? 

  


පුත්තලම වනාතවිල්ලූව ප‍්‍රදේශයේ පොල් වත්තක වළදමා තිබූ බෝම්බ නිෂ්පාදනයට යොදා ගන්නා අධිබල පුපුරන ද්‍රව්‍ය කිලෝ ග‍්‍රෑම් 100 ක්, ඩෙටනේටර් තොගයක් ඇතුළු තවත් නීති විරෝධී භාණ්ඩ රැුසක් සමග සංවිධානාත්මක කණ්ඩායමක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (17 දා* අත්අඩංගුවට ගෙන ඇත.

අපරාධ  පරික්ෂණ  දෙපාර්තුමේන්තුව අත්අඩංගුවට ගෙන ඇති දෑ අතර ඩෙටනේටර් 100 ක් , වයර් කෝඩ් තොගයක් , ශ්‍රී ලංකාව තුළ තහනම් නයිට්ට්‍රේට් ඇසිඩ් ලිටර් 20 බැගින් වු කැන් හයක් , බල්බ තොගයක්, අධිබල පිපිරවිම් සඳහා යොදා ගන්නා සිෆෝ (වෙඩි බෙහෙත් )කිලේ 75 කට ආසන්න ප්‍රමාණයක්,බොර 12 ගිනිඅවියක් සහ පතෝරම් තොගයක් , වායු රයිෆල් එකක් ,ආරක්ෂිත කුඩාරම් දෙකක් සමඟ දින 20 කට ආසන්න කාලයකට සරිලන වියලි ආහාර තොගයක්,පරිඝනක,කැමරා,ආගමික පොත් පත් තොගයක්, පැදුරු ඇතුළු තවත් දෑ සෝදිසි කිරීම් වලදී  සොයා ගෙන තිබුණි.

සිව්දෙනකුගෙන් සමන්විත වූ මෙම සංවිධානාත්මක කණ්ඩායම පොල්වත්තක් මැද කූඩාරම් ගසාගෙන එහි සැගවී සිටිමින් කිසියම් විනාශයක් සඳහා බෝම්බ නිෂ්පාදනය කිරීමට සැලසුම් කළේද යන්න පොලිසිය සැක පහළ කරයි.

පසුගිය දිනවල මාවනැල්ල හා ඒ අවට ප‍්‍රදේශවල බුද්ධ ප‍්‍රතිමා විනාශ කළ ආගමික අන්තවාදීන් පිරිසක් අත්අඩංගුවට ගත් අතර ඔවුන්ගෙන් ප‍්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරු මත කළ විමර්ශනයකදී මෙම අධිබල ඩෙටනේටර් ඇතුළු පුපුරන ද්‍රව්‍ය සොයා ගැනීමට හැකිවී ඇත.

පරික්ෂණ නිලධාරීන් ආපසු පිටත් වීමට සැරසි සිටියදී එක් ස්ථානයක් පිළිබඳව සැක සිති පරීක්ෂා කිරීමේදී එම ස්ථානයේ වල දමා තිබූ සිෆෝ නැමති අධි බලැති පුපුරණ ද්‍රව්‍ය කැන් වල අසුරා වල දමා තිබියදී සොයා ගැනීමට නිලධාරීන් සමත්ව තිබේ.

පරීක්ෂණ අවසන් වන තුරු පොලිස් විශේෂ කාර්ය බළකාය ඉඩම වටා ආරක්ෂාව යොදවා තිබූ අතර සිද්ධියේ පරීක්ෂණ සඳහා පොලිස් අපරාධ ස්ථාන පරීක්ෂා කිරීමේ නිලධාරීන් , ඇඟිලි සලකුණු අංශය, පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීමට පොලිස් සුනඛ ඒකකයේ රිනා සහ ලැසි නැමති සුනඛයින්ගේ සහායද ලබා ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් රස පරීක්ෂණ කටයුතු සඳහා රජයේ රස පරීක්ෂකවරයා පැමිණ තිබූ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරින් විශාල පිරිසක් පැමිණ පරීක්ෂණ වලට එක්ව සිටියහ.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් සිව්දෙනා කුමන කටයුත්තක් සඳහා මෙම පුපුරන ද්‍රව්‍ය තොගය රැගෙන ආවාද යන්න තවමත් හෙළිව නැතත් ඒ සම්බන්ධව මාධ්‍යයට තොරතුර ලබා දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේක කෙරුණි.




ඇඩ්මින් - Dissa ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න



ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ‍්‍රී ලංකාවට ඩොලර් මිලියන 455ක ණය ආධාර මහින්දගේ ණය විතරද ණය sriavtvnetwork news

ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ‍්‍රී ලංකාවට ඩොලර් මිලියන 455ක ණය ආධාර මහින්දගේ ණය විතරද ණය


ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ ව්‍යාපෘති 03ක් වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 455ක ණය ආධාරයක් ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව එකගතාව පළ කර තිබෙනවා. පිලිපීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද (17) මැනිලා අගනුවර පිහිටි ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වුණා.

එහිදී ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති තකෙහිකෝ නාකා ඕ සමග පැවැති සාකච්ඡdවකදී මෙම එකගතාව පළවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. 

මෙම ණය ආධාරයෙන් ඩොලර් මිලියන 300ක් සැපයෙන්නේ කොළඹ වරායට පිවිසීම සඳහා කුළුණු සහිත මහාමාර්ගයක් ඉදිකිරීමටයි.

විද්‍යා තාක්ෂණික හා මානව සම්පත් සංවර්ධන ව්‍යාපෘතියක් වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 145ක මුදලක් ලබා දීමට එහිදී එකගතාව පළ වී තිබෙනවා.

අමෙරිකානු ඩොලර් මිලියන 10ක ණය ආධාරයක් සැපයෙන්නේ නගර සංවර්ධන ව්‍යාපෘතිවල ශක්‍යතා අධ්‍යයනය වෙනුවෙන් තාක්ෂණික ආධාර සැපයීමේ යෝජනා ක‍්‍රමයක් සඳහායි.




ඇඩ්මින් - Dissa ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

ජනපතිවරණට සූදානම් කිවා පමනයි පලිගැනීම් අරබයි නඩුව දිනපතා විභාගයට sriavtvnetwork news

ජනපතිවරණට සූදානම් කිවා පමනයි පලිගැනීම් අරබයි  නඩුව දිනපතා විභාගයට   




 මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33 ක මුදලක් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 7 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව මේ මස 22 වන දා සිට දිනපතා විභාගයට ගැනීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද නියෝග කළා.

ඒ, සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව සලකා බැලූණු අවස්ථාවේදියි. එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලිප පීරිස් සඳහන් කළේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ලෙස ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ සංස්ථාවේ නිලධාරීන් 18 දෙනෙකු නම් කර ඇති බවයි.

ඔවුන් විදේශගත විය හැකි බැවින් විදේශගතවීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසයි ඔහු ඉල්ලා සිටියේ. 

ඒ අනුව අදාළ නියෝගය නිකුත් කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඒ බව සාක්ෂිකරුවන්ට දැනුම් දෙන ලෙසයි මහාධිකරණය, රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කළේ.
 පෙනී සිටීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 7 දෙනාම අධිකරණයට පැමිණ සිටියා. 



ඇඩ්මින් - Dissa ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

ගෝටාභයට පොහොට්ටු මූලස්ථානයේ කාමරයක් සූදානම් කෙරේ sriavtvnetwork news

ගෝටාභයට පොහොට්ටු මූලස්ථානයේ කාමරයක් සූදානම් කෙරේ…



හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතාට බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ කාමරයක් වෙන් කිරීමට කටයුතු කෙරෙමින් ඇති බව නිල නොවන ආරංචි මාර්ග වාර්තා කරයි.

රාජපක්‍ෂ මහතා පොදුජන පෙරමුනේ සාමාජිකත්වය ගැනීමෙන් පසු මෙම කාර්යාලයේ සිට සිය දේශපාලන කටයුතු විහිදුවනු ඇති බවද වාර්තා වෙයි.

මීට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ගෝටාභය රාජපක්‍ෂ මහතා පොදුජන පෙරමුණු කාර්යාලයට කැදවාගෙන ගිය අතර එහිදී උණුසුම් පිලිගැනීමක් ඔහුට ලැබින.



මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

ජනාධිපති මෛත‍්‍රී නොසැලී පෙරට.. තවත් ගැසට්ටුවක් නිකුත් කරයි.. රනිල් පාලනයේ සියළු වංචා දුෂණ සොයන්න ජනාධිපති කොමිසමක් පත් කෙරේ sriavtvnetwork news

ජනාධිපති මෛත‍්‍රී නොසැලී පෙරට.. තවත් ගැසට්ටුවක් නිකුත් කරයි.. රනිල් පාලනයේ සියළු වංචා දුෂණ සොයන්න ජනාධිපති කොමිසමක් පත් කෙරේ..



2015 සිට 2018 දක්වා වූ කාලයේ සිදුව ඇති දුෂණ වංචා සම්බන්ධයෙන් පරීක්‍ෂා කිරීම සදහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් විශේෂ ජනාධිපති විමර්ෂණ කොමිසමක් පත් කර ඇත.

මේ සම්බන්දයෙන් වන අති විශේෂ ගැසනට් නිවේදනය ජනාධිපතිවරයා විසින් නිකුත් කිරීමට කටයුතු කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය කියයි.

මෙම කොමිසම මගින් අදාල කාල සීමාවේ අමාත්‍යංශ ඇතුළු සියළු රාජ්‍ය ආයතනවල සිදුව ඇති වංචා දුෂණ සම්බන්ධයෙන් පරීක්‍ෂා කිරීමට නියමිතය.



ඇඩ්මින් - Dissa ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

පළාත් සභා මැතිවරණය පවත්වනු..- පොහොට්ටුව උසාවියේ නඩු දමයි.. sriavtvnetwork news

පළාත් සභා මැතිවරණය පවත්වනු..- පොහොට්ටුව උසාවියේ නඩු දමයි..



දැනට වසර එකහමාරක කාලයක් කල් දමා ඇති පළාත්සභා මැතිවරණය ඉක්මනින් පවත්වන ලෙස ඉල්ලමින් අධිකරණය යාමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා කියයි.

මන්ත‍්‍රීවරයා පෙන්වා දෙන්නේ මැතිවරණ නොපැවැත්වීමෙන් ජනතාවගේ සර්වජන ඡන්ද බලය අහිමිව ඇති බවත් එය මානව හිමිනම් උල්ලංඝණයක් බවත්ය.

පවත්වන ලද පලාත් පාලන මැතිවණයේදී පොදුජන පෙරමුණ 80%ක පමණ පලාත් පාලන ආයතන ප‍්‍රමාණයක් ජය ගැනීම හේතුවෙන් ආණ්ඩුව බිය වී මැතිවරණ නොපවත්වන බවද ඔහු කියා සිටී.

අනුරාධපුරයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.




ඇඩ්මින් - Dissa ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

උතුර’ පලාතේ නම ඉදිරියේදී වෙනස් වෙනවා.. එය අගමැති සමග එකගතාවේ ප‍්‍රතිඵලයක්..- සුමන්තිරන් sriavtvnetwork news

උතුර’ පලාතේ නම ඉදිරියේදී වෙනස් වෙනවා.. එය අගමැති සමග එකගතාවේ ප‍්‍රතිඵලයක්..- සුමන්තිරන්


 උතුර පලාත දැනට ‘උතුර’ යයි හැදින්වුවද එහි නම ඉදිරියේදී වෙනස් වන බව දෙමල ජාතික සන්ධාන මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි. අගමැතිවරයා සමග පැවති සාකච්වන්වල ප‍්‍රතිඵලයක් ලෙස මෙම තත්වය ඇතිව තිබෙන්නේ යයිද ඔහු කියා සිටියේය. ඔහු මේ බව පැවසුවේ යාපනය වීරසිංහම් ශාලාවේදී පැවති සම්මන්ත‍්‍රණයක් අමතමිනි. උතුර ප්‍රදේශය සංවර්ධනයට ප්‍රමුඛතාව දිය යුතු බවත් ඒ සදහා අගමැතිවරයා යටතට උතුර සංවර්ධන විෂය පවරා ඇති බවත් මන්ත‍්‍රීවරයා එහිදී වැඩි දුරටත් පැවසීය.  



ඇඩ්මින් - Dissa ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාර භූමියේ හින්දු කෝවිලක් හදන්න ඇවිල්ලා sriavtvnetwork news

 මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාර භූමියේ හින්දු කෝවිලක් හදන්න ඇවිල්ලා 


 මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාර භූමියේ හින්දු කෝවිලක් සෑදීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් පැමිණි බව මුලතිව් නයාරු ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති නාහිමියන් පවසයි. පසුගිය 14 වනදා මෙසේ මෙම පිරිස පැමිණි බව නාහිමියන් පවසයි. නාහිමියන් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීම සිදු කරනු ලැබීය. නාහිමියන් එදින උදෑසන විහාරස්ථානයේ වැඩ වසන වෙලාවේ ට්‍රැක්ටර දෙකක භාණ්ඩ ආදිය රැගෙන දෙමළ ජනතාව පිරිසක් පැමිණි බවත් එසේ පැමිණ තමාගෙන් අවසරයක්වත් නොගෙන එකවරම විහාර සීමාවට පැමිණි බවත් හා කුඩා ටකරන් මඩුවක් සෑදීම සිදු කළ බවත් පැවසීය. එම අවස්ථාවේ ඒ සම්බන්ධයෙන් විමසා සිටි බවත් එවිට කෝවිලක් පන්සල ඇතුළත පවතින හෙයින් තෛපොංගල් සැමරීම සඳහා පැමිණි බවත් ඔවුන් පැවසූ බව නාහිමියන් ප්‍රකාශ කළේය. පන්සල ඇතුළේ මඩු සාදාගනිමින් තෛපොංගල් සැමරීමට කළ නොහැකි යනුවෙන් ප්‍රකාශ කර සිටියදී එම පිරිස මන්ත්‍රීවරුන් පිරිසක් ඇමතීම සිදු කළ බවත් හා මන්ත්‍රීවරුන් පිරිසක් පැමිණ කලහකාරී තත්ත්වයක් ඇති කළ බවත් පැවසීය.  එම පැමිණි පිරිසගේ ඔවුන්ගේ භූමියක් යනුවෙන් පවසා සිටි බවත් නාහිමියන් ප්‍රකාශ කළේය. එම පිරිස මඩු ගසාගෙන පන්සල් වත්තේ කිරිබත් සාදා මෙලෙසින් ප්‍රශ්නයක් ඇති කර සවස් වන විට එම මඩු ගලවාගෙන ගිය බවත් පැවසීය. සිද්ධිය සම්බන්ධයෙන් අදාල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගෙන් විමසීමේදී පැවසූවේ දැනට නයාරු විහාරය තියෙන ස්ථානයේ ජනතාවගේ කෝවිලක් පවතින බවත් එය පාරම්පරික කෝවිලක් වන බවත් එම කෝවිලේ පූජවන් තැබීම උදෙසා මෙලෙසින් ගිය බවත්ය. එම අවස්ථාවේ නාහිමියන් පැවසීම සිදු කර ඇත්තේ පන්සලේ  මඩු ගසා තෛපොංගල් සැමරීමට අයිතියක් නොමැති බව සෙ පැවසීය. එම නාහිමියන්ගේ ප්‍රකාශයට විරුද්ධ වන බවත් පාරම්පරික කෝවිල් තියෙන තම පිරිසගේ ස්ථානයේ පොංගල් සෑදීමට කිසිවෙකුගෙන්වත් අවසර අවසර අවශ්‍ය නොවන බවත් පැවසීය. පසුව  ඒ ගැන මම තේරුම් කර දී එම පිරිස පොංගල් කිරිබත් හදලා ඉවර කොට එතැනින් පැමිණි බවත් පැවසීය.  



ඇඩ්මින් - Dissa ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

සේනා දළබුවා එන්නේ නිකන් නෙවෙයි" ලංකාවේ කෘෂිකර්මාන්තය වෙලා සිටින විස රසායන මාෆියාව ගැන ඔබ නොදත් කතාවක් sriavtvnetwork news

සේනා දළබුවා එන්නේ නිකන් නෙවෙයි" ලංකාවේ කෘෂිකර්මාන්තය වෙලා සිටින විස රසායන මාෆියාව ගැන ඔබ නොදත් කතාවක්!


අද වන විට ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙනා විශාලතම සමාජීය ගැටලුවක් වන්නේ මෙරට වස විස සහිත ආහාර රටාවයි. ශ්‍රී ලංකාවේ ප්‍රධානම ආහාරය වන බත නිෂ්පාදනය වන වී ගොවිතැනේදි සහ ගබඩා කරණයේදි විශාල වශයෙන් අහිතකර කෘෂි රසායන භාවිතා වේ. ඉන්පසුවද සහල් වලට අහිතකර ඩයි වැනි රසායන ද්‍රව්‍ය මිශ්‍ර කරන බවට චෝදනා එල්ල විය. 

වී ගොවිතැන පමණක් නොව එලවලු ගොවිතැන සහ පලතුරු ගොවිතැනද අහිතකර විෂ රසායන මාරයා විසින් වෙලා ගෙන තිබේ. වගාවේදි මෙන්ම කල් තබා ගැනීමට මෙන්ම පලතුරු කෘතීමව ඉදවීමටද මෙම අහිතක රසායන ද්‍රව්‍ය භාවිතා කරමින් සිටියි.

මෙම කෘෂි රසායන ශ්‍රී ලංකාවට දැඩි බලපෑමක් සිදු කරමින් සිටිනා අතර ශ්‍රී ලාංකිකයන්ගේ ආයු අපේක්ෂාව පවා මෙම අහිතකර ආහාර රටාව හේතුවෙන් සීග්‍රයෙන් අඩු වීමටද, පිළිකා වැනි රෝගද සුලභ විය හැකි බවට වෛද්‍යවරුන් අනතුරු අගවමින් සිටින්නේ කාලයක සිටය. 

ශ්‍රී ලංකාවට ගැලපෙන්නේ අතීත ශ්‍රී ලංකාවේ පැවැති දේශීය කාබනික ගොවිතැන වුවද එම දේශීය කාබනික ගොවිතැන සිදු කිරීමට මෙම විෂ රසායන ගෙන්වන සහ බෙදා හරින බහුජාතික සමාගම් මාෆියාව ඉඩ නොදෙන බවටත් චෝදනාවක් එල්ල වේ.

මේ පිළිබඳව ලේඛක කුමාර ලියනගේ සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක් කතාබහට ලක්ව තිබේ. 

එම සටහන පහතින්,

ඊයේ මම *** සුපිරි අලෙවිසලේ කාබනික එළවළු මිළ ගණන් බලන්න ගියා.

මාළු මිරිස් Kg. රු. 680.00
පිපිඤ්ඤා Kg. රු. 310.00
‍‍‍බෝංචි Kg. රු. 680.00

මේවා සහතික කරපු කාබනික එළවළු. මම දන්න ගොවිපළවල නිෂ්පාදනය කරපුවා.

කාලයක් මමත් කාබනික එළවළු, පළතුරු සහ නිෂ්පාදන අලෙවියක් කළා, පිටකෝට්ටේ සහ මත්තේගොඩ.

‍මේ ආණ්ඩුව ඇවිත් කාබනික ගොවිතැනට කෙළෙව්වට පස්සෙ, ප්‍රාදේශීය සුළු පරිමාණ සහ මධ්‍යම පරිමාණ කාබනික එළවළු ගොවියන් වැඩේ අත් හැරියා.

‍මේ දවස්වල වසංගතයක් වෙලා තියෙන 'සේනා දළඹුවා' එන්නෙත් නිකං නෙවෙයි. දැන් මේ සතුන් මර්දනය කරන්න රසායනික ද්‍රව්‍ය නියම කෙරෙනවා. 'අපි වවමු-රට නගමු' කියන ගෙවතු වගා ව්‍යාපෘතියෙන් පස්සෙ තමයි, 'පිටි මකුණා' කියන වසංගතය ආවෙ.

මහවැලියට ආධාර වශයෙන් දීපු වාහන එක්ක 'ආක්‍රමණික ශාක බීජ' එවලා තිබුණා කියලා මට කිව්වෙ මිත්‍රයෙක්.

‍මේ රටේ භූමි වාසනාව, දේශගුණික වාසනාව, ගැන හිතුවොත් වස විස නැති ගොවිතැනින් ලෝකෙ අල්ලන්න පුළුවන්. තේ වගාවෙන්, කුරුඳු වගාවෙන් ලෝක වෙළෙඳපලේ ඉදිරියෙන් අපි ඉන්නෙ, මේ කුඩා ය කියන භූමියේම කරන වගාවෙන් තමයි.

‍මේවා ගැන රජයේ නිලධාරින් ය කියන ජඩයන්ට තේරෙන්නෙ නෑ. පඩි කකා, රට කකා උන් සැප විඳිනවා. ජාතියේ පවට හැදිච්ච කාලකණ්ණි.

*** එකට ගිය වෙලාවෙ, කාබනික එළවළු අංශයේ තිබිලා, 'නුවරඑළිය නැවුම් එළවළු' කියලා රු. 275කට අලෙවි කෙරෙන එළවළු පාර්සලයක් දැකලා මම ඒ ගැන ටිකක් අවධානය යොමු කළා. ඒකේ ගෝවා ගෙඩියක්, කැරට් ටිකක්, බෝංචි ටිකක්, ලීක්ස් කෑල්ලක්, තක්කාලි ටිකක්, අල ටිකක් තිබුණා. ඒ ඇසුරුමේ කිසිම තැනක කාබනික එළවළු කියලා සඳහන් නොවුණු නිසා, 077 3758807 කියන දුරකථන අංකයට ඇමතුමක් ගත්තා.

මම - මේවා කාබනික එළවළු ද?

අ‍‍ලෙවිකරු - නෑ

මම - මේවා තිබුණේ කාබනික ආහාර අංශයේ

අලෙවිකරු - මං කතා කරලා කියන්නං *** එකට.

මම - එතකොට මේවා මොනවද?

අලෙවිකරු - මේවා GAP කියන විදියට හදපුවා. GAP කියන්නෙ නරක මට්ටමට රසායනික දේවල් ගහපු නැති ඒවා. අවම මට්ටමට ගහපුවා.

GAP ගැන මං දන්නෙ නෑ කියලා හිතාගෙන අලෙවිකරු මට කරුණු පැහැදිලි කළා. GAP ව්‍යාපෘතිය ආවෙ කාබනික ගොවිතැනට කෙළවන්න. ඒකට කෘෂිකර්ම අමාත්‍යාංශය උදව් කරනවා.

දැන් මේ අලෙවිකරු කියන විදියට නරක මට්ටමට රසායනික ද්‍රව්‍ය යොදන එළවළු නිෂ්පාදනයකුත් අපේ රටේ සිද්ධ වෙනවා. මේ අය අත්අඩංගුවට ගන්න ක්‍රම නෑ.

ඇත්තටම කාබනික එළවළු මේ තරම් අධික මිලකට අලෙවි කරන්න අවශ්‍ය නෑ. සාමාන්‍ය මිළ ගණන්වලට දෙන්න පුළුවන්. ඒකට ජාතික වැඩපිළිවෙලක් අවශ්‍යයි.

රට පුරා නිකරුණේ ඉඩම් තිබෙනවා. නිකරුණේ මිනිස්සු ඉන්නවා. කාන්තාවො 1800000ක් ගෘහ සේවිකාවන් විදියට වැඩ කරනවා. ඔවුන් විදේශ ආදායම් උපයනවා කියලා පම්පෝරි ගහනවා. අනික් පැත්තෙන් රටේ වවන්න පුළුවන් ආහාර ද්‍රව්‍ය කෝටි 20,000ක ප්‍රමාණයක් ලංකාවට ආනයනය කරනවා. ඒ කියන්නෙ කාන්තාවන් මැද පෙරදිග වහල් සේවයේ ඉන්න එක සතපහකට වැඩක් නෑ.

මේ රටේ සමූපකාර ක්‍රමයක් හදලා කුඩා පරිමාණ සහ මධ්‍යම පරිමාණ වස විස නැති එළවළු වවන්නන් ගොඩනගන එක විතරයි තිබෙන්නේ. ආහාර ආනයනයටයි, රසායනික ද්‍රව්‍ය ආනයනයටයි, ඒවා කාලා හදාගන්න රෝගවලට ඕන බේත් ගේන්නයි වැය වෙන මුදල් රටේ ඉතුරු කර ගන්න පුළුවන්.

නමුත්, මේ රටේ ඉන්න, කාලකණ්ණි, තක්කඩි, පජාත, මරුමුස්, තුප්පහි, පාදඩ, ජඩ ... දේශපාලුවෝ හින්දා මුකුත් කරන්න බෑ.

වාර්ෂික ව කන්ටේනර් 35000ක රසායනික පොහොර මේ රටට ගේනවා. ඒ රසායනික ද්‍රව්‍ය නිසා මේ රටේ මහපොළොව විනාශ වෙමින් යනවා. අනෙක් අතට, ඒවා ගංගා දිගේ මුහුදට ගිහිල්ලා දැන් රට වටේ තිබෙන අපේ මුහුදු සම්පත විනාශ වෙමින් යනවා. මේවා ගැන කාලකණ්ණි දේශපාලුවන්ට වගේ වගක් නෑ.

පසුගිය කාලෙ ග්ලයිෆොසේට් ගේන්න ඕන කියලා තප්පුලපු දේශපාලුවෙක් මෑත කාලේ 'කොල්ලුපිටියෙන් සුපිරි ගෙයක් ගත්තා' කියලා මට කිව්වෙ, මගේ මිතුරෙක්.

‍මේක එහෙව් පාදඩයෝ රටේ දේශපාලනයට ඇවිත් ඉන්න, රටක්. රටක් කිව්වට, කඩයක්.

- කුමාර ලියනගේ


ඇඩ්මින් - Dissa ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

උතුරේ වැසියන්ට බුදු පිළිම මානසික වදයක් - ස්ථීර තීරණයක් ගන්න නව ආණ්ඩුකාරවරයා සැරසේ sriavtvnetwork news

උතුරේ වැසියන්ට බුදු පිළිම මානසික වදයක් - ස්ථීර තීරණයක් ගන්න නව ආණ්ඩුකාරවරයා සැරසේ




 උතුරු ප්‍රදේශය තුළ දේශපාලන හේතූන් මත හා බලය පෙන්වීම සඳහා බුදුපිළිම තැන්පත් කිරීම නිසා ඇතිවන සමාජීය හා සංස්කෘතික ගැටලු පිළිබඳව තමන් මහානායක හිමිවරුන් සමග සාකච්ඡා කොට තීරණයකට පැමිණෙන බව උතුරු පළාතේ නව ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් පවසනවා. නව ආණ්ඩුකාරවරයා යාපනයට පැමිණි අවස්ථාවේදී  මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු ආණ්ඩුකාරවරයාගෙන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කොට තිබෙනවා. උතුරේ බෞද්ධ ජනතාව නොමැති ස්ථානවල බුදු පිළිම තන්පත් කිරීමෙන් හා විහාරස්ථාන ඉදි කිරීමෙන් බුදු දහමට විශාල නිගරුවක් සිදුවන බවද ආණ්ඩුකාරවරයා මෙහිදී පැවසුවා. තමන් බුදු දහමට ඉතාම ගරු කරන හා ඒ දහම පිළිබඳව විශාල පැහැදීමකින් සිටින පුද්ගලයෙකු නිසා මේ උදාවී ඇති තත්ත්වය සම්බන්ධයෙන් වහාම මහානායක හිමිවරු සමග සාකච්ඡා කොට ස්ථිර තීරණයකට එළඹෙන බවද සඳහන් කළා. උතුරේ ආරක්ෂක අංශ විසින් ඔවුන්ගේ අවශ්‍යතාවයන් මත එම කඳවුරුවල  බුදු පිළිම තැන්පත් කිරීමේ කිසිම වරදක් නොමැති බව සඳහන් කරන ආණ්ඩුකාරවරයා කියා සිටින්නේ ඔවුන් කඳවුරු අතහැර එම ඉඩම අයිතිකරුවන්ට බාර දෙන විට ඒ බුදු පිළිම ඉවත් කර නොගැනීම විශාල ප්‍රශ්නයක් වන බවයි. දෙමළ වැසියෙකුගේ ඉඩමක බුදු පිලිමයක් තිබීම ගැන ඔවුන් කිසි විටකත් සතුටට පත් නොවන බවත් මේ පිළිමය නිසා ඔවුන් ඊට බිය වී විශාල මානසික වදයකින් යුතුව එම ඉඩමේ ජීවත් වන බවද ආණ්ඩුකාරවරයා මෙහිදී පැවසුවා.    

ඇඩ්මින් - Dissa ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
මෙම පුවත තවත් කෙහත් වැනි විධායකය විසින් තම සහෝදර පස් වැනි විධායකයෙන් ආශිර්වාද ලබාගනිමින් 🙏නෙක්ට බලන්න Share කරන්න

විපක්‍ෂය බලය පෙන්වයි.. නව ව්‍යවස්ථාවට විරුද්දයි.. 2/3 අහිමි වී ව්‍යවස්ථාව අවසන්. Sriavtvnetwork news

විපක්‍ෂය බලය පෙන්වයි.. නව ව්‍යවස්ථාවට විරුද්දයි.. 2/3 අහිමි වී ව්‍යවස්ථාව අවසන්.


පසුගියදා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් කුණුකන්දල් සියල්ල එකතු කර නව ව්‍යවස්ථා කෙටුම්පතක් යයි කියමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල බව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි. එසේ ගෙන එන ලද ව්‍යවස්ථා යෝජනාවලිය සත පහකට වැඩක් නැති බවත් මහ ලේකම්වරයා කියා සිටී. අගමැතිවරයා විසින් එසේ කරන ලද්දේ ඊළග මැතිවරණයේදී දෙමල ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමට බවත් මන්ත‍්‍රීවරයා පැවසීය. ශ‍්‍රීලනිප මහ ලේකම්වරයාගේ මෙම ප‍්‍රකාශය මත පෙනී යන්නේ නව ව්‍යවස්ථා යෝජනාවලියට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප‍්‍රධාන එක්සත් ජනතා නිදහස් සන්ධානය විරුද්ද වනු ඇති බවයි. එනම් පාර්ලිමේන්තුවේ ආසන 102ක් නියෝජනය කරන සන්ධානය විරුද්ද වූ සැණින් නව ව්‍යවස්ථාවට 2/3 බලය අහිමි වන අතර ව්‍යවස්තා වැඩපිලිවෙල එතැනින්ම නවතී. 

ඇඩ්මින් - Dissa ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

විමල් විතරද? විජේවීරටත් නඩු දාමු. වන්දියක් අරගෙන ගොඩ යමු. Sriavtvnetwork news

විමල් විතරද? විජේවීරටත් නඩු දාමු. වන්දියක් අරගෙන ගොඩ යමු.



 විමල් වීරවංශ විසින් රචිත නැත්ත වෙනුවට ඇත්ත කෘතියට එරෙහිව පැවරූ නඩුවක් මගින් ජවිපෙ ජය ලබා ඇති අතර ඊට වන්දිය ලෙස රුපියල් කෝටියක් ගෙවීමට විමල්ට නියම කොට ඇත. ජවිපෙ මිතුරන් මේ ජයග්‍රහණය ඉතා සතුටින් සමරමින් සිටිති. ඔවුන්ට පමණක් නොව මටද ඒ ගැන ඇත්තේ අප්‍රමාණ සතුටකි. ඊට හේතු කීපයක් තිබේ. 1. විමල් කර ඇති වරද වන්නේ ටිල්වින් සිල්වා ජවිපෙ මධ්‍යම කමිටුවට ලියූ ලිපි කීපයක් කෘතියේ ඇතුළත් කිරීමය. එය ඇතුළත් කළේ ටිල්වින්ගේ මහා බුද්ධිමය සාරය සූරා කෑමට නොව ජවිපෙ ගමන පිළිබඳ ඔහු දැරූ තකතීරු අදහස රටට හෙළිකළ යුතු නිසාය. ඒ ලිපි තමාගේ බව මේ නඩු තීන්දුව හරහා ටිල්වින් පිළිගෙන ඇත. ජවිපෙ අද පවතින තත්ත්වයට ඇද වැටීමට බලපෑ විනාශකාරී අභ්‍යන්තර පාවාදීමට ටිල්වින්ලාගේ මතවාදී දායකත්වය කුමක්දැයි දැන ගැනීමට අවශ්‍ය අයෙකුට අද වුවද මේ කෘතිය කියවා බැලිය හැකිය. අනුර නම් ලියන්නට දන්නේ මැල්ලුම් පමණක් නිසාදෝ ඔහු මේ සංවාදයට අදාළව කිසිදු ලිපියක් ලියා නැත. එදා අභිමානවත් ලෙස ජාතියේ ඉරණම සියතට ගත් දේශපාලන ව්‍යාපාරයක් අද චතුර සේනාරත්නගේ කක්කුස්සිය දක්වා ඇද දැමූ මහා පාවාදීම කුමක්දැයි විමල්ගේ කෘතිය මගින් ගල් වැලි නැතුව පෙන්වා දී තිබේ. ඒ ශ්‍රේෂ්ඨ වරද සිදුකොට කෝටියක් නොව කෝටි සීයක වන්දියක් ගෙවීමට සිදුවුවද විමල් ඒ දඬුවම ඉතා සතුටින් හා අභිමානයෙන් භාරගත යුතුය. 2. ජවිපෙට අන් සියල්ලට වඩා මේ මොහොතේ මුදල් වැදගත් විය හැකි විය හැකි බව සැබෑය. පහළ සාමාජිකයාට හා රටට එක නාඩගමක් පෙන්වා ඉහළ අයියලා වෙන වෙන දේවල් කිරීම හැමදාම කළ නොහැක්කකි. ඒ නිසා ඔවුන් නව ධනෝපායන මාර්ග සොයා යා යුතුය. ඒ අනුව පක්ෂයේ ඉරණම තීරණය කිරීමට බලපෑ අභ්‍යන්තර ප්‍රශ්නයක් අධිකරණයේ වෙන්දේසි කර ලබා ගත හැකි මුදල රුපියල් කෝටිය නම් ඔවුන් එය වහාම ලබා ගත යුතුය. ලාල්කාන්තගේ දුවට පෞද්ගලික උපාධි ගැනීමට, වසන්ත සමරසිංහගේ ගෙවල් කුලිය ගෙවීමට, අනුරගේ පුංචි අම්මාට හාල් තුනපහ මිලට ගැනීමට, විජිත හේරත්ට අඩියක් ගැසීමට බොහෝ මුදල් අවශ්‍ය බව අපිද දනිමු. ඒ සුලු මුදල සොයාගැනීම සඳහා විජේදාස රාජපක්ෂ, චතුර සේනාරත්න, මලික් සමරවික්‍රම වැනි අය ඉදිරියේ චාටර් වෙනවාට වඩා තමන්ගේම හිටපු එකෙක් වූ විමල්ගෙන් මුදල් ඉල්ලා ගැනීම හොඳය. ජවිපෙ වෙනුවෙන් ජීවිත නැති කරගත් අවංක මිනිසුන් මිනීවලවල්වලින් නැගිට ඒමට පෙර ජවිපෙ එවැනි ක්‍රියාමාර්ග වෙත හෝ යොමු වීම බෙහෙවින්ම අගය කළ යුතුය. 3. දේශපාලන වශයෙන් අතිශය නිවැරදි හා යුක්ති සහගත ක්‍රියාමාර්ග පවා අධිකරණය ඉදිරියේ වැරදි දේවල් විය හැකිය. “ඉතිහාසය මා නිදොස් කරනු ඇත” කියා එදා පිදෙල් ක්‍රස්තෝ කීවේද ඔහුගේ නිවැරදි ක්‍රියාමාර්ගය නීතිය ඉදිරියේ වරදක් වූ නිසාය. ජවිපෙ වත්මන් සාමාජිකයන් රනිල් ගැන මිස පිදෙල් ගැන නොදන්නා නිසාදෝ ජවිපෙ අද සෑම දෙයකම නිවැරදි බව මනින්නේ ඔවුන්ම එපෝ එපෝ කියන ධනේශ්වර නීතියට අනුවය. ඒ අනුව රෝහණ විජේවීර ඇතුළු අතීතයේ ජීවිත පිදූ දහස් ගණනක් වූ ජවිපෙ සාමාජිකයන් සියලු දෙනා නීතිය ඉදිරියේ වැරදි කාරයෝය. ඒ නිසා දැන් ජවිපෙ කළ යුත්තේ අප්‍රේල් විරුවන් හා ඉල්මහ විරුවන් සැමරීම නවතා වහාම ඔවුන් නීතිය ඉදිරියේ වැරදිකරුවන් බවට පත්කොට හැකි නම් ඔවුන්ගේ පවුල් ලවා හෝ රනිල් හාමුගේ රජයට වන්දි මුදල් ලබාදීමට කටයුතු කිරීමය. ජවිපෙ ස්වාමියා වූ ආසියාවේ මහා මොළයානන් වහන්සේ විසින් නන්නාපෝල් කර දැමූ රටේ ආර්ථිකයට එවැනි දේකින් හෝ මුක්කුවක් ගැසිය හැකි නම් එය කාටත් යහපතකි. මොළයානන් වහන්සේට රට භාරදී පාරට බහින්නට බැරිව සිටින ජවිපෙ සාමාජිකයන්ගේ විප්ලවීය ජීව ගුණය නගා සිටුවීමටද එය වක්‍රාකාර බලපෑමක් කරනු ඇත. 4. නැත්ත වෙනුවට ඇත්ත කෘතිය පිළිබඳ අලුත් සංවාදයක් රට තුළ ඇති කිරීමට මේ නඩු තීන්දුව හේතු වී තිබීමද සතුටට කරුණකි. පොත කඩවල්වල නැතිවීම අපට ප්‍රශ්නයක් නොවේ. මේ වනවිටත් මේ කෘතියේ පීඩීඑෆ් පිටපත් දහස් ගණනින් අන්තර් ජාලය පුරා සංසරණය වන්නට පටන් ගෙන ඇත. හැකි නම් එසේ බෙදාහරින සියලු දෙනාවද අත්අඩංගුවට ගෙන නඩු පවරා ඇති තරම් මුදල් උපයා ගනු මැනවි. සල්ලි හොයා එක එකාගේ වැසිකිලි අස්සේ රිංගන්නට ගොස් අතීතයේ ජීවිත පිදූ මිනිසුන්ට අපහාස නොකර ඔබලාගේ මුදල් ප්‍රශ්න විසඳා ගැනීමට ඒ ඔස්සේ හැකියාව ලැබෙනු ඇත. ඉසුරු ප්‍රසංග

ඇඩ්මින් - Dissa ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

සියළු බාධා ඉවත් කර ගත්තා.. මහින්දගේ ආශිර්වාදයත් ලැබුණා.. ජනාධිපතිවරණයට මා සූදානම්.- ගෝටා කියයි.. sriavtvnetwork news

සියළු බාධා ඉවත් කර ගත්තා.. මහින්දගේ ආශිර්වාදයත් ලැබුණා.. ජනාධිපතිවරණයට මා සූදානම්.- ගෝටා කියයි..


මීලග ජනාධිපතිවරට ඉදිරිපත් වීමට සිදුවුවහොත් ඒ සදහා වූ සියළු බාධා ඉවත් කර ගත් බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා සදහන් කර ඇත. ඒ මහතා මෙම අදහස් පල කර ඇත්තේ ඔහුගේ සභාපතීත්වයෙන් ක‍්‍රියාත්මක වන ‘වියත්මග’ වාර්ෂික සුහද හමුවේදීය. මෙම හමුව පැවැත්වුවේ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා දින කිහිපයක් තිස්සේ යෙදී සිටි සිය ඇමෙරිකානු සංචාරය නිමකර මෙරටට පැමිණීමෙන් පසුය. මෙම හමුවට පෙර ගෝටාභය රාජපක්‍ෂ මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාද මුණ ගැසී ඇති අතර ඔහුගේ ආශිර්වාදයද තමනට හිමි වූ බව ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් වැඩි දුරටත් සදහන් කර ඇත. මීලග ජනාධිපතිවරනයට තමන් තරග වදින්නේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආශිර්වාදය ලදහොත් පමණක් යයි හිටපු ආරක්‍ෂක ලේකම්වරයා මීට පෙර අවස්ථා ගණනාවක සදහන් කර තිබින. ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ මාධ්‍ය ලේකම්වරයා සිය ට්විටර් ගිණුමේ මේ බව සදහන් කර ඇත්තේ මෙසේය.  


ඇඩ්මින් - Dissa ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

ජවිපේ විමල්ට බය ඇයි?  Sriavtvnetwork news

ජවිපේ විමල්ට බය ඇයි? 




 ඉතිහාසය පුරාම බොහෝ අය හැර ගිය බව ඇත්තකි.ඒ අය අතර පක්ශයේ මහ ලේකම් තනතුර දැරූ ලයනල් බෝපගේ,පක්ශ නායකත්වය දැරූ සෝමවංශ අමරසිංහ හා ජනාධිපතිධූරාපේක්ශක නන්දන ගුණතිලකද විය. මේ පිරිස් අතරන් වැඩි දෙනා ජවිපේ හැර ගිය පසු නිහඬ ජීවිත ගතකර සැඟවී ගියහ. නමුත් මින් සමහර අය ජවිපේට එරෙහි ප්‍රහාරාත්මක ආස්ථානයකට ගිය අතර සමහරු අනෙකුත් ධනේශ්වර පක්ශ තුලට වැද සැඟවී ගියේය. නමුත් විමල් ඒ හැමටම වඩා වෙනස් මාවතක් තෝරා ගනිමින් විකල්ප දේශපාලන මතවාදයක් සහිත දේශපාලන පක්ශයක් බිහිකර වසර අටකට ආසන්න කාලයක් පවත්වාගෙන යාමත්,එය වසර පනහකට ආසන්න ජවිපෙට අභියෝගයක් වන මට්ටමට පවත්වාගෙන යාමට හැකිවීම සුවිශේෂී සංසිද්ධියකි.අද ජවිපේ පාර්ලිමේන්තුවේ ආසන 6ක් (ජාතික ලයිස්තු මංත්‍රීධූරයද සමඟින්.)නියෝජනය කරනවිට ජාතික ලයිස්තු මංත්‍රීධූර නැතිව ආසන 5ක් ජාතික නිදහස් පෙරමුන නියෝජනය කිරීමෙන් විමල්ගේ තරම කියා පායි.ජවිපේ එළියට පැමිණි බොහෝ තරු ටික කලකින්ම නිවී ගියද විමල් දින දින ජාතික දෙශපාලන තලයේ බැබළීම ජවිපේ ඇසේ කටු අනින්නක් විය. ඒ නිසාම තම නායකයා ඇතුළු 60,000ක් බාබකි‍යු දැමූ එජාපයේ රනිල්ලාට වඩා ජවිපේ පරම හතුරා විමල් බවට පත්වීම තේරුම් ගත හැක. සැබෑ ලෙසම ජවිපේ දේශපාලනය ගොඩනගා ඇත්තේ වෛරය පදනම් කර ගනිමිනි.එය පංති අතර වෛරය ලෙස වර ගන්වා තිබුනද සත්‍ය ලෙසම කර ඇත්තේ ජවිපෙට සම්බන්ධ වන සාමාජිකයාට නෙගෙටිව් මෝටිවේෂන් එකක් දීමය.ලෝකයේ ධනේශ්වර රටවල් සමාජ ප්‍රජාතන්ත්‍රවාදය මත ඉතාම දියුණු අඩියකට ඔවුන්ගේ රටවල් පත්කර ඇර්හි තත්වයක ඒ පිළිබඳ සිතන්නට නොදී තම සාමාජිකයාට පෙන්වා දෙන්නේ "නුඹලාට මේ සිදුවන සියලා සිදු වන්නේ ධනේශ්වර ක්‍රමය නිසාය" ඒ නිසා නුඹලා කොතෙක් උත්සාහ ගත්තත් කවරදාකවත් දියුණු වන්නට බැරිය කියාය.දියුණුවී ඇති සෑම කෙනාම හොරෙකු,වංචාකාරයෙකු ලෙස හන්වඩු ගස්වා උන්ගේ මජර තියරි සාමාජිකයා මත පටවා සමාජයට වෛර කරන ලෝකය දකින්නට බැරි අමු කුහක වෛරක්කාරයන් බවට පත් කර ඇත. පහළට එසේ උවත් ඉහල නායකත්වයට මේවා අදාල නැත.උන් ඒ ඒ අවස්ථාවල අවශ්‍ය ආකාරයට තියරි නවා නිර්ධන පංතියේ විප්ලවය වෙනුවෙන් යැයි පවසා,එසේ නැත්නම් ඒවා උපාය උපක්‍රම ලෙස වර ගන්වා සැපවත් ජීවිත ගත කරයි. "ජවිපෙන් යන එවුන්ට කිසිදු අනාගතය නැතිවෙනවා"යැයි උගන්වා එයය උදාහරණ ලෙස ලයනල් බෝපගේ,නන්දන ගුණතිලක ඇතුලු හැරගොස් නිවී ගිය තරු පෙන්වීම ජවිපේ න්‍යායයි. ඉඳින් ජවිපේ මේ ආකරයට ගොඩ නංවා උත්කර්ශයට නගා ඇති දේව වාක්‍ය වෙනස් වන්නේ විමල් නිසාය.ඔවුන් විමල්ව යට කිරීමට ගොස් මුළු පක්ශයම සිරිකොතේ දොරකඩටම ගෙනත් දමා ඇත.එදා විමල් යන සැම තැනකම විමල්ගේ කාර්‍යයාල සාහයක මෙන් පිටුපස ගිය අනුර කුමාරට හා දැන් ඉහල තනතුරුවල බැබලෙන බොහෝ දෙනාට විමල්ගේ ජනප්‍රියත්වය පිළිබඳ අධික හීනමානයක් සෑදී තිබූ බව නොරහසකි. නමුත් විමල් සාර්ථක ලෙස සමාජයේ මතවාදයක් සහිතව තහවුරු වීමට හැකි වූයේ ජාතික මතවාදය හා තම මව්බිම පිළිබඳ සැබෑම වූ ආදරයක් තිබූ නිසාය. අවසානයේ විමල්ට කෙලවීමට ගොස් අනුර ඇතුළු වෛරක්කාරී වැඩ බැරි කුහක නඩය විසින් වසර 50කට වැඩි ඉතිහාසයක් සහිත විප්ලවවාදී දේශපාලන පක්ශයක් කුජීත කර එක්සත් ජාතික පක්ශයේ තරුන පෙරමුන බවට පත් කර කනත්තට දක්කා ඇත. **අනුර...විමල් ඉදිරියේ උඹ තමත් කා.කා.ස ය.
*** -කැලුම් ජයසුමන- 2017 ජනවාරි 13 ලියූවකි.



ඇඩ්මින් - Dissa ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network